Surah Al-Ahzab
Surah Al-Ahzab (The Confederates) is Surah 33 of the Holy Quran, a Medinan Surah with 73 verses, available here in Sinhalese.
Verse 33:1
یٰۤاَیُّهَا النَّبِیُّ اتَّقِ اللّٰهَ وَلَا تُطِعِ الْكٰفِرِیْنَ وَالْمُنٰفِقِیْنَ ؕ اِنَّ اللّٰهَ كَانَ عَلِیْمًا حَكِیْمًا ۟ۙ
Yaaa-ʹayyuhan Nabiyyut taq̣il laaha wa-laa tuṭiʻil kaafireena wal-Munaafiq̣een: ʹinnal laaha kaana ʻAleeman Ḥakeemaa.
අහෝ නබිවරය! අල්ලාහ්ට නුඹ බිය බැතිමත් වනු. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින්ට නුඹ අවනත නො වනු. නියත වශයෙන් ම අල්ලාහ් සර්වඥානී මහා ප්‍රඥාවන්ත විය.
Verse 33:2
وَّاتَّبِعْ مَا یُوْحٰۤی اِلَیْكَ مِنْ رَّبِّكَ ؕ اِنَّ اللّٰهَ كَانَ بِمَا تَعْمَلُوْنَ خَبِیْرًا ۟ۙ
Wattabiʻ maa- yooḥaaa ʹilayka mir Rabbik: ʹinnal laaha kaana bimaa taʻmaloona khabeeraa.
තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත දන්වා සිටිනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත විය.
Verse 33:3
وَّتَوَكَّلْ عَلَی اللّٰهِ ؕ وَكَفٰی بِاللّٰهِ وَكِیْلًا ۟
Wa-tawakkal ʻalal laah: wa-kafaa billaahi Wakeelaa.
තවද නුඹ අල්ලාහ් වෙත භාර කරනු. තවද භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.
Verse 33:4
مَا جَعَلَ اللّٰهُ لِرَجُلٍ مِّنْ قَلْبَیْنِ فِیْ جَوْفِهٖ ۚ وَمَا جَعَلَ اَزْوَاجَكُمُ الّٰٓـِٔیْ تُظٰهِرُوْنَ مِنْهُنَّ اُمَّهٰتِكُمْ ۚ وَمَا جَعَلَ اَدْعِیَآءَكُمْ اَبْنَآءَكُمْ ؕ ذٰلِكُمْ قَوْلُكُمْ بِاَفْوَاهِكُمْ ؕ وَاللّٰهُ یَقُوْلُ الْحَقَّ وَهُوَ یَهْدِی السَّبِیْلَ ۟
Maa- jaʻalal laahu lirajulim miñ q̣albayni fee jawfih: wa-maa jaʻala ʹazwaajakumul laaaʹee tuz̤̣aahiroona minhunna ʹummahaatikum: wa-maa jaʻala ʹadʻiyaaaʹakum ʹabnaaaʹakum. Ẓaalikum q̣awlukum̃ biʹafwaahikum. Wallaahu yaq̣oolul Ḥaq̣q̣a wa-Huwa yahdis Sabeel.
මිනිසෙකුට ඔහුගේ අභ්‍යන්තරයේ හදවත් දෙකක් අල්ලාහ් ඇති නො කළේ ය. තවද ඔවුන් අතරින් නුඹලා මව(ගේ ශරීරය)ට සමකරන නුඹලාගේ බිරියන් නුඹලාගේ මව්වරුන් නො වේ. තවද නුඹලා (තම පුතුන් ලෙස) වාද කරන්නන් නුඹලාගේ පුතුන් නො වේ. එය නුඹලාගේ මුඛවලින් නුඹලා පවසන ප්‍රකාශයයි. තවද අල්ලාහ් සත්‍යය පවසයි. තවද ඔහු ඍජු මග පෙන්වයි.
Verse 33:5
اُدْعُوْهُمْ لِاٰبَآىِٕهِمْ هُوَ اَقْسَطُ عِنْدَ اللّٰهِ ۚ فَاِنْ لَّمْ تَعْلَمُوْۤا اٰبَآءَهُمْ فَاِخْوَانُكُمْ فِی الدِّیْنِ وَمَوَالِیْكُمْ ؕ وَلَیْسَ عَلَیْكُمْ جُنَاحٌ فِیْمَاۤ اَخْطَاْتُمْ بِهٖ ۙ وَلٰكِنْ مَّا تَعَمَّدَتْ قُلُوْبُكُمْ ؕ وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟
ʹUdʻoohum liʹaabaaaʹihim huwa ʹaq̣saṭu ʻiñdal laah. Faʹil lam taʻlamooo ʹaabaaaʹahum faʹikhwaanukum fid deeni wa-mawaaleekum. Wa-laysa ʻalaykum junaaḥuñ feemaaa ʹakhṭaʹtum̃ bihee wa-laakim maa taʻammadat q̣uloobukum: wa-kaanal laahu G̣afoorar Raḥeemaa.
ඔවුන්ගේ පියවරුන්ගේ වාසගමින් නුඹලා ඔවුන් අමතනු. එය අල්ලාහ් අබියස වඩාත් සාධාරණනීය ය. එසේ ඔවුන්ගේ පියවරුන් නුඹලා නො දන්නෙහු නම්, එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයින් හා නුඹලාගේ මිත්‍රයින් වෙති. කවර දෙයක් නුඹලාට වැරදුණෙහි ද එහි නුඹලා කෙරෙහි වරදක් නැත. එහෙත් නුඹලාගේ හදවත් උවමනාවෙන් කළ දෑහි (වරද ඇත.) තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය.
Verse 33:6
اَلنَّبِیُّ اَوْلٰی بِالْمُؤْمِنِیْنَ مِنْ اَنْفُسِهِمْ وَاَزْوَاجُهٗۤ اُمَّهٰتُهُمْ ؕ وَاُولُوا الْاَرْحَامِ بَعْضُهُمْ اَوْلٰی بِبَعْضٍ فِیْ كِتٰبِ اللّٰهِ مِنَ الْمُؤْمِنِیْنَ وَالْمُهٰجِرِیْنَ اِلَّاۤ اَنْ تَفْعَلُوْۤا اِلٰۤی اَوْلِیٰٓىِٕكُمْ مَّعْرُوْفًا ؕ كَانَ ذٰلِكَ فِی الْكِتٰبِ مَسْطُوْرًا ۟
ʹAn-Nabiyyu ʹawlaa bil-Muʹmineena min ʹañfusihim wa-ʹazwaajuhooo ʹummahaatuhum. Wa-ʹulul ʹarḥaami baʻḍuhum ʹawlaa bibaʻḍiñ fee Kitaabil laahi minal Muʹmineena wal-Muhaajireena ʹillaaa ʹañ tafʻalooo ʹilaaa ʹawliyaaaʹikum maʻroofaa: kaana ẓaalika fil Kitaabi masṭooraa.
දේවත්වය විශ්වාස කරන්නන් හට ඔවුනටත් වඩා මෙම නබිවරයා වඩාත් ප්‍රමුඛය. ඔහුගේ බිරියෝ ඔවුන්ගේ මාතාවෝය. දේවත්වය විශ්වාස කරන්නන් හා නික්ම ගියවුනට වඩා අල්ලාහ්ගේ නියමය තුළ ඇති පරිදි ලේ ඥාතිත්වය ඇත්තෝ ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ප්‍රමුඛත්වය හිමි විය යුත්තෝ වෙති. නමුත් නුඹලාගේ මිතුරුන් වෙත යහපත් අයුරින් කටයුතු කරනු. එය ධර්ම ග්‍රන්ථයේ ලියන ලද්දක් විය.
Verse 33:7
وَاِذْ اَخَذْنَا مِنَ النَّبِیّٖنَ مِیْثَاقَهُمْ وَمِنْكَ وَمِنْ نُّوْحٍ وَّاِبْرٰهِیْمَ وَمُوْسٰی وَعِیْسَی ابْنِ مَرْیَمَ ۪ وَاَخَذْنَا مِنْهُمْ مِّیْثَاقًا غَلِیْظًا ۟ۙ
Wa-ʹiẓ ʹakhaẓnaa minan Nabiyyeena Mees̤aaq̣ahum wa-miñka wa-min Nooḥiñw WaʹIbraaheema wa-Moosaa wa-ʻEesab ni Maryam: wa-ʹakhaẓnaa minhum Mees̤aaq̣an g̣aleez̤̣aa:
නබිවරුන් අතරින් ඔබගෙන් ද නූහ්, ඉබ්රාහීම්, මූසා හා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද ඔවුන්ගේ ප්‍රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් අතරින් දැඩි ප්‍රතිඥාවක් අපි ගත්තෙමු.
Verse 33:8
لِّیَسْـَٔلَ الصّٰدِقِیْنَ عَنْ صِدْقِهِمْ ۚ وَاَعَدَّ لِلْكٰفِرِیْنَ عَذَابًا اَلِیْمًا ۟۠
Liyasʹalaṣ Ṣaadiq̣eena ʻañ Ṣidq̣ihim: wa-ʹaʻadda lilkaafireena ʻAẓaaban ʹaleemaa.
(එසේ දැඩි ප්‍රතිඥාවක් ලබා ගත්තේ) සත්‍යාවාදීන්ගෙන් ඔවුන්ගේ සත්‍යතාව පිළිබඳ ඔහු විමසනු පිණිස ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කොට ඇත.
Verse 33:9
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اذْكُرُوْا نِعْمَةَ اللّٰهِ عَلَیْكُمْ اِذْ جَآءَتْكُمْ جُنُوْدٌ فَاَرْسَلْنَا عَلَیْهِمْ رِیْحًا وَّجُنُوْدًا لَّمْ تَرَوْهَا ؕ وَكَانَ اللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرًا ۟ۚ
Yaaaʹayyuhal laẓeena ʹaamanuẓ kuroo Niʻmatal laahi ʻalaykum ʹiẓ jaaaʹatkum junooduñ faʹarsalnaa ʻalayhim reeḥañw wajunoodal lam tarawhaa: wa-kaanal laahu bimaa taʻmaloona Baṣeeraa.
