Surah Fatir
Surah Fatir (Originator) is Surah 35 of the Holy Quran, a Meccan Surah with 45 verses, available here in Sinhalese.
Verse 35:1
اَلْحَمْدُ لِلّٰهِ فَاطِرِ السَّمٰوٰتِ وَالْاَرْضِ جَاعِلِ الْمَلٰٓىِٕكَةِ رُسُلًا اُولِیْۤ اَجْنِحَةٍ مَّثْنٰی وَثُلٰثَ وَرُبٰعَ ؕ یَزِیْدُ فِی الْخَلْقِ مَا یَشَآءُ ؕ اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
ʹAl-Ḥamdu lillaahi Faaṭiris Samaawaati wal-ʹarḍi jaaʻilil malaaaʹikati rusulan ʹuleee ʹajniḥatim mas̤naa wa-s̤ulaas̤a wa-rubaaʻ: yazeedu fil khalq̣i maa- yashaaaʹ: ʹinnal laaha ʻalaa kulli shayʹiñ Q̣adeer.
අහස් හා මහපොළොව නිර්මාණය කළාවූ ද; පියාපත් දෙක බැගින් ද, තුන බැගින් ද, හතර බැගින් ද යුත් මලක්වරුන් (තම) දූතයින් බවට පත් කළාවූ ද අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. ඔහු අභිමත කරන පරිදි එම මැවීම්හි වර්ධනය කරයි. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
Verse 35:2
مَا یَفْتَحِ اللّٰهُ لِلنَّاسِ مِنْ رَّحْمَةٍ فَلَا مُمْسِكَ لَهَا ۚ وَمَا یُمْسِكْ ۙ فَلَا مُرْسِلَ لَهٗ مِنْ بَعْدِهٖ ؕ وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
Maa- yaftaḥil laahu linnaasi mir Raḥmatiñ falaa mumsika lahaa: wa-maa yumsik falaa mursila lahoo mim baʻdih: wa-Huwal ʻAzeezul Ḥakeem.
අල්ලාහ් (තම) දයාවෙන් මිනිසාට විවෘතව ප්‍රධානය කළේ නම්, එය වළක්වන කිසිවෙකු නැත. තවද ඔහු (තම දායාදයන්) වළක්වන්නේ නම් ඉන් පසුව ඒවා ඔහුට එවන්නෙකු ද නැත. තවද ඔහු සර්ව බලධාරි ය; මහා ප්‍රඥාවන්ත ය.
Verse 35:3
یٰۤاَیُّهَا النَّاسُ اذْكُرُوْا نِعْمَتَ اللّٰهِ عَلَیْكُمْ ؕ هَلْ مِنْ خَالِقٍ غَیْرُ اللّٰهِ یَرْزُقُكُمْ مِّنَ السَّمَآءِ وَالْاَرْضِ ؕ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۖؗ فَاَنّٰی تُؤْفَكُوْنَ ۟
Yaaaʹayyuhan naasuẓ kuroo niʻmatal laahi ʻalaykum! Hal min Khaaliq̣in g̣ayrul laahi yarzuq̣ukum minas samaaaʹi wal-ʹarḍ? Laaa ʹilaaha ʹillaa Hoo! Faʹannaa tuʹfakoon?
අහෝ ජනයිනි! නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් නුඹලා මෙනෙහි කරනු. අහසින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙන අල්ලාහ් නො වන වෙනත් මැවුම්කරුවකු වෙත් ද? ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
Verse 35:4
وَاِنْ یُّكَذِّبُوْكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّنْ قَبْلِكَ ؕ وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟
Wa-ʹiñy yukaẓẓibooka faq̣ad kuẓẓibat rusulum miñ q̣ablik: wa-ʹilal laahi turjaʻul ʹumoor.
තවද ඔවුන් නුඹව බොරු කරන්නේ නම් එවිට සැබැවින් ම නුඹට පෙර ද ධර්ම දූතවරුන් බොරු කරනු ලැබී ය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය.
Verse 35:5
یٰۤاَیُّهَا النَّاسُ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ فَلَا تَغُرَّنَّكُمُ الْحَیٰوةُ الدُّنْیَا ۥ وَلَا یَغُرَّنَّكُمْ بِاللّٰهِ الْغَرُوْرُ ۟
Yaaaʹayyuhan naasu ʹinna waʻdal laahi ḥaq̣q̣uñ falaa tag̣urrannakumul ḥayaatud dunyaa: wa-laa yag̣urrannakum̃ billaahil G̣aroor.
අහෝ ජනයිනි! නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලා රවටා නො දැමිය යුතු ය. තවද මහා රැවටිලිකරු ද අල්ලාහ් ගැන නුඹලාව නො රැවටිය යුතු ය.
Verse 35:6
اِنَّ الشَّیْطٰنَ لَكُمْ عَدُوٌّ فَاتَّخِذُوْهُ عَدُوًّا ؕ اِنَّمَا یَدْعُوْا حِزْبَهٗ لِیَكُوْنُوْا مِنْ اَصْحٰبِ السَّعِیْرِ ۟ؕ
ʹInnash Shayṭaana lakum ʻaduwwuñ fattakhiẓoohu ʻaduwwaa. ʹInnamaa yadʻoo ḥizbahoo liyakoonoo min ʹAṣḥaabis Saʻeer.
නියත වශයෙන් ම ෂෙයිතාන් නුඹලාට සතුරු ය. එහෙයින් නුඹලා ඔහු සතුරකු ලෙසින් ම ගනු. නියත වශයෙන් ම ඔහු ඔහුගේ කණ්ඩායම ඇරයුම් කරනුයේ ඔවුන් ඇවිළෙන ගින්නේ සගයින් අතරට පත් වීමට ය.
