Surah Az-Zukhruf
Surah Az-Zukhruf (The Gold Adornments) is Surah 43 of the Holy Quran, a Meccan Surah with 89 verses, available here in Sinhalese.
Verse 43:1
حٰمٓ ۟ۚۛ
Ḥaa-Meeem.
හා මීම්.
Verse 43:2
وَالْكِتٰبِ الْمُبِیْنِ ۟ۙۛ
Wal-Kitaabil Mubeen,―
පැහැදිලි ධර්ම ග්‍රන්ථය මත දිවුරමින්.
Verse 43:3
اِنَّا جَعَلْنٰهُ قُرْءٰنًا عَرَبِیًّا لَّعَلَّكُمْ تَعْقِلُوْنَ ۟ۚ
ʹInnaa jaʻalnaahu Q̣urʹaanan ʻArabiyyal laʻallakum taʻq̣iloon.
නුඹලා වටහා ගත හැකි වනු පිණිස අරාබි බසින් වූ පාරායනයක් බවට නියත වශයෙන් ම අපි එය පත් කළෙමු.
Verse 43:4
وَاِنَّهٗ فِیْۤ اُمِّ الْكِتٰبِ لَدَیْنَا لَعَلِیٌّ حَكِیْمٌ ۟ؕ
Wa-ʹinnahoo feee ʹUmmil Kitaabi ladaynaa laʻaliyyun Ḥakeem.
තවද නියත වශයෙන් ම එය අප අබියස ඇති ප්‍රඥාවෙන් සපිරුණු උත්කෘෂ්ට මව් ග්‍රන්ථයේ විය.
Verse 43:5
اَفَنَضْرِبُ عَنْكُمُ الذِّكْرَ صَفْحًا اَنْ كُنْتُمْ قَوْمًا مُّسْرِفِیْنَ ۟
ʹA-fanaḍribu ʻañkumuẓ Ẓikra ṣafḥan ʹañ kuñtum q̣awmam musrifeen?
නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් ලෙස සිටි බැවින් උපදෙස් කිරීම නුඹලාගෙන් වළක්වා අපි රඳවා ගන්නෙමු ද?
Verse 43:6
وَكَمْ اَرْسَلْنَا مِنْ نَّبِیٍّ فِی الْاَوَّلِیْنَ ۟
Wa-kam ʹarsalnaa min nabiyyiñ fil ʹawwaleen?
තවද අපි මුතුන් මිත්තන් අතරට කොපමණක් දෝ නබිවරුන් එවා ඇත්තෙමු.
Verse 43:7
وَمَا یَاْتِیْهِمْ مِّنْ نَّبِیٍّ اِلَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟
Wa-maa yaʹteehim min nabiyyin ʹillaa kaanoo bihee yastahziʹoon.
තවද කිසියම් නබිවරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔහුට සරදම් කරමින් සිටියා මිස නැත.
Verse 43:8
فَاَهْلَكْنَاۤ اَشَدَّ مِنْهُمْ بَطْشًا وَّمَضٰی مَثَلُ الْاَوَّلِیْنَ ۟
Faʹahlaknaaa ʹashadda minhum̃ baṭshañw wamaḍaa Mas̤alul ʹawwaleen.
අපි ඔවුනට වඩා දරුණු අය ග්‍රහණය කොට විනාශ කර ඇත්තෙමු. මුතුන් මිත්තන්ගේ උදාහරණ ඉකුත්ව ගොස් ඇත.
Verse 43:9
وَلَىِٕنْ سَاَلْتَهُمْ مَّنْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ لَیَقُوْلُنَّ خَلَقَهُنَّ الْعَزِیْزُ الْعَلِیْمُ ۟ۙ
Wa-laʹiñ saʹaltahum man khalaq̣as samaawaati wal-ʹarḍa layaq̣oolunna khalaq̣ahunnal ʻAzeezul ʻAleem;―
තවද අහස් හා මහපොළොව මැව්වේ කවුරුන් දැ? යි නුඹ ඔවුන්ගෙන් විමසා සිටියෙහි නම් සර්වඥ සර්ව බලධාරියාණන් ඒවා මැව්වේ යැයි සැබැවින් ම ඔවුන් පවසනු ඇත.
Verse 43:10
الَّذِیْ جَعَلَ لَكُمُ الْاَرْضَ مَهْدًا وَّجَعَلَ لَكُمْ فِیْهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُوْنَ ۟ۚ
ʹAllaẓee jaʻala lakumul ʹarḍa mahdañw wajaʻala lakum feehaa subulal laʻallakum tahtadoon;
ඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේ ය. තවද නුඹලා මග ලැබිය හැකි වනු පිණිස නුඹලා වෙනුවෙන් එහි මංමාවත් ඇති කළේ ය.
Verse 43:11
وَالَّذِیْ نَزَّلَ مِنَ السَّمَآءِ مَآءً بِقَدَرٍ ۚ فَاَنْشَرْنَا بِهٖ بَلْدَةً مَّیْتًا ۚ كَذٰلِكَ تُخْرَجُوْنَ ۟
Wallaẓee nazzala minas samaaaʹi maaaʹam biq̣adar;― faʹañsharnaa bihee baldatam maytaa; kaẓaalika tukhrajoon;―
තවද ඔහු වනාහි අහසින් ජලය සීමා කරමින් පහළ කරයි. එවිට අපි මියැදුණු භූමියක් එමඟින් පුබුදුමත් කළෙමු. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.
Verse 43:12
وَالَّذِیْ خَلَقَ الْاَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُمْ مِّنَ الْفُلْكِ وَالْاَنْعَامِ مَا تَرْكَبُوْنَ ۟ۙ
Wallaẓee khalaq̣al ʹazwaaja kullahaa wa-jaʻala lakum minal fulki wal-ʹanʻaami maa- tarkaboon.
තවද ඔහු වනාහි ජෝඩු සියල්ල මැව්වේ ය. තවද නැව් හා ගොවිපළ සතුන් අතරින් නුඹලා ප්‍රවාහනය කරන දෑ ඇති කළේ ය.
Verse 43:13
لِتَسْتَوٗا عَلٰی ظُهُوْرِهٖ ثُمَّ تَذْكُرُوْا نِعْمَةَ رَبِّكُمْ اِذَا اسْتَوَیْتُمْ عَلَیْهِ وَتَقُوْلُوْا سُبْحٰنَ الَّذِیْ سَخَّرَ لَنَا هٰذَا وَمَا كُنَّا لَهٗ مُقْرِنِیْنَ ۟ۙ
Litastawoo ʻalaa z̤̣uhoorihee s̤umma taẓkuroo niʻmata Rabbikum ʹiẓas tawaytum ʻalayhi wa-taq̣ooloo ʻʻSubḥaanal laẓee sakhkhara lanaa haaẓaa wa-maa kunnaa lahoo muq̣rineen.
