Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah As-Sajdah

Surah As-Sajdah (The Prostration) is Surah 32 of the Holy Quran, a Meccan Surah with 30 verses, available here in Sinhalese.

Surah 32 Meccan 30 verses Sinhalese

Verse 32:1

الٓمّٓ ۟ۚ

ʹAlif-Laaam-Meeem.

අලිෆ්, ලාම්, මීම්.

Verse 32:2

تَنْزِیْلُ الْكِتٰبِ لَا رَیْبَ فِیْهِ مِنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟ؕ

Tañzeelul Kitaabi laa- rayba feehi mir Rabbil ʻAalameen.

මෙම ග්‍රන්ථයේ පහළවීම ලෝවැසියන්ගේ පරමාධිපතියාණන්ගෙනි. එහි කිසිදු සැකයක් නැත.

Verse 32:3

اَمْ یَقُوْلُوْنَ افْتَرٰىهُ ۚ بَلْ هُوَ الْحَقُّ مِنْ رَّبِّكَ لِتُنْذِرَ قَوْمًا مَّاۤ اَتٰىهُمْ مِّنْ نَّذِیْرٍ مِّنْ قَبْلِكَ لَعَلَّهُمْ یَهْتَدُوْنَ ۟

ʹAm yaq̣ooloonaf taraah? Bal huwal Ḥaq̣q̣u mir Rabbika lituñẓira q̣awmam maaa ʹataahum min naẓeerim miñ q̣ablika laʻallahum yahtadoon.

එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව එය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු හෝ ඔවුන් වෙත නොපැමිණි පිරිසකට ඔබ අවවාද කරනු පිණිසත් ඔවුන් යහමග ලැබිය හැකි වනු පිණිසත් ඔබගේ පරමාධිපතිගෙන් පැමිණි සත්‍යයකි.

Verse 32:4

اَللّٰهُ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ ؕ مَا لَكُمْ مِّنْ دُوْنِهٖ مِنْ وَّلِیٍّ وَّلَا شَفِیْعٍ ؕ اَفَلَا تَتَذَكَّرُوْنَ ۟

ʹAllaahul laẓee khalaq̣as samaawaati wal-ʹarḍa wa-maa baynahumaa fee sittati ʹAyyaamiñ s̤ummas tawaa ʻalal ʻArsh: maa- lakum miñ doonihee miñw waliyyiñw walaa- shafeeʻ: ʹafalaa tataẓakkaroon?

අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ් ය. පසුව ඔහු රාජාසනය මත ස්ථාපිත විය. ඔහු හැර කිසිදු භාරකරුවකු හෝ මැදිහත්කරුවකු හෝ නුඹලාට නොමැත. (මෙයින්) නුඹලා උපදෙස් ලැබිය යුතු නො වේ ද?

Verse 32:5

یُدَبِّرُ الْاَمْرَ مِنَ السَّمَآءِ اِلَی الْاَرْضِ ثُمَّ یَعْرُجُ اِلَیْهِ فِیْ یَوْمٍ كَانَ مِقْدَارُهٗۤ اَلْفَ سَنَةٍ مِّمَّا تَعُدُّوْنَ ۟

Yudabbirul ʹamra minas samaaaʹi ʹilal ʹarḍi s̤umma yaʻruju ʹilayhi fee yawmiñ kaana miq̣daaruhooo ʹalfa sanatim mimmaa taʻuddoon.

අහසේ සිට මහපොළොව දක්වා වූ සියලු ම කරුණු ඔහු සැලසුම් කරයි. පසුව එහි ප්‍රමාණය නුඹලා ගණන් කරන වසර දහසක් වූ දිනක ඔහු වෙත එය ආරෝහණය වෙයි.

Verse 32:6

ذٰلِكَ عٰلِمُ الْغَیْبِ وَالشَّهَادَةِ الْعَزِیْزُ الرَّحِیْمُ ۟ۙ

Ẓaalika ʻAalimul g̣aybi washshahaadatil ʻAzeezur Raḥeem;―

ඔහු අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැති සර්ව බලධාරී මහා කරුණාන්විත ය.

Verse 32:7

الَّذِیْۤ اَحْسَنَ كُلَّ شَیْءٍ خَلَقَهٗ وَبَدَاَ خَلْقَ الْاِنْسَانِ مِنْ طِیْنٍ ۟ۚ

ʹAllaẓeee ʹaḥsana kulla shayʹin khalaq̣ahoo wa-badaʹa khalq̣al ʹiñsaani miñ ṭeen;

ඔහු මැවූ සියලු දෑ අලංකාරවත් කළේ ය. තවද මිනිසාගේ මැවීම මැටියෙන් ආරම්භ කළේ ය.

Verse 32:8

ثُمَّ جَعَلَ نَسْلَهٗ مِنْ سُلٰلَةٍ مِّنْ مَّآءٍ مَّهِیْنٍ ۟ۚ

S̤umma jaʻala naslahoo miñ sulaalatim mim maaaʹim maheen:

පසුව ඔහුගේ පරපුර අල්පේච්චිත ජල ධාතුවෙන් ඇති කළේ ය.

Verse 32:9

ثُمَّ سَوّٰىهُ وَنَفَخَ فِیْهِ مِنْ رُّوْحِهٖ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْاَبْصَارَ وَالْاَفْـِٕدَةَ ؕ قَلِیْلًا مَّا تَشْكُرُوْنَ ۟

S̤umma sawwaahu wa-nafakha feehi mir Rooḥihee wa-jaʻala lakumus samʻa wal-ʹabṣaara wal-ʹafʹidah: q̣aleelam maa tashkuroon!

පසුව ඔහු ඔහුව හැඩ ගන්වා ඔහුගේ ප්‍රාණයෙන් ඔහු තුළ පිඹ ප්‍රාණවත් කළේ ය. තවද නුඹලාට ශ්‍රවණය, දෘෂ්ටීන් හා හදවත් ඇති කළේ ය. එහෙත් නුඹලා කෘතවේදී වනුයේ ස්වල්පයකි.

Verse 32:10

وَقَالُوْۤا ءَاِذَا ضَلَلْنَا فِی الْاَرْضِ ءَاِنَّا لَفِیْ خَلْقٍ جَدِیْدٍ ؕ۬ بَلْ هُمْ بِلِقَآءِ رَبِّهِمْ كٰفِرُوْنَ ۟

Wa-q̣aalooo ʹa-ʹiẓaa ḍalalnaa fil ʹarḍi ʹa-ʹinnaa lafee khalq̣iñ jadeed? Bal hum̃ bi-Liq̣aaaʹi Rabbihim kaafiroon!

තවද අපි මහපොළොවෙන් තුරන්ව ගිය විට නියත වශයෙන් ම අපි අලුත් මැවීමක් වන්නෙමු ද? යැයි ඔවුහු ප්‍රශ්න කළෝ ය. එසේ නො ව, ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.

Verse 32:11

قُلْ یَتَوَفّٰىكُمْ مَّلَكُ الْمَوْتِ الَّذِیْ وُكِّلَ بِكُمْ ثُمَّ اِلٰی رَبِّكُمْ تُرْجَعُوْنَ ۟۠

Q̣ul yatawaffaakum Malakul Mawtil laẓee wukkila bikum s̤umma ʹilaa Rabbikum turjaʻoon.

නුඹලාව භාර කරනු ලැබූ මලකුල් මවුත් හෙවත් මරණයේ දූතයා නුඹලා මරණයට පත් කරයි. පසුව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා යොමු කරනු ලබනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.

Verse 32:12

وَلَوْ تَرٰۤی اِذِ الْمُجْرِمُوْنَ نَاكِسُوْا رُءُوْسِهِمْ عِنْدَ رَبِّهِمْ ؕ رَبَّنَاۤ اَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا اِنَّا مُوْقِنُوْنَ ۟

Wa-law taraaa ʹiẓil mujrimoona naakisoo ruʹoosihim ʻiñda Rabbihim: Rabbanaaa ʹabṣarnaa wa-samiʻnaa farjiʻnaa naʻmal ṣaaliḥan ʹinnaa mooq̣inoon.

