Surah Al-Qamar
Surah Al-Qamar (The Moon) is Surah 54 of the Holy Quran, a Meccan Surah with 55 verses, available here in Sinhalese.
Verse 54:1
اِقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ ۟
ʹIq̣tarabatis Saaʻatu wañ-shaq̣q̣al Q̣AMAR.
අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත.
Verse 54:2
وَاِنْ یَّرَوْا اٰیَةً یُّعْرِضُوْا وَیَقُوْلُوْا سِحْرٌ مُّسْتَمِرٌّ ۟
Wa-ʹiñy yaraw ʹaayatañy yuʻriḍoo wa-yaq̣ooloo siḥrum mustamirr.
තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති.
Verse 54:3
وَكَذَّبُوْا وَاتَّبَعُوْۤا اَهْوَآءَهُمْ وَكُلُّ اَمْرٍ مُّسْتَقِرٌّ ۟
Wa-kaẓẓaboo wattabaʻooo ʹahwaaaʹahum wa-kullu ʹamrim mustaq̣irr.
තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කළෝ ය. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක් ම සිදුවන්නකි.
Verse 54:4
وَلَقَدْ جَآءَهُمْ مِّنَ الْاَنْۢبَآءِ مَا فِیْهِ مُزْدَجَرٌ ۟ۙ
Wa-laq̣ad jaaaʹahum minal ʹambaaaʹi maa- feehi muzdajar.
තවද අවවාදයන් ඇතුළත් තොරතුරු ඔවුන් වෙත සැබැවින් ම පැමිණ ඇත.
Verse 54:5
حِكْمَةٌ بَالِغَةٌ فَمَا تُغْنِ النُّذُرُ ۟ۙ
Ḥikmatum baalig̣atuñ famaa tug̣nin Nuẓur.
එය ගැඹුරු ප්‍රඥාවකි. නමුත් එම අවවාදය ඵලක් නොවීය.
Verse 54:6
فَتَوَلَّ عَنْهُمْ ۘ یَوْمَ یَدْعُ الدَّاعِ اِلٰی شَیْءٍ نُّكُرٍ ۟ۙ
Fatawalla ʻanhum. Yawma yadʻud Daaʻi ʹilaa shayʹin nukur,
එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු එදින (ඉස්රාෆීල් හෙවත්) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවනු ඇත;
Verse 54:7
خُشَّعًا اَبْصَارُهُمْ یَخْرُجُوْنَ مِنَ الْاَجْدَاثِ كَاَنَّهُمْ جَرَادٌ مُّنْتَشِرٌ ۟ۙ
Khushshaʻan ʹabṣaaruhum yakhrujoona minal ʹajdaas̤i kaʹannahum jaraadum muñtashir.
ඔවුන්ගේ බැල්ම පහත හෙළමින්, නියත වශයෙන්ම ඔවුන් විසිරී යන පළඟැටියන් මෙන් මිනිවළවල් වෙතින් බැහැර වෙති.
Verse 54:8
مُّهْطِعِیْنَ اِلَی الدَّاعِ ؕ یَقُوْلُ الْكٰفِرُوْنَ هٰذَا یَوْمٌ عَسِرٌ ۟
Muhṭiʻeena ʹilad Daaʻ! Yaq̣oolul kaafiroona ˹Haaẓaa Yawmun ʻasir.˺
කැඳවන්නා වෙත (බෙලි දිගු කරමින්) වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්‍රතික්ෂේපකයෝ පවසති.
Verse 54:9
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوْحٍ فَكَذَّبُوْا عَبْدَنَا وَقَالُوْا مَجْنُوْنٌ وَّازْدُجِرَ ۟
Kaẓẓabat q̣ablahum Q̣awmu Nooḥiñ fakaẓẓaboo ʻAbdanaa wa-q̣aaloo majnooñuw wazdujir.
ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝ ය. එසේ ම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබී ය.
Verse 54:10
فَدَعَا رَبَّهٗۤ اَنِّیْ مَغْلُوْبٌ فَانْتَصِرْ ۟
Fadaʻaa Rabbahooo ʹannee mag̣loobuñ fañtaṣir!
එවිට ඔහු නියත වශයෙන් ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කළේ ය.
Verse 54:11
فَفَتَحْنَاۤ اَبْوَابَ السَّمَآءِ بِمَآءٍ مُّنْهَمِرٍ ۟ؗۖ
Fafataḥnaaa ʹabwaabas samaaaʹi bimaaaʹim munhamir.
එවිට අපි ඇද වැටෙන වැසි ජලයෙන් අහස්හි දොරවල් විවෘත කළෙමු.
Verse 54:12
وَّفَجَّرْنَا الْاَرْضَ عُیُوْنًا فَالْتَقَی الْمَآءُ عَلٰۤی اَمْرٍ قَدْ قُدِرَ ۟ۚ
Wa-fajjarnal ʹarḍa ʻuyoonañ faltaq̣al maaaʹu ʻalaaa ʹamriñ q̣ad q̣udir.
තවද අපි මහපොළොවෙහි උල්පත්හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමඟ) එකතු විය.
Verse 54:13
وَحَمَلْنٰهُ عَلٰی ذَاتِ اَلْوَاحٍ وَّدُسُرٍ ۟ۙ
Wa-ḥamalnaahu ʻalaa ẓaati ʹalwaaḥiñw Wadusur,
තවද ලෑලි හා ඇන සහිත දෑ (නැව) මත අපි ඔහු ඉසිලුවෙමු.
Verse 54:14
تَجْرِیْ بِاَعْیُنِنَا ۚ جَزَآءً لِّمَنْ كَانَ كُفِرَ ۟
Tajree biʹaʻyuninaa; jazaaaʹal limañ kaana kufir!
ප්‍රතික්ෂේප කරනු ලැබ සිටි අයට විපාකයක් වශයෙන් අපගේ අධීක්ෂණය යටතේ එය යාත්‍රා විය.
Verse 54:15
وَلَقَدْ تَّرَكْنٰهَاۤ اٰیَةً فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟
Wa-laq̣at taraknaahaaa ʹAayatañ fahal mim muddakir?
තවද සැබැවින් ම අපි එය (පසුකාලීන ජනයාට) සංඥාවක් වශයෙන් ඉතිරි කළෙමු. එහෙයින් උපදෙස් ලබන කිසිවකු හෝ වෙත් ද?
Verse 54:16
فَكَیْفَ كَانَ عَذَابِیْ وَنُذُرِ ۟
Fakayfa kaana ʻAẓaabee wa-Nuẓur?
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
Verse 54:17
وَلَقَدْ یَسَّرْنَا الْقُرْاٰنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟
Wa-laq̣ad yassarnal Q̣urʹaana liẓ-Ẓikri fahal mim muddakir?
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
Verse 54:18
كَذَّبَتْ عَادٌ فَكَیْفَ كَانَ عَذَابِیْ وَنُذُرِ ۟
Kaẓẓabat ʻAaduñ fakayfa kaana ʻAẓaabee wa-Nuẓur.
ආද් සමූහයා බොරු කළෝ ය. එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
Verse 54:19
اِنَّاۤ اَرْسَلْنَا عَلَیْهِمْ رِیْحًا صَرْصَرًا فِیْ یَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ ۟ۙ
ʹInnaaa ʹarsalnaa ʻalayhim reeḥañ ṣarṣarañ fee Yawmi naḥsim mustamirr,
අඛණ්ඩව පැවතුණු අභාග්‍යයමත් දිනක නියත වශයෙන් ම අපි ඔවුන් වෙත මහා ශබ්දයකින් යුත් සුළගක් එව්වෙමු.
Verse 54:20
تَنْزِعُ النَّاسَ ۙ كَاَنَّهُمْ اَعْجَازُ نَخْلٍ مُّنْقَعِرٍ ۟
Tañziʻun naasa kaʹannahum ʹaʻjaazu nakhlim muñq̣aʻir.
නියත වශයෙන් ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය මිනිසුන්ව උගුලා (විසිකර) දැමී ය.
Verse 54:21
فَكَیْفَ كَانَ عَذَابِیْ وَنُذُرِ ۟
Fakayfa kaana ʻaẓaabee wa-nuẓur?
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
Verse 54:22
وَلَقَدْ یَسَّرْنَا الْقُرْاٰنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟۠
Wa-laq̣ad yassarnal Q̣urʹaana liẓ-Ẓikri fahal mim muddakir?
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
Verse 54:23
كَذَّبَتْ ثَمُوْدُ بِالنُّذُرِ ۟
Kaẓẓabat S̤amoodu bin-Nuẓur.
සමූද් ජනයා එම අවවාදය බොරු කළෝ ය.
Verse 54:24
فَقَالُوْۤا اَبَشَرًا مِّنَّا وَاحِدًا نَّتَّبِعُهٗۤ ۙ اِنَّاۤ اِذًا لَّفِیْ ضَلٰلٍ وَّسُعُرٍ ۟
Faq̣aalooo ʹabasharam minnaa waaḥidan nattabiʻuhooo ʹinnaaa ʹiẓal lafee ḍalaaliñw wasuʻur!
අපගෙන් එක් මිනිසෙකු වූ ඔහුව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන් ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
Verse 54:25
ءَاُلْقِیَ الذِّكْرُ عَلَیْهِ مِنْ بَیْنِنَا بَلْ هُوَ كَذَّابٌ اَشِرٌ ۟
ʹA-ʹulq̣iyaẓ Ẓikru ʻalayhi mim bayninaa bal huwa kaẓẓaabun ʹashir!
“අප අතරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”
Verse 54:26
سَیَعْلَمُوْنَ غَدًا مَّنِ الْكَذَّابُ الْاَشِرُ ۟
Sayaʻlamoona g̣adam manil kaẓẓaabul ʹashir!
ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැ? යි මතු දින ඔවුන් දැන ගනු ඇත.
Verse 54:27
اِنَّا مُرْسِلُوا النَّاقَةِ فِتْنَةً لَّهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ ۟ؗ
ʹInnaa mursilun naaq̣ati fitnatal lahum fartaq̣ibhum waṣṭabir!
නියත වශයෙන් ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු.
Verse 54:28
وَنَبِّئْهُمْ اَنَّ الْمَآءَ قِسْمَةٌ بَیْنَهُمْ ۚ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ ۟
Wa-nabbiʹhum ʹannal maaaʹa q̣ismatum baynahum: kullu shirbim muḥtaḍar.
තවද නියත වශයෙන් ම ජලය ඔවුන් අතර බෙදී යා යුත්තකි. සෑම පාන වාරයක් ම පිළිපැදිය යුත්තකි යැයි (සාලිහ්!) නුඹ පවසනු.
Verse 54:29
فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطٰی فَعَقَرَ ۟
Fanaadaw ṣaaḥibahum fataʻaaṭaa faʻaq̣ar.
එවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූවෝ ය. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන (ඔටු දෙනගේ) ගෙල නහර කපා හැරියේ ය.
Verse 54:30
فَكَیْفَ كَانَ عَذَابِیْ وَنُذُرِ ۟
Fakayfa kaana ʻAẓaabee wa-Nuẓur!
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
Verse 54:31
اِنَّاۤ اَرْسَلْنَا عَلَیْهِمْ صَیْحَةً وَّاحِدَةً فَكَانُوْا كَهَشِیْمِ الْمُحْتَظِرِ ۟
ʹInnaaa ʹarsalnaa ʻalayhim Ṣayḥatañw waaḥidatañ fakaanoo kahasheemil muḥtaz̤̣ir.
නියත වශයෙන් ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ.
Verse 54:32
وَلَقَدْ یَسَّرْنَا الْقُرْاٰنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟
Wa-laq̣ad yassarnal Q̣urʹaana liẓ-Ẓikri fahal mim muddakir?
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
Verse 54:33
كَذَّبَتْ قَوْمُ لُوْطٍ بِالنُّذُرِ ۟
Kaẓẓabat Q̣awmu Looṭim bin-Nuẓur.
ලූත්ගේ ජනයා ද එම අවවාදය බොරු කළෝ ය.
