Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah Maryam

Surah Maryam (Mary) is Surah 19 of the Holy Quran, a Meccan Surah with 98 verses, available here in Sinhalese.

Surah 19 Meccan 98 verses Sinhalese

Verse 19:1

كٓهٰیٰعٓصٓ ۟۫ۚ

Kaaaf-Haa-Yaa-ʻAyyyñ-Ṣaaad.

කාෆ්, හා, යා, අයින්, සාද්.

Verse 19:2

ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهٗ زَكَرِیَّا ۟ۖۚ

Ẓikru Raḥmati Rabbika ʻabdahoo Zakariyyaa.

(මෙය) තම ගැත්තා සකරිය්යා වෙත නුඹගේ පරමාධිපති දැක් වූ කරුණාව පිළිබඳ සිහිපත් කිරීමකි.

Verse 19:3

اِذْ نَادٰی رَبَّهٗ نِدَآءً خَفِیًّا ۟

ʹIẓ naadaa Rabbahoo nidaaaʹan khafiyyaa.

ඔහු තම පරමාධිපතිව සිහින් ඇමතුමකින් ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.

Verse 19:4

قَالَ رَبِّ اِنِّیْ وَهَنَ الْعَظْمُ مِنِّیْ وَاشْتَعَلَ الرَّاْسُ شَیْبًا وَّلَمْ اَكُنْ بِدُعَآىِٕكَ رَبِّ شَقِیًّا ۟

Q̣aala Rabbi ʹinnee wahanal ʻaz̤̣mu minnee washtaʻalar raʹsu shaybañw walam ʹakum biduʻaaaʹika Rabbi shaq̣iyyaa!

මාගේ පරමාධිපතියාණනි! මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී විහිදී ඇත. තවද මාගේ පරමාධිපතියාණනි! මම ඔබගේ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් අභාග්‍යවන්තයකු නො වූයෙමි.

Verse 19:5

وَاِنِّیْ خِفْتُ الْمَوَالِیَ مِنْ وَّرَآءِیْ وَكَانَتِ امْرَاَتِیْ عَاقِرًا فَهَبْ لِیْ مِنْ لَّدُنْكَ وَلِیًّا ۟ۙ

Wa-ʹinnee khiftul mawaaliya miñw waraaaʹee wa-kaanat imraʹatee ʻaaq̣irañ fahab lee mil laduñka waliyyaa,―

තවද මගෙන් පසුව පරම්පරා උරුමක්කරුවන් පිළිබඳව මම බිය වෙමි. මාගේ බිරිය ද වඳ කාන්තාවකි. එහෙයින් නුඹ වෙතින් උරුමක්කරුවකු මා වෙත පිරිනමනු.

Verse 19:6

یَّرِثُنِیْ وَیَرِثُ مِنْ اٰلِ یَعْقُوْبَ ۖۗ وَاجْعَلْهُ رَبِّ رَضِیًّا ۟

Yaris̤unee wa-yaris̤u min ʹaali Yaʻq̣ooba wajʻalhu Rabbi raḍiyyaa!

මට උරුමකම්පාන එමෙන් ම යඃකූබ්ගේ පරපුරට උරුමකම්පාන කෙනෙකු පිරිනමනු මැනව! තවද මාගේ පරමාධිපතියාණනි! ඔහුව පිළිගැනීමට ලක් වූ කෙනකු බවට පත් කරනු මැනව.

Verse 19:7

یٰزَكَرِیَّاۤ اِنَّا نُبَشِّرُكَ بِغُلٰمِ سْمُهٗ یَحْیٰی ۙ لَمْ نَجْعَلْ لَّهٗ مِنْ قَبْلُ سَمِیًّا ۟

Yaa-Zakariyyaaa ʹinnaa nubashshiruka big̣ulaamin ismuhoo Yaḥyaa lam najʻal lahoo miñ q̣ablu samiyyaa.

අහෝ සකරිය්යා! යහ්යා නමින් වූ දරුවකු පිළිබඳව නියත වශයෙන් ම අපි ඔබට ශුභාරංචි දන්වන්නෙමු. මීට පෙර මේ නමින් කිසිවකුට නම් නො තැබුවෙමු.

Verse 19:8

قَالَ رَبِّ اَنّٰی یَكُوْنُ لِیْ غُلٰمٌ وَّكَانَتِ امْرَاَتِیْ عَاقِرًا وَّقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِیًّا ۟

Q̣aala Rabbi ʹannaa yakoonu lee g̣ulaamuñw wakaanatim raʹatee ʻaaq̣irañw Waq̣ad balag̣tu minal kibari ʻitiyyaa?

මාගේ පරමාධිපතියාණනි! මට දරුවකු කෙසේ නම් වන්නේ ද? මාගේ බිරිය වඳ කාන්තාවක් වූවා ය. මා ද මහලුවියේ අවසානයට ළඟා වී ඇත්තෙමි යැයි ඔහු පැවසුවේ ය.

Verse 19:9

قَالَ كَذٰلِكَ ۚ قَالَ رَبُّكَ هُوَ عَلَیَّ هَیِّنٌ وَّقَدْ خَلَقْتُكَ مِنْ قَبْلُ وَلَمْ تَكُ شَیْـًٔا ۟

Q̣aala kaẓaalik: q̣aala Rabbuka huwa ʻalayya hayyinuñw waq̣ad khalaq̣tuka miñ q̣ablu wa-lam taku shayʹaa!

(එය) එලෙසය යැයි ඔහු කී ය. එය මා වෙත පහසු කාර්යයකි. මීට පෙර නුඹ කිසිවක්ව නො සිටිය දී සැබැවින් ම මම නුඹව මැව්වෙමි යැයි ඔබේ පරමාධිපති කීවේ ය.

Verse 19:10

قَالَ رَبِّ اجْعَلْ لِّیْۤ اٰیَةً ؕ قَالَ اٰیَتُكَ اَلَّا تُكَلِّمَ النَّاسَ ثَلٰثَ لَیَالٍ سَوِیًّا ۟

Q̣aala Rabbij ʻal leee ʹAayah. Q̣aala ʹAayatuka ʹallaa tukalliman naasa s̤alaas̤a layaaliñ sawiyyaa.

පරමාධිපතියාණනි! මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසී ය. ඔබේ සංඥාව වනුයේ නුඹ නිරෝගීව සිටිය දී රාත්‍රී තුනක් ජනයා සමඟ කතා නො කිරීමය යැයි ඔහු පැවසුවේ ය.

Verse 19:11

فَخَرَجَ عَلٰی قَوْمِهٖ مِنَ الْمِحْرَابِ فَاَوْحٰۤی اِلَیْهِمْ اَنْ سَبِّحُوْا بُكْرَةً وَّعَشِیًّا ۟

Fakharaja ʻalaa q̣awmihee minal miḥraabi faʹawḥaaa ʹilayhim ʹañ sabbiḥoo bukratañw waʻashiyyaa.

පසුව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැරට පැමිණියේ ය. එවිට ‘නුඹලා උදේ හා සවස සුවිශුද්ධ කරනු’යි ඔහු ඔවුනට ඇඟවිය.

Verse 19:12

یٰیَحْیٰی خُذِ الْكِتٰبَ بِقُوَّةٍ ؕ وَاٰتَیْنٰهُ الْحُكْمَ صَبِیًّا ۟ۙ

Yaa-Yaḥyaa khuẓil Kitaaba biq̣uwwah: wa-ʹaataynaahul Ḥukma ṣabiyyaa.

අහෝ යහ්යා! ධර්ම ග්‍රන්ථය බලවත් ලෙස (ග්‍රහණය කර) ගනු. තවද අපි ඔහුට ළමා කාලයේම ප්‍රඥාව පිරිනැමුවෙමු.

