Surah Saba
Surah Saba (Sheba) is Surah 34 of the Holy Quran, a Meccan Surah with 54 verses, available here in Sinhalese.
Verse 34:1
اَلْحَمْدُ لِلّٰهِ الَّذِیْ لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ وَلَهُ الْحَمْدُ فِی الْاٰخِرَةِ ؕ وَهُوَ الْحَكِیْمُ الْخَبِیْرُ ۟
ʹAl-Ḥamdu lillaahil laẓee lahoo maa- fis samaawaati wa-maa fil ʹarḍi wa-lahul Ḥamdu fil ʹAakhirah: wa-Huwal Ḥakeemul Khabeer.
අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සතු වූ අල්ලාහ්ට මය සියලු ප්‍රශංසා. මතු ලොවෙහි සියලු ප්‍රශංසා ද ඔහු සතු ය. තවද ඔහු සියුම් ඥානී ය; අභිඥානවන්ත ය.
Verse 34:2
یَعْلَمُ مَا یَلِجُ فِی الْاَرْضِ وَمَا یَخْرُجُ مِنْهَا وَمَا یَنْزِلُ مِنَ السَّمَآءِ وَمَا یَعْرُجُ فِیْهَا ؕ وَهُوَ الرَّحِیْمُ الْغَفُوْرُ ۟
Yaʻlamu maa- yaliju fil ʹarḍi wa-maa yakhruju minhaa wa-maa yañzilu minas samaaaʹi wa-maa yaʻruju feeha: wa-Huwar Raḥeemul G̣afoor.
මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ආරෝහණය වන දෑ ද ඔහු දනී. තවද ඔහු මහාකරුණාන්විත ය; අතික්ෂමාශීලී ය.
Verse 34:3
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لَا تَاْتِیْنَا السَّاعَةُ ؕ قُلْ بَلٰی وَرَبِّیْ لَتَاْتِیَنَّكُمْ ۙ عٰلِمِ الْغَیْبِ ۚ لَا یَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِی السَّمٰوٰتِ وَلَا فِی الْاَرْضِ وَلَاۤ اَصْغَرُ مِنْ ذٰلِكَ وَلَاۤ اَكْبَرُ اِلَّا فِیْ كِتٰبٍ مُّبِیْنٍ ۟ۗۙ
Wa-q̣aalal laẓeena kafaroo laa- taʹteenas Saaʻah: q̣ul balaa wa-Rabbee lataʹtiyannakum ʻAalimil g̣ayb. Laa- yaʻzubu ʻanhu mis̤q̣aalu ẓarratiñ fis samaawaati wa-laa fil ʹarḍi wa-laaa ʹaṣg̣aru miñ ẓaalika wa-laaa ʹakbaru ʹillaa fee kitaabim mubeen:
තවද ‘අවසන් හෝරාව අප වෙත නො පැමිණෙනු ඇතැ’යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. එසේ නොව අදෘශ්‍යමාන දෑ දන්නා වූ මාගේ පරමාධිපති මත දිවුරා පවසමි! නියත වශයෙන් ම එය නුඹලා වෙත පැමිණෙනු ඇත. අහස්හි හෝ වේවා මහපොළොවේ හෝ වේවා අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඊට වඩා කුඩා දෙයක් හෝ විශාල දෙයක් හෝ තිබුණ ද එය පැහැදිලි ලේඛනයේ සඳහන්ව මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 34:4
لِّیَجْزِیَ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ؕ اُولٰٓىِٕكَ لَهُمْ مَّغْفِرَةٌ وَّرِزْقٌ كَرِیْمٌ ۟
Liyajziyal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaat: ʹulaaaʹika lahum Mag̣firatuñw Wa-Rizq̣uñ kareem.
(මෙය) විශ්වාස කොට යහකම් කළවුනට ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිස ය. සමාව හා ගෞරවනීය පෝෂණ සම්පත් හිමි අය ඔවුහු ම ය.
Verse 34:5
وَالَّذِیْنَ سَعَوْ فِیْۤ اٰیٰتِنَا مُعٰجِزِیْنَ اُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ مِّنْ رِّجْزٍ اَلِیْمٌ ۟
Wallaẓeena saʻaw feee ʹAayaatinaa muʻaajizeena ʹulaaaʹika lahum ʻaẓaabum mir rijzin ʹaleem.
තවද අපගේ වදන් පරාජය කිරීමට වෑයම් කළවුන් වනාහි ඔවුනට නපුරු දඬුවම් ඇත.
Verse 34:6
وَیَرَی الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ الَّذِیْۤ اُنْزِلَ اِلَیْكَ مِنْ رَّبِّكَ هُوَ الْحَقَّ ۙ وَیَهْدِیْۤ اِلٰی صِرَاطِ الْعَزِیْزِ الْحَمِیْدِ ۟
Wa-yaral laẓeena ʹootul ʻilmal laẓeee ʹuñzila ʹilayka mir Rabbika huwal Ḥaq̣q̣a wa-yahdeee ʹilaa Ṣiraaṭil ʻAzeezil Ḥameed.
තවද ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරනු ලැබූ දෑ; එය මය සත්‍යය යැයි ද, එය ප්‍රශංසාලාභී සර්ව බලධාරියාණන්ගේ මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි ද, ඥානය දෙනු ලැබූවන් දකිනු ඇත.
Verse 34:7
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا هَلْ نَدُلُّكُمْ عَلٰی رَجُلٍ یُّنَبِّئُكُمْ اِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ ۙ اِنَّكُمْ لَفِیْ خَلْقٍ جَدِیْدٍ ۟ۚ
Wa-q̣aalal lazeena kafaroo hal nadullukum ʻalaa rajuliñy yunabbiʹukum ʹiẓaa muzziq̣tum kulla mumazzaq̣in ʹinnakum lafee khalq̣iñ jadeed?
තවද නුඹලා පූර්ණ ලෙස කීතුකීතුවලට ඉරා දමනු ලැබ පසුව නව මැවීමක් ලබනු ඇතැයි පවසන මිනිසෙකු පිළිබඳ අපි නුඹලාට දැනුම් දෙන්න දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් විමසා සිටියෝ ය.
Verse 34:8
اَفْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا اَمْ بِهٖ جِنَّةٌ ؕ بَلِ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ فِی الْعَذَابِ وَالضَّلٰلِ الْبَعِیْدِ ۟
ʹAftaraa ʻalal laahi kaẓiban ʹam̃ bihee jinnah? Balil laẓeena laa- yuʹminoona bil-ʹAakhirati filʻAẓaabi waḍ Ḍalaalil baʻeed.
