Surah Al-Kahf
Surah Al-Kahf (The Cave) is Surah 18 of the Holy Quran, a Meccan Surah with 110 verses, available here in Sinhalese.
Verse 18:1
اَلْحَمْدُ لِلّٰهِ الَّذِیْۤ اَنْزَلَ عَلٰی عَبْدِهِ الْكِتٰبَ وَلَمْ یَجْعَلْ لَّهٗ عِوَجًا ۟ؕٚ
ʹAl-Ḥamdu lillaahil laẓeee ʹañzala ʻalaa ʻAbdihil Kitaaba wa-lam yajʻal lahoo ʻiwajaa―
තම ගැත්තා වෙත ධර්ම ග්‍රන්ථය (අල්-කුර්ආනය) පහළ කළා වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා! තවද ඔහු එහි කිසිදු ඇදයක් තැබුවේ නැත.
Verse 18:2
قَیِّمًا لِّیُنْذِرَ بَاْسًا شَدِیْدًا مِّنْ لَّدُنْهُ وَیُبَشِّرَ الْمُؤْمِنِیْنَ الَّذِیْنَ یَعْمَلُوْنَ الصّٰلِحٰتِ اَنَّ لَهُمْ اَجْرًا حَسَنًا ۟ۙ
Q̣ayyimal liyuñẓira Baʹsañ shadeedam mil ladunhu wa-yubashshiral Muʹmineenal laẓeena yaʻmaloonaṣ ṣaalihaati ʹanna lahum ʹAjran ḥasanaa,
(එය) ඍජු ය. (අල්ලාහ් වන) ඔහු වෙතින් වූ දැඩි දඬුවම ගැන අවවාද කරනු පිණිසත් යහකම් කරන දේවත්වය විශ්වාස කරන්නන්හට නියත වශයෙන් ම ඔවුනට අලංකාර ප්‍රතිඵල ඇතැයි දන්වනු පිණිසත් (ඔහු එය පහළ කළේ) ය.
Verse 18:3
مَّاكِثِیْنَ فِیْهِ اَبَدًا ۟ۙ
Maakis̤eena feehi ʹabadaa:
ඔවුන් නිරන්තරයෙන් ම එහි රැඳී සිටින්නන් ලෙසින්.
Verse 18:4
وَّیُنْذِرَ الَّذِیْنَ قَالُوا اتَّخَذَ اللّٰهُ وَلَدًا ۟ۗ
Wa-yuñẓiral laẓeena q̣aalut takhaẓal laahu waladaa:
අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ප්‍රකාශ කළවුනට ඔහු අවවාද කරනු පිණිස ද (එය පහළ කළේ ය.)
Verse 18:5
مَا لَهُمْ بِهٖ مِنْ عِلْمٍ وَّلَا لِاٰبَآىِٕهِمْ ؕ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ اَفْوَاهِهِمْ ؕ اِنْ یَّقُوْلُوْنَ اِلَّا كَذِبًا ۟
Maa- lahum̃ bihee min ʻilmiñw walaa liʹaabaaaʹihim. Kaburat kalimatañ takhruju min ʹafwaahihim. ʹIñy yaq̣ooloona ʹillaa kaẓibaa.
ඔවුනට හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන්ට ඒ පිළිබඳව කිසිදු දැනුමක් නො වීය. ඔවුන්ගේ මුඛවලින් පිට වන ප්‍රකාශය දරුණු විය. ඔවුහු බොරුව මිස වෙනෙකක් නො පවසති.
Verse 18:6
فَلَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ عَلٰۤی اٰثَارِهِمْ اِنْ لَّمْ یُؤْمِنُوْا بِهٰذَا الْحَدِیْثِ اَسَفًا ۟
Falaʻallaka baakhiʻun nafsaka ʻalaaa ʹaas̤aarihim ʹil lam yuʹminoo bihaaẓal Ḥadees̤i ʹasafaa.
මෙම දෙසුම (අල්-කුර්ආනය) ඔවුහු විශ්වාස නො කළේ නම් ඔවුන් හේතුවෙන් දුකට පත්ව නුඹ නුඹවම විනාශ කර ගන්නට බලනු ඇත.
Verse 18:7
اِنَّا جَعَلْنَا مَا عَلَی الْاَرْضِ زِیْنَةً لَّهَا لِنَبْلُوَهُمْ اَیُّهُمْ اَحْسَنُ عَمَلًا ۟
ʹInnaa jaʻalnaa maa- ʻalal ʹarḍi zeenatal lahaa linabluwahum ʹayyuhum ʹaḥsanu ʻamalaa.
ඔවුන් අතරින් ක්‍රියාවෙන් වඩාත් අලංකාර වනුයේ කවුරුන් දැ? යි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිස මහපොළොව මත ඇති දෑ එයට අලංකරණයක් ලෙස ඇති කළෙමු.
Verse 18:8
وَاِنَّا لَجٰعِلُوْنَ مَا عَلَیْهَا صَعِیْدًا جُرُزًا ۟ؕ
Wa-ʹinnaa lajaaʻiloona maa- ʻalayhaa ṣaʻeedañ juruzaa.
තවද නියත වශයෙන් ම අපි ඒ මත ඇති දෑ (විනාශ කර) පැළෑටි රහිත හිස් තැනිතලාවක් බවට පත් කරන්නන් වෙමු.
Verse 18:9
اَمْ حَسِبْتَ اَنَّ اَصْحٰبَ الْكَهْفِ وَالرَّقِیْمِ ۙ كَانُوْا مِنْ اٰیٰتِنَا عَجَبًا ۟
ʹAm ḥasibta ʹanna ʹAṣḥaabal Kahfi war-Raq̣eemi kaanoo min ʹAayaatinaa ʻajabaa?
නියත වශයෙන් ම එම ලෙනට හා සෙල්ලිපිවලට අයත් වූවන් අපගේ සංඥා අතරින් පුදුම සහගත අය වශයෙන් සිටියහ යැයි (නබිවරය!) නුඹ අදහස් කරන්නෙහි ද?.
Verse 18:10
اِذْ اَوَی الْفِتْیَةُ اِلَی الْكَهْفِ فَقَالُوْا رَبَّنَاۤ اٰتِنَا مِنْ لَّدُنْكَ رَحْمَةً وَّهَیِّئْ لَنَا مِنْ اَمْرِنَا رَشَدًا ۟
ʹIẓ ʹawal fityatu ʹilal Kahfi faq̣aaloo Rabbanaaa ʹaatinaa mil laduñka Raḥmatañw Wahayyiʹ lanaa min ʹamrinaa rashadaa!
තරුණයින් (රැකවරණ සොයා) ලෙන වෙත පිවිසුනු විට ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ වෙතින් වූ කරුණාව අපට පිරිනමනු මැනව! අපගේ කටයුතු සෘජු ලෙස අපට සකස් කර දෙනු මැනව!’ යැයි ප්‍රාර්ථනා කළහ.
Verse 18:11
فَضَرَبْنَا عَلٰۤی اٰذَانِهِمْ فِی الْكَهْفِ سِنِیْنَ عَدَدًا ۟ۙ
Faḍarabnaa ʻalaaa ʹaaẓaanihim fil Kahfi sineena ʻadadaa:
එවිට ලෙනෙහි වසර ගණනාවක් (නිදන්නට) ඔවුන්ගේ කන් මත ආවරණයක් අපි හෙළුවෙමු.
Verse 18:12
ثُمَّ بَعَثْنٰهُمْ لِنَعْلَمَ اَیُّ الْحِزْبَیْنِ اَحْصٰی لِمَا لَبِثُوْۤا اَمَدًا ۟۠
S̤umma baʻas̤naahum linaʻlama ʹayyul ḥizbayni ʹaḥṣaa limaa labis̤ooo ʹamadaa!
පසුව ඔවුන් රැඳී සිටි කාලය මැනවින් සටහන් කරගෙන ඇත්තේ කණ්ඩායම් දෙකින් කවර (කණ්ඩායම)ක් දැ? යි අපි දන්වනු පිණිස අපි ඔවුන්ව අවදි කළෙමු.
Verse 18:13
نَحْنُ نَقُصُّ عَلَیْكَ نَبَاَهُمْ بِالْحَقِّ ؕ اِنَّهُمْ فِتْیَةٌ اٰمَنُوْا بِرَبِّهِمْ وَزِدْنٰهُمْ هُدًی ۟ۗۖ
Naḥnu naq̣uṣṣu ʻalayka nabaʹahum̃ bil-Ḥaq̣q̣: ʹinnahum fityatun ʹaamanoo bi-Rabbihim wa-zidnaahum hudaa:
ඔවුන්ගේ පුවත පිළිබඳව අපි සැබෑ ලෙසින් නුඹ වෙත පවසන්නෙමු. නියත වශයෙන් ම ඔවුහු තරුණයෝ ය. ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිව විශ්වාස කළහ. තවද අපි ඔවුනට යහ මග අධික කළෙමු.
Verse 18:14
وَّرَبَطْنَا عَلٰی قُلُوْبِهِمْ اِذْ قَامُوْا فَقَالُوْا رَبُّنَا رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ لَنْ نَّدْعُوَاۡ مِنْ دُوْنِهٖۤ اِلٰهًا لَّقَدْ قُلْنَاۤ اِذًا شَطَطًا ۟
Wa-rabaṭnaa ʻalaa q̣uloobihim ʹiẓ q̣aamoo faq̣aaloo Rabbunaa Rabbus samaawaati wal-ʹarḍi lan nadʻuwa miñ dooniheee ʹilaahal laq̣ad q̣ulnaaa ʹiẓañ shaṭaṭaa!
තවද ඔවුහු අවදි වී ‘අපගේ පරමාධිපති අහස් හා මහපොළොවේ හිමිපාණන් ය. ඔහුගෙන් තොරව කිසිදු දෙවියකුට අපි ඇරයුම් නො කරන්නෙමු. එවිට (එසේ කළේ නම්) සැබැවින් ම අපි බොරුවක්ම පවසා ඇත්තෙමු’ යැයි ඔවුහු පැවසූ විට ඔවුන්ගේ හදවත් අපි ශක්තිමත් කළෙමු.
Verse 18:15
هٰۤؤُلَآءِ قَوْمُنَا اتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اٰلِهَةً ؕ لَوْلَا یَاْتُوْنَ عَلَیْهِمْ بِسُلْطٰنٍ بَیِّنٍ ؕ فَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا ۟ؕ
Haaaʹulaaaʹi q̣awmunat takhaẓoo miñ dooniheee ʹaalihah: Lawlaa- yaʹtoona ʻalayhim̃ bisulṭaanim bayyin? Faman ʹaz̤̣lamu mimmanif taraa ʻalal laahi kaẓibaa?
මොවුහු අපගේ ජනයා වෙති. ඔහු(අල්ලාහ්) හැර (වෙනත්) දෙවියන් මොවුහු ගත්තෝය. (එසේනම්) ඒවා සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නොවේ ද? අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙක් ද?
Verse 18:16
وَاِذِ اعْتَزَلْتُمُوْهُمْ وَمَا یَعْبُدُوْنَ اِلَّا اللّٰهَ فَاْوٗۤا اِلَی الْكَهْفِ یَنْشُرْ لَكُمْ رَبُّكُمْ مِّنْ رَّحْمَتِهٖ وَیُهَیِّئْ لَكُمْ مِّنْ اَمْرِكُمْ مِّرْفَقًا ۟
Wa-ʹiẓiʻtazal tumoohum wa-maa yaʻbudoona ʹillal laaha faʹwooo ʹilal Kahfi yañshur lakum Rabbukum mir raḥmatihee wa-yuhayyiʹ lakum min ʹamrikum mirfaq̣aa.
මොවුහු අපගේ ජනයා වෙති. ඔහු(අල්ලාහ්) හැර (වෙනත්) දෙවියන් මොවුහු ගත්තෝ ය. (එසේනම්) ඒවා සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නො වේ ද? අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙක් ද?