එහි පිට මත නුඹලා අසුන් ගෙන යනු පිණිසත් පසුව ඒ මත නුඹලා නැග යන විට නුඹලාගේ පරමාධිපතිගේ ආශිර්වාදය මෙනෙහි කරනු පිණිසත් තවද නුඹලා මෙසේ පවසනු පිණිසත් ය; ‘අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධ ය. තවද අපි එයට හැකියාවන්තයින් ලෙස නො සිටියෙමු.
Verse 43:14
وَاِنَّاۤ اِلٰی رَبِّنَا لَمُنْقَلِبُوْنَ ۟
Wa-ʹinnaaa ʹilaa Rabbinaa lamuñq̣aliboon!ʹʹ
තවද නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝම ය.
Verse 43:15
وَجَعَلُوْا لَهٗ مِنْ عِبَادِهٖ جُزْءًا ؕ اِنَّ الْاِنْسَانَ لَكَفُوْرٌ مُّبِیْنٌ ۟ؕ۠
Wa-jaʻaloo lahoo min ʻibaadihee juzʹaa! ʹInnal ʹiñsaana lakafoorum mubeen!
එහෙත් ඔවුහු ඔහුගේ ගැත්තන්ගෙන් පිරිසකට ඔහු(ගේ දේවත්වය) සතු කොටසක් පත් කළෝ ය. නියත වශයෙන් ම මිනිසා පැහැදිලි ගුණමකුවෙකි.
Verse 43:16
اَمِ اتَّخَذَ مِمَّا یَخْلُقُ بَنٰتٍ وَّاَصْفٰىكُمْ بِالْبَنِیْنَ ۟
ʹAmit takhaẓa mimmaa yakhluq̣u banaatiñw waʹaṣfaakum bilbaneen?
එසේ නැතහොත් ඔහු මවන දැයින් ඔහු ගැහැනු දරුවන් ගෙන නුඹලාට ඔහු පිරිමි දරුවන් තෝරා දුන්නේ ද?
Verse 43:17
وَاِذَا بُشِّرَ اَحَدُهُمْ بِمَا ضَرَبَ لِلرَّحْمٰنِ مَثَلًا ظَلَّ وَجْهُهٗ مُسْوَدًّا وَّهُوَ كَظِیْمٌ ۟
Wa-ʹiẓaa bushshira ʹaḥaduhum̃ bimaa ḍaraba lir-Raḥmaani mas̤alañ z̤̣alla wajhuhoo muswaddañw wahuwa kaz̤̣eem!
තවද මහා කරුණාන්විතයාණන්හට උදාහරණ ලෙස ගෙන හැර දැක් වූ දෑ (ගැහැනු දරුවන්) පිළිබඳව ඔවුන්ගෙන් කිසිවකුට ශුභාරංචි වශයෙන් දන්වනු ලැබූ විට ඔහු කෝපයට පත්ව ඔහුගේ මුහුණ කළු පැහැ ගැන් විය.
Verse 43:18
اَوَمَنْ یُّنَشَّؤُا فِی الْحِلْیَةِ وَهُوَ فِی الْخِصَامِ غَیْرُ مُبِیْنٍ ۟
ʹA-wamañy yunashshaʹu fil ḥilyati wa-huwa fil khiṣaami g̣ayru mubeen?
පැහැදිලිව කතා නො කරන ආභරණයන්ගෙන් වඩවනු ලැබූ අයව ද? (ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙත ආදේශ කරනුයේ?)
Verse 43:19
وَجَعَلُوا الْمَلٰٓىِٕكَةَ الَّذِیْنَ هُمْ عِبٰدُ الرَّحْمٰنِ اِنَاثًا ؕ اَشَهِدُوْا خَلْقَهُمْ ؕ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَیُسْـَٔلُوْنَ ۟
Wa-jaʻalul malaaaʹikatal laẓeena hum ʻibaadur Raḥmaani ʹinaas̤aa. ʹA-shahidoo khalq̣ahum? Satuktabu shahaadatuhum wa-yusʹaloon!
තවද මලක්වරුන් මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් ව සිටියදී ඔවුන් ගැහැනුන් බවට මොවුහු පත් කර ගත්තෝය. ඔවුන් මැවීමේ දී මොවුහු සහභාගි වී සිටියෝ ද? මොවුන්ගේ සාක්ෂිය සටහන් කරනු ලබනු ඇත. තවද ඔවුහු ප්‍රශ්න කරනු ලබනු ඇත.
Verse 43:20
وَقَالُوْا لَوْ شَآءَ الرَّحْمٰنُ مَا عَبَدْنٰهُمْ ؕ مَا لَهُمْ بِذٰلِكَ مِنْ عِلْمٍ ۗ اِنْ هُمْ اِلَّا یَخْرُصُوْنَ ۟ؕ
Wa-q̣aaloo law shaaaʹar Raḥmaanu Maa- ʻabadnaahum! maa- lahum̃ biẓaalika min ʻilm! ʹIn hum ʹillaa yakhruṣoon!
තවද “මහා කරුණාන්විතයාණන් අභිමත කර තිබුණේ නම් අපි ඔවුනට ගැතිකම් නො කරන්නට තිබුණි.” යැයි ඔවුහු පැවසූහ. ඒ පිළිබඳ ඔවුනට දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.
Verse 43:21
اَمْ اٰتَیْنٰهُمْ كِتٰبًا مِّنْ قَبْلِهٖ فَهُمْ بِهٖ مُسْتَمْسِكُوْنَ ۟
ʹAm ʹaataynaahum Kitaabam miñ q̣ablihee fahum̃ bihee mustamsikoon?
එසේ නැතහොත් මීට පෙර ධර්ම ග්‍රන්ථයක් අපි ඔවුනට පිරිනමා ඔවුහු එය ග්‍රහණය කර ගෙන සිටියෝ ද?
Verse 43:22
بَلْ قَالُوْۤا اِنَّا وَجَدْنَاۤ اٰبَآءَنَا عَلٰۤی اُمَّةٍ وَّاِنَّا عَلٰۤی اٰثٰرِهِمْ مُّهْتَدُوْنَ ۟
Bal q̣aalooo ʹinnaa wajadnaaa ʹaabaaaʹanaa ʻalaaa ʹummatiñw Waʹinnaa ʻalaaa ʹaas̤aarihim muhtadoon.
එසේ නො ව, “නියත වශයෙන් ම අපගේ මුතුන් මිත්තන් යම් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන් ම අපි ඔවුන්ගේ පා සලකුණු මත මග ලැබූවන් වූයෙමු.” යැයි ඔවුහු පැවසූහ.