ඔහු (මුහම්මද්) අල්ලාහ් කෙරෙහි ප්‍රබන්ධයන් ගෙතුවේ ද? එසේ නැතහොත් ඔහු උමතුවෙන් සිටී ද? නැත. මතුලොව පිළිබඳව විශ්වාස නො කරන්නෝ දඬුවමෙහි හා අන්ත මුළාවෙහි පසුවෙති.
Verse 34:9
اَفَلَمْ یَرَوْا اِلٰی مَا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ مِّنَ السَّمَآءِ وَالْاَرْضِ ؕ اِنْ نَّشَاْ نَخْسِفْ بِهِمُ الْاَرْضَ اَوْ نُسْقِطْ عَلَیْهِمْ كِسَفًا مِّنَ السَّمَآءِ ؕ اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لِّكُلِّ عَبْدٍ مُّنِیْبٍ ۟۠
ʹAfalam yaraw ʹilaa maa- bayna ʹaydeehim wa-maa khalfahum minas samaaaʹi wal-ʹarḍ? ʹIn nashaʹ nakhsif bihimul ʹarḍa ʹaw nusq̣iṭ ʻalayhim kisafam minas samaaaʹ. ʹInna fee ẓaalika laʹAayatal likulli ʻabdim muneeb.
අහසෙහි හා මහපොළොවෙහි ඔවුන් අතර ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ වෙත ඔවුහු නො බැලුවෝ ද? අපි අභිමත කරන්නේ නම් අපි ඔවුන් පොළොවට කිදා බස්වන්නෙමු. එසේ නැතහොත් අහසින් කැබැල්ලක් ඔවුන් වෙත වැටෙන්නට සලස්වමු. නියත වශයෙන් ම (අල්ලාහ් වෙත) නැඹුරු වන සෑම ගැත්තෙකු සඳහා ම එහි සංඥාවක් ඇත.
Verse 34:10
وَلَقَدْ اٰتَیْنَا دَاوٗدَ مِنَّا فَضْلًا ؕ یٰجِبَالُ اَوِّبِیْ مَعَهٗ وَالطَّیْرَ ۚ وَاَلَنَّا لَهُ الْحَدِیْدَ ۟ۙ
Wa-laq̣ad ʹaataynaa Daawooda minnaa Faḍlaa: yaa-Jibaalu ʹawwibee maʻahoo waṭṭayr! Wa-ʹalannaa lahul ḥadeed:―
තවද සැබැවින් ම අපි අපගෙන් වූ භාග්‍යය දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ කඳු! ඔහු සමඟ නුඹලා ද සුවිශුද්ධ කරනු. තවද (එම නියෝගය) පක්ෂීන්ට ද විය. තවද අපි ඔහුට යකඩ මොළොක් කර දුන්නෙමු.
Verse 34:11
اَنِ اعْمَلْ سٰبِغٰتٍ وَّقَدِّرْ فِی السَّرْدِ وَاعْمَلُوْا صَالِحًا ؕ اِنِّیْ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
ʹAniʻ mal saabig̣aatiñw waq̣addir fis sardi waʻmaloo ṣaaliḥaa; ʹinnee bimaa taʻmaloona Baṣeer.
(ආරක්ෂිත යුද) සන්නාහ තනනු. තවද (ඒවායෙහි) පුරුක් තුළ ප්‍රමාණයට සකස් කරනු. තවද නුඹලා යහකම් සිදු කරනු. නියත වශයෙන් ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක වෙමි.
Verse 34:12
وَلِسُلَیْمٰنَ الرِّیْحَ غُدُوُّهَا شَهْرٌ وَّرَوَاحُهَا شَهْرٌ ۚ وَاَسَلْنَا لَهٗ عَیْنَ الْقِطْرِ ؕ وَمِنَ الْجِنِّ مَنْ یَّعْمَلُ بَیْنَ یَدَیْهِ بِاِذْنِ رَبِّهٖ ؕ وَمَنْ یَّزِغْ مِنْهُمْ عَنْ اَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ السَّعِیْرِ ۟
Wa-li-Sulaymaanar reeḥa g̣uduwwuhaa shahruñw warawaaḥuhaa shahr. Wa-ʹasalnaa lahoo ʻaynal q̣iṭr; wa-minal jinni mañy yaʻmalu bayna yadayhi biʹiẓni Rabbih. Wa-mañy yazig̣ minhum ʻan ʹamrinaa nuẓiq̣hu min ʻAẓaabis saʻeer.
තවද සුලෙයිමාන්ට සුළඟ ද (දවසකින් මාස දෙකක ගමන් කරන දුරක් අපි වසඟ කර දුනිමු.) එහි උදෑසන ගමන මසක දුරකි. තවද එහි සවස ගමන මසක දුරකි. තවද අපි ඔහුට තඹ උල්පත ගලන්නට සැලැස්වූයෙමු. තවද ජින් වර්ගයා අතරින් ඔහුගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔහු ඉදිරියේ සේවය කරන්නන් ද විය. ඔවුන් අතරින් කවරෙකු අපගේ නියෝගයෙන් පෙරළී යන්නේ ද ඇවිළෙන ගින්නේ දඬුවම ඔහුට භුක්ති විඳින්නට සලස්වමු.
Verse 34:13
یَعْمَلُوْنَ لَهٗ مَا یَشَآءُ مِنْ مَّحَارِیْبَ وَتَمَاثِیْلَ وَجِفَانٍ كَالْجَوَابِ وَقُدُوْرٍ رّٰسِیٰتٍ ؕ اِعْمَلُوْۤا اٰلَ دَاوٗدَ شُكْرًا ؕ وَقَلِیْلٌ مِّنْ عِبَادِیَ الشَّكُوْرُ ۟
Yaʻmaloona lahoo maa- yashaaaʹu mim maḥaareeba wa-tamaas̤eela wa-jifaaniñ kaljawaabi wa-q̣udoorir raasiyaat. ʹIʻmalooo ʹAala Daawooda shukraa! Wa-q̣aleelum min ʻibaadiyash shakoor!
උස් ගොඩනැගිලි, ප්‍රතිමා, තටාක වැනි පාත්‍ර, (ආහාර පිසීම සඳහා) කල්දේරම් වැනි දැයින් ඔහු අභිමත කරන දෑ ඔවුහු ඔහුට සාදා දෙති. දාවූද්ගේ වැසියනි! ගුණගරුක ලෙසින් කටයුතු කරනු. තවද මාගේ ගැත්තන් අතරින් ගුණගරුක වනුයේ ස්වල්පයකි.
