Surah Ta-Ha
Surah Ta-Ha (Ta-Ha) is Surah 20 of the Holy Quran, a Meccan Surah with 135 verses, available here in Sinhalese.
Verse 20:1
طٰهٰ ۟ۚ
Ṭaa-Haa.
තාහා.
Verse 20:2
مَاۤ اَنْزَلْنَا عَلَیْكَ الْقُرْاٰنَ لِتَشْقٰۤی ۟ۙ
Maaa ʹañzalnaa ʻalaykal Q̣ur-ʹaana litashq̣aa,
නුඹ අපහසුතාවයට පත් වනු පිණිස අපි නුඹ වෙත අල්-කුර්ආනය පහළ නො කළෙමු.
Verse 20:3
اِلَّا تَذْكِرَةً لِّمَنْ یَّخْشٰی ۟ۙ
ʹIllaa taẓkiratal limañy yakhshaa,
බියෙන් පසු වන අයට උපදෙසක් වශයෙන් මිස (එය පහළ නො කළෙමු).
Verse 20:4
تَنْزِیْلًا مِّمَّنْ خَلَقَ الْاَرْضَ وَالسَّمٰوٰتِ الْعُلٰی ۟ؕ
Tañzeelam mimman khalaq̣al ʹarḍa was-samaawaatil ʻulaa.
(මෙය) මහපොළොව හා උස් වූ අහස් මැවූ ඔහුගෙන් වූ පහළ කිරීමක් වශයෙනි.
Verse 20:5
اَلرَّحْمٰنُ عَلَی الْعَرْشِ اسْتَوٰی ۟
ʹAr-Raḥmaanu ʻalal ʻArshis tawaa.
මහා කරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය.
Verse 20:6
لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ وَمَا بَیْنَهُمَا وَمَا تَحْتَ الثَّرٰی ۟
Lahoo maa- fis samaawaati wa-maa fil ʹarḍi wa-maa baynahumaa wa-maa taḥtas̤ s̤araa.
අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඒ දෙක අතර ඇති දෑ ද පස් යට ඇති දෑ ද ඔහු සතු ය.
Verse 20:7
وَاِنْ تَجْهَرْ بِالْقَوْلِ فَاِنَّهٗ یَعْلَمُ السِّرَّ وَاَخْفٰی ۟
Wa-ʹiñ tajhar bilq̣awli faʹinnahoo yaʻlamus sirra wa-ʹakhfaa.
තවද ප්‍රකාශය නුඹ හඬ නඟා පැවසුව ද සැබැවින් ම රහස් දෑ හා ඊටත් වඩා සැඟව ඇති දෑ නියත වශයෙන් ම ඔහු දනී.
Verse 20:8
اَللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ لَهُ الْاَسْمَآءُ الْحُسْنٰی ۟
ʹAllaahu laaa ʹilaaha ʹillaa Hoo! Lahul ʹAsmaaaʹul Ḥusnaa.
අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔහුට අලංකාර නාමයන් ඇත.
Verse 20:9
وَهَلْ اَتٰىكَ حَدِیْثُ مُوْسٰی ۟ۘ
Wa-hal ʹataaka ḥadees̤u Moosaa?
තවද මූසාගේ පුවත නුඹ වෙත පැමිණියේ ද?
Verse 20:10
اِذْ رَاٰ نَارًا فَقَالَ لِاَهْلِهِ امْكُثُوْۤا اِنِّیْۤ اٰنَسْتُ نَارًا لَّعَلِّیْۤ اٰتِیْكُمْ مِّنْهَا بِقَبَسٍ اَوْ اَجِدُ عَلَی النَّارِ هُدًی ۟
ʹIẓ raʹaa naarañ faq̣aala liʹahlihim kus̤ooo ʹinneee ʹaanastu naaral laʻalleee ʹaateekum minhaa biq̣abasin ʹaw ʹajidu ʻalan naari hudaa.
ඔහු ගින්නක් දුටු අවස්ථාවේ ‘නුඹලා රැඳී සිටිනු. නියත වශයෙන් ම මම ගින්නක් දුටුවෙමි. එයින් ගිනි මැලයක් නුඹලා වෙත ගෙන එන්නට මට පුළුවණ. එසේ නැතහොත් ගින්න අසලින් මග පෙන්වීමක් මා ලබන්නට පුළුවණ’ යැයි තම පවුලට ඔහු පැවසුවේ ය.
Verse 20:11
فَلَمَّاۤ اَتٰىهَا نُوْدِیَ یٰمُوْسٰی ۟ؕ
Falammaaa ʹataahaa noodiya yaa-Moosaa!
ඔහු ඒ වෙත පැමිණි කල්හි ‘අහෝ මූසා! යැයි අමතනු ලැබී ය.
Verse 20:12
اِنِّیْۤ اَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَیْكَ ۚ اِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًی ۟ؕ
ʹInneee ʹAna Rabbuka fakhlaʻ naʻlayk: ʹInnaka bilwaadil muq̣addasi Ṭuwaa.
නියත වශයෙන් ම මම නුඹගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹගේ පාවහන් යුගල නුඹ ගලවා දමනු. නියත වශයෙන් ම නුඹ පාරිශුද්ධත්වයට පත් කරනු ලැබූ තුවා නම් මිටියාවතෙහි ය’.
Verse 20:13
وَاَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا یُوْحٰی ۟
Wa- ʹanakhtartuka fastamiʻ limaa yooḥaa.
තවද මම නුඹව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු.
Verse 20:14
اِنَّنِیْۤ اَنَا اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنَا فَاعْبُدْنِیْ ۙ وَاَقِمِ الصَّلٰوةَ لِذِكْرِیْ ۟
ʹInnaneee ʹAnal laahu laaa ʹilaaha ʹillaaa ʹAna faʻbudnee wa-ʹaq̣imiṣ Ṣalaata liẓikree.
නියත වශයෙන් ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට නැමදුම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත්ව ඉටු කරනු.
Verse 20:15
اِنَّ السَّاعَةَ اٰتِیَةٌ اَكَادُ اُخْفِیْهَا لِتُجْزٰی كُلُّ نَفْسٍ بِمَا تَسْعٰی ۟
ʹInnas Saaʻata ʹaatiyatun ʹakaadu ʹukhfeehaa litujzaa kullu nafsim bimaa tasʻaa.
නියත වශයෙන් ම (අවසන්) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයකට ම තමන් වෙහෙස වූ දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබනු පිණිස මම එය සඟවා ඇත්තෙමි.
Verse 20:16
فَلَا یَصُدَّنَّكَ عَنْهَا مَنْ لَّا یُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوٰىهُ فَتَرْدٰی ۟
Falaa yaṣuddannaka ʻanhaa mal laa yuʹminu bihaa wattabaʻa hawaahu fatardaa!
එහෙයින් ඒ පිළිබඳ විශ්වාස නො කර තම ආශාවන් අනුගමනය කළ අය නුඹව එයින් නො වැළැක්විය යුතු ය. එසේ (වැළකී සිටියේ නම්) නුඹ විනාශයට පත්වන්නෙහි ය.
Verse 20:17
وَمَا تِلْكَ بِیَمِیْنِكَ یٰمُوْسٰی ۟
Wa-maa tilka biyameenika yaa-Moosaa?
තවද අහෝ මූසා! නුඹේ දකුණතෙහි ඇති එය කුමක් ද?
Verse 20:18
قَالَ هِیَ عَصَایَ ۚ اَتَوَكَّؤُا عَلَیْهَا وَاَهُشُّ بِهَا عَلٰی غَنَمِیْ وَلِیَ فِیْهَا مَاٰرِبُ اُخْرٰی ۟
Q̣aala hiya ʻaṣaaya ʹatawakkaʹu ʻalayhaa wa-ʹahushshu bihaa ʻalaa g̣anamee wa-liya feehaa maʹaaribu ʹukhraa.
‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි. තවද එමඟින් මාගේ එළුවන්ට (අතු කොළ) කඩා බිම දමමි. තවද මට එහි වෙනත් අවශ්‍යතාවන් ද ඇත’ යැයි ඔහු (මූසා) පැවසී ය.
Verse 20:19
قَالَ اَلْقِهَا یٰمُوْسٰی ۟
Q̣aala ʹalq̣ihaa yaa-Moosaa!
‘අහෝ මූසා! නුඹ එය බිම හෙළනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
Verse 20:20
فَاَلْقٰىهَا فَاِذَا هِیَ حَیَّةٌ تَسْعٰی ۟
Faʹalq̣aahaa faʹiẓaa hiya ḥayyatuñ tasʻaa.
එවිට ඔහු එය බිම හෙළී ය. එසැණින් එය උරගා වේගයෙන් යන සර්පයෙකු බවට පත් විය.
Verse 20:21
قَالَ خُذْهَا وَلَا تَخَفْ ۥ سَنُعِیْدُهَا سِیْرَتَهَا الْاُوْلٰی ۟
Q̣aala khuẓhaa wa-laa takhaf, sanuʻeeduhaa seeratahal ʹoolaa.
නුඹ එය අල්ලනු. තවද නුඹ බිය නො වනු. එහි මුල් ස්වභාවයට ම එය නැවත පත් කරන්නෙමු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
Verse 20:22
وَاضْمُمْ یَدَكَ اِلٰی جَنَاحِكَ تَخْرُجْ بَیْضَآءَ مِنْ غَیْرِ سُوْٓءٍ اٰیَةً اُخْرٰی ۟ۙ
Waḍmum yadaka ʹilaa janaaḥika takhruj bayḍaaaʹa min g̣ayri soooʹin ʹAayatan ʹukhraa,
තවද නුඹේ අත නුඹේ කිහිල්ල වෙත එකතු කර තබනු. කිසිදු හානියකින් තොරව තවත් සංඥාවක් ලෙස සුදුවන් දීප්තියක් එය පිට කරනු ඇත.
Verse 20:23
لِنُرِیَكَ مِنْ اٰیٰتِنَا الْكُبْرٰی ۟ۚ
Linuriyaka min ʹAayaatinal kubraa.
(එය) අපගේ මහත් වූ සංඥාවන් අප නුඹට පෙන්වීම පිණිස ය.
Verse 20:24
اِذْهَبْ اِلٰی فِرْعَوْنَ اِنَّهٗ طَغٰی ۟۠
ʹIẓhab ʹilaa firʻawna ʹinnahoo ṭag̣aa.
නුඹ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
Verse 20:25
قَالَ رَبِّ اشْرَحْ لِیْ صَدْرِیْ ۟ۙ
Q̣aala Rabbish raḥ lee ṣadree;
(එවිට මූසා) මාගේ පරමාධිපතියාණනි! මාගේ හදවත මා වෙත විවෘත කර දෙනු මැනව! යැයි ප්‍රාර්ථනා කළේය.