Verse 35:7
اَلَّذِیْنَ كَفَرُوْا لَهُمْ عَذَابٌ شَدِیْدٌ ؕ۬ وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ مَّغْفِرَةٌ وَّاَجْرٌ كَبِیْرٌ ۟۠
ʹAllaẓeena kafaroo lahum ʻAẓaabuñ shadeed! Wallaẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati lahum mag̣firatuñw waʹAjruñ kabeer.
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. තවද දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.
Verse 35:8
اَفَمَنْ زُیِّنَ لَهٗ سُوْٓءُ عَمَلِهٖ فَرَاٰهُ حَسَنًا ؕ فَاِنَّ اللّٰهَ یُضِلُّ مَنْ یَّشَآءُ وَیَهْدِیْ مَنْ یَّشَآءُ ۖؗ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَیْهِمْ حَسَرٰتٍ ؕ اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِمَا یَصْنَعُوْنَ ۟
ʹAfamañ zuyyina lahoo soooʹu ʻamalihee faraʹaahu ḥasanaa? Faʹinnal laaha yuḍillu mañy yashaaaʹu wa-yahdee mañy yashaaaʹ. Falaa taẓhab nafsuka ʻalayhim ḥasaraat. ʹInnal laaha ʻAleemum bimaa yaṣnaʻoon!
තම ක්‍රියාවන්හි නපුර තමන්ට අලංකාර කරනු ලැබ එය ඔහු යහපතක් ලෙස දකින්නා (අල්ලාහ් මග පෙන්වූ අයකු මෙන් වේ) ද? එහෙයින් නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග හරියි. තවද ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් වෙමින් නුඹේ ආත්මය පහකර නො යවනු. නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය.
Verse 35:9
وَاللّٰهُ الَّذِیْۤ اَرْسَلَ الرِّیٰحَ فَتُثِیْرُ سَحَابًا فَسُقْنٰهُ اِلٰی بَلَدٍ مَّیِّتٍ فَاَحْیَیْنَا بِهِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا ؕ كَذٰلِكَ النُّشُوْرُ ۟
Wallaahul laẓeee ʹarsalar riyaaḥa fatus̤eeru saḥaabañ fasuq̣naahu ʹilaa baladim mayyitiñ faʹaḥyaynaa bihil ʹarda baʻda mawtihaa. Kaẓaalikan Nushoor!
තවද සුළඟ එව්වේ අල්ලාහ් ය. එවිට එය වලාකුළු නංවයි. එවිට අපි එයින් (වියළී ගිය) මළ භූමියකට ජලය සපයන්නෙමු. එවිට මහපොළොව එය මිය ගිය පසුව එමඟින් ප්‍රාණවත් කළෙමු. (මරණයෙන් පසු) නැවත නැගිටුවනු ලැබීම ද එලෙස ය.
Verse 35:10
مَنْ كَانَ یُرِیْدُ الْعِزَّةَ فَلِلّٰهِ الْعِزَّةُ جَمِیْعًا ؕ اِلَیْهِ یَصْعَدُ الْكَلِمُ الطَّیِّبُ وَالْعَمَلُ الصَّالِحُ یَرْفَعُهٗ ؕ وَالَّذِیْنَ یَمْكُرُوْنَ السَّیِّاٰتِ لَهُمْ عَذَابٌ شَدِیْدٌ ؕ وَمَكْرُ اُولٰٓىِٕكَ هُوَ یَبُوْرُ ۟
Mañ kaana yureedul ʻizzata falillahil ʻizzatu jameeʻaa. ʹIlayhi yaṣʻadul Kalimuṭ Ṭayyibu walʻAmaluṣ Ṣaaliḥu yarfaʻuh. Wallaẓeena yamkuroonas sayyiʹaati lahum ʻAẓaabuñ shadeed; wa-makru ʹulaaaʹika huwa yaboor.
කවරෙකු ගෞරවය අපේක්ෂා කරමින් සිටියේ ද ඒ සියලු ගෞරවයන් අල්ලාහ් සතු ය. පිවිතුරු වදන ආරෝහණය වනුයේ ඔහු වෙත ය. තවද දැහැමි ක්‍රියාව ද ඔහු එය ඔසවා ගනී. තවද නපුරුකම් කුමන්ත්‍රණය කරන්නන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත. ඔවුන්ගේ කුමන්ත්‍රණය විනාශ වී යන්නකි.
Verse 35:11
وَاللّٰهُ خَلَقَكُمْ مِّنْ تُرَابٍ ثُمَّ مِنْ نُّطْفَةٍ ثُمَّ جَعَلَكُمْ اَزْوَاجًا ؕ وَمَا تَحْمِلُ مِنْ اُ وَلَا تَضَعُ اِلَّا بِعِلْمِهٖ ؕ وَمَا یُعَمَّرُ مِنْ مُّعَمَّرٍ وَّلَا یُنْقَصُ مِنْ عُمُرِهٖۤ اِلَّا فِیْ كِتٰبٍ ؕ اِنَّ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرٌ ۟
Wallaahu khalaq̣akum miñ turaabiñ s̤umma min nuṭfatiñ s̤umma jaʻalakum ʹazwaajaa. Wa-maa taḥmilu min ʹuñs̤aa. wa-laa taḍaʻu ʹillaa biʻilmih. Wa-maa yuʻammaru mim muʻammariñw walaa yuñq̣aṣu min ʻumuriheee ʹillaa fee Kitaab. ʹInna ẓaalika ʻalal laahi yaseer.
