Surah Ya-Sin
Surah Ya-Sin (Ya-Sin) is Surah 36 of the Holy Quran, a Meccan Surah with 83 verses, available here in Sinhalese.
Verse 36:1
یٰسٓ ۟ۚ
Yaa-Seeen.
යා සීන්.
Verse 36:2
وَالْقُرْاٰنِ الْحَكِیْمِ ۟ۙ
Wal-Q̣urʹaanil Ḥakeem,―
ප්‍රඥාවෙන් යුත් අල් කුර්ආනය මත දිවුරමින්,
Verse 36:3
اِنَّكَ لَمِنَ الْمُرْسَلِیْنَ ۟ۙ
ʹInnaka laminal mursaleen,
(නබි මුහම්මද්!) නියත වශයෙන් ම නුඹ ධර්ම දූතවරුන් අතරින් කෙනෙකි.
Verse 36:4
عَلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟ؕ
ʻAlaa Ṣiraaṭim Mustaq̣eem.
(ඔබ) ඍජු මාර්ගය මත ය.
Verse 36:5
تَنْزِیْلَ الْعَزِیْزِ الرَّحِیْمِ ۟ۙ
Tañzeelal ʻAzeezir Raḥeem,
(මෙය) මහා කරුණාන්විත සර්ව බලධාරියාණන්ගේ පහළ කිරීමකි.
Verse 36:6
لِتُنْذِرَ قَوْمًا مَّاۤ اُنْذِرَ اٰبَآؤُهُمْ فَهُمْ غٰفِلُوْنَ ۟
Lituñẓira q̣awmam maaa ʹuñẓira ʹaabaaaʹuhum fahum g̣aafiloon.
ඔවුන්ගේ මුතුන් මිත්තන් අවවාද කරනු නො ලැබූ අනවධානීන් ලෙස සිටි පිරිසකට නුඹ අවවාද කරනු පිණිස ය.
Verse 36:7
لَقَدْ حَقَّ الْقَوْلُ عَلٰۤی اَكْثَرِهِمْ فَهُمْ لَا یُؤْمِنُوْنَ ۟
Laq̣ad ḥaq̣q̣al Q̣awlu ʻalaaa ʹaks̤arihim fahum laa- yuʹminoon.
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මත (දඬුවමේ) ප්‍රකාශය සැබැවින් ම නියම විය. එහෙයින් ඔවුහු දේවත්වය විශ්වාස නො කරති.
Verse 36:8
اِنَّا جَعَلْنَا فِیْۤ اَعْنَاقِهِمْ اَغْلٰلًا فَهِیَ اِلَی الْاَذْقَانِ فَهُمْ مُّقْمَحُوْنَ ۟
ʹInnaa jaʻalnaa feee ʹaʻnaaq̣ihim ʹag̣laalañ fahiya ʹilal ʹaẓq̣aani fahum muq̣maḥoon.
නියත වශයෙන් ම අපි ඔවුන්ගේ ගෙලවලට විලංගු දැමුවෙමු. එවිට එය නිකටවල් දක්වා පවතී. එහෙයින් ඔවුහු හිස ඔසවා ගෙන සිටින්නෝ වෙති.
Verse 36:9
وَجَعَلْنَا مِنْ بَیْنِ اَیْدِیْهِمْ سَدًّا وَّمِنْ خَلْفِهِمْ سَدًّا فَاَغْشَیْنٰهُمْ فَهُمْ لَا یُبْصِرُوْنَ ۟
Wa-jaʻalnaa mim bayni ʹaydeehim saddañw wamin khalfihim saddañ faʹag̣shaynaahum fahum laa- yubṣiroon.
තවද අපි ඔවුන් ඉදිරියෙන් බාධකයක් ද ඔවුනට පසුපසින් බාධකයක් ද ඇති කළෙමු. එසේ අපි ඔවුන් ආවරණය කළෙමු. එහෙයින් ඔවුනට බැලිය නොහැකි ය.
Verse 36:10
وَسَوَآءٌ عَلَیْهِمْ ءَاَنْذَرْتَهُمْ اَمْ لَمْ تُنْذِرْهُمْ لَا یُؤْمِنُوْنَ ۟
Wa-sawaaaʹun ʻalayhim ʹaʹañẓartahum ʹam lam tuñẓirhum laa- yuʹminoon.
නුඹ ඔවුනට අවවාද කළ ද නුඹ ඔවුනට අවවාද නො කළ ද ඔවුන් වෙත එය එක සමාන ය. ඔවුහු විශ්වාස නො කරති.
Verse 36:11
اِنَّمَا تُنْذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِیَ الرَّحْمٰنَ بِالْغَیْبِ ۚ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَّاَجْرٍ كَرِیْمٍ ۟
ʹInnamaa tuñẓiru manit taba ʻaẓ-Ẓikra wa-khashiyar Raḥmaana bilg̣ayb: fabashshirhu bi-Mag̣firatiñw waʹAjriñ Kareem.
නියත වශයෙන් ම නුඹ අවවාද කරනුයේ මෙම මෙනෙහි කිරීම අනුගමනය කොට නොපෙනෙන තත්ත්වයක මහා කරුණාන්විතයාණන්හට බියවූවන්ට ය. එහෙයින් සමාව හා ගෞරවනීය තිළිණ ඇති බව නුඹ ඔහුට ශුභාරංචි දන්වනු.
Verse 36:12
اِنَّا نَحْنُ نُحْیِ الْمَوْتٰی وَنَكْتُبُ مَا قَدَّمُوْا وَاٰثَارَهُمْ ؔؕ وَكُلَّ شَیْءٍ اَحْصَیْنٰهُ فِیْۤ اِمَامٍ مُّبِیْنٍ ۟۠
ʹInnaa Naḥnu nuḥyil mawtaa wanaktubu maa- q̣addamoo wa-ʹaas̤aarahum: wa-kulla shayʹin ʹaḥṣaynaahu feee ʹImaamim mubeen.
