Surah Ad-Dukhan
Surah Ad-Dukhan (The Smoke) is Surah 44 of the Holy Quran, a Meccan Surah with 59 verses, available here in Sinhalese.
Verse 44:1
حٰمٓ ۟ۚۛ
Ḥaa-Meeem.
හා මීම්.
Verse 44:2
وَالْكِتٰبِ الْمُبِیْنِ ۟ۙۛ
Wal-Kitaabil Mubeen.
පැහැදිලි ධර්ම ග්‍රන්ථය මත දිවුරමින්.
Verse 44:3
اِنَّاۤ اَنْزَلْنٰهُ فِیْ لَیْلَةٍ مُّبٰرَكَةٍ اِنَّا كُنَّا مُنْذِرِیْنَ ۟
ʹInnaaa ʹañzalnaahu fee laylatim mubaarakatin ʹinnaa kunnaa muñẓireen.
නියත වශයෙන් ම භාග්‍යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන් ම අපි අවවාද කරන්නන් වූයෙමු.
Verse 44:4
فِیْهَا یُفْرَقُ كُلُّ اَمْرٍ حَكِیْمٍ ۟ۙ
Feehaa yufraq̣u kullu ʹamrin ḥakeem,
එහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක් ම තීරණය කරනු ලබයි.
Verse 44:5
اَمْرًا مِّنْ عِنْدِنَا ؕ اِنَّا كُنَّا مُرْسِلِیْنَ ۟ۚ
ʹAmram min ʻiñdinaa. ʹInnaa kunnaa mursileen―
(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන් ම අපි (ධර්ම දූතයින්) එවන්නන් වූයෙමු.
Verse 44:6
رَحْمَةً مِّنْ رَّبِّكَ ؕ اِنَّهٗ هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟ۙ
Raḥmatam mir Rabbik: ʹinnahoo Huwas Sameeʻul ʻAleem;
(එය) නුඹේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
Verse 44:7
رَبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا ۘ اِنْ كُنْتُمْ مُّوْقِنِیْنَ ۟
Rabbis samaawaati wal-ʹarḍi wa-maa baynahumaa, Iñ kuntum mooq̣ineen.
නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු! ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති ය.
Verse 44:8
لَاۤ اِلٰهَ اِلَّا هُوَ یُحْیٖ وَیُمِیْتُ ؕ رَبُّكُمْ وَرَبُّ اٰبَآىِٕكُمُ الْاَوَّلِیْنَ ۟
Laaa ʹilaaha ʹillaa Huwa yuḥyee wa-yumeet:― Rabbukum wa-Rabbu ʹaabaaaʹikumul ʹawwaleen.
ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපති ය. තවද නුඹලාගේ ප්‍රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපති ය.
Verse 44:9
بَلْ هُمْ فِیْ شَكٍّ یَّلْعَبُوْنَ ۟
Bal hum fee shakkiñy yalʻaboon.
එසේ නොව ඔවුහු සැකයෙහි කෙළිදෙළෙන් ගත කරති.
Verse 44:10
فَارْتَقِبْ یَوْمَ تَاْتِی السَّمَآءُ بِدُخَانٍ مُّبِیْنٍ ۟ۙ
Fartaq̣ib Yawma taʹtis samaaaʹu bi-DUKHAANIM mubeen,
එහෙයින් අහස පැහැදිලි දුමාරයක් රැගෙන එන දිනය (නබිවරය!) නුඹ බලාපෙරොත්තුවෙන් සිටිනු.
Verse 44:11
یَّغْشَی النَّاسَ ؕ هٰذَا عَذَابٌ اَلِیْمٌ ۟
Yag̣shan naas: haaẓaa ʻAẓaabun ʹaleem.
එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි.
Verse 44:12
رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ اِنَّا مُؤْمِنُوْنَ ۟
Rabbanak shif ʻannal ʻaẓaaba ʹinnaa Muʹminoon!
