Surah Muhammad
Surah Muhammad (Muhammad) is Surah 47 of the Holy Quran, a Medinan Surah with 38 verses, available here in Sinhalese.
Verse 47:1
اَلَّذِیْنَ كَفَرُوْا وَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ اَضَلَّ اَعْمَالَهُمْ ۟
ʹAllaẓeena kafaroo wa-ṣaddoo ʻañ Sabeelil laahi ʹaḍalla ʹaʻmaalahum.
ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) අවහිර කළවුන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු (අල්ලාහ්) අපතේ හැර දැමී ය.
Verse 47:2
وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَاٰمَنُوْا بِمَا نُزِّلَ عَلٰی مُحَمَّدٍ وَّهُوَ الْحَقُّ مِنْ رَّبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَیِّاٰتِهِمْ وَاَصْلَحَ بَالَهُمْ ۟
Wallaẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati wa-ʹaamanoo bimaa nuzzila ʻalaa MUḤAMMADIÑ-W Wahuwal Ḥaq̣q̣u mir Rabbihim kaffara ʻanhum sayyiʹaatihim wa-ʹaṣlaḥa baalahum.
තවද විශ්වාස කර යහකම් සිදු කර මුහම්මද් වෙත පහළ කරනු ලැබූ දෑ එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි යැයි විශ්වාස කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු ඉවත් කරයි. තවද ඔවුන්ගේ තත්ත්වය ඔහු විධිමත් කර දෙයි.
Verse 47:3
ذٰلِكَ بِاَنَّ الَّذِیْنَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَاَنَّ الَّذِیْنَ اٰمَنُوا اتَّبَعُوا الْحَقَّ مِنْ رَّبِّهِمْ ؕ كَذٰلِكَ یَضْرِبُ اللّٰهُ لِلنَّاسِ اَمْثَالَهُمْ ۟
Ẓaalika biʹannal laẓeena kafarut tabaʻul baaṭila wa-ʹannal laẓeena ʹaamanut tabaʻul Ḥaq̣q̣a mir Rabbihim: kaẓaalika yaḍribul laahu linnaasi ʹams̤aalahum.
එයට හේතුව නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් නිෂ්ඵල දෑ අනුගමනය කළ බැවින් හා විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය අනුගමනය කළ බැවිණි. මිනිසුනට ඔවුන්ගේ උපමාවන් අල්ලාහ් ගෙන හැර පානුයේ එලෙස ය.
Verse 47:4
فَاِذَا لَقِیْتُمُ الَّذِیْنَ كَفَرُوْا فَضَرْبَ الرِّقَابِ ؕ حَتّٰۤی اِذَاۤ اَثْخَنْتُمُوْهُمْ فَشُدُّوا الْوَثَاقَ ۙۗ فَاِمَّا مَنًّا بَعْدُ وَاِمَّا فِدَآءً حَتّٰی تَضَعَ الْحَرْبُ اَوْزَارَهَا ذٰؔلِكَ ۛؕ وَلَوْ یَشَآءُ اللّٰهُ لَانْتَصَرَ مِنْهُمْ ۙ وَلٰكِنْ لِّیَبْلُوَاۡ بَعْضَكُمْ بِبَعْضٍ ؕ وَالَّذِیْنَ قُتِلُوْا فِیْ سَبِیْلِ اللّٰهِ فَلَنْ یُّضِلَّ اَعْمَالَهُمْ ۟
Faʹiẓaa laq̣eetumul laẓeena kafaroo faḍarbar riq̣aab; ḥattaaa ʹiẓaaa ʹas̤khañtumoohum fashuddul was̤aaq̣a faʹimmaa mannam baʻdu wa-ʹimmaa fidaaaʹan ḥattaa taḍaʻal ḥarbu ʹawzaarahaa. Ẓaalika wa-law yashaaaʹul laahu lañtaṣara minhum wa-laakil liyabluwa baʻḍakum̃ bibaʻḍ. Wallaẓeena q̣utiloo fee Sabeelil laahi falañy yuḍilla ʹaʻmaalahum.
