Surah Luqman
Surah Luqman (Luqman) is Surah 31 of the Holy Quran, a Meccan Surah with 34 verses, available here in Sinhalese.
Verse 31:1
الٓمّٓ ۟ۚ
ʹAlif-Laaam-Meeem.
අලිෆ්, ලාම්, මීම්.
Verse 31:2
تِلْكَ اٰیٰتُ الْكِتٰبِ الْحَكِیْمِ ۟ۙ
Tilka ʹAayaatul Kitaabil Ḥakeem,―
ඒවා ප්‍රඥාවෙන් සපිරුණු ධර්ම ග්‍රන්ථයේ වදන් ය.
Verse 31:3
هُدًی وَّرَحْمَةً لِّلْمُحْسِنِیْنَ ۟ۙ
Hudañw Wa-Raḥmatal lil-Muḥsineen,
එය දැහැමියන්ට මගපෙන්වීමක් හා ආශිර්වාදයකි.
Verse 31:4
الَّذِیْنَ یُقِیْمُوْنَ الصَّلٰوةَ وَیُؤْتُوْنَ الزَّكٰوةَ وَهُمْ بِالْاٰخِرَةِ هُمْ یُوْقِنُوْنَ ۟ؕ
ʹAllaẓeena yuq̣eemoonaṣ Ṣalaata wa-yuʹtoonaz Zakaata wa-hum̃ bil-ʹAakhirati hum yooq̣inoon.
ඔවුහු වනාහි සලාතය විධිමත්ව ඉටු කරති. තවද zසකාත් ද පිරිනමති. තවද ඔවුහු මතු ලොව පිළිබඳව තරයේම විශ්වාස කරන්නෝ වෙති.
Verse 31:5
اُولٰٓىِٕكَ عَلٰی هُدًی مِّنْ رَّبِّهِمْ وَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟
ʹUlaaaʹika ʻalaa Hudam mir Rabbihim wa-ʹulaaaʹika humul Mufliḥoon.
ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ මග පෙන්වීම මත වෙති. තවද ඔවුහු මය ජයග්‍රාහකයෝ.
Verse 31:6
وَمِنَ النَّاسِ مَنْ یَّشْتَرِیْ لَهْوَ الْحَدِیْثِ لِیُضِلَّ عَنْ سَبِیْلِ اللّٰهِ بِغَیْرِ عِلْمٍ ۖۗ وَّیَتَّخِذَهَا هُزُوًا ؕ اُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟
Wa-minan naasi mañy yashtaree lahwal ḥadees̤i liyuḍilla ʻañ Sabeelil laahi big̣ayri ʻilmiñw Wayattakhiẓahaa huzuwaa: ʹulaaaʹika lahum ʻAẓaabum muheen.
තවද ජනයා අතරින් කිසිදු දැනුමකින් තොරව අල්ලාහ්ගේ මාර්ගයෙන් මුළා කරනු වස් පුහු වදන් මිලට ගෙන ඒවා විහිළුවක් බවට ගන්නා අය ද වෙති. තමන්හට නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහු ම ය.
Verse 31:7
وَاِذَا تُتْلٰی عَلَیْهِ اٰیٰتُنَا وَلّٰی مُسْتَكْبِرًا كَاَنْ لَّمْ یَسْمَعْهَا كَاَنَّ فِیْۤ اُذُنَیْهِ وَقْرًا ۚ فَبَشِّرْهُ بِعَذَابٍ اَلِیْمٍ ۟
Wa-ʹiẓaa tutlaa ʻalayhi ʹAayaatunaa wallaa mustakbirañ kaʹal lam yasmaʻhaa kaʹanna feee ʹuẓunayhi waq̣raa: fabashshirhu biʻAẓaabin ʹaleem.
තවද ඔහු වෙත අපගේ වදන් පාරායනා කර පෙන්වනු ලබන අවස්ථාවේ තම දෙකන්හි බිහිරි බව ඇත්තාක් මෙන් තමන්ට එය නො ඇසුණාක් මෙන් අහංකාරයකු සේ හැරී ගියේ ය. එහෙයින් වේදනීය දඬුවම ගැන ඔහුට ශුභාරංචි දන්වනු.
Verse 31:8
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ جَنّٰتُ النَّعِیْمِ ۟ۙ
ʹInnal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati lahum Jannaatun Naʻeem.―
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සුව පහසුකම් සහිත (ස්වර්ග) උයන් ඇත.