“අපගේ පරමාධිපතියාණනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන් ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)
Verse 44:13
اَنّٰی لَهُمُ الذِّكْرٰی وَقَدْ جَآءَهُمْ رَسُوْلٌ مُّبِیْنٌ ۟ۙ
ʹAnnaa lahumuẓ Ẓikraa wa-q̣ad jaaaʹahum Rasoolum mubeen,―
ඔවුනට උපදෙස කෙසේ නම් (ප්‍රයෝජනවත්) වන්නේ ද? තවද සැබැවින් ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.
Verse 44:14
ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوْا مُعَلَّمٌ مَّجْنُوْنٌ ۟ۘ
S̤umma tawallaw ʻanhu wa-q̣aaloo muʻallamum majnoon.
පසු ව ඔවුහු ඔහුට පිටු පා “(අන් අය විසින් මොහු) පුහුණු කරනු ලැබූ තැනැත්තෙකි, උම්මත්තකයෙකි” යැයි පැවසුවෝ ය.
Verse 44:15
اِنَّا كَاشِفُوا الْعَذَابِ قَلِیْلًا اِنَّكُمْ عَآىِٕدُوْنَ ۟ۘ
ʹInnaa kaashiful ʻaẓaabi q̣aleelan ʹinnakum ʻaaaʹidoon.
නියත වශයෙන් ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන් ම නුඹලා (මුල් තත්ත්වයට) නැවත හැරී යන්නෝ ය.
Verse 44:16
یَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرٰی ۚ اِنَّا مُنْتَقِمُوْنَ ۟
Yawma nabṭishul baṭshatal kubraa: ʹinnaa muñtaq̣imoon!
දැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන් ම අපි සම ප්‍රතිචාර දක්වන්නෝ වෙමු.
Verse 44:17
وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَآءَهُمْ رَسُوْلٌ كَرِیْمٌ ۟ۙ
Wa-laq̣ad fatannaa q̣ablahum q̣awma Firʻawna wa-jaaaʹahum Rasooluñ Kareem,
තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය ධර්ම දූතයකු පැමිණියේ ය.
Verse 44:18
اَنْ اَدُّوْۤا اِلَیَّ عِبَادَ اللّٰهِ ؕ اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
ʹAn ʹaddooo ʹilayya ʻibaadal laah: ʹinnee lakum Rasoolun ʹameen;
“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන් ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය ධර්ම දූතයකු වෙමි” (යැයි ඔහු පැවසී ය.)
Verse 44:19
وَّاَنْ لَّا تَعْلُوْا عَلَی اللّٰهِ ؕ اِنِّیْۤ اٰتِیْكُمْ بِسُلْطٰنٍ مُّبِیْنٍ ۟ۚ
Wa-ʹal laa taʻloo ʻalal laah: ʹinneee ʹaateekum̃ bisulṭaanim mubeen.
“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නො වනු. නියත වශයෙන් ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන එන්නෙක් මි.”
Verse 44:20
وَاِنِّیْ عُذْتُ بِرَبِّیْ وَرَبِّكُمْ اَنْ تَرْجُمُوْنِ ۟ؗ
Wa-ʹinnee ʻuẓtu bi-Rabbee wa-Rabbikum ʹañ tarjumoon.
“තවද නුඹලා මා ගල් ගසා මැරීමෙන් නියත වශයෙන් ම මම මාගේ පරමාධිපති වෙතින් ද එමෙන් ම නුඹලාගේ පරමාධිපති වෙතින් ද ආරක්ෂාව පතමි.”
Verse 44:21
وَاِنْ لَّمْ تُؤْمِنُوْا لِیْ فَاعْتَزِلُوْنِ ۟
Wa-ʹil lam tuʹminoo lee faʻtaziloon.
“තවද නුඹලා මා විශ්වාස නො කළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත්ව සිටිනු.”
Verse 44:22
فَدَعَا رَبَّهٗۤ اَنَّ هٰۤؤُلَآءِ قَوْمٌ مُّجْرِمُوْنَ ۟
Fadaʻaa Rabbahooo ʹanna haaaʹulaaaʹi q̣awmum mujrimoon.
එවිට ඔහු ‘නියත වශයෙන් ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේ ය.
Verse 44:23
فَاَسْرِ بِعِبَادِیْ لَیْلًا اِنَّكُمْ مُّتَّبَعُوْنَ ۟ۙ
Faʹasri biʹibaadee laylan ʹinnakum muttabaʻoon.
