Back to Quran

ජුස්

Juz 29

67:1 ... 77:50 · 431 ayahs

පරිවර්තනය Ruwwad Centre

  1. Surah Al-MulkBegins here at 67:1

  2. 67:1

    تَبَـٰرَكَ ٱلَّذِى بِيَدِهِ ٱلْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

    Tabaarakal laẓee bi-Yadihil MULK; wa-Huwa ʻalaa kulli shayʹiñ Q̣adeer:―

    (සියලු) පාලන බලය කවරෙකුගේ අතෙහි ඇත්තේද ඔහු භාග්‍ය සම්පන්න විය. තවද ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්න ය.

  3. 67:2

    ٱلَّذِى خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَوٰةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ

    ʹAllaẓee khalaq̣al Mawta wal-Ḥayaata liyabluwakum ʹayyukum ʹaḥsanu ʻamalaa; wa-Huwal ʻAzeezul G̣afoor;―

    ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැ? යි ඔහු නුඹලාව පරීක්ෂා කරනු පිණිස ය. තවද ඔහු සර්ව බලධාරී ය; අතික්ෂමාශීලී ය.

  4. 67:3

    ٱلَّذِى خَلَقَ سَبْعَ سَمَـٰوَٰتٍ طِبَاقًا ۖ مَّا تَرَىٰ فِى خَلْقِ ٱلرَّحْمَـٰنِ مِن تَفَـٰوُتٍ ۖ فَٱرْجِعِ ٱلْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍ

    ʹAllaẓee khalaq̣a sabʻa samaawaatiñ ṭibaaq̣aa: maa- taraa fee Khalq̣ir Raḥmaani miñ tafaawut. Farjiʻil baṣara hal taraa miñ fuṭoor?

    ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේ ය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නො දකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැ? යි නෙත් යොමු කර බලනු.

  5. 67:4

    ثُمَّ ٱرْجِعِ ٱلْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ ٱلْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ

    S̤ummar jiʻil baṣara karratayni yañq̣alib ʹilaykal baṣaru khaasiʹañw wahuwa ḥaseer.

    පසුවද නුඹ දෙවරක් නෙත් යොමු කර බලනු. එම නෙත් නුඹ වෙත එය වෙහෙසට පත් තත්ත්වයේ අවමානයෙන් යුතුව හැරෙනු ඇත.

  6. 67:5

    وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَـٰبِيحَ وَجَعَلْنَـٰهَا رُجُومًا لِّلشَّيَـٰطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ ٱلسَّعِيرِ

    Wa-laq̣ad zayyannas samaaaʹad dunyaa bimaṣaabeeḥa wa-jaʻalnaahaa rujoomal lishshayaaṭeeni wa-ʹaʻtadnaa lahum ʻaẓaabas Saʻeer.

    තවද සැබැවින් ම අපි මෙලොව අහස පහන් මඟින් අලංකාරවත් කළෙමු. ඒවා ෂෙයිතානුන් පළවා හරින වස්තූන් බවට අපි පත් කළෙමු. තවද අපි ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද සූදානම් කර ඇත්තෙමු.

  7. 67:6

    وَلِلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ

    Wa-lillaẓeena kafaroo bi-Rabbihim ʻAẓaabu Jahannam: wa-biʻsal maṣeer.

    එමෙන් ම තම පරමාධිපතිව ප්‍රතික්ෂේප කළවුනට නිරයේ දඬුවම ඇත. තවද (ඔවුහු) යොමු වන ස්ථානය නපුරු විය.

  8. 67:7

    إِذَآ أُلْقُوا۟ فِيهَا سَمِعُوا۟ لَهَا شَهِيقًا وَهِىَ تَفُورُ

    ʹIẓaaa ʹulq̣oo feehaa samiʻoo lahaa shaheeq̣añw wahiya tafoor,―

    ඔවුන් එහි හෙළනු ලැබූ කල්හි එය උතුරමින් තිබිය දී ඉන් ඔවුහු දැඩි පිළිකුල් හඬකට සවන් දෙති.

  9. 67:8

    تَكَادُ تَمَيَّزُ مِنَ ٱلْغَيْظِ ۖ كُلَّمَآ أُلْقِىَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ

    Takaadu tamayyazu minal g̣ayz̤̣: kullamaaa ʹulq̣iya feehaa fawjuñ saʹalahum khazanatuhaaa ʹalam yaʹtikum Naẓeer?

    එය කෝපයෙන් පිපිරෙන්නාක් මෙනි. එහි පිරිසක් දමනු ලැබූ සෑම විටකම “අවවාද කරන්නෙකු නුඹලා වෙත නො පැමිණියේ දැ?”යි එහි භාරකරුවෝ ඔවුන්ගෙන් විමසති.

  10. 67:9

    قَالُوا۟ بَلَىٰ قَدْ جَآءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَـٰلٍ كَبِيرٍ

    Q̣aaloo balaa q̣ad jaaaʹanaa Naẓeer; fakaẓẓabnaa waq̣ulnaa maa- nazzalal laahu miñ shayʹ: ʹin ʹañtum ʹillaa fee ḍalaaliñ kabeer!

    “එසේ ය. අප වෙත අනතුරු අඟවන්නෙකු සැබැවින් ම පැමිණියේ ය. එවිට අපි බොරු කළෙමු. තවද අල්ලාහ් කිසිදු දෙයක් පහළ කර නැත. නුඹලා මහත් වූ මුළාවේ මිස නැතැයි” අපි කීවෙමුයි ඔවුහු පවසති.

  11. 67:10

    وَقَالُوا۟ لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِىٓ أَصْحَـٰبِ ٱلسَّعِيرِ

    Wa-q̣aaloo law kunnaa nasmaʻu ʹaw naʻq̣ilu maa- kunnaa feee ʹAṣḥaabis Saʻeer!

    තවද අප සවන් දෙමින් හෝ අවබෝධ කර ගනිමින් සිටියෙමු නම් දැවෙන ගින්නේ සහකාරයින්ගෙන් අප නො වන්නෙමුයි ඔවුහු කියති.

  12. 67:11

    فَٱعْتَرَفُوا۟ بِذَنۢبِهِمْ فَسُحْقًا لِّأَصْحَـٰبِ ٱلسَّعِيرِ

    Faʻtarafoo biẓambihim: fasuḥq̣al liʹAṣḥaabis Saʻeer!

    එවිට ඔවුහු තම වරද පිළිගනිති. එහෙයින් දැවෙන ගින්නේ සහකාරයින්ට ශාපය වේවා!

  13. 67:12

    إِنَّ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ

    ʹInnal laẓeena yakhshawna Rabbahum̃ bilg̣aybi lahum Mag̣firatuñw WaʹAjruñ kabeer.

    නියත වශයෙන් ම අදෘශ්‍යමානයෙහි තම පරමාධිපතිට බිය වන අය වනාහි ඔවුනට සමාව හා මහත් වූ තිළිණයක් ඇත.

  14. 67:13

    وَأَسِرُّوا۟ قَوْلَكُمْ أَوِ ٱجْهَرُوا۟ بِهِۦٓ ۖ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

    Wa-ʹasirroo q̣awlakum ʹawij haroo bih; ʹinnahoo ʻAleemum biẓaatiṣ ṣudoor.

    තවද නුඹලාගේ ප්‍රකාශයන් රහසිගතව කියනු. නැතහොත් එය හඬ නගා කියනු. නියත වශයෙන් ම ඔහු හදවත්හි ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය.

  15. 67:14

    أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ

    ʹAlaa yaʻlamu man khalaq̣? Wa-Huwal Laṭeeful Khabeer.

    (සියල්ල) මැවූ ඔහු නො දන්නේ ද? ඔහු සියුම් ඥානී ය; අභිඥානවන්ත ය.

  16. 67:15

    هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ ذَلُولًا فَٱمْشُوا۟ فِى مَنَاكِبِهَا وَكُلُوا۟ مِن رِّزْقِهِۦ ۖ وَإِلَيْهِ ٱلنُّشُورُ

    Huwal laẓee jaʻala lakumul ʹarḍa ẓaloolañ famshoo fee manaakibihaa wa-kuloo mir rizq̣ih: wa-ʹilayhin Nushoor.

    නුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් සැකසුවේ ඔහු ය. එහෙයින් එහි පැතිකඩවල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ.

  17. 67:16

    ءَأَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يَخْسِفَ بِكُمُ ٱلْأَرْضَ فَإِذَا هِىَ تَمُورُ

    ʹA-ʹamiñtum mañ fis Samaaaʹi ʹañy yakhsifa bikumul ʹarḍa faʹiẓaa hiya tamoor?

    අහසේ සිටින්නා මහපොළොවේ නුඹලාව ගිල් වීම ගැන නුඹලා නිර්භියව සිටින්නෙහු ද? එවිට එය කම්පනය වෙමින් පවතී.

  18. 67:17

    أَمْ أَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ

    ʹAm ʹamiñtum mañ fis Samaaaʹi ʹañy yursila ʻalaykum ḥaaṣibaa? Fasataʻlamoona kayfa naẓeer.

    එසේ නැතහොත් අහසෙහි සිටින්නා ගල් කුණාටුවක් නුඹලා වෙත එවීම ගැන නිර්භියව සිටින්නෙහු ද? එවිට මාගේ අනතුරු ඇඟවීම කෙසේ දැ? යි නුඹලා මතු දැන ගනු ඇත.

  19. 67:18

    وَلَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ

    Wa-laq̣ad kaẓẓabal laẓeena miñ q̣ablihim fakayfa kaana nakeer?

    තවද සැබැවින් ම ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝ ය. එවිට මාගේ උදහස කෙසේ වී ද?

  20. 67:19

    أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ فَوْقَهُمْ صَـٰٓفَّـٰتٍ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱلرَّحْمَـٰنُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍۭ بَصِيرٌ

    ʹAwalam yaraw ʹilaṭ ṭayri fawq̣ahum ṣaaaffaatiñw Wayaq̣biḍn? Maa- yum-siku-hunna ʹillar Raḥmaan: ʹinnahoo bikulli shayʹim Baṣeer.

    ඔවුනට ඉහළින් පක්ෂීන් තම පියාපත් දිගු හරිමින් හා හකුළුවාලමින් පියාසර කිරීම ඔවුහු නුදුටුවෝ ද? උන් රඳවා තබනුයේ අපරිමිත දයාන්විතයාණන් මිස අන් කිසිවෙකු නො වෙයි. නියත වශයෙන් ම ඔහු සෑම දෙයක් පිළිබඳව සර්ව නිරීක්ෂක ය.

  21. 67:20

    أَمَّنْ هَـٰذَا ٱلَّذِى هُوَ جُندٌ لَّكُمْ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحْمَـٰنِ ۚ إِنِ ٱلْكَـٰفِرُونَ إِلَّا فِى غُرُورٍ

    ʹAmman haaẓal laẓee huwa juñdul lakum yañṣurukum miñ doonir Raḥmaan? ʹInil kaafiroona ʹillaa fee g̣uroor.

    අපරිමිත දායන්විතයාණන් හැර නුඹලාට උදව් කරන නුඹලා සතු සේනාව කවරෙකු ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මුළාවෙහි මිස නැත.

  22. 67:21

    أَمَّنْ هَـٰذَا ٱلَّذِى يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُۥ ۚ بَل لَّجُّوا۟ فِى عُتُوٍّ وَنُفُورٍ

    ʹAmman haaẓal laẓee yarzuq̣ukum ʹin ʹamsaka Rizq̣ah? Bal lajjoo fee ʻutuwwiñw Wanufoor.

    නැතහොත් ඔහුගේ පෝෂණය ඔහු නතර කළේ නම් නුඹලාට පෝෂණය සපයනුයේ කවරෙකු ද? නමුත් ඔවුහු සත්‍යයෙන් දුරස්ව සීමාව ඉක්මවීමෙහි හා (සත්‍යයෙන්) පලා යෑමෙහි එල්බගෙන සිටිති.

  23. 67:22

    أَفَمَن يَمْشِى مُكِبًّا عَلَىٰ وَجْهِهِۦٓ أَهْدَىٰٓ أَمَّن يَمْشِى سَوِيًّا عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

    ʹAfamañy yamshee mukibban ʻalaa wajhiheee ʹahdaaa ʹammañy yamshee sawiyyan ʻalaa Ṣiraaṭim Mustaq̣eem.

    තම මුහුණ මුණින් අතට වැටී ඇවිදින්නා ද එසේ නැතහොත් කෙළින් ඍජු මාර්ගය මත ඇවිදින්නා ද ඍජු මාර්ගයක සිටිනුයේ?

  24. 67:23

    قُلْ هُوَ ٱلَّذِىٓ أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۖ قَلِيلًا مَّا تَشْكُرُونَ

    Q̣ul Huwal laẓeee ʹañshaʹakum wa-jaʻala lakumus samʻa wal-ʹabṣaara wal-ʹafʹidah: q̣aleelam maa tashkuroon.

    නුඹලා නිර්මාණය කොට නුඹලාට ශ්‍රවණය ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහු ය. නුඹලා ගුණ ගරුක වනුයේ ස්වල්පයකි යැයි (නබිවරය!) නුඹ පවසනු.

  25. 67:24

    قُلْ هُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ

    Q̣ul Huwal laẓee ẓaraʹakum fil ʹarḍi wa-ʹilayhi tuḥsharoon.

    නුඹලා මහපොළොවෙහි විසුරුවා හැරියේ ඔහු ය. තවද ඔහු වෙතය නුඹලා එක්රැස් කරනු ලබනුයේ යැයි (නබිවරය!) නුඹ පවසනු.

  26. 67:25

    وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ

    Wa-yaq̣ooloona mataa haaẓal waʻdu ʹiñ kuñtum ṣaadiq̣een.

    තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම පොරොන්දුව (ඉටු කරනු ලබනුයේ) කවදා දැ? යි ඔවුහු ප්‍රශ්න කරති.

  27. 67:26

    قُلْ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌ مُّبِينٌ

    Q̣ul ʹinnamal ʻilmu ʻiñdal laah: wa-ʹinnamaaa ʹana Naẓeerum mubeen.

    (එයට) නියත වශයෙන් ම (මේ ගැන) දැනුම ඇත්තේ අල්ලාහ් වෙත ය. තවද නියත වශයෙන් ම මම පැහැදිලි අනතුරු අඟවන්නෙකු පමණකියි (නබිවරය!) නුඹ පවසනු.

  28. 67:27

    فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيٓـَٔتْ وُجُوهُ ٱلَّذِينَ كَفَرُوا۟ وَقِيلَ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَدَّعُونَ

    Falammaa raʹawhu zulfatañ seeeʹat wujoohul laẓeena kafaroo wa-q̣eela haaẓal laẓee kuñtum̃ bihee taddaʻoon!

    එය කිට්ටුවෙන් ම ඔවුන් දකින කල්හි ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණු නරක් වී යයි. තවද මෙය නුඹලා (ඉක්මන් කරන්නැයි) වාද කරමින් සිටි දෑ යැයි එවිට ඔවුනට කියනු ලැබේ.

  29. 67:28

    قُلْ أَرَءَيْتُمْ إِنْ أَهْلَكَنِىَ ٱللَّهُ وَمَن مَّعِىَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلْكَـٰفِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ

    Q̣ul ʹaraʹaytum ʹin ʹahlakaniyal laahu wa-mam maʻiya ʹaw raḥimanaa famañy yujeerul kaafireena min ʻAẓaabin ʹaleem.

    (නබිවරය!) මා හා මා සමඟ සිටින අය අල්ලාහ් විනාශ කළේ නම් හෝ නැතහොත් අප වෙත ඔහු දයාව දැක් වූයේ නම් හෝ වේදනීය දඬුවමින් ප්‍රතික්ෂේපකයින් ගලවා ගන්නේ කවුරුන් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි (ඔවුන්ගෙන්) විමසනු.

  30. 67:29

    قُلْ هُوَ ٱلرَّحْمَـٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِى ضَلَـٰلٍ مُّبِينٍ

    Q̣ul Huwar Raḥmaanu ʹaamannaa bihee wa-ʻalayhi tawakkalnaa: fasataʻlamoona man huwa fee ḍalaalim mubeen.

    අපිරිමිත දයාන්විතයා ඔහු ය. අපි ඔහු ගැන විශ්වාස කළෙමු. තවද ඔහු වෙත ම බලාපොරොත්තු තබන්නෙමු. එහෙයින් කවරෙකු ප්‍රකට නොමගෙහි දැ? යි නුඹලා මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.

  31. 67:30

    قُلْ أَرَءَيْتُمْ إِنْ أَصْبَحَ مَآؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَآءٍ مَّعِينٍۭ

    Q̣ul ʹaraʹaytum ʹin ʹaṣbaḥa maaaʹukum g̣awrañ famañy yaʹteekum̃ bimaaaʹim maʻeen?

    නුඹලාගේ ජලය (මහපොළොව තුළට) කිඳා බැස්සේ නම් ගලා යන දිය දහර නුඹලාට ලබා දෙන්නේ කවුරුන් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි (නබිවරය!) නුඹ විමසනු.

