Surah HudBegins here at 11:6
-
11:6
۞ وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِى كِتَـٰبٍ مُّبِينٍ
Wa-maa miñ daaabbatiñ fil ʹarḍi ʹillaa ʻalal laahi rizq̣uhaa wa-yaʻlamu mustaq̣arrahaa wa-mustawdaʻahaa: Kulluñ fee Kitaabim Mubeen.
මහපොළොවේ වෙසෙන කිසිදු ජීවියෙකු හෝ වේවා එහි පෝෂණය අල්ලාහ් මත මිස වෙනත් අයකු මත නැත. තවද එය වෙසෙන තැන ද එය සමුගෙන යන තැන ද ඔහු දනී. සියල්ල පැහැදිලි ලේඛනයෙහි ඇත.
-
11:7
وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُۥ عَلَى ٱلْمَآءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِنۢ بَعْدِ ٱلْمَوْتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ
Wa-Huwal laẓee khalaq̣as samaawaati wal-ʹarḍa fee Sittati ʹayyaamiñw Wakaana ʻArshuhoo ʻalal Maaaʹi liyabluwakum ʹayyukum ʹaḥsanu ʻamalaa. Wa-laʹiñ q̣ulta ʹinnakum mabʻoos̤oona mim baʻdil mawti layaq̣oolannal laẓeena kafarooo ʹin haaẓaaa ʹillaa siḥrum mubeen!
තවද අහස් හා මහපොළොව දින හයකින් මැව්වේ ඔහු ය. තවද ඔහුගේ රාජධානිය ජලය මත විය. නුඹලාගෙන් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් අලංකාර දැ? යි ඔහු නුඹලාව පරීක්ෂා කරනු පිණිස ය. ‘සැබැවින් ම නුඹලා මරණයෙන් පසුව නැවත නැගිටුවනු ලබන්නන්’ බව නුඹ පැවසුවේ නම් ‘මෙය පැහැදිලි ඉන්ද්‍රජාලයක් මිස නැතැ’යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත.
-
11:8
وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِلَىٰٓ أُمَّةٍ مَّعْدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُۥٓ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
Wa-laʹin ʹakhkharnaa ʻanhumul ʻaẓaaba ʹilaaa ʹummatim maʻdoodatil layaq̣oolunna maa- yaḥbisuh? ʹAlaa yawma yaʹteehim laysa maṣroofan ʻanhum waḥaaq̣a bihim maa kaanoo bihee yastahziʹoon!
තවද නියමිත කාල පරිච්ඡේදයක් දක්වා එම දඬුවම ඔවුන්ගෙන් අපි ප්‍රමාද කළේ නම් ‘එය වැළැක්වූයේ කුමක් දැ?’ යි ඔවුහු පවසනු ඇත. දැන ගනු! ඔවුන් වෙත එය පැමිණෙන දින ඔවුන්ගෙන් එය වෙනතකට හරවා යවනු ලබන්නක් නො වේ. ඔවුන් කවර දෙයක් පිළිබඳව සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන්ව වට කර ගනී.
-
11:9
وَلَئِنْ أَذَقْنَا ٱلْإِنسَـٰنَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَـٰهَا مِنْهُ إِنَّهُۥ لَيَـُٔوسٌ كَفُورٌ
Wa-laʹin ʹaẓaq̣nal ʹiñsaana minnaa Raḥmatañ s̤umma nazaʻnaahaa minhu, ʹinnahoo layaʹoosuñ kafoor.
තවද මිනිසාට අපි අපගෙන් වූ දයාවක් භුක්ති විඳින්නට සලස්වා පසුව අපි එය ඔහුගෙන් ඉවත් කළේ නම් නියත වශයෙන් ම ඔහු බලාපොරොත්තු සුන් වූ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නෙකු වේ.
-
11:10
وَلَئِنْ أَذَقْنَـٰهُ نَعْمَآءَ بَعْدَ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّىٓ ۚ إِنَّهُۥ لَفَرِحٌ فَخُورٌ
Wa-laʹin ʹaẓaq̣naahu naʻmaaaʹa baʻda ḍarraaaʹa massathu layaq̣oolanna ẓahabas sayyiʹaatu ʻannee: ʹinnahoo lafariḥuñ fakhoor.
තවද අපි ඔහුට අත්වූ පීඩාවන්ගෙන් පසුව දායාද භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ‘සැබැවින් ම නපුරු දෑ මගෙන් පහව ගොස් ඇතැයි පවසනු ඇත. නියත වශයෙන් ම ඔහු ප්‍රමෝදයට පත්වන උඬඟු වූවෙකි.
-
11:11
إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ أُو۟لَـٰٓئِكَ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ
Illal laẓeena ṣabaroo wa-ʻamiluṣ ṣaaliḥaat: ʹulaaaʹika lahum mag̣firatuñw waʹajruñ Kabeer.
එහෙත් ඉවසා දරා යහකම් කළවුන් හැර. ඔවුනට සමාව ද මහත් ප්‍රතිඵල ද ඇත.
-
11:12
فَلَعَلَّكَ تَارِكٌۢ بَعْضَ مَا يُوحَىٰٓ إِلَيْكَ وَضَآئِقٌۢ بِهِۦ صَدْرُكَ أَن يَقُولُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَآءَ مَعَهُۥ مَلَكٌ ۚ إِنَّمَآ أَنتَ نَذِيرٌ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ وَكِيلٌ
Falaʻallaka taarikum baʻḍa maa- yooḥaaa ʹilayka wa-ḍaaaʹiq̣um bihee ṣadruka ʹañy yaq̣ooloo laaa-law ʹuñzila ʻalayhi kañzun ʹaw jaaaʹa maʻahoo malak? ʹInnamaaa ʹañta naẓeer! Wallaahu ʻalaa kulli shayʹiñw Wakeel!
‘ඔහු කෙරෙහි නිධානයක් පහළ විය යුතු නො වේ ද, එසේ නැතහොත් ඔහු සමඟ දේව දූතයකු පැමිණිය යුතු නො වේ දැ? යි ඔවුන් පවසා සිටීම හේතුවෙන් නුඹගේ හදවත එමඟින් පීඩනයට පත්ව තිබිය දී නුඹ වෙත දන්වනු ලබන දැයින් සමහර ඒවා (නුඹ නිවේදනය නො කොට) අත හැර දමන්නට පුළුවන. නියත වශයෙන් ම නුඹ අවවාද කරන්නෙකු පමණි. තවද අල්ලාහ් සියලු දෑ මත භාරකරු ය.
-
11:13
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِعَشْرِ سُوَرٍ مِّثْلِهِۦ مُفْتَرَيَـٰتٍ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَـٰدِقِينَ
ʹAm yaq̣ooloonaf taraah. Q̣ul faʹtoo biʻashri Suwarim mis̤lihee muftarayaatiñw wadʻoo manis taṭaʻtum miñ doonil laahi ʹiñ kuñtum ṣaadiq̣een.
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය!) නුඹ පවසනු. එසේ නම්, ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් නුඹලා ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම්, අල්ලාහ් හැර දමා (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු.
-
11:14
فَإِلَّمْ يَسْتَجِيبُوا۟ لَكُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَآ أُنزِلَ بِعِلْمِ ٱللَّهِ وَأَن لَّآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ
Faʹillam yastajeeboo lakum faʻlamooo annamaaa ʹuñzila biʻilmil laahi wa-ʹal laaa ʹilaaha ʹillaa Hoo! Fahal ʹañtum Muslimoon?
එසේ ඔවුහු නුඹලාට පිළිතුරු නො දෙන්නේ නම් එවිට නියත වශයෙන් ම මෙය පහළ කරනු ලැබුවේ අල්ලාහ්ගේ දැනුමෙන් බවත් ඔහු හැර නැමදුමට වෙනත් දෙවිඳෙකු නොමැති බවත් නුඹලා දැන ගනු. නුඹලා (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ද?
-
11:15
مَن كَانَ يُرِيدُ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَـٰلَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ
Mañ kaana yureedul Ḥayaatad Dunyaa wa-zeenatahaa nuwaffi ʹilayhim ʹaʻmaalahum feehaa wa-hum feehaa laa- yubkhasoon.
කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔවුන්ගේ ක්‍රියාවන්(හි ප්‍රතිඵල) ඔවුනට එහි පූර්ණව පිරිනමමු. එහි ඔවුන්ට කප්පාදු කරනු නො ලබනු ඇත.
-
11:16
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَيْسَ لَهُمْ فِى ٱلْـَٔاخِرَةِ إِلَّا ٱلنَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا۟ فِيهَا وَبَـٰطِلٌ مَّا كَانُوا۟ يَعْمَلُونَ
ʹUlaaaʹikal laẓeena laysa lahum fil ʹAakhirati ʹillan Naar: Waḥabiṭa maa- ṣanaʻoo feehaa wa-baaṭilum maa kaanoo yaʻmaloon!
මතු ලොවෙහි (නිරා) ගින්න හැර තමන්ට වෙනත් කිසිවක් නොමැති උදවිය ඔවුහු ම ය. ඔවුන් එහි සිදු කළ දෑ විනාශ වී විය. තවද ඔවුන් කරමින් සිටි දෑ නිෂ්ඵල ය.
-
11:17
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِۦ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِۦ كِتَـٰبُ مُوسَىٰٓ إِمَامًا وَرَحْمَةً ۚ أُو۟لَـٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ ۚ وَمَن يَكْفُرْ بِهِۦ مِنَ ٱلْأَحْزَابِ فَٱلنَّارُ مَوْعِدُهُۥ ۚ فَلَا تَكُ فِى مِرْيَةٍ مِّنْهُ ۚ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ
ʹAfamañ kaa-na ʻalaa Bayyinatim mir Rabbihee wa-yatloohu Shaahidum minhu wa-miñ q̣ablihee Kitaabu Moosaaa ʹimaamañw Waraḥmah? ʹUlaaaʹika yuʹminoona bih. Wa-mañy yakfur bihee minal ʹAḥzaabi fan-naaru mawʻiduh. Falaa taku fee miryatim minh: ʹinnahul Ḥaq̣q̣u mir Rabbika wa-laakinna ʹaks̤aran naasi laa- yuʹminoon!
තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහුගෙන් වූ සාක්ෂිකරුවකු පැමිණ සිටිය දී එමෙන් ම ඊට පෙර මග පෙන්වීමක් හා දයාවක් වශයෙන් මූසාගේ පුස්තකය ද තිබිය දී එවන් අය (ප්‍රතික්ෂේප කළවුන් හා) සමාන වන්නේ ද? ඔවුහු එය විශ්වාස කරති. තවද ජන සමූහයන් අතරින් කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඥත ස්ථානය (නිරා) ගින්න ය. එබැවින් නුඹ ඒ ගැන සැකයෙහි පසු නො වනු. නියත වශයෙන් ම එයයි නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍ය ය. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා එය විශ්වාස නො කරති.
-
11:18
وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا ۚ أُو۟لَـٰٓئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ ٱلْأَشْهَـٰدُ هَـٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُوا۟ عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّـٰلِمِينَ
Wa-man ʹaz̤̣lamu mimmanif taraa ʻalal laahi kaẓibaa? ʹUlaaaʹika yuʻraḍoona ʻalaa Rabbihim wa-yaq̣oolul ʹashhaa Duhaaaʹulaaaʹil laẓeena kaẓaboo ʻalaa Rabbihim! ʹAlaa laʻnatul laahi ʻalaz̤̣ z̤̣aalimeen:
අල්ලාහ් මත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුන් තම පරමාධිපති වෙත ඉදිරිපත් කරනු ලබති. තවද ‘මොවුන් තම පරමාධිපති වෙත බොරු පැවසූවන් යැයි සාක්ෂිකරුවෝ පවසති. දැන ගනු! අපරාධකරුවන් වෙත අල්ලාහ්ගේ ශාපය වේවා.
-
11:19
ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ كَـٰفِرُونَ
ʹAllaẓeena yaṣuddoona ʻañ Sabeelil laahi wa-yabg̣oonahaa ʻiwajaa: wa-hum̃ bil ʹAakhiratihum kaafiroon!
ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එහි දෝෂ සොයති. තවද පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහු ම ය.
-
11:20
أُو۟لَـٰٓئِكَ لَمْ يَكُونُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ۘ يُضَـٰعَفُ لَهُمُ ٱلْعَذَابُ ۚ مَا كَانُوا۟ يَسْتَطِيعُونَ ٱلسَّمْعَ وَمَا كَانُوا۟ يُبْصِرُونَ
ʹUlaaaʹika lam yakoonoo muʻjizeena fil ʹarḍi wa-maa kaana lahum miñ doonil laahi min ʹawliyaaaʹ! Yuḍaaʻafu lahumul ʻaẓaab! Maa- kaanoo yastaṭeeʻoonas samʻa wa-maa kaanoo yubṣiroon.
ඔවුහු මහපොළොවේ (අල්ලාහ් ව) නොහැකියාවට පත් කරන්නන් නො වූහ. තවද අල්ලාහ්ගෙන් තොරව වෙනත් භාරකරුවන් ඔවුනට නො වීය. ඔවුනට එම දඬුවම දෙගුණ කර දෙනු ලැබේ. ඔවුහු සවන් දෙන්නට ශක්තිය දරන්නන් නො වූහ. එමෙන් ම බලන්නන් ද නො වූහ.
-
11:21
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ
ʹUlaaaʹikal laẓeena khasirooo ʹañfusahum wa-ḍalla ʻanhum maa kaanoo yaftaroon!
තමන්ට ම අලාභහානි කර ගත්තවුන් ඔවුන් ම ය. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී ගොස් ඇත.
-
11:22
لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْـَٔاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ
Laa- jarama ʹannahum fil ʹAakhirati humul ʹakhsaroon!
නියත වශයෙන් ම ඔවුහු මතු ලොවෙහි මහත් අලාභවන්තයින් බවට කිසිදු සැකයක් නැත.
-
11:23
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَأَخْبَتُوٓا۟ إِلَىٰ رَبِّهِمْ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ
ʹInnal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati wa-ʹakhbatooo ʹilaa Rabbihim ʹulaaaʹika ʹAṣḥaabul Jannah, hum feehaa khaalidoon!
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කර, යහකම් කොට තවද තම පරමාධිපති වෙත යටහත් වූවන් වනාහි ඔවුහු මය ස්වර්ගවාසීහු. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
-
11:24
۞ مَثَلُ ٱلْفَرِيقَيْنِ كَٱلْأَعْمَىٰ وَٱلْأَصَمِّ وَٱلْبَصِيرِ وَٱلسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ
Mas̤alul fareeq̣ayni kal-ʹaʻmaa wal-ʹaṣammi walbaṣeeri wassameeʻ. Hal yastawiyaani mas̤alaa? ʹAfalaa taẓakkaroon?
මෙම කණ්ඩායම් දෙකෙහි උපමාව අන්ධයා හා බිහිරා, එමෙන් ම දෘෂ්ටිය ඇත්තා හා සවන් දෙන්නා මෙන් වෙයි. මොවුන් දෙදෙනා උපමාවෙන් සමාන වෙයි ද? එබැවින් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?
-
11:25
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ إِنِّى لَكُمْ نَذِيرٌ مُّبِينٌ
Wa-laq̣ad ʹarsalnaa Nooḥan ʹilaa Q̣awmih: ʹinnee lakum naẓeerum mubeen:
තවද සැබැවින් ම අපි නූහ්ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. නියත වශයෙන් ම මම නුඹලාට අවවාද කරන්නෙකු වෙමි.
-
11:26
أَن لَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۖ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍ
ʹAl laa taʻbudooo ʹillal laah: ʹinneee ʹakhaafu ʻalaykum ʻAẓaaba Yawmin ʹAleem.
නුඹලා අල්ලාහ් හැර (වෙනත් කිසිවෙකුට) නැමදුම් නො කළ යුතු ය. නියත වශයෙන් ම මම නුඹලා වෙත වේදනීය දිනයක දඬුවම ගැන බිය වෙමි. (යැයි පැවසුවේ ය.)
-
11:27
فَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرًا مِّثْلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِىَ ٱلرَّأْىِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۭ بَلْ نَظُنُّكُمْ كَـٰذِبِينَ
Faq̣aalal Malaʹul laẓeena kafaroo miñ q̣awmihee maa- naraaka ʹillaa basharam mis̤lanaa wa-maa naraakat tabaʻaka ʹillal laẓeena hum ʹaraaẓilunaa baadiyar raʹy: wa-maa naraa lakum ʻalaynaa miñ faḍlim bal naz̤̣unnukum kaaẓibeen!
එවිට ‘නුඹ අප මෙන් මිනිසෙකු ලෙසින් මිස අපි නුඹව නො දකිමු. එමෙන් ම අපට වඩා පහත් ගම්බද අදහස් ඇති අය හැර වෙනත් කිසිවකු නුඹව අනුගමනය කරන බව ද අපි නො දකිමු. තවද අපට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නුඹලාට ඇතැයි ද අපි නො සිතමු. නුඹලා මුසාවාදීන් බව අපි සිතමු’ යැයි ඔහුගේ ජනයා අතරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසූහ.
-
11:28
قَالَ يَـٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّى وَءَاتَىٰنِى رَحْمَةً مِّنْ عِندِهِۦ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَـٰرِهُونَ
Q̣aala yaa-q̣awmi ʹaraʹaytum ʹiñ kuñtu ʻalaa Bayyinatim mir Rabbee wa-ʹaataanee Raḥmatam min ʻIñdihee faʻummiyat ʻalaykum? ʹAnulzimukumoohaa wa-ʹañtum lahaa kaarihoon?
‘මාගේ ජනයිනි! මා මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහු වෙතින් මාහට ආශිර්වාද පිරිනමා එය නුඹලා වෙත නො පෙනෙන්නට සලස්වා තිබිය දී, නුඹලා ඒ ගැන කුමක් සිතන්නෙහු ද? නුඹලා එය පිළිකුල් කරන්නන් ලෙස සිටිය දී අපි නුඹලාට එය බලකරන්නෙමු ද?’ යැයි ඔහු පැවැසුවේ ය.
-
11:29
وَيَـٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۚ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۚ إِنَّهُم مُّلَـٰقُوا۟ رَبِّهِمْ وَلَـٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًا تَجْهَلُونَ
Wa-yaaq̣awmi laaa ʹasʹalukum ʻalayhi maalaa: ʹin ʹajriya ʹillaa ʻalal laahi wa-maaa ʹana biṭaaridil laẓeena ʹaamanoo: ʹinnahum mulaaq̣oo Rabbihim wa-laakinneee ʹaraakum q̣awmañ tajhaloon!
තවද අහෝ මාගේ ජනයිනි! මේ වෙනුවෙන් මම නුඹලාගෙන් මුදලක් නො ඉල්ලමි. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස වෙනත් නැත. තවද මම විශ්වාස කළවුන් පලවා හරින්නෙකු ද නො වෙමි. නියත වශයෙන් ම ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිව හමු වන්නෝ වෙති. එනමුත් මම නුඹලාව දකිනුයේ අඥානව කටයුතු කරන පිරිසක් ලෙසිනි.
-
11:30
وَيَـٰقَوْمِ مَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِن طَرَدتُّهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ
Wa-yaaq̣awmi mañy yañṣurunee minal laahi ʹiñ ṭarattuhum? ʹAfalaa taẓakkaroon!
තවද ‘අහෝ මාගේ ජනයිනි! මම ඔවුන් පලවා හැරියේ නම් අල්ලාහ් වෙතින් මට උදව් කරනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?’
-
11:31
وَلَآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ إِنِّى مَلَكٌ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزْدَرِىٓ أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ ٱللَّهُ خَيْرًا ۖ ٱللَّهُ أَعْلَمُ بِمَا فِىٓ أَنفُسِهِمْ ۖ إِنِّىٓ إِذًا لَّمِنَ ٱلظَّـٰلِمِينَ
Wa-laaa ʹaq̣oolu lakum ʻiñdee khazaaaʹinul laahi wa-laaa ʹaʻlamul g̣ayba wa-laaa ʹaq̣oolu ʹinnee malakuñw walaaa ʹaq̣oolu lillaẓeena tazdareee ʹaʻyunukum lañy yuʹtiyahumul laahu khayraa: ʹAllaahu ʹaʻlamu bimaa feee ʹañfusihim: ʹinneee ʹiẓal laminaz̤̣ z̤̣aalimeen.
මා වෙත අල්ලාහ්ගේ භාණ්ඩාගාරයන් ඇතැයි මම නො කියමි. තවද මම ගුප්ත දැය නො දනිමි. තවද සැබැවින් ම මම මලක්වරයකු යැයි ද නො කියමි. තවද නුඹලාගේ ඇස් අවමානයෙන් දකින උදවියට අල්ලාහ් කිසිදු යහපතක් නො පිරිනමනු ඇතැයි මම නො කියමි. ඔවුන් තුළ ඇති දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නා ය. නියත වශයෙන් ම මම එවිට අපරාධකරුවන් අතරින් වෙමි.
-
11:32
قَالُوا۟ يَـٰنُوحُ قَدْ جَـٰدَلْتَنَا فَأَكْثَرْتَ جِدَٰلَنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
Q̣aaloo yaa-Nooḥu q̣ad jaadaltanaa faʹaks̤arta jidaalanaa faʹtinaa bimaa taʻidunaaa ʹiñ kuñta minaṣ ṣaadiq̣een?
අහෝ නූහ්! සැබැවින් ම නුඹ අප සමඟ තර්ක කළෙහි ය. අප සමඟ වූ තර්කය නුඹ අධික කළෙහි ය. නුඹ සත්‍යවාදීන් අතරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසුවෝ ය.
-
11:33
قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعْجِزِينَ
Q̣aala ʹinnamaa yaʹteekum̃ bihil laahu ʹiñ shaaʹa wa-maaa ʹañtum̃ bimuʻjizeen!
සැබැවින් ම අල්ලාහ් එය නුඹලා වෙත ගෙන එනුයේ ඔහු අභිමත කළේ නම් පමණි. තවද නුඹලා (අල්ලාහ්ව) නොහැකියාට පත් කරන්නන් නො වන්නෙහු ය.
-
11:34
وَلَا يَنفَعُكُمْ نُصْحِىٓ إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ
Wa-laa yañfaʻukum nuṣḥeee ʹin ʹarattu ʹan ʹañṣaḥa lakum ʹiñ kaanal laahu yureedu ʹañy yug̣wiyakum: Huwa Rabbukum! wa-ʹilayhi turjaʻoon!
තවද නුඹලාව නොමගෙහි අතහැර දමන්නට අල්ලාහ් අපේක්ෂා කර සිටියේ නම් මම නුඹලාට උපදෙස් දීමට සිතුව ද නුඹලාට මාගේ උපදෙස ඵලක් නො වන්නේ ය. ඔහුය නුඹලාගේ පරමාධිපති. තවද ඔහු වෙතට මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
-
11:35
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَعَلَىَّ إِجْرَامِى وَأَنَا۠ بَرِىٓءٌ مِّمَّا تُجْرِمُونَ
ʹAm yaq̣ooloonaf taraah? Q̣ul ʹinif taraytuhoo faʻalayya ʹijraamee wa-ʹana bareeeʹum mimmaa tujrimoon!
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය!) නුඹ පවසනු. එය මා ගෙතුවේ නම් (මා කළ) මාගේ වැරුද්ද මට එරෙහිව ය. තවද නුඹලා කරන වැරදි දැයින් මම නිදහස් වෙමි.
-
11:36
وَأُوحِىَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ ءَامَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَفْعَلُونَ
Wa-ʹooḥiya ʹilaa Nooḥin ʹannahu lañy yuʹmina miñ q̣awmika ʹillaa mañ q̣ad ʹaamana falaa tabtaʹis bimaa kaanoo yafʻaloon.
තවද නුඹගේ ජනයා අතරින් (මේ වන විටත්) විශ්වාස කළවුන් හැර වෙනත් කිසිවකු විශ්වාස නො කරන්නේ ම ය. එබැවින් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුක් නො වනු යැයි නූහ්ට පණිවිඩ දෙන ලදි.
-
11:37
وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَـٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۚ إِنَّهُم مُّغْرَقُونَ
Waṣnaʻil Fulka biʹaʻyuninaa wa-Waḥyinaa wa-laa tukhaaṭibnee fil laẓeena z̤̣alamoo: ʹinnahum mug̣raq̣oon.
තවද අපගේ අධීක්ෂණය හා අපගේ අණ පරිදි නුඹ නිර්මාණය කරනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමඟ කතා නො කරනු. නියත වශයෙන් ම ඔවුහු ගිල්වනු ලබන්නෝ ම ය.
-
11:38
وَيَصْنَعُ ٱلْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌ مِّن قَوْمِهِۦ سَخِرُوا۟ مِنْهُ ۚ قَالَ إِن تَسْخَرُوا۟ مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ
Wa-yaṣnaʻul Fulk: wa-kullamaa marra ʻalayhi malaʹum miñ q̣awmihee sakhiroo minh. Q̣aala ʹiñ taskharoo minnaa faʹinnaa naskharu miñkum kamaa taskharoon!
තවද ඔහු නැව නිර්මාණය කරයි. ඔහුගේ ජනයා අතරින් ප්‍රධානීහු ඔහු අසළින් ගමන් කළ සෑම විට ම ඔහුට ඔවුහු සමච්චල් කළෝ ය. එබැවින් නුඹලා සමච්චල් කරන්නාක් මෙන් ම සැබැවින් ම අපි ද නුඹලාට සමච්චල් කරන්නෙමු යැයි ඔහු පැවසී ය.
-
11:39
فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌ
Fasawfa taʻlamoona mañy yaʹteehi ʻAẓaabuñy yukhzeehi wa-yaḥillu ʻalayhi ʻaẓaabum muq̣eem:
එවිට තමන් අවමානයට පත් කරන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැ? යි ද සදාතනික දඬුවම කවුරුන් වෙත ඇති වන්නේ යැයි ද නුඹලා මතු දැන ගනු ඇත.
-
11:40
حَتَّىٰٓ إِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلْنَا ٱحْمِلْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ وَمَنْ ءَامَنَ ۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌ
Ḥattaaa ʹiẓaa jaaaʹa ʹAmrunaa wa-faarat tannooru q̣ulnaḥ mil feehaa miñ kulliñ zawjaynis̤ nayni wa-ʹahlaka ʹillaa mañ sabaq̣a ʻalayhil Q̣awlu wa-man ʹaaman. Wa-maaa ʹaamana maʻahooo ʹillaa q̣aleel.
අවසානයේ අපගේ නියෝගය පැමිණ උදුන උතුරා ගිය විට එහි දෙදෙනෙකුගෙන් යුත් සෑම යුගලයක් බැගින් ද තවද (දඬුවමේ) වදන කවුරුන් වෙත පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ සෙසු උදවිය ද විශ්වාස කළවුන් ද එහි (නැවට) නංවා ගනුයි අපි පැවසුවෙමු. ඔහු සමඟ ස්වල්ප දෙනෙකු මිස විශ්වාස නො කළේ ය.
-
11:41
۞ وَقَالَ ٱرْكَبُوا۟ فِيهَا بِسْمِ ٱللَّهِ مَجْر۪ىٰهَا وَمُرْسَىٰهَآ ۚ إِنَّ رَبِّى لَغَفُورٌ رَّحِيمٌ
Wa-q̣aalar kaboo feeha bismil laahi majraihaa wa-mursaahaa! ʹInna Rabbee la-G̣afoorur Raḥeem!
නුඹලා එහි ගොඩ වනු. එය ගමන් ගන්නේත් එය නතර වන්නේත් අල්ලාහ්ගේ නාමයෙනි. නියත වශයෙන් ම මාගේ පරමාධිපති අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය යැයි ඔහු පැවසුවේ ය.
-
11:42
وَهِىَ تَجْرِى بِهِمْ فِى مَوْجٍ كَٱلْجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبْنَهُۥ وَكَانَ فِى مَعْزِلٍ يَـٰبُنَىَّ ٱرْكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلْكَـٰفِرِينَ
Wa-hiya tajree bihim fee mawjiñ kaljibaal. Wa-naadaa Nooḥunib nahoo wa-kaana fee maʻziliñy yaa-bunay yarkam maʻanaa wa-laa takum maʻal Kaafireen!
තවද ඔවුන් රැගෙන කඳු මෙන් වූ රළ අතර එය ගමන් ගත්තේ ය. නූහ් තම පුතණුවන් ඇමතුවේ ය. ඔහු (නැවෙන්) බැහැරව සිටියේ ය. ‘මාගේ පුතණුවනි, අප සමඟ ඔබත් ගමන් ගනු. තවද ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමඟ නො වනු.
-
11:43
قَالَ سَـَٔاوِىٓ إِلَىٰ جَبَلٍ يَعْصِمُنِى مِنَ ٱلْمَآءِ ۚ قَالَ لَا عَاصِمَ ٱلْيَوْمَ مِنْ أَمْرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا ٱلْمَوْجُ فَكَانَ مِنَ ٱلْمُغْرَقِينَ
Q̣aala saʹaaweee ʹilaa jabaliñy yaʻṣimunee minal maaaʹ. Q̣aala laa- ʻaaṣimal yawma min ʹAmril laahi ʹillaa mar raḥim! Waḥaala baynahumal mawju fakaana minal mug̣raq̣een.
(එවිට ඔහු) ජලයෙන් මා ආරක්ෂා කරන කන්දක් වෙත යමි යැයි පැවසුවේ ය. කවුරුන් වෙත ඔහු කරුණාව පෙන්වූයේ ද ඔවුන් හැර අල්ලාහ්ගේ නියෝගයෙන් අද දින ආරක්ෂා කරන කිසිවෙකු නැත යැයි (නූහ්) පැවැසුවේ ය. ඔවුන් දෙදෙනා අතර රළ වට කර ගත්තේ ය. එවිට ඔහු ගිලීගිය අය අතරට පත් විය.
-
11:44
وَقِيلَ يَـٰٓأَرْضُ ٱبْلَعِى مَآءَكِ وَيَـٰسَمَآءُ أَقْلِعِى وَغِيضَ ٱلْمَآءُ وَقُضِىَ ٱلْأَمْرُ وَٱسْتَوَتْ عَلَى ٱلْجُودِىِّ ۖ وَقِيلَ بُعْدًا لِّلْقَوْمِ ٱلظَّـٰلِمِينَ
Wa-q̣eela yaaaʹarḍub laʻee maaaʹaki wa-yaasamaaaʹu ʹaq̣liʻee wa-g̣eeḍal maaaʹu wa-q̣uḍiyal ʹamru wastawat ʻalal joodiyyi wa-q̣eela buʻdal lilq̣awmiz̤̣ z̤̣aalimeen!
අහෝ මහපොළොව! ඔබේ ජලය ඔබ ගිල ගනු. අහෝ අහස! ඔබ (වැසි) නතර කරනු යැයි කියනු ලැබී ය. ජලය ද අඩු වී ගියේ ය. නියෝගය ද තීන්දු විය. එය (නැව) ජූද් කන්ද මත රැඳිණ. තවද අපරාධකාරී ජනයා දුරස් වේවා! යැයි කියනු ලැබී ය.
-
11:45
وَنَادَىٰ نُوحٌ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبْنِى مِنْ أَهْلِى وَإِنَّ وَعْدَكَ ٱلْحَقُّ وَأَنتَ أَحْكَمُ ٱلْحَـٰكِمِينَ
Wa-naadaa Nooḥur Rabbahoo faq̣aala Rabbi ʹinnab Nee min ʹahlee wa-ʹinna waʻdakal ḥaq̣q̣u wa-ʹAñta ʹaḥkamul Ḥaakimeen!
එවිට නූහ් තම පරමාධිපති අමතා මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මාගේ පුතණුවන් මාගේ ම පවුලේ කෙනෙකි. තවද නියත වශයෙන් ම ඔබගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබ තීරකයින් අතරින් මහා තීරකය යැයි ප්‍රාර්ථනා කළේ ය.
-
11:46
قَالَ يَـٰنُوحُ إِنَّهُۥ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُۥ عَمَلٌ غَيْرُ صَـٰلِحٍ ۖ فَلَا تَسْـَٔلْنِ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۖ إِنِّىٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلْجَـٰهِلِينَ
Q̣aala yaa-Nooḥu ʹinnahoo laysa min ʹahlik: ʹinnahoo ʻamalun g̣ayru ṣaaliḥ. Falaa tasʹalni maa- laysa laka bihee ʻilm! ʹInneee ʹaʻiz̤̣uka ʹañ takoona minal jaahileen!
අහෝ නූහ්! නියත වශයෙන් ම ඔහු නුඹගේ පවුලෙන් කෙනෙකු නො වේ. නියත වශයෙන් ම එය (එසේ පැවසීම) දැහැමි නො වන ක්‍රියාවකි. එබැවින් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුමක් නොමැත්තේ ද එය මගෙන් නුඹ නො ඉල්ලනු. නියත වශයෙන් ම නුඹ අඥානයින් අතරින් වීම ගැන මම නුඹට උපදෙස් දෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.
-
11:47
قَالَ رَبِّ إِنِّىٓ أَعُوذُ بِكَ أَنْ أَسْـَٔلَكَ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌ ۖ وَإِلَّا تَغْفِرْ لِى وَتَرْحَمْنِىٓ أَكُن مِّنَ ٱلْخَـٰسِرِينَ
Q̣aala Rabbi ʹinneee ʹaʻooẓu bika ʹan ʹasʹalaka maa- laysa lee bihee ʻilm. Wa-ʹillaa tag̣fir lee wa-tarḥamnee ʹakum minal khaasireen!
මාගේ පරමාධිපතියාණනි! කවර දෙයක් ගැන මට දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබෙන් ඉල්ලීමෙන් මම ඔබගේ ආරක්ෂාව පතමි. ඔබ මට සමාව දී ඔබ මාහට කරුණා නො කරන්නේ නම් මම අලාභවන්තයින් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේ ය.
-
11:48
قِيلَ يَـٰنُوحُ ٱهْبِطْ بِسَلَـٰمٍ مِّنَّا وَبَرَكَـٰتٍ عَلَيْكَ وَعَلَىٰٓ أُمَمٍ مِّمَّن مَّعَكَ ۚ وَأُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌ
Q̣eela yaa-Nooḥuh biṭ bi-Salaamim minnaa wa-Barakaatin ʻalayka wa-ʻalaaa ʹUmamim mimmam maʻak: wa-ʹumamuñ sanumattiʻuhum s̤umma yamassuhum minnaa ʻaẓaabun ʹaleem.