Verse 20:26
وَیَسِّرْ لِیْۤ اَمْرِیْ ۟ۙ
Wa-yassir leee ʹamree;
තවද මාගේ කරුණ මා හට පහසු කර දෙනු මැනව!
Verse 20:27
وَاحْلُلْ عُقْدَةً مِّنْ لِّسَانِیْ ۟ۙ
Waḥlul ʻuq̣datam milli saanee,
තවද මාගේ දිවෙහි ගැටය ලිහා දෙනු මැනව!
Verse 20:28
یَفْقَهُوْا قَوْلِیْ ۪۟
Yafq̣ahoo q̣awlee:
මාගේ ප්‍රකාශය ඔවුහු වටහා ගන්නට..
Verse 20:29
وَاجْعَلْ لِّیْ وَزِیْرًا مِّنْ اَهْلِیْ ۟ۙ
Wajʻal lee Wazeeram min ʹahlee,
තවද මාහට මාගේ පවුලෙන් උදව්කරුවකු පත් කරනු මැනව!
Verse 20:30
هٰرُوْنَ اَخِی ۟ۙ
Haaroona ʹakhee;
මාගේ සහෝදර හාරූන් ව..
Verse 20:31
اشْدُدْ بِهٖۤ اَزْرِیْ ۟ۙ
ʹUshdud biheee ʹazree,
ඔහු මඟින් මාගේ ශක්තිය ඔබ අධික කරනු මැනව!
Verse 20:32
وَاَشْرِكْهُ فِیْۤ اَمْرِیْ ۟ۙ
Wa-ʹashrik-hu feee ʹamree:
තවද මාගේ කරුණෙහි ඔහුව ද හවුල් කරවනු මැනව!
Verse 20:33
كَیْ نُسَبِّحَكَ كَثِیْرًا ۟ۙ
Kay nusabbiḥaka kas̤eeraa.
අධිකව අපි නුඹව පිවිතුරු කිරීම සඳහා.
Verse 20:34
وَّنَذْكُرَكَ كَثِیْرًا ۟ؕ
Wa-naẓkuraka kas̤eeraa:
තවද අධිකව අපි නුඹව මෙනෙහි කිරීම සඳහා.
Verse 20:35
اِنَّكَ كُنْتَ بِنَا بَصِیْرًا ۟
ʹInnaka kuñta binaa baṣeeraa.
නියත වශයෙන් ම නුඹ අප ගැන නිරීක්ෂා කරන්නෙකුව සිටියෙහි ය.
Verse 20:36
قَالَ قَدْ اُوْتِیْتَ سُؤْلَكَ یٰمُوْسٰی ۟
Q̣aala q̣ad ʹooteeta suʹlaka yaa-Moosaa!
අහෝ මූසා! නුඹේ ඉල්ලීම සැබැවින් නුඹට දෙනු ලැබුවේ යැයි ඔහු පැවසී ය.
Verse 20:37
وَلَقَدْ مَنَنَّا عَلَیْكَ مَرَّةً اُخْرٰۤی ۟ۙ
Wa-laq̣ad manannaa ʻalayka marratan ʹukhraa,
තවද (මීට පෙර) තවත් වරක් අපි නුඹ වෙත සැබැවින් ම උපකාර කළෙමු.
Verse 20:38
اِذْ اَوْحَیْنَاۤ اِلٰۤی اُمِّكَ مَا یُوْحٰۤی ۟ۙ
ʹIẓ ʹawḥaynaaa ʹilaaa ʹummika maa- yooḥaa,
(නුඹ ගැන) හෙළිදරව් කරනු ලබන දෑ නුඹගේ මව වෙත අපි හෙළිදරව් කළ අවස්ථාව සිහිපත් කරනු.
Verse 20:39
اَنِ اقْذِفِیْهِ فِی التَّابُوْتِ فَاقْذِفِیْهِ فِی الْیَمِّ فَلْیُلْقِهِ الْیَمُّ بِالسَّاحِلِ یَاْخُذْهُ عَدُوٌّ لِّیْ وَعَدُوٌّ لَّهٗ ؕ وَاَلْقَیْتُ عَلَیْكَ مَحَبَّةً مِّنِّیْ ۚ۬ وَلِتُصْنَعَ عَلٰی عَیْنِیْ ۟ۘ
ʹAni q̣ẓifeehi fit taabooti faq̣ẓifeehi fil yammi fal-yulq̣ihil yammu bis-saaḥili yaʹkhuẓhu ʻaduwwul lee wa-ʻaduwwul lah: wa-ʹalq̣aytu ʻalayka maḥabbatam minnee: wa-lituṣnaʻa ʻalaa ʻaynee.
පෙට්ටිය තුළ ඔහු බහාලනු. පසුව ගඟහි එය දමනු. ගඟ ඔහුව අද්දරට ගෙන යයි. මාගේ සතුරා හා ඔහුගේ සතුරා එය ගනු ඇත. තවද (අහෝ මූසා!) මා විසින් (මාගේ) සෙනෙහස නුඹ වෙත හෙළුවෙමි. එය මාගේ දෑස් ඉදිරිපිට නුඹ හදා වඩා ගනු ලබනු පිණිස ය.
Verse 20:40
اِذْ تَمْشِیْۤ اُخْتُكَ فَتَقُوْلُ هَلْ اَدُلُّكُمْ عَلٰی مَنْ یَّكْفُلُهٗ ؕ فَرَجَعْنٰكَ اِلٰۤی اُمِّكَ كَیْ تَقَرَّ عَیْنُهَا وَلَا تَحْزَنَ ؕ۬ وَقَتَلْتَ نَفْسًا فَنَجَّیْنٰكَ مِنَ الْغَمِّ وَفَتَنّٰكَ فُتُوْنًا ۫۬ فَلَبِثْتَ سِنِیْنَ فِیْۤ اَهْلِ مَدْیَنَ ۙ۬ ثُمَّ جِئْتَ عَلٰی قَدَرٍ یّٰمُوْسٰی ۟
ʹIẓ tamsheee ʹukhtuka fataq̣oolu hal ʹadullukum ʻalaa mañy yakfuluh? Farajaʻnaaka ʹilaaa ʹummika kay taq̣arra ʻaynuhaa wa-laa taḥzan. Wa-q̣atalta nafsañ fanajjaynaaka minal g̣ammi wa-fatannaaka futoonaa. Falabis̤ta sineena feee ʹahli Madyan: S̤umma jiʹta ʻalaa- q̣adariñy Yaa-Moosaa!
නුඹගේ සහෝදරිය (ඒ පසුපස) ගමන් කළ අවස්ථාවේ ‘මොහුගේ භාරකාරත්වය උසුලන අයෙකු මම නුඹලාට දන්වා සිටින්න දැ? යි’ ඇය පැවසුවා ය. පසුව අපි ඇය දුක් නො වනු පිණිස හා ඇයගේ නෙත් පිනවනු පිණිස නුඹව නුඹගේ මව වෙත නැවත යොමු කළෙමු. තවද නුඹ ජීවිතයක් මරා දැමුවෙහි ය. පසුව එම පීඩනයෙන් අපි නුඹව මුදවා ගත්තෙමු. (විවිධ) පරීක්ෂණ මඟින් අපි නුඹ පිරික්සුවෙමු. නුඹ මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහි ය. පසුව අහෝ මූසා! නියමිත කාලයෙහි නුඹ පැමිණියෙහි ය.
Verse 20:41
وَاصْطَنَعْتُكَ لِنَفْسِیْ ۟ۚ
Waṣṭanaʻtuka linafsee.
තවද මා(ගේ දූත මෙහෙවර) වෙනුවෙන් මම නුඹව සූදානම් කළෙමි.
Verse 20:42
اِذْهَبْ اَنْتَ وَاَخُوْكَ بِاٰیٰتِیْ وَلَا تَنِیَا فِیْ ذِكْرِیْ ۟ۚ
ʹIẓhab ʹañta wa-ʹakhooka biʹAayaatee wa-laa taniyaa fee ẓikree.
නුඹ හා නුඹගේ සහෝදරයා මාගේ සංඥාවන් සමඟ පිටත්ව යනු. මා ගැන මෙනෙහි කිරීමෙහි නුඹලා දෙදෙනා අධෛර්යමත් නො වනු.
Verse 20:43
اِذْهَبَاۤ اِلٰی فِرْعَوْنَ اِنَّهٗ طَغٰی ۟ۚۖ
ʹIẓhabaaa ʹilaa Firʻawna ʹinnahoo ṭag̣aa;
නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
Verse 20:44
فَقُوْلَا لَهٗ قَوْلًا لَّیِّنًا لَّعَلَّهٗ یَتَذَكَّرُ اَوْ یَخْشٰی ۟
Faq̣oolaa lahoo q̣awlal layyinal laʻallahoo yataẓakkaru ʹaw yakhshaa.
එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමඟ කතා කරනු. ඔහු උපදෙස් ලබන්නට හෝ ඔහු බියවන්නට හෝ පුළුවන.
Verse 20:45
قَالَا رَبَّنَاۤ اِنَّنَا نَخَافُ اَنْ یَّفْرُطَ عَلَیْنَاۤ اَوْ اَنْ یَّطْغٰی ۟
Q̣aalaa Rabbanaaa ʹinnanaa nakhaafu ʹañy yafruṭa ʻalaynaaa ʹaw ʹañy yaṭg̣aa.
අපගේ පරමාධිපතියාණනි! ඔහු අප වෙත හිංසා කිරීම හෝ සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නියත වශයෙන් ම අපි බිය වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝ ය.
Verse 20:46
قَالَ لَا تَخَافَاۤ اِنَّنِیْ مَعَكُمَاۤ اَسْمَعُ وَاَرٰی ۟
Q̣aala laa- takhaafaaa ʹinnanee maʻakumaaa ʹasmaʻu wa-ʹaraa.
නුඹලා දෙදෙනා බිය නො වනු. නියත වශයෙන් ම මම නුඹලා දෙදෙනා සමඟ සිට සවන් දෙමි. තවද (සියල්ල) දකිමි යැයි ඔහු පැවසී ය.
Verse 20:47
فَاْتِیٰهُ فَقُوْلَاۤ اِنَّا رَسُوْلَا رَبِّكَ فَاَرْسِلْ مَعَنَا بَنِیْۤ اِسْرَآءِیْلَ ۙ۬ وَلَا تُعَذِّبْهُمْ ؕ قَدْ جِئْنٰكَ بِاٰیَةٍ مِّنْ رَّبِّكَ ؕ وَالسَّلٰمُ عَلٰی مَنِ اتَّبَعَ الْهُدٰی ۟
Faʹtiyaahu faq̣oolaaa ʹinnaa Rasoolaa Rabbika faʹarsil maʻanaa Baneee ʹIsraaaʹeel: wa-laa tuʻaẓẓibhum: q̣ad jiʹnaaka biʹAayatim mir Rabbik! Was-Salaamu ʻalaa manit tabaʻal Hudaa!