එහෙයින් නුඹලා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් (යුද බිමේ) හමු වූ විට (ඔවුන්ගේ) ගෙලවල් වෙතට පහර දෙනු. අවසානයේ නුඹලා ඔවුන් අබිබවනය කර ගත් විට යුද්ධය තම ආයුධ බිම තබන තෙක් (ඔවුන්) ග්‍රහණය කිරීම නුඹලා තදින් ම සිදු කරනු. එය පසු අනුග්‍රහ දැක්වීමක් හෝ වන්දි ලබා ගැනීමක් විය හැකි ය. මෙය (අල්ලාහ්ගේ නියෝගය) වේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔවුනට ඔහුම දඬුවම් කරන්නට තිබුණි. එහෙත් (ඔහු එසේ සිදු නො කළේ) නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු විසින් ඔහු පරීක්ෂාවට පත් කරනු පිණිස ය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් අහිමි වී යන්නට ඔහු ඉඩ හරින්නේ නැත.
Verse 47:5
سَیَهْدِیْهِمْ وَیُصْلِحُ بَالَهُمْ ۟ۚ
Sayahdeehim wa-yuṣliḥu baalahum,―
ඔහු ඔවුනට මතු මග පෙන්වනු ඇත. තවද ඔවුන්ගේ තත්ත්වයන් ඔහු විධිමත් කරනු ඇත.
Verse 47:6
وَیُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ ۟
Wayudkhiluhumul Jannata ʻarrafahaa lahum.
තවද ඔවුනට ඔහු (හඳුන්වා දී) දැනුවත් කළ (ස්වර්ග) උයනට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත.
Verse 47:7
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنْ تَنْصُرُوا اللّٰهَ یَنْصُرْكُمْ وَیُثَبِّتْ اَقْدَامَكُمْ ۟
Yaaaʹayyuhal laẓeena ʹaamanooo ʹiñ tañṣurul laaha yañṣurkum wa-yus̤abbit ʹaq̣daamakum.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට උදව් කළේ නම් ඔහු නුඹලාට උදව් කරනු ඇත. තවද නුඹලාගේ පාද ඔහු ස්ථීර කරනු ඇත.
Verse 47:8
وَالَّذِیْنَ كَفَرُوْا فَتَعْسًا لَّهُمْ وَاَضَلَّ اَعْمَالَهُمْ ۟
Wallaẓeena kafaroo fataʻsal lahum wa-ʹaḍalla ʹaʻmaalahum.
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට විනාශයයි. තවද ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු අපතේ හැර දැමී ය.
Verse 47:9
ذٰلِكَ بِاَنَّهُمْ كَرِهُوْا مَاۤ اَنْزَلَ اللّٰهُ فَاَحْبَطَ اَعْمَالَهُمْ ۟
Ẓaalika biʹannahum karihoo maaa ʹañzalal laahu faʹaḥbaṭa ʹaʻmaalahum.
එය නියත වශයෙන් ම ඔවුහු අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේ ය.
Verse 47:10
اَفَلَمْ یَسِیْرُوْا فِی الْاَرْضِ فَیَنْظُرُوْا كَیْفَ كَانَ عَاقِبَةُ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ دَمَّرَ اللّٰهُ عَلَیْهِمْ ؗ وَلِلْكٰفِرِیْنَ اَمْثَالُهَا ۟
ʹAfalam yaseeroo fil ʹarḍi fayañz̤̣uroo kayfa kaana ʻAaq̣ibatul laẓeena miñ q̣ablihim? Dammaral laahu ʻalayhim, wa-lilkaafireena ʹams̤aaluhaa.
මහපොළොවේ ගමන් කර ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු අධීක්ෂණයෙන් නො බලන්නෝ ද? අල්ලාහ් ඔවුන් මුළුමණින් ම විනාශ කළේ ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ද ඒ හා සමාන දෑ ඇත.
Verse 47:11
ذٰلِكَ بِاَنَّ اللّٰهَ مَوْلَی الَّذِیْنَ اٰمَنُوْا وَاَنَّ الْكٰفِرِیْنَ لَا مَوْلٰی لَهُمْ ۟۠
Ẓaalika biʹannal laaha Mawlal laẓeena ʹaamanoo waʹannal kaafireena laa- mawlaa lahum.
එය, දේවත්වය විශ්වාස කළවුන්ගේ ආරක්ෂකයා නියත වශයෙන් ම අල්ලාහ් වන බැවින් ද නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ආරක්ෂකයකු නැති බැවින් ද වේ.