  32. Surah Al-QalamBegins here at 68:1

  33. 68:1

    نٓ ۚ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ

    NOOON. WALQ̣ALAMI wa-maa yasṭuroon,―

    නූන්, පෑන හා ඔවුන් ලියන දෑ මත දිවුරමින්,

  34. 68:2

    مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ

    Maaa ʹañta biniʻmati Rabbika bimajnoon.

    නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නො වේ.

  35. 68:3

    وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ

    Wa-ʹinna laka laʹAjran g̣ayra mamnoon:

    තවද සැබැවින් ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත.

  36. 68:4

    وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

    Wa-ʹinnaka laʻalaa khuluq̣in ʻaz̤̣eem.

    තවද නියත වශයෙන් ම නුඹ අතිඋතුම් ගතිගුණ මත සිටින්නෙහි ය.

  37. 68:5

    فَسَتُبْصِرُ وَيُبْصِرُونَ

    Fasatubṣiru wa-yubṣiroon,

    නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහු ද මතු දකිනු ඇත.

  38. 68:6

    بِأَييِّكُمُ ٱلْمَفْتُونُ

    Biʹayyikumul maftoon.

    නුඹලා අතරින් කවරෙකු උමතුවෙන් පෙළෙන්නේ දැ? යි (මතු දකිනු ඇත).

  39. 68:7

    إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ

    ʹInna Rabbaka Huwa ʹaʻlamu bimañ ḍalla ʻañ Sabeelih: wa-Huwa ʹAʻlamu bil-Muhtadeen.

    නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනවින් දන්නා ය. තවද යහමග ලද්දවුන් පිළිබඳව ද මැනවින් දන්නා ය.

  40. 68:8

    فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ

    Falaa tuṭiʻil mukaẓẓibeen.

    එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නො වනු.

  41. 68:9

    وَدُّوا۟ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ

    Waddoo law tudhinu fayudhinoon.

    නුඹ නම්‍යශීලී වන්නෙහු නම් එවිට ඔවුහු ද නම්‍යශීලි වන්නට කැමති වෙති.

  42. 68:10

    وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ

    Wa-laa tuṭiʻ kulla ḥallaafim maheen,

    තවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුට ම නුඹ අවනත නො වනු.

  43. 68:11

    هَمَّازٍ مَّشَّآءٍۭ بِنَمِيمٍ

    Hammaazim mashshaaaʹim binameem,

    ඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි.

  44. 68:12

    مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ

    Mannaaʻil lilkhayri muʻtadin ʹas̤eem,

    යහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි.

  45. 68:13

    عُتُلٍّۭ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ

    ʻUtullim baʻda ẓaalika zaneem,―

    හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.

  46. 68:14

    أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ

    ʹAñ kaana ẓaa maaliñwwa baneen.

    ඔහු වස්තුව හා දරුවන් සතුව සිටි කෙනෙකු වූ බැවින්;

  47. 68:15

    إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ

    ʹIẓaa tutlaa ʻalayhi ʹAayaatunaa q̣aala ʹAsaaṭeerul ʹAwwaleen!

    ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධ වේ" යැයි කියයි.

  48. 68:16

    سَنَسِمُهُۥ عَلَى ٱلْخُرْطُومِ

    Sanasimuhoo ʻalal khurṭoom!

    නාසය මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.

  49. 68:17

    إِنَّا بَلَوْنَـٰهُمْ كَمَا بَلَوْنَآ أَصْحَـٰبَ ٱلْجَنَّةِ إِذْ أَقْسَمُوا۟ لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ

    ʹInnaa balawnaahum kamaa balawnaaa ʹAṣḥaabal Jannah, ʹiẓ ʹaq̣samoo layaṣrimunnahaa muṣbiḥeen,

    උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන් ම නියත වශයෙන් ම අපි (මක්කාවාසීන් වන) මොවුන්ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට සපත කර ගත්තෝ ය.

  50. 68:18

    وَلَا يَسْتَثْنُونَ

    Wa-laa yastas̤noon.

    තවද අල්ලාහ් අභිමත කළේ නම් (එනම් ඉන්ශා අල්ලාහ්) යැයි ඔවුන් පැවැසුවේ නැත.

  51. 68:19

    فَطَافَ عَلَيْهَا طَآئِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَآئِمُونَ

    Faṭaafa ʻalayhaa ṭaaaʹifum mir Rabbika wa-hum naaaʹimoon.

    ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේ ය.

  52. 68:20

    فَأَصْبَحَتْ كَٱلصَّرِيمِ

    Faʹaṣbaḥat kaṣṣareem.

    එවිට එය (ගිනිබත් වී) අඳුරු රාත්‍රියක් මෙන් විය.

  53. 68:21

    فَتَنَادَوْا۟ مُصْبِحِينَ

    Fatanaadaw muṣbiḥeen,

    ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූවෝ ය.

  54. 68:22

    أَنِ ٱغْدُوا۟ عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَـٰرِمِينَ

    ʹAnig̣ doo ʻalaa ḥars̤ikum ʹiñ kuñtum ṣaarimeen.

    නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි (අමතන්නන් වූවෝ ය.)

  55. 68:23

    فَٱنطَلَقُوا۟ وَهُمْ يَتَخَـٰفَتُونَ

    Fañṭalaq̣oo wa-hum yatakhaafatoon―

    (ඔවුන්) එකිනෙකාට කොඳුරමින් ගමන් ගත්තෝ ය.

  56. 68:24

    أَن لَّا يَدْخُلَنَّهَا ٱلْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌ

    ʹAl laa yadkhulannahal yawma ʻalaykum miskeen.

    එවිට අද දින නුඹලා වෙත කිසිදු දිළිඳෙකු එයට ඇතුළු නො විය යුතු යැයි (ඔවුන් කොඳුරමින් ගමන් ගත්තෝ ය).

  57. 68:25

    وَغَدَوْا۟ عَلَىٰ حَرْدٍ قَـٰدِرِينَ

    Wa-g̣adaw ʻalaa ḥardiñ q̣aadireen.

    තවද (කිසිවකුට නො දී වැළකීමට) හැකියාව ඇත්තන් ලෙසින් ඔවුහු උදෑසන පිටත් වූවෝ ය.

  58. 68:26

    فَلَمَّا رَأَوْهَا قَالُوٓا۟ إِنَّا لَضَآلُّونَ

    Falammaa raʹawhaa q̣aalooo ʹinnaa laḍaaalloon:

    එවිට ඔවුහු එය දුටු කල්හි නියත වශයෙන් ම අපි මුළා වූවෝ වෙමු යැයි පැවසුවෝ ය.

  59. 68:27

    بَلْ نَحْنُ مَحْرُومُونَ

    Bal naḥnu maḥroomoon!

    එසේ නොව අපි අහිමි කරනු ලැබූවෝ වෙමු.

  60. 68:28

    قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ

    Q̣aala ʹawsaṭuhum ʹalam ʹaq̣ul lakum law-laa tusabbiḥoon?

    නුඹලා (අල්ලාහ්ට) සුවිශුද්ධ කළ යුතු නො වේ දැ? යි මම නුඹලාට නො කීවෙමි දැ? යි ඔවුන් අතරින් මධ්‍යස්ථ අයෙකු කීවේ ය.

  61. 68:29

    قَالُوا۟ سُبْحَـٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَـٰلِمِينَ

    Q̣aaloo Subḥaana Rabbinaaa ʹinnaa kunnaa z̤̣aalimeen!

    “අපගේ පරමාධිපති සුවිශුද්ධ ය. නියත වශයෙන් ම අපි අපරාධකරුවන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.

  62. 68:30

    فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَـٰوَمُونَ

    Faʹaq̣bala baʻḍuhum ʻalaa baʻḍiñy yatalaawamoon.

    එවිට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට දොස් නගමින් ඉදිරියට ආවෝ ය.

  63. 68:31

    قَالُوا۟ يَـٰوَيْلَنَآ إِنَّا كُنَّا طَـٰغِينَ

    Q̣aaloo yaa-waylanaaa ʹinnaa kunnaa ṭaag̣een!

    “අහෝ අපගේ විනාශය! නියත වශයෙන් ම අපි සීමාව ඉක්මවා යන්නන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.

  64. 68:32

    عَسَىٰ رَبُّنَآ أَن يُبْدِلَنَا خَيْرًا مِّنْهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ

    ʻAsaa Rabbunaaa ʹañy yubdilanaa khayram minhaaa ʹinnaaa ʹilaa Rabbinaa raag̣iboon!

    “මීට වඩා යහපත් දෙයක් අපගේ පරමාධිපති අපට පෙරළා දෙන්නට පුළුවන. නියත වශයෙන් අපි අපගේ පරමාධිපති වෙත බලාපොරොත්තු තබන්නන් වෙමු.” (යැයි ඔවුහු පැවසුවෝ ය.)

  65. 68:33

    كَذَٰلِكَ ٱلْعَذَابُ ۖ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ

    Kaẓaalikal ʻAẓaab; wa-laʻAẓaabul ʹAakhirati ʹakbar. Law kaanoo yaʻlamoon!

    එලෙසය (අපගේ) දඬුවම. තවද මතු ලොවෙහි දඬුවම අතිබිහිසුණු ය. ඒ ගැන ඔවුහු දැන සිටියාහු නම්.

  66. 68:34

    إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّـٰتِ ٱلنَّعِيمِ

    ʹInna lil-Muttaq̣eena ʻiñda Rabbihim Jannatin Naʻeem.

    නියත වශයෙන් ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත.

  67. 68:35

    أَفَنَجْعَلُ ٱلْمُسْلِمِينَ كَٱلْمُجْرِمِينَ

    ʹAfanajʻalul Muslimeena kalmujrimeen?

    එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමු ද?

  68. 68:36

    مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

    Maa- lakum? kayfa taḥkumoon?

    නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?

  69. 68:37

    أَمْ لَكُمْ كِتَـٰبٌ فِيهِ تَدْرُسُونَ

    ʹAm lakum Kitaabuñ feehi tadrusoon―

    නුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි තිබේ ද?

  70. 68:38

    إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ

    ʹInna lakum feehi lamaa takhayyaroon?

    නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට තිබේ (ද?).

  71. 68:39

    أَمْ لَكُمْ أَيْمَـٰنٌ عَلَيْنَا بَـٰلِغَةٌ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ

    ʹAm lakum ʹAymaanun ʻalaynaa baalig̣atun ʹilaa Yawmil Q̣iyaamati ʹinna lakum lamaa taḥkumoon?

    එසේ නැතහොත් නුඹලා තීන්දු කරන දෑ නියත වශයෙන් ම නුඹලාට සතු යැයි පවසන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් පවතින ගිවිසුමක් අප වෙතින් නුඹලාට තිබේ ද?

  72. 68:40

    سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ

    Salhum ʹayyuhum̃ biẓaalika zaʻeem!

    මෙයට වගකිව යුත්තේ කවරෙකු දැ? යි (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් විමසනු.

  73. 68:41

    أَمْ لَهُمْ شُرَكَآءُ فَلْيَأْتُوا۟ بِشُرَكَآئِهِمْ إِن كَانُوا۟ صَـٰدِقِينَ

    ʹAm lahum shurakaaaʹu fal-yaʹtoo bishurakaaaʹihim ʹiñ kaanoo ṣaadiq̣een!

    එසේ නොමැති නම් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? එසේ නම් ඔවුහු සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ඔවුන් ගෙනෙත්වා!

  74. 68:42

    يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسْتَطِيعُونَ

    Yawma yukshafu ʻañ saaq̣iñw wayudʻawna ʹilas sujoodi falaa yastaṭeeʻoon,―

    එදින කෙණ්ඩයෙන් නිරාවරණය කරනු ලැබේ. තවද සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලැබේ. එවිට ඔවුහු (ඒ සඳහා) හැකියාව නො දරති.

  75. 68:43

    خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۖ وَقَدْ كَانُوا۟ يُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ وَهُمْ سَـٰلِمُونَ

    Khaashiʻatan ʹabṣaaruhum tarhaq̣uhum ẓillah: wa-q̣ad kaanoo yudʻawna ʹilas sujoodi wa-hum saalimoon.

    ඔවුන්ගේ බැල්ම පහත හෙළී පවතී. නින්දාව ඔවුන් වෙළා ගනී. ඔවුන් (මෙලොව) නිරෝගිව සිටිය දී සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නන් වූවෝ ය. (නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය.)

  76. 68:44

    فَذَرْنِى وَمَن يُكَذِّبُ بِهَـٰذَا ٱلْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ

    Faẓarnee wa-mañy yukaẓẓibu bihaaẓal Ḥadees̤: sanastadrijuhum min ḥays̤u laa- yaʻlamoon.

    එහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු.

  77. 68:45

    وَأُمْلِى لَهُمْ ۚ إِنَّ كَيْدِى مَتِينٌ

    Wa-ʹumlee lahum: ʹinna kaydee mateen.

    තවද මම ඔවුනට කාල අවකාශය දෙමි. නියත වශයෙන් ම මාගේ උපාය තිරසාර ය.

  78. 68:46

    أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ

    ʹAm tasʹaluhum ʹajrañ fahum mim mag̣ramim mus̤q̣aloon?

    එසේ නැතහොත් ඔවුන්ගෙන් නුඹ යම් කුලියක් ඉල්ලා ඒ හේතුවෙන් ඔවුන් ණය බරින් පෙළෙන්නන් වෙත් ද?

  79. 68:47

    أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

    ʹAm ʻiñdahumul G̣aybu fahum yaktuboon?

    එසේ නැතහොත් ඔවුන් වෙත ගුප්ත ඥානය තිබී ඔවුහු එය ලියන්නෝ ද?

  80. 68:48

    فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ

    Faṣbir li-Ḥukmi Rabbika wa-laa takuñ ka-Ṣaaḥibil Ḥoot. ʹIẓ naadaa wa-huwa makz̤̣oom.

    එහෙයින් (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ තීන්දුවට නුඹ ඉවසීමෙන් සිටිනු. තවද නුඹ මත්සයා හා සම්බන්ධ පුද්ගලයා මෙන් නො වනු. ඔහු ශෝකයට පත් කරනු ලැබූවෙකු ලෙසින් (තම පරමාධිපති) ඇමතූ අවස්ථාව සිහියට නගනු.

  81. 68:49

    لَّوْلَآ أَن تَدَٰرَكَهُۥ نِعْمَةٌ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلْعَرَآءِ وَهُوَ مَذْمُومٌ

    Law-laaa ʹañ tadaarakahoo Niʻmatum mir Rabbihee lanubiẓa bilʻaraaaʹi wa-huwa maẓmoom.

    ඔහුගේ පරමාධිපතිගේ පිහිට ඔහුට නො ලැබුනේ නම් ඔහු අවමානයට ලක් කරනු ලැබූ තත්ත්වයේ නිසරු වෙරළට විසි කරනු ලබන්නට තිබුණි.

  82. 68:50

    فَٱجْتَبَـٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّـٰلِحِينَ

    Fajtabaahu Rabbuhoo fajaʻalahoo minaṣ Ṣaaliḥeen.

    එහෙත් ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේ ය. තවද ඔහුව දැහැමියන් අතරට පත් කළේ ය.

  83. 68:51

    وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُوا۟ لَيُزْلِقُونَكَ بِأَبْصَـٰرِهِمْ لَمَّا سَمِعُوا۟ ٱلذِّكْرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجْنُونٌ

    Wa-ʹiñy yakaadul laẓeena kafaroo layuzliq̣oonaka biʹabṣaarihim lammaa samiʻuẓ Ẓikra wa-yaq̣ooloona ʹinnahoo lamajnoon!

    තවද ප්‍රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන් ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති.

  84. 68:52

    وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَـٰلَمِينَ

    Wa-maa huwa ʹillaa Ẓikrul lilʻAalameen.

    එහෙත් මෙය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.

  85. Surah Al-HaqqahBegins here at 69:1

  86. 69:1

    ٱلْحَآقَّةُ

    ʹALḤAAAQ̣Q̣ATU!

    තිරසාර සිදුවීම වනාහි,

  87. 69:2

    مَا ٱلْحَآقَّةُ

    Mal Ḥaaaq̣q̣ah?

    එම තිරසාර සිදුවීම යනු කුමක් ද?

  88. 69:3

    وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحَآقَّةُ

    Wa-maaa ʹadraaka mal Ḥaaaq̣q̣ah?

    තිරසාර සිදු වීම යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

  89. 69:4

    كَذَّبَتْ ثَمُودُ وَعَادٌۢ بِٱلْقَارِعَةِ

    Kaẓẓabat S̤amoodu wa-ʻAadum bil-Q̣aariʻah!

    (හදවත්) තිගැස්සීමට පත් කර වන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝ ය.

  90. 69:5

    فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا۟ بِٱلطَّاغِيَةِ

    Faʹammaa S̤amoodu faʹuhlikoo biṭ-Ṭaag̣iyah!

    සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබුවෝ ය.

