Surah Adh-DhariyatBegins here at 51:31
-
51:31
۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ
Q̣aala famaa khaṭbukum ʹayyuhal Mursaloon?
අහෝ එවනු ලැබූ දූතයිනි! එසේනම් නුඹලාගේ දූත පණිවිඩය කුමක් දැ? යි ඔහු (ඉබ්රාහීම්) විමසී ය.
-
51:32
قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ
Q̣aalooo ʹinnaaa ʹursilnaaa ʹilaa q̣awmim mujrimeen;―
“සාපරාධි පිරිසක් වෙත නියත වශයෙන් ම අපි එවනු ලැබුවෙමු” යැයි ඔවුහු පැවසූහ.
-
51:33
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ
Linursila ʻalayhim ḥijaaratam miñ ṭeen.
“මැටියෙන් යුත් ගල් (වර්ෂාවක්) ඔවුන් වෙත අප එවනු පිණිස.”
-
51:34
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ
Musawwamatan ʻiñda Rabbika lilmusrifeen.
“සීමාව ඉක්මවා ගියවුන් සඳහා නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවක් ලෙසින්”
-
51:35
فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ
Faʹakhrajnaa mañ kaana feehaa minal Muʹmineen.
එවිට එහි සිටියවුන් අතරින් දේවත්වය විශ්වාස කරන්නන් අපි බැහැර කළෙමු.
-
51:36
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ ٱلْمُسْلِمِينَ
Famaa wa-jadnaa feeha g̣ayra baytim minal Muslimeen:
එහෙයින් අවනතවන්නන්ගෙන් එක් නිවසක් හැර වෙනත් කිසිවක් අපි එහි නො දුටුවෙමු.
-
51:37
وَتَرَكْنَا فِيهَآ ءَايَةً لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ
Wa-taraknaa feehaaa ʹAayatal lillaẓeena yakhaafoonal ʻAẓaabal ʹaleem.
තවද වේදනීය දඬුවමට බියවන්නන්හට අපි එහි සංඥාවක් අත හැර දැමුවෙමු.
-
51:38
وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَـٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَـٰنٍ مُّبِينٍ
Wa-fee Moosaaa ʹiẓ ʹarsalnaahu ʹilaa Firʻawna bisulṭaanim mubeen.
තවද මූසා තුළ ද (සංඥාවක්) විය. එය අපි ඔහු ෆිර්අවුන් වෙත පැහැදිලි බලයක් සමඟ එවූ අවස්ථාවේ දී ය.
-
51:39
فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَـٰحِرٌ أَوْ مَجْنُونٌ
Fatawallaa biruknihee wa-q̣aala ˹saaḥirun ʹaw majnoon!
එවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් පිටුපෑවේ ය. තවද (මූසා) “මායාකරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසී ය.
-
51:40
فَأَخَذْنَـٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَـٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌ
Faʹakhaẓnaahu wa-junoo-dahoo fanabaẓnaahum fil yammi wa-huwa muleem.
එවිට අපි ඔහු හා ඔහුගේ සේනාව ග්‍රහණය කළෙමු. එවිට ඔහු දොස් නගනු ලැබූවෙකු ලෙසින් අපි ඔවුන් මුහුදට හෙළුවෙමු.
-
51:41
وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ
Wa-fee ʻAadin ʹiẓ ʹarsalnaa ʻalayhimur Reeḥal ʻaq̣eem:
තවද ආද් ජනයා තුළ ද (සංඥාවක් විය). එය ඔවුන් වෙත අපි වද සුළඟක් එවූ අවස්ථාවේ දී ය.
-
51:42
مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ
Maa- taẓaru miñ shayʹin ʹatat ʻalayhi ʹillaa jaʻalathu karrameem.
එය කවර කරුණක් මත ගැටුණ ද එය දිරාපත් වී ගිය දෑ මෙන් පත් කළාක් මිස අත්හැරියේ නැත.
-
51:43
وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍ
Wa-fee S̤amooda ʹiẓ q̣eela lahum tamattaʻoo ḥattaa ḥeen!
තවද සමූද් ජනයා තුළ ද (සංඥාවක්) විය. එය “නුඹලා ටික කලකට භුක්ති විඳිනු” යැයි කියනු ලැබූ අවස්ථාවේ දී ය.
-
51:44
فَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّـٰعِقَةُ وَهُمْ يَنظُرُونَ
Faʻataw ʻan ʹAmri Rabbihim faʹakhaẓathumuṣ ṣaaʻiq̣atu wa-hum yañz̤̣uroon.
එහෙත් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට ඔවුහු අකීකරු වූවෝ ය. එවිට ඔවුන් බලා සිටියදීම අකුණු පහර ඔවුන් ග්‍රහණය කළේ ය.
-
51:45
فَمَا ٱسْتَطَـٰعُوا۟ مِن قِيَامٍ وَمَا كَانُوا۟ مُنتَصِرِينَ
famas taṭaaʻoo miñ q̣iyaamiñw wamaa kaanoo muñtaṣireen.
එවිට සිට ගැනීමට පවා ඔවුනට නොහැකි විය. තවද ඔවුහු තමන්ට ම උදව් කරගන්නන් නො වූවෝ ය.
-
51:46
وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَـٰسِقِينَ
Wa-Q̣awma Nooḥim miñ q̣abl: ʹinnahum kaanoo q̣awmañ faasiq̣een.
තවද මීට පෙර නූහ්ගේ ජනයා ද (අපි ග්‍රහණය කළෙමු.) නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ සමාජයක් වූහ.
-
51:47
وَٱلسَّمَآءَ بَنَيْنَـٰهَا بِأَيْي۟دٍ وَإِنَّا لَمُوسِعُونَ
Was-Samaaaʹa banaynaahaa biʹaydiñw waʹInnaa lamoosiʻoon.
තවද අපි අහස එය (අපගේ) බල ශක්තිය යොදා ඉදි කළෙමු. තවද නියත වශයෙන් ම අපි ප්‍රසාරණය කරන්නන් වෙමු.
-
51:48
وَٱلْأَرْضَ فَرَشْنَـٰهَا فَنِعْمَ ٱلْمَـٰهِدُونَ
Wal-ʹarḍa farashnaahaa faniʻmal maahidoon!
තවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන් යහපත් විය.
-
51:49
وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ
Wa-miñ kulli shayʹin khalaq̣naa zawjayni laʻallakum taẓakkaroon.
තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස සෑම දෙයක් ම යුගල වශයෙන් ම අපි මැව්වෙමු.
-
51:50
فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ
Fafirrooo ʹilal laah: ʹinnee lakum minhu Naẓeerum mubeen!
එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි.
-
51:51
وَلَا تَجْعَلُوا۟ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ
Wa-laa tajʻaloo maʻal laahi ʹilaahan ʹaakhar: ʹinnee lakum minhu Naẓeerum mubeen!
තවද නුඹලා අල්ලාහ් සමඟ වෙනත් දෙවියෙකු පත් නො කරනු. නියත වශයෙන් ම මම ඔහුගෙන් නුඹලා වෙනුවෙන් පැමිණි පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.
-
51:52
كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا۟ سَاحِرٌ أَوْ مَجْنُونٌ
Kaẓaalika maaa ʹatal laẓeena miñ q̣ablihim mir Rasoolin ʹillaa q̣aaloo saaḥirun ʹaw majnoon!
එලෙසය ඔවුනට පෙර සිටියවුන් වෙත යම් ධර්ම දූතයකු පැමිණි විට හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තකයෙකි යැයි ඔවුහු පැවසුවා මිස නො වීය.
-
51:53
أَتَوَاصَوْا۟ بِهِۦ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ
ʹAtawaaṣaw bih? Bal hum q̣awmuñ ṭaag̣oon!
ඔවුහු එකිනෙකා මේ ගැන උපදෙස් කර ගත්තෝ ද? එසේ නොව ඔවුන් සීමාව ඉක්මවා ගිය පිරිසකි.
-
51:54
فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍ
Fatawalla ʻanhum famaaa ʹañta bimaloom.
එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු. නුඹ දොස් නගනු ලබන්නෙකු නො වනු ඇත.
-
51:55
وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ
Wa-ẓakkir faʹinnaẓ Ẓikraa tañfaʻul Muʹmineen.
තවද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන් ම මෙනෙහි කිරීම දේවත්වය විශ්වාස කරන්නන්හට ප්‍රයෝජනවත් වනු ඇත.
-
51:56
وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ
Wa-maa khalaq̣tul Jinna wal-ʹiñsa ʹillaa liyaʻbudoon.
තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නො මැව්වෙමි.
-
51:57
مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ
Maaa ʹureedu minhum mir Rizq̣iñw Wamaaa ʹureedu ʹañy yuṭʻimoon.
ඔවුන්ගෙන් මම කිසිදු පෝෂණයක් අපේක්ෂා නො කරමි. එමෙන් ම ඔවුන් මට ආහාර සැපයිය යුතු යැයි ද මම අපේක්ෂා නො කරමි.
-
51:58
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ
ʹInnal laaha Huwar Razzaaq̣u Ẓul Q̣uwwatil Mateen.
නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ස්ථාවර බලය ඇති මහා පෝෂකයා ය.
-
51:59
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًا مِّثْلَ ذَنُوبِ أَصْحَـٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ
Faʹinna lillaẓeena z̤̣alamoo ẓanoobam mis̤la ẓanoobi ʹaṣḥaabihim falaa yastaʻjiloon!
එහෙයින් නියත වශයෙන් ම අපරාධ කළවුන් වනාහි ඔවුන්ගේ සගයින්ගේ පාපයන් මෙන් පාපයන් ඔවුනට ඇත. එහෙයින් ඔවුහු (දඬුවම) ඉක්මන් කරන්නැයි මගෙන් නො පැතිය යුතු ය.
-
51:60
فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا۟ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ
Fawaylul lillaẓeena kafaroo miñy Yawmihimul laẓee yooʻadoon
ප්‍රතික්ෂේප කළවුන්ට, ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනයේ විනාශය ඇත.
Surah At-TurBegins here at 52:1
-
52:1
وَٱلطُّورِ
Wat-Ṭoor;
තූර් කන්ද මත දිවුරමින්;
-
52:2
وَكِتَـٰبٍ مَّسْطُورٍ
Wa-Kitaabim masṭoor
ලියන ලද ග්‍රන්ථය මත දිවුරමින්;
-
52:3
فِى رَقٍّ مَّنشُورٍ
Fee Raq̣q̣im mañshoor;
දිගු හරින ලද ලේඛණයෙහි;
-
52:4
وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ
Wal-Baytil maʻmoor;
බයිතුල් මඃමූර් මත දිවුරමින්;
-
52:5
وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ
Was-Saq̣fil marfooʻ;
ඉහළට ඔස වන ලද වියන මත දිවුරමින්;
-
52:6
وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ
Wal-Baḥril masjoor;
ගිනි මොළවනු ලබන මුහුද මත දිවුරමින්;
-
52:7
إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌ
ʹInna ʻAẓaaba Rabbika lawaaq̣iʻ;―
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදු වන්නක්ම ය.
-
52:8
مَّا لَهُۥ مِن دَافِعٍ
Maa- lahoo miñ daafiʻ;―
එය වළක්වන කිසිවෙකු නැත.
-
52:9
يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًا
Yawma tamoorus samaaaʹu mawraa,
එදින අහස දරුණු ලෙස කැරකෙමින් පවතී.
-
52:10
وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًا
Wa-taseerul jibaalu sayraa.
තවද කඳු දරුණු ලෙස විතැන් වෙමින් පවතී.
-
52:11
فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
Fawayluñy Yawmaʹiẓil lil-mukaẓẓibeen;―
බොරු කළවුනට එදින විනාශයයි.
-
52:12
ٱلَّذِينَ هُمْ فِى خَوْضٍ يَلْعَبُونَ
ʹAllaẓeena hum fee khawḍiñy yalʻaboon.
ඔවුහු වනාහි (පුහු කටයුතුවල) නිරතව කෙළිලොල් කරමින් සිටින්නෝ වෙති.
-
52:13
يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا
Yawma yudaʻʻoona ʹilaa Naari Jahannama daʻ-ʻaa.
එදින නිරයේ ගින්න වෙත (දක්කාගෙන යමින්) වැරෙන් තල්ලු කරනු ලැබේ.
-
52:14
هَـٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ
Haaẓihin Naarul latee kuñtum̃ bihaa tukaẓẓiboon!
“නුඹලා බොරු කරමින් සිටි ගින්න මෙයයි”
-
52:15
أَفَسِحْرٌ هَـٰذَآ أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ
ʹAfasiḥrun haaẓaaa ʹam ʹañtum laa- tubṣiroon?
මෙය හූනියමක් ද? එසේ නැතහොත් නුඹලා නො දකින්නෙහු ද?
-
52:16
ٱصْلَوْهَا فَٱصْبِرُوٓا۟ أَوْ لَا تَصْبِرُوا۟ سَوَآءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ
ʹIṣlawhaa faṣbirooo ʹaw laa- taṣbiroo: sawaaaʹun ʻalaykum: ʹinnamaa tujzawna maa- kuñtum taʻmaloon.
නුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා විඳ දරා ගත්ත ද නො ඉවසුව ද නුඹලාට එක සමාන ය. නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහා ය.
-
52:17
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَنَعِيمٍ
ʹInnal Muttaq̣eena Fee Jannaatiñw Wa-Naʻeem,―
නියත වශයෙන් ම බිය බැතිමත්හු (ස්වර්ග) උයන්හි හා සැප පහසුකම්හි සිටින්නෝ ය.
-
52:18
فَـٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ وَوَقَىٰهُمْ رَبُّهُمْ عَذَابَ ٱلْجَحِيمِ
Faakiheena bimaaa ʹaataahum rabbuhum wa-waq̣aahum Rabbuhum ʻAẓaabal Jaḥeem.
ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳව සතුටු වන්නන් ලෙස සිටින්නෝ ය. තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේ ය.
-
52:19
كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ
Kuloo washraboo haneeeʹam bimaa kuñtum taʻmaloon.
නුඹලා (මෙලොව) සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සතුටින් අනුභව කරනු. තවද පානය කරනු. (යැයි පවසනු ලැබේ.)
-
52:20
مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٍ مَّصْفُوفَةٍ ۖ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍ
Muttakiʹeena ʻalaa sururim maṣfoofah: wa-zawwaj-naahum̃ biḥoorin ʻeen.
පෙළට තබන ලද ඇඳන් මත හාන්සිවෙමින් (සිටිති). තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු.