නියත වශයෙන් ම අපි මළවුන්ට ජීවය දෙන්නෙමු. ඔවුන් පෙර කළ දෑ ද ඔවුන්ගේ සලකුණු ද අපි සටහන් කරන්නෙමු. තවද සියලු දෑ අපි එය පැහැදිලි ලේඛනයක සටහන් කර ඇත්තෙමු.
Verse 36:13
وَاضْرِبْ لَهُمْ مَّثَلًا اَصْحٰبَ الْقَرْیَةِ ۘ اِذْ جَآءَهَا الْمُرْسَلُوْنَ ۟ۚ
Waḍrib lahum mas̤alan ʹAṣḥaabal Q̣aryah. ʹIẓ jaaaʹahal mursaloon.
තවද ගම්මානයට ධර්ම දූතවරුන් පැමිණි අවස්ථාවේ එහි වැසියන් පිළිබඳ උපමාවක් නුඹ ඔවුනට ගෙන හැර දක්වනු.
Verse 36:14
اِذْ اَرْسَلْنَاۤ اِلَیْهِمُ اثْنَیْنِ فَكَذَّبُوْهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوْۤا اِنَّاۤ اِلَیْكُمْ مُّرْسَلُوْنَ ۟
ʹIẓ ʹarsalnaaa ʹilayhimus̤ nayni fakaẓẓaboohumaa faʻazzaznaa bis̤aalis̤iñ faq̣aalooo ʹinnaaa ʹilaykum mursaloon.
අපි ඔවුන් වෙත දෙදෙනකු එවූ විට ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝ ය. එවිට අපි තුන්වැන්නාගෙන් බලවත් කළෙමු. එවිට “නියත වශයෙන් ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් වෙමු” යැයි ඔවුහු පැවසූහ.
Verse 36:15
قَالُوْا مَاۤ اَنْتُمْ اِلَّا بَشَرٌ مِّثْلُنَا ۙ وَمَاۤ اَنْزَلَ الرَّحْمٰنُ مِنْ شَیْءٍ ۙ اِنْ اَنْتُمْ اِلَّا تَكْذِبُوْنَ ۟
Q̣aaloo maaa ʹañtum ʹillaa basharum mis̤lunaa wa-maaa ʹañzalar Raḥmaanu miñ shayʹin ʹin ʹañtum ʹillaa takẓiboon.
“නුඹලා අප මෙන් මිනිසුන් මිස වෙනත් කිසිවකු නො වේ. තවද මහාකරුණාන්විතයාණන් කිසිවක් පහළ කළේ නැත. නුඹලා බොරු පවසන්නන් මිස නැතැයි” ඔවුහු පැවසුවෝ ය.
Verse 36:16
قَالُوْا رَبُّنَا یَعْلَمُ اِنَّاۤ اِلَیْكُمْ لَمُرْسَلُوْنَ ۟
Q̣aaloo Rabbunaa yaʻlamu ʹinnaaa ʹilaykum lamursaloon:
“නියත වශයෙන් ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් බව අපගේ පරමාධිපති දනී” යැයි ඔවුහු (රසූල්වරුන්) පැවසූහ.
Verse 36:17
وَمَا عَلَیْنَاۤ اِلَّا الْبَلٰغُ الْمُبِیْنُ ۟
Wa-maa ʻalaynaaa ʹillal Balaag̣ul mubeen.
“තවද පැහැදිලිව දන්වා සිටීම මිස අප වෙත (වෙනත් වගකීමක්) නොමැත.”
Verse 36:18
قَالُوْۤا اِنَّا تَطَیَّرْنَا بِكُمْ ۚ لَىِٕنْ لَّمْ تَنْتَهُوْا لَنَرْجُمَنَّكُمْ وَلَیَمَسَّنَّكُمْ مِّنَّا عَذَابٌ اَلِیْمٌ ۟
Q̣aalooo ʹinnaa taṭayyarnaa bikum: laʹil lam tañtahoo lanarjumannakum wa-la-yamassan-nakum minnaa ʻaẓaabun ʹaleem.
“නුඹලා නිසා අපි අසුබ තත්ත්වයට පත්ව ඇත්තෙමු. නුඹලා නො වැළකුණෙහු නම් අපි නුඹලා ගල් ගසා මරන්නෙමු. තවද අපගෙන් වූ වේදනීය දඬුවමක් නුඹලාට ඇති වනු ඇතැයි” ඔවුහු පැවසුවෝ ය.
Verse 36:19
قَالُوْا طَآىِٕرُكُمْ مَّعَكُمْ ؕ اَىِٕنْ ذُكِّرْتُمْ ؕ بَلْ اَنْتُمْ قَوْمٌ مُّسْرِفُوْنَ ۟
Q̣aaloo ṭaaaʹirukum maʻakum: ʹaʹiñ ẓukkirtum? Bal ʹañtum q̣awmum musrifoon!
(එවිට) නුඹලාට අනුශාසනා කරනු ලැබුව ද? නුඹලාගේ අගුණ නුඹලා සමඟ ය. එසේය නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වන්නෙහුය යැයි ඔවුහු (එම රසූල්වරු) පැවසූහ.
Verse 36:20
وَجَآءَ مِنْ اَقْصَا الْمَدِیْنَةِ رَجُلٌ یَّسْعٰی قَالَ یٰقَوْمِ اتَّبِعُوا الْمُرْسَلِیْنَ ۟ۙ
Wa-jaaaʹa min ʹaq̣ṣal Madeenati rajuluñy yasʻaa q̣aala yaa-q̣awmit tabiʻul mursaleen:
තවද නගරයේ කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් “මාගේ ජනයිනි! (අල්ලාහ් විසින්) එවනු ලැබූවන් නුඹලා අනුගමනය කරනු” යැයි පැවසුවේ ය.
Verse 36:21
اتَّبِعُوْا مَنْ لَّا یَسْـَٔلُكُمْ اَجْرًا وَّهُمْ مُّهْتَدُوْنَ ۟
ʹIttabiʻoo mal laa yasʹalukum ʹajrañw Wahum muhtadoon.
“කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා නො සිටින්නන් නුඹලා අනුගමනය කරනු. තවද ඔවුහු යහමග ලැබූවෝ වෙති.”