එවිට වැරදිකරුවන් තම පරමාධිපති අබියස තම හිස් පහත් කර ගනිමින් අපගේ පරමාධිපතියාණනි! අපි දුටුවෙමු. අපි සවන් දුන්නෙමු. එහෙයින් අපව නැවත එවනු මැනව! අපි යහකම් කරන්නෙමු. නියත වශයෙන් ම අපි ස්ථීරව විශ්වාස කරන්නෝ වෙමු යැයි ඔවුන් පවසනු නුඹ දක්නිනේ නම් (එදින තත්ත්වය නුඹට හෙළි වේ.)

Verse 32:13

وَلَوْ شِئْنَا لَاٰتَیْنَا كُلَّ نَفْسٍ هُدٰىهَا وَلٰكِنْ حَقَّ الْقَوْلُ مِنِّیْ لَاَمْلَـَٔنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ اَجْمَعِیْنَ ۟

Wa-law shiʹnaa laʹaataynaa kulla nafsin hudaahaa wa-laakin ḥaq̣q̣al Q̣awlu minnee laʹamlaʹanna Jahannama minal jinnati wannaasi ʹajmaʻeen.

තවද අපි අභිමත කළේ නම් සෑම ආත්මයකට එහි යහමග (මුල සිටම) පිරිනමන්නට තිබුණි. එහෙත් (අපරාධකාරී) ජින් වර්ගයා සහ මිනිස් වර්ගයා යන සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි යන මා විසින් වූ ප්‍රකාශය නියම වී ඇත.

Verse 32:14

فَذُوْقُوْا بِمَا نَسِیْتُمْ لِقَآءَ یَوْمِكُمْ هٰذَا ۚ اِنَّا نَسِیْنٰكُمْ وَذُوْقُوْا عَذَابَ الْخُلْدِ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟

faẓooq̣oo bimaa naseetum Liq̣aaaʹa Yawmikum haaẓaa. ʹInnaa naseenaakum waẓooq̣oo ʻAẓaabal khuldi bimaa kuñtum taʻmaloon!

එහෙයින් මේ නුඹලාගේ දිනයේ හමුව නුඹලා අමතක කළ බැවින් නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන් ම අපි නුඹලා අමතක කළෙමු. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සදාතනික දඬුවම භුක්ති විඳිනු.

Verse 32:15

اِنَّمَا یُؤْمِنُ بِاٰیٰتِنَا الَّذِیْنَ اِذَا ذُكِّرُوْا بِهَا خَرُّوْا سُجَّدًا وَّسَبَّحُوْا بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا یَسْتَكْبِرُوْنَ ۟

ʹInnamaa yuʹminu biʹAayaatinal laẓeena ʹiẓaa ẓukkiroo bihaa kharroo sabbaḥoo sujjadañwwa bi-Ḥamdi Rabbihim Wahum laa- yastakbiroon.

අපගේ වදන් විශ්වාස කරනුයේ ඒවා ඔවුනට මෙනෙහි කරනු ලබන විට (සිරස බිම තබා) සුජූද් කරමින් බිම වැටී ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කළ අය වෙති. තවද ඔවුහු උඬගු නො වෙති.

Verse 32:16

تَتَجَافٰی جُنُوْبُهُمْ عَنِ الْمَضَاجِعِ یَدْعُوْنَ رَبَّهُمْ خَوْفًا وَّطَمَعًا ؗ وَّمِمَّا رَزَقْنٰهُمْ یُنْفِقُوْنَ ۟

Tatajaafaa junoobuhum ʻanil maḍaajiʻi yadʻoona Rabbahum khawfañw waṭamaʻaa: wa-mimmaa razaq̣naahum yuñfiq̣oon.

ඔවුන්ගේ ඇලපත් නිදියහන්වලින් ඔසවා ගෙන බියෙන් හා ආසාවෙන් ඔවුන්ගේ පරමාධිපතිට ඇරයුම් කරති. තවද අප ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.

Verse 32:17

فَلَا تَعْلَمُ نَفْسٌ مَّاۤ اُخْفِیَ لَهُمْ مِّنْ قُرَّةِ اَعْیُنٍ ۚ جَزَآءً بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟

Falaa taʻlamu nafsum maaa ʹukhfiya lahum miñ q̣urrati ʹaʻyun: jazaaaʹam bimaa kaanoo yaʻmaloon.

එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ ඇස් පින වන දෑ කිසිදු ආත්මයක් නො දනී.