Verse 47:12
اِنَّ اللّٰهَ یُدْخِلُ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕ وَالَّذِیْنَ كَفَرُوْا یَتَمَتَّعُوْنَ وَیَاْكُلُوْنَ كَمَا تَاْكُلُ الْاَنْعَامُ وَالنَّارُ مَثْوًی لَّهُمْ ۟
ʹInnal laaha yudkhilul laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati Jannaatiñ tajree miñ taḥtihal ʹanhaar; wallaẓeena kafaroo yatamattaʻoona wa-yaʹkuloona kamaa taʹkulul ʹanʻaamu wan-Naaru mas̤wal lahum.
විශ්වාස කොට යහකම් කළවුන්, ඒවාට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන්වලට නියත වශයෙන් ම අල්ලාහ් ඇතුළත් කරයි. තවද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු (මෙලොව සතුට) භුක්ති විඳිමින් ගොවිපළ සතුන් අනුභව කරන්නාක් මෙන් අනුභව කරමින් සිටිති. තවද (නිරා) ගින්න ඔවුනට හිමි නවාතැනයි.
Verse 47:13
وَكَاَیِّنْ مِّنْ قَرْیَةٍ هِیَ اَشَدُّ قُوَّةً مِّنْ قَرْیَتِكَ الَّتِیْۤ اَخْرَجَتْكَ ۚ اَهْلَكْنٰهُمْ فَلَا نَاصِرَ لَهُمْ ۟
Wa-kaʹayyim miñ q̣aryatin hiya ʹashaddu q̣uwwatam miñ q̣aryatikal lateee ʹakhrajatka: ʹAhlaknaahum falaa naaṣira lahum.
නුඹව පිටමං කළ නුඹේ ගම්මානයට වඩා, වඩාත් බලවත් වූ ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමු ද? එවිට ඔවුනට කිසිදු උදව්කරුවෙකු නො වීය.
Verse 47:14
اَفَمَنْ كَانَ عَلٰی بَیِّنَةٍ مِّنْ رَّبِّهٖ كَمَنْ زُیِّنَ لَهٗ سُوْٓءُ عَمَلِهٖ وَاتَّبَعُوْۤا اَهْوَآءَهُمْ ۟
ʹAfamañ kaana ʻalaa Bayyinatim mir Rabbihee kamañ zuyyina lahoo soooʹu ʻamalihee wattabaʻooo ʹahwaaaʹahum?
තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටින්නා, තම නපුරු ක්‍රියාව ඔහුට අලංකාර කර පෙන්වනු ලැබ තම ආශාවන් අනුගමනය කළ අය මෙන් ද?
Verse 47:15
مَثَلُ الْجَنَّةِ الَّتِیْ وُعِدَ الْمُتَّقُوْنَ ؕ فِیْهَاۤ اَنْهٰرٌ مِّنْ مَّآءٍ غَیْرِ اٰسِنٍ ۚ وَاَنْهٰرٌ مِّنْ لَّبَنٍ لَّمْ یَتَغَیَّرْ طَعْمُهٗ ۚ وَاَنْهٰرٌ مِّنْ خَمْرٍ لَّذَّةٍ لِّلشّٰرِبِیْنَ ۚ۬ وَاَنْهٰرٌ مِّنْ عَسَلٍ مُّصَفًّی ؕ وَلَهُمْ فِیْهَا مِنْ كُلِّ الثَّمَرٰتِ وَمَغْفِرَةٌ مِّنْ رَّبِّهِمْ ؕ كَمَنْ هُوَ خَالِدٌ فِی النَّارِ وَسُقُوْا مَآءً حَمِیْمًا فَقَطَّعَ اَمْعَآءَهُمْ ۟
Mas̤alul Jannatil latee wuʻidal Muttaq̣oon: feehaaa ʹanhaarum mim maaaʹin g̣ayri ʹaasin; wa-ʹanhaarum mil labanil lam yatag̣ayyar ṭaʻmuh; wa-ʹanhaarum min khamril laẓẓatil lishshaaribeen; wa-ʹanhaarum min ʻasalim muṣaffaa. Wa-lahum feehaa miñ kullis̤ s̤amaraati wa-mag̣firatum mir Rabbihim: Kaman huwa khaaliduñ fin Naari wa-suq̣oo maaaʹan ḥameemañ faq̣aṭṭaʹa ʹamʻaaaʹahum?
බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ස්වභාවය නම්, එහි පල් නො වන ජලයෙන් යුත් ගංගා ද එහි රසය වෙනස් නො වන කිරි පානයෙන් යුත් ගංගා ද පානය කරන්නන්හට රසවත් මුද්‍රිකපානයෙන් යුත් ගංගා ද පිරිසිදු කරන ලද මී පැණියෙන් යුත් ගංගා ද ඇත. තවද ඔවුනට එහි සියලු පලතුරු ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සමාව ද ඇත. ඔහු (නිරා) ගින්නේ සදාතනිකයෙකු මෙන් ද? තවද (එවන් නිරාවාසීන් වන) ඔවුනට ලෝ දිය පොවනු ලැබේ. එවිට එය ඔවුන්ගේ බඩවැල් කැබලි කරයි.
Verse 47:16
وَمِنْهُمْ مَّنْ یَّسْتَمِعُ اِلَیْكَ ۚ حَتّٰۤی اِذَا خَرَجُوْا مِنْ عِنْدِكَ قَالُوْا لِلَّذِیْنَ اُوْتُوا الْعِلْمَ مَاذَا قَالَ اٰنِفًا ۫ اُولٰٓىِٕكَ الَّذِیْنَ طَبَعَ اللّٰهُ عَلٰی قُلُوْبِهِمْ وَاتَّبَعُوْۤا اَهْوَآءَهُمْ ۟
Wa-minhum mañy yastamiʻu ʹilayka ḥattaaa ʹiẓaa kharajoo min ʻiñdika q̣aaloo lil-laẓeena ʹootul ʻIlma maaẓaa q̣aala ʹaanifaa? ʹUlaaaʹikal laẓeena ṭabaʻal laahu ʻalaa q̣uloobihim wattabaʻooo ʹahwaaaʹahum.
තවද ඔවුන් අතරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. නුඹ වෙතින් ඔවුන් පිටව ගිය විට “මොහු මොහොතකට පෙර කුමක් පැවසුවේ දැ?”යි ඥානය දෙනු ලැබූවන්ගෙන් ඔවුහු (සමච්චලයෙන් යුතු ව) විමසති. තම හදවත් මත අල්ලාහ් මුද්‍රා තැබූ හා තම ආශාවන් අනුගමනය කළවුන් මොවුහු ම ය.
Verse 47:17
وَالَّذِیْنَ اهْتَدَوْا زَادَهُمْ هُدًی وَّاٰتٰىهُمْ تَقْوٰىهُمْ ۟
Wallaẓeenah tadaw zaadahum hudañw waʹataahum taq̣waahum.
තවද යහමග ලැබූවන් වන ඔවුන්හට ඔහු යහමග අධික කළේ ය. තවද ඔහු ඔවුනට ඔවුන්ගේ බිය බැතිමත්කම පිරිනැමුවේ ය.
Verse 47:18
فَهَلْ یَنْظُرُوْنَ اِلَّا السَّاعَةَ اَنْ تَاْتِیَهُمْ بَغْتَةً ۚ فَقَدْ جَآءَ اَشْرَاطُهَا ۚ فَاَنّٰی لَهُمْ اِذَا جَآءَتْهُمْ ذِكْرٰىهُمْ ۟
Fahal yañz̤̣uroona ʹillas Saaʻata ʹañ taʹtiyahum̃ bag̣tah? Faq̣ad jaaaʹa ʹashraaṭuhaa. Faʹannaa lahum ʹiẓaa jaaaʹathum ẓikraahum?
අවසන් හෝරාව අනපේක්ෂිත ලෙස ඔවුන් වෙත පැමිණීම මිස වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද? සැබැවින් ම එහි සලකුණු පැමිණ ඇත. එසේ නම් ඔවුන් වෙත එය පැමිණි විට ඔවුනට ඔවුන්ගේ මෙනෙහි කිරීම කෙසේ නම් (ඵලක්) වෙත් ද?
Verse 47:19
فَاعْلَمْ اَنَّهٗ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ وَاسْتَغْفِرْ لِذَنْۢبِكَ وَلِلْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ ؕ وَاللّٰهُ یَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوٰىكُمْ ۟۠
Faʻlam ʹannahoo Laaa ʹilaaha ʹillal laahu wastag̣fir liẓambika wa-lil-Muʹmineena wal-Muʹminaat: wallaahu yaʻlamu mutaq̣allabakum wa-mas̤waakum.