Verse 36:22
وَمَا لِیَ لَاۤ اَعْبُدُ الَّذِیْ فَطَرَنِیْ وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟
Wa-maa liya laaa ʹaʻbudul laẓee faṭaranee wa-ʹilayhi turjaʻoon.
තවද “මා මැවූ ඔහුට මා ගැතිකම් නො කර සිටීමට මට කුමක් වී ද? තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතට ම ය.”
Verse 36:23
ءَاَتَّخِذُ مِنْ دُوْنِهٖۤ اٰلِهَةً اِنْ یُّرِدْنِ الرَّحْمٰنُ بِضُرٍّ لَّا تُغْنِ عَنِّیْ شَفَاعَتُهُمْ شَیْـًٔا وَّلَا یُنْقِذُوْنِ ۟ۚ
ʹA-ʹattakhiẓu miñ dooniheee ʹaalihatan ʹiñy yuridnir Raḥmaanu biḍurril laa tug̣ni ʻannee shafaaʻatuhum shayʹañw walaa yuñq̣iẓoon.
“මා ඔහුගෙන් තොරව වෙනත් දෙවිවරුන් ගන්නෙම් ද? මහාකරුණාන්විතයාණෝ යම් හානියක් අභිමත කරන්නේ නම් ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් මට ප්‍රයෝජනවත් නො වෙයි. තවද ඔවුහු මා මුදවා නො ගනිති.”
Verse 36:24
اِنِّیْۤ اِذًا لَّفِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
ʹInneee ʹiẓal lafee Ḍalaalim mubeen.
“නියත වශයෙන් ම මම එවිට පැහැදිලි මුළාවෙහි වෙමි.”
Verse 36:25
اِنِّیْۤ اٰمَنْتُ بِرَبِّكُمْ فَاسْمَعُوْنِ ۟ؕ
ʹInneee ʹaamañtu bi-Rabbikum fasmaʻoon!
“නියත වශයෙන් ම මම නුඹලාගේ පරමාධිපති විශ්වාස කළෙමි. එහෙයින් නුඹලා මට සවන් දෙනු.”
Verse 36:26
قِیْلَ ادْخُلِ الْجَنَّةَ ؕ قَالَ یٰلَیْتَ قَوْمِیْ یَعْلَمُوْنَ ۟ۙ
Q̣eelad khulil Jannah. Q̣aala yaa-layta Q̣awmee yaʻlamoon,
‘නුඹ ස්වර්ගයට පිවිසෙනු’ යැයි කියන ලදි. “අහෝ! මාගේ ජනයා (ඒ ගැන) දැනගන්නේ නම් මැනව!”යැයි පැවැසුවේ ය.
Verse 36:27
بِمَا غَفَرَ لِیْ رَبِّیْ وَجَعَلَنِیْ مِنَ الْمُكْرَمِیْنَ ۟
Bimaa lee g̣afara Rabbee wa-jaʻalanee minal mukrameen!
“මාගේ පරමාධිපති මට සමාව දී ඇති බවත් තවද ඔහු මා ගෞරවනීය අය අතරට පත් කර ඇති බවත් (ඔවුහු දැන ගන්නේ නම් මැනව)”
Verse 36:28
وَمَاۤ اَنْزَلْنَا عَلٰی قَوْمِهٖ مِنْ بَعْدِهٖ مِنْ جُنْدٍ مِّنَ السَّمَآءِ وَمَا كُنَّا مُنْزِلِیْنَ ۟
Wa-maaa ʹañzalnaa ʻalaa Q̣awmihee mim baʻdihee miñ juñdim minas samaaaʹi wa-maa kunnaa muñzileen.
ඔහුගෙන් පසුව අහසින් කිසිදු සේනාවක් අපි ඔහුගේ ජනයා වෙත පහළ නො කළෙමු. තවද එසේ අපි පහළ කරන්නන් ලෙස නො සිටියෙමු.
Verse 36:29
اِنْ كَانَتْ اِلَّا صَیْحَةً وَّاحِدَةً فَاِذَا هُمْ خٰمِدُوْنَ ۟
ʹIñ kaanat ʹillaa ṣayḥatañw waaḥidatañ faʹiẓaa hum khaamidoon.
එය එක ම එක් හඬක් මිස නො වීය. එසැනින් ඔවුහු අළු බවට පත් වූවෝ වූවෝ ය.
Verse 36:30
یٰحَسْرَةً عَلَی الْعِبَادِ ؔۚ مَا یَاْتِیْهِمْ مِّنْ رَّسُوْلٍ اِلَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟
Yaa-ḥasratan ʻalal ʻibaad! Maa- yaʹteehim mir rasoolin ʹillaa kaanoo bihee yastahziʹoon!
අහෝ ගැත්තන් වෙත වූ ඛේදය! ඔවුන් වෙත පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහු සරදම් කරමින් සිටියා මිස නො වූවෝ ය.
Verse 36:31
اَلَمْ یَرَوْا كَمْ اَهْلَكْنَا قَبْلَهُمْ مِّنَ الْقُرُوْنِ اَنَّهُمْ اِلَیْهِمْ لَا یَرْجِعُوْنَ ۟ؕ
ʹAlam yaraw kam ʹahlaknaa q̣ablahum minal q̣urooni ʹannahum ilayhim laa-ʹ yarjiʻoon?
ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කර ඇත්තෙමු දැ? යි ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම ඔවුන් වෙත ඔවුන් නැවත නො පැමිණෙනු ඇත.
Verse 36:32
وَاِنْ كُلٌّ لَّمَّا جَمِیْعٌ لَّدَیْنَا مُحْضَرُوْنَ ۟۠
Waʹiñ kullul lammaa jameeʻul ladaynaa muḥḍaroon.
තවද සියලු දෙනා අප ඉදිරියේ සම්මුඛ කරවනු ලබන්නන් මිස නැත.