Verse 19:13

وَّحَنَانًا مِّنْ لَّدُنَّا وَزَكٰوةً ؕ وَكَانَ تَقِیًّا ۟ۙ

Waḥanaanam mil ladunnaa wazakaah: wa-kaana taq̣iyyaa,

තවද අප වෙතින් වූ ආදරය හා පිවිතුරු බව ද (ඔහුට පිරිනැමුවෙමු.) තවද ඔහු බිය බැතිමත් කෙනෙකු විය.

Verse 19:14

وَّبَرًّا بِوَالِدَیْهِ وَلَمْ یَكُنْ جَبَّارًا عَصِیًّا ۟

Wa-barram biwaalidayhi wa-lam yakuñ jabbaaran ʻaṣiyyaa.

තවද ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නකු විය. තවද ඔහු දඬබ්බර අකීකරු වන්තයෙකු නො වීය.

Verse 19:15

وَسَلٰمٌ عَلَیْهِ یَوْمَ وُلِدَ وَیَوْمَ یَمُوْتُ وَیَوْمَ یُبْعَثُ حَیًّا ۟۠

Wa-Salaamun ʻalayhi yawma wulida wa-yawma yamootu wa-yawma yubʻas̤u ḥayyaa!

තවද ඔහු උපත ලැබූ දින ද ඔහු මිය යන දින ද ඔහු නැවත ජීවමානව නැගිටුවනු ලබන දින ද ඔහු වෙත සාමය ඇති වේවා!

Verse 19:16

وَاذْكُرْ فِی الْكِتٰبِ مَرْیَمَ ۘ اِذِ انْتَبَذَتْ مِنْ اَهْلِهَا مَكَانًا شَرْقِیًّا ۟ۙ

Waẓkur fil Kitaabi Maryam. ʹIẓiñ tabaẓat min ʹahlihaa makaanañ sharq̣iyyaa.

තවද මෙම ධර්ම ග්‍රන්ථයේ මර්යම් ගැන ඇය තම පවුලෙන් වෙන්ව නැගෙනහිර ස්ථානයකට ගිය අවස්ථාව (නබිවරය!) නුඹ සිහිපත් කරනු.

Verse 19:17

فَاتَّخَذَتْ مِنْ دُوْنِهِمْ حِجَابًا ۪۫ فَاَرْسَلْنَاۤ اِلَیْهَا رُوْحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِیًّا ۟

Fattakhaẓat miñ doonihim ḥijaabaa. Faʹarsalnaaa ʹilayhaa rooḥanaa fatamas̤s̤ala lahaa basharañ sawiyyaa.

එවිට ඇය ඔවුන්ගෙන් වෙන්ව තිරයක් ගත්තා ය. එවිට අපි ඇය වෙත අපගේ ප්‍රාණය (හෙවත් ජිබ්රීල් මලක්වරයා) එව්වෙමු. එවිට ඔහු පූර්ණ මිනිසෙකු වෙසින් ඇය වෙත පෙනී සිටියේ ය.

Verse 19:18

قَالَتْ اِنِّیْۤ اَعُوْذُ بِالرَّحْمٰنِ مِنْكَ اِنْ كُنْتَ تَقِیًّا ۟

Q̣aalat ʹinneee ʹaʻooẓu bir-Raḥmaani miñka ʹiñ kuñta taq̣iyyaa.

නියත වශයෙන් ම නුඹගෙන් ආරක්ෂාව මහා කාරුණිකයාණන්ගෙන් මම පතමි. නුඹ බිය බැතිමත් කෙනෙකු වී නම් (මා වෙත ළං නො වනු) යැයි ඇය පැවසුවා ය.

Verse 19:19

قَالَ اِنَّمَاۤ اَنَا رَسُوْلُ رَبِّكِ ۖۗ لِاَهَبَ لَكِ غُلٰمًا زَكِیًّا ۟

Q̣aala ʹinnamaaa ʹana rasoolu Rabbiki liʹahaba laki g̣ulaamañ zakiyyaa.

‘නියත වශයෙන් ම මම නුඹට පිවිතුරු දරුවකු පිරිනමනු පිණිස නුඹගේ පරමාධිපතිගේ දූතයෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.

Verse 19:20

قَالَتْ اَنّٰی یَكُوْنُ لِیْ غُلٰمٌ وَّلَمْ یَمْسَسْنِیْ بَشَرٌ وَّلَمْ اَكُ بَغِیًّا ۟

Q̣aalat ʹannaa yakoonu lee g̣ulaamuñw walam yamsasnee basharuñw walam ʹaku bag̣iyyaa?

‘කිසිදු මිනිසකු මා ස්පර්ශ කර නො තිබිය දී මට දරුවකු වනුයේ කෙසේ ද? තවද මම අපචාරී (කාන්තාවක්) නො වූයෙමි’ යැයි ඇය පැවසුවා ය.

Verse 19:21

قَالَ كَذٰلِكِ ۚ قَالَ رَبُّكِ هُوَ عَلَیَّ هَیِّنٌ ۚ وَلِنَجْعَلَهٗۤ اٰیَةً لِّلنَّاسِ وَرَحْمَةً مِّنَّا ۚ وَكَانَ اَمْرًا مَّقْضِیًّا ۟

Q̣aala kaẓaalik: q̣aala Rabbuki huwa ʻalayya hay-yin: wa-linajʻalahooo ʹAayatal linnaasi wa-Raḥmatam minnaa: wa-kaana ʹamram maq̣ḍiyyaa.

එය එලෙසය යැයි ඔහු පැවසුවේ ය. ‘එය මා වෙත පහසු කාර්යයකි. එය ජනයාට අපගෙන් වූ සංඥාවක් හා ආශිර්වාදයක් බවට පත් කරනු පිණිස ය. එය තීන්දු කරනු ලැබූ නියෝගයක් ද විය’ යැයි නුඹගේ පරමාධිපති පැවසුවේ ය.

Verse 19:22

فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهٖ مَكَانًا قَصِیًّا ۟

Faḥamalathu fañtabaẓat bihee makaanañ q̣aṣiyyaa.

එවිට ඇය ඔහු ගැබ් ගත්තා ය. ඇය ඔහු දරමින් දුර ස්ථානයකට වෙන්ව ගියා ය.

Verse 19:23

فَاَجَآءَهَا الْمَخَاضُ اِلٰی جِذْعِ النَّخْلَةِ ۚ قَالَتْ یٰلَیْتَنِیْ مِتُّ قَبْلَ هٰذَا وَكُنْتُ نَسْیًا مَّنْسِیًّا ۟

Faʹajaaaʹahal makhaaḍu ʹilaa jiẓʻin nakhlah; q̣aalat yaa-laytanee mittu q̣abla haaẓaa wa-kuñtu nasyam mañsiyyaa!

විලිරුදාව ඇයව ඉඳි කඳක් වෙත ගෙන ආවේ ය. අහෝ! මීට පෙර මා මිය යා යුතු නො වේ ද? තවද මුළුමනින් ම අමතක වූ කෙනකු බවට පත් විය යුතු නො වේ දැ? යි පැවසුවා ය.

Verse 19:24

فَنَادٰىهَا مِنْ تَحْتِهَاۤ اَلَّا تَحْزَنِیْ قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِیًّا ۟

Fanaadaahaa miñ taḥtihaaa ʹallaa taḥzanee q̣ad jaʻala Rabbuki taḥtaki sariyyaa;

‘නුඹ දුක් නො වනු සැබැවින් ම නුඹගේ පරමාධිපති නුඹට පහළින් උල්පතක් ඇති කළේය’ යැයි ඇයව පහළ දෙසින් ඔහු ඇමතී ය.