-
52:21
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَٱتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَـٰنٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَآ أَلَتْنَـٰهُم مِّنْ عَمَلِهِم مِّن شَىْءٍ ۚ كُلُّ ٱمْرِئٍۭ بِمَا كَسَبَ رَهِينٌ
Wallaẓeena ʹaamanoo wattabaʻathum ẓurriyyatuhum̃ biʹeemaanin ʹalḥaq̣naa bihim ẓurriyyatahum wa-maaa ʹalatnaahum min ʻamalihim miñ shayʹ: kullum riʹim bimaa kasaba raheen.
තවද කවුරුන් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරපුර ද විශ්වාසයෙන් යුතුව ඔවුන්ව අනුගමනය කළවුන් වනාහි ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමඟ එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නො කරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයක් ලෙස සිටින්නේ ය.
-
52:22
وَأَمْدَدْنَـٰهُم بِفَـٰكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ
Wa-ʹamdadnaahum̃ bifaakihatiñw walaḥmim mimmaa- yashtahoon.
තවද ඔවුන් ප්‍රිය කරන දැයින් පලතුරු හා මාංශ අපි ඔවුනට සපයන්නෙමු.
-
52:23
يَتَنَـٰزَعُونَ فِيهَا كَأْسًا لَّا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ
Yatanaazaʻoona feehaa kaʹsal laa lag̣wuñ feehaa wa-laa taʹs̤eem.
ඔවුහු එහි (පැන්) කුසලාන හුවමාරු කර ගනිති. කිසිදු නිෂ්ඵල දැයක් හෝ පාපයට පෙළඹවීමක් හෝ එහි නැත.
-
52:24
۞ وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ
Wa-yaṭoofu ʻalayhim g̣ilmaanul lahum kaʹannahum Luʹluʹum maknoon.
තවද ඔවුන් වෙනුවෙන් (සේවයේ නිරත) සිටින ළමුන් ඔවුන් වටා යති. නියත වශයෙන් ම ඔවුහු සුරක්ෂා කරන ලද මුතු මෙන් වෙති.
-
52:25
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ
Wa-ʹaq̣bala baʻḍuhum ʻalaa baʻḍiñy yatasaaaʹaloon.
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙතට මුහුණලමින් එකිනෙකා විමසා ගනිති.
-
52:26
قَالُوٓا۟ إِنَّا كُنَّا قَبْلُ فِىٓ أَهْلِنَا مُشْفِقِينَ
Q̣aalooo ʹinnaa kunnaa q̣ablu feee ʹahlinaa mushfiq̣een.
“මීට පෙර නියත වශයෙන් ම අපි අපගේ පවුල සම්බන්ධයෙන් බියට පත්වන්නන් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති.
-
52:27
فَمَنَّ ٱللَّهُ عَلَيْنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ
Famannal laahu ʻalaynaa wa-waq̣aanaa ʻAẓaabas Samoom.
“එවිට අල්ලාහ් අප වෙත උපකාර කළේ ය. තවද පිලිස්සෙන ගින්නේ වේදනාවෙන් ඔහු අප මුදවා ගත්තේ ය.”
-
52:28
إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُۥ هُوَ ٱلْبَرُّ ٱلرَّحِيمُ
ʹInnaa kunnaa miñ q̣ablu nadʻooh: ʹinnahoo Huwal Barrur Raḥeem!
“නියත වශයෙන් ම අපි පෙර සිට ම ඔහුට අයැදිමින් සිටියෙමු. නියත වශයෙන් ම ඔහු මය උපාකාරශීලී; මහා කරුණාවන්ත.”
-
52:29
فَذَكِّرْ فَمَآ أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ
Faẓakkir famaaa ʹañta bi-Niʻmati Rabbika bikaahiniñw walaa majnoon.
එහෙයින් (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදයෙන් නුඹ ජ්‍යෝතිෂ්‍ය වේදියකු හෝ උම්මත්තකයකු හෝ නො වේ.
-
52:30
أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِۦ رَيْبَ ٱلْمَنُونِ
ʹAm yaq̣ooloona Shaaʻirun natarabbaṣu bihee raybal manoon!
“එසේ නැතහොත් ඔහු කවියෙකි. කාලයාගේ ඇවෑම (ඔහු විනාශ කරනු ඇතැයි) අපි ඔහු ගැන බලාපොරොත්තු වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?
-
52:31
قُلْ تَرَبَّصُوا۟ فَإِنِّى مَعَكُم مِّنَ ٱلْمُتَرَبِّصِينَ
Q̣ul tarabbaṣoo faʹinnee maʻakum minal mutarabbiṣeen!
“නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපෙරොත්තු වන්නන් අතරින් වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
-
52:32
أَمْ تَأْمُرُهُمْ أَحْلَـٰمُهُم بِهَـٰذَآ ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ
ʹAm taʹmuruhum ʹaḥlaamuhum̃ bihaaẓaaa ʹam hum q̣awmuñ ṭaag̣oon?
එසේ නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ඔවුනට මේ ගැන නියෝග කරන්නේ ද? එසේ නැතහොත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසක් ද?
-
52:33
أَمْ يَقُولُونَ تَقَوَّلَهُۥ ۚ بَل لَّا يُؤْمِنُونَ
ʹAm yaq̣ooloona taq̣awwalah? Bal laa yuʹminoon!
එසේ නැතහොත් “මෙය ඔහු ගෙතුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔවුහු විශ්වාස නො කරති.
-
52:34
فَلْيَأْتُوا۟ بِحَدِيثٍ مِّثْلِهِۦٓ إِن كَانُوا۟ صَـٰدِقِينَ
Falyaʹtoo biḥadees̤im mis̤liheee ʹiñ kaanoo Ṣaadiq̣een!
ඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතු ය.
-
52:35
أَمْ خُلِقُوا۟ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَـٰلِقُونَ
ʹAm khuliq̣oo min g̣ayri shayʹin ʹam humul khaaliq̣oon?
එසේ නැතහොත් කිසිවක් නොමැතිව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?
-
52:36
أَمْ خَلَقُوا۟ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ
ʹAm khalaq̣us samaawaati wal-ʹarḍ? Bal laa yooq̣inoon.
එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝ ද? එසේ නොව ඔවුහු තරයේ විශ්වාස නො කරති.
-
52:37
أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ
ʹAm ʻiñdahum khazaaaʹinu Rabbika ʹam humul musayṭiroon?
එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?
-
52:38
أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَـٰنٍ مُّبِينٍ
ʹAm lahum sullamuñy yastamiʻoona feeh? falyaʹti mustamiʻuhum̃ bisulṭaanim mubeen.
නැත්නම් ඔවුන්ට ඉණිමගක් තිබී එහි (අහසේ දේව පණිවිඩවලට) ඇහුම්කන් දෙත් ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා!
-
52:39
أَمْ لَهُ ٱلْبَنَـٰتُ وَلَكُمُ ٱلْبَنُونَ
ʹAm lahul banaatu wa-lakumul banoon?
එසේ නැතහොත් (අල්ලාහ් වන) ඔහුට දූවරුන් වී නුඹලාට (පමණක්) පුතුන් වී ද?
-
52:40
أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ
ʹAm tasʹaluhum ʹajrañ fahum mim mag̣ramim mus̤q̣aloon?
එසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද?
-
52:41
أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ
ʹAm ʻiñdahumul G̣aybu fahum yaktuboon?
එසේ නැතහොත් ඔවුන් අබියස අදෘශ්‍යමාන දෑ (පිළිබඳ ඥානය) තිබී ඔවුහු සටහන් කරන්නෝ ද?
-
52:42
أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ هُمُ ٱلْمَكِيدُونَ
ʹAm yureedoona kaydaa? Fallaẓeena kafaroo humul makeedoon!
එසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව කිරීමට) අදහස් කරන්නෝ ද? දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු මය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ.
-
52:43
أَمْ لَهُمْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ
ʹAm lahum ʹilaahun g̣ayrul laah? Subḥaanal laahi ʻammaa yushrikoon!
එසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොරව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය.
-
52:44
وَإِن يَرَوْا۟ كِسْفًا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًا يَقُولُوا۟ سَحَابٌ مَّرْكُومٌ
Wa-ʹiñy yaraw kisfam minas samaaaʹi saaq̣iṭañy yaq̣ooloo saḥaabum markoom!
තවද අහසින් කැබැල්ලක් වැටෙනු ඔවුහු දුටුවා වුවද (ඒවා) ගොඩගැසුනු වලාකුළු සමූහයක් යැයි ඔවුහු පවසති.
-
52:45
فَذَرْهُمْ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى فِيهِ يُصْعَقُونَ
Faẓarhum ḥattaa yulaaq̣oo Yawmahumul laẓee feehi yuṣʻaq̣oon,―
එහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් (නබිවරය!) නුඹ ඔවුන් අතහැර දමනු.
-
52:46
يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ
Yawma laa- yug̣nee ʻanhum kayduhum shayʹañw walaa hum yuñṣaroon.
එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි. තවද ඔවුහු උදව් කරනු නො ලබති.
-
52:47
وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ عَذَابًا دُونَ ذَٰلِكَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
Wa-ʹinna lillaẓeena z̤̣alamoo ʻaẓaabañ doona ẓaalika wa-laakinna ʹaks̤arahum laa- yaʻlamoon.
තවද නියත වශයෙන් ම අපරාධ කළවුන්ට ඒ හැර තවත් දඬුවමක් ඇත. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.
-
52:48
وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ
Waṣbir liḥukmi Rabbika faʹinnaka biʹaʻyuninaa wa-sabbiḥ bi-Ḥamdi Rabbika ḥeena taq̣oom,
තවද (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන් ම නුඹ සිටිනුයේ අපගේ අධීක්ෂණය යටතේ ය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් නුඹ සුවිශුද්ධ කරනු.
-
52:49
وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَـٰرَ ٱلنُّجُومِ
Wa-minal layli fasabbiḥhu wa-ʹidbaaran nujoom!
තවද රාත්‍රියෙහි ද තරු බැස යන අවස්ථාවෙහි ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.
Surah An-NajmBegins here at 53:1
-
53:1
وَٱلنَّجْمِ إِذَا هَوَىٰ
Wan-NAJMI ʹiẓaa hawaa,―
තවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්;
-
53:2
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ
Maa- ḍalla Ṣaaḥibukum wa-maa g̣awaa,
තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මුළා නො වීය. තවද ඔහු නොමග නොගියේ ය.
-
53:3
وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ
Wa-maa yañṭiq̣u ʻanil hawaa.
තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නො කරයි.
-
53:4
إِنْ هُوَ إِلَّا وَحْىٌ يُوحَىٰ
ʹIn huwa ʹillaa Waḥyuñy yooḥaa:
එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.
-
53:5
عَلَّمَهُۥ شَدِيدُ ٱلْقُوَىٰ
ʻAllamahoo Shadeedul Q̣uwaa,―
අතිබලවත් කෙනෙකු (වන ජිබ්රීල්) එය ඉගැන්වී ය.
-
53:6
ذُو مِرَّةٍ فَٱسْتَوَىٰ
Ẓoo Mirratiñ fastawaa,
(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ) දිස් විය.
-
53:7
وَهُوَ بِٱلْأُفُقِ ٱلْأَعْلَىٰ
Wa-huwa bil-ʹufuq̣il ʹaʻlaa:
තවද ඔහු ඉහළම ක්‍ෂිතිජයෙහි විය.
-
53:8
ثُمَّ دَنَا فَتَدَلَّىٰ
S̤umma danaa fatadallaa,
පසුව ඔහු පහළට පැමිණ (ඔහු) අසළට ම පැමිණියේ ය.
-
53:9
فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ
Fakaana Q̣aaba q̣awsayni ʹaw ʹadnaa.
එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයක හෝ ඊටත් වඩා සමීප විය.
-
53:10
فَأَوْحَىٰٓ إِلَىٰ عَبْدِهِۦ مَآ أَوْحَىٰ
Faʹawḥaaa ʹilaa ʻAbdihee maaa ʹawḥaa.
එවිට (අල්ලාහ්) ඔහුට දන්වා සිටි දෑ ඔහුගේ ගැත්තාට ඔහු (ජිබ්රීල්) දන්වා සිටියේ ය.
-
53:11
مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ
Maa- kaẓabal fuʹaadu maa- raʹaa.
ඔහු දුටු දෑ (ඔහුගේ) සිත බොරු නො කළේ ය.
-
53:12
أَفَتُمَـٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ
ʹAfatumaaroonahoo ʹalaa maa- yaraa?
එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?
-
53:13
وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ
Wa-laq̣ad raʹaahu nazlatan ʹukhraa,
තවද, නිසැකවම ඔහු තවත් වතාවක් ඔහු (ජිබ්රීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේ ය.
-
53:14
عِندَ سِدْرَةِ ٱلْمُنتَهَىٰ
ʻIñda Sidratil muñtahaa:
සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියස ය.
-
53:15
عِندَهَا جَنَّةُ ٱلْمَأْوَىٰٓ
ʻIñdahaa Jannatul Maʹwaa.
ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.
-
53:16
إِذْ يَغْشَى ٱلسِّدْرَةَ مَا يَغْشَىٰ
ʹIẓ yag̣shas Sidrata maa- yag̣shaa!
සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට;
-
53:17
مَا زَاغَ ٱلْبَصَرُ وَمَا طَغَىٰ
Maa- zaag̣al baṣaru wa-maa ṭag̣aa!
(ඔහුගේ) බැල්ම ඉවත් නො වීය. එසේ ම එය සීමාව ඉක්මවා නොගියේ ය.
-
53:18
لَقَدْ رَأَىٰ مِنْ ءَايَـٰتِ رَبِّهِ ٱلْكُبْرَىٰٓ
Laq̣ad raʹaa min ʹAayaati Rabbihil Kubraa!
තම පරමාධිපතිගේ ඉමහත් සංඥාවන් කිහිපයක් සැබැවින් ම ඔහු දුටුවේ ය.
-
53:19
أَفَرَءَيْتُمُ ٱللَّـٰتَ وَٱلْعُزَّىٰ
ʹAfaraʹaytumul Laata wal-ʻUzzaa,
ලාත් හා උzස්zසා (නමැති පිළිම) නුඹලා දුටුවෙහු ද?
-
53:20
وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلْأُخْرَىٰٓ
Wa-Manaatas̤ s̤aalis̤atal ʹukhraa?
අනෙක් තුන්වැනියා මනාත් ය.
-
53:21
أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلْأُنثَىٰ
ʹA-lakumuẓ ẓakaru wa-lahul ʹuñs̤aa?