Verse 36:33
وَاٰیَةٌ لَّهُمُ الْاَرْضُ الْمَیْتَةُ ۖۚ اَحْیَیْنٰهَا وَاَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ یَاْكُلُوْنَ ۟
Wa-ʹAayatul lahumul ʹarḍul maytah: ʹaḥyaynaahaa wa-ʹakhrajnaa minhaa ḥabbañ faminhu yaʹkuloon.
තවද මළ භූමිය ඔවුනට සංඥාවකි. අපි එය ප්‍රාණවත් කළෙමු. පසුව අපි එයින් ධාන්‍ය හට ගැන්වූයෙමු. එවිට ඔවුහු එයින් අනුභව කරති.
Verse 36:34
وَجَعَلْنَا فِیْهَا جَنّٰتٍ مِّنْ نَّخِیْلٍ وَّاَعْنَابٍ وَّفَجَّرْنَا فِیْهَا مِنَ الْعُیُوْنِ ۟ۙ
Wa-jaʻalnaa feehaa jannaatim min nakheeliñw waʹaʻnaabiñw wafajjarnaa feehaa minal ʻuyoon:
තවද අපි එහි ඉඳි හා මිදි උයන් ඇති කළෙමු. තවද එහි උල්පත් පීරා ගලා යන්නට සැලැස්වූයෙමු.
Verse 36:35
لِیَاْكُلُوْا مِنْ ثَمَرِهٖ ۙ وَمَا عَمِلَتْهُ اَیْدِیْهِمْ ؕ اَفَلَا یَشْكُرُوْنَ ۟
Liyaʹkuloo miñ s̤amarihee, wa-maa ʻamilathu ʹaydeehim: ʹafalaa yashkuroon?
(එසේ කරනු ලැබුවේ) එහි බවභෝගවලින් ඔවුන් අනුභව කරනු පිණිසයි. තවද ඔවුන්ගේ අත් එය සිදු කළේ නැත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නො වන්නෝ ද?
Verse 36:36
سُبْحٰنَ الَّذِیْ خَلَقَ الْاَزْوَاجَ كُلَّهَا مِمَّا تُنْۢبِتُ الْاَرْضُ وَمِنْ اَنْفُسِهِمْ وَمِمَّا لَا یَعْلَمُوْنَ ۟
Subḥaanal laẓee khalaq̣al ʹazwaaja kullahaa mimmaa tumbitul ʹarḍu wa-min ʹañfusihim Wamimmaa laa- yaʻlamoon.
මහපොළොවේ හට ගන්වන දැයින් ද ඔවුන් තුළින් ද එමෙන් ම ඔවුන් නොදන්නා දැයින් ද ඒ සියලු යුගලයන් මැවූ ඔහු සුවිශුද්ධ ය.
Verse 36:37
وَاٰیَةٌ لَّهُمُ الَّیْلُ ۖۚ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَاِذَا هُمْ مُّظْلِمُوْنَ ۟ۙ
Wa-ʹAayatul lahumul Laylu naslakhu minhun Nahaara faʹiẓaa hum muz̤̣limoon;
තවද රාත්‍රිය ද ඔවුනට සංඥාවකි. අපි එයින් දහවල වෙන් කරමු. එවිට ඔවුහු අඳුරෙහි සිටින්නෝ වෙති.
Verse 36:38
وَالشَّمْسُ تَجْرِیْ لِمُسْتَقَرٍّ لَّهَا ؕ ذٰلِكَ تَقْدِیْرُ الْعَزِیْزِ الْعَلِیْمِ ۟ؕ
Wash-Shamsu tajree limustaq̣arril lahaa: ẓaalika taq̣deerul ʻAzeezil ʻAleem.
තවද හිරු, එයට නියමිත ස්ථානය වෙත ගමන් කරමින් සිටියි. එය සර්වඥානී සර්ව බලධාරියාගේ සැලසුමකි.
Verse 36:39
وَالْقَمَرَ قَدَّرْنٰهُ مَنَازِلَ حَتّٰی عَادَ كَالْعُرْجُوْنِ الْقَدِیْمِ ۟
Wal-Q̣amara q̣addarnaahu manaazila ḥattaa ʻaada kalʻurjoonil q̣adeem.
තවද සඳු, අපි එය නැවුනු ඉඳි රිකිල්ලක් මෙන් පත් වන තෙක් එයට ස්ථාන නිර්ණය කළෙමු.
Verse 36:40
لَا الشَّمْسُ یَنْۢبَغِیْ لَهَاۤ اَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا الَّیْلُ سَابِقُ النَّهَارِ ؕ وَكُلٌّ فِیْ فَلَكٍ یَّسْبَحُوْنَ ۟
Lash Shamsu yambag̣ee lahaaa ʹañ tudrikal Q̣amara wa-lal Laylu saabiq̣un Nahaar: wa-kulluñ fee falakiñy yasbaḥoon.
සඳු වෙත ළඟා වන්නට හිරුට අවශ්‍යතාවක් නැත. තවද දහවල අබිබවා යන්නක් සේ රාත්‍රිය ද නැත. තවද සියල්ල (නියමිත) කක්ෂය තුළ පාවෙති.
Verse 36:41
وَاٰیَةٌ لَّهُمْ اَنَّا حَمَلْنَا ذُرِّیَّتَهُمْ فِی الْفُلْكِ الْمَشْحُوْنِ ۟ۙ
Wa-ʹAayatul lahum ʹannaa ḥamalnaa ẓurriyyatahum fil fulkil mashḥoon;
තවද නියත වශයෙන් ම අපි ඔවුන්ගේ පරම්පරාව පටවනු ලැබූ නැවෙහි උසුලා ගෙනයාම ඔවුනට තවත් සංඥාවක් වේ.
Verse 36:42
وَخَلَقْنَا لَهُمْ مِّنْ مِّثْلِهٖ مَا یَرْكَبُوْنَ ۟
Wa-khalaq̣naa lahum mim mis̤lihee maa- yarkaboon.
තවද අපි ඔවුනට ඒ හා සමාන ඔවුන් ප්‍රවාහනය කරන දෑ මැව්වෙමු.