Verse 19:25

وَهُزِّیْۤ اِلَیْكِ بِجِذْعِ النَّخْلَةِ تُسٰقِطْ عَلَیْكِ رُطَبًا جَنِیًّا ۟ؗ

Wa-huzzeee ʹilayki bijiẓʻin nakhlati tusaaq̣iṭ ʻalayki ruṭabañ janiyyaa.

ඉඳි ගසේ කඳ නුඹ දෙසට සොලවනු. නුඹ වෙත නෙලන ලද පැහුණු ගෙඩි වැටෙනු ඇත.

Verse 19:26

فَكُلِیْ وَاشْرَبِیْ وَقَرِّیْ عَیْنًا ۚ فَاِمَّا تَرَیِنَّ مِنَ الْبَشَرِ اَحَدًا ۙ فَقُوْلِیْۤ اِنِّیْ نَذَرْتُ لِلرَّحْمٰنِ صَوْمًا فَلَنْ اُكَلِّمَ الْیَوْمَ اِنْسِیًّا ۟ۚ

Fakulee washrabee wa-q̣arree ʻaynaa. Faʹimmaa tarayinna minal bashari ʹaḥadañ faq̣ooleee ʹinnee naẓartu lir-Raḥmaani ṣawmañ falan ʹukallimal yawma ʹiñsiyyaa.

එවිට නුඹ අනුභව කරනු. තවද පානය කරනු. ඇස් පිනවා ගනු. තවද නුඹ මිනිසුන් අතරින් කිසිවකු හෝ දුටුවෙහි නම් එවිට සැබැවින් ම (කතාවෙන් වැළකී සිටින) උපවාසයක් මම මහා කරුණාවන්තයාණන්හට භාර වූයෙමි. එහෙයින් අද දින කිසිදු මිනිසෙකු සමඟ සැබැවින් ම මම කතා නො කරන්නෙමි යැයි පවසනු.

Verse 19:27

فَاَتَتْ بِهٖ قَوْمَهَا تَحْمِلُهٗ ؕ قَالُوْا یٰمَرْیَمُ لَقَدْ جِئْتِ شَیْـًٔا فَرِیًّا ۟

Faʹatat bihee q̣awmaahaa taḥmiluh. Q̣aaloo yaa-Maryamu laq̣ad jiʹti shayʹañ fariyyaa.

ඔහුව උසුලා ගෙන ඔහු සමඟ ම ඇයගේ සමූහය වෙත ඇය පැමිණියා ය. ‘අහෝ මර්යම්! සැබැවින් ම නුඹ බරපතළ කරුණක් ගෙනැවිත් ඇතැ’යි ඔවුහු පැවසුවෝ ය.

Verse 19:28

یٰۤاُخْتَ هٰرُوْنَ مَا كَانَ اَبُوْكِ امْرَاَ سَوْءٍ وَّمَا كَانَتْ اُمُّكِ بَغِیًّا ۟ۖۚ

Yaaaʹukhta Haaroona maa- kaana ʹabookim raʹa sawʹiñw wamaa kaanat ʹummuki bag̣iyyaa!

අහෝ හාරූන්ගේ සහෝදරිය! නුඹේ පියා නරක පුද්ගලයකු නො වීය. එමෙන් ම නුඹේ මව ද අපචාරී (කාන්තාවක්) නො වීය.

Verse 19:29

فَاَشَارَتْ اِلَیْهِ ؕ قَالُوْا كَیْفَ نُكَلِّمُ مَنْ كَانَ فِی الْمَهْدِ صَبِیًّا ۟

Faʹashaarat ʹilayh. Q̣aaloo kayfa nukallimu mañ kaana fil mahdi ṣabiyyaa?

එවිට ඇය ඔහු දෙසට (ඔවුන් කතා කිරීම සඳහා) ඉඟි කළා ය. ‘බිළිඳු වියේ තොටිල්ලෙහි පසු වන අය සමඟ අපි කෙසේ කතා කරන්නෙමි දැ? යි ඔවුහු පැවසුවෝ ය.

Verse 19:30

قَالَ اِنِّیْ عَبْدُ اللّٰهِ ؕ۫ اٰتٰىنِیَ الْكِتٰبَ وَجَعَلَنِیْ نَبِیًّا ۟ۙ

Q̣aala ʹinnee ʻAbdul laah: ʹaataaniyal Kitaaba wa-jaʻalanee Nabiyyaa;

නියත වශයෙන් ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. ඔහු මා වෙත දේව ග්‍රන්ථය පිරිනමා ඇත. තවද මා නබිවරයකු බවට පත් කළේය යැයි ඔහු පැවසුවේ ය.

Verse 19:31

وَّجَعَلَنِیْ مُبٰرَكًا اَیْنَ مَا كُنْتُ ۪ وَاَوْصٰنِیْ بِالصَّلٰوةِ وَالزَّكٰوةِ مَا دُمْتُ حَیًّا ۪۟ۖ

Wa-jaʻalanee mubaarakan ʹayna maa kuñtu, wa-ʹawṣaanee biṣ-Ṣalaati waz-Zakaati maa- dumtu ḥayyaa:

මා කොතැනක සිටිය ද ඔහු මට සමෘද්ධිය ඇති කළේ ය. තවද මා ජීවමානව සිටින තාක්කල් සලාතය හා zසකාතය (ඉටු කිරීම) පිළිබඳ මට උපදෙස් දුන්නේ ය.

Verse 19:32

وَّبَرًّا بِوَالِدَتِیْ ؗ وَلَمْ یَجْعَلْنِیْ جَبَّارًا شَقِیًّا ۟

Wa-barram biwaalidatee wa-lam yajʻalnee jabbaarañ shaq̣iyyaa;

තවද මාගේ මවට ඇප උපස්ථාන කිරීමට ද (උපදෙස් දුන්නේ ය.) තවද ඔහු මා අභාග්‍යවන්ත දරුණු පාලකයකු ලෙස මා පත් නො කළේ ය.

Verse 19:33

وَالسَّلٰمُ عَلَیَّ یَوْمَ وُلِدْتُّ وَیَوْمَ اَمُوْتُ وَیَوْمَ اُبْعَثُ حَیًّا ۟

Was-Salaamu ʻalayya yawma wulittu wa-yawma ʹamootu wa-yawma ʹubʻas̤u ḥayyaa!

තවද මම උපත ලැබූ දිනයෙහි ද මම මරණයට පත් වන දිනයෙහි ද නැවත මා නැගිටුවනු ලබන දිනයෙහි ද මා වෙත සාමය වේවා!

Verse 19:34

ذٰلِكَ عِیْسَی ابْنُ مَرْیَمَ ۚ قَوْلَ الْحَقِّ الَّذِیْ فِیْهِ یَمْتَرُوْنَ ۟

Ẓaalika ʻEesab nu Maryam: q̣awlal ḥaq̣q̣il laẓee feehi yamtaroon.

එය මර්යම්ගේ පුත් ඊසා(ගේ ප්‍රකාශය) වේ. සත්‍ය ප්‍රකාශය වන එහි ඔවුහු සැක කරති.

Verse 19:35

مَا كَانَ لِلّٰهِ اَنْ یَّتَّخِذَ مِنْ وَّلَدٍ ۙ سُبْحٰنَهٗ ؕ اِذَا قَضٰۤی اَمْرًا فَاِنَّمَا یَقُوْلُ لَهٗ كُنْ فَیَكُوْنُ ۟ؕ

Maa- kaana lillaahi ʹañy yattakhiẓa miñw waladiñ Subḥaanah! ʹIẓaa q̣aḍaaa ʹamrañ faʹinnamaa yaq̣oolu lahoo Kuñ Fayakoon.˺

දරුවකු තබා ගැනීම අල්ලාහ්ට (සුදුසු) නො වීය. ඔහු සුවිශුද්ධ ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ඔහු කුන් (වනු) යැයි පවසනවා පමණ ය. එය සිදු වනු ඇත.

