Surah Al-Jathiyah
Surah Al-Jathiyah (The Crouching) is Surah 45 of the Holy Quran, a Meccan Surah with 37 verses, available here in Sinhalese.
Verse 45:1
حٰمٓ ۟ۚ
Ḥaa-Meeem.
හා මීම්.
Verse 45:2
تَنْزِیْلُ الْكِتٰبِ مِنَ اللّٰهِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟
Tañzeelul Kitaabi minal laahil ʻAzeezil Ḥakeem.
මෙය මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමකි.
Verse 45:3
اِنَّ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ لَاٰیٰتٍ لِّلْمُؤْمِنِیْنَ ۟ؕ
ʹInna fis samaawaati wal-ʹarḍi laʹAayaatil lil-Muʹmineen.
නියත වශයෙන්ම අහස් හා මහපොළොවෙහි දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥා ඇත.
Verse 45:4
وَفِیْ خَلْقِكُمْ وَمَا یَبُثُّ مِنْ دَآبَّةٍ اٰیٰتٌ لِّقَوْمٍ یُّوْقِنُوْنَ ۟ۙ
Wa-fee khalq̣ikum wa-maa yabus̤s̤u miñ daaabbatin ʹAayaatul liq̣awmiñy yooq̣inoon.
තවද නුඹලා මැවීමෙහි ද සත්වයින් ඔහු විසුරුවා ඇති ආකාරයෙහි ද තරයේ විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
Verse 45:5
وَاخْتِلَافِ الَّیْلِ وَالنَّهَارِ وَمَاۤ اَنْزَلَ اللّٰهُ مِنَ السَّمَآءِ مِنْ رِّزْقٍ فَاَحْیَا بِهِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِیْفِ الرِّیٰحِ اٰیٰتٌ لِّقَوْمٍ یَّعْقِلُوْنَ ۟
Wakhtilaafil Layli wan-Nahaari wa-maaa ʹañzalal laahu minas samaaaʹi mir Rizq̣iñ faʹaḥyaa bihil ʹarḍa baʻda mawtihaa wa-taṣreefir riyaaḥi ʹAayaatul liq̣awmiñy yaʻq̣iloon.
තවද රාත්‍රිය හා දහවල වෙනස්වීමෙහි ද, අල්ලාහ් අහසින් පෝෂණ සම්පත් පහළ කොට මහපොළව මිය ගිය පසු එමඟින් එය නැවත ප්‍රාණවත් කිරීමෙහි ද සුළං හැමීමෙහි ද වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
Verse 45:6
تِلْكَ اٰیٰتُ اللّٰهِ نَتْلُوْهَا عَلَیْكَ بِالْحَقِّ ۚ فَبِاَیِّ حَدِیْثٍ بَعْدَ اللّٰهِ وَاٰیٰتِهٖ یُؤْمِنُوْنَ ۟
Tilka ʹAayaatul laahi natloohaa ʻalayka bil-ḥaq̣q̣: fabiʹayyi ḥadees̤im baʻdal laahi wa-ʹAayaatihee yuʹminoon?
ඒවා අල්ලාහ්ගේ සංඥා වේ. අපි ඔබට ඒවා සත්‍යයෙන් යුතුව පාරායනය කර පෙන්වමු. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ වදන්වලට පසුව කවර ප්‍රකාශයක් ඔවුහු විශ්වාස කරන්නෝ ද?
Verse 45:7
وَیْلٌ لِّكُلِّ اَفَّاكٍ اَثِیْمٍ ۟ۙ
Waylul likulli ʹaffaakin ʹas̤eem:
මහත් සේ බොරු ගොතා පවසන සෑම පාපතරයකුට ම විනාශය අත් වේවා!