අහෝ විශ්වාස කළවුනි! නුඹලා වෙත සේනාවන් පැමිණි විට ඔවුනට එරෙහිව සැඩ සුළඟක් හා නුඹලා නො දුටු සේනාවන් ඔවුන් වෙත එවමින් අල්ලාහ් කළ ආශිර්වාදය මෙනෙහි කර බලනු. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් නිරීක්ෂක විය.
Verse 33:10
اِذْ جَآءُوْكُمْ مِّنْ فَوْقِكُمْ وَمِنْ اَسْفَلَ مِنْكُمْ وَاِذْ زَاغَتِ الْاَبْصَارُ وَبَلَغَتِ الْقُلُوْبُ الْحَنَاجِرَ وَتَظُنُّوْنَ بِاللّٰهِ الظُّنُوْنَا ۟
ʹIẓ jaaaʹookum miñ fawq̣ikum wa-min ʹasfala miñkum wa-ʹiẓ zaag̣atil ʹabṣaaru wa-balag̣atil q̣uloobul ḥanaajira wa-taz̤̣unnoona billaahiz̤̣ z̤̣unoonaa!
නුඹලාට ඉහළින් ද නුඹලාට පහළින් ද නුඹලා වෙත ඔවුහු (සේනාවෝ) පැමිණියෝ ය. තවද බැල්ම ඇල වී හදවත් උගුරු දණ්ඩ දක්වා ළඟා වී නුඹලා අල්ලාහ් පිළිබඳ නො යෙක් සිතුවිලි මවාගත් අවස්ථාව සිහිපත් කරනු.
Verse 33:11
هُنَالِكَ ابْتُلِیَ الْمُؤْمِنُوْنَ وَزُلْزِلُوْا زِلْزَالًا شَدِیْدًا ۟
Hunaalikab tuliyal Muʹminoona wa-zulziloo zilzaalañ shadeedaa.
එවිට දේවත්වය විශ්වාස කරන්නෝ පරීක්ෂාවට ලක් කරනු ලැබුවෝ ය. තවද ඔවුහු දැඩි ලෙස කම්පනයට ලක් කරනු ලැබුවෝ ය.
Verse 33:12
وَاِذْ یَقُوْلُ الْمُنٰفِقُوْنَ وَالَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ مَّا وَعَدَنَا اللّٰهُ وَرَسُوْلُهٗۤ اِلَّا غُرُوْرًا ۟
Wa-ʹiẓ yaq̣oolul Munaafiq̣oona wallaẓeena fee q̣uloobihim maraḍum maa waʻadanal laahu wa-Rasooluhooo ʹillaa g̣urooraa!
තවද කුහකයෝ හා තම හදවත් තුළ රෝග ඇත්තෝ ‘අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් රැවටීම මිස වෙනෙකක් අපට ප්‍රතිඥා දුන්නේ නැතැ’යි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
Verse 33:13
وَاِذْ قَالَتْ طَّآىِٕفَةٌ مِّنْهُمْ یٰۤاَهْلَ یَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَارْجِعُوْا ۚ وَیَسْتَاْذِنُ فَرِیْقٌ مِّنْهُمُ النَّبِیَّ یَقُوْلُوْنَ اِنَّ بُیُوْتَنَا عَوْرَةٌ ۛؕ وَمَا هِیَ بِعَوْرَةٍ ۛۚ اِنْ یُّرِیْدُوْنَ اِلَّا فِرَارًا ۟
Wa-ʹiẓ q̣aalaṭ ṭaaaʹifatum minhum yaaaʹAhla Yas̤riba laa- muq̣aama lakum farjiʻoo! Wa-yastaʹẓinu fareeq̣um minhumun Nabiyya yaq̣ooloona ʹinna buyootanaa ʻawrah. Wa-maa hiya biʻawratin ʹiñy yureedoona ʹillaa firaaraa.
තවද, “අහෝ යස්රිබ් වැසියනි! නුඹලාට (සතුරන්ට එරෙහිව) නැවතීමක් (මෙහි) නොමැත. එහෙයින් නුඹලා හැරී යනු” යි ඔවුන් අතරින් පිරිසක් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් අතරින් පිරිසක් ‘නියත වශයෙන් ම අපගේ නිවෙස් අනාරක්ෂිත’ යැයි පවසමින් නබිවරයාගෙන් අවසර පැතූහ. එහෙත් ඒවා අනාරක්ෂිත නො වීය. ඔවුහු පළා යෑම මිස වෙනෙකක් අපේක්ෂා නො කළෝ ය.
Verse 33:14
وَلَوْ دُخِلَتْ عَلَیْهِمْ مِّنْ اَقْطَارِهَا ثُمَّ سُىِٕلُوا الْفِتْنَةَ لَاٰتَوْهَا وَمَا تَلَبَّثُوْا بِهَاۤ اِلَّا یَسِیْرًا ۟
Wa-law dukhilat ʻalayhim min ʹaq̣ṭaarihaa s̤umma suʹilul fitnata laʹaatawhaa wa-maa talabbas̤oo bihaaa ʹillaa yaseeraa!
තවද ඔවුනට එරෙහිව සිව්දෙසින් (සතුරු සේනාවන්) ප්‍රවේශ කරනු ලැබ පසුව කලහකම් කරනු ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ නම්, නියත වශයෙන් ම ඔවුහු ඒ වෙත පැමිණෙන්නෝම ය. තවද ස්වල්ප දෙනෙකු හැර එහි ඔවුන් රැඳී නො සිටිනු ඇත.
Verse 33:15
وَلَقَدْ كَانُوْا عَاهَدُوا اللّٰهَ مِنْ قَبْلُ لَا یُوَلُّوْنَ الْاَدْبَارَ ؕ وَكَانَ عَهْدُ اللّٰهِ مَسْـُٔوْلًا ۟
Wa-laq̣ad kaanoo ʻaahadul laaha miñ q̣ablu laa- yuwal-loonal ʹadbaar: wa-kaana ʻahdul laahi masʹoolaa.
තවද පසුපස ලා ඔවුන් හැරී නො යන බවට මීට පෙර අල්ලාහ් සමඟ ඔවුහු ගිවිස ගත්තෝ ය. අල්ලාහ්ගේ ගිවිසුම (මතුලොවෙහි) විමසනු ලබන්නක් විය.
Verse 33:16
قُلْ لَّنْ یَّنْفَعَكُمُ الْفِرَارُ اِنْ فَرَرْتُمْ مِّنَ الْمَوْتِ اَوِ الْقَتْلِ وَاِذًا لَّا تُمَتَّعُوْنَ اِلَّا قَلِیْلًا ۟
Q̣ul lañy yañfaʻakumul firaaru ʹiñ farartum minal mawti ʹawil q̣atli wa-ʹiẓal laa tumattaʻoona ʹillaa q̣aleelaa!
“මරණයෙන් හෝ සටනින් හෝ නුඹලා පළා ගියේ නම්, එම පළා යෑම නුඹලාට ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. එවිට ස්වල්ප (කාල)යක් මිස නුඹලා භුක්ති විඳිනු නො ලබන්නෙහු” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 33:17
قُلْ مَنْ ذَا الَّذِیْ یَعْصِمُكُمْ مِّنَ اللّٰهِ اِنْ اَرَادَ بِكُمْ سُوْٓءًا اَوْ اَرَادَ بِكُمْ رَحْمَةً ؕ وَلَا یَجِدُوْنَ لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟
Q̣ul mañ ẓal laẓee yaʻṣimukum minal laahi ʹin ʹaraada bikum Soooʹan ʹaw ʹaraada bikum Raḥmah? Wa-laa yajidoona lahum miñ doonil laahi wa-liyyañw walaa naṣeeraa.
අල්ලාහ් නුඹලාට යම් නපුරක් සිතුවේ නම් හෝ නුඹලාට යම් දයාවක් සිතුවේ නම් හෝ ඔහුගෙන් නුඹලා ආරක්ෂා කරන අයවලුන් කවුරුන් ද? යැයි (නබිවරය!) නුඹ විමසනු. අල්ලාහ් හැර කිසිදු භාරකරුවකු හෝ උදව් කරුවකු හෝ ඔවුහු නො ලබති.
Verse 33:18
قَدْ یَعْلَمُ اللّٰهُ الْمُعَوِّقِیْنَ مِنْكُمْ وَالْقَآىِٕلِیْنَ لِاِخْوَانِهِمْ هَلُمَّ اِلَیْنَا ۚ وَلَا یَاْتُوْنَ الْبَاْسَ اِلَّا قَلِیْلًا ۟ۙ
Q̣ad yaʻlamul laahul muʻawwiq̣eena miñkum walq̣aaaʹileena liʹikhwaanihim halumma ʹilaynaa, wa-laa yaʹtoonal baʹsa ʹillaa q̣aleelaa,
නුඹලා අතරින් (සටනට යෑමෙන්) වළක්වන්නන් හා “අප වෙත (හැරී) එනුයි” තම සහෝදරයන්ට පවසන්නන් පිළිබඳව සැබැවින් ම අල්ලාහ් දනී. තවද ස්වල්ප දෙනකු මිස සටනට නො පැමිණෙති.
Verse 33:19
اَشِحَّةً عَلَیْكُمْ ۖۚ فَاِذَا جَآءَ الْخَوْفُ رَاَیْتَهُمْ یَنْظُرُوْنَ اِلَیْكَ تَدُوْرُ اَعْیُنُهُمْ كَالَّذِیْ یُغْشٰی عَلَیْهِ مِنَ الْمَوْتِ ۚ فَاِذَا ذَهَبَ الْخَوْفُ سَلَقُوْكُمْ بِاَلْسِنَةٍ حِدَادٍ اَشِحَّةً عَلَی الْخَیْرِ ؕ اُولٰٓىِٕكَ لَمْ یُؤْمِنُوْا فَاَحْبَطَ اللّٰهُ اَعْمَالَهُمْ ؕ وَكَانَ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرًا ۟
ʹAshiḥḥatan ʻalaykum. Faʹiẓaa jaaaʹal khawfu raʹaytahum yañz̤̣uroona ʹilayka tadooru ʹaʻyunuhum kallaẓee yug̣shaa ʻalayhi minal mawt: Faʹiẓaa ẓahabal khawfu salaq̣ookum̃ biʹalsinatin ḥidaadin ʹashiḥḥatan ʻalal khayr. ʹUlaaaʹika lam yuʹminoo faʹaḥbaṭal laahu ʹaʻmaalahum: wa-kaana ẓaalika ʻalal laahi yaseeraa.
