Surah Al-Hashr
Surah Al-Hashr (The Exile) is Surah 59 of the Holy Quran, a Medinan Surah with 24 verses, available here in Sinhalese.
Verse 59:1
سَبَّحَ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ۚ وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
Sabbaḥa lillaahi maa- fis samaawaati wa-maa fil ʹarḍ: wa-Huwal ʻAzeezul Ḥakeem.
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ව සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
Verse 59:2
هُوَ الَّذِیْۤ اَخْرَجَ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ مِنْ دِیَارِهِمْ لِاَوَّلِ الْحَشْرِ ؔؕ مَا ظَنَنْتُمْ اَنْ یَّخْرُجُوْا وَظَنُّوْۤا اَنَّهُمْ مَّانِعَتُهُمْ حُصُوْنُهُمْ مِّنَ اللّٰهِ فَاَتٰىهُمُ اللّٰهُ مِنْ حَیْثُ لَمْ یَحْتَسِبُوْاۗ وَقَذَفَ فِیْ قُلُوْبِهِمُ الرُّعْبَ یُخْرِبُوْنَ بُیُوْتَهُمْ بِاَیْدِیْهِمْ وَاَیْدِی الْمُؤْمِنِیْنَ ۗ فَاعْتَبِرُوْا یٰۤاُولِی الْاَبْصَارِ ۟
Huwal laẓeee ʹakhrajal laẓeena kafaroo min ʹAhlil Kitaabi miñ diyaarihim liʹawwalil ḤASHR. Maa- z̤̣anañtum ʹañy yakhrujoo wa-z̤̣annooo ʹannahum Maa-niʻatuhum ḥuṣoonuhum minal laahi faʹataahumul laahu min ḥays̤u lam yaḥtasiboo, wa-q̣aẓafa fee q̣uloobihimur ruʻba yukhriboona buyootahum̃ biʹaydeehim wa-ʹaydil Muʹmineen. Faʻtabiroo yaaaʹulil ʹabṣaar!
ධර්ම ග්‍රන්ථ ලත් ජනයා අතරින් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ නිවෙස්වලින් පළමු පහරදීමේ දී පිටුවහල් කළේ ඔහු ය. ඔවුන් පිටුවහල් වී යනු ඇතැයි නුඹලා නො සිතූහ. තවද තම බලකොටු අල්ලාගෙන් තමන් ආරක්ෂා කරනු ඇතැයි ඔවුහු සිතුවෝ ය. එවිට අල්ලාහ්(ගේ ප්‍රකෝපය) ඔවුන් නො සිතූ පරිදි ඔවුන් වෙත පැමිණියේ ය. ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කළේ ය. එහෙයින් ඔවුන්ගේ නිවෙස් ඔවුන්ගේම අත්වලින් හා දේව විශ්වාසවන්තයින්ගේ අත්වලින් විනාශ කර දැමුවෝ ය. අහෝ ප්‍රබුද්ධ ජනයිනි! (මෙයින්) නුඹලා පාඩම් ලබනු.
Verse 59:3
وَلَوْلَاۤ اَنْ كَتَبَ اللّٰهُ عَلَیْهِمُ الْجَلَآءَ لَعَذَّبَهُمْ فِی الدُّنْیَا ؕ وَلَهُمْ فِی الْاٰخِرَةِ عَذَابُ النَّارِ ۟
Wa-lawlaaa ʹañ katabal laahu ʻalayhimul jalaaaʹa laʻaẓẓabahum fid dunyaa: wa-lahum fil ʹAakhirati ʻAẓaabun Naar.
තවද එසේ පිටුවහල් කිරීම ඔවුනට අල්ලාහ් නියම කර නො තිබුණේ නම් මෙලොවෙහිම ඔහු ඔවුනට සැබැවින් ම දඬුවම් කරන්නට තිබුණි. තවද ඔවුනට මතු ලොවෙහි (නිරා) ගින්නේ දඬුවම ඇත.
Verse 59:4
ذٰلِكَ بِاَنَّهُمْ شَآقُّوا اللّٰهَ وَرَسُوْلَهٗ ۚ وَمَنْ یُّشَآقِّ اللّٰهَ فَاِنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟
Ẓaalika biʹAnnahum shaaaq̣q̣ul laaha wa-Rasoolah. Wa-mañy yushaaaq̣q̣il laaha faʹinnal laaha Shadeedul ʻIq̣aab.