එහෙයින් (නබිවරය!) නුඹ දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. නුඹේ පාපයන්ටත් දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන්හටත් සමාව අයැදිනු. තවද නුඹලාගේ ක්‍රියාකාරකම් හා නුඹලාගේ නවාතැන අල්ලාහ් දනී.
Verse 47:20
وَیَقُوْلُ الَّذِیْنَ اٰمَنُوْا لَوْلَا نُزِّلَتْ سُوْرَةٌ ۚ فَاِذَاۤ اُنْزِلَتْ سُوْرَةٌ مُّحْكَمَةٌ وَّذُكِرَ فِیْهَا الْقِتَالُ ۙ رَاَیْتَ الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ یَّنْظُرُوْنَ اِلَیْكَ نَظَرَ الْمَغْشِیِّ عَلَیْهِ مِنَ الْمَوْتِ ؕ فَاَوْلٰى لَهُمْ ۟ۚ
Wa-yaq̣oolul laẓeena ʹaamanoo Law-laa nuzzilat Soorah? Faʹiẓaaa ʹuñzilat Sooratum Muḥkamatuñw Waẓukira feehal q̣itaalu raʹaytal laẓeena fee q̣uloobihim maraḍuñy yañz̤̣uroona ʹilayka naz̤̣aral mag̣shiyyi ʻalayhi minal mawt. Faʹawlaa lahum!
තවද (යුද්ධය සම්බන්ධ ව) පරිච්ඡේදයක් පහළ කරනු ලැබිය යුතු නො වේ දැ? යි විශ්වාස කළවුන් විමසති. එහෙත් තීරණාත්මක පරිච්ඡේදයක් පහළ කරනු ලැබ එහි යුද්ධය සම්බන්ධව සඳහන් කරනු ලැබූ විට තම හදවත් තුළ රෝග ඇත්තවුන් මරණය තමන් වෙත වෙළා ගත් කෙනෙකු සිහි නැති වී බලන්නාක් මෙන් නුඹ දෙස ඔවුහු බලති. එහෙයින් ඔවුනට වඩාත් සුදුසු ය.
Verse 47:21
طَاعَةٌ وَّقَوْلٌ مَّعْرُوْفٌ ۫ فَاِذَا عَزَمَ الْاَمْرُ ۫ فَلَوْ صَدَقُوا اللّٰهَ لَكَانَ خَیْرًا لَّهُمْ ۟ۚ
Ṭaaʻatuñw Waq̣awlum maʻroof. Faʹiẓaa ʻazamal ʹamr. Falaw ṣadaq̣ul laaha lakaana khayral lahum.
එනම් අවනතභාවය හා යහපත් ප්‍රකාශය (ඔවුනට වඩාත් සුදුසුය). එහෙයින් (යුද්ධය පිළිබඳව) එම නියෝග ස්ථීර වූ විට ඔවුන් අල්ලාහ්ට සැබෑ වන්නේ නම් එය ඔවුනට යහපත් වනු ඇත.
Verse 47:22
فَهَلْ عَسَیْتُمْ اِنْ تَوَلَّیْتُمْ اَنْ تُفْسِدُوْا فِی الْاَرْضِ وَتُقَطِّعُوْۤا اَرْحَامَكُمْ ۟
Fahal ʻasaytum ʹiñ tawallaytum ʹañ tufsidoo fil ʹarḍi wa-tuq̣aṭṭiʻooo ʹarḥaamakum?
නුඹලා පිටුපා මහපොළොවේ කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?
Verse 47:23
اُولٰٓىِٕكَ الَّذِیْنَ لَعَنَهُمُ اللّٰهُ فَاَصَمَّهُمْ وَاَعْمٰۤی اَبْصَارَهُمْ ۟
ʹUlaaaʹikal laẓeena laʻanahumul laahu faʹaṣammahum wa-ʹaʻmaaa ʹabṣaarahum.
අල්ලාහ් ශාප කළවුන් ඔවුහු ම ය. එවිට ඔහු ඔවුනට බිහිරිභාවය ඇති කළේ ය. තවද ඔවුන්ගේ බැල්ම අන්ධභාවයට පත් කළේ ය.
