Surah Al-Insan
Surah Al-Insan (Man) is Surah 76 of the Holy Quran, a Medinan Surah with 31 verses, available here in Sinhalese.
Verse 76:1
هَلْ اَتٰی عَلَی الْاِنْسَانِ حِیْنٌ مِّنَ الدَّهْرِ لَمْ یَكُنْ شَیْـًٔا مَّذْكُوْرًا ۟
Hal ʹataa ʻalal ʹIÑSAANI ḥeenum minad DAHRI lam yakuñ shayʹam maẓkooraa?
(මෙසේ යැයි) පවසන්නට තරම් වස්තුවක් ලෙස මිනිසා නො සිටි කාලයක් මිනිසාට නො පැමිණියේ ද?
Verse 76:2
اِنَّا خَلَقْنَا الْاِنْسَانَ مِنْ نُّطْفَةٍ اَمْشَاجٍ ۖۗ نَّبْتَلِیْهِ فَجَعَلْنٰهُ سَمِیْعًا بَصِیْرًا ۟
ʹInnaa khalaq̣nal ʹiñsaana min nuṭfatin ʹamshaajin nabtaleehi fajaʻalnaahu sameeʻam baṣeeraa.
නියත වශයෙන් ම මුසු වූ ශුක්‍රාණු බිඳුවකින් අපි මිනිසා මැව්වෙමු. අපි ඔහු පරීක්ෂණයට ලක් කරන්නෙමු. එහෙයින් අපි ඔහු සවන් දිය හැකි හා බැලිය හැකි කෙනෙකු බවට පත් කළෙමු.
Verse 76:3
اِنَّا هَدَیْنٰهُ السَّبِیْلَ اِمَّا شَاكِرًا وَّاِمَّا كَفُوْرًا ۟
ʹInnaa hadaynaahus sabeela ʹimmaa shakirañw waʹimmaa kafooraa.
එම මාර්ගය වෙත නියත වශයෙන් ම අපි ඔහුට මග පෙන්වූයෙමු. ඔහු කෘතවේදියෙකු ලෙස හෝ ගුණමකුවෙකු ලෙස හෝ සිටිය හැකි ය.
Verse 76:4
اِنَّاۤ اَعْتَدْنَا لِلْكٰفِرِیْنَ سَلٰسِلَاۡ وَاَغْلٰلًا وَّسَعِیْرًا ۟
ʹInnaaa ʹaʻtadnaa lilkaafireena salaasila wa-ʹag̣laalañw wa-Saʻeeraa.
නියත වශයෙන් ම අපි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට දම්වැල් ද ගෙල විලංගු ද ඇවිළෙන ගින්න ද සූදානම් කළෙමු.
Verse 76:5
اِنَّ الْاَبْرَارَ یَشْرَبُوْنَ مِنْ كَاْسٍ كَانَ مِزَاجُهَا كَافُوْرًا ۟ۚ
ʹInnal ʹabraara yashraboona miñ kaʹsiñ kaana mizaajuhaa kaafooraa,―
නියත වශයෙන් ම දැහැමියෝ එහි කපුරු මිශ්‍රැති (කුසලාන මෙන් වූ) භාජනවලින් පානය කරති.
Verse 76:6
عَیْنًا یَّشْرَبُ بِهَا عِبَادُ اللّٰهِ یُفَجِّرُوْنَهَا تَفْجِیْرًا ۟
ʻAynañy yashrabu bihaa ʻIbaadul laahi yufajjiroonahaa tafjeeraa.
(එය) උල්පතකි. එමඟින් අල්ලාහ්ගේ ගැත්තන් පානය කරති. එය ඔවුන් (කැමැති තැනකට) පීරා ගලා යන්නට සලස්වති.
Verse 76:7
یُوْفُوْنَ بِالنَّذْرِ وَیَخَافُوْنَ یَوْمًا كَانَ شَرُّهٗ مُسْتَطِیْرًا ۟
Yoofoona binnaẓri wa-yakhaafoona yawmañ kaana sharruhoo mustaṭeeraa.
ඔවුහු (තමන්ගේ) භාරය ඉටු කරති. තවද එහි හානිය පැතිර පවතින දිනයට ඔවුහු බිය වෙති.