එය ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධව ක්‍රියා කළ බැවිණි. තවද කවරෙකු අල්ලාහ්ට විරුද්ධ වන්නේ ද එවිට නියත වශයෙන් ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩි ය.
Verse 59:5
مَا قَطَعْتُمْ مِّنْ لِّیْنَةٍ اَوْ تَرَكْتُمُوْهَا قَآىِٕمَةً عَلٰۤی اُصُوْلِهَا فَبِاِذْنِ اللّٰهِ وَلِیُخْزِیَ الْفٰسِقِیْنَ ۟
Maa- q̣aṭaʻtum mil leenatin aw taraktumoohaa q̣aaaʹimatan ʻalaaa ʹuṣoolihaa fabiʹiẓnil laahi wa-liyukhziyal faasiq̣een.
නුඹලා යම් රට ඉඳි ගසක් කපා දැමුව ද එසේ නැතහොත් එය එහි මුල් මත තිබෙන්නට හැරිය ද එය අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද ඔහු දුෂ්ඨයින් නින්දාවට පත් කරනු පිණිස ය.
Verse 59:6
وَمَاۤ اَفَآءَ اللّٰهُ عَلٰی رَسُوْلِهٖ مِنْهُمْ فَمَاۤ اَوْجَفْتُمْ عَلَیْهِ مِنْ خَیْلٍ وَّلَا رِكَابٍ وَّلٰكِنَّ اللّٰهَ یُسَلِّطُ رُسُلَهٗ عَلٰی مَنْ یَّشَآءُ ؕ وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
Wa-maaa ʹafaaaʹal laahu ʻalaa Rasoolihee minhum famaaa ʹawjaftum ʻalayhi min khayliñw walaa rikaabiñw walaakinnal laaha yusalliṭu rusulahoo ʻalaa mañy yashaaaʹ. Wallaahu ʻalaa kulli shayʹiñ Q̣adeer.
ඔවුන්ගෙන් තම දූතයාණන්හට අල්ලාහ් කවර දෙයක් පිරිනැමූවේද ඒ(වා ලබා ගැනීම) සඳහා නුඹලා අශ්වයින් හෝ ඔටුවන් හෝ දක්කාගෙන ගියේ නැත. එහෙත් අල්ලාහ් තමන් අභිමත කරන අය වෙත තම දූතවරුන් පවරනු ඇත. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
Verse 59:7
مَاۤ اَفَآءَ اللّٰهُ عَلٰی رَسُوْلِهٖ مِنْ اَهْلِ الْقُرٰی فَلِلّٰهِ وَلِلرَّسُوْلِ وَلِذِی الْقُرْبٰی وَالْیَتٰمٰی وَالْمَسٰكِیْنِ وَابْنِ السَّبِیْلِ ۙ كَیْ لَا یَكُوْنَ دُوْلَةً بَیْنَ الْاَغْنِیَآءِ مِنْكُمْ ؕ وَمَاۤ اٰتٰىكُمُ الرَّسُوْلُ فَخُذُوْهُ ۗ وَمَا نَهٰىكُمْ عَنْهُ فَانْتَهُوْا ۚ وَاتَّقُوا اللّٰهَ ؕ اِنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟ۘ
Maaa ʹafaaaʹal laahu ʻalaa Rasoolihee min ʹahlil Q̣uraa falillaahi wa-lir-rasooli wa-liẓil q̣urbaa wal-yataamaa walmasaakeeni wabnis sabeeli kay laa- yakoona doolatam baynal ʹag̣niyaaaʹi miñkum. Wa-maaa ʹaataakumur Rasoolu fakhuẓoohu wa-maa nahaakum ʻanhu fañtahoo. Wattaq̣ul laah; ʹinnal laaha Shadeedul ʻIq̣aab.
ගම් වාසීන්ගෙන් අල්ලාහ් තම දූතයාණන්ට යුද සම්පත් වශයෙන් ලබා දුන් දෑ වනාහි එය අල්ලාහ්ට ද ඔහුගේ දූතයාණන්ට ද සමීප ඥාතීන්ට ද අනාථයින්ට ද, දුගියන්ට ද, මගියන්ට ද හිමි ය. එය නුඹලා අතරින් වූ ධනවතුන් අතර පමණක් පරිහරණය නො වනු පිණිස ය. තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනු. තවද ඔහු නුඹලාට යමක් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩි ය.