  91. 69:6

    وَأَمَّا عَادٌ فَأُهْلِكُوا۟ بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ

    Wa-ʹammaa ʻAaduñ faʹuhlikoo bi-Reeḥiñ ṣarṣarin ʻaatiyah;

    තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළි සුළඟකින් විනාශ කරනු ලැබුවෝ ය.

  92. 69:7

    سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَـٰنِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ

    Sakhkharahaa ʻalayhim sabʻa layaaliñw was̤amaaniyata ʹayyaamin ḥusoomañ fataral q̣awma feehaa ṣarʻaa kaʹannahum ʹaʻjaazu nakhlin khaawiyah!

    එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩව ඔහු එවීය. (නුඹ එහි සිටියා නම්) ඔවුන් බොල් වූ ඉඳි ගස්වල කඳන් මෙන් එහි විනාශයට පත්ව සිටිනු නුඹ දකින්නට තිබුණි.

  93. 69:8

    فَهَلْ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍ

    Fahal taraa lahum mim baaq̣iyah?

    ඔවුන්ගෙන් ඉතිරිව සිටින කිසිවකු හෝ නුඹ දකින්නෙහි ද?

  94. 69:9

    وَجَآءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُۥ وَٱلْمُؤْتَفِكَـٰتُ بِٱلْخَاطِئَةِ

    Wa-jaaaʹa Firʻawnu wa-mañ q̣ablahoo wal-muʹtafikaatu bil-khaaṭiʹah,

    තවද ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද, උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝ ය.

  95. 69:10

    فَعَصَوْا۟ رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً

    Faʻaṣaw rasoola Rabbihim faʹakhaẓahum ʹakhẓatar raabiyah.

    ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑවෝ ය. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේ ය.

  96. 69:11

    إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ حَمَلْنَـٰكُمْ فِى ٱلْجَارِيَةِ

    ʹInnaa lammaa ṭag̣al maaaʹu ḥamalnaakum fil jaariyah.

    ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන් ම අපි නුඹලාව යාත්‍රාවේ ඉසිලුවෙමු.

  97. 69:12

    لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَآ أُذُنٌ وَٰعِيَةٌ

    Linajʻalahaa lakum Taẓkiratañwwa taʻiyahaaa ʹuẓunuñw waaʻiyah.

    එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිස ය.

  98. 69:13

    فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ نَفْخَةٌ وَٰحِدَةٌ

    Faʹiẓaa nufikha fiṣ Ṣoori nafkhatuñw waaḥidah,

    හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට;

  99. 69:14

    وَحُمِلَتِ ٱلْأَرْضُ وَٱلْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَٰحِدَةً

    Wa-ḥumilatil ʹarḍu wal-jibaalu fadukkataa dakkatañw waaḥidah,―

    තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් සුනු විසුනු කරනු ලැබූ විට;

  100. 69:15

    فَيَوْمَئِذٍ وَقَعَتِ ٱلْوَاقِعَةُ

    Fayawmaʹiẓiñw Waq̣aʻatil Waaq̣iʻah,

    එදින සිදු වන දෑ සිදු වනු ඇත.

  101. 69:16

    وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِىَ يَوْمَئِذٍ وَاهِيَةٌ

    Wañshaq̣q̣atis samaaaʹu fahiya Yawmaʹiẓiñw waahiyah,

    තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වලව පවතී.

  102. 69:17

    وَٱلْمَلَكُ عَلَىٰٓ أَرْجَآئِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَـٰنِيَةٌ

    Wal-malaku ʻalaaa ʹarjaaaʹihaa, wa-yaḥmilu ʻArsha Rabbika fawq̣ahum Yawmaʹiẓiñ s̤amaaniyah.

    තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.

  103. 69:18

    يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌ

    Yawmaʹiẓiñ tuʻraḍoona laa- takhfaa miñ-kum khaafiyah.

    එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහු ය. සඟවන කිසිවක් නුඹලා අතරින් සැඟවෙන්නේ නැත.

  104. 69:19

    فَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُوا۟ كِتَـٰبِيَهْ

    Faʹammaa man ʹootiya Kitaabahoo biyameenihee fayaq̣oolu haaaʹumuq̣ raʹoo Kitaabiyah!

    තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු.

  105. 69:20

    إِنِّى ظَنَنتُ أَنِّى مُلَـٰقٍ حِسَابِيَهْ

    ʹInnee z̤̣anañtu ʹannee mulaaq̣in Ḥisaabiyah!

    නියත වශයෙන් ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින් ම මම සිතුවෙමි” යැයි පවසයි.

  106. 69:21

    فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ

    Fahuwa fee ʻeeshatir raaḍiyah,

    එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි.

  107. 69:22

    فِى جَنَّةٍ عَالِيَةٍ

    Fee Jannatin ʻaaliyah,

    උසස් (ස්වර්ග) උයනෙහි වෙයි.

  108. 69:23

    قُطُوفُهَا دَانِيَةٌ

    Q̣utoofuhaa daaniyah.

    එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.

  109. 69:24

    كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ

    Kuloo washraboo haneeeʹam bimaaa ʹaslaftum fil ʹayyaamil khaaliyah!

    “පසු ගිය දිනවල (ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)

  110. 69:25

    وَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَـٰلَيْتَنِى لَمْ أُوتَ كِتَـٰبِيَهْ

    Wa-ʹammaa man ʹootiya Kitaabahoo bishimaalihee fayaq̣oolu yaalaytanee lam ʹoota Kitaabiyah!

    තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නො ලැබුවේ නම්!” යැයි පවසයි.

  111. 69:26

    وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ

    Wa-lam ʹadri maa- ḥisaabiyah!

    “තවද මාගේ විනිශ්චය කුමක් දැ? යි මා නො දනී නම්!” (කොතරම් අගනේ ද?)

  112. 69:27

    يَـٰلَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ

    Yaa-laytahaa kaanatil q̣aaḍiyah!

    “අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේ ද?) යැයි පවසයි.

  113. 69:28

    مَآ أَغْنَىٰ عَنِّى مَالِيَهْ ۜ

    Maaa ʹag̣naa ʻannee maaliyah!

    “මාගේ ධනය මට කිසිදු ඵලක් නො දුන්නේ ය.”

  114. 69:29

    هَلَكَ عَنِّى سُلْطَـٰنِيَهْ

    Halaka ʻannee sulṭaaniyah!

    “මාගේ බලය මගෙන් පහව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)

  115. 69:30

    خُذُوهُ فَغُلُّوهُ

    Khuẓoohu fag̣ullooh,

    “නුඹලා ඔහුව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”

  116. 69:31

    ثُمَّ ٱلْجَحِيمَ صَلُّوهُ

    S̤ummal Jaḥeema ṣallooh,

    “පසුව ඔහුව නිරයට ඇද දමා පුළුස්සනු.”

  117. 69:32

    ثُمَّ فِى سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَٱسْلُكُوهُ

    S̤umma fee silsilatiñ ẓarʻuhaa sabʻoona ẓiraaʻañ faslukooh!

    ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහුව එහි බැඳ දමනු.

  118. 69:33

    إِنَّهُۥ كَانَ لَا يُؤْمِنُ بِٱللَّهِ ٱلْعَظِيمِ

    ʹInnahoo kaana laa- yuʹminu billaahil ʻAz̤̣eem,

    නියත වශයෙන් ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නො කරන්නෙකු විය.

  119. 69:34

    وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ

    Wa-laa yaḥuḍḍu ʻalaa ṭaʻaamil miskeen!

    තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.

  120. 69:35

    فَلَيْسَ لَهُ ٱلْيَوْمَ هَـٰهُنَا حَمِيمٌ

    Falaysa lahul Yawma haahunaa ḥameem,

    එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.

  121. 69:36

    وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ

    Wa-laa ṭaʻaamun ʹillaa min g̣isleen,

    (තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.

  122. 69:37

    لَّا يَأْكُلُهُۥٓ إِلَّا ٱلْخَـٰطِـُٔونَ

    Laa- yaʹkuluhooo ʹillal khaaṭiʹoon.

    වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නො කරයි.

  123. 69:38

    فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ

    Falaaa ʹuq̣simu bimaa tubṣiroon

    නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.

  124. 69:39

    وَمَا لَا تُبْصِرُونَ

    Wamaa laa- tubṣiroon,―

    නුඹලා නො දකින දෑ මත ද මම දිවුරමි.

  125. 69:40

    إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

    ʹInnahoo laq̣awlu Rasooliñ Kareem;

    නියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.

  126. 69:41

    وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَّا تُؤْمِنُونَ

    Wa-maa huwa biq̣awli shaaʻir: q̣aleelam maa tuʹminoon!

    තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නො වෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.

  127. 69:42

    وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ

    Wa-laa biq̣awli kaahin: q̣aleelam maa taẓakkaroon.

    එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නො වෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.

  128. 69:43

    تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ

    Tañzeelum mir Rabbil ʻAalameen.

    (එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.

  129. 69:44

    وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ ٱلْأَقَاوِيلِ

    Wa-law taq̣awwala ʻalaynaa baʻḍal ʹaq̣aaweel,

    ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,

  130. 69:45

    لَأَخَذْنَا مِنْهُ بِٱلْيَمِينِ

    Laʹakhaẓnaa minhu bilyameen,

    අපි ඔහුව දකුණතින් හසුකර ගන්නෙමු.

  131. 69:46

    ثُمَّ لَقَطَعْنَا مِنْهُ ٱلْوَتِينَ

    S̤umma laq̣aṭaʻnaa minhul wateen:

    පසුව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.

  132. 69:47

    فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَـٰجِزِينَ

    Famaa miñkum min ʹaḥadin ʻanhu ḥaajizeen.

    එවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නො සිටියි.

  133. 69:48

    وَإِنَّهُۥ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ

    Wa-ʹinnahoo la-Taẓkiratul lil-Muttaq̣een.

    තවද නියත වශයෙන් ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි.

  134. 69:49

    وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ

    Wa-ʹinnaa lanaʻlamu ʹanna miñkum mukaẓẓibeen.

    තවද නියත වශයෙන් ම නුඹලා අතරින් මුසාවාදීන් සිටින බව සැබැවින් ම අපි දනිමු.

  135. 69:50

    وَإِنَّهُۥ لَحَسْرَةٌ عَلَى ٱلْكَـٰفِرِينَ

    Wa-ʹinnahoo laḥasratun ʻalal kaafireen.

    තවද නියත වශයෙන් ම එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට බලවත් ශෝකයකි.

  136. 69:51

    وَإِنَّهُۥ لَحَقُّ ٱلْيَقِينِ

    Wa-ʹinnahoo la-Ḥaq̣q̣ul yaq̣een.

    තවද නියත වශයෙන් ම එය ස්ථීර සත්‍යයකි.

  137. 69:52

    فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ

    Fasabbiḥ bismi Rabbikal ʻAz̤̣eem.

    එහෙයින් (නබිවරය!) නුඹ නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.

  138. Surah Al-Ma'arijBegins here at 70:1

  139. 70:1

    سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍ وَاقِعٍ

    Saʹala saaʹilum biʻAẓaabiñw waaq̣iʻ―

    සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේ ය.

  140. 70:2

    لِّلْكَـٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌ

    Lil-kaafireena laysa lahoo daafiʻ,―

    දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.

  141. 70:3

    مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ

    Minal laahi Ẓil MAʻAARIJ.

    (එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).

  142. 70:4

    تَعْرُجُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍ

    Taʻrujul malaaaʹikatu war-Rooḥu ʹilayhi fee Yawmiñ kaana miq̣daaruhoo khamseena ʹalfa sanah:

    එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් ද ආත්මය ද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.

  143. 70:5

    فَٱصْبِرْ صَبْرًا جَمِيلًا

    Faṣbir Ṣabrañ jameelaa.

    එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.

  144. 70:6

    إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًا

    ʹInnahum yarawnahoo baʻeedaa:

    නියත වශයෙන් ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.

  145. 70:7

    وَنَرَىٰهُ قَرِيبًا

    Wa-naraahu q̣areebaa.

    එහෙත් අපි එය සමීපයෙන් දකිමු.

  146. 70:8

    يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ

    Yawma takoonus samaaaʹu kalmuhl,

    එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.

  147. 70:9

    وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ

    Wa-takoonul jibaalu kalʻihn,

    තවද කඳු ලොම් මෙන් වනු ඇත.

  148. 70:10

    وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًا

    Wa-laa yasʹalu ḥameemun ḥameemaa,

    තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නො කරයි.

  149. 70:11

    يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذٍۭ بِبَنِيهِ

    Yubaṣṣaroonahum,: yawaddul mujrimu law yaftadee min ʻAẓaabi Yawmiʹiẓim bibaneeh,

    ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන් ම;

  150. 70:12

    وَصَـٰحِبَتِهِۦ وَأَخِيهِ

    Wa-ṣaaḥibatihee wa-ʹakheeh,

    තම බිරිය, තම සොහොයුරන්;

  151. 70:13

    وَفَصِيلَتِهِ ٱلَّتِى تُـْٔوِيهِ

    Wa-faṣeelatihil latee tuʹweeh,

    ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;

  152. 70:14

    وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ

    Wa-mañ fil ʹarḍi jameeʻañ s̤umma yuñjeeh:

    තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.

  153. 70:15

    كَلَّآ ۖ إِنَّهَا لَظَىٰ

    Kallaa! ʹinnahaa laz̤̣aa!

    එසේ නොව නියත වශයෙන් ම එය දවාළන ගින්න ය.

  154. 70:16

    نَزَّاعَةً لِّلشَّوَىٰ

    Nazzaaʻatal lishshawaa!

    (එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.

  155. 70:17

    تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ

    Tadʻoo man ʹadbara wa-tawallaa,

    එය (සත්‍ය ප්‍රතික්ෂේප කර) පසුපස හැරී පලා ගිය අය ආරාධනා කරයි.

  156. 70:18

    وَجَمَعَ فَأَوْعَىٰٓ

    Wa-jamaʻa faʹawʻaa!

    ඔහු වස්තුව රැස් කොට තැන්පත් කළේ ය.

  157. 70:19

    ۞ إِنَّ ٱلْإِنسَـٰنَ خُلِقَ هَلُوعًا

    ʹInnal ʹiñsaana khuliq̣a halooʻaa;―

    නියත වශයෙන් ම මිනිසා කලබලකාරීභාවයෙන් මවනු ලැබ ඇත.

  158. 70:20

    إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا

    ʹIẓaa massahush sharru jazooʻaa;

    ඔහුට අයහපත වැළඳුණු විට වික්ෂිප්ත වේ.

  159. 70:21

    وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا

    Wa-ʹiẓaa massahul khayru manooʻaa;―

    තවද ඔහුට යහපත වැළඳුණු විට (අන් අයට නො දී) වළක්වන්නෙකු වේ.

  160. 70:22

    إِلَّا ٱلْمُصَلِّينَ

    ʹIllal Muṣalleen;―

    එහෙත් සලාතය ඉටු කරන්නන් හැර;

  161. 70:23

    ٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَآئِمُونَ

    ʹAllaẓeena hum ʻalaa Ṣalaatihim daaaʹimoon;

    ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.

  162. 70:24

    وَٱلَّذِينَ فِىٓ أَمْوَٰلِهِمْ حَقٌّ مَّعْلُومٌ

    Wallaẓeena feee ʹamwaalihim ḥaq̣q̣um maʻloom

    තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;

  163. 70:25

    لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ

    Lissaaaʹili walmaḥroom;

    අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත.

  164. 70:26

    وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِّينِ

    Wallaẓeena yuṣaddiq̣oona bi-Yawmid Deen;

    තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳව තහවුරු කරති.

  165. 70:27

    وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ

    Wallaẓeena hum min ʻazaabi Rabbihim mushfiq̣oon,―

    තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් සිටිති.

  166. 70:28

    إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ

    ʹInna ʻaẓaaba Rabbihim g̣ayru maʹ-moon;―

    නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂිත නො වන්නකි.

  167. 70:29

    وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ

    Wallaẓeena hum lifuroojihim ḥaafiz̤̣oon,

    තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.

  168. 70:30

    إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ

    ʹIllaa ʻalaaa ʹazwaajihim ʹaw maa- malakat ʹaymaanuhum faʹinnahum g̣ayru maloomeen,

    එහෙත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන් ම ඔවුන් දොස් නගනු ලබන්නන් නො වෙති.

  169. 70:31

    فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ

    Famanib tag̣aa waraaaʹa ẓaalika faʹulaaaʹika humul ʻaadoon;―

    එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහු මය සීමාව ඉක්මවා යන්නෝ.

  170. 70:32

    وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ

    Wallaẓeena hum liʹamaanaatihim wa-ʻahdihim raaʻoon.

    තවද ඔවුහු ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් රකින්නන් වෙති.

  171. 70:33

    وَٱلَّذِينَ هُم بِشَهَـٰدَٰتِهِمْ قَآئِمُونَ

    Wallaẓeena hum̃ bishahaadaatihim q̣aaaʹimoon;

    තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවරව සිටින්නෝ වෙති.