Verse 43:23
وَكَذٰلِكَ مَاۤ اَرْسَلْنَا مِنْ قَبْلِكَ فِیْ قَرْیَةٍ مِّنْ نَّذِیْرٍ اِلَّا قَالَ مُتْرَفُوْهَاۤ ۙ اِنَّا وَجَدْنَاۤ اٰبَآءَنَا عَلٰۤی اُمَّةٍ وَّاِنَّا عَلٰۤی اٰثٰرِهِمْ مُّقْتَدُوْنَ ۟
Wa-kaẓaalika maaa ʹarsalnaa miñ q̣ablika fee q̣aryatim min Naẓeerin ʹillaa q̣aala mutrafoohaaa ʹinnaa wajadnaaa ʹaabaaaʹanaa ʻalaaa ʹummatiñw waʹinnaa ʻalaaa ʹaas̤aarihim muq̣tadoon.
තවද එසේ නුඹට පෙර ද ගම්මානයක් වෙත අවවාද කරන්නෙකු අපි එවූ විට එහි සැපවත් ජීවිතයක් ගත කළවුන් “නියත වශයෙන් ම අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන් ම අපි ඔවුන්ගේ පා සලකුණු මත අනුගමනය කරනු ලැබූවෝ වෙමු” යැයි පවසා සිටියා මිස (වෙනත් දෙයක් සිදු වූයේ) නැත.
Verse 43:24
قٰلَ اَوَلَوْ جِئْتُكُمْ بِاَهْدٰی مِمَّا وَجَدْتُّمْ عَلَیْهِ اٰبَآءَكُمْ ؕ قَالُوْۤا اِنَّا بِمَاۤ اُرْسِلْتُمْ بِهٖ كٰفِرُوْنَ ۟
Q̣aala ʹa-wa law jiʹtukum̃ biʹahdaa mimmaa wajattum ʻalayhi ʹaabaaaʹakum? Q̣aalooo ʹinnaa bimaaa ʹursiltum̃ bihee kaafiroon.
කවර දෙයක් මත නුඹලාගේ මුතුන් මිත්තන් සිටිනු නුඹලා දුටුවේ ද ඊට වඩා නිවැරදි දෑ මම නුඹලා වෙත නො ගෙනාවෙමි දැ? යි ඔහු විමසී ය. එයට “කවර දෙයක් සමඟ නුඹලා එවනු ලැබුවේ ද නියත වශයෙන් ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.” යැයි ඔවුහු පැවසූහ.
Verse 43:25
فَانْتَقَمْنَا مِنْهُمْ فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِیْنَ ۟۠
Fañtaq̣amnaa minhum fañz̤̣ur kayfa kaana ʻaaq̣ibatul mukaẓẓibeen!
එවිට අපි ඔවුනට ප්‍රතිචාර දැක්වූයෙමු. එහෙයින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ අධීක්ෂණයෙන් බලනු.
Verse 43:26
وَاِذْ قَالَ اِبْرٰهِیْمُ لِاَبِیْهِ وَقَوْمِهٖۤ اِنَّنِیْ بَرَآءٌ مِّمَّا تَعْبُدُوْنَ ۟ۙ
Wa-ʹiẓ q̣aala ʹIbraaheemu liʹabeehi wa-q̣awmiheee ʹinnanee baraaaʹum mimmaa taʻbudoon:
තවද “නියත වශයෙන් ම නුඹලා නමදින දැයින් මම ඉවත් වූයෙක්මි” යැයි ඉබ්රාහීම් තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
Verse 43:27
اِلَّا الَّذِیْ فَطَرَنِیْ فَاِنَّهٗ سَیَهْدِیْنِ ۟
ʹIllal laẓee faṭaranee faʹinnahoo sayahdeen.
එහෙත් මා මැවූ අය හැර. නියත වශයෙන් ම ඔහු මට මග පෙන්වනු ඇත.
Verse 43:28
وَجَعَلَهَا كَلِمَةً بَاقِیَةً فِیْ عَقِبِهٖ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
Wa-jaʻalahaa Kalimatam baaq̣iyatañ fee ʻaq̣ibihee laʻallahum yarjiʻoon.
තවද ඔහුගෙන් පසු පැවත එන්නන් අතර එය පවතින ප්‍රකාශයක් බවට පත් කළේ ය. එය ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස ය.
Verse 43:29
بَلْ مَتَّعْتُ هٰۤؤُلَآءِ وَاٰبَآءَهُمْ حَتّٰی جَآءَهُمُ الْحَقُّ وَرَسُوْلٌ مُّبِیْنٌ ۟
Bal mattaʻtu haaaʹulaaaʹi wa-ʹaabaaaʹahum ḥattaa jaaaʹahumul Ḥaq̣q̣u wa-Rasoolum mubeen.
එහෙත් මොවුන් හා මොවුන්ගේ මුතුන් මිත්තන්හට ඔවුන් වෙත සත්‍යය හා පැහැදිලි ධර්ම දූතයකු පැමිණෙන තෙක් භුක්ති විඳින්නට මම සැලැස්වූයෙමි.
Verse 43:30
وَلَمَّا جَآءَهُمُ الْحَقُّ قَالُوْا هٰذَا سِحْرٌ وَّاِنَّا بِهٖ كٰفِرُوْنَ ۟
Wa-lammaa jaaaʹahumul Ḥaq̣q̣u q̣aaloo haaẓaa siḥruñw waʹinnaa bihee kaafiroon.
තවද ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ‘මෙය හූනියමකි. තවද නියත වශයෙන් ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.’ යැයි ඔවුහු පැවසුවෝ ය.
Verse 43:31
وَقَالُوْا لَوْلَا نُزِّلَ هٰذَا الْقُرْاٰنُ عَلٰی رَجُلٍ مِّنَ الْقَرْیَتَیْنِ عَظِیْمٍ ۟
Waq̣aaloo Law-laa nuzzila haaẓal Q̣urʹaanu ʻalaa rajulim minal q̣aryatayni ʻaz̤̣eem?
තවද “මෙම කුර්ආනය ගම්මාන දෙකෙහි ප්‍රබල මිනිසෙකු වෙත පහළ කරනු ලැබිය යුතු නො වේ ද?” යැයි ඔවුහු පැවසුවෝ ය.
Verse 43:32
اَهُمْ یَقْسِمُوْنَ رَحْمَتَ رَبِّكَ ؕ نَحْنُ قَسَمْنَا بَیْنَهُمْ مَّعِیْشَتَهُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجٰتٍ لِّیَتَّخِذَ بَعْضُهُمْ بَعْضًا سُخْرِیًّا ؕ وَرَحْمَتُ رَبِّكَ خَیْرٌ مِّمَّا یَجْمَعُوْنَ ۟
ʹAhum yaq̣simoona Raḥmata Rabbik? Naḥnu q̣asamnaa baynahum maʻeeshatahum fil ḥayaatid dunyaa wa-rafaʻnaa baʻḍahum fawq̣a baʻḍiñ darajaatil liyattakhiẓa baʻḍuhum̃ baʻḍañ sukhriyyaa. Wa-Raḥmatu Rabbika khayrum mimmaa yajmaʻoon.
ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිනුයේ ඔවුන් ද? මෙලොව ජීවිතයේ දී ඔවුන්ගේ ජීවන සම්පත් ඔවුන් අතර බෙදා හැරියේ අප ය. තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් සේවා සලසා ගැනීම සඳහා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉහළින් තරාතිරම්වලින් උසස් කළෙමු. ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨ ය.
Verse 43:33
وَلَوْلَاۤ اَنْ یَّكُوْنَ النَّاسُ اُمَّةً وَّاحِدَةً لَّجَعَلْنَا لِمَنْ یَّكْفُرُ بِالرَّحْمٰنِ لِبُیُوْتِهِمْ سُقُفًا مِّنْ فِضَّةٍ وَّمَعَارِجَ عَلَیْهَا یَظْهَرُوْنَ ۟ۙ
Wa-lawlaaa ʹañy yakoonan naasu ʹummatañw waaḥidatal lajaʻalnaa limañy yakfuru bir-Raḥmaani libuyootihim suq̣ufam miñ fiḍḍatiñw wamaʻaarija ʻalayhaa yaz̤̣haroon,
තවද ජනයා එක ම සමූහයක් නො වන්නේ නම් මහා කරුණාන්විතයාණන් ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ නිවෙස් රිදියෙන් වූ වියනින් ද ඒ මත ඔවුන් නැග යන පියගැට පෙළින් ද අපි ඇති කරන්නට තිබුණි.
Verse 43:34
وَلِبُیُوْتِهِمْ اَبْوَابًا وَّسُرُرًا عَلَیْهَا یَتَّكِـُٔوْنَ ۟ۙ
Wa-li-buyootihim ʹabwaabañw Wasururan ʻalayhaa yattakiʹoon,
තවද ඔවුන්ගේ නිවෙස් දොරටුවලින් ද ඔවුන් ඒ මත හාන්සිව සිටින කවිච්චිවලින් ද (අපි ඇති කරන්නට තිබුණි.)
Verse 43:35
وَزُخْرُفًا ؕ وَاِنْ كُلُّ ذٰلِكَ لَمَّا مَتَاعُ الْحَیٰوةِ الدُّنْیَا ؕ وَالْاٰخِرَةُ عِنْدَ رَبِّكَ لِلْمُتَّقِیْنَ ۟۠
Wa-ZUKHRUFAA. Wa-ʹiñ kullu ẓaalika lammaa mataaʻul ḥayaatid dunyaa: wal-ʹAakhiratu ʻiñda Rabbika lil-Muttaq̣een.
තවද විසිතුරු භාණ්ඩ වලින් ද (අපි ඇති කරන්නට තිබුණි.) මේ සියල්ල මෙලොව ජීවිතයේ (සුළු) භුක්ති විඳීමක් මිස නැත. තවද නුඹේ පරමාධිපති අබියස මතු ලොව (සමෘද්ධිය) බිය බැතිමතුන්හට ය.
Verse 43:36
وَمَنْ یَّعْشُ عَنْ ذِكْرِ الرَّحْمٰنِ نُقَیِّضْ لَهٗ شَیْطٰنًا فَهُوَ لَهٗ قَرِیْنٌ ۟
Wa-mañy yaʻshu ʻañ ẓikrir Raḥmaani nuq̣ayyiḍ lahoo shayṭaanañ fahuwa lahoo q̣areen.
තවද මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීම කවරෙකු පිටුපාන්නේ ද අපි ඔහුට ෂෙයිතානුවෙකු පවරන්නෙමු. එවිට ඔහු ඔහුට සමීප මිතුරෙකු වනු ඇත.
Verse 43:37
وَاِنَّهُمْ لَیَصُدُّوْنَهُمْ عَنِ السَّبِیْلِ وَیَحْسَبُوْنَ اَنَّهُمْ مُّهْتَدُوْنَ ۟
Wa-ʹinnahum layaṣuddoonahum ʻanis sabeeli wa-yaḥsaboona ʹannahum muhtadoon!
තවද නියත වශයෙන් ම ඔවුහු (ෂෙයිතානුන්) ඔවුන් යහ මාර්ගයෙන් වළක්වති. තවද නියත වශයෙන් ම තමන් යහ මග ලැබූවෝ යැයි ඔවුහු සිතති.
Verse 43:38
حَتّٰۤی اِذَا جَآءَنَا قَالَ یٰلَیْتَ بَیْنِیْ وَبَیْنَكَ بُعْدَ الْمَشْرِقَیْنِ فَبِئْسَ الْقَرِیْنُ ۟
Ḥattaaa ʹiẓaa jaaaʹanaa q̣aala yaa-layta baynee wa-baynaka buʻdal Mashriq̣ayni fabiʹsal q̣areen!
ඔහු අප වෙත පැමිණි අවස්ථාවේ ‘මා අතර හා ඔබ අතර නැගෙනහිර හා බටහිර මෙන් දුරස්ථභාවයක් තිබුණා විය යුතු නො වේ ද?’ යැයි ඔහු පවසයි. එසේ එම සමීප මිතුරා නපුරු විය.
Verse 43:39
وَلَنْ یَّنْفَعَكُمُ الْیَوْمَ اِذْ ظَّلَمْتُمْ اَنَّكُمْ فِی الْعَذَابِ مُشْتَرِكُوْنَ ۟
Wa-lañy yañfaʻakumul yawma ʹiz̤̣ z̤̣alamtum ʹannakum fil ʻaẓaabi mushtarikoon!
තවද නුඹලා අපරාධ කර ඇති බැවින් අද දින නුඹලාට ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. නියත වශයෙන් ම නුඹලා දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.
Verse 43:40
اَفَاَنْتَ تُسْمِعُ الصُّمَّ اَوْ تَهْدِی الْعُمْیَ وَمَنْ كَانَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
ʹA-faʹañta tusmiʻuṣ ṣumma ʹaw tahdil ʻumya wa-mañ kaana fee ḍalaalim mubeen?
නුඹ බිහිරාට සවන් වැකෙන්නට සලස්වන්නෙහි ද? එසේ නැතහොත් අන්ධයාට හා පැහැදිලි මුළාවෙහි සිටින්නාට නුඹ මග පෙන්වන්නෙහි ද?
Verse 43:41
فَاِمَّا نَذْهَبَنَّ بِكَ فَاِنَّا مِنْهُمْ مُّنْتَقِمُوْنَ ۟ۙ
Faʹimmaa naẓhabanna bika faʹinnaa minhum muñtaq̣imoon,
එහෙයින් (නබිවරය!) අපි ඔබ (මෙලොවින්) ඉවත් කළ ද, සැබැවින් ම අපි ඔවුනට ප්‍රතිචාර දක්වන්නෝ වෙමු.
Verse 43:42
اَوْ نُرِیَنَّكَ الَّذِیْ وَعَدْنٰهُمْ فَاِنَّا عَلَیْهِمْ مُّقْتَدِرُوْنَ ۟
ʹAw nuriyannakal laẓee waʻadnaahum faʹinnaa ʻalayhim muq̣tadiroon.
එසේ නැතහොත් ඔවුනට අපි ප්‍රතිඥා දුන් දෑ, අපි නුඹට පෙන්වන්නෙමු. සැබැවින් ම අපි ඔවුන් මත බලය දරන්නෝ වෙමු.
Verse 43:43
فَاسْتَمْسِكْ بِالَّذِیْۤ اُوْحِیَ اِلَیْكَ ۚ اِنَّكَ عَلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
Fastamsik billaẓeee ʹooḥiya ʹilayk: ʹinnaka ʻalaa Ṣiraaṭim Mustaq̣eem.
එහෙයින් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ ග්‍රහණය කර ගනු. නියත වශයෙන් ම නුඹ ඍජු මාර්ගය මත ය.
Verse 43:44
وَاِنَّهٗ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ ۚ وَسَوْفَ تُسْـَٔلُوْنَ ۟
Wa-ʹinnahoo la-Ẓikrul laka wa-liq̣awmik; wa-sawfa tusʹaloon.
තවද නියත වශයෙන් ම මෙය නුඹට හා නුඹේ සමූහයාට අනුශාසනාවකි. තවද නුඹලා මතු ප්‍රශ්න කරනු ලබනු ඇත.
Verse 43:45
وَسْـَٔلْ مَنْ اَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رُّسُلِنَاۤ اَجَعَلْنَا مِنْ دُوْنِ الرَّحْمٰنِ اٰلِهَةً یُّعْبَدُوْنَ ۟۠
Wasʹal man ʹarsalnaa miñ q̣ablika mir rusulinaaa ʹajaʻalnaa miñ doonir Raḥmaani ʹaalihatañy yuʻbadoon?
මහා කරුණාන්විතයාණන් හැර දමා ගැතිකම් කරනු ලබන්නට වෙනත් දෙවිවරුන් අප පත් කළෙමු දැ? යි නුඹට පෙර අප එවූ අපගේ දූතවරුන්ගෙන් නුඹ විමසනු.
Verse 43:46
وَلَقَدْ اَرْسَلْنَا مُوْسٰی بِاٰیٰتِنَاۤ اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ فَقَالَ اِنِّیْ رَسُوْلُ رَبِّ الْعٰلَمِیْنَ ۟
Wa-laq̣ad ʹarsalnaa Moosaa biʹAayaatinaaa ʹilaa Firʻawna wa-malaʹihee faq̣aala ʹinnee Rasoolu Rabbil ʻAalameen.
ෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත සැබැවින් ම අපි අපගේ සාධක සමඟ මූසාව එව්වෙමු. එවිට “ඔහු නියත වශයෙන් ම මම ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයා වෙමි” යැයි පැවසී ය.
Verse 43:47
فَلَمَّا جَآءَهُمْ بِاٰیٰتِنَاۤ اِذَا هُمْ مِّنْهَا یَضْحَكُوْنَ ۟
Falammaa jaaaʹahum̃ biʹAayaatinaaa ʹiẓaa hum minhaa yaḍḥakoon.
එසේ අපගේ සාධක සමඟ ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි එවිට ඔවුහු ඒ ගැන සිනහසුනෝ ය.
Verse 43:48
وَمَا نُرِیْهِمْ مِّنْ اٰیَةٍ اِلَّا هِیَ اَكْبَرُ مِنْ اُخْتِهَا ؗ وَاَخَذْنٰهُمْ بِالْعَذَابِ لَعَلَّهُمْ یَرْجِعُوْنَ ۟
Wa-maa nureehim min ʹaayatin ʹillaa hiya ʹakbaru min ʹukhtihaa, wa-ʹakhaẓnaahum̃ bilʻaẓaabi laʻallahum yarjiʻoon.
අපි ඔවුනට කවර සාධකයක් පෙන්වුව ද එයට පෙර පැවති දෑට වඩා විශාල දෙයක් මිස එය නො වීය. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස අපි ඔවුන් දඬුවමින් හසු කර ගත්තෙමු.
Verse 43:49
وَقَالُوْا یٰۤاَیُّهَ السّٰحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَ ۚ اِنَّنَا لَمُهْتَدُوْنَ ۟
Wa-q̣aaloo yaaaʹayyuhas saaḥirud ʹu lanaa Rabbaka bimaa ʻahida ʻiñdak; ʹinnanaa lamuhtadoon.
තවද “අහෝ මායාකරුව! ඔබ අබියස ගිවිස ගත් දෑ අනුව ඔබ අප වෙනුවෙන් ඔබේ පරමාධිපතිගෙන් අයැද සිටිනු. නියත වශයෙන් ම අපි යහ මග ලැබූවෝ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
Verse 43:50
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ اِذَا هُمْ یَنْكُثُوْنَ ۟
Falammaa kashafnaa ʻanhumul ʻaẓaaba ʹiẓaa hum yañkus̤oon.
ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එසැණින් ඔවුහු (දිවුරුම) කඩ කරති.
Verse 43:51
وَنَادٰی فِرْعَوْنُ فِیْ قَوْمِهٖ قَالَ یٰقَوْمِ اَلَیْسَ لِیْ مُلْكُ مِصْرَ وَهٰذِهِ الْاَنْهٰرُ تَجْرِیْ مِنْ تَحْتِیْ ۚ اَفَلَا تُبْصِرُوْنَ ۟ؕ
Wa-naadaa Firʻawnu fee q̣awmihee q̣aala yaa-q̣awmi ʹalaysa lee mulku Miṣra wa-haaẓihil ʹanhaaru tajree miñ taḥtee? ʹAfalaa tubṣiroon?
තවද ෆිර්අවුන් තම සමූහයා අතර අමතා “අහෝ ජනයිනි! මිසරයේ ආධිපත්‍යය මා සතු නො වේ ද? මෙම ගංගාවන් මාගේ (පාලනය) යටතේ ගලා යයි. එහෙයින් නුඹලා නො දකින්නෙහු ද?
Verse 43:52
اَمْ اَنَا خَیْرٌ مِّنْ هٰذَا الَّذِیْ هُوَ مَهِیْنٌ ۙ۬ وَّلَا یَكَادُ یُبِیْنُ ۟
ʹAm ʹana khayrum min haaẓal laẓee huwa maheenuñw walaa yakaadu yubeen?
එසේ නැතහොත් පැහැදිලිව කතා කළ නොහැකි මේ නින්දිත පුද්ගලයාට වඩා මා ශ්‍රේෂ්ඨ නො වේ ද?
Verse 43:53
فَلَوْلَاۤ اُلْقِیَ عَلَیْهِ اَسْوِرَةٌ مِّنْ ذَهَبٍ اَوْ جَآءَ مَعَهُ الْمَلٰٓىِٕكَةُ مُقْتَرِنِیْنَ ۟
Falawlaaa ʹulq̣iya ʻalayhi ʹaswiratum miñ ẓahabin ʹaw jaaaʹa maʻahul malaaaʹikatu muq̣tarineen?
එසේනම් රනින් වූ වළලු ඔහු වෙත පලඳවනු ලැබිය යුතු නො වේ ද? එසේ නැතහොත් ඔහු සමඟ පරිවාරකයින් ලෙස මලක්වරුන් පැමිණියේ ද?”
Verse 43:54
فَاسْتَخَفَّ قَوْمَهٗ فَاَطَاعُوْهُ ؕ اِنَّهُمْ كَانُوْا قَوْمًا فٰسِقِیْنَ ۟
Fastakhaffa q̣awmahoo faʹaṭaaʻooh: ʹinnahum kaanoo q̣awmañ faasiq̣een.
එවිට ඔහු තම ජනයා සුළුකොට සැලකුවේ ය. එහෙයින් ඔවුහු ඔහුට අවනත වූවෝ ය. නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ පිරිසක් වූවෝ ය.
Verse 43:55
فَلَمَّاۤ اٰسَفُوْنَا انْتَقَمْنَا مِنْهُمْ فَاَغْرَقْنٰهُمْ اَجْمَعِیْنَ ۟ۙ
Falammaaa ʹaasafoonañ taq̣amnaa minhum faʹag̣raq̣naahum ʹajmaʻeen.
ඔවුහු අප කෝපයට පත් කළ කල්හි අපි ඔවුනට දඬුවම් කළෙමු. එවිට අපි ඔවුන් සියලු දෙනා (දියේ) ගිල්වූයෙමු.
Verse 43:56
فَجَعَلْنٰهُمْ سَلَفًا وَّمَثَلًا لِّلْاٰخِرِیْنَ ۟۠
Fajaʻalnaahum Salafañw Wa-Mas̤alal lil-ʹaakhireen.
එවිට ඉකුත්ව ගිය පරපුරක් ලෙසත් පසු පැමිණෙන්නන්හට උදාහරණයක් ලෙසත් අපි ඔවුන් පත් කළෙමු.
Verse 43:57
وَلَمَّا ضُرِبَ ابْنُ مَرْیَمَ مَثَلًا اِذَا قَوْمُكَ مِنْهُ یَصِدُّوْنَ ۟
Wa-lammaa ḍuribab nu Maryama mas̤alan ʹiẓaa q̣awmuka minhu yaṣiddoon!
තවද මර්යම්ගේ පුතණුවන් උපමාවක් ලෙස ගෙන හැර පෙන්වනු ලැබූ කල්හි එවිට නුඹේ ජනයා ඒ ගැන (අපහාස ලෙස) සිනහසුනෝ ය.
Verse 43:58
وَقَالُوْۤا ءَاٰلِهَتُنَا خَیْرٌ اَمْ هُوَ ؕ مَا ضَرَبُوْهُ لَكَ اِلَّا جَدَلًا ؕ بَلْ هُمْ قَوْمٌ خَصِمُوْنَ ۟
Wa-q̣aalooo ʹa-ʹaalihatunaa khayrun ʹam hoo? Maa- ḍaraboohu laka ʹillaa jadalaa: bal hum q̣awmun khaṣimoon.
තවද “ශ්‍රේෂ්ඨ වනුයේ අපගේ දෙවියන් ද එසේ නැතහොත් ඔහු දැ?”යි ඔවුහු විමසුවෝ ය. තර්කයක් ලෙසින් මිස ඔවුහු එය ඔබට ඉදිරිපත් නො කළෝ ය. එසේ ය. ඔවුහු තර්ක කරන පිරිසක් වෙති.
Verse 43:59
اِنْ هُوَ اِلَّا عَبْدٌ اَنْعَمْنَا عَلَیْهِ وَجَعَلْنٰهُ مَثَلًا لِّبَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ
ʹIn huwa ʹillaa ʻabdun ʹanʻamnaa ʻalayhi wa-jaʻalnaahu mas̤alal li-Baneee ʹIsraaaʹeel.
අපි ඔහුට ආශිර්වාද කළ ගැත්තෙකු මිස ඔහු නැත. ඉස්රාඊල් දරුවන්ට උදාහරණයක් ලෙස අපි ඔහු පත් කළෙමු.
Verse 43:60
وَلَوْ نَشَآءُ لَجَعَلْنَا مِنْكُمْ مَّلٰٓىِٕكَةً فِی الْاَرْضِ یَخْلُفُوْنَ ۟
Wa-law nashaaaʹu lajaʻalnaa miñkum malaaaʹikatañ fil ʹarḍi yakhlufoon.
තවද අපි අභිමත කර තිබුණේ නම් නුඹලා අතරින් මහපොළොවේ නියෝජනය කරමින් පැමිණෙන මලක්වරුන් පත් කරන්නට තිබුණි.
Verse 43:61
وَاِنَّهٗ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُوْنِ ؕ هٰذَا صِرَاطٌ مُّسْتَقِیْمٌ ۟
Wa-ʹinnahoo laʻilmul lis-Saaʻati falaa tamtarunna bihaa wattabiʻoon: haaẓaa Ṣiraṭum Mustaq̣eem.
තවද නියත වශයෙන් ම (ඊසා වන) ඔහු (පැමිණීමට ඇති) අවසන් හෝරාවේ සංඥාවයි. එහෙයින් ඒ ගැන නුඹලා සැක නො කරනු. තවද නුඹලා මා අනුගමනය කරනු. මෙය ඍජු මාර්ගයයි.
Verse 43:62
وَلَا یَصُدَّنَّكُمُ الشَّیْطٰنُ ۚ اِنَّهٗ لَكُمْ عَدُوٌّ مُّبِیْنٌ ۟
Wa-laa yaṣuddannakumush Shayṭaan: ʹinnahoo lakum ʻaduwwum mubeen.
තවද ෂෙයිතාන් නුඹලාට බාධා නො කළ යුතු ය. නියත වශයෙන් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
Verse 43:63
وَلَمَّا جَآءَ عِیْسٰی بِالْبَیِّنٰتِ قَالَ قَدْ جِئْتُكُمْ بِالْحِكْمَةِ وَلِاُبَیِّنَ لَكُمْ بَعْضَ الَّذِیْ تَخْتَلِفُوْنَ فِیْهِ ۚ فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟
Wa-lammaa jaaaʹa ʻEesaa bil-Bayyinaati q̣aala q̣ad jiʹtukum̃ bil-Ḥikmati wa-liʹubayyina lakum baʻḍal laẓee takhtalifoona feeh: fattaq̣ul laaha wa-ʹaṭeeʻoon.