Verse 31:9
خٰلِدِیْنَ فِیْهَا ؕ وَعْدَ اللّٰهِ حَقًّا ؕ وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
Khaalideena feehaa. Waʻdal laahi ḥaq̣q̣aa: wa-Huwal ʻAzeezul Ḥakeem.
ඔවුන් එහි සදාතනිකයින් ය. තවද (මෙය) අල්ලාහ්ගෙන් සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
Verse 31:10
خَلَقَ السَّمٰوٰتِ بِغَیْرِ عَمَدٍ تَرَوْنَهَا وَاَلْقٰی فِی الْاَرْضِ رَوَاسِیَ اَنْ تَمِیْدَ بِكُمْ وَبَثَّ فِیْهَا مِنْ كُلِّ دَآبَّةٍ ؕ وَاَنْزَلْنَا مِنَ السَّمَآءِ مَآءً فَاَنْۢبَتْنَا فِیْهَا مِنْ كُلِّ زَوْجٍ كَرِیْمٍ ۟
Khalaq̣as samaawaati big̣ayri ʻamadiñ tarawnahaa wa-ʹalq̣aa fil ʹarḍi rawaasiya ʹañ tameeda bikum wa-bas̤s̤a feehaa miñ kulli daaabbah. Wa-ʹañzalnaa minas samaaaʹi maaaʹañ faʹambatnaa feehaa miñ kulli zawjiñ kareem.
නුඹලා එය දකින අයුරින් කිසිදු කුලුණකින් තොරව අහස් ඔහු මැව්වේ ය. තවද (භූමිය) නුඹලා සමඟ නො සැළී සිටීම පිණිස මහපොළොවේ ඔහු කඳු ඇති කළේ ය. තවද එහි සෑම ජීවියකුම ව්‍යාප්ත කළේ ය. තවද අපි අහසින් ජලය පහළ කොට එහි යහපත් සෑම ජෝඩුවකින් ම පැළෑටි හටගැන්වූයෙමු.
Verse 31:11
هٰذَا خَلْقُ اللّٰهِ فَاَرُوْنِیْ مَاذَا خَلَقَ الَّذِیْنَ مِنْ دُوْنِهٖ ؕ بَلِ الظّٰلِمُوْنَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟۠
Haaẓaa khalq̣ul laahi faʹaroonee maa-ẓaa khalaq̣al laẓeena miñ doonih: baliz̤̣ z̤̣aalimoona fee ḍalaalim mubeen.
මෙය අල්ලාහ්ගේ මැවීම ය. එහෙයින් ඔහුගෙන් තොරවූවන් මැව්වේ කුමක් ද? යන්න ඔබ මට පෙන්වනු. එහෙත් අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහි ය.
Verse 31:12
وَلَقَدْ اٰتَیْنَا لُقْمٰنَ الْحِكْمَةَ اَنِ اشْكُرْ لِلّٰهِ ؕ وَمَنْ یَّشْكُرْ فَاِنَّمَا یَشْكُرُ لِنَفْسِهٖ ۚ وَمَنْ كَفَرَ فَاِنَّ اللّٰهَ غَنِیٌّ حَمِیْدٌ ۟
Wa-laq̣ad ʹaataynaa Luq̣maanal Ḥikmata ʹanish kur lillaah. Wa-mañy yashkur faʹinnamaa yashkuru linafsih: wa-mañ kafara faʹinnal laaha G̣aniyyun Ḥameed.
තවද අල්ලාහ්ට කෘතවේදී වන්නට සැබැවින් ම අපි ලුක්මාන්ට ප්‍රඥාව පිරිනැමුවෙමු. තවද කවරෙකු කෘතවේදී වන්නේ ද එසේ ඔහු කෘතවේදී වනුයේ ඔහුට ම ය. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේද එවිට නියත වශයෙන් ම අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය; ප්‍රශංසාලාභී ය.
Verse 31:13
وَاِذْ قَالَ لُقْمٰنُ لِابْنِهٖ وَهُوَ یَعِظُهٗ یٰبُنَیَّ لَا تُشْرِكْ بِاللّٰهِ ؔؕ اِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِیْمٌ ۟
Wa-ʹiẓ q̣aala Luq̣maanu libnihee wa-huwa yaʻiz̤̣uhoo yaabunayya laa- tushrik billaah. ʹInnash shirka laz̤̣ulmun ʻaz̤̣eem.