Verse 18:17
وَتَرَی الشَّمْسَ اِذَا طَلَعَتْ تَّزٰوَرُ عَنْ كَهْفِهِمْ ذَاتَ الْیَمِیْنِ وَاِذَا غَرَبَتْ تَّقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِیْ فَجْوَةٍ مِّنْهُ ؕ ذٰلِكَ مِنْ اٰیٰتِ اللّٰهِ ؕ مَنْ یَّهْدِ اللّٰهُ فَهُوَ الْمُهْتَدِ ۚ وَمَنْ یُّضْلِلْ فَلَنْ تَجِدَ لَهٗ وَلِیًّا مُّرْشِدًا ۟۠
Wa-tarash shamsa ʹiẓaa ṭalaʻat tazaawaru ʻañ- Kahfihim ẓaatal yameeni wa-ʹiẓaa g̣arabat taq̣riḍuhum ẓaatash shimaali wa-hum fee fajwatim minh. Ẓaalika min ʹAayaatil laah: mañy yahdil laahu fahuwal muhtad; wa-mañy yuḍlil falañ tajida lahoo waliyyam murshidaa.
තවද හිරු උදා වූ විට ඔවුන්ගේ ලෙනින් දකුණු දෙසට එය නැඹුරුවීම ද, අවරට ගිය විට වම් දෙසින් ඔවුන්ව මග හැරී යාම ද නුඹ දකිනු ඇත. (එහෙත්) ඔවුහු එහි විශාල ස්ථානයක වූහ. එය අල්ලාහ්ගේ සාධකයන් අතරිනි. අල්ලාහ් කවරෙකු යහ මග යොමු කරන්නේ ද ඔහු යහ මග ලැබූවෙක්ම ය. තවද ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් මග පෙන්වන භාරකරුවකු නුඹ නො දකිනු ඇත.
Verse 18:18
وَتَحْسَبُهُمْ اَیْقَاظًا وَّهُمْ رُقُوْدٌ ۖۗ وَّنُقَلِّبُهُمْ ذَاتَ الْیَمِیْنِ وَذَاتَ الشِّمَالِ ۖۗ وَكَلْبُهُمْ بَاسِطٌ ذِرَاعَیْهِ بِالْوَصِیْدِ ؕ لَوِ اطَّلَعْتَ عَلَیْهِمْ لَوَلَّیْتَ مِنْهُمْ فِرَارًا وَّلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا ۟
Wa-taḥsabuhum ʹayq̣aaz̤̣añw Wahum ruq̣ood: wa-nuq̣allibuhum ẓaatal yameeni waẓaatash shimaal: wa-kalbuhum̃ baasiṭuñ ẓiraaʻayhi bilwaṣeed: lawiṭ ṭalaʻta ʻalayhim lawallayta minhum firaarañw wala-Muliʹta minhum ruʻbaa.
තවද නුඹ (ඔවුන් දුටුවේ නම්) ඔවුන් අවදිව සිටින්නන් යැයි නුඹ සිතනු ඇත. එහෙත් ඔවුහු නිදාගෙන සිටිති. තවද අපි දකුණු දෙසටත් වම් දෙසටත් ඔවුන්ව පෙරළමින් සිටියෙමු. ඔවුන්ගේ සුනඛයා තම පෙර පාද දෙක දිගු කරමින් දොරටුව මත විය. නුඹ ඔවුන් වෙත එබී බැලුවෙහි නම් ඔවුන්ගෙන් නුඹ වේගයෙන් පලා යනු ඇත. තවද ඔවුන් පිළිබඳ භීතියෙන් නුඹ පිරෙනු ඇත.
Verse 18:19
وَكَذٰلِكَ بَعَثْنٰهُمْ لِیَتَسَآءَلُوْا بَیْنَهُمْ ؕ قَالَ قَآىِٕلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ ؕ قَالُوْا لَبِثْنَا یَوْمًا اَوْ بَعْضَ یَوْمٍ ؕ قَالُوْا رَبُّكُمْ اَعْلَمُ بِمَا لَبِثْتُمْ ؕ فَابْعَثُوْۤا اَحَدَكُمْ بِوَرِقِكُمْ هٰذِهٖۤ اِلَی الْمَدِیْنَةِ فَلْیَنْظُرْ اَیُّهَاۤ اَزْكٰی طَعَامًا فَلْیَاْتِكُمْ بِرِزْقٍ مِّنْهُ وَلَا یُشْعِرَنَّ بِكُمْ اَحَدًا ۟
Wa-kaẓaalika baʻas̤naahum liyatasaaaʹaloo baynahum. Q̣aala q̣aaaʹilum minhum kam labis̤tum? Q̣aaloo labis̤naa yawman ʹaw baʻḍa yawm. Q̣aaloo Rabbukum ʹaʻlamu bimaa labis̤tum.... Fabʻas̤ooo ʹaḥadakum̃ biwariq̣ikum haaẓiheee ʹilal madeenati falyañz̤̣ur ʹayyuhaaa ʹazkaa ṭaʻaamañ falyaʹtikum̃ birizq̣im minhu walyatalaṭṭaf wa-laa yushʻiranna bikum ʹaḥadaa.
තවද එලෙස ඔවුන් අතර ඔවුන් එකිනෙකා විමසා ගනු පිණිස ඔවුන්ව අපි අවදි කළෙමු. ඔවුන් අතරින් ප්‍රකාශකයකු ‘නුඹලා කොපමණ කාලයක් රැඳුණෙහු දැ? යි විමසා සිටියේ ය. අපි දිනක් හෝ දිනකින් කොටසක් හෝ රැඳී සිටියෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය. ‘නුඹලා රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපති ය. එහෙයින් නුඹලාගෙන් කෙනෙකු නුඹලාගේ මෙම කාසි සමඟ නගරයට එවනු. එහි වඩා පිවිතුරු ආහාරයක් බලා එයින් පෝෂණය (ආහාරය) නුඹලා වෙත ඔහු ගෙනෙත්වා! තවද ඔහු ප්‍රවේශමෙන් සිටිත්වා! තවද නුඹලා පිළිබඳව කිසිවෙකුට ඔහු නො හැඟවිය යුතුය’ යැයි ඔවුහු පැවසුවෝ ය.
Verse 18:20
اِنَّهُمْ اِنْ یَّظْهَرُوْا عَلَیْكُمْ یَرْجُمُوْكُمْ اَوْ یُعِیْدُوْكُمْ فِیْ مِلَّتِهِمْ وَلَنْ تُفْلِحُوْۤا اِذًا اَبَدًا ۟
ʹInnahum ʹiñy yaz̤̣haroo ʻalaykum yarjumookum ʹaw yuʻeedookum fee millatihim wa-lañ tufliḥooo ʹiẓan ʹabadaa.
නියත වශයෙන් ම නුඹලාව ඔවුන් දුටුවේ නම් ඔවුන් නුඹලාව ගල් ගසා මරනු ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ දහම තුළට නැවත නුඹලාව හරවා ගනු ඇත. එවිට නුඹලා කිසිවිටෙක ජය නො ලබන්නෙහු ම ය.
Verse 18:21
وَكَذٰلِكَ اَعْثَرْنَا عَلَیْهِمْ لِیَعْلَمُوْۤا اَنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّاَنَّ السَّاعَةَ لَا رَیْبَ فِیْهَا ۗۚ اِذْ یَتَنَازَعُوْنَ بَیْنَهُمْ اَمْرَهُمْ فَقَالُوا ابْنُوْا عَلَیْهِمْ بُنْیَانًا ؕ رَبُّهُمْ اَعْلَمُ بِهِمْ ؕ قَالَ الَّذِیْنَ غَلَبُوْا عَلٰۤی اَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَیْهِمْ مَّسْجِدًا ۟
Wa-kaẓalika ʹaʻs̤arnaa ʻalayhim liyaʻlamooo ʹanna waʻdal laahi ḥaq̣q̣uñw waʹannas Saaʻata laa- rayba feehaa. ʹIẓ yatanaazaʻoona baynahum ʹamrahum faq̣aalub noo ʻalayhim̃ bunyaanaa: Rabbuhum ʹaʻlamu bihim: q̣aalal laẓeena g̣alaboo ʻalaaa ʹamrihim lanattakhiẓanna ʻalayhim masjidaa.
තවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍ය බවද, නියත වශයෙන් ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙනු ඇතැයිද යන්න ජනයා දැන ගනු පිණිස එලෙස අපි ඔවුන්ගේ තත්ත්වය ගැන නගරවාසීන්ට ප්‍රකාශ කළෙමු. එවිට (ලෙනෙහි සිටි) ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් (නගරවාසීන්) එකිනෙකා අතර වාද කරමින් සිටියහ. ඔවුන්ගෙන් සමහරුන් ගොඩනැගිල්ලක් ඔවුන්(ගේ ලෙන) මත ඉදි කරනු යැයි පැවැසූහ. ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව මැනවින් දන්නා ය. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් පමණ ඉක්මවා ගියවුන් ඔවුන් වෙනුවෙන් අපි මස්ජිදයක් ඉදි කරමු යැයි පැවසුවෝ ය.
Verse 18:22
سَیَقُوْلُوْنَ ثَلٰثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ ۚ وَیَقُوْلُوْنَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَیْبِ ۚ وَیَقُوْلُوْنَ سَبْعَةٌ وَّثَامِنُهُمْ كَلْبُهُمْ ؕ قُلْ رَّبِّیْۤ اَعْلَمُ بِعِدَّتِهِمْ مَّا یَعْلَمُهُمْ اِلَّا قَلِیْلٌ ۫۬ فَلَا تُمَارِ فِیْهِمْ اِلَّا مِرَآءً ظَاهِرًا ۪ وَّلَا تَسْتَفْتِ فِیْهِمْ مِّنْهُمْ اَحَدًا ۟۠
Sayaq̣ooloona s̤alaas̤atur raabiʻuhum kalbuhum: wa-yaq̣ooloona khamsatuñ saadisuhum kalbuhum rajmam bilg̣ayb; wa-yaq̣ooloona sabʻatuñw was̤aaminuhum kalbuhum. Q̣ur Rabbeee ʹaʻlamu biʻiddatihim maa yaʻlamuhum ʹillaa q̣aleel. Falaa tumaari feehim ʹillaa miraaaʹañ z̤̣aahiraa, wa-laa tastafti feehim minhum ʹaḥadaa.
තිදෙනෙකි. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි මතුවට ඔවුහු පවසති. තවද පස් දෙනෙකි. ඔවුන්ගෙන් සයවැන්නා සුනඛයා යැයි ගුප්ත දෑ පිළිබඳ උපකල්පනය කරමින් පවසති. තවද සත් දෙනෙකි. ඔවුන්ගෙන් අටවැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි පවසති. ඔවුන්ගේ සංඛ්‍යාව ගැන මැනවින් දන්නා මාගේ පරමාධිපති ය. ස්වල්ප දෙනෙකු හැර ඔවුන් පිළිබඳ වෙනත් කිසිවකු නො දනියි යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් හෙළි කරන්නා වූ කරුණු සම්බන්ධයෙන් හැර ඔවුන් විෂයයෙහි නුඹ තර්ක නො කරනු. ඔවුන් පිළිබඳ තීන්දු ඔවුන් කිසිවෙකුගෙන් නො අසනු.
Verse 18:23
وَلَا تَقُوْلَنَّ لِشَایْءٍ اِنِّیْ فَاعِلٌ ذٰلِكَ غَدًا ۟ۙ
Wa-laa taq̣oolanna lishayʹin ʹinnee faaʻiluñ ẓaalika g̣adaa,
තවද යම් කරුණක් සඳහා නියත වශයෙන් ම මම එය හෙට දින සිදු කරන්නෙමි යැයි නුඹ නොපැවසිය යුතු ය.
Verse 18:24
اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ ؗ وَاذْكُرْ رَّبَّكَ اِذَا نَسِیْتَ وَقُلْ عَسٰۤی اَنْ یَّهْدِیَنِ رَبِّیْ لِاَقْرَبَ مِنْ هٰذَا رَشَدًا ۟
ʹIllaaa ʹañy yashaaaʹal laah! Waẓkur Rabbaka ʹiẓaa naseeta wa-q̣ul ʻasaaa ʹañy yahdiyani Rabbee liʹaq̣raba min haaẓaa rashadaa.
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස. තවද නුඹට අමතක වී නම් නුඹගේ පරමාධිපතිව මෙනෙහි කරනු. තවද මාගේ පරමාධිපති මීට වඩා සමීප මග පෙන්වීමකින් මට මග පෙන්වන්නට පුළුවනැයි නුඹ පවසනු.
