Surah Ar-Rahman
Surah Ar-Rahman (The Beneficent) is Surah 55 of the Holy Quran, a Medinan Surah with 78 verses, available here in Sinhalese.
Verse 55:1
اَلرَّحْمٰنُ ۟ۙ
ʹAR-RAḤ-MAAN.
අපරිමිත දයාන්විතයාණෝ;
Verse 55:2
عَلَّمَ الْقُرْاٰنَ ۟ؕ
ʻAllamal Q̣urʹaan.
ඔහු අල් කුර්ආනය ඉගැන්වී ය.
Verse 55:3
خَلَقَ الْاِنْسَانَ ۟ۙ
Khalaq̣al ʹiñsaan.
ඔහු මිනිසා මැව්වේය.
Verse 55:4
عَلَّمَهُ الْبَیَانَ ۟
ʻAllamahul bayaan.
ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගැන්වී ය.
Verse 55:5
اَلشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ ۟ۙ
ʹAshshamsu walq̣amaru biḥusbaan;
හිරු හා සඳු නියමිත ගණනයකට අනුව පවතී.
Verse 55:6
وَّالنَّجْمُ وَالشَّجَرُ یَسْجُدٰنِ ۟
Wannajmu washshajaru yasjudaan.
තවද තරු හා ගස් ඔහුට සුජූද් කරති.
Verse 55:7
وَالسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ الْمِیْزَانَ ۟ۙ
Was-Samaaaʹa rafaʻahaa wa-waḍaʻal Meezaan
තවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේ ය.
Verse 55:8
اَلَّا تَطْغَوْا فِی الْمِیْزَانِ ۟
ʹAllaa taṭg̣aw fil meezaan.
(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නො කරනු පිණිස.
Verse 55:9
وَاَقِیْمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِیْزَانَ ۟
Wa-ʹaq̣eemul wazna bilq̣isṭi wa-laa tukhsirul meezaan.
තවද නුඹලා සාධාරණයෙන් යුතුව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නො කරනු.
Verse 55:10
وَالْاَرْضَ وَضَعَهَا لِلْاَنَامِ ۟ۙ
Wal-ʹarḍa waḍaʻahaa lilʹanaam:
තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.
Verse 55:11
فِیْهَا فَاكِهَةٌ وَّالنَّخْلُ ذَاتُ الْاَكْمَامِ ۟ۖ
Feehaa faakihatuñw wan-nakhlu ẓaatul ʹakmaam;
එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.
Verse 55:12
وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّیْحَانُ ۟ۚ
Walḥabbu ẓul ʻaṣfi war-rayḥaan.
තවද පොතු සහිත ධාන්‍ය ද සුවඳැති පැළෑටි ද ඇත.
Verse 55:13
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:14
خَلَقَ الْاِنْسَانَ مِنْ صَلْصَالٍ كَالْفَخَّارِ ۟ۙ
Khalaq̣al ʹiñsaana miñ ṣalṣaaliñ kalfakhkhaar,
වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේ ය.
Verse 55:15
وَخَلَقَ الْجَآنَّ مِنْ مَّارِجٍ مِّنْ نَّارٍ ۟ۚ
Wa-khalaq̣al Jaaanna mim maarijim min Naar:
තවද ගින්නෙන් වූ දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේ ය.
Verse 55:16
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:17
رَبُّ الْمَشْرِقَیْنِ وَرَبُّ الْمَغْرِبَیْنِ ۟ۚ
Rabbul Mashriq̣ayni wa-rabbul Mag̣ribayn:
(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන් ය.
Verse 55:18
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:19
مَرَجَ الْبَحْرَیْنِ یَلْتَقِیٰنِ ۟ۙ
Marajal baḥrayni yaltaq̣iyaan:
ඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරී ය.
Verse 55:20
بَیْنَهُمَا بَرْزَخٌ لَّا یَبْغِیٰنِ ۟ۚ
Baynahumaa Barzakhul laa yabg̣iyaan:
ඒ දෙක ඉක්මවා නො යන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.
Verse 55:21
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:22
یَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ ۟ۚ
Yakhruju minhumal Luʹluʹu wal-Marjaan:
ඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි.
Verse 55:23
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:24
وَلَهُ الْجَوَارِ الْمُنْشَـٰٔتُ فِی الْبَحْرِ كَالْاَعْلَامِ ۟ۚ
Wa-lahul Jawaaril muñ-shaʹaaatu fil baḥri kal-ʹaʻlaam:
තවද කඳු මෙන් මුහුදෙහි උසින් ගමන් කරනු ලබන යාත්‍රා ද ඔහුට ඇත.
Verse 55:25
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟۠
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:26
كُلُّ مَنْ عَلَیْهَا فَانٍ ۟ۚۖ
Kullu man ʻalayhaa faan:
ඒ (මහපොළොව) මත ඇති සියල්ල විනාශ වී යන්නක් ය.