Verse 59:8
لِلْفُقَرَآءِ الْمُهٰجِرِیْنَ الَّذِیْنَ اُخْرِجُوْا مِنْ دِیَارِهِمْ وَاَمْوَالِهِمْ یَبْتَغُوْنَ فَضْلًا مِّنَ اللّٰهِ وَرِضْوَانًا وَّیَنْصُرُوْنَ اللّٰهَ وَرَسُوْلَهٗ ؕ اُولٰٓىِٕكَ هُمُ الصّٰدِقُوْنَ ۟ۚ
Lilfuq̣araaaʹil Muhaajireenal laẓeena ʹukhrijoo miñ diyaarihim wa-ʹamwaalihim yabtag̣oona Faḍlam minal laahi wa-Riḍwaanañw wayañṣuroonal laaha wa-Rasoolah: ʹulaaaʹika humuṣ Ṣaadiq̣oon;―
ඔවුන්ගේ (උපන්) නිවෙස්වලින් හා ඔවුන්ගේ වස්තුවෙන් පිටුවහල් කරනු ලැබූ දිළිඳු (මුහාජිර්වරු)න්ට ද (කොටසක්) හිමි ය. ඔවුහු අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහය හා තෘප්තිය සොයති. තවද ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට උදව් කරති. ඔවුහු මය සත්‍යවාදීහු.
Verse 59:9
وَالَّذِیْنَ تَبَوَّؤُ الدَّارَ وَالْاِیْمَانَ مِنْ قَبْلِهِمْ یُحِبُّوْنَ مَنْ هَاجَرَ اِلَیْهِمْ وَلَا یَجِدُوْنَ فِیْ صُدُوْرِهِمْ حَاجَةً مِّمَّاۤ اُوْتُوْا وَیُؤْثِرُوْنَ عَلٰۤی اَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ ۫ؕ وَمَنْ یُّوْقَ شُحَّ نَفْسِهٖ فَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟ۚ
Wallaẓeena tabawwaʹud daara wal-ʹeemaana miñ q̣ablihim yuḥibboona man haajara ʹilayhim wa-laa yajidoona fee ṣudoorihim ḥaajatam mimmaaa ʹootoo wa-yuʹs̤iroona ʻalaaa ʹañfusihim wa-law kaana bihim khaṣaaṣah. Wa-mañy yooq̣a shuḥḥa nafsihee faʹulaaaʹika humul Mufliḥoon.
තවද (මදීනාව) වාසස්ථාන බවට පත් කර ගත් ඔවුනට පෙර විශ්වාසය ඇති කර ගත් අයට ද (අන්සාරිවරුන්ටද) කොටසක් හිමි ය. උපන් දේශයෙන් නික්ම වී ඔවුන් වෙත පැමිණි (මුහාජිර්) අයව ඔවුහු ප්‍රිය කරති. ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳව අවශ්‍යතාවක් ඔවුන්ගේ සිත් තුළ දකින්නට නො වීය. තමන්ට අවශ්යතාවක් තිබුණ ද තමන්ට වඩා ඔවුනට මුල්තැන දෙති. කවරෙකුගේ සිත මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද ඔවුහු මය ජයග්‍රාහකයෝ.
Verse 59:10
وَالَّذِیْنَ جَآءُوْ مِنْ بَعْدِهِمْ یَقُوْلُوْنَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِاِخْوَانِنَا الَّذِیْنَ سَبَقُوْنَا بِالْاِیْمَانِ وَلَا تَجْعَلْ فِیْ قُلُوْبِنَا غِلًّا لِّلَّذِیْنَ اٰمَنُوْا رَبَّنَاۤ اِنَّكَ رَءُوْفٌ رَّحِیْمٌ ۟۠
Wallaẓeena jaaaʹoo mim baʻdihim yaq̣ooloona Rabbanag̣ fir lanaa wa-liʹikhwaaninal laẓeena sabaq̣oonaa bil-ʹEemaani wa-laa tajʻal fee q̣uloobinaa g̣illallil laẓeena ʹaamanoo Rabbanaaa ʹinnaka Raʹoofur Raḥeem.
තවද ඔවුනට පසුව පැමිණියවුන් ‘අපගේ පරමාධිපතියාණනි! අප හා දේව විශ්වාසයෙන් අපට පෙර ඉකුත්ව ගිය අපගේ සහෝදරයින්ට සමාව දෙනු මැනව! විශ්වාස කළවුන් පිළිබඳව ද්වේෂයක් අපගේ සිත් තුළ ඇති නො කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම නුඹ සෙනෙහෙවන්ත ය; මහා කරුණාන්විතය යැයි පවසති.
Verse 59:11
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ نَافَقُوْا یَقُوْلُوْنَ لِاِخْوَانِهِمُ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ لَىِٕنْ اُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِیْعُ فِیْكُمْ اَحَدًا اَبَدًا ۙ وَّاِنْ قُوْتِلْتُمْ لَنَنْصُرَنَّكُمْ ؕ وَاللّٰهُ یَشْهَدُ اِنَّهُمْ لَكٰذِبُوْنَ ۟
ʹAlam tara ʹilal laẓeena naafaq̣oo yaq̣ooloona liʹikhwaanihimul laẓeena kafaroo min ʹAhlil Kitaabi laʹin ʹukhrijtum lanakhrujanna maʻakum wa-laa nuṭeeʻu feekum ʹaḥadan ʹabadañw waʹiñ q̣ootiltum lanañṣurannakum. Wallaahu yashhadu ʹinnahum lakaaẓiboon.
“නුඹලා බැහැර කරනු ලබන්නෙහු නම් අප ද නුඹලා සමඟ බැහැර වන්නෙමු. නුඹලා විෂයයෙහි කිසිවිටෙක කිසිවකුට අපි අවනත නො වන්නෙමු. නුඹලා පහර දෙනු ලැබුවෙහු නම් අපි නුඹලාට උදව් කරන්නෙමු” යැයි ධර්ම ග්‍රන්ථ ලැබූවන් අතරින් ප්‍රතික්ෂේප කළා වූ ඔවුන්ගේ සහෝදරයින්ට පවසන කුහකයින් දෙස නුඹ නො දුටුවෙහි ද? තවද නියත වශයෙන් ම ඔවුහු බොරුකාරයෝ යැයි අල්ලාහ් සාක්ෂි දරයි.
Verse 59:12
لَىِٕنْ اُخْرِجُوْا لَا یَخْرُجُوْنَ مَعَهُمْ ۚ وَلَىِٕنْ قُوْتِلُوْا لَا یَنْصُرُوْنَهُمْ ۚ وَلَىِٕنْ نَّصَرُوْهُمْ لَیُوَلُّنَّ الْاَدْبَارَ ۫ ثُمَّ لَا یُنْصَرُوْنَ ۟
Laʹin ʹukhrijoo laa- yakhrujoona maʻahum; walaʹiñ q̣ootiloo laa- yañṣuroonahum; wa-laʹin naṣaroohum layuwallunnal ʹadbaar; s̤umma laa- yuñṣaroon.
ඔවුන් බැහැර කරනු ලැබුවේ නම් ඔවුන් සමඟ (කුහකයින් වන) මොවුහු බැහැර නො වෙති. තවද ඔවුනට පහර දෙනු ලැබුවේ නම් මොවුහු ඔවුනට උදව් නො කරති. සැබැවින් ම ඔවුහු මොවුනට උදව් කළේ නම්, ඔවුහු ආපස්සට හැරී යනු ඇත. පසුව ඔවුහු උදව් කරනු නො ලබති.
Verse 59:13
لَاَنْتُمْ اَشَدُّ رَهْبَةً فِیْ صُدُوْرِهِمْ مِّنَ اللّٰهِ ؕ ذٰلِكَ بِاَنَّهُمْ قَوْمٌ لَّا یَفْقَهُوْنَ ۟
Laʹañtum ʹashaddu rahbatañ fee ṣudoorihim minal laah. Ẓaalika biʹannahum q̣awmul laa yafq̣ahoon.
අල්ලාහ්ට වඩා නුඹලා කෙරෙහි දැඩි බියක් ඔවුන්ගේ හදවත් තුළ පවතී. එය නියත වශයෙන් ම ඔවුන් වටහා නො ගන්නා පිරිසක් බැවිනි.