එහෙයින් නුඹලා දෙදෙනා ඔහු වෙත ගොස් මෙසේ පවසනු; ‘නියත වශයෙන් ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතවරු දෙදෙනෙකු වෙමු. එහෙයින් අප සමඟ ඉස්රාඊල් දරුවන් එවනු. තවද නුඹ ඔවුනට දඬුවම් නො කරනු. නුඹගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් සමඟ සැබැවින් ම අපි නුඹ වෙත පැමිණ ඇත්තෙමු. යහ මග අනුගමනය කළවුන් මත ශාන්තිය අත් වේවා!
Verse 20:48
اِنَّا قَدْ اُوْحِیَ اِلَیْنَاۤ اَنَّ الْعَذَابَ عَلٰی مَنْ كَذَّبَ وَتَوَلّٰی ۟
ʹInnaa q̣ad ʹooḥiya ʹilaynaaa ʹannal ʻAẓaaba ʻalaa mañ kaẓ-ẓaba wa-tawallaa.
නියත වශයෙන් ම දඬුවම (අපගේ සංඥා) බොරු කොට පිටුපා ගියවුන් කෙරෙහිය යැයි සැබැවින් ම අප වෙත දේව පණිවිඩ දෙන ලදි.
Verse 20:49
قَالَ فَمَنْ رَّبُّكُمَا یٰمُوْسٰی ۟
Q̣aala famar Rabbukumaa yaa-Moosaa?
අහෝ මූසා! එසේ නම් නුඹලා දෙදෙනාගේ පරමාධිපති කවුදැයි ඔහු විමසීය.
Verse 20:50
قَالَ رَبُّنَا الَّذِیْۤ اَعْطٰی كُلَّ شَیْءٍ خَلْقَهٗ ثُمَّ هَدٰی ۟
Q̣aala Rabbunal laẓeee ʹaʻṭaa kulla shayʹin khalq̣ahoo s̤umma hadaa.
අපගේ පරමාධිපති වනාහි ඔහුගේ සෑම දෙයකට ම එහි ස්වරූපය පිරිනමා පසුව මග පෙන්වීම ලබා දුන්නේ ය." යැයි ඔහු (මූසා) පිළිතුරු දුන්නේ ය.
Verse 20:51
قَالَ فَمَا بَالُ الْقُرُوْنِ الْاُوْلٰی ۟
Q̣aala famaa baalul q̣uroonil ʹoolaa?
එසේ නම් මුල් පරම්පරාවන්ගේ තත්ත්වය කුමක් දැ?යි ඔහු විමසී ය.
Verse 20:52
قَالَ عِلْمُهَا عِنْدَ رَبِّیْ فِیْ كِتٰبٍ ۚ لَا یَضِلُّ رَبِّیْ وَلَا یَنْسَی ۟ؗ
Q̣aala ʻilmuhaa ʻiñda Rabbee fee Kitaab: laa- yaḍillu Rabbee wa-laa yañsaa,
ඒ පිළිබඳ දැනුම මාගේ පරමාධිපති අබියස වූ ලේඛනයෙහි ඇත්තේ ය. මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. තවද අමතක වන්නේ ද නැතැයි ඔහු පැවසී ය.
Verse 20:53
الَّذِیْ جَعَلَ لَكُمُ الْاَرْضَ مَهْدًا وَّسَلَكَ لَكُمْ فِیْهَا سُبُلًا وَّاَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً ؕ فَاَخْرَجْنَا بِهٖۤ اَزْوَاجًا مِّنْ نَّبَاتٍ شَتّٰی ۟
ʹAllaẓee jaʻala lakumul ʹarḍa mahdañw wa-salaka lakum feehaa subulañw waʹañzala minas samaaaʹi maaaʹaa. Faʹakhrajnaa biheee ʹazwaajam min nabaatiñ shattaa.
ඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේ ය. තවද එහි නුඹලාට මාර්ග පහසුකම් සැලසුවේ ය. තවද අහසින් ජලය පතිත කර එමඟින් විවිධ පැළෑටි වර්ග හට ගැන්වී ය.
Verse 20:54
كُلُوْا وَارْعَوْا اَنْعَامَكُمْ ؕ اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّاُولِی النُّهٰی ۟۠
Kuloo warʻaw ʹanʻaamakum: ʹinna fee ẓaalika laʹAayaatil liʹulin nuhaa.
නුඹලා අනුභව කරනු. තවද නුඹලාගේ ගොවිපළ සතුන්ට උළා කන්නට හරිනු. නියත වශයෙන් ම එහි බුද්ධිය ඇත්තවුන්හට සංඥාවන් ඇත.
Verse 20:55
مِنْهَا خَلَقْنٰكُمْ وَفِیْهَا نُعِیْدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً اُخْرٰی ۟
Minhaa khalaq̣naakum wa-feehaa nuʻeedukum wa-minhaa nukhrijukum taaratan ʹukhraa.
(මහපොළොව වන) එයින්ය අප නුඹලා මැව්වේ. තවද ඒ තුළටය අප නුඹලා නැවත යොමු කරනුයේ. තවද යළිත් වරක් එයින්ය අප නුඹලා බැහැර කරනුයේ.
Verse 20:56
وَلَقَدْ اَرَیْنٰهُ اٰیٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَاَبٰی ۟
Wa-laq̣ad ʹaraynaahu ʹAayaatinaa kullahaa fakaẓẓaba wa-ʹabaa.
සැබැවින් ම අපි අපගේ ඒ සියලු සාධක ඔහුට පෙන්වූයෙමු. එහෙත් ඔහු බොරු කළේ ය. තවද පිටුපෑවේ ය.
Verse 20:57
قَالَ اَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ اَرْضِنَا بِسِحْرِكَ یٰمُوْسٰی ۟
Q̣aala ʹajiʹtanaa litukhrijanaa min ʹarḍinaa bisiḥrika yaa-Moosaa?
අහෝ, මූසා! නුඹ නුඹගේ මායාව මඟින් අපගේ භූමියෙන් අප බැහැර කිරීමට නුඹ අප වෙත පැමිණියෙහි දැ? යි ඔහු පැවසී ය.
Verse 20:58
فَلَنَاْتِیَنَّكَ بِسِحْرٍ مِّثْلِهٖ فَاجْعَلْ بَیْنَنَا وَبَیْنَكَ مَوْعِدًا لَّا نُخْلِفُهٗ نَحْنُ وَلَاۤ اَنْتَ مَكَانًا سُوًی ۟
Falanaʹtiyannaka bisiḥrim mis̤lihee fajʻal baynana wa-baynaka mawʻidal laa nukhlifuhoo naḥnu wa-laaa ʹañta makaanañ suwaa.
එසේ නම් අපි ද එවැනිම මායාවක් ඔබ වෙත ගෙන එන්නෙමු. එහෙයින් අප හෝ ඔබ එයට විරුද්ධ නො වන පොරොන්දු වූ වේලාවක මධ්‍යස්ථ ස්ථානයක් අප අතර හා ඔබ අතර පත් කරනු.
Verse 20:59
قَالَ مَوْعِدُكُمْ یَوْمُ الزِّیْنَةِ وَاَنْ یُّحْشَرَ النَّاسُ ضُحًی ۟
Q̣aala mawʻidukum yawmuz zeenati wa-ʹañy yuḥsharan naasu ḍuḥaa.
නුඹලාට පොරොන්දු වූ වේලාව සැණකෙළි දිනය වේ. තවද (එදින) ජනයා උදෑසන රැස් කරනු ලැබිය යුතුය යැයි (මූසා) පැවසී ය.
Verse 20:60
فَتَوَلّٰی فِرْعَوْنُ فَجَمَعَ كَیْدَهٗ ثُمَّ اَتٰی ۟
Fatawallaa firʻawnu fajamaʻa kaydahoo s̤umma ʹataa.
එවිට ෆිර්අවුන් පසුපසට ගොස් ඔහුගේ කූට උපාය මාර්ග සැලසුම් කර පසුව පැමිණියේ ය.
Verse 20:61
قَالَ لَهُمْ مُّوْسٰی وَیْلَكُمْ لَا تَفْتَرُوْا عَلَی اللّٰهِ كَذِبًا فَیُسْحِتَكُمْ بِعَذَابٍ ۚ وَقَدْ خَابَ مَنِ افْتَرٰی ۟
Q̣aala lahum Moosaa waylakum laa- taftaroo ʻalal laahi kaẓibañ fayusḥitakum̃ biʻaẓaab: wa-q̣ad khaaba manif taraa!
නුඹලාට විනාශය වේවා! අල්ලාහ්ට එරෙහිව නුඹලා බොරු නො ගොතනු. එවිට ඔහු නුඹලාව දඬුවමකින් විනාශ කරනු ඇත. තවද බොරු ගෙතූවන් සැබැවින් ම පරාජයට පත්ව ඇත යැයි මූසා ඔවුනට පැවසී ය.
Verse 20:62
فَتَنَازَعُوْۤا اَمْرَهُمْ بَیْنَهُمْ وَاَسَرُّوا النَّجْوٰی ۟
Fatanaazaʻooo ʹamrahum̃ baynahum wa-ʹasarrun najwaa.
පසුව ඔවුන් අතර වූ ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෝ ය. තවද ඔවුහු රහස් සාකච්ඡා රහසින් කතා කළෝ ය.
Verse 20:63
قَالُوْۤا اِنْ هٰذٰىنِ لَسٰحِرٰنِ یُرِیْدٰنِ اَنْ یُّخْرِجٰكُمْ مِّنْ اَرْضِكُمْ بِسِحْرِهِمَا وَیَذْهَبَا بِطَرِیْقَتِكُمُ الْمُثْلٰی ۟
Q̣aalooo ʹin haaẓaani lasaaḥiraani yureedaani ʹañy yukhrijaakum min ʹarḍikum̃ bisiḥrihimaa wa-yaẓhabaa biṭareeq̣atikumul mus̤laa.
නියත වශයෙන් ම මොවුන් දෙදෙනා මායාකරුවන් දෙදෙනෙකු වෙති. ඔවුන් දෙදෙනාගේ මායාව මඟින් නුඹලාව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමටත් නුඹලාගේ ආදර්ශමත් මාර්ගයෙන් ඉවත් කිරීමටත් ඔවුන් දෙදෙනා අපේක්ෂා කරති යැයි ඔවුහු පැවසූහ.
