Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah Al-Waqiah

Surah Al-Waqiah (The Inevitable) is Surah 56 of the Holy Quran, a Meccan Surah with 96 verses, available here in Sinhalese.

Surah 56 Meccan 96 verses Sinhalese

Verse 56:1

اِذَا وَقَعَتِ الْوَاقِعَةُ ۟ۙ

ʹIẓaa wa-q̣aʻatil WAAQ̣IʻAH,

සිදු වන දෑ (එනම් නැගිටවනු ලබන දිනය) සිදු වූ විට;

Verse 56:2

لَیْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ۟ۘ

Laysa liwaq̣ʻatihaa kaaẓibah.

එම සිදු වීම බොරුවක් නො වෙයි.

Verse 56:3

خَافِضَةٌ رَّافِعَةٌ ۟ۙ

Khaafiḍatur Raafiʻah;

(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.

Verse 56:4

اِذَا رُجَّتِ الْاَرْضُ رَجًّا ۟ۙ

ʹIẓaa rujjatil ʹarḍu rajjaa,

මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට;

Verse 56:5

وَّبُسَّتِ الْجِبَالُ بَسًّا ۟ۙ

Wa-bussatil jibaalu bassaa,

තවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට;

Verse 56:6

فَكَانَتْ هَبَآءً مُّنْۢبَثًّا ۟ۙ

Fakaanat habaaaʹam mumbas̤s̤aa,

එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.

Verse 56:7

وَّكُنْتُمْ اَزْوَاجًا ثَلٰثَةً ۟ؕ

Wa-kuñtum ʹazwaajañ s̤alaas̤ah.

එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහු ය.

Verse 56:8

فَاَصْحٰبُ الْمَیْمَنَةِ ۙ۬ مَاۤ اَصْحٰبُ الْمَیْمَنَةِ ۟ؕ

FaʹAṣḥaabul Maymanah; Maaa ʹAṣḥaabul Maymanah?

එනම් දකුණු පස ජනයා. එම දකුණු පස ජනයා යනු කවරෙක් ද?

Verse 56:9

وَاَصْحٰبُ الْمَشْـَٔمَةِ ۙ۬ مَاۤ اَصْحٰبُ الْمَشْـَٔمَةِ ۟ؕ

Wa-ʹAṣḥaabul mashʹamah,― Maaa ʹAṣḥaabul Mashʹamah?

තවද වම් පස ජනයා. එම වම් පස ජනයා යනු කවරෙක් ද?

Verse 56:10

وَالسّٰبِقُوْنَ السّٰبِقُوْنَ ۟ۚۙ

Was-Saabiq̣oonas Saabiq̣oon.

පෙරටුගාමීහු පෙරටු ගාමීහු ය.

Verse 56:11

اُولٰٓىِٕكَ الْمُقَرَّبُوْنَ ۟ۚ

ʹUlaaaʹikal Muq̣arraboon:

ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.

Verse 56:12

فِیْ جَنّٰتِ النَّعِیْمِ ۟

Fee Jannaatin Naʻeem:

(ඔවුන්) සැපවත් උයන්හි සිටිති.

Verse 56:13

ثُلَّةٌ مِّنَ الْاَوَّلِیْنَ ۟ۙ

S̤ullatum minal ʹawwaleen,

මුල් අයගෙන් වූ පිරිසකි.

Verse 56:14

وَقَلِیْلٌ مِّنَ الْاٰخِرِیْنَ ۟ؕ

Wa-q̣aleelum minal ʹaakhireen.

තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.

Verse 56:15

عَلٰی سُرُرٍ مَّوْضُوْنَةٍ ۟ۙ

ʻAlaa sururim mawḍoonah,

(ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති.

Verse 56:16

مُّتَّكِـِٕیْنَ عَلَیْهَا مُتَقٰبِلِیْنَ ۟

Muttakiʹeena ʻalayhaa mutaq̣aabileen.

ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.

Verse 56:17

یَطُوْفُ عَلَیْهِمْ وِلْدَانٌ مُّخَلَّدُوْنَ ۟ۙ

Yaṭoofu ʻalayhim wildaanum mukhalladoon,

ළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.

Verse 56:18

بِاَكْوَابٍ وَّاَبَارِیْقَ ۙ۬ وَكَاْسٍ مِّنْ مَّعِیْنٍ ۟ۙ

Biʹakwaabiñw Waʹabaareeq̣a, wa-kaʹsim mim maʻeen:

දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)

Verse 56:19

لَّا یُصَدَّعُوْنَ عَنْهَا وَلَا یُنْزِفُوْنَ ۟ۙ

Laa- yuṣaddaʻoona ʻanhaa wa-laa yuñzifoon:

එයින් ඔවුනට හිසේ රුදාව ඇති නො වේ. තවද ඔවුන් මත් නො වෙති.

Verse 56:20

وَفَاكِهَةٍ مِّمَّا یَتَخَیَّرُوْنَ ۟ۙ

Wa-faakihatim mimmaa yatakhayyaroon;

ඔවුන් කැමති පලතුරු සමග ද;

Verse 56:21

وَلَحْمِ طَیْرٍ مِّمَّا یَشْتَهُوْنَ ۟ؕ

Wa-laḥmi ṭayrim mimmaa yashtahoon.

ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)

Verse 56:22

وَحُوْرٌ عِیْنٌ ۟ۙ

Wa-ḥoorun ʻeen,―

තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.

Verse 56:23

كَاَمْثَالِ اللُّؤْلُوءِ الْمَكْنُوْنِ ۟ۚ

Kaʹams̤aalil luʹluʹil maknoon.

(ඔවුන්) සඟවා තබන ලද මුතුවලට සමාන ය.

Verse 56:24

جَزَآءً بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟

Jazaaaʹam bimaa kaanoo yaʻmaloon.

(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.

Verse 56:25

لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا وَّلَا تَاْثِیْمًا ۟ۙ

Laa- yasmaʻoona feehaa lag̣wañw walaa taʹs̤eemaa,―

ඔවුහු එහි පුහු දෙයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නො දෙති.

Verse 56:26

اِلَّا قِیْلًا سَلٰمًا سَلٰمًا ۟

ʹIllaa q̣eelañ Salaamañ Salaamaa.

සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස.

Verse 56:27

وَاَصْحٰبُ الْیَمِیْنِ ۙ۬ مَاۤ اَصْحٰبُ الْیَمِیْنِ ۟ؕ

Wa-ʹAṣḥaabul Yameen,― maaa ʹAṣḥaabul Yameen

දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?

Verse 56:28

فِیْ سِدْرٍ مَّخْضُوْدٍ ۟ۙ

Fee sidrim makhḍood,

(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහි ය.

Verse 56:29

وَّطَلْحٍ مَّنْضُوْدٍ ۟ۙ

Wa-ṭalḥim mañḍood,―

තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතර ය.

Verse 56:30

وَّظِلٍّ مَّمْدُوْدٍ ۟ۙ

Wa-z̤̣illim mamdood,

තවද දිගු කරනු ලැබූ සෙවණැලි අතර ය.

Verse 56:31

وَّمَآءٍ مَّسْكُوْبٍ ۟ۙ

Wa-maaaʹim maskoob,

තවද ගලා යවනු ලබන ජලය අතර ය.

Verse 56:32

وَّفَاكِهَةٍ كَثِیْرَةٍ ۟ۙ

Wa-faakihatiñ kas̤eerah,

තවද බොහෝ පලතුරු අතර ය.

Verse 56:33

لَّا مَقْطُوْعَةٍ وَّلَا مَمْنُوْعَةٍ ۟ۙ

Laa maq̣ṭooʻatiñw walaa mamnooʻah,

කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.

Verse 56:34

وَّفُرُشٍ مَّرْفُوْعَةٍ ۟ؕ

Wa-furushim marfooʻah.

තවද උස්ව තබන ලද ඇතිරිලි අතර ය.

Verse 56:35

اِنَّاۤ اَنْشَاْنٰهُنَّ اِنْشَآءً ۟ۙ

ʹInnaaa ʹañshaʹnaahunna ʹiñshaaaʹaa,

නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.

Verse 56:36

فَجَعَلْنٰهُنَّ اَبْكَارًا ۟ۙ

Fajaʻalnaahunna ʹabkaaraa―

අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.

Verse 56:37

عُرُبًا اَتْرَابًا ۟ۙ

ʻUruban ʹatraabaa,

පෙම්බර සම වයසැති,

Verse 56:38

لِّاَصْحٰبِ الْیَمِیْنِ ۟ؕ۠

LiʹAṣḥaabil Yameen.

දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)

Verse 56:39

ثُلَّةٌ مِّنَ الْاَوَّلِیْنَ ۟ۙ

S̤ullatum minal ʹawwaleen.

(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.

Verse 56:40

وَثُلَّةٌ مِّنَ الْاٰخِرِیْنَ ۟ؕ

Wa-s̤ullatum minal ʹaakhireen.

තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.

Verse 56:41

وَاَصْحٰبُ الشِّمَالِ ۙ۬ مَاۤ اَصْحٰبُ الشِّمَالِ ۟ؕ

Wa-ʹAṣḥaabush Shimaal,― maaa ʹAṣḥaabush shimaal?

තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?

Verse 56:42

فِیْ سَمُوْمٍ وَّحَمِیْمٍ ۟ۙ

Fee samoomiñw waḥameem,―

(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතර ය.

Verse 56:43

وَّظِلٍّ مِّنْ یَّحْمُوْمٍ ۟ۙ

Wa-z̤̣illim miñy yaḥmoom:

තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතර ය.

Verse 56:44

لَّا بَارِدٍ وَّلَا كَرِیْمٍ ۟

Laa baaridiñw walaa kareem,

(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.

Verse 56:45

اِنَّهُمْ كَانُوْا قَبْلَ ذٰلِكَ مُتْرَفِیْنَ ۟ۚۖ

ʹInnahum kaanoo q̣abla ẓaalika mutrafeen,

නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ.

Verse 56:46

وَكَانُوْا یُصِرُّوْنَ عَلَی الْحِنْثِ الْعَظِیْمِ ۟ۚ

Wa-kaanoo yuṣirroona ʻalal ḥins̤il ʻaz̤̣eem!

තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ.

Verse 56:47

وَكَانُوْا یَقُوْلُوْنَ ۙ۬ اَىِٕذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ ۟ۙ

Wa-kaanu yaq̣ooloona, ʹaʹiẓaa mitnaa wa-kunnaa turaabañw waʻiz̤̣aaman ʹaʹinnaa lamabʻoos̤oon,

තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ.

Verse 56:48

اَوَاٰبَآؤُنَا الْاَوَّلُوْنَ ۟

ʹA-waʹaabaaaʹunal ʹawwaloon?

“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”

Verse 56:49

قُلْ اِنَّ الْاَوَّلِیْنَ وَالْاٰخِرِیْنَ ۟ۙ

Q̣ul ʹinnal ʹawwaleena wal-ʹaakhireen,

“නියත වශයෙන් ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු.

Verse 56:50

لَمَجْمُوْعُوْنَ ۙ۬ اِلٰی مِیْقَاتِ یَوْمٍ مَّعْلُوْمٍ ۟

Lamajmooʻoona ʹilaa meeq̣aati Yawmim maʻloom.

ඔවුන් සැබවින් ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.

Verse 56:51

ثُمَّ اِنَّكُمْ اَیُّهَا الضَّآلُّوْنَ الْمُكَذِّبُوْنَ ۟ۙ

S̤umma ʹinnakum ʹayyuhaḍ ḍaaalloonal mukaẓẓiboon!

ඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා!

Verse 56:52

لَاٰكِلُوْنَ مِنْ شَجَرٍ مِّنْ زَقُّوْمٍ ۟ۙ

Laʹaakiloona miñ Shajarim miñ Zaq̣q̣oom.

නියත වශයෙන් ම zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.

Verse 56:53

فَمَالِـُٔوْنَ مِنْهَا الْبُطُوْنَ ۟ۚ

Famaaliʹoona minhal buṭoon,―

එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.

Verse 56:54

فَشٰرِبُوْنَ عَلَیْهِ مِنَ الْحَمِیْمِ ۟ۚ

Fashaariboona ʻalayhi minal Ḥameem:

ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.

Verse 56:55

فَشٰرِبُوْنَ شُرْبَ الْهِیْمِ ۟ؕ

Fashaariboona shurbal heem.

පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.

Verse 56:56

هٰذَا نُزُلُهُمْ یَوْمَ الدِّیْنِ ۟ؕ

Haaẓaa nuzuluhum Yawmad Deen!

මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.

Verse 56:57

نَحْنُ خَلَقْنٰكُمْ فَلَوْلَا تُصَدِّقُوْنَ ۟

Naḥnu khalaq̣naakum falawlaa tuṣaddiq̣oon?

අප මය නුඹලාව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නො කරන්නෙහු ද?

Verse 56:58

اَفَرَءَیْتُمْ مَّا تُمْنُوْنَ ۟ؕ

ʹAfaraʹaytum maa tumnoon?

නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන සිතා බැලුවෙහු ද?

Verse 56:59

ءَاَنْتُمْ تَخْلُقُوْنَهٗۤ اَمْ نَحْنُ الْخٰلِقُوْنَ ۟

ʹAʹañtum takhluq̣oonahooo ʹam Naḥnul Khaaliq̣oon?

එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නෝ අපි ද?

Verse 56:60

نَحْنُ قَدَّرْنَا بَیْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوْقِیْنَ ۟ۙ

Naḥnu q̣addarnaa baynakumul Mawta wa-maa Naḥnu bimasbooq̣een

නුඹලා අතර මරණය නිර්ණය කළේ අප ය. අපි අසමත් වන්නන් නො වෙමු.

Verse 56:61

عَلٰۤی اَنْ نُّبَدِّلَ اَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِیْ مَا لَا تَعْلَمُوْنَ ۟

ʻAlaaa ʹan nubaddila ʹAms̤aalakum wa-nuñshiʹakum fee maa laa- taʻlamoon.

නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලාව (යළි) බිහි කිරීමටත් (අපි අසමත් වන්නන් නො වෙමු.)

Verse 56:62

وَلَقَدْ عَلِمْتُمُ النَّشْاَةَ الْاُوْلٰی فَلَوْلَا تَذَكَّرُوْنَ ۟

Wa-laq̣ad ʻalimtumun nashʹatal ʹoolaa falawlaa taẓakkaroon?

තවද මුල් මැවීම ගැන සැබැවින් ම නුඹලා දන්නෙහු ය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?

Verse 56:63

اَفَرَءَیْتُمْ مَّا تَحْرُثُوْنَ ۟ؕ

ʹAfaraʹaytum maa taḥrus̤oon?

නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?

Verse 56:64

ءَاَنْتُمْ تَزْرَعُوْنَهٗۤ اَمْ نَحْنُ الزّٰرِعُوْنَ ۟

ʹAʹañtum tazraʻoonahooo ʹam Naḥnuz zaariʻoon?

එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අපි ද?

Verse 56:65

لَوْ نَشَآءُ لَجَعَلْنٰهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُوْنَ ۟

Law nashaaaʹu lajaʻal-naahu ḥuṭaamañ faz̤̣altum tafakkahoon:

අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.