Verse 18:25
وَلَبِثُوْا فِیْ كَهْفِهِمْ ثَلٰثَ مِائَةٍ سِنِیْنَ وَازْدَادُوْا تِسْعًا ۟
Wa-labis̤oo fee Kahfihim s̤alaas̤a miʹatiñ sineena wazdaadoo tisʻaa.
තවද ඔවුහු ඔවුන්ගේ ලෙන තුළ වසර තුන්සීයක් රැඳී සිටියෝ ය. තවද ඔවුහු (තවත් වසර) නවයක් අමතරව එකතු කළහ.
Verse 18:26
قُلِ اللّٰهُ اَعْلَمُ بِمَا لَبِثُوْا ۚ لَهٗ غَیْبُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ اَبْصِرْ بِهٖ وَاَسْمِعْ ؕ مَا لَهُمْ مِّنْ دُوْنِهٖ مِنْ وَّلِیٍّ ؗ وَّلَا یُشْرِكُ فِیْ حُكْمِهٖۤ اَحَدًا ۟
Q̣ulil laahu ʹaʻlamu bimaa labis̤oo: lahoo g̣aybus samaawaati wal-ʹarḍ: ʹabṣir bihee waʹasmiʻ! Maa- lahum miñ doonihee miñw waliyy; wa-laa yushriku fee Ḥukmiheee ʹaḥadaa.
ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ් ය. අහස්හි හා මහපොළොවේ ගුප්තය ඔහු සතු ය. ඒ පිළිබඳව (ඔහු) කෙතරම් මහා නිරීක්ෂක ද? සර්ව ශ්‍රාවක ද? ඔහුගෙන් තොරව කිසිදු භාරකරුවකු ඔවුනට නොමැත. ඔහුගේ පාලනයෙහි කිසිවකුව ඔහු හවුල් කර නො ගනී යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 18:27
وَاتْلُ مَاۤ اُوْحِیَ اِلَیْكَ مِنْ كِتَابِ رَبِّكَ ؕۚ لَا مُبَدِّلَ لِكَلِمٰتِهٖ ۫ۚ وَلَنْ تَجِدَ مِنْ دُوْنِهٖ مُلْتَحَدًا ۟
Watlu maaa ʹooḥiya ʹilayka miñ Kitaabi Rabbik: laa- mubaddila li-Kalimaatih: wa-lañ tajida miñ doonihee multaḥadaa.
තවද නුඹගේ පරමාධිපතිගේ ග්‍රන්ථයෙන් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ පාරායනය කරනු. ඔහුගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. තවද ඔහුගෙන් තොරව ආරක්ෂිත ස්ථානයක් නුඹ කිසිවිටෙක නො ලබනු ඇත.
Verse 18:28
وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِیْنَ یَدْعُوْنَ رَبَّهُمْ بِالْغَدٰوةِ وَالْعَشِیِّ یُرِیْدُوْنَ وَجْهَهٗ وَلَا تَعْدُ عَیْنٰكَ عَنْهُمْ ۚ تُرِیْدُ زِیْنَةَ الْحَیٰوةِ الدُّنْیَا ۚ وَلَا تُطِعْ مَنْ اَغْفَلْنَا قَلْبَهٗ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوٰىهُ وَكَانَ اَمْرُهٗ فُرُطًا ۟
Waṣbir nafsaka maʻal laẓeena yadʻoona Rabbahum̃ bilg̣adaati walʻashiyyi yureedoona Wajhahoo wa-laa taʻdu ʻaynaaka ʻanhum: tureedu zeenatal Ḥayaatid dunyaa; wa-laa tuṭiʻ man ʹag̣falnaa q̣albahoo ʻañ ẓikrinaa wattabaʻa hawaahu wa-kaana ʹamruhoo furuṭaa.
තවද තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් උදේ සවස තම පරමාධිපතිට ප්‍රාර්ථනා කරන්නන් සමඟ නුඹ ද ඉවසා සිටිනු. මෙලොව ජීවිතයේ අලංකාරය ප්‍රිය කරමින් නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට යොමු නො කරනු. අපව මෙනෙහි කිරීමෙන් ඔහුගේ හදවත නො සැලකිලිමත්භාවයට අප පත් කළ, තවද තම ආශාවන් අනුගමනය කළ, තවද තම කටයුතු අපතේ ගිය අයට නුඹ අවනත නො වනු.
Verse 18:29
وَقُلِ الْحَقُّ مِنْ رَّبِّكُمْ ۫ فَمَنْ شَآءَ فَلْیُؤْمِنْ وَّمَنْ شَآءَ فَلْیَكْفُرْ ۙ اِنَّاۤ اَعْتَدْنَا لِلظّٰلِمِیْنَ نَارًا ۙ اَحَاطَ بِهِمْ سُرَادِقُهَا ؕ وَاِنْ یَّسْتَغِیْثُوْا یُغَاثُوْا بِمَآءٍ كَالْمُهْلِ یَشْوِی الْوُجُوْهَ ؕ بِئْسَ الشَّرَابُ ؕ وَسَآءَتْ مُرْتَفَقًا ۟
Wa-q̣ulil Ḥaq̣q̣u mir Rabbikum: famañ shaaaʹa falyuʹmiñw wamañ shaaaʹa falyakfur: ʹinnaaa ʹaʻtadnaa liz̤̣z̤̣aalimeena Naaran ʹaḥaaṭa bihim suraadiq̣uhaa: wa-ʹiñy yastag̣ees̤oo yug̣aas̤oo bimaaaʹiñ kalmuhli yashwil wujooh. Biʹsash sharaab! wa-saaaʹat murtafaq̣aa!
තවද සත්‍යය නුඹලාගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්‍රතික්ෂේප කරත්වා! නියත වශයෙන් ම අපි අපරාධකරුවන්ට (නිරා) ගින්නක් සූදානම් කර ඇත්තෙමු. එහි ගිනි දලු ඔවුන්ව වටලා ගෙන තිබේ. ඔවුහු (පිපාසය සඳහා) පිහිට පතන්නේ නම් මුහුණු දවාළන ලෝදිය මෙන් වූ පානයක් ඔවුනට පිහිට සඳහා දෙනු ලැබේ. එය නපුරු පානයක් විය. වාසස්ථානයෙන් ද නපුරු විය.
Verse 18:30
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ اِنَّا لَا نُضِیْعُ اَجْرَ مَنْ اَحْسَنَ عَمَلًا ۟ۚ
ʹInnal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati ʹinnaa laa- nuḍeeʻu ʹajra man ʹaḥsana ʻamalaa.
නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ක්‍රියාවෙන් වඩාත් යහපත් දෑ කළවුන්ගේ ප්‍රතිඵල සැබැවින් ම අපි අපතේ නො හරින්නෙමු.
Verse 18:31
اُولٰٓىِٕكَ لَهُمْ جَنّٰتُ عَدْنٍ تَجْرِیْ مِنْ تَحْتِهِمُ الْاَنْهٰرُ یُحَلَّوْنَ فِیْهَا مِنْ اَسَاوِرَ مِنْ ذَهَبٍ وَّیَلْبَسُوْنَ ثِیَابًا خُضْرًا مِّنْ سُنْدُسٍ وَّاِسْتَبْرَقٍ مُّتَّكِـِٕیْنَ فِیْهَا عَلَی الْاَرَآىِٕكِ ؕ نِعْمَ الثَّوَابُ ؕ وَحَسُنَتْ مُرْتَفَقًا ۟۠
ʹUlaaaʹika lahum Jannaatu ʻAdniñ tajree miñ taḥtihimul ʹanhaaru yuḥallawna feehaa min ʹasaawira miñ ẓahabiñw wayalbasoona s̤iyaaban khuḍram miñ suñdusiñw waʹistabraq̣im muttakiʹeena feehaa ʻalal ʹaraaaʹik. Niʻmas̤ s̤awaab! Waḥasunat murtafaq̣aa!
ඔවුනට සදාතනික (ස්වර්ග) උයන් ඇත. ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති. එහි රනින් වූ වළලුවලින් ඔවුහු පලන්දවනු ලබති. ඔවුහු සිනිඳු සේද හා ගන සේදවලින් යුත් කොළ පැහැති ඇඳුම් අඳිති. එහි ඔවුහු කවිච්චි මත හාන්සිවෙමින් සිටිති. එම ප්‍රතිඵලය යහපත් විය. එය වාසස්ථානයෙන් ද අලංකාරවත් විය.
Verse 18:32
وَاضْرِبْ لَهُمْ مَّثَلًا رَّجُلَیْنِ جَعَلْنَا لِاَحَدِهِمَا جَنَّتَیْنِ مِنْ اَعْنَابٍ وَّحَفَفْنٰهُمَا بِنَخْلٍ وَّجَعَلْنَا بَیْنَهُمَا زَرْعًا ۟ؕ
Waḍrib lahum mas̤alar rajulayni jaʻalnaa liʹaḥadihimaa jannatayni min ʹaʻnaabiñw Waḥafafnaahumaa binakhliñw wajaʻalnaa baynahumaa zarʻaa.
තවද මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව නුඹ ඔවුනට ගෙන හැර පානු. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට අපි මිදිවලින් යුත් උයන් දෙකක් ඇති කළෙමු. ඒ දෙක ඉඳි ගස්වලින් වට කළෙමු. තවද අපි ඒ දෙක අතර කෙත් යායක් ඇති කළෙමු.
Verse 18:33
كِلْتَا الْجَنَّتَیْنِ اٰتَتْ اُكُلَهَا وَلَمْ تَظْلِمْ مِّنْهُ شَیْـًٔا ۙ وَّفَجَّرْنَا خِلٰلَهُمَا نَهَرًا ۟ۙ
Kiltal jannatayni ʹaatat ʹukulahaa wa-lam taz̤̣lim minhu shayʹañw wafajjarnaa khi-laalahumaa naharaa,
එම වතු දෙක එහි ඵලදාව දුන්නේ ය. ඉන් කිසිවකින් අඩුවක් නො කළේ ය. තවද ඒ දෙක අතර ගංගාවක් අපි ඇති කළෙමු.
Verse 18:34
وَّكَانَ لَهٗ ثَمَرٌ ۚ فَقَالَ لِصَاحِبِهٖ وَهُوَ یُحَاوِرُهٗۤ اَنَا اَكْثَرُ مِنْكَ مَالًا وَّاَعَزُّ نَفَرًا ۟
Wa-kaana lahoo s̤amar: faq̣aala liṣaaḥibihee wa-huwa yuḥaawiruhooo ʹana ʹaks̤aru miñka maalañw waʹaʻazzu nafaraa.
තවද ඔහුට (මනා) ඵලදාවක් විය. එවිට ඔහු ඔහුගේ මිතුරා සමඟ සාකච්ඡාවේ යෙදිමින් ‘මම නුඹට වඩා ධනයෙන් අධික කෙනෙකි. තවද පුද්ගල වශයෙන් ද අතිගෞරවනීය කෙනෙකි’ යැයි පවසා සිටියේ ය.
Verse 18:35
وَدَخَلَ جَنَّتَهٗ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهٖ ۚ قَالَ مَاۤ اَظُنُّ اَنْ تَبِیْدَ هٰذِهٖۤ اَبَدًا ۟ۙ
Wa-dakhala jannatahoo wa-huwa z̤̣aalimul linafsih: q̣aala maaa ʹaz̤̣unnu ʹañ tabeeda haaẓiheee ʹabadaa.
තවද ඔහු තමන්ට ම අපරාධ කර ගත්තෙකු ලෙසින් ඔහුගේ උයනට පිවිසී ය. ‘මෙය කිසිවිටෙක විනාශ වන්නක් බව මම නො සිතමි යැයි ඔහු පැවසී ය.
Verse 18:36
وَّمَاۤ اَظُنُّ السَّاعَةَ قَآىِٕمَةً ۙ وَّلَىِٕنْ رُّدِدْتُّ اِلٰی رَبِّیْ لَاَجِدَنَّ خَیْرًا مِّنْهَا مُنْقَلَبًا ۟ۚ
Wa-maaa ʹaz̤̣unnus saaʻata q̣aaaʹimatañw walaʹir rudittu ʹilaa Rabbee laʹajidanna khayram minhaa muñq̣alabaa.