Verse 45:8
یَّسْمَعُ اٰیٰتِ اللّٰهِ تُتْلٰی عَلَیْهِ ثُمَّ یُصِرُّ مُسْتَكْبِرًا كَاَنْ لَّمْ یَسْمَعْهَا ۚ فَبَشِّرْهُ بِعَذَابٍ اَلِیْمٍ ۟
yasmaʻu ʹAayaatil laahi tutlaa ʻalayhi s̤umma yuṣirru mustakbirañ kaʹal lam yasmaʻhaa: fabashshirhu biʻAẓaabin ʹaleem!
ඔහු වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන්වලට ඔහු සවන් දෙයි. පසුව ඔහු එයට සවන් නො දුන්නාක් මෙන් හිතුවක්කාර ලෙස හැසිරෙයි. එහෙයින් වේදනීය දඬුවම පිළිබඳව (නබිවරය!) නුඹ ඔහුට ශුභාරංචි දන්වනු.
Verse 45:9
وَاِذَا عَلِمَ مِنْ اٰیٰتِنَا شَیْـَٔا تَّخَذَهَا هُزُوًا ؕ اُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟ؕ
Wa-ʹiẓaaa ʻalima min ʹAayaatinaa shayʹanit takhaẓahaa huzuwaa: ʹulaaaʹika lahum ʻAẓaabum muheen.
ඔහු අපගේ වදන් අතරින් කිසිවක් හෝ දැන ගත් විට එය ඔහු විහිළුවට ගත්තේ ය. නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහු ම ය.
Verse 45:10
مِنْ وَّرَآىِٕهِمْ جَهَنَّمُ ۚ وَلَا یُغْنِیْ عَنْهُمْ مَّا كَسَبُوْا شَیْـًٔا وَّلَا مَا اتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ اَوْلِیَآءَ ۚ وَلَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟ؕ
Miñw Waraaaʹihim Jahannam: wa-laa yug̣nee ʻanhum maa kasaboo shayʹañw walaa mat takhaẓoo miñ doonil laahi ʹawliyaaaʹ: wa-lahum ʻAẓaabun ʻaz̤̣eem.
ඔවුනට පසුපසින් නිරය ඇත. ඔවුහු කවර දෙයක් උපයා ගත්තේ ද එය හෝ අල්ලාහ්ගෙන් තොරව ඔවුහු භාරකරුවන් ලෙස ගත් දෑ හෝ ඔවුනට ඵලක් නො වනු ඇත. තවද ඔවුනට මහත් දඬුවමක් ඇත.
Verse 45:11
هٰذَا هُدًی ۚ وَالَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مِّنْ رِّجْزٍ اَلِیْمٌ ۟۠
Haaẓaa Hudaa: wal-laẓeena kafaroo biʹAayaati Rabbihim lahum ʻAẓaabum mir rijzin ʹaleem.
මෙය යහ මාර්ගයයි. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඉතා දරුණු වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
Verse 45:12
اَللّٰهُ الَّذِیْ سَخَّرَ لَكُمُ الْبَحْرَ لِتَجْرِیَ الْفُلْكُ فِیْهِ بِاَمْرِهٖ وَلِتَبْتَغُوْا مِنْ فَضْلِهٖ وَلَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟ۚ
ʹAllaahul laẓee sakhkhara lakumul baḥra litajriyal fulku feehi biʹamrihee wa-litabtag̣oo miñ Faḍlihee wa-laʻallakum tashkuroon.
නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ නියෝගය අනුව නැව් එහි යාත්‍රා කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයන් නුඹලා සොයනු පිණිසත් නුඹලා වෙනුවෙන් මුහුද වසඟ කර දුන්නේ අල්ලාහ් ය.
Verse 45:13
وَسَخَّرَ لَكُمْ مَّا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ جَمِیْعًا مِّنْهُ ؕ اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّتَفَكَّرُوْنَ ۟
Wa-sakhkhara lakum maa fis samaawaati wa-maa fil ʹarḍi jameeʻam minh: ʹinna fee ẓaalika laʹAayaatil liq̣awmiñy yatafakkaroon.
තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියල්ල ඔහු නුඹලාට වසඟ කර දුන්නේ ය. නියත වශයෙන් ම සිතන ජනයාට මෙහි සංඥා ඇත.
