Surah Al-Ahqaf
Surah Al-Ahqaf (The Wind-Curved Sandhills) is Surah 46 of the Holy Quran, a Meccan Surah with 35 verses, available here in Sinhalese.
Verse 46:1
حٰمٓ ۟ۚ
Ḥaa-Meeem.
හා මීම්.
Verse 46:2
تَنْزِیْلُ الْكِتٰبِ مِنَ اللّٰهِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟
Tañzeelul Kitaabi minal laahil ʻAzeezil Ḥakeem.
මෙය මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමකි.
Verse 46:3
مَا خَلَقْنَا السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَاۤ اِلَّا بِالْحَقِّ وَاَجَلٍ مُّسَمًّی ؕ وَالَّذِیْنَ كَفَرُوْا عَمَّاۤ اُنْذِرُوْا مُعْرِضُوْنَ ۟
Maa- khalaq̣nas samaawaati wal-ʹarḍa wa-maa baynahumaaa ʹillaa bilḥaq̣q̣i wa-ʹajalim musammaa: wallaẓeena kafaroo ʻammaaa ʹuñẓiroo muʻriḍoon.
සත්‍යය හේතුවක් හා නියමිත කාලයක් සඳහා මිස අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නො මැව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් ඔවුනට අවවාද කරනු ලැබූ දෑ පිටුපාන්නන් ය.
Verse 46:4
قُلْ اَرَءَیْتُمْ مَّا تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ اَرُوْنِیْ مَاذَا خَلَقُوْا مِنَ الْاَرْضِ اَمْ لَهُمْ شِرْكٌ فِی السَّمٰوٰتِ ؕ اِیْتُوْنِیْ بِكِتٰبٍ مِّنْ قَبْلِ هٰذَاۤ اَوْ اَثٰرَةٍ مِّنْ عِلْمٍ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
Q̣ul ʹaraʹaytum maa tadʻoona miñ doonil laahi ʹaroonee maaẓaa khalaq̣oo minal ʹarḍi ʹam lahum shirkuñ fis samaawaat? ʹEetoonee bi-Kitaabim miñ q̣abli haaẓaaa ʹaw ʹas̤aaratim min ʻilmin ʹiñ kuñtum ṣaadiq̣een!
අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන දෑ දෙස නුඹලා බැලුවෙහු ද? ඔවුන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැ? යි මට නුඹලා පෙන්වනු. එසේ නැතහොත් අහස් (මැවීමෙ)හි යම් හවුලක් ඔවුනට තිබේ ද? නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මීට පෙර වූ ග්‍රන්ථයක් හෝ බුද්ධිමය සලකුණක් හෝ මා වෙත ගෙන එනු.” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 46:5
وَمَنْ اَضَلُّ مِمَّنْ یَّدْعُوْا مِنْ دُوْنِ اللّٰهِ مَنْ لَّا یَسْتَجِیْبُ لَهٗۤ اِلٰی یَوْمِ الْقِیٰمَةِ وَهُمْ عَنْ دُعَآىِٕهِمْ غٰفِلُوْنَ ۟
Wa-man ʹaḍallu mimmañy yadʻoo miñ doonil laahi mal laa yastajeebu lahooo ʹilaa Yawmil Q̣iyaamati wa-hum ʻañ duʻaaaʹihim g̣aafiloon?
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් අල්ලාහ් හැර තමන්ට පිළිතුරු නො සපයන අයට ඇරයුම් කරන්නාට වඩා නොමග ගිය අය කවු ද? තවද මොවුන්ගේ ඇරයුම ගැන ඔවුහු අනවධානීහු වෙති.
Verse 46:6
وَاِذَا حُشِرَ النَّاسُ كَانُوْا لَهُمْ اَعْدَآءً وَّكَانُوْا بِعِبَادَتِهِمْ كٰفِرِیْنَ ۟
Wa-ʹiẓaa ḥushiran naasu kaanoo lahum ʹaʻdaaaʹañw Wakaanoo biʻibaadatihim kaafireen!
තවද ජනයා එක්රැස් කරනු ලැබූ විට ඔවුහු මොවුනට සතුරු වනු ඇත. මොවුන්ගේ ඇදහීම පිළිබඳව ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් වනු ඇත.
Verse 46:7
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا بَیِّنٰتٍ قَالَ الَّذِیْنَ كَفَرُوْا لِلْحَقِّ لَمَّا جَآءَهُمْ ۙ هٰذَا سِحْرٌ مُّبِیْنٌ ۟ؕ
Wa-ʹiẓaa tutlaa ʻalayhim ʹAayaatunaa Bayyinaatiñ q̣aalal laẓeena kafaroo lil-Ḥaq̣q̣i lammaa jaaaʹahum haaẓaa siḥrum mubeen!
තවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කරනු ලැබුවේ නම්, සත්‍යය ප්‍රතික්ෂේප කළ ඔවුන්, එය ඔවුන් වෙත පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක්” යැයි පැවසුවෝ ය.
Verse 46:8
اَمْ یَقُوْلُوْنَ افْتَرٰىهُ ؕ قُلْ اِنِ افْتَرَیْتُهٗ فَلَا تَمْلِكُوْنَ لِیْ مِنَ اللّٰهِ شَیْـًٔا ؕ هُوَ اَعْلَمُ بِمَا تُفِیْضُوْنَ فِیْهِ ؕ كَفٰی بِهٖ شَهِیْدًا بَیْنِیْ وَبَیْنَكُمْ ؕ وَهُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
ʹAm yaq̣ooloonaf taraah? Q̣ul ʹinif taraytuhoo falaa tamlikoona lee minal laahi shayʹaa. Huwa ʹaʻlamu bimaa tufeeḍoona feeh! Kafaa bihee Shaheedam baynee wa-baynakum! Wa-Huwal G̣afoorur Raḥeem.
එසේ නැතහොත් “ඔහු එය ගෙතුවේ යැයි පවසන්නෝ ද? මා එය ගෙතුවේ නම් අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) මා වැළැක්වීමට නුඹලා ශක්තිය නො දරනු ඇත. නුඹලා කවර කරුණක ගිලී සිටින්නෙහු ද ඒ පිළිබඳව ඔහු මැනවින් දන්නා ය. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවෙකු වශයෙන් ඔහු ප්‍රමාණවත් ය. තවද ඔහු අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විතය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 46:9
قُلْ مَا كُنْتُ بِدْعًا مِّنَ الرُّسُلِ وَمَاۤ اَدْرِیْ مَا یُفْعَلُ بِیْ وَلَا بِكُمْ ؕ اِنْ اَتَّبِعُ اِلَّا مَا یُوْحٰۤی اِلَیَّ وَمَاۤ اَنَا اِلَّا نَذِیْرٌ مُّبِیْنٌ ۟
Q̣ul maa- kuñtu bidʻam minar rusuli wa-maaa ʹadree maa- yufʻalu bee wa-laa bikum. ʹIn ʹattabiʻu ʹillaa maa- yooḥaaa ʹilayya wa-maaa ʹana ʹillaa Naẓeerum mubeen.
“ධර්ම දූතවරුන් අතරින් මා නවකයෙකු නො වූයෙමි. තවද මට හෝ නුඹලාට කුමක් සිදු කරනු ලබන්නේ දැ? යි මම නො දනිමි. මා වෙත හෙළිදරව් කරනු ලබන දෑ හැර මම නො පිළිපදිමි. තවද මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැතැ”යි (නබිවරය!) නුඹ පවසනු.
Verse 46:10
قُلْ اَرَءَیْتُمْ اِنْ كَانَ مِنْ عِنْدِ اللّٰهِ وَكَفَرْتُمْ بِهٖ وَشَهِدَ شَاهِدٌ مِّنْ بَنِیْۤ اِسْرَآءِیْلَ عَلٰی مِثْلِهٖ فَاٰمَنَ وَاسْتَكْبَرْتُمْ ؕ اِنَّ اللّٰهَ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟۠
Q̣ul ʹaraaytum ʹiñ kaana min ʻiñdil laahi wa-kafartum̃ bihee wa-shahida shaahidum mim Baneee ʹIsraaaʹeela ʻalaa mis̤lihee faʹaamana wastakbartum? ʹInnal laaha laa- yahdil q̣awmaz̤̣ z̤̣aalimeen.
“එය අල්ලාහ් වෙතින් පැමිණ තිබියදීත්, ඉස්රාඊල් දරුවන් අතරින් සාක්ෂිකරුවකු එයට සමාන දෙයක් මත සාක්ෂිද දරා, පසුව ඔහු විශ්වාස කර සිටිය දී නුඹලා එය ප්‍රතික්ෂේප කොට උඩඟු වූයේ නම් (ඒ ගැන) නුඹලා කුමක් සිතන්නෙහු ද? නියත වශයෙන් ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 46:11
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لِلَّذِیْنَ اٰمَنُوْا لَوْ كَانَ خَیْرًا مَّا سَبَقُوْنَاۤ اِلَیْهِ ؕ وَاِذْ لَمْ یَهْتَدُوْا بِهٖ فَسَیَقُوْلُوْنَ هٰذَاۤ اِفْكٌ قَدِیْمٌ ۟
Wa-q̣aalal laẓeena kafaroo lillaẓeena ʹaamanoo law kaana khayram maa sabaq̣oonaaa ʹilayh! Wa-ʹiẓ lam yahtadoo bihee fasayaq̣ooloona haaẓaaa ʹifkuñ q̣adeem!