Verse 47:24
اَفَلَا یَتَدَبَّرُوْنَ الْقُرْاٰنَ اَمْ عَلٰی قُلُوْبٍ اَقْفَالُهَا ۟
ʹAfalaa yatadabbaroonal Q̣ur-ʹaana ʹam ʻalaa q̣uloobin ʹaq̣faaluhaa?
එහෙයින් ඔවුන් අල් කුර්ආනය පරිශීලනය නො කරන්නෝ ද? එසේ නැතහොත් (ඔවුන්ගේ) හදවත් මත ඒවාට අගුල් (දමා) තිබේ ද?
Verse 47:25
اِنَّ الَّذِیْنَ ارْتَدُّوْا عَلٰۤی اَدْبَارِهِمْ مِّنْ بَعْدِ مَا تَبَیَّنَ لَهُمُ الْهُدَی ۙ الشَّیْطٰنُ سَوَّلَ لَهُمْ ؕ وَاَمْلٰی لَهُمْ ۟
ʹInnal laẓeenar taddoo ʻalaaa ʹadbaarihim mim baʻdi maa- tabayyana lahumul Hudash Shayṭaanu sawwala lahum, wa-ʹamlaa lahum.
ඔවුනට මග පෙන්වීම පැහැදිලි වූ පසුව නියත වශයෙන් ම පසුපස හැරී ගියවුන් වනාහි ෂෙයිතාන් (එය) ඔවුනට අලංකාර කළේ ය. තවද ඔහු ඔවුනට ආශාවන් ඇති කළේ ය.
Verse 47:26
ذٰلِكَ بِاَنَّهُمْ قَالُوْا لِلَّذِیْنَ كَرِهُوْا مَا نَزَّلَ اللّٰهُ سَنُطِیْعُكُمْ فِیْ بَعْضِ الْاَمْرِ ۖۚ وَاللّٰهُ یَعْلَمُ اِسْرَارَهُمْ ۟
Ẓaalika biʹannahum q̣aaloo lillaẓeena karihoo maa- nazzalal laahu sanuṭeeʻukum fee baʻḍil ʹamr; wallaahu yaʻlamu ʹisraarahum.
එය, සැබැවින් ම ඔවුන් අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළවුන්ට " (මේ) කරුණු අතරින් ඇතැම් දෑහි අපි නුඹලාට අවනත වන්නෙමු" යැයි පැවසූ හේතුවෙනි. තවද අල්ලාහ් ඔවුන්ගේ රහස් දනී.
Verse 47:27
فَكَیْفَ اِذَا تَوَفَّتْهُمُ الْمَلٰٓىِٕكَةُ یَضْرِبُوْنَ وُجُوْهَهُمْ وَاَدْبَارَهُمْ ۟
Fakayfa ʹizaa tawaffathumul malaaaʹikatu yaḍriboona wujoohahum wa-ʹadbaa-rahum?
එහෙත් ඔවුන්ගේ මුහුණුවලට හා පිටවල්වලට පහර දෙමින් මලක්වරුන් ඔවුන්(ගේ ප්‍රාණය) අත්පත් කර ගන්නා විට කෙසේ වී ද?
Verse 47:28
ذٰلِكَ بِاَنَّهُمُ اتَّبَعُوْا مَاۤ اَسْخَطَ اللّٰهَ وَكَرِهُوْا رِضْوَانَهٗ فَاَحْبَطَ اَعْمَالَهُمْ ۟۠
Ẓaalika biʹannahumut tabaʻoo maaa ʹaskhaṭal laaha wa-karihoo riḍwaanahoo faʹaḥbaṭa ʹaʻmaalahum.
මෙයට හේතුව එය නියත වශයෙන් ම ඔවුන් අල්ලාහ් කෝප කරවන දෑ අනුගමනය කොට ඔහුගේ තෘප්තිය ඔවුන් පිළිකුල් කිරිම ය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නිෂ්ඵල කළේ ය.
Verse 47:29
اَمْ حَسِبَ الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ اَنْ لَّنْ یُّخْرِجَ اللّٰهُ اَضْغَانَهُمْ ۟
ʹAm ḥasibal laẓeena fee q̣uloobihim maraḍun ʹal lañy yukhrijal laahu ʹaḍg̣aanahum?
එසේ නැතහොත් ඔවුන්ගේ ක්‍රෝධය අල්ලාහ් හෙළි නො කරන්නේ ම යැයි හදවත් තුළ රෝග ඇත්තවුන් සිතුවේ ද?