Verse 45:14
قُلْ لِّلَّذِیْنَ اٰمَنُوْا یَغْفِرُوْا لِلَّذِیْنَ لَا یَرْجُوْنَ اَیَّامَ اللّٰهِ لِیَجْزِیَ قَوْمًا بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟
Q̣ul lillaẓeena ʹaamanoo yag̣firoo lillaẓeena laa- yarjoona ʹAyyaamal laahi liyajziya Q̣awmam bimaa kaanoo yaksiboon.
අල්ලාහ්ගේ (දඬුවම්) දිනයන් අපේක්ෂා නො කරන්නන්හට සමාව දෙන්නැයි දේවත්වය විශ්වාස කළවුනට (නබිවරය!) නුඹ පවසනු. එය ඔහු පිරිසකට ඔවුන් උපයමින් සිටි දෑට ප්‍රතිවිපාක පිරිනැමීම සඳහා ය.
Verse 45:15
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهٖ ۚ وَمَنْ اَسَآءَ فَعَلَیْهَا ؗ ثُمَّ اِلٰی رَبِّكُمْ تُرْجَعُوْنَ ۟
Man ʻamila ṣaaliḥañ falinafsih; wa-man ʹasaaaʹa faʻalayhaa. S̤umma ʹilaa Rabbikum turjaʻoon.
කවරෙකු යම් යහපතක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නපුරක් සිදු කළේ ද (එය) ඔහුට එරෙහිව ය. පසුව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත.
Verse 45:16
وَلَقَدْ اٰتَیْنَا بَنِیْۤ اِسْرَآءِیْلَ الْكِتٰبَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ وَرَزَقْنٰهُمْ مِّنَ الطَّیِّبٰتِ وَفَضَّلْنٰهُمْ عَلَی الْعٰلَمِیْنَ ۟ۚ
Wa-laq̣ad ʹaataynaa Baneee ʹIsraaaʹeelal Kitaaba wal-Ḥukma wan-Nubuwwa wa-razaq̣naahum minaṭ Ṭayyibaati wa-faḍḍalnaahum ʻalal ʻaalameen.
තවද සැබැවින් ම අපි ඉස්රාඊල් දරුවනට ධර්ම ග්‍රන්ථය ද, ප්‍රඥාව ද, නබිත්වය ද පිරිනැමුවෙමු. තවද අපි ඔවුනට යහපත් දැයින් පෝෂණ සම්පත් ලබා දුනිමු. තවද ලෝවැසියන්ට වඩා අපි ඔවුන් උසස් කළෙමු.
Verse 45:17
وَاٰتَیْنٰهُمْ بَیِّنٰتٍ مِّنَ الْاَمْرِ ۚ فَمَا اخْتَلَفُوْۤا اِلَّا مِنْ بَعْدِ مَا جَآءَهُمُ الْعِلْمُ ۙ بَغْیًا بَیْنَهُمْ ؕ اِنَّ رَبَّكَ یَقْضِیْ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
Wa-ʹaataynaahum̃ Bayyinaatim minal ʹamr: famakh talafooo ʹillaa mim baʻdi maa- jaaaʹahumul ʻilmu bag̣yam baynahum. ʹInna Rabbaka yaq̣ḍee baynahum Yawmal Q̣iyaamati feemaa kaanoo feehi yakhtalifoon.
තවද සියලු (ආගමික) කරුණුවල පැහැදිලිතාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහෙත් ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසුව ඔවුන් අතර වූ (ඊර්ෂ්‍යා සහගත) අසාධාරණකම් හේතුවෙන් මිස වෙනත් කිසිවක් සඳහා ඔවුන් මතභේද ඇති කර ගත්තේ නැත. ඔවුන් මතභේද ඇති කර ගනිමින් සිටි විෂය පිළිබඳ නියත වශයෙන් ම ඔබේ පරමාධිපති මතුලොවෙහි තීන්දු දෙනු ඇත.