(එය,) නුඹලාට එරෙහිව දක්වන මසුරුකමක් ලෙසිනි. එහෙත් බිය පැමිණි විට, මරණ (බි)යෙන් සිහි විකල් වූ කෙනෙකු මෙන් ඔවුන්ගේ ඇස් කැරකෙමින් ඔබ දෙස බලා සිටිනු නුඹ ඔවුන් දුටුවෙහි ය. එහෙත් බිය පහව ගිය විට වස්තු තණ්හාව හේතුවෙන් ඔවුහු තියුණු වදනින් නුඹලාට වේදනාව ගෙන දෙනු ඇත. දේවත්වය විශ්වාස නො කරන්නෝ ඔවුහු ම ය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේ ය. එය අල්ලාහ් වෙත පහසු කාර්යයක් විය.
Verse 33:20
یَحْسَبُوْنَ الْاَحْزَابَ لَمْ یَذْهَبُوْا ۚ وَاِنْ یَّاْتِ الْاَحْزَابُ یَوَدُّوْا لَوْ اَنَّهُمْ بَادُوْنَ فِی الْاَعْرَابِ یَسْاَلُوْنَ عَنْ اَنْۢبَآىِٕكُمْ ؕ وَلَوْ كَانُوْا فِیْكُمْ مَّا قٰتَلُوْۤا اِلَّا قَلِیْلًا ۟۠
Yaḥsaboonal ʹAḤZAABA lam yaẓhaboo; wa-ʹiñy yaʹtil ʹAḥzaabu yawaddoo law ʹannahum̃ baadoona fil ʹAʻraabi yasʹaloona ʻan ʹambaaaʹikum; wa-law kaanoo feekum maa q̣aatalooo ʹillaa q̣aleelaa.
සැබැවින් ම (සතුරු) සේනාවන් (තවමත් ඉවත් ව) නො ගිය බව ඔවුහු සිතති. තවද එම සේනාවන් පැමිණියේ නම් ගැමි අරාබිවරුන් අතරට ගොස් නුඹලාගේ තොරතුරු විමසීමට තිබුණේ නම් මැනවයි ඔවුහු ප්‍රිය කරති. තවද ඔවුන් නුඹලා අතර සිටියේ නම් ස්වල්ප දෙනෙකු මිස සටන් නො වදිනු ඇත.
Verse 33:21
لَقَدْ كَانَ لَكُمْ فِیْ رَسُوْلِ اللّٰهِ اُسْوَةٌ حَسَنَةٌ لِّمَنْ كَانَ یَرْجُوا اللّٰهَ وَالْیَوْمَ الْاٰخِرَ وَذَكَرَ اللّٰهَ كَثِیْرًا ۟ؕ
Laq̣ad kaana lakum fee Rasoolil laahi ʹUswatun Ḥasanatul limañ kaana yarjul laaha wal-Yawmal ʹAakhira waẓakaral laaha kas̤eeraa.
අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින් ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය.
Verse 33:22
وَلَمَّا رَاَ الْمُؤْمِنُوْنَ الْاَحْزَابَ ۙ قَالُوْا هٰذَا مَا وَعَدَنَا اللّٰهُ وَرَسُوْلُهٗ وَصَدَقَ اللّٰهُ وَرَسُوْلُهٗ ؗ وَمَا زَادَهُمْ اِلَّاۤ اِیْمَانًا وَّتَسْلِیْمًا ۟ؕ
Wa-lammaa ra ʹal-Muʹminoonal ʹAḥzaaba q̣aaloo haaẓaa maa- waʻadanal laahu wa-Rasooluhoo waṣadaq̣al laahu wa-Rasooluh. Wa-maa zaadahum ʹillaaa ʹeemaanañw Watasleemaa.
තවද දේවත්වය විශ්වාස කරන්නෝ එම (ඒකාබද්ධ) සේනාවන් දුටු කල්හි “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්‍රතිඥා දුන් දෑ මෙය වේ. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සත්‍යය පැවසීය” යැයි පැවසූහ. එය විශ්වාසය හා යටහත් වීම මිස වෙනෙකක් ඔවුනට අධික කළේ නැත.
Verse 33:23
مِنَ الْمُؤْمِنِیْنَ رِجَالٌ صَدَقُوْا مَا عَاهَدُوا اللّٰهَ عَلَیْهِ ۚ فَمِنْهُمْ مَّنْ قَضٰی نَحْبَهٗ وَمِنْهُمْ مَّنْ یَّنْتَظِرُ ۖؗ وَمَا بَدَّلُوْا تَبْدِیْلًا ۟ۙ
Minal Muʹmineena rijaaluñ ṣadaq̣oo maa- ʻaahadul laaha ʻalayh: faminhum mañ q̣aḍaa naḥbahoo wa-minhum mañy yañtaz̤̣ir: wa-maa baddaloo tabdeelaa:
කවර දෙයක් මත අල්ලාහ් සමඟ ඔවුන් ගිවිස ගත්තේ ද එය සැබෑ කළ මිනිසුන් දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වෙති. එසේ (යුද පිටියේ දිවි පුදා) තම ඉලක්කය ඉටු කර ගත්තවුන් ද ඔවුන් අතරින් වෙති. තවද බලාපොරොත්තුවෙන් සිටින්නන් ද ඔවුන් අතරින් වෙති. ඔවුහු (තමන්ගේ ගිවිසුමෙන්) කිසිදු වෙනසක් සිදු කළේ නැත.
Verse 33:24
لِّیَجْزِیَ اللّٰهُ الصّٰدِقِیْنَ بِصِدْقِهِمْ وَیُعَذِّبَ الْمُنٰفِقِیْنَ اِنْ شَآءَ اَوْ یَتُوْبَ عَلَیْهِمْ ؕ اِنَّ اللّٰهَ كَانَ غَفُوْرًا رَّحِیْمًا ۟ۚ
Liyajziyal laahuṣ Ṣaadiq̣eena bi-Ṣidq̣ihim wa-yuʻaẓẓibal Munaafiq̣eena ʹiñ shaaaʹa ʹaw yatooba ʻalayhim: ʹinnal laaha kaana G̣afoorar Raḥeemaa.
(මෙය) සත්‍යවාදීන්ට ඔවුන්ගේ සත්‍යභාවය හේතුවෙන් අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනු පිණිස ය. එමෙන් ම ඔහු අභිමත කළේ නම් කුහකයින්ට දඬුවම් කරනු පිණිස ය. එසේ නැතහොත් ඔවුන් වෙත සමාව දීම පිණිස ය. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී, මහාකරුණාන්විත විය.
Verse 33:25
وَرَدَّ اللّٰهُ الَّذِیْنَ كَفَرُوْا بِغَیْظِهِمْ لَمْ یَنَالُوْا خَیْرًا ؕ وَكَفَی اللّٰهُ الْمُؤْمِنِیْنَ الْقِتَالَ ؕ وَكَانَ اللّٰهُ قَوِیًّا عَزِیْزًا ۟ۚ
Wa-raddal laahul laẓeena kafaroo big̣ayz̤̣ihim lam yanaaloo khayraa; wa-kafal laahul Muʹmineenal q̣itaal. Wa-kaanal laahu Q̣awiyyan ʻAzeezaa.
දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ ක්‍රෝධය හේතුවෙන් ඔවුන් කිසිදු යහපතක් නො ලැබූ තත්ත්වයෙන් අල්ලාහ් ඔවුන් හරවා යැව්වේ ය. සටන් වැදීම සඳහා දේවත්වය විශ්වාස කරන්නනන්හට අල්ලාහ් ප්‍රමාණවත් විය. තවද අල්ලාහ් ශක්ති සම්පන්න සර්ව බලධාරී ය.
Verse 33:26
وَاَنْزَلَ الَّذِیْنَ ظَاهَرُوْهُمْ مِّنْ اَهْلِ الْكِتٰبِ مِنْ صَیَاصِیْهِمْ وَقَذَفَ فِیْ قُلُوْبِهِمُ الرُّعْبَ فَرِیْقًا تَقْتُلُوْنَ وَتَاْسِرُوْنَ فَرِیْقًا ۟ۚ
Wa-ʹañzalal laẓeena z̤̣aaharoohum min ʹahlil Kitaabi miñ ṣayaaṣeehim wa-q̣aẓafa fee q̣uloobihi mur-ruʻba fareeq̣añ taq̣tuloona wa-taʹsiroona fareeq̣aa.
තවද ධර්ම ග්‍රන්ථ ලත් ජනයා අතරින් ඔවුනට උර දුන් අය ඔවුන්ගේ බලකොටුවලින් ඔහු බැස්ස වීය. තවද ඔවුන්ගේ හදවත් තුළ බිය ඇති කළේ ය. පිරිසක් නුඹලා ඝාතනය කළ අතර පිරිසක් නුඹලා සිරභාරයට ගත්තෙහු ය.
Verse 33:27
وَاَوْرَثَكُمْ اَرْضَهُمْ وَدِیَارَهُمْ وَاَمْوَالَهُمْ وَاَرْضًا لَّمْ تَطَـُٔوْهَا ؕ وَكَانَ اللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرًا ۟۠
Wa-ʹawras̤akum ʹarḍahum wa-diyaarahum wa-ʹamwaalahum wa-ʹarḍal lam taṭaʹoohaa. Wa-kaanal laahu ʻalaa kulli shayiñ Q̣adeeraa.
තවද ඔවුන්ගේ භූමිය ද ඔවුන්ගේ වාසස්ථාන ද, ඔවුන්ගේ සම්පත් ද, එමෙන් ම නුඹලා එහි පය නො තැබූ භූමියක් ද ඔහු නුඹලාට උරුම කර දුන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිසම්පන්න විය.
