Surah An-Naziat
Surah An-Naziat (Those Who Drag Forth) is Surah 79 of the Holy Quran, a Meccan Surah with 46 verses, available here in Sinhalese.
Verse 79:1
وَالنّٰزِعٰتِ غَرْقًا ۟ۙ
Wan-NAAZIʻAATI g̣arq̣aa;
සාහසික ලෙස (ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.
Verse 79:2
وَّالنّٰشِطٰتِ نَشْطًا ۟ۙ
Wan-naa-shi-ṭaati nashṭaa;
මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.
Verse 79:3
وَّالسّٰبِحٰتِ سَبْحًا ۟ۙ
Wassaabiḥaati sabḥaa,―
පාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.
Verse 79:4
فَالسّٰبِقٰتِ سَبْقًا ۟ۙ
Fassaabiq̣aati sabq̣aa,
තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)
Verse 79:5
فَالْمُدَبِّرٰتِ اَمْرًا ۟ۘ
Fal-mudabbiraati ʹamraa.
කටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)
Verse 79:6
یَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ ۟ۙ
Yawma tarjufur raajifah,
එදින කම්පනය වන දෑ කම්පනය වේ.
Verse 79:7
تَتْبَعُهَا الرَّادِفَةُ ۟ؕ
Tatbaʻuhar Raadifah:
එයට පරව කම්පනය නැවත සිදු වනු ඇත.
Verse 79:8
قُلُوْبٌ یَّوْمَىِٕذٍ وَّاجِفَةٌ ۟ۙ
Q̣uloobuñy Yaw-maʹiẓiñw waajifah,
එදින හදවත් (බියෙන්) තැති ගනියි.
Verse 79:9
اَبْصَارُهَا خَاشِعَةٌ ۟ۘ
ʹAbṣaaruhaa khaashiʻah.
ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.
Verse 79:10
یَقُوْلُوْنَ ءَاِنَّا لَمَرْدُوْدُوْنَ فِی الْحَافِرَةِ ۟ؕ
Yaq̣ooloona ʹa-ʹinnaa lamardoodoona fil ḥaafirah?―
“නියත වශයෙන් ම අපි පෙර තත්ත්වයට ම නැවත හරවනු ලබන්නෙමු දැ” යි ඔවුහු පවසති.
Verse 79:11
ءَاِذَا كُنَّا عِظَامًا نَّخِرَةً ۟ؕ
ʹAʹiẓaa kunnaa ʻiz̤̣aaman nakhirah?
“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?”
Verse 79:12
قَالُوْا تِلْكَ اِذًا كَرَّةٌ خَاسِرَةٌ ۟ۘ
Q̣aaloo tilka ʹiẓañ karratun khaasirah!
“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.
Verse 79:13
فَاِنَّمَا هِیَ زَجْرَةٌ وَّاحِدَةٌ ۟ۙ
Faʹinnamaa hiya zajratuñw Waaḥidah,
එහෙත් එය එක් භයානක හඬක් පමණි.
Verse 79:14
فَاِذَا هُمْ بِالسَّاهِرَةِ ۟ؕ
Faʹiẓaa hum̃ bissaahirah.
එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.
Verse 79:15
هَلْ اَتٰىكَ حَدِیْثُ مُوْسٰی ۟ۘ
Hal ʹataaka ḥadees̤u Moosaa?
මූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේ ද?
Verse 79:16
اِذْ نَادٰىهُ رَبُّهٗ بِالْوَادِ الْمُقَدَّسِ طُوًی ۟ۚ
ʹIẓ naadaahu Rabbuhoo bil-waadil muq̣addasi Ṭuwaa:
ඔහුගේ පරමාධිපති ඔහුව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,
Verse 79:17
اِذْهَبْ اِلٰی فِرْعَوْنَ اِنَّهٗ طَغٰی ۟ؗۖ
ʹIẓhab ʹilaa Firʻawna ʹinnahoo ṭag̣aa;
ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
Verse 79:18
فَقُلْ هَلْ لَّكَ اِلٰۤی اَنْ تَزَكّٰی ۟ۙ
Faq̣ul hal laka ʹilaaa ʹañ tazakkaa?―
එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි නුඹ විමසනු.
Verse 79:19
وَاَهْدِیَكَ اِلٰی رَبِّكَ فَتَخْشٰی ۟ۚ
Wa-ʹahdiyaka ʹilaa Rabbika fatakhshaa?
තවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බියබැතිමත් වනු ඇත.
Verse 79:20
فَاَرٰىهُ الْاٰیَةَ الْكُبْرٰی ۟ؗۖ
Faʹaraahul ʹAayatal Kubraa.
එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වී ය.
Verse 79:21
فَكَذَّبَ وَعَصٰی ۟ؗۖ
Fakaẓẓaba wa-ʻaṣaa:
එහෙත් ඔහු (ෆිර්අවුන් එය) බොරු යැයි පවසා පිටුපෑවේ ය.
Verse 79:22
ثُمَّ اَدْبَرَ یَسْعٰی ۟ؗۖ
S̤umma ʹadbara yasʻaa,
පසුව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේ ය.
Verse 79:23
فَحَشَرَ فَنَادٰی ۟ؗۖ
Faḥashara fanaadaa,
එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට ඇමතුවේ ය.
Verse 79:24
فَقَالَ اَنَا رَبُّكُمُ الْاَعْلٰی ۟ؗۖ
Faq̣aala ʹana Rabbukumul ʹaʻlaa.
එවිට මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේ ය.
Verse 79:25
فَاَخَذَهُ اللّٰهُ نَكَالَ الْاٰخِرَةِ وَالْاُوْلٰی ۟ؕ
Faʹakhaẓahul laahu nakaalal ʹAakhirati wal-ʹoolaa.
එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහුව හසු කර ගත්තේ ය.
Verse 79:26
اِنَّ فِیْ ذٰلِكَ لَعِبْرَةً لِّمَنْ یَّخْشٰی ۟ؕ۠
ʹInna fee ẓaalika laʻibratal limañy yakhshaa.
නියත වශයෙන් ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.
Verse 79:27
ءَاَنْتُمْ اَشَدُّ خَلْقًا اَمِ السَّمَآءُ ؕ بَنٰىهَا ۟ۙ
ʹA-ʹañtum ʹa-shaddu khalq̣an ʹamis samaaaʹ? Banaahaa:
මැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේ ය.
Verse 79:28
رَفَعَ سَمْكَهَا فَسَوّٰىهَا ۟ۙ
Rafaʻa sam-kahaa fasawwaahaa.
ඔහු එහි වියන ඔසවා පසුව එය නිවැරදිව සැකසුවේ ය.
Verse 79:29
وَاَغْطَشَ لَیْلَهَا وَاَخْرَجَ ضُحٰىهَا ۪۟
Wa-ʹag̣ṭasha laylahaa wa-ʹakhraja ḍuḥaahaa.
තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේ ය.
Verse 79:30
وَالْاَرْضَ بَعْدَ ذٰلِكَ دَحٰىهَا ۟ؕ
Wal-ʹarḍa baʻda ẓaalika daḥaahaa;
තවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේ ය.
Verse 79:31
اَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعٰىهَا ۪۟
ʹAkhraja minhaa maaa-ʹahaa wa-marʻaahaa;
ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වී ය.
Verse 79:32
وَالْجِبَالَ اَرْسٰىهَا ۟ۙ
Wal-jibaala ʹarsaahaa;
තවද කඳු එය ඔහු ස්ථාපිත කළේ ය.
Verse 79:33
مَتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْ ۟ؕ
Mataaʻal lakum wa-liʹanʻaamikum.
(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.
Verse 79:34
فَاِذَا جَآءَتِ الطَّآمَّةُ الْكُبْرٰی ۟ؗۖ
Faʹiẓaa jaaaʹatiṭ ṭaaammatul Kubraa,―
එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,
Verse 79:35
یَوْمَ یَتَذَكَّرُ الْاِنْسَانُ مَا سَعٰی ۟ۙ
Yawma yataẓakkarul ʹiñsaanu maa- saʻaa,
එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේ ය.
Verse 79:36
وَبُرِّزَتِ الْجَحِیْمُ لِمَنْ یَّرٰی ۟
Wa-burrizatil Jaḥeemu limañy yaraa.
තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්ෂ කරනු ලබයි.
Verse 79:37
فَاَمَّا مَنْ طَغٰی ۟ۙ
Faʹammaa mañ ṭag̣aa,
"එහෙයින් සීමාව උල්ලංඝනය කර"
Verse 79:38
وَاٰثَرَ الْحَیٰوةَ الدُّنْیَا ۟ۙ
Wa-ʹaas̤aral ḥayaatad dunyaa,
"මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී"
Verse 79:39
فَاِنَّ الْجَحِیْمَ هِیَ الْمَاْوٰی ۟ؕ
Faʹinnal Jaḥeema hiyal maʹwaa.
සැබැවින් ම නිරය වන එය මය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
Verse 79:40
وَاَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهٖ وَنَهَی النَّفْسَ عَنِ الْهَوٰی ۟ۙ
Wa-ʹammaa man khaafa Maq̣aama Rabbihee wa-nahan nafsa ʻanil hawaa,
"තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී"
Verse 79:41
فَاِنَّ الْجَنَّةَ هِیَ الْمَاْوٰی ۟ؕ
Faʹinnal Jannata hiyal maʹwaa.
සැබැවින් ම ස්වර්ගය වන එය මය (ඔවුන්ගේ) නිවහන වන්නේ.
Verse 79:42
یَسْـَٔلُوْنَكَ عَنِ السَّاعَةِ اَیَّانَ مُرْسٰىهَا ۟ؕ
Yasʹaloonaka ʻanis Saaʻati ʹayyaana mursaahaa?
එම හෝරාව එය කවදා සිදු වන්නේ දැ? යි ඔවුහු ඔබගෙන් විමසති.
Verse 79:43
فِیْمَ اَنْتَ مِنْ ذِكْرٰىهَا ۟ؕ
Feema ʹañta miñ ẓikraahaa?
ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේ ද?
Verse 79:44
اِلٰی رَبِّكَ مُنْتَهٰىهَا ۟ؕ
ʹIlaa Rabbika Muñtahaahaa.
එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.
Verse 79:45
اِنَّمَاۤ اَنْتَ مُنْذِرُ مَنْ یَّخْشٰىهَا ۟ؕ
ʹInnamaaa ʹañta muñẓiru mañy yakhshaahaa.
ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින් ම නුඹ අවවාද කරන්නෙක් පමණි.
Verse 79:46
كَاَنَّهُمْ یَوْمَ یَرَوْنَهَا لَمْ یَلْبَثُوْۤا اِلَّا عَشِیَّةً اَوْ ضُحٰىهَا ۟۠
Kaʹannahum Yawma yarawnahaa lam yalbas̤ooo ʹillaa ʻashiyyatan ʹaw ḍuḥaahaa!
සැබැවින් ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නො සිටියාක් මෙන් සිතනු ඇත.