අහෝ නූහ්! අපගෙන් වූ ආශිර්වාදය සමඟ ද ඔබ වෙත හා ඔබ සමඟ සිටි සමූහයන් වෙත වූ අභිවෘද්ධියන් සමඟ ද ඔබ (නැවේ සිට) ගොඩ බසිනු. තවත් සමූහයන්, අපි ඔවුනට භුක්ති විඳින්නට සලස්වන්නෙමු. පසුව අපගෙන් වූ වේදනීය දඬුවමක් ඔවුන් හසු කර ගනු ඇත.
-
11:49
تِلْكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهَآ إِلَيْكَ ۖ مَا كُنتَ تَعْلَمُهَآ أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَـٰذَا ۖ فَٱصْبِرْ ۖ إِنَّ ٱلْعَـٰقِبَةَ لِلْمُتَّقِينَ
Tilka min ʹambaaaʹil g̣aybi nooḥeehaaa ʹilayk: maa- kuñta taʻlamuhaaa ʹañta wa-laa q̣awmuka miñ q̣abli haaẓaa. Faṣbir ʹinnal ʻAaq̣ibata lil-Muttaq̣een.
එය ඔබ වෙත අප දන්වා සිටින ගුප්ත පුවත් අතරිනි. මීට පෙර නුඹ හා නුඹගේ ජනයා එය දැන සිටියේ නැත. එබැවින් නුඹ ඉවසනු. නියත වශයෙන් ම යහපත් අවසානය දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන්හට ය.
-
11:50
وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا ۚ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥٓ ۖ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ
Wa-ʹilaa ʻAadin ʹakhaahum Hoodaa. Q̣aala yaa-q̣awmiʻ budul laaha maa- lakum min ʹilaahin g̣ayruh. ʹIn ʹañtum ʹillaa muftaroon!
තවද ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද්ව ද (අපි එව්වෙමු.) මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවිඳෙකු නොමැත. නුඹලා බොරු ගොතන්නන් මිස වෙනත් අය නොවතැයි ඔහු පැවසුවේ ය.
-
11:51
يَـٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱلَّذِى فَطَرَنِىٓ ۚ أَفَلَا تَعْقِلُونَ
Yaa-q̣awmi laaa ʹasʹalukum ʻalayhi ʹajraa. ʹIn ʹajriya ʹillaa ʻalal laẓee faṭaranee: ʹafalaa taʻq̣iloon?
මාගේ ජනයිනි! ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කුලියක් නො ඉල්ලමි. මාගේ කුලිය මා මැවූ අය වෙත මිස වෙනත් අයෙකු වෙත නැත. එබැවින් නුඹලා වටහා ගත යුතු නො වේ ද?
-
11:52
وَيَـٰقَوْمِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا۟ مُجْرِمِينَ
Wa-yaaq̣awmis tag̣firoo Rabbakum s̤umma toobooo ʹilayhi yursilis samaaaʹa ʻalaykum midraarañw wayazidkum q̣uwwatan ʹilaa q̣uwwatikum wa-laa tatawallaw mujrimeen!
තවද මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. පසුව පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. ඔහු නුඹලා වෙත අහස් ජලය අඛණ්ඩව එවනු ඇත. තවද නුඹලාගේ බලයට බලය වර්ධනය කර දෙනු ඇත. තවද නුඹලා වැරදිකරුවන් ලෙසින් පිටු නො පානු.
-
11:53
قَالُوا۟ يَـٰهُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍ وَمَا نَحْنُ بِتَارِكِىٓ ءَالِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ
Q̣aaloo yaa-Hoodu maa- jiʹtanaa bi-Bayyinatiñw wamaa naḥnu bitaarikeee ʹaalihatinaa ʻañ q̣awlika wa-maa naḥnu laka bi-Muʹmineen!
අහෝ හූද්! නුඹ අප වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවේ නැත. තවද නුඹේ කියමන අනුව අපගේ දෙවිවරුන් අපි අතහරින්නන් නො වෙමු. තවද අපි නුඹව විශ්වාස කරන්නන් නො වෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
-
11:54
إِن نَّقُولُ إِلَّا ٱعْتَرَىٰكَ بَعْضُ ءَالِهَتِنَا بِسُوٓءٍ ۗ قَالَ إِنِّىٓ أُشْهِدُ ٱللَّهَ وَٱشْهَدُوٓا۟ أَنِّى بَرِىٓءٌ مِّمَّا تُشْرِكُونَ
ʹIn naq̣oolu ʹillaʻ taraaka baʻḍu ʹaalihatinaa bisoooʹ. Q̣aala ʹinneee ʹushhidul laaha washhadooo ʹannee bareeeʹum mimmaa tushrikoon.
අපගේ ඇතැම් දෙවිවරුන් නුඹට නපුරක් සිදු කරනු ඇතැයි මිස වෙනකක් අපි නො පවසමු. (එවිට ඔහු) "නියත වශයෙන් ම මම අල්ලාහ්ව සාක්ෂියක් ලෙස ගනිමි. (අල්ලාහ් හැර) නුඹලා ආදේශ තබන දැයින් මම ඉවත්වූ කෙනෙකු බවට නුඹලා ද සාක්ෂි දරනු" යැයි (හූද්) පැවැසුවේ ය.
-
11:55
مِن دُونِهِۦ ۖ فَكِيدُونِى جَمِيعًا ثُمَّ لَا تُنظِرُونِ
Miñ doonihee fakeedoonee jameeʻañ s̤umma laa- tuñz̤̣iroon.
ඔහු හැර (නුඹලා ආදේශ තබන දැයින් මම ඉවත්වූ කෙනෙකි). එමෙන් ම නුඹලා සියල්ල එක්ව මට කුමන්ත්‍රණ කරනු. පසුව නුඹලා මට අවකාශ නො දෙනු.’ යැයි ඔහු (හූද්) පැවසුවේ ය.
-
11:56
إِنِّى تَوَكَّلْتُ عَلَى ٱللَّهِ رَبِّى وَرَبِّكُم ۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذٌۢ بِنَاصِيَتِهَآ ۚ إِنَّ رَبِّى عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
ʹInnee tawakkaltu ʻalal laahi Rabbee Wa-Rabbikum! Maa- miñ daaabbatin ʹillaa Huwa ʹaakhiẓum binaasiyatihaa. ʹInna Rabbee ʻalaa Ṣiraaṭim Mustaq̣eem.
නියත වශයෙන් ම මම මාගේ පරාධිපති වූ ද නුඹලාගේ පරමාධිපති වූ ද අල්ලාහ් වෙත (සියල්ල) භාර කළෙමි. කිසිදු ජීවියෙකු එහි නළල් කෙස් රොදින් ඔහු හසු කර ගන්නෙකු මිස නැත. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඍජු මාර්ගය මත සිටින්නේ ය.
-
11:57
فَإِن تَوَلَّوْا۟ فَقَدْ أَبْلَغْتُكُم مَّآ أُرْسِلْتُ بِهِۦٓ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّى قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُۥ شَيْـًٔا ۚ إِنَّ رَبِّى عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌ
Faʹiñ tawallaw faq̣ad ʹablag̣tukum maaa ʹursiltu biheee ʹilaykum. Wa-yastakhlifu Rabbee q̣awman g̣ayrakum, wa-laa taḍurroonahoo shayʹaa. ʹInna Rabbee ʻalaa kulli shayʹin Ḥafeez̤̣.
එහෙත් නුඹලා පිටුපෑවෙහු නම් (දැන ගනු) මම නුඹලා වෙත කවර කරුණක් සමඟ එවනු ලැබුවෙමි ද, එය මම නුඹලා වෙත සැබැවින් ම දැන්වූයෙමි. තවද මාගේ පරමාධිපති නුඹලා නො වන පිරිසක් නියෝජිතයින් බවට පත් කරයි. නුඹලා ඔහුට කිසිවකින් හානි සිදු කළ නොහැකි ය. නියත වශයෙන් ම මාගේ පරමාධිපති සියලු දෑ සුරක්ෂා කරන්නා ය.
-
11:58
وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا هُودًا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍ مِّنَّا وَنَجَّيْنَـٰهُم مِّنْ عَذَابٍ غَلِيظٍ
Wa-lammaa jaaaʹa ʹamrunaa naj-jaynaa Hoodañw wallaẓeena ʹaamanoo maʻahoo bi-Raḥmatim minnaa: wa-najjaynaahum min ʻaẓaabin g̣aleez̤̣.
තවද අපගේ නියෝගය පැමිණි කල්හි අපගෙන් වූ ආශිර්වාදය තුළින් අපි හූද් හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන් මුදවා ගතිමු. තවද අපි ඔවුන්ව දැඩි දඬුවමින් මුදවා ගතිමු.
-
11:59
وَتِلْكَ عَادٌ ۖ جَحَدُوا۟ بِـَٔايَـٰتِ رَبِّهِمْ وَعَصَوْا۟ رُسُلَهُۥ وَٱتَّبَعُوٓا۟ أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍ
Wa-tilka ʻAaduñ jaḥadoo biʹAayaati Rabbihim wa-ʻaṣaw Rusulahoo wattabaʻooo ʹamra kulli jabbaarin ʻaneed.
තවද එය ආද්(සමූහයා) ය. ඔවුහු තම පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළෝ ය. තවද ඔවුහු ඔහුගේ ධර්ම දූතවරුන්ට පිටුපෑහ. තවද ඔවුහු සෑම දුෂ්ට පාලකයකුගේම නියෝග පිළිපැද්දෝ ය.
-
11:60
وَأُتْبِعُوا۟ فِى هَـٰذِهِ ٱلدُّنْيَا لَعْنَةً وَيَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ أَلَآ إِنَّ عَادًا كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًا لِّعَادٍ قَوْمِ هُودٍ
Wa-ʹutbiʻoo fee haaẓihid dunyaa laʻnatañw wa-Yawmal Q̣iyaamah. ʹAlaaa ʹinna ʻAadañ kafaroo Rabbahum! ʹAlaa buʻdal liʻAadiñ Q̣awmi Hood!
තවද මෙලොවෙහි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ද ශාපය ඔවුහු ලුහු බඳිනු ලැබුවෝ ය. දැන ගනු! නියත වශයෙන් ම ආද් සමූහයා තම පරමාධිපති ප්‍රතික්ෂේප කළෝ ය. දැන ගනු! හූද්ගේ ජනයා වූ ආද්ට විනාශයක් ම විය.
-
11:61
۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَـٰلِحًا ۚ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥ ۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَٱسْتَعْمَرَكُمْ فِيهَا فَٱسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى قَرِيبٌ مُّجِيبٌ
Wa-ʹilaa S̤amooda ʹakhaahum Ṣaaliḥaa. Q̣aala yaa-q̣awmiʻ budul laaha maa- min lakum ʹilahin g̣ayruh. Huwa ʹañshaʹakum minal ʹarḍi wastaʻmarakum feehaa fastag̣firoohu s̤umma toobooo ʹilayh: ʹinna Rabbee Q̣areebum Mujeeb.
තවද සමූද් (ජනයා) වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ්ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. නුඹලාව මහපොළොවෙන් බිහි කළේ ඔහු ය. තවද එහි පදිංචි වීමට සැලසුවේ ය. එබැවින් නුඹලා ඔහුගෙන් සමාව ඉල්ලා පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඉතා සමීප ය; පිළිතුරු දෙන්නා ය.
-
11:62
قَالُوا۟ يَـٰصَـٰلِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّا قَبْلَ هَـٰذَآ ۖ أَتَنْهَىٰنَآ أَن نَّعْبُدَ مَا يَعْبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِى شَكٍّ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ مُرِيبٍ
Q̣aaloo yaa-Ṣaaliḥu q̣ad kuñta feenaa marjuwwañ q̣abla haaẓaaa ʹatanhaanaaa ʹan naʻbuda maa- yaʻbudu ʹaabaaaʹunaa wa-ʹinnanaa lafee shakkim mimmaa tadʻoonaaa ʹilayhi mureeb.
‘අහෝ සාලිහ්! මීට පෙර ඔබ අප අතර බලාපොරොත්තු තැබිය හැක්කෙකු විය. අපගේ මුතුන් මිත්තන් නැමදුම් කරන දෑට අප වන්දනාමාන කිරීමෙන් නුඹ අපව වළක්වන්නෙහි ද? නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ ගැන අවිනිශ්චිත සැකයෙහි නියත වශයෙන් ම අපි පසුවන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
-
11:63
قَالَ يَـٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّى وَءَاتَىٰنِى مِنْهُ رَحْمَةً فَمَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِنْ عَصَيْتُهُۥ ۖ فَمَا تَزِيدُونَنِى غَيْرَ تَخْسِيرٍ
Q̣aala yaa-q̣awmi ʹaraʹaytum ʹiñ kuñtu ʻalaa Bayyinatim mir Rabbee wa-ʹaataanee minhu Raḥmatañ famañy yañṣurunee minal laahi ʹin ʻaṣaytuh? Famaa tazeedunanee g̣ayra takhseeer?
‘මාගේ ජනයිනි! මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මම හිඳිමින් ඔහුගෙන් වූ ආශිර්වාදයක් මට ඔහු පිරිනමා තිබිය දී මම ඔහුට පිටුපෑවේ නම් අල්ලාහ්ගෙන් තොරව මට උපකාර කරනුයේ කවුරුන් දැ? යි යන වග නුඹලා සිතා බැලුවෙහු ද? නුඹලා මට අලාභ හානිය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත’ යැයි ඔහු පැවසුවේ ය.
-
11:64
وَيَـٰقَوْمِ هَـٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةً فَذَرُوهَا تَأْكُلْ فِىٓ أَرْضِ ٱللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ قَرِيبٌ
Wa-yaaq̣awmi haaẓihee naaq̣atul laahi lakum ʹaayatañ faẓaroohaa taʹkul feee ʹarḍil laahi wa-laa tamassoohaa bisoooʹiñ fayaʹkhuẓakum ʻAẓaabuñ q̣areeb!
එමෙන් ම අහෝ මාගේ ජනයිනි! මෙය නුඹලාට සංඥාවක් වශයෙන් (දෙන ලද්දා) වූ අල්ලාහ්ගේ ඔටු දෙන ය. එබැවින් මහපොළොවේ උළා කන්නට නුඹලා ඌ අත හැර දමනු. යම් නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නො කරනු. එවිට සමීපයෙන් වූ දඬුවමක් නුඹලාව හසු කර ගනු ඇත.
-
11:65
فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا۟ فِى دَارِكُمْ ثَلَـٰثَةَ أَيَّامٍ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍ
Faʻaq̣aroohaa faq̣aala tamattaʻoo fee daarikum s̤alaas̤ata ʹay-yaam: ẓaalika waʻdun g̣ayru makẓoob!
එනමුත් ඔවුහු උගේ ගෙල නහර කපා දැමුවෝ ය. එවිට නුඹලා නුඹලාගේ නිවෙස් තුළ දින තුනක් භුක්ති විඳිනු. එය බොරු කළ නොහැකි ප්‍රතිඥාවක් යැයි ඔහු පැවසී ය.
-
11:66
فَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا صَـٰلِحًا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍ مِّنَّا وَمِنْ خِزْىِ يَوْمِئِذٍ ۗ إِنَّ رَبَّكَ هُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ
Falammaa jaaaʹa ʹAmrunaa najjaynaa Ṣaaliḥañw wal-laẓeena ʹaamanoo maʻahoo bi-Raḥmatim minnaa wa-min khizyi Yawmiʹiẓ. ʹInna Rabbaka Huwal Q̣awiyyul ʻAzeez.
අපගේ (දඬුවමේ) නියෝගය පැමිණි කල්හි අපගේ ආශිර්වාදය තුළින් හා එදින අවමානයෙන් අපි සාලිහ් හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන්ව මුදවා ගතිමු. නියත වශයෙන් ම ඔබේ පරමාධිපති වන ඔහුය අතිබල සම්පන්න; සර්ව බලධාරී වන්නේ.
-
11:67
وَأَخَذَ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَـٰرِهِمْ جَـٰثِمِينَ
Wa-ʹakhaẓal laẓeena z̤̣alamuṣ Ṣayḥatu faʹaṣbaḥoo fee diyaarihim jaas̤imeen.
තවද මහා ගිඟුරුම් හඬ අපරාධ කළවුන් හසු කළේ ය. එවිට ඔවුහු උදෑසන තම නිවෙස් තුළ මළ කඳන් බවට පත්ව සිටියහ.
-
11:68
كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَآ إِنَّ ثَمُودَا۟ كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًا لِّثَمُودَ
Kaʹal lam yag̣naw feehaa. ʹAlaaa ʹinna S̤amooda kafaroo Rabbahum! ʹAlaa buʻdal li-S̤amood.
ඔවුහු එහි කිසිවිටෙක පදිංචි නො වූවක් මෙනි. දැන ගනු. නියත වශයෙන් ම සමූද් (ජනයා) ඔවුන්ගේ පරමාධිපතිව ප්‍රතික්ෂේප කළෝ ය. දැන ගනු! සමූද් (ජනයාට) විනාශයක් ම විය.