නුඹලාට පිරිමි (දරුව)න් හා ඔහුට ගැහැනු (දරුව)න් ද?
-
53:22
تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰٓ
Tilka ʹiẓañ q̣ismatuñ ḍeezaa!
එවිට එය අසාධාරණ බෙදීමකි.
-
53:23
إِنْ هِىَ إِلَّآ أَسْمَآءٌ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَـٰنٍ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهْوَى ٱلْأَنفُسُ ۖ وَلَقَدْ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلْهُدَىٰٓ
ʹIn hiya ʹillaaa ʹasmaaaʹuñ sammaytumoohaaa ʹañtum wa-ʹaabaaaʹukum maaa ʹañzalal laahu bihaa miñ sulṭaan. ʹIñy yattabiʻoona ʹillaz̤̣ z̤̣anna wa-maa tahwal ʹañfus!- Walaq̣ad jaaaʹahum mir Rabbihimul Hudaa!
ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස වෙනකක් නැත. ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නො කළේ ය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස වෙනෙකක් අනුගමනය නො කරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින් ම යහමග පැමිණ ඇත.
-
53:24
أَمْ لِلْإِنسَـٰنِ مَا تَمَنَّىٰ
ʹAm lil-ʹiñsaani maa- tamannaa?
එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?
-
53:25
فَلِلَّهِ ٱلْـَٔاخِرَةُ وَٱلْأُولَىٰ
Falillahil ʹAakhiratu wal-ʹoolaa.
එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතු ය.
-
53:26
۞ وَكَم مِّن مَّلَكٍ فِى ٱلسَّمَـٰوَٰتِ لَا تُغْنِى شَفَـٰعَتُهُمْ شَيْـًٔا إِلَّا مِنۢ بَعْدِ أَن يَأْذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرْضَىٰٓ
Wa-kam mim malakiñ fis samaawaati laa- tug̣nee shafaaʻatuhum shayʹan ʹillaa mim baʻdi ʹañy yaʹẓanal laahu limañy yashaaaʹu wa-yarḍaa.
අහස්හි මලක්වරුන් කොපමණදෝ සිටින්නාහ. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසුව මිස ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි.
-
53:27
إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ لَيُسَمُّونَ ٱلْمَلَـٰٓئِكَةَ تَسْمِيَةَ ٱلْأُنثَىٰ
ʹInnal laẓeena laa- yuʹminoona bil-ʹAakhirati layusammoonal malaaaʹikata tasmiyatal ʹuñs̤aa.
නියත වශයෙන් ම කවුරුන් මතු ලොව පිළිබඳ විශ්වාස නො කරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති.
-
53:28
وَمَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ ۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ ۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًٔا
Wa-maa lahum̃ bihee min ʻilm. ʹIñy yattabiʻoona ʹillaz̤̣ z̤̣ann: wa-ʹinnaz̤̣ z̤̣anna laa- yug̣nee minal Ḥaq̣q̣i shayʹaa.
තවද ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නො කරති. තවද නියත වශයෙන් ම අනුමානය සත්‍යයට එරෙහිව කිසිදු ප්‍රයෝජනයක් ලබා නො දෙයි.
-
53:29
فَأَعْرِضْ عَن مَّن تَوَلَّىٰ عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا
Faʹaʻriḍ ʻam mañ tawallaa ʻañ ẓikrinaa wa-lam yurid ʹillal ḥayaatad dunyaa.
එහෙයින් අපව මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නො කරන අය ඔබ නො සලකා හරිනු.
-
53:30
ذَٰلِكَ مَبْلَغُهُم مِّنَ ٱلْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِمَنِ ٱهْتَدَىٰ
Ẓaalika mablag̣uhum minal ʻilm. ʹInna Rabbaka Huwa ʹaʻlamu bimañ ḍalla ʻañ sabeelihee wa-Huwa ʹaʻlamu bimanih tadaa.
එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නා ය. එමෙන් ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නා ය.
-
53:31
وَلِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ لِيَجْزِىَ ٱلَّذِينَ أَسَـٰٓـُٔوا۟ بِمَا عَمِلُوا۟ وَيَجْزِىَ ٱلَّذِينَ أَحْسَنُوا۟ بِٱلْحُسْنَى
Walillaahi maa- fis samaawaati wa-maa fil ʹarḍi liyajziyal laẓeena ʹasaaaʹoo bimaa ʻamiloo wa-yajziyal laẓeena ʹaḥsanoo bilḥusnaa.
තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතු ය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත් ය.
-
53:32
ٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌ فِى بُطُونِ أُمَّهَـٰتِكُمْ ۖ فَلَا تُزَكُّوٓا۟ أَنفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ ٱتَّقَىٰٓ
ʹAllaẓeena yajtaniboona kabaaaʹiral ʹis̤mi walfawaaḥisha ʹillal lamam,― ʹinna Rabbaka Waasiʻul Mag̣firah. Huwa ʹaʻlamu bikum ʹiz ʹañshaʹakum minal ʹarḍi wa-ʹiz ʹañtum ʹajinnatuñ fee buṭooni ʹummahaatikum. Falaa tuzakkooo ʹañfusakum: Huwa ʹaʻlamu bimanit taq̣aa.
ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටින්නන් වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණ ය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහු ය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නො සලකනු. බිය බැතිමතුන් පිළිබඳව මැනවින් දන්නා ඔහු ය.
-
53:33
أَفَرَءَيْتَ ٱلَّذِى تَوَلَّىٰ
ʹAfaraʹaytal laẓee tawallaa,
(සත්‍යය මාර්ගයෙන්) හැරී ගිය අයව නුඹ නො දුටුවෙහි ද?
-
53:34
وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰٓ
Wa-ʹaʻṭaa q̣aleelañw waʹakdaa?
තවද ඔහු ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත්තේ ය.
-
53:35
أَعِندَهُۥ عِلْمُ ٱلْغَيْبِ فَهُوَ يَرَىٰٓ
ʹAʻiñdahoo ʻilmul g̣aybi fahuwa yaraa?
ඔහුට ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී ඔහු දකින්නේ ද?
-
53:36
أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِى صُحُفِ مُوسَىٰ
ʹAm lam yunabbaʹ bimaa fee Ṣuḥufi Moosaa.
එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ දන්වනු නො ලැබුවේ ද?
-
53:37
وَإِبْرَٰهِيمَ ٱلَّذِى وَفَّىٰٓ
Wa-ʹIbraaheemal laẓee waffaa?―
(ආඥාවන්) පූර්ණව ඉටු කළ ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ (දන්වනු නො ලැබුවේ ද?)
-
53:38
أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ
ʹAllaa taziru waaziratuñw wizra ʹukhraa;
එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත.
-
53:39
وَأَن لَّيْسَ لِلْإِنسَـٰنِ إِلَّا مَا سَعَىٰ
Wa-ʹal laysa lil-ʹiñsaani ʹillaa maa- saʻaa;
තවද මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත.
-
53:40
وَأَنَّ سَعْيَهُۥ سَوْفَ يُرَىٰ
Wa-ʹanna saʻyahoo sawfa yuraa;
තවද නියත වශයෙන් ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ.
-
53:41
ثُمَّ يُجْزَىٰهُ ٱلْجَزَآءَ ٱلْأَوْفَىٰ
S̤umma yujzaahul jazaaa ʹal-ʹawfaa;
පසුව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේ ය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ විය.)
-
53:42
وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلْمُنتَهَىٰ
Wa-ʹanna ʹilaa Rabbikal Muñtahaa;
තවද නියත වශයෙන් ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයෑම, නුඹගේ පරමාධිපති වෙත ය.
-
53:43
وَأَنَّهُۥ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ
Wa-ʹannahoo Huwa ʹaḍḥaka wa-ʹabkaa;
තවද නියත වශයෙන් ම ඔහු සිනහව ඇති කරන්නේ ය. ඇඬීමට ද සලස්වන්නේ ය.
-
53:44
وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحْيَا
Wa-ʹannahoo Huwa ʹamaata wa-ʹaḥyaa;
තවද නියත වශයෙන් ම ඔහු මරණයට පත් කරවන්නේ ය. තවද නැවත ප්‍රාණය දෙන්නේ ය.
-
53:45
وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰ
Wa-ʹannahoo khalaq̣az zawjayniẓ ẓakara wal-ʹuñs̤aa,
නියත වශයෙන් ම ඔහු ස්ත්‍රී පුරුෂ වශයෙන් යුවල මවා ඇත්තේ ය.
-
53:46
مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ
Min nuṭfatin ʹiẓaa tumnaa;
ශුක්‍රාණු බිඳුවකින්, එය විදින විට (ඔහු නුඹලාව නිර්මාණය කළේ ය).
-
53:47
وَأَنَّ عَلَيْهِ ٱلنَّشْأَةَ ٱلْأُخْرَىٰ
Wa-ʹanna ʻalayhin Nashʹatal ʹUkhraa;
තවද නියත වශයෙන් ම නැවතත් නිර්මාණය කිරීම ඔහු මත ය.
-
53:48
وَأَنَّهُۥ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ
Wa-ʹannahoo Huwa ʹag̣naa wa-ʹaq̣naa;
තවද නියත වශයෙන් ම ඔහු පොහොසත් කරවන්නේ ය. සෑහීමට පත් කරවන්නේ ය.
-
53:49
وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعْرَىٰ
Wa-ʹannahu Huwa Rabbush Shiʻraa;
තවද නියත වශයෙන් ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ.
-
53:50
وَأَنَّهُۥٓ أَهْلَكَ عَادًا ٱلْأُولَىٰ
Wa-ʹannahooo ʹahlaka ʻAadanil ʹOolaa,
තවද නියත වශයෙන් ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහු ය.
-
53:51
وَثَمُودَا۟ فَمَآ أَبْقَىٰ
Wa-S̤amooda famaaa ʹabq̣aa,
තවද සමූද් ජනයා ද (විනාශ කළේ ය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නො කළේ ය.
-
53:52
وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ هُمْ أَظْلَمَ وَأَطْغَىٰ
Wa-q̣awma Nooḥim miñ q̣ablu ʹinnahum kaanoo hum ʹaz̤̣lama wa-ʹaṭg̣aa;
තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේ ය.) නියත වශයෙන් ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූවෝ ය.
-
53:53
وَٱلْمُؤْتَفِكَةَ أَهْوَىٰ
Wal-muʹtafikata ʹahwaa,
තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.
-
53:54
فَغَشَّىٰهَا مَا غَشَّىٰ
Fag̣ashshaahaa maa- g̣ashshaa.
එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේ ය.
-
53:55
فَبِأَىِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ
Fabiʹayyi ʹaalaaaʹi Rabbika tatamaaraa?
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?
-
53:56
هَـٰذَا نَذِيرٌ مِّنَ ٱلنُّذُرِ ٱلْأُولَىٰٓ
Haaẓaa Naẓeerum minan nuẓuril ʹoolaa!
මෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි.
-
53:57
أَزِفَتِ ٱلْـَٔازِفَةُ
ʹAzifatil ʹAazifah:
සමීප වන දෑ සමීප වී ඇත.
-
53:58
لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ
Laysa lahaa miñ doonil laahi kaashifah.
අල්ලාහ්ගෙන් තොරව නිරාවරණය කරන්නෙකු එයට නැත.
-
53:59
أَفَمِنْ هَـٰذَا ٱلْحَدِيثِ تَعْجَبُونَ
ʹAfamin haaẓal ḥadees̤i taʻjaboon?
එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහු ද?
-
53:60
وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ
Wa-taḍḥakoona wa-laa tabkoon,―
තවද නුඹලා සිනහ සෙන්නෙහු ය. තවද නුඹලා නො හඬා සිටින්නෙහු ය.
-
53:61
وَأَنتُمْ سَـٰمِدُونَ
Wa-ʹañtum saamidoon?
නුඹලා ඒ ගැන නො සැලකිලිමත් වන්නෝ වෙති.
-
53:62
فَٱسْجُدُوا۟ لِلَّهِ وَٱعْبُدُوا۟ ۩
Fasjudoo lillaahi waʻbudoo!
එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු.
Surah Al-QamarBegins here at 54:1
-
54:1
ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ
ʹIq̣tarabatis Saaʻatu wañ-shaq̣q̣al Q̣AMAR.
අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත.
-
54:2
وَإِن يَرَوْا۟ ءَايَةً يُعْرِضُوا۟ وَيَقُولُوا۟ سِحْرٌ مُّسْتَمِرٌّ
Wa-ʹiñy yaraw ʹaayatañy yuʻriḍoo wa-yaq̣ooloo siḥrum mustamirr.
තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති.
-
54:3
وَكَذَّبُوا۟ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ
Wa-kaẓẓaboo wattabaʻooo ʹahwaaaʹahum wa-kullu ʹamrim mustaq̣irr.
තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කළෝ ය. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක් ම සිදුවන්නකි.
-
54:4
وَلَقَدْ جَآءَهُم مِّنَ ٱلْأَنۢبَآءِ مَا فِيهِ مُزْدَجَرٌ
Wa-laq̣ad jaaaʹahum minal ʹambaaaʹi maa- feehi muzdajar.
තවද අවවාදයන් ඇතුළත් තොරතුරු ඔවුන් වෙත සැබැවින් ම පැමිණ ඇත.
-
54:5
حِكْمَةٌۢ بَـٰلِغَةٌ ۖ فَمَا تُغْنِ ٱلنُّذُرُ
Ḥikmatum baalig̣atuñ famaa tug̣nin Nuẓur.
එය ගැඹුරු ප්‍රඥාවකි. නමුත් එම අවවාදය ඵලක් නොවීය.
-
54:6
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ ٱلدَّاعِ إِلَىٰ شَىْءٍ نُّكُرٍ
Fatawalla ʻanhum. Yawma yadʻud Daaʻi ʹilaa shayʹin nukur,
එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු එදින (ඉස්රාෆීල් හෙවත්) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවනු ඇත;
-
54:7
خُشَّعًا أَبْصَـٰرُهُمْ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُّنتَشِرٌ
Khushshaʻan ʹabṣaaruhum yakhrujoona minal ʹajdaas̤i kaʹannahum jaraadum muñtashir.
ඔවුන්ගේ බැල්ම පහත හෙළමින්, නියත වශයෙන්ම ඔවුන් විසිරී යන පළඟැටියන් මෙන් මිනිවළවල් වෙතින් බැහැර වෙති.