Verse 34:14
فَلَمَّا قَضَیْنَا عَلَیْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلٰی مَوْتِهٖۤ اِلَّا دَآبَّةُ الْاَرْضِ تَاْكُلُ مِنْسَاَتَهٗ ۚ فَلَمَّا خَرَّ تَبَیَّنَتِ الْجِنُّ اَنْ لَّوْ كَانُوْا یَعْلَمُوْنَ الْغَیْبَ مَا لَبِثُوْا فِی الْعَذَابِ الْمُهِیْنِ ۟ؕ
Falammaa q̣aḍaynaa ʻalayhil mawta maa- dallahum ʻalaa mawtiheee ʹillaa daaabbatul ʹarḍi taʹkulu miñsaʹatah: falammaa kharra tabayyanatil Jinnu ʹal law kaanoo yaʻlamoonal g̣ayba maa- labis̤oo fil ʻaẓaabil muheen.
අපි ඔහු කෙරෙහි මරණය තීන්දු කළ කල්හි ඔහුගේ මරණය පිළිබඳව ඔහුගේ සැරයටිය සපාකන භූමියේ කෘමීන් හැර අන් කිසිවක් ඔවුන් වෙත දැනුම් දුන්නේ නැත. ඔහු බිම ඇද වැටුණු කල්හි “අදෘශ්‍යමාන දෑ පිළිබඳ තමන් දැන සිටියේ නම් තමන් නින්දාසහගත දඬුවමෙහි රැඳී සිටින්නට නො තිබුණි” යැයි ජින්වරුන්ට පැහැදිලි විය.
Verse 34:15
لَقَدْ كَانَ لِسَبَاٍ فِیْ مَسْكَنِهِمْ اٰیَةٌ ۚ جَنَّتٰنِ عَنْ یَّمِیْنٍ وَّشِمَالٍ ؕ۬ كُلُوْا مِنْ رِّزْقِ رَبِّكُمْ وَاشْكُرُوْا لَهٗ ؕ بَلْدَةٌ طَیِّبَةٌ وَّرَبٌّ غَفُوْرٌ ۟
Laq̣ad kaana li-Sabaʹiñ fee maskanihim ʹAayah: Jannataani ʻañy yameeniiñw washimaal. Kuloo mir Rizq̣i Rabbikum washkuroo lah: Baldatuñ ṭayyibatuñw wa-Rabbun G̣afoor!
නිසැකවම සබඃ වාසීන්ට ඔවුන්ගේ වාසස්ථානවල සංඥාවක් තිබිණි. එහි දකුණු පසින් හා වම් පසින් උයන් දෙකක් විය. නුඹලාගේ පරමාධිපති (විසින්) ප්‍රධානය කර ඇති ආහාරයෙන් නුඹලා අනුභව කරනු. තවද නුඹලා ඔහුට කෘතවේදී වනු. නගරය ද පිවිතුරු ය. පරමාධිපති ද අතික්ෂමාශීලී ය.
Verse 34:16
فَاَعْرَضُوْا فَاَرْسَلْنَا عَلَیْهِمْ سَیْلَ الْعَرِمِ وَبَدَّلْنٰهُمْ بِجَنَّتَیْهِمْ جَنَّتَیْنِ ذَوَاتَیْ اُكُلٍ خَمْطٍ وَّاَثْلٍ وَّشَیْءٍ مِّنْ سِدْرٍ قَلِیْلٍ ۟
Faʹaʻraḍoo faʹarsalnaa ʻalayhim saylal ʻArimi wa-baddalnaahum̃ bijannatayhim jannatayni ẓawaatay ʹukulin khamṭiñw waʹas̤liñw washayʹim miñ sidriñ q̣aleel.
එහෙත් ඔවුහු පිටුපෑහ. එහෙයින් අපි ඔවුන් වෙත වේල්ලෙන් ජල ගැල්ම එව්වෙමු. තවද ඔවුන්ගේ උයන් දෙක වෙනුවට ඇඹුල් හා තිත්ත එමෙන් ම මසන් ගස්වලින් කිහිපයක් පමණක් සහිත උයන් දෙකක් ලෙසට අපි වෙනස් කළෙමු.
Verse 34:17
ذٰلِكَ جَزَیْنٰهُمْ بِمَا كَفَرُوْا ؕ وَهَلْ نُجٰزِیْۤ اِلَّا الْكَفُوْرَ ۟
Ẓaalika jazaynaahum̃ bimaa kafaroo: wa-hal nujaazeee ʹillal kafoor.
එය ඔවුන් ප්‍රතික්ෂේප කළ දෑ හේතුවෙන් අප ඔවුනට ප්‍රතිඵල වශයෙන් ලබා දුන්නකි. ගුණමකුවන්ට හැර වෙනත් කිසිවෙකුට (මේ අයුරින්) අපි ප්‍රතිවිපාක ලබා දෙන්නෙමු ද?
Verse 34:18
وَجَعَلْنَا بَیْنَهُمْ وَبَیْنَ الْقُرَی الَّتِیْ بٰرَكْنَا فِیْهَا قُرًی ظَاهِرَةً وَّقَدَّرْنَا فِیْهَا السَّیْرَ ؕ سِیْرُوْا فِیْهَا لَیَالِیَ وَاَیَّامًا اٰمِنِیْنَ ۟
Wa-jaʻalnaa baynahum wa-baynal Q̣ural latee baaraknaa feehaa q̣urañ z̤̣aahiratañw waq̣addarnaa feehas sayr: seeroo feehaa layaaliya wa-ʹayyaaman ʹaamineen.
ඔවුන් අතර හා එහි අපි සමෘද්ධිමත් කළ ගම්මානයන් අතර ප්‍රසිද්ධ ජනාවාස ඇති කළෙමු. තවද අපි එහි ගමන ද සැලසුම් කර දුන්නෙමු. නුඹලා එහි රාත්‍රියන්හි හා දහවල් කාලයන්හි සුරක්ෂිතව ගමන් කරනු.
Verse 34:19
فَقَالُوْا رَبَّنَا بٰعِدْ بَیْنَ اَسْفَارِنَا وَظَلَمُوْۤا اَنْفُسَهُمْ فَجَعَلْنٰهُمْ اَحَادِیْثَ وَمَزَّقْنٰهُمْ كُلَّ مُمَزَّقٍ ؕ اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُوْرٍ ۟
Faq̣aaloo Rabbanaa baaʻid bayna ʹasfaarinaa waz̤̣alamooo ʹañfusahum fajaʻalnaahum ʹaḥaadees̤a wa-mazzaq̣-naahum kulla mumazzaq̣. ʹInna fee ẓaalika laʹAayaatil likulli Ṣabbaariñ Shakoor.