ඊසා පැහැදිලි සාධක සමඟ පැමිණි කල්හි, “මම නුඹලා වෙත ප්‍රඥාව සමඟ ද නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගන්නෙහු ද එහි ඇතැම් දෑ මම නුඹලාට පැහැදිලි කරනු පිණිස ද පැමිණ ඇත්තෙමි. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.” යැයි ඔහු පැවසී ය.
Verse 43:64
اِنَّ اللّٰهَ هُوَ رَبِّیْ وَرَبُّكُمْ فَاعْبُدُوْهُ ؕ هٰذَا صِرَاطٌ مُّسْتَقِیْمٌ ۟
ʹInnal laaha Huwa Rabbee wa-Rabbukum faʻbudooh: haaẓaa Ṣiraaṭum Mustaq̣eem.
“නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මාගේ පරමාධිපති ය. තවද නුඹලාගේද පරමාධිපති ය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි.”
Verse 43:65
فَاخْتَلَفَ الْاَحْزَابُ مِنْ بَیْنِهِمْ ۚ فَوَیْلٌ لِّلَّذِیْنَ ظَلَمُوْا مِنْ عَذَابِ یَوْمٍ اَلِیْمٍ ۟
Fakhtalafal ʹaḥzaabu mim baynihim: fawaylul lil-laẓeena z̤̣alamoo min ʻaẓaabi Yawmin ʹAleem!
එවිට ඔවුන් අතරින් වූ කණ්ඩායම් මත භේද ඇති කර ගත්තෝ ය. එහෙයින් අපරාධ කළවුන්ට වේදනීය දිනයේ දඬුවමින් විනාශය අත් වේවා!
Verse 43:66
هَلْ یَنْظُرُوْنَ اِلَّا السَّاعَةَ اَنْ تَاْتِیَهُمْ بَغْتَةً وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟
Hal yañz̤̣uroona ʹillas Saaʻata ʹañ taʹtiyahum̃ bag̣tatañw wahum laa- yashʻuroon?
ඔවුන් නො හගමින් සිටිය දී අනපේක්ෂිතව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණීම හැර (වෙනත් කිසිවක්) ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද?
Verse 43:67
اَلْاَخِلَّآءُ یَوْمَىِٕذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ اِلَّا الْمُتَّقِیْنَ ۟ؕ۠
ʹAlʹakhillaaaʹu Yawmaʹizim baʻḍuhum libaʻḍin ʻaduwwun ʹillal Muttaq̣een.
මිතුරෝ එදින එකිනෙකාට සතුරු වෙති. එහෙත් දේව බිය බැතිමතුන් හැර.
Verse 43:68
یٰعِبَادِ لَا خَوْفٌ عَلَیْكُمُ الْیَوْمَ وَلَاۤ اَنْتُمْ تَحْزَنُوْنَ ۟ۚ
Yaa-ʻibaadi laa- khawfun ʻalaykumul Yawma wa-laaa ʹañtum taḥzanoon,―
අහෝ මාගේ ගැත්තනි! අද දින නුඹලා වෙත කිසිදු බියක් නැත. තවද නුඹලා දුකට පත් නො වන්නෙහු ය.
Verse 43:69
اَلَّذِیْنَ اٰمَنُوْا بِاٰیٰتِنَا وَكَانُوْا مُسْلِمِیْنَ ۟ۚ
ʹAllaẓeena ʹaamanoo biʹAayaatinaa wa-kaanoo Muslimeen.
ඔවුහු වනාහි අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් වූහ.
Verse 43:70
اُدْخُلُوا الْجَنَّةَ اَنْتُمْ وَاَزْوَاجُكُمْ تُحْبَرُوْنَ ۟
ʹUdkhulul Jannata ʹañtum wa-ʹazwaajukum tuḥbaroon.
නුඹලා හා නුඹලාගේ බිරියන් සතුටු කරවනු ලබන තත්ත්වයේ නුඹලා ස්වර්ගයට පිවිසෙනු (යැයි එදින ඔවුනට කියනු ලැබේ.)
Verse 43:71
یُطَافُ عَلَیْهِمْ بِصِحَافٍ مِّنْ ذَهَبٍ وَّاَكْوَابٍ ۚ وَفِیْهَا مَا تَشْتَهِیْهِ الْاَنْفُسُ وَتَلَذُّ الْاَعْیُنُ ۚ وَاَنْتُمْ فِیْهَا خٰلِدُوْنَ ۟ۚ
Yuṭaafu ʻalayhim̃ biṣiḥaafim miñ ẓahabiñw waʹakwaab: wafeehaa maa- tashtaheehil ʹañfusu wa-talaẓẓul ʹaʻyun: wa-ʹañtum feehaa khaalidoon.
රනින් වූ තැටි හා බදුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ. සිත් ආශා කරන දෑ ද ඇස් පින වන දෑ ද එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝ වෙති.
Verse 43:72
وَتِلْكَ الْجَنَّةُ الَّتِیْۤ اُوْرِثْتُمُوْهَا بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
Wa-tilkal Jannatul lateee ʹooris̤tumoohaa bimaa kuñtum taʻmaloon.
නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කර දෙනු ලැබූ ස්වර්ගය එයයි.
Verse 43:73
لَكُمْ فِیْهَا فَاكِهَةٌ كَثِیْرَةٌ مِّنْهَا تَاْكُلُوْنَ ۟
Lakum feeha faakihatuñ kas̤eeratum minhaa taʹkuloon.
නුඹලාට එහි බොහෝමයක් පලතුරු ඇත. එයින් නුඹලා අනුභව කරනු ඇත.
Verse 43:74
اِنَّ الْمُجْرِمِیْنَ فِیْ عَذَابِ جَهَنَّمَ خٰلِدُوْنَ ۟ۚۖ
ʹInnal mujrimeena fee ʻaẓaabi Jahannama khaalidoon.
නියත වශයෙන් ම වැරදිකරුවන් නිරයේ දඬුවම තුළ සදාතනිකයෝ වෙති.
Verse 43:75
لَا یُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِیْهِ مُبْلِسُوْنَ ۟ۚ
Laa- yufattaru ʻanhum wa-hum feehi mublisoon.
ඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නො ලැබේ. ඔවුහු එහි බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති.
Verse 43:76
وَمَا ظَلَمْنٰهُمْ وَلٰكِنْ كَانُوْا هُمُ الظّٰلِمِیْنَ ۟
Wa-maa z̤̣alamnaahum wa-laakiñ kaanoo humuz̤̣ z̤̣aalimeen.
තවද අපි ඔවුනට අපරාධ නො කළෙමු. එහෙත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගන්නන් ලෙස සිටියෝ ය.
Verse 43:77
وَنَادَوْا یٰمٰلِكُ لِیَقْضِ عَلَیْنَا رَبُّكَ ؕ قَالَ اِنَّكُمْ مّٰكِثُوْنَ ۟
Wa-naadaw yaa-Maaliku liyaq̣ḍi ʻalaynaa Rabbuk! Q̣aala ʹinnakum maakis̤oon.