Verse 20:64
فَاَجْمِعُوْا كَیْدَكُمْ ثُمَّ ائْتُوْا صَفًّا ۚ وَقَدْ اَفْلَحَ الْیَوْمَ مَنِ اسْتَعْلٰی ۟
Faʹajmiʻoo kaydakum s̤ummaʹ too ṣaffaa: wa-q̣ad ʹaflaḥal yawma manis taʻlaa.
එහෙයින් නුඹලාගේ කුමන්ත්‍රණ නුඹලා එක්ලැස් කරනු. පසුව පෙළ ගැසී පැමිණෙනු. තවද අද දින (අනෙකා) අබිබවා යන්නා සැබැවින් ම ජය ලබනු ඇත.
Verse 20:65
قَالُوْا یٰمُوْسٰۤی اِمَّاۤ اَنْ تُلْقِیَ وَاِمَّاۤ اَنْ نَّكُوْنَ اَوَّلَ مَنْ اَلْقٰی ۟
Q̣aaloo yaa-Moosaaa ʹimmaaa ʹañ tulq̣iya wa-ʹimmaaa ʹan nakoona ʹawwala man ʹalq̣aa?
අහෝ මූසා! (පළමුව) ඔබ (සතු දෑ බිම) හෙළනු. එසේ නැතහොත් හෙළන්නන්ගෙන් මුල් අය අප වන්න දැ? යි ඔවුහු පැවසුවෝ ය.
Verse 20:66
قَالَ بَلْ اَلْقُوْا ۚ فَاِذَا حِبَالُهُمْ وَعِصِیُّهُمْ یُخَیَّلُ اِلَیْهِ مِنْ سِحْرِهِمْ اَنَّهَا تَسْعٰی ۟
Q̣aala bal ʹalq̣oo! Faʹiẓaa ḥibaaluhum wa-ʻiṣiyyuhum yukhayyalu ʹilayhi miñ siḥrihim ʹannahaa tasʻaa!
‘එසේ නම් නුඹලා හෙළනු’ යැයි ඔහු (මූසා) පැවසුවේ ය. එවිට ඔවුන්ගේ මායාව හේතුවෙන් ඔවුන් සතු ලණු හා සැරයටිය (සර්පයන් සේ) උරගා යන්නාක් මෙන් දිස් විය.
Verse 20:67
فَاَوْجَسَ فِیْ نَفْسِهٖ خِیْفَةً مُّوْسٰی ۟
Faʹawjasa fee nafsihee kheefatam Moosaa.
එවිට එය මූසාට, ඔහුගේ සිත තුළ බියක් ඇති කරන්නට විය.
Verse 20:68
قُلْنَا لَا تَخَفْ اِنَّكَ اَنْتَ الْاَعْلٰی ۟
Q̣ulnaa laa- takhaf ʹinnaka ʹantal ʹaʻlaa:
නුඹ බිය නො වනු. නියත වශයෙන් ම අබිබවා යනුයේ නුඹ ම යැයි අපි පැවසුවෙමු.
Verse 20:69
وَاَلْقِ مَا فِیْ یَمِیْنِكَ تَلْقَفْ مَا صَنَعُوْا ؕ اِنَّمَا صَنَعُوْا كَیْدُ سٰحِرٍ ؕ وَلَا یُفْلِحُ السَّاحِرُ حَیْثُ اَتٰی ۟
Waʹalq̣i maa- fee yameenika talq̣af maa- ṣanaʻoo. ʹInnamaa ṣanaʻoo kaydu saaḥir: wa-laa yufliḥus saaḥiru ḥays̤u ʹataa.
තවද නුඹේ දකුණතෙහි ඇති දෑ නුඹ හෙළනු. ඔවුන් සිදු කළ දෑ එය ගිලනු ඇත. එසේ ඔවුන් සිදු කළේ මායාකරුවන්ගේ කුමන්ත්‍රණයයි. මායාකරු කවර අයුරින් පැමිණිය ද ජය නො ලබනු ඇත.
Verse 20:70
فَاُلْقِیَ السَّحَرَةُ سُجَّدًا قَالُوْۤا اٰمَنَّا بِرَبِّ هٰرُوْنَ وَمُوْسٰی ۟
Faʹulq̣iyas saharatu sujjadañ q̣aalooo ʹaamannaa bi-Rabbi Haaroona wa-Moosaa.
එවිට මායාකරුවෝ සිරස බිම තබමින් වැටී ‘අපි හාරූන්ගේ හා මූසාගේ පරමාධිපතිව විශ්වාස කළෙමු’ යැයි පැවසූහ.
Verse 20:71
قَالَ اٰمَنْتُمْ لَهٗ قَبْلَ اَنْ اٰذَنَ لَكُمْ ؕ اِنَّهٗ لَكَبِیْرُكُمُ الَّذِیْ عَلَّمَكُمُ السِّحْرَ ۚ فَلَاُقَطِّعَنَّ اَیْدِیَكُمْ وَاَرْجُلَكُمْ مِّنْ خِلَافٍ وَّلَاُوصَلِّبَنَّكُمْ فِیْ جُذُوْعِ النَّخْلِ ؗ وَلَتَعْلَمُنَّ اَیُّنَاۤ اَشَدُّ عَذَابًا وَّاَبْقٰی ۟
Q̣aala ʹaamañtum lahoo q̣abla ʹan ʹaaẓana lakum? ʹInnahoo lakabeerukumul laẓee ʻallamakumus siḥr! Falaʹuq̣aṭṭiʻanna ʹaydiyakum wa-ʹarjulakum min khilaafiñw walaʹuṣallibannakum fee juẓooʻin nakhl: wa-lataʻlamunna ʹayyunaaa ʹashaddu ʻaẓaabañw Waʹabq̣aa!
මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහු ද? නියත වශයෙන් නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් මම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුව කපා දමමි. තවද ඉඳි කඳෙහි නුඹලා බැඳ දමමි. තවද අප අතරින් දඬුවම් දීමෙහි වඩාත් ප්‍රබල හා වඩාත් ස්ථායී කවරෙකු දැ? යි නුඹලා දැන ගනු ඇත යැයි ඔහු (ෆිර්අව්න්) පැවැසුවේ ය.
Verse 20:72
قَالُوْا لَنْ نُّؤْثِرَكَ عَلٰی مَا جَآءَنَا مِنَ الْبَیِّنٰتِ وَالَّذِیْ فَطَرَنَا فَاقْضِ مَاۤ اَنْتَ قَاضٍ ؕ اِنَّمَا تَقْضِیْ هٰذِهِ الْحَیٰوةَ الدُّنْیَا ۟ؕ
Q̣aaloo lan nuʹs̤iraka ʻalaa maa- jaaaʹanaa minal Bayyinaati wallaẓee faṭaranaa faq̣ḍi maaa ʹañta q̣aaḍ. ʹInnamaa taq̣ḍee haaẓihil ḥayaatad dunyaa.
අප වෙත පැමිණි පැහැදිලි සාධක හා අප මැවූ අයට වඩා ඉහළින් අපි නුඹ කිසිවටෙක තෝරා නො ගන්නෙමු. එහෙයින් නුඹ තීන්දු කරන දෑ තීන්දු කරනු. නුඹ තීන්දු කරනුයේ මෙලොව ජීවිතය පිළිබඳ පමණය යැයි ඔවුහු (ෆිර්අව්න් අමතා) පැවැසූහ.
Verse 20:73
اِنَّاۤ اٰمَنَّا بِرَبِّنَا لِیَغْفِرَ لَنَا خَطٰیٰنَا وَمَاۤ اَكْرَهْتَنَا عَلَیْهِ مِنَ السِّحْرِ ؕ وَاللّٰهُ خَیْرٌ وَّاَبْقٰی ۟
ʹInnaaa ʹaamannaa bi-Rabbinaa liyag̣fira lanaa khaṭaayaanaa wa-maaa ʹakrahtanaa ʻalayhi minas siḥr: wallaahu Khayruñw WaʹAbq̣aa.
නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති විශ්වාස කළෙමු. අපගේ වැරදිවලටත් නුඹ කවර මායාවක් කරන්නට අපට බල කළේද එයටත් ඔහු අපට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. වඩාත් ස්ථායී ය.
Verse 20:74
اِنَّهٗ مَنْ یَّاْتِ رَبَّهٗ مُجْرِمًا فَاِنَّ لَهٗ جَهَنَّمَ ؕ لَا یَمُوْتُ فِیْهَا وَلَا یَحْیٰی ۟
ʹInnahoo mañy yaʹti Rabbahoo mujrimañ faʹinna lahoo Jahannam: laa- yamootu feehaa wa-laa yaḥyaa.
නියත වශයෙන් ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය යන්නේ නැත. ජීවත් වන්නේ ද නැත.
Verse 20:75
وَمَنْ یَّاْتِهٖ مُؤْمِنًا قَدْ عَمِلَ الصّٰلِحٰتِ فَاُولٰٓىِٕكَ لَهُمُ الدَّرَجٰتُ الْعُلٰی ۟ۙ
Wa-mañy yaʹtihee Muʹminañ q̣ad ʻamilaṣ ṣaaliḥaati faʹulaaaʹika lahumud darajaatul ʻulaa,
කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් යහකම් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද එවැන්නන් වනාහි, ඔවුනට උසස් තරාතිරම් ඇත්තෝ වෙති.
Verse 20:76
جَنّٰتُ عَدْنٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا ؕ وَذٰلِكَ جَزٰٓؤُا مَنْ تَزَكّٰی ۟۠
Jannaatu ʻAdniñ tajree miñ taḥtihal ʹanhaaru khaalideena feehaa: waẓaalika jazaaaʹu mañ tazakkaa.
යටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් ය. එය පිවිතුරු කර ගත්තවුන්ගේ ප්‍රතිඵලයයි.
Verse 20:77
وَلَقَدْ اَوْحَیْنَاۤ اِلٰی مُوْسٰۤی ۙ۬ اَنْ اَسْرِ بِعِبَادِیْ فَاضْرِبْ لَهُمْ طَرِیْقًا فِی الْبَحْرِ یَبَسًا ۙ لَّا تَخٰفُ دَرَكًا وَّلَا تَخْشٰی ۟
Wa-laq̣ad ʹawḥaynaaa ʹilaa Moosaaa ʹan ʹasri biʻibaadee faḍrib lahum ṭareeq̣añ fil baḥri yabasal laa takhaafu darakañw walaa takhshaa.
තවද නුඹ මාගේ ගැත්තන් සමඟ රාත්‍රියෙහි පිටත්ව යනු. තවද මුහුදෙහි (ජලයෙන් තොර) වියළි මාවතක් ඔවුනට පෙන්වනු. සතුරු ප්‍රහාරයට බිය නො වනු. තවද නුඹ (දියෙහි ගිලීම ගැනද) බිය නො වනු යැයි සැබැවින් ම අපි මූසා වෙත දේව පණිවිඩ එව්වෙමු.