“අපගේ පරමාධිපතියාණනි! අපගේ ගමන් අතර දුරස් කරනු මැනව” යැයි ඔවුහු ඉල්ලා සිටියෝ ය. ඔවුහු ඔවුනට ම අපරාධ කර ගත්තෝ ය. එහෙයින් අපි ඔවුන් (පුරාණ) පුවත් බවට පත් කළෙමු. තවද ඔවුන්ව මුළුමණින් ම වෙන් කර විසුරුවා හැරියෙමු. නියත වශයෙන් ම එහි ඉවසිලිවන්ත කෘතවේදී සෑම කෙනෙකුට ම සංඥා ඇත.
Verse 34:20
وَلَقَدْ صَدَّقَ عَلَیْهِمْ اِبْلِیْسُ ظَنَّهٗ فَاتَّبَعُوْهُ اِلَّا فَرِیْقًا مِّنَ الْمُؤْمِنِیْنَ ۟
Wa-laq̣ad ṣaddaq̣a ʻalayhim ʹIbleesu z̤̣annahoo fattabaʻoohu ʹillaa fareeq̣am minal Muʹmineen.
තවද ඉබ්ලීස් ඔවුන් වෙත ඔහුගේ සිතුවිලි සැබෑ කරවී ය. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නන් අතරින් පිරිසක් හැර ඔහු (සත්‍යවාදියකු ලෙස සලකා) ඔවුහු අනුගමනය කළෝ ය.
Verse 34:21
وَمَا كَانَ لَهٗ عَلَیْهِمْ مِّنْ سُلْطٰنٍ اِلَّا لِنَعْلَمَ مَنْ یُّؤْمِنُ بِالْاٰخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِیْ شَكٍّ ؕ وَرَبُّكَ عَلٰی كُلِّ شَیْءٍ حَفِیْظٌ ۟۠
Wa-maa kaana lahoo ʻalayhim miñ sulṭaanin ʹillaa linaʻlama mañy yuʹminu bil-ʹAakhirati mimman huwa minhaa fee shakk: wa-Rabbuka ʻalaa kulli shayʹin Ḥafeez̤̣.
තවද ඔවුන් කෙරෙහි ඔහුට කිසිදු ආධිපත්‍යයක් නො වීය. එහෙත් (එය) මතු ලොව පිළිබඳව ඒ ගැන සැකයෙහි පසු වන අය අතරින් විශ්වාස කරනුයේ කවුරුන් දැ? යි අප දැනගනු පිණිස පමණ ය. තවද ඔබේ පරමාධිපති සියලු දෑ කෙරෙහි ආරක්ෂක ය.
Verse 34:22
قُلِ ادْعُوا الَّذِیْنَ زَعَمْتُمْ مِّنْ دُوْنِ اللّٰهِ ۚ لَا یَمْلِكُوْنَ مِثْقَالَ ذَرَّةٍ فِی السَّمٰوٰتِ وَلَا فِی الْاَرْضِ وَمَا لَهُمْ فِیْهِمَا مِنْ شِرْكٍ وَّمَا لَهٗ مِنْهُمْ مِّنْ ظَهِیْرٍ ۟
Q̣ulid ʻul laẓeena zaʻamtum miñ doonil laah: laa- yamlikoona mis̤q̣aala ẓarratiñ fis samaawaati wa-laa fil ʹarḍi wa-maa lahum feehimaa miñ shirkiñw wamaa lahoo minhum miñ z̤̣aheer.
අල්ලාහ් හැර දමා නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 34:23
وَلَا تَنْفَعُ الشَّفَاعَةُ عِنْدَهٗۤ اِلَّا لِمَنْ اَذِنَ لَهٗ ؕ حَتّٰۤی اِذَا فُزِّعَ عَنْ قُلُوْبِهِمْ قَالُوْا مَاذَا ۙ قَالَ رَبُّكُمْ ؕ قَالُوا الْحَقَّ ۚ وَهُوَ الْعَلِیُّ الْكَبِیْرُ ۟
Wa-laa tañfaʻush shafaaʻatu ʻiñdahooo ʹillaa liman ʹaẓina lah. Ḥattaaa ʹiẓaa fuzziʻa ʻañ q̣uloobihim q̣aaloo maaẓaa q̣aala Rabbukum? Q̣aalul Ḥaq̣q̣; wa-Huwal ʻAliyyul Kabeer.
තවද කවරෙකුට ඔහු අවසර දුන්නේ ද ඔහුට හැර ඔහු අබියස මැදිහත්වීම (කිසිවෙකුට) ප්‍රයෝජනවත් වන්නේ නැත. ඔවුන්ගේ හදවත් තුළින් බිය තුරන් කරනු ලැබූ විට නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැ? යි ඔවුහු විමසති. සත්‍යය යැයි ඔවුහු පවසති. තවද ඔහු අතිශ්‍රෙෂ්ඨ ය; අති උත්තරීතර ය.
Verse 34:24
قُلْ مَنْ یَّرْزُقُكُمْ مِّنَ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ قُلِ اللّٰهُ ۙ وَاِنَّاۤ اَوْ اِیَّاكُمْ لَعَلٰی هُدًی اَوْ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
Q̣ul mañy yarzuq̣ukum minas samaawaati wal-ʹarḍ? Q̣ulil laahu wa-ʹinnaaa ʹaw ʹiyyaakum laʻalaa hudan ʹaw fee ḍalaalim mubeen!
“අහස්වලින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙනුයේ කවු දැ? යි” (නබිවරය!) නුඹ විමසනු. “අල්ලාහ්” යැයි නුඹ පවසනු. “තවද නියත වශයෙන් ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහ මග මත සිටිනුයේ? එසේ නැතහොත් පැහැදිලි මුළාවෙහි සිටිනුයේ?”
Verse 34:25
قُلْ لَّا تُسْـَٔلُوْنَ عَمَّاۤ اَجْرَمْنَا وَلَا نُسْـَٔلُ عَمَّا تَعْمَلُوْنَ ۟
Q̣ul laa tusʹaloona ʻammaaa ajramnaa wa-laa nusʹalu ʻammaa taʻmaloon.
