Surah At-Takwir
Surah At-Takwir (The Overthrowing) is Surah 81 of the Holy Quran, a Meccan Surah with 29 verses, available here in Sinhalese.
Verse 81:1
اِذَا الشَّمْسُ كُوِّرَتْ ۟
ʹIẓash shamsu kuwwirat;
හිරු හකුළනු ලබන විට;
Verse 81:2
وَاِذَا النُّجُوْمُ انْكَدَرَتْ ۟
Wa-ʹiẓan nujoomuñ kadarat;
තවද තරු කඩා හැලෙන විට;
Verse 81:3
وَاِذَا الْجِبَالُ سُیِّرَتْ ۟
Wa-ʹiẓal jibaalu suyyirat;
තවද කඳු විතැන් කරනු ලබන විට;
Verse 81:4
وَاِذَا الْعِشَارُ عُطِّلَتْ ۟
Wa-ʹiẓal ʻishaaru ʻuṭṭilat;
තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට;
Verse 81:5
وَاِذَا الْوُحُوْشُ حُشِرَتْ ۟
Wa-ʹiẓal wuḥooshu ḥushirat;
තවද වන සතුන් රැස් කරනු ලබන විට;
Verse 81:6
وَاِذَا الْبِحَارُ سُجِّرَتْ ۟
Wa-ʹiẓal biḥaaru sujjirat;
තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට;
Verse 81:7
وَاِذَا النُّفُوْسُ زُوِّجَتْ ۟
Wa-ʹiẓan nufoosu zuwwijat:
තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට;
Verse 81:8
وَاِذَا الْمَوْءٗدَةُ سُىِٕلَتْ ۟
Wa-ʹiẓal mawʹoodatu suʹilat―
තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට;
Verse 81:9
بِاَیِّ ذَنْۢبٍ قُتِلَتْ ۟ۚ
Biʹayyi ẓambiñ q̣utilat;
තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැ? යි (විමසනු ලබන විට;)
Verse 81:10
وَاِذَا الصُّحُفُ نُشِرَتْ ۟
Wa-ʹiẓaṣ ṣuḥufu nushirat:
තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට;
Verse 81:11
وَاِذَا السَّمَآءُ كُشِطَتْ ۟
Wa-ʹiẓas samaaaʹu kushiṭat;
තවද අහස නිරාවරණය කරනු ලබන විට;
Verse 81:12
وَاِذَا الْجَحِیْمُ سُعِّرَتْ ۟
Wa-ʹiẓal Jaḥeemu suʻ-ʻirat;
තවද නිරය මොලවනු ලබන විට;
Verse 81:13
وَاِذَا الْجَنَّةُ اُزْلِفَتْ ۟
Wa-ʹiẓal Jannatu ʹuzlifat;
තවද ස්වර්ගය සමීප කරවනු ලබන විට;
Verse 81:14
عَلِمَتْ نَفْسٌ مَّاۤ اَحْضَرَتْ ۟ؕ
ʻAlimat nafsum maaa ʹaḥḍarat.
ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක් දැ? යි දැන ගනු ඇත.
Verse 81:15
فَلَاۤ اُقْسِمُ بِالْخُنَّسِ ۟ۙ
Falaaa ʹuq̣simu bil-khunnas,
එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි.
Verse 81:16
الْجَوَارِ الْكُنَّسِ ۟ۙ
ʹAl-jawaaril kunnas;
(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.
Verse 81:17
وَالَّیْلِ اِذَا عَسْعَسَ ۟ۙ
Wal-Layli ʹiẓaa ʻasʻas;
රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,
Verse 81:18
وَالصُّبْحِ اِذَا تَنَفَّسَ ۟ۙ
Waṣṣubḥi ʹiẓaa tanaffas;―
පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.
Verse 81:19
اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِیْمٍ ۟ۙ
ʹInnahoo laq̣awlu Rasooliñ Kareem,
නියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.
Verse 81:20
ذِیْ قُوَّةٍ عِنْدَ ذِی الْعَرْشِ مَكِیْنٍ ۟ۙ
Ẓee q̣uwwatin ʻiñda Ẓil ʻArshi makeen,
(ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි.
Verse 81:21
مُّطَاعٍ ثَمَّ اَمِیْنٍ ۟ؕ
Muṭaaʻiñ s̤amma ʹAmeen.
තවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි.
Verse 81:22
وَمَا صَاحِبُكُمْ بِمَجْنُوْنٍ ۟ۚ
Wa-maa Ṣaaḥibukum̃ bimajnoon;
තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නො වේ.
Verse 81:23
وَلَقَدْ رَاٰهُ بِالْاُفُقِ الْمُبِیْنِ ۟ۚ
Wa-laq̣ad raʹaahu bilʹufuq̣il mubeen.
තවද සැබැවින් ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේ ය.
Verse 81:24
وَمَا هُوَ عَلَی الْغَیْبِ بِضَنِیْنٍ ۟ۚ
Wa-maa huwa ʻalal g̣aybi biḍaneen.
තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නො වේ.
Verse 81:25
وَمَا هُوَ بِقَوْلِ شَیْطٰنٍ رَّجِیْمٍ ۟ۙ
Wa-maa huwa biq̣awli Shayṭaanir rajeem.
තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නො වේ.
Verse 81:26
فَاَیْنَ تَذْهَبُوْنَ ۟ؕ
Faʹayna taẓhaboon?
එබැවින් නුඹලා යන්නේ කොයිබට ද?
Verse 81:27
اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟ۙ
ʹIn huwa ʹilla Ẓikrul lilʻaalameen:
එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
Verse 81:28
لِمَنْ شَآءَ مِنْكُمْ اَنْ یَّسْتَقِیْمَ ۟ؕ
Limañ shaaaʹa miñkum ʹañy yastaq̣eem:
නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය.
Verse 81:29
وَمَا تَشَآءُوْنَ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ رَبُّ الْعٰلَمِیْنَ ۟۠
Wa-maa tashaaaʹoona ʹillaaa ʹañy yashaaaʹal laahu Rabbul ʻAalameen.
තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නො කරන්නෙහු ය.