  172. 70:34

    وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ

    Wallaẓeena hum ʻalaa Ṣalaatihim yuḥaafiz̤̣oon;―

    තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් සුරක්ෂා කරන්නෝ වෙති.

  173. 70:35

    أُو۟لَـٰٓئِكَ فِى جَنَّـٰتٍ مُّكْرَمُونَ

    ʹUlaaaʹika fee Jannaatim mukramoon.

    ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහු ම ය.

  174. 70:36

    فَمَالِ ٱلَّذِينَ كَفَرُوا۟ قِبَلَكَ مُهْطِعِينَ

    Famaa lil-laẓeena kafaroo q̣ibalaka muhṭiʻeen―

    මෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති.

  175. 70:37

    عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ

    ʻAnil yameeni wa-ʻanish shimaali ʻizeen?

    දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති).

  176. 70:38

    أَيَطْمَعُ كُلُّ ٱمْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ

    ʹAyaṭmaʻu kullum riʹim minhum ʹañy yudkhala Jannata Naʻeem?

    ඔවුන් අතරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?

  177. 70:39

    كَلَّآ ۖ إِنَّا خَلَقْنَـٰهُم مِّمَّا يَعْلَمُونَ

    Kallaa! ʹInnaa khalaq̣naahum mimmaa yaʻlamoon!

    එසේ නො වේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන් ම අපි ඔවුන් මැව්වෙමු.

  178. 70:40

    فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَـٰرِقِ وَٱلْمَغَـٰرِبِ إِنَّا لَقَـٰدِرُونَ

    Falaaa ʹuq̣simu bi-Rabbil Mashaariq̣i wal-Mag̣aaribi ʹinnaa la-Q̣aadiroon.

    පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන් ම අපි බලය දරන්නෝ වෙමු.

  179. 70:41

    عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ

    ʻAlaaa ʹan nubaddila khayram minhum wa-maa Naḥnu bimasbooq̣een.

    (ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් බිහි කිරීමට (බලය දරන්නෝ වෙමු.) මන්ද අපි පරාජිතයින් නො වෙමු.

  180. 70:42

    فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ

    Faẓarhum yakhooḍoo wa-yalʻaboo ḥattaa yulaaq̣oo Yawmahumul laẓee yooʻadoon!

    ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.

  181. 70:43

    يَوْمَ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ

    Yawma yakhrujoona minal ʹajdaas̤i siraaʻañ kaʹannahum ʹilaa nuṣubiñy yoofiḍoon,―

    පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනිවළවලින් ඔවුන් බැහැර වනු ඇත.

  182. 70:44

    خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ ٱلْيَوْمُ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ

    Khaashiʻatan ʹabṣaaruhum tarhaq̣uhum ẓillah! Ẓaalikal Yawmul laẓee kaanoo yooʻadoon!

    ඔවුන්ගේ බැල්ම පහත්ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.

  183. Surah NuhBegins here at 71:1

  184. 71:1

    إِنَّآ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ أَنْ أَنذِرْ قَوْمَكَ مِن قَبْلِ أَن يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ

    ʹInnaaa ʹarsalnaa Nooḥan ʹilaa Q̣awmiheee ʹan ʹañẓir Q̣awmaka miñ q̣abli ʹañy yaʹtiyahum ʻAẓaabun ʹaleem,

    වේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අනතුරු අඟවනු යැයි (නියෝග කර) අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින් ම එව්වෙමු.

  185. 71:2

    قَالَ يَـٰقَوْمِ إِنِّى لَكُمْ نَذِيرٌ مُّبِينٌ

    Q̣aala yaa-Q̣awmi ʹinnee lakum Naẓeerum mubeen:

    “අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් ප්‍රකට අනතුරු අඟවන්නෙකු වෙමි” යැයි ඔහු පැවසුවේ ය.

  186. 71:3

    أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ

    ʹAniʻ budul laaha wattaq̣oohu wa-ʹaṭeeʻoon:

    “නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු”

  187. 71:4

    يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنتُمْ تَعْلَمُونَ

    Yag̣fir lakum miñ ẓunoobikum wa-yuʹakhkhirukum ʹilaaa ʹAjalim Musammaa: ʹinna ʹAjalal laahi ʹiẓaa jaaaʹa laa- yuʹakhkhar, Law kuñtum taʻlamoon.

    “නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලාව ඔහු ප්‍රමාද කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නො ලැබේ. නුඹලා දැන සිටියාහු නම්.”

  188. 71:5

    قَالَ رَبِّ إِنِّى دَعَوْتُ قَوْمِى لَيْلًا وَنَهَارًا

    Q̣aala Rabbi ʹinnee daʻawtu Q̣awmee laylañw wanahaaraa:

    “මාගේ පරමාධිපතියාණනි! දිවා රාත්‍රියේ නියත වශයෙන් ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසී ය.

  189. 71:6

    فَلَمْ يَزِدْهُمْ دُعَآءِىٓ إِلَّا فِرَارًا

    Falam yazidhum duʻaaaʹeee ʹillaa firaaraa.

    “නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට අධික නො කළේ ය.”

  190. 71:7

    وَإِنِّى كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوٓا۟ أَصَـٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِمْ وَٱسْتَغْشَوْا۟ ثِيَابَهُمْ وَأَصَرُّوا۟ وَٱسْتَكْبَرُوا۟ ٱسْتِكْبَارًا

    Wa-ʹinnee kullamaa daʻawtuhum litag̣fira lahum jaʻalooo ʹaṣaabiʻahum feee ʹaaẓaanihim wastag̣shaw s̤iyaabahum wa-ʹaṣarroo wastakbarus tikbaaraa,

    “තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන් ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු අඛණ්ඩව ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝ ය. තවද ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු වසා ගත්තෝ ය. තවද පාපකම්හි නිරත වූවෝ ය. තවද අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”

  191. 71:8

    ثُمَّ إِنِّى دَعَوْتُهُمْ جِهَارًا

    S̤umma ʹinnee daʻawtuhum jihaaraa;

    “පසුව නියත වශයෙන් ම මම ඔවුනට විවෘතව ඇරයුම් කළෙමි.”

  192. 71:9

    ثُمَّ إِنِّىٓ أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا

    S̤umma ʹinneee ʹaʻlañtu lahum wa-ʹasrartu lahum ʹisraaraa,

    “පසුව නියත වශයෙන් ම මම ප්‍රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහසිගතවද ඔවුනට දැනුම් දුනිමි.”

  193. 71:10

    فَقُلْتُ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ إِنَّهُۥ كَانَ غَفَّارًا

    Faq̣ultus tag̣firoo Rabbakum; ʹinnahoo kaana G̣affaaraa;

    “එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලීය යැයි මම පැවසුවෙමි.”

  194. 71:11

    يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًا

    Yursilis samaaaʹa ʻalaykum midraaraa;

    “ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරුව එවනු ඇත.”

  195. 71:12

    وَيُمْدِدْكُم بِأَمْوَٰلٍ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّـٰتٍ وَيَجْعَل لَّكُمْ أَنْهَـٰرًا

    Wa-yumdidkum̃ biʹamwaaliñw wabaneena wa-yajʻal lakum Jannaatiñw Wa yajʻal lakum ʹanhaaraa.

    “ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”.

  196. 71:13

    مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا

    Maa- lakum laa- tarjoona lillaahi wa-q̣aaraa,―

    “නුඹලාට කුමක් වී ද? අල්ලාහ්ට ගෞරවය කිරීමට නුඹලා අපේක්ෂා නො කරන්නෙහු ය.”

  197. 71:14

    وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا

    Wa-q̣ad khalaq̣akum ʹaṭwaaraa?

    “තවද සැබැවින් ම ඔහු නුඹලාව විවිධ අදියරයන්ගෙන් මැව්වේ ය.”

  198. 71:15

    أَلَمْ تَرَوْا۟ كَيْفَ خَلَقَ ٱللَّهُ سَبْعَ سَمَـٰوَٰتٍ طِبَاقًا

    ʹAlam taraw kayfa khalaq̣al laahu sabʻa samaawaatiñ ṭibaaq̣aa,

    “ස්ථර වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේ දැ? යි නුඹලා නො දුටුවෙහු ද?”

  199. 71:16

    وَجَعَلَ ٱلْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ ٱلشَّمْسَ سِرَاجًا

    Wa-jaʻalal q̣amara feehinna noorañw wajaʻalash shamsa Siraajaa?

    “තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේ ය. තවද හිරු පහනක් බවට පත් කළේ ය.”

  200. 71:17

    وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلْأَرْضِ نَبَاتًا

    Wallaahu ʹambatakum minal ʹarḍi nabaataa,

    “තවද අල්ලාහ් නුඹලාව මහපොළොවෙන් බිහි කර වැඩෙන්නට සැලැස්වී ය.”

  201. 71:18

    ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًا

    S̤umma yuʻeedukum feehaa wa-yukhrijukum ʹikhraajaa?

    “පසුව ඒ තුළට ඔහු නුඹලාව නැවතත් එවන්නේ ය. තවද නුඹලාව බැහැර කරමින් නික්මෙන්නට සලස්වන්නේ ය.”

  202. 71:19

    وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلْأَرْضَ بِسَاطًا

    Wallaahu jaʻala lakumul ʹarḍa bisaaṭaa,

    තවද නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් මෙන් අල්ලාහ් ඇති කළේ ය.

  203. 71:20

    لِّتَسْلُكُوا۟ مِنْهَا سُبُلًا فِجَاجًا

    Litaslukoo minhaa subulañ fijaajaa.

    නුඹලා එහි විවෘත මංමාවත්වල ගමන් කිරීම පිණිස.

  204. 71:21

    قَالَ نُوحٌ رَّبِّ إِنَّهُمْ عَصَوْنِى وَٱتَّبَعُوا۟ مَن لَّمْ يَزِدْهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارًا

    Q̣aala Nooḥur Rabbi ʹinnahum ʻaṣawnee wattabaʻoo mal lam yazidhu maaluhoo wa-waladuhooo ʹillaa khasaaraa.

    “මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම ඔවුන් මට පිටුපෑවෝ ය. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නො කළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසී ය.

  205. 71:22

    وَمَكَرُوا۟ مَكْرًا كُبَّارًا

    Wa-makaroo Makrañ kubbaaraa.

    “තවද ඔවුහු මහත් කුමන්ත්‍රණයක් සැලසුම් කළෝ ය.”

  206. 71:23

    وَقَالُوا۟ لَا تَذَرُنَّ ءَالِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا

    Waq̣aaloo laa- taẓarunna ʹaalihatakum wa-laa taẓarunna Waddañw Walaa Suwaaʻaa, wa-laa Yag̣oos̤a wa-Yaʻooq̣a wa-Nasraa;―

    “තවද නුඹලාගේ දෙවියන් නුඹලා අත් නො හරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් (වැනි පිළිම ද) නුඹලා අත් නො හරිනු යැයි ඔවුහු පැවසුවෝ ය.”

  207. 71:24

    وَقَدْ أَضَلُّوا۟ كَثِيرًا ۖ وَلَا تَزِدِ ٱلظَّـٰلِمِينَ إِلَّا ضَلَـٰلًا

    Wa-q̣ad ʹaḍalloo kas̤eeraa; wa-laa tazidiz̤̣ z̤̣aalimeena ʹillaa ḍalaalaa.

    “තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැව්වෝ ය. අපරාධකරුවන්ට මුළාව මිස වෙනත් කිසිවක් ඔබ අධික නො කරනු මැනව!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.

  208. 71:25

    مِّمَّا خَطِيٓـَٔـٰتِهِمْ أُغْرِقُوا۟ فَأُدْخِلُوا۟ نَارًا فَلَمْ يَجِدُوا۟ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارًا

    Mimmaa khaṭeeeʹaatihim ʹug̣riq̣oo faʹudkhiloo Naaraa: falam yajidoo lahum miñ doonil laahi ʹañṣaaraa.

    ඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබුවෝ ය. පසුව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝ ය. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නො ලැබුවෝ ය.

  209. 71:26

    وَقَالَ نُوحٌ رَّبِّ لَا تَذَرْ عَلَى ٱلْأَرْضِ مِنَ ٱلْكَـٰفِرِينَ دَيَّارًا

    Wa-q̣aala Nooḥur Rabbi laa- taẓar ʻalal ʹarḍi minal kaafireena dayyaaraa!

    “මාගේ පරමාධිපතියාණනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නො හරිනු මැනව!” යැයි නූහ් පැවසී ය.

  210. 71:27

    إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا۟ عِبَادَكَ وَلَا يَلِدُوٓا۟ إِلَّا فَاجِرًا كَفَّارًا

    ʹInnaka ʹiñ taẓarhum yuḍilloo ʻibaadaka wa-laa yalidooo ʹillaa faajirañ kaffaaraa.

    “නියත වශයෙන් ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන්ව ඔවුන් නොමග යවනු ඇත. තවද ඔවුන් ගුණමකු පාපතරයකු හැර බිහි නො කරනු ඇත.”

  211. 71:28

    رَّبِّ ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِمَن دَخَلَ بَيْتِىَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ وَلَا تَزِدِ ٱلظَّـٰلِمِينَ إِلَّا تَبَارًۢا

    Rabbig̣ fir lee wa-li-waalidayya wa-limañ dakhala baytiya Muʹminañw Walil-Muʹmineena wal-Muʹminaat: wa-laa tazidiz̤̣ z̤̣aalimeena ʹillaa tabaaraa!

    “මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස වෙනකක් අධික නො කරනු මැනව!”

  212. Surah Al-JinnBegins here at 72:1

  213. 72:1

    قُلْ أُوحِىَ إِلَىَّ أَنَّهُ ٱسْتَمَعَ نَفَرٌ مِّنَ ٱلْجِنِّ فَقَالُوٓا۟ إِنَّا سَمِعْنَا قُرْءَانًا عَجَبًا

    Q̣ul ʹooḥiya ʹilayya ʹanna hustamaʻa nafarum minal Jinni faq̣aalooo ʹinnaa samiʻnaa Q̣urʹaanan ʻajabaa,

    නියත වශයෙන් ම ජින්නුන්ගෙන් පිරිසක් (අල් කුර්ආනයට) සවන් දී "සැබැවින් ම අපි පුදුමාකාර පාරායනයකට සවන් දුන්නෙමු යැයි පැවසූ වග මා වෙත දේව පණිවිඩය මඟින් දන්වනු ලැබීය” යැයි (නබිවරය!) නුඹ පවසනු.

  214. 72:2

    يَهْدِىٓ إِلَى ٱلرُّشْدِ فَـَٔامَنَّا بِهِۦ ۖ وَلَن نُّشْرِكَ بِرَبِّنَآ أَحَدًا

    Yahdeee ʹilar Rushdi faʹaamannaa bih: wa-lan nushrika bi-Rabbinaaa ʹaḥadaa.

    එය ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපතිට කිසිවකු හෝ ආදේශ නො කරන්නෙමු යැයි පැවසූ බවත් (දන්වනු ලැබී ය.)

  215. 72:3

    وَأَنَّهُۥ تَعَـٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَـٰحِبَةً وَلَا وَلَدًا

    Wa-ʹannahoo Taʻaalaa Jaddu Rabbinaa mat takhaẓa ṣaaḥibatañw walaa waladaa.

    “තවද නියත වශයෙන් ම අපගේ පරමාධිපතිගේ කීර්තිය උත්තරීතර විය. ඔහු සහකාරියක හෝ දරුවෙකු හෝ නො ගත්තේ ය.”

  216. 72:4

    وَأَنَّهُۥ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى ٱللَّهِ شَطَطًا

    Wa-ʹannahoo kaana yaq̣oolu safeehunaa ʻal allaahi shaṭaṭaa;

    තවද අප අතර සිටි අඥානයකු අල්ලාහ්ට එරෙහිව ප්‍රබන්ධ කතා පවසා සිටියේ ය.

  217. 72:5

    وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَى ٱللَّهِ كَذِبًا

    Wa-ʹannaa z̤̣anannaaa ʹal lañ taq̣oolal ʹiñsu wal-jinnu ʻal allaahi kaẓibaa.

    “මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අල්ලාහ්ට එරෙහිව බොරුවක් කිසිවිටෙක නො පවසනු ඇතැයි නියත වශයෙන් ම අපි සිතමින් සිටියෙමු.”

  218. 72:6

    وَأَنَّهُۥ كَانَ رِجَالٌ مِّنَ ٱلْإِنسِ يَعُوذُونَ بِرِجَالٍ مِّنَ ٱلْجِنِّ فَزَادُوهُمْ رَهَقًا

    Wa-ʹannahoo kaana rijaalum minal ʹiñsi yaʻooẓoona birijaalim minal Jinni fazaadoohum rahaq̣aa.