“අප කළ වැරදි පිළිබඳ නුඹලා විමසනු නො ලබන්නෙහු ය. එමෙන් ම නුඹලා සිදු කරන දෑ පිළිබඳව අපි විමසනු නො ලබන්නෙමු” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 34:26
قُلْ یَجْمَعُ بَیْنَنَا رَبُّنَا ثُمَّ یَفْتَحُ بَیْنَنَا بِالْحَقِّ ؕ وَهُوَ الْفَتَّاحُ الْعَلِیْمُ ۟
Q̣ul yajmaʻu baynanaa Rabbunaa s̤umma yaftaḥu baynanaa bilḥaq̣q̣: wa-Huwal Fattaaḥul ʻAleem.
“අපගේ පරමාධිපති අප ඉදිරියේ එක්රැස් කර යුක්තියෙන් යුතුව අප අතර තීන්දු දෙයි. තවද ඔහු මහා තීරක ය; සර්වඥානී ය” යැයි පවසනු.
Verse 34:27
قُلْ اَرُوْنِیَ الَّذِیْنَ اَلْحَقْتُمْ بِهٖ شُرَكَآءَ كَلَّا ؕ بَلْ هُوَ اللّٰهُ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
Q̣ul ʹarooniyal laẓeena ʹalḥaq̣tum̃ bihee shurakaaaʹa kallaa. Bal Huwal laahul ʻAzeezul Ḥakeem.
“නුඹලා හවුල්කරුවන් ලෙස ඔහු සමඟ සම්බන්ධ කළ අය මාහට පෙන්වනු. එසේ නො ව, අල්ලාහ් වන ඔහු සර්ව බලධාරීය ය; මහා ප්‍රඥාවන්ත ය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 34:28
وَمَاۤ اَرْسَلْنٰكَ اِلَّا كَآفَّةً لِّلنَّاسِ بَشِیْرًا وَّنَذِیْرًا وَّلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟
Wa-maaa ʹarsalnaaka ʹillaa kaaaffatal linnaasi basheerañw wanaẓeerañw walaakinna ʹaks̤aran naasi laa- yaʻlamoon.
තවද සමස්ත ජනයාට ම ශුභාරංචි දන්වන්නකු හා අවවාද කරන්නකු ලෙසින් මිස අපි ඔබ නො එව්වෙමු. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති.
Verse 34:29
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
Wa-yaq̣ooloona mataa haaẓal waʻdu ʹiñ kuñtum ṣaadiq̣een?
තවද “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැ?” යි ඔවුහු විමසති.
Verse 34:30
قُلْ لَّكُمْ مِّیْعَادُ یَوْمٍ لَّا تَسْتَاْخِرُوْنَ عَنْهُ سَاعَةً وَّلَا تَسْتَقْدِمُوْنَ ۟۠
Q̣ul lakum meeʻaadu Yawmil laa tastaʹkhiroona ʻanhu saaʻatañw walaa tastaq̣dimoon.
“එක් දිනක ප්‍රතිඥාව නුඹලාට ඇත. නුඹලා එයින් මොහොතක් හෝ ප්‍රමාද නො වනු ඇත. තවද නුඹලා පෙරටු වන්නේ ද නැත” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 34:31
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لَنْ نُّؤْمِنَ بِهٰذَا الْقُرْاٰنِ وَلَا بِالَّذِیْ بَیْنَ یَدَیْهِ ؕ وَلَوْ تَرٰۤی اِذِ الظّٰلِمُوْنَ مَوْقُوْفُوْنَ عِنْدَ رَبِّهِمْ ۖۚ یَرْجِعُ بَعْضُهُمْ اِلٰی بَعْضِ لْقَوْلَ ۚ یَقُوْلُ الَّذِیْنَ اسْتُضْعِفُوْا لِلَّذِیْنَ اسْتَكْبَرُوْا لَوْلَاۤ اَنْتُمْ لَكُنَّا مُؤْمِنِیْنَ ۟
Wa-q̣aalal laẓeena kafaroo lan nuʹmina bihaaẓal Q̣urʹaani wa-laa billaẓee bayna yadayh. Wa-law taraaa ʹiẓiz̤̣ z̤̣aalimoona mawq̣oofoona ʻiñda Rabbihim yarjiʻu baʻḍuhum ʹilaa baʻḍinil q̣awl. Yaq̣oolul laẓeenas tuḍʻifoo lillaẓeenas takbaroo law-laaa ʹañtum lakunnaa Muʹmineen!
තවද “සැබැවින් ම අපි මෙම අල්-කුර්ආනය හා එය ඉදිරියේ ඇති දෑ විශ්වාස නො කරන්නෙමු” යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියෝ ය. තවද ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් හිටවනු ලැබූ විට ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙත (දොස් නගා) ප්‍රකාශ යොමු කරනු ඔබ දුටුවේ නම්, දුර්වල වූවෝ උඩඟු වූවන් දෙස බලා ‘නුඹලා නො වී නම් අපි දේවත්වය විශ්වාස කරන්නන් වන්නට තිබුණි’ යැයි පවසති.
Verse 34:32
قَالَ الَّذِیْنَ اسْتَكْبَرُوْا لِلَّذِیْنَ اسْتُضْعِفُوْۤا اَنَحْنُ صَدَدْنٰكُمْ عَنِ الْهُدٰی بَعْدَ اِذْ جَآءَكُمْ بَلْ كُنْتُمْ مُّجْرِمِیْنَ ۟
Q̣aalal laẓeenas takbaroo lillaẓeenas tuḍʻifooo ʹanaḥnu ṣadadnaakum ʻanil Hudaa baʻda ʹiẓ jaaaʹakum bal kuñtum mujrimeen.
උඩඟු වූවෝ දුර්වල වූවන් දෙස බලා “නුඹලා වෙත යහ මග පැමිණීමෙන් පසුව එයින් වැළැක්වූයේ අප දැ”යි විමසති. “එසේ නොව නුඹලා වැරදි කරමින් සිටින්නෝ වූහ.”