තවද නුඹලාව පසින් ද, පසුව ශුක්‍රාණුවෙන් ද අල්ලාහ් මැව්වේ ය. පසුව නුඹලා ජෝඩු බවට පත් කළේ ය. ඔහුගේ දැනුමෙන් තොරව කාන්තාවක් පිළිසිඳ නො ගනී. එමෙන් ම ඇය ප්‍රසූත නො කරයි. ලේඛනයේ සටහන්ව මිස ආයුෂ දෙනු ලබන කිසිවකුට ආයුෂ දෙනු නො ලැබෙයි. එමෙන් ම ඔහුගේ ආයු කාලයෙන් අඩු කරනු නො ලැබෙයි. සැබැවින් ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
Verse 35:12
وَمَا یَسْتَوِی الْبَحْرٰنِ ۖۗ هٰذَا عَذْبٌ فُرَاتٌ سَآىِٕغٌ شَرَابُهٗ وَهٰذَا مِلْحٌ اُجَاجٌ ؕ وَمِنْ كُلٍّ تَاْكُلُوْنَ لَحْمًا طَرِیًّا وَّتَسْتَخْرِجُوْنَ حِلْیَةً تَلْبَسُوْنَهَا ۚ وَتَرَی الْفُلْكَ فِیْهِ مَوَاخِرَ لِتَبْتَغُوْا مِنْ فَضْلِهٖ وَلَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
Wa-maa yastawil baḥraani haaẓaa ʻaẓbuñ furaatuñ saaaʹig̣uñ sharaabuhoo wa-haaẓaa milḥun ʹujaaj. Wa-miñ kulliñ taʹkuloona laḥmañ ṭariyyañw watastakhrijoona ḥilyatañ talbasoonahaa; wa-taral fulka feehi mawaakhira litabtag̣oo miñ Faḍlihee wa-laʻallakum tashkuroon.
තවද මුහුදු දෙක සමාන වන්නේ නැත. මෙය බීමට හිතකර ඉමිහිරි රසැති ය. තවද එය තිත්ත ලුණු රසැති ය. මේ සෑම දෙයකින් ම නුඹලා මත්ස්‍ය මස් අනුභව කරන්නෙහු ය. තවද නුඹලා පළඳින ආභරණ ගොඩ ගන්නෙහු ය. තවද නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ඔහුගේ භාග්‍යයෙන් නුඹලා (ඉසුරු) සොයනු පිණිස (මුහුද) දෙබෑ කරමින් එහි ගමන් කරන නැව් ඔබ දකින්නෙහි ය.
Verse 35:13
یُوْلِجُ الَّیْلَ فِی النَّهَارِ وَیُوْلِجُ النَّهَارَ فِی الَّیْلِ ۙ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖؗ كُلٌّ یَّجْرِیْ لِاَجَلٍ مُّسَمًّی ؕ ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ؕ وَالَّذِیْنَ تَدْعُوْنَ مِنْ دُوْنِهٖ مَا یَمْلِكُوْنَ مِنْ قِطْمِیْرٍ ۟ؕ
Yoolijul layla fin nahaari wa-yoolijun nahaara fil layli wa-sakhkharash shamsa wal-q̣amar: Kulluñy yajree liʹajalim musammaa. Ẓaalikumul laahu Rabbukum lahul Mulk. Wallaẓeena tadʻoona miñ doonihee maa- yamlikoona miñ q̣iṭmeer.
රාත්‍රිය දහවල තුළට ඔහු ඇතුළත් කරයි. තවද දහවල රාත්‍රිය තුළට ඔහු ඇතුළත් කරයි. තවද හිරු හා සඳු ඔහු වසඟ කළේ ය. සියල්ල නියම කරන ලද කාලයක් දක්වා ගමන් කරයි. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතු ය. තවද ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතුකර නො ගනිති.
Verse 35:14
اِنْ تَدْعُوْهُمْ لَا یَسْمَعُوْا دُعَآءَكُمْ ۚ وَلَوْ سَمِعُوْا مَا اسْتَجَابُوْا لَكُمْ ؕ وَیَوْمَ الْقِیٰمَةِ یَكْفُرُوْنَ بِشِرْكِكُمْ ؕ وَلَا یُنَبِّئُكَ مِثْلُ خَبِیْرٍ ۟۠
ʹIñ tadʻoohum laa- yasmaʻoo duʻaaaʹakum. Wa-law samiʻoo mas tajaaboo lakum. Wa-Yawmal Q̣iyaamati yakfuroona bishirkikum. Wa-laa yunabbiʹuka mis̤lu khabeer.
නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නො දෙති. තවද ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු පිළිතුරු නො දෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ ආදේශයන් ද ඔවුහු ප්‍රතික්ෂේප කරති. අභිඥානවන්තයා මෙන් ඔබට කිසිවකු (සත්‍යය) නො දන්වයි.
Verse 35:15
یٰۤاَیُّهَا النَّاسُ اَنْتُمُ الْفُقَرَآءُ اِلَی اللّٰهِ ۚ وَاللّٰهُ هُوَ الْغَنِیُّ الْحَمِیْدُ ۟
Yaaaʹayyuhan naasu ʹañtumul fuq̣araaaʹu ʹilal laah: wallaahu Huwal G̣aniyyul Ḥameed.
අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත යැපෙන්නෝ ය. තවද අල්ලාහ් වන ඔහු මය අවශ්‍යතාවන්ගෙන් තොර; ප්‍රශංසාලාභීයා.
Verse 35:16
اِنْ یَّشَاْ یُذْهِبْكُمْ وَیَاْتِ بِخَلْقٍ جَدِیْدٍ ۟ۚ
ʹIñy yashaʹ yuẓhibkum wa-yaʹti bi-Khalq̣iñ Jadeed.
ඔහු අභිමත කරන්නේ නම් නුඹලා පහකර, නව මැවීමක් ගෙන එනු ඇත.