    තවද නියත වශයෙන් ම ජින් වර්ගයාගෙන් වූ පිරිසකගෙන් මිනිස් වර්ගයාගෙන් පිරිසක් ආරක්ෂාව පැතුවෝ ය. එහෙයින් ඔවුහු ඔවුනට උඩඟුකම අධික කළෝ ය.

  219. 72:7

    وَأَنَّهُمْ ظَنُّوا۟ كَمَا ظَنَنتُمْ أَن لَّن يَبْعَثَ ٱللَّهُ أَحَدًا

    Wa-ʹannahum z̤̣annoo kamaa z̤̣anañtum ʹal lañy yabʻas̤al laahu ʹaḥadaa.

    අල්ලාහ් කිසිවකුත් නැවත (පණ දී) නැගිටුවන්නේ ම නැතැයි නුඹලා සිතුවාක් මෙන් සැබැවින් ම ඔවුහු ද සිතුවෝ ය.

  220. 72:8

    وَأَنَّا لَمَسْنَا ٱلسَّمَآءَ فَوَجَدْنَـٰهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا

    Wa-ʹannaa lamasnas samaaaʹa fawajadnaahaa muliʹat ḥarasañ shadeedañw washuhubaa.

    තවද නියත වශයෙන් ම (ජින්වරුන් වන) අපි අහස ස්පර්ශ කළෙමු. එවිට එය දැඩි ආරක්ෂාවෙන් හා උල්කාපාතවලින් පිරී තිබෙනු අපි දුටුවෙමු.

  221. 72:9

    وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَـٰعِدَ لِلسَّمْعِ ۖ فَمَن يَسْتَمِعِ ٱلْـَٔانَ يَجِدْ لَهُۥ شِهَابًا رَّصَدًا

    Wa-ʹannaa kunnaa naq̣ʻudu minhaa maq̣aaʻida lissamʻ; famañy yastamiʻil ʹaana yajid lahoo shihaabar raṣadaa.

    තවද (අහසේ සිදු වන කතා බහ) සවන් දීම සඳහා අසුන් ගන්නා ස්ථානයන්හි අසුන් ගන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් කවරෙකු හෝ එසේ සවන් දුන්නේ නම් එවිට උල්කා ප්‍රහාර ඔහු ලබනු ඇත.

  222. 72:10

    وَأَنَّا لَا نَدْرِىٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِى ٱلْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا

    Waʹannaa laa- nadreee ʹasharrun ʹureeda bimañ fil ʹarḍi ʹam ʹaraada bihim Rabbuhum rashadaa.

    තවද මහපොළොවේ වෙසෙන්නන්හට නපුරක් අපේක්ෂා කරනු ලබන්නේ ද එසේ නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග අපේක්ෂා කරන්නේ දැ? යි නියත වශයෙන් ම අපි නො දනිමු.

  223. 72:11

    وَأَنَّا مِنَّا ٱلصَّـٰلِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ ۖ كُنَّا طَرَآئِقَ قِدَدًا

    Wa-ʹannaa minnaṣ ṣaaliḥoona wa-minnaa doona ẓaalik: kunnaa ṭaraaaʹiq̣a q̣idadaa.

    තවද නියත වශයෙන් ම අප අතරින් දැහැමියෝ ද වෙති. එමෙන් ම අප අතරින් එසේ නො වන්නන් ද වෙති. අපි විවිධ මාර්ගවල වෙන්ව සිටියෙමු.

  224. 72:12

    وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعْجِزَ ٱللَّهَ فِى ٱلْأَرْضِ وَلَن نُّعْجِزَهُۥ هَرَبًا

    Wa-ʹannaa z̤̣anannaaa ʹal lan nuʻjizal laaha fil ʹarḍi wa-lan nuʻjizahoo harabaa.

    තවද මහපොළොවේ අල්ලාහ් පරාජය කිරීමට අපට නොහැකි බවත් පලා යෑමෙන් ඔහු පරාජයට පත් කළ නොහැකි බවත් සැබැවින් ම අපි සිතුවෙමු.

  225. 72:13

    وَأَنَّا لَمَّا سَمِعْنَا ٱلْهُدَىٰٓ ءَامَنَّا بِهِۦ ۖ فَمَن يُؤْمِنۢ بِرَبِّهِۦ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا

    Wa-ʹannaa lammaa samiʻnal Hudaaa ʹaamannaa bih. Famañy yuʹmim bi-Rabbihee falaa yakhaafu bakhsañw walaa rahaq̣aa.

    තවද නියත වශයෙන් ම අපි යහමගට සවන් දුන් කල්හි අපි එය විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති විශ්වාස කරන්නේ ද එවිට පාඩුවක් ගැන හෝ අසාධාරණයක් ගැන හෝ ඔහු බිය නො වනු ඇත.

  226. 72:14

    وَأَنَّا مِنَّا ٱلْمُسْلِمُونَ وَمِنَّا ٱلْقَـٰسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُو۟لَـٰٓئِكَ تَحَرَّوْا۟ رَشَدًا

    Wa-ʹannaa minnal Muslimoona wa-minnal Q̣aasiṭoon. Faman ʹaslama faʹulaaaʹika taḥarraw rashadaa.

    තවද නියත වශයෙන් ම අප වනාහි අප අතරින් අවනත වන්නෝ ද වෙති. එමෙන් ම අප අතරින් (සත්‍යයෙන්) බැහැර වන්නෝ ද වෙති. එහෙයින් කවුරුන් අවනත වන්නෝ ද ඔවුහු ඍජු මග සොයා ගත්තෝ ය.

  227. 72:15

    وَأَمَّا ٱلْقَـٰسِطُونَ فَكَانُوا۟ لِجَهَنَّمَ حَطَبًا

    Wa-ʹammal Q̣aasiṭoona fakaanoo li-Jahannama ḥaṭabaa―

    තවද (සත්‍යයෙන්) බැහැර වන්නෝ වූ කලී නිරය සඳහා ඉන්ධන බවට ඔවුහු පත් වූවෝ ය.

  228. 72:16

    وَأَلَّوِ ٱسْتَقَـٰمُوا۟ عَلَى ٱلطَّرِيقَةِ لَأَسْقَيْنَـٰهُم مَّآءً غَدَقًا

    Wa-ʹalla-wis taq̣aamoo ʻalaṭ Ṭareeq̣ati laʹasq̣aynaahum maaaʹan g̣adaq̣aa.

    එසේ ම (යහ) මාර්ගයේ ඔවුන් ස්ථාවරව සිටියේ නම් අපි ඔවුනට බහුල වශයෙන් ජලය සපයන්නෙමු යන වගත් (මට දන්වනු ලැබී ය.)

  229. 72:17

    لِّنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِۦ يَسْلُكْهُ عَذَابًا صَعَدًا

    Linaftinahum feeh. Wa-mañy yuʻriḍ ʻañ Ẓikri Rabbihee yaslukhu ʻAẓaabañ ṣaʻadaa.

    එය අපි ඔවුන් එහි පරීක්ෂාවට ලක් කරනු පිණිස ය. තවද කවරෙකු තම පරමාධිපති මෙනෙහි කිරීම පිටු දකින්නේ ද ඔහු ඔහුව දරුණු දඬුවමට යොමු කරනු ඇත.

  230. 72:18

    وَأَنَّ ٱلْمَسَـٰجِدَ لِلَّهِ فَلَا تَدْعُوا۟ مَعَ ٱللَّهِ أَحَدًا

    Wa-ʹannal Masaajida lil-laahi falaa tadʻoo maʻal laahi ʹaḥadaa;

    තවද නියත වශයෙන් ම මස්ජිදයන් අල්ලාහ් සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් සමඟ කිසිවෙක් නො අයදිනු.

  231. 72:19

    وَأَنَّهُۥ لَمَّا قَامَ عَبْدُ ٱللَّهِ يَدْعُوهُ كَادُوا۟ يَكُونُونَ عَلَيْهِ لِبَدًا

    Wa-ʹannahoo lammaa q̣aama ʻAbdul laahi yadʻoohu kaadoo yakoonoona ʻalayhi libadaa.

    තවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ගැත්තා (නබිවරයා) ඔහු වෙත ඇරයුම් කිරීමට නැගී සිටී කල්හි ඔවුහු කණ්ඩායම් වශයෙන් ඔහු වෙත සමීපවන්නට වූවෝ ය.

  232. 72:20

    قُلْ إِنَّمَآ أَدْعُوا۟ رَبِّى وَلَآ أُشْرِكُ بِهِۦٓ أَحَدًا

    Q̣ul ʹinnamaaa ʹadʻoo Rabbee wa-laaa ʹushriku biheee ʹaḥadaa.

    “නියත වශයෙන් ම මා අයදිනුයේ මාගේ පරමාධිපතිව ය. තවද මම ඔහුට කිසිවකු හෝ ආදේශ නො කරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

  233. 72:21

    قُلْ إِنِّى لَآ أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا

    Q̣ul ʹinnee laaa ʹamliku lakum ḍarrañw walaa rashadaa.

    “නුඹලාට යම් හානියක් හෝ යම් මග පෙන්වීමක් හෝ සිදු කරන්නට නියත වශයෙන් ම මා බලය නො දරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

  234. 72:22

    قُلْ إِنِّى لَن يُجِيرَنِى مِنَ ٱللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِن دُونِهِۦ مُلْتَحَدًا

    Q̣ul ʹinnee lañy yujeeranee minal laahi ʹaḥad, wa-lan ʹajida miñ doonihee multaḥadaa,

    “(මා අවනත නො වුයේ නම්) අල්ලාහ්ගෙන් මා ආරක්ෂා කරන්නට කිසිවකුට නො හැක්කේ ම ය. තවද ඔහු හැර වෙනත් පිළිසරණක් මම කිසිවිටෙක නො ලබමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

  235. 72:23

    إِلَّا بَلَـٰغًا مِّنَ ٱللَّهِ وَرِسَـٰلَـٰتِهِۦ ۚ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَآ أَبَدًا

    ʹIllaa balaag̣am minal laahi wa-Risaalaatih: wa-mañy yaʻṣil laaha wa-Rasoolahoo faʹinna lahoo Naara Jahannama khaalideena feehaaa ʹabadaa.

    අල්ලාහ් හා ඔහුගේ දූත පණිවිඩය ගැන දැනුම් දීම මිස (වෙනත් කිසිවක් මා සතු නො වේ.) තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට පිටුපාන්නේද එවිට නියත වශයෙන් ම ඔහුට නිරා ගින්න ඇත. ඔවුහු එහි නිරන්තරයෙන් ම සදාතනිකයින් වෙති.

  236. 72:24

    حَتَّىٰٓ إِذَا رَأَوْا۟ مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا

    Ḥattaaa ʹiẓaa raʹaw maa- yooʻadoona fasayaʻlamoona man ʹaḍʻafu naaṣirañw waʹaq̣allu ʻadadaa.

    අවසානයේ ප්‍රතිඥා දෙනු ලබන දෑ ඔවුහු දුටු විට උදව්කරුගෙන් වඩාත් දුර්වල කවුරුන් දැ? යි ද සංඛ්‍යාවෙන් වඩාත් අඩු කවුරුන් දැ? යි ද ඔවුහු මතු දැන ගනු ඇත.

  237. 72:25

    قُلْ إِنْ أَدْرِىٓ أَقَرِيبٌ مَّا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُۥ رَبِّىٓ أَمَدًا

    Q̣ul ʹin ʹadreee ʹa-q̣areebum maa tooʻadoona ʹam yajʻalu lahoo Rabbeee ʹamadaa.

    “නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීප ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති එයට දිගු කලක් තබා ඇත්තේ දැ? යි ද මම නො දනිමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

  238. 72:26

    عَـٰلِمُ ٱلْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِۦٓ أَحَدًا

    ʻAalimul G̣aybi falaa yuz̤̣hiru ʻalaa G̣aybiheee ʹaḥadaa,

    ඔහු ගුප්ත දෑ දන්නා ය. එහෙයින් ඔහුගේ ගුප්ත දෑ කිසිවකුට ඔහු හෙළිදරව් නො කරයි.

  239. 72:27

    إِلَّا مَنِ ٱرْتَضَىٰ مِن رَّسُولٍ فَإِنَّهُۥ يَسْلُكُ مِنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ رَصَدًا

    ʹIllaa manir taḍaa mir rasooliñ faʹinnahoo yasluku mim bayni yadayhi wa-min khalfihee raṣadaa,

    එහෙත් රසූල්වරයකුගෙන් ඔහු තෝරා ගත් අයට හැර. එවිට ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් නියත වශයෙන් ම ඔහු ආරක්ෂකයින් ගමන් කරවනු ඇත.

  240. 72:28

    لِّيَعْلَمَ أَن قَدْ أَبْلَغُوا۟ رِسَـٰلَـٰتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَىْءٍ عَدَدًۢا

    Liyaʻlama ʹañ q̣ad ʹablag̣oo Risaalaati Rabbihim wa-ʹaḥaaṭa bimaa ladayhim wa-ʹaḥṣaa kulla shayʹin ʻadadaa.

    ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ ඔවුන්ට දැනුම් දී ඇත්තේ දැ? යි ඔහු දැන ගනු පිණිස ය. ඔවුන් සමඟ ඇති දෑ පිළිබඳව ඔහු සර්ව ප්‍රකාරයෙන් දැන සිටියි. තවද සියලු දෑ ගණන් කොට තබා ඇත.

  241. Surah Al-MuzzammilBegins here at 73:1

  242. 73:1

    يَـٰٓأَيُّهَا ٱلْمُزَّمِّلُ

    Yaaaʹayyuhal MUZZAMMIL!

    අහෝ පොරවා ගෙන සිටින්නාණනි!

  243. 73:2

    قُمِ ٱلَّيْلَ إِلَّا قَلِيلًا

    Q̣umil layla ʹillaa q̣aleelaa,―

    සුළු කාලයක් හැර රාත්‍රියෙහි නැගිට සිට නැමදුම් කරනු.

  244. 73:3

    نِّصْفَهُۥٓ أَوِ ٱنقُصْ مِنْهُ قَلِيلًا

    Niṣfahooo ʹawiñ Q̣uṣ minhu q̣aleelaa,

    එයින් අඩක් හෝ එයින් ස්වල්පයක් හෝ නුඹ අඩු කර ගනු.

  245. 73:4

    أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ ٱلْقُرْءَانَ تَرْتِيلًا

    ʹAw zid ʻalayhi wa-rattilil Q̣urʹaana tarteelaa.

    නැතහොත් ඊට වඩා වැඩි කර ගනු. තවද අල් කුර්ආනය නිසි අයුරින් පිළිවෙළට පාරායනය කරනු.

  246. 73:5

    إِنَّا سَنُلْقِى عَلَيْكَ قَوْلًا ثَقِيلًا

    ʹInnaa sanulq̣ee ʻalayka Q̣awlañ s̤aq̣eelaa.

    නියත වශයෙන් ම අපි නුඹ වෙත බරැති ප්‍රකාශයක් මතු හෙළන්නෙමු.

  247. 73:6

    إِنَّ نَاشِئَةَ ٱلَّيْلِ هِىَ أَشَدُّ وَطْـًٔا وَأَقْوَمُ قِيلًا

    ʹInna naashiʹatal layli hiya ʹashaddu waṭ-ʹañw waʹaq̣wamu Q̣eelaa.

    නියත වශයෙන් ම රාත්‍රියේ අවදිවීම (සිත්) දමනයට වඩාත් බලගතු ය. තවද කියවීමට වඩාත් උචිත ය.

  248. 73:7

    إِنَّ لَكَ فِى ٱلنَّهَارِ سَبْحًا طَوِيلًا

    ʹInna laka fin nahaari sabḥañ ṭaweelaa.

    දහවල් කාලයේ නියත වශයෙන් ම ඔබට දිගු කාර්ය භාරයක් ඇත.

  249. 73:8

    وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا

    Waẓkuris ma Rabbika wa-tabattal ʹilayhi tabteelaa.

    තවද ඔබේ පරමාධිපතිගේ නාමය ඔබ මෙනෙහි කරනු. තවද (නැමදුමෙහි) ඔහු වෙත පූර්ණ ව යොමු වනු.

  250. 73:9

    رَّبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ لَآ إِلَـٰهَ إِلَّا هُوَ فَٱتَّخِذْهُ وَكِيلًا

    Rabbul Mashriq̣i wal-Mag̣ribi Laaa ʹilaaha ʹillaa Huwa fattakhiẓhu Wakeelaa.

    ඔහු නැගෙනහිර හා බටහිරෙහි හිමිපාණන් ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් භාරකරුවකු වශයෙන් ඔබ ඔහු ගනු.

  251. 73:10

    وَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱهْجُرْهُمْ هَجْرًا جَمِيلًا

    Waṣbir ʻalaa maa- yaq̣ooloona wahjurhum hajrañ jameelaa.

    තවද ඔවුන් පවසන දෑ ගැන නුඹ ඉවසනු. තවද අලංකාර මග හැරීමකින් ඔවුන් මග හරිනු.