Verse 33:28
یٰۤاَیُّهَا النَّبِیُّ قُلْ لِّاَزْوَاجِكَ اِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَیٰوةَ الدُّنْیَا وَزِیْنَتَهَا فَتَعَالَیْنَ اُمَتِّعْكُنَّ وَاُسَرِّحْكُنَّ سَرَاحًا جَمِیْلًا ۟
Yaaaʹayyuhan Nabiyyu q̣ul liʹazwaajika ʹiñ kuñtunna turidnal ḥayaatad dunyaa wa-zeenatahaa fataʻaalayna ʹumattiʻkunna wa-ʹusarriḥkunna saraahañ jameelaa.
“අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ට, “මෙලොව ජීවිතය හා එහි අලංකාරය නුඹලා ප්‍රිය කරන්නෙහු නම් එවිට නුඹලා එනු. මම නුඹලාට භුක්ති විඳින්නට සළස්වා (විවාහ බන්ධනයෙන්) අලංකාර මුදවාලීමකින් මම නුඹලාව මුදවාලමි යැයි පවසනු.
Verse 33:29
وَاِنْ كُنْتُنَّ تُرِدْنَ اللّٰهَ وَرَسُوْلَهٗ وَالدَّارَ الْاٰخِرَةَ فَاِنَّ اللّٰهَ اَعَدَّ لِلْمُحْسِنٰتِ مِنْكُنَّ اَجْرًا عَظِیْمًا ۟
Wa-ʹiñ kuñtunna turidnal laaha wa-Rasoolahoo wad-Daaral ʹAakhirata faʹinnal laaha ʹaʻadda lil-Muḥsinaati miñ-kunna ʹajran ʻaz̤̣eemaa.
තවද නුඹලා අල්ලාහ්ව, ඔහුගේ දූතයාණන් හා මතු ලොව ප්‍රිය කරමින් සිටින්නෙහු නම් එවිට දැන ගනු නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා අතරින් වූ දැහැමියන්ට මහත් වූ තිළිණ සූදානම් කර ඇත.
Verse 33:30
یٰنِسَآءَ النَّبِیِّ مَنْ یَّاْتِ مِنْكُنَّ بِفَاحِشَةٍ مُّبَیِّنَةٍ یُّضٰعَفْ لَهَا الْعَذَابُ ضِعْفَیْنِ ؕ وَكَانَ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرًا ۟
Yaa-Nisaaaʹan Nabiyyi mañy yaʹti miñkunna bifaaḥishatim mubayyinatiñy yuḍaaʻaf lahal ʻAẓaabu ḍiʻfayn: wa-kaana ẓaalika ʻalal laahi yaseeraa.
අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතරින් කවරෙකු හෝ ප්‍රකට අශීලාචාර දෙයක් සමඟ පැමිණෙන්නේ ද ඇයට දඬුවම දෙගුණයක් කරනු ලැබෙයි. තවද එය අල්ලාහ් වෙත පහසු කාර්යයක් විය.
Verse 33:31
وَمَنْ یَّقْنُتْ مِنْكُنَّ لِلّٰهِ وَرَسُوْلِهٖ وَتَعْمَلْ صَالِحًا نُّؤْتِهَاۤ اَجْرَهَا مَرَّتَیْنِ ۙ وَاَعْتَدْنَا لَهَا رِزْقًا كَرِیْمًا ۟
Wa-mañy yaq̣nut miñkunna lillaahi wa-Rasoolihee wa-taʻmal ṣaaliḥan nuʹtihaaa ʹajrahaa marratayni wa-ʹaʻtadnaa lahaa Rizq̣añ kareemaa.
නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී යහකම් සිදු කරන්නේ ද ඇයට අපි ඇයගේ කුලිය දෙවාරයක් පිරිනමමු. තවද අපි ඇය සඳහා ගෞරවනීය පෝෂණ සම්පත් සූදානම් කළෙමු.
Verse 33:32
یٰنِسَآءَ النَّبِیِّ لَسْتُنَّ كَاَحَدٍ مِّنَ النِّسَآءِ اِنِ اتَّقَیْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَیَطْمَعَ الَّذِیْ فِیْ قَلْبِهٖ مَرَضٌ وَّقُلْنَ قَوْلًا مَّعْرُوْفًا ۟ۚ
Yaa-Nisaaaʹan Nabiyyi lastunna kaʹaḥadim minan nisaaaʹi ʹinit taq̣aytunna falaa takhḍaʻna bilq̣awli fayaṭmaʻal laẓee fee q̣albihee maraḍuñw waq̣ulna q̣awlam maʻroofaa.
අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා (සෙසු) කාන්තාවන්ගෙන් කෙනෙකු මෙන් නො වන්නෙහු ය. නුඹලා අල්ලාහ්ට බැතිමත් වූයේ නම් නුඹලා සිහින් හඬින් කතා නො කරනු. එවිට කවරෙකුගේ හදවත තුළ රෝග ඇත්තේ ද ඔහු (පාපතර) ආශා ඇති කර ගනු ඇත. තවද ඔබ යහපත් වදනින් කතා කරනු.
Verse 33:33
وَقَرْنَ فِیْ بُیُوْتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِیَّةِ الْاُوْلٰی وَاَقِمْنَ الصَّلٰوةَ وَاٰتِیْنَ الزَّكٰوةَ وَاَطِعْنَ اللّٰهَ وَرَسُوْلَهٗ ؕ اِنَّمَا یُرِیْدُ اللّٰهُ لِیُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَیْتِ وَیُطَهِّرَكُمْ تَطْهِیْرًا ۟ۚ
Wa-q̣arna fee buyootikunna wa-laa tabarrajna tabarrujal Jaahiliyyatil ʹoolaa wa-ʹaq̣imnaṣ Ṣalaata wa-ʹaateenaz Zakaata wa-ʹaṭiʻnal laaha wa-Rasoolah. ʹInnamaa yureedul laahu liyuẓhiba ʻañkumur rijsa ʹAhlal Bayti wa-yuṭahhirakum taṭheeraa.
තවද නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැඳී සිටිනු. තවද පෙර අඥාන යුගයේ අලංකාරය ඉස්මතු කරමින් සැරිසැරුනාක් මෙන් නුඹලා නො සැරිසරනු. තවද සලාතය විධිමත්ව ඉටු කරනු. තවද zසකාත් ද පිරිනමනු. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. නියත වශයෙන් ම අල්ලාහ් අපේක්ෂා කරනුයේ නිවැසියන් වූ නුඹලාගෙන් කිලිටි පහකිරීමට හා නුඹලාව මුළුමණින් පිවිතුරු කිරීමට ය.
Verse 33:34
وَاذْكُرْنَ مَا یُتْلٰی فِیْ بُیُوْتِكُنَّ مِنْ اٰیٰتِ اللّٰهِ وَالْحِكْمَةِ ؕ اِنَّ اللّٰهَ كَانَ لَطِیْفًا خَبِیْرًا ۟۠
Waẓkurna maa- yutlaa fee buyootikunna min ʹAayaatil laahi wal-Ḥikmah: ʹinnal laaha kaana Laṭeefan khabeeraa.
තවද අල්ලාහ්ගේ වදන් හා ප්‍රඥාවෙන් නුඹලාගේ නිවෙස් තුළ පාරායනය කරනු ලබන දෑ නුඹලා මෙනෙහි කරනු. නියත වශයෙන් ම අල්ලාහ් සියුම් ඥානී අභිඥානවන්ත විය.
Verse 33:35
اِنَّ الْمُسْلِمِیْنَ وَالْمُسْلِمٰتِ وَالْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ وَالْقٰنِتِیْنَ وَالْقٰنِتٰتِ وَالصّٰدِقِیْنَ وَالصّٰدِقٰتِ وَالصّٰبِرِیْنَ وَالصّٰبِرٰتِ وَالْخٰشِعِیْنَ وَالْخٰشِعٰتِ وَالْمُتَصَدِّقِیْنَ وَالْمُتَصَدِّقٰتِ وَالصَّآىِٕمِیْنَ وَالصّٰٓىِٕمٰتِ وَالْحٰفِظِیْنَ فُرُوْجَهُمْ وَالْحٰفِظٰتِ وَالذّٰكِرِیْنَ اللّٰهَ كَثِیْرًا وَّالذّٰكِرٰتِ ۙ اَعَدَّ اللّٰهُ لَهُمْ مَّغْفِرَةً وَّاَجْرًا عَظِیْمًا ۟
ʹInnal Muslimeena wal-Muslimaati wal-muʹmineena wal-muʹminaati walq̣aaniteena walq̣aanitaati waṣṣaadiq̣eena waṣṣaadiq̣aati waṣṣaabireena waṣṣaabiraati walkhaashiʻeena walkhaashiʻaati walmutaṣaddiq̣eena walmutaṣaddiq̣aati waṣṣaaaʹimeena waṣṣaaaʹimaati walḥaafiz̤̣eena furoojahum walḥaafiz̤̣aati waẓ-ẓaakireenal laaha kas̤eerañw waẓ-ẓaakiraati ʹaʻaddal laahu lahum mag̣firatañw waʹajran ʻaz̤̣eemaa.
නියත වශයෙන් ම මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරියන් ද විශ්වාසවන්තයින් හා විශ්වාසවන්තිනියන් ද අවනතවන්නන් හා අවනතවන්තියන් ද සත්‍යවාදීන් හා සත්‍යවාදිනියන් ද ඉවසිලිවන්තයින් හා ඉවසිලිවන්තියන් ද බියබැතිමත්වන්නන් හා බියබැතිමත්වන්නියන් ද පරිත්‍යාගශීලීන් හා පරිත්‍යාගශීලිනියන් ද උපවාසය රකින්නන් හා උපවාසය රකින්නියන් ද තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන්නන් හා ආරක්ෂා කරන්නියන් ද අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද වනාහි, අල්ලාහ් ඔවුනට සමාව හා මහත් ප්‍රතිඵල සූදානම් කර ඇත.