Verse 47:30
وَلَوْ نَشَآءُ لَاَرَیْنٰكَهُمْ فَلَعَرَفْتَهُمْ بِسِیْمٰهُمْ ؕ وَلَتَعْرِفَنَّهُمْ فِیْ لَحْنِ الْقَوْلِ ؕ وَاللّٰهُ یَعْلَمُ اَعْمَالَكُمْ ۟
Wa-law nashaaaʹu laʹaraynaakahum falaʻaraftahum̃ biseemaahum: wa-lataʻrifan-nahum fee laḥnil q̣awl! Wallaahu yaʻlamu ʹaʻmaalakum.
තවද අප අභිමත කරන්නේ නම් අප නුඹට ඔවුන්ව පෙන්වන්නට තිබුණි. එවිට නුඹ ඔවුන්ගේ සලකුණු මඟින් හඳුනා ගනු ඇත. සැබැවින් ම කතා විලාසයෙන් නුඹ ඔවුන් හඳුනා ගන්නට පුළුවන. තවද නුඹලාගේ ක්‍රියාවන් අල්ලාහ් දනී.
Verse 47:31
وَلَنَبْلُوَنَّكُمْ حَتّٰی نَعْلَمَ الْمُجٰهِدِیْنَ مِنْكُمْ وَالصّٰبِرِیْنَ ۙ وَنَبْلُوَاۡ اَخْبَارَكُمْ ۟
Wa-lanabluwannakum ḥattaa naʻlamal mujaahideena miñkum waṣṣaabireena wa-nabluwa ʹakhbaarakum.
තවද නුඹලා අතරින් කැපවන්නන් හා ඉවසිලිවන්තයින් අප පෙන්වා දෙනු පිණිසත් නුඹලාගේ තොරතුරු අප පරීක්ෂා කරනු පිණිසත් නියත වශයෙන් ම අපි නුඹලා පරීක්ෂාවට ලක් කරන්නෙමු.
Verse 47:32
اِنَّ الَّذِیْنَ كَفَرُوْا وَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ وَشَآقُّوا الرَّسُوْلَ مِنْ بَعْدِ مَا تَبَیَّنَ لَهُمُ الْهُدٰی ۙ لَنْ یَّضُرُّوا اللّٰهَ شَیْـًٔا ؕ وَسَیُحْبِطُ اَعْمَالَهُمْ ۟
ʹInnal laẓeena kafaroo wa-ṣaddoo ʻañ Sabeelil laahi wa-shaaaq̣q̣ur Rasoola mim baʻdi maa- tabayyana lahumul Hudaa lañy yaḍurrul laaha shayʹaa: wa-sa-yuḥbiṭu ʹaʻmaalahum.
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා, තමන්ට යහමග පැහැදිලි වූවායින් පසුව රසූල්වරයාට විරුද්ධවන්නන් වනාහි ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි සිදු කළ නො හැක්කේ ම ය. තවද ඔහු ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කරනු ඇත.
Verse 47:33
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اَطِیْعُوا اللّٰهَ وَاَطِیْعُوا الرَّسُوْلَ وَلَا تُبْطِلُوْۤا اَعْمَالَكُمْ ۟
Yaaaʹayyuhal laẓeena ʹaamanooo ʹaṭeeʻul laaha wa-ʹaṭeeʻur Rasoola wa-laa tubṭilooo ʹaʻmaalakum!
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. තවද නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල කර නො ගනු.
Verse 47:34
اِنَّ الَّذِیْنَ كَفَرُوْا وَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ ثُمَّ مَاتُوْا وَهُمْ كُفَّارٌ فَلَنْ یَّغْفِرَ اللّٰهُ لَهُمْ ۟
ʹInnal laẓeena kafaroo wa-ṣaddoo ʻañ Sabeelil laahi s̤umma maatoo wa-hum kuffaaruñ falañy yag̣firal laahu lahum.
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වා, පසුව ප්‍රතික්ෂේපකයින් ලෙසින් ම මිය යන්නන් වන ඔවුනට අල්ලාහ් සමාව නො දෙන්නේ ම ය.