-
54:8
مُّهْطِعِينَ إِلَى ٱلدَّاعِ ۖ يَقُولُ ٱلْكَـٰفِرُونَ هَـٰذَا يَوْمٌ عَسِرٌ
Muhṭiʻeena ʹilad Daaʻ! Yaq̣oolul kaafiroona ˹Haaẓaa Yawmun ʻasir.˺
කැඳවන්නා වෙත (බෙලි දිගු කරමින්) වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්‍රතික්ෂේපකයෝ පවසති.
-
54:9
۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا۟ عَبْدَنَا وَقَالُوا۟ مَجْنُونٌ وَٱزْدُجِرَ
Kaẓẓabat q̣ablahum Q̣awmu Nooḥiñ fakaẓẓaboo ʻAbdanaa wa-q̣aaloo majnooñuw wazdujir.
ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝ ය. එසේ ම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබී ය.
-
54:10
فَدَعَا رَبَّهُۥٓ أَنِّى مَغْلُوبٌ فَٱنتَصِرْ
Fadaʻaa Rabbahooo ʹannee mag̣loobuñ fañtaṣir!
එවිට ඔහු නියත වශයෙන් ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කළේ ය.
-
54:11
فَفَتَحْنَآ أَبْوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٍ مُّنْهَمِرٍ
Fafataḥnaaa ʹabwaabas samaaaʹi bimaaaʹim munhamir.
එවිට අපි ඇද වැටෙන වැසි ජලයෙන් අහස්හි දොරවල් විවෘත කළෙමු.
-
54:12
وَفَجَّرْنَا ٱلْأَرْضَ عُيُونًا فَٱلْتَقَى ٱلْمَآءُ عَلَىٰٓ أَمْرٍ قَدْ قُدِرَ
Wa-fajjarnal ʹarḍa ʻuyoonañ faltaq̣al maaaʹu ʻalaaa ʹamriñ q̣ad q̣udir.
තවද අපි මහපොළොවෙහි උල්පත්හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමඟ) එකතු විය.
-
54:13
وَحَمَلْنَـٰهُ عَلَىٰ ذَاتِ أَلْوَٰحٍ وَدُسُرٍ
Wa-ḥamalnaahu ʻalaa ẓaati ʹalwaaḥiñw Wadusur,
තවද ලෑලි හා ඇන සහිත දෑ (නැව) මත අපි ඔහු ඉසිලුවෙමු.
-
54:14
تَجْرِى بِأَعْيُنِنَا جَزَآءً لِّمَن كَانَ كُفِرَ
Tajree biʹaʻyuninaa; jazaaaʹal limañ kaana kufir!
ප්‍රතික්ෂේප කරනු ලැබ සිටි අයට විපාකයක් වශයෙන් අපගේ අධීක්ෂණය යටතේ එය යාත්‍රා විය.
-
54:15
وَلَقَد تَّرَكْنَـٰهَآ ءَايَةً فَهَلْ مِن مُّدَّكِرٍ
Wa-laq̣at taraknaahaaa ʹAayatañ fahal mim muddakir?
තවද සැබැවින් ම අපි එය (පසුකාලීන ජනයාට) සංඥාවක් වශයෙන් ඉතිරි කළෙමු. එහෙයින් උපදෙස් ලබන කිසිවකු හෝ වෙත් ද?
-
54:16
فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ
Fakayfa kaana ʻAẓaabee wa-Nuẓur?
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
-
54:17
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
Wa-laq̣ad yassarnal Q̣urʹaana liẓ-Ẓikri fahal mim muddakir?
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
-
54:18
كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ
Kaẓẓabat ʻAaduñ fakayfa kaana ʻAẓaabee wa-Nuẓur.
ආද් සමූහයා බොරු කළෝ ය. එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
-
54:19
إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِى يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ
ʹInnaaa ʹarsalnaa ʻalayhim reeḥañ ṣarṣarañ fee Yawmi naḥsim mustamirr,
අඛණ්ඩව පැවතුණු අභාග්‍යයමත් දිනක නියත වශයෙන් ම අපි ඔවුන් වෙත මහා ශබ්දයකින් යුත් සුළගක් එව්වෙමු.
-
54:20
تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ
Tañziʻun naasa kaʹannahum ʹaʻjaazu nakhlim muñq̣aʻir.
නියත වශයෙන් ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය මිනිසුන්ව උගුලා (විසිකර) දැමී ය.
-
54:21
فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ
Fakayfa kaana ʻaẓaabee wa-nuẓur?
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
-
54:22
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
Wa-laq̣ad yassarnal Q̣urʹaana liẓ-Ẓikri fahal mim muddakir?
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
-
54:23
كَذَّبَتْ ثَمُودُ بِٱلنُّذُرِ
Kaẓẓabat S̤amoodu bin-Nuẓur.
සමූද් ජනයා එම අවවාදය බොරු කළෝ ය.
-
54:24
فَقَالُوٓا۟ أَبَشَرًا مِّنَّا وَٰحِدًا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذًا لَّفِى ضَلَـٰلٍ وَسُعُرٍ
Faq̣aalooo ʹabasharam minnaa waaḥidan nattabiʻuhooo ʹinnaaa ʹiẓal lafee ḍalaaliñw wasuʻur!
අපගෙන් එක් මිනිසෙකු වූ ඔහුව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන් ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
-
54:25
أَءُلْقِىَ ٱلذِّكْرُ عَلَيْهِ مِنۢ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ
ʹA-ʹulq̣iyaẓ Ẓikru ʻalayhi mim bayninaa bal huwa kaẓẓaabun ʹashir!
“අප අතරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”
-
54:26
سَيَعْلَمُونَ غَدًا مَّنِ ٱلْكَذَّابُ ٱلْأَشِرُ
Sayaʻlamoona g̣adam manil kaẓẓaabul ʹashir!
ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැ? යි මතු දින ඔවුන් දැන ගනු ඇත.
-
54:27
إِنَّا مُرْسِلُوا۟ ٱلنَّاقَةِ فِتْنَةً لَّهُمْ فَٱرْتَقِبْهُمْ وَٱصْطَبِرْ
ʹInnaa mursilun naaq̣ati fitnatal lahum fartaq̣ibhum waṣṭabir!
නියත වශයෙන් ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු.
-
54:28
وَنَبِّئْهُمْ أَنَّ ٱلْمَآءَ قِسْمَةٌۢ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ
Wa-nabbiʹhum ʹannal maaaʹa q̣ismatum baynahum: kullu shirbim muḥtaḍar.
තවද නියත වශයෙන් ම ජලය ඔවුන් අතර බෙදී යා යුත්තකි. සෑම පාන වාරයක් ම පිළිපැදිය යුත්තකි යැයි (සාලිහ්!) නුඹ පවසනු.
-
54:29
فَنَادَوْا۟ صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ
Fanaadaw ṣaaḥibahum fataʻaaṭaa faʻaq̣ar.
එවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූවෝ ය. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන (ඔටු දෙනගේ) ගෙල නහර කපා හැරියේ ය.
-
54:30
فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ
Fakayfa kaana ʻAẓaabee wa-Nuẓur!
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
-
54:31
إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَٰحِدَةً فَكَانُوا۟ كَهَشِيمِ ٱلْمُحْتَظِرِ
ʹInnaaa ʹarsalnaa ʻalayhim Ṣayḥatañw waaḥidatañ fakaanoo kahasheemil muḥtaz̤̣ir.
නියත වශයෙන් ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ.
-
54:32
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
Wa-laq̣ad yassarnal Q̣urʹaana liẓ-Ẓikri fahal mim muddakir?
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
-
54:33
كَذَّبَتْ قَوْمُ لُوطٍۭ بِٱلنُّذُرِ
Kaẓẓabat Q̣awmu Looṭim bin-Nuẓur.
ලූත්ගේ ජනයා ද එම අවවාදය බොරු කළෝ ය.
-
54:34
إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٍ ۖ نَّجَّيْنَـٰهُم بِسَحَرٍ
ʹInnaaa ʹarsalnaa ʻalayhim ḥaaṣiban ʹillaaa ʹaala Looṭ; najjaynaahum̃ bisaḥar,―
නියත වශයෙන් ම අපි ඔවුන් වෙත ගල් වර්ෂාවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කර දැමී ය.) එහෙත් ලූත්ගේ (පාර්ශව) ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු.
-
54:35
نِّعْمَةً مِّنْ عِندِنَا ۚ كَذَٰلِكَ نَجْزِى مَن شَكَرَ
Niʻmatam min ʻIñdinaa; kaẓaalika najzee mañ shakar.
(මෙය) අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. අපි ගුණගරුක වූවනට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
-
54:36
وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا۟ بِٱلنُّذُرِ
Wa-laq̣ad ʹañẓarahum̃ baṭshatanaa fatamaaraw bin-Nuẓur.
තවද අපගේ ග්‍රහණය පිළිබඳ සැබැවින් ම ඔහු (ලූත්) ඔවුනට අවවාද කළේ ය. එහෙත් එම අවවාදය පිළිබඳ ඔවුහු සැක (කොට තර්ක) කළෝ ය.
-
54:37
وَلَقَدْ رَٰوَدُوهُ عَن ضَيْفِهِۦ فَطَمَسْنَآ أَعْيُنَهُمْ فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ
Wa-laq̣ad raawadoohu ʻañ ḍayfihee faṭamasnaaa ʹaʻyunahum faẓooq̣oo ʻAẓaabee wa-nuẓur.
ඔහුගේ ආගන්තුකයින් සමඟ අශීලාචාර ලෙස හැසිරීමට ඔවුහු ඔහුගෙන් පැතුවෝ ය. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. එහෙයින් “මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු” (යැයි පැවසුවෙමු.)
-
54:38
وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ
Wa-laq̣ad ṣabbaḥahum̃ bukratan ʻAẓaabum mustaq̣irr:
තවද ස්ථීර දඬුවමක් උදෑසන සැබැවින් ම ඔවුනට උදා විය.
-
54:39
فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ
Faẓooq̣oo ʻAẓaabee wa-Nuẓur.
එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු.
-
54:40
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
Wa-laq̣ad yassarnal Q̣urʹaana liẓ-Ẓikri fahal mim muddakir?
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
-
54:41
وَلَقَدْ جَآءَ ءَالَ فِرْعَوْنَ ٱلنُّذُرُ
Wa-laq̣ad jaaaʹa ʹAala Firʻawnan nuẓur.
තවද ෆිර්අවුන්ගේ ජනයා වෙත ද අවවාදය සැබැවින් ම පැමිණියේ ය.
-
54:42
كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا كُلِّهَا فَأَخَذْنَـٰهُمْ أَخْذَ عَزِيزٍ مُّقْتَدِرٍ
Kaẓẓaboo biʹAayaatinaa kullihaa faʹakhaẓnaahum ʹakhẓa ʻAzeezim Muq̣tadir.
ඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝ ය. එවිට අපි බලවත් බලධාරියකුගේ ග්‍රහණය මෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
-
54:43
أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُو۟لَـٰٓئِكُمْ أَمْ لَكُم بَرَآءَةٌ فِى ٱلزُّبُرِ
ʹAkuffaarukum khayrum min ʹulaaaʹikum ʹam lakum̃ baraaaʹatuñ fiz Zubur?
(මක්කා වැසියනි!) නුඹලා අතර සිටින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් (පෙර විසූ) ජනයාට වඩා ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් (දඬුවමින් මිදීමට) ග්‍රන්ථයන්හි නුඹලාට (යම්කිසි) නිදහසක් ලබා දී තිබේ ද?
-
54:44
أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ
ʹAm yaq̣ooloona naḥnu jameeʻum muñtaṣir?
එසේ නැතහොත් “අපි සියල්ලෝ ම ජය ලබන්නෝ වෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?
-
54:45
سَيُهْزَمُ ٱلْجَمْعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ
Sayuhzamul jamʻu wa-yuwalloonad dubur.
මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත.
-
54:46
بَلِ ٱلسَّاعَةُ مَوْعِدُهُمْ وَٱلسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ
Balis Saaaʻatu mawʻiduhum was-Saaʻatu ʹadhaa wa-ʹamarr.
එහෙත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණු ය. තවද වඩාත් අමිහිරි ය.
-
54:47
إِنَّ ٱلْمُجْرِمِينَ فِى ضَلَـٰلٍ وَسُعُرٍ
ʹInnal mujrimeena fee ḍalaaliñw wasuʻur.
නියත වශයෙන් ම වැරදි කරුවෝ නොමගෙහි හා (නිරා ගින්නේ) වේදනාවෙහි සිටිති.
-
54:48
يَوْمَ يُسْحَبُونَ فِى ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا۟ مَسَّ سَقَرَ
Yawma yus-ḥaboona fin Naari ʻalaa wujoohihim: ẓooq̣oo massa Saq̣ar!
එදින ඔවුන්ගේ මුහුණු නිරයේ ගින්න වෙත ඇදගෙන යනු ලැබේ. නිරා ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු (යැයි පවසනු ලැබේ.)
-
54:49
إِنَّا كُلَّ شَىْءٍ خَلَقْنَـٰهُ بِقَدَرٍ
ʹInnaa Kulla shayʹin khalaq̣naahu biq̣adar.
නියත වශයෙන් ම අපි සෑම දෙයක් ම ප්‍රමාණයකින් යුතුව මවා ඇත්තෙමු.
-
54:50
وَمَآ أَمْرُنَآ إِلَّا وَٰحِدَةٌ كَلَمْحٍۭ بِٱلْبَصَرِ
Wa-maaa ʹAmrunaaa ʹillaa waaḥidatuñ kalamḥim bil-baṣar.
තවද අපගේ නියෝගය ඇසි පිය ගසන්නාක් මෙන් එකක් පමණි.
-
54:51
وَلَقَدْ أَهْلَكْنَآ أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ
Wa-laq̣ad ʹahlaknaaa ʹashyaaʻakum fahal mim muddakir?
තවද සැබැවින් ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?
-
54:52
وَكُلُّ شَىْءٍ فَعَلُوهُ فِى ٱلزُّبُرِ
Wa-kullu shayʹiñ faʻaloohu fiz Zubur:
තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛනවල (ලියවී) ඇත.
-
54:53
وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ
Wa-kullu ṣag̣eeriñw wakabeerim mustaṭar.
තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය.
-
54:54
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَنَهَرٍ
ʹInnal Muttaq̣eena fee Jannaatiñw Wanahar,
නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා ගංඟාවෙහි සිටිති.
-
54:55
فِى مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍۭ
Fee Maq̣ʻadi Ṣidq̣in ʻiñda Maleekim Muq̣tadir.
සර්ව බලාධිකාරී රජු අබියස සත්‍යය ස්ථානයෙහි ය.