Verse 54:34
اِنَّاۤ اَرْسَلْنَا عَلَیْهِمْ حَاصِبًا اِلَّاۤ اٰلَ لُوْطٍ ؕ نَجَّیْنٰهُمْ بِسَحَرٍ ۟ۙ
ʹInnaaa ʹarsalnaa ʻalayhim ḥaaṣiban ʹillaaa ʹaala Looṭ; najjaynaahum̃ bisaḥar,―
නියත වශයෙන් ම අපි ඔවුන් වෙත ගල් වර්ෂාවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කර දැමී ය.) එහෙත් ලූත්ගේ (පාර්ශව) ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු.
Verse 54:35
نِّعْمَةً مِّنْ عِنْدِنَا ؕ كَذٰلِكَ نَجْزِیْ مَنْ شَكَرَ ۟
Niʻmatam min ʻIñdinaa; kaẓaalika najzee mañ shakar.
(මෙය) අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. අපි ගුණගරුක වූවනට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
Verse 54:36
وَلَقَدْ اَنْذَرَهُمْ بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ ۟
Wa-laq̣ad ʹañẓarahum̃ baṭshatanaa fatamaaraw bin-Nuẓur.
තවද අපගේ ග්‍රහණය පිළිබඳ සැබැවින් ම ඔහු (ලූත්) ඔවුනට අවවාද කළේ ය. එහෙත් එම අවවාදය පිළිබඳ ඔවුහු සැක (කොට තර්ක) කළෝ ය.
Verse 54:37
وَلَقَدْ رَاوَدُوْهُ عَنْ ضَیْفِهٖ فَطَمَسْنَاۤ اَعْیُنَهُمْ فَذُوْقُوْا عَذَابِیْ وَنُذُرِ ۟
Wa-laq̣ad raawadoohu ʻañ ḍayfihee faṭamasnaaa ʹaʻyunahum faẓooq̣oo ʻAẓaabee wa-nuẓur.
ඔහුගේ ආගන්තුකයින් සමඟ අශීලාචාර ලෙස හැසිරීමට ඔවුහු ඔහුගෙන් පැතුවෝ ය. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. එහෙයින් “මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු” (යැයි පැවසුවෙමු.)
Verse 54:38
وَلَقَدْ صَبَّحَهُمْ بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ ۟ۚ
Wa-laq̣ad ṣabbaḥahum̃ bukratan ʻAẓaabum mustaq̣irr:
තවද ස්ථීර දඬුවමක් උදෑසන සැබැවින් ම ඔවුනට උදා විය.
Verse 54:39
فَذُوْقُوْا عَذَابِیْ وَنُذُرِ ۟
Faẓooq̣oo ʻAẓaabee wa-Nuẓur.
එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු.
Verse 54:40
وَلَقَدْ یَسَّرْنَا الْقُرْاٰنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟۠
Wa-laq̣ad yassarnal Q̣urʹaana liẓ-Ẓikri fahal mim muddakir?
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
Verse 54:41
وَلَقَدْ جَآءَ اٰلَ فِرْعَوْنَ النُّذُرُ ۟ۚ
Wa-laq̣ad jaaaʹa ʹAala Firʻawnan nuẓur.
තවද ෆිර්අවුන්ගේ ජනයා වෙත ද අවවාදය සැබැවින් ම පැමිණියේ ය.
Verse 54:42
كَذَّبُوْا بِاٰیٰتِنَا كُلِّهَا فَاَخَذْنٰهُمْ اَخْذَ عَزِیْزٍ مُّقْتَدِرٍ ۟
Kaẓẓaboo biʹAayaatinaa kullihaa faʹakhaẓnaahum ʹakhẓa ʻAzeezim Muq̣tadir.
ඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝ ය. එවිට අපි බලවත් බලධාරියකුගේ ග්‍රහණය මෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
Verse 54:43
اَكُفَّارُكُمْ خَیْرٌ مِّنْ اُولٰٓىِٕكُمْ اَمْ لَكُمْ بَرَآءَةٌ فِی الزُّبُرِ ۟ۚ
ʹAkuffaarukum khayrum min ʹulaaaʹikum ʹam lakum̃ baraaaʹatuñ fiz Zubur?
(මක්කා වැසියනි!) නුඹලා අතර සිටින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් (පෙර විසූ) ජනයාට වඩා ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් (දඬුවමින් මිදීමට) ග්‍රන්ථයන්හි නුඹලාට (යම්කිසි) නිදහසක් ලබා දී තිබේ ද?
Verse 54:44
اَمْ یَقُوْلُوْنَ نَحْنُ جَمِیْعٌ مُّنْتَصِرٌ ۟
ʹAm yaq̣ooloona naḥnu jameeʻum muñtaṣir?
එසේ නැතහොත් “අපි සියල්ලෝ ම ජය ලබන්නෝ වෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?
Verse 54:45
سَیُهْزَمُ الْجَمْعُ وَیُوَلُّوْنَ الدُّبُرَ ۟
Sayuhzamul jamʻu wa-yuwalloonad dubur.
මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත.
Verse 54:46
بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ اَدْهٰی وَاَمَرُّ ۟
Balis Saaaʻatu mawʻiduhum was-Saaʻatu ʹadhaa wa-ʹamarr.
එහෙත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණු ය. තවද වඩාත් අමිහිරි ය.
Verse 54:47
اِنَّ الْمُجْرِمِیْنَ فِیْ ضَلٰلٍ وَّسُعُرٍ ۟ۘ
ʹInnal mujrimeena fee ḍalaaliñw wasuʻur.
නියත වශයෙන් ම වැරදි කරුවෝ නොමගෙහි හා (නිරා ගින්නේ) වේදනාවෙහි සිටිති.
Verse 54:48
یَوْمَ یُسْحَبُوْنَ فِی النَّارِ عَلٰی وُجُوْهِهِمْ ؕ ذُوْقُوْا مَسَّ سَقَرَ ۟
Yawma yus-ḥaboona fin Naari ʻalaa wujoohihim: ẓooq̣oo massa Saq̣ar!
එදින ඔවුන්ගේ මුහුණු නිරයේ ගින්න වෙත ඇදගෙන යනු ලැබේ. නිරා ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු (යැයි පවසනු ලැබේ.)
Verse 54:49
اِنَّا كُلَّ شَیْءٍ خَلَقْنٰهُ بِقَدَرٍ ۟
ʹInnaa Kulla shayʹin khalaq̣naahu biq̣adar.
නියත වශයෙන් ම අපි සෑම දෙයක් ම ප්‍රමාණයකින් යුතුව මවා ඇත්තෙමු.
Verse 54:50
وَمَاۤ اَمْرُنَاۤ اِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ ۟
Wa-maaa ʹAmrunaaa ʹillaa waaḥidatuñ kalamḥim bil-baṣar.
තවද අපගේ නියෝගය ඇසි පිය ගසන්නාක් මෙන් එකක් පමණි.
Verse 54:51
وَلَقَدْ اَهْلَكْنَاۤ اَشْیَاعَكُمْ فَهَلْ مِنْ مُّدَّكِرٍ ۟
Wa-laq̣ad ʹahlaknaaa ʹashyaaʻakum fahal mim muddakir?
තවද සැබැවින් ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?
Verse 54:52
وَكُلُّ شَیْءٍ فَعَلُوْهُ فِی الزُّبُرِ ۟
Wa-kullu shayʹiñ faʻaloohu fiz Zubur:
තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛනවල (ලියවී) ඇත.
Verse 54:53
وَكُلُّ صَغِیْرٍ وَّكَبِیْرٍ مُّسْتَطَرٌ ۟
Wa-kullu ṣag̣eeriñw wakabeerim mustaṭar.
තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය.
Verse 54:54
اِنَّ الْمُتَّقِیْنَ فِیْ جَنّٰتٍ وَّنَهَرٍ ۟ۙ
ʹInnal Muttaq̣eena fee Jannaatiñw Wanahar,
නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා ගංඟාවෙහි සිටිති.
Verse 54:55
فِیْ مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِیْكٍ مُّقْتَدِرٍ ۟۠
Fee Maq̣ʻadi Ṣidq̣in ʻiñda Maleekim Muq̣tadir.
සර්ව බලාධිකාරී රජු අබියස සත්‍යය ස්ථානයෙහි ය.