Verse 19:36

وَاِنَّ اللّٰهَ رَبِّیْ وَرَبُّكُمْ فَاعْبُدُوْهُ ؕ هٰذَا صِرَاطٌ مُّسْتَقِیْمٌ ۟

Wa-ʹinnal laaha Rabbee wa-Rabbukum faʻbudooh: haaẓaa Ṣiraaṭum Mustaq̣eem.

තවද නියත වශයෙන් ම අල්ලාහ් මාගේ පරමාධිපති ය. නුඹලාගේ ද පරමාධිපති ය. එහෙයින් නුඹලා ඔහුට නැමදුම් කරනු. මෙය ඍජු මාර්ගයයි.

Verse 19:37

فَاخْتَلَفَ الْاَحْزَابُ مِنْ بَیْنِهِمْ ۚ فَوَیْلٌ لِّلَّذِیْنَ كَفَرُوْا مِنْ مَّشْهَدِ یَوْمٍ عَظِیْمٍ ۟

Fakhtalafal ʹaḥzaabu mim baynihim: fawaylul lillaẓeena kafaroo mim Mashhadi yawmin ʻaz̤̣eem!

එවිට ඔවුන් අතර වූ (විවිධ) කණ්ඩායම් මත ගැටුම් ඇති කර ගත්තෝ ය. අතිමහත් දින දර්ශනය වන ස්ථානයේ ප්‍රතික්ෂේප කළවුනට විනාශය වේවා!

Verse 19:38

اَسْمِعْ بِهِمْ وَاَبْصِرْ ۙ یَوْمَ یَاْتُوْنَنَا لٰكِنِ الظّٰلِمُوْنَ الْیَوْمَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟

ʹAsmiʻ bihim wa-ʹabṣir Yawma yaʹtoonanaa laakiniz̤̣ z̤̣aalimoonal yawma fee ḍalaalim mubeen!

ඔවුන් අප වෙත පැමිණෙන දින ඔවුන්ගේ ශ්‍රවණය කෙතරම් පුදුම සහගතද! තවද (ඔවුන්ගේ) බැල්ම කෙතරම් පුදුම සහගතද! එහෙත් අද දින අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහි වෙති.

Verse 19:39

وَاَنْذِرْهُمْ یَوْمَ الْحَسْرَةِ اِذْ قُضِیَ الْاَمْرُ ۘ وَهُمْ فِیْ غَفْلَةٍ وَّهُمْ لَا یُؤْمِنُوْنَ ۟

Waʹañẓirhum Yawmal Ḥasrati ʹiẓ q̣uḍiyal ʹamr. Wa-hum fee g̣aflatiñw wahum laa- yuʹminoon!

ඔවුහු විශ්වාස නො කරමින් හා ඔවුන් නො සැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු.

Verse 19:40

اِنَّا نَحْنُ نَرِثُ الْاَرْضَ وَمَنْ عَلَیْهَا وَاِلَیْنَا یُرْجَعُوْنَ ۟۠

ʹInnaa Naḥnu naris̤ul ʹarḍa wa-man ʻalayhaa wa-ʹilaynaa yurjaʻoon.

නියත වශයෙන් ම අපි මහපොළොව හා ඒ මත සිටිනවුන් උරුම කර ගන්නෙමු. තවද ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ ද අප වෙත ම ය.

Verse 19:41

وَاذْكُرْ فِی الْكِتٰبِ اِبْرٰهِیْمَ ؕ۬ اِنَّهٗ كَانَ صِدِّیْقًا نَّبِیًّا ۟

Waẓkur fil Kitaabi ʹIbraaheem: ʹinnahoo kaana Ṣiddeeq̣an Nabiyyaa.

ධර්ම ග්‍රන්ථයේ ඉබ්රාහීම්ව මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.

Verse 19:42

اِذْ قَالَ لِاَبِیْهِ یٰۤاَبَتِ لِمَ تَعْبُدُ مَا لَا یَسْمَعُ وَلَا یُبْصِرُ وَلَا یُغْنِیْ عَنْكَ شَیْـًٔا ۟

ʹIẓ q̣aala liʹabeehi yaaaʹabati lima taʻbudu maa laa- yasmaʻu wa-laa yubṣiru wa-laa yug̣nee ʻañka shayʹaa?

මාගේ පියාණනි! සවන් නො දෙන තවද නො බලන එමෙන් ම ඔබට කිසිදු පලක් නො දෙන දෑට ඔබ නමදිනුයේ ඇයි දැ? යි ඉබ්රාහීම් තම පියාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.

Verse 19:43

یٰۤاَبَتِ اِنِّیْ قَدْ جَآءَنِیْ مِنَ الْعِلْمِ مَا لَمْ یَاْتِكَ فَاتَّبِعْنِیْۤ اَهْدِكَ صِرَاطًا سَوِیًّا ۟

Yaaaʹabati ʹinnee q̣ad jaaaʹanee minal ʻilmi maa- lam yaʹtika fattabiʻneee ʹahdika Ṣiraaṭañ sawiyyaa.

මාගේ පියාණනි! ඔබ වෙත නොපැමිණි ඥානය මා වෙත සැබැවින් ම පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරනු මැනව. ඍජු මාර්ගය වෙත මම ඔබට මග පෙන්වමි.

Verse 19:44

یٰۤاَبَتِ لَا تَعْبُدِ الشَّیْطٰنَ ؕ اِنَّ الشَّیْطٰنَ كَانَ لِلرَّحْمٰنِ عَصِیًّا ۟

Yaaaʹabati laa- taʻbudish Shayṭaan: ʹinnash Shayṭaana kaana lir-Raḥmaani ʻaṣiyyaa.

අහෝ මාගේ පියාණනි! ෂෛයිතාන්ට ගැතිකම් නො කරනු. නියත වශයෙන් ම ෂෛයිතාන් මහා කරුණාන්විතයාණන්ට පිටුපාන්නෙකු විය.

Verse 19:45

یٰۤاَبَتِ اِنِّیْۤ اَخَافُ اَنْ یَّمَسَّكَ عَذَابٌ مِّنَ الرَّحْمٰنِ فَتَكُوْنَ لِلشَّیْطٰنِ وَلِیًّا ۟

Yaaaʹabati ʹinneee ʹakhaafu ʹañy yamassaka ʻAẓaabum minar Raḥmaani fatakoona lish-Shayṭaani waliyyaa.

අහෝ මාගේ පියාණනි! ඔබට මහා කරුණාන්විතයාණන්ගෙන් වූ දඬුවමක් ස්පර්ශ වීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි. එවිට ඔබ ෂෛයිතාන්ට උදව්කරුවකු වන්නෙහි ය.

Verse 19:46

قَالَ اَرَاغِبٌ اَنْتَ عَنْ اٰلِهَتِیْ یٰۤاِبْرٰهِیْمُ ۚ لَىِٕنْ لَّمْ تَنْتَهِ لَاَرْجُمَنَّكَ وَاهْجُرْنِیْ مَلِیًّا ۟

Q̣aala ʹaraag̣ibun ʹañta ʻan ʹaalihatee yaaaʹIbraaheem? Laʹil lam tañtahi laʹarjumannaka wahjurnee maliyyaa!

නුඹ මාගේ දෙවියන් පිළිකුල් කරන්නෙකු ද? අහෝ ඉබ්රාහීම්! නුඹ මෙයින් නො වැළකුණෙහි නම් මම නුඹට ගල් ගසා මරමි. තවද නුඹ මාගෙන් සදහට ම ඈත්ව සිටිනු යැයි ඔහු පැවසී ය.