අවසන් හෝරාව සිදු වන්නක් බව ද මම නො සිතමි. මාගේ පරමාධිපති වෙත මම නැවත යොමු කරනු ලැබුව ද (එසේ) හැරී යන ස්ථානයේ මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ මම ලබන්නෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
Verse 18:37
قَالَ لَهٗ صَاحِبُهٗ وَهُوَ یُحَاوِرُهٗۤ اَكَفَرْتَ بِالَّذِیْ خَلَقَكَ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُّطْفَةٍ ثُمَّ سَوّٰىكَ رَجُلًا ۟ؕ
Q̣aala lahoo ṣaaḥibuhoo wa-huwa yuḥaawiruhooo ʹakafarta billaẓee khalaq̣aka miñ turaabiñ s̤umma min nuṭfatiñ s̤umma sawwaaka rajulaa?
ඔහුගේ මිතුරා ඔහු සමඟ සාකච්ඡාවේ යෙදෙමින් ‘නුඹව පසින් ද පසුව ශුක්‍රාණුවෙන් ද මවා මිනිසෙකු ලෙසින් නුඹව සැකසූ අයට නුඹ ගුණමකු වන්නෙහි ද?’ යැයි විමසා සිටියේ ය.
Verse 18:38
لٰكِنَّاۡ هُوَ اللّٰهُ رَبِّیْ وَلَاۤ اُشْرِكُ بِرَبِّیْۤ اَحَدًا ۟
Laakinna Huwal laahu Rabbee wa-laaa ʹushriku bi-Rabbeee ʹaḥadaa.
එනමුත් මාගේ පරමාධිපති අල්ලාහ් වන ඔහු ය. තවද මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නො කරමි.
Verse 18:39
وَلَوْلَاۤ اِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَآءَ اللّٰهُ ۙ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ ۚ اِنْ تَرَنِ اَنَا اَقَلَّ مِنْكَ مَالًا وَّوَلَدًا ۟ۚ
Wa-lawlaaa ʹiẓ dakhalta jannataka q̣ulta maa- shaaaʹal laahu Laa- q̣uwwata ʹillaa billaah! ʹIñ tarani ʹana ʹaq̣alla miñka maalañw wawaladaa.
නුඹ නුඹේ උයනට පිවිසුණු විට මාෂා අල්ලාහු ලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අභිමත කරන අයුරිනි. අල්ලාහ්ගෙන් තොරව කිසිදු ශක්තියක් නොමැත) යැයි පැවසිය යුතු නො වේ ද? ධනයෙන් හා දරුවන්ගෙන් නුඹට වඩා අඩු කෙනෙකු ලෙස නුඹ මා දුටුවද!
Verse 18:40
فَعَسٰی رَبِّیْۤ اَنْ یُّؤْتِیَنِ خَیْرًا مِّنْ جَنَّتِكَ وَیُرْسِلَ عَلَیْهَا حُسْبَانًا مِّنَ السَّمَآءِ فَتُصْبِحَ صَعِیْدًا زَلَقًا ۟ۙ
Faʻasaa Rabbeee ʹañy yuʹtiyani khayram miñ jannatika wa-yursila ʻalayhaa ḥusbaanam minas samaaaʹi fatuṣbiḥa ṣaʻeedañ zalaq̣aa!―
මාගේ පරමාධිපති නුඹේ උයනට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මා වෙත පිරිනමා ඒ (නුඹගේ උයන) වෙත ගින්නක් එවන්නට පුළුවන. එවිට එය නිසරු තැනිතලාවක් බවට පත් වනු ඇත.
Verse 18:41
اَوْ یُصْبِحَ مَآؤُهَا غَوْرًا فَلَنْ تَسْتَطِیْعَ لَهٗ طَلَبًا ۟
ʹAw yuṣbiḥa maaaʹuhaa g̣awrañ falañ tastaṭeeʻa lahoo ṭalabaa.
එසේ නැතහොත් එහි ජලය සිඳී යන්නක් බවට පත් කරනු ඇත. එවිට එය සෙවීමට නුඹ කිසිවිටෙක හැකියාව නො දරනු ඇත.
Verse 18:42
وَاُحِیْطَ بِثَمَرِهٖ فَاَصْبَحَ یُقَلِّبُ كَفَّیْهِ عَلٰی مَاۤ اَنْفَقَ فِیْهَا وَهِیَ خَاوِیَةٌ عَلٰی عُرُوْشِهَا وَیَقُوْلُ یٰلَیْتَنِیْ لَمْ اُشْرِكْ بِرَبِّیْۤ اَحَدًا ۟
Wa-ʹuḥeeṭa bis̤amarihee faʹaṣbaḥa yuq̣allibu kaffayhi ʻalaa maaa ʹañfaq̣a feehaa wa-hiya khaawiyatun ʻalaa ʻurooshihaa wa-yaq̣oolu yaalaytanee lam ʹushrik bi-Rabbeee ʹaḥadaa!
තවද ඔහුගේ පලදාව (විනාශයෙන්) වෙළා ගනු ලැබී ය. ඒ සඳහා තමන් වියදම් කර තිබිය දී එහි උඩුවියන ද ගරා වැටී තිබිය දී (ඒ ගැන කනස්සල්ලට පත් ව) තම දෙඅත් පෙරළමින් ‘අහෝ මාගේ විනාශය! මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නො කර සිටියේ නම්’ යැයි පවසන්නෙකු බවට පත් විය.
Verse 18:43
وَلَمْ تَكُنْ لَّهٗ فِئَةٌ یَّنْصُرُوْنَهٗ مِنْ دُوْنِ اللّٰهِ وَمَا كَانَ مُنْتَصِرًا ۟ؕ
Wa-lam takul lahoo fiʹatuñy yañṣuroonahoo miñ doonil laahi wa-maa kaana muñtaṣiraa.
තවද අල්ලාහ්ගෙන් තොරව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නො වීය. තවද ඔහු ඔහුට ම උදව් කර ගන්නකු ද නො වීය.
Verse 18:44
هُنَالِكَ الْوَلَایَةُ لِلّٰهِ الْحَقِّ ؕ هُوَ خَیْرٌ ثَوَابًا وَّخَیْرٌ عُقْبًا ۟۠
Hunaalikal walaayatu lillaahil Ḥaq̣q̣. Huwa Khayrun s̤awaabañw wa-Khayruñ ʻuq̣baa.
මෙහි පාලන බලය සත්‍යය වූ අල්ලාහ් සතු ය. ඔහු කුසල් පිරිනැමීමෙන් අතිශ්රේෂ්ඨ ය. එමෙන් ම අවසානයෙන් ද අති ශ්‍රේෂ්ඨ ය.
Verse 18:45
وَاضْرِبْ لَهُمْ مَّثَلَ الْحَیٰوةِ الدُّنْیَا كَمَآءٍ اَنْزَلْنٰهُ مِنَ السَّمَآءِ فَاخْتَلَطَ بِهٖ نَبَاتُ الْاَرْضِ فَاَصْبَحَ هَشِیْمًا تَذْرُوْهُ الرِّیٰحُ ؕ وَكَانَ اللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ مُّقْتَدِرًا ۟
Waḍrib lahum mas̤alal ḥayaatid dunyaa kamaaaʹin ʹañzalnaahu minas samaaaʹi fakhtalaṭa bihee nabaatul ʹarḍi faʹaṣbaḥa hasheemañ taẓroohur riyaaḥ: wa-kaanal laahu ʻalaa kulli shayʹim Muq̣tadiraa.
තවද මෙලොව ජීවිතයේ උපමාව ඔවුනට නුඹ ගෙන හැර පෙන්වනු. (එය) අපි අහසින් පහළ කළා වූ ජලය මෙනි. ඒ සමඟ මහපොළොවේ පැළෑටි මුසු වෙයි. පසුව එය ඉපනැලි බවට පත්ව සුළඟ එය ගසා ගෙන යයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්න ය.
Verse 18:46
اَلْمَالُ وَالْبَنُوْنَ زِیْنَةُ الْحَیٰوةِ الدُّنْیَا ۚ وَالْبٰقِیٰتُ الصّٰلِحٰتُ خَیْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَّخَیْرٌ اَمَلًا ۟
ʹAlmaalu walbanoona zeenatul ḥayaatid dunyaa: wal-baaq̣iyaatuṣ ṣaaliḥaatu khayrun ʻiñda Rabbika s̤awaabañw wakhayrun ʹamalaa.
ධනය හා දරුවන් මෙලොව ජීවිතයේ අලංකාරයන් ය. (කවදත්) ශේෂව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස තිළිණ වශයෙන් උතුම් ය. බලාපොරොත්තු තැබීමෙන් ද උතුම්ය.
Verse 18:47
وَیَوْمَ نُسَیِّرُ الْجِبَالَ وَتَرَی الْاَرْضَ بَارِزَةً ۙ وَّحَشَرْنٰهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ اَحَدًا ۟ۚ
Wa-yawma nusayyirul jibaala wa-taral ʹarḍa baarizatañw waḥasharnaahum falam nug̣aadir minhum ʹaḥadaa.
තවද එදින අපි කඳු ගමන් කරවන්නෙමු. නුඹ මහපොළොව මුඩු එළිමහනක් ලෙස දකිනු ඇත. තවද අපි ඔවුන්ව රැස් කරන්නෙමු. එවිට ඔවුන්ගෙන් කිසිවකුව අපි අත් නො හරින්නෙමු.
Verse 18:48
وَعُرِضُوْا عَلٰی رَبِّكَ صَفًّا ؕ لَقَدْ جِئْتُمُوْنَا كَمَا خَلَقْنٰكُمْ اَوَّلَ مَرَّةٍؗ بَلْ زَعَمْتُمْ اَلَّنْ نَّجْعَلَ لَكُمْ مَّوْعِدًا ۟
Wa-ʻuriḍoo ʻalaa Rabbika ṣaffaa. Laq̣ad jiʹtumoonaa kamaa khalaq̣naakum ʹawwala marratim bal zaʻamtum ʹallan najʻala lakum mawʻidaa:
තවද ඔවුහු නුඹගේ පරමාධිපති වෙත පෙළට ඉදිරිපත් කරනු ලබති. සැබැවින් ම අපි නුඹලාව මුල් වරට මැව්වාක් මෙන් ම නුඹලා අප වෙත පැමිණ ඇත. එහෙත් ‘නුඹලාට (නැවත නැගිටුවනු ලැබීමේ) ප්‍රතිඥාව අපි කිසි දිනක ඇති නො කරනු ඇතැයි නුඹලා සිතුවෙහු ය.
Verse 18:49
وَوُضِعَ الْكِتٰبُ فَتَرَی الْمُجْرِمِیْنَ مُشْفِقِیْنَ مِمَّا فِیْهِ وَیَقُوْلُوْنَ یٰوَیْلَتَنَا مَالِ هٰذَا الْكِتٰبِ لَا یُغَادِرُ صَغِیْرَةً وَّلَا كَبِیْرَةً اِلَّاۤ اَحْصٰىهَا ۚ وَوَجَدُوْا مَا عَمِلُوْا حَاضِرًا ؕ وَلَا یَظْلِمُ رَبُّكَ اَحَدًا ۟۠
Wa-wuḍiʻal Kitaabu fataral mujrimeena mushfiq̣eena mimmaa feehi wa-yaq̣ooloona yaa-waylatanaa maa lihaaẓal kitaabi laa- yug̣aadiru ṣag̣eeratañw walaa kabeeratan ʹillaaa ʹaḥṣaahaa! Wawajadoo maa- ʻamiloo ḥaaḍiraa: walaa yaz̤̣limu Rabbuka ʹaḥadaa.
තවද වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු ‘අහෝ අපගේ විනාශය! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස කිසිවක් අත්හැර නැත. තවද ඔවුන් සිදු කළ දේ (තමන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නො කරයි.
Verse 18:50
وَاِذْ قُلْنَا لِلْمَلٰٓىِٕكَةِ اسْجُدُوْا لِاٰدَمَ فَسَجَدُوْۤا اِلَّاۤ اِبْلِیْسَ ؕ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ اَمْرِ رَبِّهٖ ؕ اَفَتَتَّخِذُوْنَهٗ وَذُرِّیَّتَهٗۤ اَوْلِیَآءَ مِنْ دُوْنِیْ وَهُمْ لَكُمْ عَدُوٌّ ؕ بِئْسَ لِلظّٰلِمِیْنَ بَدَلًا ۟
Wa-ʹiẓ q̣ulnaa lil-malaaaʹikatis judoo liʹAadama fasajadooo ʹillaaa ʹIblees. Kaana minal Jinni fafasaq̣a ʻan ʹAmri Rabbih. ʹAfatattakhiẓoonahoo waẓurriyyatahooo ʹawliyaaaʹa miñ doonee wa-hum lakum ʻaduww! Biʹsa liz̤̣z̤̣aalimeena badalaa!
