Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah Al-Mumtahanah

Surah Al-Mumtahanah (She that is to be Examined) is Surah 60 of the Holy Quran, a Medinan Surah with 13 verses, available here in Sinhalese.

Surah 60 Medinan 13 verses Sinhalese

Verse 60:1

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَّخِذُوْا عَدُوِّیْ وَعَدُوَّكُمْ اَوْلِیَآءَ تُلْقُوْنَ اِلَیْهِمْ بِالْمَوَدَّةِ وَقَدْ كَفَرُوْا بِمَا جَآءَكُمْ مِّنَ الْحَقِّ ۚ یُخْرِجُوْنَ الرَّسُوْلَ وَاِیَّاكُمْ اَنْ تُؤْمِنُوْا بِاللّٰهِ رَبِّكُمْ ؕ اِنْ كُنْتُمْ خَرَجْتُمْ جِهَادًا فِیْ سَبِیْلِیْ وَابْتِغَآءَ مَرْضَاتِیْ تُسِرُّوْنَ اِلَیْهِمْ بِالْمَوَدَّةِ ۖۗ وَاَنَا اَعْلَمُ بِمَاۤ اَخْفَیْتُمْ وَمَاۤ اَعْلَنْتُمْ ؕ وَمَنْ یَّفْعَلْهُ مِنْكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ السَّبِیْلِ ۟

Yaaa-ʹayyuhal laẓeena ʹaamanoo laa- tattakhiẓoo ʻaduwwee wa-ʻaduwwakum ʹawliyaaaʹa tulq̣oona ʹilayhim̃ bilmawaddati wa-q̣ad kafaroo bimaa jaaaʹakum minal Ḥaq̣q̣i, yukhrijoonar Rasoola wa-ʹiyyaakum ʹañ tuʹminoo billaahi Rabbikum! ʹIñ kuñtum kharajtum jihaadañ fee Sabeelee wabtig̣aaaʹa Marḍaatee tusirroona ʹilayhim bilmawaddati wa-ʹana ʹaʻlamu bimaaa ʹakhfaytum wa-maaa ʹaʻlañtum. Wa-mañy yafʻalhu miñkum faq̣ad ḍalla Sawaaaʹas Sabeel.

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මාගේ සතුරා හා නුඹලාගේ සතුරා වන ඔවුන් වෙත නුඹලා ආදරය දක්වමින් මිතුරන් ලෙස නො ගනු. තවද සත්‍යයෙන් යුතුව නුඹලා වෙත පැමිණි දෑ ඔවුහු ප්‍රතික්ෂේප කළෝ ය. නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ව නුඹලා විශ්වාස කිරීම හේතුවෙන් රසූල්වරයා හා නුඹලාව ඔවුහු පිටුවහල් කරති. මාගේ මාර්ගයේ කැපවෙමින් ද මාගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ද නුඹලා පිටත් වූයෙහු නම් ආදරය පෙන්වමින් නුඹලා ඔවුන් වෙත රහසින් සම්බන්ධකම් පාන්නෙහු ය. නුඹලා සැඟ වූ දෑ ද නුඹලා හෙළි කළ දෑ ද මම මැනවින් දනිමි. තවද නුඹලා අතරින් කවරෙකු එය සිදු කරන්නේ ද සැබැවින් ම ඔහු ඍජු මාර්ගයෙන් නොමග ගියේ ය.

Verse 60:2

اِنْ یَّثْقَفُوْكُمْ یَكُوْنُوْا لَكُمْ اَعْدَآءً وَّیَبْسُطُوْۤا اِلَیْكُمْ اَیْدِیَهُمْ وَاَلْسِنَتَهُمْ بِالسُّوْٓءِ وَوَدُّوْا لَوْ تَكْفُرُوْنَ ۟ؕ

ʹIñy yas̤q̣afookum yakoonoo lakum ʹaʻdaaaʹañw Wayabsuṭooo ʹilaykum ʹaydiyahum wa-ʹalsinatahum̃ bissoooʹi wa-waddoo law takfuroon.