Verse 76:8
وَیُطْعِمُوْنَ الطَّعَامَ عَلٰی حُبِّهٖ مِسْكِیْنًا وَّیَتِیْمًا وَّاَسِیْرًا ۟
Wa-yuṭʻimoonaṭ ṭaʻaama ʻalaa ḥubbihee miskeenañw wayateemañw waʹaseeraa,―
තවද ඒ (ආහාර) කෙරෙහි වූ ඇල්මක් (ඔවුන් තුළ තිබුනද) දිළින්දාට ද අනාථයාට ද සිරකරුවාට ද ඔවුහු ආහාර සපයති.
Verse 76:9
اِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللّٰهِ لَا نُرِیْدُ مِنْكُمْ جَزَآءً وَّلَا شُكُوْرًا ۟
ʹInnamaa nuṭʻimukum liwajhil laahi laa- nureedu miñkum jazaaaʹañw walaa shukooraa.
“අපි නුඹලාට ආහාර සපයනුයේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙනි. නුඹලාගෙන් කිසිදු ප්‍රතිඵලයක් හෝ කිසිදු තුති පිදුමක් හෝ අපි අපේක්ෂා නො කරමු” (යැයි පවසති.)
Verse 76:10
اِنَّا نَخَافُ مِنْ رَّبِّنَا یَوْمًا عَبُوْسًا قَمْطَرِیْرًا ۟
ʹInnaa nakhaafu mir Rabbinaa Yawman ʻaboosañ q̣amṭareeraa.
අපගේ පරමාධිපති වෙතින් මුහුණෙහි අප්‍රසන්න හා පිළිකුල විදහා පාන දිනයකට නියත වශයෙන් ම අපි බියවෙමු.
Verse 76:11
فَوَقٰىهُمُ اللّٰهُ شَرَّ ذٰلِكَ الْیَوْمِ وَلَقّٰىهُمْ نَضْرَةً وَّسُرُوْرًا ۟ۚ
Fawaq̣aahumul laahu sharra ẓaalikal Yawmi wa-laq̣q̣aahum naḍratañw wasurooraa.
එහෙයින් අල්ලාහ් එදින නපුරෙන් ඔවුන් මුදවා ගනු ඇත. තවද සතුට හා සොම්නස ඔවුන් හමුවන්නට සලසනු ඇත.
Verse 76:12
وَجَزٰىهُمْ بِمَا صَبَرُوْا جَنَّةً وَّحَرِیْرًا ۟ۙ
Wa-jazaahum̃ bimaa ṣabaroo Jannatañw Waḥareeraa.
ඔවුන් ඉවසා සිටි බැවින් ස්වර්ග උයන හා සේද රෙදි ඔවුනට ඔහු ප්‍රතිඵල වශයෙන් පිරිනැමනු ඇත.
Verse 76:13
مُّتَّكِـِٕیْنَ فِیْهَا عَلَی الْاَرَآىِٕكِ ۚ لَا یَرَوْنَ فِیْهَا شَمْسًا وَّلَا زَمْهَرِیْرًا ۟ۚ
Muttakiʹeena feehaa ʻalal ʹaraaaʹik, laa- yarawna feehaa shamsañw walaa zamhareeraa.
ඔවුහු ඇදන් මත හාන්සිවෙමින් සිටිති. ඔවුහු එහි හිරු රශ්මිය හෝ අධික සීතල හෝ නො දකිනු ඇත.
Verse 76:14
وَدَانِیَةً عَلَیْهِمْ ظِلٰلُهَا وَذُلِّلَتْ قُطُوْفُهَا تَذْلِیْلًا ۟
Wa-daaniyatan ʻalayhim z̤̣ilaaluhaa wa-ẓullilat q̣uṭoofuhaa taẓleelaa.
තවද එහි හෙවණ ඔවුන් මත පහත්ව පවතී. වලු බර පලතුරු පොකුරුද එහි එල්ලී පවතී.
Verse 76:15
وَیُطَافُ عَلَیْهِمْ بِاٰنِیَةٍ مِّنْ فِضَّةٍ وَّاَكْوَابٍ كَانَتْ قَوَارِیْرَاۡؔ ۟ۙ
Wa-yuṭaafu ʻalayhim̃ biʹaaniyatim miñ fiḍḍatiñw waʹakwaabiñ kaanat q̣awaareeraa,―
රිදියෙන් වූ භාජන හා පළිඟුවලින් යුත් ගුරුලේත්තු රැගෙන ඔවුන් වටා ගමන් කරවනු ලබති.