Verse 35:17
وَمَا ذٰلِكَ عَلَی اللّٰهِ بِعَزِیْزٍ ۟
Wa-maa ẓaalika ʻalal laahi biʻazeez.
තවද එය අල්ලාහ් වෙත බලවත් කටයුත්තක් නො වේ.
Verse 35:18
وَلَا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰی ؕ وَاِنْ تَدْعُ مُثْقَلَةٌ اِلٰی حِمْلِهَا لَا یُحْمَلْ مِنْهُ شَیْءٌ وَّلَوْ كَانَ ذَا قُرْبٰی ؕ اِنَّمَا تُنْذِرُ الَّذِیْنَ یَخْشَوْنَ رَبَّهُمْ بِالْغَیْبِ وَاَقَامُوا الصَّلٰوةَ ؕ وَمَنْ تَزَكّٰی فَاِنَّمَا یَتَزَكّٰی لِنَفْسِهٖ ؕ وَاِلَی اللّٰهِ الْمَصِیْرُ ۟
Wa-laa taziru waaziratuñw wizra ʹukhraa. Wa-ʹiñ tadʻu mus̤q̣alatun ʹilaa ḥimlihaa laa- yuḥmal minhu shayʹuñw walaw kaana ẓaa q̣urbaa. ʹInnamaa tuñẓirul laẓeena yakhshawna Rabbahum̃ bilg̣aybi wa-ʹaq̣aamuṣ Ṣalaah. Wa-mañ tazakkaa faʹinnamaa yatazakkaa linafsih: wa-ʹilal laahil maṣeer.
තවද (බර) උසුලන්නෙකු තවකෙකුගේ බර නො උසුලයි. තවද බර උසුලනු ලැබූ තැනැත්තා තමන්ගේ බර ඉසිලීමට (අනෙකාට) ඇරයුම් කළ ද (ඔහු) සමීප ඥාතියකු වුව ද එය ඉසිලීමට කිසිවෙකු ඉදිරිපත් නො වේ. (නබිවරය!) නියත වශයෙන් ම නො පෙනී සිටිය දී තම පරමාධිපතිට බියවන්නන් හා සලාතය විධිමත්ව ඉටු කරන්නන් වෙත පමණක් නුඹට අවවාද කළ හැකි ය. තවද කවරෙකු (පාපයෙන්) පිවිතුරු කර ගන්නේ ද එසේ ඔහු පිවිතුරු කර ගනුයේ තමන්ට ම ය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත ය.
Verse 35:19
وَمَا یَسْتَوِی الْاَعْمٰی وَالْبَصِیْرُ ۟ۙ
Wa-maa yastawil ʹaʻmaa wal-baṣeer;
තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නො වෙයි.
Verse 35:20
وَلَا الظُّلُمٰتُ وَلَا النُّوْرُ ۟ۙ
Wa-laz̤̣ z̤̣ulumaatu wa-lan noor;
තවද අන්ධකාරයන් හා ආලෝකය ද (සමාන) නො වේ.
Verse 35:21
وَلَا الظِّلُّ وَلَا الْحَرُوْرُ ۟ۚ
Wa-laz̤̣ z̤̣illu wa-lal ḥaroor:
තවද හෙවණ හා සූර්‍ය තාපය (සමාන) නො වේ.
Verse 35:22
وَمَا یَسْتَوِی الْاَحْیَآءُ وَلَا الْاَمْوَاتُ ؕ اِنَّ اللّٰهَ یُسْمِعُ مَنْ یَّشَآءُ ۚ وَمَاۤ اَنْتَ بِمُسْمِعٍ مَّنْ فِی الْقُبُوْرِ ۟
Wa-maa yastawil ʹaḥyaaaʹu wa-lal ʹamwaat. ʹInnal laaha yusmiʻu mañy yashaaaʹ; wa-maaa ʹañta bimusmiʻim mañ fil q̣uboor.
තවද ජීවත්ව සිටින්නන් හා මළවුන් සමාන නො වෙයි. නියත වශයෙන් ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට සවන් වැකෙන්නට සලස්වයි. එහෙත් ඔබ මිනීවලවල් තුළ සිටින්නන්ට සවන් වැකෙන්නට සලස්වන්නකු නො වේ.
Verse 35:23
اِنْ اَنْتَ اِلَّا نَذِیْرٌ ۟
ʹIn ʹañta ʹillaa naẓeer.
(නබිවරය!) නුඹ අවවාද කරන්නෙකු මිස වෙනත් කිසිවෙකු නො වේ.
Verse 35:24
اِنَّاۤ اَرْسَلْنٰكَ بِالْحَقِّ بَشِیْرًا وَّنَذِیْرًا ؕ وَاِنْ مِّنْ اُمَّةٍ اِلَّا خَلَا فِیْهَا نَذِیْرٌ ۟
ʹInnaaa ʹarsalnaaka bil-ḥaq̣q̣i basheerañw wanaẓeeraa: wa-ʹim min ʹummatin ʹillaa khalaa feehaa naẓeer.
නියත වශයෙන් ම ශුභාරංචි දන්වනනෙකු වශයෙන් හා අවවාද කරනනෙකු වශයෙන් අපි ඔබ සත්‍යයෙන් යුතුව එව්වෙමු. කිසිදු සමූහයක් එහි අවවාද කරන්නෙකු පැමිණ ඉකුත්ව ගියා මිස නැත.
Verse 35:25
وَاِنْ یُّكَذِّبُوْكَ فَقَدْ كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ۚ جَآءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ وَبِالزُّبُرِ وَبِالْكِتٰبِ الْمُنِیْرِ ۟
Wa-ʹiñy yukaẓẓibooka faq̣ad kaẓẓabal laẓeena miñ q̣ablihim: jaaaʹathum rusuluhum̃ bil-Bayyinaati wa-biz-Zuburi wa-bil-Kitaabil Muneer.