-
11:69
وَلَقَدْ جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوا۟ سَلَـٰمًا ۖ قَالَ سَلَـٰمٌ ۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجْلٍ حَنِيذٍ
Wa-laq̣ad jaaaʹat Rusulunaaa ʹIbraaheema bilbushraa q̣aaloo Salaamaa! Q̣aala Salaamuñ famaa labis̤a ʹañ jaaaʻa ḥaneeẓ. biʻijlin
අපගේ දූතයින් ශුභාරංචි සමඟ ඉබ්‍රාහීම් වෙත පැමිණ ‘ශාන්තිය අත් වේවා!’ යැයි පැවසූහ. ඔහු ද ‘ශාන්තිය අත් වේවා!’ යැයි පැවසුවේ ය. එවිට (ආගන්තුකයින් සඳහා) බැඳපු වසු පැටවෙකු ගෙන ඒමට (ඔහුට) වැඩි වේලාවක් ගත නො වීය.
-
11:70
فَلَمَّا رَءَآ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۚ قَالُوا۟ لَا تَخَفْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمِ لُوطٍ
Falammaa raʹaaa ʹaydiyahum laa- taṣilu ʹilayhi nakirahum wa-ʹawjasa minhum kheefah. Q̣aaloo laa- takhaf ʹinnaaa ʹursilnaaa ʹilaa Q̣awmi Looṭ.
ඔවුන්ගේ අත් ඒ(ආහාරය) වෙත ළඟා නො වූ බව ඔහු දුටු විට ඔවුන් නාඳුනන අය බව ඔහුට වැටහිණි. ඔවුන් ගැන බියක් දැනුණි. ‘නුඹ බිය නො වනු. නියත වශයෙන් ම අපි ලූත්ගේ ජනයා වෙත එවනු ලැබූවන් වෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය.
-
11:71
وَٱمْرَأَتُهُۥ قَآئِمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنَـٰهَا بِإِسْحَـٰقَ وَمِن وَرَآءِ إِسْحَـٰقَ يَعْقُوبَ
Wamraʹatuhoo q̣aaaʹimatuñ faḍaḥikat fabashsharnaahaa biʹIsḥaaq̣a wa-miñw waraaaʹi ʹIs-ḥaaq̣a Yaʻq̣oob.
තවද ඔහුගේ බිරිය ද සිට ගෙන සිටියා ය. (මෙය ඇසූ) ඇය සිනහසුණා ය. එවිට අපි ඇයට ඉස්හාක් පිළිබඳ හා ඉස්හාක්ගෙන් පසු යඃකූබ් පිළිබඳ ශුභාරංචි දැන්වූයෙමු.
-
11:72
قَالَتْ يَـٰوَيْلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٌ وَهَـٰذَا بَعْلِى شَيْخًا ۖ إِنَّ هَـٰذَا لَشَىْءٌ عَجِيبٌ
Q̣aalat yaa-waylataaa ʹaʹalidu wa-ʹana ʻajoozuñw Wahaaẓaa baʻlee shaykhaa? ʹInna haaẓaa lashayʹun ʻajeeb!
‘අහෝ මාගේ ඛේදය! මම මැහැල්ලියක්ව සිටිය දී සහ මේ මාගේ සැමියා වයෝවෘද්ධයෙකුව සිටිය දී මම දරුවකු ප්‍රසූත කරන්නෙමි ද? නියත වශයෙන් ම එය පුදුම සහගත කරුණකි’ යැයි ඇය කීවා ය.
-
11:73
قَالُوٓا۟ أَتَعْجَبِينَ مِنْ أَمْرِ ٱللَّهِ ۖ رَحْمَتُ ٱللَّهِ وَبَرَكَـٰتُهُۥ عَلَيْكُمْ أَهْلَ ٱلْبَيْتِ ۚ إِنَّهُۥ حَمِيدٌ مَّجِيدٌ
Q̣aalooo ʹataʻjabeena min ʹAmril laahi Raḥmatul laahi wa-Barakaatuhoo ʻalaykum ʹAhlal Bayt! ʹInnahoo Ḥameedum Majeed!
අල්ලාහ්ගේ නියෝගය සම්බන්ධයෙන් නුඹ පුදුම වන්නෙහි ද? අල්ලාහ්ගේ ආශිර්වාදය හා භාග්‍යය නිවැසියන් වන නුඹලා සතු වේවා! නියත වශයෙන් ම ඔහු ප්‍රශංසා ලාභී ය; අතිකීර්තිමත් ය යැයි ඔවුහු පැවසුවෝ ය.
-
11:74
فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَٰهِيمَ ٱلرَّوْعُ وَجَآءَتْهُ ٱلْبُشْرَىٰ يُجَـٰدِلُنَا فِى قَوْمِ لُوطٍ
Falammaa ẓahaba ʻan ʹIbraaheemar rawʻu wa-jaaaʹat hul-bushraa yujaadilunaa fee Q̣awmi Looṭ.
ඉබ්‍රාහීම්ගෙන් බිය පහව ගොස් ශුභාරංචිය ද ඔහු වෙත පැමිණි කල්හි, ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් ඔහු අප සමඟ වාද කරන්නට විය.
-
11:75
إِنَّ إِبْرَٰهِيمَ لَحَلِيمٌ أَوَّٰهٌ مُّنِيبٌ
ʹInna ʹIbraaheema laḥaleemun ʹawwaahum muneeb.
නියත වශයෙන් ම ඉබ්‍රාහීම් ඉතා ඉවසන සුළු කරුණාවන්ත (අල්ලාහ් වෙත) නැඹුරුවන්නෙකි.
-
11:76
يَـٰٓإِبْرَٰهِيمُ أَعْرِضْ عَنْ هَـٰذَآ ۖ إِنَّهُۥ قَدْ جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ ءَاتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍ
YaaaʹIbraaheemu ʹaʻriḍ ʻan haaẓaa. ʹInnahoo q̣ad jaaaʹa ʹamru Rabbik: wa-ʹinnahum ʹaateehim ʻaẓaabun g̣ayru mardood!
අහෝ ඉබ්‍රාහීම්! ඔබ මෙයින් වැළකෙනු. සැබැවින් ම ඔබගේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. තවද නියත වශයෙන් ම ඔවුන් වනාහි ඔවුන් වෙත ප්‍රතික්ෂේප කළ නොහැකි දඬුවමක් පැමිණෙන්නට ඇත.
-
11:77
وَلَمَّا جَآءَتْ رُسُلُنَا لُوطًا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالَ هَـٰذَا يَوْمٌ عَصِيبٌ
Wa-lammaa jaaaʹat Rusulunaa Looṭañ seeeʹa bihim wa-ḍaaq̣a bihim ẓarʻañw waq̣aala haaẓaa yawmun ʻaṣeeb.
තවද අපගේ සුර දූතවරුන් ලූත් වෙත පැමිණි කල්හි ඔහු ඔවුන් පිළිබඳ කනස්සල්ලට පත් විය. තවද ඔවුන් පිළිබඳව බලවත් ලෙස පීඩනයට පත් විය. තවද මෙය දරුණු දිනයකි යැයි ඔහු පැවසුවේ ය.
-
11:78
وَجَآءَهُۥ قَوْمُهُۥ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا۟ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ ۚ قَالَ يَـٰقَوْمِ هَـٰٓؤُلَآءِ بَنَاتِى هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ فِى ضَيْفِىٓ ۖ أَلَيْسَ مِنكُمْ رَجُلٌ رَّشِيدٌ
Wa-jaaaʹahoo q̣awmuhoo yuhraʻoona ʹilayh. Wa-miñ q̣ablu kaanoo yaʻmaloonas sayyiʹaat. Q̣aala yaa-q̣awmi haaaʹulaaaʹi banaatee hunna ʹaṭharu lakum fattaq̣ul laaha wa-laa tukhzooni fee ḍayfee! ʹAlaysa miñkum rajulur rasheed?
තවද ඔහුගේ ජනයා ඔහු වෙත (ඔවුන් සමඟ වැරදි ලෙස හැසිරීමට) වේගයෙන් පැමිණියහ. තවද මීට පෙර ද ඔවුන් නපුරුකම් සිදු කරමින් පසු වූහ. මාගේ ජනයිනි! මේ මාගේ දූවරුන් ය. මොවුන් නුඹලාට අතිපිවිතුරු ය. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. මාගේ ආගන්තුකයින් අතර මා අවමානයට පත් නො කරනු. යහ මග ලැබූ කිසිදු (බුද්ධිමත්) මිනිසෙකු නුඹලා අතරින් නො වේ දැ? යි ඔහු විමසුවේ ය.
-
11:79
قَالُوا۟ لَقَدْ عَلِمْتَ مَا لَنَا فِى بَنَاتِكَ مِنْ حَقٍّ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ
Q̣aaloo laq̣ad ʻalimta maa- lanaa fee banaatika min ḥaq̣q̣: wa-ʹinnaka lataʻlamu maa- nureed!
නුඹගේ දූවරුන් සම්බන්ධයෙන් (කිසිදු අවශ්‍යතාවක්) අපට නොමැති බව සැබෑ ලෙසින් නුඹ දන්නෙහි ය. තවද අප අපේක්ෂා කරනුයේ කුමක් දැ? යි ද නුඹ නියත වශයෙන් ම දන්නෙහිය යැයි ඔවුහු පැවසුවෝ ය.
-
11:80
قَالَ لَوْ أَنَّ لِى بِكُمْ قُوَّةً أَوْ ءَاوِىٓ إِلَىٰ رُكْنٍ شَدِيدٍ
Q̣aala law ʹanna lee bikum q̣uwwatan ʹaw aaweee ʹilaa rukniñ shadeed.
‘නුඹලාට එරෙහිව (ක්‍රියා කිරීමට) නියත වශයෙන් මට බලයක් තිබුණේ නම් නැතහොත් බලවත් ආධාරකයක් වෙත පිහිට පතන්නට මට හැකි වන්නේ නම්!’ යැයි ඔහු පැවසුවේ ය.
-
11:81
قَالُوا۟ يَـٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓا۟ إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ ٱلَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا ٱمْرَأَتَكَ ۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ ٱلصُّبْحُ ۚ أَلَيْسَ ٱلصُّبْحُ بِقَرِيبٍ
Q̣aaloo Yaa-Looṭu ʹinnaa Rusulu Rabbika lañy yaṣilooo ʹilayk: faʹasri biʹahlika biq̣iṭʻim minal layli wa-laa yaltafit miñkum ʹaḥadun ʹillam raʹatak: ʹinnahoo muṣeebuhaa maaa ʹaṣaabahum. ʹInna mawʻidahumuṣ ṣubḥ. ʹAlaysaṣ ṣubḥu biq̣areeb?
“අහෝ ලූත්! සැබැවින් ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතයෝ වෙමු. නුඹ වෙත ඔවුන් කිසිවිටක ළඟා නො වන්නෝ ම ය. එබැවින් රාත්‍රියේ කොටසක නුඹගේ පවුල රැගෙන රහසිගතව පිටත්ව යනු. නුඹලා අතරින් කිසිවකු හැරී නො බැලිය යුතු ය. නුඹගේ බිරිය හැර. ඔවුනට අත්වන දෑ නියත වශයෙන් ම ඇයට ද අත්වනු ඇත. නියත වශයෙන් ම ඔවුන්ගේ ප්‍රතිඥත කාලය අලුයම් කාලයයි. අලුයම් කාලය සමීපව නො වේ ද?” යැයි ඔවුහු පැවසූහ.
-
11:82
فَلَمَّا جَآءَ أَمْرُنَا جَعَلْنَا عَـٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةً مِّن سِجِّيلٍ مَّنضُودٍ
Falammaa jaaaʹa ʹamrunaa jaʻalnaa ʻaaliyahaa saafilahaa wa-ʹamṭarnaa ʻalayhaa ḥijaaratam miñ sijjeelim mañḍood,―
අපගේ නියෝගය පැමිණි කල්හි අපි එය (ගම්මානය) උඩු යටිකුරු කළෙමු. තවද ඒ වෙත පිලිස්සුනු ගල්වරුසාවක් වැස්සවීමු.
-
11:83
مُّسَوَّمَةً عِندَ رَبِّكَ ۖ وَمَا هِىَ مِنَ ٱلظَّـٰلِمِينَ بِبَعِيدٍ
Musawwamatan ʻiñda Rabbik: wa-maa hiya minaz̤̣ z̤̣aalimeena bibaʻeed!
(එය) නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවකි. තවද අපරාධකරුවන්ගෙන් එය දුරස් නො වීය.
-
11:84
۞ وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا ۚ قَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥ ۖ وَلَا تَنقُصُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ ۚ إِنِّىٓ أَرَىٰكُم بِخَيْرٍ وَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ مُّحِيطٍ
Wa-ʹilaa Madyana ʹakhaahum Shuʻaybaa: q̣aala yaa-q̣awmiʻ budul laaha maa- lakum min ʹilaahin g̣ayruh. Wa-laa tañq̣uṣul mikyaala walmeezaana ʹinneee ʹaraakum̃ bikhayriñw waʹinneee ʹakhaafu ʻalaykum ʻaẓaaba Yawmim Muḥeeṭ.
තවද මද්යන් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව ද (එව්වෙමු.) ‘මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. කිරුම් හා මිනුම්වල අඩු නො කරනු. නියතවශයෙන් ම මම නුඹලා යහපත් තත්ත්වයේ දකිමි. තවද නියතවශයෙන් ම මම සියල්ල ග්‍රහණය කරන දිනයක දඬුවම නුඹලා වෙත ඇති වීම ගැන බිය වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
-
11:85
وَيَـٰقَوْمِ أَوْفُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ
Wayaaq̣awmi ʹawful mikyaala walmeezaana bilq̣isṭi wa-laa tabkhasun naasa ʹashyaaaʹahum wa-laa taʻs̤aw fil ʹarḍi mufsideen.
තවද අහෝ මාගේ ජනයිනි! නුඹලා කිරුම් මිනුම් සාධාරණ ලෙසින් පූර්ණවත් කරනු. තවද ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩුපාඩු නො කරනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස ඉක්මවා කටයුතු නො කරනු.
-
11:86
بَقِيَّتُ ٱللَّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍ
Baq̣eeyatul laahi khayrul lakum ʹiñ kuñtum Muʹmineen! Wa-maaa ʹana ʻalaykum̃ bi-Ḥafeez̤̣!
නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් වූයෙහු නම් අල්ලාහ්ගෙන් වූ ශේෂය නුඹලාට උතුම් ය. තවද මම නුඹලා වෙත වූ ආරක්ෂකයකු නො වෙමි.
-
11:87
قَالُوا۟ يَـٰشُعَيْبُ أَصَلَوٰتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ ءَابَآؤُنَآ أَوْ أَن نَّفْعَلَ فِىٓ أَمْوَٰلِنَا مَا نَشَـٰٓؤُا۟ ۖ إِنَّكَ لَأَنتَ ٱلْحَلِيمُ ٱلرَّشِيدُ
Q̣aaloo yaa-Shuʻaybu ʹaṣalaatuka taʹmuruka ʹan natruka maa- yaʻbudu ʹaabaaaʹunaaa ʹaw ʹan nafʻala feee ʹamwaalinaa maa- nashaaaʹ? ʹInnaka laʹañtal ḥaleemur Rasheed!
අහෝ ෂුඅයිබ්! අපගේ මුතුන් මිත්තන් නමදින දෑ අප අත හැර දැමීමටත් අපගේ වස්තුවල අප කැමති පරිදි අප කටයුතු නො කිරීමටත් නුඹගේ සලාතය නුඹට අණ කරන්නේ ද? සැබැවින් ම නුඹ ඉවසනු සුළු තැනැත්තා ද, යහ මග ගමන් කරන්නා ද වේ යැයි (විහිඵවට) පැවසූහ.
-
11:88
قَالَ يَـٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّى وَرَزَقَنِى مِنْهُ رِزْقًا حَسَنًا ۚ وَمَآ أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَآ أَنْهَىٰكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا ٱلْإِصْلَـٰحَ مَا ٱسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِىٓ إِلَّا بِٱللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ
Q̣aala yaaq̣awmi ʹaraʹaytum ʹiñ kuñtu ʻalaa Bayyinatim mir Rabbee wa-razaq̣anee minhu rizq̣an ḥasanaa? Wa-maaa ʹureedu ʹan ʹukhaalifakum ʹilaa maaa ʹanhaakum ʻanh. ʹIn ʹureedu ʹillal ʹiṣlaaḥa mas taṭaʻt; wa-maa tawfeeq̣eee ʹillaa billaah. ʻAlayhi tawakkaltu wa-ʹilayhi ʹuneeb.
අහෝ මාගේ ජනයිනි! මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී තවද ඔහු විසින් යහපත් පෝෂණය මා වෙත පිරිනමා තිබීම ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මා නුඹලාට කවර දෙයක් තහනම් කළේ ද එයින් බැහැරව නුඹලාට විරුද්ධව කටයුතු කිරීමට මම අපේක්ෂා නො කරමි. මට හැකි පමණින් (සමාජය) විධිමත් කිරීම මිස වෙනෙකක් මම බලාපොරොත්තු නො වෙමි. මාගේ පිළිගැනීම අල්ලාහ්ගෙන් මිස වෙනෙකෙකුගෙන් නැත. ඔහු වෙත මම (සියල්ල) භාර කළෙමි. තවද ඔහු වෙතට යොමු වෙමි.