තවද ලුක්මාන් තම පුතණුවන්ට උපදෙස් දෙමින් ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු. අහෝ මාගේ පුතණුවනි! ඔබ අල්ලාහ්ට ආදේශ නො කරනු. නියත වශයෙන් ම ආදේශ කිරීම මහත් වූ අපරාධයකි.
Verse 31:14
وَوَصَّیْنَا الْاِنْسَانَ بِوَالِدَیْهِ ۚ حَمَلَتْهُ اُمُّهٗ وَهْنًا عَلٰی وَهْنٍ وَّفِصٰلُهٗ فِیْ عَامَیْنِ اَنِ اشْكُرْ لِیْ وَلِوَالِدَیْكَ ؕ اِلَیَّ الْمَصِیْرُ ۟
Wa-waṣṣaynal ʹiñsaana biwaalidayh: ḥamalathu ʹummuhoo wahnan ʻalaa wahniñw wafiṣaaluhoo fee ʻaamayni ʹanish kur lee waliwaalidayka ʹilayyal Maṣeer.
ඔහුගේ මව දුර්වලත්වයෙන් දුර්වලත්වයට පත්වෙමින් ඔහු ඉසිලුවා ය. ඔහුට කිරිවැරීම වසර දෙකක් තුළ විය. මට හා ඔබේ දෙමාපියන්ට කෘතවේදී වනු. නැවත යොමු වීමේ ස්ථානය මා වෙතය යැයි මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳව අපි උපදෙස් දුනිමු.
Verse 31:15
وَاِنْ جَاهَدٰكَ عَلٰۤی اَنْ تُشْرِكَ بِیْ مَا لَیْسَ لَكَ بِهٖ عِلْمٌ ۙ فَلَا تُطِعْهُمَا وَصَاحِبْهُمَا فِی الدُّنْیَا مَعْرُوْفًا ؗ وَّاتَّبِعْ سَبِیْلَ مَنْ اَنَابَ اِلَیَّ ۚ ثُمَّ اِلَیَّ مَرْجِعُكُمْ فَاُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
Wa-ʹiñ jaahadaaka ʻalaaa ʹañ tushrika bee maa- laysa laka bihee ʻilmuñ falaa tuṭiʻhumaa waṣaaḥibhumaa fid dunyaa maʻroofañw wattabiʻ sabeela man ʹanaaba ʹilayy: s̤umma ʹilayya marjiʻukum faʹunabbiʹukum̃ bimaa kuñtum taʻmaloon.
ඔබට කවර දෙයක් ගැන දැනුම නැත්තේ ද එවන් දෑ මට ආදේශ කිරීමට ඔවුන් දෙදෙනා ඔබට උත්සාහ දැරුවේ නම් එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නො වනු. තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමඟ මිත්‍රශීලීව කටයුතු කරනු. තවද මා වෙත යොමුවූවන්ගේ මාර්ගය ඔබ අනුගමනය කරනු. පසුව නුඹලාගේ නැවත හැරී එන ස්ථානය ඇත්තේ මා වෙත ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව මම නුඹලාට දන්වමි.
Verse 31:16
یٰبُنَیَّ اِنَّهَاۤ اِنْ تَكُ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ فَتَكُنْ فِیْ صَخْرَةٍ اَوْ فِی السَّمٰوٰتِ اَوْ فِی الْاَرْضِ یَاْتِ بِهَا اللّٰهُ ؕ اِنَّ اللّٰهَ لَطِیْفٌ خَبِیْرٌ ۟
Yaabunayya ʹinnahaaa ʹiñ taku mis̤q̣aala ḥabbatim min khardaliñ fatakuñ fee ṣakhratin ʹaw fis samaawaati ʹaw fil ʹarḍi yaʹti bihal laah: ʹinnal laaha Laṭeefun Khabeer.
අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන් ම අබ ඇටයක තරම් ප්‍රමාණකින් යමක් වී එය කළු ගලක් තුළ හෝ අහස් තුළ හෝ මහපොළොව තුළ හෝ තිබුණ ද අල්ලාහ් එය ගෙන එනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියුම් ඥානය ඇත්තා ය; අභිඥාන වන්ත ය.