Verse 36:43
وَاِنْ نَّشَاْ نُغْرِقْهُمْ فَلَا صَرِیْخَ لَهُمْ وَلَا هُمْ یُنْقَذُوْنَ ۟ۙ
Wa-ʹin nashaʹ nug̣riq̣hum falaa ṣareekha lahum wa-laa hum yuñq̣aẓoon,
තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන් අපි ගිල්වා දමන්නෙමු. එවිට ඔවුනට පක්ෂව කිසිඳු හඬක් නො වනු ඇත. තවද ඔවුහු මුදවා ගනු නො ලබති.
Verse 36:44
اِلَّا رَحْمَةً مِّنَّا وَمَتَاعًا اِلٰی حِیْنٍ ۟
ʹIllaa Raḥmatam minnaa wa-mataaʻan ʹilaa ḥeen.
එහෙත් (එය) අපගෙන් වූ කරුණාවක් හා ටික කලකට භුක්ති විඳීමක් වශයෙන් මිස නැත.
Verse 36:45
وَاِذَا قِیْلَ لَهُمُ اتَّقُوْا مَا بَیْنَ اَیْدِیْكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُوْنَ ۟
Wa-ʹiẓaa q̣eela lahumut taq̣oo Maa- bayna ʹaydeekum wa-maa khalfakum laʻallakum turḥamoon.
තවද නුඹලා (අල්ලාහ්ගේ) කරුණාව ලැබිය හැකි වනු පිණිස නුඹලා ඉදිරියේ ඇති දැයින් හා නුඹලාට පසුපසින් ඇති දැයින් ආරක්ෂා වනු යැයි ඔවුනට කියනු ලැබූ විට (ඔවුහු නො සැලකිලිමත් වූවෝ ය.)
Verse 36:46
وَمَا تَاْتِیْهِمْ مِّنْ اٰیَةٍ مِّنْ اٰیٰتِ رَبِّهِمْ اِلَّا كَانُوْا عَنْهَا مُعْرِضِیْنَ ۟
Wa-maa taʹteehim min ʹAayatim min ʹAayaati Rabbihim ʹillaa kaanoo ʻanhaa muʻriḍeen.
තවද ඔවුන්ගේ පරමාධිපතිගේ සංඥා අතරින් යම් සංඥාවක් ඔවුන් වෙත පැමිණි විට ඔවුන් එය පිටුපාන්නන් ලෙස සිටියා මිස නැත.
Verse 36:47
وَاِذَا قِیْلَ لَهُمْ اَنْفِقُوْا مِمَّا رَزَقَكُمُ اللّٰهُ ۙ قَالَ الَّذِیْنَ كَفَرُوْا لِلَّذِیْنَ اٰمَنُوْۤا اَنُطْعِمُ مَنْ لَّوْ یَشَآءُ اللّٰهُ اَطْعَمَهٗۤ ۖۗ اِنْ اَنْتُمْ اِلَّا فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
Wa-ʹiẓaa q̣eela lahum ʹañfiq̣oo mimmaa razaq̣akumul laahu q̣aalal laẓeena kafaroo lillaẓeena ʹaamanooo ʹanuṭʻimu mal law yashaaaʹul laahu ʹaṭʻamah?― ʹIn ʹañtum ʹillaa fee ḍalaalim mubeen.
තවද අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනුයි ඔවුනට කියනු ලැබූ විට ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් දෙස බලා “අල්ලාහ් අභිමත වී නම්, ඔහු කවරෙකුට ආහාර සපයන්නේ ද එවැන්නන්හට අපි ආහාර ලබා දිය යුතු ද? නුඹලා පැහැදිලි මුළාවෙහි මිස නැත” යැයි පවසා සිටියෝ ය.
Verse 36:48
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
Wa-yaq̣ooloona mataa haaẓal waʻdu ʹiñ kuñtum ṣaadiq̣een?
තවද “නුඹලා සත්‍යවාදීන් වූයෙහු නම් මෙම ප්‍රතිඥාව (මළවුන්ගෙන් නැගිටුවනු ලැබීම) කවදා දැ?”යි ඔවුහු විමසති.
Verse 36:49
مَا یَنْظُرُوْنَ اِلَّا صَیْحَةً وَّاحِدَةً تَاْخُذُهُمْ وَهُمْ یَخِصِّمُوْنَ ۟
Maa- yañz̤̣uroona ʹillaa Ṣayḥatañw waaḥidatañ taʹkhuẓuhum wa-hum yakhiṣṣimoon!
එක ම හඬක් මිස ඔවුහු බලාපොරොත්තු නො වෙති. ඔවුන් තර්ක කරමින් සිටිය දී එය ඔවුන් හසු කර ගනී.
Verse 36:50
فَلَا یَسْتَطِیْعُوْنَ تَوْصِیَةً وَّلَاۤ اِلٰۤی اَهْلِهِمْ یَرْجِعُوْنَ ۟۠
Falaa yastaṭeeʻoona taw-ṣiyatañw walaaa ʹilaaa ʹahlihim yarjiʻoon!
එවිට අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීමට හෝ ඔවුන්ගේ පවුල වෙත නැවත හැරී යාමට හෝ ඔවුහු හැකියාව නො දරති.
Verse 36:51
وَنُفِخَ فِی الصُّوْرِ فَاِذَا هُمْ مِّنَ الْاَجْدَاثِ اِلٰی رَبِّهِمْ یَنْسِلُوْنَ ۟
Wa-nufikha fiṣ Ṣoori faʹiẓaa hum minal ʹajdaas̤i ʹilaa Rabbihim yañsiloon!
තවද හොරණෑවෙහි පිඹිනු ලැබී ය. එවිට ඔවුහු මිණී වළවල් තුළින් ඔවුන්ගේ පරමාධිපති වෙත වේගයෙන් බැහැරව යති.
Verse 36:52
قَالُوْا یٰوَیْلَنَا مَنْ بَعَثَنَا مِنْ مَّرْقَدِنَا ؔٚۘ هٰذَا مَا وَعَدَ الرَّحْمٰنُ وَصَدَقَ الْمُرْسَلُوْنَ ۟
Q̣aaloo yaa-waylanaa mam baʻas̤anaa mim marq̣adinaa Haaẓaa maa- waʻadar Raḥmaanu waṣadaq̣al mursaloon!