Verse 19:47

قَالَ سَلٰمٌ عَلَیْكَ ۚ سَاَسْتَغْفِرُ لَكَ رَبِّیْ ؕ اِنَّهٗ كَانَ بِیْ حَفِیًّا ۟

Q̣aala Salaamun ʻalayk: saʹastag̣firu laka Rabbee: ʹinnahoo kaana bee Ḥafiyyaa.

ඔබට ශාන්තිය අත්වේවා! මම මාගේ පරමාධිපතිගෙන් ඔබ වෙනුවෙන් මතු පාප ක්ෂමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු මාහට කරුණාවන්ත විය යැයි ඔහු (ඉබ්රාහීම්) පැවසී ය.

Verse 19:48

وَاَعْتَزِلُكُمْ وَمَا تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ وَاَدْعُوْا رَبِّیْ ۖؗ عَسٰۤی اَلَّاۤ اَكُوْنَ بِدُعَآءِ رَبِّیْ شَقِیًّا ۟

Wa-ʹaʻtazilukum wa-maa tadʻoona miñ doonil laahi wa-ʹadʻoo Rabbee ʻasaaa ʹallaaa ʹakoona biduʻaaaʹi Rabbee shaq̣iyyaa.

තවද මම නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා අයැදින දැයින් ද ඉවත් වන්නෙමි. තවද මාගේ පරමාධිපතිගෙන් අයැද සිටිමි. මාගේ පරමාධිපති වෙත කෙරෙන ප්‍රාර්ථනාවෙන් මා දුර්භාග්‍යවන්තයකු ලෙස නො වන්නට පුළුවන.

Verse 19:49

فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا یَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ۙ وَهَبْنَا لَهٗۤ اِسْحٰقَ وَیَعْقُوْبَ ؕ وَكُلًّا جَعَلْنَا نَبِیًّا ۟

Falammaʻ tazalahum wa-maa yaʻbudoona miñ doonil laahi wahabnaa lahooo ʹIsḥaaq̣a wa-Yaʻq̣oob: wa-kullañ jaʻalnaa nabiyyaa.

ඔවුන්ගෙන් හා අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ්ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු.

Verse 19:50

وَوَهَبْنَا لَهُمْ مِّنْ رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِیًّا ۟۠

Wa-wahabnaa lahum mir Raḥmatinaa wa-jaʻalnaa lahum lisaana ṣidq̣in ʻaliyyaa.

තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට පිරිනැමුවෙමු. තවද ඔවුනට උසස් ප්‍රශංසාව ද ඇති කළෙමු.

Verse 19:51

وَاذْكُرْ فِی الْكِتٰبِ مُوْسٰۤی ؗ اِنَّهٗ كَانَ مُخْلَصًا وَّكَانَ رَسُوْلًا نَّبِیًّا ۟

Waẓkur fil Kitaabi Moosaaa ʹinnahoo kaana mukhlaṣañw wakaana Rasoolan Nabiyyaa.

තවද ධර්ම ග්‍රන්ථයේ මූසා ගැන ද නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු අවංක කෙනෙකු විය. තවද ධර්ම දූතයෙකු හා නබිවරයකු ද විය.

Verse 19:52

وَنَادَیْنٰهُ مِنْ جَانِبِ الطُّوْرِ الْاَیْمَنِ وَقَرَّبْنٰهُ نَجِیًّا ۟

Wa-naadaynaahu miñ jaanibiṭ Ṭooril ʹaymani wa-q̣arrabnaahu najiyyaa.

තවද තූර් (කන්දේ) දකුණු දෙසින් අපි ඔහු ඇමතුවෙමු. තවද කතා කිරීම සඳහා අපි ඔහුව සමීප කළෙමු.

Verse 19:53

وَوَهَبْنَا لَهٗ مِنْ رَّحْمَتِنَاۤ اَخَاهُ هٰرُوْنَ نَبِیًّا ۟

Wa-wahabnaa lahoo mir Raḥmatinaaa ʹakhaahu Haaroona Nabiyyaa.

තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔහුට ඔහුගේ සහෝදර හාරූන්ව නබිවරයකු ලෙස පිරිනැමුවෙමු.

Verse 19:54

وَاذْكُرْ فِی الْكِتٰبِ اِسْمٰعِیْلَ ؗ اِنَّهٗ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُوْلًا نَّبِیًّا ۟ۚ

Waẓkur fil Kitaabi ʹIsmaaʻeel; ʹinnahoo kaana ṣaadiq̣al waʻdi wa-kaana Rasoolan Nabiyyaa.

ධර්ම ග්‍රන්ථයේ ඉස්මාඊල්ව ද මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු ප්‍රතිඥාව සැබෑ ලෙස ඉටු කරන්නෙකු විය. තවද ඔහු ධර්ම දූතයෙකු හා නබිවරයකු විය.

Verse 19:55

وَكَانَ یَاْمُرُ اَهْلَهٗ بِالصَّلٰوةِ وَالزَّكٰوةِ ۪ وَكَانَ عِنْدَ رَبِّهٖ مَرْضِیًّا ۟

Wa-kaana yaʹmuru ʹahlahoo biṣ-Ṣalaati waz-Zakaah; wa-kaana ʻiñda Rabbihee marḍiyyaa.

තවද ඔහු සලාතය හා zසකාතය පිළිබඳ ඔහුගේ පවුලේ අයට නියෝග කරන්නෙකු විය. තවද ඔහු ඔහුගේ පරමාධිපති අබියස පිළිගනු ලැබූ කෙනෙකු ද විය.

Verse 19:56

وَاذْكُرْ فِی الْكِتٰبِ اِدْرِیْسَ ؗ اِنَّهٗ كَانَ صِدِّیْقًا نَّبِیًّا ۟ۗۙ

Waẓkur fil Kitaabi ʹIdrees: ʹinnahoo kaana ṣiddeeq̣an Nabiyyaa:

තවද ධර්ම ග්‍රන්ථයේ ඉද්රීස් ගැන ද මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.

Verse 19:57

وَّرَفَعْنٰهُ مَكَانًا عَلِیًّا ۟

Wa-rafaʻnaahu makaanan ʻaliyyaa.

තවද අපි උසස් ස්ථානයකට ඔහුව උසස් කළෙමු.

Verse 19:58

اُولٰٓىِٕكَ الَّذِیْنَ اَنْعَمَ اللّٰهُ عَلَیْهِمْ مِّنَ النَّبِیّٖنَ مِنْ ذُرِّیَّةِ اٰدَمَ ۗ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوْحٍ ؗ وَّمِنْ ذُرِّیَّةِ اِبْرٰهِیْمَ وَاِسْرَآءِیْلَ ؗ وَمِمَّنْ هَدَیْنَا وَاجْتَبَیْنَا ؕ اِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُ الرَّحْمٰنِ خَرُّوْا سُجَّدًا وَّبُكِیًّا ۟

ʹUlaaaʹikal laẓeena ʹanʻamal laahu ʻalayhim minan nabiyyeena miñ ẓurriyyati ʹAadama, wa-mimman ḥamalnaa maʻa Nooḥ, wa-miñ ẓurriyyati ʹIbraaheema wa-ʹIsraaaʹeela wa-mimman hadaynaa wajtabaynaa. ʹIẓaa tutlaa ʻalayhim ʹAayaatur Raḥmaani kharroo sujjadañw wabukiyyaa.