Verse 34:33
وَقَالَ الَّذِیْنَ اسْتُضْعِفُوْا لِلَّذِیْنَ اسْتَكْبَرُوْا بَلْ مَكْرُ الَّیْلِ وَالنَّهَارِ اِذْ تَاْمُرُوْنَنَاۤ اَنْ نَّكْفُرَ بِاللّٰهِ وَنَجْعَلَ لَهٗۤ اَنْدَادًا ؕ وَاَسَرُّوا النَّدَامَةَ لَمَّا رَاَوُا الْعَذَابَ ؕ وَجَعَلْنَا الْاَغْلٰلَ فِیْۤ اَعْنَاقِ الَّذِیْنَ كَفَرُوْا ؕ هَلْ یُجْزَوْنَ اِلَّا مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
Wa-q̣aalal laẓeenas tuḍʻifoo lillaẓeenas takbaroo bal makrul layli wannahaari ʹiẓ taʹmuroonanaaa ʹan nakfura billaahi wa-najʻala lahooo ʹañdaadaa! Wa-ʹasarrun nadaamata lammaa raʹawul ʻAẓaab. Wa-jaʻalnal ʹag̣laala feee ʹaʻnaaq̣il laẓeena kafaroo: hal yujzawna ʹillaa maa- kaanoo yaʻmaloon.
තවද දුර්වල වූවෝ උඩගු වූවන් දෙස බලා “එසේ නොව (ඊට හේතුව) අල්ලාහ්ව අප ප්‍රතික්ෂේප කරන්නටත් ඔහුට අප සමානයන් තබන්නටත් අප වෙත නුඹලා අණ කරමින් රාත්‍රියෙහි හා දහවලෙහි කළ කුමන්ත්‍රණය වේ” යැයි පවසති. තවද දඬුවම ඔවුහු දුටු කල්හි ඔවුහු පසුතැවිල්ලට පත් වෙති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ ගෙලවල්හි අපි විලංගු දමන්නෙමු. ඔවුන් සිදු කරමින් සිටි දෑට මිස වෙනත් කිසිවකට ඔවුන් ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ද?
Verse 34:34
وَمَاۤ اَرْسَلْنَا فِیْ قَرْیَةٍ مِّنْ نَّذِیْرٍ اِلَّا قَالَ مُتْرَفُوْهَاۤ ۙ اِنَّا بِمَاۤ اُرْسِلْتُمْ بِهٖ كٰفِرُوْنَ ۟
Wa-maaa ʹarsalnaa fee q̣aryatim min Naẓeerin ʹillaa q̣aala mutrafoohaaa ʹinnaa bimaaa ʹursiltum̃ bihee kaafiroon.
තවද කිසියම් ගම්මානයකට අවවාද කරන්නෙකු අප යැවූ විට එහි සුඛෝපබෝගී ජීවිතයක් ගත කරමින් සිටියවුන් ‘කවර කරුණක් නුඹලා වෙත එවනු ලබන්නේ ද එය අපි ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියා මිස නැත.
Verse 34:35
وَقَالُوْا نَحْنُ اَكْثَرُ اَمْوَالًا وَّاَوْلَادًا ۙ وَّمَا نَحْنُ بِمُعَذَّبِیْنَ ۟
Wa-q̣aaloo naḥnu ʹaks̤aru ʹawlaadañw waʹamwaalañw wamaa naḥnu bimuʻaẓẓabeen.
තවද “අපි ධනයෙන් හා දරුවන්ගෙන් අධික අය වෙමු. තවද අපි දඬුවම් කරනු ලබන්නන් අතරින් නො වෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.
Verse 34:36
قُلْ اِنَّ رَبِّیْ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟۠
Q̣ul ʹinna Rabbee yabsuṭur Rizq̣a limañy yashaaaʹu wa-yaq̣diru wa-laakinna ʹaks̤aran naasi laa- yaʻlamoon.
“නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තවද ඔහු සීමා කරයි. එහෙත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති” යැයි (නබිවරය!) පවසනු.
Verse 34:37
وَمَاۤ اَمْوَالُكُمْ وَلَاۤ اَوْلَادُكُمْ بِالَّتِیْ تُقَرِّبُكُمْ عِنْدَنَا زُلْفٰۤی اِلَّا مَنْ اٰمَنَ وَعَمِلَ صَالِحًا ؗ فَاُولٰٓىِٕكَ لَهُمْ جَزَآءُ الضِّعْفِ بِمَا عَمِلُوْا وَهُمْ فِی الْغُرُفٰتِ اٰمِنُوْنَ ۟
Wa-maaa ʹamwaalukum wa-laaa ʹawlaadukum billatee tuq̣arribukum ʻiñdanaa zulfaaa ʹillaa man ʹaamana wa-ʻamila ṣaaliḥaa. Faʹulaaaʹika lahum Jazaaaʹuḍ ḍiʻfi bimaa ʻamiloo wa-hum fil g̣urufaati ʹaaminoon!
තවද අප අබියසට නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාව සමීප කරවන්නක් ලෙස නොමැත. එහෙත් විශ්වාස කොට යහකම් කළ අය හැර. ඔවුන් සිදු කළ දෑ සඳහා දෙගුණයක් ප්‍රතිඵල ඇත්තෝ ඔවුහු ම ය. තවද ඔවුහු (ස්වර්ග) කුටිවල සුරක්ෂිතයෝ වෙති.
Verse 34:38
وَالَّذِیْنَ یَسْعَوْنَ فِیْۤ اٰیٰتِنَا مُعٰجِزِیْنَ اُولٰٓىِٕكَ فِی الْعَذَابِ مُحْضَرُوْنَ ۟
Wallaẓeena yasʻawna feee ʹAayaatinaa muʻaajizeena ʹulaaaʹika fil ʻAẓaabi muḥḍaroon.
තවද අපගේ වදන් පරාජය කරන්නට තැත් කරන අය වනාහි ඔවුහු ම දඬුවමට සම්මුඛ කරනු ලබන්නෝ.
Verse 34:39
قُلْ اِنَّ رَبِّیْ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ وَیَقْدِرُ لَهٗ ؕ وَمَاۤ اَنْفَقْتُمْ مِّنْ شَیْءٍ فَهُوَ یُخْلِفُهٗ ۚ وَهُوَ خَیْرُ الرّٰزِقِیْنَ ۟
Q̣ul ʹinna Rabbee yabsuṭur Rizq̣a limañy yashaaaʹu min ʻibaadihee wa-yaq̣diru lah. Wa-maaa ʹañfaq̣tum miñ shayʹiñ fa-Huwa yukhlifuh: wa-Huwa Khayrur Raaziq̣een.
“නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙයි. තවද ඔහුට (එය) සීමා කරයි. තවද නුඹලා කවර දෙයක් (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නෙහු ද ඔහුට (එහි ප්‍රතිඵල) ඔහු පසුවට ලබා දෙයි. තවද ඔහු පෝෂණ සම්පත් ලබා දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 34:40
وَیَوْمَ یَحْشُرُهُمْ جَمِیْعًا ثُمَّ یَقُوْلُ لِلْمَلٰٓىِٕكَةِ اَهٰۤؤُلَآءِ اِیَّاكُمْ كَانُوْا یَعْبُدُوْنَ ۟
Wa-Yawma yaḥshuruhum jameeʻañ s̤umma yaq̣oolu lilmalaaaʹikati ʹa-haaaʹulaaaʹi ʹiyyaakum kaanoo yaʻbudoon?