(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන් ම නුඹලා ලුහුබඳිනු ලබන්නන් ය.”
Verse 44:24
وَاتْرُكِ الْبَحْرَ رَهْوًا ؕ اِنَّهُمْ جُنْدٌ مُّغْرَقُوْنَ ۟
Watrukil baḥra rahwaa: ʹinnahum juñdum mug̣raq̣oon.
තවද “මුහුද ඒ අයුරින් ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන් ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”
Verse 44:25
كَمْ تَرَكُوْا مِنْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ
Kam tarakoo miñ jannaatiñw waʻuyoon,
ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද?
Verse 44:26
وَّزُرُوْعٍ وَّمَقَامٍ كَرِیْمٍ ۟ۙ
Wa-zurooʻiñw Wamaq̣aamiñ kareem,
තවද කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන ද
Verse 44:27
وَّنَعْمَةٍ كَانُوْا فِیْهَا فٰكِهِیْنَ ۟ۙ
Wa-naʻmatiñ kaanoo feehaa faakiheen!
තවද එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත් ද (අතහැර දමා ගියෝ ද?)
Verse 44:28
كَذٰلِكَ ۫ وَاَوْرَثْنٰهَا قَوْمًا اٰخَرِیْنَ ۟
Kaẓaalik! wa-ʹawras̤naahaa q̣awman ʹaakhareen!
එලෙසය! අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු.
Verse 44:29
فَمَا بَكَتْ عَلَیْهِمُ السَّمَآءُ وَالْاَرْضُ وَمَا كَانُوْا مُنْظَرِیْنَ ۟۠
Famaa bakat ʻalayhimus samaaaʹu wal-ʹarḍu wa-maa kaanoo muñz̤̣areen.
එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නො වූවෝ ය.
Verse 44:30
وَلَقَدْ نَجَّیْنَا بَنِیْۤ اِسْرَآءِیْلَ مِنَ الْعَذَابِ الْمُهِیْنِ ۟ۙ
Wa-laq̣ad najjaynaa Baneee ʹIsraaaʹeela minal ʻaẓaabil muheen.
තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින් ම අපි මුදවා ගත්තෙමු.
Verse 44:31
مِنْ فِرْعَوْنَ ؕ اِنَّهٗ كَانَ عَالِیًا مِّنَ الْمُسْرِفِیْنَ ۟
Miñ Firʻawn: ʹinnahoo kaana ʻaaliyam minal musrifeen.
ෆිර්අවුන්ගෙන් (අපි මුදවා ගත්තෙමු). නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් උද්දච්ච අයෙකු විය.
Verse 44:32
وَلَقَدِ اخْتَرْنٰهُمْ عَلٰی عِلْمٍ عَلَی الْعٰلَمِیْنَ ۟ۚ
Wa-laq̣adikh tarnaahum ʻalaa ʻilmin ʻalal ʻaalameen,
තවද දැනුවත්ව ම ලෝවැසියනට වඩා සැබැවින් ම අපි ඔවුන් තෝරා ගත්තෙමු.
Verse 44:33
وَاٰتَیْنٰهُمْ مِّنَ الْاٰیٰتِ مَا فِیْهِ بَلٰٓؤٌا مُّبِیْنٌ ۟
Waʹaataynaahum minal ʹAayaati maa- feehi balaaaʹum mubeen.
තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය.
Verse 44:34
اِنَّ هٰۤؤُلَآءِ لَیَقُوْلُوْنَ ۟ۙ
ʹInna haaaʹulaaaʹi layaq̣ooloon,
නියත වශයෙන් ම මොවුහු මෙසේ පවසති.
Verse 44:35
اِنْ هِیَ اِلَّا مَوْتَتُنَا الْاُوْلٰی وَمَا نَحْنُ بِمُنْشَرِیْنَ ۟
ʹIn hiya ʹillaa mawtatunal ʹoolaa wa-maa naḥnu bimuñshareen.
“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නො වෙමු.”