“අහෝ අපගේ විනාශය! අප නිදා සිටින තැනින් අප අවදි කළේ කවු දැ?” යි ඔවුහු විමසති. මෙය මහාකරුණාන්විතයාණන් ප්‍රතිඥා දුන් දෑ සහ දහම් දූතවරුන් සත්‍ය කළ දෑ වේ. (යැයි පවසනු ලැබේ.)
Verse 36:53
اِنْ كَانَتْ اِلَّا صَیْحَةً وَّاحِدَةً فَاِذَا هُمْ جَمِیْعٌ لَّدَیْنَا مُحْضَرُوْنَ ۟
ʹIñ kaanat ʹillaa Ṣayḥatañw waaḥidatañ faʹiẓaa hum jameeʻul ladaynaa muḥḍaroon!
එය එක ම හඬක් මිස නො වීය. එවිට ඔවුහු සියලු දෙනා අප ඉදිරියේ සම්මුඛ කරනු ලබන්නෝ වෙති.
Verse 36:54
فَالْیَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَیْـًٔا وَّلَا تُجْزَوْنَ اِلَّا مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
Fal-Yawma laa- tuz̤̣lamu nafsuñ shayʹañwwa laa- tujzawna ʹillaa maa- kuñtum taʻmaloon.
අද දින කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නො ලබයි. නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල පිරිනමනු නො ලබන්නෙහු ය.
Verse 36:55
اِنَّ اَصْحٰبَ الْجَنَّةِ الْیَوْمَ فِیْ شُغُلٍ فٰكِهُوْنَ ۟ۚ
ʹInna ʹAṣḥaabal Jannatil Yawma fee shug̣uliñ faakihoon;
නියත වශයෙන් ම එදින ස්වර්ග වාසීහු කාර්යයන්හි සතුටින් නිරතව සිටින්නෝ වෙති.
Verse 36:56
هُمْ وَاَزْوَاجُهُمْ فِیْ ظِلٰلٍ عَلَی الْاَرَآىِٕكِ مُتَّكِـُٔوْنَ ۟
Hum wa-ʹazwaajuhum fee z̤̣ilaalin ʻalal ʹaraaaʹiki muttakiʹoon;
ඔවුහු හා ඔවුන්ගේ බිරියන් සෙවනෙහි ඇති කවිච්චි මත (ඉතා සතුටින්) හාන්සි වී සිටින්නෝ වෙති.
Verse 36:57
لَهُمْ فِیْهَا فَاكِهَةٌ وَّلَهُمْ مَّا یَدَّعُوْنَ ۟ۚۖ
Lahum feehaa faakihatuñw walahum maa yaddaʻoon;
ඔවුනට එහි පලතුරු ඇත. තවද ඔවුන් පතන දෑ ද ඔවුනට ඇත.
Verse 36:58
سَلٰمٌ ۫ قَوْلًا مِّنْ رَّبٍّ رَّحِیْمٍ ۟
˹Salaam!˺― Q̣awlam mir Rabbir Raḥeem!
සලාම්! (ශාන්තිය). මෙය මහා කරුණාන්විත පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් වශයෙනි.
Verse 36:59
وَامْتَازُوا الْیَوْمَ اَیُّهَا الْمُجْرِمُوْنَ ۟
Wamtaazul Yawma ʹayyuhal mujrimoon!
තවද “අහෝ වැරදිකරුවනි! අද දින නුඹලා වෙන්ව යනු” යැයි කියනු ලැබේ.
Verse 36:60
اَلَمْ اَعْهَدْ اِلَیْكُمْ یٰبَنِیْۤ اٰدَمَ اَنْ لَّا تَعْبُدُوا الشَّیْطٰنَ ۚ اِنَّهٗ لَكُمْ عَدُوٌّ مُّبِیْنٌ ۟ۙ
ʹAlam ʹaʻhad ʹilaykum yaa Baneee ʹAadama ʹallaa taʻbudush Shayṭaan; ʹinnahoo lakum ʻaduwwum mubeen?―
ආදම්ගේ දරුවනි! නුඹලා ෂෙයිතාන්ට ගැතිකම් නො කරන්නැයි මම නුඹලා වෙතින් ප්‍රතිඥාවක් නො ගත්තෙම් ද? නියත වශයෙන් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
Verse 36:61
وَّاَنِ اعْبُدُوْنِیْ ؔؕ هٰذَا صِرَاطٌ مُّسْتَقِیْمٌ ۟
Wa-ʹaniʻ budoonee. Haaẓaa Ṣiraaṭum Mustaq̣eem.
තවද නුඹලා මට නැමදුම් කරනු (යැයි ප්‍රතිඥාවක් නො ගත්තෙම් ද?) ඍජු මාර්ගය මෙය වේ.
Verse 36:62
وَلَقَدْ اَضَلَّ مِنْكُمْ جِبِلًّا كَثِیْرًا ؕ اَفَلَمْ تَكُوْنُوْا تَعْقِلُوْنَ ۟
Wa-laq̣ad ʹaḍalla miñkum jibillañ kas̤eeraa. ʹAfalam takoonoo taʻq̣iloon?
තවද සැබැවින් ම නුඹලා අතරින් බොහෝමයක් මැවීම් ඔහු නොමග හැරියේ ය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නො වේ ද?
Verse 36:63
هٰذِهٖ جَهَنَّمُ الَّتِیْ كُنْتُمْ تُوْعَدُوْنَ ۟
Haaẓihee Jahannamul latee kuñtum tooʻadoon!
මෙය නුඹලා ප්‍රතිඥා දෙනු ලබමින් සිටි නිරයයි.
Verse 36:64
اِصْلَوْهَا الْیَوْمَ بِمَا كُنْتُمْ تَكْفُرُوْنَ ۟
ʹIṣlawhal Yawma bimaa kuñtum takfuroon.
නුඹලා දේවත්වය ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් අද දින නුඹලා එහි පිවිසෙනු.