Surah Ar-RahmanBegins here at 55:1
-
55:1
ٱلرَّحْمَـٰنُ
ʹAR-RAḤ-MAAN.
අපරිමිත දයාන්විතයාණෝ;
-
55:2
عَلَّمَ ٱلْقُرْءَانَ
ʻAllamal Q̣urʹaan.
ඔහු අල් කුර්ආනය ඉගැන්වී ය.
-
55:3
خَلَقَ ٱلْإِنسَـٰنَ
Khalaq̣al ʹiñsaan.
ඔහු මිනිසා මැව්වේය.
-
55:4
عَلَّمَهُ ٱلْبَيَانَ
ʻAllamahul bayaan.
ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගැන්වී ය.
-
55:5
ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍ
ʹAshshamsu walq̣amaru biḥusbaan;
හිරු හා සඳු නියමිත ගණනයකට අනුව පවතී.
-
55:6
وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ
Wannajmu washshajaru yasjudaan.
තවද තරු හා ගස් ඔහුට සුජූද් කරති.
-
55:7
وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلْمِيزَانَ
Was-Samaaaʹa rafaʻahaa wa-waḍaʻal Meezaan
තවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේ ය.
-
55:8
أَلَّا تَطْغَوْا۟ فِى ٱلْمِيزَانِ
ʹAllaa taṭg̣aw fil meezaan.
(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නො කරනු පිණිස.
-
55:9
وَأَقِيمُوا۟ ٱلْوَزْنَ بِٱلْقِسْطِ وَلَا تُخْسِرُوا۟ ٱلْمِيزَانَ
Wa-ʹaq̣eemul wazna bilq̣isṭi wa-laa tukhsirul meezaan.
තවද නුඹලා සාධාරණයෙන් යුතුව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නො කරනු.
-
55:10
وَٱلْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ
Wal-ʹarḍa waḍaʻahaa lilʹanaam:
තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.
-
55:11
فِيهَا فَـٰكِهَةٌ وَٱلنَّخْلُ ذَاتُ ٱلْأَكْمَامِ
Feehaa faakihatuñw wan-nakhlu ẓaatul ʹakmaam;
එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.
-
55:12
وَٱلْحَبُّ ذُو ٱلْعَصْفِ وَٱلرَّيْحَانُ
Walḥabbu ẓul ʻaṣfi war-rayḥaan.
තවද පොතු සහිත ධාන්‍ය ද සුවඳැති පැළෑටි ද ඇත.
-
55:13
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:14
خَلَقَ ٱلْإِنسَـٰنَ مِن صَلْصَـٰلٍ كَٱلْفَخَّارِ
Khalaq̣al ʹiñsaana miñ ṣalṣaaliñ kalfakhkhaar,
වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේ ය.
-
55:15
وَخَلَقَ ٱلْجَآنَّ مِن مَّارِجٍ مِّن نَّارٍ
Wa-khalaq̣al Jaaanna mim maarijim min Naar:
තවද ගින්නෙන් වූ දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේ ය.
-
55:16
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:17
رَبُّ ٱلْمَشْرِقَيْنِ وَرَبُّ ٱلْمَغْرِبَيْنِ
Rabbul Mashriq̣ayni wa-rabbul Mag̣ribayn:
(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන් ය.
-
55:18
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:19
مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ
Marajal baḥrayni yaltaq̣iyaan:
ඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරී ය.
-
55:20
بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ
Baynahumaa Barzakhul laa yabg̣iyaan:
ඒ දෙක ඉක්මවා නො යන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.
-
55:21
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:22
يَخْرُجُ مِنْهُمَا ٱللُّؤْلُؤُ وَٱلْمَرْجَانُ
Yakhruju minhumal Luʹluʹu wal-Marjaan:
ඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි.
-
55:23
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:24
وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ
Wa-lahul Jawaaril muñ-shaʹaaatu fil baḥri kal-ʹaʻlaam:
තවද කඳු මෙන් මුහුදෙහි උසින් ගමන් කරනු ලබන යාත්‍රා ද ඔහුට ඇත.
-
55:25
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:26
كُلُّ مَنْ عَلَيْهَا فَانٍ
Kullu man ʻalayhaa faan:
ඒ (මහපොළොව) මත ඇති සියල්ල විනාශ වී යන්නක් ය.
-
55:27
وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ
Wa-yabq̣aa Wajhu Rabbika Ẓul Jalaali wal-ʹIkraam.
තවද තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුක්ත නුඹගේ පරමාධිපතිගේ මුහුණ නිත්‍යයව පවතී.
-
55:28
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:29
يَسْـَٔلُهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِى شَأْنٍ
Yasʹaluhoo mañ fis samaawaati walarḍ: kulla Yawmin Huwa fee shaʹn!
අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ (තම අවශ්‍යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරතව සිටියි.
-
55:30
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:31
سَنَفْرُغُ لَكُمْ أَيُّهَ ٱلثَّقَلَانِ
Sanafrug̣u lakum ʹayyuhas̤ s̤aq̣alaan!
අහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු.
-
55:32
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:33
يَـٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنِ ٱسْتَطَعْتُمْ أَن تَنفُذُوا۟ مِنْ أَقْطَارِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ فَٱنفُذُوا۟ ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَـٰنٍ
Yaa-Maʻsharal jinni wal-ʹiñsi ʹinis tataʻtum ʹañ tañfuẓoo min ʹaq̣ṭaaris samaawaati wal-ʹarḍi fañfuẓoo! laa- tañfuẓoona ʹillaa bisulṭaan!
අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ සීමාවන්ගෙන් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත.
-
55:34
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:35
يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ
Yursalu ʻalaykumaa shuwaaz̤̣um min naariñwwa nuḥaasuñ falaa tañtaṣiraan;
නුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය උදව් නො ලබනු ඇත.
-
55:36
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:37
فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتْ وَرْدَةً كَٱلدِّهَانِ
Faʹiẓañ shaq̣q̣atis samaaaʹu fakaanat wardatañ kaddihaan:
එහෙයින් අහස පැළී ගිය විට එය තෙල් මෙන් රතු පැහැ ගැණෙනු ඇත.
-
55:38
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:39
فَيَوْمَئِذٍ لَّا يُسْـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٌ وَلَا جَآنٌّ
Fayawmaʹiẓil laa yusʹalu ʻañ ẓambiheee ʹiñsuñw Walaa jaaann,―
එහෙයින් එදින මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නො ලබයි.
-
55:40
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:41
يُعْرَفُ ٱلْمُجْرِمُونَ بِسِيمَـٰهُمْ فَيُؤْخَذُ بِٱلنَّوَٰصِى وَٱلْأَقْدَامِ
Yuʻraful mujrimoona biseemaahum fayuʹkhaẓu binnawaaṣee wal-ʹaq̣daam.
වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණුවලින් හඳුනා ගනු ලබති. එවිට ඔවුහු ඉදිරි නළල් කෙස් රොද හා පාදවලින් ග්‍රහණය කරනු ලබති.
-
55:42
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:43
هَـٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى يُكَذِّبُ بِهَا ٱلْمُجْرِمُونَ
Haaẓihee Jahannamul latee yukaẓẓibu bihal mujrimoon;
වැරදිකරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ.
-
55:44
يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ ءَانٍ
Yaṭoofoona baynahaa wa-bayna ḥameemin ʹaan!
ඒ අතර හා දැඩි රශ්මීය ලෝදිය අතර ඔවුහු සැරිසරමින් සිටිති.
-
55:45
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:46
وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ
Wa-liman khaafa maq̣aama Rabbihee Jannataan,―
තම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බිය වූවන්ට (ස්වර්ග) උයන් දෙකක් ඇත.
-
55:47
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:48
ذَوَاتَآ أَفْنَانٍ
Ẓawaataaa ʹafnaan:―
සාරවත් අතුවලින් යුක්ත (උයන්) දෙකකි.
-
55:49
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:50
فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ
Feehimaa ʻaynaani tajriyaan:―
ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකක් ඇත.
-
55:51
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:52
فِيهِمَا مِن كُلِّ فَـٰكِهَةٍ زَوْجَانِ
Feehimaa miñ kulli faakihatiñ zawjaan.
සෑම පලතුරකින් ම දෙවර්ගයක් බැගින් ඒ දෙකහි ඇත.
-
55:53
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:54
مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشٍۭ بَطَآئِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى ٱلْجَنَّتَيْنِ دَانٍ
Muttakiʹeena ʻalaa furushim baṭaaaʹinuhaa min ʹistabraq̣: wa-janal jannatayni daan.
ඔවුන් ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙස සිටිති. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙන් යුක්ත ය. එම උයන් දෙකෙහි පලතුරු පහළට බර වී පවතී.
-
55:55
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:56
فِيهِنَّ قَـٰصِرَٰتُ ٱلطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ
Feehinna q̣aaṣiraatuṭ ṭarfi lam yaṭmis̤hunna ʹiñsuñ q̣ablahum wa-laa jaaann;―
ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්‍යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
-
55:57
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:58
كَأَنَّهُنَّ ٱلْيَاقُوتُ وَٱلْمَرْجَانُ
Kaʹannahunnal yaaq̣ootu wal-marjaan.
නියත වශයෙන් ම ඔවුහු මැණික් හා පබළු මෙන් වෙති.
-
55:59
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:60
هَلْ جَزَآءُ ٱلْإِحْسَـٰنِ إِلَّا ٱلْإِحْسَـٰنُ
Hal Jazaaaʹul ʹIḥsaani ʹillal ʹIḥsaan?
යහපතට යහපත මිස වෙනත් ප්‍රතිඵලයක් තිබේ ද?
-
55:61
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
-
55:62
وَمِن دُونِهِمَا جَنَّتَانِ
Wa-miñ doonihimaa Jannataan,―
තවද ඒ දෙකට අමතරව (තවත්) උයන් දෙකකි.
-
55:63
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:64
مُدْهَآمَّتَانِ
Mudhaaammataan.
(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්ත ය.
-
55:65
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:66
فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ
Feehimaa ʻaynaani naḍ-ḍaakhataan:
ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකක් ඇත.
-
55:67
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:68
فِيهِمَا فَـٰكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ
Feehimaa faakihatuñw wanakhluñw warummaan:
ඒ දෙකෙහි පලතුරු ද, රටඉඳි ද, දෙළුම් ද ඇත.
-
55:69
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:70
فِيهِنَّ خَيْرَٰتٌ حِسَانٌ
Feehinna khayraatun ḥisaan;
රූමත් යහපත් කාන්තාවෝ ඒවායෙහි වෙති.
-
55:71
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:72
حُورٌ مَّقْصُورَٰتٌ فِى ٱلْخِيَامِ
Ḥoorum maq̣ṣooraatuñ fil khiyaam;―
(ඔවුහු) කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවෝ වෙති.
-
55:73
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:74
لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ
Lam yaṭmis̤hunna ʹiñsuñ q̣ablahum wa-laa jaaan;
ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
-
55:75
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:76
مُتَّكِـِٔينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِىٍّ حِسَانٍ
Muttakiʹeena ʻalaa rafrafin khuḍriñw waʻabq̣ariyyin ḥisaan.
(ඔවුන්) කොළ පැහැති මෙට්ට මත ද අලංකාර බුමුතුරුණු මත ද හාන්සිවන්නන් ලෙස සිටිති.
-
55:77
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Fabiʹayyi ʹaalaaaʹi Rabbikumaa tukaẓẓibaan?
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
-
55:78
تَبَـٰرَكَ ٱسْمُ رَبِّكَ ذِى ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ
Tabaarak asmu Rabbika Ẓil Jalaali wal-ʹIkraam.
තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුත් නුඹගේ පරමාධිපතිගේ නාමය අතිඋත්කෘෂ්ට විය.
Surah Al-Waqi'ahBegins here at 56:1
-
56:1
إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ
ʹIẓaa wa-q̣aʻatil WAAQ̣IʻAH,
සිදු වන දෑ (එනම් නැගිටවනු ලබන දිනය) සිදු වූ විට;
-
56:2
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ
Laysa liwaq̣ʻatihaa kaaẓibah.
එම සිදු වීම බොරුවක් නො වෙයි.
-
56:3
خَافِضَةٌ رَّافِعَةٌ
Khaafiḍatur Raafiʻah;
(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.
-
56:4
إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّا
ʹIẓaa rujjatil ʹarḍu rajjaa,
මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට;
-
56:5
وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّا
Wa-bussatil jibaalu bassaa,
තවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට;
-
56:6
فَكَانَتْ هَبَآءً مُّنۢبَثًّا
Fakaanat habaaaʹam mumbas̤s̤aa,
එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
-
56:7
وَكُنتُمْ أَزْوَٰجًا ثَلَـٰثَةً
Wa-kuñtum ʹazwaajañ s̤alaas̤ah.
එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහු ය.
-
56:8
فَأَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ
FaʹAṣḥaabul Maymanah; Maaa ʹAṣḥaabul Maymanah?
එනම් දකුණු පස ජනයා. එම දකුණු පස ජනයා යනු කවරෙක් ද?
-
56:9
وَأَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ
Wa-ʹAṣḥaabul mashʹamah,― Maaa ʹAṣḥaabul Mashʹamah?
තවද වම් පස ජනයා. එම වම් පස ජනයා යනු කවරෙක් ද?
-
56:10
وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ
Was-Saabiq̣oonas Saabiq̣oon.
පෙරටුගාමීහු පෙරටු ගාමීහු ය.
-
56:11
أُو۟لَـٰٓئِكَ ٱلْمُقَرَّبُونَ
ʹUlaaaʹikal Muq̣arraboon:
ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.
-
56:12
فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ
Fee Jannaatin Naʻeem:
(ඔවුන්) සැපවත් උයන්හි සිටිති.
-
56:13
ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ
S̤ullatum minal ʹawwaleen,
මුල් අයගෙන් වූ පිරිසකි.
-
56:14
وَقَلِيلٌ مِّنَ ٱلْـَٔاخِرِينَ
Wa-q̣aleelum minal ʹaakhireen.
තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.
-
56:15
عَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ
ʻAlaa sururim mawḍoonah,
(ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති.
-
56:16
مُّتَّكِـِٔينَ عَلَيْهَا مُتَقَـٰبِلِينَ
Muttakiʹeena ʻalayhaa mutaq̣aabileen.
ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.
-
56:17
يَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌ مُّخَلَّدُونَ
Yaṭoofu ʻalayhim wildaanum mukhalladoon,
ළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.