Verse 44:36
فَاْتُوْا بِاٰبَآىِٕنَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
Faʹtoo biʹaabaaaʹinaaa ʹiñ kuñtum ṣaadiq̣een!
එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”
Verse 44:37
اَهُمْ خَیْرٌ اَمْ قَوْمُ تُبَّعٍ ۙ وَّالَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ اَهْلَكْنٰهُمْ ؗ اِنَّهُمْ كَانُوْا مُجْرِمِیْنَ ۟
ʹAhum khayrun ʹam q̣awmu Tubbaʻiñw wallaẓeena miñ q̣ablihim? ʹAhlaknaahum ʹinnahum kaanoo mujrimeen.
ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන් ම ඔවුහු අපරාධකරුවන් වූවෝ ය.
Verse 44:38
وَمَا خَلَقْنَا السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا لٰعِبِیْنَ ۟
Wa-maa khalaq̣nas samaawaati wal-ʹarḍa wa-maa baynahumaa laaʻibeen.
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සෙල්ලමට අපි නො මැව්වෙමු.
Verse 44:39
مَا خَلَقْنٰهُمَاۤ اِلَّا بِالْحَقِّ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
Maa- khalaq̣naahumaaa ʹillaa bilḥaq̣q̣i wa-laakinna ʹaks̤arahum laa- yaʻlamoon.
ඒ දෙක සත්‍යයෙන් යුතුව මිස අපි නො මැව්වෙමු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
Verse 44:40
اِنَّ یَوْمَ الْفَصْلِ مِیْقَاتُهُمْ اَجْمَعِیْنَ ۟ۙ
ʹInna Yawmal faṣli meeq̣aatuhum ʹajmaʻeen.―
නියත වශයෙන් ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි.
Verse 44:41
یَوْمَ لَا یُغْنِیْ مَوْلًی عَنْ مَّوْلًی شَیْـًٔا وَّلَا هُمْ یُنْصَرُوْنَ ۟ۙ
Yawma laa- yug̣nee mawlan ʻam mawlañ shayʹañw walaa hum yuñṣaroon,
එදින කිසිදු සගයෙකුගෙන් සගයෙකුට කිසිවකින් ප්‍රයෝජනවත් නො වනු ඇත. තවද ඔවුහු උදව් කරනු නො ලබති.
Verse 44:42
اِلَّا مَنْ رَّحِمَ اللّٰهُ ؕ اِنَّهٗ هُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
ʹIllaa mar raḥimal laah: ʹinnahoo Huwal ʻAzeezur Raḥeem.
එහෙත් අල්ලාහ් කරුණාව පෙන්වූ අය හැර. නියත වශයෙන් ම ඔහු මය සර්ව බලධාරී මහා කරුණාන්විත වනුයේ.
Verse 44:43
اِنَّ شَجَرَتَ الزَّقُّوْمِ ۟ۙ
ʹInna shajarataz Zaq̣q̣oom,
නියත වශයෙන් ම zසක්කූම් ගස වනාහි,
Verse 44:44
طَعَامُ الْاَثِیْمِ ۟
Ṭaʻaamul ʹas̤eem,―
පාපතරයින්ගේ ආහාරයයි.
Verse 44:45
كَالْمُهْلِ ۛۚ یَغْلِیْ فِی الْبُطُوْنِ ۟ۙ
Kalmuhli yag̣lee fil buṭoon,
එය උණු කළ තඹ මෙන් ය. එය උදර තුළ නටමින් පවතින්නේ ය.
Verse 44:46
كَغَلْیِ الْحَمِیْمِ ۟
Kag̣alyil ḥameem.
ලෝ දිය නටන්නාක් මෙනි.
Verse 44:47
خُذُوْهُ فَاعْتِلُوْهُ اِلٰی سَوَآءِ الْجَحِیْمِ ۟ۗۖ
Khuẓoohu faʻtiloohu ʹilaa sawaaaʹil Jaḥeem!
(නිරයේ ආරක්ෂකයින් වන) නුඹලා ඔහු (අධර්මිෂ්ඨයා) හසු කරනු. පසුව නුඹලා ඔහු නිරය මධ්‍යයට ඇද ගෙන යනු.