ඔවුන් නුඹලාව ජයගත්තේ නම් නුඹලාට ඔවුහු සතුරන්වී නපුරකම් කරමින් තම අත් හා තම දිවවල් නුඹලා වෙත දිගු කරනු ඇත. තවද නුඹලා ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

Verse 60:3

لَنْ تَنْفَعَكُمْ اَرْحَامُكُمْ وَلَاۤ اَوْلَادُكُمْ ۛۚ یَوْمَ الْقِیٰمَةِ ۛۚ یَفْصِلُ بَیْنَكُمْ ؕ وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟

Lañ tañfaʻakum ʹarḥaamukum wa-laaa ʹawlaadukum Yawmal Q̣iyaamah: yafṣilu baynakum: wallaahu bimaa taʻmaloona Baṣeer.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ ඥාතීන් හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාට ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. (එදින) ඔහු නුඹලා අතර විනිශ්චය කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.

Verse 60:4

قَدْ كَانَتْ لَكُمْ اُسْوَةٌ حَسَنَةٌ فِیْۤ اِبْرٰهِیْمَ وَالَّذِیْنَ مَعَهٗ ۚ اِذْ قَالُوْا لِقَوْمِهِمْ اِنَّا بُرَءٰٓؤُا مِنْكُمْ وَمِمَّا تَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ؗ كَفَرْنَا بِكُمْ وَبَدَا بَیْنَنَا وَبَیْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَآءُ اَبَدًا حَتّٰی تُؤْمِنُوْا بِاللّٰهِ وَحْدَهٗۤ اِلَّا قَوْلَ اِبْرٰهِیْمَ لِاَبِیْهِ لَاَسْتَغْفِرَنَّ لَكَ وَمَاۤ اَمْلِكُ لَكَ مِنَ اللّٰهِ مِنْ شَیْءٍ ؕ رَبَّنَا عَلَیْكَ تَوَكَّلْنَا وَاِلَیْكَ اَنَبْنَا وَاِلَیْكَ الْمَصِیْرُ ۟

Q̣ad kaanat lakum ʹuswatun ḥasanatuñ feee ʹIbraaheema wallaẓeena maʻahooo ʹiẓ q̣aaloo liq̣awmihim ʹinnaa buraʹaaaʹu miñkum wa-mimmaa taʻbudoona miñ doonil laah: kafarnaa bikum wa-badaa baynanaa wa-baynakumul ʻadaawatu wal-bag̣ḍaaaʹu ʹabadan ḥattaa tuʹminoo billaahi Waḥdahooo ʹillaa q̣awla ʹIbraaheema liʹabeehi laʹastag̣firanna laka wa-maaa ʹamliku laka minal laahi miñ shayʹ. Rabbanaa ʻalayka tawakkalnaa wa-ʹilayka ʹanabnaa wa-ʹilaykal Maṣeer.

ඉබ්රාහීම් හා ඔහු සමඟ වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින් ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන් ම අපි නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දැයින් ද අපි ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්‍රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහුව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඉස්මතු වී ඇත.’ එහෙත් ‘මම ඔබ වෙනුවෙන් සමාව අයැදිමි. අල්ලාහ්ගෙන් කිසිවක් (ලබා දීම) මා සතු නැත’ යැයි ඉබ්රාහීම් තම පියාණන්ට කළ ප්‍රකාශය හැර. (අනිකුත් කරුණුවල ආදර්ශයක් ඇත්තේ ය. තවද ඉබ්රාහීම්) “අපගේ පරමාධිපතියාණනි! ඔබ වෙත අපි (සියල්ල) භාර කළෙමු. තවද ඔබ වෙත ම අපි යොමු වූයෙමු. තවද නැවත යොමු වන ස්ථානය ද ඇත්තේ ඔබ වෙත ය.

Verse 60:5

رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلَّذِیْنَ كَفَرُوْا وَاغْفِرْ لَنَا رَبَّنَا ۚ اِنَّكَ اَنْتَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟

Rabbanaa laa- tajʻalnaa fitnatal lillaẓeena kafaroo wag̣fir lanaa Rabbanaa! ʹInnaka ʹAñtal ʻAzeezul Ḥakeem.

“අපගේ පරමාධිපතියාණනි! ප්‍රතික්ෂේප කළවුනට පරීක්ෂණයක් ලෙස අප පත් නො කරනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම නුඹ සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.