"නුඹලා ආදම්ට සුජූද් (ආචාර) කරනු" යැයි මලක්වරුන්ට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙස්සන්) සුජූද් (ආචාර) කළෝ ය. ඔහු ජින් වර්ගයාගෙන් විය. ඔහු ඔහුගේ පරමාධිපතිගේ අණට අකීකරු විය. එහෙයින් නුඹලා මා හැර දමා ඔහු හා ඔහුගේ පරපුර භාරකරුවන් ලෙස ගන්නෙහු ද? තවද ඔවුහු නුඹලාට සතුරු ය. (අල්ලාහ්) වෙනුවට (වෙනත් ආරක්ෂකයින්) ගැනීම අපරාධකරුවන්ට නපුරු විය.
Verse 18:51
مَاۤ اَشْهَدْتُّهُمْ خَلْقَ السَّمٰوٰتِ وَالْاَرْضِ وَلَا خَلْقَ اَنْفُسِهِمْ ۪ وَمَا كُنْتُ مُتَّخِذَ الْمُضِلِّیْنَ عَضُدًا ۟
Maaa ʹash-hattuhum khalq̣as samaawaati wal-ʹarḍi wa-laa khalq̣a ʹañfusihim: wa-maa kuñtu muttakhiẓal muḍilleena ʻaḍudaa!
අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලාව මැවීමට හෝ මා ඔවුන්ව සහභාගි කරවා ගත්තේ නැත. එමෙන් ම මම උදව්කරුවන් වශයෙන් නොමග යවනවුන් ගන්නෙකු ද නො වූයෙමි.
Verse 18:52
وَیَوْمَ یَقُوْلُ نَادُوْا شُرَكَآءِیَ الَّذِیْنَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ یَسْتَجِیْبُوْا لَهُمْ وَجَعَلْنَا بَیْنَهُمْ مَّوْبِقًا ۟
Wa-Yawma yaq̣oolu naadoo shurakaaaʹi yal-laẓeena zaʻamtum fadaʻawhum falam yastajeeboo lahum wa-jaʻalnaa baynahum maw-biq̣aa.
තවද එදින ‘නුඹලා උකල්පනය කරමින් මට ආදේශ කළවුන්ව නුඹලා කැඳවනු’ යැයි ඔහු පවසයි. එවිට ඔවුහු ඔවුන්ව කැඳවති. එහෙත් ඔවුහු ඔවුනට ප්‍රතිචාර නො දක්වති. ඔවුන් අතර විනාශකාරී ස්ථානයක් අපි ඇති කළෙමු.
Verse 18:53
وَرَاَ الْمُجْرِمُوْنَ النَّارَ فَظَنُّوْۤا اَنَّهُمْ مُّوَاقِعُوْهَا وَلَمْ یَجِدُوْا عَنْهَا مَصْرِفًا ۟۠
Wa-ra ʹal-mujrimoonan Naara faz̤̣annooo ʹannahum muwaaq̣iʻoohaa wa-lam yajidoo ʻanhaa maṣrifaa.
තවද වැරදිකරුවන් (නිරා) ගින්න දකිනු ඇත. එවිට නියත වශයෙන් ම තමන් එහි වැටෙන්නන් බව දැන ඔවුහු වටහා ගනිති. තවද ඉන් හැරීමක් ඔවුහු නො දකිනු ඇත.
Verse 18:54
وَلَقَدْ صَرَّفْنَا فِیْ هٰذَا الْقُرْاٰنِ لِلنَّاسِ مِنْ كُلِّ مَثَلٍ ؕ وَكَانَ الْاِنْسَانُ اَكْثَرَ شَیْءٍ جَدَلًا ۟
Wa-laq̣ad ṣarrafnaa fee haaẓal Q̣urʹaani linnaasi miñ kulli mas̤al: wa-kaanal ʹIñsaanu ʹaks̤ara shayʹiñ jadalaa.
තවද සැබැවින් ම අපි ජනයාට මෙම අල්-කුර්ආනයේ සෑම උපමාවකින් ම විස්තර කර ඇත්තෙමු. තවද මිනිසා බොහෝ දෑ ගැන විවාදශීලී විය.
Verse 18:55
وَمَا مَنَعَ النَّاسَ اَنْ یُّؤْمِنُوْۤا اِذْ جَآءَهُمُ الْهُدٰی وَیَسْتَغْفِرُوْا رَبَّهُمْ اِلَّاۤ اَنْ تَاْتِیَهُمْ سُنَّةُ الْاَوَّلِیْنَ اَوْ یَاْتِیَهُمُ الْعَذَابُ قُبُلًا ۟
Wa-maa manaʻan naasa ʹañy yuʹminooo ʹiẓ jaaaʹahumul Hudaa wa-yastag̣firoo Rabbahum ʹillaaa ʹañ taʹtiyahum sunnatul ʹawwaleena ʹaw yaʹtiyahumul ʻAẓaabu q̣ubulaa?
තවද මුතුන්මිත්තන්හට අත් වූ ඉරණම තමන් වෙත නො පැමිණීම හා (ඔවුන්) ඉදිරියේදීම දඬුවම ඔවුන් වෙත නො පැමිණීම මිස ජනයා වෙත යහමග පැමිණි විට ඔවුන් විශ්වාස කිරීමට හා ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටීමට වෙනත් කිසිවක් ඔවුන්ව වැළැක්වූයේ නැත.
Verse 18:56
وَمَا نُرْسِلُ الْمُرْسَلِیْنَ اِلَّا مُبَشِّرِیْنَ وَمُنْذِرِیْنَ ۚ وَیُجَادِلُ الَّذِیْنَ كَفَرُوْا بِالْبَاطِلِ لِیُدْحِضُوْا بِهِ الْحَقَّ وَاتَّخَذُوْۤا اٰیٰتِیْ وَمَاۤ اُنْذِرُوْا هُزُوًا ۟
Wa-maa nursilul mursaleena ʹillaa mubashshireena wa-muñẓireen: wa-yujaadilul laẓeena kafaroo bilbaaṭili liyudḥiḍoo bihil Ḥaq̣q̣: wattakhaẓooo ʹAayaatee wa-maaa ʹuñẓiroo huzuwaa!
තවද ධර්ම දූතරවරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙසින් මිස අපි නො එව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් එමඟින් සත්‍යය විනාශ කිරීම පිණිස අසත්‍ය දැයින් තර්ක කරති. තවද ඔවුහු මාගේ සංඥාවන් හා අවවාද කරනු ලැබූ දෑ උපහාසයට ගත්තෝ ය.
Verse 18:57
وَمَنْ اَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِاٰیٰتِ رَبِّهٖ فَاَعْرَضَ عَنْهَا وَنَسِیَ مَا قَدَّمَتْ یَدٰهُ ؕ اِنَّا جَعَلْنَا عَلٰی قُلُوْبِهِمْ اَكِنَّةً اَنْ یَّفْقَهُوْهُ وَفِیْۤ اٰذَانِهِمْ وَقْرًا ؕ وَاِنْ تَدْعُهُمْ اِلَی الْهُدٰی فَلَنْ یَّهْتَدُوْۤا اِذًا اَبَدًا ۟
Wa-man ʹaz̤̣lamu mimmañ ẓukkira biʹAayaati Rabbihee faʹaʻraḍa ʻanhaa Wanasiya maa- q̣addamat yadaah? ʹInnaa jaʻalnaa ʻalaa q̣uloobihim ʹakinnatan ʹañy yafq̣ahoohu wa-feee ʹaaẓaanihim waq̣raa. Wa-ʹiñ tadʻuhum ʹilal Hudaa falañy yahtadooo ʹiẓan ʹabadaa.
තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, ඉන් පසුව එය නො සලකා හැර තම දෑත් ඉදිරිපත් කළ දෑ අමතක කර දැමූ අයට වඩා මහා අපරාධකරු කවුරු ද? එය ඔවුහු අවබෝධ කර ගැනීමට (නොහැකි වන සේ) සැබැවින් ම අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයන් ද ඔවුන්ගේ සවන්වලට බිහිරිභාවය ද ඇති කළෙමු. තවද යහ මග වෙත නුඹ ඔවුන් ඇරයුම් කළ ද ඔවුහු කිසිවිටෙක යහ මග නො ලබන්නෝම ය.
Verse 18:58
وَرَبُّكَ الْغَفُوْرُ ذُو الرَّحْمَةِ ؕ لَوْ یُؤَاخِذُهُمْ بِمَا كَسَبُوْا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ ؕ بَلْ لَّهُمْ مَّوْعِدٌ لَّنْ یَّجِدُوْا مِنْ دُوْنِهٖ مَوْىِٕلًا ۟
Wa-Rabbukal G̣afooru Ẓur Raḥmah. Law yuʹaakhiẓuhum̃ bimaa kasaboo laʻajjala lahumul ʻaẓaab: bal lahum mawʻidul lañy yajidoo miñ doonihee mawʹilaa.
තවද නුඹගේ පරමාධිපති අතික්ෂමාශීලී ය. කරුණා ගුණයෙන් යුක්ත ය. ඔවුහු ඉපැයූ දෑ හේතුකොට ගෙන ඔහු ඔවුන්ව ග්‍රහණය කරන්නේ නම් ඔවුනට දඬුවම ඔහු ඉක්මන් කරනු ඇත. එහෙත් ඔවුනට නියමිත කාලයක් ඇත. ඔහුගෙන් තොරව බේරී යාමක් ඔවුහු නො දකින්නෝම ය.
Verse 18:59
وَتِلْكَ الْقُرٰۤی اَهْلَكْنٰهُمْ لَمَّا ظَلَمُوْا وَجَعَلْنَا لِمَهْلِكِهِمْ مَّوْعِدًا ۟۠
Wa-tilkal q̣uraaa ʹahlaknaahum lammaa z̤̣alamoo wa-jaʻalnaa limahlikihim mawʻidaa.
තවද එම ගම්වාසීහු, ඔවුන් අපරාධ කළ කල්හි අපි ඔවුන්ව විනාශ කළෙමු. තවද අපි ඔවුන්ගේ විනාශයට නියමිත කාල අවකාශයක් ඇති කළෙමු.
Verse 18:60
وَاِذْ قَالَ مُوْسٰی لِفَتٰىهُ لَاۤ اَبْرَحُ حَتّٰۤی اَبْلُغَ مَجْمَعَ الْبَحْرَیْنِ اَوْ اَمْضِیَ حُقُبًا ۟
Wa-ʹiẓ q̣aala Moosaa lifataahu laaa ʹabraḥu ḥattaaa ʹablug̣a majmaʻal baḥrayni ʹaw ʹamḍiya ḥuq̣ubaa.
තවද මුහුදු දෙක එක් වන තැනට මම ළඟා වන තෙක් හෝ දිගු කාලයක් මම ගත කරන තෙක් හෝ මම ගමන නො නවත්වමි යැයි තම (සේවක) කොලුවාට මූසා පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
Verse 18:61
فَلَمَّا بَلَغَا مَجْمَعَ بَیْنِهِمَا نَسِیَا حُوْتَهُمَا فَاتَّخَذَ سَبِیْلَهٗ فِی الْبَحْرِ سَرَبًا ۟
Falammaa balag̣aa majmaʻa baynihimaa nasiyaa ḥootahumaa fattakhaẓa sabeelahoo fil baḥri sarabaa.
ඒ (මුහුදු) දෙක අතර එක් වන තැනට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක විය. ඌ උගේ මාර්ගය මුහුදෙහි උමගක් ලෙසින් ගත්තේ ය.
Verse 18:62
فَلَمَّا جَاوَزَا قَالَ لِفَتٰىهُ اٰتِنَا غَدَآءَنَا ؗ لَقَدْ لَقِیْنَا مِنْ سَفَرِنَا هٰذَا نَصَبًا ۟
Falammaa jaawazaa q̣aala lifataahu ʹaatinaa g̣adaaaʹanaa laq̣ad laq̣eenaa miñ safarinaa haaẓaa naṣabaa.