Verse 56:66

اِنَّا لَمُغْرَمُوْنَ ۟ۙ

ʹInnaa lamug̣ramoon:

“නියත වශයෙන් ම අපි ණය කාරයෝ වෙමු.”

Verse 56:67

بَلْ نَحْنُ مَحْرُوْمُوْنَ ۟

Bal naḥnu maḥroomoon.

“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.)

Verse 56:68

اَفَرَءَیْتُمُ الْمَآءَ الَّذِیْ تَشْرَبُوْنَ ۟ؕ

ʹAfaraʹaytumul maaa ʹallaẓee tashraboon?

නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද?

Verse 56:69

ءَاَنْتُمْ اَنْزَلْتُمُوْهُ مِنَ الْمُزْنِ اَمْ نَحْنُ الْمُنْزِلُوْنَ ۟

ʹAʹañtum ʹañzaltumoohu minal muzni ʹam Naḥnul muñziloon?

එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපි ද?

Verse 56:70

لَوْ نَشَآءُ جَعَلْنٰهُ اُجَاجًا فَلَوْلَا تَشْكُرُوْنَ ۟

Law nashaaaʹu jaʻalnaahu ʹujaajañ falawlaa tashkuroon?

අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නො වේ ද?

Verse 56:71

اَفَرَءَیْتُمُ النَّارَ الَّتِیْ تُوْرُوْنَ ۟ؕ

ʹAfaraʹaytumun naaral latee tooroon?

නුඹලා දල්වන ගින්න සිතා බැලුවෙහු ද?

Verse 56:72

ءَاَنْتُمْ اَنْشَاْتُمْ شَجَرَتَهَاۤ اَمْ نَحْنُ الْمُنْشِـُٔوْنَ ۟

ʹAʹañtum ʹañshaʹtum shajaratahaaa ʹam Naḥnul muñshiʹoon?

(එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අපි ද?

Verse 56:73

نَحْنُ جَعَلْنٰهَا تَذْكِرَةً وَّمَتَاعًا لِّلْمُقْوِیْنَ ۟ۚ

Naḥnu jaʻalnaahaa taẓkiratañw wamataaʻal lilmuq̣ween.

අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු.

Verse 56:74

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟۠

Fasabbiḥ bismi Rabbikal ʻAz̤̣eem!

එහෙයින් නුඹගේ අතිමහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.

Verse 56:75

فَلَاۤ اُقْسِمُ بِمَوٰقِعِ النُّجُوْمِ ۟ۙ

Falaaa ʹuq̣simu bimawaaq̣iʻin Nujoom,―

එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.

Verse 56:76

وَاِنَّهٗ لَقَسَمٌ لَّوْ تَعْلَمُوْنَ عَظِیْمٌ ۟ۙ

Wa-ʹinnahoo laq̣asamul law taʻlamoona ʻaz̤̣eem,―

තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.

Verse 56:77

اِنَّهٗ لَقُرْاٰنٌ كَرِیْمٌ ۟ۙ

ʹInnahoo la-Q̣urʹaanuñ Kareem,

නියත වශයෙන් ම එය ගෞරවනීය කුර්ආනයකි.

Verse 56:78

فِیْ كِتٰبٍ مَّكْنُوْنٍ ۟ۙ

Fee Kitaabim maknoon,―

ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහි තිබිණ.

Verse 56:79

لَّا یَمَسُّهٗۤ اِلَّا الْمُطَهَّرُوْنَ ۟ؕ

Laa- yamassuhooo ʹillal muṭahharoon:

එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නො කරති.

Verse 56:80

تَنْزِیْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟

Tañzeelum mir Rabbil ʻAalameen.

ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.

Verse 56:81

اَفَبِهٰذَا الْحَدِیْثِ اَنْتُمْ مُّدْهِنُوْنَ ۟ۙ

ʹAfabihaaẓal Ḥadees̤i ʹañtum mudhinoon?

නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නො සලකා හරින්නන් ලෙස සිටිනුයේ?

Verse 56:82

وَتَجْعَلُوْنَ رِزْقَكُمْ اَنَّكُمْ تُكَذِّبُوْنَ ۟

Wa-tajʻaloona rizq̣akum ʹannakum tukaẓẓiboon?

තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන් ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?

Verse 56:83

فَلَوْلَاۤ اِذَا بَلَغَتِ الْحُلْقُوْمَ ۟ۙ

Falawlaa ʹiẓaa balag̣atil ḥulq̣oom,―

(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;

Verse 56:84

وَاَنْتُمْ حِیْنَىِٕذٍ تَنْظُرُوْنَ ۟ۙ

Wa-ʹañtum ḥeenaʹiẓiñ tañz̤̣uroon,―

නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහු ය.

Verse 56:85

وَنَحْنُ اَقْرَبُ اِلَیْهِ مِنْكُمْ وَلٰكِنْ لَّا تُبْصِرُوْنَ ۟

Wa-Naḥnu ʹaq̣rabu ʹilayhi miñkum wa-laakil laa tubṣiroon,―

තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. එහෙත් නුඹලා නො දකිනු ඇත.

Verse 56:86

فَلَوْلَاۤ اِنْ كُنْتُمْ غَیْرَ مَدِیْنِیْنَ ۟ۙ

Falawlaaa ʹiñ kuñtum g̣ayra madeeneen,―

එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නො ලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;

Verse 56:87

تَرْجِعُوْنَهَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟

Tarjiʻoonahaaa ʹiñ kuñtum ṣaadiq̣een?

නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු.

Verse 56:88

فَاَمَّاۤ اِنْ كَانَ مِنَ الْمُقَرَّبِیْنَ ۟ۙ

Faʹammaaa ʹiñ kaana minal Muq̣arrabeen,―

ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;

Verse 56:89

فَرَوْحٌ وَّرَیْحَانٌ ۙ۬ وَّجَنَّتُ نَعِیْمٍ ۟

Fa-Rawḥuñw Wa-Rayḥaanuñw Wa-Jannatu Naʻeem.

සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත.

Verse 56:90

وَاَمَّاۤ اِنْ كَانَ مِنْ اَصْحٰبِ الْیَمِیْنِ ۟ۙ

Wa-ʹammaaa ʹiñ kaana min ʹAṣḥaabil yameen.―

තවද ඔහු දකුණු පස ජනයා අතරින් වූයේ නම්;

Verse 56:91

فَسَلٰمٌ لَّكَ مِنْ اَصْحٰبِ الْیَمِیْنِ ۟ؕ

Fa-Salaamul laka min Aṣḥaabil yameen.

දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි.

Verse 56:92

وَاَمَّاۤ اِنْ كَانَ مِنَ الْمُكَذِّبِیْنَ الضَّآلِّیْنَ ۟ۙ

Wa-ʹammaaa ʹiñ kaana minal Mukaẓẓibeenaḍ ḍaaalleen,

ඔහු නොමග ගිය බොරු කරන්නන් අතරින් වූයේ නම්;

Verse 56:93

فَنُزُلٌ مِّنْ حَمِیْمٍ ۟ۙ

Fanuzulum min ḥameem,―

එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත.

Verse 56:94

وَّتَصْلِیَةُ جَحِیْمٍ ۟

Wa-taṣliyatu Jaḥeem.

තවද නිරා ගින්නෙහි දැවීම ද (ඔහුට) ඇත.

Verse 56:95

اِنَّ هٰذَا لَهُوَ حَقُّ الْیَقِیْنِ ۟ۚ

ʹInna haaẓaa lahuwa Ḥaq̣q̣ul Yaq̣een.

ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන් ම මෙය ම ය.

Verse 56:96

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟۠

Fasabbiḥ bismi Rabbikal ʻAz̤̣eem.

එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.