තවද ඔවුන් නුඹව බොරු කරන්නේ නම් එවිට (දැනගනු!) ඔවුනට පෙර සිටියවුන් ද (මෙසේ) බොරු කළෝ ය. ඔවුන් වෙත ධර්ම දූතවරු පැහැදිලි සාධක සමඟ ද ශුද්ධ ලියකියවිලි සමඟ ද ආලෝකමත් ධර්ම ග්‍රන්ථය සමඟ ද පැමිණියහ.
Verse 35:26
ثُمَّ اَخَذْتُ الَّذِیْنَ كَفَرُوْا فَكَیْفَ كَانَ نَكِیْرِ ۟۠
S̤umma ʹakhaẓtul laẓeena kafaroo fakayfa kaana nakeer.
පසුව මම ප්‍රතික්ෂේප කළවුන් හසු කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වී ද? (යැයි අල්ලාහ් විමසයි.)
Verse 35:27
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ اَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً ۚ فَاَخْرَجْنَا بِهٖ ثَمَرٰتٍ مُّخْتَلِفًا اَلْوَانُهَا ؕ وَمِنَ الْجِبَالِ جُدَدٌ بِیْضٌ وَّحُمْرٌ مُّخْتَلِفٌ اَلْوَانُهَا وَغَرَابِیْبُ سُوْدٌ ۟
ʹAlam tara ʹannal laaha ʹañzala minas samaaaʹi maaaʹaa? Faʹakhrajnaa bihee s̤amaraatim mukhtalifan ʹalwaanuhaa. Wa-minal jibaali judadum beeḍuñw waḥumrum mukhtalifun ʹalwaanuhaa wa-g̣araabeebu sood.
(අහෝ නබිවරය!) නියත වශයෙන් ම අල්ලාහ් අහසින් ජලය පහළ කළ බව නුඹ නො දුටුවෙහි ද? එමඟින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් බවභෝග අපි හටගැන්වූයෙමු. තවද කඳු අතරින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් සුදු හා රතු කඳු මාර්ග ද කළු පැහැති දෑ ද ඇත.
Verse 35:28
وَمِنَ النَّاسِ وَالدَّوَآبِّ وَالْاَنْعَامِ مُخْتَلِفٌ اَلْوَانُهٗ كَذٰلِكَ ؕ اِنَّمَا یَخْشَی اللّٰهَ مِنْ عِبَادِهِ الْعُلَمٰٓؤُا ؕ اِنَّ اللّٰهَ عَزِیْزٌ غَفُوْرٌ ۟
Wa-minan naasi waddawaaabbi wal-ʹanʻaami mukhtalifun ʹalwaanuhoo kaẓaalik. ʹInnamaa yakhshal laaha min ʻIbaadihil ʻulamaaaʹ: ʹinnal laaha ʻAzeezun G̣afoor.
තවද ජනයා අතරින් ද සතුන් හා ගොවිපළ සතුන් අතරින් ද එහි වර්ණ විවිධත්වයෙන් යුත් දෑ ද එලෙස ම ය. නියත වශයෙන් ම අල්ලාහ්ට බියවනුයේ ඔහුගේ ගැත්තන් අතරින් දැනුම ඇත්තන් ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; අතික්ෂමාශීලී ය.
Verse 35:29
اِنَّ الَّذِیْنَ یَتْلُوْنَ كِتٰبَ اللّٰهِ وَاَقَامُوا الصَّلٰوةَ وَاَنْفَقُوْا مِمَّا رَزَقْنٰهُمْ سِرًّا وَّعَلَانِیَةً یَّرْجُوْنَ تِجَارَةً لَّنْ تَبُوْرَ ۟ۙ
ʹInnal laẓeena yatloona Kitaabal laahi wa-ʹaq̣aamuṣ Ṣalaata wa-ʹañfaq̣oo mimmaa razaq̣naahum sirrañw waʻalaaniyatañy yarjoona Tijaaratal lañ taboor:
නියත වශයෙන් ම අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා සලාතය විධිමත්ව ඉටු කර, අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගතව හා ප්‍රසිද්ධියේ වියදම් කළවුන් වන ඔවුහු කිසිවිටෙක පාඩු නො විඳින ව්‍යාපාරයක් අපේක්ෂා කරති.
Verse 35:30
لِیُوَفِّیَهُمْ اُجُوْرَهُمْ وَیَزِیْدَهُمْ مِّنْ فَضْلِهٖ ؕ اِنَّهٗ غَفُوْرٌ شَكُوْرٌ ۟
Liyuwaffiyahum ʹujoorahum wa-yazeedahum miñ Faḍlih: ʹinnahoo G̣afooruñ Shakoor.
(එය) ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට පූර්ණව ඔහු දෙනු පිණිස ය. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට වර්ධනය කරනු පිණිස ය. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; ගුණගරුක ය.
Verse 35:31
وَالَّذِیْۤ اَوْحَیْنَاۤ اِلَیْكَ مِنَ الْكِتٰبِ هُوَ الْحَقُّ مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ ؕ اِنَّ اللّٰهَ بِعِبَادِهٖ لَخَبِیْرٌ بَصِیْرٌ ۟
Wallaẓeee ʹawḥaynaaa ʹilayka minal Kitaabi huwal Ḥaq̣q̣u muṣaddiq̣al limaa bayna yadayh: ʹinnal laaha biʻIbaadihee la-Khabeerum Baṣeer.
තවද ධර්ම ග්‍රන්ථයෙන් එය ඉදිරියේ වූ දෑ සත්‍ය කරවන්නක් වශයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දෑ වනාහි එය මය සත්‍යය වන්නේ. නියත වශයෙන් ම අල්ලාහ් තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්ත ය; සර්ව නිරීක්ෂක ය.