Verse 33:36
وَمَا كَانَ لِمُؤْمِنٍ وَّلَا مُؤْمِنَةٍ اِذَا قَضَی اللّٰهُ وَرَسُوْلُهٗۤ اَمْرًا اَنْ یَّكُوْنَ لَهُمُ الْخِیَرَةُ مِنْ اَمْرِهِمْ ؕ وَمَنْ یَّعْصِ اللّٰهَ وَرَسُوْلَهٗ فَقَدْ ضَلَّ ضَلٰلًا مُّبِیْنًا ۟ؕ
Wa-maa kaana li-Muʹminiñw walaa Muʹminatin ʹiẓaa q̣aḍal laahu wa-Rasooluhooo ʹamran ʹañy yakoona lahumul khiyaratu min ʹamrihim: wa-mañy yaʻṣil laaha wa-Rasoolahoo faq̣ad ḍalla ḍalaalam mubeenaa.
තවද අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් යම් කරුණක් තීන්දු කළ විට ඔවුන්ගේ කරුණ පිළිබඳ ඔවුන්ගේ කැමැත්ත අනුව ක්‍රියා කිරීම දේවත්වය විශ්වාස කරන්නෙකුට හෝ කරන්නියෙකුට හෝ සුදුසු නො වීය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට පිටුපාන්නේ ද එවිට සැබැවින් ම ඔහු ප්‍රකට මුළාවකින් මුළා විය.
Verse 33:37
وَاِذْ تَقُوْلُ لِلَّذِیْۤ اَنْعَمَ اللّٰهُ عَلَیْهِ وَاَنْعَمْتَ عَلَیْهِ اَمْسِكْ عَلَیْكَ زَوْجَكَ وَاتَّقِ اللّٰهَ وَتُخْفِیْ فِیْ نَفْسِكَ مَا اللّٰهُ مُبْدِیْهِ وَتَخْشَی النَّاسَ ۚ وَاللّٰهُ اَحَقُّ اَنْ تَخْشٰىهُ ؕ فَلَمَّا قَضٰی زَیْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنٰكَهَا لِكَیْ لَا یَكُوْنَ عَلَی الْمُؤْمِنِیْنَ حَرَجٌ فِیْۤ اَزْوَاجِ اَدْعِیَآىِٕهِمْ اِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا ؕ وَكَانَ اَمْرُ اللّٰهِ مَفْعُوْلًا ۟
Wa-ʹiẓ taq̣oolu lillaẓeee ʹanʻamal laahu ʻalayhi wa-ʹanʻamta ʻalayhi ʹamsik ʻalayka zawjaka wattaq̣il laaha wa-tukhfee fee nafsika mal laahu mubdeehi watakhshan naas. Wallaahu ʹaḥaq̣q̣u ʹañ takhshaah. Falammaa q̣aḍaa Zaydum minhaa wa-ṭarañ zawwajnaakahaa likay laa- yakoona ʻalal Muʹmineena ḥarajuñ feee ʹazwaaji ʹadʻiyaaaʹihim ʹiẓaa q̣aḍaw minhunna waṭaraa. Wa-kaana ʹamrul laahi mafʻoolaa.
තවද අල්ලාහ් කවුරුන්හට දයාව පහළ කළේ ද එමෙන් ම ඔබත් ඔහු කෙරෙහි උපකාර කළේ ද ඔහුට “ඔබගේ භාර්යාව ඔබ වෙත ම තබා ගනු. තවද අල්ලාහ්ට බිය වනු” යැයි ඔබ පැවැසූ අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් එළිදරව් කිරීමට තිබූ දැය, මිනිසුන්ට බිය වී ඔබ ඔබගේ මනසෙහි සඟවා තැබුවෙහි ය. ඔබ බිය වීමට ඉතාමත් සුදුස්සා අල්ලාහ් ය. තවද සෙයිද් (තම බිරිඳ වන) ඇයගෙන් (දික්කසාද වීමට) තීන්දු කර ගත් කල්හි අපි ඇයව ඔබට විවාහ කර දුනිමු. මන්දයත් දේවත්වය විශ්වාස කරන්නන්හට, ඔවුන් විසින් දරුකමට හදා ගත් අය ඔවුන්ගේ භාර්යාවන්ගෙන් (දික්කසාද වීමට) තීන්දු කර ගත් විට (එම කාන්තාවන්ව විවාහ කර ගැනීමේ දී එය ඔවුනට) වරදක් නො වනු පිණිස ය. සැබැවින් ම මෙය සිදු කරනු ලබන අල්ලාහ්ගේ නියෝගයක් විය.
Verse 33:38
مَا كَانَ عَلَی النَّبِیِّ مِنْ حَرَجٍ فِیْمَا فَرَضَ اللّٰهُ لَهٗ ؕ سُنَّةَ اللّٰهِ فِی الَّذِیْنَ خَلَوْا مِنْ قَبْلُ ؕ وَكَانَ اَمْرُ اللّٰهِ قَدَرًا مَّقْدُوْرَا ۟ؗۙ
Maa- kaana ʻalan Nabiyyi min ḥarajiñ feemaa faraḍal laahu lah. Sunnatal laahi fil laẓeena khalaw miñ q̣abl. Wa-kaana ʹamrul laahi q̣adaram maq̣dooraa.
අල්ලාහ් ඔහුට නියම කළ දෑහි කිසිදු වරදක් නබිවරයාට නො වීය. (එය) මීට පෙර ඉකුත්ව ගියවුන් අතර වූ අල්ලාහ්ගේ පිළිවෙත ය. තවද අල්ලාහ්ගේ නියෝගය නිර්ණය කරනු ලැබූ නියමයක් විය
Verse 33:39
لَّذِیْنَ یُبَلِّغُوْنَ رِسٰلٰتِ اللّٰهِ وَیَخْشَوْنَهٗ وَلَا یَخْشَوْنَ اَحَدًا اِلَّا اللّٰهَ ؕ وَكَفٰی بِاللّٰهِ حَسِیْبًا ۟
ʹAllaẓeena yuballig̣oona Risaalaatil laahi wa-yakhshaw-nahoo wa-laa yakhshawna ʹaḥadan ʹillal laah. Wa-kafaa billaahi Ḥaseebaa.
ඔවුහු වනාහි අල්ලාහ්ගේ පණිවිඩ දන්වා සිටින්නන් වෙති. තවද ඔහුට බිය වෙති. අල්ලාහ් හැර වෙනත් කිසිවකුට බිය නො වෙති. ගණන් කරන්නෙකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.
Verse 33:40
مَا كَانَ مُحَمَّدٌ اَبَاۤ اَحَدٍ مِّنْ رِّجَالِكُمْ وَلٰكِنْ رَّسُوْلَ اللّٰهِ وَخَاتَمَ النَّبِیّٖنَ ؕ وَكَانَ اللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمًا ۟۠
Maa- kaana Muḥammadun ʹabaaa ʹaḥadim mir rijaalikum wa-laakir Rasoolal laahi wa-Khaataman Nabiyyeen: wa-kaanal laahu bikulli shayʹin ʻAleemaa.
මුහම්මද් නුඹලාගේ පිරිමින් අතරින් කිසිවකුගේ පියෙකු නො වීය. එහෙත් ඔහු අල්ලාහ්ගේ ධර්ම දූතයාණන් ය. තවද නබිවරුන්ගේ මුද්‍රාව ය. තවද සියලු දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.
Verse 33:41
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اذْكُرُوا اللّٰهَ ذِكْرًا كَثِیْرًا ۟ۙ
Yaaaʹayyuhal laẓeena ʹaamanuẓ kurul laaha ẓikrañ kas̤eeraa;
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අධික ලෙස අල්ලාහ් මෙනෙහි කරනු.
Verse 33:42
وَّسَبِّحُوْهُ بُكْرَةً وَّاَصِیْلًا ۟
Wa-sabbiḥoohu bukratañw waʹaṣeelaa.
තවද උදේ හා සවස නුඹලා ඔහු සුවිශුද්ධ කරනු.
Verse 33:43
هُوَ الَّذِیْ یُصَلِّیْ عَلَیْكُمْ وَمَلٰٓىِٕكَتُهٗ لِیُخْرِجَكُمْ مِّنَ الظُّلُمٰتِ اِلَی النُّوْرِ ؕ وَكَانَ بِالْمُؤْمِنِیْنَ رَحِیْمًا ۟
Huwal laẓee yuṣallee ʻalaykum wa-malaaaʹikatuhoo liyukhrijakum minaz̤̣ Z̤̣ulumaati ʹilan Noor: wa-kaana bil-Muʹmineena Raḥeemaa.
අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත නුඹලා බැහැර කරනු පිණිස (අල්ලාහ්) ඔහු නුඹලා වෙත ආශිර්වාද කරන්නේ ය. තවද ඔහුගේ මලක්වරුන් ද නුඹලාට ප්‍රාර්ථනා කරති. තවද ඔහු දේවත්වය විශ්වාස කරන්නන්හට මහා කාරුණික ය.
Verse 33:44
تَحِیَّتُهُمْ یَوْمَ یَلْقَوْنَهٗ سَلٰمٌ ۚۖ وَاَعَدَّ لَهُمْ اَجْرًا كَرِیْمًا ۟
Taḥiyyatuhum Yawma yalq̣awnahoo Salaam; wa-ʹaʻadda lahum ʹAjrañ Kareemaa.
ඔවුහු ඔහු හමු වන දින ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය) යන්නයි. තවද ඔහු ඔවුනට ගෞරවනීය තිළිණ සූදානම් කොට ඇත.
Verse 33:45
یٰۤاَیُّهَا النَّبِیُّ اِنَّاۤ اَرْسَلْنٰكَ شَاهِدًا وَّمُبَشِّرًا وَّنَذِیْرًا ۟ۙ
Yaaaʹayyuhan Nabiyyu ʹinnaaa ʹarsalnaaka Shaahidañw Wa-Mubashshirañw Wa-Naẓeeraa,
අහෝ නබිවරය! නියත වශයෙන් අපි ඔබ සාක්ෂිකරුවෙකු ලෙසින් ද ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද අවවාද කරන්නෙකු ලෙසින් ද එව්වෙමු.
Verse 33:46
وَّدَاعِیًا اِلَی اللّٰهِ بِاِذْنِهٖ وَسِرَاجًا مُّنِیْرًا ۟
Wa-Daaʻiyan ʹilal laahi biʹiẓnihee wa-Siraajam Muneeraa.