  252. 73:11

    وَذَرْنِى وَٱلْمُكَذِّبِينَ أُو۟لِى ٱلنَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا

    Wa-ẓarnee walmukaẓẓibeena ʹulin naʻmati wa-mahhilhum q̣aleelaa.

    තවද සැප පහසුකමින් යුත් බොරු පවසන්නන් මා සමඟ නුඹ අත්හැර දමනු. තවද නුඹ ඔවුනට ස්වල්ප කාලයක් අවකාශ දෙනු.

  253. 73:12

    إِنَّ لَدَيْنَآ أَنكَالًا وَجَحِيمًا

    ʹInna ladaynaaa ʹañkaalañw Wa-Jaḥeemaa,

    නියත වශයෙන් ම අප වෙත (ඔවුන් සඳහා) විලංගු හා නිරය ද ඇත.

  254. 73:13

    وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا

    Wa-Ṭaʻaamañ ẓaa g̣uṣṣatiñw waʻAẓaaban ʹaleemaa.

    උගුර හිර කරන ආහාරයක් හා වේදනීය දඬුවමක් ද (ඇත).

  255. 73:14

    يَوْمَ تَرْجُفُ ٱلْأَرْضُ وَٱلْجِبَالُ وَكَانَتِ ٱلْجِبَالُ كَثِيبًا مَّهِيلًا

    Yawma tarjuful ʹarḍu wal-Jibaalu wa-kaanatil jibaalu kas̤eebam maheelaa.

    එදින මහපොළොව හා කඳු කම්පනය වෙයි. තවද කඳු හැළෙන සුළු ගොඩ ගසා ඇති පස් බවට පත් වනු ඇත.

  256. 73:15

    إِنَّآ أَرْسَلْنَآ إِلَيْكُمْ رَسُولًا شَـٰهِدًا عَلَيْكُمْ كَمَآ أَرْسَلْنَآ إِلَىٰ فِرْعَوْنَ رَسُولًا

    ʹInnaaa ʹarsalnaaa ʹilaykum Rasoolañ shaahidan ʻalaykum kamaaa ʹarsalnaaa ʹilaa Firʻawna Rasoolaa.

    ෆිර්අවුන් වෙත අපි දූතයකු එව්වාක් මෙන් නුඹලා මත සාක්ෂි දරන දූතයකු නුඹලා වෙත සැබැවින් ම අපි එව්වෙමු.

  257. 73:16

    فَعَصَىٰ فِرْعَوْنُ ٱلرَّسُولَ فَأَخَذْنَـٰهُ أَخْذًا وَبِيلًا

    Faʻaṣaa Firʻawnur Rasoola faʹakhaẓnaahu ʹakhẓañw Wabeelaa.

    එහෙත් ෆිර්අවුන් එම දූතයාණන්ට පිටුපෑවේ ය. එහෙයින් අපි ඔහු බිහිසුනු ග්‍රහණයකින් ග්‍රහණය කළෙමු.

  258. 73:17

    فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ ٱلْوِلْدَٰنَ شِيبًا

    Fakayfa tattaq̣oona ʹiñ kafartum Yawmañy yajʻalul wildaana sheebaa―

    නුඹලා ප්‍රතික්ෂේප කළේ නම් දරුවන් පවා මහලුන් බවට පත් කරන දිනයෙහි නුඹලා කෙසේ නම් ආරක්ෂා වන්නෙහු ද?

  259. 73:18

    ٱلسَّمَآءُ مُنفَطِرٌۢ بِهِۦ ۚ كَانَ وَعْدُهُۥ مَفْعُولًا

    ʹAssamaaaʹu muñfaṭirum bih? Kaana waʻduhoo mafʻoolaa.

    එහි අහස පිපිරී යන්නකි. ඔහුගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක් විය.

  260. 73:19

    إِنَّ هَـٰذِهِۦ تَذْكِرَةٌ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا

    ʹInna haaẓihee Taẓkirah: famañ shaaaʹat takhaẓa ʹilaa Rabbihee Sabeelaa!

    නියත වශයෙන් ම මෙය මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එය තම පරමාධිපති වෙත වූ මාර්ගයක් ලෙස ගනිත්වා!

  261. 73:20

    ۞ إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِن ثُلُثَىِ ٱلَّيْلِ وَنِصْفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٌ مِّنَ ٱلَّذِينَ مَعَكَ ۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ۚ عَلِمَ أَن لَّن تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ۖ فَٱقْرَءُوا۟ مَا تَيَسَّرَ مِنَ ٱلْقُرْءَانِ ۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرْضَىٰ ۙ وَءَاخَرُونَ يَضْرِبُونَ فِى ٱلْأَرْضِ يَبْتَغُونَ مِن فَضْلِ ٱللَّهِ ۙ وَءَاخَرُونَ يُقَـٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ ۖ فَٱقْرَءُوا۟ مَا تَيَسَّرَ مِنْهُ ۚ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَقْرِضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًا ۚ وَمَا تُقَدِّمُوا۟ لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا ۚ وَٱسْتَغْفِرُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌۢ

    ʹInna Rabbaka yaʻlamu ʹannaka taq̣oomu ʹadnaa miñ s̤ulus̤ayil layli wa-niṣfahoo wa-s̤ulus̤ahoo wa-ṭaaaʹifatum minal laẓeena maʻak. Wal-laahu yuq̣addirul layla wannahaar. ʻAlima ʹal lañ tuḥṣoohu fataaba ʻalaykum faq̣raʹoo maa- tayassara minal Q̣urʹaan. ʻAlima ʹañ sayakoonu miñkum marḍaa wa-ʹaakharoona yaḍriboona fil ʹarḍi yabtag̣oona miñ Faḍlil laahi wa-ʹaakharoona yuq̣aatiloona fee Sabeelil laah. Faq̣raʹoo maa- tayassara minhu wa-ʹaq̣eemuṣ Ṣalaata wa-ʹaatuz Zakaata wa-ʹaq̣riḍul laaha Q̣arḍan Ḥasanaa. Wa-maa tuq̣addimoo liʹañfusikum min khayriñ tajidoohu ʻiñdal laahi huwa khyrañw waʹAʻz̤̣ama ʹAjraa. Wastag̣firul laah: ʹinnal laaha G̣afoorur Raḥeem.

    නියත වශයෙන් ම නුඹ රාත්‍රියෙන් තුනෙන් දෙකකට වඩා අඩු කාලයක් ද ඉන් අඩක් ද තුනෙන් එකක කොටසක් ද නැගී සිටින බවත් නුඹ සමඟ සිටින අය අතරින් පිරිසක් ද (එසේ) සිටින බවත් නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති දන්නේ ය. අල්ලාහ් රාත්‍රිය හා දහවල නිර්ණය කරන්නේ ය. නුඹලා එය (නිවැරදිව) ගණන් නො කරන බව ඔහු දන්නේ ය. එවිට ඔහු නුඹලාට සමාව දුන්නේ ය. එහෙයින් අල් කුර්ආනයෙන් පහසු දෑ නුඹලා පාරායනය කරනු. නුඹලා අතර රෝගීන් හා අල්ලාහ්ගේ භාග්‍යයන් සොයා මහපොළොවේ සැරිසරන වෙනත් අය හා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින තවත් අයද සිටින බව ඔහු දන්නේ ය. එහෙයින් එයින් පහසු දෑ නුඹලා පාරායනය කරනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාත් ද දෙනු. අල්ලාහ්ට අලංකාර ණයක් දෙනු. නුඹලා වෙනුවෙන් කවර යහපතක් නුඹලා ඉදිරිපත් කරන්නේ ද නුඹලා එය අල්ලාහ් අබියස දැක ගනු ඇත. එය ශ්‍රේෂ්ඨ ය. ප්‍රතිඵලයෙන් වඩාත් ඉමහත් ය. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය. මහා කරුණාන්විත ය.

  262. Surah Al-MuddaththirBegins here at 74:1

  263. 74:1

    يَـٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ

    Yaaaʹayyuhal Muddas̤s̤ir!

    අහෝ පොරවා ගෙන සිටින්නාණනි!

  264. 74:2

    قُمْ فَأَنذِرْ

    Q̣um faʹañẓir!

    නුඹ නැගී සිට, අවවාද කරනු.

  265. 74:3

    وَرَبَّكَ فَكَبِّرْ

    Wa-Rabbaka fakabbir!

    තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.

  266. 74:4

    وَثِيَابَكَ فَطَهِّرْ

    Wa-s̤iyaabaka faṭahhir!

    තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.

  267. 74:5

    وَٱلرُّجْزَ فَٱهْجُرْ

    Warrujza fahjur!

    තවද කිලිට්ටෙන් වළකිනු.

  268. 74:6

    وَلَا تَمْنُن تَسْتَكْثِرُ

    Wa-laa tamnuñ tastaks̤ir.

    නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නො කරනු.

  269. 74:7

    وَلِرَبِّكَ فَٱصْبِرْ

    Wa-li-Rabbika faṣbir!

    තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.

  270. 74:8

    فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ

    Faʹiẓaa nuq̣ira fin naaq̣oor.

    හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට;

  271. 74:9

    فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ

    Faẓaalika Yawmaʹiẓiñy Yawmun ʻAseer,―

    එය දුෂ්කර දිනයක් වනු ඇත.

  272. 74:10

    عَلَى ٱلْكَـٰفِرِينَ غَيْرُ يَسِيرٍ

    ʻAlal kaafireena g̣ayru yaseer.

    දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට එදින පහසු නො වනු ඇත.

  273. 74:11

    ذَرْنِى وَمَنْ خَلَقْتُ وَحِيدًا

    Ẓarnee wa-man khalaq̣tu wa-ḥeedaa!―

    මා හා මා මැවූ අය නුඹ තනිව අත හැර දමනු.

  274. 74:12

    وَجَعَلْتُ لَهُۥ مَالًا مَّمْدُودًا

    Wa-jaʻaltu lahoo maalam mamdoodaa,

    තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.

  275. 74:13

    وَبَنِينَ شُهُودًا

    Wa-baneena shuhoodaa!―

    ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)

  276. 74:14

    وَمَهَّدتُّ لَهُۥ تَمْهِيدًا

    Wa-mahhattu lahoo tamheedaa!

    තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.

  277. 74:15

    ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ

    S̤umma yaṭ-maʻu ʹan ʹazeed;―

    පසුව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේ ය.

  278. 74:16

    كَلَّآ ۖ إِنَّهُۥ كَانَ لِـَٔايَـٰتِنَا عَنِيدًا

    Kallaa! ʹinnahoo kaana liʹAayaatinaa ʻaneedaa!

    එසේ නො ව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන්වලට විරුද්ධ විය.

  279. 74:17

    سَأُرْهِقُهُۥ صَعُودًا

    Saʹurhiq̣uhoo ṣaʻoodaa!

    ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.

  280. 74:18

    إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ

    ʹInnahoo fakkara wa-q̣addar;―

    නියත වශයෙන් ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේ ය.

  281. 74:19

    فَقُتِلَ كَيْفَ قَدَّرَ

    Faq̣utila kayfa q̣addar!―

    ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?

  282. 74:20

    ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ

    S̤umma q̣utila kayfa q̣addar!―

    පසුව ද ඔහු විනාශ කරනු ලැබී ය. ඔහු කෙසේ නම් සැලසුම් කළේ ද?

  283. 74:21

    ثُمَّ نَظَرَ

    S̤umma naz̤̣ar;

    පසුව ඔහු අධීක්ෂණය කර බැලී ය.

  284. 74:22

    ثُمَّ عَبَسَ وَبَسَرَ

    S̤umma ʻabasa wa-basar;

    පසුව ඔහු රවා කිපුණේ ය.

  285. 74:23

    ثُمَّ أَدْبَرَ وَٱسْتَكْبَرَ

    S̤umma ʹadbara wastakbar;

    පසුව ඔහු පිටු පා උඩඟු විය.

  286. 74:24

    فَقَالَ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌ يُؤْثَرُ

    Faq̣aala ʹin haaẓaaa ʹillaa siḥruñy yuʹs̤ar;

    එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැතැයි ඔහු පැවසුවේ ය.

  287. 74:25

    إِنْ هَـٰذَآ إِلَّا قَوْلُ ٱلْبَشَرِ

    ʹIn haaẓaaa ʹillaa q̣awlul bashar!

    මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේ ය.)

  288. 74:26

    سَأُصْلِيهِ سَقَرَ

    Saʹuṣleehi Saq̣ar!

    මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.

  289. 74:27

    وَمَآ أَدْرَىٰكَ مَا سَقَرُ

    Wa-maaa ʹadraaka maa- saq̣ar?

    සකර් යනු කුමක්දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

  290. 74:28

    لَا تُبْقِى وَلَا تَذَرُ

    Laa- tubq̣ee wa-laa taẓar!―

    එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නො දමයි.

  291. 74:29

    لَوَّاحَةٌ لِّلْبَشَرِ

    Lawwaaḥatul lilbashar!―

    සම දැඩි ලෙස දවාලන්නකි.

  292. 74:30

    عَلَيْهَا تِسْعَةَ عَشَرَ

    ʻAlayhaa tisʻata ʻashar.

    ඒ මත දහනව දෙනෙකි.

  293. 74:31

    وَمَا جَعَلْنَآ أَصْحَـٰبَ ٱلنَّارِ إِلَّا مَلَـٰٓئِكَةً ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا۟ لِيَسْتَيْقِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ وَيَزْدَادَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِيمَـٰنًا ۙ وَلَا يَرْتَابَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ وَٱلْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْكَـٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَـٰذَا مَثَلًا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِىَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ

    Wa-maa jaʻalnaaa ʹAṣḥaaban naari ʹillaa malaaaʹikatañw wa-maa jaʻalnaa ʻiddatahum ʹillaa fitnatal lillaẓeena kafaroo liyastayq̣inal laẓeena ʹootul Kitaaba wa-yazdaadal laẓeena ʹaamanooo ʹeemaanañw Walaa yartaabal laẓeena ʹootul Kitaaba wal-Muʹminoona wa-liyaq̣oolal laẓeena fee q̣uloobihim maraḍuñw walkaafiroona maaẓaaa ʹaraadal laahu bihaaẓaa mas̤alaa? Kaẓaalika yuḍillul laahu mañy yashaaaʹu wa-yahdee mañy yashaaaʹ. Wa-maa yaʻlamu junooda Rabbika ʹillaa Hoo. Wa-maa hiya ʹillaa ẓikraa lil-bashar.

    නිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නො කළෙමු. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නො කළෙමු. එය ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත් ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නො කරනු පිණිසත් ය. එමෙන් ම "මෙමඟින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක් දැ?"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත් ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නො දනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.

  294. 74:32

    كَلَّا وَٱلْقَمَرِ

    Kallaa wal-Q̣amar,

    එසේ නොව, සඳු මත දිවුරමින්.

  295. 74:33

    وَٱلَّيْلِ إِذْ أَدْبَرَ

    Wallayli ʹiẓ ʹadbar,

    රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.

  296. 74:34

    وَٱلصُّبْحِ إِذَآ أَسْفَرَ

    Waṣ-Ṣubḥi ʹiẓaaa ʹasfar,―

    අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.

  297. 74:35

    إِنَّهَا لَإِحْدَى ٱلْكُبَرِ

    ʹInnahaa laʹiḥdal kubar,

    නියත වශයෙන් ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි.

  298. 74:36

    نَذِيرًا لِّلْبَشَرِ

    Naẓeeral lilbashar,―

    මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.

  299. 74:37

    لِمَن شَآءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ

    Limañ shaaaʹa miñkum ʹañy yataq̣addama ʹaw yataʹakhkhar;

    එය නුඹලා අතරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.

  300. 74:38

    كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ رَهِينَةٌ

    Kullu nafsim bimaa kasabat raheenah,

    සෑම ආත්මයක් ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේ ය.

  301. 74:39

    إِلَّآ أَصْحَـٰبَ ٱلْيَمِينِ

    ʹIllaaa ʹAṣḥaabal yameen.

    එහෙත් දකුණුපස ජනයා හැර.

  302. 74:40

    فِى جَنَّـٰتٍ يَتَسَآءَلُونَ

    Fee Jannaatiñy yatasaaaʹaloon

    ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.

  303. 74:41

    عَنِ ٱلْمُجْرِمِينَ

    ʻAnil mujrimeen:

    වැරදි කරුවන්ගෙන්;

  304. 74:42

    مَا سَلَكَكُمْ فِى سَقَرَ

    Maa- salakakum fee Saq̣ar?

    "නුඹලාව සකර් තුළට ගෙන ආවේ කුමක් ද?"

  305. 74:43

    قَالُوا۟ لَمْ نَكُ مِنَ ٱلْمُصَلِّينَ

    Q̣aaloo lam naku minal Muṣalleen;

    "අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නො වූයෙමු" යැයි ඔවුහු පැවසූහ.

  306. 74:44

    وَلَمْ نَكُ نُطْعِمُ ٱلْمِسْكِينَ

    Wa-lam naku nuṭʻimul miskeen;

    තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නො සිටියෙමු.