Verse 31:17
یٰبُنَیَّ اَقِمِ الصَّلٰوةَ وَاْمُرْ بِالْمَعْرُوْفِ وَانْهَ عَنِ الْمُنْكَرِ وَاصْبِرْ عَلٰی مَاۤ اَصَابَكَ ؕ اِنَّ ذٰلِكَ مِنْ عَزْمِ الْاُمُوْرِ ۟ۚ
Yaa bunyya ʹaq̣imiṣ-Ṣalaata waʹmur bilmaʻroofi wanha ʻanil muñkari waṣbir ʻalaa maaa ʹaṣaabak: ʹinna ẓaalika min ʻazmil ʹumoor.
මාගේ පුතණුවනි! ඔබ සලාතය විධිමත්ව ඉටු කරනු. තවද යහපත් දෑ අණ කරනු. තවද පිළිකුල් සහගත දැයින් වළක්වනු. ඔබට හට ගත් දෑ මත ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන් ම එය අධිෂ්ඨාන පූර්වක කරුණු අතරින් වූවකි.
Verse 31:18
وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِی الْاَرْضِ مَرَحًا ؕ اِنَّ اللّٰهَ لَا یُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُوْرٍ ۟ۚ
Wa-laa tuṣaʻʻir khaddaka linnaasi wa-laa tamshi fil ʹarḍi maraḥaa; ʹInnal laaha laa- yuḥibbu kulla mukhtaaliñ fakhoor.
(උඬඟුකමින්) ඔබේ කම්මුල මිනිසුන්ගෙන් නො හරවනු. තවද මහපොළොවේ අහංකාරයෙන් ගමන් නො කරනු. උඩඟු ලීලාවෙන්, උද්දච්චකමින් ගමන් කරන සෑම කෙනෙකුවම නියත වශයෙන් ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත.
Verse 31:19
وَاقْصِدْ فِیْ مَشْیِكَ وَاغْضُضْ مِنْ صَوْتِكَ ؕ اِنَّ اَنْكَرَ الْاَصْوَاتِ لَصَوْتُ الْحَمِیْرِ ۟۠
Waq̣ṣid fee mashyika wag̣ḍuḍ miñ ṣawtik; ʹinna ʹañkaral ʹaṣwaati laṣawtul ḥameer.
තවද ඔබේ ගමනෙහි නිහතමානී වනු. තවද ඔබේ හඬ පහත් කරනු. නියත වශයෙන් ම හඬ අතරින් වඩාත් පිළිකුල් සහගත (හඬ) වනුයේ බූරුවාගේ හඬ ය.
Verse 31:20
اَلَمْ تَرَوْا اَنَّ اللّٰهَ سَخَّرَ لَكُمْ مَّا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ وَاَسْبَغَ عَلَیْكُمْ نِعَمَهٗ ظَاهِرَةً وَّبَاطِنَةً ؕ وَمِنَ النَّاسِ مَنْ یُّجَادِلُ فِی اللّٰهِ بِغَیْرِ عِلْمٍ وَّلَا هُدًی وَّلَا كِتٰبٍ مُّنِیْرٍ ۟
ʹAlam taraw ʹannal laaha sakhkhara lakum maa fis samaawaati wa-maa fil ʹarḍi wa-ʹasbag̣a ʻalaykum niʻamahoo z̤̣aahiratañw wa baaṭinah? Wa-minan naasi mañy yujaadilu fil laahi big̣ayri ʻilmiñw walaa hudañw walaa kitaabim muneer.
අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන් ම අල්ලාහ් නුඹලාට වසඟ කර දුන් බවත් ඔහුගේ ආශිර්වාදය නුඹලා වෙත මතුපිටින් ද ඇතුළාන්තයෙන් ද සම්පූර්ණ කර දී ඇති බවත් නුඹලා නො දුටුවෙහු ද? (එහෙත්) කිසිදු දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය ලබා දෙන ධර්ම ග්‍රන්ථයකින් හෝ තොරව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නෝ ද ජනයා අතරින් වෙති.