Verse 35:32
ثُمَّ اَوْرَثْنَا الْكِتٰبَ الَّذِیْنَ اصْطَفَیْنَا مِنْ عِبَادِنَا ۚ فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهٖ ۚ وَمِنْهُمْ مُّقْتَصِدٌ ۚ وَمِنْهُمْ سَابِقٌ بِالْخَیْرٰتِ بِاِذْنِ اللّٰهِ ؕ ذٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِیْرُ ۟ؕ
S̤umma ʹawras̤nal Kitaabal laẓeenaṣ ṭafaynaa min ʻibaadinaa: faminhum z̤̣aalimul linafsih; wa-minhum muq̣taṣid; wa-minhum saabiq̣um bilkhayraati biʹiẓnil laah; ẓaalika huwal Faḍlul Kabeer.
පසුව අපි අපගේ ගැත්තන් අතරින් අප තෝරා ගත් අයට එම ධර්ම ග්‍රන්ථය උරුම කළෙමු. එවිට ඔවුන් අතරින් තමන්ට ම අපරාධ කරගත් අය ද වෙති. තවද ඔවුන් අතරින් මධ්‍යස්ථව කටයුතු කරන අය ද වෙති. තවද ඔවුන් අතරින් අල්ලාහ්ගේ අනුහසින් යහකම් කිරීමෙහි පෙරටු වන අය ද වෙති. එය මය මහත් භාග්‍ය ය.
Verse 35:33
جَنّٰتُ عَدْنٍ یَّدْخُلُوْنَهَا یُحَلَّوْنَ فِیْهَا مِنْ اَسَاوِرَ مِنْ ذَهَبٍ وَّلُؤْلُؤًا ۚ وَلِبَاسُهُمْ فِیْهَا حَرِیْرٌ ۟
Jannaatu ʻAdniñy yad-khuloonahaa yuḥallawna feehaa min ʹasaawira miñ ẓahabiñw waluʹluʹaa; wa-libaa-suhum feehaa ḥareer.
(එහි අද්න් නම්) සදාතනික උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. රනින් වූ වළලු ද මුතු ද එහි ඔවුනට පලන්දවනු ලබති. තවද එහි ඔවුන්ගේ වස්ත්‍රය සේද ය.
Verse 35:34
وَقَالُوا الْحَمْدُ لِلّٰهِ الَّذِیْۤ اَذْهَبَ عَنَّا الْحَزَنَ ؕ اِنَّ رَبَّنَا لَغَفُوْرٌ شَكُوْرُ ۟ۙ
Wa-q̣aalul Ḥamdu lillaahil laẓeee ʹaẓhaba ʻannal ḥazan: ʹinna Rabbanaa la-G̣afooruñ Shakoor:
තවද “අපගෙන් දුක පහ කළ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. නියත වශයෙන් ම අපගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; මහා ගුණගරුක ය” යැයි ඔවුන් පවසනු ඇත.
Verse 35:35
لَّذِیْۤ اَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِنْ فَضْلِهٖ ۚ لَا یَمَسُّنَا فِیْهَا نَصَبٌ وَّلَا یَمَسُّنَا فِیْهَا لُغُوْبٌ ۟
ʹAllaẓeee ʹaḥallanaa Daaral muq̣aamati miñ Faḍlih: laa- yamassunaa feehaa naṣabuñw walaa yamassunaa feehaa lug̣oob.
“ඔහු වනාහි ඔහුගේ භාග්‍යයෙන් සදාතනික නිවහනෙහි අප පදිංචි කළ අය වේ. එහි කිසිදු දුෂ්කරතාවක් අප ස්පර්ශ නො කරයි. තවද එහි කිසිදු දොම්නසක් අප ස්පර්ශ නො කරයි.”
Verse 35:36
وَالَّذِیْنَ كَفَرُوْا لَهُمْ نَارُ جَهَنَّمَ ۚ لَا یُقْضٰی عَلَیْهِمْ فَیَمُوْتُوْا وَلَا یُخَفَّفُ عَنْهُمْ مِّنْ عَذَابِهَا ؕ كَذٰلِكَ نَجْزِیْ كُلَّ كَفُوْرٍ ۟ۚ
Wallaẓeena kafaroo lahum Naaru Jahannam; laa- yuq̣ḍaa ʻalayhim fayamootoo wa-laa yukhaffafu ʻanhum min ʻAẓaabihaa. Kaẓaalika najzee kulla kafoor!
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරයේ ගින්න ඇත. ඔවුන් මිය යෑම ඔවුන් වෙත තීන්දු කරනු නො ලැබේ. තවද එහි දඬුවම ඔවුනට සැහැල්ලු කරනු නො ලැබේ. එලෙසය අපි සෑම ගුණමකුවෙකුට ම ප්‍රතිඵල පිරිනමනුයේ.
Verse 35:37
وَهُمْ یَصْطَرِخُوْنَ فِیْهَا ۚ رَبَّنَاۤ اَخْرِجْنَا نَعْمَلْ صَالِحًا غَیْرَ الَّذِیْ كُنَّا نَعْمَلُ ؕ اَوَلَمْ نُعَمِّرْكُمْ مَّا یَتَذَكَّرُ فِیْهِ مَنْ تَذَكَّرَ وَجَآءَكُمُ النَّذِیْرُ ؕ فَذُوْقُوْا فَمَا لِلظّٰلِمِیْنَ مِنْ نَّصِیْرٍ ۟۠
Wa-hum yaṣṭarikhoona feehaa: Rabbanaaa ʹakhrijnaa naʻmal ṣaaliḥan g̣ayral laẓee kunnaa naʻmal! ʹA-walamnu ʻammirkum maa yataẓakkaru feehi mañ taẓakkara wa-jaaaʹakumun naẓeer. Faẓooq̣oo famaa liz̤̣z̤̣aalimeena min naṣeer.