Verse 44:48
ثُمَّ صُبُّوْا فَوْقَ رَاْسِهٖ مِنْ عَذَابِ الْحَمِیْمِ ۟ؕ
S̤umma ṣubboo fawq̣a raʹsihee min ʻAẓaabil Ḥameem.
පසුව ඔහුගේ හිසට ඉහළින් වේදනා ගෙන දෙන ලෝ දිය වක් කරනු.
Verse 44:49
ذُقْ ۙۚ اِنَّكَ اَنْتَ الْعَزِیْزُ الْكَرِیْمُ ۟
Ẓuq̣! ʹinnaka ʹañtal ʻazeezul kareem!
නුඹ විඳිනු. නියත වශයෙන් ම නුඹ (මෙලොව) ගරුසරු ඇති බලධාරියෙකු විය.
Verse 44:50
اِنَّ هٰذَا مَا كُنْتُمْ بِهٖ تَمْتَرُوْنَ ۟
ʹInna haaẓaa maa- kuñtum̃ bihee tamtaroon!
නියත වශයෙන් ම මෙය නුඹලා කවර දෙයක් පිළිබඳ සැක කරමින් සිටියෙහු ද එය වේ.
Verse 44:51
اِنَّ الْمُتَّقِیْنَ فِیْ مَقَامٍ اَمِیْنٍ ۟ۙ
ʹInnal Muttaq̣eena fee maq̣aamin ʹameen,
නියත වශයෙන් ම බිය බැතිමතුන් ආරක්ෂිත ස්ථානයක වෙති.
Verse 44:52
فِیْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۚۙ
Fee Jannaatiñw Waʻuyoon;
උයන් හා දිය උල්පත් අතර ය.
Verse 44:53
یَّلْبَسُوْنَ مِنْ سُنْدُسٍ وَّاِسْتَبْرَقٍ مُّتَقٰبِلِیْنَ ۟ۚۙ
Yalbasoona Miñ suñdusiñw waʹistabraq̣im mutaq̣aabileen;
ඔවුහු සිනිඳු සේද හා ඝන සේදවලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති.
Verse 44:54
كَذٰلِكَ ۫ وَزَوَّجْنٰهُمْ بِحُوْرٍ عِیْنٍ ۟ؕ
Kaẓaalik; wa-zawwajnaahum̃ biḥoorin ʻeen.
එලෙස ය. තවද අපි ඔවුනට නෙත් පිනවන කුමරියන් විවාහ කර දෙමු.
Verse 44:55
یَدْعُوْنَ فِیْهَا بِكُلِّ فَاكِهَةٍ اٰمِنِیْنَ ۟ۙ
Yadʻoona feeha bikulli faakihatin ʹaamineen;
ඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති.
Verse 44:56
لَا یَذُوْقُوْنَ فِیْهَا الْمَوْتَ اِلَّا الْمَوْتَةَ الْاُوْلٰی ۚ وَوَقٰىهُمْ عَذَابَ الْجَحِیْمِ ۟ۙ
Laa- yaẓooq̣oona feehal Mawta ʹillal mawtatal ʹoolaa; wa-waq̣aahum ʻaẓaabal Jaḥeem,―
මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නො විඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කළේ ය.
Verse 44:57
فَضْلًا مِّنْ رَّبِّكَ ؕ ذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟
Faḍlam mir Rabbik! Ẓaalika huwal fawzul ʻaz̤̣eem!
(එය) ඔබේ පරමාධිපතිගේ භාග්‍යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණ ය.
Verse 44:58
فَاِنَّمَا یَسَّرْنٰهُ بِلِسَانِكَ لَعَلَّهُمْ یَتَذَكَّرُوْنَ ۟
Faʹinnamaa yassarnaahu bilisaanika laʻallahum yataẓakkaroon.
එහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය නුඹේ දිවට (නුඹේ භාෂාවෙන්) පහසු කළෙමු.
Verse 44:59
فَارْتَقِبْ اِنَّهُمْ مُّرْتَقِبُوْنَ ۟۠
Fartaq̣ib ʹinnahum murtaq̣iboon.
එහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන් ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.