තවද අල්ලාහ් වෙත ඔහුගේ අනුමැතියෙන් ඇරයුම් කරන්නෙකු ලෙසින් ද අලෝකමත් කරන පහනක් ලෙසින් ද (අපි ඔබ එව්වෙමු.)
Verse 33:47
وَبَشِّرِ الْمُؤْمِنِیْنَ بِاَنَّ لَهُمْ مِّنَ اللّٰهِ فَضْلًا كَبِیْرًا ۟
Wa-bashshiril Muʹmineena biʹanna lahum minal laahi Faḍlañ kabeeraa.
තවද නියත වශයෙන් ම අල්ලාහ්ගෙන් වූ මහත් භාග්‍යය ඔවුනට ඇති බව දේවත්වය විශ්වාස කරන්නන්හට ඔබ සුබාරංචි දන්වනු.
Verse 33:48
وَلَا تُطِعِ الْكٰفِرِیْنَ وَالْمُنٰفِقِیْنَ وَدَعْ اَذٰىهُمْ وَتَوَكَّلْ عَلَی اللّٰهِ ؕ وَكَفٰی بِاللّٰهِ وَكِیْلًا ۟
Wa-laa tuṭiʻil kaafireena wal-Munaafiq̣eena wa-daʻ ʹaẓaahum wa-tawakkal ʻalal laah. Wa-kafaa billaahi Wakeelaa.
තවද ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට සහ (වංචනික) කුහකයන්ට අවනත නො වනු. තවද ඔවුන්ගේ වදහිංසා නො සලකා හරිනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. තවද භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.
Verse 33:49
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا نَكَحْتُمُ الْمُؤْمِنٰتِ ثُمَّ طَلَّقْتُمُوْهُنَّ مِنْ قَبْلِ اَنْ تَمَسُّوْهُنَّ فَمَا لَكُمْ عَلَیْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّوْنَهَا ۚ فَمَتِّعُوْهُنَّ وَسَرِّحُوْهُنَّ سَرَاحًا جَمِیْلًا ۟
Yaaaʹayyuhal laẓeena ʹaamanooo ʹiẓaa nakaḥtumul Muʹminaati s̤umma ṭallaq̣tumoohunna miñ q̣abli ʹañt amassoohunna famaa lakum ʻalayhinna min ʻIddatiñ taʻtaddoonahaa famattiʻoohunna wa-sarriḥoo-hunna saraaḥañ jameelaa.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන කාන්තාවන් විවාහ කොට පසුව නුඹලා ඔවුන් ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළහොත් නුඹලා ගණන් කරන පොරොත්තු කාලයක් නුඹලා වෙනුවෙන් ඔවුන් කෙරෙහි අනිවාර්යය නො වන්නේ ය. එවිට ඔවුනට ජීවන සම්පත් ලබා දෙනු. තවද අලංකාර මුදවාලීමකින් ඔවුන් මුදවා හරිනු.
Verse 33:50
یٰۤاَیُّهَا النَّبِیُّ اِنَّاۤ اَحْلَلْنَا لَكَ اَزْوَاجَكَ الّٰتِیْۤ اٰتَیْتَ اُجُوْرَهُنَّ وَمَا مَلَكَتْ یَمِیْنُكَ مِمَّاۤ اَفَآءَ اللّٰهُ عَلَیْكَ وَبَنٰتِ عَمِّكَ وَبَنٰتِ عَمّٰتِكَ وَبَنٰتِ خَالِكَ وَبَنٰتِ خٰلٰتِكَ الّٰتِیْ هَاجَرْنَ مَعَكَ ؗ وَامْرَاَةً مُّؤْمِنَةً اِنْ وَّهَبَتْ نَفْسَهَا لِلنَّبِیِّ اِنْ اَرَادَ النَّبِیُّ اَنْ یَّسْتَنْكِحَهَا ۗ خَالِصَةً لَّكَ مِنْ دُوْنِ الْمُؤْمِنِیْنَ ؕ قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَیْهِمْ فِیْۤ اَزْوَاجِهِمْ وَمَا مَلَكَتْ اَیْمَانُهُمْ لِكَیْلَا یَكُوْنَ عَلَیْكَ حَرَجٌ ؕ وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟
Yaaaʹayyuhan Nabiyyu ʹinnaaa ʹaḥlalnaa laka ʹazwaajakal laateee ʹaatayta ʹujoorahunna wa-maa malakat yameenuka mimmaaa ʹafaaaʹal laahu ʻalayka wa-banaati ʻammika wa-banaati ʻammaatika wa-banaati khaalika wa-banaati khaalaatikal laatee haajarna maʻak: wamraʹatam Muʹminatan ʹiñw wahabat nafsahaa lin-Nabiyyi ʹin ʹaraadan Nabiyyu ʹañy yastañkiḥahaa;― khaaliṣatal laka miñ doonil Muʹmineen; q̣ad ʻalimnaa maa- faraḍnaa ʻalayhim feee ʹazwaajihim wa-maa malakat ʹaymaanuhum likaylaa yakoona ʻalayka ḥaraj. Wa-kaanal laahu G̣afoorar Raḥeemaa.
අහෝ නබිවරය! නුඹ ඔවුන්ගේ (මහර්) කුලී ලබා දුන් නුඹගේ බිරියන් ද (යුද්ධයේ දී) අල්ලාහ් නුඹ වෙත පිරිනැමූ අය අතරින් නුඹේ දකුණත සතු කරගත් කාන්තාවන් ද නුඹ සමඟ නික්ම ගිය නුඹේ පිය පාර්ශවයේ සහෝදරයන්ගේ දූවරුන් ද, නුඹේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ දූවරුන් ද, නුඹේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ දූවරුන් ද, නුඹේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ දූවරුන් ද, නුඹට අනුමත කළෙමු. තවද (කිසිදු මහර් ලබා ගැනීමකින් තොර ව) තමන්වම නබිවරයාට පරිත්‍යාග කළ, දේවත්වය විශ්වාස කළ කාන්තාව ද නබිවරයා ඇය විවාහ කර ගැනීමට සිතුවේ නම් සෙසු මුඃමින්වරුන්ට නොව විශේෂයෙන් නුඹට පමණක් අනුමත කළෙමු. ඔවුන්ගේ බිරියන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ දකුණත් සතු කරගත් කාන්තාවත් සම්බන්ධයෙන් ඔබ වෙත වරදක් නො වනු පිණිස අපි ඔවුන් වෙත අනිවාර්යය කළ දෑ සැබැවින් ම අපි දනිමු. තවද අල්ලාහ් අතික්ෂාමාශීලී මහාකරුණාන්විත ය.
Verse 33:51
تُرْجِیْ مَنْ تَشَآءُ مِنْهُنَّ وَتُـْٔوِیْۤ اِلَیْكَ مَنْ تَشَآءُ ؕ وَمَنِ ابْتَغَیْتَ مِمَّنْ عَزَلْتَ فَلَا جُنَاحَ عَلَیْكَ ؕ ذٰلِكَ اَدْنٰۤی اَنْ تَقَرَّ اَعْیُنُهُنَّ وَلَا یَحْزَنَّ وَیَرْضَیْنَ بِمَاۤ اٰتَیْتَهُنَّ كُلُّهُنَّ ؕ وَاللّٰهُ یَعْلَمُ مَا فِیْ قُلُوْبِكُمْ ؕ وَكَانَ اللّٰهُ عَلِیْمًا حَلِیْمًا ۟
Turjee mañ tashaaaʹu minhunna wa-tuʹweee ʹilayka mañ tashaaaʹ: wa-manib tag̣ayta mimman ʻazalta falaa junaaḥa ʻalayk. Ẓaalika ʹadnaaa ʹañ taq̣arra ʹaʻyunuhunna wa-laa yaḥzanna wa-yarḍayna bimaaa ʹaataytahunna kulluhunn: wal-laahu yaʻlamu maa- fee q̣uloobikum: wa-kaanal laahu ʻAleeman Ḥaleemaa.
ඔවුන් අතරින් නුඹ කැමති අය පසෙක තැබිය හැකි ය. තවද නුඹ කැමැති අය නුඹ වෙත ළං කර ගත හැකි ය. එසේ නුඹ ඉවත් කළ අය අතරින් (නැවත ගෙන්වා ගැනීමට) අපේක්ෂා කළ අය ගැන නුඹට වරදක් නැත. ඔවුන්ගේ ඇස් පිනවනු පිණිසත් ඔවුන් දුකට පත් නො වනු පිණිසත් නුඹ ඔවුන් සියල්ලට පිරිනැමූ දෑ ඔවුන් පිළිගනු පිණිසත් එය වඩාත් සමීප ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ අල්ලාහ් දනී. තවද අල්ලාහ් සර්වඥානී ඉවසිලිවන්තයෙකු ය.
Verse 33:52
لَا یَحِلُّ لَكَ النِّسَآءُ مِنْ بَعْدُ وَلَاۤ اَنْ تَبَدَّلَ بِهِنَّ مِنْ اَزْوَاجٍ وَّلَوْ اَعْجَبَكَ حُسْنُهُنَّ اِلَّا مَا مَلَكَتْ یَمِیْنُكَ ؕ وَكَانَ اللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ رَّقِیْبًا ۟۠
Laa- yaḥillu lakan nisaaaʹu mim baʻdu wa-laaa ʹañ tabaddala bihinna min ʹazwaajiñw Walaw ʹaʻjabaka ḥusnuhunna ʹillaa maa- malakat yameenuk: wa-kaanal laahu ʻalaa kulli shayʹir Raq̣eebaa.
නුඹේ දකුණත හිමිකර ගත් අය හැර මින් පසුව (වෙනත්) කාන්තාවන් ඔවුන්ගේ අලංකාරය ඔබව මවිත කළ ද (එම) බිරියන් වෙනුවට ඔවුන් ගැනීම (නබිවරය!) ඔබට අනුමත නො වේ. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අධීක්ෂක ය.