Verse 59:14
لَا یُقَاتِلُوْنَكُمْ جَمِیْعًا اِلَّا فِیْ قُرًی مُّحَصَّنَةٍ اَوْ مِنْ وَّرَآءِ جُدُرٍ ؕ بَاْسُهُمْ بَیْنَهُمْ شَدِیْدٌ ؕ تَحْسَبُهُمْ جَمِیْعًا وَّقُلُوْبُهُمْ شَتّٰی ؕ ذٰلِكَ بِاَنَّهُمْ قَوْمٌ لَّا یَعْقِلُوْنَ ۟ۚ
Laa- yuq̣aatiloonakum jameeʻan ʹillaa fee q̣uram muḥaṣṣanatin ʹaw miñw waraaaʹi judur. Baʹsuhum̃ baynahum shadeed: taḥsabuhum jameeʻañwwa q̣uloobuhum shattaa: ẓaalika biʹannahum q̣awmul laa yaʻq̣iloon.
ආරක්ෂිත ගම්මානයන් තුළ සිට හෝ බැමිවලට පසුපසින් සිට හෝ මිස නුඹලා සමඟ එක්ව ඔවුහු සටන් නො කරති. ඔවුන්ගේ සතුරුකම ඔවුන් අතර ප්‍රබල ය. ඔවුන් එක්ව සිටිනු ඇතැයි නුඹ සිතන්නෙහි ය. එහෙත් ඔවුන්ගේ හදවත් භින්න වී ඇත. එය ඔවුන් අවබෝධ කර ගන්නා පිරිසක් නො වන බැවිනි.
Verse 59:15
كَمَثَلِ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ قَرِیْبًا ذَاقُوْا وَبَالَ اَمْرِهِمْ ۚ وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟ۚ
Kamas̤alil laẓeena miñ q̣ablihim q̣areebañ ẓaaq̣oo wa-baala ʹamrihim; wa-lahum ʻaẓaabun ʹaleem;―
ඔවුහු ඔවුනට සුළු කලකට පෙර ඔවුන්ගේ විෂයයෙහි වූ දඬුවම භුක්ති විඳි අය මෙනි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
Verse 59:16
كَمَثَلِ الشَّیْطٰنِ اِذْ قَالَ لِلْاِنْسَانِ اكْفُرْ ۚ فَلَمَّا كَفَرَ قَالَ اِنِّیْ بَرِیْٓءٌ مِّنْكَ اِنِّیْۤ اَخَافُ اللّٰهَ رَبَّ الْعٰلَمِیْنَ ۟
Kamas̤alish Shayṭaani ʹiẓ q̣aala lil-ʹiñsaanik fur: falammaa kafara q̣aala ʹinnee bareeeʹum miñka ʹinneee ʹakhaaful laaha Rabbal ʻAalameen!
(කුහකයෝ) ෂෙයිතාන්ගේ උපමාවට සමාන ය. එනම් “නුඹ ප්‍රතික්ෂේප කරනු” යැයි ඔහු මිනිසාට කී විට එසේ (මිනිසා වන) ඔහු ප්‍රතික්ෂේප කළ කල්හි “නියත වශයෙන් ම මම නුඹෙන් ඉවත් වූයෙක්මි. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට නියත වශයෙන් ම මම බිය වෙමි” යැයි ඔහු (ෂෙයිතාන්) පවසයි.
Verse 59:17
فَكَانَ عَاقِبَتَهُمَاۤ اَنَّهُمَا فِی النَّارِ خَالِدَیْنِ فِیْهَا ؕ وَذٰلِكَ جَزٰٓؤُا الظّٰلِمِیْنَ ۟۠
Fakaana ʻaaq̣ibatahumaaa ʹannahumaa fin Naari khaalidayni feehaa. Wa-ẓaalika jazaaaʹuz̤̣ z̤̣aalimeen.
ඔවුන් දෙදෙනාගේ අවසානය, නියත වශයෙන් ම ඔවුන් දෙදෙනා (නිරා) ගින්නට වනු ඇත. ඔවුහු එහි සදාතනිකයින් ය. තවද එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකයයි.