පසුව ඔවුන් දෙදෙනා තරණය කළ කල්හි ඔහු ඔහුගේ (සේවක) කොලුවාට ‘අපගේ ආහාරය අප වෙත ගෙන එන්න. අපි අපගේ ගමනින් වෙහෙසට පත්ව ඇත්තෙමු’ යැයි පැවසී ය.
Verse 18:63
قَالَ اَرَءَیْتَ اِذْ اَوَیْنَاۤ اِلَی الصَّخْرَةِ فَاِنِّیْ نَسِیْتُ الْحُوْتَ ؗ وَمَاۤ اَنْسٰىنِیْهُ اِلَّا الشَّیْطٰنُ اَنْ اَذْكُرَهٗ ۚ وَاتَّخَذَ سَبِیْلَهٗ فِی الْبَحْرِ ۖۗ عَجَبًا ۟
Q̣aala ʹaraʹayta ʹiẓ ʹawaynaaa ʹilaṣ ṣakhrati faʹinnee naseetul ḥoot? wa-maaa ʹañsaaneehu ʹillash Shayṭaanu ʹan ʹaẓkurah: wattakhaẓa sabeelahoo fil baḥri ʻajabaa!
එම ගල්පර්වතය වෙත (ගොස්) අපි ගිමන් නිවා ගත් අවස්ථාව ඔබට මතක ද? එවිට සැබැවින් ම මත්සයා පිළිබඳ (දැනුම් දීමට) මට අමතක විය? එය මා සිහි කිරීමට මාහට එය අමතක කළේ ෂෙයිතාන් හැර වෙනත් කිසිවකු නො වේ. මුහුදේ ඌ උගේ ගමන් මග පුදුමාකාර අයුරින් ගත්තේය යැයි ඔහු පැවසී ය.
Verse 18:64
قَالَ ذٰلِكَ مَا كُنَّا نَبْغِ ۖۗ فَارْتَدَّا عَلٰۤی اٰثَارِهِمَا قَصَصًا ۟ۙ
Q̣aala ẓaalika maa- kunnaa nabg̣i fartaddaa ʻalaaa ʹaas̤aarihimaa q̣aṣaṣaa.
අපි සොයමින් සිටි ස්ථානය එය වේ යැයි ඔහු පැවසී ය. පසුව ඔවුන් දෙදෙනා (කතා කරමින්) ඔවුන් දෙදෙනාගේ සලකුණු හඹා නැවත හැරී ගියෝ ය.
Verse 18:65
فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَاۤ اٰتَیْنٰهُ رَحْمَةً مِّنْ عِنْدِنَا وَعَلَّمْنٰهُ مِنْ لَّدُنَّا عِلْمًا ۟
Fawajadaa ʻAbdam min ʻibaadinaaa ʹaataynaahu Raḥmatam min ʻiñdinaa wa-ʻallamnaahu mil ladunna ʻIlmaa.
එවිට ඔවුන් දෙදෙනා ම අපගේ ගැත්තන් අතරින් එක් ගැත්තෙකුව මුණ ගැසුණෝ ය. අපි ඔහුට අප වෙතින් වූ ආශිර්වාදය ලබා දුනිමු. තවද අප වෙතින් වූ ඥානය ද අපි ඔහුට ඉගැන්වූයෙමු.
Verse 18:66
قَالَ لَهٗ مُوْسٰی هَلْ اَتَّبِعُكَ عَلٰۤی اَنْ تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا ۟
Q̣aala lahoo Moosaa hal ʹattabiʻuka ʻalaaa ʹañ tuʻallimani mimmaa ʻullimta rushdaa?
යහ මඟින් ඔබට උගන්වනු ලැබූ දැයින් ඔබ මට ඉගැන්වීම සඳහා මම ඔබව අනුගමනය කරන්න දැ? යි මූසා ඔහුගෙන් විමසුවේ ය.
Verse 18:67
قَالَ اِنَّكَ لَنْ تَسْتَطِیْعَ مَعِیَ صَبْرًا ۟
Q̣aala ʹinnaka lañ tastaṭeeʻa maʻiya ṣabraa!
නියත වශයෙන් ම මා සමඟින් ඉවසා සිටීමට ඔබ හැකියාව නො දරන්නෙහිම යැයි ඔහු පැවසුවේ ය.
Verse 18:68
وَكَیْفَ تَصْبِرُ عَلٰی مَا لَمْ تُحِطْ بِهٖ خُبْرًا ۟
Wa-kayfa taṣbiru ʻalaa maa- lam tuḥiṭ bihee khubraa?
තවද තොරතුරු වශයෙන් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුම නොමැත්තේද එවන් දෙයක් මත නුඹ ඉවසා සිටිනුයේ කෙසේ ද?
Verse 18:69
قَالَ سَتَجِدُنِیْۤ اِنْ شَآءَ اللّٰهُ صَابِرًا وَّلَاۤ اَعْصِیْ لَكَ اَمْرًا ۟
Q̣aala satajiduneee ʹiñ shaaa ʹallaahu ṣaabirañw walaaa ʹaʻṣee laka ʹamraa.
අල්ලාහ් අභිමත කළේ නම් ඔබ මා ඉවසිලිවන්තයකු ලෙස දැක ගනු ඇත. තවද කිසිදු අණකට මම නුඹට පිටු නො පාමි යැයි ඔහු පැවසුවේ ය.
Verse 18:70
قَالَ فَاِنِ اتَّبَعْتَنِیْ فَلَا تَسْـَٔلْنِیْ عَنْ شَیْءٍ حَتّٰۤی اُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا ۟۠
Q̣aala faʹinit tabaʻtanee falaa tasʻalnee ʻañ shayʹin ḥattaaa ʹuḥdis̤a laka minhu ẓikraa.
එසේ නුඹ මා අනුගමනය කරන්නෙහි නම් කිසිවක් පිළිබඳ මම නුඹට මෙනෙහි කර පවසන තෙක් නුඹ ඒ ගැන මගෙන් විමසිය නො යුතු යැයි ඔහු පැවසුවේ ය.
Verse 18:71
فَانْطَلَقَا ۥ حَتّٰۤی اِذَا رَكِبَا فِی السَّفِیْنَةِ خَرَقَهَا ؕ قَالَ اَخَرَقْتَهَا لِتُغْرِقَ اَهْلَهَا ۚ لَقَدْ جِئْتَ شَیْـًٔا اِمْرًا ۟
Fañṭalaq̣aa: ḥattaaa ʹiẓaa rakibaa fis safeenati kharaq̣ahaa. Q̣aala ʹakharaq̣tahaa litug̣riq̣a ʹahlahaa? Laq̣ad jiʹta shayʹan ʹimraa!
පසුව නැවේ ගොඩ වී ගමන් ගන්නා තෙක් ඔවුන් දෙදෙනා ගමන් ගත්හ. ඔහු එය සිදුරු කළේ ය. එහි වූ වැසියන් ඔබ ගිල්වනු පිණිස ඔබ එය සිදු රු කළෙහි ද? සැබැවින් ම ඔබ මහත් වූ කරුණක් කර ඇත්තෙහිය යැයි ඔහු (මූසා) පැවසුවේ ය.
Verse 18:72
قَالَ اَلَمْ اَقُلْ اِنَّكَ لَنْ تَسْتَطِیْعَ مَعِیَ صَبْرًا ۟
Q̣aala ʹalam ʹaq̣ul ʹinnaka lañ tasṭateeʻa maʻiya ṣabraa?
නියත වශයෙන් ම ඔබ මා සමඟ ඉවසා දරා ගැනීමට හැකියාව නො දරන්නෙහි මය යැයි මම නො කීවෙමි දැ? යි ඔහු විමසී ය.
Verse 18:73
قَالَ لَا تُؤَاخِذْنِیْ بِمَا نَسِیْتُ وَلَا تُرْهِقْنِیْ مِنْ اَمْرِیْ عُسْرًا ۟
Q̣aala laa- tuʹaakhiẓnee bimaa naseetu wa-laa turhiq̣nee min ʹamree ʻusraa.
මා අමතක කළ දෑ හේතුවෙන් ඔබ මා වරදට නො ගනු. තවද මාගේ විෂය සම්බන්ධයෙන් ඔබ මා අපහසුතාවට ලක් නො කරනු යැයි ඔහු (මූසා) පැවසුවේ ය.
Verse 18:74
فَانْطَلَقَا ۥ حَتّٰۤی اِذَا لَقِیَا غُلٰمًا فَقَتَلَهٗ ۙ قَالَ اَقَتَلْتَ نَفْسًا زَكِیَّةً بِغَیْرِ نَفْسٍ ؕ لَقَدْ جِئْتَ شَیْـًٔا نُّكْرًا ۟
Fañṭalaq̣aa: ḥattaaa ʹiẓaa laq̣iyaa g̣ulaamañ faq̣atalahoo q̣aala ʹaq̣atalta nafsañ zakiyyatam big̣ayri nafs? Laq̣ad jiʹta shayʹan nukraa!
පසුව දෙදෙනා ම දරුවකු මුණ ගැසෙන තෙක් ගමන් ගත්හ. එවිට ඔහු ඔහුව මරා දැමුවේ ය. (එවිට මූසා) කිසිදු ප්‍රාණ අයිතියකින් තොරව පිවිතුරු ආත්මයක් ඔබ මරා දැමුවෙහි ද? ඔබ පිළිකුල් සහගත කරුණක් කර ඇත්තෙහිය යැයි පැවසුවේ ය.
Verse 18:75
قَالَ اَلَمْ اَقُلْ لَّكَ اِنَّكَ لَنْ تَسْتَطِیْعَ مَعِیَ صَبْرًا ۟
Q̣aala ʹalam ʹaq̣ul laka ʹinnaka lañ tastaṭeeʻa maʻiya ṣabraa?
නියත වශයෙන් ම ඔබ මා සමඟ ඉවසා දරා ගැනීමට හැකියාව නො දරන්නෙහි මය යැයි මම ඔබට නො කීවෙමි දැ? යිඔහු විමසී ය.
Verse 18:76
قَالَ اِنْ سَاَلْتُكَ عَنْ شَیْءٍ بَعْدَهَا فَلَا تُصٰحِبْنِیْ ۚ قَدْ بَلَغْتَ مِنْ لَّدُنِّیْ عُذْرًا ۟
Q̣aala ʹiñ saʹaltuka ʻañ shayʹim baʻdahaa falaa tuṣaaḥibnee: q̣ad balag̣ta mil ladunnee ʻuẓraa.
මින් පසුව මම යමක් පිළිබඳව ඔබෙන් විමසා සිටියේ නම් ඔබ මා සඟයෙකු ලෙස නො ගනු. සැබැවින් ම ඔබ මා වෙතින් (ඇති තරම්) නිදහසට කරුණු ලබා ඇතිතෙහිය යැයි ඔහු පැවසී ය.
Verse 18:77
فَانْطَلَقَا ۥ حَتّٰۤی اِذَاۤ اَتَیَاۤ اَهْلَ قَرْیَةِ سْتَطْعَمَاۤ اَهْلَهَا فَاَبَوْا اَنْ یُّضَیِّفُوْهُمَا فَوَجَدَا فِیْهَا جِدَارًا یُّرِیْدُ اَنْ یَّنْقَضَّ فَاَقَامَهٗ ؕ قَالَ لَوْ شِئْتَ لَتَّخَذْتَ عَلَیْهِ اَجْرًا ۟
Fañṭalaq̣aa: Ḥattaaa ʹiẓaaa ʹatayaaa ʹahla q̣aryatinis taṭʻamaaa ʹahlahaa faʹabaw ʹañy yuḍayyifoohumaa fawajadaa feehaa jidaarañy yureedu ʹañy yañq̣aḍḍa faʹaq̣aamah. Q̣aala law shiʹta lattakhaẓta ʻalayhi ʹajraa.
පසුව ඔවුන් දෙදෙනා ගමක වැසියන් වෙත පැමිණෙන තෙක් ගමන් ගත්තෝ ය. එහි වැසියන්ගෙන් ඔවුන් දෙදෙනා ආහාර ඉල්ලා සිටියෝ ය. එහෙත් ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළෝ ය. එවිට ඔවුහු දෙදෙනා එහි ගරා වැටෙන්නට යන බිත්තියක් දුටුවෝ ය. එවිට ඔහු එය කෙළින් කළේ ය. (මෙය දුටු) ඔහු (මූසා) ඔබ අභිමත කළේ නම් ඒ සඳහා ඔබට කුලියක් ලබා ගන්නට තිබුණි යැයි පැවසී ය.