Verse 20:78
فَاَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُوْدِهٖ فَغَشِیَهُمْ مِّنَ الْیَمِّ مَا غَشِیَهُمْ ۟ؕ
Faʹatbaʻahum Firʻawnu bijunoodihee fag̣ashiyahum minal yammi maa- g̣ashiyahum.
එවිට ෆිර්අව්න් ඔහුගේ සේනාව සමඟ ඔවුන්ව ලුහු බැන්දේ ය. මුහුදෙහි ඔවුන් ආවරණය කළ යුතු දෑ ඔවුන්ව වසා ගත්තේ ය.
Verse 20:79
وَاَضَلَّ فِرْعَوْنُ قَوْمَهٗ وَمَا هَدٰی ۟
Wa-ʹaḍalla Firʻawnu q̣awmahoo wa-maa hadaa.
තවද ෆිර්අව්න් තම සමූහයා නොමග හැරියේ ය. තවද ඔහු මග පෙන්වූයේ ද නැත.
Verse 20:80
یٰبَنِیْۤ اِسْرَآءِیْلَ قَدْ اَنْجَیْنٰكُمْ مِّنْ عَدُوِّكُمْ وَوٰعَدْنٰكُمْ جَانِبَ الطُّوْرِ الْاَیْمَنَ وَنَزَّلْنَا عَلَیْكُمُ الْمَنَّ وَالسَّلْوٰی ۟
Yaa-Baneee ʹIsraaaʹeela q̣ad ʹañjaynaakum min ʻaduwwikum wa-waaʻadnaakum jaanibaṭ Ṭooril ʹaymana wa-nazzalnaa ʻalaykumul Manna was-Salwaa:
අහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලාගේ සතුරන්ගෙන් අපි නුඹලාව මුදවා ගත්තෙමු. තවද දකුණු තූර් කන්ද දෙසින් අපි නුඹලාට ප්‍රතිඥා දුනිමු. තවද නුඹලා වෙත මන්නු හා සල්වා (ආහාර වශයෙන්) පහළ කළෙමු.
Verse 20:81
كُلُوْا مِنْ طَیِّبٰتِ مَا رَزَقْنٰكُمْ وَلَا تَطْغَوْا فِیْهِ فَیَحِلَّ عَلَیْكُمْ غَضَبِیْ ۚ وَمَنْ یَّحْلِلْ عَلَیْهِ غَضَبِیْ فَقَدْ هَوٰی ۟
Kuloo miñ ṭayyibaati maa- razaq̣naakum wa-laa taṭg̣aw feehi fayaḥilla ʻalaykum g̣aḍabee: wa-mañy yaḥlil ʻalayhi g̣aḍabee faq̣ad hawaa!
අපි නුඹලාට පෝෂණය කළ දෑහි පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද එහි නුඹලා සීමාව ඉක්මවා නො යනු. එසේ කළහොත් මාගේ කෝපය නුඹලා වෙත පහළ වනු ඇත. තවද කවරෙකු වෙත මාගේ කෝපය පහළ වන්නේ ද සැබැවින් ම ඔහු විනාශ වනු ඇත.
Verse 20:82
وَاِنِّیْ لَغَفَّارٌ لِّمَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدٰی ۟
Wa-ʹinnee la-G̣affaarul limañ taaba wa-ʹaamana wa-ʻamila ṣaaliḥañ s̤ummah tadaa
තවද පසුතැවිලි වී විශ්වාස කොට දැහැමි දෑ සිදු කොට පසුව යහ මග යොමු වූවන්හට සැබැවින් ම මම අතික්ෂමාශීලී වෙමි.
Verse 20:83
وَمَاۤ اَعْجَلَكَ عَنْ قَوْمِكَ یٰمُوْسٰی ۟
Wa-maaa ʹaʻjalaka ʻañ q̣awmika Yaa-Moosaa?
තවද අහෝ මූසා! නුඹගේ ජනයාගෙන් වෙන්වී (තනිව පැමිණී) මට නුඹව ඉක්මන් කෙරෙව්වේ කුමක් ද?
Verse 20:84
قَالَ هُمْ اُولَآءِ عَلٰۤی اَثَرِیْ وَعَجِلْتُ اِلَیْكَ رَبِّ لِتَرْضٰی ۟
Q̣aala hum ʹulaaaʹi ʻalaaa ʹas̤aree wa-ʻajiltu ʹilayka Rabbi litarḍaa.
ඔවුහු මාගේ පියවර මත වෙති. මාගේ පරමාධිපතියාණනි! ඔබ තෘප්තියට පත් වනු පිණිස ඔබ වෙත මම ඉක්මන් වූයෙමි යැයි ඔහු පැවසී ය.
Verse 20:85
قَالَ فَاِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنْ بَعْدِكَ وَاَضَلَّهُمُ السَّامِرِیُّ ۟
Q̣aala faʹinnaa q̣ad fatannaa q̣awmaka mim baʻdika waʹaḍallahumus Saamiriyy.
සැබැවින් ම නුඹගෙන් පසු නුඹගේ සමූහයා අපි පරීක්ෂණයට ලක් කර ඇත. තවද සාමිරී ඔවුන්ව නොමග හරවා ඇතැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.
Verse 20:86
فَرَجَعَ مُوْسٰۤی اِلٰی قَوْمِهٖ غَضْبَانَ اَسِفًا ۚ۬ قَالَ یٰقَوْمِ اَلَمْ یَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ؕ۬ اَفَطَالَ عَلَیْكُمُ الْعَهْدُ اَمْ اَرَدْتُّمْ اَنْ یَّحِلَّ عَلَیْكُمْ غَضَبٌ مِّنْ رَّبِّكُمْ فَاَخْلَفْتُمْ مَّوْعِدِیْ ۟
farajaʻa Moosaaa ʹilaa q̣awmihee g̣aḍbaana ʹasifaa. Q̣aala Yaa-q̣awmi ʹalam yaʻidkum Rabbukum waʻdan ḥasanaa? ʹAfaṭaala ʻalaykumul ʻahdu ʹam ʹarattum ʹañy yaḥilla ʻalaykum g̣aḍabum mir Rabbikum faʹakhlaftum mawʻidee?
එවිගස මූසා තම සමූහයා වෙත කෝපයෙන් යුතුව කනස්සල්ලෙන් නැවත හැරී ආවේ ය. අහෝ මාගේ ජනයිනි! නුඹලාට අලංකාර ප්‍රතිඥාවක් නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා නො කළේ ද? එම ප්‍රතිඥාව නුඹලා වෙත දීර්ඝ වී ද? එසේ නැතහොත් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ කෝපය නුඹලා වෙත පහළ වීමට නුඹලා අභිමත කොට නුඹලා මාගේ ප්‍රතිඥාවට විරුද්ධව කටයුතු කළෙහු ද?
Verse 20:87
قَالُوْا مَاۤ اَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلٰكِنَّا حُمِّلْنَاۤ اَوْزَارًا مِّنْ زِیْنَةِ الْقَوْمِ فَقَذَفْنٰهَا فَكَذٰلِكَ اَلْقَی السَّامِرِیُّ ۟ۙ
Q̣aaloo maaa ʹakhlafnaa mawʻidaka bimalkinaa wa-laakinnaa ḥummilnaaa ʹawzaaram miñ zeenatil q̣awmi faq̣aẓafnaahaa fakaẓaalika ʹalq̣as Saamiriyy.
අපගේ කැමැත්තෙන් නුඹගේ ප්‍රතිඥාවට අපි විරුද්ධ නො වූයෙමු. එනමුත් ජනයාගේ අලංකාරයෙන් පිරුණු (ආභරණ) බර අප මත පට වන ලදි. එහෙයින් අපි ඒවා (ගින්නට) දැමුවෙමු. එසේ ම සාමිරී ද දැමුවේය යැයි ඔවුහු පැවසුවෝ ය.
Verse 20:88
فَاَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَّهٗ خُوَارٌ فَقَالُوْا هٰذَاۤ اِلٰهُكُمْ وَاِلٰهُ مُوْسٰی ۬ فَنَسِیَ ۟ؕ
Faʹakhraja lahum ʻijlañ jasadal lahoo khuwaaruñ faq̣aaloo haaẓaaa ʹilaahukum wa-ʹilaahu Moosaa, fanasee!
පසුව හඬක් සහිත වසුපැටවකුගේ ශරීරයක් ඔවුන් වෙනුවෙන් ඔහු මතු කළේ ය. එවිට ඔවුහු මෙය නුඹලාගේ දෙවියා ය. මූසාගේ ද දෙවියා ය. එහෙත් ඔහුට (එය) අමතක වී ඇතැයි ඔවුහු පැවසූහ.
Verse 20:89
اَفَلَا یَرَوْنَ اَلَّا یَرْجِعُ اِلَیْهِمْ قَوْلًا ۙ۬ وَّلَا یَمْلِكُ لَهُمْ ضَرًّا وَّلَا نَفْعًا ۟۠
ʹAfalaa yarawna ʹallaa yarjiʻu ʹilayhim q̣awlaa: walaa yamliku lahum ḍarrañw walaa nafʻaa.
ඔවුන් වෙත කිසිදු ප්‍රතිචාරයක් එය නො දක්වන බවද ඔවුනට කිසිදු නපුරක් හෝ ප්‍රයෝජනයක් කිරීමට එයට බලය නොමැති බවද ඔවුහු නො දුටුවෝ ද?
Verse 20:90
وَلَقَدْ قَالَ لَهُمْ هٰرُوْنُ مِنْ قَبْلُ یٰقَوْمِ اِنَّمَا فُتِنْتُمْ بِهٖ ۚ وَاِنَّ رَبَّكُمُ الرَّحْمٰنُ فَاتَّبِعُوْنِیْ وَاَطِیْعُوْۤا اَمْرِیْ ۟
Wa-laq̣ad q̣aala lahum Haaroonu miñ q̣ablu yaa-q̣awmi ʹinnamaa futiñtum bih: wa-ʹinna Rabbakumur Raḥmaanu fattabiʻoonee wa-ʹaṭeeʻooo ʹamree.
තවද මීට පෙර හාරූන් මාගේ ජනයිනි! මෙමඟින් නුඹලා අර්බුදයකට පත්ව ඇත. තවද නියත වශයෙන් ම නුඹලාගේ පරමාධිපති මහා කාරුණික ය. එහෙයින් නුඹලා මා අනුගමනය කරනු. තවද මාගේ අණට කීකරු වනු යැයි ඔවුනට පැවසී ය.
Verse 20:91
قَالُوْا لَنْ نَّبْرَحَ عَلَیْهِ عٰكِفِیْنَ حَتّٰی یَرْجِعَ اِلَیْنَا مُوْسٰی ۟
Q̣aaloo lan nabraḥa ʻalayhi ʻaakifeena ḥattaa yarjiʻa ʹilaynaa Moosaa.