ඔවුහු ආදම්ගේ පරපුරින් ද නූහ් සමඟ අපි ඉසිලූ අයගෙන් ද ඉබ්රාහීම්ගේ හා ඉස්රාඊල්ගේ පරපුරින් ද අපි යහමඟ පෙන්වා තෝරා ගත් අයගෙන් ද වූ නබිවරුන් අතරින් අල්ලාහ් කවරෙකු වෙත ආශිර්වාද කළේ ද එවැනි අය වෙති. ඔවුන් වෙත මහා කරුණාන්විතයාණන්ගේ වදන් පාරායනා කරනු ලබන විට අඬමින් සුජූද්හි වැටෙති.

Verse 19:59

فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ اَضَاعُوا الصَّلٰوةَ وَاتَّبَعُوا الشَّهَوٰتِ فَسَوْفَ یَلْقَوْنَ غَیًّا ۟ۙ

Fakhalafa mim baʻdihim khalfun ʹaḍaaʻuṣ Ṣalaata wattabaʻush shahawaati fasawfa yalq̣awna g̣ayyaa.

ඔවුනට පසුව පසුපරම්පරාවක් පැමිණියේ ය. ඔවුහු සලාතය පැහැර හැරියෝ ය. තවද ආශාවන් අනුගමනය කළෝ ය. එහෙයින් ඔවුහු නපුරු විපාකයට මතු මුහුණ දෙනු ඇත.

Verse 19:60

اِلَّا مَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ صَالِحًا فَاُولٰٓىِٕكَ یَدْخُلُوْنَ الْجَنَّةَ وَلَا یُظْلَمُوْنَ شَیْـًٔا ۟ۙ

ʹIllaa mañ taaba wa-ʹaamana wa-ʻamila ṣaaliḥañ faʹulaaaʹika yadkhuloonal Jannata wa-laa yuz̤̣lamoona shayʹaa,

එහෙත් පසුතැවිලි වී දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුහු වනාහි (ස්වර්ග) උයනට පිවිසෙන්නන් වෙති. තවද කිසිවකින් ඔවුහු අපරාධ කරනු නො ලබති.

Verse 19:61

جَنّٰتِ عَدْنِ لَّتِیْ وَعَدَ الرَّحْمٰنُ عِبَادَهٗ بِالْغَیْبِ ؕ اِنَّهٗ كَانَ وَعْدُهٗ مَاْتِیًّا ۟

Jannaati ʻAdninil latee waʻadar Raḥmaanu ʻibaadahoo bil-G̣ayb: ʹinnahoo kaana waʻduhoo maʹtiyyaa.

(ඒවා) මහා කරුණාන්විතයාණන් තම ගැත්තන්හට පොරොන්දු වූ අදෘශ්‍යමාන සදාතනික (ස්වර්ග) උයන් ය. නියත වශයෙන් ම ඔහුගේ පොරොන්දුව ගෙන එනු ලබන්නකි.

Verse 19:62

لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا اِلَّا سَلٰمًا ؕ وَلَهُمْ رِزْقُهُمْ فِیْهَا بُكْرَةً وَّعَشِیًّا ۟

Laa- yasmaʻoona feehaa lag̣wan ʹillaa Salaamaa: wa-lahum rizq̣uhum feehaa bukratañw waʻashiyyaa.

තවද ඔවුහු සලාම් හෙවත් ශාන්තිය මිස කිසිදු නිෂ්ඵල දෙයකට එහි සවන් නො දෙති. තවද ඔවුන්ගේ පෝෂණය උදේ හා හවස ඔවුනට එහි ඇත.

Verse 19:63

تِلْكَ الْجَنَّةُ الَّتِیْ نُوْرِثُ مِنْ عِبَادِنَا مَنْ كَانَ تَقِیًّا ۟

Tilkal Jannatul latee nooris̤u min ʻibaadinaa mañ kaana taq̣iyyaa.

එය අපගේ ගැත්තන් අතරින් බිය බැතිමත් වූ අයට අපි උරුම කර දෙන (ස්වර්ග) උයනයි.

Verse 19:64

وَمَا نَتَنَزَّلُ اِلَّا بِاَمْرِ رَبِّكَ ۚ لَهٗ مَا بَیْنَ اَیْدِیْنَا وَمَا خَلْفَنَا وَمَا بَیْنَ ذٰلِكَ ۚ وَمَا كَانَ رَبُّكَ نَسِیًّا ۟ۚ

Wa-maa natanazzalu ʹillaa biʹamri Rabbik: lahoo maa- bayna ʹaydeenaa wa-maa khalfanaa wa-maa bayna ẓaalika: wa-maa kaana Rabbuka nasiyyaa,

තවද නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් මිස අපි පහළ නො වන්නෙමු. තවද අප ඉදිරියේ ඇති දෑ ද අපට පසුපසින් ඇති දෑ ද ඒ අතර ඇති දෑ ද ඔහු සතු ය. තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙකු නො වීය. (යැයි ජිබ්රීල් පැවසී ය.)

Verse 19:65

رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهٖ ؕ هَلْ تَعْلَمُ لَهٗ سَمِیًّا ۟۠

Rabbus samaawaati wal-ʹarḍi wa-maa baynahumaa faʻbudhu waṣṭabir liʻibaadatih: hal taʻlamu lahoo samiyyaa?

(ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන් ය. එහෙයින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට නැමදුම් කිරීම සඳහා නුඹ ඉවසනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද?

Verse 19:66

وَیَقُوْلُ الْاِنْسَانُ ءَاِذَا مَا مِتُّ لَسَوْفَ اُخْرَجُ حَیًّا ۟

Wa-yaq̣oolul ʹiñsaanu ʹa-ʹiẓaa maa mittu lasawfa ʹukhraju ḥayyaa?

තවද මා මිය ගිය විට ජීවය ලබා මම මතු බැහැර කරනු ලබන්නෙමි දැ? යි මිනිසා විමසා සිටියි.

Verse 19:67

اَوَلَا یَذْكُرُ الْاِنْسَانُ اَنَّا خَلَقْنٰهُ مِنْ قَبْلُ وَلَمْ یَكُ شَیْـًٔا ۟

ʹAwalaa yaẓkurul ʹiñsaanu ʹannaa khalaq̣naahu miñ q̣ablu wa-lam yaku shayʹaa?

මීට පෙර කිසිවක් ලෙස නො පැවති තත්ත්වයෙන් සැබැවින් ම අපි ඔහුව මැවූ බව මිනිසා මෙනෙහි කළ යුතු නො වේ ද?

Verse 19:68

فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّیٰطِیْنَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِیًّا ۟ۚ

Fawa-Rabbika lanaḥshurannahum washshayaaṭeena s̤umma lanuḥḍirannahum ḥawla Jahannama jis̤iyyaa;

එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් සැබැවින් ම අපි ඔවුන් හා ෂෙයිතානුන්ව නැවත රැස් කරන්නෙමු. පසුව නිරය වටා ඔවුන් දණ ගස්වා ගෙන එන්නෙමු.

Verse 19:69

ثُمَّ لَنَنْزِعَنَّ مِنْ كُلِّ شِیْعَةٍ اَیُّهُمْ اَشَدُّ عَلَی الرَّحْمٰنِ عِتِیًّا ۟ۚ

S̤umma lanañziʻanna miñ kulli sheeʻatin ʹayyuhum ʹashaddu ʻalar Raḥmaani ʻitiyyaa.

පසුව සෑම කණ්ඩායමකින් ම කවරෙකු මහා කරුණාන්විතයාණන්ට එරෙහිව දැඩි ලෙස පිටුපෑවේ ද ඔවුන්ව අපි වෙන් කරන්නෙමු.

Verse 19:70

ثُمَّ لَنَحْنُ اَعْلَمُ بِالَّذِیْنَ هُمْ اَوْلٰی بِهَا صِلِیًّا ۟

S̤umma lanaḥnu ʹaʻlamu billaẓeena hum ʹawlaa bihaa ṣiliyyaa.