  307. 74:45

    وَكُنَّا نَخُوضُ مَعَ ٱلْخَآئِضِينَ

    Wa-kunnaa nakhooḍu maʻal khaaaʹiḍeen;

    "(නිෂ්ඵල කටයුතුවල) ගිලී සිටින්නන් සමඟ අප ද ගිලී සිටියෙමු".

  308. 74:46

    وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ ٱلدِّينِ

    Wa-kunnaa nukaẓẓibu bi-Yawmid Deen

    තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.

  309. 74:47

    حَتَّىٰٓ أَتَىٰنَا ٱلْيَقِينُ

    Ḥattaaa ʹataanal yaq̣een.

    ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.

  310. 74:48

    فَمَا تَنفَعُهُمْ شَفَـٰعَةُ ٱلشَّـٰفِعِينَ

    Famaa tañfaʻuhum shafaaʻatush shaafiʻeen.

    එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නො වන්නේ ය.

  311. 74:49

    فَمَا لَهُمْ عَنِ ٱلتَّذْكِرَةِ مُعْرِضِينَ

    Famaa lahum ʻanit taẓkirati muʻriḍeen,

    එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන් ය.

  312. 74:50

    كَأَنَّهُمْ حُمُرٌ مُّسْتَنفِرَةٌ

    Kaʹannahum ḥumurum mustañfirah,

    ඔවුන් තැති ගත් බූරුවන් මෙනි.

  313. 74:51

    فَرَّتْ مِن قَسْوَرَةٍۭ

    Farrat miñ q̣aswarah!

    සිංහ ගොදුරින් පලා යන.

  314. 74:52

    بَلْ يُرِيدُ كُلُّ ٱمْرِئٍ مِّنْهُمْ أَن يُؤْتَىٰ صُحُفًا مُّنَشَّرَةً

    Bal yureedu kullum riʹim minhum ʹañy yuʹtaa ṣuḥufam munashsharah!

    එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.

  315. 74:53

    كَلَّا ۖ بَل لَّا يَخَافُونَ ٱلْـَٔاخِرَةَ

    Kaallaa! Bal laa- yakhaafoonal ʹAakhirah.

    එසේ නොව ඔවුහු මතු ලොව පිළිබඳ බිය නො වෙති.

  316. 74:54

    كَلَّآ إِنَّهُۥ تَذْكِرَةٌ

    Kallaaa ʹinnahoo taẓkirah:

    එසේ නොව නියත වශයෙන් ම එය උපදෙසකි.

  317. 74:55

    فَمَن شَآءَ ذَكَرَهُۥ

    Famañ shaaaʹa ẓakarah!

    එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!

  318. 74:56

    وَمَا يَذْكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ هُوَ أَهْلُ ٱلتَّقْوَىٰ وَأَهْلُ ٱلْمَغْفِرَةِ

    Wa-maa yaẓkuroona ʹillaaa ʹañy yashaaaʹal laah: Huwa ʹAhlut taq̣waa wa-ʹAhlul Mag̣firah.

    අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නො ලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සා ය. එමෙන් ම සමාව දායාද කරන්නට ද සුදුස්සා ය.

  319. Surah Al-QiyamahBegins here at 75:1

  320. 75:1

    لَآ أُقْسِمُ بِيَوْمِ ٱلْقِيَـٰمَةِ

    Laaa ʹuq̣simu bi-Yawmil Q̣iyaamah;

    මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.

  321. 75:2

    وَلَآ أُقْسِمُ بِٱلنَّفْسِ ٱللَّوَّامَةِ

    Wa-laaa ʹuq̣simu bin-nafsil lawwaamah.

    තවද දොස් නගන ආත්මය මත දිවුරමි.

  322. 75:3

    أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَلَّن نَّجْمَعَ عِظَامَهُۥ

    ʹAyaḥsabul ʹiñsaanu ʹal-lan najmaʻa ʻiz̤̣aamah?

    ඔහුගේ අස්ථි අපි එක්රැස් නො කරන්නේ ම යැයි මිනිසා සිතන්නේ ද?

  323. 75:4

    بَلَىٰ قَـٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّىَ بَنَانَهُۥ

    Ballaa Q̣aadireena ʻalaaa ʹan nusawwiya banaanah.

    එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.

  324. 75:5

    بَلْ يُرِيدُ ٱلْإِنسَـٰنُ لِيَفْجُرَ أَمَامَهُۥ

    Bal yureedul ʹIñsaanu liyafjura ʹamaamah.

    එහෙත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.

  325. 75:6

    يَسْـَٔلُ أَيَّانَ يَوْمُ ٱلْقِيَـٰمَةِ

    Yasʹalu ʹayyaana Yawmul Q̣IYAAMAH?

    “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.

  326. 75:7

    فَإِذَا بَرِقَ ٱلْبَصَرُ

    Faʹiẓaa bariq̣al baṣar,

    දෘෂ්ටිය (නීලංකාරවී) මුළා වී ගිය විට,

  327. 75:8

    وَخَسَفَ ٱلْقَمَرُ

    Wa-khasafal Q̣amar.

    තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,

  328. 75:9

    وَجُمِعَ ٱلشَّمْسُ وَٱلْقَمَرُ

    Wa-jumiʻash shamsu wal-q̣amar,―

    තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,

  329. 75:10

    يَقُولُ ٱلْإِنسَـٰنُ يَوْمَئِذٍ أَيْنَ ٱلْمَفَرُّ

    Yaq̣oolul ʹiñsaanu Yaw-maʹiẓin ʹaynal mafarr?

    පලා යන තැන කොතැන දැ? යි එදින මිනිසා විමසනු ඇත.

  330. 75:11

    كَلَّا لَا وَزَرَ

    Kallaa laa- wazar!

    එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.

  331. 75:12

    إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمُسْتَقَرُّ

    ʹIlaa Rabbika Yawmaʹiẓinil mustaq̣arr.

    එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.

  332. 75:13

    يُنَبَّؤُا۟ ٱلْإِنسَـٰنُ يَوْمَئِذٍۭ بِمَا قَدَّمَ وَأَخَّرَ

    Yunabbaʹul ʹiñsaanu Yawmaʹiẓim bimaa q̣addama wa-ʹakhkhar.

    ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.

  333. 75:14

    بَلِ ٱلْإِنسَـٰنُ عَلَىٰ نَفْسِهِۦ بَصِيرَةٌ

    Balil ʹiñsaanu ʻalaa nafsihee baṣeerah,

    එසේ නො ව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේ ය.

  334. 75:15

    وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُۥ

    Wa-law ʹalq̣aa maʻaaẓeerah.

    ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද.

  335. 75:16

    لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ

    Laa- tuḥarrik bihee lisaanaka litaʻjala bih.

    එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නො සොල්වනු.

  336. 75:17

    إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ

    ʹInna ʻalaynaa jamʻahoo wa-q̣urʹaanah:

    එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.

  337. 75:18

    فَإِذَا قَرَأْنَـٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ

    Faʹiẓaa q̣araʹnaahu fattabiʻ q̣ur-ʹaanah:

    එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.

  338. 75:19

    ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ

    S̤umma ʹinna ʻalaynaa bayaanah:

    පසුව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන් ම අප වෙත පැවරුණු වගකීමකි.

  339. 75:20

    كَلَّا بَلْ تُحِبُّونَ ٱلْعَاجِلَةَ

    Kallaa bal tuḥibboonal ʻaajilah,―

    එහෙත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහු ය.

  340. 75:21

    وَتَذَرُونَ ٱلْـَٔاخِرَةَ

    Wa-taẓaroonal ʹAakhirah.

    තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහු ය.

  341. 75:22

    وُجُوهٌ يَوْمَئِذٍ نَّاضِرَةٌ

    Wujoohuñy Yawmaʹiẓin naaḍirah;―

    එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී.

  342. 75:23

    إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ

    ʹIlaa Rabbihaa naaz̤̣irah;

    තම පරමාධිපති දෙස බලමින් සිටිති.

  343. 75:24

    وَوُجُوهٌ يَوْمَئِذٍۭ بَاسِرَةٌ

    Wa-wujoohuñy Yawmaʹiẓim baasirah,

    තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූපව පවතී.

  344. 75:25

    تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ

    Taz̤̣unnu ʹañy yufʻala bihaa faaq̣irah;

    (කොඳු ඇට පෙළ කඩා දමන) මහත් දඬුවමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.

  345. 75:26

    كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِىَ

    Kallaaa ʹiẓaa balag̣atit taraaq̣ee,

    එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට;

  346. 75:27

    وَقِيلَ مَنْ ۜ رَاقٍ

    Wa-q̣eela man raaq̣?

    තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැ? යි විමසනු ලැබු විට;

  347. 75:28

    وَظَنَّ أَنَّهُ ٱلْفِرَاقُ

    Wa-z̤̣anna ʹannahul firaaq̣;

    නියත වශයෙන් ම තමන් වෙන්ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට;

  348. 75:29

    وَٱلْتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ

    Waltaffatis saaq̣u bissaaq̣:

    කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට;

  349. 75:30

    إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمَسَاقُ

    ʹIlaa Rabbika Yawmaʹiẓinil masaaq̣!

    එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙත ය.

  350. 75:31

    فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ

    Falaa Saddaq̣a wa-laa ṣallaa!―

    තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.

  351. 75:32

    وَلَـٰكِن كَذَّبَ وَتَوَلَّىٰ

    Wa-laakiñ kaẓẓaba wa-tawallaa!

    එහෙත් ඔහු බොරු කළේ ය. තවද පිටුපෑවේ ය.

  352. 75:33

    ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهْلِهِۦ يَتَمَطَّىٰٓ

    S̤umma ẓahaba ʹilaaa ʹahlihee yatamaṭṭaa!

    පසුව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේ ය.

  353. 75:34

    أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ

    ʹAwlaa laka faʹawlaa!

    නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.

  354. 75:35

    ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰٓ

    S̤umma ʹawlaa laka faʹawlaa!

    පසු ව ද සමීප විය. වඩාත් සමීප විය.

  355. 75:36

    أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَن يُتْرَكَ سُدًى

    ʹAyaḥsabul ʹiñsaanu ʹañy yutraka sudaa?

    නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?

  356. 75:37

    أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِىٍّ يُمْنَىٰ

    ʹAlam yaku nuṭfatam mim maniyyiñy yumnaa?

    විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?

  357. 75:38

    ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ

    S̤umma kaana ʻalaq̣atañ fakhalaq̣a fasawwaa.

    පසුව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසුව ඔහුව මවා සැකසුවේ ය.

  358. 75:39

    فَجَعَلَ مِنْهُ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ

    Fajaʻala minhuz zawjayniẓ ẓakara wal-ʹuñs̤aa.

    පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේ ය.

  359. 75:40

    أَلَيْسَ ذَٰلِكَ بِقَـٰدِرٍ عَلَىٰٓ أَن يُحْـِۧىَ ٱلْمَوْتَىٰ

    ʹAlaysa ẓaalika biq̣aadirin ʻalaaa ʹañy yuḥyiyal mawtaa?

    (මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට ඒවා (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?

  360. Surah Al-InsanBegins here at 76:1

  361. 76:1

    هَلْ أَتَىٰ عَلَى ٱلْإِنسَـٰنِ حِينٌ مِّنَ ٱلدَّهْرِ لَمْ يَكُن شَيْـًٔا مَّذْكُورًا

    Hal ʹataa ʻalal ʹIÑSAANI ḥeenum minad DAHRI lam yakuñ shayʹam maẓkooraa?

    (මෙසේ යැයි) පවසන්නට තරම් වස්තුවක් ලෙස මිනිසා නො සිටි කාලයක් මිනිසාට නො පැමිණියේ ද?

  362. 76:2

    إِنَّا خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَـٰهُ سَمِيعًۢا بَصِيرًا

    ʹInnaa khalaq̣nal ʹiñsaana min nuṭfatin ʹamshaajin nabtaleehi fajaʻalnaahu sameeʻam baṣeeraa.

    නියත වශයෙන් ම මුසු වූ ශුක්‍රාණු බිඳුවකින් අපි මිනිසා මැව්වෙමු. අපි ඔහු පරීක්ෂණයට ලක් කරන්නෙමු. එහෙයින් අපි ඔහු සවන් දිය හැකි හා බැලිය හැකි කෙනෙකු බවට පත් කළෙමු.

  363. 76:3

    إِنَّا هَدَيْنَـٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا

    ʹInnaa hadaynaahus sabeela ʹimmaa shakirañw waʹimmaa kafooraa.

    එම මාර්ගය වෙත නියත වශයෙන් ම අපි ඔහුට මග පෙන්වූයෙමු. ඔහු කෘතවේදියෙකු ලෙස හෝ ගුණමකුවෙකු ලෙස හෝ සිටිය හැකි ය.

  364. 76:4

    إِنَّآ أَعْتَدْنَا لِلْكَـٰفِرِينَ سَلَـٰسِلَا۟ وَأَغْلَـٰلًا وَسَعِيرًا

    ʹInnaaa ʹaʻtadnaa lilkaafireena salaasila wa-ʹag̣laalañw wa-Saʻeeraa.

    නියත වශයෙන් ම අපි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට දම්වැල් ද ගෙල විලංගු ද ඇවිළෙන ගින්න ද සූදානම් කළෙමු.

  365. 76:5

    إِنَّ ٱلْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا

    ʹInnal ʹabraara yashraboona miñ kaʹsiñ kaana mizaajuhaa kaafooraa,―

    නියත වශයෙන් ම දැහැමියෝ එහි කපුරු මිශ්‍රැති (කුසලාන මෙන් වූ) භාජනවලින් පානය කරති.

  366. 76:6

    عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا

    ʻAynañy yashrabu bihaa ʻIbaadul laahi yufajjiroonahaa tafjeeraa.

    (එය) උල්පතකි. එමඟින් අල්ලාහ්ගේ ගැත්තන් පානය කරති. එය ඔවුන් (කැමැති තැනකට) පීරා ගලා යන්නට සලස්වති.

  367. 76:7

    يُوفُونَ بِٱلنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُۥ مُسْتَطِيرًا

    Yoofoona binnaẓri wa-yakhaafoona yawmañ kaana sharruhoo mustaṭeeraa.

    ඔවුහු (තමන්ගේ) භාරය ඉටු කරති. තවද එහි හානිය පැතිර පවතින දිනයට ඔවුහු බිය වෙති.

  368. 76:8

    وَيُطْعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا

    Wa-yuṭʻimoonaṭ ṭaʻaama ʻalaa ḥubbihee miskeenañw wayateemañw waʹaseeraa,―

    තවද ඒ (ආහාර) කෙරෙහි වූ ඇල්මක් (ඔවුන් තුළ තිබුනද) දිළින්දාට ද අනාථයාට ද සිරකරුවාට ද ඔවුහු ආහාර සපයති.

  369. 76:9

    إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءً وَلَا شُكُورًا

    ʹInnamaa nuṭʻimukum liwajhil laahi laa- nureedu miñkum jazaaaʹañw walaa shukooraa.

    “අපි නුඹලාට ආහාර සපයනුයේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙනි. නුඹලාගෙන් කිසිදු ප්‍රතිඵලයක් හෝ කිසිදු තුති පිදුමක් හෝ අපි අපේක්ෂා නො කරමු” (යැයි පවසති.)

  370. 76:10

    إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا

    ʹInnaa nakhaafu mir Rabbinaa Yawman ʻaboosañ q̣amṭareeraa.

    අපගේ පරමාධිපති වෙතින් මුහුණෙහි අප්‍රසන්න හා පිළිකුල විදහා පාන දිනයකට නියත වශයෙන් ම අපි බියවෙමු.

  371. 76:11

    فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلْيَوْمِ وَلَقَّىٰهُمْ نَضْرَةً وَسُرُورًا

    Fawaq̣aahumul laahu sharra ẓaalikal Yawmi wa-laq̣q̣aahum naḍratañw wasurooraa.

    එහෙයින් අල්ලාහ් එදින නපුරෙන් ඔවුන් මුදවා ගනු ඇත. තවද සතුට හා සොම්නස ඔවුන් හමුවන්නට සලසනු ඇත.

  372. 76:12

    وَجَزَىٰهُم بِمَا صَبَرُوا۟ جَنَّةً وَحَرِيرًا

    Wa-jazaahum̃ bimaa ṣabaroo Jannatañw Waḥareeraa.

    ඔවුන් ඉවසා සිටි බැවින් ස්වර්ග උයන හා සේද රෙදි ඔවුනට ඔහු ප්‍රතිඵල වශයෙන් පිරිනැමනු ඇත.

  373. 76:13

    مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلْأَرَآئِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا

    Muttakiʹeena feehaa ʻalal ʹaraaaʹik, laa- yarawna feehaa shamsañw walaa zamhareeraa.

    ඔවුහු ඇදන් මත හාන්සිවෙමින් සිටිති. ඔවුහු එහි හිරු රශ්මිය හෝ අධික සීතල හෝ නො දකිනු ඇත.