Verse 32:18

اَفَمَنْ كَانَ مُؤْمِنًا كَمَنْ كَانَ فَاسِقًا ؔؕ لَا یَسْتَوٗنَ ۟

ʹAfamañ kaana muʹminañ kamañ kaana faasiq̣aa? Laa- yastawoon.

කවරෙකු විශ්වාසවන්තයෙකු වූයේ ද ඔහු පාපතරයකු වූ අය මෙන් විය හැකි ද? ඔවුහු සමාන නො වෙති.

Verse 32:19

اَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَلَهُمْ جَنّٰتُ الْمَاْوٰی ؗ نُزُلًا بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟

ʹAmmal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati falahum Jannaatul maʹwaa, nuzulam bimaa kaanoo yaʻmaloon.

විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට සංග්‍රහයක් වශයෙන් නවාතැන් සහිත ස්වර්ග උයන් ඇත.

Verse 32:20

وَاَمَّا الَّذِیْنَ فَسَقُوْا فَمَاْوٰىهُمُ النَّارُ ؕ كُلَّمَاۤ اَرَادُوْۤا اَنْ یَّخْرُجُوْا مِنْهَاۤ اُعِیْدُوْا فِیْهَا وَقِیْلَ لَهُمْ ذُوْقُوْا عَذَابَ النَّارِ الَّذِیْ كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ ۟

Wa-ʹammal laẓeena fasaq̣oo famaʹwaahumun Naar: kullamaaa ʹaraadooo ʹañy yakhrujoo minhaaa ʹuʻeedoo feehaa wa-q̣eela lahum ẓooq̣oo ʻAẓaaban Naaril laẓee kuñtum̃ bihee tukaẓẓiboon.

තවද පාපකම් කළවුන් වූ කලී ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්න ය. ඉන් බැහැර වීමට ඔවුන් සිතන සෑම මොහොතකම ඔවුන් එහි නැවත යොමු කරනු ලබති. තවද නුඹලා කවර දෙයක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු යැයි ඔවුනට පවසනු ලැබේ.

Verse 32:21

وَلَنُذِیْقَنَّهُمْ مِّنَ الْعَذَابِ الْاَدْنٰی دُوْنَ الْعَذَابِ الْاَكْبَرِ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟

Wa-lanuẓeeq̣an-nahum minal ʻAẓaabil ʹadnaa doonal ʻAẓaabil ʹakbari laʻallahum yarjiʻoon.

තවද (පාපකම්වලින්) ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස මෙම මහත් දඬුවමට පෙර සුළු දඬුවමකින් ඔවුනට විඳවන්නට සලස්වමු.

Verse 32:22

وَمَنْ اَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِاٰیٰتِ رَبِّهٖ ثُمَّ اَعْرَضَ عَنْهَا ؕ اِنَّا مِنَ الْمُجْرِمِیْنَ مُنْتَقِمُوْنَ ۟۠

Wa-man ʹaz̤̣lamu mimmañ ẓukkira biʹAayaati Rabbihee s̤umma ʹaʻraḍa ʻanhaa? ʹInnaa minal mujrimeena muñtaq̣imoon.

තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ පසුව ඒවා පිටුපාන්නාට වඩා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන් ම අපි වැරදි කරන්නන්ට ප්‍රතිවිපාක දෙන්නෝ වෙමු.

Verse 32:23

وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ فَلَا تَكُنْ فِیْ مِرْیَةٍ مِّنْ لِّقَآىِٕهٖ وَجَعَلْنٰهُ هُدًی لِّبَنِیْۤ اِسْرَآءِیْلَ ۟ۚ

Wa-laq̣ad ʹaataynaa Moosal Kitaaba falaa takuñ fee miryatim mil liq̣aaaʹihee wa-jaʻalnaahu hudal li-Baneee ʹIsraaaʹeel.

තවද සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙයින් ඔහුගේ හමුව පිළිබඳව සැකයෙහි නො වනු. තවද අපි එය ඉස්රාඊල් දරුවන්ට මග පෙන්වීමක් බවට පත් කළෙමු.