Verse 55:27
وَّیَبْقٰی وَجْهُ رَبِّكَ ذُو الْجَلٰلِ وَالْاِكْرَامِ ۟ۚ
Wa-yabq̣aa Wajhu Rabbika Ẓul Jalaali wal-ʹIkraam.
තවද තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුක්ත නුඹගේ පරමාධිපතිගේ මුහුණ නිත්‍යයව පවතී.
Verse 55:28
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:29
یَسْـَٔلُهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ كُلَّ یَوْمٍ هُوَ فِیْ شَاْنٍ ۟ۚ
Yasʹaluhoo mañ fis samaawaati walarḍ: kulla Yawmin Huwa fee shaʹn!
අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ (තම අවශ්‍යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරතව සිටියි.
Verse 55:30
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:31
سَنَفْرُغُ لَكُمْ اَیُّهَ الثَّقَلٰنِ ۟ۚ
Sanafrug̣u lakum ʹayyuhas̤ s̤aq̣alaan!
අහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු.
Verse 55:32
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:33
یٰمَعْشَرَ الْجِنِّ وَالْاِنْسِ اِنِ اسْتَطَعْتُمْ اَنْ تَنْفُذُوْا مِنْ اَقْطَارِ السَّمٰوٰتِ وَالْاَرْضِ فَانْفُذُوْا ؕ لَا تَنْفُذُوْنَ اِلَّا بِسُلْطٰنٍ ۟ۚ
Yaa-Maʻsharal jinni wal-ʹiñsi ʹinis tataʻtum ʹañ tañfuẓoo min ʹaq̣ṭaaris samaawaati wal-ʹarḍi fañfuẓoo! laa- tañfuẓoona ʹillaa bisulṭaan!
අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ සීමාවන්ගෙන් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත.
Verse 55:34
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:35
یُرْسَلُ عَلَیْكُمَا شُوَاظٌ مِّنْ نَّارٍ ۙ۬ وَّنُحَاسٌ فَلَا تَنْتَصِرٰنِ ۟ۚ
Yursalu ʻalaykumaa shuwaaz̤̣um min naariñwwa nuḥaasuñ falaa tañtaṣiraan;
නුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය උදව් නො ලබනු ඇත.
Verse 55:36
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:37
فَاِذَا انْشَقَّتِ السَّمَآءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ ۟ۚ
Faʹiẓañ shaq̣q̣atis samaaaʹu fakaanat wardatañ kaddihaan:
එහෙයින් අහස පැළී ගිය විට එය තෙල් මෙන් රතු පැහැ ගැණෙනු ඇත.
Verse 55:38
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:39
فَیَوْمَىِٕذٍ لَّا یُسْـَٔلُ عَنْ ذَنْۢبِهٖۤ اِنْسٌ وَّلَا جَآنٌّ ۟ۚ
Fayawmaʹiẓil laa yusʹalu ʻañ ẓambiheee ʹiñsuñw Walaa jaaann,―
එහෙයින් එදින මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නො ලබයි.
Verse 55:40
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:41
یُعْرَفُ الْمُجْرِمُوْنَ بِسِیْمٰهُمْ فَیُؤْخَذُ بِالنَّوَاصِیْ وَالْاَقْدَامِ ۟ۚ
Yuʻraful mujrimoona biseemaahum fayuʹkhaẓu binnawaaṣee wal-ʹaq̣daam.
වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණුවලින් හඳුනා ගනු ලබති. එවිට ඔවුහු ඉදිරි නළල් කෙස් රොද හා පාදවලින් ග්‍රහණය කරනු ලබති.
Verse 55:42
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:43
هٰذِهٖ جَهَنَّمُ الَّتِیْ یُكَذِّبُ بِهَا الْمُجْرِمُوْنَ ۟ۘ
Haaẓihee Jahannamul latee yukaẓẓibu bihal mujrimoon;
වැරදිකරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ.
Verse 55:44
یَطُوْفُوْنَ بَیْنَهَا وَبَیْنَ حَمِیْمٍ اٰنٍ ۟ۚ
Yaṭoofoona baynahaa wa-bayna ḥameemin ʹaan!
ඒ අතර හා දැඩි රශ්මීය ලෝදිය අතර ඔවුහු සැරිසරමින් සිටිති.
Verse 55:45
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟۠
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:46
وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهٖ جَنَّتٰنِ ۟ۚ
Wa-liman khaafa maq̣aama Rabbihee Jannataan,―
තම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බිය වූවන්ට (ස්වර්ග) උයන් දෙකක් ඇත.
Verse 55:47
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟ۙ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:48
ذَوَاتَاۤ اَفْنَانٍ ۟ۚ
Ẓawaataaa ʹafnaan:―
සාරවත් අතුවලින් යුක්ත (උයන්) දෙකකි.