-
56:18
بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍ
Biʹakwaabiñw Waʹabaareeq̣a, wa-kaʹsim mim maʻeen:
දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)
-
56:19
لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ
Laa- yuṣaddaʻoona ʻanhaa wa-laa yuñzifoon:
එයින් ඔවුනට හිසේ රුදාව ඇති නො වේ. තවද ඔවුන් මත් නො වෙති.
-
56:20
وَفَـٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ
Wa-faakihatim mimmaa yatakhayyaroon;
ඔවුන් කැමති පලතුරු සමග ද;
-
56:21
وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ
Wa-laḥmi ṭayrim mimmaa yashtahoon.
ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)
-
56:22
وَحُورٌ عِينٌ
Wa-ḥoorun ʻeen,―
තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.
-
56:23
كَأَمْثَـٰلِ ٱللُّؤْلُؤِ ٱلْمَكْنُونِ
Kaʹams̤aalil luʹluʹil maknoon.
(ඔවුන්) සඟවා තබන ලද මුතුවලට සමාන ය.
-
56:24
جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ
Jazaaaʹam bimaa kaanoo yaʻmaloon.
(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.
-
56:25
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا
Laa- yasmaʻoona feehaa lag̣wañw walaa taʹs̤eemaa,―
ඔවුහු එහි පුහු දෙයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නො දෙති.
-
56:26
إِلَّا قِيلًا سَلَـٰمًا سَلَـٰمًا
ʹIllaa q̣eelañ Salaamañ Salaamaa.
සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස.
-
56:27
وَأَصْحَـٰبُ ٱلْيَمِينِ مَآ أَصْحَـٰبُ ٱلْيَمِينِ
Wa-ʹAṣḥaabul Yameen,― maaa ʹAṣḥaabul Yameen
දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?
-
56:28
فِى سِدْرٍ مَّخْضُودٍ
Fee sidrim makhḍood,
(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහි ය.
-
56:29
وَطَلْحٍ مَّنضُودٍ
Wa-ṭalḥim mañḍood,―
තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතර ය.
-
56:30
وَظِلٍّ مَّمْدُودٍ
Wa-z̤̣illim mamdood,
තවද දිගු කරනු ලැබූ සෙවණැලි අතර ය.
-
56:31
وَمَآءٍ مَّسْكُوبٍ
Wa-maaaʹim maskoob,
තවද ගලා යවනු ලබන ජලය අතර ය.
-
56:32
وَفَـٰكِهَةٍ كَثِيرَةٍ
Wa-faakihatiñ kas̤eerah,
තවද බොහෝ පලතුරු අතර ය.
-
56:33
لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ
Laa maq̣ṭooʻatiñw walaa mamnooʻah,
කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
-
56:34
وَفُرُشٍ مَّرْفُوعَةٍ
Wa-furushim marfooʻah.
තවද උස්ව තබන ලද ඇතිරිලි අතර ය.
-
56:35
إِنَّآ أَنشَأْنَـٰهُنَّ إِنشَآءً
ʹInnaaa ʹañshaʹnaahunna ʹiñshaaaʹaa,
නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
-
56:36
فَجَعَلْنَـٰهُنَّ أَبْكَارًا
Fajaʻalnaahunna ʹabkaaraa―
අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.
-
56:37
عُرُبًا أَتْرَابًا
ʻUruban ʹatraabaa,
පෙම්බර සම වයසැති,
-
56:38
لِّأَصْحَـٰبِ ٱلْيَمِينِ
LiʹAṣḥaabil Yameen.
දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)
-
56:39
ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ
S̤ullatum minal ʹawwaleen.
(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.
-
56:40
وَثُلَّةٌ مِّنَ ٱلْـَٔاخِرِينَ
Wa-s̤ullatum minal ʹaakhireen.
තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.
-
56:41
وَأَصْحَـٰبُ ٱلشِّمَالِ مَآ أَصْحَـٰبُ ٱلشِّمَالِ
Wa-ʹAṣḥaabush Shimaal,― maaa ʹAṣḥaabush shimaal?
තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?
-
56:42
فِى سَمُومٍ وَحَمِيمٍ
Fee samoomiñw waḥameem,―
(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතර ය.
-
56:43
وَظِلٍّ مِّن يَحْمُومٍ
Wa-z̤̣illim miñy yaḥmoom:
තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතර ය.
-
56:44
لَّا بَارِدٍ وَلَا كَرِيمٍ
Laa baaridiñw walaa kareem,
(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.
-
56:45
إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ
ʹInnahum kaanoo q̣abla ẓaalika mutrafeen,
නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ.
-
56:46
وَكَانُوا۟ يُصِرُّونَ عَلَى ٱلْحِنثِ ٱلْعَظِيمِ
Wa-kaanoo yuṣirroona ʻalal ḥins̤il ʻaz̤̣eem!
තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ.
-
56:47
وَكَانُوا۟ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ
Wa-kaanu yaq̣ooloona, ʹaʹiẓaa mitnaa wa-kunnaa turaabañw waʻiz̤̣aaman ʹaʹinnaa lamabʻoos̤oon,
තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ.
-
56:48
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ
ʹA-waʹaabaaaʹunal ʹawwaloon?
“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”
-
56:49
قُلْ إِنَّ ٱلْأَوَّلِينَ وَٱلْـَٔاخِرِينَ
Q̣ul ʹinnal ʹawwaleena wal-ʹaakhireen,
“නියත වශයෙන් ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු.
-
56:50
لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَـٰتِ يَوْمٍ مَّعْلُومٍ
Lamajmooʻoona ʹilaa meeq̣aati Yawmim maʻloom.
ඔවුන් සැබවින් ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.
-
56:51
ثُمَّ إِنَّكُمْ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلْمُكَذِّبُونَ
S̤umma ʹinnakum ʹayyuhaḍ ḍaaalloonal mukaẓẓiboon!
ඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා!
-
56:52
لَـَٔاكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ
Laʹaakiloona miñ Shajarim miñ Zaq̣q̣oom.
නියත වශයෙන් ම zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.
-
56:53
فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ
Famaaliʹoona minhal buṭoon,―
එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.
-
56:54
فَشَـٰرِبُونَ عَلَيْهِ مِنَ ٱلْحَمِيمِ
Fashaariboona ʻalayhi minal Ḥameem:
ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.
-
56:55
فَشَـٰرِبُونَ شُرْبَ ٱلْهِيمِ
Fashaariboona shurbal heem.
පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.
-
56:56
هَـٰذَا نُزُلُهُمْ يَوْمَ ٱلدِّينِ
Haaẓaa nuzuluhum Yawmad Deen!
මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.
-
56:57
نَحْنُ خَلَقْنَـٰكُمْ فَلَوْلَا تُصَدِّقُونَ
Naḥnu khalaq̣naakum falawlaa tuṣaddiq̣oon?
අප මය නුඹලාව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නො කරන්නෙහු ද?
-
56:58
أَفَرَءَيْتُم مَّا تُمْنُونَ
ʹAfaraʹaytum maa tumnoon?
නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන සිතා බැලුවෙහු ද?
-
56:59
ءَأَنتُمْ تَخْلُقُونَهُۥٓ أَمْ نَحْنُ ٱلْخَـٰلِقُونَ
ʹAʹañtum takhluq̣oonahooo ʹam Naḥnul Khaaliq̣oon?
එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නෝ අපි ද?
-
56:60
نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ ٱلْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ
Naḥnu q̣addarnaa baynakumul Mawta wa-maa Naḥnu bimasbooq̣een
නුඹලා අතර මරණය නිර්ණය කළේ අප ය. අපි අසමත් වන්නන් නො වෙමු.
-
56:61
عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَـٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ
ʻAlaaa ʹan nubaddila ʹAms̤aalakum wa-nuñshiʹakum fee maa laa- taʻlamoon.
නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලාව (යළි) බිහි කිරීමටත් (අපි අසමත් වන්නන් නො වෙමු.)
-
56:62
وَلَقَدْ عَلِمْتُمُ ٱلنَّشْأَةَ ٱلْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ
Wa-laq̣ad ʻalimtumun nashʹatal ʹoolaa falawlaa taẓakkaroon?
තවද මුල් මැවීම ගැන සැබැවින් ම නුඹලා දන්නෙහු ය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?
-
56:63
أَفَرَءَيْتُم مَّا تَحْرُثُونَ
ʹAfaraʹaytum maa taḥrus̤oon?
නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
-
56:64
ءَأَنتُمْ تَزْرَعُونَهُۥٓ أَمْ نَحْنُ ٱلزَّٰرِعُونَ
ʹAʹañtum tazraʻoonahooo ʹam Naḥnuz zaariʻoon?
එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අපි ද?
-
56:65
لَوْ نَشَآءُ لَجَعَلْنَـٰهُ حُطَـٰمًا فَظَلْتُمْ تَفَكَّهُونَ
Law nashaaaʹu lajaʻal-naahu ḥuṭaamañ faz̤̣altum tafakkahoon:
අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.
-
56:66
إِنَّا لَمُغْرَمُونَ
ʹInnaa lamug̣ramoon:
“නියත වශයෙන් ම අපි ණය කාරයෝ වෙමු.”
-
56:67
بَلْ نَحْنُ مَحْرُومُونَ
Bal naḥnu maḥroomoon.
“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.)
-
56:68
أَفَرَءَيْتُمُ ٱلْمَآءَ ٱلَّذِى تَشْرَبُونَ
ʹAfaraʹaytumul maaa ʹallaẓee tashraboon?
නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද?
-
56:69
ءَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ ٱلْمُزْنِ أَمْ نَحْنُ ٱلْمُنزِلُونَ
ʹAʹañtum ʹañzaltumoohu minal muzni ʹam Naḥnul muñziloon?
එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපි ද?
-
56:70
لَوْ نَشَآءُ جَعَلْنَـٰهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ
Law nashaaaʹu jaʻalnaahu ʹujaajañ falawlaa tashkuroon?
අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නො වේ ද?
-
56:71
أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ
ʹAfaraʹaytumun naaral latee tooroon?
නුඹලා දල්වන ගින්න සිතා බැලුවෙහු ද?
-
56:72
ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِـُٔونَ
ʹAʹañtum ʹañshaʹtum shajaratahaaa ʹam Naḥnul muñshiʹoon?
(එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අපි ද?
-
56:73
نَحْنُ جَعَلْنَـٰهَا تَذْكِرَةً وَمَتَـٰعًا لِّلْمُقْوِينَ
Naḥnu jaʻalnaahaa taẓkiratañw wamataaʻal lilmuq̣ween.
අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු.
-
56:74
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ
Fasabbiḥ bismi Rabbikal ʻAz̤̣eem!
එහෙයින් නුඹගේ අතිමහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.
-
56:75
۞ فَلَآ أُقْسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ
Falaaa ʹuq̣simu bimawaaq̣iʻin Nujoom,―
එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.
-
56:76
وَإِنَّهُۥ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ
Wa-ʹinnahoo laq̣asamul law taʻlamoona ʻaz̤̣eem,―
තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.
-
56:77
إِنَّهُۥ لَقُرْءَانٌ كَرِيمٌ
ʹInnahoo la-Q̣urʹaanuñ Kareem,
නියත වශයෙන් ම එය ගෞරවනීය කුර්ආනයකි.
-
56:78
فِى كِتَـٰبٍ مَّكْنُونٍ
Fee Kitaabim maknoon,―
ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහි තිබිණ.
-
56:79
لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ
Laa- yamassuhooo ʹillal muṭahharoon:
එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නො කරති.
-
56:80
تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ
Tañzeelum mir Rabbil ʻAalameen.
ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.
-
56:81
أَفَبِهَـٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ
ʹAfabihaaẓal Ḥadees̤i ʹañtum mudhinoon?
නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නො සලකා හරින්නන් ලෙස සිටිනුයේ?
-
56:82
وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ
Wa-tajʻaloona rizq̣akum ʹannakum tukaẓẓiboon?
තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන් ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?
-
56:83
فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ
Falawlaa ʹiẓaa balag̣atil ḥulq̣oom,―
(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;
-
56:84
وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ
Wa-ʹañtum ḥeenaʹiẓiñ tañz̤̣uroon,―
නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහු ය.
-
56:85
وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَـٰكِن لَّا تُبْصِرُونَ
Wa-Naḥnu ʹaq̣rabu ʹilayhi miñkum wa-laakil laa tubṣiroon,―
තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. එහෙත් නුඹලා නො දකිනු ඇත.
-
56:86
فَلَوْلَآ إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ
Falawlaaa ʹiñ kuñtum g̣ayra madeeneen,―
එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නො ලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;
-
56:87
تَرْجِعُونَهَآ إِن كُنتُمْ صَـٰدِقِينَ
Tarjiʻoonahaaa ʹiñ kuñtum ṣaadiq̣een?
නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු.
-
56:88
فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ
Faʹammaaa ʹiñ kaana minal Muq̣arrabeen,―
ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;
-
56:89
فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ
Fa-Rawḥuñw Wa-Rayḥaanuñw Wa-Jannatu Naʻeem.
සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත.
-
56:90
وَأَمَّآ إِن كَانَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ
Wa-ʹammaaa ʹiñ kaana min ʹAṣḥaabil yameen.―
තවද ඔහු දකුණු පස ජනයා අතරින් වූයේ නම්;
-
56:91
فَسَلَـٰمٌ لَّكَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ
Fa-Salaamul laka min Aṣḥaabil yameen.
දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි.
-
56:92
وَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُكَذِّبِينَ ٱلضَّآلِّينَ
Wa-ʹammaaa ʹiñ kaana minal Mukaẓẓibeenaḍ ḍaaalleen,
ඔහු නොමග ගිය බොරු කරන්නන් අතරින් වූයේ නම්;
-
56:93
فَنُزُلٌ مِّنْ حَمِيمٍ
Fanuzulum min ḥameem,―
එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත.
-
56:94
وَتَصْلِيَةُ جَحِيمٍ
Wa-taṣliyatu Jaḥeem.
තවද නිරා ගින්නෙහි දැවීම ද (ඔහුට) ඇත.
-
56:95
إِنَّ هَـٰذَا لَهُوَ حَقُّ ٱلْيَقِينِ
ʹInna haaẓaa lahuwa Ḥaq̣q̣ul Yaq̣een.
ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන් ම මෙය ම ය.
-
56:96
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ
Fasabbiḥ bismi Rabbikal ʻAz̤̣eem.
එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.
Surah Al-HadidBegins here at 57:1
-
57:1
سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
Sabbaḥa lillaahi maa- fis samaawaati wal-ʹarḍ: wa-Huwal ʻAzeezul Ḥakeem.
අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ්ව සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
-
57:2
لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يُحْىِۦ وَيُمِيتُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
Lahoo Mulkus samaawaati wal-ʹarḍ: yuḥyee wa-yumeet; wa-Huwa ʻalaa kulli shayʹiñ Q̣adeer.
අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතු ය. ඔහු ප්‍රාණය දෙන්නේ ය. තවද මරණයට පත් කරන්නේ ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
-
57:3
هُوَ ٱلْأَوَّلُ وَٱلْـَٔاخِرُ وَٱلظَّـٰهِرُ وَٱلْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ
Huwal ʹAwwalu walʹAakhiru waz̤̣-Z̤̣aahiru wal-Baaṭin: wa-Huwa bikulli shayʹin ʻAleem.
ඔහු ප්‍රාරම්භකයා ය. අවසානයා ය. දෘශ්‍යමානයා ය. (අදෘශ්‍යමාන) අභ්‍යන්තරයා ය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානී ය.
-
57:4
هُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۚ يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَا ۖ وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
Huwal laẓee khalaq̣as samaawaati wal ʹarḍa fee Sittati ʹAyyaamiñ s̤ummas tawaa ʻalal ʻArsh. Yaʻlamu maa- yaliju filʹarḍi wa-maa yakhruju minhaa wa-maa yañzilu minas samaaaʹi wa-maa yaʻruju feehaa. Wa-Huwa maʻakum ʹayna maa- kuñtum. Wallaahu bimaa taʻmaloona baṣeer.
ඔහු වනාහි අහස් හා මහපොළොව දින හයක් තුළ මවා අර්ෂ් මත ස්ථාපිත විය. මහපොළොව තුළට පිවිසෙන දෑ ද, ඉන් බැහැර වන දෑ ද, අහසින් පහළ වන දෑ ද, එහි ඉහළට යන දෑ ද ඔහු දනී. තවද නුඹලා කොතැනක සිටිය ද ඔහු නුඹලා සමඟ ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
-
57:5
لَّهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ
Lahoo Mulkus samaawaati wal-ʹarḍ: wa-ʹilal laahi turjaʻul ʹumoor.
අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතු ය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය.
-
57:6
يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ ۚ وَهُوَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
Yoolijul Layla fin Nahaari wa-yoolijun Nahaara fil Layl; wa-Huwa ʻAleemum biẓaatiṣ ṣudoor.
ඔහු රාත්‍රිය දහවලෙහි ඇතුළු කරයි. තවද දහවල රාත්‍රියෙහි ඇතුළු කරයි. තවද ඔහු හදවත් තුළ පවතින දෑ පිළිබඳ සර්ව ඥානී ය.
-
57:7
ءَامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَأَنفِقُوا۟ مِمَّا جَعَلَكُم مُّسْتَخْلَفِينَ فِيهِ ۖ فَٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَأَنفَقُوا۟ لَهُمْ أَجْرٌ كَبِيرٌ
ʹAaminoo billaahi wa-Rasoolihee wa-ʹañfiq̣oo mimmaa jaʻalakum mustakhlafeena feeh. Fallaẓeena ʹaamanoo miñkum wa-ʹañfaq̣oo lahum ʹAjruñ kabeer.
අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාණන් පිළිබඳ නුඹලා විශ්වාස කරනු. තවද කවර විෂයක නුඹලාව (භාරකාර) නියෝජිතයින් බවට ඔහු පත් කළේ ද එවන් දැයින් නුඹලා වියදම් කරනු. එහෙයින් නුඹලා අතරින් දේවත්වය විශ්වාස කොට වියපැහැදම් කළවුන් වන ඔවුනට මහත් කුලියක් ඇත.
-
57:8
وَمَا لَكُمْ لَا تُؤْمِنُونَ بِٱللَّهِ ۙ وَٱلرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا۟ بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَـٰقَكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ
Wa-maa lakum laa- tuʹminoona billaahi war-Rasoolu yadʻookum lituʹminoo bi-Rabbikum wa-q̣ad ʹakhaẓa Mees̤aaq̣akum ʹiñ kuñtum Muʹmineen.
තවද නුඹලාගේ පරමාධිපති පිළිබඳ නුඹලා විශ්වාස කරනු පිණිස නුඹලාව රසූල්වරයා ඇරයුම් කරමින් සිටිය දී නුඹලා අල්ලාහ්ව විශ්වාස නො කිරීමට නුඹලාට කුමක් වී ද? ඔහු නුඹලාගෙන් (මීට පෙර) ප්‍රතිඥා ගෙන ඇත. නුඹලා දේවත්වය විශ්වාස කරන්නවුන් නම් (එය අමතක නො කළ යුතුයි.)
-
57:9
هُوَ ٱلَّذِى يُنَزِّلُ عَلَىٰ عَبْدِهِۦٓ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍ لِّيُخْرِجَكُم مِّنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ ۚ وَإِنَّ ٱللَّهَ بِكُمْ لَرَءُوفٌ رَّحِيمٌ
Huwal laẓee yunazzilu ʻalaa ʻAbdiheee ʹAayaatim Bayyinaatil liyukhrijakum minaz̤̣ Z̤̣ulumaati ʹilan Noor. Wa-ʹinnal laaha bikum la-Raʻoofur Raḥeem.
ඔහු වනාහි නුඹලාව අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස පැහැදිලි සංඥා තම ගැත්තා වෙත පහළ කරයි. තවද නියත වශයෙන් ම අල්ලාහ් නුඹලාට සෙනෙහෙවන්ත ය. මහා කාරුණික ය.
-
57:10
وَمَا لَكُمْ أَلَّا تُنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ لَا يَسْتَوِى مِنكُم مَّنْ أَنفَقَ مِن قَبْلِ ٱلْفَتْحِ وَقَـٰتَلَ ۚ أُو۟لَـٰٓئِكَ أَعْظَمُ دَرَجَةً مِّنَ ٱلَّذِينَ أَنفَقُوا۟ مِنۢ بَعْدُ وَقَـٰتَلُوا۟ ۚ وَكُلًّا وَعَدَ ٱللَّهُ ٱلْحُسْنَىٰ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
Wa-maa lakum ʹallaa tuñfiq̣oo fee Sabeelil laahi wa-lillaahi meeraas̤us samaawaati wal-ʹarḍ. Laa- yastawee miñkum man ʹañfaq̣a miñ q̣ablil Fat-ḥi wa-q̣aatal. ʹUlaaaʹika ʹaʻz̤̣amu darajatam minal laẓeena ʹañfaq̣oo mim baʻdu wa-q̣aataloo. Wa-kullañw waʻad allaahul ḥusnaa. Wallaahu bimaa taʻmaloona Khabeer.
අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නො කර සිටීමට නුඹලාට කුමක් වී ද? අහස්හි හා මහපොළොවේ උරුමයන් අල්ලාහ්ට හිමි ය. ජයග්‍රහණයට පෙර වියදම් කොට සටන් වැදුණවුන් (පසුගාමීන්ට) සමාන නො වේ. ඔවුහු ඔවුනට පසුව වියදම් කොට සටන් වැදුණවුන්ට වඩා තරාතිරමින් අතිමහත් වූවෝ වෙති. තවද සියල්ලන්ට අල්ලාහ් යහපත ප්‍රතිඥා කළේ ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්ත ය.
-
57:11
مَّن ذَا ٱلَّذِى يُقْرِضُ ٱللَّهَ قَرْضًا حَسَنًا فَيُضَـٰعِفَهُۥ لَهُۥ وَلَهُۥٓ أَجْرٌ كَرِيمٌ
Mañ ẓal laẓee yuq̣riḍul laaha Q̣arḍan Ḥasanañ fayuḍaaʻifahoo lahoo wa-lahooo ʹajruñ kareem.
කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් පිරිනමන්නේ ද එවිට ඔහු එය ඔහුට ගුණ කර දෙනු ඇත. තවද ගෞරවණීය කුලියක් ද ඔහුට ඇත.
-
57:12
يَوْمَ تَرَى ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ يَسْعَىٰ نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَـٰنِهِم بُشْرَىٰكُمُ ٱلْيَوْمَ جَنَّـٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
Yawma taral Muʹmineena wal-Muʹminaati yasʻaa Nooruhum̃ bayna ʹaydeehim wa-biʹaymaanihim Bushraakumul Yawma Jannaatuñ tajree miñ taḥtihal ʹanhaaru khaalideena feeha! Ẓaalika huwal Fawzul ʻaz̤̣eem!
එදින ඔවුන්ගේ ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ ආලෝකය වේගයෙන් ගමන් කරන දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් නුඹ දකිනු ඇත. “ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් එදින නුඹලා සතු ශුභාරංචියයි. එහි සදාතනිකයින් ය. අතිමහත් ජයග්‍රහණය එය ම ය.”
-
57:13
يَوْمَ يَقُولُ ٱلْمُنَـٰفِقُونَ وَٱلْمُنَـٰفِقَـٰتُ لِلَّذِينَ ءَامَنُوا۟ ٱنظُرُونَا نَقْتَبِسْ مِن نُّورِكُمْ قِيلَ ٱرْجِعُوا۟ وَرَآءَكُمْ فَٱلْتَمِسُوا۟ نُورًا فَضُرِبَ بَيْنَهُم بِسُورٍ لَّهُۥ بَابٌۢ بَاطِنُهُۥ فِيهِ ٱلرَّحْمَةُ وَظَـٰهِرُهُۥ مِن قِبَلِهِ ٱلْعَذَابُ
Yawma yaq̣oolul Munaafiq̣oona wal-Munaafiq̣aatu lil-laẓeena ʹaamanuñ z̤̣uroonaa naq̣tabis min Noorikum! Q̣eela rjiʻoo waraaaʹakum faltamisoo nooraa! Faḍuriba baynahum̃ bisooril lahoo baab. Baaṭinuhoo feehir Raḥmatu wa-z̤̣aahiruhoo miñ q̣ibalihil ʻaẓaab!
එදින කුහක පිරිමි හා කුහක කාන්තාවෝ විශ්වාස කළවුන් දෙස බලා “නුඹලා අප දෙස බලනු. නුඹලාගේ ආලෝකයෙන් යමක් අපි ද ලබා ගන්නෙමු” යැයි පවසති. (එවිට) “නුඹලාගේ පසුපසට නුඹලා හැරී ගොස් නුඹලා ආලෝකය සොයා ගනු” යැයි කියනු ලැබේ. එවිට ඔවුන් අතර බිත්තියක් තබනු ලැබේ. එයට දොරක් ඇත. එහි අභ්‍යන්තරය, එතුළ කරුණාවයි. එහි පිටත, එහි ඉදිරිපසින් දඬුවමයි.
-
57:14
يُنَادُونَهُمْ أَلَمْ نَكُن مَّعَكُمْ ۖ قَالُوا۟ بَلَىٰ وَلَـٰكِنَّكُمْ فَتَنتُمْ أَنفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَٱرْتَبْتُمْ وَغَرَّتْكُمُ ٱلْأَمَانِىُّ حَتَّىٰ جَآءَ أَمْرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ
Yunaadoonahum ʹalam nakum maʻakum? Q̣aaloo balaa walaakinnakum fatañtum ʹañfusakum wa-tarabbaṣtum wartabtum wa-g̣arratkumul ʹamaaniyyu ḥattaa jaaaʹa ʹAmrul laahi wa-g̣arrakum̃ billaahil G̣aroor.
“අපි නුඹලා සමඟ නො සිටියෙමු දැයි” (පිටත සිටින) ඔවුහු ඔවුන් අමතති. “එසේය නමුත් නුඹලා නුඹලාට ම අර්බුද ඇති කර ගත්තෙහු ය. නුඹලා (විනාශය) බලාපොරොත්තු වූහ. තවද නුඹලා සැක කළෙහු ය. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක් එම ආශාවන් නුඹලාව රවටා දැමී ය. එමෙන් ම අල්ලාහ් සම්බන්ධයෙන් රවටාලන දෑ නුඹලාව රවටා දැමුවේ ය.
-
57:15
فَٱلْيَوْمَ لَا يُؤْخَذُ مِنكُمْ فِدْيَةٌ وَلَا مِنَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ مَأْوَىٰكُمُ ٱلنَّارُ ۖ هِىَ مَوْلَىٰكُمْ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ
Fal-Yawma laa- yuʹkhaẓu miñkum fidyatuñw walaa minal laẓeena kafaroo. Maʹwaakumun Naar: hiya maw-laakum: wa-biʹsal Maṣeer!
එහෙයින් අද දින නුඹලාගෙන් හෝ ප්‍රතික්ෂේප කළවුන්ගෙන් හෝ කිසිදු වන්දියක් (නිදහස සඳහා) ගනු නො ලැබේ. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්න ය. එය මය නුඹලාගේ සහකරු. තවද යොමු වන ස්ථානය නපුරු විය.
-
57:16
۞ أَلَمْ يَأْنِ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ ٱللَّهِ وَمَا نَزَلَ مِنَ ٱلْحَقِّ وَلَا يَكُونُوا۟ كَٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ مِن قَبْلُ فَطَالَ عَلَيْهِمُ ٱلْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَـٰسِقُونَ
ʹAlam yaʹni lil-laẓeena ʹaamanooo ʹañ takhshaʻa q̣uloobuhum liẓikril laahi wa-maa nazala minal Ḥaq̣q̣i wa-laa yakoonoo kallaẓeena ʹootul Kitaaba miñ q̣ablu faṭaala ʻalayhimul ʹamadu faq̣asat q̣uloobuhum? Wa-kas̤eerum minhum faasiq̣oon.
අල්ලාහ් මෙනෙහි කිරීම හේතුවෙන් ද සත්‍යයෙන් පහළ වූ දෑ (මෙනෙහි කිරීම) හේතුවෙන් ද ඔවුන්ගේ හදවත් බියට පත්ව තැති ගන්නා මොහොත දේවත්වය විශ්වාස කළවුන්හට නො පැමිණියේ ද? මීට පෙර ධර්ම ග්‍රන්ථ පිරිනමනු ලැබූ අය මෙන් ඔවුහු නො විය යුතු ය. ඔවුන් වෙත කාලය දිගුව පැවතිණි. එවිට ඔවුන්ගේ හදවත් දරුණු විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දුෂ්ඨයෝ ය.
-
57:17
ٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ قَدْ بَيَّنَّا لَكُمُ ٱلْـَٔايَـٰتِ لَعَلَّكُمْ تَعْقِلُونَ
ʹIʻlamooo ʹannal laaha yuḥyil ʹarḍa baʻda mawtihaa! Q̣ad bayyannaa lakumul ʹAayaati laʻallakum taʻq̣iloon.