Verse 32:24

وَجَعَلْنَا مِنْهُمْ اَىِٕمَّةً یَّهْدُوْنَ بِاَمْرِنَا لَمَّا صَبَرُوْا ؕ۫ وَكَانُوْا بِاٰیٰتِنَا یُوْقِنُوْنَ ۟

Wa-jaʻalnaa minḥum ʹAʹimmatañy yahdoona biʹAmrinaa lammaa ṣabaroo; wa-kaanoo biʹAayaatinaa yooq̣inoon.

තවද ඔවුන් ඉවසා අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටි හෙයින් අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් ඔවුන් අතරින් අපි පත් කළෙමු.

Verse 32:25

اِنَّ رَبَّكَ هُوَ یَفْصِلُ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟

ʹInna Rabbaka Huwa yafṣilu baynahum Yawmal Q̣iyaamati feemaa kaanoo feehi yakhtalifoon.

ඔවුන් කවර දෙයක් ගැන මතභේද ඇති කරගෙන සිටියේ ද නියත වශයෙන් ම ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ඔබේ පරමාධිපති වන ඔහු ඔවුන් අතර තීන්දු කරයි.

Verse 32:26

اَوَلَمْ یَهْدِ لَهُمْ كَمْ اَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِّنَ الْقُرُوْنِ یَمْشُوْنَ فِیْ مَسٰكِنِهِمْ ؕ اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ ؕ اَفَلَا یَسْمَعُوْنَ ۟

ʹAwalam yahdi lahum kam ʹahlaknaa miñ q̣ablihim minal q̣urooni yamshoona fee masaakinihim? ʹInna fee ẓaalika laʹAayaat: ʹafalaa yasmaʻoon?

තවද ඔවුනට පෙර, පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුන් ඔවුන්ගේ වාසස්ථාන හරහා ගමන් කරති. එය ඔවුනට මගපෙන්වීමක් නො වී ද? නියත වශයෙන් ම එහි සංඥා ඇත. ඔවුහු සවන් නො දෙන්නෝ ද?

Verse 32:27

اَوَلَمْ یَرَوْا اَنَّا نَسُوْقُ الْمَآءَ اِلَی الْاَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهٖ زَرْعًا تَاْكُلُ مِنْهُ اَنْعَامُهُمْ وَاَنْفُسُهُمْ ؕ اَفَلَا یُبْصِرُوْنَ ۟

ʹAwalam yaraw ʹannaa nasooq̣ul maaaʹa ʹilal ʹarḍil juruzi fanukhriju bihee zarʻañ taʹkulu minhu ʹanʻaamuhum wa-ʹañfusuhum? ʹAfalaa yubṣiroon?

තවද නියත වශයෙන් ම අප ජලය නිසරු පොළොව වෙත ගෙන ගොස් එමඟින් ඔවුන්ගේ ගොවිපළ සතුන් හා ඔවුන් අනුභව කරන භෝග අප හටගැන්වීම ඔවුහු නො දුටුවෝ ද? ඔවුහු නිරීක්ෂා කර නො බලන්නෝ ද?

Verse 32:28

وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْفَتْحُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟

Wa-yaq̣ooloona mataa haaẓal Fatḥu ʹiñ kuñtum ṣaadiq̣een?

තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ජයග්‍රහණය කවදා දැ? යි (නුඹලා පවසනු යැයි) ඔවුහු විමසති.

Verse 32:29

قُلْ یَوْمَ الْفَتْحِ لَا یَنْفَعُ الَّذِیْنَ كَفَرُوْۤا اِیْمَانُهُمْ وَلَا هُمْ یُنْظَرُوْنَ ۟

Q̣ul Yawmal Fatḥi laa- yañfaʻul laẓeena kafarooo ʹeemaanuhum wa-laa hum yuñz̤̣aroon.

ජයග්‍රහණයේ දින, දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ විශ්වාසය ඵල දෙන්නේ නැත. තවද ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නො වෙති යැයි (නබිවරය!) නුඹ පවසනු.

Verse 32:30

فَاَعْرِضْ عَنْهُمْ وَانْتَظِرْ اِنَّهُمْ مُّنْتَظِرُوْنَ ۟۠

Faʹaʻriḍ ʻanhum wañtaz̤̣ir ʹinnahum muñtaz̤̣iroon.

එහෙයින් ඔබ ඔවුන් ගැන නො සලකා හරිනු. තවද ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන් ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.