Verse 31:21
وَاِذَا قِیْلَ لَهُمُ اتَّبِعُوْا مَاۤ اَنْزَلَ اللّٰهُ قَالُوْا بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَیْهِ اٰبَآءَنَا ؕ اَوَلَوْ كَانَ الشَّیْطٰنُ یَدْعُوْهُمْ اِلٰی عَذَابِ السَّعِیْرِ ۟
Wa-ʹiẓaa q̣eela lahumut tabiʻoo maaa ʹañzalal laahu q̣aaloo bal nattabiʻu maa- wajadnaa ʻalayhi ʹaabaaaʹanaa. ʹAwalaw kaanash Shayṭaanu yadʻoohum ʹilaa ʻaẓaabis Saʻeer?
තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනුයි ඔවුනට කියනු ලැබූ කල්හි අපගේ පියවරු කවර දෙයක් මත සිටිනු අප දුටුවෙමු ද, එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පැවසූහ. ඇවිළෙන ගින්නේ දඬුවම වෙත ෂෙයිතාන් ඔවුන් ඇරයුම් කර සිටිය ද (ඔවුන් එසේ අනුගමනය කරනුයේ ද?)
Verse 31:22
وَمَنْ یُّسْلِمْ وَجْهَهٗۤ اِلَی اللّٰهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقٰی ؕ وَاِلَی اللّٰهِ عَاقِبَةُ الْاُمُوْرِ ۟
Wa-mañy yuslim wajhahooo ʹilal laahi wa-huwa Muḥsinuñ faq̣adis tamsaka bilʻurwatil wus̤q̣aa: wa-ʹilal laahi ʻAaq̣ibatul ʹumoor.
තවද කවරෙකු දැහැමියකුව සිට තම මුහුණ අල්ලාහ් වෙතට යටහත් කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු ශක්තිමත් රැහැනක් තදින් ග්‍රහණය කර ගත්තේ ය. තවද සියලු කරුණුවල අවසානය අල්ලාහ් වෙත ය.
Verse 31:23
وَمَنْ كَفَرَ فَلَا یَحْزُنْكَ كُفْرُهٗ ؕ اِلَیْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُمْ بِمَا عَمِلُوْا ؕ اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
Wa-mañ kafara falaa yaḥzuñka kufruh: ʹilaynaa Marjiʻuhum fanunabbiʹuhum̃ bimaa ʻamiloo: ʹinnal laaha ʻAleemum biẓaatiṣ ṣudoor.
තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔබ දුකට පත් නො කළ යුතු ය. ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙත ය. එවිට ඔවුන් සිදු කළ දෑ පිළිබඳව අපි ඔවුනට දන්වා සිටිමු. නියත වශයෙන් ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය.
Verse 31:24
نُمَتِّعُهُمْ قَلِیْلًا ثُمَّ نَضْطَرُّهُمْ اِلٰی عَذَابٍ غَلِیْظٍ ۟
Numattiʻuhum q̣aleelañ s̤umma naḍṭarruhum ʹilaa ʻaẓaabin g̣aleez̤̣.
අපි ඔවුනට ටික කලක් භුක්ති විඳින්නට සලස්වමු. පසුව අපි ඔවුන් දැඩි දඬුවමක් වෙත යොමු කරන්නෙමු.
Verse 31:25
وَلَىِٕنْ سَاَلْتَهُمْ مَّنْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ لَیَقُوْلُنَّ اللّٰهُ ؕ قُلِ الْحَمْدُ لِلّٰهِ ؕ بَلْ اَكْثَرُهُمْ لَا یَعْلَمُوْنَ ۟
Wa-laʹiñ saʹaltahum man khalaq̣as samaawaati wal-ʹarḍa layaq̣oolunnal laah. Q̣ulil Ḥamdu lillaah! Bal ʹaks̤aruhum laa- yaʻlamoon.
තවද අහස් හා මහපොළොව මැව්වේ කවු දැ? යි ඔබ ඔවුන්ගෙන් විමසුවේ නම් සැබැවින් ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ට යැයි ඔබ පවසනු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
Verse 31:26
لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ اِنَّ اللّٰهَ هُوَ الْغَنِیُّ الْحَمِیْدُ ۟
Lillaahi maa- fis samaawaati wal-ʹarḍ: ʹinnal laaha Huwal G̣aniyyul Ḥameed.
අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතු ය. නියත වශයෙන් ම අල්ලාහ්, ඔහු මය අවශ්‍යතාවන්ගෙන් තොර ය; ප්‍රශංසාලාභී ය.