Verse 60:6

لَقَدْ كَانَ لَكُمْ فِیْهِمْ اُسْوَةٌ حَسَنَةٌ لِّمَنْ كَانَ یَرْجُوا اللّٰهَ وَالْیَوْمَ الْاٰخِرَ ؕ وَمَنْ یَّتَوَلَّ فَاِنَّ اللّٰهَ هُوَ الْغَنِیُّ الْحَمِیْدُ ۟۠

Laq̣ad kaana lakum feehim ʹuswatun ḥasanatul limañ kaana yarjul laaha wal-Yawmal ʹAakhir. Wa-mañy yatawalla faʹinnal laaha Huwal G̣aniyyul Ḥameed.

අල්ලාහ් හා මතු ලොව අපේක්ෂා කරන අයට අලංකාර ආදර්ශයක් සැබැවින් ම ඔවුන් තුළ නුඹලාට විය. තවද කවරෙකු පිටුපාන්නේ ද එවිට නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු අවශ්‍යතාවන්ගෙන් තොර ය; ප්‍රශංසාලාභී ය.

Verse 60:7

عَسَی اللّٰهُ اَنْ یَّجْعَلَ بَیْنَكُمْ وَبَیْنَ الَّذِیْنَ عَادَیْتُمْ مِّنْهُمْ مَّوَدَّةً ؕ وَاللّٰهُ قَدِیْرٌ ؕ وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟

ʻAsal laahu ʹañy yajʻala baynakum wa-baynal laẓeena ʻaadaytum minhum mawaddah. Wallaahu Q̣adeer; wallaahu G̣afoorur Raḥeem.

නුඹලා අතර හා නුඹලා සමඟ සතුරුකම ඇති කර ගත්තවුන් අතර සෙනෙහස ඇති කරවීමට අල්ලාහ්ට පුළුවන. තවද අල්ලාහ් සර්ව ශක්තිය ඇත්තා ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.

Verse 60:8

لَا یَنْهٰىكُمُ اللّٰهُ عَنِ الَّذِیْنَ لَمْ یُقَاتِلُوْكُمْ فِی الدِّیْنِ وَلَمْ یُخْرِجُوْكُمْ مِّنْ دِیَارِكُمْ اَنْ تَبَرُّوْهُمْ وَتُقْسِطُوْۤا اِلَیْهِمْ ؕ اِنَّ اللّٰهَ یُحِبُّ الْمُقْسِطِیْنَ ۟

Laa- yanhaakumul laahu ʻanil laẓeena lam yuq̣aatilookum fid Deeni wa-lam yukhrijookum miñ diyaarikum ʹañ tabarroohum wa-tuq̣siṭooo ʹilayhim: ʹinnal laaha yuḥibbul Muq̣siṭeen.

දහම සම්බන්ධව නුඹලා සමඟ සටන් නො වැදුනු, තවද නුඹලාගේ නිවෙස්වලින් නුඹලාව පිටුවහල් නො කළ අය සමඟ යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නො වැළැක් වීය. යුක්තිගරුකව කටුයුතු කරන්නන්ව නියත වශයෙන් ම අල්ලාහ් ප්‍රිය කරයි.

Verse 60:9

اِنَّمَا یَنْهٰىكُمُ اللّٰهُ عَنِ الَّذِیْنَ قٰتَلُوْكُمْ فِی الدِّیْنِ وَاَخْرَجُوْكُمْ مِّنْ دِیَارِكُمْ وَظٰهَرُوْا عَلٰۤی اِخْرَاجِكُمْ اَنْ تَوَلَّوْهُمْ ۚ وَمَنْ یَّتَوَلَّهُمْ فَاُولٰٓىِٕكَ هُمُ الظّٰلِمُوْنَ ۟

ʹInnamaa yanhaakumul laahu ʻanil laẓeena q̣aatalookum fid Deeni wa-ʹakhrajookum miñ diyaarikum wa-z̤̣aaharoo ʻalaaa ʹikhraajikum ʹañ tawallawhum. Wa-mañy yatawallahum faʹulaaaʹika humuz̤̣ z̤̣aalimoon.

නියත වශයෙන් ම අල්ලාහ් නුඹලාව වළක්වනුයේ දහම සම්බන්ධව නුඹලා සමඟ සටන් වැද නුඹලාගේ නිවෙස්වලින් නුඹලා පිටුවහල් කොට නුඹලාව පිටුවහල් කිරීමට උරදුන් අය සමඟ නුඹලා මිතුරුකම් පෑම ය. තවද කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහු මය අපරාධකරුවෝ.