තවද “අපගේ පරමාධිපතියාණනි! අප සිදු කරමින් සිටි දෑ නො වන වෙනත් දැහැමි ක්‍රියාවක් අප සිදු කිරීම සඳහා අප බැහැර කරනු මැනව”යි ඔවුහු එහි හඬ නගති. “උපදෙස් ලබන්නා එහි උපදෙස් ලබන පරිදි අපි නුඹලාට ආයුකාලය නො දුන්නෙමු ද? තවද නුඹලා වෙත අවවාද කරන්නා පැමිණියේ ය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවකු නොමැත.”
Verse 35:38
اِنَّ اللّٰهَ عٰلِمُ غَیْبِ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
ʹInnal laaha ʻAalimu g̣aybis samaawaati wal-ʹard: ʹInnahoo ʻAleemum biẓaatiṣ ṣudoor.
නියත වශයෙන් ම අල්ලාහ් අහස් හා මහපොළොවේ ගුප්ත දෑ දන්නා ය. නියත වශයෙන් ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ සර්වඥ ය.
Verse 35:39
هُوَ الَّذِیْ جَعَلَكُمْ خَلٰٓىِٕفَ فِی الْاَرْضِ ؕ فَمَنْ كَفَرَ فَعَلَیْهِ كُفْرُهٗ ؕ وَلَا یَزِیْدُ الْكٰفِرِیْنَ كُفْرُهُمْ عِنْدَ رَبِّهِمْ اِلَّا مَقْتًا ۚ وَلَا یَزِیْدُ الْكٰفِرِیْنَ كُفْرُهُمْ اِلَّا خَسَارًا ۟
Huwal laẓee jaʻalakum khalaaaʹifa fil ʹarḍ: famañ kafara faʻalayhi kufruh: wa-laa yazeedul kaafireena kufruhum ʻiñda Rabbihim ʹillaa maq̣taa: wa-laa yazeedul kaafireena kufruhum ʹillaa khasaaraa.
මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා පත් කළේ ඔහු ය. එහෙයින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුට එරෙහිවම ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය ඔවුන්ගේ පරමාධිපති අබියස උදහස මිස වෙනෙකක් වැඩි නො කරනු ඇත. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය පාඩුව මිස වෙනෙකක් වැඩි නො කරනු ඇත.
Verse 35:40
قُلْ اَرَءَیْتُمْ شُرَكَآءَكُمُ الَّذِیْنَ تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ؕ اَرُوْنِیْ مَاذَا خَلَقُوْا مِنَ الْاَرْضِ اَمْ لَهُمْ شِرْكٌ فِی السَّمٰوٰتِ ۚ اَمْ اٰتَیْنٰهُمْ كِتٰبًا فَهُمْ عَلٰی بَیِّنَتٍ مِّنْهُ ۚ بَلْ اِنْ یَّعِدُ الظّٰلِمُوْنَ بَعْضُهُمْ بَعْضًا اِلَّا غُرُوْرًا ۟
Q̣ul ʹaraʹaytum shurakaaaʹakumul laẓeena tadʻoona miñ doonil laah? ʹAroonee maaẓaa khalaq̣oo minal ʹarḍi ʹam lahum shirkuñ fis samaawaat? ʹAm ʹaataynaahum Kitaabañ fahum ʻalaa Bayyinatim minh?― Bal ʹiñy yaʻiduz̤̣ z̤̣aalimoona baʻḍuhum̃ baʻḍan ʹillaa g̣urooraa.
(නබිවරය!) නුඹ මෙසේ අසනු. “අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන නුඹලාගේ හවුල්කරුවන් ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මහපොළොවෙන් ඔවුන් මවා ඇත්තේ කුමක් දැ? යි ද එසේ නැතහොත් අහසෙහි කිසිදු හවුලක් ඔවුනට තිබේ දැ? යි ද එසේ නැතහොත් අපි ඔවුනට ධර්ම ග්‍රන්ථයක් පිරිනමා ඔවුන් ඉන් පැහැදිලි සාධකයක් මත සිටී දැ? යි ද මට නුඹලා පෙන්වනු. එසේ නොව අපරාධකරුවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට රැවටීම මිස වෙනෙකක් ප්‍රතිඥා නො දෙති.”
Verse 35:41
اِنَّ اللّٰهَ یُمْسِكُ السَّمٰوٰتِ وَالْاَرْضَ اَنْ تَزُوْلَا ۚ۬ وَلَىِٕنْ زَالَتَاۤ اِنْ اَمْسَكَهُمَا مِنْ اَحَدٍ مِّنْ بَعْدِهٖ ؕ اِنَّهٗ كَانَ حَلِیْمًا غَفُوْرًا ۟
ʹInnal laaha yumsikus samaawaati wal-ʹarḍa ʹañ tazoolaa: wa-laʹiñ zaalataaa ʹin ʹamsakahumaa min ʹaḥadim mim baʻdih: ʹinnahoo kaana Ḥaleeman G̣afooraa!
නියත වශයෙන් ම අල්ලාහ් අහස් හා මහපොළොව ඒ දෙක ඉවත් නො වන අයුරින් ග්‍රහණය කර ඇත. තවද ඒ දෙක ඉවත් වූයේ නම් ඔහුගෙන් පසුව කිසිවකු හෝ ඒ දෙක ග්‍රහණය කරන්නේ නැත. නියත වශයෙන් ම ඔහු ඉවසිලිවන්ත අතික්ෂමාශීලී අයෙකි.