-
11:89
وَيَـٰقَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِىٓ أَن يُصِيبَكُم مِّثْلُ مَآ أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَـٰلِحٍ ۚ وَمَا قَوْمُ لُوطٍ مِّنكُم بِبَعِيدٍ
Wa-yaaq̣awmi laa- yajrimannakum shiq̣aaq̣eee ʹañy yuṣeebakum mis̤lu maaa ʹaṣaaba q̣awma Nooḥin ʹaw q̣awma Hoodin ʹaw q̣awma Ṣaaliḥ: wa-maa q̣awmu Looṭim miñkum̃ bibaʻeed!
තවද අහෝ මාගේ ජනයිනි! මා සමඟ වූ භේදය නූහ්ගේ ජනයාට හෝ හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට හෝ ඇති වූවක් මෙන් දෙයක් නුඹලාට ඇති වීමට තරම් නුඹලාව වැරදිකරුවන් බවට පත් නො කළ යුතුයි. තවද ලූත්ගේ ජනයාට (සිදු වූ දඬුවම) නුඹලාට ඈතක නො වේ.
-
11:90
وَٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى رَحِيمٌ وَدُودٌ
Wastag̣firoo Rabbakum s̤ummaa toobooo ʹilayh: ʹinna Rabbee Raḥeemuñw wadood.
තවද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා සමාව අයැද සිටිනු. පසුව ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වනු. නියත වශයෙන් ම මාගේ පරමාධිපති අපරිමිත දයාන්විත ය; සෙනෙහෙවන්ත ය.
-
11:91
قَالُوا۟ يَـٰشُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَىٰكَ فِينَا ضَعِيفًا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَـٰكَ ۖ وَمَآ أَنتَ عَلَيْنَا بِعَزِيزٍ
Q̣aaloo yaa-Shuʻaybu maa- nafq̣ahu kas̤eeram mimmaa taq̣oolu wa-ʹinnaa lanaraaka feenaa ḍaʻeefaa! Wa-lawlaa rahṭuka larajamnaak! Wa-maaa ʹañta ʻalaynaa biʻazeez!
අහෝ ෂුඅයිබ්! නුඹ පවසන දැයින් බොහෝමයක් අපට වැටහෙන්නේ නැත. තවද ඔබව අප අතර දුර්වලයකු සේ නියත වශයෙන් ම අපි දකිමු. තවද නුඹේ පවුලේ අය නො වී නම් අපි නුඹට ගල් ගසා මරන්නෙමු. තවද නුඹ අප කෙරෙහි බලවතෙකු නො වේ යැයි ඔවුහු පැවසුවෝ ය.
-
11:92
قَالَ يَـٰقَوْمِ أَرَهْطِىٓ أَعَزُّ عَلَيْكُم مِّنَ ٱللَّهِ وَٱتَّخَذْتُمُوهُ وَرَآءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّى بِمَا تَعْمَلُونَ مُحِيطٌ
Q̣aala yaa-q̣awmi ʹarahṭeee ʹaʻazzu ʻalaykum minal laah? Wattakhaẓtumoohu waraaaʹakum z̤̣ihriyyaa. ʹInna Rabbee bimaa taʻmaloona Muḥeeṭ!
අහෝ මාගේ ජනයිනි! අල්ලාහ්ට වඩා නුඹලා වෙත බලවත් වනුයේ මාගේ පවුලේ අය ද? තවද නුඹලා ඔහුව නුඹලාගේ පසුපසින් පිටපැත්තට ගත්තෙහු ය. නියත වශයෙන් ම මාගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නා ය.
-
11:93
وَيَـٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَـٰمِلٌ ۖ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَمَنْ هُوَ كَـٰذِبٌ ۖ وَٱرْتَقِبُوٓا۟ إِنِّى مَعَكُمْ رَقِيبٌ
Wa-yaaq̣awmiʻ maloo ʻalaa makaanatikum ʹinnee ʻaamil: sawfa taʻlamoona mañy yaʹteehi ʻaẓaabuñy yukhzeehi wa-man huwa kaaẓib! Wartaq̣ibooo ʹinnee maʻakum raq̣eeb.
තවද අහෝ මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. නියත වශයෙන් ම මම ද කටයුතු කරමි. කවුරුන් වෙත අවමානය ගෙන දෙන දඬුවම පැමිණෙන්නේ දැ? යි ද බොරු පවසන්නා කවරෙකු දැ? යි ද නුඹලා මතු දැන ගනු ඇත. තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම මම නුඹලා සමඟ බලාපොරොත්තුවෙන් සිටින්නෙක්මි.
-
11:94
وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍ مِّنَّا وَأَخَذَتِ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَـٰرِهِمْ جَـٰثِمِينَ
Wa-lammaa jaaaʹa ʹamrunaa najjaynaa Shuʻaybañw wal-laẓeena ʹaamanoo maʻahoo bi-Raḥmatim minnaa wa-ʹakhaẓatil laẓeena z̤̣alamuṣ Ṣayhatu faʹaṣbaḥoo fee diyaarihim jaas̤imeen,―
තවද අපගේ නියෝගය පැමිණි කල්හි අපි ෂුඅයිබ් හා ඔහු සමඟ විශ්වාස කළවුන්ව අපගේ ආශිර්වාදයෙන් අපි මුදවා ගත්තෙමු. තවද මහා ගිගුරුම් හඬ අපරාධ කළවුන් ග්‍රහණය කළේ ය. එවිට ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට උදෑසන පත් වූහ.
-
11:95
كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَا بُعْدًا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ
Kaʹal lam yag̣naw feehaa! ʹAlaa buʻdal li-Madyana kamaa baʻidat S̤amood!
ඔවුහු එහි වාසය නො කළාක් මෙනි. දැන ගනු! සමූද් ජනයා දුරස් වූවාක් මෙන් මද්යන් වාසීන් ද දුරස් වූහ.
-
11:96
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَـٰتِنَا وَسُلْطَـٰنٍ مُّبِينٍ
Wa-laq̣ad ʹarsalnaa Moosaa biʹAayaatinaa wa-sulṭaanim mubeen.
තවද සැබැවින් ම අපි අපගේ වදන් හා පැහැදිලි සාධකය සමඟ මූසාව එව්වෙමු.
-
11:97
إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱتَّبَعُوٓا۟ أَمْرَ فِرْعَوْنَ ۖ وَمَآ أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍ
ʹIlaa firʻawna wa-malaʹihee fattabaʻooo ʹamra Firʻawna, wa-maaa ʹamru Firʻawna bi-Rasheed.
ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. එහෙත් ඔවුහු ෆිර්අවුන්ගේ නියෝගය පිළිපැද්දාහ. තවද ෆිර්අවුන්ගේ නියෝගය නිවැරදි වූවක් නො වීය.
-
11:98
يَقْدُمُ قَوْمَهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ فَأَوْرَدَهُمُ ٱلنَّارَ ۖ وَبِئْسَ ٱلْوِرْدُ ٱلْمَوْرُودُ
Yaq̣dumu q̣awmahoo Yawmal Q̣iyaamati faʹawradahumun Naar: wa-biʹsal wirdul mawrood!
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු (ෆිර්අවුන්) ඔහුගේ ජනයාට පෙරමුණ ගනු ඇත. තවද ඔවුන්ව (නිරා) ගින්න වෙත ගෙන යනු ඇත. තවද එසේ ගෙන යනු ලබන ස්ථානය නපුරු විය.
-
11:99
وَأُتْبِعُوا۟ فِى هَـٰذِهِۦ لَعْنَةً وَيَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ بِئْسَ ٱلرِّفْدُ ٱلْمَرْفُودُ
Wa-ʹutbiʻoo fee haaẓihee laʻnatañw wa-Yawmal Q̣iyaamah: biʹsar rifdul marfood!
තවද මෙහි දී ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද ශාපයෙන් ඔවුහු ලුහුබඳිනු ලැබුවෝ ය. තවද ප්‍රදානය කරනු ලැබූ ප්‍රදානය නපුරු විය.
-
11:100
ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْقُرَىٰ نَقُصُّهُۥ عَلَيْكَ ۖ مِنْهَا قَآئِمٌ وَحَصِيدٌ
Ẓaalika min ʹambaaaʹil q̣uraa naq̣uṣṣuhoo ʻalayka minhaa q̣aaaʹimuñw waḥaṣeed.
මේවා අපි නුඹ වෙත කියවා පෙන් වන පුරාණ ගම්වාසීන්ගේ පුවත් අතරින් වේ. ඒවායින් ශේෂව පවතින දෑ ද, මුලිනුපුටා දමනු ලැබූ දෑ ද ඇත.
-
11:101
وَمَا ظَلَمْنَـٰهُمْ وَلَـٰكِن ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ۖ فَمَآ أَغْنَتْ عَنْهُمْ ءَالِهَتُهُمُ ٱلَّتِى يَدْعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَىْءٍ لَّمَّا جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍ
Wa-maa z̤̣alamnaahum wa-laakiñ z̤̣alamooo ʹañfusahum famaaa ʹag̣nat ʻanhum ʹaalihatuhumul latee yadʻoona miñ doonil laahi miñ shayʹil lammaa jaaaʹa ʹamru Rabbik: wa-maa zaadoohum g̣ayra tatbeeb!
තවද අපි ඔවුනට අපරාධ නො කළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගත්තෝ ය. නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි කල්හි අල්ලාහ් හැර දමා ඔවුන් අයැද සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් නො වීය. තවද ඔවුහු අලාභ හානිය මිස වෙනෙකක් ඔවුනට අධික නො කළෝ ය.
-
11:102
وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلْقُرَىٰ وَهِىَ ظَـٰلِمَةٌ ۚ إِنَّ أَخْذَهُۥٓ أَلِيمٌ شَدِيدٌ
Wa-Kaẓaalika ʹakhẓu Rabbika ʹiẓaaa ʹakhaẓal q̣uraa wa-hiya z̤̣aalimah: ʹinna ʹakhẓahooo ʹaleemuñ shadeed.
තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්‍රහණය කළ විට ඔහුගේ ග්‍රහණය එලෙස ය. නියත වශයෙන් ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගත ය.
-
11:103
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّمَنْ خَافَ عَذَابَ ٱلْـَٔاخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌ مَّجْمُوعٌ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوْمٌ مَّشْهُودٌ
ʹInna fee ẓaalika laʹAayatal liman khaafa ʻaẓaabal ʹAakhirah: ẓaalika Yawmum majmooʻul lahun naasu waẓaalika Yawmum Mashhood.
නියත වශයෙන් ම මතු ලොවෙහි දඬුවමට බිය වන්නන්හට එහි සංඥාවක් ඇත. එය ජනයා ඒ වෙනුවෙන් එක්රැස් කරනු ලබන දිනයකි. තවද එය ඉදිරිපත් කරවනු ලබන දිනයකි.
-
11:104
وَمَا نُؤَخِّرُهُۥٓ إِلَّا لِأَجَلٍ مَّعْدُودٍ
Wa-maa nuʹakhkhiruhooo ʹillaa liʹajalim maʻdood.
තවද නියමිත කාලයකට මිස අපි එය ප්‍රමාද නො කරන්නෙමු.
-
11:105
يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِۦ ۚ فَمِنْهُمْ شَقِىٌّ وَسَعِيدٌ
Yawma yaʹti laa- takallamu nafsun ʹillaa biʹiẓnih: faminhum shaq̣iyyuñw wasaʻeed.
එය පැමිණෙන දින කිසිදු ආත්මයක් ඔහුගේ අවසරයෙන් තොරව කතා නො කරනු ඇත. ඔවුන් අතර අභාග්‍යවන්තයා ද, භාග්‍යවන්තයා ද සිටියි.
-
11:106
فَأَمَّا ٱلَّذِينَ شَقُوا۟ فَفِى ٱلنَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ
Faʹammal laẓeena shaq̣oo fafin naari lahum feehaa zafeeruñw washaheeq̣.
අභාග්‍යවන්තයින් වූ කලී (ඔවුන්) නිරයෙහි ය. එහි ඔවුනට කෙඳිරි ගෑම හා මොර දීම ඇත.
-
11:107
خَـٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَـٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا يُرِيدُ
Khaalideena feehaa maa- daamatis samaawaatu wal-ʹarḍu ʹillaa maa- shaaaʹa Rabbuk: ʹinna Rabbaka faʻ-ʻaalul limaa yureed.
අහස් හා මහපොළොව පවතින තාක්කල් ඔවුන් එහි සදාතනිකයින් ය. එහෙත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔහු සිතන දෑ සිදු කරන්නා ය.
-
11:108
۞ وَأَمَّا ٱلَّذِينَ سُعِدُوا۟ فَفِى ٱلْجَنَّةِ خَـٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَـٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۖ عَطَآءً غَيْرَ مَجْذُوذٍ
Wa-ʹammal laẓeena suʻidoo fafil Jannati khaalideena feehaa maa- daamatis samaawaatu wal-ʹarḍu ʹillaa maa- shaaaʹa Rabbuk: ʻaṭaaaʹan g̣ayra majẓooẓ.
තවද භාග්‍ය ලැබූවන් වූ කලී (ඔවුන් ස්වර්ග) උයන් තුළ ය. අහස් හා මහපොළොව පවතින තාක්කල් (ඔවුන්) එහි සදාතනිකයින් ය. එහෙත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. එය නො නවතින ත්‍යාගයක් වශයෙනි.
-
11:109
فَلَا تَكُ فِى مِرْيَةٍ مِّمَّا يَعْبُدُ هَـٰٓؤُلَآءِ ۚ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ ءَابَآؤُهُم مِّن قَبْلُ ۚ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍ
Falaa taku fee miryatim mimmaa yaʻbudu haaaʹulaaaʹ. Maa- yaʻbudoona ʹillaa kamaa yaʻbudu ʹaabaaaʹuhum miñ q̣abl: wa-ʹinnaa lamuwaffoohum naṣeebahum g̣ayra mañq̣ooṣ.
එබැවින් (නබිවරය!) මොවුන් නැමදුම් කරන දෑ පිළිබඳ සැකයෙහි නුඹ නො සිටිනු. මීට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන් නැමදුම් කරන්නාක් මෙන් මිස ඔවුන් නැමදුම් නො කරති. සැබැවින් ම අපි ඔවුන්ගේ කොටස කිසිදු අඩුවකින් තොරව පූර්ණව පිරිනමන්නන් වෙමු.
-
11:110
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ فَٱخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِى شَكٍّ مِّنْهُ مُرِيبٍ
Wa-laq̣ad ʹaataynaa Moosal Kitaaba fakhtulifa feeh: wa-lawlaa kalimatuñ sabaq̣at mir Rabbika laq̣uḍiya baynahum: wa-ʹinnahum lafee shakkim minhu mureeb.
තවද සැබැවින් ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙත් එහි මත භේදයට ලක් විය. තවද නුඹගේ පරමාධිපතිගෙන් පෙරටු වූ වදනක් නො වී නම්, ඔවුන් අතර තීන්දු දෙනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම ඔවුන් ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරවන සැකයෙහි සිටිති.
-
11:111
وَإِنَّ كُلًّا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَـٰلَهُمْ ۚ إِنَّهُۥ بِمَا يَعْمَلُونَ خَبِيرٌ
Wa-ʹinna kullal lammaa layuwaffiyannahum Rabbuka ʹaʻmaalahum: ʹinnahoo bimaa yaʻmaloona Khabeer.
තවද නියත වශයෙන් ම සෑම කෙනෙකුට ම ඔවුන්ගේ ක්‍රියාවන්ට නුඹගේ පරමාධිපති ඔවුනට නියත වශයෙන් ම පූර්ණව (ප්‍රතිඵල) දෙනු ඇත. නියත වශයෙන් ම ඔහු ඔවුන් කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
-
11:112
فَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا۟ ۚ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
Fastaq̣im kamaaa ʹumirta wa-mañ taaba maʻaka wa-laa taṭg̣aw: ʹinnahoo bimaa taʻmaloona Baṣeer.
එබැවින් නුඹට අණ කරනු ලැබූ පරිදි නුඹ හා නුඹ සමඟ පශ්චාත්තාප වී යොමු වූවන් ස්ථාවරව සිටිනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නො කරනු. නියත වශයෙන් ම ඔහු නුඹලා කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
-
11:113
وَلَا تَرْكَنُوٓا۟ إِلَى ٱلَّذِينَ ظَلَمُوا۟ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ
Wa-laa tarkanooo ʹilal laẓeena z̤̣alamoo fatamassakumun Naaru,― wa-maa lakum miñ doonil laahi min ʹawliyaaaʹa s̤umma laa- tuñṣaroon.
තවද නුඹලා අපරාධ කළවුන් වෙත නැඹුරු නො වනු. එවිට (නිරා) ගින්න නුඹලාව ස්පර්ශ කරනු ඇත. අල්ලාහ්ගෙන් තොරව භාරකරුවන් කිසිවකු නුඹලාට නොමැත. පසුව නුඹලා උදව් කරනු නො ලබන්නෙහු ය.
-
11:114
وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًا مِّنَ ٱلَّيْلِ ۚ إِنَّ ٱلْحَسَنَـٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّٰكِرِينَ
Wa-ʹaq̣imiṣ Ṣalaata ṭarafayin nahaari wa-zulafam minal layl: ʹinnal ḥasanaati yuẓhibnas sayyiʹaat: ẓaalika ẓikraa liẓ-ẓaakireen:
තවද දහවල් දෙකෙළවරෙහි හා රාත්‍රියෙන් කොටසක නුඹලා සලාතය විධිමත්ව ඉටු කරනු. නියත වශයෙන් ම දැහැමි දෑ නපුරු දෑ පහ කර දමයි. එය මෙනෙහි කරන අයහට මෙනෙහි කිරීමකි.