තවද අහෝ (නිරයේ භාරකරු වන) “මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප මත තීන්දු කරත්වා! යැයි ඔවුහු අමතති. (එවිට) “නියත වශයෙන් ම නුඹලා රැඳී සිටින්නෝ වෙති” යැයි ඔහු පවසයි.
Verse 43:78
لَقَدْ جِئْنٰكُمْ بِالْحَقِّ وَلٰكِنَّ اَكْثَرَكُمْ لِلْحَقِّ كٰرِهُوْنَ ۟
Laq̣ad jiʹnaakum̃ bil-Ḥaq̣q̣i wa-laakinna ʹaks̤arakum lil-Ḥaq̣q̣i kaarihoon.
සැබැවින් ම අපි සත්‍යය සමඟ නුඹලා වෙත පැමිණියෙමු. එහෙත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වෙති.
Verse 43:79
اَمْ اَبْرَمُوْۤا اَمْرًا فَاِنَّا مُبْرِمُوْنَ ۟ۚ
ʹAm ʹabramooo ʹamrañ faʹinnaa mubrimoon.
එසේ නැතහොත් ඔවුහු යම් කරුණක් තීන්දු කර ඇත්තෝ ද? එවිට නියත වශයෙන් ම අපි ද තීන්දු කරන්නෝ වෙමු.
Verse 43:80
اَمْ یَحْسَبُوْنَ اَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوٰىهُمْ ؕ بَلٰی وَرُسُلُنَا لَدَیْهِمْ یَكْتُبُوْنَ ۟
ʹAm yaḥsaboona ʹannaa laa- nasmaʻu sirrahum wa-najwaahum? Balaa wa-Rusulunaa ladayhim yaktuboon.
ඔවුන් රහසින් පවසන දෑට හා ඔවුන්ගේ රහස් සාකච්ඡාවලට සැබැවින් ම අප සවන් නො දෙනු ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එසේ නොව ඔවුන් අබියසට වී අපගේ දූතවරු (සියල්ල) සටහන් කරති.
Verse 43:81
قُلْ اِنْ كَانَ لِلرَّحْمٰنِ وَلَدٌ ۖۗ فَاَنَا اَوَّلُ الْعٰبِدِیْنَ ۟
Q̣ul ʹiñ kaana lir-Raḥmaani waladuñ faʹana ʹawwalul ʻaabideen.
“මහා කරුණාන්විතයාණන්හට දරුවකු වී නම් ගැතිකම් කරන්නන් අතරින් පළමුවැන්නා මම වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 43:82
سُبْحٰنَ رَبِّ السَّمٰوٰتِ وَالْاَرْضِ رَبِّ الْعَرْشِ عَمَّا یَصِفُوْنَ ۟
Subḥaana Rabbis samaawaati wal-ʹarḍi Rabbil ʻArshi ʻammaa yaṣifoon!
අහස්හි හා මහපොළොවේ හිමිපාණන් වන එමෙන් ම අර්ෂ්හි හිමිපාණන් (වන ඔහු) ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධ ය.
Verse 43:83
فَذَرْهُمْ یَخُوْضُوْا وَیَلْعَبُوْا حَتّٰی یُلٰقُوْا یَوْمَهُمُ الَّذِیْ یُوْعَدُوْنَ ۟
Faẓarhum yakhooḍoo wa-yalʻaboo ḥattaa yulaaq̣oo Yawmahumul laẓee yooʻadoon.
එහෙයින් ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය හමු වන තෙක් එසේ ඔවුන් නිරත වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔබ ඔවුන් අත්හැර දමනු.
Verse 43:84
وَهُوَ الَّذِیْ فِی السَّمَآءِ اِلٰهٌ وَّفِی الْاَرْضِ اِلٰهٌ ؕ وَهُوَ الْحَكِیْمُ الْعَلِیْمُ ۟
Wa-Huwal laẓee fis samaaaʹi ʹIlaahuñw Wafil ʹarḍi ʹIlaah; wa-Huwal Ḥakeemul ʻAleem.
තවද ඔහු වනාහි අහස්හි දෙවිඳා ය. මහපොළොවෙහි ද දෙවිඳා ය. තවද මහා ප්‍රඥාවන්ත ය; සර්වඥානී ය.
Verse 43:85
وَتَبٰرَكَ الَّذِیْ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا ۚ وَعِنْدَهٗ عِلْمُ السَّاعَةِ ۚ وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟
Wa-tabaarakal laẓee lahoo mulkus samaawaati wal-ʹarḍi wa-maa baynahumaa: wa-ʻiñdahoo ʻilmus Saaʻah: wa-ʹilayhi turjaʻoon.
තවද අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය තමන් සතු වන ඔහු අතිඋත්කෘෂ්ඨ විය. තවද අවසන් හෝරාව පිළිබඳ දැනුම ඔහු වෙත ය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත ම ය.
Verse 43:86
وَلَا یَمْلِكُ الَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِهِ الشَّفَاعَةَ اِلَّا مَنْ شَهِدَ بِالْحَقِّ وَهُمْ یَعْلَمُوْنَ ۟
Wa-laa yamlikul laẓeena yadʻoona miñ doonihish Shafaaʻata ʹillaa mañ shahida bil-Ḥaq̣q̣i wa-hum yaʻlamoon.
තවද ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අයට මැදිහත් වීමට බලය නොමැත. නමුත්, දැනුවත්ව සත්‍යයට සාක්ෂි දැරූවන් හැර.
Verse 43:87
وَلَىِٕنْ سَاَلْتَهُمْ مَّنْ خَلَقَهُمْ لَیَقُوْلُنَّ اللّٰهُ فَاَنّٰی یُؤْفَكُوْنَ ۟ۙ
Wa-laʹiñ saʹaltahum man khalaq̣ahum layaq̣oolun nallaahu faʹannaa yuʹfakoon?
තවද ඔවුන් මැව්වේ කවු දැ? යි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින් ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද?
Verse 43:88
وَقِیْلِهٖ یٰرَبِّ اِنَّ هٰۤؤُلَآءِ قَوْمٌ لَّا یُؤْمِنُوْنَ ۟ۘ
Wa-q̣eelihee yaa-Rabbi ʹinna haaaʹulaaaʹi q̣awmul laa yuʹminoon!
තවද ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මොවුහු විශ්වාස නො කරන පිරිසකි යන (නබිවරයාගේ) ප්‍රකාශය ද (අල්ලාහ් දනී).
Verse 43:89
فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلٰمٌ ؕ فَسَوْفَ یَعْلَمُوْنَ ۟۠
Faṣfaḥ ʻanhum wa-q̣ul salaam! Fasawfa yaʻlamoon!
එහෙයින් ඔබ ඔවුන් නො සළකා හරිනු. තවද සලාම් (ශාන්තිය) යැයි පවසනු. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.