Verse 76:16
قَوَارِیْرَاۡؔ مِنْ فِضَّةٍ قَدَّرُوْهَا تَقْدِیْرًا ۟
Q̣awaareera miñ fiḍḍatiñ q̣addaroohaa taq̣deeraa.
එය රිදියෙන් වූ පළිඟු ය. ඔවුහු එහි ප්‍රමාණය සකස් කර ගන්නෝ ය.
Verse 76:17
وَیُسْقَوْنَ فِیْهَا كَاْسًا كَانَ مِزَاجُهَا زَنْجَبِیْلًا ۟ۚ
Wa-yusq̣awna feehaa kaʹsañ kaana mizaajuhaa zañjabeelaa,―
සන්ජබීල් (ඉඟුරු) මිශ්‍රැති පානයෙන් යුත් කුසලාන එහි ඔවුනට පානය සඳහා දෙනු ලබති.
Verse 76:18
عَیْنًا فِیْهَا تُسَمّٰی سَلْسَبِیْلًا ۟
ʻAynañ feehaa tusammaa Salsabeelaa.
එහි සල්සබීල් යැයි හඳුන්වනු ලබන උල්පතක්ද වෙයි.
Verse 76:19
وَیَطُوْفُ عَلَیْهِمْ وِلْدَانٌ مُّخَلَّدُوْنَ ۚ اِذَا رَاَیْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنْثُوْرًا ۟
Wa-yaṭoofu ʻalayhim wildaanum mukhalladoon: ʹiẓaa raʹaytahum ḥasibtahum luʹluʹam mañs̤ooraa.
සදා යෞවනයේ පසු වන දරුවන් ඔවුන් වටා යති. නුඹ ඔවුන් දුටු විට එය විසිරනු ලැබූ මුතු යැයි සිතනු ඇත.
Verse 76:20
وَاِذَا رَاَیْتَ ثَمَّ رَاَیْتَ نَعِیْمًا وَّمُلْكًا كَبِیْرًا ۟
Wa-ʹiẓaa raʹayta s̤amma raʹayta Naʻeemañw Wa-Mulkañ Kabeeraa.
තවද නුඹ එහි දුටු විට අතිශය ප්‍රීතිය හා විශාල රාජ්‍යයක් ලෙස නුඹ දකිනු ඇත.
Verse 76:21
عٰلِیَهُمْ ثِیَابُ سُنْدُسٍ خُضْرٌ وَّاِسْتَبْرَقٌ ؗ وَّحُلُّوْۤا اَسَاوِرَ مِنْ فِضَّةٍ ۚ وَسَقٰىهُمْ رَبُّهُمْ شَرَابًا طَهُوْرًا ۟
ʻAaliyahum s̤iyaabu suñdusin khuḍruñw waʹistabraq̣, wa-ḥullooo ʹasaawira miñ fiḍḍah; wa-saq̣aahum Rabbuhum Sharaabañ Ṭahooraa.
කොළ පැහැති ඝන හා සිනිඳු සේද ඇඟලුම් ඔවුන් මත වෙයි. ඔවුනට රිදියෙන් වූ වළලු පලන්ඳවනු ලබති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිසිදු පානය සපයනු ඇත.
Verse 76:22
اِنَّ هٰذَا كَانَ لَكُمْ جَزَآءً وَّكَانَ سَعْیُكُمْ مَّشْكُوْرًا ۟۠
ʹInna haaẓaa kaana lakum jazaaaʹañw wakaana saʻyukum mashkooraa.
නියත වශයෙන් ම මෙය නුඹලා සඳහා වූ ප්‍රතිඵලයක් විය. තවද නුඹලාගේ උත්සාහය තුති පුද කරනු ලබන්නක් විය.
Verse 76:23
اِنَّا نَحْنُ نَزَّلْنَا عَلَیْكَ الْقُرْاٰنَ تَنْزِیْلًا ۟ۚ
ʹInnaa Naḥnu nazzalnaa ʻalaykal Q̣urʹaana tañzeelaa.