“එය යහපතක් වී නම් ඒ කෙරෙහි ඔවුන් අප පසුකර නො යනු ඇත යැයි ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් හමුවේ පැවසුවෝ ය. තවද එමඟින් ඔවුහු යහමග නො ලැබූ විට ‘මෙය පුරාණ ප්‍රබන්ධයක්’ යැයි ඔවුහු පවසනු ඇත.
Verse 46:12
وَمِنْ قَبْلِهٖ كِتٰبُ مُوْسٰۤی اِمَامًا وَّرَحْمَةً ؕ وَهٰذَا كِتٰبٌ مُّصَدِّقٌ لِّسَانًا عَرَبِیًّا لِّیُنْذِرَ الَّذِیْنَ ظَلَمُوْا ۖۗ وَبُشْرٰی لِلْمُحْسِنِیْنَ ۟ۚ
Wa-miñ q̣ablihee Kitaabu Moosaaa ʹimaamañw Waraḥmah: wa-haaẓaa Kitaabum muṣaddiq̣ul lisaanan ʻArabiyyal liyuñẓiral laẓeena z̤̣alamoo wa-Bushraa lil-Muḥsineen.
තවද එයට පෙර මෙහෙයවන්නක් හා ආශිර්වාදයක් වශයෙන් මූසාගේ ග්‍රන්ථය විය. මෙය අපරාධ කරන්නන්හට අවවාද කරනු පිණිස ද දැහැමියන්ට ශුභාරංචියක් ලෙස ද අරාබි බසින් වූ ග්‍රන්ථයකි. (එය හා මීට පෙර පහළ වූ ග්‍රන්ථ) තහවුරු කරන්නකි.
Verse 46:13
اِنَّ الَّذِیْنَ قَالُوْا رَبُّنَا اللّٰهُ ثُمَّ اسْتَقَامُوْا فَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟ۚ
ʹInnal laẓeena q̣aaloo Rabbunal laahu s̤ummas taq̣aamoo falaa khawfun ʻalayhim wa-laa hum yaḥzanoon.
‘අපගේ පරමාධිපති අල්ලාහ්’ යැයි ප්‍රකාශ කොට පසුව (එහි) ස්ථාවරව සිටියවුන් වන ඔවුනට කිසිදු බියක් නැත. එමෙන් ම ඔවුහු දුකට පත්වන්නෝ ද නො වෙති.
Verse 46:14
اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَنَّةِ خٰلِدِیْنَ فِیْهَا ۚ جَزَآءً بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
ʹUlaaaʹika ʹAṣḥaabul Jannati khaalideena feehaa: jazaaaʹam bimaa kaanoo yaʻmaloon.
ඔවුහු ස්වර්ග වැසියෝ ය. එහි සදාතනිකයින් ය. (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි.
Verse 46:15
وَوَصَّیْنَا الْاِنْسَانَ بِوَالِدَیْهِ اِحْسٰنًا ؕ حَمَلَتْهُ اُمُّهٗ كُرْهًا وَّوَضَعَتْهُ كُرْهًا ؕ وَحَمْلُهٗ وَفِصٰلُهٗ ثَلٰثُوْنَ شَهْرًا ؕ حَتّٰۤی اِذَا بَلَغَ اَشُدَّهٗ وَبَلَغَ اَرْبَعِیْنَ سَنَةً ۙ قَالَ رَبِّ اَوْزِعْنِیْۤ اَنْ اَشْكُرَ نِعْمَتَكَ الَّتِیْۤ اَنْعَمْتَ عَلَیَّ وَعَلٰی وَالِدَیَّ وَاَنْ اَعْمَلَ صَالِحًا تَرْضٰىهُ وَاَصْلِحْ لِیْ فِیْ ذُرِّیَّتِیْ ؕۚ اِنِّیْ تُبْتُ اِلَیْكَ وَاِنِّیْ مِنَ الْمُسْلِمِیْنَ ۟
Wa-waṣṣaynal ʹiñsaana biwaalidayhi ʹiḥsaanaa: ḥamalathu ʹummuhoo kurhañw wawaḍaʻathu kurhaa. Wa-ḥamluhoo wa-fiṣaaluhoo s̤alaas̤oona shahraa. Ḥattaaa ʹiẓaa balag̣a ʹashuddahoo wa-balag̣a ʹarbaʻeena sanatañ q̣aala Rabbi ʹawziʻneee ʹan ʹashkura niʻmatakal lateee ʹanʻamta ʻalayya wa-ʻalaa waalidayya wa-ʹan ʹaʻmala ṣaaliḥañ tarḍaahu wa-ʹaṣliḥ lee fee ẓurriyyatee. ʹInnee tubtu ʹilayka wa-ʹinnee minal Muslimeen.
තවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතුව ඉසිලුවා ය. තවද දුෂ්කරත්වයෙන් යුතුව ඇය ඔහු ප්‍රසූත කළා ය. ඔහුව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත්ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපතියාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා මා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්‍යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන් ම මම පාප සමාව අයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන් ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතරිනි යැයි ඔහු පැවසුවේ ය.
Verse 46:16
اُولٰٓىِٕكَ الَّذِیْنَ نَتَقَبَّلُ عَنْهُمْ اَحْسَنَ مَا عَمِلُوْا وَنَتَجَاوَزُ عَنْ سَیِّاٰتِهِمْ فِیْۤ اَصْحٰبِ الْجَنَّةِ ؕ وَعْدَ الصِّدْقِ الَّذِیْ كَانُوْا یُوْعَدُوْنَ ۟
ʹUlaaaʹikal laẓeena nataq̣abbalu ʻanhum ʹaḥsana maa- ʻamiloo wa-natajaawazu ʻañ sayyiʹaatihim feee ʹaṣḥaabil Jannah: waʻdaṣ ṣidq̣il laẓee kaanoo yooʻadoon.
ඔවුන් සිදු කළ අලංකාර දෑ ඔවුන්ගෙන් අප පිළිගත් අය ඔවුහු ම ය. තවද අපි ඔවුන්ගේ පාපකම් නො සළකා හරිමු. (ඔවුහු) ස්වර්ගවාසීහු අතර ය. (එය) ඔවුනට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි සත්‍යයේ ප්‍රතිඥාවක් වශයෙනි.
Verse 46:17
وَالَّذِیْ قَالَ لِوَالِدَیْهِ اُفٍّ لَّكُمَاۤ اَتَعِدٰنِنِیْۤ اَنْ اُخْرَجَ وَقَدْ خَلَتِ الْقُرُوْنُ مِنْ قَبْلِیْ ۚ وَهُمَا یَسْتَغِیْثٰنِ اللّٰهَ وَیْلَكَ اٰمِنْ ۖۗ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ ۖۚ فَیَقُوْلُ مَا هٰذَاۤ اِلَّاۤ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟
Wallaẓee q̣aala liwaalidayhi ʹuffil lakumaaa ʹataʻidaanineee ʹan ʹukhraja wa-q̣ad khalatil q̣uroonu miñ q̣ablee? Wa-humaa yastag̣ees̤aanil laaha waylaka ʹaamin! ʹInna waʻdal laahi ḥaq̣q̣. Fayaq̣oolu maa- haaẓaaa ʹillaaa ʹasaaṭeerul ʹawwaleen!
තවද තම දෙමාපියන්ට (නොමනා වචනයෙන්) ‘චී’ යැයි පැවසූ කෙනෙකු “නුඹ දෙදෙනා මා (මිනි වළෙන්) ගොඩ ගනු ලබනු ඇතැයි පවසා මා බිය වද්දන්නෙහු ද? මට පෙර ද පරම්පරාවන් ඉකුත්ව ගොස් ඇතැ”යි පැවසී ය. තවද ඔවුන් දෙදෙනා අල්ලාහ්ගෙන් උදව් පතමින් “නුඹට විනාශයයි. නුඹ විශ්වාස කරනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යයකි.” පැවසූ විට ඔහු “මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස නැතැ”යි පැවසී ය.
Verse 46:18
اُولٰٓىِٕكَ الَّذِیْنَ حَقَّ عَلَیْهِمُ الْقَوْلُ فِیْۤ اُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِّنَ الْجِنِّ وَالْاِنْسِ ؕ اِنَّهُمْ كَانُوْا خٰسِرِیْنَ ۟
ʹUlaaaʹikal laẓeena ḥaq̣q̣a ʻalayhimul Q̣awlu feee ʹumamiñ q̣ad khalat miñ q̣ablihim minal jinni wal-ʹiñs: ʹinnahum kaanoo khaasireen.
තමන් වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වූ ඔවුහු ඔවුනට පෙර ඉකුත්ව ගිය ජින්නුන් හා මිනිසුන් අතරින් වූ සමූහයන් අතර ය. නියත වශයෙන් ම ඔවුහු පරාජිතයින් වූවෝ ය.
Verse 46:19
وَلِكُلٍّ دَرَجٰتٌ مِّمَّا عَمِلُوْا ۚ وَلِیُوَفِّیَهُمْ اَعْمَالَهُمْ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
Wa-likulliñ darajaatum mimmaa ʻamiloo, wa-liyuwaf-fiyahum ʹaʻmaalahum Wahum laa- yuz̤̣lamoon.