Verse 35:42
وَاَقْسَمُوْا بِاللّٰهِ جَهْدَ اَیْمَانِهِمْ لَىِٕنْ جَآءَهُمْ نَذِیْرٌ لَّیَكُوْنُنَّ اَهْدٰی مِنْ اِحْدَی الْاُمَمِ ۚ فَلَمَّا جَآءَهُمْ نَذِیْرٌ مَّا زَادَهُمْ اِلَّا نُفُوْرَا ۟ۙ
Wa-ʹaq̣samoo billaahi jahda ʹaymaanihim laʹiñ jaaaʹahum naẓeerul layakoonunna ʹahdaa min ʹiḥdal ʹUmami falammaa jaaaʹahum naẓeerum maa zaadahum ʹillaa nufooraa,―
සැබැවින් ම තමන් වෙත අවවාද කරන්නෙකු පැමිණියේ නම් වෙනත් සමූහයන්ට වඩා වඩාත් මග පෙන්වීම ලැබූ අය වනු ඇතැයි ස්ථීර දිවුරුමකින් අල්ලාහ් මත ඔවුන් දිවුරා සිටියෝ ය. එහෙත් ඔවුන් වෙත අවවාද කරන්නෙකු පැමිණි කල්හි පලා යෑම මිස වෙනෙකක් ඔවුනට වැඩි කළේ නැත.
Verse 35:43
سْتِكْبَارًا فِی الْاَرْضِ وَمَكْرَ السَّیِّىءِ ؕ وَلَا یَحِیْقُ الْمَكْرُ السَّیِّئُ اِلَّا بِاَهْلِهٖ ؕ فَهَلْ یَنْظُرُوْنَ اِلَّا سُنَّتَ الْاَوَّلِیْنَ ۚ فَلَنْ تَجِدَ لِسُنَّتِ اللّٰهِ تَبْدِیْلًا ۚ۬ وَلَنْ تَجِدَ لِسُنَّتِ اللّٰهِ تَحْوِیْلًا ۟
ʹIstikbaarañ fil ʹarḍi wa-makras Sayyiʹ. Wa-laa yaḥeeq̣ul makrus Sayyiʹu ʹillaa biʹahlih. Fahal yañz̤̣uroona ʹillaa sunnatal ʹawwaleen? Falañ tajida li-Sunnatil laahi tabdeelaa: wa-lañ tajida li-Sunnatil laahi taḥweelaa.
(ඔවුන්) මහපොළොවේ උඬඟුකම් කිරීම හා නපුරු කුමන්ත්‍රණ කිරීම(මිස වෙන කිසිවක් ඔවුනට වැඩි කළේ නැත.) නපුරු කුමන්ත්‍රණය (පෙරලා) එය කරන්නන් වෙතට එල්ල වෙයි. මුතුන්මිත්තන්ගේ පිළිවෙත හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝ ද? එහෙයින් අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිවිටක කිසිදු වෙනස් කිරීමක් නුඹ නො දකින්නෙහි ම ය. එමෙන් ම අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු පෙරළීමක් නුඹ නො දකින්නෙහි ම ය.
Verse 35:44
اَوَلَمْ یَسِیْرُوْا فِی الْاَرْضِ فَیَنْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ وَكَانُوْۤا اَشَدَّ مِنْهُمْ قُوَّةً ؕ وَمَا كَانَ اللّٰهُ لِیُعْجِزَهٗ مِنْ شَیْءٍ فِی السَّمٰوٰتِ وَلَا فِی الْاَرْضِ ؕ اِنَّهٗ كَانَ عَلِیْمًا قَدِیْرًا ۟
ʹAwalam yaseeroo fil ʹarḍi fayañz̤̣uroo kayfa kaana ʻAaq̣ibatul laẓeena miñ q̣ablihim wa-kaanooo ʹashadda minhum q̣uwwah? Wa-maa kaanal laahu liyuʻjizahoo miñ shayʹiñ fis samaawaati wa-laa fil ʹarḍ: ʹinnahoo kaana ʻAleemañ Q̣adeeraa.
මහපොළොවේ සැරි සරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු නො බැලුවෝ ද? තවද ඔවුහු ඔවුනට වඩා ශක්තියෙන් බලවත් වූවෝ ය. තවද අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් අල්ලාහ්ව පරාජය කළ නොහැකි ය. නියත වශයෙන් ම ඔහු සර්වඥානී සර්ව ශක්තිය ඇත්තා ය.
Verse 35:45
وَلَوْ یُؤَاخِذُ اللّٰهُ النَّاسَ بِمَا كَسَبُوْا مَا تَرَكَ عَلٰی ظَهْرِهَا مِنْ دَآبَّةٍ وَّلٰكِنْ یُّؤَخِّرُهُمْ اِلٰۤی اَجَلٍ مُّسَمًّی ۚ فَاِذَا جَآءَ اَجَلُهُمْ فَاِنَّ اللّٰهَ كَانَ بِعِبَادِهٖ بَصِیْرًا ۟۠
Wa-law yuʹaakhiẓul laahun naasa bimaa kasaboo maa- taraka ʻalaa z̤̣ahrihaa miñ daaabbatiñw walaakiñy yuʹakhkhiruhum ʹilaaa ʹajalim musammaa: Faʹiẓaa jaaaʹa ʹAjaluhum faʹinnal laaha kaana biʻibaadihee Baṣeeraa.
තවද ජනයා උපයා ගත් දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ජීවියකු ඔහු අත්හරින්නේ නැත. එහෙත් ඔහු ඔවුන් නියමිත කාලයක් දක්වා ප්‍රමාද කරයි. එසේ ඔවුන්ගේ අවසන් කාලය පැමිණි විට නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳව නිරීක්ෂා කරන්නෙකු විය.