Surah Al-HijrBegins here at 15:1
-
15:1
الٓر ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ وَقُرْءَانٍ مُّبِينٍ
ʹAlif-Laaam-Raa. Tilka ʹAayaatul Kitaabi wa-Q̣urʹaanim Mubeen.
අලිෆ්, ලාම්, රා. එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ.
-
15:2
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ كَانُوا۟ مُسْلِمِينَ
Rubamaa yawaddul laẓeena kafaroo law kaanoo Muslimeen.
(මෙලොව දී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ඉමහත් සේ ප්‍රිය කරනු ඇත.
-
15:3
ذَرْهُمْ يَأْكُلُوا۟ وَيَتَمَتَّعُوا۟ وَيُلْهِهِمُ ٱلْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ
Ẓarhum yaʹkuloo wa-yatamattaʻoo wa-yulhihimul ʹamalu fasawfa yaʻlamoon.
ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන්ව වෙනතකට යොමු කරයි. තවද ඔවුහු මතු දැන ගනු ඇත.
-
15:4
وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُومٌ
Wa-maaa ʹahlaknaa miñ q̣aryatin ʹillaa wa-lahaa kitaabum maʻloom.
තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නො කළෙමු.
-
15:5
مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ
Maa- tasbiq̣u min ʹummatin ʹAjalahaa wa-maa yastaʹkhiroon.
කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නො කරයි. තවද ඔවුහු ප්‍රමාද ද නො වෙති.
-
15:6
وَقَالُوا۟ يَـٰٓأَيُّهَا ٱلَّذِى نُزِّلَ عَلَيْهِ ٱلذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ
Wa-q̣aaloo yaaaʹayyuhal laẓee nuzzila ʻalayhiẓ Ẓikru ʹinnaka lamajnoon.
තවද මෙනෙහි කිරීම (අල් කුර්ආනය) කවරෙකුට පහළ කරනු ලැබූවේද එම තැනැත්තාණනි! නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ.
-
15:7
لَّوْ مَا تَأْتِينَا بِٱلْمَلَـٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
Law maa- taʹteenaa bil-malaaaʹikati ʹiñ kuñta minaṣ Ṣaadiq̣een?
නුඹ සත්‍යවාදීන් අතරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නො වේ ද?
-
15:8
مَا نُنَزِّلُ ٱلْمَلَـٰٓئِكَةَ إِلَّا بِٱلْحَقِّ وَمَا كَانُوٓا۟ إِذًا مُّنظَرِينَ
Maa- nunazzilul malaaaʹikata bil-Ḥaq̣q̣i illaa wa-maa kaanooo ʹiẓam muñz̤̣areen!
(නබිවරය!) සත්‍ය හේතුවකින් මිස මලක්වරුන් පහළ නො කරන්නෙමු. එවිට ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නො වෙති.
-
15:9
إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ
ʹInnaa Naḥnu nazzalnaẓ Ẓikra wa-ʹinnaa lahoo la-Ḥaafiz̤̣oon.
නියත වශයෙන්ම අපමය මෙම මෙනෙහි කිරීම (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එයට ආරක්ෂකයෝ වෙමු.
-
15:10
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى شِيَعِ ٱلْأَوَّلِينَ
Wa-laq̣ad ʹarsalnaa miñ q̣ablika fee shiyaʻil ʹawwaleen:
තවද නුඹට පෙර වූ ආරම්භක පිරිස් අතරට ද සැබැවින් ම අපි (රසූල්වරුන්) පණිවිඩකරුවන් එව්වෙමු.
-
15:11
وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
Wa-maa yaʹteehim mir rasoolin ʹillaa kaanoo bihee yastahziʹoon.
තවද ඔවුන් වෙත (අපගේ) කවර හෝ පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහුට සමච්චල් කරමින් ම සිටියහ.
-
15:12
كَذَٰلِكَ نَسْلُكُهُۥ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ
Kaẓaalika naslukuhoo fee q̣uloobil mujrimeen―
වැරදිකරුවන්ගේ හදවත් තුළට ද අපි එය කාවද්දනුයේ එලෙස ය.
-
15:13
لَا يُؤْمِنُونَ بِهِۦ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ ٱلْأَوَّلِينَ
Laa- yuʹminoona bihee wa-q̣ad khalat sunnatul ʹawwaleen.
ඔවුහු එය විශ්වාස නො කරති. තවද සැබැවින් ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත.
-
15:14
وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّوا۟ فِيهِ يَعْرُجُونَ
Wa-law fataḥnaa ʻalayhim baabam minas samaaaʹi faz̤̣alloo feehi yaʻrujoon.
තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නො කරති.)
-
15:15
لَقَالُوٓا۟ إِنَّمَا سُكِّرَتْ أَبْصَـٰرُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُورُونَ
Laq̣aalooo ʹinnamaa sukkirat ʹabṣaarunaa bal naḥnu q̣awmum masḥooroon.
නියත වශයෙන් ම අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. එමෙන් ම අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු සැබැවින් ම පැවසූහ.
-
15:16
وَلَقَدْ جَعَلْنَا فِى ٱلسَّمَآءِ بُرُوجًا وَزَيَّنَّـٰهَا لِلنَّـٰظِرِينَ
Wa-laq̣ad jaʻalnaa fis samaaaʹi Buroojañw Wazayyannaahaa linnaaz̤̣ireen;
තවද සැබැවින් ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු.
-
15:17
وَحَفِظْنَـٰهَا مِن كُلِّ شَيْطَـٰنٍ رَّجِيمٍ
Wa-hafiz̤̣naahaa miñ kulli Shayṭaanir rajeem:
තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන් ම අපි එය ආරක්ෂා කළෙමු.
-
15:18
إِلَّا مَنِ ٱسْتَرَقَ ٱلسَّمْعَ فَأَتْبَعَهُۥ شِهَابٌ مُّبِينٌ
ʹIllaa manis taraq̣as samʻa faʹatbaʻahoo shihaabum mubeen.
එහෙත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත.
-
15:19
وَٱلْأَرْضَ مَدَدْنَـٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ شَىْءٍ مَّوْزُونٍ
Wal-ʹarḍa madadnaahaa wa-ʹalq̣aynaa feehaa rawaasiya wa-ʹambatnaa feehaa miñ kulli shayʹim mawzoon.
තවද අපි මහපොළොව දිගු හැරියෙමු. තවද එහි අපි ස්ථීර කඳු හෙළුවෙමු. තවද අපි එහි සෑම වස්තුවකින් ම නිර්ණය කළ දෑ හට ගැන්වූයෙමු.
-
15:20
وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَـٰيِشَ وَمَن لَّسْتُمْ لَهُۥ بِرَٰزِقِينَ
Wa-jaʻalnaa lakum feehaa maʻaayisha wa-mal lastum lahoo biraaziq̣een.
තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටත් ජීවන පහසුකම් ඇති කළෙමු.
-
15:21
وَإِن مِّن شَىْءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٍ مَّعْلُومٍ
Wa-ʹim miñ shayʹin ʹillaa ʻiñdanaa khazaaaʹinuh; wa-maa nunazziluhooo ʹillaa biq̣adarim maʻloom.
තවද කුමන දෙයක් වුවද එහි ගබඩාවන් අප සතුව මිස වෙනත් කිසිවකු සතුව නැත. තවද අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නො කරන්නෙමු.
-
15:22
وَأَرْسَلْنَا ٱلرِّيَـٰحَ لَوَٰقِحَ فَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَسْقَيْنَـٰكُمُوهُ وَمَآ أَنتُمْ لَهُۥ بِخَـٰزِنِينَ
Wa-ʹarsalnar riyaaḥa lawaaq̣iḥa faʹañzalnaa minas samaaaʹi maaaʹañ faʹasq̣aynaakumooh: wa-maaa ʹañtum lahoo bikhaazineen.
තවද අපි සුළඟ (ජලය) උසුලන අයුරින් එවා අහසින් ජලය පහළ කොට නුඹලා එයට රැස් කරන්නන් ලෙස නො සිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු.
-
15:23
وَإِنَّا لَنَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَنَحْنُ ٱلْوَٰرِثُونَ
Wa-ʹinnaa lanaḥnu nuḥyee wa-numeetu wa-naḥnul waaris̤oon.
තවද නියත වශයෙන් ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අප ම ය. තවද අපි උරුමක්කරුවෝ වෙමු.
-
15:24
وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَقْدِمِينَ مِنكُمْ وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَـْٔخِرِينَ
Wa-laq̣ad ʻalimnal mustaq̣dimeena miñkum wa-laq̣ad ʻalimnal mustaʹkhireen.
සැබැවින් ම අපි නුඹලා අතරින් පෙර ගියවුන් පිළිබඳව දනිමු. එමෙන් ම පසු පැමිණෙන්නවුන් පිළිබඳව ද අපි දනිමු.
-
15:25
وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ ۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌ
Wa-ʹinna Rabbaka Huwa yaḥshuruhum: ʹinnahoo Ḥakeemun ʻAleem.
තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් එක්රැස් කරනු ඇත. නියත වශයෙන් ම ඔහු ප්‍රඥාවන්ත ය; සර්වඥානී ය.
-
15:26
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن صَلْصَـٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
Wa-laq̣ad khalaq̣nal ʹiñsaana miñ ṣalṣaalim min ḥamaʹim masnoon:
තවද සැබැවින් ම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.
-
15:27
وَٱلْجَآنَّ خَلَقْنَـٰهُ مِن قَبْلُ مِن نَّارِ ٱلسَّمُومِ
Waljaaanna khalaq̣naahu miñ q̣ablu min naaris samoom.
තවද මීට පෙර දැඩි උණුසුම් ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.
-
15:28
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَـٰٓئِكَةِ إِنِّى خَـٰلِقٌۢ بَشَرًا مِّن صَلْصَـٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
Wa-ʹiẓ q̣aala Rabbuka lilmalaaaʹikati ʹinnee khaaliq̣um basharam miñ ṣalṣaalim min ḥamaʹim masnoon;
තවද නියත වශයෙන් ම මම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු.
-
15:29
فَإِذَا سَوَّيْتُهُۥ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِى فَقَعُوا۟ لَهُۥ سَـٰجِدِينَ
Faʹiẓaa sawwaytuhoo wa-nafakhtu feehi mir Rooḥee faq̣aʻoo lahoo saajideen.
පසුව මම ඔහුව විධිමත්ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (යැයි නුඹගේ පරමාධිපති පැවසී ය.)
-
15:30
فَسَجَدَ ٱلْمَلَـٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ
Fasajadal malaaaʹikatu kulluhum ʹajmaʻoon.
එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනා ම සිරස නමා සුජූද් කළෝ ය.
-
15:31
إِلَّآ إِبْلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ
ʹIllaaa ʹIblees: ʹabaaa ʹañy yakoona maʻas Saajideen.
එහෙත් ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමඟ වීමට පිටුපෑවේ ය.
-
15:32
قَالَ يَـٰٓإِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّـٰجِدِينَ
Q̣aala yaaaʹIbleesu maa- laka ʹallaa takoona maʻas Saajideen?
අහෝ ඉබ්ලීස්! නුඹ සුජූද් කරන්නන් සමඟ නො වීමට නුඹට කුමක් වී දැ? යි ඔහු විමසුවේ ය.
-
15:33
قَالَ لَمْ أَكُن لِّأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُۥ مِن صَلْصَـٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
Q̣aala lam ʹakul liʹasjuda libasharin khalaq̣tahoo miñ ṣalṣaalim min ḥamaʹim masnoon.
(දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කරන්නට නො වෙමි යැයි ඔහු පැවසුවේ ය.
-
15:34
قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ
Q̣aala fakhruj minhaa faʹinnaka rajeem.
එසේ නම් නුඹ මින් බැහැරව යනු. නියත වශයෙන් ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේ ය.
-
15:35
وَإِنَّ عَلَيْكَ ٱللَّعْنَةَ إِلَىٰ يَوْمِ ٱلدِّينِ
Wa-ʹinna ʻalaykal laʻnata ʹilaa Yawmid Deen.
තවද නියත වශයෙන් ම විනිශ්චය දිනය දක්වා නුඹට ශාපය ඇත.
-
15:36
قَالَ رَبِّ فَأَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
Q̣aala Rabbi faʹañz̤̣irneee ʹilaa Yawmi yubʻas̤oon.
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේ ය.
-
15:37
قَالَ فَإِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ
Q̣aala faʹinnaka minal muñz̤̣areen―
එසේනම් නියත වශයෙන් ම නුඹ අවකාශය දෙනු ලබන්නන් අතරිනි යැයි ඔහු පැවසුවේ ය.
-
15:38
إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ
ʹIlaa Yawmil Waq̣til Maʻloom.
නියමිත වේලාවේ දිනය දක්වා.
-
15:39
قَالَ رَبِّ بِمَآ أَغْوَيْتَنِى لَأُزَيِّنَنَّ لَهُمْ فِى ٱلْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ
Q̣aala Rabbi bimaaa ʹag̣waytanee laʹuzayyinanna lahum fil ʹarḍi walaʹug̣wiyannahum ʹajmaʻeen,―
මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කර පෙන්වන්නෙමි. තවද සැබැවින් ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි යැයි ඔහු (ෂයිතාන්) කීවේ ය.
-
15:40
إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ
ʹIllaa ʻibaadaka minhumul Mukhlaṣeen.
එහෙත් ඔවුන් අතරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර.
-
15:41
قَالَ هَـٰذَا صِرَٰطٌ عَلَىَّ مُسْتَقِيمٌ
Q̣aala haaẓaa Ṣiraaṭun ʻalayya Mustaq̣eem.
"මෙය මා වෙත පිහිටි ඍජු මාර්ගය වේ" යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
-
15:42
إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَـٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْغَاوِينَ
ʹInna ʻibaadee laysa laka ʻalayhim sulṭaanun ʹillaa manit tabaʻaka minal g̣aaween.
නියත වශයෙන් ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. එහෙත් සීමාව ඉක්මවා ගියවුන් අතරින් නුඹව පිළිපදින්නන්ට හැර.
-
15:43
وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ
Wa-ʹinna Jahannama lamawʻiduhum ʹajmaʻeen!
තවද නියත වශයෙන් ම නිරය ඔවුන් සියලු දෙනා හට ම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.
-
15:44
لَهَا سَبْعَةُ أَبْوَٰبٍ لِّكُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُومٌ
Lahaa sabʻatu ʹAbwaab: likulli Baabim minhum juzʹum maq̣soom.
"එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවක් සඳහාම ඔවුන් අතරින් වෙන් කරන ලද කොටසක් ඇත"
-
15:45
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَعُيُونٍ
ʹInnal Muttaq̣eena fee Jannaatiñw Waʻuyoon.
නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා දිය උල්පත්වල වෙති.
-
15:46
ٱدْخُلُوهَا بِسَلَـٰمٍ ءَامِنِينَ
ʹUdkhuloohaa bi-Salaamin ʹAamineen.
නුඹලා එහි නිර්භයව සාමයෙන් පිවිසෙනු.
-
15:47
وَنَزَعْنَا مَا فِى صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَٰنًا عَلَىٰ سُرُرٍ مُّتَقَـٰبِلِينَ
Wanazaʻnaa maa- fee ṣudoorihim min g̣illin ʹikhwaanan ʻalaa sururim mutaq̣aabileen.
ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු යහනාවන් මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.
-
15:48
لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُم مِّنْهَا بِمُخْرَجِينَ
Laa- yamassuhum feehaa naṣabuñw wamaa hum minhaa bimukhrajeen.
එහි ඔවුනට කිසිදු වෙහෙසක් වෙළා නො ගනී. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නො වෙති.
-
15:49
۞ نَبِّئْ عِبَادِىٓ أَنِّىٓ أَنَا ٱلْغَفُورُ ٱلرَّحِيمُ
Nabbiʹ ʻibaadeee ʹanneee ʹan al-G̣afoorur Raḥeem;
නියත වශයෙන් ම මම අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බව මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු.
-
15:50
وَأَنَّ عَذَابِى هُوَ ٱلْعَذَابُ ٱلْأَلِيمُ
Wa-ʹanna ʻAẓaabee huwal ʻAẓaabul ʹaleem.
තවද නියත වශයෙන් ම මාගේ දඬුවම වන එය මය වේදනීය දඬුවම බව ඔවුනට දන්වා සිටිනු.
-
15:51
وَنَبِّئْهُمْ عَن ضَيْفِ إِبْرَٰهِيمَ
Wa-nabbiʹhum ʻañ ḍayfi ʹIbraaheem.
තවද නුඹ ඉබ්රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳව ඔවුනට දන්වා සිටිනු.
-
15:52
إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَـٰمًا قَالَ إِنَّا مِنكُمْ وَجِلُونَ
ʹIẓ dakhaloo ʻalayhi faq̣aaloo Salaamaa! Q̣aala ʹinnaa miñkum wajiloon!
ඔවුහු ඔහු වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝ ය. නියත වශයෙන් ම අපි නුඹලා ගැන තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේ ය.
-
15:53
قَالُوا۟ لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَـٰمٍ عَلِيمٍ
Q̣aaloo laa- tawjal ʹinnaa nubashshiruka big̣ulaamin ʻaleem.
නුඹ (අප ගැන) තැති නො ගනු. නියත වශයෙන් ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝ ය.
-
15:54
قَالَ أَبَشَّرْتُمُونِى عَلَىٰٓ أَن مَّسَّنِىَ ٱلْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
Q̣aala ʹabashshartumoonee ʻalaaa ʹam massaniyal kibaru fabima tubashshiroon?
මහලු විය මා වෙළාගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේ ය.
-
15:55
قَالُوا۟ بَشَّرْنَـٰكَ بِٱلْحَقِّ فَلَا تَكُن مِّنَ ٱلْقَـٰنِطِينَ
Q̣aaloo bashsharnaaka bilḥaq̣q̣i falaa takum minal q̣aaniṭeen!
අපි නුඹට සැබෑව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂා රහිත වූවන් අතරින් නො වනු.
-
15:56
قَالَ وَمَن يَقْنَطُ مِن رَّحْمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ
Q̣aala wa-mañy yaq̣naṭu mir Raḥmati Rabbiheee ʹillaḍ ḍaaalloon?
නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ වෙනත් කවුරුන් දැ? යි ඔහු පැවසුවේ ය.
-
15:57
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ
Q̣aala famaa khaṭbukum ʹayyuhal Mursaloon?
අහෝ එවනු ලැබූවනි! නුඹලාගේ දෙසුම කුමක් දැ? යි ඔහු විමසුවේ ය.
-
15:58
قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ
Q̣aalooo ʹinnaaa ʹursilnaaa ʹilaa q̣awmim mujrimeen.
නියත වශයෙන් ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
-
15:59
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ
ʹIllaa ʹAala Looṭ: ʹinnaa lamunajjoohum ʹajmaʻeen,―
ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන් ම ඔවුන් සියලු දෙනාව අපි මුදවා ගන්නන් වෙමු.
-
15:60
إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَآ ۙ إِنَّهَا لَمِنَ ٱلْغَـٰبِرِينَ
ʹIllam raʹatahoo q̣addarnaaa ʹinnahaa laminal g̣aabireen.
එහෙත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන් ම ඇය රැඳී සිටින්නන් අතරින් යැයි අපි නිර්ණය කළෙමු.
-
15:61
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلْمُرْسَلُونَ
Falammaa jaaaʹa ʹAala Looṭinil mursaloon.
එවිට දූතයෝ ලූත්ගේ පවුලේ අය වෙත පැමිණි කල්හි,
-
15:62
قَالَ إِنَّكُمْ قَوْمٌ مُّنكَرُونَ
Q̣aala ʹinnakum q̣awmum muñkaroon.
නියත වශයෙන් ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේ ය.
-
15:63
قَالُوا۟ بَلْ جِئْنَـٰكَ بِمَا كَانُوا۟ فِيهِ يَمْتَرُونَ
Q̣aaloo bal jiʹnaaka bimaa kaanoo feehi yamtaroon.
එහෙත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමඟ අපි ඔබ වෙත පැමිණ ඇත්තෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
-
15:64
وَأَتَيْنَـٰكَ بِٱلْحَقِّ وَإِنَّا لَصَـٰدِقُونَ
Wa-ʹataynaaka bil-Ḥaq̣q̣i wa-ʹinnaa laṣaadiq̣oon.
තවද සත්‍යය සමඟ ඔබ වෙත අපි පැමිණ ඇත්තෙමු. තවද නියත වශයෙන් ම අපි සත්‍යවාදීහු ම ය.
-
15:65
فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ ٱلَّيْلِ وَٱتَّبِعْ أَدْبَـٰرَهُمْ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ وَٱمْضُوا۟ حَيْثُ تُؤْمَرُونَ
Faʹasri biʹahlika biq̣iṭʻim minal layli wattabiʻ adbaarahum wa-laa yaltafit miñkum ʹaḥaduñw wamḍoo ḥays̤u tuʹmaroon.
එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමඟ ගමන් කරනු. ඔවුන්ගේ පසුපසින් නුඹද හඹා යනු. තවද නුඹලා අතරින් කිසිවකු හෝ හැරී නො බැලිය යුතු ය. තවද නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු.
-
15:66
وَقَضَيْنَآ إِلَيْهِ ذَٰلِكَ ٱلْأَمْرَ أَنَّ دَابِرَ هَـٰٓؤُلَآءِ مَقْطُوعٌ مُّصْبِحِينَ
Wa-q̣aḍaynaaa ʹilayhi ẓaalikal ʹamra ʹanna daabira haaaʹulaaaʹi maq̣ṭooʻum muṣbiḥeen.
නියත වශයෙන් ම උදෑසන මොවුන් මුලිනුපුටා දමනු ලබනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු.
-
15:67
وَجَآءَ أَهْلُ ٱلْمَدِينَةِ يَسْتَبْشِرُونَ
Wa-jaaaʹa ʹahlul Madeenati yastabshiroon.
නගර වැසියෝ සතුටු විඳින්නට බලමින් පැමිණියෝ ය.
-
15:68
قَالَ إِنَّ هَـٰٓؤُلَآءِ ضَيْفِى فَلَا تَفْضَحُونِ
Q̣aala ʹinna haaaʹulaaaʹi ḍayfee falaa tafḍaḥoon:
නියත වශයෙන් ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නො කරනු යැයි ඔහු (ලූත්) පැවසුවේ ය.
-
15:69
وَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ
Wattaq̣ul laaha wa-laa tukhzoon.
තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නො කරනු.
-
15:70
قَالُوٓا۟ أَوَلَمْ نَنْهَكَ عَنِ ٱلْعَـٰلَمِينَ
Q̣aalooo ʹawalam nanhaka ʻanil ʻaalameen?
(එවිට) ඔවුහු ලෝවැසියන්ගෙන් අපි නුඹව නො වැළැක්වෙමු දැ? යි (ලූත්ගෙන්) විමසුවෝ ය.
-
15:71
قَالَ هَـٰٓؤُلَآءِ بَنَاتِىٓ إِن كُنتُمْ فَـٰعِلِينَ
Q̣aala haaaʹulaaaʹi banaateee ʹiñ kuñtum faaʻileen.
නුඹලා එසේ සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් මේ මාගේ දියණියන් වෙති යැයි ඔහු (ලූත්) පැවසුවේ ය.
-
15:72
لَعَمْرُكَ إِنَّهُمْ لَفِى سَكْرَتِهِمْ يَعْمَهُونَ
Laʻamruka ʹinnahum lafee sakratihim yaʻmahoon.
(නබිවරය!) නුඹගේ ආයු කාලය මත දිවුරමින්, නියත වශයෙන් ම ඔවුහු ඔවුන්ගේ උන්මාදයෙහි වියවුල්වී සිටියහ.
-
15:73
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُشْرِقِينَ
Faʹakhaẓathumuṣ Ṣayḥatu mushriq̣een.
එබැවින්, ඔවුන් උදෑසනට එළඹෙත් ම මහා හඬ ඔවුන්ව ග්‍රහණය කළේ ය.
-
15:74
فَجَعَلْنَا عَـٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِّن سِجِّيلٍ
Fajaʻalnaa ʻaaliyahaa saafilahaa wa-ʹamṭarnaa ʻalayhim ḥijaaratam miñ sijjeel.
එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වර්ෂාවක් වැස්සවීමු.
-
15:75
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّلْمُتَوَسِّمِينَ
ʹInna fee ẓaalika laʹAayaatil lilmutawassimeen.
නියත වශයෙන් ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත.
-
15:76
وَإِنَّهَا لَبِسَبِيلٍ مُّقِيمٍ
Wa-ʹinnahaa labisabeelim muq̣eem.
තවද නියත වශයෙන් ම එය ප්‍රධාන මාර්ගයේ විය.
-
15:77
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّلْمُؤْمِنِينَ
ʹInna fee ẓaalika laʹAayatal lil-Muʹmineen.
නියත වශයෙන් ම එහි දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥාවක් ඇත.
-
15:78
وَإِن كَانَ أَصْحَـٰبُ ٱلْأَيْكَةِ لَظَـٰلِمِينَ
Wa-ʹiñ kaana ʹAṣḥaabul ʹAykati laz̤̣aalimeen.
තවද සැබැවින් ම (ෂුඅයිබ්ගේ ජනයා වන) අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ.
-
15:79
فَٱنتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ
Fañtaq̣amnaa minhum. Wa-ʹinnahumaa labiʹimaamim mubeen.
එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන් ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක විය.
-
15:80
وَلَقَدْ كَذَّبَ أَصْحَـٰبُ ٱلْحِجْرِ ٱلْمُرْسَلِينَ
Wa-laq̣ad kaẓẓaba ʻAṣḥaabul ḤIJRIL mursaleen:
තවද සැබැවින් ම (සාලිහ්ගේ ජනයා වන) හිජ්ර් වැසියෝ ද රසූල්වරුන්ව බොරු කළෝ ය.
-
15:81
وَءَاتَيْنَـٰهُمْ ءَايَـٰتِنَا فَكَانُوا۟ عَنْهَا مُعْرِضِينَ
Wa-ʹaataynaahum ʹAayaatinaa fakaanoo ʻanhaa muʻriḍeen.
තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා පිටු දකින්නන් වූහ.
-
15:82
وَكَانُوا۟ يَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًا ءَامِنِينَ
Wa-kaanoo yanḥitoona minal jibaali buyootan ʹaamineen.
තවද ඔවුහු නිවෙස් වශයෙන් කඳුවල ලෙන් හාරා සුරක්ෂිතයින් ලෙස සිටියහ.
-
15:83
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُصْبِحِينَ
Faʹakhaẓathumuṣ Ṣayḥatu muṣbiḥeen.
එවිට ඔවුන් අලුයම එළඹෙත්ම මහා හඬ ඔවුන්ව ග්‍රහණය කළේ ය.
-
15:84
فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ
Famaaa ʹag̣naa ʻanhum maa kaanoo yaksiboon!
එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් ගෙන දුන්නේ නැත.
-
15:85
وَمَا خَلَقْنَا ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ ۗ وَإِنَّ ٱلسَّاعَةَ لَـَٔاتِيَةٌ ۖ فَٱصْفَحِ ٱلصَّفْحَ ٱلْجَمِيلَ
Wa-maa khalaq̣nas samaawaati wal-ʹarḍa wa-maa baynahumaaa ʹillaa bilḥaq̣q̣. Wa-ʹinnas Saaʻata laʹaatiyatuñ faṣfaḥiṣ ṣafḥal jameel.
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නො මැව්වෙමු. තවද නියත වශයෙන් ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහෙයින් අලංකාර අයුරින් සමාව දෙනු.
-
15:86
إِنَّ رَبَّكَ هُوَ ٱلْخَلَّـٰقُ ٱلْعَلِيمُ
ʹInna Rabbaka Huwal Khallaaq̣ul ʻAleem.
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මය සර්ව ඥානී මහා මැවුම්කරු.
-
15:87
وَلَقَدْ ءَاتَيْنَـٰكَ سَبْعًا مِّنَ ٱلْمَثَانِى وَٱلْقُرْءَانَ ٱلْعَظِيمَ
Wa-laq̣ad ʹaataynaaka Sabʻam minal mas̤aanee wal-Q̣urʹaanal ʻAz̤̣eem.
තවද (නබිවරය!) සැබැවින් ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන හතක්) ද අතිමහත් අල්-කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.
-
15:88
لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًا مِّنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَٱخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ
Laa- tamuddanna ʻaynayka ʹilaa maa- mattaʻnaa biheee ʹazwaajam minhum wa-laa taḥzan ʻalayhim wakhfiḍ janaaḥaka lil-Muʹmineen.
ඔවුන් අතරින් විවිධ අයට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නො කරනු. තවද ඔවුන් පිළිබඳව නුඹ දුක් නො වනු. දේවත්වය විශ්වාස කරන්නන්හට නුඹගේ පියාපත් පහත් කරනු.
-
15:89
وَقُلْ إِنِّىٓ أَنَا ٱلنَّذِيرُ ٱلْمُبِينُ
Wa-q̣ul ʹinneee ʹanan naẓeerul mubeen,―
තවද නියත වශයෙන් ම විවෘත අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු.
-
15:90
كَمَآ أَنزَلْنَا عَلَى ٱلْمُقْتَسِمِينَ
Kamaaa ʹañzalnaa ʻalal muq̣tasimeen,―
(පෙර පැවති පුස්තක බෙදා වෙන්කළ) බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන් (දඬුවම අපි ඔවුනට ද පහළ කරමු).
-
15:91
ٱلَّذِينَ جَعَلُوا۟ ٱلْقُرْءَانَ عِضِينَ
ʹAllaẓeena jaʻalul Q̣urʹaana ʻi-ḍeen.
ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝ ය.
-
15:92
فَوَرَبِّكَ لَنَسْـَٔلَنَّهُمْ أَجْمَعِينَ
Fawa-Rabbika lanasʹalannahum ʹajmaʻeen.
එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන් ම අපි විමසන්නෙමු.
-
15:93
عَمَّا كَانُوا۟ يَعْمَلُونَ
ʻAmmaa kaanoo yaʻmaloon.
ඔවුහු සිදු කරමින් සිටි දෑ පිළිබඳව (විමසන්නෙමු.)
-
15:94
فَٱصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ
Faṣdaʻ bimaa tuʹmaru wa-ʹaʻriḍ ʻanil mushrikeen.
එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිට ම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නො සලකා හරිනු.
-
15:95
إِنَّا كَفَيْنَـٰكَ ٱلْمُسْتَهْزِءِينَ
ʹInnaa kafaynaakal mustahziʹeen.
සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන් ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු.
-
15:96
ٱلَّذِينَ يَجْعَلُونَ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ ۚ فَسَوْفَ يَعْلَمُونَ
ʹAllaẓeena yajʻaloona maʻal laahi ʹilaahan ʹaakhar: fasawfa yaʻlamoon.
ඔවුහු වනාහි අල්ලාහ් සමඟ වෙනත් දෙවිඳෙකු පත් කරති. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
-
15:97
وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ
Wa-laq̣ad naʻlamu ʹannaka yaḍeeq̣u ṣadruka bimaa yaq̣ooloon.
තවද නියත වශයෙන් ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත්ව ඇති බව සැබැවින් ම අපි දනිමු.
-
15:98
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّـٰجِدِينَ
Fasabbiḥ biḥamdi Rabbika wa-kum minas Saajideen.
එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශාව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමඟ වනු.
-
15:99
وَٱعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ ٱلْيَقِينُ
Waʻbud Rabbaka ḥattaa yaʹtiyakal yaq̣een.
තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ නැමදුම් කරනු.
Surah An-NahlBegins here at 16:1
-
16:1
أَتَىٰٓ أَمْرُ ٱللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ ۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ
ʹAtaaa ʹAmrul laahi falaa tastaʻjilooh: Subḥaanahoo wa-taʻaalaa ʻammaa yushrikoon.
අල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත. එහෙයින් නුඹලා එයට ඉක්මන් නො වනු. ඔවුහු ආදේශ කරන දැයින් ඔහු සුපිවිතුරු ය. තවද උත්තරීතර ය.
-
16:2
يُنَزِّلُ ٱلْمَلَـٰٓئِكَةَ بِٱلرُّوحِ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ أَنْ أَنذِرُوٓا۟ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ
Yunazzilul malaaaʹikata birrooḥi min ʹAmrihee ʻalaa mañy yashaaaʹu min ʻibaadiheee ʹan ʹañẓirooo ʹannahoo Laaa ʹilaaha ʹillaaa ʹana fattaq̣oon.
නියත වශයෙන් ම මා හැර වෙනත් දෙවිඳෙක් නොමැත. එහෙයින් නුඹලා මට බිය බැතිමත් විය යුතු යැයි (පවසා) නුඹලා අවවාද කිරීම සඳහා ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය වෙත ඔහුගේ නියෝගයෙන් ජීවමාන(දේව පණිවිඩ)ය රැගත් මලක්වරුන් ඔහු පහළ කරයි.
-
16:3
خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ تَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ
Khalaq̣as samaawaati wal-ʹarḍa bilḥaq̣q̣: Taʻaalaa ʻammaa yushrikoon!
සත්‍යයෙන් යුතුව, අහස් හා මහපොළොව ඔහු මැව්වේ ය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය.
-
16:4
خَلَقَ ٱلْإِنسَـٰنَ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ
Khalaq̣al ʹiñsaana min nuṭfatiñ faʹiẓaa huwa khaṣeemum mubeen!
ශුක්‍රාණු බිඳුවකින් ඔහු මිනිසාව මැව්වේ ය. එවිට පවා ඔහු ප්‍රකට වාද කරන්නෙකු වී ඇත.
-
16:5
وَٱلْأَنْعَـٰمَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَـٰفِعُ وَمِنْهَا تَأْكُلُونَ
Wal-ʹanʻaama khalaq̣ahaa lakum feehaa difʹuñw wamanaafiʻu wa-minhaa taʹkuloon.
තවද ගොවිපළ සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඒවා මැව්වේ ය. එහි නුඹලාට ආරක්ෂිත ඇඟලුම් හා ප්‍රයෝජන ඇත. තවද නුඹලා ඒවායින් අනුභව කරන්නෙහු ය.
-
16:6
وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ
Wa-lakum feehaa jamaalun ḥeena tureeḥoona waḥeena tasraḥoon.
තවද ගාල් කරන්නට සවසට දක්කාගෙන එන විට ද තණ බුදින්නට (උදෑසන) දක්කාගෙන යන විට ද නුඹලාට එහි අලංකාරය ඇත.
-
16:7
وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَّمْ تَكُونُوا۟ بَـٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلْأَنفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ
Wa-taḥmilu ʹas̤q̣aalakum ʹilaa baladil lam takoonoo baalig̣eehi ʹillaa bishiq̣q̣il ʹañfus: ʹinna Rabbakum la-Raʹoofur Raḥeem.
නුඹලා අසීරුවෙන් මිස ඒ වෙත ගෙන යාමට නොහැකි වූ ගමක් වෙත උන් නුඹලාගේ බඩුබාහිරාදිය උසුලාගෙන යති. නියත වශයෙන් ම නුඹලාගේ පරමාධිපති සානුකම්පිත ය. මහා කාරුණික ය.
-
16:8
وَٱلْخَيْلَ وَٱلْبِغَالَ وَٱلْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ
Walkhayla wal-big̣aala wal-ḥameera litarkaboohaa wa-zeenah; wa-yakhluq̣u maa laa- taʻlamoon.
තවද අලංකාරයක් ලෙස ද ඒවායෙහි නැග ප්‍රවාහනය කරනු පිණිස ද අශ්වයින් කොටළුවන් හා බූරුවන් ද (ඔහු මැව්වේ ය.) තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවනු ඇත.
-
16:9
وَعَلَى ٱللَّهِ قَصْدُ ٱلسَّبِيلِ وَمِنْهَا جَآئِرٌ ۚ وَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ
Wa-ʻalal laahi q̣aṣdus Sabeeli wa-minhaa jaaaʹir: wa-law shaaaʹa lahadaakum ʹajmaʻeen.
තවද ඍජු මාර්ගය පහදා දීම අල්ලාහ් සතු ය. තවද මාර්ග අතරින් වැරදි මාර්ග ද ඇත. තවද ඔහු අභිමත කළේ නම් ඔහු නුඹලා සියලු දෙනාට මග පෙන්වන්නට තිබුණි.
-
16:10
هُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً ۖ لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ
Huwal laẓeee ʹañzala minas samaaaʹi maaaʹal lakum minhu sharaabuñw waminhu shajaruñ feehi tuseemoon.
අහසින් ජලය පහළ කළේ ඔහු ම ය. ඉන් නුඹලාට පානය ඇත. තවද එහි නුඹලා (සතුන්ට) බුදින්නට දෙන ගස් ද ඇත.
-
16:11
يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرْعَ وَٱلزَّيْتُونَ وَٱلنَّخِيلَ وَٱلْأَعْنَـٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ
Yumbitu lakum̃ bihiz zarʻa wazzaytoona wannakheela wal-ʹaʻnaaba wa-miñ kullis̤ s̤amaraat: ʹinna fee ẓaalika laʹAayatal liq̣awmiñy yatafakkaroon.
ඔහු නුඹලාට එමඟින් ගොයම ද, ඔලිව් ද, ඉඳි ද, මිදි ද තවත් සියලු බවභෝගවලින් ද හට ගන්වයි. සිතා බලන ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත.
-
16:12
وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتٌۢ بِأَمْرِهِۦٓ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يَعْقِلُونَ
Wa-sakhkhara lakumul layla wannahaara washshamsa walq̣amar; wannujoomu musakhkharaatum biʹAmrih: ʹinna fee ẓaalika laʹAayaatil liq̣awmiñy yaʻq̣iloon.
තවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහු නුඹලාට වසඟ කර දුන්නේ ය. තවද සියලු තාරකා ඔහුගේ අණසකට වසඟ කරනු ලැබ ඇත. වටහා ගන්නා ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවන් ඇත.
-
16:13
وَمَا ذَرَأَ لَكُمْ فِى ٱلْأَرْضِ مُخْتَلِفًا أَلْوَٰنُهُۥٓ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَذَّكَّرُونَ
Wa-maa ẓaraʹa lakum fil ʹarḍi mukhtalifan ʹalwaanuh: ʹinna fee ẓaalika laʹaayatal liq̣awmiñy yaẓẓakkaroon.
තවද මහපොළොවේ නුඹලාට එහි විවිධ වර්ණයෙන් වෙනස්ව බිහි කළ දෑ ද (ඔහු වසඟ කර දුන්නේ ය.) මෙනෙහි කරන ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත.
-
16:14
وَهُوَ ٱلَّذِى سَخَّرَ ٱلْبَحْرَ لِتَأْكُلُوا۟ مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُوا۟ مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى ٱلْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
Wa-Huwal laẓee sakhkharal baḥra litaʹkuloo minhu laḥmañ ṭariyyañw watastakhrijoo minhu ḥilyatañ talbasoonahaa: wa-taral fulka mawaakhira feehi wa-litabtag̣oo miñ faḍlihee wa-laʻallakum tashkuroon.
තවද ඔහු වනාහි මහ මුහුද නුඹලා එයින් නැවුම් මස් අනුභව කරනු පිණිස ද නුඹලා පලඳින ආභරණ එයින් ගොඩ ගනු පිණිස ද වසඟ කර දුන්නේ ය. තවද එහි (රළ) හාන නැව් ද නුඹ දකිනු ඇත. එමෙන් ම ඔහුගේ භාග්‍යය නුඹලා සොයනු පිණිස ද වේ. තවද (එය) නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ය.
-
16:15
وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَـٰرًا وَسُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ
Wa-ʹalq̣aa fil ʹarḍi rawaasiya ʹañ tameeda bikum wa-ʹanhaarañw wasubulal laʻallakum tahtadoon:
තවද එය නුඹලා සමඟ කම්පනය නො වනු වස් මහපොළොවේ ස්ථීරව පිහිටන කඳුහෙල් ඔහු හෙළුවේ ය. තවද ගංගා හා මාර්ග ද (ඇති කළේය). නුඹලා නිසිමග ලැබිය හැකි වනු පිණිස.
-
16:16
وَعَلَـٰمَـٰتٍ ۚ وَبِٱلنَّجْمِ هُمْ يَهْتَدُونَ
Wa-ʻalaamaat; wa-binnajmi hum yahtadoon.
තවද සලකුණු ද (ඔහු ඇති කළේ ය.) තරු මඟින් ඔවුහු නිසිමග දැන ගනු ඇත.
-
16:17
أَفَمَن يَخْلُقُ كَمَن لَّا يَخْلُقُ ۗ أَفَلَا تَذَكَّرُونَ
ʹAfamañy yakhluq̣u kamal laa yakhluq̣? ʹAfalaa taẓakkaroon?
එහෙයින් මවන්නා නොමවන අය මෙන් වේවී ද? නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?
-
16:18
وَإِن تَعُدُّوا۟ نِعْمَةَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱللَّهَ لَغَفُورٌ رَّحِيمٌ
Wa-ʹiñ taʻuddoo niʻmatal laahi laa- tuḥṣoohaa: ʹinnal laaha la-G̣afoorur Raḥeem.
අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නො කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය.
-
16:19
وَٱللَّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ
Wallaahu yaʻlamu maa- tusirroona wa-maa tuʻlinoon.
තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද අල්ලාහ් දනී.
-
16:20
وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخْلُقُونَ شَيْـًٔا وَهُمْ يُخْلَقُونَ
Wallaẓeena yadʻoona miñ doonil laahi laa- yakhluq̣oona shayʹañw wahum yukhlaq̣oon.
අල්ලාහ් හැර දමා ඔවුන් අයැද සිටින අය කිසිවක් නොමවන අතර ඔවුහු ද (අල්ලාහ් විසින්) මවනු ලබන්නෝ වෙති.
-
16:21
أَمْوَٰتٌ غَيْرُ أَحْيَآءٍ ۖ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ
ʹAmwaatun g̣ayru ʹaḥyaaaʹ: wa-maa yashʻuroona ʹayyaana yubʻas̤oon.
ඔවුහු ප්‍රාණය නොමැති මළවුන් ය. තවද ඔවුහු නැවත නැගිටුවනු ලබනුයේ කවදා දැ? යි වටහා නො ගනිති.
-
16:22
إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَٰحِدٌ ۚ فَٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌ وَهُم مُّسْتَكْبِرُونَ
ʹIlaahukum ʹIlaahuñw Waaḥid: fallaẓeena laa- yuʹminoona bil-ʹAakhirati q̣uloobuhum muñkiratuñw wahum mustakbiroon.
නුඹලාගේ දෙවිඳු එක ම දෙවිඳා ය. එහෙයින් පරමාන්ත දිනය පිළිබඳව විශ්වාස නො කරන්නන් වන ඔවුන්ගේ හදවත් (එය විශ්වාස කිරීමට) පිළිකුල් කරයි. තවද ඔවුහු අහංකාරකම් පාන්නෝ වෙති.
-
16:23
لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْتَكْبِرِينَ
Laa- jarama ʹannal laaha yaʻlamu maa- yusirroona wa-maa yuʻlinoon: ʹinnahoo laa- yuḥibbul mustakbireen.
ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන් ම අල්ලාහ් දන්නා බවට කිසිදු සැකයක් නැත. නියත වශයෙන් ම ඔහු අහංකාරකම් පාන්නන් ප්‍රිය නො කරයි.
-
16:24
وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمْ ۙ قَالُوٓا۟ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ
Wa-ʹiẓaa q̣eela lahum maaẓaaa ʹañzala Rabbukum q̣aalooo ʹasaaṭeerul ʹawwaleen?
තවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක් දැ? යි ඔවුන් විමසනු ලැබූ විට මුතුන්මිත්තන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔවුහු පැවසූහ.
-
16:25
لِيَحْمِلُوٓا۟ أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ ٱلْقِيَـٰمَةِ ۙ وَمِنْ أَوْزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيْرِ عِلْمٍ ۗ أَلَا سَآءَ مَا يَزِرُونَ
Liyaḥmilooo ʹawzaarahum kaamilatañy Yawmal Q̣iyaamati wa-min ʹawzaaril laẓeena yuḍilloonahum̃ big̣ayri ʻilm. ʹAlaa saaaʹa maa- yaziroon!
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ බර හා ඔවුන් කිසිදු දැනුමකින් තොරව නොමග හැරියවුන්ගේ බර ඔවුන් සම්පූර්ණයෙන් උසුලනු පිණිස (මෙසේ ඔවුහු පවසති.) දැන ගනු! ඔවුන් උසුලන දෑ නපුරු ය.
-
16:26
قَدْ مَكَرَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى ٱللَّهُ بُنْيَـٰنَهُم مِّنَ ٱلْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ ٱلسَّقْفُ مِن فَوْقِهِمْ وَأَتَىٰهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ
Q̣ad makaral laẓeena miñ q̣ablihim faʹatal laahu bunyaanahum minal q̣awaaʻidi fakharra ʻalayhimus saq̣fu miñ fawq̣ihim wa-ʹataahumul ʻaẓaabu min ḥays̤u laa- yashʻuroon.
ඔවුනට පෙර සිටියවුන් සැබැවින් ම කුමන්ත්‍රණ කළෝ ය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ගොඩනැගිල්ල මුලිනුපුටා දැමුවේ ය. එවිට ඔවුනට ඉහළින් ඔවුන් මත වියන ඇද වැටිණ. තවද ඔවුන් නො සිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේ ය.
-
16:27
ثُمَّ يَوْمَ ٱلْقِيَـٰمَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تُشَـٰٓقُّونَ فِيهِمْ ۚ قَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ إِنَّ ٱلْخِزْىَ ٱلْيَوْمَ وَٱلسُّوٓءَ عَلَى ٱلْكَـٰفِرِينَ
S̤umma Yawmal Q̣iyaamati yukhzeehim wa-yaq̣oolu ʹayna shurakaaaʹiyal laẓeena kuñtum tushaaaq̣q̣oona feehim? Q̣aalal laẓeena ʹootul ʻilma ʹinnal khizyal yawma wassoooʹa ʻalal kaafireen,―
පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු (අල්ලාහ්) ඔවුන්ව අවමානයට ලක් කරයි. තවද නුඹලා තර්ක කරමින් සිටි එවන් මගේ හවුල්කරුවන් කොහේ දැ? යි විමසයි. නියත වශයෙන් ම අද දින නින්දාව හා නපුර දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත යැයි ඥානය දෙනු ලැබූවන් පවසති.
-
16:28
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَـٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ ۖ فَأَلْقَوُا۟ ٱلسَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِن سُوٓءٍۭ ۚ بَلَىٰٓ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا كُنتُمْ تَعْمَلُونَ
ʹAllaẓeena tatawaffaahumul malaaaʹikatu z̤̣aalimeee ʹañfusihim. Faʹalq̣awus salama maa- kunnaa naʻmalu miñ soooʹ. Balaaa ʹInnal laaha ʻAleemum bimaa kuntum taʻmaloon.
ඔවුන් වනාහි තමන් විසින් ම තමන්ට අපරාධ කරමින් සිටිය දී සුරදූතයින් ඔවුන්ව මරණයට පත් කළ අය වෙති. එවිට ඔවුන් (සුරදූතයින් වෙත) "අපි කිසිදු නපුරක් නො කළෙමු" යැයි පවසමින් යටහත්භාවය ඉදිරිපත් කරති. එසේ නොව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.
-
16:29
فَٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَا ۖ فَلَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ
Fadkhulooo ʹabwaaba Jahannama khaalideena feeha. Falabiʹsa mas̤wal mutakabbireen.
එහෙයින් නුඹලා නිරයේ දොරටුවලින් එහි සදාතනිකයින් ලෙස ඇතුලු වනු. එවිට එම අහංකාරයින්ගේ නවාතැන සැබැවින් ම නපුරු විය.
-
16:30
۞ وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوْا۟ مَاذَآ أَنزَلَ رَبُّكُمْ ۚ قَالُوا۟ خَيْرًا ۗ لِّلَّذِينَ أَحْسَنُوا۟ فِى هَـٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌ ۚ وَلَدَارُ ٱلْـَٔاخِرَةِ خَيْرٌ ۚ وَلَنِعْمَ دَارُ ٱلْمُتَّقِينَ
Wa-q̣eela lillaẓeenat taq̣aw maaẓaaa ʹañzala Rabbukum? Q̣aaloo khayraa. Lillaẓeena ʹaḥsanoo fee haaẓihid dunyaa ḥasanah. Wa-la-Daarul ʹAakhirati khayr. Wa-laniʻma Daarul Muttaq̣een,―
තවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක් දැ? යි බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන්ගෙන් විමසනු ලැබී ය. යහපතය යැයි ඔවුහු පැවසූහ. දැහැමි දෑ කළවුනට මෙලොවෙහි යහපත ඇත. එමෙන් ම මතු ලොව නිවහන උතුම් ය. තවද බිය බැතිමතුන්ගේ නිවහන යහපත් විය.
-
16:31
جَنَّـٰتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ لَهُمْ فِيهَا مَا يَشَآءُونَ ۚ كَذَٰلِكَ يَجْزِى ٱللَّهُ ٱلْمُتَّقِينَ
Jannaatu ʻAdniñy yadkhuloonahaa tajree miñ taḥtihal ʹanhaaru lahum feehaa maa- yashaaaʹoon: kaẓaalika yajzil laahul Muttaq̣een,―
අද්න් (නම් සදා ස්ථීරව පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. ඔවුන් අභිමත කරන දෑ එහි ඔවුනට ඇත. බිය බැතිමතුන්හට අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
-
16:32
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَـٰٓئِكَةُ طَيِّبِينَ ۙ يَقُولُونَ سَلَـٰمٌ عَلَيْكُمُ ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ بِمَا كُنتُمْ تَعْمَلُونَ
ʹAllaẓeena tatawaffaahumul malaaaʹikatu ṭayyibeena yaq̣ooloona Salaamun ʻalaykumud khulul Jannata bimaa kuñtum taʻmaloon.
ඔවුන් වනාහි ඔවුන් දැහැමියන්ව සිටිය දී මලක්වරුන් ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කර ගන්නා අය වෙති. නුඹලාට සලාම් (ශාන්තිය) අත්වේවා! නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් (ස්වර්ග) උයනට නුඹලා පිවිසෙනු යැයි ඔවුහු පවසති.
-
16:33
هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَـٰٓئِكَةُ أَوْ يَأْتِىَ أَمْرُ رَبِّكَ ۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ
Hal yañz̤̣uroona ʹillaaa ʹañ taʹtiyahumul malaaaʹikatu ʹaw yaʹtiya ʹAmru Rabbik? Kaẓaalika faʻalal laẓeena miñ q̣ablihim. Wa-maa z̤̣alamahumul laahu wa-laakiñ kaanooo ʹañfusahum yaz̤̣limoon.
ඔවුන් වෙත මලක්වරුන් පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ නියෝගය පැමිණීම හෝ හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝ ද? ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද මෙලෙස ම ය. අල්ලාහ් ඔවුනට අපරාධ නො කළේ ය. එනමුත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගත්තෝ ය.
-
16:34
فَأَصَابَهُمْ سَيِّـَٔاتُ مَا عَمِلُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
Faʹaṣaabahum sayyiʹaatu maa- ʻamiloo waḥaaq̣a bihim maa kaanoo bihee yastahziʹoon.
එහෙයින් ඔවුන් සිදු කළ දෑහි නපුරු විපාක ඔවුනට අත් විය. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේ ය.
-
16:35
وَقَالَ ٱلَّذِينَ أَشْرَكُوا۟ لَوْ شَآءَ ٱللَّهُ مَا عَبَدْنَا مِن دُونِهِۦ مِن شَىْءٍ نَّحْنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمْنَا مِن دُونِهِۦ مِن شَىْءٍ ۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ فَهَلْ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ
Wa-q̣aalal laẓeena ʹashrakoo law shaaaʹal laahu maa- ʻabadnaa miñ doonihee miñ shayʹin naḥnu wa-laaa ʹaabaaaʹunaa wa-laa ḥarramnaa miñ doonihee miñ shayyʹ. Kaẓaalika faʻalal laẓeena miñ q̣ablihim Fahal ʻalar rusuli ʹillal Balaag̣ul Mubeen?
තවද අල්ලාහ් අභිමත කළේ නම් අප හෝ අපගේ මුතුන්මිත්තන් හෝ ඔහු හැර වෙනත් කිසිවකු නො නමදින්නට තිබුණි. එමෙන් ම ඔහුගේ නියෝගයෙන් තොරව කිසිවක් තහනම් නො කරන්නට තිබුණි යැයි අල්ලාහ්ට ආදේශ කළවුන් පැවසූහ. ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද එලෙස ම ය. (අපගේ නිවේදනය) පැහැදිලිව දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් රසූල්වරුන් වෙත වී ද?
-
16:36
وَلَقَدْ بَعَثْنَا فِى كُلِّ أُمَّةٍ رَّسُولًا أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱجْتَنِبُوا۟ ٱلطَّـٰغُوتَ ۖ فَمِنْهُم مَّنْ هَدَى ٱللَّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ ٱلضَّلَـٰلَةُ ۚ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُكَذِّبِينَ
Wa-laq̣ad baʻas̤naa fee kulli ʹummatir rasoolan ʹaniʻ budul laaha wajtanibuṭ Ṭaag̣oot; faminhum man hadal laahu wa-minhum man ḥaq̣q̣at ʻalayhiḍ ḍalaalah. Faseeroo fil ʹarḍi fañz̤̣uroo kayfa kaana ʻaaq̣ibatul mukaẓẓibeen.
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද නපුරු බලවේගවලින් වැළකී සිටිනු යැයි (දන්වා) සැබැවින් ම අපි සෑම සමූහයකට ම රසූල්වරයකු එව්වෙමු. එහෙයින් ඔවුන් අතරින් අල්ලාහ් මග පෙන්වූවන් වෙති. එමෙන් ම ඔවුන් අතරින් තමන් වෙත නොමග නියම වූවන් ද වෙති. එහෙයින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අවධානයෙන් බලනු.
-
16:37
إِن تَحْرِصْ عَلَىٰ هُدَىٰهُمْ فَإِنَّ ٱللَّهَ لَا يَهْدِى مَن يُضِلُّ ۖ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ
ʹIñ taḥriṣ ʻalaa hudaahum faʹinnal laaha laa- yahdee mañy yuḍillu wa-maa lahum min naaṣireen.
ඔවුන්ගේ යහ මග පිළිබඳ නුඹ ආශා කළ ද නියත වශයෙන් ම අල්ලාහ් නොමග හැරියවුනට මග නො පෙන්වනු ඇත. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවකු ද නොමැත.
-
16:38
وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ ۙ لَا يَبْعَثُ ٱللَّهُ مَن يَمُوتُ ۚ بَلَىٰ وَعْدًا عَلَيْهِ حَقًّا وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
Wa-ʹaq̣samoo billaahi jahda ʹaymaanihim laa- yabʻas̤ul laahu mañy yamoot: balaa waʻdan ʻalayhi ḥaq̣q̣añw walaakinna ʹaks̤aran naasi laa- yaʻlamoon.
තවද මියැදෙන්නන් අල්ලාහ් අවදි නො කරනු ඇතැයි ඔවුන් ස්ථීර විශ්වාසයෙන් යුතුව අල්ලාහ් මත දිවුරා පවසති. එසේ නොව එය ඔහු වෙත වූ සැබෑ ප්‍රතිඥාවකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
-
16:39
لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِى يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّهُمْ كَانُوا۟ كَـٰذِبِينَ
Liyubayyina lahumul laẓee yakhtalifoona feehi wa-liyaʻlamal laẓeena kafarooo ʹannahum kaanoo kaaẓibeen.
ඔවුහු කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තෝ ද එය ඔවුනට ඔහු පැහැදිලි කරනු පිණිස ද නියත වශයෙන් ම තමන් මුසාවාදීහු වූවෙහි යැයි ප්‍රතික්ෂේප කළවුන් දැන ගනු පිණිස ද (එලෙස මළවුන් කෙරෙන් අවදි කරනු ලබනු ඇත.)
-
16:40
إِنَّمَا قَوْلُنَا لِشَىْءٍ إِذَآ أَرَدْنَـٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ
ʹInnamaa q̣awlunaa lishayʹin ʹiẓaaa ʹaradnaahu ʹan naq̣oola lahoo Kuñ Fayakoon.
යම් දෙයක් අපි අභිමත කළ විට ඒ සඳහා අපගේ ප්‍රකාශය වනුයේ ‘කුන්’ (වනු) යැයි පැවසීම ය. එවිට එය සිදු වනු ඇත.
-
16:41
وَٱلَّذِينَ هَاجَرُوا۟ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ لَنُبَوِّئَنَّهُمْ فِى ٱلدُّنْيَا حَسَنَةً ۖ وَلَأَجْرُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ
Wallaẓeena haajaroo fil laahi mim baʻdi maa- z̤̣ulimoo lanubawwiʹannahum fid dunyaa ḥasanah; wa-laʹajrul ʹAakhirati ʹakbar. Law kaanoo yaʻlamoon!
තවද අපරාධ කරනු ලැබූවායින් පසුව අල්ලාහ් විෂයයෙහි නික්ම ගියවුන් වන ඔවුනට මෙලොවෙහි යහපත් ලෙස ඉඩ සලසා දෙන්නෙමු. තවද මතුලොව ප්‍රතිඵල අතිමහත් ය. ඔවුහු එය දැන සිටියාහු නම්.
-
16:42
ٱلَّذِينَ صَبَرُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
ʹAllaẓeena ṣabaroo wa-ʻalaa Rabbihim yatawakkaloon.
ඔවුන් වනාහි ඉවසා දරා ගත් අය වෙති. එමෙන් ම තම පරමාධිපති වෙත (සියල්ල) භාරකරන්නන් වෙති.
-
16:43
وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًا نُّوحِىٓ إِلَيْهِمْ ۚ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ
Wa-maaa ʹarsalnaa miñ q̣ablika ʹillaa rijaalan nooḥeee ʹilayhim, fasʹalooo ʹahlaẓ Ẓikri ʹiñ kuñtum laa- taʻlamoon,―
තවද නුඹට පෙර සිටම, අපි ඔවුන් වෙත දේව පණිවිඩ දන්වමින් එවන ලද්දේ පිරිමීන් මිස වෙනත් කිසිවකු නො වේ. එහෙයින් නුඹලා නොදැන සිටියෙහු නම් දැනුමැත්තන්ගෙන් විමසනු.
-
16:44
بِٱلْبَيِّنَـٰتِ وَٱلزُّبُرِ ۗ وَأَنزَلْنَآ إِلَيْكَ ٱلذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ
Bil-Bayyinaati waz-Zubur; wa-ʹañzalnaaa ʹilaykaẓ Ẓikra litubayyina linnaasi maa- nuzzila ʹilayhim wa-laʻallahum yatafakkaroon.
පැහැදිලි සාධක හා ධර්ම ග්‍රන්ථ සමඟ (ඔවුහු පැමිණියහ.) තවද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ජනයාට නුඹ පැහැදිලි කරනු පිණිස නුඹ වෙත (අල් කුර්ආනය හෙවත්) මෙම මෙනෙහි කිරීම අපි පහළ කළෙමු. තවද එය ඔවුන් සිතා බලනු පිණිස ය.
-
16:45
أَفَأَمِنَ ٱلَّذِينَ مَكَرُوا۟ ٱلسَّيِّـَٔاتِ أَن يَخْسِفَ ٱللَّهُ بِهِمُ ٱلْأَرْضَ أَوْ يَأْتِيَهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ
ʹA-faʹaminal laẓeena makarus sayyiʹaati ʹañy yakhsifal laahu bihimul ʹarḍa ʹaw yaʹtiyahumul ʻaẓaabu min ḥays̤u laa- yashʻuroon?
නපුරුකම් කුමන්ත්‍රණය කළවුන් අල්ලාහ් ඔවුන්ව මහපොළොවෙහි ගිලා බැස්සවීම පිළිබඳව හෝ ඔවුන් නො සිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුන් නිර්භියව සිටිත් ද?
-
16:46
أَوْ يَأْخُذَهُمْ فِى تَقَلُّبِهِمْ فَمَا هُم بِمُعْجِزِينَ
ʹAw yaʹkhuẓahum fee taq̣allubihim famaa hum̃ bimuʻjizeen?―
එසේ නොමැති නම් ඔවුන් සැරිසැරීමේ දී ඔවුන්ව ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භියව සිටිත් ද?) තවද ඔවුන් (අල්ලාහ් ව) නො හැකියාවට පත් කරන්නන් නො වෙති.
-
16:47
أَوْ يَأْخُذَهُمْ عَلَىٰ تَخَوُّفٍ فَإِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ
ʹAw yaʹkhuẓahum ʻalaa takhawwuf: faʹinna Rabbakum la-Raʹoofur Raḥeem.
එසේ නොමැති නම් බියෙන් පසුවෙමින් සිටිය දී ඔහු ඔවුන් ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භියව සිටිත් ද?) නමුත් නුඹගේ පරමාධිපති මහත් සෙනෙහෙවන්ත ය; මහා කරුණා ගුණයෙන් යුක්ත ය.
-
16:48
أَوَلَمْ يَرَوْا۟ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَىْءٍ يَتَفَيَّؤُا۟ ظِلَـٰلُهُۥ عَنِ ٱلْيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدًا لِّلَّهِ وَهُمْ دَٰخِرُونَ
ʹA-walam yaraw ʹilaa maa- khalaq̣al laahu miñ shayʹiñy yatafayyaʹu z̤̣ilaaluhoo ʻanil yameeni washshamaaaʹili sujjadal lillaahi wa-hum daakhiroon?
අල්ලාහ් කවර දෙයක් මැව්වේ ද (ඒ) කිසිවක් දෙස ඔවුහු අවධානයෙන් නො බැලුවෝ ද? එහි සෙවණැල්ල දකුණතට හා වම්පැතිවලට නැඹුරු වී යටහත් පහත්ව අල්ලාහ්ට සිරස නමා වැඳ වැටෙයි.
-
16:49
وَلِلَّهِ يَسْجُدُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ مِن دَآبَّةٍ وَٱلْمَلَـٰٓئِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ
Wa-lillaahi yasjudu maa- fis samaawaati wa-maa fil ʹarḍi miñ daaabbatiñw walmalaaaʹikatu wa-hum laa- yastakbiroon,
තවද ජීවීන්ගෙන් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ද මලක්වරුන්ද අල්ලාහ්ට සුජූද් කරති. තවද ඔවුහු උඩඟු නො වෙති.
-
16:50
يَخَافُونَ رَبَّهُم مِّن فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ ۩
Yakhaafoona Rabbahum miñ fawq̣ihim wayafʻaloona maa- yuʹmaroon.
ඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු සිදු කරති.
-
16:51
۞ وَقَالَ ٱللَّهُ لَا تَتَّخِذُوٓا۟ إِلَـٰهَيْنِ ٱثْنَيْنِ ۖ إِنَّمَا هُوَ إِلَـٰهٌ وَٰحِدٌ ۖ فَإِيَّـٰىَ فَٱرْهَبُونِ
Waq̣aalal laahu laa- tattakhiẓooo ʹilaahaynis̤ nayn: ʹinnamaa Huwa ʹIlaahuñw Waaḥid: faʹiyyaaya farhaboon.
තවද නුඹලා දෙවියන් දෙදෙනෙකු වශයෙන් නො ගනු. නියත වශයෙන් ම ඔහු එක ම දෙවිඳා ය. එබැවින් මට ම නුඹලා බිය වනු යැයි අල්ලාහ් පැවසුවේ ය.
-
16:52
وَلَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَلَهُ ٱلدِّينُ وَاصِبًا ۚ أَفَغَيْرَ ٱللَّهِ تَتَّقُونَ
Walahoo maa- fis samaawaati wal-ʹarḍi wa-lahud Deenu waaṣibaa: ʹafag̣ayral laahi tattaq̣oon?
තවද අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සතු ය. තවද සදා අවනතභාවය ද ඔහු සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් නො වන දෑට බිය බැතිමත් වන්නෙහු ද?
-
16:53
وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ ٱللَّهِ ۖ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيْهِ تَجْـَٔرُونَ
Wa-maa bikum min niʻmatiñ faminal laahi s̤umma ʹiẓaa massakumuḍ ḍurru faʹilayhi tajʹaroon;
තවද නුඹලාට කවර හෝ ආශිර්වාදයක් වී නම් එය අල්ලාහ්ගෙනි. පසුව නුඹලාට යම් හානියක් අත් වූ විට නුඹලා විලාප නගනුයේ ඔහු වෙත ම ය.
-
16:54
ثُمَّ إِذَا كَشَفَ ٱلضُّرَّ عَنكُمْ إِذَا فَرِيقٌ مِّنكُم بِرَبِّهِمْ يُشْرِكُونَ
S̤umma ʹiẓaa kashafaḍ ḍurra ʻañkum ʹiẓaa fareeq̣um miñkum̃ bi-Rabbihim yushrikoon.
පසුව නුඹලාගෙන් එම හානිය ඔහු ඉවත් කළ විට, එම අවස්ථාවේ නුඹලා අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ කරති.
-
16:55
لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَـٰهُمْ ۚ فَتَمَتَّعُوا۟ ۖ فَسَوْفَ تَعْلَمُونَ
Liyakfuroo bimaaa ʹaataynaahum! Fatamattaʻoo; fasawfa taʻlamoon!
අපි ඔවුනට පිරිනැමූ දෑ ඔවුන් ප්‍රතික්ෂේප කරනු පිණිස ය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. නුඹලා මතු දැන ගනු ඇත.
-
16:56
وَيَجْعَلُونَ لِمَا لَا يَعْلَمُونَ نَصِيبًا مِّمَّا رَزَقْنَـٰهُمْ ۗ تَٱللَّهِ لَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَفْتَرُونَ
Wa-yajʻaloona limaa laa- yaʻlamoona naṣeebam mimmaa razaq̣naahum! Tallaahi latusʹalunna ʻammaa kuñtum taftaroon.
තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් කොටසක් ඔවුන් නො දන්නා දෑට තබති. අල්ලාහ් මත දිවුරමින් නුඹලා ගොතමින් සිටි දෑ පිළිබඳව නියත වශයෙන් ම නුඹලා විමසනු ලබනු ඇත.
-
16:57
وَيَجْعَلُونَ لِلَّهِ ٱلْبَنَـٰتِ سُبْحَـٰنَهُۥ ۙ وَلَهُم مَّا يَشْتَهُونَ
Wa-yajʻaloona lillaahil banaati Subḥaanahoo wa-lahum maa yashtahoon!
තවද අල්ලාහ්ට දූවරුන් පත් කොට ඔවුනට ඔවුන් ප්‍රිය කරන දෑ (පුතුන්) පත් කර ගනිති. (ඔවුන් සිතන දැයින්) ඔහු සුවිශුද්ධ ය.
-
16:58
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلْأُنثَىٰ ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ
Wa-ʹiẓaa bushshira ʹaḥaduhum̃ bil-ʹuñs̤aa z̤̣alla wajhuhoo muswaddañw wahuwa kaz̤̣eem!
තවද ඔවුන්ගෙන් එක් අයකුට ගැහැනු දරුවකු පිළිබඳ ශුභාරංචි දන්වනු ලැබුවේ නම් ඔහු කෝපයට පත්වෙමින් ඔහුගේ මුහුණ කළු පැහැ වනු ඇත.
-
16:59
يَتَوَٰرَىٰ مِنَ ٱلْقَوْمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓ ۚ أَيُمْسِكُهُۥ عَلَىٰ هُونٍ أَمْ يَدُسُّهُۥ فِى ٱلتُّرَابِ ۗ أَلَا سَآءَ مَا يَحْكُمُونَ
Yatawaaraa minal q̣awmi miñ soooʹi maa- bushshira bih! ʹA-yumsikuhoo ʻalaa hoonin ʹam yadussuhoo fit turaab? ʹAlaa saaaʹa maa- yaḥkumoon?
කවර දෙයක් පිළිබඳව ඔහුට ශුභාරංචි දෙනු ලැබුවේ ද එහි නපුර හේතුවෙන් එය අවමානය සමඟ රඳවා තබා ගන්නේ ද එසේ නැතහොත් වැල්ලෙහි සඟවන්නේ දැ? යි සිතා ජනයාගෙන් ඔහු සැඟවෙන්නට බලයි. දැන ගනු! ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
-
16:60
لِلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ مَثَلُ ٱلسَّوْءِ ۖ وَلِلَّهِ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
Lillaẓeena laa- yuʹminoona bil-ʹAakhirati mas̤alus sawʹ: wa-lillaahil Mas̤alul ʹAʻlaa: wa-Huwal ʻAzeezul Ḥakeem.
මතු ලොව පිළිබඳ විශ්වාස නො කළවුනට ඇත්තේ නපුරු උදාහරණයකි. අල්ලාහ්ට ඇත්තේ උසස් උදාහරණයකි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
-
16:61
وَلَوْ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَآبَّةٍ وَلَـٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ۖ فَإِذَا جَآءَ أَجَلُهُمْ لَا يَسْتَـْٔخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ
Wa-law yuʹaakhiẓul laahun naasa biz̤̣ulmihim maa taraka ʻalayhaa miñ daaabbatiñw walaakiñy yuʹakhkhiruhum ʹilaaa ʹajalim musammaa: faʹiẓaa jaaaʹa ʹajaluhum laa- yastaʹkhiroona saaʻatañw walaa yastaq̣dimoon.
තවද ජනයාගේ අපරාධ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ප්‍රාණියෙක් ඔහු අත් හැර නො දමන්නට තිබුණි. එනමුත් නියමිත කාලයක් දක්වා ඔහු ඔවුන්ව ප්‍රමාද කරයි. ඔවුන්ගේ කාලය පැමිණි විට මොහොතක් හෝ ඔවුන් ප්‍රමාද නො වන අතර ඔවුන් ඉක්මන් ද නො වනු ඇත.
-
16:62
وَيَجْعَلُونَ لِلَّهِ مَا يَكْرَهُونَ وَتَصِفُ أَلْسِنَتُهُمُ ٱلْكَذِبَ أَنَّ لَهُمُ ٱلْحُسْنَىٰ ۖ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفْرَطُونَ
Wa-yajʻaloona lillaahi maa- yakrahoona wa-taṣifu ʹalsinatuhumul kaẓiba ʹanna lahumul ḥusnaa: laa- jarama ʹanna lahumun Naara wa-ʹannahum mufraṭoon!
තවද ඔවුන් පිළිකුල් කරන දෑ අල්ලාහ්ට තබති. නියත වශයෙන් ම තමන්ට යහපත හිමි යැයි ඔවුන්ගේ දිවවල් බොරුව වර්ණනා කරති. නියත වශයෙන් ම ඔවුනට (නිරා) ගින්න ඇති බවටත් නියත වශයෙන් ම ඔවුන් (නිරා ගින්නෙහි) ප්‍රමුඛත්වය දෙනු ලැබූවන් බවටත් කිසිදු සැකයක් නොමැත.
-
16:63
تَٱللَّهِ لَقَدْ أَرْسَلْنَآ إِلَىٰٓ أُمَمٍ مِّن قَبْلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ أَعْمَـٰلَهُمْ فَهُوَ وَلِيُّهُمُ ٱلْيَوْمَ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
Tallaahi laq̣ad ʹarsalnaaa ʹilaaa ʹumamim miñ q̣ablika fazayyana lahumush Shayṭaanu ʹaʻmaalahum fahuwa waliyyuhumul yawma wa-lahum ʻaẓaabun ʹaleem.
අල්ලාහ් මත දිවුරමින්. නුඹට පෙර සිටම, සැබැවින් ම අපි සමූහයන් වෙත ධර්ම දූතයින් එව්වෙමු. එහෙත් ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාරවත් කළේ ය. එහෙයින් අද දින ඔවුන්ගේ භාරකරු ඔහු ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
-
16:64
وَمَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِى ٱخْتَلَفُوا۟ فِيهِ ۙ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ
Wa-maaa ʹañzalnaa ʻalaykal Kitaaba ʹillaa litubayyina lahumul laẓikh talafoo feehi wa-hudañw waraḥmatal liq̣awmiñy yuʹminoon.
තවද කවර දෙයක ඔවුන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එය ඔවුනට නුඹ පැහැදිලි කරනු පිණිස ද දේවත්වය විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයක් වනු පිණිස ද මිස අපි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ නො කළෙමු.
-
16:65
وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَسْمَعُونَ
Wallaahu ʹañzala minas samaaaʹi maaaʹañ faʹaḥyaa bihil ʹarḍa baʻda mawtihaa: ʹinna fee ẓaalika laʹAayatal liq̣awmiñy yasmaʻoon.
තවද අල්ලාහ් අහසින් ජලය පහළ කොට මහපොළොව මිය ගිය පසුව එමඟින් ඔහු එය ප්‍රාණවත් කරයි. සවන් දෙන ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත.
-
16:66
وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَـٰمِ لَعِبْرَةً ۖ نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهِۦ مِنۢ بَيْنِ فَرْثٍ وَدَمٍ لَّبَنًا خَالِصًا سَآئِغًا لِّلشَّـٰرِبِينَ
Wa-ʹinna lakum fil ʹanʻaami laʻIbrah. Nusq̣eekum mimmaa fee buṭoonihee mim bayni fars̤iñw wadamil labanan khaaliṣañ saaaʹig̣allish shaaribeen.
තවද නියත වශයෙන් ම ගොවිපළ සතුන් තුළ නුඹලාට ආදර්ශයක් ඇත. උන්ගේ කුස තුළ මල හා ලේ අතර වූ දැයින් පානය කරන්නන්හට රසවත් පිරිසිදු කිරි අපි නුඹලාට පානය කිරීමට සපයන්නෙමු.
-
16:67
وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلْأَعْنَـٰبِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَعْقِلُونَ
Wa-miñ s̤amaraatin nakheeli wal-ʹaʻnaabi tattakhiẓoona minhu sakarañw warizq̣an ḥasanaa: ʹinna fee ẓaalika laʹAayatal liq̣awmiñy yaʻq̣iloon.
තවද ඉඳි හා මිදි (වැනි) පලතුරුවලින් ද (පානය කිරීමට සපයන්නෙමු.) නුඹලා ඉන් මත් පැන් හා ප්‍රණීත ආහාර ගන්නෙහු ය. නියත වශයෙන් ම එහි අවබෝධ කර ජනයාට සංඥාවක් ඇත.
-
16:68
وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ
Wa-ʹawḥaa Rabbuka ʹilan NAḤLI ʹanit takhiẓee minal jibaali buyootañw waminash shajari wa-mimmaa yaʻrishoon;
තවද කඳුවල ද ගස්වල ද ඔවුන් ඉදි කරන දෑහි ද නුඹ නිවෙස් තනා ගනුයි මී මැස්සියට නුඹගේ පරමාධිපති හැඟෙව්වේ ය.
-
16:69
ثُمَّ كُلِى مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسْلُكِى سُبُلَ رَبِّكِ ذُلُلًا ۚ يَخْرُجُ مِنۢ بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَٰنُهُۥ فِيهِ شِفَآءٌ لِّلنَّاسِ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ
S̤umma kulee miñ kullis̤ s̤amaraati faslukee subula Rabbiki ẓululaa. Yakhruju mim buṭoonihaa sharaabum mukhtalifun ʹalwaanuhoo feehi shifaaaʹul linnaas: ʹinna fee ẓaalika laʹAayatal liq̣awmiñy yatafakkaroon.
පසුව නුඹ සියලු පලතුරුවලින් අනුභව කර නුඹගේ පරමාධිපතිගේ මං මාවත්වල පහසුවෙන් ගමන් ගනු. උගේ කුස තුළින් එහි විවිධ වර්ණයෙන් වූ පානය පිටවෙයි. එහි ජනයාට සුවය ඇත. නියත වශයෙන් ම එහි සිතා බලන ජනයාහට සංඥාවක් ඇත.
-
16:70
وَٱللَّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّىٰكُمْ ۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَىْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْـًٔا ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ قَدِيرٌ
Wallaahu khalaq̣akum s̤umma yatawaffaakum wa-miñkum mañy yuraddu ʹilaaa ʹarẓalil ʻumuri likay laa- yaʻlama baʻda ʻilmiñ shayʹaa: ʹinnal laaha ʻAleemuñ Q̣adeer.
තවද අල්ලාහ් නුඹලාව මැව්වේ ය. පසුව නුඹලාව ඔහු මරණයට පත් කරන්නේ ය. දැනුම ලැබුවායින් පසු කිසිවක් දැනගත නොහැකි පරිදි දුබල වියට යොමු කරනු ලබන්නන් ද නුඹලා අතර වෙති. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; මහා ශක්තිවන්ත ය.
-
16:71
وَٱللَّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ فِى ٱلرِّزْقِ ۚ فَمَا ٱلَّذِينَ فُضِّلُوا۟ بِرَآدِّى رِزْقِهِمْ عَلَىٰ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَهُمْ فِيهِ سَوَآءٌ ۚ أَفَبِنِعْمَةِ ٱللَّهِ يَجْحَدُونَ
Wallaahu faḍḍala baʻḍakum ʻalaa baʻḍiñ fir rizq̣: famal laẓeena fuḍḍiloo biraaaddee rizq̣ihim ʻalaa maa- malakat ʹaymaanuhum fahum feehi sawaaaʹ. ʹAfabiniʻmatil laahi yajḥadoon?
තවද අල්ලාහ් නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට වඩා සම්පත්වලින් උසස් කළේ ය. එසේ උසස් කරනු ලැබූවන් ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ දකුණත් හිමිකර ගත් අයට දී ඔවුන් තමන්ට සමානයින් බවට පත් කර නො ගනී. එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?
-
16:72
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًا وَجَعَلَ لَكُم مِّنْ أَزْوَٰجِكُم بَنِينَ وَحَفَدَةً وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَـٰتِ ۚ أَفَبِٱلْبَـٰطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ ٱللَّهِ هُمْ يَكْفُرُونَ
Wallaahu jaʻala lakum min ʹañfusikum ʹazwaajañw Wajaʻala lakum min ʹazwaajikum baneena waḥafadatañw warazaq̣akum minaṭ ṭayyibaat: ʹafabilbaaṭili yuʹminoona wa-biniʻmatil laahi hum yakfuroon?―
තවද නුඹලා තුළින් ම නුඹලාට කලත්‍රයන් අල්ලාහ් ඇති කළේ ය. තවද නුඹලාගේ කලත්‍රයන් තුළින් නුඹලාට දරුවන් හා මුණුබුරන් ඇති කළේ ය. තවද නුඹලාට යහපත් දැයින් පෝෂණය කළේ ය. එහෙයින් ඔවුහු අසත්‍යය විශ්වාස කර අල්ලාහ්ගේ ආශිර්වාදය ප්‍රතික්ෂේප කරන්නෝ ද?
-
16:73
وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمْلِكُ لَهُمْ رِزْقًا مِّنَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ شَيْـًٔا وَلَا يَسْتَطِيعُونَ
Wa-yaʻbudoona miñ doonil laahi maa laa- yamliku lahum rizq̣am minas samaawaati wal-ʹarḍi shayʹañw walaa yastaṭeeʻoon?
තවද අල්ලාහ් හැර දමා, අහස්වලින් හෝ මහපොළොවෙන් හෝ කිසිදු පෝෂණයකට හිමිකම් නොමැති එමෙන් ම (කිසිදු) හැකියාවක් නොමැති දෑට ඔවුහු නැමදුම් කරන්නෝ ද.
-
16:74
فَلَا تَضْرِبُوا۟ لِلَّهِ ٱلْأَمْثَالَ ۚ إِنَّ ٱللَّهَ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ
Falaa taḍriboo lillaahil ʹams̤aal: ʹinnal laaha yaʻlamu waʹañtum laa- taʻlamoon.
එහෙයින් නුඹලා අල්ලාහ්ට උපමාවන් ගෙන හැර නො දක්වනු. නියත වශයෙන් ම අල්ලාහ් දනී. එහෙත් නුඹලා නො දන්නෙහු ය.
-
16:75
۞ ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبْدًا مَّمْلُوكًا لَّا يَقْدِرُ عَلَىٰ شَىْءٍ وَمَن رَّزَقْنَـٰهُ مِنَّا رِزْقًا حَسَنًا فَهُوَ يُنفِقُ مِنْهُ سِرًّا وَجَهْرًا ۖ هَلْ يَسْتَوُۥنَ ۚ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
Ḍarabal laahu Mas̤alan ʻabdam mamlookal laa yaq̣diru ʻalaa shayʹiñw wamar razaq̣naahu minnaa rizq̣an ḥasanañ fahuwa yuñfiq̣u minhu sirrañw wajahraa: hal yastawoon? ʹAl-Ḥamdu lillaah. Bal ʹaks̤aruhum laa- yaʻlamoon.
කිසිවක් මත ශක්තිය නොදරන වෙනත් කෙනෙකුට සතු වූ වහලෙකු හා අපගෙන් වූ යහපත් පෝෂණයෙන් අප ඔහුට පිරිනමා එයින් රහසිගතව හා ප්‍රසිද්ධියේ වියපැහැදම් කරන්නෙකු (යන දෙදෙනා) අල්ලාහ් උපමා ගෙන හැර දැක් වීය. ඔවුන් (දෙදෙනා) එක හා සමාන වන්නෝ ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
-
16:76
وَضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلَيْنِ أَحَدُهُمَآ أَبْكَمُ لَا يَقْدِرُ عَلَىٰ شَىْءٍ وَهُوَ كَلٌّ عَلَىٰ مَوْلَىٰهُ أَيْنَمَا يُوَجِّههُّ لَا يَأْتِ بِخَيْرٍ ۖ هَلْ يَسْتَوِى هُوَ وَمَن يَأْمُرُ بِٱلْعَدْلِ ۙ وَهُوَ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Wa-ḍarabal laahu Mas̤alar rajulayni ʹaḥaduhumaaa ʹabkamu laa- yaq̣diru ʻalaa shayʹiñw wa huwa kallun ʻalaa mawlaahu ʹaynamaa yuwajjihhu laa- yaʹti bikhayr: hal yastawee huwa wa-mañy yaʹmuru bilʻadli wa-huwa ʻalaa Ṣiraaṭim Mustaq̣eem?
තවද අල්ලාහ් මිනිසුන් දෙදෙනෙකු උදාහරණයක් වශයෙන් ගෙන හැර දැක් වීය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් මත ශක්තිය නොදරන ගොළුවෙකි. ඔහුගේ ස්වාමියාට ඔහු බරකි. ඔහු ඔහුව කොතැනකට යොමු කළ ද ඔහු යහපතක් ගෙන එන්නේ නැත. එවන් ඔහු හා ඍජු මාර්ගය මත වී යුක්තිය අනුව නියෝග කරන්නා (යන දෙදෙනා) එක සමාන වේවි ද?
-
16:77
وَلِلَّهِ غَيْبُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَآ أَمْرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمْحِ ٱلْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
Wa-lillaahi g̣aybus samaawaati wal-ʹarḍ. Wa-maaa ʹamrus Saaʻati ʹillaa kalamḥil baṣari ʹaw huwa ʹaq̣rab: ʹinnal laaha ʻalaa kulli shayʹiñ Q̣adeer.
තවද අහස්හි හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතු ය. තවද අවසන් හෝරාවේ කරුණ ඇසිපිය හෙළන්නාක් මෙන් මිස නොමැත. එසේ නැතහොත් ඊටත් වඩා එය සමීප ය. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි මහා ශක්තිවන්ත ය.
-
16:78
وَٱللَّهُ أَخْرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَـٰتِكُمْ لَا تَعْلَمُونَ شَيْـًٔا وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ
Wallaahu ʹakhrajakum mim buṭooni ʹummahaatikum laa- taʻlamoona shayʹañw wajaʻala lakumus samʻa wal-ʹabṣaara wal-ʹafʹidata laʻallakum tashkuroon.
තවද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලාව බැහැර කළේ අල්ලාහ් ය. තවද ඔහු නුඹලාට ශ්‍රවණය ද, බැල්ම ද, හදවත් ද ඇති කළේ ය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස.
-
16:79
أَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ مُسَخَّرَٰتٍ فِى جَوِّ ٱلسَّمَآءِ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱللَّهُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ
ʹAlam yaraw ʹilaṭ ṭayri musakhkharaatiñ fee jawwis samaaaʹ? Maa- yumsikuhunna ʹillal laah. ʹInna fee ẓaalika laʹAayaatil liq̣awmiñy yuʹminoon.
අහස් ගැබෙහි වසඟ කරනු ලැබූ පක්ෂීන් දෙස ඔවුහු නො බැලුවෝ ද? අල්ලාහ් හැර වෙනත් කිසිවකු උන් රඳවා තබන්නේ නැත. නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.
-
16:80
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلْأَنْعَـٰمِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ ۙ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَآ أَثَـٰثًا وَمَتَـٰعًا إِلَىٰ حِينٍ
Wallaahu jaʻala lakum mim buyootikum sakanañw wajaʻala lakum miñ juloodil ʹanʻaami buyootañ tastakhiffoonahaa yawma z̤̣aʻnikum wa-yawma ʻiq̣aamatikum wa-min aṣwaafihaa wa-ʹawbaarihaa wa-ʹashʻaarihaaa ʹas̤aas̤añw Wamataaʻan ʹilaa ḥeen.
තවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට සෙවණක් අල්ලාහ් නුඹලාට ඇති කළේ ය. තවද නුඹලා ගමන් බිමන් යන දිනක හෝ නුඹලා නැවතී සිටින දිනක එය (රැගෙන යාමට) නුඹලාට පහසු වන නවාතැන් ගොවිපළ සතුන්ගේ සමින් නුඹලාට ඇති කළේ ය. තවද උන්ගේ බැටළු රෝමවලින් ද, එළු රෝමවලින් ද, ඔටු රෝමවලින් ද භාණ්ඩ හා මද කලකට භුක්ති විඳීමක් ද (ඇති කළේ ය.)
-
16:81
وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَـٰلًا وَجَعَلَ لَكُم مِّنَ ٱلْجِبَالِ أَكْنَـٰنًا وَجَعَلَ لَكُمْ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلْحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأْسَكُمْ ۚ كَذَٰلِكَ يُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ
Wallaahu jaʻala lakum mimmaa khalaq̣a z̤̣ilaalañw wajaʻala lakum minal jibaali ʹaknaanañw Wajaʻala lakum saraabeela taq̣eekumul ḥarra wa-saraabeela taq̣eekum̃ baʹsakum. Kaẓaalika yutimmu niʻmatahoo ʻalaykum laʻallakum tuslimoon.
තවද අල්ලාහ් තමන් මැවූ දැයින් නුඹලාට සෙවණ ඇති කළේ ය. තවද ඔහු නුඹලාට කඳුවල ලෙන් ද ඇති කළේ ය. උණුසුමින් නුඹලාව ආරක්ෂා කරන කබා හා (යුද්ධයේ දී) නුඹලාට ඇති වන අනතුරුවලින් ආරක්ෂා කරන කබා ද ඔහු නුඹලාට ඇති කළේ ය. එලෙස නුඹලා යටහත් විය හැකි වනු පිණිස ඔහු ඔහුගේ ආශිර්වාදය නුඹලාට සම්පූර්ණ කරන්නේ ය.
-
16:82
فَإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ
Faʹiñ tawallaw faʹinnamaa ʻalaykal Balaag̣ul Mubeen.
එහෙත් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) පැහැදිලිව දන්වා සිටීම පමණි.
-
16:83
يَعْرِفُونَ نِعْمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكْثَرُهُمُ ٱلْكَـٰفِرُونَ
Yaʻrifoona niʻmatal laahi s̤umma yuñkiroonahaa wa-ʹaksaruhumul kaafiroon.
අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු දනිති. පසුව ඔවුහු එය ප්‍රතික්ෂේප කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ ය.
-
16:84
وَيَوْمَ نَبْعَثُ مِن كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لَا يُؤْذَنُ لِلَّذِينَ كَفَرُوا۟ وَلَا هُمْ يُسْتَعْتَبُونَ
Wa-yawma nabʻas̤u miñ kulli ʹummatiñ Shaheedañ s̤umma laa- yuʹẓanu lillaẓeena kafaroo wa-laa hum yustaʻtaboon.
තවද එදින සෑම සමූහයකින් ම සාක්ෂිකරුවකු අප නැගිටුවන්නෙමු. පසුව ප්‍රතික්ෂේප කළවුනට (කිසිදු කටයුත්තක් සඳහා) අවසර දෙනු නො ලබනු ඇත. තවද ඔවුහු (අල්ලාහ් වෙත නැඹුරු වන මෙන්) බල කරනු ලබන්නන් ද නො වෙති.
-
16:85
وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلْعَذَابَ فَلَا يُخَفَّفُ عَنْهُمْ وَلَا هُمْ يُنظَرُونَ
Wa-ʹiẓaa ra ʹallaẓeena z̤̣alamul ʻAẓaaba falaa yukhaffafu ʻanhum wa-laa hum yuñz̤̣aroon.
තවද අපරාධ කළවුන් එම දඬුවම දුටු විට ඔවුන්ගෙන් එය සැහැල්ලු කරනු නො ලැබේ. තවද ඔවුහු අවකාශය දෙනු ලබන්නන් ද නො වෙති.
-
16:86
وَإِذَا رَءَا ٱلَّذِينَ أَشْرَكُوا۟ شُرَكَآءَهُمْ قَالُوا۟ رَبَّنَا هَـٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدْعُوا۟ مِن دُونِكَ ۖ فَأَلْقَوْا۟ إِلَيْهِمُ ٱلْقَوْلَ إِنَّكُمْ لَكَـٰذِبُونَ
Wa-ʹiẓaa ra ʹallaẓeena ʹashrakoo shurakaaaʹahum q̣aaloo Rabbanaa haaaʹulaaaʹi shurakaaaʹunal laẓeena kunnaa nadʻoo miñ doonik. Faʹalq̣aw ʹilayhimul q̣awla ʹinnakum lakaaẓiboon!
තවද (අල්ලාහ්ගේ දේවත්වයට) සමානයන් තැබූවන් ඔවුන්ගේ (එම) සම දෙවිවරුන් දුටු විට, අපගේ පරමාධිපතියාණනි! නුඹව හැර දමා අප ඇරයුම් කරමින් සිටි අපගේ සම දෙවිවරුන් මොවුන් ය. එවිට නියත වශයෙන් ම නුඹලා මුසාවාදීහුය යැයි ඔවුහු ඔවුනට ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.
-
16:87
وَأَلْقَوْا۟ إِلَى ٱللَّهِ يَوْمَئِذٍ ٱلسَّلَمَ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ
Wa-ʹalq̣aw ʹilal laahi yawmaʹiẓinis salama wa-ḍalla ʻanhum maa kaanoo yaftaroon.
තවද එදින යටහත්භාවය අල්ලාහ් වෙත ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුහු ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යති.
-
16:88
ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ زِدْنَـٰهُمْ عَذَابًا فَوْقَ ٱلْعَذَابِ بِمَا كَانُوا۟ يُفْسِدُونَ
ʹAllaẓeena kafaroo waṣaddoo ʻañ Sabeelil laahi zidnaahum ʻAẓaabañ fawq̣al ʻaẓaabi bimaa kaanoo yufsidoon.
ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළවුන්ට, ඔවුන් කලහකම් කරමින් සිටි බැවින් ඔවුනට අපි එම දඬුවමට ඉහළින් දඬුවමක් අධික කරන්නෙමු.
-
16:89
وَيَوْمَ نَبْعَثُ فِى كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيْهِم مِّنْ أَنفُسِهِمْ ۖ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَىٰ هَـٰٓؤُلَآءِ ۚ وَنَزَّلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ تِبْيَـٰنًا لِّكُلِّ شَىْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ
Wa-yawma nabʻas̤u fee kulli ʹummatiñ shaheedan ʻalayhim min ʹañfusihim wa-jiʹnaa bika shaheedan ʻalaa haaaʹulaaaʹ. Wa-nazzalnaa ʻalaykal Kitaaba tibyaanal likulli shayʹiñw wa-Hudañw wa-Raḥmatañw wa-Bushraa lil-Muslimeen.
තවද එම දිනයේ දී සෑම සමූහයකට ම ඔවුනට එරෙහිව සාක්ෂිකරුවකු ඔවුන් අතරින් නැගිටුවන්නෙමු. මොවුනට (මෙම සමූහයාට) එරෙහිව අපි නුඹව සාක්ෂිකරුවකු වශයෙන් ගෙන එන්නෙමු. තවද සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද මග පෙන්වීමක් වශයෙන් ද ආශිර්වාදයක් වශයෙන් ද (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද ධර්ම ග්‍රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු.
-
16:90
۞ إِنَّ ٱللَّهَ يَأْمُرُ بِٱلْعَدْلِ وَٱلْإِحْسَـٰنِ وَإِيتَآئِ ذِى ٱلْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ وَٱلْبَغْىِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ
ʹInnal laaha yaʹmuru bil-ʻadli wal-ʹiḥsaani wa-ʹeetaaaʹi ẓil q̣urbaa wa-yanhaa ʻanil faḥshaaaʹi wal-muñkari walbag̣yi: yaʻi-Z̤̣ukum laʻallakum taẓakkaroon.
නියත වශයෙන් ම අල්ලාහ් යුක්තිය ඉටු කරන ලෙස ද කාරුණිකත්වය පෙන්වන ලෙස ද සමීප ඥාතීන්ට පිරිනැමීමට ද නියෝග කරයි. එමෙන් ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි.
-
16:91
وَأَوْفُوا۟ بِعَهْدِ ٱللَّهِ إِذَا عَـٰهَدتُّمْ وَلَا تَنقُضُوا۟ ٱلْأَيْمَـٰنَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ ٱللَّهَ عَلَيْكُمْ كَفِيلًا ۚ إِنَّ ٱللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ
Wa-ʹawfoo biʻAhdil laahi ʹiẓaa ʻaahattum wa-laa tañq̣uḍul ʹaymaana baʻda tawkeedihaa wa-q̣ad jaʻaltumul laaha ʻalaykum kafeelaa: ʹinnal laaha yaʻlamu maa- tafʻaloon.
තවද නුඹලා ගිවිස ගත් විට අල්ලාහ්ගේ ගිවිසුම නුඹලා පූර්ණව ඉටු කරනු. තවද නුඹලා වෙත භාරකරු වශයෙන් නුඹලා අල්ලාහ්ව පත් කර තිබිය දී නුඹලා එය තහවුරු කිරීමෙන් පසුව කඩ නො කරනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ දනී.
-
16:92
وَلَا تَكُونُوا۟ كَٱلَّتِى نَقَضَتْ غَزْلَهَا مِنۢ بَعْدِ قُوَّةٍ أَنكَـٰثًا تَتَّخِذُونَ أَيْمَـٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ أَن تَكُونَ أُمَّةٌ هِىَ أَرْبَىٰ مِنْ أُمَّةٍ ۚ إِنَّمَا يَبْلُوكُمُ ٱللَّهُ بِهِۦ ۚ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ مَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ
Wa-laa takoonoo kallatee naq̣aḍat g̣azlahaa mim baʻdi q̣uwwatin ʹañkaas̤aa. Tattakhiẓoona ʹaymaanakum dakhalam baynakum ʹañ takoona ʹummatun hiya ʹarbaa min ʹummah; ʹinnamaa yablookumul laahu bih; wa-la-yubayyinanna lakum Yawmal Q̣iyaamati maa- kuñtum feehi takhtalifoon.
තවද ශක්තිමත්ව ගෙතුවායින් පසුව එම ගෙතුම කැබලිවලට කඩා දමන්නියක් ලෙස නුඹලා නො වනු. එක් සමූහයකට වඩා තවත් සමූහයකට වාසිදායී වන අයුරින් නුඹලාගේ දිවුරුම් නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා ගත්තෙහු ය. එමඟින් අල්ලාහ් නුඹලාව පරීක්ෂා කරනු ඇත. තවද නුඹලා කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තේ ද එය මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ ඔහු නුඹලාට පැහැදිලි කරනු ඇත.
-
16:93
وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَٰحِدَةً وَلَـٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَلَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَعْمَلُونَ
Wa-law shaaaʹal laahu lajaʻalakum ʹummatañw waaḥidatañw walaakiñy yuḍillu mañy yashaaaʹu wa-yahdee mañy yashaaaʹ: wa-latusʹalunna ʻammaa kuñtum taʻmaloon.
තවද අල්ලාහ් අභිමත කර ඇත්නම් එක ම සමූහයක් බවට නුඹලාව පත් කරන්නට තිබුණි. එනමුත් ඔහු අභිමත කරන අයව නොමඟ යන්නට ඉඩ හරී. තවද ඔහු අභිමත කරන අයව යහ මග යොමු කරයි. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව සැබැවින් ම නුඹලා ප්‍රශ්න කරනු ලබන්නෙහු ය.
-
16:94
وَلَا تَتَّخِذُوٓا۟ أَيْمَـٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌۢ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُوا۟ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمْ عَن سَبِيلِ ٱللَّهِ ۖ وَلَكُمْ عَذَابٌ عَظِيمٌ
Wa-laa tattakhiẓooo ʹaymaanakum dakhalam baynakum fatazilla q̣adamum baʻda s̤ubootihaa wa-taẓooq̣us soooʹa bimaa ṣadattum ʻañ Sabeelil laahi walakum ʻaẓaabun ʻaz̤̣eem.
තවද නුඹලාගේ දිවුරුම් (වංචා සහගත ලෙස) නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා නො ගනු. එවිට නුඹලාගේ පාද එය ස්ථීරව තැබූ පසුව ලිස්සා යනු ඇත. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළ බැවින් නුඹලා නපුර භුක්ති විඳිනු ඇත. තවද නුඹලාට අතිමහත් දඬුවමක් ඇත.
-
16:95
وَلَا تَشْتَرُوا۟ بِعَهْدِ ٱللَّهِ ثَمَنًا قَلِيلًا ۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
Wa-laa tashtaroo biʻAhdil laahi s̤amanañ q̣aleelaa: ʹinnamaa ʻiñdal laahi huwa khayrul lakum ʹiñ kuñtum taʻlamoon.
තවද අල්ලාහ්ගේ ගිවිසුම අල්ප මිලකට නො විකුණනු. නුඹලා දැන සිටියෙහු නම් නියත වශයෙන් ම අල්ලාහ් සතුව ඇති දෙයමය නුඹලාට වඩාත් උතුම් වනුයේ.
-
16:96
مَا عِندَكُمْ يَنفَدُ ۖ وَمَا عِندَ ٱللَّهِ بَاقٍ ۗ وَلَنَجْزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓا۟ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا۟ يَعْمَلُونَ
Maa- ʻiñdakum yañfadu wa-maa ʻiñdal laahi baaq̣. Wa-lanajziyannal laẓeena ṣabarooo ʹajrahum̃ biʹaḥsani maa- kaanoo yaʻmaloon.
නුඹලා සතුව ඇති දෑ ශූන්‍ය වී යනු ඇත. එහෙත් අල්ලාහ් සතුව ඇති දෑ ඉතිරිව පවතින්නකි. ඉවසා දරා ගත් අයට ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි පිරිනමන්නෙමු.
-
16:97
مَنْ عَمِلَ صَـٰلِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُۥ حَيَوٰةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا۟ يَعْمَلُونَ
Man ʻamila ṣaaliḥam miñ ẓakarin ʹaw ʹuñs̤aa wa-huwa Muʹminuñ falanuḥyiyannahoo Ḥayaatañ Ṭayyibah, wa-lanajzi-yannahum ʹajrahum̃ biʹaḥsani maa- kaanoo yaʻmaloon.
යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු.
-
16:98
فَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ فَٱسْتَعِذْ بِٱللَّهِ مِنَ ٱلشَّيْطَـٰنِ ٱلرَّجِيمِ
Faʹiẓaa q̣araʹtal Q̣urʹaana fastaʻiẓ billaahi minash Shayṭaanir Rajeem.
එහෙයින් නුඹ අල් කුර්ආනය පාරායනා කළ විට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.
-
16:99
إِنَّهُۥ لَيْسَ لَهُۥ سُلْطَـٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
ʹInnahoo laysa lahoo sulṭaanun ʻalal laẓeena ʹaamanoo wa-ʻalaa Rabbihim yatawakkaloon.
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කොට තම පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කරන්නන්හට බලපෑමක් කිරීමට ඔහුට හැකියාවක් නොමැත.
-
16:100
إِنَّمَا سُلْطَـٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوْنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشْرِكُونَ
ʹInnamaa sulṭaanuhoo ʻalal laẓeena yatawallawnahoo wallaẓeena hum̃ bihee mushrikoon.
ඔහුගේ බලය බල පවත්වනුයේ ඔහුව භාරකරු බවට පත් කර ගත් අය කෙරෙහි හා ඔවුහු ඔහු (අල්ලාහ්)ට සමානයන් තබන්නන් කෙරෙහි ය.
-
16:101
وَإِذَا بَدَّلْنَآ ءَايَةً مَّكَانَ ءَايَةٍ ۙ وَٱللَّهُ أَعْلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مُفْتَرٍۭ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
Wa-ʹiẓaa baddalnaaa ʹaayatam makaana ʹaayatiñw wal-laahu ʹAʻlamu bimaa yunazzilu q̣aalooo ʹinnamaaa ʹañta muftar: bal ʹaks̤aruhum laa- yaʻlamoon.
තවද එක් වදනක් වෙනුවට තවත් වදනක් අපි වෙනස් කළ විට; පහළ කළ යුත්තේ කුමක් ද? පිළිබඳව ඔහු මැනවින් දන්නා ය. නියත වශයෙන් ම නුඹ ගොතා පවසන්නෙක් යැයි ඔවුහු පැවසූහ. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (සත්‍යය) නො දනිති.
-
16:102
قُلْ نَزَّلَهُۥ رُوحُ ٱلْقُدُسِ مِن رَّبِّكَ بِٱلْحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَهُدًى وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ
Q̣ul nazzalahoo Rooḥul Q̣udusi mir Rabbika bil-Ḥaq̣q̣i liyus̤abbital laẓeena ʹaamanoo Bushraa wa-Hudañwwa lil-Muslimeen.
දේවත්වය විශ්වාස කළවුන් ස්ථාවර කරනු වස් ද මුස්ලිම්වරුන්ට මග පෙන්වීමක් හා ශුභාරංචියක් වශයෙන් ද නුඹගේ පරමාධිපති වෙතින් පාරිශුද්ධ ආත්මය එය සත්‍යයෙන් යුතුව පහළ කළේ යැයි නුඹ පවසනු.
-
16:103
وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٌ ۗ لِّسَانُ ٱلَّذِى يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِىٌّ وَهَـٰذَا لِسَانٌ عَرَبِىٌّ مُّبِينٌ
Wa-laq̣ad naʻlamu ʹannahum yaq̣ooloona ʹinnamaa yuʻallimuhoo bashar. Lisaanul laẓee yulḥidoona ʹilayhi ʹaʻjamiyyuñw Wahaaẓaa lisaanun ʻArabiyyum mubeen.
තවද ඇත්තෙන් ම එය උගන්වනුයේ මිනිසෙකි යැයි නියත වශයෙන් ම ඔවුහු පවසන බව සැබැවින් ම අපි දනිමු. ඔවුන් කවරෙකු වෙත සම්බන්ධ කරමින් පවසන්නේ ද ඔහුගේ භාෂාව අරාබි නො වන භාෂාවයි. එහෙත් මෙය පැහැදිලි අරාබි භාෂාවයි.
-
16:104
إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ لَا يَهْدِيهِمُ ٱللَّهُ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
ʹInnal lazeena laa- yuʹminoona biʹaayaatil lahi laa- yahdeehimul laahu wa-lahum ʻaẓaabun ʹaleem.
නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් විශ්වාස නො කරන්නන් වනාහි ඔහු ඔවුනට මග නො පෙන්වයි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
-
16:105
إِنَّمَا يَفْتَرِى ٱلْكَذِبَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْكَـٰذِبُونَ
ʹInnamaa yaftaril kaẓibal laẓeena laa- yuʹminoona biʹaayaatil laahi wa-ʹulaaaʹika humul kaaẓiboon.
එසේ බොරු ගොතනුයේ අල්ලාහ්ගේ වදන් විශ්වාස නො කරන්නන් ය. තවද ඔවුහු මය මුසාවාදීහූ.
-
16:106
مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعْدِ إِيمَـٰنِهِۦٓ إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُۥ مُطْمَئِنٌّۢ بِٱلْإِيمَـٰنِ وَلَـٰكِن مَّن شَرَحَ بِٱلْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ ٱللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
Mañ kafara billaahi mim baʻdi ʹeemaaniheee ʹillaa man ʹukriha wa-q̣albuhoo muṭmaʹinnum bil-ʹEemaani wa-laakim mañ sharaḥa bilkufri ṣadrañ faʻalayhim g̣aḍabum minal laahi wa-lahum ʻaẓaabun ʻaz̤̣eem.
අල්ලාහ් පිළිබඳ විශ්වාස කිරීමෙන් පසුව කවරෙකු ඔහුව ප්‍රතික්ෂේප කළේ ද (ඔහු වෙත අල්ලාහ්ගේ කෝපය ඇත.) තම සිත දේව විශ්වාසයේ තැන්පත්ව තිබිය දී බල කරනු ලැබූ අයෙකු හැර. (ඔහු කෙරහි වරදක් නැත.) එනමුත් හදවත දේව ප්‍රතික්ෂේපයෙන් විවෘත කළවුන් වන ඔවුනට අල්ලාහ් වෙතින් වූ කෝපය ඇත. එමෙන් ම ඔවුනට අතිමහත් වූ දඬුවමක් ද ඇත.
-
16:107
ذَٰلِكَ بِأَنَّهُمُ ٱسْتَحَبُّوا۟ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْـَٔاخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَـٰفِرِينَ
Ẓaalika biʹannahumus taḥabbul ḥayaatad dunyaa ʻalal ʹAakhirati waʹannal laaha laa- yahdil Q̣awmal kaafireen.
එය ඔවුහු මතුලොවට වඩා මෙලොව ජීවිතය ප්‍රිය කළ බැවිනි. තවද නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කරන ජනයාට අල්ලාහ් මග නො පෙන්වයි.
-
16:108
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَـٰرِهِمْ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْغَـٰفِلُونَ
ʹUlaaaʹikal laẓeena ṭabaʻal laahu ʻalaa q̣uloobihim wa-samʻihim wa-ʹabṣaarihim wa-ʹulaaaʹika humul G̣aafiloon.
ඔවුහු වනාහි අල්ලාහ් ඔවුන්ගේ හදවත්, ඔවුන්ගේ සවන් හා ඔවුන්ගේ බැල්ම මත මුද්‍රා තැබුවේ ය. තවද ඔවුහු මය අනවධානීව සිටින්නෝ.
-
16:109
لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْـَٔاخِرَةِ هُمُ ٱلْخَـٰسِرُونَ
Laa- jarama ʹannahum fil ʹaakhirati humul khaasiroon.
නියත වශයෙන් ම මතුලොවෙහි පරාජිතයෝ ඔවුහු මය යන්නට කිසිදු සැකයක් නොමැත.
-
16:110
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُوا۟ مِنۢ بَعْدِ مَا فُتِنُوا۟ ثُمَّ جَـٰهَدُوا۟ وَصَبَرُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ
S̤umma ʹinna Rabbaka lillaẓeena haajaroo mim baʻdi maa- futinoo s̤umma jaahadoo waṣabarooo ʹinna Rabbaka mim baʻdihaa G̣afoorur Raḥeem.
තවද ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ලැබූ පසුව නික්ම ගොස් (තම ජීවිත) කැප කොට ඉවසා දරා ගත්තවුනට නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සිටී. ඉන්පසුව නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; මහා කරුණා ගුණයෙන් යුක්ත ය.
-
16:111
۞ يَوْمَ تَأْتِى كُلُّ نَفْسٍ تُجَـٰدِلُ عَن نَّفْسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُمْ لَا يُظْلَمُونَ
Yawma taʹtee kullu nafsiñ tujaadilu ʻan nafsihaa wa-tuwaffaa kullu nafsim maa ʻamilat Wahum laa- yuz̤̣lamoon.
එදින සෑම ආත්මයක් ම තමන් ගැන වාද කරමින් පැමිණෙති. තවද සෑම ආත්මයක් ම තමන් කළ දෑට පූර්ණව ප්‍රතිඵල දෙනු ලබති. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.
-
16:112
وَضَرَبَ ٱللَّهُ مَثَلًا قَرْيَةً كَانَتْ ءَامِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلْجُوعِ وَٱلْخَوْفِ بِمَا كَانُوا۟ يَصْنَعُونَ
Wa-ḍarabal laahu Mas̤alañ q̣aryatañ kaanat ʹaaminatam muṭmaʹinnatañy yaʹteehaa rizq̣uhaa rag̣adam miñ kulli makaaniñ fakafarat biʹanʻumil laahi faʹaẓaaq̣ahal laahu libaasal jooʻi walkhawfi bimaa kaanoo yaṣnaʻoon.
තවද අල්ලාහ් ගම්මානයක් උදාහරණයක් ලෙස ගෙන හැර පෙන්වී ය. එය සුරක්ෂිත සාමකාමී විය. සෑම තැනකින් ම පෝෂණය ඒ වෙත පැමිණියේ ය. එහෙත් එය (ගම් වාසීහු) අල්ලාහ්ගේ ආශිර්වාදය පිළිබඳ ගුණමකු විය. එවිට ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සාගින්නෙහි හා බියෙහි වස්ත්‍රය එයට විඳවන්නට සැලස් විය.
-
16:113
وَلَقَدْ جَآءَهُمْ رَسُولٌ مِّنْهُمْ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلْعَذَابُ وَهُمْ ظَـٰلِمُونَ
Wa-laq̣ad jaaaʹahum Rasoolum minhum fakaẓẓaboohu faʹakhaẓahumul ʻaẓaabu wa-hum z̤̣aalimoon.
තවද ඔවුන් අතරින් දූතයකු ඔවුන් වෙත සැබැවින් ම පැමිණියේ ය. එහෙත් ඔවුහු ඔහුව බොරු කළෝ ය. එහෙයින් ඔවුන් අපරාධකරුවන්ව සිටිය දී දඬුවම ඔවුන්ව ග්‍රහණය කළේ ය.
-
16:114
فَكُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَـٰلًا طَيِّبًا وَٱشْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ
Fakuloo mimmaa razaq̣akumul laahu Ḥalaalañ Ṭayyibaa; washkuroo niʻmatal laahi ʹiñ kuñtum ʹiyyaahu taʻbudoon.
එහෙයින් අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් පිවිතුරු, අනුමත දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට ම නැමදුම් කරමින් සිටියෙහු නම් ඔහුගේ ආශිර්වාදයට නුඹලා කෘතඥ වනු.
-
16:115
إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ ٱلْمَيْتَةَ وَٱلدَّمَ وَلَحْمَ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ ۖ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ
ʹInnamaa ḥarrama ʻalaykumul maytata waddama wa-laḥmal khiñzeeri wa-maaa ʹuhilla lig̣ayril laahi bih. Famaniḍ ṭurra g̣ayra baag̣iñw walaa ʻaadiñ faʹinnal laaha G̣afoorur Raḥeem.
නියත වශයෙන් ම නුඹලා වෙත ඔහු තහනම් කර ඇත්තේ මළ දෑ, රුධිරය, ශූකර මාංශ හා කවර දෙයක් අල්ලාහ් නො වන දෑට කපන ලද්දේ ද ඒවා ය. එහෙත් කවරෙකු හෝ බල කරනු ලැබුවේ නම් ඔහු අසාධාරණ ලෙසින් හා සීමාව ඉක්මවීමෙන් තොරව (ඒවා අනුභව කළේ නම්) එවිට අල්ලාහ් අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත ය.
-
16:116
وَلَا تَقُولُوا۟ لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ ٱلْكَذِبَ هَـٰذَا حَلَـٰلٌ وَهَـٰذَا حَرَامٌ لِّتَفْتَرُوا۟ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۚ إِنَّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ لَا يُفْلِحُونَ
wa-laa taq̣ooloo limaa taṣifu ʹalsinatukumul kaẓiba haaẓaa ḥalaaluñw wahaaẓaa ḥaraamul litaftaroo ʻalal laahil kaẓib. ʹInnal laẓeena yaftaroona ʻalal laahil kaẓiba laa- yufliḥoon.
අල්ලාහ් කෙරෙහි නුඹලා බොරු ගොතනු වස් නුඹලාගේ දිවවල් වර්ණනා කරන දෑට මෙය අනුමත ය. මෙය තහනම්ය යැයි නුඹලා නො පවසනු. නියත වශයෙන් ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන් ජය නො ලබති.
-
16:117
مَتَـٰعٌ قَلِيلٌ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
Mataaʻuñ q̣aleel; wa-lahum ʻaẓaabun ʹaleem.
ස්වල්ප භුක්ති විඳීමකි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
-
16:118
وَعَلَى ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا مَا قَصَصْنَا عَلَيْكَ مِن قَبْلُ ۖ وَمَا ظَلَمْنَـٰهُمْ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ
Wa-ʻalal laẓeena haadoo ḥarramnaa maa- q̣aṣaṣnaa ʻalayka miñ q̣abl: wa-maa z̤̣alamnaahum wa-laakiñ kaanooo ʹañfusahum yaz̤̣limoon.
තවද මීට පෙර අපි නුඹ වෙත පැවසූ දෑ යුදෙව් වූවන් වෙත අපි තහනම් කළෙමු. තවද අපි ඔවුනට අපරාධ නො කළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගන්නවුන් වූහ.
-
16:119
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُوا۟ ٱلسُّوٓءَ بِجَهَـٰلَةٍ ثُمَّ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ
S̤umma ʹinna Rabbaka lillaẓeena ʻamilus soooʹa bijahaalatiñ s̤umma taaboo mim baʻdi ẓaalika wa-ʹaṣlaḥooo ʹinna Rabbaka mim baʻdihaa la-G̣afoorur Raḥeem.
පසුව නියත වශයෙන් ම අනුවනකමින් නපුරක් සිදු කොට ඉන් පසුව පශ්චාත්තාප වී තමන් හැඩ ගස්වා ගත් අයට නුඹගේ පරමාධිපති සිටී. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඉන් පසුව පවා අතික්ෂමාශීලී ය. කරුණා ගුණයෙන් යුක්ත ය.
-
16:120
إِنَّ إِبْرَٰهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِّلَّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ ٱلْمُشْرِكِينَ
ʹInna ʹIbraaheema kaana ʹummatañ q̣aanital lillaahi ḥaneefaa: wa-lam yaku minal mushrikeen:
නියත වශයෙන් ම ඉබ්රාහීම් අල්ලාහ්ට අවංකව අවනත වූ (නායකත්ව) සමූහයක් (මෙන්) විය. තවද ඔහු ආදේශ කරන්නන් අතරින් නො වීය.
-
16:121
شَاكِرًا لِّأَنْعُمِهِ ۚ ٱجْتَبَىٰهُ وَهَدَىٰهُ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Shaakiral liʹanʻumih: ʹijtabaahu wa-hadaahu ʹilaa Ṣiraatim Mustaq̣eem.
ඔහුගේ ආශිර්වාදවලට කෘතවේදියකු විය. ඔහුව ඔහු තෝරා ගෙන ඍජු මාර්ගය වෙත මග පෙන්වී ය.
-
16:122
وَءَاتَيْنَـٰهُ فِى ٱلدُّنْيَا حَسَنَةً ۖ وَإِنَّهُۥ فِى ٱلْـَٔاخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ
Wa-ʹaataynaahu fid dunyaa Ḥasanah: wa-ʹinnahoo fil ʹAakhirati laminaṣ Ṣaaliḥeen.
තවද මෙලොව යහපත අපි ඔහුට පිරිනැමුවෙමු. තවද නියත වශයෙන් ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතර වෙයි.
-
16:123
ثُمَّ أَوْحَيْنَآ إِلَيْكَ أَنِ ٱتَّبِعْ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًا ۖ وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ
S̤umma awḥaynaaa ʹilayka ʹanit tabiʻ Millata ʹIbraaheema Ḥaneefaa, wa-maa kaana minal mushrikeen.
පසුව “නුඹ ඉබ්රාහීම්ගේ අවංක වූ පිළිවෙත අනුගමනය කරනු. ඔහු ආදේශ කරන්නන් අතරින් නො වීය” යැයි අපි නුඹ වෙත දේව පණිවිඩ දන්වා සිටියෙමු.
-
16:124
إِنَّمَا جُعِلَ ٱلسَّبْتُ عَلَى ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِيهِ ۚ وَإِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ
Innamaa juʻilas Sabtu ʻalal laẓeenakh talafoo feeh: wa-ʹinna Rabbaka layaḥkumu baynahum Yawmal Q̣iyaamati feemaa kaanoo feehi yakhtalifoon.
නියත වශයෙන් ම සෙනසුරාදා දින සීමාව නියම කරනු ලැබුවේ එහි මතභේද ඇති කර ගත්තවුන් කෙරෙහි ය. තවද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර තීන්දු කරනු ඇත.
-
16:125
ٱدْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلْحِكْمَةِ وَٱلْمَوْعِظَةِ ٱلْحَسَنَةِ ۖ وَجَـٰدِلْهُم بِٱلَّتِى هِىَ أَحْسَنُ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ ۖ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ
ʹUdʻu ʹilaa sabeeli Rabbika bilḥikmati walmawʻiz̤̣atil ḥasanati wa-jaadilhum̃ billatee hiya ʹaḥsan: ʹInna Rabbaka Huwa ʹAʻlamu bimañ ḍalla ʻañ Sabeelihee wa-Huwa ʹaʻlamu bil-Muhtadeen.
නුඹේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතුව හා යහපත් උපදෙස් මඟින් නුඹ ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමඟ නුඹ තර්ක කරනු. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් පිළිබඳව මැනවින් දන්නා ය. තවද ඔහු යහ මග ගියවුන් පිළිබඳව ද මැනවින් දන්නා ය.
-
16:126
وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا۟ بِمِثْلِ مَا عُوقِبْتُم بِهِۦ ۖ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِّلصَّـٰبِرِينَ
Wa-ʹin ʻaaq̣abtum faʻaaq̣iboo bimis̤li maa- ʻooq̣ibtum̃ bih: wa-laʹiñ ṣabartum lahuwa khayrul liṣ-Ṣaabireen.
තවද නුඹලා දඬුවම් කරන්නෙහු නම් නුඹලා කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමානව නුඹලා දඬුවම් කරනු. තවද නුඹලා ඉවසා දරා ගත්තෙහු නම් ඉවසිලිවන්තයින්හට එය උතුම්ය.
-
16:127
وَٱصْبِرْ وَمَا صَبْرُكَ إِلَّا بِٱللَّهِ ۚ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُ فِى ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ
Waṣbir wa-maa ṣabruka ʹillaa billaahi wa-laa taḥzan ʻalayhim wa-laa taku fee ḍayq̣im mimmaa yamkuroon.
තවද නුඹ ඉවසා දරා ගනු. තවද නුඹේ ඉවසීම අල්ලාහ් සම්බන්ධයෙන් මිස නො විය යුතු ය. තවද නුඹ ඔවුන් ගැන දුක් නො වනු. තවද ඔවුන් කුමන්ත්‍රණ කරන දැයින් නුඹ පීඩනයක පසු නො වනු.
-
16:128
إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَوا۟ وَّٱلَّذِينَ هُم مُّحْسِنُونَ
ʹInnal laaha maʻal laẓeenat taq̣aw wal-laẓeena hum Muḥsinoon.
නියත වශයෙන් ම අල්ලාහ් බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් හා දැහැමිව කටයුතු කළවුන් වන ඔවුන් සමඟ ය.