Verse 33:53
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَدْخُلُوْا بُیُوْتَ النَّبِیِّ اِلَّاۤ اَنْ یُّؤْذَنَ لَكُمْ اِلٰی طَعَامٍ غَیْرَ نٰظِرِیْنَ اِنٰىهُ ۙ وَلٰكِنْ اِذَا دُعِیْتُمْ فَادْخُلُوْا فَاِذَا طَعِمْتُمْ فَانْتَشِرُوْا وَلَا مُسْتَاْنِسِیْنَ لِحَدِیْثٍ ؕ اِنَّ ذٰلِكُمْ كَانَ یُؤْذِی النَّبِیَّ فَیَسْتَحْیٖ مِنْكُمْ ؗ وَاللّٰهُ لَا یَسْتَحْیٖ مِنَ الْحَقِّ ؕ وَاِذَا سَاَلْتُمُوْهُنَّ مَتَاعًا فَسْـَٔلُوْهُنَّ مِنْ وَّرَآءِ حِجَابٍ ؕ ذٰلِكُمْ اَطْهَرُ لِقُلُوْبِكُمْ وَقُلُوْبِهِنَّ ؕ وَمَا كَانَ لَكُمْ اَنْ تُؤْذُوْا رَسُوْلَ اللّٰهِ وَلَاۤ اَنْ تَنْكِحُوْۤا اَزْوَاجَهٗ مِنْ بَعْدِهٖۤ اَبَدًا ؕ اِنَّ ذٰلِكُمْ كَانَ عِنْدَ اللّٰهِ عَظِیْمًا ۟
Yaaaʹayyuhal laẓeena ʹaamanoo laa- tadkhuloo buyootan Nabiyyi ʹillaaa ʹañy yuʹẓana lakum ʹilaa ṭaʻaamin g̣ayra naaz̤̣ireena ʹinaahu wa-laakin ʹiẓaa duʻeetum fadkhuloo faʹiẓaa ṭaʻimtum fañtashiroo wa-laa mustaʹniseena liḥadees̤. ʹInna ẓaalikum kaana yuʹẓin Nabiyya fayastaḥyee miñkum; wallaahu laa- yastaḥyee minal ḥaq̣q̣. Wa-ʹiẓaa saʹaltumoohunna mataaʻañ fasʹaloohunna miñw waraaaʹi ḥijaab: ẓaalikum ʹaṭharu liq̣uloobikum wa-q̣uloobihinn. Wa-maa kaana lakum ʹañ tuʹẓoo Rasoolal laahi wa-laaa ʹañ tañkiḥooo ʹazwaajahoo mim baʻdiheee ʹabadaa. ʹInna ẓaalikum kaana ʻiñdal laahi ʻaz̤̣eemaa.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සංග්‍රහයක් වෙත නුඹලාට අවසර දෙනු ලැබීමෙන් මිස නුඹලා නබිතුමාගේ නිවෙස්වලට ඇතුළු නො වනු. ඔහුගේ භාජනය දෙස බලන්නන් ලෙස නො සිටිනු. එහෙත් නුඹලා ඇරයුම් කරනු ලැබුවේ නම් එවිට නුඹලා පිවිසෙනු. එසේ නුඹලා ආහාර ගත්තේ නම් විසිර යනු. කතා කිරීම පිණිස බැඳී සිටින්නන් නො වනු. නියත වශයෙන් ම එය නබිවරයා අපහසුතාවට පත් කරනු ඇත. එවිට ඔහු නුඹලා හේතුවෙන් ලැජ්ජාවට පත් වෙයි. තවද අල්ලාහ් සත්‍යය පිළිබඳව ලැජ්ජාවට පත් නො වෙයි. තවද නුඹලා (නබිවරයාගේ බිරින්දෑවරුන් වන) ඔවුන්ගෙන් යම් වස්තුවක් ඉල්ලා සිටින විට තිරයක පසුපසින් සිට ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. එය නුඹලාගේ සිත් හා ඔවුන්ගේ සිත්වලට වඩාත් පිවිතුරු ය. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට නුඹලා වේදනා කිරීමත් ඔහුගෙන් පසුව ඔහුගේ බිරියන් කිසිවිටෙක නුඹලා විවාහ කර ගැනීමත් නුඹලාට සුදුසු නො වීය. නියත වශයෙන් ම එය අල්ලාහ් අබියස බරපතල කරුණකි.
Verse 33:54
اِنْ تُبْدُوْا شَیْـًٔا اَوْ تُخْفُوْهُ فَاِنَّ اللّٰهَ كَانَ بِكُلِّ شَیْءٍ عَلِیْمًا ۟
ʹIñ tubdoo shayʹan ʹaw tukhfoohu faʹinnal laaha kaana bikulli shayʹin ʻaleemaa.
නුඹලා යමක් හෙළි කර සිටිය ද එසේ නැතහොත් නුඹලා එය සඟවා සිටිය ද නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානී ය.
Verse 33:55
لَا جُنَاحَ عَلَیْهِنَّ فِیْۤ اٰبَآىِٕهِنَّ وَلَاۤ اَبْنَآىِٕهِنَّ وَلَاۤ اِخْوَانِهِنَّ وَلَاۤ اَبْنَآءِ اِخْوَانِهِنَّ وَلَاۤ اَبْنَآءِ اَخَوٰتِهِنَّ وَلَا نِسَآىِٕهِنَّ وَلَا مَا مَلَكَتْ اَیْمَانُهُنَّ ۚ وَاتَّقِیْنَ اللّٰهَ ؕ اِنَّ اللّٰهَ كَانَ عَلٰی كُلِّ شَیْءٍ شَهِیْدًا ۟
Laa- junaaḥa ʻalayhinna feee ʹaabaaaʹihinna wa-laaa ʹabnaaaʹihinna wa-laaa ʹikhwaanihinna wa-laaa ʹabnaaaʹi ʹikhwaanihinna wa-laaa ʹabnaaaʹi ʹakhawaatihinna wa-laa nisaaaʹihinna walaa maa- malakat ʹaymaanuhunn. Wattaq̣eenal laah; ʹinnal laaha kaana ʻalaa kulli shayʹiñ Shaheedaa.
(නබිවරයාගේ බිරියන්) ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරයන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරියන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ (සමීප) කාන්තාවන් හෝ ඔවුන්ගේ දකුණත් හිමි කරගත් (වහල්) අය විෂයෙහි ඔවුන් වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය.
Verse 33:56
اِنَّ اللّٰهَ وَمَلٰٓىِٕكَتَهٗ یُصَلُّوْنَ عَلَی النَّبِیِّ ؕ یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا صَلُّوْا عَلَیْهِ وَسَلِّمُوْا تَسْلِیْمًا ۟
ʹInnal laaha wa-Malaaaʹikatahoo yuṣalloona ʻalan Nabiyy: Yaaaʹayyuhal laẓeena ʹaamanoo ṣalloo ʻalayhi wa-sallimoo tasleemaa.
නියත වශයෙන් ම අල්ලාහ් ද ඔහුගේ මලක්වරුන් ද නබිවරයාණන්ට ආශිර්වාද කරති. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ද ඔහුට ප්‍රාර්ථනා කරනු. තවද නුඹලා සාමය පතනු.
Verse 33:57
اِنَّ الَّذِیْنَ یُؤْذُوْنَ اللّٰهَ وَرَسُوْلَهٗ لَعَنَهُمُ اللّٰهُ فِی الدُّنْیَا وَالْاٰخِرَةِ وَاَعَدَّ لَهُمْ عَذَابًا مُّهِیْنًا ۟
ʹInnal laẓeena yuʹẓoonal laaha wa-Rasoolahoo laʻanahumul laahu fid dunyaa wal-ʹAakhirati wa-ʹaʻadda lahum ʻAẓaabam muheenaa.
නියත වශයෙන් ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට හිංසා පීඩා කරන්නන් වන ඔවුනට මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් ශාප කරනු ඇත. තවද ඔවුනට නින්දාසහගත දඬුවමක් ඔහු සූදානම් කර ඇත.
Verse 33:58
وَالَّذِیْنَ یُؤْذُوْنَ الْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ بِغَیْرِ مَا اكْتَسَبُوْا فَقَدِ احْتَمَلُوْا بُهْتَانًا وَّاِثْمًا مُّبِیْنًا ۟۠
Wallaẓeena yuʹẓoonal Muʹmineena wal-Muʹminaati big̣ayri mak tasaboo faq̣adiḥ tamaloo buhtaanañw waʹis̤mam mubeenaa.
තවද දේවත්වය විශ්වාස කරන්නන්ට හා විශ්වාස කරන්නියන්ට ඔවුන් නො කළ දෙයක් වෙනුවෙන් හිංසා කරන්නන් වනාහි, ඔවුහු සැබැවින් ම මහා අපවාදයක් හා පැහැදිලි පාපයක් උසුලා ගත්තෝ ය.
Verse 33:59
یٰۤاَیُّهَا النَّبِیُّ قُلْ لِّاَزْوَاجِكَ وَبَنٰتِكَ وَنِسَآءِ الْمُؤْمِنِیْنَ یُدْنِیْنَ عَلَیْهِنَّ مِنْ جَلَابِیْبِهِنَّ ؕ ذٰلِكَ اَدْنٰۤی اَنْ یُّعْرَفْنَ فَلَا یُؤْذَیْنَ ؕ وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟
Yaaaʹayyuhan Nabiyyu q̣ul liʹazwaajika wa-banaatika wa-nisaaaʹil Muʹmineena yudneena ʻalayhinna miñ jalaabeebihinn: ẓaalika ʹadnaaa ʹañy yuʻrafna falaa yuʹẓayn. Wa-kaanal laahu G̣afoorar Raḥeemaa.
අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ටත් ඔබේ දූවරුන්ටත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ බිරියන්ටත් ඔවුන්ගේ මොට්ටැක්කිලියෙන් ඔවුන් මත (හිසේ සිට) පහළට ඇද වැටන සේ පළඳිනුයි පවසනු. එය ඔවුන් (ශිලාචාර කාන්තාවන් යැයි) හඳුනා ගැනීමටත් හිංසා කරනු නො ලැබීමටත් වඩාත් උචිත ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය.