එහි පිවිස දැවීමට වඩාත් සුදුස්සන් වූ අය පිළිබඳව අපි මැනවින් දනිමු.

Verse 19:71

وَاِنْ مِّنْكُمْ اِلَّا وَارِدُهَا ۚ كَانَ عَلٰی رَبِّكَ حَتْمًا مَّقْضِیًّا ۟ۚ

Wa-ʹim miñkum ʹillaa waariduhaa: kaana ʻalaa Rabbika Ḥatmam maq̣ḍiyyaa.

තවද නුඹලා අතරින් එය තරණය නො කරන කිසිවකු නැත. එය නුඹගේ පරමාධිපති වෙතින් නියම වූ තීන්දුවක් විය.

Verse 19:72

ثُمَّ نُنَجِّی الَّذِیْنَ اتَّقَوْا وَّنَذَرُ الظّٰلِمِیْنَ فِیْهَا جِثِیًّا ۟

S̤umma nunajjil laẓeenat taq̣aw wanaẓaruz̤̣ z̤̣aalimeena feehaa jis̤iyyaa.

පසුව අපි බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් (නිරයෙන්) මුදවා ගන්නෙමු. තවද අපරාධකරුවන් එහි දණින් වැටී සිටීමට අත හැර දමන්නෙමු.

Verse 19:73

وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا بَیِّنٰتٍ قَالَ الَّذِیْنَ كَفَرُوْا لِلَّذِیْنَ اٰمَنُوْۤا ۙ اَیُّ الْفَرِیْقَیْنِ خَیْرٌ مَّقَامًا وَّاَحْسَنُ نَدِیًّا ۟

Wa-ʹiẓaa tutlaa ʻalayhim ʹAayaatunaa bayyinaatiñ q̣aalal laẓeena kafaroo lillaẓeena ʹaamanooo ʹayyul fareeq̣ayni khayrum Maq̣aamañw Waʹaḥsanu Nadiyyaa?

තවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කර පෙන්වනු ලබන විට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ‘(අප) කණ්ඩායම් දෙකින් නිලයෙන් වඩාත් ශ්‍රේෂ්ඨ හා සභාවෙන් වඩාත් අලංකාර වන්නේ කවරහු දැ? යි දේවත්වය විශ්වාස කරන්නන්හට පැවසුවෝ ය.

Verse 19:74

وَكَمْ اَهْلَكْنَا قَبْلَهُمْ مِّنْ قَرْنٍ هُمْ اَحْسَنُ اَثَاثًا وَّرِءْیًا ۟

Wa-kam ʹahlaknaa q̣ablahum miñ q̣arnin hum ʹaḥsanu ʹas̤aas̤añw Wariʹyaa?

තවද ඔවුනට පෙර, සම්පත් හා පෙනුමෙන් වඩාත් අලංකාර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද?

Verse 19:75

قُلْ مَنْ كَانَ فِی الضَّلٰلَةِ فَلْیَمْدُدْ لَهُ الرَّحْمٰنُ مَدًّا ۚ۬ حَتّٰۤی اِذَا رَاَوْا مَا یُوْعَدُوْنَ اِمَّا الْعَذَابَ وَاِمَّا السَّاعَةَ ؕ فَسَیَعْلَمُوْنَ مَنْ هُوَ شَرٌّ مَّكَانًا وَّاَضْعَفُ جُنْدًا ۟

Q̣ul mañ kaana fiḍ ḍalaalati falyamdud lahur Raḥmaanu maddaa: ḥattaaa ʹiẓaa raʹaw maa- yooʻadoona ʹimmal ʻaẓaaba wa-ʹimmas Saaʻah. Fasayaʻlamoona man huwa sharrum makaanañw waʹaḍʻafu juñdaa!

කවරෙකු මුළාවෙහි සිටිත් ද එවිට මහා කරුණාන්විතයාණන් ඔහුට කාල අවකාශය දිගු හරිනු ඇත. එය, ඔවුනට දඬුවමක් වශයෙන් හෝ අවසන් හෝරාව වශයෙන් හෝ ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින තෙක් වනු ඇත. එවිට ස්ථානයෙන් නපුරු වන්නේ කවරෙකු ද එමෙන් ම සේනාවෙන් වඩාත් දුර්වල කවරෙකු ද යන වග ඔවුහු මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.

Verse 19:76

وَیَزِیْدُ اللّٰهُ الَّذِیْنَ اهْتَدَوْا هُدًی ؕ وَالْبٰقِیٰتُ الصّٰلِحٰتُ خَیْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَّخَیْرٌ مَّرَدًّا ۟

Wa-yazeedul laahul laẓeenah tadaw Hudaa; wal-Baaq̣iyaatuṣ Ṣaaliḥaatu khayrun ʻiñda Rabbika s̤awaabañw wakhayrum maraddaa.

යහ මග ලැබූවන්හට අල්ලාහ් යහ මග අධික කරයි. ශේෂව සදා පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස කුසලින් වඩාත් උතුම් ය. තවද නැවත යොමු වන ස්ථානයෙන් ද වඩාත් උතුම්ය.

Verse 19:77

اَفَرَءَیْتَ الَّذِیْ كَفَرَ بِاٰیٰتِنَا وَقَالَ لَاُوْتَیَنَّ مَالًا وَّوَلَدًا ۟ؕ

ʹAfaraʹaytal laẓee kafara biʹAayaatinaa wa-q̣aala laʹootayanna maalañw wawaladaa?

අපගේ වදන් ප්‍රතික්ෂේප කළ අය නුඹ නො දුටුවෙහි ද? සැබැවින් ම ධනය හා දරුවන් මට දෙනු ලබනු ඇතැයි ඔහු පැවසී ය.

Verse 19:78

اَطَّلَعَ الْغَیْبَ اَمِ اتَّخَذَ عِنْدَ الرَّحْمٰنِ عَهْدًا ۟ۙ

ʹAṭ-ṭalaʻal G̣ayba ʹamit takhaẓa ʻiñdar Raḥmaani ʻahdaa?

ඔහු ගුප්ත දෑ දෙස එඹී බැලුවේ ද? එසේ නැතහොත් මහා කරුණාන්විතයාණන් වෙතින් ඔහු ගිවිසුමක් ගෙන ඇත්ද?

Verse 19:79

كَلَّا ؕ سَنَكْتُبُ مَا یَقُوْلُ وَنَمُدُّ لَهٗ مِنَ الْعَذَابِ مَدًّا ۟ۙ

Kallaa! Sanaktubu maa- yaq̣oolu wa-namuddu lahoo minal ʻaẓaabi maddaa.

එසේ නොව ඔහු පවසන දෑ අපි ලියා තබන්නෙමු. තවද අපි දඬුවම දිගු කර ඔහුට පිරිනමන්නෙමු.

Verse 19:80

وَّنَرِثُهٗ مَا یَقُوْلُ وَیَاْتِیْنَا فَرْدًا ۟

Wanaris̤uhoo maa- yaq̣oolu wa-yaʹteenaa fardaa.

තවද ඔහු පවසන දෑ අපි ඔහුට උරුම කර දෙන්නෙමු. ඔහු අප වෙත තනිව පැමිණෙනු ඇත.

Verse 19:81

وَاتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ اٰلِهَةً لِّیَكُوْنُوْا لَهُمْ عِزًّا ۟ۙ

Wattakhaẓoo miñ doonil laahi ʹaalihatal liyakoonoo lahum ʻizzaa!

තවද ඔවුහු (බහු දේවවාදීන්) අල්ලාහ් හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුනට පිහිටක් වනු පිණිස ගත්තෝ ය.