Verse 18:78
قَالَ هٰذَا فِرَاقُ بَیْنِیْ وَبَیْنِكَ ۚ سَاُنَبِّئُكَ بِتَاْوِیْلِ مَا لَمْ تَسْتَطِعْ عَّلَیْهِ صَبْرًا ۟
Q̣aala haaẓaa firaaq̣u baynee wa-baynik: saʹunabbiʹuka bitaʹweeli maa- lam tastaṭiʻ ʻalayhi ṣabraa.
මෙය මා අතර හා ඔබ අතර වෙන්වීම(ට ඇති කාලය) වේ. ඔබ කවර දෙයක් මත ඉවසා සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මම නුඹට දන්වමි යැයි ඔහු පැවසුවේ ය.
Verse 18:79
اَمَّا السَّفِیْنَةُ فَكَانَتْ لِمَسٰكِیْنَ یَعْمَلُوْنَ فِی الْبَحْرِ فَاَرَدْتُّ اَنْ اَعِیْبَهَا وَكَانَ وَرَآءَهُمْ مَّلِكٌ یَّاْخُذُ كُلَّ سَفِیْنَةٍ غَصْبًا ۟
ʹAmmas safeenatu fakaanat limasaakeena yaʻmaloona fil baḥri faʹarattu ʹan ʹaʻeebahaa wa-kaana wa-raaaʹahum malikuñy yaʹkhuẓu kulla safeenatin g̣aṣbaa.
එම නැව වූ කලී, එය මුහුදෙහි සේවය කරන දිළින්දන් සතු විය. එහෙයින් මම එය පළුදු කරන්නට සිතුවෙමි. (හේතුව) සෑම නැවක්ම බලහත්කාරයෙන් ගන්නා රජකු ඔවුනට පසුපසින් විය.
Verse 18:80
وَاَمَّا الْغُلٰمُ فَكَانَ اَبَوٰهُ مُؤْمِنَیْنِ فَخَشِیْنَاۤ اَنْ یُّرْهِقَهُمَا طُغْیَانًا وَّكُفْرًا ۟ۚ
Wa-ʹammal g̣ulaamu fakaana ʹabawaahu Muʹminayni fakhasheenaaa ʹañy yurhiq̣ahumaa ṭug̣yaanañw wakufraa.
තවද එම දරුවා වූ කලී, ඔහුගේ දෙමාපියන් දේවත්වය විශ්වාස කරන දෙදෙනකු වූහ. සීමාව ඉක්මවා යමින් හා දේව ප්‍රතික්ෂේප භාවයෙන් ඔවුන් දෙදෙනාට ඔහු බරපතළකම් සිදු කිරීම ගැන අපි බිය වූයෙමු.
Verse 18:81
فَاَرَدْنَاۤ اَنْ یُّبْدِلَهُمَا رَبُّهُمَا خَیْرًا مِّنْهُ زَكٰوةً وَّاَقْرَبَ رُحْمًا ۟
Faʹaradnaaa ʹañy yubdilahumaa Rabbuhumaa khayram minhu zakaatañw waʹaq̣raba ruḥmaa.
එහෙයින් ඔවුන්ගේ පරමාධිපති ඔහුට වඩා ශ්‍රේෂ්ඨ පිවිතුරු භාවයෙන් යුත් සෙනෙහසින් වඩාත් සමීප වූ කෙනෙකු ඔවුන් දෙදෙනාට වෙනස් කර දෙනු ඇතැයි අපි සිතුවෙමු.
Verse 18:82
وَاَمَّا الْجِدَارُ فَكَانَ لِغُلٰمَیْنِ یَتِیْمَیْنِ فِی الْمَدِیْنَةِ وَكَانَ تَحْتَهٗ كَنْزٌ لَّهُمَا وَكَانَ اَبُوْهُمَا صَالِحًا ۚ فَاَرَادَ رَبُّكَ اَنْ یَّبْلُغَاۤ اَشُدَّهُمَا وَیَسْتَخْرِجَا كَنْزَهُمَا ۖۗ رَحْمَةً مِّنْ رَّبِّكَ ۚ وَمَا فَعَلْتُهٗ عَنْ اَمْرِیْ ؕ ذٰلِكَ تَاْوِیْلُ مَا لَمْ تَسْطِعْ عَّلَیْهِ صَبْرًا ۟ؕ۠
Wa-ʹammal jidaaru fakaana lig̣ulaamayni yateemayni fil Madeenati wa-kaana taḥtahoo kañzul lahumaa wa-kaana ʹaboohumaa ṣaaliḥaa: faʹaraada Rabbuka ʹañy yablug̣aaa ʹashuddahumaa wa-yastakhrijaa kañzahumaa raḥmatam mir Rabbik. Wa-maa faʻaltuhoo ʻan ʹamree. Ẓaalika taʹweelu maa- lam tasṭiʻ ʻalayhi ṣabraa.
තවද එම බිත්තිය වූ කලී, එය නගරයේ විසූ අනාථ දරුවන් දෙදෙනෙකුට හිමිව තිබිණි. තවද ඔවුන් දෙදෙනා සතු නිධන් වස්තුවක් ඊට යටින් විය. තවද ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියකු විය. එවිට නුඹගේ පරමාධිපතිගේ දයාවෙන් ඔවුන් දෙදෙනා වැඩිවියට පත්ව පසුව ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව ඔවුන් දෙදෙනා මතු කර ගන්නට නුඹගේ පරමාධිපති සිතුවේ ය. මාගේ තීරණයට අනුව මම මෙය සිදු නො කළෙමි. නුඹ කවර දෙයක් මත ඉවසීමෙන් සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මෙය වේ.
Verse 18:83
وَیَسْـَٔلُوْنَكَ عَنْ ذِی الْقَرْنَیْنِ ؕ قُلْ سَاَتْلُوْا عَلَیْكُمْ مِّنْهُ ذِكْرًا ۟ؕ
Wa-yasʹaloonaka ʻañ Ẓil Q̣arnayn. Q̣ul saʹatloo ʻalaykum minhu ẓikraa.
(අහෝ නබිවරය!) ඔවුහු නුඹගෙන් දුල් කර්නයින් පිළිබඳ විමසති. ඔහු පිළිබඳ සිහිපත් කරමින් නුඹලා වෙත මම මතුවට කියවා පෙන්වමි යැයි නුඹ පවසනු.
Verse 18:84
اِنَّا مَكَّنَّا لَهٗ فِی الْاَرْضِ وَاٰتَیْنٰهُ مِنْ كُلِّ شَیْءٍ سَبَبًا ۟ۙ
ʹInnaa makkannaa lahoo fil ʹarḍi wa-ʹaataynaahu miñ kulli shayʹiñ sababaa.
නියත වශයෙන් ම අපි මහපොළොවෙහි ඔහුට පහසුකම් සලසා දුනිමු. තවද සෑම දෙයකින් ම ඔහුට හේතු මාර්ග පිරිනැමුවෙමු.
Verse 18:85
فَاَتْبَعَ سَبَبًا ۟
Faʹatbaʻa sababaa.
එවිට ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
Verse 18:86
حَتّٰۤی اِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِیْ عَیْنٍ حَمِئَةٍ وَّوَجَدَ عِنْدَهَا قَوْمًا ؕ۬ قُلْنَا یٰذَا الْقَرْنَیْنِ اِمَّاۤ اَنْ تُعَذِّبَ وَاِمَّاۤ اَنْ تَتَّخِذَ فِیْهِمْ حُسْنًا ۟
Ḥattaaa ʹiẓaa balag̣a mag̣ribash shamsi wajadahaa tag̣rubu fee ʻaynin ḥamiʹatiñw wawajada ʻiñdahaa Q̣awmaa. Q̣ulnaa yaa-Ẓal Q̣arnayni ʹimmaaa ʹañ tuʻaẓẓiba wa-ʹimmaaa ʹañ tattakhiẓa feehim ḥusnaa.
හිරු අවරට යන ස්ථානයට ඔහු ළඟා වූ විට රත් වූ කළු මඩ සහිත ස්ථානයෙහි එය අවරට යනු ඔහු දුටුවේ ය. තවද ඒ අසල සිටි පිරිසක් ද ඔහු දුටුවේ ය. අහෝ දුල් කර්නයින්! නුඹ දඬුවම් කරනු. නැතහොත් ඔවුන් අතර යහපත් අයුරින් කටයුතු කරනු යැයි අපි පැවසුවෙමු.
Verse 18:87
قَالَ اَمَّا مَنْ ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهٗ ثُمَّ یُرَدُّ اِلٰی رَبِّهٖ فَیُعَذِّبُهٗ عَذَابًا نُّكْرًا ۟
Q̣aala ʹammaa mañ z̤̣alama fasawfa nuʻaẓẓibuhoo s̤umma yuraddu ʹilaa Rabbihee fayuʻaẓẓibuhoo ʻaẓaaban nukraa.
අපරාධ කළවුන් වූ කළී, අපි ඔහුට දඬුවම් කරන්නෙමු. පසුව ඔහුගේ පරමාධිපති වෙත ඔහු නැවත යොමු කරනු ලබනු ඇත. එවිට බිහිසුණු දඬුවමකින් ඔහු ඔහුට දඬුවම් කරනු ඇත යැයි ඔහු පැවසුවේ ය.
Verse 18:88
وَاَمَّا مَنْ اٰمَنَ وَعَمِلَ صَالِحًا فَلَهٗ جَزَآءَ لْحُسْنٰی ۚ وَسَنَقُوْلُ لَهٗ مِنْ اَمْرِنَا یُسْرًا ۟ؕ
Wa-ʹammaa man ʹaamana wa-ʻamila ṣaaliḥañ falahoo jazaaaʹanil ḥusnaa, wa-sanaq̣oolu lahoo min ʹamrinaa yusraa.
තවද විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී, ඔහුට යහපත් ප්‍රතිඵල සතු ය. තවද අපගේ නියෝගයෙන් පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු.
Verse 18:89
ثُمَّ اَتْبَعَ سَبَبًا ۟
S̤umma ʹatbaʻa sababaa.
පසුව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේ ය.
Verse 18:90
حَتّٰۤی اِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلٰی قَوْمٍ لَّمْ نَجْعَلْ لَّهُمْ مِّنْ دُوْنِهَا سِتْرًا ۟ۙ
Ḥattaaa ʹiẓaa balag̣a maṭliʻash shamsi wajadahaa taṭluʻu ʻalaa q̣awmil lam najʻal lahum miñ doonihaa sitraa.
හිරු උදා වන තැනට ඔහු ළඟා වූ විට අපි ඔවුනට කිසිදු ආවරණයක් ඇති නො කළ පිරිසක් වෙත එය උදා වනු ඔහු දුටුවේ ය.
Verse 18:91
كَذٰلِكَ ؕ وَقَدْ اَحَطْنَا بِمَا لَدَیْهِ خُبْرًا ۟
Kaẓaalika wa-q̣ad ʹaḥaṭnaa bimaa ladayhi khubraa.
එලෙස ය. ඔහු සතුව ඇති දෑ අපි සර්ව ප්‍රකාරයෙන් දැන සිටියෙමු.
Verse 18:92
ثُمَّ اَتْبَعَ سَبَبًا ۟
S̤umma ʹatbaʻa sababaa,
පසුව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේ ය.
Verse 18:93
حَتّٰۤی اِذَا بَلَغَ بَیْنَ السَّدَّیْنِ وَجَدَ مِنْ دُوْنِهِمَا قَوْمًا ۙ لَّا یَكَادُوْنَ یَفْقَهُوْنَ قَوْلًا ۟
Ḥattaaa ʹiẓaa balag̣a baynas saddayni wajada miñ doonihimaa q̣awmal laa yakaadoona yafq̣ahoona q̣awlaa.
ඔහු කඳු දෙක අතරට ළඟා වූ විට කිසිදු වචනයක් වටහා ගන්නට නොහැකි පිරිසක් ඒ දෙක පාමුල ඔහු දුටුවේ ය.