සෑම කෙනෙකුට ම ඔවුන් සිදු කළ දැයින් තරාතිරම් ඇත. තවද ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුනට පූර්ණව ප්‍රතිඵල දෙනු ඇත. තවද ඔවුහු අපරාධ සිදු කරනු නො ලබති.
Verse 46:20
وَیَوْمَ یُعْرَضُ الَّذِیْنَ كَفَرُوْا عَلَی النَّارِ ؕ اَذْهَبْتُمْ طَیِّبٰتِكُمْ فِیْ حَیَاتِكُمُ الدُّنْیَا وَاسْتَمْتَعْتُمْ بِهَا ۚ فَالْیَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُوْنِ بِمَا كُنْتُمْ تَسْتَكْبِرُوْنَ فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَفْسُقُوْنَ ۟۠
Wa-Yawma yuʻraḍul laẓeena kafaroo ʻalan Naar. ʹAẓhabtum ṭayyibaatikum fee ḥayaatikumud dunyaa wastamtaʻtum̃ bihaa: fal-Yawma tujzawna ʻaẓaabal hooni bimaa kuñtum tastakbiroona fil ʹarḍi big̣ayril ḥaq̣q̣i wa-bimaa kuñtum tafsuq̣oon.
තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්නට ඉදිරිපත් කරනු ලබන දින, නුඹලාගේ මෙලොව ජීවිතයේ දී නුඹලාගේ යහපත් දෑ නුඹලා ඉවත් කර ගෙන ඇත. තවද නුඹලා ඒවා භුක්ති විඳ ඇත. එහෙයින් අද දින නුඹලා කිසිදු සාධාරණයකින් තොරව උඩඟුකම් පෑ හේතුවෙන් ද නුඹලා පාපකම් සිදු කරමින් සිටි හේතුවෙන් ද නින්දිත දඬුවම ප්‍රතිඵල වශයෙන් දෙනු ලබන්නෙහු ය.
Verse 46:21
وَاذْكُرْ اَخَا عَادٍ ؕ اِذْ اَنْذَرَ قَوْمَهٗ بِالْاَحْقَافِ وَقَدْ خَلَتِ النُّذُرُ مِنْ بَیْنِ یَدَیْهِ وَمِنْ خَلْفِهٖۤ اَلَّا تَعْبُدُوْۤا اِلَّا اللّٰهَ ؕ اِنِّیْۤ اَخَافُ عَلَیْكُمْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟
Waẓkur ʹAkhaa ʻAad: ʹIẓ ʹañẓara q̣awmahoo bil-ʹAḤQ̣AAFI wa-q̣ad khalatin nuẓuru mim bayni yadayhi wa-min khalfiheee ʹallaa taʻbudooo ʹillal laah: ʹinneee ʹakhaafu ʻalaykum ʻaẓaaba Yawmin ʻaz̤̣eem.
තවද ආද්ගේ සහෝදරයා වැලිකඳු මත සිට තම ජනයාට අවවාද කළ අවස්ථාව නුඹ මෙනෙහි කරනු. ඔහුට පෙර ද ඔහුට පසු ද මෙවන් අවවාද කරන්නන් ඉකුත්ව ගොස් ඇත. “අල්ලාහ් හැර නුඹලා (වෙනත් කිසිවකුට) නැමදුම් නො කරනු. නියත වශයෙන් ම මහත් වූ දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි” (යැයි ඔහු පැවසීය).
Verse 46:22
قَالُوْۤا اَجِئْتَنَا لِتَاْفِكَنَا عَنْ اٰلِهَتِنَا ۚ فَاْتِنَا بِمَا تَعِدُنَاۤ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
Q̣aalooo ʹajiʹtanaa litaʹfikanaa ʻan ʹaalihatinaa? Faʹtinaa bimaa taʻidunaaa ʹiñ kuñta minaṣ ṣaadiq̣een!
“අපගේ දෙවිවරුන්ගෙන් අප වෙනතකට යොමු කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? එසේ නුඹ සත්‍යවාදීන් අතරින් කෙනෙකු වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු” යැයි ඔවුහු පැවසුවෝ ය.
Verse 46:23
قَالَ اِنَّمَا الْعِلْمُ عِنْدَ اللّٰهِ ۖؗ وَاُبَلِّغُكُمْ مَّاۤ اُرْسِلْتُ بِهٖ وَلٰكِنِّیْۤ اَرٰىكُمْ قَوْمًا تَجْهَلُوْنَ ۟
Q̣aala ʹinnamal ʻilmu ʻiñdal laah: wa-ʹuballig̣ukum maaa ʹursiltu bihee wa-laakinneee ʹaraakum q̣awmañ tajhaloon!