නියත වශයෙන් ම අල් කුර්ආනය අපි නුඹ වෙත කොටස් වශයෙන් පහළ කළෙමු.
Verse 76:24
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ اٰثِمًا اَوْ كَفُوْرًا ۟ۚ
Faṣbir li-Ḥukmi Rabbika wa-laa tuṭiʻ minhum ʹaas̤iman ʹaw kafooraa.
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ නීතිය වෙනුවෙන් ඉවසීමෙන් සිටිනු. ඔවුන් අතරින් කිසිදු පාපියෙකුට හෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන කිසිදු අයකුට හෝ නුඹ අවනත නො වනු.
Verse 76:25
وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَّاَصِیْلًا ۟ۖۚ
Waẓkuris ma Rabbika bukratañw waʹaṣeelaa.
තවද උදේ සවස නුඹේ පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරනු.
Verse 76:26
وَمِنَ الَّیْلِ فَاسْجُدْ لَهٗ وَسَبِّحْهُ لَیْلًا طَوِیْلًا ۟
Wa-minal layli fasjud lahoo wa-sabbiḥhu laylañ ṭaweelaa.
තවද රාත්‍රියේදී ඔහුට සුජූද් කරනු. තවද රාත්‍රියේදී දිගු වේලාවක් නුඹ ඔහු සුවිශුද්ධ කරනු.
Verse 76:27
اِنَّ هٰۤؤُلَآءِ یُحِبُّوْنَ الْعَاجِلَةَ وَیَذَرُوْنَ وَرَآءَهُمْ یَوْمًا ثَقِیْلًا ۟
ʹInna haaaʹulaaaʹi yuḥibboonal ʻaajilata wa-yaẓaroona wa-raaaʹahum Yawmañ s̤aq̣eelaa.
නියත වශයෙන් ම ඔවුහු මෙලොවට ප්‍රිය කරති. එහෙත් ඔවුනට පසුව ඇති බැරෑරුම් දිනය අත හැර දමති.
Verse 76:28
نَحْنُ خَلَقْنٰهُمْ وَشَدَدْنَاۤ اَسْرَهُمْ ۚ وَاِذَا شِئْنَا بَدَّلْنَاۤ اَمْثَالَهُمْ تَبْدِیْلًا ۟
Naḥnu khalaq̣naahum wa-shadadnaaa ʹasrahum; wa-ʹiẓaa shiʹnaa baddalnaaa ʹams̤aalahum tabdeelaa.
අපි ඔවුන් මැව්වෙමු. තවද ඔවුන්ගේ ව්‍යූහය අපි ශක්තිමත් කළෙමු. තවද අප අභිමත කළේ නම් ඔවුන් වෙනුවට ඔවුන් මෙන් වූවන් අපි වෙනස් කොට පත් කරන්නෙමු.
Verse 76:29
اِنَّ هٰذِهٖ تَذْكِرَةٌ ۚ فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰی رَبِّهٖ سَبِیْلًا ۟
ʹinna haaẓihee taẓkirah: famañ shaaaʹat takhaẓa ʹilaa Rabbihee sabeelaa.
නියත වශයෙන් ම මෙය උපදෙසකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද තම පරමාධිපති වෙත මාර්ගයක් ගනිත්වා!
Verse 76:30
وَمَا تَشَآءُوْنَ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ ؕ اِنَّ اللّٰهَ كَانَ عَلِیْمًا حَكِیْمًا ۟ۗۖ
Wa-maa tashaaaʹoona ʹillaaa ʹañy yashaaaʹal laah; ʹinnal laaha kaana ʻAleeman Ḥakeemaa.
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නො කරන්නෙහු ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
Verse 76:31
یُّدْخِلُ مَنْ یَّشَآءُ فِیْ رَحْمَتِهٖ ؕ وَالظّٰلِمِیْنَ اَعَدَّ لَهُمْ عَذَابًا اَلِیْمًا ۟۠
Yudkhilu mañy yashaaaʹu fee Raḥmatih; waz̤̣z̤̣aalimeena ʹaʻadda lahum ʻAẓaaban ʹaleemaa.
ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද අපරාධකරුවන් වනාහි ඔවුනට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කර ඇත.