Verse 18:94
قَالُوْا یٰذَا الْقَرْنَیْنِ اِنَّ یَاْجُوْجَ وَمَاْجُوْجَ مُفْسِدُوْنَ فِی الْاَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلٰۤی اَنْ تَجْعَلَ بَیْنَنَا وَبَیْنَهُمْ سَدًّا ۟
Q̣aaloo yaa-Ẓal Q̣arnayni ʹinna Yaʹjooja wa-Maʹjooja mufsidoona fil ʹarḍi fahal najʻalu laka kharjan ʻalaaa ʹañ tajʻala baynanaa wa-baynahum saddaa?
අහෝ දුල් කර්නයින්! නියත වශයෙන් ම යඃජූජ් හා මඃජූජ් මහපොළොවේ කලහකාරීහු ය. එහෙයින් අප අතර හා ඔවුන් අතර ඔබ ආරක්ෂක පවුරක් ඇති කිරීම වෙනුවෙන් අපි ඔබට යම් දීමනාවක් කළ යුතු දැ? යි ඔවුහු විමසුවෝ ය.
Verse 18:95
قَالَ مَا مَكَّنِّیْ فِیْهِ رَبِّیْ خَیْرٌ فَاَعِیْنُوْنِیْ بِقُوَّةٍ اَجْعَلْ بَیْنَكُمْ وَبَیْنَهُمْ رَدْمًا ۟ۙ
Q̣aala maa- makkannee feehi Rabbee khayruñ faʹaʻeenoonee biq̣uwwatin ʹajʻal baynakum wa-baynahum radmaa:
මාගේ පරමාධිපති එහි මට පහසුකම් වශයෙන් ලබා දුන් දෑ ශ්‍රේෂ්ඨ ය. එබැවින් නුඹලා ශක්තිමත්ව මට උදව් කරනු. මම නුඹලා අතර හා ඔවුන් අතර බාධකයක් තබමි යැයි ඔහු පැවසුවේ ය.
Verse 18:96
اٰتُوْنِیْ زُبَرَ الْحَدِیْدِ ؕ حَتّٰۤی اِذَا سَاوٰی بَیْنَ الصَّدَفَیْنِ قَالَ انْفُخُوْا ؕ حَتّٰۤی اِذَا جَعَلَهٗ نَارًا ۙ قَالَ اٰتُوْنِیْۤ اُفْرِغْ عَلَیْهِ قِطْرًا ۟ؕ
ʹAatoonee zubaral ḥadeed. Ḥattaaa ʹiẓaa saawaa baynaṣ ṣadafayni q̣aalañ fukhoo: ḥattaaa ʹiẓaa jaʻalahoo naarañ q̣aala ʹaatooneee ʹufrig̣ ʻalayhi q̣iṭraa.
කදු පාමුල දෙක අතර සමාන වන තරමට නුඹලා මා වෙත ගණ යකඩ කුට්ටි ගෙන එනු. එය ගිනියම් බවට පත් වන තෙක් නුඹලා පිඹිනු යැයි ඔහු පැවසුවේ ය. ඒ මත උණු කළ තඹ, මා වක් කරනු පිණිස මා වෙත නුඹලා (එය) ගෙන එනු යැයි පැවසුවේ ය.
Verse 18:97
فَمَا اسْطَاعُوْۤا اَنْ یَّظْهَرُوْهُ وَمَا اسْتَطَاعُوْا لَهٗ نَقْبًا ۟
Famas ṭaaʻooo ʹañy yaz̤̣haroohu wa-mas taṭaaʻoo lahoo naq̣baa.
එවිට ඉන් බැහැර වන්නට (යඃජූජ් මඃජූජ් වන) ඔවුහු ශක්තිය නො දැරූහ. තවද එයට සිදුරක් කරන්නට ද ඔවුහු ශක්තිය නො දැරූහ.
Verse 18:98
قَالَ هٰذَا رَحْمَةٌ مِّنْ رَّبِّیْ ۚ فَاِذَا جَآءَ وَعْدُ رَبِّیْ جَعَلَهٗ دَكَّآءَ ۚ وَكَانَ وَعْدُ رَبِّیْ حَقًّا ۟ؕ
Q̣aala haaẓaa raḥmatum mir Rabbee: faʹiẓaa jaaaʹa waʻdu Rabbee jaʻalahoo dakkaaaʹ; wa-kaana waʻdu Rabbee ḥaq̣q̣aa.
මෙය මාගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයකි. එහෙයින් මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව පැමිණි විට ඔහු එය කැබලි බවට පත් කරයි. තවද මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සැබෑවක් විය.
Verse 18:99
وَتَرَكْنَا بَعْضَهُمْ یَوْمَىِٕذٍ یَّمُوْجُ فِیْ بَعْضٍ وَّنُفِخَ فِی الصُّوْرِ فَجَمَعْنٰهُمْ جَمْعًا ۟ۙ
Wa-taraknaa baʻḍahum Yawmaʹiẓiñy yamooju fee baʻḍiñw wanufikha fiṣ Ṣoori fajamaʻnaahum jamʻaa.
එදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු තුළ රළ මෙන් නගින්නට අපි අත හැර දමන්නෙමු. තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස් කරන්නෙමු.
Verse 18:100
وَّعَرَضْنَا جَهَنَّمَ یَوْمَىِٕذٍ لِّلْكٰفِرِیْنَ عَرْضَا ۟ۙ
Wa-ʻaraḍnaa Jahannama Yawmaʹiẓil lilkaafireena ʻarḍaa,―
එදින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නිරය ප්‍රදර්ශනයක් ලෙස අපි ප්‍රදර්ශනය කර පෙන්වන්නෙමු.
Verse 18:101
لَّذِیْنَ كَانَتْ اَعْیُنُهُمْ فِیْ غِطَآءٍ عَنْ ذِكْرِیْ وَكَانُوْا لَا یَسْتَطِیْعُوْنَ سَمْعًا ۟۠
ʹAllaẓeena kaanat ʹaʻyunuhum fee g̣iṭaaaʹin ʻañ ẓikree wakaanoo laa- yastaṭeeʻoona samʻaa.
ඔවුහු වනාහි, මා සිහිපත් කිරීමෙන් ඔවුන්ගේ ඇස් ආවරණයක් තුළ වූ අය වෙති. තවද ඔවුහු සවන් දෙන්නට නොහැකිව සිටියෝ ය.
Verse 18:102
اَفَحَسِبَ الَّذِیْنَ كَفَرُوْۤا اَنْ یَّتَّخِذُوْا عِبَادِیْ مِنْ دُوْنِیْۤ اَوْلِیَآءَ ؕ اِنَّاۤ اَعْتَدْنَا جَهَنَّمَ لِلْكٰفِرِیْنَ نُزُلًا ۟
ʹAfaḥasibal laẓeena kafarooo ʹañy yattakhiẓoo ʻibaadee miñ dooneee ʹawliyaaaʹ? ʹInnaaa ʹaʻtadnaa Jahannama lil-kaafireena nuzulaa.
මාගෙන් තොරව මාගේ ගැත්තන් තම භාරකරුවන් ලෙස ගැනීමට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් සිතුවෝ ද? නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට නවාතැනක් වශයෙන් නිරය අපි සූදානම් කළෙමු.
Verse 18:103
قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْاَخْسَرِیْنَ اَعْمَالًا ۟ؕ
Q̣ul hal nunabbiʹukum̃ bilʹakhsareena ʹaʻmaalaa?
ක්‍රියාවන්ගෙන් වඩාත් අලාභහානි කර ගත්තවුන් පිළිබඳව අපි නුඹලාට දන්වන්න දැ? යි (නබිවරය!) නුඹ විමසනු.
Verse 18:104
اَلَّذِیْنَ ضَلَّ سَعْیُهُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا وَهُمْ یَحْسَبُوْنَ اَنَّهُمْ یُحْسِنُوْنَ صُنْعًا ۟
ʹAllaẓeena ḍalla saʻyuhum fil ḥayaatid dunyaa wa-hum yaḥsaboona ʹannahm yuḥsinoona ṣunʻaa?
ඔවුන් වනාහි මෙලොව ජීවිතයේ තම පරිශ්‍රමය නාස්ති වී ගියවුන් ය. නියත වශයෙන් ම තමන් ක්‍රියාවෙන් දැහැමි දෑ කරන්නන් බව ඔවුහු සිතති.
Verse 18:105
اُولٰٓىِٕكَ الَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِ رَبِّهِمْ وَلِقَآىِٕهٖ فَحَبِطَتْ اَعْمَالُهُمْ فَلَا نُقِیْمُ لَهُمْ یَوْمَ الْقِیٰمَةِ وَزْنًا ۟
ʹUlaaaʹikal laẓeena kafaroo biʹAayaati Rabbihim wa-Liq̣aaaʹihee faḥabiṭat ʹaʻmaaluhum falaa nuq̣eemu lahum Yawmal Q̣iyaamati waznaa.
තම පරමාධිපතිගේ වදන් හා ඔහුගේ හමුව ප්‍රතික්ෂේප කළවුන් මොවුහු ම ය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල වී ගියේ ය. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (ඉන්) කිසිදු බරක වටිනාකමක් ඔවුනට නො දෙන්නෙමු.
Verse 18:106
ذٰلِكَ جَزَآؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوْا وَاتَّخَذُوْۤا اٰیٰتِیْ وَرُسُلِیْ هُزُوًا ۟
Ẓaalika jazaaaʹuhum Jahannamu bimaa kafaroo wattakhaẓooo ʹAayaatee wa-Rusulee huzuwaa.
එය, ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවින් හා මාගේ වදන් හා මාගේ රසූල්වරුන් ඔවුන් සමච්චලයට ගත් බැවින් නිරය ඔවුන්ගේ ප්‍රතිවිපාකයයි.
Verse 18:107
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ كَانَتْ لَهُمْ جَنّٰتُ الْفِرْدَوْسِ نُزُلًا ۟ۙ
ʹInnal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati kaanat lahum Jannaatul Firdawsi nuzulaa,
නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, නවාතැනක් වශයෙන් ෆිර්දවුස් නම් ස්වර්ග උයන් ඔවුනට විය.
Verse 18:108
خٰلِدِیْنَ فِیْهَا لَا یَبْغُوْنَ عَنْهَا حِوَلًا ۟
Khaalideena feehaa laa- yabg̣oona ʻanhaa ḥiwalaa.
එහි ඔවුන් සදාතනිකයින් ය. එයින් මාරුවීමක් ඔවුහු අපේක්ෂා නො කරති.
Verse 18:109
قُلْ لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمٰتِ رَبِّیْ لَنَفِدَ الْبَحْرُ قَبْلَ اَنْ تَنْفَدَ كَلِمٰتُ رَبِّیْ وَلَوْ جِئْنَا بِمِثْلِهٖ مَدَدًا ۟
Q̣ul law kaanal baḥru midaadal li-Kalimaati Rabbee lanafidal baḥru q̣abla ʹañ tañfada Kalimaatu Rabbee wa-law jiʹnaa bimis̤lihee madadaa.
මාගේ පරමාධිපතිගේ වදන් (ලිවීමට) තීන්ත බවට මුහුද පත් වුව ද මාගේ පරමාධිපතිගේ වදන් (ලියා) නිමා වීමට පෙර මුහුද සිඳී යනු ඇත. එවන් (මුහුද) හා සමාන දෙයක් අපි අමතරව ගෙන ආව ද (එය ද ප්‍රමාණවත් නො වනු ඇත.) යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 18:110
قُلْ اِنَّمَاۤ اَنَا بَشَرٌ مِّثْلُكُمْ یُوْحٰۤی اِلَیَّ اَنَّمَاۤ اِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ ۚ فَمَنْ كَانَ یَرْجُوْا لِقَآءَ رَبِّهٖ فَلْیَعْمَلْ عَمَلًا صَالِحًا وَّلَا یُشْرِكْ بِعِبَادَةِ رَبِّهٖۤ اَحَدًا ۟۠
Q̣ul ʹinnamaaa ʹana basharum mis̤lukum yooḥaaa ʹilayya ʹannamaaa ʹIlaahukum ʹIlaahuñw Waaḥid: famañ kaana yarjoo Liq̣aaaʹa Rabbihee falyaʻmal ʻamalañ ṣaalihañw walaa yushrik biʻibaadati Rabbiheee ʹaḥadaa.
මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එක ම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමුව අපේක්ෂා කරමින් සිටියේ ද ඔහු දැහැමි ක්‍රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නො කරත්වා! යැයි (නබිවරය!) නුඹ පවසනු.