“නියත වශයෙන් ම එම දැනුම අල්ලාහ් අබියස ය. තවද කවර දෙයක් සමඟ මා එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙමි. එහෙත් වටහා නො ගන්නා පිරිසක් ලෙස මම නුඹලා දකිමි” යැයි ඔහු පැවසී ය.
Verse 46:24
فَلَمَّا رَاَوْهُ عَارِضًا مُّسْتَقْبِلَ اَوْدِیَتِهِمْ ۙ قَالُوْا هٰذَا عَارِضٌ مُّمْطِرُنَا ؕ بَلْ هُوَ مَا اسْتَعْجَلْتُمْ بِهٖ ؕ رِیْحٌ فِیْهَا عَذَابٌ اَلِیْمٌ ۟ۙ
falammaa raʹawhu ʻaariḍam mustaq̣bila ʹawdiyatihim q̣aaloo haaẓaa ʻaariḍum mumṭirunaa! Bal huwa mas taʻjaltum̃ bih! reeḥuñ feehaa ʻAẓaabun ʹaleem!
ඔවුන්ගේ මිටියාවත දෙසට එය වලාකුළක් සේ ළඟා වනු ඔවුහු දුටු කල්හි, “මෙය අපට වැසි ගෙන දෙන වලාකුළකි” යැයි ඔවුහු පැවසූහ. “එසේ නො ව, එය නුඹලා කවර දෙයක් ඉක්මණින් පැතුවෙහු ද එයයි. දැඩි සුළගකි. එහි වේදනීය දඬුවමක් ඇත.”
Verse 46:25
تُدَمِّرُ كُلَّ شَیْءٍ بِاَمْرِ رَبِّهَا فَاَصْبَحُوْا لَا یُرٰۤی اِلَّا مَسٰكِنُهُمْ ؕ كَذٰلِكَ نَجْزِی الْقَوْمَ الْمُجْرِمِیْنَ ۟
Tudammiru kulla shayʹim biʹamri Rabbihaa faʹaṣbaḥoo laa- yuraaa ʹillaa masaakinuhum! Kaẓaalika najzil q̣awmal mujrimeen!
“එය එහි පරමාධිපතිගේ නියෝගය අනුව සියලු දෑ සුනු විසුනු කරනු ඇත.” එවිට ඔවුන්ගේ වාසස්ථාන හැර (කිසිවෙකු) දකින්නට නො ලබන තත්ත්වයට ඔවුහු පත් වූහ. වැරදි කරන ජනයාහට අපි ප්‍රතිවිපාක පිරිනමනුයේ එලෙස ය.
Verse 46:26
وَلَقَدْ مَكَّنّٰهُمْ فِیْمَاۤ اِنْ مَّكَّنّٰكُمْ فِیْهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَّاَبْصَارًا وَّاَفْـِٕدَةً ۖؗ فَمَاۤ اَغْنٰی عَنْهُمْ سَمْعُهُمْ وَلَاۤ اَبْصَارُهُمْ وَلَاۤ اَفْـِٕدَتُهُمْ مِّنْ شَیْءٍ اِذْ كَانُوْا یَجْحَدُوْنَ ۙ بِاٰیٰتِ اللّٰهِ وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟۠
Wa-laq̣ad makkannaahum feemaaa ʹim makkannaakum feehi wa-jaʻalnaa lahum samʻañw waʹabṣaarañw waʹafʹidah: famaaa ʹag̣naa ʻanhum samʻuhum wa-laaa ʹabṣaaruhum wa-laaa ʹafʹidatuhum miñ shayʹin ʹiẓ kaanoo yajḥadoona biʹAayaatil laahi wa-ḥaaq̣a bihim maa kaanoo bihee yastahziʹoon!
තවද කවර විෂයක අපි නුඹලාට පහසුකම් ලබා නො දුන්නෙමු ද එවන් දෑහි සැබැවින් ම අපි ඔවුනට පහසුකම් ලබා දුනිමු. තවද අපි ඔවුනට සවන්, බැල්ම හා හදවත් ද ඇති කළෙමු. එහෙත් අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් ඔවුන්ගේ සවන් හෝ ඔවුන්ගේ බැල්ම හෝ ඔවුන්ගේ හදවත් කිසිවකින් හෝ ඔවුනට ඵලක් ගෙන දුන්නේ නැත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේ ය.
Verse 46:27
وَلَقَدْ اَهْلَكْنَا مَا حَوْلَكُمْ مِّنَ الْقُرٰی وَصَرَّفْنَا الْاٰیٰتِ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
Wa-laq̣ad ʹahlaknaa maa- ḥawlakum minal q̣uraa wa-ṣarrafnal ʹAayaati laʻallahum yarjiʻoon.
තවද නුඹලා අවට පිහිටි ගම්මාන (රාශියක්) සැබැවින් ම අපි විනාශ කළෙමු. ඔවුන් නැවත යොමු විය හැකි වනු පිණිස එම සංඥා අපි විවිධාකාරයෙන් ගෙන හැර පෑවෙමු.
Verse 46:28
فَلَوْلَا نَصَرَهُمُ الَّذِیْنَ اتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ قُرْبَانًا اٰلِهَةً ؕ بَلْ ضَلُّوْا عَنْهُمْ ۚ وَذٰلِكَ اِفْكُهُمْ وَمَا كَانُوْا یَفْتَرُوْنَ ۟
Falawlaa naṣarahumul laẓeenat takhaẓoo miñ doonil laahi q̣urbaanan ʹaalihah? Bal ḍalloo ʻanhum: wa-ẓaalika ʹifkuhum wa-maa kaanoo yaftaroon.
අල්ලාහ් හැර දමා සමීපවීමේ මාර්ගයක් ලෙස ඔවුන් ගත් (වෙනත්) දෙවිවරුන් ඔවුනට උදව් කර තිබිය යුතු නො වේ ද? එසේ නොව ඔවුහු ඔවුන්ගෙන් සැඟවී වී ඇත. තවද එය ඔවුන්ගේ බොරුව හා ඔවුන් ගොතමින් සිටි දෑ ය.
Verse 46:29
وَاِذْ صَرَفْنَاۤ اِلَیْكَ نَفَرًا مِّنَ الْجِنِّ یَسْتَمِعُوْنَ الْقُرْاٰنَ ۚ فَلَمَّا حَضَرُوْهُ قَالُوْۤا اَنْصِتُوْا ۚ فَلَمَّا قُضِیَ وَلَّوْا اِلٰی قَوْمِهِمْ مُّنْذِرِیْنَ ۟
Wa-ʹiẓ ṣarafnaaa ʹilayka nafaram minal Jinni yastamiʻoonal Q̣urʹaan. Falammaa ḥaḍaroohu q̣aalooo ʹañṣitoo! Falammaa q̣uḍiya wallaw ʹilaa q̣awmihim muñẓireen.
තවද අප නුඹ වෙත අල් කුර්ආනය සවන් දෙන්නට ජින් වර්ගයාගෙන් පිරිසක් යොමු කළ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඔවුන් ඔහු වෙත පැමිණි කල්හි “නුඹලා නිහඬව සවන් දෙනු” යැයි ඔවුහු පැවසුවෝ ය. පසුව (පාරායනය)අවසන් වූ කල්හි ඔවුහු තම සමූහයා වෙත අවවාද කරන්නන් ලෙස හැරී ගියහ.
Verse 46:30
قَالُوْا یٰقَوْمَنَاۤ اِنَّا سَمِعْنَا كِتٰبًا اُنْزِلَ مِنْ بَعْدِ مُوْسٰی مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ یَهْدِیْۤ اِلَی الْحَقِّ وَاِلٰی طَرِیْقٍ مُّسْتَقِیْمٍ ۟
Q̣aaloo yaa-q̣awmanaaa ʹinnaa samiʻnaa Kitaaban ʹuñzila mim baʻdi Moosaa muṣaddiq̣al limaa bayna yadayhi yahdeee ʹilal Ḥaq̣q̣i wa-ʹilaa Ṭareeq̣im Mustaq̣eem.
අහෝ අපගේ ජනයිනි! මූසාගෙන් පසු ව, එයට ඉදිරියේ පැවති දෑ තහවුරු කරමින් පහළ කරන ලද ධර්ම ග්‍රන්ථයකට නියත වශයෙන් ම අපි සවන් දුනිමු. එය සත්‍යය වෙත හා ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ඇත.
Verse 46:31
یٰقَوْمَنَاۤ اَجِیْبُوْا دَاعِیَ اللّٰهِ وَاٰمِنُوْا بِهٖ یَغْفِرْ لَكُمْ مِّنْ ذُنُوْبِكُمْ وَیُجِرْكُمْ مِّنْ عَذَابٍ اَلِیْمٍ ۟
Yaa-q̣awmanaaa ʹajeeboo Daaʻiyal laahi wa-ʹaaminoo bihee yag̣fir lakum miñ ẓunoobikum wa-yujirkum min ʻAẓaabin ʹaleem.
“අහෝ අපගේ ජනයිනි! අල්ලාහ්ගේ කැඳවුම්කරුට නුඹලා ප්‍රතිචාර දක්වනු. තවද නුඹලා ඔහු විශ්වාස කරනු. නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙන්නේ ය. තවද වේදනීය දඬුවමින් ඔහු නුඹලා මුදවා ගන්නේ ය.
Verse 46:32
وَمَنْ لَّا یُجِبْ دَاعِیَ اللّٰهِ فَلَیْسَ بِمُعْجِزٍ فِی الْاَرْضِ وَلَیْسَ لَهٗ مِنْ دُوْنِهٖۤ اَوْلِیَآءُ ؕ اُولٰٓىِٕكَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
Wa-mal laa yujib Daaʻiyal laahi falaysa bimuʻjiziñ fil ʹarḍi wa-laysa lahoo miñ dooniheee ʹawliyaaaʹ: ʹulaaaʹika fee ḍalaalim mubeen.
“තවද, කවරෙකු අල්ලාහ්ගේ කැඳවුම්කරුට ප්‍රතිචාර නො දක්වන්නේ ද එවිට ඔහු මහපොළොවේ (අල්ලාහ්ව අබිබවා යන්නට) හැකියාව ඇත්තෙක් නො වේ. තවද ඔහුගෙන් තොරව ඔහුට ආරක්ෂකයෙක් නොමැත. ඔවුහු පැහැදිලි මුළාවෙහි ය.
Verse 46:33
اَوَلَمْ یَرَوْا اَنَّ اللّٰهَ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَلَمْ یَعْیَ بِخَلْقِهِنَّ بِقٰدِرٍ عَلٰۤی اَنْ یُّحْیِ الْمَوْتٰی ؕ بَلٰۤی اِنَّهٗ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
ʹAwalam yaraw ʹannal laahal laẓee khalaq̣as samaawaati wal-ʹarḍa wa-lam yaʻya bikhalq̣ihinna biq̣aadirin ʻalaaa ʹañy yuḥyiyal mawtaa? Balaaa ʹinnahoo ʻalaa kulli shayʹiñ Q̣adeer.
නියත වශයෙන් ම අහස් හා මහපොළොව මවා, ඒවා මැවීමෙන් නිරායාසයට පත් නො වූ අල්ලාහ් මළවුන්ට යළි ජීවය දෙන්නට ශක්තිය ඇත්තා බව ඔවුහු නො දුටුවෝ ද? එසේය, නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
Verse 46:34
وَیَوْمَ یُعْرَضُ الَّذِیْنَ كَفَرُوْا عَلَی النَّارِ ؕ اَلَیْسَ هٰذَا بِالْحَقِّ ؕ قَالُوْا بَلٰی وَرَبِّنَا ؕ قَالَ فَذُوْقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُوْنَ ۟
Wa-Yawma yuʻraḍul laẓeena kafaroo ʻalan Naar; ʹalaysa haaẓaa bil-Ḥaq̣q̣? Q̣aaloo balaa wa-Rabbinaa! Q̣aala faẓooq̣ul ʻaẓaaba bimaa kuñtum takfuroon!
තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දිනයේ “මෙය සත්‍යය නො වේ ද” (යැයි විමසනු ලබති). “අපගේ පරමාධිපති මත දිවුරා (එය) එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් එම දඬුවම නුඹලා භුක්ති විඳිනු” යැයි ඔහු පවසයි.
Verse 46:35
فَاصْبِرْ كَمَا صَبَرَ اُولُوا الْعَزْمِ مِنَ الرُّسُلِ وَلَا تَسْتَعْجِلْ لَّهُمْ ؕ كَاَنَّهُمْ یَوْمَ یَرَوْنَ مَا یُوْعَدُوْنَ ۙ لَمْ یَلْبَثُوْۤا اِلَّا سَاعَةً مِّنْ نَّهَارٍ ؕ بَلٰغٌ ۚ فَهَلْ یُهْلَكُ اِلَّا الْقَوْمُ الْفٰسِقُوْنَ ۟۠
Faṣbir kamaa ṣabara ʹulul ʻazmi minar rusuli wa-laa tastaʻjil lahum. Kaʹannahum Yawma yarawna maa- yooʻadoona lam yalbas̤ooo ʹillaa saaʻatam min nahaar. Balaag̣uñ fahal yuhlaku ʹillal q̣awmul faasiq̣oon.
එහෙයින් ධර්ම දූතවරුන් අතරින් දැඩි අධිෂ්ඨානයෙන් යුක්ත වූවන් ඉවසුවාක් මෙන් නුඹ ද ඉවසනු. තවද ඔවුන් සඳහා නුඹ ඉක්මන් නො වනු. ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින දින (එය) දහවල් කාලයේ හෝරාවක් මිස තමන් නතර නො වූවාක් මෙනි. (නුඹේ කාර්යය) දැනුම් දීමකි. දුෂ්ඨ ජනයා හැර (වෙනත් කිසිවෙකු) විනාශ කරනු ලබන්නේ ද?