Verse 31:27
وَلَوْ اَنَّمَا فِی الْاَرْضِ مِنْ شَجَرَةٍ اَقْلَامٌ وَّالْبَحْرُ یَمُدُّهٗ مِنْ بَعْدِهٖ سَبْعَةُ اَبْحُرٍ مَّا نَفِدَتْ كَلِمٰتُ اللّٰهِ ؕ اِنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟
Walaw ʹannamaa- fil ʹarḍi miñ shajaratin ʹaq̣laamuñw wal-baḥru yamudduhoo mim baʻdihee sabʻatu ʹabḥurim maa nafidat Kalimaatul laah: ʹinnal laaha ʻAzeezun Ḥakeem.
තවද මහපොළොවේ ගස් (සියල්ල) පන්හිදවල් වී තවද මුහුද ද එයට පසුව තවත් මුහුදු හතක් (තීන්ත බවට) එයට එකතු වුව ද අල්ලාහ්ගේ වදන් නිමා නො වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
Verse 31:28
مَا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ اِلَّا كَنَفْسٍ وَّاحِدَةٍ ؕ اِنَّ اللّٰهَ سَمِیْعٌ بَصِیْرٌ ۟
Maa- khalq̣ukum wa-laa baʻs̤ukum ʹillaa kanafsiñw waaḥidah: ʹinnal laaha Sameeʻum Baṣeer.
නුඹලා මැවීම හෝ නුඹලා නැවත නැගිටුවීම හෝ එක් ආත්මයක් (මැවීම) මෙන් මිස නැත. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.
Verse 31:29
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ یُوْلِجُ الَّیْلَ فِی النَّهَارِ وَیُوْلِجُ النَّهَارَ فِی الَّیْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ؗ كُلٌّ یَّجْرِیْۤ اِلٰۤی اَجَلٍ مُّسَمًّی وَّاَنَّ اللّٰهَ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟
ʹAlam tara ʹannal laaha yoolijul layla fin nahaari wa-yoolijun nahaara fil layli wa-sakhkharash shamsa wal-q̣amar: kulluñy yajreee ʹilaaa ʹajalim musammañw waʹannal laaha bimaa taʻmaloona khabeer?
නියත වශයෙන් ම අල්ලාහ් රාත්‍රිය දහවල තුළ ඇතුළත් කරන බවත් දහවල රාත්‍රිය තුළ ඇතුළත් කරන බවත් ඔබ නො දුටුවෙහි ද? තවද හිරු හා සඳු ඔහු වසඟ කළේ ය. (එය) සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. තවද නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
Verse 31:30
ذٰلِكَ بِاَنَّ اللّٰهَ هُوَ الْحَقُّ وَاَنَّ مَا یَدْعُوْنَ مِنْ دُوْنِهِ الْبَاطِلُ ۙ وَاَنَّ اللّٰهَ هُوَ الْعَلِیُّ الْكَبِیْرُ ۟۠
Ẓaalika biʹannal laaha Huwal Ḥaq̣q̣u waʹanna maa- yadʻoona miñ doonihil Baaṭilu wa-ʹannal laaha Huwal ʻAliyyul Kabeer.
නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය සත්‍ය ය. තවද නියත වශයෙන් ම ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන දෑ අසත්‍යය වේ. තවද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය උත්තරීතර; අතිමහත් වනයේ.
Verse 31:31
اَلَمْ تَرَ اَنَّ الْفُلْكَ تَجْرِیْ فِی الْبَحْرِ بِنِعْمَتِ اللّٰهِ لِیُرِیَكُمْ مِّنْ اٰیٰتِهٖ ؕ اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُوْرٍ ۟
ʹAlam tara ʹannal fulka tajree fil baḥri biniʻmatil laahi liyuriyakum min ʹAayaatih? ʹInna fee ẓaalika laʹAayaatil likulli ṣabbaariñ shakoor.
ඔහුගේ සංඥා අතරින් නුඹලාට ඔහු(ගේ බලය) පෙන්වීම පිණිස නියත වශයෙන් ම අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මුහුදෙහි ගමන් කරන නැව් ඔබ නො දුටුවෙහි ද? ඉවසිලිවන්ත කෘතගුණ සලකන සෑම කෙනෙකුට ම එහි සංඥාවන් ඇත.