Verse 45:18
ثُمَّ جَعَلْنٰكَ عَلٰی شَرِیْعَةٍ مِّنَ الْاَمْرِ فَاتَّبِعْهَا وَلَا تَتَّبِعْ اَهْوَآءَ الَّذِیْنَ لَا یَعْلَمُوْنَ ۟
S̤umma jaʻalnaaka ʻalaa Shareeʻatim minal ʹamri fattabiʻhaa wa-laa tattabiʻ ʹahwaaa ʹallaẓeena laa- yaʻlamoon.
පසුව (ධර්ම දූතයින්ට නියෝග කළ) එම කරුණෙන් වූ පිළිවෙතක් මත අපි නුඹව පත් කළෙමු. එහෙයින් නුඹ එය අනුගමනය කරනු. තවද දැනුම නොමැති අයගේ ආශාවන් නුඹ අනුගමනය නො කරනු.
Verse 45:19
اِنَّهُمْ لَنْ یُّغْنُوْا عَنْكَ مِنَ اللّٰهِ شَیْـًٔا ؕ وَاِنَّ الظّٰلِمِیْنَ بَعْضُهُمْ اَوْلِیَآءُ بَعْضٍ ۚ وَاللّٰهُ وَلِیُّ الْمُتَّقِیْنَ ۟
ʹInnahum lañy yug̣noo ʹañka minal laahi shayʹaa: wa-ʹinnaz̤̣ z̤̣aalimeena baʻḍuhum ʹawliyaaaʹu baʻḍ: wallaahu Wa-liyyul Muttaq̣een.
නියත වශයෙන් ම ඔවුන් අල්ලාහ්ගෙන් වූ කිසිවකින් නුඹව මුදවා ගන්නේ ම නැත. තවද නියත වශයෙන් ම අපරාධකරුවන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ භාරකරුවෝ ය. තවද අල්ලාහ් බිය බැතිමතුන්ගේ භාරකරු ය.
Verse 45:20
هٰذَا بَصَآىِٕرُ لِلنَّاسِ وَهُدًی وَّرَحْمَةٌ لِّقَوْمٍ یُّوْقِنُوْنَ ۟
Haaẓaa Baṣaaaʹiru linnaasi wa-Hudañw wa-Raḥmatul liq̣awmiñy yooq̣inoon.
මෙය මිනිස් සංහතිය සඳහා වූ පැහැදිලි සාධක වෙයි. තවද තරයේ විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයකි.
Verse 45:21
اَمْ حَسِبَ الَّذِیْنَ اجْتَرَحُوا السَّیِّاٰتِ اَنْ نَّجْعَلَهُمْ كَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ۙ سَوَآءً مَّحْیَاهُمْ وَمَمَاتُهُمْ ؕ سَآءَ مَا یَحْكُمُوْنَ ۟۠
ʹAm ḥasibal laẓeenaj taraḥus sayyiʹaati ʹan najʻalahum kallaẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati sawaaaʹam maḥyaahum wa-mamaatuhum? Saaaʹa maa- yaḥkumoon.
විශ්වාස කොට යහකම් කළවුන් මෙන් පාපකම් උපයා ගත් අය ඔවුන්ගේ ජීවිතය හා ඔවුන්ගේ මරණය අපි එක සමාන ලෙස පත් කරන්නෙමු යැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
Verse 45:22
وَخَلَقَ اللّٰهُ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ وَلِتُجْزٰی كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
Wa-khalaq̣al laahus samaawaati wal-ʹarḍa bilḥaq̣q̣i wa-litujzaa kullu nafsim bimaa kasabat wa-hum laa- yuz̤̣lamoon.
තවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේ ය. තවද සෑම ආත්මයක් ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.