මහපොළොව මිය ගිය පසුව නියත වශයෙන් ම අල්ලාහ් එය ප්‍රාණවත් කරන බව නුඹලා දැන ගනු. නුඹලා වටහා ගත හැකි වනු පිණිස නුඹලාට එම සාධක සැබැවින් ම අපි පැහැදිලි කළෙමු.
-
57:18
إِنَّ ٱلْمُصَّدِّقِينَ وَٱلْمُصَّدِّقَـٰتِ وَأَقْرَضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًا يُضَـٰعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ
ʹInnal Muṣṣaddiq̣eena wal-Muṣṣaddiq̣aati wa-ʹaq̣raḍul laaha Q̣arḍan ḥasanañy yuḍaaʻafu lahum wa-lahum ʹajruñ kareem.
නියත වශයෙන් ම දානමය කටයුතු කරන්නන් ද දානමය කටයුතු කරන්නියන් ද අලංකාර ණයක් ලෙසින් අල්ලාහ්ට ණය දුන් අය ද වනාහි ඔවුනට එය ගුණ කර දෙනු ලැබේ. තවද ඔවුනට ගෞරවනීය ප්‍රතිඵල ඇත.
-
57:19
وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦٓ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلصِّدِّيقُونَ ۖ وَٱلشُّهَدَآءُ عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَحِيمِ
Wallaẓeena ʹaamanoo billaahi wa-rusulihee ʹulaaaʹika humuṣ Ṣiddeeq̣oona wash-Shuhadaaaʹu ʻiñda Rabbihim: lahum ʹAjruhum wa-Nooruhum. Wallaẓeena kafaroo wa-kaẓẓaboo biʹAayaatinaaa ʹulaaaʹika ʹAṣḥaabul Jaḥeem.
තවද අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුන් වනාහි ඔවුහු මය සත්‍යවාදීහු. එමෙන් ම ඔවුන්ගේ පරමාධිපති අබියස සාක්ෂිකරුවෝ. ඔවුන්ගේ කුලිය හා ඔවුන්ගේ ආලෝකය ඔවුනට ඇත. තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරුකළවුන් වනාහි ඔවුහු මය නිරා වාසීහු.
-
57:20
ٱعْلَمُوٓا۟ أَنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌۢ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَـٰدِ ۖ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ ٱلْكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَـٰمًا ۖ وَفِى ٱلْـَٔاخِرَةِ عَذَابٌ شَدِيدٌ وَمَغْفِرَةٌ مِّنَ ٱللَّهِ وَرِضْوَٰنٌ ۚ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَـٰعُ ٱلْغُرُورِ
ʹIʻlamooo ʹannamal ḥayaatud dunyaa laʻibuñw walahwuñw wazeenatuñw watafaakhurum baynakum wa-takaas̤uruñ fil ʹamwaali wal-ʹawlaad; Kamas̤ali g̣ays̤in ʹaʻjabal kuffaara nabaatuhoo s̤umma yaheeju fataraahu muṣfarrañ s̤umma yakoonu ḥuṭaamaa. Wa-fil ʹAakhirati ʻAẓaabuñ shadeeduñw wa-Mag̣firatum minal laahi wa-Riḍwaan. Wa-mal ḥayatud dun-yaaa ʹillaa mataaʻul g̣uroor?
නියත වශයෙන් ම මෙලොව ජීවිතය වනාහි කෙළියකි. තවද විනෝදයකි. තවද අලංකාරයකි. තවද නුඹලා එකිනෙකා අතර පුරසාරම් දොඩන්නකි. තවද ධනය හා දරුවන් සම්බන්ධයෙන් (තරඟකාරී ලෙස) වැඩි කර ගන්නකි. (එය) වර්ෂාවක් මෙනි. එය පැළෑටිහට ගන්වා සාරවත් බවට පත් වීම (දෙවියන් ප්‍රතික්ෂේප කරන) ගොවියන් සතුටට පත් කළේ ය. පසුව එය වියළී කහ පැහැ ගැන්වී පසුව ඉපණැලි බවට පත් වනු නුඹ දකිනු ඇත. එහෙත් මතු ලොවෙහි දැඩි දඬුවමක් හා අල්ලාහ්ගෙන් වූ සමාව හා තෘප්තිය ඇත. මෙලොව ජීවිතය රවටාලන භුක්ති විඳීමක් මිස නැත.
-
57:21
سَابِقُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۚ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ
Saabiq̣ooo ʹilaa Mag̣firatim mir Rabbikum wa-Jannatin ʻarḍuhaa kaʻarḍis samaaaʹi wal-ʹarḍi ʹuʻiddat lillaẓeena ʹaamanoo billaahi wa-rusulih: ẓaalika Faḍlul laahi yuʹteehi mañy yashaaaʹ: wal-laahu Ẓul Faḍlil ʻAḍeem.
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සමාව වෙත හා ස්වර්ගය වෙත නුඹලා පෙරටුගාමී වනු. එහි ප්‍රමාණය අහසෙහි හා මහ පොළොවෙහි ප්‍රමාණය මෙනි. එය අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුනට සූදානම් කරනු ලැබ ඇත. එය අල්ලාහ්ගේ භාග්‍යය වේ. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යයෙන් යුක්ත ය.
-
57:22
مَآ أَصَابَ مِن مُّصِيبَةٍ فِى ٱلْأَرْضِ وَلَا فِىٓ أَنفُسِكُمْ إِلَّا فِى كِتَـٰبٍ مِّن قَبْلِ أَن نَّبْرَأَهَآ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌ
Maaa ʹaṣaaba mim muṣeebatiñ fil ʹarḍi wa-laa feee ʹañfusikum ʹillaa fee kitaabim miñ q̣abli ʹan nabraʹahaa: ʹinna ẓaalika ʻalal laahi yaseer:
මහපොළොවෙහි හෝ නුඹලා තුළ හෝ කවර විපතක් සිදු වුවද ඒවා අපි ඇති කිරීමට පෙර ම ග්‍රන්ථයේ ලියා තිබීමෙන් මිස නො වීය. නියත වශයෙන් ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
-
57:23
لِّكَيْلَا تَأْسَوْا۟ عَلَىٰ مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا۟ بِمَآ ءَاتَىٰكُمْ ۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ
Likaylaa taʹsaw ʻalaa maa- faatakum wa-laa tafraḥoo bimaaa ʹaataakum. Wallaahu laa- yuḥibbu kulla mukhtaaliñ fakhoor,―
නුඹලාට අතපසු වූ දෑ ගැන නුඹලා දුක් නො වනු පිණිසත් ඔහු නුඹලාට පිරිනැමූ දෑ ගැන නුඹලා සතුටින් ඉහවහා නො යනු පිණිසත් ය. තවද පුරසාරම් දොඩන අහංකාර සෑම කෙනෙකුව ම අල්ලාහ් ප්‍රිය නො කරයි.
-
57:24
ٱلَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبُخْلِ ۗ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ
ʹAllaẓeena yabkhaloona wa-yaʹmuroonan naasa bil-bukhl. Wa-mañy yatawalla faʹinnal laaha Huwal G̣aniyyul Ḥameed.
ඔවුහු වනාහි මසුරුකම් පාමින්; ජනයාට ද මසුරකම නියම කරන්නන් වෙති. තවද කවරෙකු හෝ (දේව විශ්වාසයෙන්) හැරෙන්නේ ද එවිට නියත වශයෙන් ම අල්ලාහ් අවශ්‍යතාවෙන් තොර ය; ප්‍රශංසාලාභී ය.
-
57:25
لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِٱلْبَيِّنَـٰتِ وَأَنزَلْنَا مَعَهُمُ ٱلْكِتَـٰبَ وَٱلْمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلْقِسْطِ ۖ وَأَنزَلْنَا ٱلْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَـٰفِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِٱلْغَيْبِ ۚ إِنَّ ٱللَّهَ قَوِىٌّ عَزِيزٌ
Laq̣ad ʹarsalnaa rusulanaa bil-Bayyinaati wa-ʹañzalnaa maʻahumul Kitaaba wal-Meezaana liyaq̣ooman naasu bilq̣isṭ; wa-ʹañzalnal ḤADEEDA feehi baʹsuñ shadeeduñw wamanaafiʻu linnaasi wa-liyaʻlamal laahu mañy yañṣuruhoo wa-rusulahoo bil-G̣ayb: ʹinnal laaha Q̣awiyyun ʻAzeez.
සැබැවින් ම අපි අපගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමඟ එව්වෙමු. තවද ජනයා යුක්තිය ඉටු කරනු පිණිස ඔවුන් සමඟ ධර්ම ග්‍රන්ථය හා තුලාව ද පහළ කළෙමු. තවද අපි යකඩ පහළ කළෙමු. එහි දැඩි ශක්තිය ද මිනිසුනට ප්‍රයෝජන ද ඇත. තවද අදෘශ්‍යමාන තත්ත්වයේ තමන් හා තම දූතවරුන්ට උදව් කරනුයේ කවුරුන් දැ? යි අල්ලාහ් පෙන්වා දෙනු පිණිස ය. නියත වශයෙන් ම අල්ලාහ් මහා බලවත් ය; සර්ව බලධාරී ය.
-
57:26
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا وَإِبْرَٰهِيمَ وَجَعَلْنَا فِى ذُرِّيَّتِهِمَا ٱلنُّبُوَّةَ وَٱلْكِتَـٰبَ ۖ فَمِنْهُم مُّهْتَدٍ ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَـٰسِقُونَ
Wa-laq̣ad ʹarsalnaa Nooḥañw WaʹIbraaheema wa-jaʻalnaa fee ẓurriyatihiman Nubuwwata wal-kitaaba faminhum muhtad, wa-kas̤eerum minhum faasiq̣oon.
තවද සැබැවින් ම අපි නූහ් හා ඉබ්රාහීම් (ධර්ම දූතයින් ලෙස) එව්වෙමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුර තුළ දූත මෙහෙවර හා දේව ග්‍රන්ථය නියම කළෙමු. එවිට ඔවුන් අතරින් යහමග ලබන්නන් වූහ. එමෙන් ම ඔවුන් අතරින් බහුතරයක් දෙනා දුෂ්ඨයෝ වූහ.
-
57:27
ثُمَّ قَفَّيْنَا عَلَىٰٓ ءَاثَـٰرِهِم بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ٱبْنِ مَرْيَمَ وَءَاتَيْنَـٰهُ ٱلْإِنجِيلَ وَجَعَلْنَا فِى قُلُوبِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ رَأْفَةً وَرَحْمَةً وَرَهْبَانِيَّةً ٱبْتَدَعُوهَا مَا كَتَبْنَـٰهَا عَلَيْهِمْ إِلَّا ٱبْتِغَآءَ رِضْوَٰنِ ٱللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا ۖ فَـَٔاتَيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ مِنْهُمْ أَجْرَهُمْ ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَـٰسِقُونَ
S̤umma q̣affaynaa ʻalaaa ʹaas̤aarihim̃ birusulinaa wa-q̣affaynaa biʻEesab ni Maryama wa-ʹaataynaahul ʹIñjeel; wa-jaʻalnaa fee q̣uloobil laẓeenat tabaʻoohu Raʹfatañw Wa-Raḥmah. Wa-Rahbaaniyyatan ibtadaʻoohaa maa- katabnaahaa ʻalayhim ʹillab tig̣aaaʹa Riḍwaanil laahi famaa raʻawhaa ḥaq̣q̣a riʻaayatihaa. Faʹaataynal laẓeena ʹaamanoo minhum ʹajrahum, wa-kas̤eerum minhum faasiq̣oon.
පසුව අපි ඔවුන්ගේ පිය සටහන් මත අපගේ තවත් දූතවරුන් අනුපිළිවෙළින් එව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාවද අනුපිළිවෙළින් එව්වෙමු. තවද අපි ඔහුට ඉන්ජීලය පිරිනැමුවෙමු. තවද ඔහුව අනුගමනය කළවුන්ගේ හදවත් තුළ ආදරය හා කරුණාව ඇති කළෙමු. ඔවුහු තපස් භාවය අලුතින් ඇති කර ගත්තෝ ය. අල්ලාහ්ගේ තෘප්තිය සොයනු පිණිස මිස අපි ඔවුන් වෙත එය නියම නො කළෙමු. එහෙත් ඔවුන් එය පිළිපැදිය යුතු නියම අයුරින් පිළිපැද්දේ නැත. එහෙයින් ඔවුන් අතරින් විශ්වාස කළවුනට ඔවුන්ගේ කුලිය අපි පිරිනැමුවෙමු. තවද ඔවුන් අතරින් බහුතරයක් දෙනා දුෂ්ඨයෝ ය.
-
57:28
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَءَامِنُوا۟ بِرَسُولِهِۦ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِۦ وَيَجْعَل لَّكُمْ نُورًا تَمْشُونَ بِهِۦ وَيَغْفِرْ لَكُمْ ۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ
Yaaaʹayyuhal laẓeena ʹaamanut taq̣ul laaha wa-ʹaaminoo bi-Rasoolihee yuʹtikum kiflayni mir Raḥmatihee wa-yajʻal lakum Noorañ tamshoona bihee wa-yag̣fir lakum: wallaahu G̣afoorur Raḥeem:
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහුගේ දූතයාණන් විශ්වාස කරනු. ඔහුගේ කරුණාවෙන් දෙගුණයක් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා එමඟින් ගමන් කරන ආලෝකයක් ද ඔහු නුඹලාට ඇති කරයි. තවද ඔහු නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
-
57:29
لِّئَلَّا يَعْلَمَ أَهْلُ ٱلْكِتَـٰبِ أَلَّا يَقْدِرُونَ عَلَىٰ شَىْءٍ مِّن فَضْلِ ٱللَّهِ ۙ وَأَنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ
Liʹallaa yaʻlama ʹAhlul Kitaabi ʹallaa yaq̣diroona ʻalaa shayʹim miñ Faḍlil laahi wa-ʹannal Faḍla biyadil laahi yuʹteehi mañy yashaaaʹ. Wallaahu Ẓul Faḍlil ʻAz̤̣eem.
අල්ලාහ්ගේ භාග්‍යයට වඩා කිසිවක් මත තමන් ශක්තිය නොදරන බවත් නියත වශයෙන් ම භාග්‍යය අල්ලාහ්ගේ අතෙහි ඇති බවත් ඔහු අභිමත කරන අයට එය පිරිනමන බවත් ආගම් ලත් ජනයා දැන ගනු පිණිස ය. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යය සම්පන්න ය.