මූසා අප වෙත නැවත පැමිණෙන තෙක් ඒ මත රැඳී සිටීමෙන් කිසිවිටෙක අපි ඉවත් නො වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
Verse 20:92
قَالَ یٰهٰرُوْنُ مَا مَنَعَكَ اِذْ رَاَیْتَهُمْ ضَلُّوْۤا ۟ۙ
Q̣aala yaa-Haaroonu maa manaʻaka ʹiẓ raʹaytahum ḍalloo.
(මූසා,හාරූන් අමතා) අහෝ හාරූන්! ඔවුන් නොමග ගිය බව නුඹ දුටු විට (ඔවුන්ව නිවරැදි කිරීමට) නුඹව වැළැක්වූයේ කුමක් දැ? යි විමසී ය.
Verse 20:93
اَلَّا تَتَّبِعَنِ ؕ اَفَعَصَیْتَ اَمْرِیْ ۟
ʹAllaa tattabiʻan? ʹAfaʻaṣayta ʹamree?
නුඹ මා අනුගමනය නො කරන්නෙහි ද? නුඹ මාගේ අණට පිටුපෑවෙහි ද?
Verse 20:94
قَالَ یَبْنَؤُمَّ لَا تَاْخُذْ بِلِحْیَتِیْ وَلَا بِرَاْسِیْ ۚ اِنِّیْ خَشِیْتُ اَنْ تَقُوْلَ فَرَّقْتَ بَیْنَ بَنِیْۤ اِسْرَآءِیْلَ وَلَمْ تَرْقُبْ قَوْلِیْ ۟
Q̣aala yabnaʹumma laa- taʹkhuẓ biliḥyatee wa-laa biraʹsee! ʹInnee khasheetu ʹañ taq̣oola farraq̣ta bayna Baneee ʹIsraaaʹeela wa-lam tarq̣ub q̣awlee!
අහෝ මාගේ මවගේ පුතණුවනි! මාගේ රැවුලෙන් හා මාගේ හිසින් නුඹ නො අල්ලනු. ‘නුඹ ඉස්රාඊල් දරුවන් අතර භේද ඇති කළෙහි ය. නුඹ මාගේ වචනය (පැමිණෙන තෙක්) බලා පොරොත්තු නො වූයෙහිය යැයි නුඹ පැවසීම ගැන සැබැවින් ම මම බිය වූයෙමි.
Verse 20:95
قَالَ فَمَا خَطْبُكَ یٰسَامِرِیُّ ۟
Q̣aala famaa khaṭbuka Yaa-Saamiriyy?
අහෝ සාමිරී! එසේ නම් නුඹේ දෙසුම කුමක් දැ? යි ඔහු (මූසා) විමසී ය.
Verse 20:96
قَالَ بَصُرْتُ بِمَا لَمْ یَبْصُرُوْا بِهٖ فَقَبَضْتُ قَبْضَةً مِّنْ اَثَرِ الرَّسُوْلِ فَنَبَذْتُهَا وَكَذٰلِكَ سَوَّلَتْ لِیْ نَفْسِیْ ۟
Q̣aala baṣurtu bimaa lam yabṣuroo bihee faq̣abaḍtu q̣abḍatam min ʹas̤arir Rasooli fanabaẓtuhaa wa-kaẓaalika sawwalat lee nafsee.
ඔවුන් කවර කරුණක් නො දුටුවේ ද එවැන්නක් මම දුටුවෙමි. එවිට මා රසූල්වරයාගේ පා සලකුණින් (වැලි) අහුරක් අහුරා ගෙන පසුව එය මා (ඒ මත) විසි කළෙමි. එලෙසය මා වෙත මාගේ සිත අලංකාරවත් කළේ යැයි ඔහු (සාමිරි මූසාට) පැවසී ය.
Verse 20:97
قَالَ فَاذْهَبْ فَاِنَّ لَكَ فِی الْحَیٰوةِ اَنْ تَقُوْلَ لَا مِسَاسَ ۪ وَاِنَّ لَكَ مَوْعِدًا لَّنْ تُخْلَفَهٗ ۚ وَانْظُرْ اِلٰۤی اِلٰهِكَ الَّذِیْ ظَلْتَ عَلَیْهِ عَاكِفًا ؕ لَنُحَرِّقَنَّهٗ ثُمَّ لَنَنْسِفَنَّهٗ فِی الْیَمِّ نَسْفًا ۟
Q̣aala faẓhab faʹinna laka fil ḥayaati ʹañ taq̣oola Laa- Misaas˺: wa-ʹinna laka mawʻidal lañ tukhlafah: wañz̤̣ur ʹilaaa ʹilaahikal laẓee z̤̣alta ʻalayhi ʻaakifaa: lanuḥarriq̣annahoo s̤umma lanañsifannahoo fil yammi nasfaa!
"එහෙයින් නුඹ පිටත්ව යනු. මට ළං නො වනු යැයි පැවසීම නුඹට මෙලොව ජීවිතයේ හිමි වනු ඇත. තවද කිසිවිටක වෙනස් කළ නොහැකි ප්‍රතිඥාවක් ද නුඹ සතු වනු ඇත. නුඹ කවර දෙයක් මත (නැමදුම් කරමින්) රැඳී සිටියේ ද එවන් නුඹගේ දෙවියන් දෙස බලනු. අපි එය පුලුස්සා දමා පසුව මුහුදෙහි සුළඟට පාවෙන්නට හරින්නෙමු යැයි ඔහු පැවසී ය.
Verse 20:98
اِنَّمَاۤ اِلٰهُكُمُ اللّٰهُ الَّذِیْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ وَسِعَ كُلَّ شَیْءٍ عِلْمًا ۟
ʹInnamaaa ʹIlaahukumul laahul laẓee Laaa ʹilaaha ʹillaa Hoo: wasiʻa kulla shayʹin ʻilmaa.
නුඹලාගේ දෙවියා අල්ලාහ් ය. ඔහු වනාහි ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. සියලු දෑ පිළිබඳ දැනුමෙන් ඔහු ව්‍යාප්ත විය.
Verse 20:99
كَذٰلِكَ نَقُصُّ عَلَیْكَ مِنْ اَنْۢبَآءِ مَا قَدْ سَبَقَ ۚ وَقَدْ اٰتَیْنٰكَ مِنْ لَّدُنَّا ذِكْرًا ۟ۖۚ
Kaẓaalika naq̣uṣṣu ʻalayka min ʹambaaaʹi maa- q̣ad sabaq̣: wa-q̣ad ʹaataynaaka mil ladunnaa Ẓikraa.
(මුහම්මද්) සැබැවින් ම ඉකුත් වී ගිය දෑහි තොරතුරු අපි නුඹ වෙත පවසනුයේ මෙලෙස ය. තවද අප වෙතින් වූ මෙනෙහි කිරීමක් නුඹ වෙත අපි සැබැවින් ම පිරිනමා ඇත්තෙමු.
Verse 20:100
مَنْ اَعْرَضَ عَنْهُ فَاِنَّهٗ یَحْمِلُ یَوْمَ الْقِیٰمَةِ وِزْرًا ۟ۙ
Man ʹaʻraḍa ʻanhu faʹinnahoo yaḥmilu Yawmal Q̣iyaamati wizraa;
කවරෙකු එය පිටුපාන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී (මහත් වූ) පාපයක් උසුලනු ඇත.
Verse 20:101
خٰلِدِیْنَ فِیْهِ ؕ وَسَآءَ لَهُمْ یَوْمَ الْقِیٰمَةِ حِمْلًا ۟ۙ
Khaalideena feeh: wa-saaaʹa lahum Yawmal Q̣iyaamati ḥimlaa,
එහි ඔවුහු සදාතනිකයින් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින (එම බර) ඉසිලීම ඔවුනට නපුරු විය.
Verse 20:102
یَّوْمَ یُنْفَخُ فِی الصُّوْرِ وَنَحْشُرُ الْمُجْرِمِیْنَ یَوْمَىِٕذٍ زُرْقًا ۟ۚۖ
Yawma yuñfakhu fiṣ Ṣoori wa-naḥshurul mujrimeena Yawmaʹiẓiñ zurq̣aa.
එදින සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලබනු ඇත. තවද නිල් පැහැ ගැන් වූ (අන්ධ) ඇස් සහිතව වැරදිකරුවන් එදින අපි රැස් කරන්නෙමු.
Verse 20:103
یَّتَخَافَتُوْنَ بَیْنَهُمْ اِنْ لَّبِثْتُمْ اِلَّا عَشْرًا ۟
Yatakhaafatoona baynahum ʹil labis̤tum ʹillaa ʻashraa;
(එදින) නුඹලා දින දහයක් හැර රැඳී නො සිටියෙහු යැයි ඔවුන් එකිනෙකා අතර කොඳුරති.
Verse 20:104
نَحْنُ اَعْلَمُ بِمَا یَقُوْلُوْنَ اِذْ یَقُوْلُ اَمْثَلُهُمْ طَرِیْقَةً اِنْ لَّبِثْتُمْ اِلَّا یَوْمًا ۟۠
Naḥnu ʹAʻlamu bimaa yaq̣ooloona ʹiẓ yaq̣oolu ʹams̤aluhum Ṭareeq̣atan ʹil labis̤tum ʹillaa yawmaa!
නුඹලා එක් දිනක් හැර මෙලොවෙහි රැඳී නො සිටියෙහු යැයි ඔවුන්ගෙන් මාර්ගයෙන් වඩාත් දැනුමැත්තෙක් පවසන අවස්ථාවේ ඔවුන් පවසන දෑ පිළිබඳ අපි මැනවින් දන්නෝ වෙමු.
Verse 20:105
وَیَسْـَٔلُوْنَكَ عَنِ الْجِبَالِ فَقُلْ یَنْسِفُهَا رَبِّیْ نَسْفًا ۟ۙ
Wa-yasʹaloonaka ʻanil jibaali faq̣ul yañsifuhaa Rabbee nasfaa:
තවද කඳු පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. මාගේ පරමාධිපති එය සුනු විසුනු කොට සුළඟේ පා වී යන්නට ඉඩ හරියි යැයි (නබිවරය නුඹ) පවසනු.
Verse 20:106
فَیَذَرُهَا قَاعًا صَفْصَفًا ۟ۙ
Fayaẓaruhaa q̣aaʻañ ṣafṣafaa;
පසුව විහිඳුණු සමතලා භූමියක් ලෙස ඔහු එය අතහැර දමයි.
Verse 20:107
لَّا تَرٰی فِیْهَا عِوَجًا وَّلَاۤ اَمْتًا ۟ؕ
Laa- taraa feehaa ʻiwajañw Walaaa ʹamtaa.
කිසිදු ඇදයක් හෝ නැම්මක් හෝ නුඹ එහි නො දකිනු ඇත.
Verse 20:108
یَوْمَىِٕذٍ یَّتَّبِعُوْنَ الدَّاعِیَ لَا عِوَجَ لَهٗ ۚ وَخَشَعَتِ الْاَصْوَاتُ لِلرَّحْمٰنِ فَلَا تَسْمَعُ اِلَّا هَمْسًا ۟
Yawmaʹiẓiñy yattabiʻoonad Daaʻiya laa- ʻiwaja lah: wa-khashaʻatil ʹaṣwaatu lir-Raḥmaani falaa tasmaʻu ʹillaa hamsaa.
එදින ඔවුහු නිවේදකයාව අනුගමනය කරති. (එහි) ඔහුට කිසිදු අඩුවක් නො වේ. සියලු හඬ මහා කරුණාන්විතයාණන් ඉදිරියේ පහත් වෙයි. එවිට පාද ශබ්දය හැර (වෙනත් කිසිවකට) නුඹ සවන් නො දෙනු ඇත.
Verse 20:109
یَوْمَىِٕذٍ لَّا تَنْفَعُ الشَّفَاعَةُ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمٰنُ وَرَضِیَ لَهٗ قَوْلًا ۟
Yawmaʹiẓil laa tañfaʻush Shafaaʻatu ʹillaa man ʹaẓina lahur Raḥmaanu wa-raḍiya lahoo q̣awlaa.
මහා කරුණාන්විතයාණන් කවරෙකුට අනුමැතිය දී කතා කිරීම සඳහා ඔහුව පිළිගත්තේ ද එවැන්නෙකුට හැර එදින මැදිහත් වීම ප්‍රයෝජනවත් නො වනු ඇත.
Verse 20:110
یَعْلَمُ مَا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ وَلَا یُحِیْطُوْنَ بِهٖ عِلْمًا ۟
Yaʻlamu maa- bayna ʹaydeehim wa-maa khalfahum wa-laa yuḥeeṭoona bihee ʻilmaa.
ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. එහෙත් ඔවුහු ඔහු පිළිබඳ දැනුමෙන් සර්ව ප්‍රකාරයෙන් වටහා නො ගනිති.
Verse 20:111
وَعَنَتِ الْوُجُوْهُ لِلْحَیِّ الْقَیُّوْمِ ؕ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا ۟
Wa-ʻanatil wujoohu lil-Ḥayyil Q̣ayyoom: wa-q̣ad khaaba man ḥamala z̤̣ulmaa.
තවද සදා ජීවමාන සදාකාලික වූ (අල්ලාහ්) වෙනුවෙන් (සියල්ලන්ගේ) මුහුණු යටහත් විය. තවද අපරාධකම් ඉසිලූ අය පරාජිත විය.
Verse 20:112
وَمَنْ یَّعْمَلْ مِنَ الصّٰلِحٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا یَخٰفُ ظُلْمًا وَّلَا هَضْمًا ۟
Wa-mañy yaʻmal minaṣ ṣaaliḥaati wa-huwa Muʹminuñ falaa yakhaafu z̤̣ulmañw walaa haḍmaa.
කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකුව සිට යහකම් අතරින් දැහැමි දෑ කරන්නේ ද එවිට කිසිදු අපරාධයකට හෝ කිසිදු අඩුවකට හෝ ඔහු බිය නො වනු ඇත.
Verse 20:113
وَكَذٰلِكَ اَنْزَلْنٰهُ قُرْاٰنًا عَرَبِیًّا وَّصَرَّفْنَا فِیْهِ مِنَ الْوَعِیْدِ لَعَلَّهُمْ یَتَّقُوْنَ اَوْ یُحْدِثُ لَهُمْ ذِكْرًا ۟
Wa-kaẓaalika ʹañzalnaahu Q̣ur-ʹaanan ʻArabiyyañw waṣarrafnaa fee-hi minal waʻeedi laʻallahum yattaq̣oona ʹaw yuḥdis̤u lahum ẓikraa.
තවද එලෙස ම අපි (ධර්ම ග්‍රන්ථය වූ) මෙම කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු. තවද ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස හෝ ඔවුනට මෙනෙහි කිරීමක් සිදු කළ හැකි වනු පිණිස එහි අපි විවිධ අවවාද විස්තර කර ඇත්තෙමු.
Verse 20:114
فَتَعٰلَی اللّٰهُ الْمَلِكُ الْحَقُّ ۚ وَلَا تَعْجَلْ بِالْقُرْاٰنِ مِنْ قَبْلِ اَنْ یُّقْضٰۤی اِلَیْكَ وَحْیُهٗ ؗ وَقُلْ رَّبِّ زِدْنِیْ عِلْمًا ۟
Fataʻaalal laahul Malikul Ḥaq̣q̣! Wa-laa taʻjal bil-q̣urʹaani miñ q̣abli ʹañy yuq̣ḍaaa ʹilayka waḥyuh: wa-q̣ur Rabbi zidnee ʻilmaa.
සැබෑ රජතෙම වූ අල්ලාහ් උත්තරීතර විය. නුඹ වෙත ඔහුගේ දේව පණිවිඩ අවසන් කරනු ලබන්නට පෙර කුර්ආනය සම්බන්ධයෙන් නුඹ ඉක්මන් නො වනු. මාගේ පරමාධිපතියාණනි! මට දැනුම වර්ධනය කරනු මැනව! යි නුඹ පවසනු.
Verse 20:115
وَلَقَدْ عَهِدْنَاۤ اِلٰۤی اٰدَمَ مِنْ قَبْلُ فَنَسِیَ وَلَمْ نَجِدْ لَهٗ عَزْمًا ۟۠
Wa-laq̣ad ʻahidnaaa ʹilaaa ʹAadama miñ q̣ablu fanasiya wa-lam najid lahoo ʻazmaa.
තවද මීට පෙර ද අපි ආදම් වෙත ප්‍රතිඥාවක් ගත්තෙමු. නමුත් ඔහු අමතක කළේ ය. තවද අපි ඔහු වෙත ස්ථාවරත්වයක් නො දුටුවෙමු.
Verse 20:116
وَاِذْ قُلْنَا لِلْمَلٰٓىِٕكَةِ اسْجُدُوْا لِاٰدَمَ فَسَجَدُوْۤا اِلَّاۤ اِبْلِیْسَ ؕ اَبٰی ۟
Wa-ʹiẓ q̣ulnaa lilmalaaaʹikatis judoo liʹAadama fasajadooo ʹillaaa ʹIbleesa ʹabaa.
තවද ආදම්ට සුජූද් (ආචාර) කරනු යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු සියලු දෙනා ආචාර) සුජූද් කළෝ ය. එහෙත් ඔහු පිටුපෑවේ ය.
Verse 20:117
فَقُلْنَا یٰۤاٰدَمُ اِنَّ هٰذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا یُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقٰی ۟
Faq̣ulnaa YaaaʹAadamu ʹinna haaẓaa ʻaduwwul laka wa-lizawjika falaa yukhrijannakumaa minal Jannati fatashq̣aa.
එවිට අහෝ ආදම්! නියත වශයෙන් ම මොහු නුඹගේ හා නුඹගේ සහකාරියගේ සතුරා ය. එහෙයින් නුඹලා දෙදෙනාව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නො කළ යුතු ය. එවිට නුඹ අභාග්‍යවන්ත වනු ඇත යැයි අපි පැවසුවෙමු.
Verse 20:118
اِنَّ لَكَ اَلَّا تَجُوْعَ فِیْهَا وَلَا تَعْرٰی ۟ۙ
ʹInna laka ʹallaa tajooʻa feehaa wa-laa taʻraa,
නියත වශයෙන් ම නුඹ එහි කුසගින්නෙන් නො සිටින අතර තවද නිරුවතින් ද නො සිටිනු ඇත.
Verse 20:119
وَاَنَّكَ لَا تَظْمَؤُا فِیْهَا وَلَا تَضْحٰی ۟
Wa-ʹannaka laa- taz̤̣maʹu feehaa wa-laa taḍḥaa.
තවද නියත වශයෙන් ම එහි නුඹ පිපාසිත නො සිටින අතර හිරු රශ්මියෙන් නො පෙළෙනු ද ඇත.
Verse 20:120
فَوَسْوَسَ اِلَیْهِ الشَّیْطٰنُ قَالَ یٰۤاٰدَمُ هَلْ اَدُلُّكَ عَلٰی شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا یَبْلٰی ۟
Fawaswasa ʹilayhish Shayṭaanu q̣aala YaaaʹAadamu hal ʹadulluka ʻalaa Shajaratil khuldi wa-mulkil laa yablaa.
ෂෙයිතාන් ඔහු වෙත කුතුහලය ඇති කළේ ය. අහෝ ආදම්! සදා ජීවත් කර වන ගසක් හා විනාශ වී නො යන රාජධානියක් පිළිබඳව මම නුඹට දන්වන්නෙමි දැ? යි විමසී ය.
Verse 20:121
فَاَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْاٰتُهُمَا وَطَفِقَا یَخْصِفٰنِ عَلَیْهِمَا مِنْ وَّرَقِ الْجَنَّةِ ؗ وَعَصٰۤی اٰدَمُ رَبَّهٗ فَغَوٰی ۪۟ۖ
Faʹakalaa minhaa fabadat lahumaa saw-ʹaatuhumaa waṭafiq̣aa yakhṣifaani ʻalayhimaa miñw waraq̣il Jannah: wa-ʻaṣaaa ʹAadamu Rabbahoo fag̣awaa.
එවිට ඔවුන් දෙදෙනා එයින් අනුභව කළෝ ය. එවිට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළිවිය. (ස්වර්ග) උයනේ කොළවලින් ඔවුන් දෙදෙනාව ආවරණය කරගන්නට පටන් ගත්තෝ ය. තවද ආදම් තම පරමාධිපතිට පිටුපෑවේ ය. එහෙයින් ඔහු නොමග ගියේ ය.
Verse 20:122
ثُمَّ اجْتَبٰهُ رَبُّهٗ فَتَابَ عَلَیْهِ وَهَدٰی ۟
S̤ummaj tabaahu Rabbuhoo fataaba ʻalayhi wa-hadaa.
පසුව ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේ ය. එවිට ඔහු (පශ්චාත්තාපය පිළිගෙන) සමාව දුන්නේ ය. තවද මග පෙන්වී ය.