Verse 45:23
اَفَرَءَیْتَ مَنِ اتَّخَذَ اِلٰهَهٗ هَوٰىهُ وَاَضَلَّهُ اللّٰهُ عَلٰی عِلْمٍ وَّخَتَمَ عَلٰی سَمْعِهٖ وَقَلْبِهٖ وَجَعَلَ عَلٰی بَصَرِهٖ غِشٰوَةً ؕ فَمَنْ یَّهْدِیْهِ مِنْ بَعْدِ اللّٰهِ ؕ اَفَلَا تَذَكَّرُوْنَ ۟
ʹAfaraʹayta manit takhaẓa ʹilaahahoo hawaahu wa-ʹaḍal-lahul laahu ʻalaa ʻilmiñw Wakhatama ʻalaa samʻihee wa-q̣albihee wa-jaʻala ʻalaa baṣarihee g̣ishaawah. Famañy yahdeehi mim baʻdil laah? ʹAfalaa taẓakkaroon?
(නබිවරය!) කවුරුන් තම මනෝභාවය දෙවියන් බවට පත් කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහි ද? දැනුවත්වම අල්ලාහ් ඔහු නොමග යන්නට ඉඩ හැරියේ ය. තවද ඔහුගේ සවන හා ඔහුගේ හදවත මත මුද්‍රා තැබුවේ ය. තවද ඔහුගේ බැල්ම මත ආවරණයක් ඇති කළේ ය. අල්ලාහ්ගෙන් පසුව ඔහුට මග පෙන්වනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි නො කරන්නෙහු ද?
Verse 45:24
وَقَالُوْا مَا هِیَ اِلَّا حَیَاتُنَا الدُّنْیَا نَمُوْتُ وَنَحْیَا وَمَا یُهْلِكُنَاۤ اِلَّا الدَّهْرُ ۚ وَمَا لَهُمْ بِذٰلِكَ مِنْ عِلْمٍ ۚ اِنْ هُمْ اِلَّا یَظُنُّوْنَ ۟
Wa-q̣aaloo maa- hiya ʹillaa ḥayaatunad dunyaa namootu wa-naḥyaa wa-maa yuhlikunaaa ʹillad Dahr. Wa-maa lahum̃ biẓaalika min ʻilm: ʹin hum ʹillaa yaz̤̣unnoon.
තවද “මෙය අපගේ මෙලොව ජීවිතය මිස නැත. අපි මරණයට පත් වෙමු. තවද අපි ජීවත් වෙමු. කාලය මිස වෙන කිසිවක් අප විනාශ නො කරනු ඇත” යැයි ඔවුහු පවසති. එහෙත් ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.
Verse 45:25
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا بَیِّنٰتٍ مَّا كَانَ حُجَّتَهُمْ اِلَّاۤ اَنْ قَالُوا ائْتُوْا بِاٰبَآىِٕنَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
Wa-ʹiẓaa tutlaa ʻalayhim ʹAayaatunaa Bayyinaatim maa kaana ḥujjatuhum ʹillaaa ʹañ q̣aaluʹ too biʹaabaaaʹinaaa ʹiñ kuñtum ṣaadiq̣een!
තවද අපගේ වදන් ඔවුන් වෙත පැහැදිලි ලෙසින් පාරායනය කරනු ලබන විට, “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් ගෙන එනු යැයි” ඔවුහු පවසා සිටියා මිස වෙනකක් ඔවුන්ගේ සාධකය නො වීය.
Verse 45:26
قُلِ اللّٰهُ یُحْیِیْكُمْ ثُمَّ یُمِیْتُكُمْ ثُمَّ یَجْمَعُكُمْ اِلٰی یَوْمِ الْقِیٰمَةِ لَا رَیْبَ فِیْهِ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟۠
Q̣ulil laahu yaḥyeekum s̤umma yumeetukum s̤umma yajmaʻukum ʹilaa Yawmil Q̣iyaamati laa- rayba feehi wa-laakinna ʹaks̤aran naasi laa- yaʻlamoon.
(නබිවරය!) නුඹ පවසනු. අල්ලාහ් නුඹලා ජීවත් කරවයි; පසුව නුඹලා මරණයට පත් කරයි; පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත නුඹලා එක්රැස් කරයි; එහි කිසිදු සැකයක් නැත. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති.