Verse 19:82

كَلَّا ؕ سَیَكْفُرُوْنَ بِعِبَادَتِهِمْ وَیَكُوْنُوْنَ عَلَیْهِمْ ضِدًّا ۟۠

Kallaa! sayakfuroona biʻibaadatihim wa-yakoonoona ʻalayhim ḍiddaa.

එසේ නො ව, ඔවුන් කළ නැමදුම් මොවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. තවද ඔවුනට එරෙහිව මොවුන් සිටිනු ඇත.

Verse 19:83

اَلَمْ تَرَ اَنَّاۤ اَرْسَلْنَا الشَّیٰطِیْنَ عَلَی الْكٰفِرِیْنَ تَؤُزُّهُمْ اَزًّا ۟ۙ

ʹAlam tara ʹannaaa ʹarsalnash shayaaṭeena ʻalal kaafireena taʹuzzuhum ʹazzaa?

දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පොලඹ වන ෂෙයිතානුන්ව සැබැවින් ම අපි ඔවුන් වෙත එවා ඇති බව නුඹ නො දුටුවෙහි ද?

Verse 19:84

فَلَا تَعْجَلْ عَلَیْهِمْ ؕ اِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا ۟ۚ

Falaa taʻjal ʻalayhim: ʹinnamaa naʻuddu lahum ʻaddaa.

එහෙයින් ඔවුනට එරෙහිව නුඹ ඉක්මන් නො වනු. ඔවුන් සඳහා වූ (නියමිත දින) ගණන් ගණනය කරමින් සිටින්නෙමු.

Verse 19:85

یَوْمَ نَحْشُرُ الْمُتَّقِیْنَ اِلَی الرَّحْمٰنِ وَفْدًا ۟ۙ

Yawma naḥshurul Muttaq̣eena ʹilar Raḥmaani wafdaa,

එදින බිය බැතිමතුන් කණ්ඩායමක් වශයෙන් මහා කරුණාන්විතයාණන් වෙත අපි එක් රැස් කරන්නෙමු.

Verse 19:86

وَّنَسُوْقُ الْمُجْرِمِیْنَ اِلٰی جَهَنَّمَ وِرْدًا ۟ۘ

Wa-nasooq̣ul mujrimeena ʹilaa Jahannama wirdaa.

තවද වැරදිකරුවන් පිපාසයෙන් යුතුව ගමන් කරවමින් නිරය වෙත අපි දක්කාගෙන යන්නෙමු.

Verse 19:87

لَا یَمْلِكُوْنَ الشَّفَاعَةَ اِلَّا مَنِ اتَّخَذَ عِنْدَ الرَّحْمٰنِ عَهْدًا ۟ۘ

Laa- yamlikoonash shafaaʻata ʹillaa manit takhaẓa ʻiñdar Raḥmaani ʻahdaa.

මහා කරුණාන්විතයාණන් වෙතින් ප්‍රතිඥාවක් ගත් අය හැර වෙනත් කිසිවකු මැදිහත්වීමට බලය නො දරනු ඇත.

Verse 19:88

وَقَالُوا اتَّخَذَ الرَّحْمٰنُ وَلَدًا ۟ؕ

wa-q̣aalut takhaẓar Raḥmaanu waladaa!

තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ.

Verse 19:89

لَقَدْ جِئْتُمْ شَیْـًٔا اِدًّا ۟ۙ

Laq̣ad jiʹtum shayʹan ʹiddaa!

සැබැවින් ම නුඹලා බරපතළ කරුණක් ගෙනැවිත් ඇත.

Verse 19:90

تَكَادُ السَّمٰوٰتُ یَتَفَطَّرْنَ مِنْهُ وَتَنْشَقُّ الْاَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا ۟ۙ

Takaadus samaawaatu yatafaṭṭarna minhu wa-tañshaq̣ q̣ul-ʹarḍu wa-takhirrul jibaalu haddaa,

ඒ හේතුවෙන් අහස් ඉරිතැලෙන්නටත් මහපොළොව පැළෙන්නටත් කඳු සුණුවිසුණු වී කඩා වැටෙන්නටත් ළඟා විය.

Verse 19:91

اَنْ دَعَوْا لِلرَّحْمٰنِ وَلَدًا ۟ۚ

ʹAñ daʻaw lir-Raḥmaani waladaa.

(එසේ සිදු වන්නේ) මහා කරුණාන්විතයාණන්හට දරුවකු වෙතැයි ඔවුන් අමතන හෙයිනි.

Verse 19:92

وَمَا یَنْۢبَغِیْ لِلرَّحْمٰنِ اَنْ یَّتَّخِذَ وَلَدًا ۟ؕ

Wa-maa yambag̣ee lir-Raḥmaani ʹañy yattakhiẓa waladaa.

තවද මහා කරුණාන්විතයාණන්හට දරුවකු ගැනීමට අවශ්‍ය නො වීය.

Verse 19:93

اِنْ كُلُّ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ اِلَّاۤ اٰتِی الرَّحْمٰنِ عَبْدًا ۟ؕ

ʹIñ kullu mañ fis samaawaati wal-ʹarḍi ʹillaaa ʹaatir Raḥmaani ʻabdaa.

අහස්හි හා මහපොළොවේ සිටින සෑම කෙනෙකුම මහා කරුණාන්විතයාණන් වෙත ගැත්තකු ලෙස ම පැමිණෙන්නේ ම ය.

Verse 19:94

لَقَدْ اَحْصٰىهُمْ وَعَدَّهُمْ عَدًّا ۟ؕ

Laq̣ad ʹaḥṣaahum wa-ʻaddahum ʻaddaa.

සැබැවින් ම ඔහු ඔවුන්ව තක්සේරු කර ඇත. එමෙන් ම ඔහු ඔවුන්ගේ (ක්‍රියාවන්හි) ගණන් ගණනය කර ඇත.

Verse 19:95

وَكُلُّهُمْ اٰتِیْهِ یَوْمَ الْقِیٰمَةِ فَرْدًا ۟

Wa-kulluhum ʹaateehi yawmal Q̣iyaamati fardaa.

තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් සෑම කෙනෙකුම ඔහු වෙත තනිව පැමිණෙනු ඇත.

Verse 19:96

اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمٰنُ وُدًّا ۟

ʹInnal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati sayajʻalu lahumur Raḥmaanu wuddaa.

නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට මහා කරුණාන්විතයාණන් මතු සෙනෙහසක් ඇති කරයි.

Verse 19:97

فَاِنَّمَا یَسَّرْنٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِیْنَ وَتُنْذِرَ بِهٖ قَوْمًا لُّدًّا ۟

Faʹinnamaa yassarnaahu bilisaanika litubashshira bihil Muttaq̣eena wa-tuñẓira bihee q̣awmal luddaa.

එසේ නුඹගේ බසින් ම අපි එය පහසු කරනුයේ එමඟින් නුඹ බිය බැතිමතුන්හට ශුභාරංචි දැන්වීමට හා මුරණ්ඩු ජනයා වෙත එමඟින් නුඹ අවවාද කිරීමට ය.

Verse 19:98

وَكَمْ اَهْلَكْنَا قَبْلَهُمْ مِّنْ قَرْنٍ ؕ هَلْ تُحِسُّ مِنْهُمْ مِّنْ اَحَدٍ اَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا ۟۠

Wa-kam ʹahlaknaa q̣ablahum miñ q̣arn? Hal tuḥissu minhum min ʹaḥadin ʹaw tasmaʻu lahum rikzaa?

තවද ඔවුනට පෙර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් කිසිවෙකු ගැන හෝ නුඹට දැනෙනවා ද? නැතහොත් ඔවුන්ගේ කෙඳිරීමට නුඹ සවන් දෙන්නෙහි ද?