තවද එදින ඔහු ඔවුන් සියලු දෙනා එක්රැස් කොට පසුව “නුඹලාව නමදිමින් සිටියවුන් මොවූහු දැ?”යි මලක්වරුන්ගෙන් විමසා සිටී.
Verse 34:41
قَالُوْا سُبْحٰنَكَ اَنْتَ وَلِیُّنَا مِنْ دُوْنِهِمْ ۚ بَلْ كَانُوْا یَعْبُدُوْنَ الْجِنَّ ۚ اَكْثَرُهُمْ بِهِمْ مُّؤْمِنُوْنَ ۟
Q̣aaloo Subḥaanaka ʹAñta Waliyyunaa miñ doonihim. Bal kaanoo yaʻbudoonal Jinn: ʹaks̤aruhum̃ bihim Muʹminoon.
“ඔබ සුවිශුද්ධ ය. ඔවුන් නොව ඔබ මය අපගේ භාරකරු. එහෙත් ඔවුහු ජින් වර්ගයාට ගැතිකම් කරමින් සිටියහ. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන් ගැන විශ්වාස කරන්නෝ යැ”යි ඔවුහු පවසති.
Verse 34:42
فَالْیَوْمَ لَا یَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَّفْعًا وَّلَا ضَرًّا ؕ وَنَقُوْلُ لِلَّذِیْنَ ظَلَمُوْا ذُوْقُوْا عَذَابَ النَّارِ الَّتِیْ كُنْتُمْ بِهَا تُكَذِّبُوْنَ ۟
Fal-Yawma laa- yamliku baʻḍukum libaʻḍin nafʻañw walaa ḍarraa: wa-naq̣oolu lil-laẓeena z̤̣alamoo ẓooq̣oo ʻAẓaaban Naaril latee kuñtum̃ bihaa tukaẓẓiboon!
එහෙයින් අද දින නුඹලා අතරින් ඇතැමෙකු ඇතැමෙකුට ප්‍රයෝජනයක් කිරීමට හෝ හිංසාවක් කිරීමට හෝ හිමිකම් නො දරයි. තවද “නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම භුක්ති විඳිනු” යැයි අපරාධ කළවුනට අපි පවසා සිටින්නෙමු.
Verse 34:43
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا بَیِّنٰتٍ قَالُوْا مَا هٰذَاۤ اِلَّا رَجُلٌ یُّرِیْدُ اَنْ یَّصُدَّكُمْ عَمَّا كَانَ یَعْبُدُ اٰبَآؤُكُمْ ۚ وَقَالُوْا مَا هٰذَاۤ اِلَّاۤ اِفْكٌ مُّفْتَرًی ؕ وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لِلْحَقِّ لَمَّا جَآءَهُمْ ۙ اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ مُّبِیْنٌ ۟
Wa-ʹiẓaa tutlaa ʻalayhim ʹAayaatunaa Bayyinaatiñ q̣aaloo maa- haaẓaaa ʹillaa rajuluñy yureedu ʹañy yaṣuddakum ʻammaa kaana yaʻbudu ʹaabaaaʹukum. Wa-q̣aaloo maa- haaẓaaa ʹillaaa ʹifkum muftaraa! Wa-q̣aalal laẓeena kafaroo lil-Ḥaq̣q̣i lammaa jaaaʹahum ʹin haaẓaaa ʹillaa siḥrum mubeen!
තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් පාරායනය කරනු ලබන විට “ඔහු නුඹලාගේ මුතුන් මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලා වළක්වන්නට බලන මිනිසෙකු මිස නැතැයි” ඔවුහු පැවසූහ. තවද “මෙය ගොතනු ලැබූ ප්‍රබන්ධයක් මිස නැතැයි” ද ඔවුහු පැවසූහ. ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි” එය ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.
Verse 34:44
وَمَاۤ اٰتَیْنٰهُمْ مِّنْ كُتُبٍ یَّدْرُسُوْنَهَا وَمَاۤ اَرْسَلْنَاۤ اِلَیْهِمْ قَبْلَكَ مِنْ نَّذِیْرٍ ۟ؕ
Wa-maaa ʹaataynaahum miñ Kutubiñy yadrusoonahaa wa-maaa ʹarsalnaaa ʹilayhim q̣ablaka min Naẓeer.
එනමුත් (මෙයට පෙර) ඔවුන්ට හැදෑරිය හැකි ධර්ම ග්‍රන්ථ කිසිවක් අපි ඔවුනට නො දුන්නෙමු. තවද (නබිවරය!) ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු අපි ඔවුන් වෙත නො එව්වෙමු.
Verse 34:45
وَكَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ۙ وَمَا بَلَغُوْا مِعْشَارَ مَاۤ اٰتَیْنٰهُمْ فَكَذَّبُوْا رُسُلِیْ ۫ فَكَیْفَ كَانَ نَكِیْرِ ۟۠
Wa-kaẓẓabal laẓeena miñ q̣ablihim wa-maa balag̣oo miʻshaara maaa ʹaataynaahum fakaẓẓaboo rusulee: fakayfa kaana nakeer!
තවද ඔවුනට පෙර සිටියවුන් ද බොරු කළෝ ය. අප ඔවුනට දුන් දැයින් දහයෙන් කොටසක් හෝ මොවුන් ලබා නැත. එමෙන් ම ඔවුහු මාගේ දූතවරු බොරු යැයි පැවසුවෝ ය. එහෙයින් මාගේ දඬුවම කෙසේ වී ද?
Verse 34:46
قُلْ اِنَّمَاۤ اَعِظُكُمْ بِوَاحِدَةٍ ۚ اَنْ تَقُوْمُوْا لِلّٰهِ مَثْنٰی وَفُرَادٰی ثُمَّ تَتَفَكَّرُوْا ۫ مَا بِصَاحِبِكُمْ مِّنْ جِنَّةٍ ؕ اِنْ هُوَ اِلَّا نَذِیْرٌ لَّكُمْ بَیْنَ یَدَیْ عَذَابٍ شَدِیْدٍ ۟
Q̣ul ʹinnamaaa ʹaʻiz̤̣ukum̃ biwaaḥidah: ʹañ taq̣oomoo lillaahi mas̤naa wa-furaadaa s̤umma tatafakkaroo: maa- bi-Ṣaaḥibikum miñ Jinnah: ʹin huwa ʹillaa Naẓeerul lakum̃ bayna yaday ʻAẓaabiñ shadeed.
“නියත වශයෙන් ම මම නුඹලාට උපදෙස් දෙනුයේ එක් දෙයක් පිළිබඳව ය. එනම් නුඹලා අල්ලාහ් වෙනුවෙන් දෙදෙනා බැගින් හෝ තනිව හෝ නැගී සිට පසුව සිතා බලනු. නුඹලාගේ මිතුරා උමතුවෙකු නො වේ. ඔහු ඉදිරියේ ඇති දැඩි දඬුවම පිළිබඳ නුඹලාට අවවාද කරන්නකු මිස වෙනත් අයෙකු නො වේ” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 34:47
قُلْ مَا سَاَلْتُكُمْ مِّنْ اَجْرٍ فَهُوَ لَكُمْ ؕ اِنْ اَجْرِیَ اِلَّا عَلَی اللّٰهِ ۚ وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ شَهِیْدٌ ۟
Q̣ul maa- saʹaltukum min ʹajriñ fahuwa lakum: ʹin ʹajriya ʹillaa ʻalal laah: wa-Huwa ʻalaa kulli shayʹiñ Shaheed.
“මම නුඹලාගෙන් කිසිදු කුලියක් නො ඉල්ලමි. එය නුඹලා සතු ය. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස වෙනත් අයෙකු වෙත නැත. තවද ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය” යැයි නුඹ පවසනු.
Verse 34:48
قُلْ اِنَّ رَبِّیْ یَقْذِفُ بِالْحَقِّ ۚ عَلَّامُ الْغُیُوْبِ ۟
Q̣ul ʹinna Rabbee yaq̣ẓifu bil-Ḥaq̣q̣i ʻAllaamul g̣uyoob.
“නියත වශයෙන් ම ගුප්ත දෑ පිළිබඳ මහා ඥානී මාගේ පරමාධිපති සත්‍යය පැහැදිලි කරනු ඇතැයි” (නබිවරය!) නුඹ පවසනු.
Verse 34:49
قُلْ جَآءَ الْحَقُّ وَمَا یُبْدِئُ الْبَاطِلُ وَمَا یُعِیْدُ ۟
Q̣ul jaaaʹal Ḥaq̣q̣u wa-maa yubdiʹul Baaṭilu wa-maa yuʻeed.
“සත්‍යය පැමිණ ඇත. අසත්‍යය (දෙවිවරු) කිසිවක් මැව්වේ නැත. නැවතත් එය මවන්නට යන්නේ ද නැත.” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 34:50
قُلْ اِنْ ضَلَلْتُ فَاِنَّمَاۤ اَضِلُّ عَلٰی نَفْسِیْ ۚ وَاِنِ اهْتَدَیْتُ فَبِمَا یُوْحِیْۤ اِلَیَّ رَبِّیْ ؕ اِنَّهٗ سَمِیْعٌ قَرِیْبٌ ۟
Q̣ul ʹiñ ḍalaltu faʹinnamaaa ʹaḍillu ʻalaa nafsee: waʹinih tadaytu fabimaa yooḥeee ʹilayya Rabbee: ʹinnahoo Sameeʻuñ Q̣areeb.
“මම නොමග ගියේ නම් එසේ මම නියත වශයෙන් ම නොමග යනුයේ මට ම එරෙහිව ය. තවද මම (යහ)මග ලැබුවේ නම් එය මා වෙත මාගේ පරමාධිපති දන්වා සිටි දෑ හේතුවෙනි. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්‍රාවක ය. වඩාත් සමීපය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 34:51
وَلَوْ تَرٰۤی اِذْ فَزِعُوْا فَلَا فَوْتَ وَاُخِذُوْا مِنْ مَّكَانٍ قَرِیْبٍ ۟ۙ
Wa-law taraaa ʹiẓ faziʻoo falaa fawta wa-ʹukhiẓoo mim makaaniñ q̣areeb,
තවද ඔවුහු තැතිගත් අවස්ථාව ඔබ දකින්නෙහි නම්, එවිට (ඔවුනට) මිදීමක් නැත. තවද ඔවුහු සමීප ස්ථානයකින් හසුකර ගනු ලබන්නෝ ය.
Verse 34:52
وَّقَالُوْۤا اٰمَنَّا بِهٖ ۚ وَاَنّٰی لَهُمُ التَّنَاوُشُ مِنْ مَّكَانٍ بَعِیْدٍ ۟ۚۖ
Wa-q̣aalooo ʹaamannaa bih; wa-ʹannaa lahumut tanaawushu mim makaanim baʻeed,―
තවද “අපි (දැන්) එය විශ්වාස කළෙමු” යැයි ඔවුහු පවසති. තවද දූර බැහැර ස්ථානයකින් (යමක්) ලබා ගැනීම ඔවුනට කෙසේ නම් විය හැකි ද?
Verse 34:53
وَّقَدْ كَفَرُوْا بِهٖ مِنْ قَبْلُ ۚ وَیَقْذِفُوْنَ بِالْغَیْبِ مِنْ مَّكَانٍ بَعِیْدٍ ۟
Wa-q̣ad kafaroo bihee miñ q̣ablu wa-yaq̣ẓifoona bilg̣aybi mim makaanim baʻeed?
තවද මීට පෙර ද සැබැවින් ම ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය. තවද ඔවුහු දූර බැහැර ස්ථානයක සිට අදෘශ්‍යමාන දෑ පිළිබඳ සැක පහළ කරති.
Verse 34:54
وَحِیْلَ بَیْنَهُمْ وَبَیْنَ مَا یَشْتَهُوْنَ كَمَا فُعِلَ بِاَشْیَاعِهِمْ مِّنْ قَبْلُ ؕ اِنَّهُمْ كَانُوْا فِیْ شَكٍّ مُّرِیْبٍ ۟۠
Waḥeela baynahum wabayna maa- yashtahoona kamaa fuʻila biʹashyaaʻihim miñ q̣abl: ʹinnahum kaanoo fee shakkim mureeb.
තවද මීට පෙර ඔවුනට සමාන වූවන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුවාක් මෙන් ඔවුන් අතර හා ඔවුන් ආශා කරන දෑ අතර බාධක දමනු ලැබී ය. නියත වශයෙන් ම ඔවුහු අන්ත සැකයෙහි සිටියෝ ය.