Verse 45:27
وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ یَوْمَىِٕذٍ یَّخْسَرُ الْمُبْطِلُوْنَ ۟
Wa-lillaahi Mulkus samaawaati wal-ʹarḍ. Wa-Yawma taq̣oomus Saaʻatu Yawmaʹiẓiñy yakhsarul mubṭiloon!
තවද අහස්හි හා මහපොළොවේ ආධිපත්ය අල්ලාහ් සතු ය. එම හෝරාව ක්‍රියාත්මක වන දින, එදින බොරුකරන්නෝ පරාජයට පත් වෙති.
Verse 45:28
وَتَرٰی كُلَّ اُمَّةٍ جَاثِیَةً ۫ كُلُّ اُمَّةٍ تُدْعٰۤی اِلٰی كِتٰبِهَا ؕ اَلْیَوْمَ تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
Wa-taraa kulla ʹummatiñ JAAS̤IYAH: Kullu ʹummatiñ tudʻaaa ʹilaa Kitaabihaa; ʹal-Yawma tujzawna maa- kuñtum taʻmaloon!
සෑම සමූහයක් ම දණින් වැටී සිටිනු නුඹ දකිනු ඇත. සෑම සමූහයක් ම ඔවුන්ගේ වාර්තාව වෙත ඇරයුම් කරනු ලබති. “අද දින නුඹලා කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ය.” (යැයි කියනු ලැබේ.)
Verse 45:29
هٰذَا كِتٰبُنَا یَنْطِقُ عَلَیْكُمْ بِالْحَقِّ ؕ اِنَّا كُنَّا نَسْتَنْسِخُ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
Haaẓaa Kitaabunaa yañṭiq̣u ʻalaykum̃ bilḥaq̣q̣; ʹinnaa kunnaa nastañsikhu maa- kuñtum taʻmaloon.
මෙය නුඹලාට එරෙහිව සත්‍යයෙන් යුතුව කතා කරන අපගේ වාර්තාවයි. නියත වශයෙන් ම අපි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සටහන් කරමින් සිටියෙමු.
Verse 45:30
فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَیُدْخِلُهُمْ رَبُّهُمْ فِیْ رَحْمَتِهٖ ؕ ذٰلِكَ هُوَ الْفَوْزُ الْمُبِیْنُ ۟
Faʹammal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati fayudkhiluhum Rabbuhum fee Raḥmatih. Ẓaalika huwal Fawzul mubeen.
විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළට ඔවුන් ඇතුළත් කරනු ඇත. එයයි පැහැදිලි ජයග්‍රහණ ය.
Verse 45:31
وَاَمَّا الَّذِیْنَ كَفَرُوْا ۫ اَفَلَمْ تَكُنْ اٰیٰتِیْ تُتْلٰی عَلَیْكُمْ فَاسْتَكْبَرْتُمْ وَكُنْتُمْ قَوْمًا مُّجْرِمِیْنَ ۟
Wa-ʹammal laẓeena kafaroo: ʹafalam takun ʹAayaatee tutlaa ʻalaykum fastakbartum wa-kuñtum q̣awmam mujrimeen?
තවද ප්‍රතික්ෂේප කළවුන් වූ කලී, (ඔවුන්හට) “නුඹලා වෙත මාගේ වදන් පාරායනය කරමින් නො තිබුණේ ද? එවිට නුඹලා උඩඟු වූයෙහු ය. තවද නුඹලා වැරදි කරන පිරිසක් වූයෙහු ය. (යැයි කියනු ලැබේ.)
Verse 45:32
وَاِذَا قِیْلَ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّالسَّاعَةُ لَا رَیْبَ فِیْهَا قُلْتُمْ مَّا نَدْرِیْ مَا السَّاعَةُ ۙ اِنْ نَّظُنُّ اِلَّا ظَنًّا وَّمَا نَحْنُ بِمُسْتَیْقِنِیْنَ ۟
Wa-ʹiẓaa q̣eela ʹinna waʻdallaahi ḥaq̣q̣uñw was Saaʻatu laa- rayba feehaa q̣ultum maa nadree mas Saaʻatu ʹin naz̤̣unnu ʹillaa z̤̣annañw wamaa naḥnu bimustayq̣ineen.
“තවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අවසන් හෝරාව එහි කිසිදු සැකයක් නැත” යැයි කියනු ලැබූ විට අවසන් හෝරාව කුමක් දැ? යි අපි නො දනිමු. එය අනුමානයක් ලෙසින් මිස අපි නො සිතමු. තවද අපි එය තරයේ විශ්වාස කරන්නන් නො වූයෙමු යැයි නුඹලා පැවසුවෙහු ය.
Verse 45:33
وَبَدَا لَهُمْ سَیِّاٰتُ مَا عَمِلُوْا وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟
Wa-badaa lahum sayyiʹaatu maa- ʻamiloo wa-ḥaaq̣a bihim maa kaanoo bihee yastahziʹoon!
තවද ඔවුන් සිදු කළ දෑහි නපුර ඔවුනට හෙළි විය. ඔවුන් කවර දෙයක් සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගත්තේ ය.
Verse 45:34
وَقِیْلَ الْیَوْمَ نَنْسٰىكُمْ كَمَا نَسِیْتُمْ لِقَآءَ یَوْمِكُمْ هٰذَا وَمَاْوٰىكُمُ النَّارُ وَمَا لَكُمْ مِّنْ نّٰصِرِیْنَ ۟
Wa-q̣eelal Yawma nañsaakum kamaa naseetum Liq̣aaaʹa Yawmikum haaẓaa wa-maʹwaakumun Naaru wa-maa lakum min naaṣireen!
“නුඹලාගේ මෙම දිනයේ හමුව නුඹලා අමතක කළාක් මෙන් අද දින අපි නුඹලා අමතක කරන්නෙමු. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්න ය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවෙකු නොමැත.” යැයි පවසනු ලැබේ.
Verse 45:35
ذٰلِكُمْ بِاَنَّكُمُ اتَّخَذْتُمْ اٰیٰتِ اللّٰهِ هُزُوًا وَّغَرَّتْكُمُ الْحَیٰوةُ الدُّنْیَا ۚ فَالْیَوْمَ لَا یُخْرَجُوْنَ مِنْهَا وَلَا هُمْ یُسْتَعْتَبُوْنَ ۟
Ẓaalikum̃ biʹannakumut takhaẓtum ʹAayaatil laahi huzuwañw wag̣arratkumul ḥayaatud dunyaa: fal-Yawma laa- yukhrajoona minhaa wa-laa hum yustaʻtaboon.
“මෙයට හේතුව, නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් නුඹලා සරදමට ගත් බැවින් හා මෙලොව ජීවිතය නුඹලාව මුළා කර ඇති බැවිනි.” එහෙයින් අද දින ඔවුහු එයින් බැහැර නො වනු ඇත. තවද ඔවුහු පිළිගනු ලබන්නන් නො වෙති.
Verse 45:36
فَلِلّٰهِ الْحَمْدُ رَبِّ السَّمٰوٰتِ وَرَبِّ الْاَرْضِ رَبِّ الْعٰلَمِیْنَ ۟
Falillaahil Ḥamdu Rabbis samaawaati wa-Rabbil ʹarḍi Rabbil ʻAalameen!
අහස්හි පරමාධිපති වූ ද මහපොළොවේ පරමාධිපති වූ ද ලෝකයන්හි පරමාධිපති වූ ද අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා!
Verse 45:37
وَلَهُ الْكِبْرِیَآءُ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ۪ وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟۠
Wa-lahul Kibriyaaaʹu fis samaawaati wal-ʹarḍ: wa-Huwal ʻAzeezul Ḥakeem!
තවද අහස්හි හා මහපොළොවේ සියලු සාඩම්බරයන් ඔහු සතු ය. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.