Verse 20:123
قَالَ اهْبِطَا مِنْهَا جَمِیْعًا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۚ فَاِمَّا یَاْتِیَنَّكُمْ مِّنِّیْ هُدًی ۙ۬ فَمَنِ اتَّبَعَ هُدَایَ فَلَا یَضِلُّ وَلَا یَشْقٰی ۟
Q̣aalah biṭaa minhaa jameeʻam baʻḍukum libaʻḍin ʻaduww: faʹimmaa yaʹtiyannakum minnee Hudañ famanit tabaʻa Hudaaya falaa yaḍillu wa-laa yashq̣aa.
නුඹලා දෙදෙනා ම පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට සතුරු ය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නො යනු ඇත. තවද අභාග්‍යවන්ත නො වනු ඇත.
Verse 20:124
وَمَنْ اَعْرَضَ عَنْ ذِكْرِیْ فَاِنَّ لَهٗ مَعِیْشَةً ضَنْكًا وَّنَحْشُرُهٗ یَوْمَ الْقِیٰمَةِ اَعْمٰی ۟
Wa-man ʹaʻraḍa ʻañ Ẓikree faʹinna lahoo maʻeeshatañ ḍañkañw wanaḥshuruhoo Yawmal Q̣iyaamati ʹaʻmaa.
තවද මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද එවිට නියත වශයෙන් ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහුව නැවත නැගිටුවන්නෙමු.
Verse 20:125
قَالَ رَبِّ لِمَ حَشَرْتَنِیْۤ اَعْمٰی وَقَدْ كُنْتُ بَصِیْرًا ۟
Q̣aala Rabbi lima ḥashartaneee ʹaʻmaa- wa-q̣ad kuñtu baṣeeraa?
මාගේ පරමාධිපතියාණනි! අන්ධයකු ලෙස ඔබ මා අවදි කළේ මන්ද? මම බැල්මැත්තෙකු ලෙස සිටියෙමි යැයි ඔහු පවසයි.
Verse 20:126
قَالَ كَذٰلِكَ اَتَتْكَ اٰیٰتُنَا فَنَسِیْتَهَا ۚ وَكَذٰلِكَ الْیَوْمَ تُنْسٰی ۟
Q̣aala kaẓaalika ʹatatka ʹAayaatunaa fanaseetahaa: wa-kaẓaalikal yawma tuñsaa.
එලෙසය, අපගේ වදන් නුඹ වෙත පැමිණියේ. එවිට නුඹ එය අමතක කළෙහි ය. එලෙස ම අද දින නුඹව අමතක කරනු ලබනු ඇතැයි ඔහු (අල්ලාහ්) පවසයි.
Verse 20:127
وَكَذٰلِكَ نَجْزِیْ مَنْ اَسْرَفَ وَلَمْ یُؤْمِنْ بِاٰیٰتِ رَبِّهٖ ؕ وَلَعَذَابُ الْاٰخِرَةِ اَشَدُّ وَاَبْقٰی ۟
Wa-kaẓaalika najzee man ʹasrafa wa-lam yuʹmim biʹAayaati Rabbih: wa-laʻaẓaabul ʹAakhirati ʹashaddu wa-ʹabq̣aa.
තවද තම පරමාධිපතිගේ වදන් විශ්වාස නො කොට සීමාව ඉක්මවා ගියවුන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙස ය. තවද මතුලොව දඬුවම ඉතා දරුණු ය. තවද වඩාත් ස්ථායී ය.
Verse 20:128
اَفَلَمْ یَهْدِ لَهُمْ كَمْ اَهْلَكْنَا قَبْلَهُمْ مِّنَ الْقُرُوْنِ یَمْشُوْنَ فِیْ مَسٰكِنِهِمْ ؕ اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّاُولِی النُّهٰی ۟۠
ʹAfalam yahdi lahum kam ʹahlaknaa q̣ablahum minal q̣urooni yamshoona fee masaakinihim? ʹInna fee ẓaalika laʹAayaatil liʹulin nuhaa.
ඔවුනට ඔහු මග පෙන්වීම් නො කළේ ද? ඔවුනට පෙර තම වාසස්ථානවල ගමන් කරමින් සිටි පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? නියත වශයෙන් ම එහි බුද්ධිය ඇත්තවුනට සංඥාවන් ඇත.
Verse 20:129
وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَكَانَ لِزَامًا وَّاَجَلٌ مُّسَمًّی ۟ؕ
Wa-lawlaa Kalimatuñ sabaq̣at mir Rabbika lakaana lizaamañw waʹajalum musammaa.
නුඹගේ පරමාධිපතිගෙන් වූ නියමයක් හා නියමිත කාලයක් පෙරටු නො වූයේ නම් එය (විනාශය එකහෙළා) අනිවාර්යය වන්නට තිබුණි.
Verse 20:130
فَاصْبِرْ عَلٰی مَا یَقُوْلُوْنَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوْعِ الشَّمْسِ وَقَبْلَ غُرُوْبِهَا ۚ وَمِنْ اٰنَآئِ الَّیْلِ فَسَبِّحْ وَاَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضٰی ۟
Faṣbir ʻalaa maa- yaq̣ooloona wa-sabbiḥ bi-Ḥamdi Rabbika q̣abla ṭulooʻish shamsi wa-q̣abla g̣uroobihaa; wa-min ʹaanaaaʹil layli fasabbiḥ wa-ʹaṭraafan nahaari laʻallaka tarḍaa.
එහෙයින් ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසා දරා ගනු. තවද නුඹ තෘප්තියට පත් විය හැකි වනු පිණිස නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් හිරු උදා වීමට පෙර, එය අවරට යාමට පෙර හා රාත්‍රී කාලයේ ද සුවිශුද්ධ කරනු. තවද දහවල් කෙළවරවල්හි ද සුවිශුද්ධ කරනු.
Verse 20:131
وَلَا تَمُدَّنَّ عَیْنَیْكَ اِلٰی مَا مَتَّعْنَا بِهٖۤ اَزْوَاجًا مِّنْهُمْ زَهْرَةَ الْحَیٰوةِ الدُّنْیَا ۙ۬ لِنَفْتِنَهُمْ فِیْهِ ؕ وَرِزْقُ رَبِّكَ خَیْرٌ وَّاَبْقٰی ۟
Wa-laa tamuddanna ʹaynayka ʹilaa maa- mattaʻnaa biheee ʹazwaajam minhum zahratal ḥayaatid dunyaa, linaftinahum feeh: wa-rizq̣u Rabbika khayruñw waʹabq̣aa.
තවද අපි ඔවුන් එහි පරීක්ෂා කරනු පිණිස මෙලොව ජීවිතයේ චමත්කාරයක් ලෙස ඔවුන් අතරින් පිරිසකට කවර දෙයක් අපි භුක්ති විඳීම සඳහා ලබා දුන්නේ ද ඒ වෙත නුඹගේ නෙත් යොමු නො කරනු. තවද නුඹගේ පරමාධිපතිගේ පෝෂණය ශ්‍රේෂ්ඨ ය. තවද වඩාත් ස්ථායී ය.
Verse 20:132
وَاْمُرْ اَهْلَكَ بِالصَّلٰوةِ وَاصْطَبِرْ عَلَیْهَا ؕ لَا نَسْـَٔلُكَ رِزْقًا ؕ نَحْنُ نَرْزُقُكَ ؕ وَالْعَاقِبَةُ لِلتَّقْوٰی ۟
Waʹmur ʹahlaka biṣ-Ṣalaati waṣṭabir ʻalayhaa. Laa- nasʹaluka rizq̣aa: Naḥnu narzuq̣uk. Wal-ʻAaq̣ibatu lit-Taq̣waa.
තවද සලාතය පිළිබඳ නුඹගේ පවුලට නුඹ අණ කරනු. තවද (එහි ඇති වන දුෂ්කරතා) ඉවසීමෙන් දරා ගනු. අපි නුඹගෙන් පෝෂණය නො ඉල්ලුවෙමු. නුඹට පෝෂණය සපයනුයේ අපම ය. තවද අවසාන තීන්දුව බිය බැතිමත්භාවයට ය.
Verse 20:133
وَقَالُوْا لَوْلَا یَاْتِیْنَا بِاٰیَةٍ مِّنْ رَّبِّهٖ ؕ اَوَلَمْ تَاْتِهِمْ بَیِّنَةُ مَا فِی الصُّحُفِ الْاُوْلٰی ۟
Wa-q̣aaloo Law-laa yaʹteenaa biʹAayatim mir Rabbih? ʹA-walam taʹtihim̃ Bayyinatu maa- fiṣ Ṣuḥufil ʹoolaa?
තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙනැවිත් තිබිය යුතු නො වේ ද? යැයි ඔවුහු විමසති. (අල්ලාහ් විසින් පහළ කළ) මුල් ලේඛනයන්හි ඇති දෑහි පැහැදිළි සංඥාවක් ඔවුන් වෙත නො පැමිණියේ ද?
Verse 20:134
وَلَوْ اَنَّاۤ اَهْلَكْنٰهُمْ بِعَذَابٍ مِّنْ قَبْلِهٖ لَقَالُوْا رَبَّنَا لَوْلَاۤ اَرْسَلْتَ اِلَیْنَا رَسُوْلًا فَنَتَّبِعَ اٰیٰتِكَ مِنْ قَبْلِ اَنْ نَّذِلَّ وَنَخْزٰی ۟
Wa-law ʹannaaa ʹahlaknaahum̃ biʻaẓaabim miñ q̣ablihee laq̣aaloo Rabbanaa Law-laaa ʹarsalta ʹilaynaa Rasoolañ fanattabiʻa ʹAayaatika Miñ q̣abli ʹan naẓilla wa-nakhzaa.
තවද මීට පෙර යම් දඬුවමකින් සැබැවින් ම අපි ඔවුන් විනාශ කළෙමු නම්, අපගේ පරමාධිපතියාණනි! අප වෙත ධර්ම දූතයකු ඔබ එවිය යුතු නො වේ ද? එවිට අප අවමානයට හා අපකීර්තියට පත් වීමට පෙර නුඹගේ වදන් පිළිපදින්නට තිබුණි යැයි ඔවුහු පවසනු ඇත.
Verse 20:135
قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوْا ۚ فَسَتَعْلَمُوْنَ مَنْ اَصْحٰبُ الصِّرَاطِ السَّوِیِّ وَمَنِ اهْتَدٰی ۟۠
Q̣ul kullum mutarabbiṣuñ fatarabbaṣoo: fasataʻlamoona man ʹAṣḥaabuṣ Ṣiraaṭis sawiyyi wa-manih tadaa.
සියලු දෙනා බලාපොරොත්තු වන්නන් ය. එහෙයින් නුඹලාත් බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට ඍජු මාර්ගයේ සගයින් කවුරුන් දැ? යි ද යහ මග ගියවුන් කවුරුන් දැ? යි ද නුඹලා මතු දැන ගනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.