-
11:115
وَٱصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ
Waṣbir faʹinnal laaha laa- yuḍeeʻu ʹajral Muḥsineen.
තවද නුඹ ඉවසා දරා ගනු. නියත වශයෙන් ම අල්ලාහ් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරනු ඇත.
-
11:116
فَلَوْلَا كَانَ مِنَ ٱلْقُرُونِ مِن قَبْلِكُمْ أُو۟لُوا۟ بَقِيَّةٍ يَنْهَوْنَ عَنِ ٱلْفَسَادِ فِى ٱلْأَرْضِ إِلَّا قَلِيلًا مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ ۗ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوا۟ مَآ أُتْرِفُوا۟ فِيهِ وَكَانُوا۟ مُجْرِمِينَ
Falawlaa kaana minal q̣urooni miñ q̣ablikum ʹUloo baq̣iyyatiñy yanhawna ʻanil fasaadi fil ʹarḍi ʹillaa q̣aleelam mimman ʹañjaynaa minhum? Wattabaʻal laẓeena z̤̣alamoo maaa ʹutrifoo feehi wa-kaanoo mujrimeen.
ඔබලාට පෙර සිටි පරම්පරාවන් අතරින් මහපොළොවේ කලහකම් වළක්වාලන බුද්ධිමතුන් සිටිය යුතු නො වේ ද? නමුත් ඔවුන්ගෙන් අපි මුදවා ගත් සුළු පිරිසක් හැර (අන් අය අපරාධ කළවුන් වූවෝ ය.) තවද අපරාධ කළවුන් ඔවුන් කවර දෙයක සැප විඳිනු ලැබුවේද එය පිළිපදිමින් සිටියෝ ය. තවද ඔවුහු වැරදිකරුවන් බවට පත් වූවෝ ය.
-
11:117
وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍ وَأَهْلُهَا مُصْلِحُونَ
Wa-maa kaana Rabbuka liyuhlikal q̣uraa biz̤̣ulmiñw waʹahluhaa muṣliḥoon.
තවද අපරාධ කරමින් සිටි ගමක් එහි වැසියන් ප්‍රතිසංවිධායකයින් ලෙස සිටිය දී එය විනාශ කිරීමට නුඹගේ පරමාධිපති නො වීය.
-
11:118
وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةً وَٰحِدَةً ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ
Wa-law shaaaʹa Rabbuka lajaʻal annaasa ʹUmmatañw waa-ḥidatañw walaa yazaaloona mukhtalifeen.
තවද නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් සියලු ජනයා එක ම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. තවද ඔවුහු භේද ඇති කර ගන්නවුන් ලෙස ම සිටිති.
-
11:119
إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ
ʹIllaa mar raḥima Rabbuk: wa-liẓaalika khalaq̣ahum: wa-tammat Kalimatu Rabbika laʹamlaʹanna Jahannama minal jinnati wannaasi ʹajmaʻeen.
එහෙත් නුඹගේ පරමාධිපති ආශිර්වාද කළ අය හැර. තවද ඒ වෙනුවෙන් ම ඔහු ඔවුන්ව මැව්වේ ය. තවද ජින්වරුන් හා මිනිසුන් යන දෙපිරිසගෙන් නිරය පුරවන්නෙමි යන නුඹගේ පරමාධිපතිගේ වදන පූර්ණවත් විය.
-
11:120
وَكُلًّا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَ ۚ وَجَآءَكَ فِى هَـٰذِهِ ٱلْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ
Wa-kullan naq̣uṣṣu ʻalayka min ʹambaaaʹir rusuli maa- nus̤abbitu bihee fuʹaadak: wa-jaaaʹaka fee haaẓihil Ḥaq̣q̣u wa-mawʻiz̤̣atuñw waẓikraa lil-Muʹmineen.
තවද ධර්ම දූතයින්ගේ පුවත් අතරින් නුඹගේ හදවත් කවර කරුණක් මඟින් අපි ස්ථාවර කළෙමු ද එවන් සෑම දෙයක් ම නුඹ වෙත දන්වා සිටිමු. තවද මෙහි සත්‍යය ද දේවත්වය විශ්වාස කරන්නන්හට උපදෙසක් හා මෙනෙහි කිරීමක් ද නුඹ වෙත පැමිණ ඇත.
-
11:121
وَقُل لِّلَّذِينَ لَا يُؤْمِنُونَ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَـٰمِلُونَ
Waq̣ul lillaẓeena laa- yuʹminoo naʻmaloo ʻalaa makaanatikum: ʹinnaa ʻaamiloon;
තවද ‘නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට ක්‍රියා කරනු. සැබැවින් ම අපි ද ක්‍රියා කරන්නන් වෙමු’ යැයි විශ්වාස නො කරන්නන්හට (නබිවරය!) නුඹ පවසනු.
-
11:122
وَٱنتَظِرُوٓا۟ إِنَّا مُنتَظِرُونَ
Wañtaz̤̣iroo! ʹinnaa muñ-taz̤̣iroon.
තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම අපි ද බලාපොරොත්තුවන්නන් වෙමු.
-
11:123
وَلِلَّهِ غَيْبُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ ٱلْأَمْرُ كُلُّهُۥ فَٱعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ ۚ وَمَا رَبُّكَ بِغَـٰفِلٍ عَمَّا تَعْمَلُونَ
Wa-lillaahi g̣aybus samaawaati wal-ʹarḍi wa-ʹilayhi yurjaʻul ʹamru kulluhoo faʻbudhu wa-tawakkal ʻalayh: wa-maa Rabbuka big̣aafilin ʻammaa taʻmaloon.
අහස් හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතු ය. සියලු කරුණු යොමු කරනු ලබනුයේ ඔහු වෙතට ම ය. එබැවින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහු වෙත සියල්ල භාර කරනු. නුඹගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳව අනවධානියෙකු නො වේ.
Surah YusufBegins here at 12:1
-
12:1
الٓر ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْمُبِينِ
Alif-Laaam-Raa. Tilka ʹAayaatul kitaabil Mubeen.
අලිෆ්, ලාම්, රා. එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන් ය.
-
12:2
إِنَّآ أَنزَلْنَـٰهُ قُرْءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ
ʹInnaaa ʹañzalnaahu Q̣urʹaanan ʻArabiyyal laʻallakum taʻq̣iloon.
නුඹලා වටහා ගත හැකි වනු පිණිස නියත වශයෙන් ම අපි එය අරාබි බසින් පාරායනය කරන්නක් බවට පහළ කළෙමු.
-
12:3
نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ ٱلْقَصَصِ بِمَآ أَوْحَيْنَآ إِلَيْكَ هَـٰذَا ٱلْقُرْءَانَ وَإِن كُنتَ مِن قَبْلِهِۦ لَمِنَ ٱلْغَـٰفِلِينَ
Naḥnu naq̣uṣṣu ʻalayka ʹaḥsanal q̣aṣaṣi bimaaa ʹawḥaynaaa ʹilayka haaẓal Q̣urʹaan: wa-ʹiñ kuñta miñ q̣ablihee laminal g̣aafileen.
(නබිවරය!) අපි නුඹ වෙත හෙළිදරව් කළ දැයින් වඩාත් අලංකාර කතා අපි නුඹට කියවා පෙන්වන්නෙමු. තවද නුඹ මීට පෙර (ඒවා ගැන) නොදැනුවත් අය අතරින් සිටිය ද.
-
12:4
إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَـٰٓأَبَتِ إِنِّى رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ رَأَيْتُهُمْ لِى سَـٰجِدِينَ
ʹIẓ q̣aala Yoosufu liʹabeehi yaaaʹabati ʹinnee raʹaytu ʹaḥada ʻashara kawkabañw washshamsa walq̣amara raʹaytuhum lee saajideen.
යූසුෆ් තම පියාණන්ට ‘මාගේ පියතුමනි! නියත වශයෙන් ම මම ග්‍රහ තාරකා එකොළහක් ද, හිරු හා සඳු ද දුටුවෙමි. ඒවා මට සුජූද් කරන්නාක් මෙන් ද මම දුටුවෙමි’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
-
12:5
قَالَ يَـٰبُنَىَّ لَا تَقْصُصْ رُءْيَاكَ عَلَىٰٓ إِخْوَتِكَ فَيَكِيدُوا۟ لَكَ كَيْدًا ۖ إِنَّ ٱلشَّيْطَـٰنَ لِلْإِنسَـٰنِ عَدُوٌّ مُّبِينٌ
Q̣aala yaa-bunayya laa- taq̣ṣuṣ ruʹyaaka ʻalaaa ʹikhwatika fayakeedoo laka kaydaa! ʹInnash shayṭaana lil-ʹiñsaani ʻaduwwum mubeen!
‘මාගේ පුතණුවනි! නුඹේ සිහිනයේ කතාව නුඹ නුඹගේ සහෝදරයින්ට නො කියනු. එවිට ඔවුහු යම් කුමන්ත්‍රණයකින් නුඹට කුමන්ත්‍රණය කරනු ඇත. නියත වශයෙන් ම ෂයිතාන් මිනිස් වර්ගයාට පැහැදිලි සතුරෙකි.’ යැයි ඔහු කීවේ ය.
-
12:6
وَكَذَٰلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكَ وَعَلَىٰٓ ءَالِ يَعْقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيْكَ مِن قَبْلُ إِبْرَٰهِيمَ وَإِسْحَـٰقَ ۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌ
Wa-kaẓaalika yajtabeeka Rabbuka wa-yuʻallimuka miñ taʹweelil ʹaḥaadees̤i wa-yutimmu niʻmatahoo ʻalayka wa-ʻalaaa ʹaali Yaʻq̣ooba kamaaa ʹatammahaa ʻalaaa ʹabawayka miñ q̣ablu ʹIbraaheema wa-ʹisḥaaq̣! ʹInna Rabbaka ʻAleemun Ḥakeem.
තවද එලෙසය නුඹගේ පරමාධිපති නුඹව තෝරා ගෙන ඇත්තේ. තවද සිදු වීම්වල යථාර්ථය නුඹට ඔහු උගන්වනු ඇත. තවද මීට පෙර නුඹගේ පියවරුන් දෙපළ වන ඉබ්රාහීම් හා ඉස්හාක්ට ඔහු එය පූර්ණවත් කළාක් මෙන් නුඹ වෙතත් යඃකූබ්ගේ පරපුර වෙතත් එය පූර්ණවත් කරනු ඇත. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සර්ව ඥානී ය; සියුම් ඥානය ඇත්තා ය.
-
12:7
۞ لَّقَدْ كَانَ فِى يُوسُفَ وَإِخْوَتِهِۦٓ ءَايَـٰتٌ لِّلسَّآئِلِينَ
Laq̣ad kaana fee yoosufa wa-ʹikhwatihee ʹAayaatul lissaaaʹileen.
සැබැවින් ම යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් විෂයෙහි විමසන්නන්හට සංඥාවන් තිබේ.
-
12:8
إِذْ قَالُوا۟ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِى ضَلَـٰلٍ مُّبِينٍ
ʹIẓ q̣aaloo la-Yoosufu wa-ʹakhoohu ʹaḥabbu ʹilaaa ʹabeenaa minnaa wa-naḥnu ʻuṣbah! ʹInna ʹabaanaa lafee ḍalaalim mubeen!
‘අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී පවා අපට වඩා අපගේ පියාණන් වෙත යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ප්‍රිය මනාප වී ඇත. නියත වශයෙන් ම අපගේ පියාණන් පැහැදිලි නොමගෙහි ය’ යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
-
12:9
ٱقْتُلُوا۟ يُوسُفَ أَوِ ٱطْرَحُوهُ أَرْضًا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا۟ مِنۢ بَعْدِهِۦ قَوْمًا صَـٰلِحِينَ
ʹUq̣tuloo Yoosufa ʹawiṭra ḥoohu ʹarḍañy yakhlu lakum wajhu ʹabeekum wa-takoonoo mim baʻdihee q̣awmañ ṣaaliḥeen!
නුඹලාගේ පියාගේ තෘප්තිය නුඹලා වෙත පමණක් වනු පිණිස නුඹලා යූසුෆ්ව මරා දමනු. නැතහොත් යම් භූමි භාගයක (කොතනක හෝ) ඔහුව විසි කර දමනු. තවද ඔහුගෙන් පසුව දැහැමි පිරිසක් බවට නුඹලා වනු ඇත.
-
12:10
قَالَ قَآئِلٌ مِّنْهُمْ لَا تَقْتُلُوا۟ يُوسُفَ وَأَلْقُوهُ فِى غَيَـٰبَتِ ٱلْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمْ فَـٰعِلِينَ
Q̣aala q̣aaaʹilum minhum laa- taq̣tuloo Yoosufa wa-ʹalq̣oohu fee g̣ayaabatil jubbi yaltaq̣iṭhu baʻḍus say-yaarati ʹiñ kuñtum faa-ʻileen.
ඔවුන් අතරින් කතා කරන්නෙකු මෙසේ පවසා සිටීයේ ය. ‘නුඹලා (යමක්) කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා යූසුෆ්ව මරා නො දමා නුඹලා ඔහුව (පාළු) ළිං අඳුරට හෙළනු. ඇතැම් නඩයන් ඔහුව අහුළා ගනු ඇත.’
-
12:11
قَالُوا۟ يَـٰٓأَبَانَا مَا لَكَ لَا تَأْمَ۫نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَـٰصِحُونَ
Q̣aaloo yaaaʹabaanaa maa- laka laa- taʹmannaa ʻalaa Yoosufa wa-ʹinnaa lahoo lanaaṣiḥoon?
‘අහෝ අපගේ පියාණනි! යූසුෆ් සම්බන්ධයෙන් ඔබ අපව විශ්වාස නො කර සිටීමට ඔබට කුමක් වී ද? නියත වශයෙන් ම අපි ඔහුට (යහපත) උපදෙස් දෙනන්නන් ම වෙමු’ යැයි ඔවුහු පැවසූහ.
-
12:12
أَرْسِلْهُ مَعَنَا غَدًا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ
ʹArsilhu maʻanaa g̣adañy yartaʻwa- yalʻab wa-ʹinnaa lahoo laḥaafiz̤̣oon.
‘ඔහු විනෝද වන්නටත් සෙල්ලම් කරන්නටත් හෙට දින අප සමඟ ඔහු එවනු. තවද නියත වශයෙන් ම අපි ඔහුව ආරක්ෂා කරන්නෝ වෙමු.’
-
12:13
قَالَ إِنِّى لَيَحْزُنُنِىٓ أَن تَذْهَبُوا۟ بِهِۦ وَأَخَافُ أَن يَأْكُلَهُ ٱلذِّئْبُ وَأَنتُمْ عَنْهُ غَـٰفِلُونَ
Q̣aala ʹinnee layaḥzununeee ʹañ taẓhaboo bihee wa-ʹakhaafu ʹañy yaʹkulahuẓ ẓiʹbu wa-ʹañtum ʻanhu g̣aafiloon.
‘නුඹලා ඔහු කැටුවාගෙන යෑම නියත වශයෙන් ම මා දුකට පත් කරනු ඇත. තවද නුඹලා ඔහු ගැන නො සැලකිල්ලෙන් සිටිය දී වෘකයා ඔහුව කා දමනු ඇතැයි මම බිය වෙමි’ යැයි ඔහු පැවසී ය.
-
12:14
قَالُوا۟ لَئِنْ أَكَلَهُ ٱلذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّآ إِذًا لَّخَـٰسِرُونَ
Q̣aaloo laʹin ʹakalahuẓ ẓiʹbu wa-naḥnu ʻuṣbatun ʹinnaaa ʹiẓal lakhaasiroon!
‘අපි (ශක්තිමත්) කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහුව කා දැමුවේ නම් නියත වශයෙන් ම අපි එවිට අලාභවන්තයෝ වෙමු, යැයි ඔවුහු පැවසූහ.
-
12:15
فَلَمَّا ذَهَبُوا۟ بِهِۦ وَأَجْمَعُوٓا۟ أَن يَجْعَلُوهُ فِى غَيَـٰبَتِ ٱلْجُبِّ ۚ وَأَوْحَيْنَآ إِلَيْهِ لَتُنَبِّئَنَّهُم بِأَمْرِهِمْ هَـٰذَا وَهُمْ لَا يَشْعُرُونَ
Falammaa ẓahaboo bihee wa-ʹajmaʻooo ʹañy yajʻaloohu fee g̣ayaabatil jubb: wa-ʹawḥaynaaa ʹilayhi latunabbiʹannahum̃ biʹamrihim haaẓaa wahum laa- yashʻuroon.
ඔවුහු ඔහුව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහුව ළිං අඳුරෙහි තබන්නට එක් වූහ. තවද නියත වශයෙන් ම ඔවුන් නොදැන සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු.
-
12:16
وَجَآءُوٓ أَبَاهُمْ عِشَآءً يَبْكُونَ
Wa-jaaaʹooo ʹabaahum ʻishaaaʹañy yabkoon.
තවද ඔවුහු හඩා වැළපෙමින් අඳුරු සමයේ ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝ ය.
-
12:17
قَالُوا۟ يَـٰٓأَبَانَآ إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِندَ مَتَـٰعِنَا فَأَكَلَهُ ٱلذِّئْبُ ۖ وَمَآ أَنتَ بِمُؤْمِنٍ لَّنَا وَلَوْ كُنَّا صَـٰدِقِينَ
Q̣aaloo yaaaʹabaanaaa ʹinnaa ẓahabnaa nastabiq̣u wa-taraknaa Yoosufa ʻiñda mataaʻinaa faʹakalahuẓ ẓiʹb. Wa-maaa ʹañta bimuʹminil lanaa wa-law kunnaa ṣaadiq̣een.
‘අපගේ පියාණනි! නියත වශයෙන් ම අපි ගොස් තරඟ වැදුනෙමු. අපගේ භාණ්ඩ සමඟ යූසුෆ්ව ද අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහුව කා දැමී ය. අපි සත්‍යවාදීන්ව සිටිය ද ඔබ අපව විශ්වාස කරන්නකු නො වනු ඇතැයි’ ඔවුහු පැවසුවෝ ය.
-
12:18
وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٍ كَذِبٍ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ وَٱللَّهُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ
Wa-jaaaʹoo ʻalaa q̣ameeṣihee bidamiñ kaẓib. Q̣aala bal sawwalat lakum ʹañfusukum ʹamraa. Faṣabruñ jameel: wallaahul Mustaʻaanu ʻalaa maa- taṣifoon.
ඔවුහු ව්‍යාජ ලේ ඔහුගේ කමිසය මත තවරා ගෙන ආවෝය. (එවිට) නුඹලාගේ ආත්මාවන් නුඹලාට මෙය අලංකාරවත් කළේය. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමය. තවද අල්ලාහ් නුඹලා වර්ණනා කරන දෑ කෙරෙහි උදව් පතනු ලබන්නාය. (එහෙයින් මම ඔහුගෙන්ම උදව් පතමි.) යැයි ඔහු පැවසීය.
-
12:19
وَجَآءَتْ سَيَّارَةٌ فَأَرْسَلُوا۟ وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُۥ ۖ قَالَ يَـٰبُشْرَىٰ هَـٰذَا غُلَـٰمٌ ۚ وَأَسَرُّوهُ بِضَـٰعَةً ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَعْمَلُونَ
Wa-jaaaʹat sayyaaratuñ faʹarsaloo waaridahum faʹadlaa dalwah. Q̣aala yaa-bushraa haaẓaa g̣ulaam! Wa-ʹasarroohu biḍaaʻah! Wallaahu ʻaleemum bimaa yaʻmaloon!
තවද (වෙළෙඳ) නඩයක් පැමිණියේ ය. ඔවුනට ජලය සපයන්නකුව ඔවුහු එවුහ. එවිට ඔහු ඔහුගේ පනිට්ටුව (ළිඳට) දැමුවේ ය. ‘අහෝ ශුභාරංචියකි. මෙන්න, දරුවෙකි’ යැයි ඔහු පැවසුවේ ය. තවද (ළිඳෙන් පිටත ගත්) ඔවුහු වෙළඳ භාණ්ඩයක් ලෙසින් ඔහුව ද සඟවා ගත්තෝ ය. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.
-
12:20
وَشَرَوْهُ بِثَمَنٍۭ بَخْسٍ دَرَٰهِمَ مَعْدُودَةٍ وَكَانُوا۟ فِيهِ مِنَ ٱلزَّٰهِدِينَ
Wa-sharawhu bis̤amanim bakhsiñ daraahima maʻdoodah: wa-kaanoo feehi minaz zaahideen!
තවද ඔවුහු අඩු වටිනාකමට නියමිත රිදී කාසි ගණනකට ඔහුව විකුණා දැමුවෝ ය. තවද ඔහු සම්බන්ධයෙන් ඔවුහු උදාසීන වූවන් අතරින් වූහ.
-
12:21
وَقَالَ ٱلَّذِى ٱشْتَرَىٰهُ مِن مِّصْرَ لِٱمْرَأَتِهِۦٓ أَكْرِمِى مَثْوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًا ۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ ۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمْرِهِۦ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
Wa-q̣aalal laẓish taraahu mim Miṣra limraʹatiheee ʹakrimee mas̤waahu ʻasaaa ʹañy yañfaʻanaaa ʹaw nattakhiẓahoo waladaa. Wa-kaẓaalika mak-kannaa li-Yoosufa fil ʹarḍi, wa-linuʻallimahoo miñ taʹweelil ʹaḥaadees̤. Wallaahu g̣aalibun ʻalaaa ʹamrihee wa-laakinna ʹaks̤aran naasi laa yaʻlamoon.
තවද මිස්රයේ දී ඔහුව මිලට ගත් අය තම බිරිය අමතා ‘මොහුගේ නවාතැන ගෞරවයෙන් රැක බලා ගනු. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු’ යැයි පැවසුවේ ය. අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ එලෙස ය. තවද අපි ඔහුට සිදුවීම්වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නා ය. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
-
12:22
وَلَمَّا بَلَغَ أَشُدَّهُۥٓ ءَاتَيْنَـٰهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
Wa-lammaa balag̣a ʹashuddahooo ʹaataynaahu ḥukmañw waʻilmaa: wa-kaẓaalika najzil Muḥsineen.
තවද ඔහු පරිණතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. එලෙසය දැහැමියන්ට අපි ප්‍රතිඵල පිරිනමනුයේ.
-
12:23
وَرَٰوَدَتْهُ ٱلَّتِى هُوَ فِى بَيْتِهَا عَن نَّفْسِهِۦ وَغَلَّقَتِ ٱلْأَبْوَٰبَ وَقَالَتْ هَيْتَ لَكَ ۚ قَالَ مَعَاذَ ٱللَّهِ ۖ إِنَّهُۥ رَبِّىٓ أَحْسَنَ مَثْوَاىَ ۖ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّـٰلِمُونَ
Wa-raawadat-hul latee huwa fee baytihaa ʻan nafsihee wa-g̣allaq̣atil ʹabwaaba wa-q̣aalat hayta lak! Q̣aala maʻaaẓal laahi ʹinnahoo rabbeee ʹaḥsana mas̤waay! Innahoo laa- yufliḥuz̤̣ z̤̣aalimoon!
තවද ඇය ඇයගේ නිවසේ විසූ ඔහුව (කාමයේ වරදවා හැසිරෙන්නට) පොළඹවා දොරටු වසා ගෙන ‘තමන් අසලට පැමිණෙන්නැ’යි පැවසුවා ය. ‘අල්ලාහ්ගේ ආරක්ෂාව වේවා. නියත වශයෙන් ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය අලංකාරවත් කළේ ය. නියත වශයෙන් ම අපරාධකරුවෝ ජය නො ලබති’ යැයි ඔහු පැවසී ය.
-
12:24
وَلَقَدْ هَمَّتْ بِهِۦ ۖ وَهَمَّ بِهَا لَوْلَآ أَن رَّءَا بُرْهَـٰنَ رَبِّهِۦ ۚ كَذَٰلِكَ لِنَصْرِفَ عَنْهُ ٱلسُّوٓءَ وَٱلْفَحْشَآءَ ۚ إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُخْلَصِينَ
Wa-laq̣ad hammat bihee wa-hamma bihaa laaa-law ʹar raʹaa burhaana Rabbih: Kaẓaalika linaṣrifa ʻanhus soooʹa wal-faḥshaaaʹ: ʹinnahoo min ʻibaadinal Mukhlaṣeen.
ඇය ඔහු සමඟ (කාමයේ වරදවා හැසිරෙන්නට) උත්සාහ දැරුවා ය. ඔහුගේ පරමාධිපතිගේ සාධක ඔහු නො දුටුවේ නම් ඔහු ද ඇය සමඟ නැඹුරු වන්නට තිබුණි. එලෙස (අපි සිදු කළේ) නපුර හා අශික්ෂිත දෑ ඔහුගෙන් අපි වෙනතකට යොමු කරනු පිණිස ය. නියත වශයෙන් ම ඔහු අපගේ අවංක ගැත්තන් අතරින් විය.
-
12:25
وَٱسْتَبَقَا ٱلْبَابَ وَقَدَّتْ قَمِيصَهُۥ مِن دُبُرٍ وَأَلْفَيَا سَيِّدَهَا لَدَا ٱلْبَابِ ۚ قَالَتْ مَا جَزَآءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوٓءًا إِلَّآ أَن يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌ
Wastabaq̣al baaba wa-q̣addat q̣ameeṣahoo miñ duburiñw waʹalfayaa sayyidahaa ladal baab. Q̣aalat maa- jazaaaʹu man ʹaraada biʹahlika soooʹan ʹillaaa ʹañy yusjana ʹaw ʻaẓaabun ʹaleem?
තවද දෙදෙනා ම තරඟ වැද දොරටුව වෙත ගියහ. ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද ඉරා දැමුවා ය. දෙදෙනා ම දොර අසල දී ඇයගේ ස්වාමියා හමු වූහ. ‘ඔබේ පවුලට නපුරක් අපේක්ෂා කළ අය සිරගත කරනු ලැබීම හෝ වේදනීය දඬුවමක් මිස වෙනත් කවර ප්‍රතිවිපාකයක් දැ?’ යි ඇය (එවිට ඇයගේ ස්වාමියාගෙන්) විමසුවා ය.
-
12:26
قَالَ هِىَ رَٰوَدَتْنِى عَن نَّفْسِى ۚ وَشَهِدَ شَاهِدٌ مِّنْ أَهْلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ ٱلْكَـٰذِبِينَ
Q̣aala hiya raawadatnee ʻan nafsee wa-shahida shaahidum min ʹahlihaa: ʹiñ kaana q̣ameeṣuhoo q̣udda miñ q̣ubuliñ faṣadaq̣at wa-huwa minal kaaẓibeen!
‘මා පොලඹවාලීමට තැත් කළේ ඇයයි’ යැයි ඔහු (යූසුෆ්) පැවසුවේ ය. (එවිට) ‘ඔහුගේ කමිසය ඉදිරියෙන් ඇද ඉරනු ලැබ තිබුණේ නම් ඇය සත්‍යය පවසා ඇත. තවද ඔහු මුසාවාදීන් අතරිනි’ යැයි ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු සාක්ෂි දැරුවේ ය.
-
12:27
وَإِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن دُبُرٍ فَكَذَبَتْ وَهُوَ مِنَ ٱلصَّـٰدِقِينَ
Wa-ʹiñ kaana q̣ameeṣuhoo q̣udda miñ duburiñ fakaẓabat wa-huwa minaṣ ṣaadiq̣een!
‘තවද ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබ තිබුණේ නම් එවිට ඇය බොරු පවසා ඇත. ඔහු සත්‍යවාදීන් අතරිනි’ (යැයි තවදුරටත් පැවසුවේ ය).
-
12:28
فَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٍ قَالَ إِنَّهُۥ مِن كَيْدِكُنَّ ۖ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ
Falammaa raʹaa q̣ameeṣahoo q̣udda miñ duburiñ q̣aala ʹinnahoo miñ kaydikunna! ʹInna kaydakunna ʻaz̤̣eem!
ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබී තිබෙනු ඔහු දුටු කල්හි "(එවිට තම බිරිඳ ට) නියත වශයෙන් ම මෙය (කාන්තාවන් වන) නුඹලාගේ උපායකි. නියත වශයෙන් ම නුඹලාගේ උපාය අතිභයානකය" යැයි ඔහු පැවසුවේ ය.
-
12:29
يُوسُفُ أَعْرِضْ عَنْ هَـٰذَا ۚ وَٱسْتَغْفِرِى لِذَنۢبِكِ ۖ إِنَّكِ كُنتِ مِنَ ٱلْخَاطِـِٔينَ
Yoosufu ʹaʻriḍ ʻan haaẓaa wastag̣firee liẓambiki ʹinnaki kuñti minal khaaṭiʹeen!
තවද යූසුෆ්, එය නො සලකා හරිනු. (අහෝ ස්ත්‍රිය,) ඔබ ඔබේ පාපයට සමාව අයැදිනු. නියත වශයෙන් ම ඔබ වැරදිකරුවන් අතරින් වූයෙහි ය.
-
12:30
۞ وَقَالَ نِسْوَةٌ فِى ٱلْمَدِينَةِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفْسِهِۦ ۖ قَدْ شَغَفَهَا حُبًّا ۖ إِنَّا لَنَرَىٰهَا فِى ضَلَـٰلٍ مُّبِينٍ
Wa-q̣aala niswatuñ fil Madeenatim raʹatul ʻAzeezi turaawidu fataahaa ʻan nafsih: q̣ad shag̣afahaa ḥubbaa: ʹinnaa lanaraahaa fee ḍalaalim mubeen.
‘පාලකයාගේ බිරිය ඇයගේ (වහල්) තරුණයා සමඟ (කාමයේ වරදවා හැසිරීමට) තැත් කොට ඇත. ආලයෙන් ඇයව වෙළා ඇත. සැබැවින් ම අපි ඇය පැහැදිලි මුළාවෙහි සිටිනු දකිමු’ යැයි නගරයේ කාන්තාවෝ පවසා සිටියහ.
-
12:31
فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَـًٔا وَءَاتَتْ كُلَّ وَٰحِدَةٍ مِّنْهُنَّ سِكِّينًا وَقَالَتِ ٱخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُۥٓ أَكْبَرْنَهُۥ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَـٰشَ لِلَّهِ مَا هَـٰذَا بَشَرًا إِنْ هَـٰذَآ إِلَّا مَلَكٌ كَرِيمٌ
Falammaa samiʻat bimakrihinna ʹarsalat ʹilayhinna wa-ʹaʻtadat lahunna muttakaʹañw waʹaatat kulla waaḥidatim min-hunna sikkeenañw waq̣aalatikh ruj ʻalayhinn. Falammaa raʹaynahooo ʹakbarnahoo wa-q̣aṭṭaʻna ʹaydiyahunna wa-q̣ulna ḥaasha lillaahi maa- haaẓaa basharaa! ʹIn haaẓaaa ʹillaa malakuñ kareem!
ඔවුන්ගේ රහස් කතාවට ඇය සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළා ය. ඔවුන් අතරින් සෑම කෙනෙකුට ම පිහියක් බැගින් දුන්නා ය. පසුව ‘ඔබ ඔවුන් ඉදිරියට පිටව යනු’ යැයි (යූසුෆ්ට) ඇය පැවසුවා ය. ඔවුහු ඔහුව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. තවද ඔවුන්ගේ අත් (නොදැනුවත්ව ම) කපා ගත්හ. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! මොහු මිනිසෙකු නො වේ. මොහු ගෞරවනීය සුර දූතයකු මිස වෙනකෙකු නො වෙතැයි ඔවුහු පවසා සිටියහ.
-
12:32
قَالَتْ فَذَٰلِكُنَّ ٱلَّذِى لُمْتُنَّنِى فِيهِ ۖ وَلَقَدْ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ فَٱسْتَعْصَمَ ۖ وَلَئِن لَّمْ يَفْعَلْ مَآ ءَامُرُهُۥ لَيُسْجَنَنَّ وَلَيَكُونًا مِّنَ ٱلصَّـٰغِرِينَ
Q̣aalat faẓaalikunnal laẓee lumtunnanee feeh! Wa-laq̣ad raawattuhoo ʻan nafsihee fastaʻṣam! Wa-laʹil lam yafʻal maaa ʹaamuruhoo layusjananna wa-layakoonam minaṣ ṣaag̣ireen!
‘නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මට දොස් නැගුවෙහු ද එයයි මෙය. මම ඔහු සමඟ (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළෙමි. එහෙත් ඔහු සුරක්ෂිත විය. මා ඔහුට අණ කරන දෑ ඔහු ඉටු නො කළේ නම් සැබැවින් ම ඔහු සිරගත කරනු ලබනු ඇත. තවද ඔහු පහත් අය අතරින් වනු ඇත’ යැයි ඇය පැවසුවා ය.
-
12:33
قَالَ رَبِّ ٱلسِّجْنُ أَحَبُّ إِلَىَّ مِمَّا يَدْعُونَنِىٓ إِلَيْهِ ۖ وَإِلَّا تَصْرِفْ عَنِّى كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُن مِّنَ ٱلْجَـٰهِلِينَ
Q̣aala Rabbis sijnu ʹaḥabbu ʹilayya mimmaa yadʻoonaneee ʹilayh: wa-ʹillaa taṣrif ʻannee kaydahunna ʹaṣbu ʹilayhinna wa-ʹakum minal jaahileen.
‘මාගේ පරමාධිපතියාණනි! ඔවුන් කවර දෙයක් වෙත මා කැඳවන්නේ ද ඊට වඩා සිරගත වීම මට ප්‍රිය මනාප ය. ඔවුන්ගේ උපායෙන් නුඹ මා වෙනතකට නො හරවන්නේ නම් ඔවුන් වෙත මම හසුවන්නෙමි. තවද මම අඥානයින් අතරින් වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
-
12:34
فَٱسْتَجَابَ لَهُۥ رَبُّهُۥ فَصَرَفَ عَنْهُ كَيْدَهُنَّ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
Fastajaaba lahoo Rabbuhoo faṣarafa ʻanhu kaydahunn: ʹinnahoo Huwas Sameeʻul ʻAleem.
එවිට ඔහුගේ පරමාධිපති ඔහුට පිළිතුරු දුන්නේ ය. ඔවුන්ගේ උපාය ඔහු ඔහුගෙන් වෙනතකට හැරෙව්වේ ය. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව ඥානී වන්නේ.