Verse 31:32
وَاِذَا غَشِیَهُمْ مَّوْجٌ كَالظُّلَلِ دَعَوُا اللّٰهَ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ ۚ۬ فَلَمَّا نَجّٰىهُمْ اِلَی الْبَرِّ فَمِنْهُمْ مُّقْتَصِدٌ ؕ وَمَا یَجْحَدُ بِاٰیٰتِنَاۤ اِلَّا كُلُّ خَتَّارٍ كَفُوْرٍ ۟
Wa-ʹiẓaa g̣ashiyahum mawjuñ kaz̤̣z̤̣ulali daʻawul laaha Mukhliṣeena lahud deen. Falammaa najjaahum ʹilal barri faminhum muq̣taṣid. Wa-maa yajḥadu biʹAayaatinaaa ʹillaa kullu khattariñ kafoor!
තවද කඳු මෙන් රළ ඔවුන් වසා ගත් විට දහම අල්ලාහ්ට පමණක් පුද කරන්නන් ලෙසින් ඔවුහු ඔහු ඇරයුම් කළෝ ය. එහෙත් ඔහු ඔවුන් ගොඩබිම වෙත මුදවාගෙන ආ කල්හි එවිට ඔවුන් අතරින් මධ්‍යස්ථව කටයුතු කරන්නන් ද විය. එමෙන් ම වංචාකාර ගුණමකු සෑම කෙනෙකුම මිස අපගේ සංඥා පිටු නො දකිනු ඇත.
Verse 31:33
یٰۤاَیُّهَا النَّاسُ اتَّقُوْا رَبَّكُمْ وَاخْشَوْا یَوْمًا لَّا یَجْزِیْ وَالِدٌ عَنْ وَّلَدِهٖ ؗ وَلَا مَوْلُوْدٌ هُوَ جَازٍ عَنْ وَّالِدِهٖ شَیْـًٔا ؕ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ فَلَا تَغُرَّنَّكُمُ الْحَیٰوةُ الدُّنْیَا ۥ وَلَا یَغُرَّنَّكُمْ بِاللّٰهِ الْغَرُوْرُ ۟
Yaaaʹayyuhan naasut taq̣oo Rabbakum wakhshaw yawmal laa yajzee waalidun ʻañw waladihee wa-laa mawloodun huwa jaazin ʻañw waalidihee shayʹaa. ʹInna waʻdal laahi ḥaq̣q̣uñ falaa tag̣urrannakumul ḥayaatud dunyaa: wa-laa yag̣urrannakum̃ billaahil G̣aroor.
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. තවද පියකු තම දරුවා සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි එමෙන් ම දරුවකුට තම පියා සම්බන්ධයෙන් කිසිවක් කටයුතු කරන්නකු විය නොහැකි දිනයකට නුඹලා බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලාව මුළා කර නො දැමිය යුතු ය. තවද මුළා කරන්නා ද අල්ලාහ් ගැන නුඹලා මුළා නො කර යුතු ය.
Verse 31:34
اِنَّ اللّٰهَ عِنْدَهٗ عِلْمُ السَّاعَةِ ۚ وَیُنَزِّلُ الْغَیْثَ ۚ وَیَعْلَمُ مَا فِی الْاَرْحَامِ ؕ وَمَا تَدْرِیْ نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا ؕ وَمَا تَدْرِیْ نَفْسٌ بِاَیِّ اَرْضٍ تَمُوْتُ ؕ اِنَّ اللّٰهَ عَلِیْمٌ خَبِیْرٌ ۟۠
ʹInnal laaha ʻiñdahoo ʻilmus Saaʻah. Wa-yunazzilul g̣ays̤a wayaʻlamu maa- fil ʹarḥaam. Wa-maa tadree nafsum maaẓaa taksibu g̣adaa: wamaa tadree nafsum biʹayyi ʹarḍiñ tamoot. ʹInnal laaha ʻAleemun khabeer.
අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන් ම අල්ලාහ් වනාහි ඔහු අබියස ය. ඔහු වැසි පහළ කරයි. තවද ගර්භාෂයන් තුළ ඇති දෑ දනී. හෙට දින උපයනුයේ කුමක් දැ? යි කිසිදු ආත්මයක් නො දනී. තවද කවර භූමියක මරණයට පත් වන්නේ දැ? යි කිසිදු ආත්මයක් නො දනී. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; අභිඥානවන්ත ය.