Verse 60:10

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا جَآءَكُمُ الْمُؤْمِنٰتُ مُهٰجِرٰتٍ فَامْتَحِنُوْهُنَّ ؕ اَللّٰهُ اَعْلَمُ بِاِیْمَانِهِنَّ ۚ فَاِنْ عَلِمْتُمُوْهُنَّ مُؤْمِنٰتٍ فَلَا تَرْجِعُوْهُنَّ اِلَی الْكُفَّارِ ؕ لَا هُنَّ حِلٌّ لَّهُمْ وَلَا هُمْ یَحِلُّوْنَ لَهُنَّ ؕ وَاٰتُوْهُمْ مَّاۤ اَنْفَقُوْا ؕ وَلَا جُنَاحَ عَلَیْكُمْ اَنْ تَنْكِحُوْهُنَّ اِذَاۤ اٰتَیْتُمُوْهُنَّ اُجُوْرَهُنَّ ؕ وَلَا تُمْسِكُوْا بِعِصَمِ الْكَوَافِرِ وَسْـَٔلُوْا مَاۤ اَنْفَقْتُمْ وَلْیَسْـَٔلُوْا مَاۤ اَنْفَقُوْا ؕ ذٰلِكُمْ حُكْمُ اللّٰهِ ؕ یَحْكُمُ بَیْنَكُمْ ؕ وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟

Yaaaʹayyuhal laẓeena ʹaamanoo ʹiẓaa jaaaʹakumul Muʹminaatu Muhaajiraatiñ famtaḥinoohunn: ʹAllaahu ʹaʻlamu biʹeemaanihinn: faʹin ʻalimtumoohunna Muʹminaatiñ falaa tarjiʻoohunna ʹilal Kuffaar. Laa- hunna ḥillul lahum wa-laa hum yaḥilloona lahunn. Wa-ʹaatoohum maaa ʹañfaq̣oo. Wa-laa junaaḥa ʻalaykum ʹañ tañkiḥoohunna ʹiẓaaa ʹaataytumoohunna ʹujoorahunn. Wa-laa tumsikoo biʻiṣamil kawaafiri wasʹaloo maaa ʹañfaq̣tum walyasʹaloo maaa ʹañfaq̣oo. Ẓaalikum ḥukmul laah. Yaḥkumu baynakum. Wallaahu ʻAleemun Ḥakeem.

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේවත්වය විශ්වාස කරන කාන්තාවන් (උපන් දේශයෙන්) නික්මවූවන් ලෙස නුඹලා වෙත පැමිණියේ නම් නුඹලා ඔවුන්(ගේ විශ්වාසය) පරීක්ෂා කර බලනු. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ් ය. ඔවුන් දේවත්වය විශ්වාස කරන කාන්තාවන් බව නුඹලා හඳුනා ගත්තේ නම් එවිට දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත නුඹලා ඔවුන් හරවා නො යවනු. මොවුන් ඔවුනට අනුමත නො වේ. තවද ඔවුහු මොවුනට අනුමත නො වෙති. ඔවුන් වියදම් කළ දෑ ඔවුනට නුඹලා ගෙවනු. මොවුන්ට හිමි විවාහ ත්‍යාග මුදල නුඹලා මොවුනට පිරිනැමූ විට නුඹලා මොවුන් විවාහ කර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන කාන්තාවන් සමඟ වූ විවාහ බන්ධනය පවත්වාගෙන නො යනු. නුඹලා ඔවුනට (මහර් වශයෙන්) වියදම් කළ දෑ නුඹලා නැවත ඉල්ලා ගනු. (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වන) ඔවුහු ද ඔවුන් වියදම් කළ දෑ ඉල්ලා ගනිත්වා! එය අල්ලාහ්ගේ තීන්දුවයි. ඔහු නුඹලා අතර තීන්දු දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.

Verse 60:11

وَاِنْ فَاتَكُمْ شَیْءٌ مِّنْ اَزْوَاجِكُمْ اِلَی الْكُفَّارِ فَعَاقَبْتُمْ فَاٰتُوا الَّذِیْنَ ذَهَبَتْ اَزْوَاجُهُمْ مِّثْلَ مَاۤ اَنْفَقُوْا ؕ وَاتَّقُوا اللّٰهَ الَّذِیْۤ اَنْتُمْ بِهٖ مُؤْمِنُوْنَ ۟

Wa-ʹiñ faatakum shayʹum min ʹazwaajikum ʹilal kuffaari faʻaaq̣abtum faʹaatul laẓeena ẓahabat ʹazwaajuhum mis̤la maaa ʹañfaq̣oo. Wattaq̣ul laahal laẓeee ʹañtum̃ bihee Muʹminoon.

තවද, නුඹලාගේ බිරියන් අතරින් කිසිවෙක් (ආගමෙන් ඉවත්ව) නුඹලා හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත ගියේ නම් පසුව (යුද්ධයක දී) නුඹලා ජය ගත්තෙහු නම් (නුඹලාගේ) බිරියන් හැර දමා ගිය ඔවුනට ඔවුන් වියදම් කළ හා සමාන දෙයක් ලබා දෙනු. තවද නුඹලා කවර අයකු විශ්වාස කරන්නන් ලෙස සිටින්නනෝ ද එවන් අල්ලාහ්ට බිය බැතිමත් වනු.

Verse 60:12

یٰۤاَیُّهَا النَّبِیُّ اِذَا جَآءَكَ الْمُؤْمِنٰتُ یُبَایِعْنَكَ عَلٰۤی اَنْ لَّا یُشْرِكْنَ بِاللّٰهِ شَیْـًٔا وَّلَا یَسْرِقْنَ وَلَا یَزْنِیْنَ وَلَا یَقْتُلْنَ اَوْلَادَهُنَّ وَلَا یَاْتِیْنَ بِبُهْتَانٍ یَّفْتَرِیْنَهٗ بَیْنَ اَیْدِیْهِنَّ وَاَرْجُلِهِنَّ وَلَا یَعْصِیْنَكَ فِیْ مَعْرُوْفٍ فَبَایِعْهُنَّ وَاسْتَغْفِرْ لَهُنَّ اللّٰهَ ؕ اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟

Yaaaʹayyuhan Nabiyyu ʹiẓaa jaaaʹakal Muʹminaatu yubaayiʻnaka ʻalaaa ʹal laa yushrikna billaahi shayʹañw walaa yasriq̣na wa-laa yazneena wa-laa yaq̣tulna ʹawlaadahunna wa-laa yaʹteena bibuhtaaniñy yaftareenahoo bayna ʹaydeehinna wa-ʹarjulihinna wa-laa yaʻṣeenaka fee maʻroofiñ fabaayiʻhunna wastag̣fir lahunnal laah: ʹinnal laaha G̣afoorur Raḥeem.

අහෝ නබිවරය! දේවත්වය විශ්වාස කරන කාන්තාවෝ නුඹට ප්‍රතිඥා දෙන්නට නුඹ වෙත පැමිණ, ඔවුන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නො කරන බවටත්, ඔවුන් සොරකම් නො කරන බවටත්, ඔවුන් කාම අපචාරයේ නිරත නො වන බවටත්, ඔවුන් තම දරුවන් ඝාතනය නො කරන බවටත්, ඔවුන් අතර ගෙතූ කිසිදු අවලාදයක් ඔවුන් නො ගෙනන බවටත්, යහපත් කටයුතුවලදී ඔවුන් නුඹට පිටු නො පාන බවටත් ප්‍රතිඥා දුන් විට එය පිළිගනු. තවද නුඹ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.

Verse 60:13

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَوَلَّوْا قَوْمًا غَضِبَ اللّٰهُ عَلَیْهِمْ قَدْ یَىِٕسُوْا مِنَ الْاٰخِرَةِ كَمَا یَىِٕسَ الْكُفَّارُ مِنْ اَصْحٰبِ الْقُبُوْرِ ۟۠

Yaaaʹayyuhal laẓeena ʹaamanoo laa- tatawallaw q̣awman g̣aḍibal laahu ʻalayhim q̣ad yaʹisoo minal ʹAakhirati kamaa yaʹisal kuffaaru min ʹaṣḥaabil q̣uboor.

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ් කවුරුන් වෙත කෝප වූයේද එවන් පිරිසක් නුඹලා මිතුරන් කර නො ගනු. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මිනී වළවල් තුළ සිටින්නන් (නැවත නැගිටුවීම) පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තාක් මෙන් මොවුන් (මතුලොව) පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගෙන ඇත.