Verse 33:60
لَىِٕنْ لَّمْ یَنْتَهِ الْمُنٰفِقُوْنَ وَالَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ وَّالْمُرْجِفُوْنَ فِی الْمَدِیْنَةِ لَنُغْرِیَنَّكَ بِهِمْ ثُمَّ لَا یُجَاوِرُوْنَكَ فِیْهَاۤ اِلَّا قَلِیْلًا ۟
Laʹil lam yañtahil Munaafiq̣oona wallaẓeena fee q̣uloobihim maraḍuñw walmurjifoona fil Madeenati lanug̣riyannaka bihim s̤umma laa- yujaawiroonaka feehaaa ʹillaa q̣aleelaa:
කුහකයින්, තම සිත් තුළ රෝග ඇත්තවුන් හා මදීනාවෙහි කටකතා පතුරුවන්නන් (ඔවුන්ගේ ක්‍රියාදාමයන්ගෙන්) ඔවුන් නො වැළකුණේ නම් අපි නුඹව ඔවුන් කෙරෙහි බලය යෙදවීමට සලස්වමු. පසුව ඔවුහු ස්වල්පයක් මිස නුඹ සමඟ අසල්වැසියන් ලෙස නො සිටිනු ඇත.
Verse 33:61
مَّلْعُوْنِیْنَ ۛۚ اَیْنَمَا ثُقِفُوْۤا اُخِذُوْا وَقُتِّلُوْا تَقْتِیْلًا ۟
Malʻooneena ʹaynamaa s̤uq̣ifooo ʹukhiẓoo wa-q̣uttiloo taq̣teelaa.
ඔවුන් ශාප කරනු ලැබූවන් ය. ඔවුන් කොතැනක හමු වුව ද ග්‍රහණය කරනු ලැබ කුරිරු ලෙස ඝාතනය කරනු ලැබේ.
Verse 33:62
سُنَّةَ اللّٰهِ فِی الَّذِیْنَ خَلَوْا مِنْ قَبْلُ ۚ وَلَنْ تَجِدَ لِسُنَّةِ اللّٰهِ تَبْدِیْلًا ۟
Sunnatal laahi fil laẓeena khalaw miñ q̣abl: wa-lañ tajida li-Sunnatil laahi tabdeelaa.
(මෙය) මීට පෙර ඉකුත් වූවන් අතර වූ අල්ලාහ්ගේ පිළිවෙතයි. තවද අල්ලාහ්ගේ පිළිවෙතට කිසිදු වෙනස්කිරීමක් ඔබ නො දකින්නෙහි ම ය.
Verse 33:63
یَسْـَٔلُكَ النَّاسُ عَنِ السَّاعَةِ ؕ قُلْ اِنَّمَا عِلْمُهَا عِنْدَ اللّٰهِ ؕ وَمَا یُدْرِیْكَ لَعَلَّ السَّاعَةَ تَكُوْنُ قَرِیْبًا ۟
Yasʹalukan naasu ʻanis Saaʻah: q̣ul ʹinnamaa ʻilmuhaa ʻiñdal laah: wa-maa yudreeka laʻallas Saaʻata takoonu q̣areebaa!
අවසන් හෝරාව පිළිබඳ ජනයා නුඹෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් අබියස යැයි නුඹ පවසනු. තවද අවසන් හෝරාව සමීපයෙන් සිදු විය හැකැයි නුඹට දන්වා සිටිනුයේ කුමක් ද?
Verse 33:64
اِنَّ اللّٰهَ لَعَنَ الْكٰفِرِیْنَ وَاَعَدَّ لَهُمْ سَعِیْرًا ۟ۙ
ʹInnal laaha laʻanal Kaafireena wa-ʹaʻadda lahum Saʻeeraa,―
නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ශාප කළේ ය. තවද ඔවුනට ඇවිළෙන ගින්න ඔහු සූදානම් කළේ ය.
Verse 33:65
خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ۚ لَا یَجِدُوْنَ وَلِیًّا وَّلَا نَصِیْرًا ۟ۚ
Khaalideena feehaaa ʹabadaa: laa- yajidoona waliyyañw walaa naṣeeraa.
ඔවුන් එහි නිරන්තර සදාතනිකයින් ය. කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුන් නො ලබනු ඇත.
Verse 33:66
یَوْمَ تُقَلَّبُ وُجُوْهُهُمْ فِی النَّارِ یَقُوْلُوْنَ یٰلَیْتَنَاۤ اَطَعْنَا اللّٰهَ وَاَطَعْنَا الرَّسُوْلَا ۟
Yawma tuq̣allabu wujoohuhum fin Naari yaq̣ooloona yaa-laytanaaa ʹaṭaʻnal laaha wa-ʹaṭaʻnar Rasoolaa!
(නිරා) ගින්නේ ඔවුන්ගේ මුහුණු පෙරළනු ලබන දින අහෝ විනාශය! අප අල්ලාහ්ට අවනත වූයේ නම් තවද මෙම රසූල්වරයාට අවනත වූයේ නම් යැයි පවසති.
Verse 33:67
وَقَالُوْا رَبَّنَاۤ اِنَّاۤ اَطَعْنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَاَضَلُّوْنَا السَّبِیْلَا ۟
Wa-q̣aaloo Rabbanaaa ʹinnaaa ʹaṭaʻnaa saadatanaa wa-kubaraaaʹanaa faʹaḍalloonas sabeelaa.
තවද අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම අපි අපගේ නායකයින් හා ප්‍රධානීන්ට අවනත වූයෙමු. එහෙයින් ඔවුහු අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය යැයි ඔවුහු පවසති.
Verse 33:68
رَبَّنَاۤ اٰتِهِمْ ضِعْفَیْنِ مِنَ الْعَذَابِ وَالْعَنْهُمْ لَعْنًا كَبِیْرًا ۟۠
Rabbanaaa ʹaatihim ḍiʻfayni minal ʻAẓaabi walʻanhum Laʻnañ kabeeraa!
අපගේ පරමාධිපතියාණනි! ඔවුනට දඬුවම දෙගුණයක් දෙනු. තවද ඔවුනට මහත් ශාපයකින් ශාප කරනු.
Verse 33:69
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَكُوْنُوْا كَالَّذِیْنَ اٰذَوْا مُوْسٰی فَبَرَّاَهُ اللّٰهُ مِمَّا قَالُوْا ؕ وَكَانَ عِنْدَ اللّٰهِ وَجِیْهًا ۟ؕ
Yaaa-ʹayyuhal laẓeena aamanoo laa-ʹ takoonoo kallaẓeena ʹaaẓaw Moosaa fabarraʹahul laahu mimmaa q̣aaloo: wa-kaana ʻiñdal laahi wajeehaa.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මූසාට හිංසා කළ අය මෙන් නුඹලා නො වනු. එවිට අල්ලාහ් ඔවුන් පවසන දැයින් ඔහුව නිදොස් කළේ ය. තවද ඔහු අල්ලාහ් අබියස ගෞරවාන්විත විය.
Verse 33:70
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَقُوْلُوْا قَوْلًا سَدِیْدًا ۟ۙ
Yaaaʹayyuhal laẓeena ʹaamanut taq̣ul laaha wa-q̣ooloo q̣awlañ sadeedaa:
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්‍රකාශය ම කතා කරනු.
Verse 33:71
یُّصْلِحْ لَكُمْ اَعْمَالَكُمْ وَیَغْفِرْ لَكُمْ ذُنُوْبَكُمْ ؕ وَمَنْ یُّطِعِ اللّٰهَ وَرَسُوْلَهٗ فَقَدْ فَازَ فَوْزًا عَظِیْمًا ۟
Yuṣliḥ lakum ʹaʻmaalakum wa-yag̣fir lakum ẓunoobakum: wa-mañy yuṭiʻil laaha wa-Rasoolahoo faq̣ad faaza fawzan ʻaz̤̣eemaa.
නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට විධිමත් කරයි. තවද නුඹලාගේ පාපකම්වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින් ම ඔහු ඉමහත් ජයග්‍රහණයකින් ජය ලැබුවේ ය.
Verse 33:72
اِنَّا عَرَضْنَا الْاَمَانَةَ عَلَی السَّمٰوٰتِ وَالْاَرْضِ وَالْجِبَالِ فَاَبَیْنَ اَنْ یَّحْمِلْنَهَا وَاَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْاِنْسَانُ ؕ اِنَّهٗ كَانَ ظَلُوْمًا جَهُوْلًا ۟ۙ
ʹInnaa ʻaraḍnal ʹAmaanata ʻalas Samaawaati walʹArḍi wal-Jibaali faʻabayna ʹañy yaḥmilnahaa wa-ʹashfaq̣na minhaa waḥamalahal ʹIñsaan: ʹinnahoo kaana z̤̣aloomañ jahoolaa;―
නියත වශයෙන් ම අපි (දේව මෙහෙයේ) භාරකාරත්වය අහස්, පොළොව හා කඳු වෙතට ඉදිරිපත් කළෙමු. එය ඉසිලීමට ඒවා ප්‍රතික්ෂේප කළෝ ය. තවද එයට ඒවා බිය වූවෝ ය. එහෙත් මිනිසා එය ඉසිලී ය. නියත වශයෙන් ම ඔහු අඥානකම් ඇති අපරාධකරුවකු විය.
Verse 33:73
لِّیُعَذِّبَ اللّٰهُ الْمُنٰفِقِیْنَ وَالْمُنٰفِقٰتِ وَالْمُشْرِكِیْنَ وَالْمُشْرِكٰتِ وَیَتُوْبَ اللّٰهُ عَلَی الْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ ؕ وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟۠
Liyuʻaẓẓibal laahul Munafiq̣eena wal-Munaafiq̣aati wal-Mushrikeena wal-Mushrikaati wa-yatoobal laahu ʻalal Muʹmineena wal-Muʹminaat: wa-kaanal laahu G̣afoorar Raḥeemaa.
(එසේ ඉසිලීමට හේතුව) කුහක පිරිමීන්ට ද, කාන්තාවන්ට ද, (දේවත්වය) ආදේශ කරන පිරිමීන්ට ද, කාන්තාවන්ට ද අල්ලාහ් දඬුවම් කරනු පිණිසත්; දේවත්වය විශ්වාස කරන පිරිමීන්ට ද, කාන්තාවන්ට ද අල්ලාහ් සමාව දීම පිණිසත් ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය.