Surah An-Naba
Surah An-Naba (The Tidings) is Surah 78 of the Holy Quran, a Meccan Surah with 40 verses, available here in Sinhalese.
Verse 78:1
عَمَّ یَتَسَآءَلُوْنَ ۟ۚ
ʻAMMA yatasaaaʹaloon?
(නබිවරය!) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ.
Verse 78:2
عَنِ النَّبَاِ الْعَظِیْمِ ۟ۙ
ʻAnin Nabaʹil ʻAz̤̣eem,
මහඟු වූ ආරංචිය පිළිබඳව ය.
Verse 78:3
الَّذِیْ هُمْ فِیْهِ مُخْتَلِفُوْنَ ۟ؕ
ʹAllaẓee hum feehi mukhtalifoon.
එය ඔවුන් භේද බින්න වී සිටි දෑ ය.
Verse 78:4
كَلَّا سَیَعْلَمُوْنَ ۟ۙ
Kallaa sayaʻlamoon!
නොඑසේ ය. ඔවුහු මතු දැන ගනු ඇත.
Verse 78:5
ثُمَّ كَلَّا سَیَعْلَمُوْنَ ۟
S̤umma kallaa sayaʻlamoon!
යළි නොඑසේ ය. ඔවුහු මතු දැන ගනු ඇත.
Verse 78:6
اَلَمْ نَجْعَلِ الْاَرْضَ مِهٰدًا ۟ۙ
ʹAlam najʻalil ʹarḍa mihaadaa,
අපි මහපොළොව තොටිල්ලක් ලෙස පත් නො කළෙමු ද?
Verse 78:7
وَّالْجِبَالَ اَوْتَادًا ۟
Wal-jibaala ʹawtaadaa,
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නො කළෙමු ද?)
Verse 78:8
وَّخَلَقْنٰكُمْ اَزْوَاجًا ۟ۙ
Wa-khalaq̣naakum ʹazwaajaa,
තවද අපි නුඹලාව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.
Verse 78:9
وَّجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا ۟ۙ
Wa-jaʻalnaa nawmakum subaataa;
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු.
Verse 78:10
وَّجَعَلْنَا الَّیْلَ لِبَاسًا ۟ۙ
Wa-jaʻalnal layla libaasaa,
තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු.
Verse 78:11
وَّجَعَلْنَا النَّهَارَ مَعَاشًا ۪۟
Wa-jaʻalnan nahaara maʻaashaa?
තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු.
Verse 78:12
وَّبَنَیْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا ۟ۙ
Wa-banaynaa fawq̣akum sab-ʻañ shi-daadaa,
තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු.
Verse 78:13
وَّجَعَلْنَا سِرَاجًا وَّهَّاجًا ۟
Wa-jaʻalnaa Siraajañw wah-haajaa?
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු.
Verse 78:14
وَّاَنْزَلْنَا مِنَ الْمُعْصِرٰتِ مَآءً ثَجَّاجًا ۟ۙ
Wa-ʹañzalnaa minal muʻṣiraati maaa-ʹañ s̤ajjaajaa,
තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු.
Verse 78:15
لِّنُخْرِجَ بِهٖ حَبًّا وَّنَبَاتًا ۟ۙ
Linukhrija bihee ḥabbañw wanabaataa,
එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
Verse 78:16
وَّجَنّٰتٍ اَلْفَافًا ۟ؕ
Wa-Jannaatin ʹalfaafaa?
තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)
Verse 78:17
اِنَّ یَوْمَ الْفَصْلِ كَانَ مِیْقَاتًا ۟ۙ
ʹInna Yawmal Faṣli kaana meeq̣aataa,―
නියත වශයෙන් ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
Verse 78:18
یَّوْمَ یُنْفَخُ فِی الصُّوْرِ فَتَاْتُوْنَ اَفْوَاجًا ۟ۙ
Yawma yuñ-fakhu fiṣ Ṣoori fataʹtoona ʹafwaajaa;
සූර් (හොරණෑව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
Verse 78:19
وَّفُتِحَتِ السَّمَآءُ فَكَانَتْ اَبْوَابًا ۟ۙ
Wa-futiḥa-tis samaaaʹu fakaanat ʹabwaabaa,
තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත.
Verse 78:20
وَّسُیِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا ۟ؕ
Wa-suyyi-ratil jibaalu fakaanat saraabaa.
කඳු (තිබූ තැන්වලින්) විතැන් කරනු ලැබ එය මිරිඟුවක් වනු ඇත.
Verse 78:21
اِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا ۟
ʹInna Jahannama kaanat mirṣaadaa,―
නියත වශයෙන් ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය.
Verse 78:22
لِّلطَّاغِیْنَ مَاٰبًا ۟ۙ
Liṭ-ṭaag̣eena maʹaabaa:
(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.
Verse 78:23
لّٰبِثِیْنَ فِیْهَاۤ اَحْقَابًا ۟ۚ
Laa-bis̤eena feehaaa ʹaḥq̣aabaa.
එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙන්නන් වෙති.
Verse 78:24
لَا یَذُوْقُوْنَ فِیْهَا بَرْدًا وَّلَا شَرَابًا ۟ۙ
Laa- yaẓooq̣oona feehaa bar-dañw walaa- sharaabaa,
ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නො විඳිති.
Verse 78:25
اِلَّا حَمِیْمًا وَّغَسَّاقًا ۟ۙ
ʹIllaa ḥameemañwwa g̣assaaq̣aa,―
එහෙත් නටන උණු දිය සහ සැරව මිස.
Verse 78:26
جَزَآءً وِّفَاقًا ۟ؕ
Jazaaaʹañw wifaaq̣aa.
එය සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.
Verse 78:27
اِنَّهُمْ كَانُوْا لَا یَرْجُوْنَ حِسَابًا ۟ۙ
ʹInnahum kaanoo laa- yarjoona ḥisaabaa,
නියත වශයෙන් ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නො කරමින් සිටියෝ ය.
Verse 78:28
وَّكَذَّبُوْا بِاٰیٰتِنَا كِذَّابًا ۟ؕ
Wa-kaẓẓaboo biʹAayaatinaa kiẓẓaabaa.
තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝ ය.
Verse 78:29
وَكُلَّ شَیْءٍ اَحْصَیْنٰهُ كِتٰبًا ۟ۙ
Wa-kulla shayʹin ʹaḥṣaynaahu Kitaabaa,
තවද අපි සෑම දෙයක් ම ලිඛිතව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු.
Verse 78:30
فَذُوْقُوْا فَلَنْ نَّزِیْدَكُمْ اِلَّا عَذَابًا ۟۠
Faẓooq̣oo falan nazeedakum ʹil-laa ʻaẓaabaa.
“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස අන් කිසිවක් අපි නුඹලාට වැඩි නො කරන්නෙමු.”
Verse 78:31
اِنَّ لِلْمُتَّقِیْنَ مَفَازًا ۟ۙ
ʹInna lil-Mutta-q̣eena mafaazaa;
නියත වශයෙන් ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ඇත.
Verse 78:32
حَدَآىِٕقَ وَاَعْنَابًا ۟ۙ
Ḥadaaaʹiq̣a wa-ʹaʻnaabaa;
වතු හා මිදි ද (ඇත.)
Verse 78:33
وَّكَوَاعِبَ اَتْرَابًا ۟ۙ
Wa-kawaaʻiba ʹatraabaa:
තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).
Verse 78:34
وَّكَاْسًا دِهَاقًا ۟ؕ
Wa-kaʹsañ dihaaq̣aa.
(පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)
Verse 78:35
لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا وَّلَا كِذّٰبًا ۟ۚ
Laa- yasmaʻoona feehaa lag̣wañw walaa- kiẓẓaabaa;
නිෂ්ඵල කතා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නො කරති.
Verse 78:36
جَزَآءً مِّنْ رَّبِّكَ عَطَآءً حِسَابًا ۟ۙ
Jazaaaʹam mir Rabbika ʻaṭaaaʹan ḥisaabaa,―
(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ නිර්ණය කරන ලද දායාදයක ප්‍රතිඵලයකි.
Verse 78:37
رَّبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا الرَّحْمٰنِ لَا یَمْلِكُوْنَ مِنْهُ خِطَابًا ۟ۚ
Rabbis samaawaati wal-ʹarḍi wa-maa baynahumar Raḥmaani laa- yam-likoona minhu khiṭaabaa.
(එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කතා කිරීමට ඔවුනට බලය නොමැත.
Verse 78:38
یَوْمَ یَقُوْمُ الرُّوْحُ وَالْمَلٰٓىِٕكَةُ صَفًّا ۙۗؕ لَّا یَتَكَلَّمُوْنَ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمٰنُ وَقَالَ صَوَابًا ۟
Yawma yaq̣oomur Rooḥu wal-malaaaʹikatu ṣaf-faa, laa- yatakallamoona ʹil-laa man ʹaẓina lahur Raḥmaanu wa-q̣aala ṣawaabaa.
එදින රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටිති. අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කතා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කතා නො කරයි.
Verse 78:39
ذٰلِكَ الْیَوْمُ الْحَقُّ ۚ فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰی رَبِّهٖ مَاٰبًا ۟
Ẓaalikal Yawmul Ḥaq̣q̣: famañ shaaaʹat takhaẓa ʹi-laa Rabbihee maʹaabaa!
මෙය මය සත්‍යය වූ දින ය. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම පරමාධිපති වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා!
Verse 78:40
اِنَّاۤ اَنْذَرْنٰكُمْ عَذَابًا قَرِیْبًا ۖۚ۬ یَّوْمَ یَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ یَدٰهُ وَیَقُوْلُ الْكٰفِرُ یٰلَیْتَنِیْ كُنْتُ تُرٰبًا ۟۠
ʹInnaaa ʹañẓarnaakum ʻAẓaabañ q̣areebaa,― Yawma yañ-z̤̣urul marʹu maa- q̣addamat yadaahu wa-yaq̣oolul kaafiru yaa-laytanee kuñtu turaabaa!
නියත වශයෙන් ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් ඉදිරිපත් කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ මා පස් බවට පත් විය යුතු නො වෙමි දැ”යි පවසයි.