Verse 36:65
اَلْیَوْمَ نَخْتِمُ عَلٰۤی اَفْوَاهِهِمْ وَتُكَلِّمُنَاۤ اَیْدِیْهِمْ وَتَشْهَدُ اَرْجُلُهُمْ بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟
ʹAl-Yawma nakhtimu ʻalaaa ʹafwaahihim wa-tukallimunaaa ʹaydeehim wa-tashhadu ʹarjuluhum̃ bimaa kaanoo yaksiboon.
අද දින අපි ඔවුන්ගේ කටවල්වලට මුද්‍රා තබමු. තවද ඔවුන්ගේ අත් අප සමඟ කතා කරයි. තවද ඔවුන් උපයමින් සිටි දෑ ගැන ඔවුන්ගේ පාද සාක්ෂි දරයි.
Verse 36:66
وَلَوْ نَشَآءُ لَطَمَسْنَا عَلٰۤی اَعْیُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَاَنّٰی یُبْصِرُوْنَ ۟
Wa-law nashaaaʹu laṭamasnaa ʻalaaa ʹaʻyunihim fastabaq̣uṣ Ṣiraaṭa faʹannaa yubṣiroon?
තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ඇස් මත අන්ධභාවය ඇති කරන්නට තිබුණි. එවිට එම මාර්ගය වෙත ඔවුහු තරඟකාරී ලෙස යොමු වෙති. එවිට ඔවුන් කෙසේ නම් දකිනු ඇත් ද?
Verse 36:67
وَلَوْ نَشَآءُ لَمَسَخْنٰهُمْ عَلٰی مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوْا مُضِیًّا وَّلَا یَرْجِعُوْنَ ۟۠
Wa-law nashaaaʹu lamasakhnaahum ʻalaa makaanatihim famas taṭaaʻoo muḍiyyañwwa laa- yarjiʻoon.
තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ස්ථානයෙහිම අපි ඔවුන්ගේ හැඩය වෙනස් කරන්නට තිබුණි. එවිට ඔවුහු ගමන් කිරීමට හැකියාව නො දරති. තවද ඔවුහු නැවත හැරී නො යති.
Verse 36:68
وَمَنْ نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِی الْخَلْقِ ؕ اَفَلَا یَعْقِلُوْنَ ۟
Wa-man nuʻammirhu nunakkishu fil khalq̣: ʹafalaa yaʻq̣iloon?
තවද අපි කවරෙකුට ආයු කාලය ලබා දුන්නෙමු ද මැවීම් ස්වභාවයෙහි අපි ඔහුව වෙනස් කරමු. ඔවුහු (මෙය) වටහා ගත යුතු නො වේ ද?
Verse 36:69
وَمَا عَلَّمْنٰهُ الشِّعْرَ وَمَا یَنْۢبَغِیْ لَهٗ ؕ اِنْ هُوَ اِلَّا ذِكْرٌ وَّقُرْاٰنٌ مُّبِیْنٌ ۟ۙ
Wa-maa ʻallamnaahush Shiʻra wa-maa yambag̣ee lah: ʹin huwa ʹillaa Ẓikruñwwa Q̣ur-ʹaanum Mubeen:
අපි ඔහුට (මුහම්මද්ට) කාව්‍ය ශාස්ත්‍රය ඉගැන්වූයේ නැත. තවද එය ඔහුට අවශ්‍ය නො වීය. තවද මෙය මෙනෙහි කිරීමක් හා පැහැදිලි පාරායනයක් මිස වෙනෙකක් නැත.
Verse 36:70
لِّیُنْذِرَ مَنْ كَانَ حَیًّا وَّیَحِقَّ الْقَوْلُ عَلَی الْكٰفِرِیْنَ ۟
Liyuñẓira mañ kaana ḥayyañw wayaḥiq̣q̣al q̣awlu ʻalal kaafireen.
(මෙය) ජීවමානව සිටින්නන්හට ඔහු අවවාද කරනු පිණිස ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට (දඬුවමේ) ප්‍රකාශය නියම වනු පිණිස ය.
Verse 36:71
اَوَلَمْ یَرَوْا اَنَّا خَلَقْنَا لَهُمْ مِّمَّا عَمِلَتْ اَیْدِیْنَاۤ اَنْعَامًا فَهُمْ لَهَا مٰلِكُوْنَ ۟
ʹAwalam yaraw ʹannaa khalaq̣naa lahum mimmaa ʻamilat ʹaydeenaaa ʹanʻaamañ fahum lahaa maalikoon?―
අපගේ අත් නිර්මාණය කළ දැයින් ගොවිපළ සතුන් ඔවුන් වෙනුවෙන් අපි නිර්මාණය කර තිබීම ඔවුහු නො දුටුවෝ ද? එහෙයින් ඔවුහු එයට උරුමක්කරුවෝ වූහ.
Verse 36:72
وَذَلَّلْنٰهَا لَهُمْ فَمِنْهَا رَكُوْبُهُمْ وَمِنْهَا یَاْكُلُوْنَ ۟
Wa-ẓallalnaahaa lahum faminhaa rakoobuhum wa-minhaa yaʹkuloon:
තවද අපි ඔවුනට ඒවා වසඟ කර දුනිමු. එහෙයින් ඒවායින් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් ඇත. තවද ඒවායින් ඔවුහු අනුභව කරති.
Verse 36:73
وَلَهُمْ فِیْهَا مَنَافِعُ وَمَشَارِبُ ؕ اَفَلَا یَشْكُرُوْنَ ۟
Wa-lahum feehaa manaafiʻu wa-mashaarib. ʹAfalaa yashkuroon?
තවද ඔවුනට ඒවායෙහි ප්‍රයෝජන හා පානයන් ඇත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නො වන්නෝ ද?
Verse 36:74
وَاتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ اٰلِهَةً لَّعَلَّهُمْ یُنْصَرُوْنَ ۟ؕ
Wattakhaẓoo miñ doonil laahi ʹaalihatal laʻallahum yuñṣaroon!
තවද ඔවුන් උදව් ලබනු ඇතැයි (සිතා) අල්ලාහ්ගෙන් තොර වෙනත් දෙවිවරුන් ඔවුහු ගත්තෝ ය.
Verse 36:75
لَا یَسْتَطِیْعُوْنَ نَصْرَهُمْ ۙ وَهُمْ لَهُمْ جُنْدٌ مُّحْضَرُوْنَ ۟
Laa- yastaṭeeʻoona naṣrahum wa-hum lahum juñdum muḥḍaroon.
ඔවුහු තමන්ට ම උදව් කිරීමට ශක්තිය නො දරති. (විනිශ්චය දිනයේ) ඔවුනට (එරෙහිව) ඔවුහු සේනාවක් සේ ගෙන එනු ලබති.
Verse 36:76
فَلَا یَحْزُنْكَ قَوْلُهُمْ ۘ اِنَّا نَعْلَمُ مَا یُسِرُّوْنَ وَمَا یُعْلِنُوْنَ ۟
Falaa yaḥzuñka q̣awluhum. ʹInnaa naʻlamu maa- yusirroona wa-maa yuʻlinoon.
එහෙයින් ඔවුන්ගේ ප්‍රකාශය ඔබ දුකට පත් නො කළ යුතු ය. ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද සැබැවින් ම අපි දනිමු.
Verse 36:77
اَوَلَمْ یَرَ الْاِنْسَانُ اَنَّا خَلَقْنٰهُ مِنْ نُّطْفَةٍ فَاِذَا هُوَ خَصِیْمٌ مُّبِیْنٌ ۟
ʹAwalam yaral ʹiñsaanu ʹannaa khalaq̣naahu min nuṭfatiñ faʹiẓaa huwa khaṣeemum mubeen!
නියත වශයෙන් ම අපි ඔහු ශුක්‍රාණු බිඳුවකින් මවා තිබීම මිනිසා නො දුටුවේ ද? එසේ තිබියදීත්, ඔහු (ව්‍යාජ දෑ ගෙන) පැහැදිලි තර්ක කරන්නෙකි.
Verse 36:78
وَضَرَبَ لَنَا مَثَلًا وَّنَسِیَ خَلْقَهٗ ؕ قَالَ مَنْ یُّحْیِ الْعِظَامَ وَهِیَ رَمِیْمٌ ۟
Wa-ḍaraba lanaa mas̤alañw wanasiya khalq̣ah: q̣aala mañy yuḥyil ʻiz̤̣aama wa-hiya rameem?
තවද ඔහු අපට උපමා ගෙන හැර පාන්නේ ය. ඔහු ඔහුගේ මැවීම ගැන අමතක කළේ ය. “අස්ථි දිරාපත්ව තිබියදී ඒවාට යළි ජීවය දෙන්නා කවු දැ?”යි ඔහු විමසයි.
Verse 36:79
قُلْ یُحْیِیْهَا الَّذِیْۤ اَنْشَاَهَاۤ اَوَّلَ مَرَّةٍ ؕ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِیْمُ ۟ۙ
Q̣ul yuḥ-yeehal laẓeee ʹañshaʹahaaa ʹawwala marrah! Wa-Huwa bikulli khalq̣in ʻAleem!
“මුල් වරට එය නිර්මාණය කළ අය එයට ජීවය දෙනු ඇත. තවද ඔහු සියලු මැවීම් පිළිබඳව සර්වඥානීය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 36:80
لَّذِیْ جَعَلَ لَكُمْ مِّنَ الشَّجَرِ الْاَخْضَرِ نَارًا فَاِذَاۤ اَنْتُمْ مِّنْهُ تُوْقِدُوْنَ ۟
ʹAllaẓee jaʻala lakum minash shajaril ʹakhḍari naarañ faʹiẓaaa ʹañtum minhu tooq̣idoon!
ඔහු වනාහි නුඹලාට අමු ගසින් ගින්දර ඇති කළේ ය. එවිට නුඹලා එයින් ගිනි දල්වන්නෙහු ය.
Verse 36:81
اَوَلَیْسَ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِقٰدِرٍ عَلٰۤی اَنْ یَّخْلُقَ مِثْلَهُمْ ؔؕ بَلٰی ۗ وَهُوَ الْخَلّٰقُ الْعَلِیْمُ ۟
ʹA-walaysal laẓee khalaq̣as samaawaati wal ʹarḍa bi-Q̣aadirin ʻalaaa ʹañyyakhluq̣a mis̤lahum?― Balaa! wa-Huwal Khallaaq̣ul ʻAleem!
අහස් හා මහපොළොව මැවූ අය ඔවුනට සමාන දෑ මැවීමට ශක්තිය ඇත්තකු නො වේ ද? එසේ නො ව; ඔහුය සර්වඥානී මහා මැවුම්කරු.
Verse 36:82
اِنَّمَاۤ اَمْرُهٗۤ اِذَاۤ اَرَادَ شَیْـًٔا اَنْ یَّقُوْلَ لَهٗ كُنْ فَیَكُوْنُ ۟
ʹInnamaaa ʹAmruhooo ʹiẓaaa ʹaraada shayʹan ʹañy yaq̣oola lahoo ˹KUÑ˺ fayakoon!
නියත වශයෙන් ම ඔහුගේ නියෝගය වනුයේ ඔහු යමක් (නිර්මාණය කිරීමට) අදහස් කළ විට එයට ‘වනු’ යැයි පැවසීම පමණ ය. එවිට එය සිදු වනු ඇත.
Verse 36:83
فَسُبْحٰنَ الَّذِیْ بِیَدِهٖ مَلَكُوْتُ كُلِّ شَیْءٍ وَّاِلَیْهِ تُرْجَعُوْنَ ۟۠
Fa-Subḥaanal laẓee biyadihee Malakootu kulli shayʹiñw waʹilayhi turjaʻoon
එහෙයින් සියලු දෑහි ආධිපත්‍යයන් තම අතෙහි වූ ඔහු සුවිශුද්ධ විය. තවද ඔහු වෙතට මය නුඹලා යොමු කරනු ලබනුයේ.