Verse 55:49
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:50
فِیْهِمَا عَیْنٰنِ تَجْرِیٰنِ ۟ۚ
Feehimaa ʻaynaani tajriyaan:―
ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකක් ඇත.
Verse 55:51
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:52
فِیْهِمَا مِنْ كُلِّ فَاكِهَةٍ زَوْجٰنِ ۟ۚ
Feehimaa miñ kulli faakihatiñ zawjaan.
සෑම පලතුරකින් ම දෙවර්ගයක් බැගින් ඒ දෙකහි ඇත.
Verse 55:53
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:54
مُتَّكِـِٕیْنَ عَلٰی فُرُشٍ بَطَآىِٕنُهَا مِنْ اِسْتَبْرَقٍ ؕ وَجَنَا الْجَنَّتَیْنِ دَانٍ ۟ۚ
Muttakiʹeena ʻalaa furushim baṭaaaʹinuhaa min ʹistabraq̣: wa-janal jannatayni daan.
ඔවුන් ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙස සිටිති. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙන් යුක්ත ය. එම උයන් දෙකෙහි පලතුරු පහළට බර වී පවතී.
Verse 55:55
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:56
فِیْهِنَّ قٰصِرٰتُ الطَّرْفِ ۙ لَمْ یَطْمِثْهُنَّ اِنْسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ ۟ۚ
Feehinna q̣aaṣiraatuṭ ṭarfi lam yaṭmis̤hunna ʹiñsuñ q̣ablahum wa-laa jaaann;―
ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්‍යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
Verse 55:57
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟ۚ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:58
كَاَنَّهُنَّ الْیَاقُوْتُ وَالْمَرْجَانُ ۟ۚ
Kaʹannahunnal yaaq̣ootu wal-marjaan.
නියත වශයෙන් ම ඔවුහු මැණික් හා පබළු මෙන් වෙති.
Verse 55:59
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:60
هَلْ جَزَآءُ الْاِحْسَانِ اِلَّا الْاِحْسَانُ ۟ۚ
Hal Jazaaaʹul ʹIḥsaani ʹillal ʹIḥsaan?
යහපතට යහපත මිස වෙනත් ප්‍රතිඵලයක් තිබේ ද?
Verse 55:61
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
Verse 55:62
وَمِنْ دُوْنِهِمَا جَنَّتٰنِ ۟ۚ
Wa-miñ doonihimaa Jannataan,―
තවද ඒ දෙකට අමතරව (තවත්) උයන් දෙකකි.
Verse 55:63
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟ۙ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:64
مُدْهَآمَّتٰنِ ۟ۚ
Mudhaaammataan.
(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්ත ය.
Verse 55:65
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟ۚ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:66
فِیْهِمَا عَیْنٰنِ نَضَّاخَتٰنِ ۟ۚ
Feehimaa ʻaynaani naḍ-ḍaakhataan:
ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකක් ඇත.
Verse 55:67
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:68
فِیْهِمَا فَاكِهَةٌ وَّنَخْلٌ وَّرُمَّانٌ ۟ۚ
Feehimaa faakihatuñw wanakhluñw warummaan:
ඒ දෙකෙහි පලතුරු ද, රටඉඳි ද, දෙළුම් ද ඇත.
Verse 55:69
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟ۚ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:70
فِیْهِنَّ خَیْرٰتٌ حِسَانٌ ۟ۚ
Feehinna khayraatun ḥisaan;
රූමත් යහපත් කාන්තාවෝ ඒවායෙහි වෙති.
Verse 55:71
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟ۚ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:72
حُوْرٌ مَّقْصُوْرٰتٌ فِی الْخِیَامِ ۟ۚ
Ḥoorum maq̣ṣooraatuñ fil khiyaam;―
(ඔවුහු) කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවෝ වෙති.
Verse 55:73
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟ۚ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:74
لَمْ یَطْمِثْهُنَّ اِنْسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ ۟ۚ
Lam yaṭmis̤hunna ʹiñsuñ q̣ablahum wa-laa jaaan;
ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
Verse 55:75
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:76
مُتَّكِـِٕیْنَ عَلٰی رَفْرَفٍ خُضْرٍ وَّعَبْقَرِیٍّ حِسَانٍ ۟ۚ
Muttakiʹeena ʻalaa rafrafin khuḍriñw waʻabq̣ariyyin ḥisaan.
(ඔවුන්) කොළ පැහැති මෙට්ට මත ද අලංකාර බුමුතුරුණු මත ද හාන්සිවන්නන් ලෙස සිටිති.
Verse 55:77
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
Verse 55:78
تَبٰرَكَ اسْمُ رَبِّكَ ذِی الْجَلٰلِ وَالْاِكْرَامِ ۟۠
Tabaarak asmu Rabbika Ẓil Jalaali wal-ʹIkraam.
තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුත් නුඹගේ පරමාධිපතිගේ නාමය අතිඋත්කෘෂ්ට විය.