Verse 47:35
فَلَا تَهِنُوْا وَتَدْعُوْۤا اِلَی السَّلْمِ ۖۗ وَاَنْتُمُ الْاَعْلَوْنَ ۖۗ وَاللّٰهُ مَعَكُمْ وَلَنْ یَّتِرَكُمْ اَعْمَالَكُمْ ۟
Falaa tahinoo wa-tadʻooo ʹilas salmi wa-ʹañtumul ʹaʻlawna wallaahu maʻakum wa-lañy yatirakum ʹaʻmaalakum.
එහෙයින් (යුද බිමෙහි) නුඹලා අධෛර්යමත්ව බිය සුළු වී සාමය වෙත ඇරයුම් නො කරනු. නුඹලාය උසස් වනුයේ. තවද අල්ලාහ් නුඹලා සමඟ ය. නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට අහිමි නො කරන්නේ ම ය.
Verse 47:36
اِنَّمَا الْحَیٰوةُ الدُّنْیَا لَعِبٌ وَّلَهْوٌ ؕ وَاِنْ تُؤْمِنُوْا وَتَتَّقُوْا یُؤْتِكُمْ اُجُوْرَكُمْ وَلَا یَسْـَٔلْكُمْ اَمْوَالَكُمْ ۟
ʹInnamal ḥayaatud dunyaa laʻibuñw walahw: wa-ʹiñ tuʹminoo wa-tattaq̣oo yuʹtikum ʹujoorakum wa-laa yasʹalkum ʹamwaalakum.
නියත වශයෙන් ම මෙලොව ජීවිතය කෙළි සෙල්ලමකි. විනෝදයකි. තවද නුඹලා විශ්වාස කර, බිය බැතිමත් වන්නෙහු නම් නුඹලාගේ කුලිය ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලාගේ ධනය ඔහු නුඹලාගෙන් ඉල්ලා නො සිටියි.
Verse 47:37
اِنْ یَّسْـَٔلْكُمُوْهَا فَیُحْفِكُمْ تَبْخَلُوْا وَیُخْرِجْ اَضْغَانَكُمْ ۟
ʹIñy yasʹalkumoohaa fayuḥfikum tabkhaloo wa-yukhrij ʹaḍg̣aanakum.
ඔහු නුඹලාගෙන් එය (ධනය) ඉල්ලා; බල කර සිටියේ නම් (එවිට) නුඹලා මසුරු වන්නෙහු ය. තවද නුඹලාගේ ක්‍රෝධය ඔහු හෙළි කරන්නේ ය.
Verse 47:38
هٰۤاَنْتُمْ هٰۤؤُلَآءِ تُدْعَوْنَ لِتُنْفِقُوْا فِیْ سَبِیْلِ اللّٰهِ ۚ فَمِنْكُمْ مَّنْ یَّبْخَلُ ۚ وَمَنْ یَّبْخَلْ فَاِنَّمَا یَبْخَلُ عَنْ نَّفْسِهٖ ؕ وَاللّٰهُ الْغَنِیُّ وَاَنْتُمُ الْفُقَرَآءُ ۚ وَاِنْ تَتَوَلَّوْا یَسْتَبْدِلْ قَوْمًا غَیْرَكُمْ ۙ ثُمَّ لَا یَكُوْنُوْۤا اَمْثَالَكُمْ ۟۠
Haaaʹañtum haaaʹulaaaʹi tudʻawna lituñfiq̣oo fee Sabeelil laah: famiñkum mañy yabkhal Wa-mañy yabkhal faʹinnamaa yabkhalu ʻan nafsih. Wallaahul G̣aniyyu wa-ʹañtumul Fuq̣araaaʹ. Wa-ʹiñ tatawallaw yastabdil q̣awman g̣ayrakum s̤umma laa- yakoonooo ʹams̤aalakum!
අහෝ! මෙන්න! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරනු පිණිස නුඹලා ඇරයුම් කරනු ලැබුවන් ය. එහෙත් නුඹලා අතුරින් මසුරු වන්නන් ද වෙති. තවද කවරෙකු මසුරු වන්නේද එසේ ඔහු මසුරු වනුයේ ඔහු වෙනුවෙනි. එහෙත් අල්ලාහ් අවශ්‍යතාවෙන් තොර ය. තවද නුඹලා දිළින්දෝ ය. තවද නුඹලා පිටු පා යන්නේ නම් (නුඹලා වෙනුවට) නුඹලා හැර වෙනත් පිරිසක් ඔහු පත් කරනු ඇත. එවිට ඔවුහු නුඹලා මෙන් නො වනු ඇත.