-
12:35
ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعْدِ مَا رَأَوُا۟ ٱلْـَٔايَـٰتِ لَيَسْجُنُنَّهُۥ حَتَّىٰ حِينٍ
S̤umma badaa lahum mim baʻdi maa- raʹawul ʹAayaati layasjununnahoo ḥattaa ḥeen.
අනතුරුව ඔවුන් (ඔහුගේ අවංකභාවයට) සාධක දුටු පසුව මද කලකට ඔහුව සිරභාරයට ගනු ලැබීම යහපත් යැයි ඔවුනට හෙළි විය.
-
12:36
وَدَخَلَ مَعَهُ ٱلسِّجْنَ فَتَيَانِ ۖ قَالَ أَحَدُهُمَآ إِنِّىٓ أَرَىٰنِىٓ أَعْصِرُ خَمْرًا ۖ وَقَالَ ٱلْـَٔاخَرُ إِنِّىٓ أَرَىٰنِىٓ أَحْمِلُ فَوْقَ رَأْسِى خُبْزًا تَأْكُلُ ٱلطَّيْرُ مِنْهُ ۖ نَبِّئْنَا بِتَأْوِيلِهِۦٓ ۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ
Wa-dakhala maʻa hussijna fatayaan. Q̣aala ʹaḥaduhumaaa ʹinneee ʹaraaneee ʹaʻṣiru khamraa. Wa-q̣aalal ʹaakharu ʹinneee ʹaraaneee ʹaḥmilu fawq̣a raʹsee khubzañ taʹkuluṭ ṭayru minh. Nabbiʹnaa bitaʹweelih: ʹinnaa naraaka minal Muḥsineen.
තවද ඔහු සමඟ සිරගෙයට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළු වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ‘සැබැවින් ම මම මත්පැන් පෙරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. තවද අනෙකා ‘සැබැවින් ම මම ද මාගේ හිසට ඉහළින් මා රොටියක් උසුලමින් සිටියෙමි. පක්ෂියකු ඉන් අනුභව කරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි’ යැයි පැවසුවේ ය. ‘එහි යථාර්ථය ඔබ අපට දන්වා සිටිනු. සැබැවින් ම අපි ඔබව දැහැමියන් අතරින් දකිමු’ (යැයි තවදුරටත් පවසා සිටියහ.)
-
12:37
قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌ تُرْزَقَانِهِۦٓ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِۦ قَبْلَ أَن يَأْتِيَكُمَا ۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِى رَبِّىٓ ۚ إِنِّى تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَّا يُؤْمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ كَـٰفِرُونَ
Q̣aala laa- yaʹteekumaa ṭaʻaamuñ turzaq̣aaniheee ʹillaa nabbaʹtukumaa bitaʹweelihee q̣abla ʹañy yaʹtiyakumaa: ẓaalikumaa mimmaa ʻallamanee Rabbee. ʹInnee taraktu millata q̣awmil laa yuʹminoona billaahi wa-hum̃ bil-ʹAakhirati hum kaafiroon.
‘නුඹලා දෙදෙනාට පෝෂණය වශයෙන් දෙනු ලබන ආහාර නුඹලා වෙත නොපැමිණි නමුත් නුඹලා දෙදෙනාට එය පැමිණීමට පෙර එහි යථාර්ථය නුඹලා දෙදෙනාට දන්වමි’ යැයි ඔහු පැවසුවේ ය.’ එය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයිනි. අල්ලාහ්ව විශ්වාස නො කරන ජනයාගේ පිළිවෙත මම අත හැරියෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.’
-
12:38
وَٱتَّبَعْتُ مِلَّةَ ءَابَآءِىٓ إِبْرَٰهِيمَ وَإِسْحَـٰقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَآ أَن نُّشْرِكَ بِٱللَّهِ مِن شَىْءٍ ۚ ذَٰلِكَ مِن فَضْلِ ٱللَّهِ عَلَيْنَا وَعَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ
Wattabaʻtu Millata ʹaabaaaʹeee ʹIbraaheema wa-ʹIsḥaaq̣a wa-Yaʻq̣oob; maa- kaana lanaaa ʹan nushrika billaahi miñ shayʹ: ẓaalika miñ faḍlil laahi ʻalaynaa wa-ʻalan naasi wa-laakinna ʹaks̤aran naasi laa- yashkuroon.
‘තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම්, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නො වීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්‍යය අතරිනි. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති.’
-
12:39
يَـٰصَـٰحِبَىِ ٱلسِّجْنِ ءَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ
Yaa-ṣaaḥibayis sijni ʹaʹarbaabum mutafarriq̣oona khayrun ʹamil laahul Waaḥidul Q̣ahhaar?
‘අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! උතුම් වනුයේ (වෙන් වෙන්ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එක ම දෙවිඳුන් අල්ලාහ් ද?’
-
12:40
مَا تَعْبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسْمَآءً سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَـٰنٍ ۚ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
Maa- taʻbudoona miñ dooniheee ʹillaaa ʹasmaaaʹañ sammaytumoohaaa ʹañtum wa-ʹaabaaaʹukum maaa ʹañzalal laahu bihaa miñ sulṭaan: ʹinil Ḥukmu ʹillaa lillaah: ʹamara ʹallaa taʻbudooo ʹillaaa ʹiyyaah: ẓaalikad Deenul Q̣ayyimu wa-laakinna ʹaks̤aran naasi laa- yaʻlamoon.
‘ඔහු හැර දමා නුඹලා නැමදුම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස වෙනකක් නැත. අල්ලාහ් ඒ පිළිබඳව කිසිදු සාධකයක් පහළ කළේ නැත. තීන්දු කිරීම අල්ලාහ්ට මිස වෙනත් කිසිවකුට නැත. නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නො කළ යුතු බවට ඔහු අණ කළේ ය. එයයි ඍජු දහම වනුයේ. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.’
-
12:41
يَـٰصَـٰحِبَىِ ٱلسِّجْنِ أَمَّآ أَحَدُكُمَا فَيَسْقِى رَبَّهُۥ خَمْرًا ۖ وَأَمَّا ٱلْـَٔاخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ ٱلطَّيْرُ مِن رَّأْسِهِۦ ۚ قُضِىَ ٱلْأَمْرُ ٱلَّذِى فِيهِ تَسْتَفْتِيَانِ
Yaa-ṣaaḥibayis sijni ʹammaaa ʹaḥadukumaa fayasq̣ee rabbahoo khamraa: wa-ʹammal ʹaakharu fayuṣlabu fataʹkuluṭ ṭayru mir raʹsih. Q̣uḍiyal ʹamrul laẓee feehi tastaftiyaan.
‘අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! නුඹලා දෙදෙනාගෙන් එක් අයකු වූ කලී, ඔහු තම ස්වාමියාට මත්පැන් සපයනු ඇත. අනෙක් අය වූ කලී, කුරුසයේ තබා බැද දමනු ලැබේ. එවිට ඔහුගේ හිස මත සිට පක්ෂීන් අනුභව කරයි. කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා දෙදෙනා විමසා සිටියේ ද එම කරුණ තීන්දු කරනු ලැබී ය.’
-
12:42
وَقَالَ لِلَّذِى ظَنَّ أَنَّهُۥ نَاجٍ مِّنْهُمَا ٱذْكُرْنِى عِندَ رَبِّكَ فَأَنسَىٰهُ ٱلشَّيْطَـٰنُ ذِكْرَ رَبِّهِۦ فَلَبِثَ فِى ٱلسِّجْنِ بِضْعَ سِنِينَ
Wa-q̣aala lillaẓee z̤̣anna ʹannahoo naajim minhumaẓ kurnee ʻiñda rabbik. Faʹañsaahush Shayṭaanu ẓikra rabbihee falabis̤a fis sijni biḍʻa sineen.
තවද ඔවුන් දෙදෙනාගෙන් සැබැවින් ම මොහු නිදහස් වනු ඇතැයි සිතූ පුද්ගලයා අමතා, ‘නුඹේ ස්වාමියා අබියස මා ගැන මතක් කරන්න’ යැයි ඔහු (යූසුෆ්) පැවසුවේ ය. එහෙත් තම ස්වාමියා වෙත මෙනෙහි කිරීමට ෂෙයිතාන් ඔහුට අමතක කර දැමී ය. එහෙයින් ඔහු (තවත්) වසර කිහිපයක් සිරගෙහි රැඳුණේ ය.
-
12:43
وَقَالَ ٱلْمَلِكُ إِنِّىٓ أَرَىٰ سَبْعَ بَقَرَٰتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعَ سُنۢبُلَـٰتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَـٰتٍ ۖ يَـٰٓأَيُّهَا ٱلْمَلَأُ أَفْتُونِى فِى رُءْيَـٰىَ إِن كُنتُمْ لِلرُّءْيَا تَعْبُرُونَ
Wa-q̣aalal maliku ʹinneee ʹaraa sabʻa baq̣araatiñ simaaniñy yaʹkuluhunna sabʻun ʻijaafuñw Wasabʻa sumbulaatin khuḍriñw waʹukhara yaabisaat. Yaaaʹayyuhal malaʹu ʹaftoonee fee ruʹyaaya ʹiñ kuñtum lirruʹyaa taʻburoon.
තවද ‘සැබැවින් ම පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම ද සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ලෙස තිබීම ද සත්‍යවශයෙන් ම මම (සිහිනෙන්) දුටුවෙමි. ‘අහෝ ප්‍රධානියිනි! නුඹලා සිහිනවලට පලාපල කියමින් සිටියෙහු නම් මාගේ මෙම සිහිනය පිළිබඳව මාහට විස්තර කරනු’ යැයි රජතෙම පැවසුවේ ය.
-
12:44
قَالُوٓا۟ أَضْغَـٰثُ أَحْلَـٰمٍ ۖ وَمَا نَحْنُ بِتَأْوِيلِ ٱلْأَحْلَـٰمِ بِعَـٰلِمِينَ
Q̣aalooo ʹaḍg̣aas̤u ʹaḥlaam: Wa-maa naḥnu bitaʹweelil ʹaḥlaami biʻaalimeen.
‘මේවා ව්‍යාකූල සිහින වෙති. තවද අපි සිහිනවල අර්ථ පිළිබඳ දැනුමැත්තන් නො වන්නෙමු’ යැයි ඔවුහු පැවසූහ.
-
12:45
وَقَالَ ٱلَّذِى نَجَا مِنْهُمَا وَٱدَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأْوِيلِهِۦ فَأَرْسِلُونِ
Wa-q̣aalal laẓee najaa minhumaa waddakara baʻda ʹummatin ʹana ʹunabbiʹukum̃ bitaʹweelihee faʹarsiloon.
ඔවුන් දෙදෙනාගෙන් නිදහස් වූ අයට ටික කලකට පසුව (යූසුෆ් පිළිබඳ ව) මතක් වී ‘එහි අර්ථය පිළිබඳව මම නුඹලාට දැනුම් දෙමි. එහෙයින් නුඹලා මා (යූසුෆ් වෙත) යවනු’ යැයි ඔහු කී ය.
-
12:46
يُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفْتِنَا فِى سَبْعِ بَقَرَٰتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعِ سُنۢبُلَـٰتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَـٰتٍ لَّعَلِّىٓ أَرْجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ
Yoosufu ʹayyuhaṣ Ṣiddeeq̣u ʹaftinaa fee sabʻi baq̣araatiñ simaaniñy yaʹkuluhunna sabʻun ʻijaafuñw Wasabʻi sumbulaatin khuḍriñw waʹukhara yaabisaatil laʻalleee ʹarjiʻu ʹilan naasi laʻallahum yaʻlamoon.
‘අහෝ සත්‍යවාදී යූසුෆ්! පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම හා සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළිව තිබීම ගැන මට විස්තර කරන්න. මම ජනයා වෙත හැරී ගොස් (දන්වමි) ඔවුන් එය දැන ගත හැකි වනු පිණිස.’
-
12:47
قَالَ تَزْرَعُونَ سَبْعَ سِنِينَ دَأَبًا فَمَا حَصَدتُّمْ فَذَرُوهُ فِى سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلًا مِّمَّا تَأْكُلُونَ
Q̣aala tazraʻoona sabʻa sineena daʹabaa: famaa ḥaṣattum faẓaroohu fee sumbuliheee ʹillaa q̣aleelam mimmaa taʹkuloon.
‘අවුරුදු හතක් දිගට ම නුඹලා වගා කරනු ඇත. නුඹලා අස්වනු වශයෙන් නෙළාගන්නා දැයින් නුඹලා අනුභව කරන ස්වල්ප ප්‍රමාණය හැර (අනෙක් ඒවා) එහි කරල් තුළ ම තිබෙන්නට හරිනු’ යැයි ඔහු පැවසී ය.
-
12:48
ثُمَّ يَأْتِى مِنۢ بَعْدِ ذَٰلِكَ سَبْعٌ شِدَادٌ يَأْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ إِلَّا قَلِيلًا مِّمَّا تُحْصِنُونَ
S̤umma yaʹtee mim baʻdi ẓaalika sabʻuñ shidaaduñy yaʹkulna maa- q̣addamtum lahunna ʹillaa q̣aleelam mimmaa tuḥṣinoon.
‘ඉන් පසුව දරුණු (වසර) හතක් පැමිණෙනු ඇත. නුඹලා ගබඩා කරන දැයින් ස්වල්පයක් මිස නුඹලා ඒ සඳහා පෙර සූදානම් කළ (සෙසු සියළු) දෑ එය අනුභව කරනු ඇත.’
-
12:49
ثُمَّ يَأْتِى مِنۢ بَعْدِ ذَٰلِكَ عَامٌ فِيهِ يُغَاثُ ٱلنَّاسُ وَفِيهِ يَعْصِرُونَ
S̤umma yaʹtee mim baʻdi ẓaalika ʻaamuñ feehi yug̣aas̤un naasu wa-feehi yaʻṣiroon.
‘ඉන් පසුව වසරක් පැමිණෙයි. ජනයා එහි වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබනු අතර තවද ඔවුහු එහි (පලතුරු) යුෂ පෙරති.’
-
12:50
وَقَالَ ٱلْمَلِكُ ٱئْتُونِى بِهِۦ ۖ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرْجِعْ إِلَىٰ رَبِّكَ فَسْـَٔلْهُ مَا بَالُ ٱلنِّسْوَةِ ٱلَّـٰتِى قَطَّعْنَ أَيْدِيَهُنَّ ۚ إِنَّ رَبِّى بِكَيْدِهِنَّ عَلِيمٌ
Wa-q̣aalal malikuʹ toonee bih. Falammaa jaaaʹahur rasoolu q̣aalar jiʻ ʹilaa rabbika fasʹalhu maa- baalun niswatil laatee q̣aṭṭaʻna ʹaydiyahunn? ʹInna Rabbee bikaydihinna ʻAleem.
තවද ‘ඔහු මා වෙත ගෙන එනු’ යැයි රජතෙම පැවසී ය. එහෙත් දූතයා ඔහු(යූසුෆ්) වෙත පැමිණි කල්හි ‘ඔබ ඔබේ ස්වාමියා වෙත හැරී ගොස් තම අත් කපා ගත් කාන්තාවන්ගේ තත්ත්වය කුමක් දැ? යි ඔහුගෙන් විමසනු. නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔවුන්ගේ උපාය පිළිබඳ සර්ව ඥානීය’ යැයි පැවසුවේ ය.
-
12:51
قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفْسِهِۦ ۚ قُلْنَ حَـٰشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِن سُوٓءٍ ۚ قَالَتِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ ٱلْـَٔـٰنَ حَصْحَصَ ٱلْحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّـٰدِقِينَ
Q̣aala maa- khaṭbukunna ʹiẓ raawattunna Yoosufa ʻan nafsih? Q̣ulna Ḥaasha lillaahi maa- ʻalimnaa ʻalayhi miñ soooʹ! Q̣aalatim raʹatul ʻAzeezil ʹaana ḥaṣḥaṣal ḥaq̣q̣: ʹana raawattuhoo ʻan nafsihee wa-ʹinnahoo laminaṣ Ṣaadiq̣een.
‘නුඹලා යූසුෆ් පොලඹවා ගන්නට තැත් කළ අවස්ථාවේ නුඹලාට කුමක් වී දැ?’යි (රජු) විමසුවේ ය. ‘අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. ඔහු ගැන කිසිදු අයහපතක් අපි නො දනිමු’ යැයි ඔවුහු පැවසුවෝ ය. ‘දැන් සත්‍යය පැහැදිලි විය. ඔහුව (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළේ මම යි. තවද නියත වශයෙන් ම ඔහු සත්‍යවාදීන් අතරිනි’ යැයි පාලකයාගේ (අසීස්ගේ) බිරිය පැවසුවා ය.
-
12:52
ذَٰلِكَ لِيَعْلَمَ أَنِّى لَمْ أَخُنْهُ بِٱلْغَيْبِ وَأَنَّ ٱللَّهَ لَا يَهْدِى كَيْدَ ٱلْخَآئِنِينَ
Ẓaalika liyaʻlama ʹannee lam ʹakhunhu bilg̣aybi wa-ʹannal laaha laa- yahdee kaydal khaaaʹineen.
එය(ට හේතුව, ඔහු) නොමැති තැන මම ඔහු(අසීස්)ට ද්‍රෝහිකම් නො කළ බවටත් සැබැවින් ම අල්ලාහ් ද්‍රෝහිකම් කරන්නන්ගේ කුමන්ත්‍රණවලට මග නො පෙන්වන බවටත් ඔහු දැන ගනු පිණිස ය.