Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah Abasa

Surah Abasa (He Frowned) is Surah 80 of the Holy Quran, a Meccan Surah with 42 verses, available here in Sinhalese.

Surah 80 Meccan 42 verses Sinhalese

Verse 80:1

عَبَسَ وَتَوَلّٰۤی ۟ۙ

ʻABASA wa-tawallaa,

ඔහු මුහුණ හකුළා හැරුනේ ය.

Verse 80:2

اَنْ جَآءَهُ الْاَعْمٰى ۟ؕ

ʹAñ jaaa-ʹahul ʹaʻmaa.

(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)

Verse 80:3

وَمَا یُدْرِیْكَ لَعَلَّهٗ یَزَّ ۟ۙ

Wa-maa yudreeka laʻallahoo yaz-zakkaa?―

ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?

Verse 80:4

اَوْ یَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرٰى ۟ؕ

ʹAw yaẓ-ẓak-karu fatañfaʻahuẓ Ẓikraa?

එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?)

Verse 80:5

اَمَّا مَنِ اسْتَغْنٰى ۟ۙ

ʹAmmaa manis tag̣naa,

(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,

Verse 80:6

فَاَنْتَ لَهٗ تَصَدّٰى ۟ؕ

Faʹañta lahoo taṣaddaa;

නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහි ය.

Verse 80:7

وَمَا عَلَیْكَ اَلَّا یَزَّكّٰى ۟ؕ

Wa-maa ʻalayka ʹallaa yaz-zakkaa.

තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.

Verse 80:8

وَاَمَّا مَنْ جَآءَكَ یَسْعٰى ۟ۙ

Wa-ʹammaa mañ jaaa-ʹaka yasʻaa,

"තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී"

Verse 80:9

وَهُوَ یَخْشٰى ۟ۙ

Wa-huwa yakhshaa,

"ඔහු බිය බැතිමත් වන අයකු ලෙස"

Verse 80:10

فَاَنْتَ عَنْهُ تَلَهّٰى ۟ۚ

Faʹañta ʻanhu talahhaa.

නුඹ ඔහු පිළිබඳ නො සලකා හැරියෙහි ය.

Verse 80:11

كَلَّاۤ اِنَّهَا تَذْكِرَةٌ ۟ۚ

Kallaaa ʹinnahaa Taẓkirah:

එසේ නොව සැබැවින් ම එය උපදෙසකි.

Verse 80:12

فَمَنْ شَآءَ ذَكَرَهٗ ۟ۘ

Famañ shaaʹa ẓakarah.

එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!

Verse 80:13

فِیْ صُحُفٍ مُّكَرَّمَةٍ ۟ۙ

Fee ṣuḥufim mukarramah,

(මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය.

Verse 80:14

مَّرْفُوْعَةٍ مُّطَهَّرَةٍۭ ۟ۙ

Marfooʻatim muṭahharah,

පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)

Verse 80:15

بِاَیْدِیْ سَفَرَةٍ ۟ۙ

Biʹaydee safarah―

(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)

Verse 80:16

كِرَامٍ بَرَرَةٍ ۟ؕ

Kiraamim bararah.

ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ අත්වලින් ලියන ලද්දකි.)

Verse 80:17

قُتِلَ الْاِنْسَانُ مَاۤ اَكْفَرَهٗ ۟ؕ

Q̣utilal ʹiñsaanu maaa ʹakfarah?

මිනිසාට ශාපය අත් වේවා! ඔහුව ප්‍රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද?

Verse 80:18

مِنْ اَیِّ شَیْءٍ خَلَقَهٗ ۟ؕ

Min ʹayyi shayʹin khalaq̣ah?

කුමන දෙයකින් ඔහුව ඔහු (අල්ලාහ්) මැව්වේ ද?

Verse 80:19

مِنْ نُّطْفَةٍ ؕ خَلَقَهٗ فَقَدَّرَهٗ ۟ۙ

Min nuṭfah: khalaq̣ahoo faq̣addarah;

ඔහු ඔහුව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහුව ප්‍රමාණවත් ලෙස සැකසුවේ ය.

Verse 80:20

ثُمَّ السَّبِیْلَ یَسَّرَهٗ ۟ۙ

S̤ummas sabeela yas-sarah;

අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේ ය.

Verse 80:21

ثُمَّ اَمَاتَهٗ فَاَقْبَرَهٗ ۟ۙ

S̤umma ʹamaatahoo faʹaq̣barah;

පසුව ඔහු ඔහුව මරණයට පත් කළේ ය. ඉන් පසුව ඔහු ඔහුව වළ දැමුවේ ය.

Verse 80:22

ثُمَّ اِذَا شَآءَ اَنْشَرَهٗ ۟ؕ

S̤umma ʹiẓaa shaaaʹa ʹañsharah.

පසුව ඔහු අභිමත කළ විට ඔහු ඔහුව නැගිටුවන්නේ ය.

Verse 80:23

كَلَّا لَمَّا یَقْضِ مَاۤ اَمَرَهٗ ۟ؕ

Kallaa lammaa yaq̣ḍi maaa ʹamarah.

එහෙත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නො කළේ ය.

Verse 80:24

فَلْیَنْظُرِ الْاِنْسَانُ اِلٰى طَعَامِهٖۤ ۟ۙ

Falyañz̤̣uril ʹiñsaanu ʹilaa Ṭaʻaamih:

එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!

Verse 80:25

اَنَّا صَبَبْنَا الْمَآءَ صَبًّا ۟ۙ

ʹAnnaa ṣabab nalmaaaʹa ṣabbaa,

සැබැවින් ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.

Verse 80:26

ثُمَّ شَقَقْنَا الْاَرْضَ شَقًّا ۟ۙ

S̤umma sha-q̣aq̣nal ʹarḍa shaq̣q̣aa;

පසුව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.

Verse 80:27

فَاَنْۢبَتْنَا فِیْهَا حَبًّا ۟ۙ

Faʹambatnaa feehaa Ḥabbaa,

එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.

Verse 80:28

وَّعِنَبًا وَّقَضْبًا ۟ۙ

Wa-ʻinabañw Waq̣aḍbaa,

මිදි හා එළවළු ද

Verse 80:29

وَّزَیْتُوْنًا وَّنَخْلًا ۟ۙ

Wa-zaytoonañw Wanakhlaa,

ඔලිව් හා රටඉඳි ද

Verse 80:30

وَّحَدَآىِٕقَ غُلْبًا ۟ۙ

Wa-ḥadaaaʹiq̣a g̣ulbaa,

ඝණ උයන් ද

Verse 80:31

وَّفَاكِهَةً وَّاَبًّا ۟ۙ

Wa-faaki-hatañw Waʹabbaa,

පලතුරු හා උදුපියලිය ද (අපි හටගැන්වූයෙමු.)

Verse 80:32

مَّتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْ ۟ؕ

Mataaʻal lakum wa-liʹanʻaamikum.

(මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි.

Verse 80:33

فَاِذَا جَآءَتِ الصَّآخَّةُ ۟ؗ

Faʹiẓaa jaaa-ʹatiṣ Ṣaaakhkhah,―

එබැවින් මහා හඬ පැමිණි විට,

Verse 80:34

یَوْمَ یَفِرُّ الْمَرْءُ مِنْ اَخِیْهِ ۟ۙ

Yawma yafirrul mar-ʹu min ʹakheeh,

එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.

Verse 80:35

وَاُمِّهٖ وَاَبِیْهِ ۟ۙ

Wa-ʹummihee wa-ʹabeeh,

තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;

Verse 80:36

وَصَاحِبَتِهٖ وَبَنِیْهِ ۟ؕ

Wa-ṣaaḥi-batihee wa-baneeh.

තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)

Verse 80:37

لِكُلِّ امْرِئٍ مِّنْهُمْ یَوْمَىِٕذٍ شَاْنٌ یُّغْنِیْهِ ۟ؕ

Likul lim-riʹim minhum Yawmaʹiẓiñ shaʹnuñy yug̣neeh.

එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුට ම ඔහුව නිරත කර වන කරුණු ඇත.

Verse 80:38

وُجُوْهٌ یَّوْمَىِٕذٍ مُّسْفِرَةٌ ۟ۙ

Wujoohuñy Yawmaʹiẓim musfirah,

එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.

Verse 80:39

ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ ۟ۚ

Ḍaaḥikatum mustabshirah.

සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)

Verse 80:40

وَوُجُوْهٌ یَّوْمَىِٕذٍ عَلَیْهَا غَبَرَةٌ ۟ۙ

Wa-wujoohuñy Yawmaʹiẓin ʻalayhaa g̣abarah;

තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.

Verse 80:41

تَرْهَقُهَا قَتَرَةٌ ۟ؕ

Tarhaq̣uhaa q̣atarah:

අඳුර ඒවා වසා ගනු ඇත.

Verse 80:42

اُولٰٓىِٕكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ ۟۠

ʹUlaaaʹika humul kafaratul Fajarah.

ඔවුහු මය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ.