Back to Quran

ජුස්

Juz 1

1:1 ... 2:141 · 148 ayahs

පරිවර්තනය Ruwwad Centre

  1. Surah Al-FatihahBegins here at 1:1

  2. 1:1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    Bismil lahir Raḥmaanir Ra-ḥeem

    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.

  3. 1:2

    ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ

    Al-Ḥamdu Lillaahi Rabbil ʻAalameen;

    සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.

  4. 1:3

    ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

    ʹAr-Raḥmaanir Raḥeem;

    අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.

  5. 1:4

    مَـٰلِكِ يَوْمِ ٱلدِّينِ

    Maaliki Yawmid Deen!

    විනිශ්චය දිනයේ රජු ය.

  6. 1:5

    إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ

    ʹIyyaaka naʻbudu wa-ʹiyyaaka nastaʻeen.

    ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.

  7. 1:6

    ٱهْدِنَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ

    ʹIhdinaṣ Ṣiraaṭal Mustaq̣eem.

    අපට ඍජු මඟ පෙන්වනු මැනව.

  8. 1:7

    صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ

    Ṣiraaṭal laẓeena ʹanʻamta ʻalayhim G̣ayril mag̣ḍoobi ʻalayhim wa-laḍ ḍaaalleen.

    ඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපයට ලක් වූවන් හෝ මුළාවූවන්ගේ මාර්ගය නො ව.

  9. Surah Al-BaqarahBegins here at 2:1

  10. 2:1

    الٓمٓ

    ʹAlif-laaam-meeem.

    අලිෆ්, ලාම්, මීම්. (මේ ආකාරයට අරාබි අක්ෂර කිහිපයකින් පසු අල් කුර්ආනයේ සමහර පරිච්ජේද ආරම්භ වේ. විද්වතුන්ගේ අදහස් අනුව, මෙහි අපි නොදන්නා ගැඹුරු අර්ථයක් අන්තර්ගත වී ඇත.)

  11. 2:2

    ذَٰلِكَ ٱلْكِتَـٰبُ لَا رَيْبَ ۛ فِيهِ ۛ هُدًى لِّلْمُتَّقِينَ

    Ẓaalikal Kitaabu laa - rayba feeh. Hudal lil-Muttaq̣een;

    එයයි පුස්තකය, එහි කිසිදු සැකයක් නැත. බිය බැතිමතුන්හට (එය) මඟ පෙන්වන්නකි.

  12. 2:3

    ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْغَيْبِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ

    ʹAllaẓeena yuʹminoona bil-G̣aybi wa-yuq̣eemoonaṣ Ṣalaata wa-mimmaa razaq̣naahum yuñfiq̣oon;

    ඔවුහු කවරහු ද යත් අදෘශ්‍යමාන දෑ පිළිබඳව විශ්වාස කරති. තවද සලාතය විදිමත්ව ඉටු කරති. තවද අප ඔවුනට ලබා දුන් දැයින් වියදම් කරති.

  13. 2:4

    وَٱلَّذِينَ يُؤْمِنُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ وَبِٱلْـَٔاخِرَةِ هُمْ يُوقِنُونَ

    Wallaẓeena yuʹminoona bimaaa ʹuñzila ʹilayka wa-maaa ʹuñzila miñ q̣ablik, wa-bilʹAakhirati hum yooq̣inoon.

    තවද ඔවුහු කවරහු ද යත් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද පරමාන්ත දිනය ගැන ද ඔවුහු තරයේ ම විශ්වාස කරති.

  14. 2:5

    أُو۟لَـٰٓئِكَ عَلَىٰ هُدًى مِّن رَّبِّهِمْ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

    ʹUlaaaʹika ʻalaa Hudam mir Rabbihim, wa-ʹulaaaʹika humul Mufliḥoon.

    ඔවුහු තම පරමාධිපතිගෙන් වූ යහ මඟ මත සිටිනවුන් ය. තවද ඔවුහුම ය ජයග්‍රාහකයෝ.

  15. 2:6

    إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ سَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ

    ʹInnal laẓeena Kafaroo sawaaaʹun ʻalayhim ʹaʹañẓartahum ʹam lam tuñẓirhum laa yuʹminoon.

    නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට නුඹ අවවාද කළ ද, නැතිනම් අවවාද නො කළ ද එක සමාන ය. ඔවුහු විශ්වාස නො කරති.

  16. 2:7

    خَتَمَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ ۖ وَعَلَىٰٓ أَبْصَـٰرِهِمْ غِشَـٰوَةٌ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

    Khatamal laahu ʻalaa q̣uloobihim wa-ʻalaa samʻihim, wa-ʻalaaa ʹabṣaarihim g̣ishaawah; wa-lahum ʻaẓaabun ʻaz̤̣eem.

    අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත ද, ඔවුන්ගේ සවන් මත ද මුද්‍රා තැබී ය. තවද ඔවුන්ගේ පෙනීම මත ආවරණයක් ඇත. තවද ඔවුනට බිහිසුනු ඳඬුවම් ඇත.

  17. 2:8

    وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ

    Wa-minan naasi mañy yaq̣oolu ʹaamannaa billaahi wa-bil-Yawmil ʹAakhiri wa-maa hum̃ bimuʹmineen.

    තවද ජනයා අතරින් "සැබැවින් ම අපි අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු" යැයි පවසන ඇතැමුන් සිටිති. එහෙත් ඔවුහු දේවත්වය විශ්වාස කළ අය නො වෙති.

  18. 2:9

    يُخَـٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَمَا يَخْدَعُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

    Yukhaadiʻoonal laaha wallaẓeena ʹaamanoo: wa-maa Yakhdaʻoona ʹillaaa ʹañfusahum wa-maa yashʻuroon.

    ඔවුහු අල්ලාහ්ට හා දෙවියන් විශ්වාස කළවුන්ට වංචා කරති. (සත්‍ය වශයෙන් ම) ඔවුහු තමන්ට ම මිස වංචා නො කරන්නෝ ය. තවද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත.

  19. 2:10

    فِى قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ ٱللَّهُ مَرَضًا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْذِبُونَ

    Fee q̣uloobihim maraḍuñ fazaadahumul laahu Maraḍaa. Wa-lahum ʻaẓaabun ʹaleemum̃ bimaa Kaanoo Yakẓiboon.

    ඔවුන්ගේ හදවත් තුළ (සැකයෙන් පිරිණු) රෝගයක් ඇත. එබැවින් අල්ලාහ් ඔවුනට රෝගය වර්ධනය කළේ ය. ඔවුන් බොරු කරමින් සිටි බැවින් ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

  20. 2:11

    وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ قَالُوٓا۟ إِنَّمَا نَحْنُ مُصْلِحُونَ

    Wa-ʹiẓaa q̣eela lahum laa- tufsidoo fil ʹarḍi q̣aalooo ʹinnamaa naḥnu muṣliḥoon.

    තවද නුඹලා භූමියෙහි දූෂිතකම් නො කරනු යැයි ඔවුනට පවසනු ලැබූ විට "සැබැවින් ම අපි මය සංශෝධකයෝ" යැයි ඔවුහු පැවසුවෝ ය.

  21. 2:12

    أَلَآ إِنَّهُمْ هُمُ ٱلْمُفْسِدُونَ وَلَـٰكِن لَّا يَشْعُرُونَ

    ʹAlaaa ʹinnahum humul mufsidoona wa-laakil laa yashʻuroon.

    අවධානයට ගනු! සැබැවින් ම ඔවුන් මය දූෂිතයින් වන්නේ. එහෙත් ඔවුහු (ඒ බව) වටහා නො ගනිති.

  22. 2:13

    وَإِذَا قِيلَ لَهُمْ ءَامِنُوا۟ كَمَآ ءَامَنَ ٱلنَّاسُ قَالُوٓا۟ أَنُؤْمِنُ كَمَآ ءَامَنَ ٱلسُّفَهَآءُ ۗ أَلَآ إِنَّهُمْ هُمُ ٱلسُّفَهَآءُ وَلَـٰكِن لَّا يَعْلَمُونَ

    Wa-ʹiẓaa q̣eela lahum ʹaaminoo kamaaa ʹaamanan naasu q̣aalooo ʹanuʹminu kamaaa ʹaamanas sufahaaaʹ? ʹAlaaa ʹinnahum humus sufahaaaʹu wa-laakil laa yaʻlamoon.

    තවද "(දැහැමි) ජනයා විශ්වාස කළාක් මෙන් නුඹලා ද විශ්වාස කරනු" යැයි ඔවුනට කියනු ලැබූ කල්හි "අඥානයින් විශ්වාස කළාක් මෙන් අපත් විශ්වාස කළ යුතු දැ?" යි විමසති. අවධානයට ගනු! සැබැවින් ම අඥානයෝ ඔවුහු ම ය. එහෙත් ඔවුහු (ඒ බව) නො දනිති.

  23. 2:14

    وَإِذَا لَقُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ إِلَىٰ شَيَـٰطِينِهِمْ قَالُوٓا۟ إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِءُونَ

    Wa-ʹiẓaa laq̣ul laẓeena ʹaamanoo q̣aalooo ʹaamannaa, wa-ʹiẓaa Khalaw ʹilaa Shayaaṭeenihim q̣aalooo ʹinnaa maʻakum ʹinnamaa naḥnu mustahziʹoon.

    තවද ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට "අපි විශ්වාස කළෙමු" යැයි පවසති. එහෙත් ඔවුහු ඔවුන්ගේ ෂෙයිතානුන් (ප්‍රධානීන්) සමඟ තනි වූ විට "සැබැවින් ම අපි නුඹලා සමඟ ය, නිසකව ම අපි (විශ්වාස කළවුන් සමඟ) සමච්චල් කරන්නෝ වෙමු" යැයි පැවසුවෝ ය.

  24. 2:15

    ٱللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِى طُغْيَـٰنِهِمْ يَعْمَهُونَ

    ʹAllaahu yastahziʹu bihim wa-yamudduhum fee ṭug̣yaanihim yaʻmahoon.

    අල්ලාහ් ඔවුන්ව අපහාසයට ලක් කරනු ඇත. තවද ඔවුන්ව සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඉඩ හරිනු ඇත.

  25. 2:16

    أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلضَّلَـٰلَةَ بِٱلْهُدَىٰ فَمَا رَبِحَت تِّجَـٰرَتُهُمْ وَمَا كَانُوا۟ مُهْتَدِينَ

    ʹUlaaaʹikal laẓeenash tarawuḍ ḍalaalata bilhudaa: famaa Rabiḥat tijaaratuhum wa-maa Kaanoo Muhtadeen.

    ඔවුහු මය යහ මඟ වෙනුවට මුළාව මිලට ගත්තෝ වන්නේ. එබැවින් ඔවුන්ගේ ව්‍යාපාරය ලාබදායී නො වීය. තවද ඔවුහු යහ මඟ ගිය අය නො වූහ.

  26. 2:17

    مَثَلُهُمْ كَمَثَلِ ٱلَّذِى ٱسْتَوْقَدَ نَارًا فَلَمَّآ أَضَآءَتْ مَا حَوْلَهُۥ ذَهَبَ ٱللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِى ظُلُمَـٰتٍ لَّا يُبْصِرُونَ

    Mas̤aluhum Kamas̤alil laẓis tawq̣ada Naaraa; falammaaa ʹaḍaaaʹat maa- ḥawlahoo ẓahabal laahu binoorihim wa-tarakahum fee z̤̣ulumaatil laa Yubṣiroon.

    ඔවුනට උපමාව වන්නේ (අඳුර මකා ලීමට) ගිනි ඇවිළ වූ කෙනෙකුගේ උපමාවක් මෙනි . එය ඒ අවට ඇති දෑ ආලෝකමත් කළ විට විට අල්ලාහ් ඔවුන්ගේ එළිය ඉවත් කළේ ය. තවද ඔවුනට දැකිය නොහැකි වන පරිදි අන්ධකාරයන්හි ඔවුන්ව අත හැර දැමී ය.

  27. 2:18

    صُمٌّۢ بُكْمٌ عُمْىٌ فَهُمْ لَا يَرْجِعُونَ

    Ṣummum bukmun ʻumyuñ fahum laa- yarjiʻoon.

    බිහිරි ය, ගොළු ය, අන්ධ ය. එබැවින් ඔවුහු (යහමඟ ට) නො හැරෙනු ඇත.

  28. 2:19

    أَوْ كَصَيِّبٍ مِّنَ ٱلسَّمَآءِ فِيهِ ظُلُمَـٰتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَـٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِم مِّنَ ٱلصَّوَٰعِقِ حَذَرَ ٱلْمَوْتِ ۚ وَٱللَّهُ مُحِيطٌۢ بِٱلْكَـٰفِرِينَ

    ʹAw kaṣayyibim minas samaaaʹi feehi z̤̣ulumaatuñw wa-raʻduñw wa-barq̣: yajʻaloona ʹaṣaabiʻahum feee ʹaaẓaanihim minaṣ ṣawaaʻiq̣i ḥaẓaral mawt. Wallaaḥu Muḥeeṭum bilkaafireen.

    නැතහොත් අහසින් (වැටෙන) වර්ෂාවක් මෙනි. එහි අන්ධ කාරයන් ද අකුණු ද අකුණු එළිය ද ඇත. ගිගුරුම් හඬ හේතුවෙන් මර බියෙන් ඔවුන්ගේ ඇඟිලි ඔවුන්ගේ කන් තුළ ඔබා ගනිති. තවද දේව ප්‍රතික්ෂේපකයින් පිළිබඳව අල්ලාහ් සර්ව ප්‍රකාරයෙන් දන්නා ය.

  29. 2:20

    يَكَادُ ٱلْبَرْقُ يَخْطَفُ أَبْصَـٰرَهُمْ ۖ كُلَّمَآ أَضَآءَ لَهُم مَّشَوْا۟ فِيهِ وَإِذَآ أَظْلَمَ عَلَيْهِمْ قَامُوا۟ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَـٰرِهِمْ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

    Yakaadul barq̣u yakhṭafu ʹabṣaarahum: kullamaaa ʹaḍaaaʹa lahum mashaw feehi wa-ʹiẓaaa ʹaz̤̣lama ʻalayhim q̣aamoo. Wa-law shaaaʹal laahu laẓahaba bisamʻihim wa-ʹabṣaarihim; ʹinnal laaha ʻalaa kulli shayʹiñ Q̣adeer.

    අකුණු එළිය ඔවුන්ගේ බැල්ම පැහැර ගනන්නට යයි. එය ආලෝකවත් කළ සෑම විටක ම ඔවුහු ඒ මත ඇවිදින්නෝ ය. එය ඔවුන් මත අඳුරු කළ විට ඔවුහු සිට ගත්හ. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන්ගේ ශ්‍රවණය ද ඔවුන්ගේ බැල්ම ද ඉවත් කරන්නට තිබුණි. සැබැවින් ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහි ම අතිබලවත් ය.

  30. 2:21

    يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعْبُدُوا۟ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُمْ وَٱلَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

    Yaaaʹayyuhan naasuʻ budoo. Rabbakumul laẓee khalaq̣akum wallazeena miñ q̣ablikum laʻallakum tattaq̣oon.

    අහෝ ජනයිනි! නුඹලා හා නුඹලාට පෙර සිටි අය මැව්වා වූ නුඹලාගේ පරමාධිපතිට නමදිනු. නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස.

  31. 2:22

    ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ فِرَٰشًا وَٱلسَّمَآءَ بِنَآءً وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزْقًا لَّكُمْ ۖ فَلَا تَجْعَلُوا۟ لِلَّهِ أَندَادًا وَأَنتُمْ تَعْلَمُونَ

    Allaẓee jaʻala lakumul ʹarḍa firaashañw was-samaaaʹa binaaaʹaa: wa-ʹañzala minas samaaaʹi maaaañ faʹakhraja bihee minas̤ s̤amaraati rizq̣al lakum: falaa tajʻaloo lillaahi ʹañdaadañw wa-ʹañtum taʻlamoon.

    ඔහු නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් බවට ද අහස වියනක් බවට ද නිර්මානය කළේ ය. තවද අහසින් (වැසි) ජලය පහළ කර එමඟින් නුඹලාගේ පෝෂණය පිණිස පලතුරු හට ගැන්වී ය. එබැවින් දැනුවත්ව ම නුඹලා අල්ලාහ්ට සමානයන් නො තබනු.

  32. 2:23

    وَإِن كُنتُمْ فِى رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا۟ بِسُورَةٍ مِّن مِّثْلِهِۦ وَٱدْعُوا۟ شُهَدَآءَكُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَـٰدِقِينَ

    Wa-iñ kuñtum fee raybim mimmaa nazzalnaa ʻalaa ʻAbdinaa faʹtoo bi-Sooratim mim mis̤lih; wadʻoo shuhadaaaʹakum miñ doonil laahi ʹiñ kuñtum ṣaadiq̣een.

    අපගේ ගැත්තාට අප පහළ කළ දෑහි නුඹලා සැකයෙහි පසු වූයෙහු නම් එවැනි පරිච්ඡේදයක් ගෙන එනු. තවද අල්ලාහ් හැර නුඹලාගේ සාක්ෂිකරුවන් (හවුල්කරුවන්) කැඳවනු. නුඹලා සත්‍යවාදිහු නම්.

  33. 2:24

    فَإِن لَّمْ تَفْعَلُوا۟ وَلَن تَفْعَلُوا۟ فَٱتَّقُوا۟ ٱلنَّارَ ٱلَّتِى وَقُودُهَا ٱلنَّاسُ وَٱلْحِجَارَةُ ۖ أُعِدَّتْ لِلْكَـٰفِرِينَ

    faʹil lam tafʻaloo wa-lañ tafʻaloo fattaq̣un Naaral latee wa-q̣ooduhan naasu walḥijaaratu ʹuʻiddat lil-Kaafireen.

    එහෙත් නුඹලා (එසේ) නො කළෙහු නම්, නුඹලා විසින් (මෙය) කිසිසේත් ම කළ නොහැකි ය. එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්නට බිය වනු. එය දේව ප්‍රතික්ෂේපකයින්ට සූදානම් කරනු ලැබ ඇත.

  34. 2:25

    وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ أَنَّ لَهُمْ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ كُلَّمَا رُزِقُوا۟ مِنْهَا مِن ثَمَرَةٍ رِّزْقًا ۙ قَالُوا۟ هَـٰذَا ٱلَّذِى رُزِقْنَا مِن قَبْلُ ۖ وَأُتُوا۟ بِهِۦ مُتَشَـٰبِهًا ۖ وَلَهُمْ فِيهَآ أَزْوَٰجٌ مُّطَهَّرَةٌ ۖ وَهُمْ فِيهَا خَـٰلِدُونَ

    Wa-bashshiril laẓeena ʹaamanoo wa-ʻamiluṣ Ṣaaliḥaati ʹanna lahum jannaatiñ tajree miñ taḥtihal ʹanhaar. Kullamaa ruziq̣oo minhaa miñ s̤amaratir rizq̣añ q̣aaloo haaẓal laẓee ruziq̣naa miñ q̣abl. wa-ʹutoo bihee mutashaabihaa. Wa-lahum feehaaa ʹazwaajum muṭahharah; wahum feehaa khaalidoon.

    තවද විශ්වාස කොට යහකම් කළවුනට සැබැවින් ම පහළින් ගංගාවන් ගලා යන උයන් ඇතැයි සුබාරංචි දන්වනු. එහි පලතුරුවලින් ඔවුන් පෝෂණය කරනු ලබන සෑම විටක ම මීට පෙර අප පෝෂණය කරනු ලැබුවේ ද මෙය ම යැයි පවසති. තවද එකිනෙකට සමාන වූ දෑ ඔවුනට ගෙන දෙනු ලැබේ. තවද ඔවුනට එහි පිවිතුරු බිරින්දෑවරුන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

  35. 2:26

    ۞ إِنَّ ٱللَّهَ لَا يَسْتَحْىِۦٓ أَن يَضْرِبَ مَثَلًا مَّا بَعُوضَةً فَمَا فَوْقَهَا ۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ فَيَعْلَمُونَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّهِمْ ۖ وَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَيَقُولُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَـٰذَا مَثَلًا ۘ يُضِلُّ بِهِۦ كَثِيرًا وَيَهْدِى بِهِۦ كَثِيرًا ۚ وَمَا يُضِلُّ بِهِۦٓ إِلَّا ٱلْفَـٰسِقِينَ

    ʹInnal laaha laa yastaḥyeee ʹañy yaḍriba mas̤alam maa baʻooḍatañ famaa fawq̣ahaa. Faʹammal laẓeena ʹaamanoo fayaʻlamoona ʹannahul Ḥaq̣q̣u mir Rabbihim: wa-ʹammal laẓeena kafaroo fayaq̣ooloona maaẓaaa ʹaraadal laahu bihaaẓaa mas̤alaa? Yuḍillu bihee kas̤eerañw wa-yahdee bihee kas̤eeraa: wa-maa yuḍillu biheee ʹillal Faasiq̣een;

    නියත වශයෙන් ම කෝඳුරුවකුගේ හෝ ඊට වඩා ඉහළින් ඇති දෙයක උපමාවක් ගෙන හැර පෑමට අල්ලාහ් ලැජ්ජා නො වන්නේ ය. එවිට විශ්වාස කළවුන් වූ කලි, සැබැවින් ම මෙය තම පරමාධිපතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනිති. ප්‍රතික්ෂේප කළවුන් වූ කලි, අල්ලාහ් මෙම උපමාවෙන් කුමක් අපේක්ෂා කළේ දැ? යි විමසති. එමඟින් බොහෝ දෙනා නොමඟ හරී. තවද එමඟින් බොහෝ දෙනා යහ මඟට යොමු කරයි. ඔහු දුෂ්ඨයින් හැර අන් කිසිවෙකු එමඟින් නොමඟ නො හරී.

  36. 2:27

    ٱلَّذِينَ يَنقُضُونَ عَهْدَ ٱللَّهِ مِنۢ بَعْدِ مِيثَـٰقِهِۦ وَيَقْطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِى ٱلْأَرْضِ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ

    ʹAllaẓeena yañq̣uḍoona ʻAhdal laahi mim baʻdi mees̤aaq̣ihee, wa-yaq̣ṭaʻoona maaa ʹamaral laahu biheee ʹañy yooṣala wa-yufsidoona fil ʹarḍ: ʹulaaaʹika humul khaasiroon.

    ඔවුහු කවරහු ද යත් අල්ලාහ් ගේ ගිවිසුම, එය තහවුරු කිරීමෙන් පසු කඩ කරන, ඥාතී සම්බන්ධ කම් පැවැත්වීම පිළිබඳ ව අල්ලාහ් නියෝග කළ දෑ විසන්ධි කරන, මහපොළොවේ කලහකම් කරන අය වෙති. ඔවුහුම ය අලාභවන්තයෝ.

  37. 2:28

    كَيْفَ تَكْفُرُونَ بِٱللَّهِ وَكُنتُمْ أَمْوَٰتًا فَأَحْيَـٰكُمْ ۖ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

    Kayfa takfuroona billaahi wa-kuñtum ʹamwaatañ faʹaḥyaakum; s̤umma yumeetukum s̤umma yuḥyeekum s̤umma ʹilayhi turjaʻoon.

    නුඹලා අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙසේ ද? නුඹලා අජීවීව සිටිය දී නුඹලාට ඔහු ප්‍රාණය දුන්නේ ය. පසුව නුඹලාව ඔහු මරණයට පත් කරන්නේ ය. පසුව නුඹලාට ඔහු (යළි) ප්‍රාණය දෙන්නේ ය. පසුව ඔහු වෙත ම නුඹලා (නැවත) යොමු කරනු ලබන්නෙහු ය.

  38. 2:29

    هُوَ ٱلَّذِى خَلَقَ لَكُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًا ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ فَسَوَّىٰهُنَّ سَبْعَ سَمَـٰوَٰتٍ ۚ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

    Huwal laẓee khalaq̣a lakum maa fil ʹarḍi jameeʻaa; s̤ummas tawaaa ʹilas Samaaaʹi fasaw-waahunna sabʻa samaawaat; wa-Huwa bikulli shayʹin ʻaleem.

    නුඹලා වෙනුවෙන් මහ පොළොවේ ඇති සියල්ල මැව්වේ ඔහු ය. පසුව අහස දෙසට හැරී ඒවා අහස් හතක් ලෙස සැකසුවේ ය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥානී ය.

  39. 2:30

    وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَـٰٓئِكَةِ إِنِّى جَاعِلٌ فِى ٱلْأَرْضِ خَلِيفَةً ۖ قَالُوٓا۟ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ ٱلدِّمَآءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ ۖ قَالَ إِنِّىٓ أَعْلَمُ مَا لَا تَعْلَمُونَ

    Wa-ʹiẓ q̣aala Rabbuka lil-Malaaaʹikati ʹInnee jaaʻiluñ fil ʹarḍi Khaleefah˹. Q̣aalooo ʹatajʻalu feehaa mañy yufsidu feehaa wa-yasfikud dimaaaʹ? wa-naḥnu nusabbiḥu bi-Ḥamdika wa-nuq̣addisu lak. Q̣aala ˹ʹInneee ʹaʻlamu maa laa- taʻlamoon.˺

    තවද නුඹගේ පරමාධිපති මලක්වරුන් (දේව දූතයින්) අමතා "සැබැවින් ම මම මහපොළොවේ නියෝජිතයකු පත් කරන්නට යමි" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබව ඔබගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරමින්, ඔබව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තවද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැ?" යි ඔවුහු පැවසූහ. "නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි" යැයි ඔහු පැවසුවේ ය.

  40. 2:31

    وَعَلَّمَ ءَادَمَ ٱلْأَسْمَآءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى ٱلْمَلَـٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِى بِأَسْمَآءِ هَـٰٓؤُلَآءِ إِن كُنتُمْ صَـٰدِقِينَ

    Wa-ʻallama ʹAadamal ʹasmaaaʹa kullahaa s̤umma ʻaraḍahum ʻalal malaaaʹikati faq̣aala ʹambiʹoonee biʹasmaaaʹi haaaʹulaaaʹi ʹiñ kuñtum ṣaadiq̣een.

    ආදම්ට සියලු නාමයන් ඔහු ඉගැන්වී ය. පසුව ඒවා මලක්වරුන් වෙත ගෙන හැර පා "නුඹලා සත්‍යවාදීහු නම් මේවායෙහි නාමයන් මට දැනුම් දෙනු" යි ඔහු පැවසී ය.

  41. 2:32

    قَالُوا۟ سُبْحَـٰنَكَ لَا عِلْمَ لَنَآ إِلَّا مَا عَلَّمْتَنَآ ۖ إِنَّكَ أَنتَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ

    Q̣aaloo ˹Subḥaanaka laa ʻilma lanaaa ʹillaa maa- ʻallamtanaa: ʹInnaka ʹañtal ʻAleemul Ḥakeem.˺

    "ඔබ සුපිවිතුරු ය. ඔබ අපට ඉගැන් වූ දෑ හැර වෙනත් දැනුමක් අපට නැත. සැබැවින් ම ඔබ සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත" යැයි (මලක්වරුන්) පැවසූහ.

  42. 2:33

    قَالَ يَـٰٓـَٔادَمُ أَنۢبِئْهُم بِأَسْمَآئِهِمْ ۖ فَلَمَّآ أَنۢبَأَهُم بِأَسْمَآئِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّىٓ أَعْلَمُ غَيْبَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ

    Q̣aala ˹YaaaʹAadamu ʹambiʹhum̃ biʹasmaaaʹihim.˺ Falammaaa ʹambaʹahum̃ biʹasmaaaʹihim q̣aala ʹalam ʹaq̣ul lakum ʹInneee ʹaʻlamu g̣aybas samaawaati wal-ʹarḍi wa-ʹaʻlamu maa tubdoona wa-maa kuñtum taktumoon.

    "අහෝ ආදම්! ඒවායෙහි නාමයන් ඔවුනට දන්වනු" යැයි ඔහු පැවසී ය. ඔවුනට ඔහු ඒවායෙහි නාමයන් දැන් වූ කල්හි "අහස්හි හා මහපොළොවේ අදෘශ්‍යමාන දෑ සැබැවින් ම මම දනිමි. තවද නුඹලා හෙළිදරව් කරන දෑ ද, නුඹලා වසං කරමින් සිටින දෑ ද මම දනිමි යැයි නො කීවෙමි ද? " යනුවෙන් (අල්ලාහ්) පැවැසුවේ ය.

  43. 2:34

    وَإِذْ قُلْنَا لِلْمَلَـٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ أَبَىٰ وَٱسْتَكْبَرَ وَكَانَ مِنَ ٱلْكَـٰفِرِينَ

    Wa-ʹiẓ q̣ulnaa lilmalaaaʹikatis judoo liʹAadama fasajadooo ʹillaaa ʹIblees: ʹabaa wastakbara wa-kaana minal Kaafireen.

    පසුව අපි මලක්වරුන්ට "ආදම්ට සිරස නමනු" යි පැවසූ විට ඉබ්ලීස් (ෂෙයිතාන්) හැර ඔවුන් (සියල්ලෝ ම) සිරස නැමූහ. ඔහු (එය ට) පිටුපෑවේ ය. උඩඟු විය. තවද ඔහු දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් කෙනෙකු විය.

  44. 2:35

    وَقُلْنَا يَـٰٓـَٔادَمُ ٱسْكُنْ أَنتَ وَزَوْجُكَ ٱلْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَـٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّـٰلِمِينَ

    Wa-q̣ulnaa yaaaʹAadamus kun ʹañta wa-zawjukal jannata wa-kulaa Minhaa rag̣adan ḥays̤u shiʹtumaa; wa-laa taq̣rabaa haaẓihish shajarata fatakoonaa minaz̤̣ z̤̣aalimeen.

    තවද අහෝ ආදම්! නුඹ ද නුඹගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තවද නුඹලා දෙදෙනා මෙම ගසට ළං නො වනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු.

  45. 2:36

    فَأَزَلَّهُمَا ٱلشَّيْطَـٰنُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ ۖ وَقُلْنَا ٱهْبِطُوا۟ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ وَلَكُمْ فِى ٱلْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَـٰعٌ إِلَىٰ حِينٍ

    Faʹazallahumash Shaytaanu ʻanhaa faʹakhrajahumaa mimmaa kaanaa feeh. Wa-q̣ulnah biṭoo baʻḍukum libaʻḍin ʻaduww. Wa-lakum fil ʹarḍi mustaq̣arruñw wa-mataaʻun ʹilaa ḥeen.

    එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනාව එයින් පිටමං කර යැවීමට සැලැස්සුවේ ය. ඔවුන් දෙදෙනා සිටි තත්වයෙන් ඔහු ඔවුන් දෙදෙනාව බැහැර කළේ ය. තවද "නුඹලා පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරු ය. නුඹලාට කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත" යැයි අපි පැවසුවෙමු.

  46. 2:37

    فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَـٰتٍ فَتَابَ عَلَيْهِ ۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

    Fatalaq̣q̣aaa ʹAadamu mir Rabbihee Kalimaatiñ fataaba ʻalayh: ʹinnahoo Huwat Tawwaabur Raḥeem.

    පසුව ආදම් තම පරමාධිපතිගෙන් වදන් (කිහිපයක්) ලබා ගත්තේ ය. පසුව ඔහු ඔහුට පාප ක්ෂමාව දුන්නේ ය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තයා ය.

  47. 2:38

    قُلْنَا ٱهْبِطُوا۟ مِنْهَا جَمِيعًا ۖ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّى هُدًى فَمَن تَبِعَ هُدَاىَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    Q̣ulnah biṭoo minhaa jameeʻaa; faʹimmaa yaʹtiyannakum minnee Hudañ famañ tabiʻa Hudaaya falaa khawfun ʻalayhim wa-laa hum yaḥzanoon.

    "නුඹලා සියල්ලෝ ම එයින් පහළට බසිනු. මාගෙන් නුඹලාට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන්ට බියක් නොමැත. තවද ඔවුන් දුකට පත් වන්නේ ද නැත" යැයි අපි පැවසුවෙමු.

  48. 2:39

    وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ

    Wallaẓeena Kafaroo wa-kaẓẓaboo biʹAayaatinaaa ʹulaaaʹika ʹAṣḥaabun Naar; hum feehaa Khaalidoon.

    දේවත්වය ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වන ඔවුහු මය නිරා ගින්නෙහි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

  49. 2:40

    يَـٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱذْكُرُوا۟ نِعْمَتِىَ ٱلَّتِىٓ أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا۟ بِعَهْدِىٓ أُوفِ بِعَهْدِكُمْ وَإِيَّـٰىَ فَٱرْهَبُونِ

    Yaa-Baneee ʹIsraaaʹeelaẓ kuroo niʻmatiyal lateee ʹanʻamtu ʻalaykum wa-ʹawfoo biʻAhdeee ʹoofi biʻAhdikum wa-ʹiyyaaya Farhaboon.

    අහෝ ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට දායාද කළ මාගේ දායාදය නුඹලා සිහිපත් කර බලනු. තවද නුඹලා මාගේ ගිවිසුම ඉටු කරනු. මම නුඹලාගේ ගිවිසුම ඉටු කරමි. තවද නුඹලා මට ම බිය වනු.

  50. 2:41

    وَءَامِنُوا۟ بِمَآ أَنزَلْتُ مُصَدِّقًا لِّمَا مَعَكُمْ وَلَا تَكُونُوٓا۟ أَوَّلَ كَافِرٍۭ بِهِۦ ۖ وَلَا تَشْتَرُوا۟ بِـَٔايَـٰتِى ثَمَنًا قَلِيلًا وَإِيَّـٰىَ فَٱتَّقُونِ

    Wa-ʹaaminoo Bimaaa ʹañzaltu muṣaddiq̣al limaa maʻakum wa-laa takoonooo ʹawwala Kaafirim̃ bih. Wa-laa tashtaroo biʹAayaatee s̤amanañ q̣aleelaa; wa-ʹiyyaaya Fattaq̣oon.

    නුඹලා සමඟ ඇති දෑ තහවුරු කරමින් මා පහළ කළ දෑ පිළිබඳව නුඹලා විශ්වාස කරනු. තවද ඒ ගැන ප්‍රතික්ෂේප කරන්නාගෙන් පළමුවැන්නා නො වනු. තවද මාගේ වදන් අල්ප මිලකට නො විකුණනු. තවද මට ම නුඹලා බිය බැතිමත් වනු.

  51. 2:42

    وَلَا تَلْبِسُوا۟ ٱلْحَقَّ بِٱلْبَـٰطِلِ وَتَكْتُمُوا۟ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ

    Wa-laa Talbisul Ḥaq̣q̣a bilbaaṭili wa-taktumul Ḥaq̣q̣a wa-ʹañtum taʻlamoon.

    තවද නුඹලා සත්‍යය අසත්‍යය සමඟ මුසු නො කරනු. තවද නුඹලා දැනුවත්ව ම සත්‍යය වසන් නො කරනු.

  52. 2:43

    وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَٱرْكَعُوا۟ مَعَ ٱلرَّٰكِعِينَ

    Wa-ʹaq̣eemuṣ Ṣalaata wa-ʹaatuz Zakaata Warkaʻoo maʻar raakiʻeen.

    තවද නුඹලා සලාතය ස්ථාපිත කර zසකාත් (හෙවත් අනිවාර්ය බද්ද) ද දෙනු. තවද (දණහිස මත අත් තබා නැමී) රුකූඋ කරන්නන් සමඟ රුකූඋ කරනු.

  53. 2:44

    ۞ أَتَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ وَأَنتُمْ تَتْلُونَ ٱلْكِتَـٰبَ ۚ أَفَلَا تَعْقِلُونَ

    ʹAtaʹmuroonan naasa bilbirri wa-tañsawna ʹañfusakum wa-ʹañtum tatloonal Kitaab? ʹAfalaa taʻq̣iloon?

    නුඹලා දේව ග්‍රන්ථය කියවමින් ම නුඹලා නුඹලාව අමතක කර දමා ජනයාට යහපත විධානය කරන්නෙහු ද? (ඒ බව) නුඹලා වටහා නො ගන්නෙහු ද?

  54. 2:45

    وَٱسْتَعِينُوا۟ بِٱلصَّبْرِ وَٱلصَّلَوٰةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى ٱلْخَـٰشِعِينَ

    Wastaʻeenoo biṣ-Ṣabri waṣ-Ṣalaah: wa-ʹinnahaa lakabeeratun ʹillaa ʻalal Khaashiʻeen,

    තවද නුඹලා ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් උදව් පතනු. සැබැවින් ම එය (සලාතය) දේව බියෙන් යටහත් වන්නන්ට හැර සෙසු අයට බැරෑරුම් ය.

  55. 2:46

    ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَـٰقُوا۟ رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَٰجِعُونَ

    ʹAllaẓeena Yaz̤̣unnoona ʹannahum mulaaq̣oo Rabbihim wa-ʹannahum ʹilayhi raajiʻoon.

    ඔවුහු කවරහු ද යත් සැබැවින් ම තමන් තම පරමාධිපතිව මුණ ගැසෙන්නන් බවත්, තවද සැබැවින් ම තමන් ඔහු වෙත නැවත යොමු වන්නන් බවත් වටහා ගනිති.

  56. 2:47

    يَـٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱذْكُرُوا۟ نِعْمَتِىَ ٱلَّتِىٓ أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّى فَضَّلْتُكُمْ عَلَى ٱلْعَـٰلَمِينَ

    Yaa-Baneee ʹIsraaaʹeelaẓ kuroo niʻmatiyal lateee ʹanʻamtu ʻalaykum wa-ʹannee faḍḍaltukum ʻalal ʻaalameen.

    ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට දායාද කළ මාගේ දායාදය සිහිපත් කරනු. තවද සැබැවින් ම මම නුඹලාව සියලු ලෝවැසියනට වඩා උසස් කළෙමි.

  57. 2:48

    وَٱتَّقُوا۟ يَوْمًا لَّا تَجْزِى نَفْسٌ عَن نَّفْسٍ شَيْـًٔا وَلَا يُقْبَلُ مِنْهَا شَفَـٰعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنصَرُونَ

    Wattaq̣oo Yawmal laa tajzee nafsun ʻan nafsiñ shayʹañw wa-laa yuq̣balu minhaa shafaaʻatuñw wa-laa yuʹkhaẓu minhaa ʻadluñw wa-laa hum yuñṣaroon.

    තවද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයකට කිසිවක් කිරීමට හැකියාවක් නොමැති, එයින් කිසිදු මැදිහත් වීමක් පිළිගනු නො ලබන, එයින් කිසිදු වන්දියන් භාර ගනු නො ලබන දිනයකට නුඹලා බිය වනු. ඔවුහු (එදින) උදව් කරනු නො ලබන්නෝ ය.

  58. 2:49

    وَإِذْ نَجَّيْنَـٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ يُذَبِّحُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌ مِّن رَّبِّكُمْ عَظِيمٌ

    Wa-ʹiẓ najjaynaakum min ʹAali Firʻawna yasoomoonakum soooʹal ʻaẓaabi yuẓabbiḥoona ʹabnaaaʹakum wa-yastaḥyoona nisaaaʹakum; wa-fee ẓaalikum̃ balaaaʹum mir Rabbikum ʻaz̤̣eem.

    නුඹලාට දැඩි වධ වේදනා දී හිංසා කරමින් ද, නුඹලාගේ පිරිමි දරුවන් මරා දමමින් ද, නුඹලාගේ ගැහැනු දරුවන්ට ජීවිත දානය දෙමින් ද සිටි ෆිර්අවුන්ගේ පරපුරෙන් නුඹලාව අපි මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද ඒවායෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් වූ අතිමහත් පිරික්සුමක් තිබිණ.

  59. 2:50

    وَإِذْ فَرَقْنَا بِكُمُ ٱلْبَحْرَ فَأَنجَيْنَـٰكُمْ وَأَغْرَقْنَآ ءَالَ فِرْعَوْنَ وَأَنتُمْ تَنظُرُونَ

    Wa-ʹiẓ Faraq̣naa bikumul baḥra faʹañjaynaakum wa-ʹag̣raq̣naaa ʹAala Firʻawna wa-ʹañtum tañz̤̣uroon.

    තවද අපි නුඹලාට මුහුද දෙබෑ කර, පසුව එයින් නුඹලාව මුදවා ගෙන නුඹලා බලමින් සිටියදී ම ෆිර්අවුන්ගේ පිරිස (මුහුදෙහි) ගිල්වා දැමූ සැටි සිහිපත් කරනු.

  60. 2:51

    وَإِذْ وَٰعَدْنَا مُوسَىٰٓ أَرْبَعِينَ لَيْلَةً ثُمَّ ٱتَّخَذْتُمُ ٱلْعِجْلَ مِنۢ بَعْدِهِۦ وَأَنتُمْ ظَـٰلِمُونَ

    Wa-ʹiz waaʻadnaa Moosaaa ʹarbaʻeena laylatañ s̤ummat takhaẓtumul ʻijla mim baʻdihee wa-añtum z̤̣aalimoon.

    තවද අප මූසාට හතළිස් රැයක් ප්‍රතිඥා දුන් අවස්ථාව සිහිපත් කරනු. අනතුරුව නුඹලා ඔහුගෙන් පසුව (ඔහු ගිය පසු ව) වසු පැටවාව (නැමදුම ට) ගත්තෙහු ය. නුඹලා අපරාධකරුවෝ ම ය.

  61. 2:52

    ثُمَّ عَفَوْنَا عَنكُم مِّنۢ بَعْدِ ذَٰلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ

    S̤umma ʻafawnaa ʻañkum mim baʻdi ẓaalika laʻallakum tashkuroon.

    පසුව නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස, ඉන් පසුවද අපි නුඹලාට සමාව දුනිමු.

  62. 2:53

    وَإِذْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ وَٱلْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ

    Wa-ʹiẓ ʹaataynaa Moosal Kitaaba wal-Furq̣uaana laʻallakum Tahtadoon.

    තවද අප නුඹලා යහ මඟ ලැබිය හැකි වනු පිණිස මූසාට දේව ග්‍රන්ථය ද (සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) නිර්ණායකය ද පිරිනැමූ අවස්ථාව සිහිපත් කරනු.

  63. 2:54

    وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَـٰقَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُم بِٱتِّخَاذِكُمُ ٱلْعِجْلَ فَتُوبُوٓا۟ إِلَىٰ بَارِئِكُمْ فَٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ ۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

    Wa-ʹiẓ q̣aala Moosaa li-Q̣awmihee yaa-q̣awmi ʹinnakum z̤̣alamtum ʹanfusakum̃ bitti-khaa-ẓikumul ʻijla fatoobooo ʹilaa Baariʹikum faq̣tulooo ʹañfusakum; ẓaalikum khayrul lakum ʻiñda Baariʹikum. Fataaba ʻalaykum: ʹinnahoo Huwat Tawwaabur Raḥeem.

    "මාගේ ජනයිනි! සැබැවින් ම නුඹලා වසු පැටවා (නැමදුම ට) ගැනීමෙන් මහත් අපරාධයක් කළෙහු ය. එබැවින් නුඹලා නුඹලාගේ උත්පාදකයා වෙත පශ්චාත්තාප වී යොමු වනු. එසේනම් නුඹලා (සීමාව ඉක්මවූවන් ව) නුඹලා ම ඝාතනය කරනු. එය නුඹලාගේ උත්පාදකයා අබියස නුඹලාට ශ්‍රේෂ්ඨ වෙයි. එවිට ඔහු නුඹලාට සමාව දෙයි. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා ය. අසීමිත කරුණාවන්තයා ය" යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

  64. 2:55

    وَإِذْ قُلْتُمْ يَـٰمُوسَىٰ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ ٱلصَّـٰعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ

    Wa-ʹIẓ q̣ultum yaa-Moosaa lan nuʹmina laka ḥattaa naral laaha Jahratañ faʹakhaẓat-kumuṣ ṣaaʻiq̣atu wa-ʹañtum tañz̤̣uroon.

    තවද "අහෝ මූසා! අප අල්ලාහ්ව එළිමහනේ දකින තුරු ඔබව අප විශ්වාස නො කරන්නේ ම" යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා බලා සිටිය දී ම අකුණු සැර නුඹලාව ග්‍රහණය කළේ ය.

  65. 2:56

    ثُمَّ بَعَثْنَـٰكُم مِّنۢ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

    S̤umma baʻas̤naakum mim baʻdi Mawtikum laʻallakum tashkuroon.

    පසුව නුඹලා කෘතවේදී වනු හැකි පිණිස නුඹලාගේ මරණයෙන් පසු අපි නුඹලාව අවදි කළෙමු.

  66. 2:57

    وَظَلَّلْنَا عَلَيْكُمُ ٱلْغَمَامَ وَأَنزَلْنَا عَلَيْكُمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ ۖ كُلُوا۟ مِن طَيِّبَـٰتِ مَا رَزَقْنَـٰكُمْ ۖ وَمَا ظَلَمُونَا وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ

    Wa-Z̤̣allalnaa ʻalaykumul g̣amaama wa-ʹañzalnaa ʻalaykumul Manna was-Salwaaa: Kuloo miñ ṭayyibaati maa razaq̣naakum wa-maa z̤̣alamoonaa wa-laakiñ kaanooo ʹañfusahum yaz̤̣limoon.

    තවද අපි නුඹලාට වලාකුළින් සෙවණ ලබා දුනිමු. තවද "මන්නු, සල්වා" (නම් ආහාර) ද අපි නුඹලාට පහළ කළෙමු. අප නුඹලාට ආහාර වශයෙන් ලබා දුන් දැයින් යහපත් දෑ නුඹලා අනුභව කරනු. ඔවුහු අපට අපරාධ නො කළෝ ය. එහෙත් ඔවුහු තමන්ට ම අපරාධ කර ගනිමින් සිටියෝ ය.

  67. 2:58

    وَإِذْ قُلْنَا ٱدْخُلُوا۟ هَـٰذِهِ ٱلْقَرْيَةَ فَكُلُوا۟ مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَٱدْخُلُوا۟ ٱلْبَابَ سُجَّدًا وَقُولُوا۟ حِطَّةٌ نَّغْفِرْ لَكُمْ خَطَـٰيَـٰكُمْ ۚ وَسَنَزِيدُ ٱلْمُحْسِنِينَ

    Wa-ʹiẓ q̣ulnad khuloo haaẓihil q̣aryata fakuloo minhaa ḥays̤u shiʹtum rag̣adañw wadkhulul baaba Sujjadañw wa-q̣ooloo ḥittatun nag̣fir lakum Khaṭaayaakum: wa-sanazeedul Muḥsineen.

    "නුඹලා මෙම නගරයට පිවිසෙනු. එහි ඇති දැයින් කැමති දෑ කැමති තැනක අනුභව කරනු. සිරස නමමින් දොරටුවෙන් ඇතුළු වනු. 'හිත්තතුන්' (අපට සමාව දෙනු මැනව) යැයි පවසනු. නුඹලාගේ වැරදිවලට අපි සමාව දෙන්නෙමු. යහ වැඩ කළවුන්ට අපි අධික කරන්නෙමු," යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

  68. 2:59

    فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُوا۟ قَوْلًا غَيْرَ ٱلَّذِى قِيلَ لَهُمْ فَأَنزَلْنَا عَلَى ٱلَّذِينَ ظَلَمُوا۟ رِجْزًا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُوا۟ يَفْسُقُونَ

    Fabaddalal laẓeena z̤̣alamoo q̣awlan g̣ayral laẓee q̣eela lahum faʹañzalnaa ʻalal laẓeena z̤̣alamoo rijzam minas samaaaʹi bimaa Kaanoo yafsuq̣oon.

    එවිට අපරාධ කළවුන් ඔවුනට පවසනු ලැබූ දෑ නො වන වෙනත් වදනක් වෙනස්කර පැවසූහ. එවිට අපරාධ කළවුන්ට ඔවුන් කලහකම් කරමින් සිටි හේතුවෙන් අහසින් ව්‍යසනයක් අපි පහළ කළෙමු.

  69. 2:60

    ۞ وَإِذِ ٱسْتَسْقَىٰ مُوسَىٰ لِقَوْمِهِۦ فَقُلْنَا ٱضْرِب بِّعَصَاكَ ٱلْحَجَرَ ۖ فَٱنفَجَرَتْ مِنْهُ ٱثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ ۖ كُلُوا۟ وَٱشْرَبُوا۟ مِن رِّزْقِ ٱللَّهِ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ

    Wa-ʹiẓis tasq̣aa Moosaa liq̣awmihee faq̣ulnaḍ rib biʻAṣaakal ḥajar. Fañfajarat minhus̤ nataa ʻashrata ʻaynaa. Q̣ad ʻalima Kullu ʻunaasim mashrabahum. Kuloo washraboo mir rizq̣il laahi walaa taʻs̤aw fil ʹarḍi mufsideen.

    තවද මූසා තම ජනයා වෙනුවෙන් ජලය පැතූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹ නුඹගේ සැරයටියෙන් ගලට ගසනු යැයි අපි පැවසුවෙමු. එවිට උල්පත් දොළොසක් එයින් පිපිරී මතු විය. සෑම ජන සමූහයක් ම ඔවුන් පානය කළ යුතු ස්ථානය දැන ගත්හ. නුඹලා අල්ලාහ් පිරිනැමූ පෝෂණයෙන් අනුභව කරනු. තවද පානය කරනු. කලහ කරන්නන් ලෙස මහපොළොවේ සීමාව ඉක්මවා නො සැරිසරනු.

  70. 2:61

    وَإِذْ قُلْتُمْ يَـٰمُوسَىٰ لَن نَّصْبِرَ عَلَىٰ طَعَامٍ وَٰحِدٍ فَٱدْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنۢبِتُ ٱلْأَرْضُ مِنۢ بَقْلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا ۖ قَالَ أَتَسْتَبْدِلُونَ ٱلَّذِى هُوَ أَدْنَىٰ بِٱلَّذِى هُوَ خَيْرٌ ۚ ٱهْبِطُوا۟ مِصْرًا فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ ۗ وَضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ وَٱلْمَسْكَنَةُ وَبَآءُو بِغَضَبٍ مِّنَ ٱللَّهِ ۗ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا۟ يَكْفُرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيْرِ ٱلْحَقِّ ۗ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ

    Waʹiẓ q̣ultum yaa-Moosaa lan naṣbira ʻalaa ṭaʻaamiñw waaḥidiñ fadʻu lanaa Rabbaka yukhrij lanaa mimmaa tumbitul ʹarḍu mim baq̣lihaa Wa-q̣is̤s̤aaaʹihaa Wa-foomihaa wa-ʻadasihaa wa-baṣalihaa. Q̣aala ʹatastabdiloonal laẓee huwa ʹadnaa billaẓee huwa Khayr? ʹIhbiṭoo miṣrañ faʹinna lakum maa saʹaltum. Waḍuribat ʻalayhimuẓ ẓillatu walmaskanah; wa-baaaʹoo big̣aḍabim minal laah. Ẓaalika biʹannahum kaanoo yakfuroona biʹaayaatil laahi wa-yaq̣tuloonan nabiyyeena big̣ayril ḥaq̣q̣. Ẓaalika bimaa ʻaṣaw Wa-kaanoo yaʻtadoon.

    "අහෝ මූසා! අපට එක ම (ආකාරයේ) ආහාරයක් මත පමණක් ඉවසා සිටිය නොහැකි ය. එබැවින් අපට මහපොළොවෙන් හට ගැන් වන පලා වර්ග, කැකිරි, සුදු ලූනු, පරිප්පු හා ලූනු වැනි දෑ අප වෙනුවෙන් මතු කරන්නැ යි නුඹගේ පරමාධිපතිගෙන් අයැද සිටිනු" යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු මෙසේ කී ය. "කවර දෙයක් ශ්‍රේෂ්ඨ ද, ඒ වෙනුවට කවර දෙයක් පහත් ද එය මාරු කර දෙන මෙන් නුඹලා පතන්නෙහු ද? නුඹලා නගරයකට ගොඩ බසිනු. එවිට නුඹලා ඉල්ලන දෑ නුඹලාට හිමි වේ." තවද ඔවුන් වෙත අවමානය ද දිළිඳුකම ද වෙළා ගනු ලැබී ය. ඔවුහු අල්ලාහ්ගේ කෝපයට ලක් වූහ. මෙය ඔවුන් අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරමින් සිටි හා යුක්තියෙන් තොරව නබිවරුන්ව ඝාතනය කරමින් සිටි හේතුවෙනි. එය ඔවුන් පිටු පා සීමාව ඉක්මවා යමින් සිටි හේතුවෙනි.

  71. 2:62

    إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلنَّصَـٰرَىٰ وَٱلصَّـٰبِـِٔينَ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَعَمِلَ صَـٰلِحًا فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    ʹInnal laẓeena ʹaamanoo Wallaẓeena haadoo wan-Naṣaaraa waṣ-Ṣaabiʹeena man ʹaamana billaahi wal-Yawmil ʹAakhiri waʻamila ṣaaliḥañ falahum ʹajruhum ʻiñda Rabbihim: Walaa khawfun ʻalayhim walaa hum yaḥzanoon.

    නියත වශයෙන් ම විශ්වාස කළ වුන් ද, යුදෙව් වූවන් ද, කිතුනුවන් ද, සාබිඊන්වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අයට තම පරමාධිපති අබියසින් වූ ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට ඇත. ඔවුනට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තවද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුකට පත්වන්නේ ද නැත.

  72. 2:63

    وَإِذْ أَخَذْنَا مِيثَـٰقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ ٱلطُّورَ خُذُوا۟ مَآ ءَاتَيْنَـٰكُم بِقُوَّةٍ وَٱذْكُرُوا۟ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ

    Wa-ʹiẓ ʹakhaẓnaa Mees̤aaq̣akum Wa-rafaʻnaa fawq̣akumuṭ Ṭoor: Khuẓoo maaa aataynaakum̃ biq̣uwwatiñw waẓkuroo maa feehi laʻallakum tattaq̣oon.

    "නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස, අපි නුඹලාට පිරිනැමූ දෑ නුඹලා ඉතා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තවද එහි (සඳහන් ව) ඇති දෑ සිහිපත් කරනු" යනුවෙන් අපි නුඹලාට ඉහළින් තූර් කන්ද ඔසවා තබා, අපි නුඹලාගෙන් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු.

  73. 2:64

    ثُمَّ تَوَلَّيْتُم مِّنۢ بَعْدِ ذَٰلِكَ ۖ فَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ لَكُنتُم مِّنَ ٱلْخَـٰسِرِينَ

    S̤umma tawallaytum mim̃ baʻdi ẓaalik: Falawlaa faḍlul lahi ʻalaykum wa-raḥmatuhoo lakuñtum minal khaasireen.

    අනතුරුව, ඉන් පසුවද නුඹලා (ප්‍රතිඥාවට) පිටුපෑවෙහු ය. එවිට නුඹලාට අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නො වී නම් නුඹලා අලාභවන්තයින් අතුරින් වන්නට තිබුණි.

  74. 2:65

    وَلَقَدْ عَلِمْتُمُ ٱلَّذِينَ ٱعْتَدَوْا۟ مِنكُمْ فِى ٱلسَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا۟ قِرَدَةً خَـٰسِـِٔينَ

    Wa-laq̣ad ʻalimtumul laẓeenaʻ tadaw miñkum fis Sabti faq̣ulnaa lahum koonoo q̣iradatan khaasiʹeen!

    සෙනසුරාදාවෙහි නුඹලා අතුරින් සීමාව ඉක්මවා ගියවුන් (ට සිදු වූ විපාකය) පිළිබඳව නුඹලා මැනවින් දැනගෙන සිටින්නෙහු ය. එවිට අපි "නුඹලා අවමානයට ලක්වූවන් ලෙසින් වඳුරන් වනු" යැයි පැවසුවෙමු.

  75. 2:66

    فَجَعَلْنَـٰهَا نَكَـٰلًا لِّمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ

    Fajaʻalnaahaa nakaalal limaa bayna yadayhaa wa-maa khalfahaa wa-mawʻiz̤̣atal lil-Muttaq̣een.

    මෙය (එවකට) ඔවුන් අවට සිටියවුන්ට හා පසුව පැවත එන්නන්ට පාඩමක් වශයෙන් ද, බිය බැතිමතුන්ට උපදෙසක් වශයෙන් ද අපි පත් කළෙමු.

  76. 2:67

    وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦٓ إِنَّ ٱللَّهَ يَأْمُرُكُمْ أَن تَذْبَحُوا۟ بَقَرَةً ۖ قَالُوٓا۟ أَتَتَّخِذُنَا هُزُوًا ۖ قَالَ أَعُوذُ بِٱللَّهِ أَنْ أَكُونَ مِنَ ٱلْجَـٰهِلِينَ

    Wa-ʹiẓ q̣aala Moosaa liq̣awmiheee ʹinnal laaha yaʹmurukum ʹañ taẓbaḥoo Baq̣arah. Q̣aalooo ʹatattakhiẓunaa huzuwaa? Q̣aala ʹaʻooẓu billaahi ʹan ʹakoona minal jaahileen!

    "නුඹලා එළදෙනකු කැපිය යුතු යැයි නිසකව ම අල්ලාහ් නුඹලාට අණ කරන්නේ" යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. "නුඹ අපව විහිළුවට ගන්නෙහි ද?" යැයි ඔවුහු පැවසූහ. "අඥානයින්ගෙන් කෙනෙකු වීමෙන් මම අල්ලාගෙන් රැකවරණය පතමි" යැයි ඔහු (මූසා) කී ය.

  77. 2:68

    قَالُوا۟ ٱدْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِىَ ۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَّا فَارِضٌ وَلَا بِكْرٌ عَوَانٌۢ بَيْنَ ذَٰلِكَ ۖ فَٱفْعَلُوا۟ مَا تُؤْمَرُونَ

    Q̣aalud ʻu lanaa Rabbaka yubayyil lanaa maa- hee! Q̣aala ʹinnahoo yaq̣oolu ʹinnahaa baq̣aratul laa faariḍuñw walaa bikr; ʻawaanum bayna ẓaalik: fafʻaloo maa- tuʹmaroon.

    "එය කවරක් දැ? යි අපට පැහැදිලි කරන මෙන් නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැ" යි ඔවුහු පැවසූහ. "නියත වශයෙන් ම ඔහු (පරමාධිපති) සැබවින් ම එය (වයසින්) මුහුකුරා නො ගිය ළපටි ද නො වූ ඒ අතර මැදිවියේ පසු වන එළදෙනකි" යැයි නිසකව ම ඔහු පවසයි. "එබැවින් නුඹලා අණ කරනු ලබන දෑ සිදු කරනු" යැයි ඔහු (මූසා) පැවසී ය.

  78. 2:69

    قَالُوا۟ ٱدْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا ۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٌ صَفْرَآءُ فَاقِعٌ لَّوْنُهَا تَسُرُّ ٱلنَّـٰظِرِينَ

    Q̣aalud ʻu lanaa Rabbaka yubayyil lanaa maa- lawnuhaa. Q̣aala ʹinnahoo yaq̣oolu ʹinnahaa baq̣aratuñ ṣafraaaʹu faaq̣iʻul lawnuhaa tasurrun naaz̤̣ireen.

    "එහි වර්ණය කෙබඳුද යන්න අපට පැහැදිලි කරන මෙන් නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැ"යි ඔවුහු පැවසූහ. " 'නියත වශයෙන් ම එය, දකින්නන් සතුටට පත් කර වන කහ පැහැති, එම වර්ණය ද වඩා පැහැදිලි එළදෙනක යැයි' සැබැවින් ම ඔහු පවසයි" යනුවෙන් (මූසා) පැවසුවේ ය.

  79. 2:70

    قَالُوا۟ ٱدْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِىَ إِنَّ ٱلْبَقَرَ تَشَـٰبَهَ عَلَيْنَا وَإِنَّآ إِن شَآءَ ٱللَّهُ لَمُهْتَدُونَ

    Q̣aalud ʻu lanaa Rabbaka yubayyil lanaa maa- hiya ʹinnal baq̣ara tashaabaha ʻalaynaa: wa-ʹinnaaa ʹiñ shaaaʹal laahu lamuhtadoon.

    "එය කවරක් දැ? යි අපට පැහැදිලි කරන මෙන් නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්න. සැබවින් ම අපට සියලු ම එළදෙන්නු එකිනෙකට සමාන බව පෙනේ. තවද අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින් ම අපි යහ මඟ ලබන්නන් වන්නෙමු" යැයි ඔවුහු පැවසූහ.

  80. 2:71

    قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَّا ذَلُولٌ تُثِيرُ ٱلْأَرْضَ وَلَا تَسْقِى ٱلْحَرْثَ مُسَلَّمَةٌ لَّا شِيَةَ فِيهَا ۚ قَالُوا۟ ٱلْـَٔـٰنَ جِئْتَ بِٱلْحَقِّ ۚ فَذَبَحُوهَا وَمَا كَادُوا۟ يَفْعَلُونَ

    Q̣aala ʹinnahoo yaq̣oolu ʹinnahaa baq̣aratul laa ẓalooluñ tus̤eerul ʹarḍa wa-laa tasq̣il hars̤; musallamatul laa shiyata feehaa. Q̣aalul ʹaana jiʹta bilḥaq̣q̣. Faẓabaḥoohaa wa-maa kaadoo yafʻaloon.

    "සැබැවින් ම එය පොළොව සී සාන්නට හෝ ගොවි බිමට ජලය සපයන්නට හෝ පුහුණු නො කළ, වර්ණයෙහි කිසිදු වෙනසක් නොමැති, නිකැළැල් එළදෙනකු බව ඔහු පවසා සිටින්නේ" යැයි පැවසී ය. “දැන්ය ඔබ සත්‍යය ගෙන ආවේ" යැයි ඔවුහු පැවසූහ. (එසේ) සිදු කරන්නට (එතරම් කැමැත්තකින්) නො සිටිය ද ඔවුහු උගේ ගෙල කපා හැරියහ.

  81. 2:72

    وَإِذْ قَتَلْتُمْ نَفْسًا فَٱدَّٰرَْٰٔتُمْ فِيهَا ۖ وَٱللَّهُ مُخْرِجٌ مَّا كُنتُمْ تَكْتُمُونَ

    Wa-ʹiẓ q̣ataltum nafsañ faddaaraʹtum feehaa: wallaahu mukhrijum maa kuñtum taktumoon.

    තවද නුඹලා ආත්මයක් ඝාතනය කොට පසුව එම විෂයෙහි නුඹලා එකිනෙකා අතර (වරද පටවා) වාද කරමින් සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලා වසන් කරමින් සිටි දෑ අල්ලාහ් හෙළි කරන්නා ය.

  82. 2:73

    فَقُلْنَا ٱضْرِبُوهُ بِبَعْضِهَا ۚ كَذَٰلِكَ يُحْىِ ٱللَّهُ ٱلْمَوْتَىٰ وَيُرِيكُمْ ءَايَـٰتِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ

    Faq̣ulnaḍ riboohu bibaʻḍihaa. Kaẓaalika yuḥyil laa-hul mawtaa wa-yureekum ʹAayaatihee laʻallakum taʻq̣iloon.

    එවිට "එහි (කපන ලද එළදෙනගේ) කොටසකින් නුඹලා (මිය ගිය) ඔහුට ගසනු" යැයි අපි කීවෙමු. මියගියවුන්ට අල්ලාහ් ප්‍රාණය දෙන්නේ එලෙස ය. තවද නුඹලාට වටහා ගත හැකි වනු පිණිස ඔහු නුඹලාට ඔහුගේ සාධකයන් පෙන්වන්නේ ය.

  83. 2:74

    ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّنۢ بَعْدِ ذَٰلِكَ فَهِىَ كَٱلْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً ۚ وَإِنَّ مِنَ ٱلْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ ٱلْأَنْهَـٰرُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ ٱلْمَآءُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ ٱللَّهِ ۗ وَمَا ٱللَّهُ بِغَـٰفِلٍ عَمَّا تَعْمَلُونَ

    S̤umma q̣asat q̣uloobukum mim baʻdi ẓaalika fahiya kalḥijaarati ʹaw ʹashaddu q̣aswah. Wa-ʹinna minal ḥijaarati lamaa yatafajjaru minhul ʹanhaar; wa-ʹinna minhaa lamaa yash-shaq̣q̣aq̣u fayakhruju minhul maaaʹ. Wa-ʹinna minhaa lamaa yahbiṭu min khashyatil laah. Wa-mal laahu big̣aafilin ʻammaa taʻmaloon,

    අනතුරු ව, ඉන් පසුව පවා නුඹලාගේ හදවත් දැඩි විය. ඒවා ගල් මෙන් ය. එසේ නොමැති නම් ඊටත් වඩා දැඩි ය. ගල් අතුරින් පිපිරී එමඟින් ගංගාවන් ගලන දෑ ඇත. සැබැවින් ම ඒ අතුරින් පැළී විවර වී එමඟින් ජලය පිට කරන දෑ ද ඇත. සැබැවින් ම ඒ අතුරින් අල්ලාහ්ට බියෙන් ඇද හැළෙන දෑ ද ඇත. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් අනවධානියෙකු නො වේ.

  84. 2:75

    ۞ أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُوا۟ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلَـٰمَ ٱللَّهِ ثُمَّ يُحَرِّفُونَهُۥ مِنۢ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ

    ʹAfataṭmaʻoona ʹañy yuʹminoo lakum wa-q̣ad kaana fareeq̣um minhum yasmaʻoona Kalaamal laahi s̤umma yuḥarri-foonahoo mim baʻdi maa- ʻaq̣aloohu wa-hum yaʻlamoon?

    (විශ්වාස කළවුනි!) නුඹලාව ඔවුන් විශ්වාස කරනු ඇතැයි නුඹලා ප්‍රිකරන්නෙහු ද? තවද සැබැවින් ම ඔවුන් අතුරින් පිරිසක් අල්ලාහ්ගේ වදන්වලට සවන් දී අනතුරුව එය වටහා ගත් පසුව පවා ඔවුන් දැනුවත්ව ම එය වෙනස් කළහ.

  85. 2:76

    وَإِذَا لَقُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَا بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ قَالُوٓا۟ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ ٱللَّهُ عَلَيْكُمْ لِيُحَآجُّوكُم بِهِۦ عِندَ رَبِّكُمْ ۚ أَفَلَا تَعْقِلُونَ

    wa-ʹiẓaa laq̣ul laẓeena ʹaamanoo q̣aalooo ʹaamannaa: wa-ʹiẓaa khalaa baʻḍuhum ʹilaa baʻḍiñ q̣aal ooo ʹatuḥaddis̤oonahum bimaa fataḥal laahu ʻalaykum liyuḥaaajjookum̃ bihee ʻiñda Rabbikum? ʹAfalaa taʻq̣iloon?

    ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට "අපි විශ්වාස කළෙමු" යැයි පවසති. ඔවුන්ගෙන් ඇතැම් හු ඇතැමුන් සමඟ වෙන්ව ගිය විට "ඒ මඟින් නුඹලාගේ පරමාධිපති ඉදිරියේ ඔවුන් නුඹලා සමඟ වාද කරනු පිණිස, අල්ලාහ් නුඹලාට නිරාවරණය කළ දැය නුඹලා ඔවුනට දන්වන්නෙහු ද? (මේ ගැන) නුඹලා දැන ගත යුතු නො වේ ද? යැයි පැවසූහ.

  86. 2:77

    أَوَلَا يَعْلَمُونَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ

    ʹAwalaa yaʻlamoona ʹannal laaha yaʻlamu maa- yusirroona wa-maa yuʻlinoon?

    සැබැවින් ම ඔවුන් සඟවන දැය ද, තවද ඔවුන් හෙළි කරන දැය ද අල්ලාහ් දන්නේය යැයි ඔවුහු නොදන්නෝ ද?

  87. 2:78

    وَمِنْهُمْ أُمِّيُّونَ لَا يَعْلَمُونَ ٱلْكِتَـٰبَ إِلَّآ أَمَانِىَّ وَإِنْ هُمْ إِلَّا يَظُنُّونَ

    Wa-minhum ʹUmmiyyoona laa- yaʻlamoonal Kitaaba ʹillaaa ʹamaaniyya wa-ʹin hum ʹillaa yaz̤̣unnoon.

    ඔවුන් අතුරින් ලිවීමට කියවීමට නොහැකි (දේව ග්‍රන්ථ නො ලත්) අය ද වෙති. ඔවුහු මනඃකල්පිතය හැර දේව ග්‍රන්ථය පිළිබඳ නො දනිති. තවද ඔවුන් අනුමාන කරනවා මිස නැත.

  88. 2:79

    فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ ٱلْكِتَـٰبَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـٰذَا مِنْ عِندِ ٱللَّهِ لِيَشْتَرُوا۟ بِهِۦ ثَمَنًا قَلِيلًا ۖ فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَّهُم مِّمَّا يَكْسِبُونَ

    Fawaylul lillaẓeena yaktuboonal Kitaaba biʹaydeehim s̤umma yaq̣ooloona haaẓaa min ʻiñdil laahi liyashtaroo bihee s̤amanañ q̣aleelaa! Fawaylul lahum mimmaa katabat ʹaydeehim wa-waylul lahum mimmaa yaksiboon!

    එබැවින් තම දෑත්වලින් ග්‍රන්ථය ලියා පසුව එය සුළු මිලකට විකුණනු පිණිස, "මෙය අල්ලාහ් වෙතින්" යැයි පවසන අයට විනාශය අත් වේවා! එබැවින් ඔවුන්ගේ දෑත් ලියූ දැයින් ඔවුනට විනාශය අත් වේවා! තවද ඔවුන් උපයන දැයින් ද ඔවුනට විනාශය අත් වේවා!

  89. 2:80

    وَقَالُوا۟ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامًا مَّعْدُودَةً ۚ قُلْ أَتَّخَذْتُمْ عِندَ ٱللَّهِ عَهْدًا فَلَن يُخْلِفَ ٱللَّهُ عَهْدَهُۥٓ ۖ أَمْ تَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

    Wa-q̣aaloo lañ tamassanan Naaru ʹillaaa ʹayyaamam maʻdoodah. Q̣ul ʹattakhaẓtum ʻiñdal laahi ʻahdañ falañy yukhlifal laahu ʻahdahooo ʹam taq̣ooloona ʻalal laahi maa laa- taʻlamoon?

    තවද "නිරා ගින්න සීමිත දින ගණනකට මිස අපව ස්පර්ශ නො කරන්නේ ම ය" යැයි ඔවුහු පැවසූහ. (නබිවරය) පවසනු. "(ඒ බව ට) නුඹලා අල්ලාහ් වෙතින් ප්‍රතිඥාවක් ගෙන ඇත්තෙහු ද? එසේ නම් අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව කිසි විටක කඩ නො කරන්නේ ම ය. නැතහොත් නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පවසන්නෙහු ද?"

  90. 2:81

    بَلَىٰ مَن كَسَبَ سَيِّئَةً وَأَحَـٰطَتْ بِهِۦ خَطِيٓـَٔتُهُۥ فَأُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ

    Balaa mañ kasaba sayyiʹatañw waʹaḥaṭat bihee khaṭeeeʹatuhoo faʹulaaaʹika ʹAṣḥaabun Naar: hum feehaa khaalidoon.

    එසේ නොව කවරෙකු පාපයක් උපයා ඔහුගේ වැරදි ඔහුව වෙළාගෙන ඇත්තේ ද ඔවුහු මය නිරා ගින්නේ සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

  91. 2:82

    وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ

    Wallaẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati ʹulaaaʹika ʹAṣḥaabul Jannah: hum feehaa khaalidoon.

    තවද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුහු මය ස්වර්ග උයනෙහි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

  92. 2:83

    وَإِذْ أَخَذْنَا مِيثَـٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ لَا تَعْبُدُونَ إِلَّا ٱللَّهَ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَانًا وَذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَقُولُوا۟ لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِّنكُمْ وَأَنتُم مُّعْرِضُونَ

    Wa-ʹiẓ ʹakhaẓnaa Mees̤aaq̣a Baneee ʹIsraaaʹeela laa- taʻbudoona ʹillal laaha wa-bilwaalidayni ʹiḥsaanañw waẓil q̣urbaa walyataamaa walmasaakeeni wa-q̣ooloo linnasi ḥusnañw waʹaq̣eemuṣ Ṣalaata wa-ʹaatuz Zakaah. Ṣumma tawallaytum ʹillaa q̣aleelam miñkum wa-ʹañtum muʻriḍoon.

    තවද නුඹලා අල්ලාහ් හැර (වෙන කිසිවෙකු ට) නැමදුම් නො කරනු. දෙමව්පියන් සමඟ යහ අයුරින් කටයුතු කරනු. එමෙන් ම ඥාතීන්, අනාථයින් හා දුගියන් සමඟ ද (යහ අයුරින් කටයුතු කරනු) තවද ජනයාට යහ වදනින් අමතනු. තවද සලාතය ස්ථාපිත කරනු. zසකාත් (අනිවාර්ය බද්ධ) ද දෙනු යැයි ඉස්රාඊල් දරුවන්ගෙන් අප ප්‍රතිඥාවක් ගත් සැටි සිහිපත් කරනු. පසුව නුඹලා අතුරින් ස්වල්ප දෙනෙකු හැර නුඹලා නො සලකා හරින්නන් ලෙසින් එයට පිටු පෑවෙහු ය.

  93. 2:84

    وَإِذْ أَخَذْنَا مِيثَـٰقَكُمْ لَا تَسْفِكُونَ دِمَآءَكُمْ وَلَا تُخْرِجُونَ أَنفُسَكُم مِّن دِيَـٰرِكُمْ ثُمَّ أَقْرَرْتُمْ وَأَنتُمْ تَشْهَدُونَ

    Wa-ʹiẓ ʹakhaẓnaa Mees̤aa-q̣akum laa- tasfikoona dimaaaʹakum wa-laa tukhrijoona ʹañfusakum miñ diyaarikum s̤umma ʹaq̣rartum wa-ʹañtum tashhadoon.

    තවද නුඹලා නුඹලාගේ රුධිරය නො හළනු. තවද නුඹලා අතුරින් වූවන්ව නුඹලාගේ නිවෙස්වලින් බැහැර නො කරනු යැයි නුඹලාගෙන් අප ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. එවිට නුඹලා (එයට) සාක්ෂි දරමින් ම එය සනාථ කළෙහු ය.

  94. 2:85

    ثُمَّ أَنتُمْ هَـٰٓؤُلَآءِ تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقًا مِّنكُم مِّن دِيَـٰرِهِمْ تَظَـٰهَرُونَ عَلَيْهِم بِٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَإِن يَأْتُوكُمْ أُسَـٰرَىٰ تُفَـٰدُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ ۚ أَفَتُؤْمِنُونَ بِبَعْضِ ٱلْكِتَـٰبِ وَتَكْفُرُونَ بِبَعْضٍ ۚ فَمَا جَزَآءُ مَن يَفْعَلُ ذَٰلِكَ مِنكُمْ إِلَّا خِزْىٌ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَيَوْمَ ٱلْقِيَـٰمَةِ يُرَدُّونَ إِلَىٰٓ أَشَدِّ ٱلْعَذَابِ ۗ وَمَا ٱللَّهُ بِغَـٰفِلٍ عَمَّا تَعْمَلُونَ

    S̤umma ʹañtum haaaʹulaaaʹi taq̣tuloona ʹañfusakum wa-tukhrijoona fareeq̣am miñkum miñ diyaarihim; taz̤̣aaharoona ʻalayhim̃ bil-ʹis̤mi walʻudwaan; wa-ʹiñy yaʹtookum ʹusaaraa tufaadoohum wa-huwa muḥarramun ʻalaykum ʹikhraajuhum. ʹAfatuʹminoona bibaʻḍil Kitaabi wa-takfuroona bibaʻḍ? Famaa jazaaaʹu mañy yafʻalu ẓaalika miñkum ʹillaa khizyuñ fil ḥayaatid dunyaa? Wa-Yawmal Q̣iyaamati yuraddoona ʹilaaa ʹashaddil ʻaẓaab. Wa-mal laahu big̣aafilin ʻammaa taʻmaloon.

    පසුව (මෙසේ ප්‍රතිඥා දීමෙන් පසු) නුඹලා නුඹලාව ම ඝාතනය කරන්නෙහු ය. නුඹලා අතුරින් පිරිසක්ව ඔවුන්ගේ නිවෙස්වලින් නුඹලා බැහැර කරන්නෙහු ය. පාපී ලෙස හා සතුරුකමින් ඔවුනට එරෙහිව නුඹලා එකිනෙකා උදව් කරගන්නෙහු ය. නුඹලා වෙත සිරකරුවන් ලෙස ඔවුන් පැමිණි විට නුඹලා වන්දි ලබා දී ඔවුන්ව මුදවා ගන්නෙහු ය. එසේ නුඹලා ඔවුන්ව බැහැර කිරීම පවා තහනම්ව තිබී ය. නුඹලා දේව ග්‍රන්ථයෙන් කොටසක් විශ්වාස කර තවත් කොටසක් ප්‍රතික්ෂේප කරන්නෙහු ද? නුඹලා අතුරින් එසේ කරන්නන්හට මෙලොව ජීවිතයේ අවමානය මිස වෙනත් ප්‍රතිඵලයක් නොමැත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ දැඩි වේදනාවට ඔවුහු යොමු කරනු ලැබෙති. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නො සලකා හරින්නෙකු නො වේ.

  95. 2:86

    أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا بِٱلْـَٔاخِرَةِ ۖ فَلَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنصَرُونَ

    ʹUlaaaʹikal laẓeenash tarawul ḥayaatad Dunyaa bil-ʹAakhirati falaa yukhaffafu ʻanhumul ʻaẓaabu wa-laa hum yuñṣaroon.

    ඔවුහු මය මතු ලොව වෙනුවට මෙලොව ජීවිතය මිලට ගත්තෝ. එබැවින් ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නො ලැබේ. තවද ඔවුහු උදව් කරනු ද නො ලබති.

  96. 2:87

    وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ وَقَفَّيْنَا مِنۢ بَعْدِهِۦ بِٱلرُّسُلِ ۖ وَءَاتَيْنَا عِيسَى ٱبْنَ مَرْيَمَ ٱلْبَيِّنَـٰتِ وَأَيَّدْنَـٰهُ بِرُوحِ ٱلْقُدُسِ ۗ أَفَكُلَّمَا جَآءَكُمْ رَسُولٌۢ بِمَا لَا تَهْوَىٰٓ أَنفُسُكُمُ ٱسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ

    Wa-laq̣ad ʹaataynaa Moosal Kitaaba wa-q̣affaynaa mim baʻdihee bir-rusuli wa-ʹaataynaa ʻeesab na Maryamal Bayyinaati wa-ʹayyadnaahu bi-rooḥil q̣udus. ʹAfakullamaa jaaaʹakum Rasoolum̃ bimaa laa- tahwaaa ʹañfusukumus takbartum? Fafareeq̣añ kaẓẓabtum wa-fareeq̣añ taq̣tuloon?

    තවද නියත වශයෙන් ම අපි මූසාට ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද ඔහුගෙන් පසුව ධර්ම දූතයින්ව අනුපිළිවෙළින් යැව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකයන් පිරිනැමු වෙමු. තවද පිවිතුරු ආත්මයෙන් ඔහුව අපි බලවත් කළෙමු. නුඹලා ප්‍රිය නො කරන යමක් ධර්ම දූතයෙකු නුඹලා වෙත ගෙන ආ සෑම විටක ම නුඹලා උඩඟුකම් පෑවෙහු ය. එවිට නුඹලා පිරිසක් බොරු කළ අතර තවත් පිරිසක් ඝාතනය කළාහු ය.

  97. 2:88

    وَقَالُوا۟ قُلُوبُنَا غُلْفٌۢ ۚ بَل لَّعَنَهُمُ ٱللَّهُ بِكُفْرِهِمْ فَقَلِيلًا مَّا يُؤْمِنُونَ

    Wa-q̣aloo q̣uloobunaa g̣ulf; bal laʻanahumul laahu bikufrihim faq̣aleelam maa yuʹminoon.

    අපගේ හදවත් ආවරණය වී ඇතැ'යි ඔවුහු පැවසූහ. එසේ නොව ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේ ය. එහෙයින් (දේව ග්‍රන්ථයේ සඳහන් බොහෝ දෑ අත හැර දමා එයින්) ඔවුන් විශ්වාස කරනු යේ ස්වල්ප ප්‍රමාණයකි.

  98. 2:89

    وَلَمَّا جَآءَهُمْ كِتَـٰبٌ مِّنْ عِندِ ٱللَّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ وَكَانُوا۟ مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى ٱلَّذِينَ كَفَرُوا۟ فَلَمَّا جَآءَهُم مَّا عَرَفُوا۟ كَفَرُوا۟ بِهِۦ ۚ فَلَعْنَةُ ٱللَّهِ عَلَى ٱلْكَـٰفِرِينَ

    Wa-lammaa jaaaʹahum Kitaabum min ʻiñdil laahi muṣaddiq̣ul limaa maʻahum wa-kaanoo miñ q̣ablu yastaftiḥoona ʻalal laẓeena kafaroo, falammaa jaaaʹahum maa ʻarafoo kafaroo bihee falaʻnatul laahi ʻalal Kaafireen.

    ඔවුන් සමඟ වූ දැය සත්‍ය කර වන ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන් ඊට පෙර සිටියේ ප්‍රතික්ෂේප කළවුන්ට එරෙහිව ජය පතමිනි. පසුව ඔවුන් වෙත ඔවුන් දත් දෑ පැමිණි කල්හි ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් දේව ප්‍රතික්ෂේපකයින් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය අත් විය.

  99. 2:90

    بِئْسَمَا ٱشْتَرَوْا۟ بِهِۦٓ أَنفُسَهُمْ أَن يَكْفُرُوا۟ بِمَآ أَنزَلَ ٱللَّهُ بَغْيًا أَن يُنَزِّلَ ٱللَّهُ مِن فَضْلِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ فَبَآءُو بِغَضَبٍ عَلَىٰ غَضَبٍ ۚ وَلِلْكَـٰفِرِينَ عَذَابٌ مُّهِينٌ

    Biʹsamash taraw biheee ʹañfusahum ʹañy yakfuroo bimaaa ʹañzalal laahu bag̣yan ʹañy yunazzilal laahu miñ faz̤̣lihee ʻalaa mañy yashaaaʹu min ʻibaadih. Fabaaaʹoo big̣aḍabin ʻalaa g̣aḍab. Wa-lil-Kaafireena ʻaẓaabum muheen.

    අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කළ අයට තම භාග්‍යය පහළ කිරීම සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවෙන් යුතුව අල්ලාහ් පහළ කළ දෑ ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ ආත්මාවන් මිලට ගත් දෑ නපුරු විය. එවිට ඔවුහු කෝපයෙන් කෝපයට භාජනය වූහ. තවද (මෙවැනි) දේව ප්‍රතික්ෂේපකයින්ට නින්දා සහගත දඬුවම් ඇත.

  100. 2:91

    وَإِذَا قِيلَ لَهُمْ ءَامِنُوا۟ بِمَآ أَنزَلَ ٱللَّهُ قَالُوا۟ نُؤْمِنُ بِمَآ أُنزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَآءَهُۥ وَهُوَ ٱلْحَقُّ مُصَدِّقًا لِّمَا مَعَهُمْ ۗ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنۢبِيَآءَ ٱللَّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ

    Wa-ʹiẓaa q̣eela lahum ʹaaminoo bimaaa ʹañzalal laahu q̣aaloo nuʹminu bimaaa ʹuñzila ʻalaynaa wa-yakfuroona bimaa waraaaʹahoo wa-huwal Ḥaq̣q̣u muṣaddiq̣al limaa maʻahum. Q̣ul falima taq̣tuloona ʹambiyaaaʹal laahi miñ q̣ablu ʹiñ kuñtum muʹmineen?

    "අල්ලාහ් පහළ කළ දෑ නුඹලා විශ්වාස කරනු" යැයි ඔවුනට පවසනු ලැබූ විට "අප වෙත පහළ කරනු ලැබූ දෑ අපි විශ්වාස කරන්නෙමු" යැයි ඔවුහු පවසති. එයට බාහිරින් ඇති දෑ ඔවුහු ප්‍රතික්ෂේප කරති. එය (අල්කුර්ආනය) ඔවුන් සමඟ ඇති දෑ තහවුරු කරන බැවින් මෙය ම සත්‍යය වන්නේ ය. එබැවින් “නුඹලා විශ්වාස වන්තයින්ව සිටියෙහු නම් මීට පෙර අල්ලාහ්ගේ නබිවරුන්ව ඝාතනය කළේ මන්දැ” යි අසනු.

  101. 2:92

    ۞ وَلَقَدْ جَآءَكُم مُّوسَىٰ بِٱلْبَيِّنَـٰتِ ثُمَّ ٱتَّخَذْتُمُ ٱلْعِجْلَ مِنۢ بَعْدِهِۦ وَأَنتُمْ ظَـٰلِمُونَ

    Wa-laq̣ad jaaaʹakum Moosaa bil-Bayyinaati s̤ummat takhaẓtumul ʻijla mim baʻdihee wa-ʹañtum z̤̣aalimoon.

    නියත වශයෙන් ම මූසා පැහැදිලි සාධක සමඟ නුඹලා වෙත පැමිණියේ ය. අනතුරුව නුඹලා ඔහු(ගියා)ට පසුව වසු පැටවා (නැමදුම ට) ගත්තෙහු ය. තවද නුඹලා අපරාධකරුවෝ ම ය.

  102. 2:93

    وَإِذْ أَخَذْنَا مِيثَـٰقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ ٱلطُّورَ خُذُوا۟ مَآ ءَاتَيْنَـٰكُم بِقُوَّةٍ وَٱسْمَعُوا۟ ۖ قَالُوا۟ سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا۟ فِى قُلُوبِهِمُ ٱلْعِجْلَ بِكُفْرِهِمْ ۚ قُلْ بِئْسَمَا يَأْمُرُكُم بِهِۦٓ إِيمَـٰنُكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

    Wa-ʹiẓ ʹakhaẓnaa Mees̤aaq̣akum wa-rafaʻnaa fawq̣akumuṭ Ṭoor: khuẓoo maaa ʹaataynaakum̃ biq̣uwwatiñw wasmaʻoo. Q̣aaloo samiʻnaa wa-ʻaṣaynaa: wa-ʹushriboo fee q̣uloobihimul ʻijla bikufrihim. Q̣ul biʹsamaa yaʹmurukum̃ biheee ʹeemaanukum ʹiñ kuñtum muʹmineen.

    නුඹලා මත තූර් කන්ද ඔසවා නුඹලා අප පිරිනැමූ දෑ බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තවද සවන් දෙනු යැයි අප නුඹලාගෙන් ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. (එවිට) "ඔවුහු අප සවන් දී පිටුපෑවෙමු" යැයි පැවසූහ. ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් වසු පැටවා (නැමදීම) ඔවුන්ගේ සිත් තුළ පොවනු ලැබී ය. “නුඹලා විශ්වාසවන්තයින් නම් නුඹලාගේ විශ්වාසය කවර කරුණක් පිළිබඳ නුඹලාට අණ කරන්නේ ද එය නපුරු විය” යැයි (නබිවරය) පවසනු.

  103. 2:94

    قُلْ إِن كَانَتْ لَكُمُ ٱلدَّارُ ٱلْـَٔاخِرَةُ عِندَ ٱللَّهِ خَالِصَةً مِّن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُا۟ ٱلْمَوْتَ إِن كُنتُمْ صَـٰدِقِينَ

    Q̣ul ʹiñ kaanat lakumud Daarul ʹAakhiratu ʻiñdal laahi khaaliṣatam min doonin naasi fatamannawul mawta ʹiñ kuñtum ṣaadiq̣een.

    “අල්ලාහ් අබියස (අන්) ජනයාගෙන් තොර ව, නුඹලාට පමණක් පරලොව නිවහන හිමි වෙත් නම් (එසේ පවසන දෑ හි) නුඹලා සත්‍යවන්තයින් නම් නුඹලා මරණය ප්‍රිය කරනු.”යැයි (නබිවරය) පවසනු.

  104. 2:95

    وَلَن يَتَمَنَّوْهُ أَبَدًۢا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّـٰلِمِينَ

    Wa-lañy yatamannawhu ʹabadam bimaa q̣addamat ʹaydeehim. Wallaahu ʻAleemum̃ biz̤̣z̤̣aalimeen.

    තවද ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කොට ඇති දෑ හේතුවෙන් කිසිවිටක එය(මරණය) ඔවුහු ප්‍රිය නො කරන්නේ ම ය. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳව සර්වඥානී ය.

  105. 2:96

    وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ ٱلنَّاسِ عَلَىٰ حَيَوٰةٍ وَمِنَ ٱلَّذِينَ أَشْرَكُوا۟ ۚ يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِۦ مِنَ ٱلْعَذَابِ أَن يُعَمَّرَ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ

    Wa-latajidannahum ʹaḥraṣan naasi ʻalaa ḥayaah. Wa-minal laẓeena ʹashrakoo yawaddu ʹaḥaduhum law yuʻammaru ʹalfa sanah: wa-maa huwa bi-muzaḥziḥihee minal ʻaẓaabi ʹañy yuʻammar. Wallaahu Baseerum bimaa yaʻmaloon.

    ඔවුන් අන් මිනිසුන්ට වඩා, තවද (විශේෂයෙන්) ආදේශ කළවුනට වඩා මෙලොව ජීවිතය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නන් ලෙස නුඹ ඔවුන්ව දකිනු ඇත. ඔවුන්ගෙන් කෙනෙක් තමන්ට වසර දහසක් ආයුෂ දෙනු නො ලබන්නේ දැ? යි ආශා කරයි. එහෙත් ඔහුට ආයුෂ දෙනු ලැබුව ද එම දඬුවමින් ඔහු දුරස්වන්නෙක් නො වෙයි. ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.

  106. 2:97

    قُلْ مَن كَانَ عَدُوًّا لِّجِبْرِيلَ فَإِنَّهُۥ نَزَّلَهُۥ عَلَىٰ قَلْبِكَ بِإِذْنِ ٱللَّهِ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ

    Q̣ul mañ kaana ʻaduwwal li-Jibreela faʹinnahoo nazzalahoo ʻalaa q̣albika biʹiẓnil laahi muṣaddiq̣al limaa bayna yadayhi wa-hudañw wa- bushraa lil-Muʹmineen,

    කවරෙක් ජිබ්රීල්ට සතුරු වන්නේ ද ඔහුට පවසනු. සැබැවින් ම (ජිබ්රීල් වන) ඔහු තමන් අතර පවතින දෑ තහවුරු කරන්නක් ලෙස ද, මඟ පෙන් වීමක් ලෙස ද, විශ්වාස කළවුන්ට සුබාරංචියක් ලෙස ද, එය (කුර්ආනය) අල්ලාහ්ගේ අනුබලයෙන් නුඹේ සිතට පහළ කළේ ය.

  107. 2:98

    مَن كَانَ عَدُوًّا لِّلَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَرُسُلِهِۦ وَجِبْرِيلَ وَمِيكَىٰلَ فَإِنَّ ٱللَّهَ عَدُوٌّ لِّلْكَـٰفِرِينَ

    Mañ kaana ʻaduwwal lillaahi wa-malaaaʹikatihee wa-rusulihi wa-Jibreela wa-Meekaala faʹinnal laaha ʻaduwwul lilkaafireen.

    කවරෙක් අල්ලාහ්ට ද ඔහුගේ දේව දූතයින්ට ද ඔහුගේ ධර්ම දූතයින්ට ද ජිබ්රීල්, මීකාල් (නම් දේව දූතයින් ට) ද සතුරු වන්නේ ද එසේ නම් සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින්ට සතුරාය (යන වග දැන ගනු).

  108. 2:99

    وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكَ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍ ۖ وَمَا يَكْفُرُ بِهَآ إِلَّا ٱلْفَـٰسِقُونَ

    Wa-laq̣ad ʹañzalnaaa ʹilayka ʹAayaatim bayyinaat; wa-maa yakfuru bihaaa ʹillal faasiq̣oon.

    තවද සැබැවින් ම අපි ඔබ වෙත පැහැදිලි වදන් පහළ කළෙමු. පාපිෂ්ඨයින් මිස වෙන කිසිවෙක් ඒවා ප්‍රතික්ෂේප නො කරති.

  109. 2:100

    أَوَكُلَّمَا عَـٰهَدُوا۟ عَهْدًا نَّبَذَهُۥ فَرِيقٌ مِّنْهُم ۚ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ

    ʹAwa-kullamaa ʻaahadoo ʻahdan nabaẓahoo fareeq̣um minhum? Bal ʹaks̤aruhum laa- yuʹminoon.

    ඔවුන් එකිනෙකා ගිවිසුමක් ගිවිස ගත් සෑම අවස්ථාවක ම ඔවුන්ගෙන් පිරිසක් එය ඉවත හෙළුවා නො වේ ද? නමුත් ඔවුන්ගෙන් බහුතරය විශ්වාස නො කරති.

  110. 2:101

    وَلَمَّا جَآءَهُمْ رَسُولٌ مِّنْ عِندِ ٱللَّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ كِتَـٰبَ ٱللَّهِ وَرَآءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ

    Wa-lammaa jaaaʹahum Rasoolum min ʻiñdil laahi muṣaddiq̣ul limaa maʻahum nabaẓa fareeq̣um minal laẓeena ʹootul Kitaaba Kitaabal laahi waraaaʹa z̤̣uhoorihim kaʹannahum laa- yaʻlamoon!

    ඔවුන් සතුව ඇති දැය තහවුරු කරන ධර්ම දූතයෙකු අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල්හි, ග්‍රන්ථය දෙනු ලැබූ අයවලුන් අතුරින් පිරිසක්, ඔවුන් නොදන්නවුන් මෙන් අල්ලාහ්ගේ ග්‍රන්ථය ඔවුන්ගේ පිටු පසට විසි කළහ.

  111. 2:102

    وَٱتَّبَعُوا۟ مَا تَتْلُوا۟ ٱلشَّيَـٰطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَـٰنَ ۖ وَمَا كَفَرَ سُلَيْمَـٰنُ وَلَـٰكِنَّ ٱلشَّيَـٰطِينَ كَفَرُوا۟ يُعَلِّمُونَ ٱلنَّاسَ ٱلسِّحْرَ وَمَآ أُنزِلَ عَلَى ٱلْمَلَكَيْنِ بِبَابِلَ هَـٰرُوتَ وَمَـٰرُوتَ ۚ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّىٰ يَقُولَآ إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ ۖ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِۦ بَيْنَ ٱلْمَرْءِ وَزَوْجِهِۦ ۚ وَمَا هُم بِضَآرِّينَ بِهِۦ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ ۚ وَلَقَدْ عَلِمُوا۟ لَمَنِ ٱشْتَرَىٰهُ مَا لَهُۥ فِى ٱلْـَٔاخِرَةِ مِنْ خَلَـٰقٍ ۚ وَلَبِئْسَ مَا شَرَوْا۟ بِهِۦٓ أَنفُسَهُمْ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ

    Wattabaʻoo maa- tatlush shayaaṭeenu ʻalaa mulki Sulaymaan. Wa-maa kafara Sulaymaanu wa-laakinnash shayaaṭeena kafaroo yuʻal-limoonan naasas siḥr, wa-maaa ʹuñzila ʻalal malakayni bi-Baabila Haaroota wa-Maaroot. Wa-maa yuʻallimaani min ʹaḥadin ḥattaa yaq̣oolaaa ʹinnamaa naḥnu fitnatuñ falaa takfur. Fayataʻal-lamoona minhumaa - maa yufarriq̣oona Bihee baynal marʹi wa-zawjih. Wa-maa hum̃ biḍaaarreena bihee min ʹaḥadin ʹillaa biʹiẓnil laah. Wa-yataʻallamoona maa- yaẓurruhum wa-laa yañfaʻuhum. Wa-laq̣ad ʻalimoo lamanish taraahu maa- lahoo fil ʹAakhirati min khalaaq̣. Wa-labiʹsa maa- sharaw biheee ʹañfusahum, law kaanoo yaʻlamoon.

    ඔවුහු සුලෙයිමාන්ගේ පාලන සමයේ ෂෙයිතානුන් පාරායනා කළ දෑ අනුගමනය කළෝ ය. සුලෙයිමාන් ප්‍රතික්ෂේප නො කළේ ය. එහෙත් ප්‍රතික්ෂේප කළේ ෂෙයිතානුන් ය. ඔවුහු ජනයාට හූනියම ද, බැබිලෝනියාවේ හාරූත් මාරූත් යන මලක්වරුන් දෙදෙනාට පහළ කරනු ලැබූ දෑ ද ජනයාට ඉගැන් වූහ. එහෙත් ඔවුන් දෙදෙනා සැබැවින් ම “අපි පරීක්ෂණයකි. එබැවින් නුඹ ප්‍රතික්ෂේප නො කරනු”යි පවසා සිටීමෙන් මිස කිසිවෙකුට ඉගැන්නුවේ නැත. එවිට ඔවුන් දෙදෙනාගෙන් සැමියා හා තම බිරිය අතර වෙන් කර වන දෑ ඔවුහු ඉගෙන ගනිති. අල්ලාහ්ගේ අනුබලයෙන් මිස කිසිවෙකුට කිසි වකින් හානි පමුණුවන්නන් ලෙස ඔවුහු නො වූහ. තවද ඔවුනට හානි පමුණු වන ඔවුනට ප්‍රයෝජනවත් නො වන දෑ ඉගෙන ගනිති. තවද එය මිලට ගත් අයට පර ලොවෙහි කිසිදු කොටසක් නොමැති බව සැබැවින් ම ඔවුහු දැන සිටියහ. ඔවුහු කවර දෙයක් ඒ වෙනුවට තමන්ව විකුණා දැමුවේ ද සැබැවින් ම එය නපුරු විය. ඔවුහු (මේ ගැන) දැන සිටියාහු නම්.

  112. 2:103

    وَلَوْ أَنَّهُمْ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَمَثُوبَةٌ مِّنْ عِندِ ٱللَّهِ خَيْرٌ ۖ لَّوْ كَانُوا۟ يَعْلَمُونَ

    Wa-law ʹannahum ʹaamanoo wattaq̣aw lamas̤oobatum min ʻiñdil laahi khayr: law kaanoo yaʻlamoon.

    නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට බිය බැතිමත් වූයේ නම් අල්ලාහ් අබියසින් ලැබෙන කුසල් ශ්‍රේෂ්ඨ ය. ඔවුහු (ඒ බව) දැන සිටියාහු නම්.

  113. 2:104

    يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقُولُوا۟ رَٰعِنَا وَقُولُوا۟ ٱنظُرْنَا وَٱسْمَعُوا۟ ۗ وَلِلْكَـٰفِرِينَ عَذَابٌ أَلِيمٌ

    Yaaaʹayyuhal lazeena ʹaamanoo laa- taq̣ooloo raaʻinaa wa-q̣ooluñ z̤̣urnaa wasmaʻoo. Wa-lil-Kaafireena ʻaẓaabun ʹaleem.

    අහෝ විශ්වාස කළවුනි! නුඹලා (විකෘති අදහසක් ගෙන දෙන) රාඉනා (යන යෙදුම) නො පවසනු. උන්ළුර්නා (අප ගැන සැලකිලිමත් වනු) යැයි පවසනු. තවද නුඹලා (ඔවුන්ගේ ප්‍රකාශය ට) සවන් දෙනු. ප්‍රතික්ෂේපකයින්ට වේදනා සහගත දඬුවමක් ඇත.

  114. 2:105

    مَّا يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ وَلَا ٱلْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍ مِّن رَّبِّكُمْ ۗ وَٱللَّهُ يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

    Maa- yawaddul laẓeena kafaroo min ʹAhlil Kitaabi wa-lal Mushrikeena ʹañy yunazzala ʻalaykum min khayrim mir Rabbikum. Wallaahu yakhtaṣṣu biraḥmatihee mañy yashaaaʹ: Wallaahu Ẓul Faḍlil ʹaz̤̣eem.

    නුඹලාගේ පරමාධිපතිගෙන් යම් යහපතක් නුඹලා වෙත පහළ කරනු ලැබීම ගැන, දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද දේව ආදේශකයෝ ද ප්‍රිය නො කරති. අල්ලාහ් තමන් අභිමත කරන අයට ඔහුගේ කරුණාව නියම කරයි. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යයේ හිමිකරු ය.

  115. 2:106

    ۞ مَا نَنسَخْ مِنْ ءَايَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَآ أَوْ مِثْلِهَآ ۗ أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

    Maa- nañsakh min ʹaayatin ʹaw nuñsihaa naʹti bikhayrim minhaaa ʹaw mis̤lihaa: ʹalam taʻlam ʹannal laaha ʻalaa kulli shayʹiñ Q̣adeer?

    අප යම් වදනක් වෙනස් කරන්නේ නම් හෝ එය අමතක කර දමන්නේ නම් හෝ ඊට වඩා යහපත් එසේත් නොමැති නම් ඊට සමාන දෙයක් අපි ගෙන එන්නෙමු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අතිබලසම්පන්න බව නුඹ නොදන්නෙහි ද?

  116. 2:107

    أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ

    ʹAlam taʻlam ʹannal laaha lahoo mulkus samaawaati wal-ʹarḍ? Wa-maa lakum miñ doonil laahi miñw waliyyiñw walaa naṣeer.

    නියත වශයෙන් ම අල්ලාහ් ඔහුට අහස්හි හා මහපොළොවේ පාලනය හිමි බවත් අල්ලාහ්ගෙන් තොර කිසිදු භාරකරු වෙක් හෝ කිසිදු උදව් කරුවෙක් හෝ නුඹලාට නොමැති බවත් නුඹ නොදන්නෙහි ද?

  117. 2:108

    أَمْ تُرِيدُونَ أَن تَسْـَٔلُوا۟ رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَىٰ مِن قَبْلُ ۗ وَمَن يَتَبَدَّلِ ٱلْكُفْرَ بِٱلْإِيمَـٰنِ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ

    ʹAm tureedoona ʹañ tasʹaloo Rasoolakum kamaa suʹila Moosaa miñ q̣abl? Wa-mañy yatabaddalil kufra bil-ʹeemaani faq̣ad ḍalla sawaaaʹas sabeel.

    එසේ නොමැති නම් මීට පෙර මූසාගෙන් ප්‍රශ්න කරනු ලැබුවාක් මෙන් නුඹලා ද නුඹලාගේ ධර්ම දූතයාණන්ගෙන් ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරන්නෙහු ද? තවද කවරෙක් විශ්වාසය වෙනුවට ප්‍රතික්ෂේපය හුවමාරු කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියේ ය.

  118. 2:109

    وَدَّ كَثِيرٌ مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ لَوْ يَرُدُّونَكُم مِّنۢ بَعْدِ إِيمَـٰنِكُمْ كُفَّارًا حَسَدًا مِّنْ عِندِ أَنفُسِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْحَقُّ ۖ فَٱعْفُوا۟ وَٱصْفَحُوا۟ حَتَّىٰ يَأْتِىَ ٱللَّهُ بِأَمْرِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

    Wadda kas̤eerum min ʹAhlil Kitaabi law yaruddoonakum mim baʻdi ʹeemaanikum kuffaaran, ḥasadam min ʻiñdi añfusihim mim baʻdi maa- tabayyana lahumul Ḥaq̣q̣. Faʻfoo waṣfaḥoo ḥattaa yaʹ-tiyal laahu biʹamrih: ʹinnal laaha ʻalaa kulli shayʹiñ Q̣adeer.

    පුස්තක ලත් ජනයින් අතුරින් බොහෝ දෙනා තමන්ට සත්‍යය පැහැදිලි වූවායින් පසුව ද තමන් තුළ ඇති ඊර්ෂ්‍යාව හේතුවෙන් නුඹලාගේ විශ්වාසයෙන් පසුව ඔවුහු නුඹලාව ප්‍රතික්ෂේපකයින් බවට නැවත පත් කරන්නට හැකි නම් යැයි ආශා කරති. එබැවින් අල්ලාහ් තම නියෝගය ගෙන එන තෙක් (ඔවුන ට) සමාව දී අත හැර දමනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අතිබල සම්පන්න ය.

  119. 2:110

    وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ ۚ وَمَا تُقَدِّمُوا۟ لِأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

    Wa-ʹaq̣eemuṣ Ṣalaata wa-ʹaatuz Zakaah: wa-maa tuq̣addimoo liʹañfusikum min khayriñ tajidoohu ʻiñdal lah: ʹinnal laaha bimaa taʻmaloona Baṣeer.

    තවද නුඹලා සලාතය ස්ථාපිත කරනු. zසකාතය ද දෙනු. නුඹලා වෙනුවෙන් නුඹලා යම් යහපතක් ඉදිරිපත් කර ඇත්නම් අල්ලාහ් අබියස එය නුඹලා දැක ගනු ඇත. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂකයා ය.

  120. 2:111

    وَقَالُوا۟ لَن يَدْخُلَ ٱلْجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوْ نَصَـٰرَىٰ ۗ تِلْكَ أَمَانِيُّهُمْ ۗ قُلْ هَاتُوا۟ بُرْهَـٰنَكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ

    Wa-q̣aaloo lañy yadkhulal Jannata ʹillaa mañ kaana Hoodan ʹaw Naṣaaraa. Tilka ʹamaaniyyuhum. Q̣ul haatoo burhaanakum ʹiñ kuñtum ṣaadiq̣een.

    "යුදෙව්වෙකුව හෝ කිතුනුවෙකුව හෝ සිටි අය මිස වෙන කිසිවෙකු ස්වර්ග උයනට පිවිසෙන්නේ නැතැ" යි ඔවුහු පැවසූහ. එය ඔවුන්ගේ මනඃකල්පිතය යි. "(නබිවරය) නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් නුඹලාගේ සාධක ගෙන එන්නැ" යි පවසනු.

  121. 2:112

    بَلَىٰ مَنْ أَسْلَمَ وَجْهَهُۥ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُۥٓ أَجْرُهُۥ عِندَ رَبِّهِۦ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    Balaa, man ʹaslama wajhahoo lillaahi wa-huwa muḥsinuñ falahooo ʹajruhoo ʻiñda Rabbih; wa-laa khawfun ʻalayhim wa-laa hum yaḥzanoon.

    එසේ නොව කවරෙක් දැහැමියෙකුව සිට තම මුහුණ (මුළුමනින් ම) අල්ලාහ්ට අවනත කළේ ද එවිට ඔහුට ඔහුගේ ප්‍රතිඵල ඔහුගේ පරමාධිපති අබියස හිමි වනු ඇත. ඔවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුන් දුකට පත් වන්නේ ද නැත.

  122. 2:113

    وَقَالَتِ ٱلْيَهُودُ لَيْسَتِ ٱلنَّصَـٰرَىٰ عَلَىٰ شَىْءٍ وَقَالَتِ ٱلنَّصَـٰرَىٰ لَيْسَتِ ٱلْيَهُودُ عَلَىٰ شَىْءٍ وَهُمْ يَتْلُونَ ٱلْكِتَـٰبَ ۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ ۚ فَٱللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ

    Wa-q̣aalatil Yahoodu laysatin Naṣaaraa ʻalaa shayʹ; wa-q̣aalatin Naṣaaraa laysatil Yahoodu ʻalaa shayʹiñw wa- hum yatloonal Kitaab. Kaẓaalika q̣aalal laẓeena laa- yaʻlamoona mis̤la q̣awlihim. Fallaahu Yaḥkumu baynahum Yawmal Q̣iyaamati feemaa kaanoo feehi yakhtalifoon.

    "කිතුනුවන් කිසිදු පදනමක් මත නොමැති බව" යුදෙව්වෝ පවසති. "යුදෙව්වන් කිසිදු පදනමක් මත නොමැති බව" කිතුනුවෝ ද පවසති. ඔවුන් දේව ග්‍රන්ථය කියවමින් සිටිය දී. ඔවුන්ගේ ප්‍රකාශ මෙන් ම අවබෝධයක් නොමැත්තෝ ද මෙලෙස පවසති. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ඔවුන් කවර දෙයක් පිළිබඳ මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එම විෂයය සම්බන්ධයෙන් ඔවුන් අතර අල්ලාහ් තීන්දු කරනු ඇත.

  123. 2:114

    وَمَنْ أَظْلَمُ مِمَّن مَّنَعَ مَسَـٰجِدَ ٱللَّهِ أَن يُذْكَرَ فِيهَا ٱسْمُهُۥ وَسَعَىٰ فِى خَرَابِهَآ ۚ أُو۟لَـٰٓئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَآ إِلَّا خَآئِفِينَ ۚ لَهُمْ فِى ٱلدُّنْيَا خِزْىٌ وَلَهُمْ فِى ٱلْـَٔاخِرَةِ عَذَابٌ عَظِيمٌ

    Wa-man ʹaz̤̣lamu mimmam manaʻa masaajidal lahi ʹañy yuẓkara feehas muhoo wa-saʻaa fee kharaabihaa? ʹUlaaaʹika maa- kaana lahum ʹany yadkhuloohaaa ʹillaa khaaaʹifeen. Lahum fid dunyaa khizyuñw wa-lahum fil ʹAakhirati ʻaẓaabun ʻaz̤̣eem.

    අල්ලාහ්ගේ මස්ජිදයන්හි ඔහුගේ නාමය මෙනෙහි කරනු ලැබීමෙන් වළක්වාලන, තවද එය විනාශ කිරීමට වෑයම් කරන අයට වඩා මහා අපරාධකරු කවරෙක් ද? ඔවුන් බියට පත් වූවන් ලෙස ම මිස එහි පිවිසීමට ඔවුනට සුදුසු නො වීය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද පරලොවෙහි ඔවුනට අතිමහත් දඬුවමක් ඇත.

  124. 2:115

    وَلِلَّهِ ٱلْمَشْرِقُ وَٱلْمَغْرِبُ ۚ فَأَيْنَمَا تُوَلُّوا۟ فَثَمَّ وَجْهُ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ وَٰسِعٌ عَلِيمٌ

    Wa-lillaahil Mashriq̣u wal-Mag̣rib: Faʹaynamaa tuwalloo fas̤amma Wajhul laah. ʹInnal laaha Waasiʻun ʻAleem.

    තවද නැගෙනහිර හා බටහිර අල්ලාහ් සතු ය. එබැවින් නුඹලා කවර දෙසකට හැරුණ ද එහි අල්ලාහ්ගේ මුහුණ වේ. සැබැවින් ම අල්ලාහ් සර්ව ව්‍යාපක ය. සර්ව ඥානී ය.

  125. 2:116

    وَقَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًا ۗ سُبْحَـٰنَهُۥ ۖ بَل لَّهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ كُلٌّ لَّهُۥ قَـٰنِتُونَ

    Wa-q̣aalut takhaẓal laahu waladañ Subḥaanah! Bal lahoo maa- fis samaawaati wal-ʹarḍ: kullul lahoo q̣aanitoon.

    තවද "අල්ලාහ් පුතෙකු ගත්තේ යැයි" ඔවුහු පැවසූහ. (ඔවුන් පවසන දැයින්) ඔහු සුවිශුද්ධ ය. එසේ නොව අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ ඔහු සතු ය. සියල්ල ඔහුට අවනත වන්නෝ ය.

  126. 2:117

    بَدِيعُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَإِذَا قَضَىٰٓ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

    Badeeʻus samaawaati wal-ʹarḍ: wa-ʹiẓaa q̣aḍaaa ʹamrañ faʹinnamaa yaq̣oolu lahoo ˹Kuñ˺ fayakoon.

    (අල්ලාහ්) අහස්හි හා මහපොළොවේ උත්පාදකයා ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට වනු යැයි පවසනවා පමණ ය, එවිට එය සිදු වන්නේ ය.

  127. 2:118

    وَقَالَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا ٱللَّهُ أَوْ تَأْتِينَآ ءَايَةٌ ۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ مِن قَبْلِهِم مِّثْلَ قَوْلِهِمْ ۘ تَشَـٰبَهَتْ قُلُوبُهُمْ ۗ قَدْ بَيَّنَّا ٱلْـَٔايَـٰتِ لِقَوْمٍ يُوقِنُونَ

    Waq̣aalal laẓeena laa- yaʻlamoona law-laa yukallimunal laahu ʹaw taʹteenaaa ʹAayah? Kaẓaalika q̣aalal laẓeena miñ q̣ablihim mis̤la q̣awlihim. Tashaabahat q̣uloobuhum. Q̣ad bayyannal ʹaayaati liq̣awmiñy yooq̣inoon.

    තවද දැනුම නොමැත්තෝ “අල්ලාහ් අප සමඟ කතා කළ යුතු නො වේ ද? නැතිනම් අප වෙත ප්‍රාතිහාර්යයක් පැමිණිය යුතු නො වේ දැ?”යි අසති. ඔවුනට පෙර සිටි අය ද මොවුන් පවසනවාක් මෙන් ම පැවසූහ. ඔවුන්ගේ හදවත් එකිනෙකට ඒකාකාර විය. සැබැවින් ම තරයේ විශ්වාස කරන පිරිසට අපි මෙම වැකි පැහැදිලි කරන්නෙමු.

  128. 2:119

    إِنَّآ أَرْسَلْنَـٰكَ بِٱلْحَقِّ بَشِيرًا وَنَذِيرًا ۖ وَلَا تُسْـَٔلُ عَنْ أَصْحَـٰبِ ٱلْجَحِيمِ

    ʹInnaaa ʹarsalnaaka bilḥaq̣q̣i basheerañw wanaẓeera wa-laa tusʹalu ʻan ʹAṣḥaabil Jaḥeem.

    නියත වශයෙන් ම අපි නුඹව සුබාරංචි පවසන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද සත්‍ය සමඟ යැව්වෙමු. නිරයේ සගයින් පිළිබඳව නුඹ ප්‍රශ්න කරනු නො ලබන්නෙහි ය.

  129. 2:120

    وَلَن تَرْضَىٰ عَنكَ ٱلْيَهُودُ وَلَا ٱلنَّصَـٰرَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمْ ۗ قُلْ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلْهُدَىٰ ۗ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم بَعْدَ ٱلَّذِى جَآءَكَ مِنَ ٱلْعِلْمِ ۙ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ

    Wa-lañ tarḍaa ʻañkal Yahoodu wa-lan Naṣaaraa ḥattaa tattabiʻa millatahum. Q̣ul ʹinna Hudal laahi huwal Hudaa. Wa-laʹinit tabaʻta ʹahwaaaʹahum baʻdal laẓee jaaaʹaka minal ʻilmi maa- laka minal laahi miñw waliyyiñw walaa naṣeer.

    යුදෙව්වෝ ද, කිතුනුවෝ ද ඔවුන්ගේ පිළිවෙත නුඹ අනුගමනය කරන තෙක් නුඹ ගැන තෘප්තියට පත් නො වෙති. (නබිවරය) පවසනු. "සැබැවින් ම අල්ලාහ්ගේ යහ මග, එය මය යහ මග වනුයේ. ඥානය නුඹ වෙත පැමිණි පසුව ද නුඹ ඔවුන්ගේ මනෝ ආශාවන් පිළිපදින්නෙහි නම් අල්ලාහ්ගෙන් කිසිදු භාරකරුවෙක් හෝ උදව්කරු වෙක් හෝ නුඹට නොමැත.

  130. 2:121

    ٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ يَتْلُونَهُۥ حَقَّ تِلَاوَتِهِۦٓ أُو۟لَـٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ ۗ وَمَن يَكْفُرْ بِهِۦ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ

    ʹAllaẓeena ʹaataynaahumul Kitaaba yatloonahoo ḥaq̣q̣a tilaawatih: ʹUlaaaʹika yuʹminoona bih. Wa-mañy yakfur bihee faʹulaaaʹika humul khaasiroon.

    කවරෙකුට අප දේව ග්‍රන්ථය පිරිනැමුවේ ද ඔවුන් එය පාරායනය කළ යුතු නියම අයුරින් පාරායනය කරති. ඔවුහු එය විශ්වාස කරති. තවද කවරෙක් එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවැන්නන් වන ඔවුහු මය අලාභවන්තයෝ.

  131. 2:122

    يَـٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱذْكُرُوا۟ نِعْمَتِىَ ٱلَّتِىٓ أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّى فَضَّلْتُكُمْ عَلَى ٱلْعَـٰلَمِينَ

    Yaa-Baneee ʹIsraaaʹeelaẓ kuroo niʻmatiyal lateee ʹanʻamtu ʻalaykum wa-ʹannee faḍḍaltukum ʻalal ʻaalameen.

    අහෝ ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට දායාද කළ මාගේ දායාදය මෙනෙහි කරනු. තවද සැබැවින් ම මම නුඹලාව ලෝ වැසියන්ට වඩා උසස් කළෙමි.

  132. 2:123

    وَٱتَّقُوا۟ يَوْمًا لَّا تَجْزِى نَفْسٌ عَن نَّفْسٍ شَيْـًٔا وَلَا يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلَا تَنفَعُهَا شَفَـٰعَةٌ وَلَا هُمْ يُنصَرُونَ

    Wattaq̣oo Yawmal laa tajzee nafsun ʻan nafsiñ shayʹañw walaa yuq̣balu minhaa ʻadluñw Walaa tañfaʻuhaa shafaaʻatunw walaa hum yuñṣaroon.

    තවද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයකට කිසිවක් කිරීමට හැකියාවක් නොමැති, එයින් කිසිදු වන්දියක් පිළිගනු නො ලබන, එයින් කිසිදු මැදිහත් වීමක් ප්‍රයෝජනවත් නො වන ඔවුන් (එදින) උදව් කරනු නො ලබන දිනයකට නුඹලා බිය වනු.

  133. 2:124

    ۞ وَإِذِ ٱبْتَلَىٰٓ إِبْرَٰهِـۧمَ رَبُّهُۥ بِكَلِمَـٰتٍ فَأَتَمَّهُنَّ ۖ قَالَ إِنِّى جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا ۖ قَالَ وَمِن ذُرِّيَّتِى ۖ قَالَ لَا يَنَالُ عَهْدِى ٱلظَّـٰلِمِينَ

    Wa-ʹiẓib talaaa ʹIbraaheema Rabbuhoo bi-Kalimaatiñ faʹatammahunna: q̣aala ʹInnee jaaʻiluka linnaasi ʹImaamaa. Q̣aala wa-miñ ẓurriyyatee! Q̣aala laa- yanaalu ʻahdiz̤̣ z̤̣aalimeen.

    ඉබ්‍රාහීම් ව ඔහු ගේ පරමාධිපති වදන් කිහිපයකින් පිරික්සුම ට ලක් කළ අවස්ථා ව (සිහිපත් කරනු.) එවිට ඔහු ඒවා සම්පූර්ණ කළේ ය. සැබැවින් ම මම නුඹ ව ජනයා ට මෙහෙයුම් කරුවෙකු ලෙස පත් කරන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය. මාගේ පරපුරින් ද (එසේ පත් කරනු මැනව!) යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය. අපරාධකරුවන් ට මාගේ ප්‍රතිඥාව හිමි නොවන්නේ යැයි ඔහු පැවසීය.

  134. 2:125

    وَإِذْ جَعَلْنَا ٱلْبَيْتَ مَثَابَةً لِّلنَّاسِ وَأَمْنًا وَٱتَّخِذُوا۟ مِن مَّقَامِ إِبْرَٰهِـۧمَ مُصَلًّى ۖ وَعَهِدْنَآ إِلَىٰٓ إِبْرَٰهِـۧمَ وَإِسْمَـٰعِيلَ أَن طَهِّرَا بَيْتِىَ لِلطَّآئِفِينَ وَٱلْعَـٰكِفِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ

    Wa-ʹiẓ jaʻalnal Bayta mas̤aabatal linnaasi wa-ʹamnaa; wattakhiẓoo mim Maq̣aami ʹIbraaheema muṣallaa: wa-ʻahidnaaa ʹilaaa ʹIbraaheema wa-ʹIsmaaʻeela ʹañ ṭahhiraa Baytiya liṭṭaaaʹifeena walʻaakifeena warrukkaʻis sujood.

    තවද සිහිපත් කරනු. එම නිවස (මක්කාවේ පිහිටි කඃබාව) ජනයාට සක්මන් කරන ස්ථානයක් ලෙස ද, අභයදායී ලෙස ද අපි පත් කළෙමු. තවද නුඹලා ඉබ්රාහීම්ගේ ස්ථානය නැමදුම් ස්ථානයක් ලෙස ගනු. මාගේ නිවස තවාෆ් (කඃබාව වටා ගමන්) කරන්නන්ට ද, ඉඃතිකාෆ් (රැඳී) සිටින්නන්ට ද, රුකූඋ කරන්නන්ට ද, සුජූද් කරන්නන්ට ද පවිත්‍ර කර තබන මෙන් ඉබ්රාහීම් හා ඉස්මාඊල් යන දෙදෙනාගෙන් අපි පොරොන්දු ලබා ගත්තෙමු.

  135. 2:126

    وَإِذْ قَالَ إِبْرَٰهِـۧمُ رَبِّ ٱجْعَلْ هَـٰذَا بَلَدًا ءَامِنًا وَٱرْزُقْ أَهْلَهُۥ مِنَ ٱلثَّمَرَٰتِ مَنْ ءَامَنَ مِنْهُم بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ ۖ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُۥ قَلِيلًا ثُمَّ أَضْطَرُّهُۥٓ إِلَىٰ عَذَابِ ٱلنَّارِ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ

    Wa-ʹiẓ q̣aala ʹIbraaheemu Rabbij ʻal haaẓaa Baladan ʹAaminañw warzuq̣ ʹahlahoo minas̤ s̤amaraati man ʹaamana minhum̃ billaahi wal-Yawmil ʹAakhir. Q̣aala wa-mañ kafara faʹumattiʻuhoo q̣aleelañ s̤umma ʹaḍṭarruhoo ʹilaa ʻaẓaabin Naar, wa-biʹsal maṣeer!

    “මාගේ පරමාධිපතියාණනි! මෙය අභයදායී නගරයක් බවට පත් කරනු මැනව! එහි වැසියන් අතුරින් අල්ලාහ්ව හා පරමාන්ත දිනය ගැන විශ්වාස කළවුන්ට බවභෝගවලින් පෝෂණය කරනු මැනව!” යැයි ඉබ්රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු (අල්ලාහ් මෙසේ) පැවසී ය. “තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට මම ස්වල්ප කලකට ඔහුට බුක්ති විඳින්නට ඉඩ හරිමි. පසුව ඔහුව මම නිරා ගින්නේ දඬුවමට යොමු කරන්නෙමි." එම පිවිසුම් ස්ථානය නපුරු විය.

  136. 2:127

    وَإِذْ يَرْفَعُ إِبْرَٰهِـۧمُ ٱلْقَوَاعِدَ مِنَ ٱلْبَيْتِ وَإِسْمَـٰعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّآ ۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

    Wa-ʹiẓ yarfaʻu ʹIbraaheemul q̣awaaʻida minal Bayti wa-ʹIsmaaʻeel: Rabbanaa taq̣abbal minnaa: ʹinnaka ʹAñtas Sameeʻul ʻAleem.

    ඉබ්රාහීම් හා ඉස්මාඊල් (කඃබාව නම්) නිවසේ අත්තිවාරම එසවූ අවස්ථාව සිහිපත් කරනු. “අපගේ පරමාධිපතියාණනි! (අප කළ ක්‍රියාවන්) අපගෙන් පිළිගනු මැනව! නියත වශයෙන් ම සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ ඔබ ම ය.”

  137. 2:128

    رَبَّنَا وَٱجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِن ذُرِّيَّتِنَآ أُمَّةً مُّسْلِمَةً لَّكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَآ ۖ إِنَّكَ أَنتَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

    Rabbanaa wajʻalnaa Muslimayni laka wa-miñ ẓurriyyatinaaa ʹUmmatam Muslimatal lak; wa-ʹarinaa manaasikanaa wa-tub ʻalaynaa; ʹinnaka ʹAntat Tawwaabur Raḥeem.

    “අපගේ පරමාධිපතියාණනි! අපව ඔබට අවනත වන (මුස්ලිම්වරුන්) දෙදෙනෙකු බවට පත් කරනු මැනව! තවද අපගේ පරපුරින් ද ඔබට අවනත වන සමූහයක් ඇති කරනු මැනව! අපගේ (හජ්) වත්පිළිවෙත් අපට පෙන්වා දෙනු මැනව! තවද අප වෙත පාප ක්‍ෂමාව පිරි නමනු මැනව! සැබැවින් ම අතික්ෂමාශීලී අසමසම කරුණාන්විත වන්නේ ඔබ ම ය.”

  138. 2:129

    رَبَّنَا وَٱبْعَثْ فِيهِمْ رَسُولًا مِّنْهُمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِكَ وَيُعَلِّمُهُمُ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَيُزَكِّيهِمْ ۚ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

    Rabbanaa wabʻas̤ feehim Rasoolam minhum yatloo ʻalayhim ʹAayaatika wa-yuʻallimuhumul Kitaaba wal-Ḥikmata wa-yuzakkeehim: ʹinnaka ʹAñtal ʻAzeezul Ḥakeem.

    “අපගේ පරමාධිපතියාණනි! තවද ඔබගේ වැකි ඔවුනට පාරායනය කර පෙන් වන, දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ඔවුනට උගන් වන, ඔවුන්ව පිවිතුරු කරන, ඔවුන්ගෙන් ම වූ ධර්ම දූතයෙකු ඔවුන් අතරට එවනු මැනව! සැබැවින් ම සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත වන්නේ ඔබ ම ය.” (යනුවෙන් ඉබ්රාහීම් නබිතුමා ප්‍රාර්ථනා කළහ.)

  139. 2:130

    وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَٰهِـۧمَ إِلَّا مَن سَفِهَ نَفْسَهُۥ ۚ وَلَقَدِ ٱصْطَفَيْنَـٰهُ فِى ٱلدُّنْيَا ۖ وَإِنَّهُۥ فِى ٱلْـَٔاخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ

    Wa-mañy yarg̣abu ʻam Millati ʹIbraaheema ʹillaa mañ safiha nafsah? Wa-laq̣adiṣ ṭafaynaahu fid dunyaa: wa-ʹinnahoo fil ʹAakhirati laminaṣ Ṣaaliḥeen.

    තමන්ව අඥාන භාවයට පත් කර ගත්තෙකු මිස ඉබ්රාහීම්ගේ පිළිවෙතින් ඉවත් වනුයේ කවරෙක් ද? තවද සැබැවින් ම මෙලොවෙහි අපි ඔහුව තෝරා ගත්තෙමු. තවද සැබැවින් ම ඔහු පරලොවෙහි දැහැමියන් අතර සිටින්නේ ය.

  140. 2:131

    إِذْ قَالَ لَهُۥ رَبُّهُۥٓ أَسْلِمْ ۖ قَالَ أَسْلَمْتُ لِرَبِّ ٱلْعَـٰلَمِينَ

    ʹIẓ q̣aala lahoo Rabbuhooo ʹaslim q̣aala ʹaslamtu li-Rabbil ʻaalameen.

    ඔහුගේ පරමාධිපති “නුඹ අවනත වනු” යැයි ඔහුට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. “මම ලෝ වැසියන්ගේ පරමාධිපතිට අවනත වූයෙමි” යැයි ඔහු පැවසී ය.

  141. 2:132

    وَوَصَّىٰ بِهَآ إِبْرَٰهِـۧمُ بَنِيهِ وَيَعْقُوبُ يَـٰبَنِىَّ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰ لَكُمُ ٱلدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ

    Wa-waṣṣaa bihaaa ʹIbraaheemu baneehi wa-Yaʻq̣oob: yaa-baniyya ʹinnal laahaṣ ṭafaa lakumud Deena falaa tamootunna ʹillaa wa-ʹañtum Muslimoon.

    මෙය ම ඉබ්රාහීම් තම පුතුන්ට ද, (එසේ ම) යඃකූබ් ද මෙසේ උපදෙස් දුන්හ. “අහෝ මාගේ පුත්‍රයිනි! සැබැවින් ම අල්ලාහ් නුඹලාට මෙම දහම තෝරා දී ඇත. එබැවින් නුඹලා (අල්ලාහ් ට) අවනත වූ තත්ත්වයෙන් මිස මරණයට පත් නො වනු.”

  142. 2:133

    أَمْ كُنتُمْ شُهَدَآءَ إِذْ حَضَرَ يَعْقُوبَ ٱلْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنۢ بَعْدِى قَالُوا۟ نَعْبُدُ إِلَـٰهَكَ وَإِلَـٰهَ ءَابَآئِكَ إِبْرَٰهِـۧمَ وَإِسْمَـٰعِيلَ وَإِسْحَـٰقَ إِلَـٰهًا وَٰحِدًا وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ

    ʹAm kuñtum shuhadaaaʹa ʹiẓ ḥaḍara Yaʻq̣oobal mawtu ʹiẓ q̣aala libaneehi maa- taʻbudoona mim baʻdee? Q̣aaloo naʻbudu ʹIlaahaka wa-ʹIlaaha ʹaabaaaʹika ʹIbraaheema wa-ʹIsmaaʻeela wa-ʹIsḥaaq̣a ʹIlaahañw Waaḥidaa: wa-naḥnu lahoo Muslimoon.

    නැතහොත් යඃකූබ්ට මරණය පැමිණි අවස්ථාවේ නුඹලා එහි පෙනී සිටියාහු ද? “මගෙන් පසුව නුඹලා නමදිනුයේ කුමක් දැ?” යි තම දරුවන්ගෙන් ඔහු ඇසූ විට “ඔබගේ දෙවියා වූ ද, ඔබගේ මුතුන් මිත්තන් වන ඉබ්රාහීම් ඉස්මාඊල් හා ඉස්හාක්ගේ දෙවියා වූ ද එක ම දෙවියාව අපි නමදිමු. තවද අපි ඔහුට අවනත වන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසූහ.

  143. 2:134

    تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ ۖ وَلَا تُسْـَٔلُونَ عَمَّا كَانُوا۟ يَعْمَلُونَ

    Tilka ʹummatuñ q̣ad khalat. Lahaa maa- kasabat wa-lakum maa kasabtum. Wa-laa tusʹaloona ʻammaa kaanoo yaʻmaloon.

    එය ඉකුත්වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එයට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලාට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නො ලබන්නෙහු ය.

  144. 2:135

    وَقَالُوا۟ كُونُوا۟ هُودًا أَوْ نَصَـٰرَىٰ تَهْتَدُوا۟ ۗ قُلْ بَلْ مِلَّةَ إِبْرَٰهِـۧمَ حَنِيفًا ۖ وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

    Wa-q̣aaloo koonoo Hoodan ʹaw Naṣaaraa tahtadoo. Q̣ul bal Millata ʹIbraaheema Ḥaneefaa, wa-maa kaana minal mushrikeen.

    “නුඹලා යුදෙව්වන් වනු. එසේ නොමැති නම් කිතුනුවන් වනු. නුඹලා යහ මඟ ලබනු ඇතැ”යි ඔවුහු (යුදෙව්වන් හා කිතුනුවන්) තව දුරටත් පැවසූහ. එසේ නොව “(නබිවරය) පිවිතුරු ඉබ්රාහීම්ගේ පිළිවෙත ම (නුඹලා පිළිපදිනු.) තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නො වීය” යැයි පවසනු.

  145. 2:136

    قُولُوٓا۟ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْنَا وَمَآ أُنزِلَ إِلَىٰٓ إِبْرَٰهِـۧمَ وَإِسْمَـٰعِيلَ وَإِسْحَـٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَمَآ أُوتِىَ مُوسَىٰ وَعِيسَىٰ وَمَآ أُوتِىَ ٱلنَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ

    Q̣oolooo ʹaamannaa billaahi wa-maaa ʹuñzila ʹilaynaa wa-maaa ʹuñzila ʹilaaa ʹIbraaheema wa-ʹIsmaaʻeela wa-ʹIsḥaaq̣a wa-Yaʻq̣ooba wal-ʹasbaaṭi wa-maaa ʹootiya Moosaa wa-ʻEesaa wa-maaa ʹootiyan nabiyyoona mir Rabbihim. Laa- nufarriq̣u bayna ʹaḥadim minhum, wa-naḥnu lahoo Muslimoon.

    “අපි අල්ලාහ්ව විශ්වාස කළෙමු. තවද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන්ගේ පරපුර වෙත පහළ කරනු ලැබූ දෑ ද, මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද, තම පරමාධිපතිගෙන් නබිවරුන්ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකුව අපි වෙන් නො කළෙමු තවද අපි ඔහුට අවනත වූවෝ වෙමු.” යැයි නුඹලා පවසනු.

  146. 2:137

    فَإِنْ ءَامَنُوا۟ بِمِثْلِ مَآ ءَامَنتُم بِهِۦ فَقَدِ ٱهْتَدَوا۟ ۖ وَّإِن تَوَلَّوْا۟ فَإِنَّمَا هُمْ فِى شِقَاقٍ ۖ فَسَيَكْفِيكَهُمُ ٱللَّهُ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

    Faʹin ʹaamanoo bimis̤li maaa ʹaamañtum̃ bihee faq̣adih tadaw. Wa-ʹiñ tawallaw faʹinnamaa hum fee shiq̣aaq̣: fasayakfeekahumul laah, wa-Huwas Sameeʻul ʻAleem.

    එබැවින් නුඹලා මෙය (ධර්මය) ගැන විශ්වාස කළාක් මෙන් ඔවුන් ද විශ්වාස කළේ නම් නියතව ඔවුන් ද යහ මඟ ලබන්නෝ ය. ඔවුහු පිටු පෑවෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු බේද යෙහි ය. ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹට ප්‍රමාණවත් වේ. තවද ඔහු සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය.

  147. 2:138

    صِبْغَةَ ٱللَّهِ ۖ وَمَنْ أَحْسَنُ مِنَ ٱللَّهِ صِبْغَةً ۖ وَنَحْنُ لَهُۥ عَـٰبِدُونَ

    Ṣibg̣atal laah: wa-man ʹaḥsanu minal laahi ṣibg̣ah? Wa-naḥnu lahoo ʻaabidoon.

    (අපව වර්ණවත් කරවන) අල්ලාහ්ගේ රන්ජනය (පිළිපදිනු). රන්ජනයෙන් අල්ලාහ්ට වඩා කවරෙක් අලංකාරමත් වේ ද? තවද අපි ඔහුට යටහත් වන්නෝ වෙමු.

  148. 2:139

    قُلْ أَتُحَآجُّونَنَا فِى ٱللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَآ أَعْمَـٰلُنَا وَلَكُمْ أَعْمَـٰلُكُمْ وَنَحْنُ لَهُۥ مُخْلِصُونَ

    Q̣ul ʹatuḥaaajjoonanaa fil laahi wa-Huwa Rabbunaa wa-Rabbukum; wa-lanaa ʹaʻmaalunaa wa-lakum ʹaʻmaalukum; wa-naḥnu lahoo mukhliṣoon.

    “අපගේ ද නුඹලාගේ ද පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී නුඹලා ඔහු සම්බන්ධයෙන් අප සමඟ වාද කරන්නෙහු ද? අපගේ ක්‍රියාවන් අපටය නුඹලාගේ ක්‍රියාවන් නුඹලාට ය. තවද අපි ඔහුට අවංකයෝ වෙමු.” යැයි නුඹ පවසනු.

  149. 2:140

    أَمْ تَقُولُونَ إِنَّ إِبْرَٰهِـۧمَ وَإِسْمَـٰعِيلَ وَإِسْحَـٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطَ كَانُوا۟ هُودًا أَوْ نَصَـٰرَىٰ ۗ قُلْ ءَأَنتُمْ أَعْلَمُ أَمِ ٱللَّهُ ۗ وَمَنْ أَظْلَمُ مِمَّن كَتَمَ شَهَـٰدَةً عِندَهُۥ مِنَ ٱللَّهِ ۗ وَمَا ٱللَّهُ بِغَـٰفِلٍ عَمَّا تَعْمَلُونَ

    ʹAm taq̣ooloona ʹinna ʹIbraaheema wa-ʹIsmaaʻeela wa-ʹIsḥaaq̣a wa-Yaʻq̣ooba wal-ʹAsbaaṭa kaanoo Hoodan ʹaw Naṣaaraa? Q̣ul ʹaʹañtum ʹaʻlamu ʹamil laah? Wa-man ʹaz̤̣lamu mimmañ Katama shahaadatan ʻiñdahoo minal laah? Wa-mal laahu big̣aafilin ʻammaa taʻmaloon.

    “නැතහොත් සැබැවින් ම ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන්ගේ පරපුර යුදෙව්වන් ලෙසින් හෝ කිතුනුවන් ලෙසින් සිටි බව නුඹලා පවසන්නෙහු ද? මැනවින් දන්නා නුඹලා ද නැතහොත් අල්ලාහ් දැ?” යි (නබිවරය!) අසනු. ඔහු අබියස වූ අල්ලාහ්ගේ සාධකයක් වසන් කරන්නන්ට වඩා මහා අපරාධකරුවා කවරෙක් ද? තවද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නො වේ.

  150. 2:141

    تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ ۖ وَلَا تُسْـَٔلُونَ عَمَّا كَانُوا۟ يَعْمَلُونَ

    Tilka ʹUmmatuñ q̣ad khalat. Lahaa maa- kasabat wa-lakum maa kasabtum. Wa-laa tusʹaloona ʻammaa kaanoo yaʻmaloon.

    එය ඉකුත්වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එයට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලාට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නො ලබන්නෙහු ය.