  374. 76:14

    وَدَانِيَةً عَلَيْهِمْ ظِلَـٰلُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا

    Wa-daaniyatan ʻalayhim z̤̣ilaaluhaa wa-ẓullilat q̣uṭoofuhaa taẓleelaa.

    තවද එහි හෙවණ ඔවුන් මත පහත්ව පවතී. වලු බර පලතුරු පොකුරුද එහි එල්ලී පවතී.

  375. 76:15

    وَيُطَافُ عَلَيْهِم بِـَٔانِيَةٍ مِّن فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا۠

    Wa-yuṭaafu ʻalayhim̃ biʹaaniyatim miñ fiḍḍatiñw waʹakwaabiñ kaanat q̣awaareeraa,―

    රිදියෙන් වූ භාජන හා පළිඟුවලින් යුත් ගුරුලේත්තු රැගෙන ඔවුන් වටා ගමන් කරවනු ලබති.

  376. 76:16

    قَوَارِيرَا۟ مِن فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا

    Q̣awaareera miñ fiḍḍatiñ q̣addaroohaa taq̣deeraa.

    එය රිදියෙන් වූ පළිඟු ය. ඔවුහු එහි ප්‍රමාණය සකස් කර ගන්නෝ ය.

  377. 76:17

    وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا

    Wa-yusq̣awna feehaa kaʹsañ kaana mizaajuhaa zañjabeelaa,―

    සන්ජබීල් (ඉඟුරු) මිශ්‍රැති පානයෙන් යුත් කුසලාන එහි ඔවුනට පානය සඳහා දෙනු ලබති.

  378. 76:18

    عَيْنًا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًا

    ʻAynañ feehaa tusammaa Salsabeelaa.

    එහි සල්සබීල් යැයි හඳුන්වනු ලබන උල්පතක්ද වෙයි.

  379. 76:19

    ۞ وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنثُورًا

    Wa-yaṭoofu ʻalayhim wildaanum mukhalladoon: ʹiẓaa raʹaytahum ḥasibtahum luʹluʹam mañs̤ooraa.

    සදා යෞවනයේ පසු වන දරුවන් ඔවුන් වටා යති. නුඹ ඔවුන් දුටු විට එය විසිරනු ලැබූ මුතු යැයි සිතනු ඇත.

  380. 76:20

    وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا

    Wa-ʹiẓaa raʹayta s̤amma raʹayta Naʻeemañw Wa-Mulkañ Kabeeraa.

    තවද නුඹ එහි දුටු විට අතිශය ප්‍රීතිය හා විශාල රාජ්‍යයක් ලෙස නුඹ දකිනු ඇත.

  381. 76:21

    عَـٰلِيَهُمْ ثِيَابُ سُندُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ ۖ وَحُلُّوٓا۟ أَسَاوِرَ مِن فِضَّةٍ وَسَقَىٰهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا

    ʻAaliyahum s̤iyaabu suñdusin khuḍruñw waʹistabraq̣, wa-ḥullooo ʹasaawira miñ fiḍḍah; wa-saq̣aahum Rabbuhum Sharaabañ Ṭahooraa.

    කොළ පැහැති ඝන හා සිනිඳු සේද ඇඟලුම් ඔවුන් මත වෙයි. ඔවුනට රිදියෙන් වූ වළලු පලන්ඳවනු ලබති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිසිදු පානය සපයනු ඇත.

  382. 76:22

    إِنَّ هَـٰذَا كَانَ لَكُمْ جَزَآءً وَكَانَ سَعْيُكُم مَّشْكُورًا

    ʹInna haaẓaa kaana lakum jazaaaʹañw wakaana saʻyukum mashkooraa.

    නියත වශයෙන් ම මෙය නුඹලා සඳහා වූ ප්‍රතිඵලයක් විය. තවද නුඹලාගේ උත්සාහය තුති පුද කරනු ලබන්නක් විය.

  383. 76:23

    إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ تَنزِيلًا

    ʹInnaa Naḥnu nazzalnaa ʻalaykal Q̣urʹaana tañzeelaa.

    නියත වශයෙන් ම අල් කුර්ආනය අපි නුඹ වෙත කොටස් වශයෙන් පහළ කළෙමු.

  384. 76:24

    فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ ءَاثِمًا أَوْ كَفُورًا

    Faṣbir li-Ḥukmi Rabbika wa-laa tuṭiʻ minhum ʹaas̤iman ʹaw kafooraa.

    එහෙයින් නුඹගේ පරමාධිපතිගේ නීතිය වෙනුවෙන් ඉවසීමෙන් සිටිනු. ඔවුන් අතරින් කිසිදු පාපියෙකුට හෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන කිසිදු අයකුට හෝ නුඹ අවනත නො වනු.

  385. 76:25

    وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا

    Waẓkuris ma Rabbika bukratañw waʹaṣeelaa.

    තවද උදේ සවස නුඹේ පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරනු.

  386. 76:26

    وَمِنَ ٱلَّيْلِ فَٱسْجُدْ لَهُۥ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا

    Wa-minal layli fasjud lahoo wa-sabbiḥhu laylañ ṭaweelaa.

    තවද රාත්‍රියේදී ඔහුට සුජූද් කරනු. තවද රාත්‍රියේදී දිගු වේලාවක් නුඹ ඔහු සුවිශුද්ධ කරනු.

  387. 76:27

    إِنَّ هَـٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلْعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمْ يَوْمًا ثَقِيلًا

    ʹInna haaaʹulaaaʹi yuḥibboonal ʻaajilata wa-yaẓaroona wa-raaaʹahum Yawmañ s̤aq̣eelaa.

    නියත වශයෙන් ම ඔවුහු මෙලොවට ප්‍රිය කරති. එහෙත් ඔවුනට පසුව ඇති බැරෑරුම් දිනය අත හැර දමති.

  388. 76:28

    نَّحْنُ خَلَقْنَـٰهُمْ وَشَدَدْنَآ أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَآ أَمْثَـٰلَهُمْ تَبْدِيلًا

    Naḥnu khalaq̣naahum wa-shadadnaaa ʹasrahum; wa-ʹiẓaa shiʹnaa baddalnaaa ʹams̤aalahum tabdeelaa.

    අපි ඔවුන් මැව්වෙමු. තවද ඔවුන්ගේ ව්‍යූහය අපි ශක්තිමත් කළෙමු. තවද අප අභිමත කළේ නම් ඔවුන් වෙනුවට ඔවුන් මෙන් වූවන් අපි වෙනස් කොට පත් කරන්නෙමු.

  389. 76:29

    إِنَّ هَـٰذِهِۦ تَذْكِرَةٌ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا

    ʹinna haaẓihee taẓkirah: famañ shaaaʹat takhaẓa ʹilaa Rabbihee sabeelaa.

    නියත වශයෙන් ම මෙය උපදෙසකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද තම පරමාධිපති වෙත මාර්ගයක් ගනිත්වා!

  390. 76:30

    وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

    Wa-maa tashaaaʹoona ʹillaaa ʹañy yashaaaʹal laah; ʹinnal laaha kaana ʻAleeman Ḥakeemaa.

    අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නො කරන්නෙහු ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.

  391. 76:31

    يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ ۚ وَٱلظَّـٰلِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًۢا

    Yudkhilu mañy yashaaaʹu fee Raḥmatih; waz̤̣z̤̣aalimeena ʹaʻadda lahum ʻAẓaaban ʹaleemaa.

    ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද අපරාධකරුවන් වනාහි ඔවුනට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කර ඇත.

  392. Surah Al-MursalatBegins here at 77:1

  393. 77:1

    وَٱلْمُرْسَلَـٰتِ عُرْفًا

    WALMURSALAATI ʻurfaa,

    අඛණ්ඩව එවනු ලබන සුළං මත දිවුරමින්,

  394. 77:2

    فَٱلْعَـٰصِفَـٰتِ عَصْفًا

    Falʻaaṣifaati ʻaṣfaa,

    දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්,

  395. 77:3

    وَٱلنَّـٰشِرَٰتِ نَشْرًا

    Wannaashiraati nashraa,

    (වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්

  396. 77:4

    فَٱلْفَـٰرِقَـٰتِ فَرْقًا

    Falfaariq̣aati farq̣aa,

    වෙන් වෙන්ව වෙන් කරන අය මත දිවුරමින්,

  397. 77:5

    فَٱلْمُلْقِيَـٰتِ ذِكْرًا

    Falmulq̣iyaati ẓikraa,

    මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,

  398. 77:6

    عُذْرًا أَوْ نُذْرًا

    ʻUẓran ʹaw nuẓraa;―

    (එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.

  399. 77:7

    إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌ

    ʹInnamaa tooʻadoona lawaaq̣iʻ.

    නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදු වන්නකි.

  400. 77:8

    فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ

    Faʹiẓan nujoomu ṭumisat;

    තරු එහි ආලෝකය මකා දමනු ලබන විට,

  401. 77:9

    وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ

    Wa-ʹiẓas samaaaʹu furijat;

    තවද අහස පුපුරා හරිනු ලබන විට,

  402. 77:10

    وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ

    Wa-ʹiẓal jibaalu nusifat;

    කඳු දූවිලි බවට පත් කරනු ලබන විට,

  403. 77:11

    وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ

    Wa-ʹizar rusulu ʹuq̣q̣itat;

    තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට,

  404. 77:12

    لِأَىِّ يَوْمٍ أُجِّلَتْ

    Liʹayyi Yawmin ʹujjilat?

    කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?

  405. 77:13

    لِيَوْمِ ٱلْفَصْلِ

    Li-Yawmil faṣl.

    (එය) විනිශ්චය දිනය සඳහා ය.

  406. 77:14

    وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ

    Wa-maaa ʹadraaka maa- Yawmul faṣl?

    විනිශ්චය දිනය යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

  407. 77:15

    وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

    Wayluñy Yawmaʹiẓil lilmukaẓẓibeen!

    බොරු කළවුනට එදින විනාශයයි.

  408. 77:16

    أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ

    ʹAlam nuhlikil ʹawwaleen?

    මුල සිටියවුන් අපි විනාශ නො කළෙමු ද?

  409. 77:17

    ثُمَّ نُتْبِعُهُمُ ٱلْـَٔاخِرِينَ

    S̤umma nutbiʻuhumul ʹaakhireen.

    පසුව අපි ඔවුන් සමඟ පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.

  410. 77:18

    كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ

    Kaẓaalika nafʻalu bilmujrimeen.

    අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙස ය.

  411. 77:19

    وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

    Wayluñy Yawmaʹiẓil lil-mukaẓẓibeen!

    බොරු කළවුනට එදින විනාශයයි.

  412. 77:20

    أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍ مَّهِينٍ

    ʹAlam nakhlukkum mim maaaʹim maheen?

    ඉතා පහත් වූ ද්රාවණයකින් අප නුඹලා නො මැව්වෙමු ද?

  413. 77:21

    فَجَعَلْنَـٰهُ فِى قَرَارٍ مَّكِينٍ

    Fajaʻalnaahu fee q̣araarim makeen,

    එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.

  414. 77:22

    إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ

    ʹIlaa q̣adarim maʻloom?

    නියමිත කාල පරිච්ඡේදයක් දක්වා.

  415. 77:23

    فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَـٰدِرُونَ

    Faq̣adarnaa faniʻmal Q̣aadiroon.

    එසේ ම අපි ම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.

  416. 77:24

    وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

    Wayluñy Yawmaʹiẓil lilmukaẓẓibeen!

    බොරු කළවුනට එදින විනාශයයි.

  417. 77:25

    أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ كِفَاتًا

    ʹAlam najʻalil ʹarḍa kifaataa,

    මහපොළොව රැස් කරන්නක් ලෙස අපි පත් නො කළෙමු ද?

  418. 77:26

    أَحْيَآءً وَأَمْوَٰتًا

    ʹAḥyaaaʹañw Waʹamwaataa,

    ජීවත් වන්නන් හා මළවුන්.

  419. 77:27

    وَجَعَلْنَا فِيهَا رَوَٰسِىَ شَـٰمِخَـٰتٍ وَأَسْقَيْنَـٰكُم مَّآءً فُرَاتًا

    Wa-jaʻalnaa feehaa rawaasiya shaamikhaatiñw waʹasq̣aynaakum maaaʹañ furaataa?

    තවද එහි අපි උස් කඳු ඇති කළෙමු. තවද නුඹලාට ඉමිහිරි ජලය ද සම්පාදනය කළෙමු

  420. 77:28

    وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

    Wayluñy Yawmaʹiẓil lilmukaẓẓibeen!

    බොරු කළවුනට එදින විනාශයයි.

  421. 77:29

    ٱنطَلِقُوٓا۟ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ

    ʹIñṭaliq̣ooo ʹilaa maa- kuñtum̃ bihee tukaẓẓiboon:

    නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.

  422. 77:30

    ٱنطَلِقُوٓا۟ إِلَىٰ ظِلٍّ ذِى ثَلَـٰثِ شُعَبٍ

    ʹIñṭaliq̣ooo ʹilaa z̤̣illiñ ẓee s̤alaas̤i shuʻab.

    ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.

  423. 77:31

    لَّا ظَلِيلٍ وَلَا يُغْنِى مِنَ ٱللَّهَبِ

    laa-Laa z̤̣aleeliñw wa yug̣nee minal lahab.

    එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන් ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා නො කරයි.

  424. 77:32

    إِنَّهَا تَرْمِى بِشَرَرٍ كَٱلْقَصْرِ

    ʹInnahaa tarmee bisharariñ kalq̣aṣr,

    නියත වශයෙන් ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.

  425. 77:33

    كَأَنَّهُۥ جِمَـٰلَتٌ صُفْرٌ

    Kaʹannahoo jimaalatuñ ṣufr.

    එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.

  426. 77:34

    وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

    Wayluñy Yawmaʹiẓil lilmukaẓẓibeen!

    බොරු කළවුනට එදින විනාශයයි.

  427. 77:35

    هَـٰذَا يَوْمُ لَا يَنطِقُونَ

    Haaẓaa Yawmu laa- yañṭiq̣oon,

    එය ඔවුන් කතා නො කරන දිනයකි.

  428. 77:36

    وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ

    Wa-laa yuʹẓanu lahum fayaʻtaẓiroon.

    තවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නො ලැබේ.

  429. 77:37

    وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

    Wayluñy Yawmaʹiẓil lilmukaẓẓibeen!

    බොරු කළවුනට එදින විනාශයයි.

  430. 77:38

    هَـٰذَا يَوْمُ ٱلْفَصْلِ ۖ جَمَعْنَـٰكُمْ وَٱلْأَوَّلِينَ

    Haaẓaa Yawmul Faṣl! Jamaʻnaakum wal-ʹawwaleen!

    මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.

  431. 77:39

    فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ

    Faʹiñ kaana lakum kayduñ fakeedoon!

    එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.

  432. 77:40

    وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

    Wayluñy Yawmaʹiẓil lilmukaẓẓibeen!

    බොරු කළවුනට එදින විනාශයයි.

  433. 77:41

    إِنَّ ٱلْمُتَّقِينَ فِى ظِلَـٰلٍ وَعُيُونٍ

    ʹInnal Muttaq̣eena fee z̤̣ilaaliñw waʻuyoon,

    නියත වශයෙන් ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.

  434. 77:42

    وَفَوَٰكِهَ مِمَّا يَشْتَهُونَ

    Wa-fawaakiha mimmaa yashtahoon.

    තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති).

  435. 77:43

    كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ

    Kuloo washraboo haneeeʹam bimaa kuñtum taʻmaloon.

    නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)

  436. 77:44

    إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

    ʹInnaa kaẓaalika najzil Muḥsineen.

    නියත වශයෙන් ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

  437. 77:45

    وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

    Wayluñy Yawmaʹiẓil lil-Mukaẓẓibeen!

    බොරු කළවුනට එදින විනාශයයි.

  438. 77:46

    كُلُوا۟ وَتَمَتَّعُوا۟ قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ

    Kuloo wa-tamattaʻoo q̣aleelan ʹinnakum mujrimoon.

    නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන් ම නුඹලා අපරාධකරුවන් ය.

  439. 77:47

    وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

    Wayluñy Yawmaʹiẓil lil-Mukaẓẓibeen!

    බොරු කළවුනට එදින විනාශයයි.

  440. 77:48

    وَإِذَا قِيلَ لَهُمُ ٱرْكَعُوا۟ لَا يَرْكَعُونَ

    Wa-ʹiẓaa q̣eela lahumur kaʻoo laa- yarkaʻoon.

    (මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නො කරති.

  441. 77:49

    وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

    Wayluñy Yawmaʹiẓil lil-Mukaẓẓibeen!

    බොරු කළවුනට එදින විනාශයයි.

  442. 77:50

    فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ

    Fabiʹayyi Ḥadees̤im baʻdahoo yuʹminoon?

    එහෙයින් මින් පසුව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?