Verse 59:18
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَلْتَنْظُرْ نَفْسٌ مَّا قَدَّمَتْ لِغَدٍ ۚ وَاتَّقُوا اللّٰهَ ؕ اِنَّ اللّٰهَ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟
Yaaaʹayyuhal laẓeena ʹaamanut taq̣ul laaha Waltañz̤̣ur nafsum maa q̣addamat lig̣ad. Wattaq̣ul laah: ʹInnal laaha khabeerum bimaa taʻmaloon.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද සෑම ආත්මයක් ම හෙට දිනට තමා ඉදිරිපත් කළේ කුමක්දැ යි බලත්වා! තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
Verse 59:19
وَلَا تَكُوْنُوْا كَالَّذِیْنَ نَسُوا اللّٰهَ فَاَنْسٰىهُمْ اَنْفُسَهُمْ ؕ اُولٰٓىِٕكَ هُمُ الْفٰسِقُوْنَ ۟
Wa-laa takoonoo kallaẓeena nasul laaha faʹañsaahum ʹañfusahum! ʹUlaaaʹika humul faasiq̣oon!
තවද නුඹලා අල්ලාහ්ව අමතක කළවුන් මෙන් නො වනු. එහෙයින් ඔහු ඔවුන් ගැන ඔවුනට ම අමතක කෙරෙව්වේ ය. ඔවුහු මය දුෂ්ඨයෝ.
Verse 59:20
لَا یَسْتَوِیْۤ اَصْحٰبُ النَّارِ وَاَصْحٰبُ الْجَنَّةِ ؕ اَصْحٰبُ الْجَنَّةِ هُمُ الْفَآىِٕزُوْنَ ۟
Laa- yastaweee ʹAṣḥaabun Naari wa-ʹAṣḥaabul Jannah: ʹAṣḥaabul Jannati humul Faaaʹizoon.
(නිරා) ගින්නේ වාසීහු හා (ස්වර්ග) උයනේ වාසීහු සමාන නො වෙති. ස්වර්ග උයනේ වාසීහු වන ඔවුහු මය ජයග්‍රාහකයෝ.
Verse 59:21
لَوْ اَنْزَلْنَا هٰذَا الْقُرْاٰنَ عَلٰی جَبَلٍ لَّرَاَیْتَهٗ خَاشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْیَةِ اللّٰهِ ؕ وَتِلْكَ الْاَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ یَتَفَكَّرُوْنَ ۟
Law ʹañzalnaa haaẓal Q̣urʹaana ʻalaa jabalil laraʹaytahoo khaashiʻam mutaṣaddiʻam min khashyatil laah. Wa-tilkal ʹams̤aalu naḍribuhaa linnaasi laʻallahum vatafakkaroon.
මෙම කුර්ආනය අපි කන්දක් මතට පහළ කළෙමු නම් අල්ලාහ් ගැන වූ බිය හේතුවෙන් එය දෙදරා යමින් යටහත් වනු නුඹ දකිනු ඇත. එම උපමාවන් ජනයා වටහා ගත හැකි වනු පිණිස ඒවා අපි ඔවුනට ඉදිරිපත් කරන්නෙමු.
Verse 59:22
هُوَ اللّٰهُ الَّذِیْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ عٰلِمُ الْغَیْبِ وَالشَّهَادَةِ ۚ هُوَ الرَّحْمٰنُ الرَّحِیْمُ ۟
Huwal laahul laẓee Laaa ʹilaaha ʹillaa Hoo;―ʻ ʻAalimul g̣aybi washshahaadah; Huwar Raḥmaanur Raḥeem.
ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ගුප්තය හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානී ය. ඔහු අපරමිත දයාන්විත ය; අසමසම කරුණාන්විත ය.
Verse 59:23
هُوَ اللّٰهُ الَّذِیْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ اَلْمَلِكُ الْقُدُّوْسُ السَّلٰمُ الْمُؤْمِنُ الْمُهَیْمِنُ الْعَزِیْزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ ؕ سُبْحٰنَ اللّٰهِ عَمَّا یُشْرِكُوْنَ ۟
Huwal laahul laẓee Laaa ʹilaaha ʹillaa Hoo,ʹAl Malikul Q̣uddoosus Salaamul Muʹminul Muhayminul ʻAzeezul Jabbaarul Mutakabbir: Subḥaanal laahi ʻammaa yushrikoon.
ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු රජු ය. පාරිශුද්ධ ය. සාමය ඇති කරන්නා ය. අභයදායී ය. සංරක්ෂක ය. සර්ව බලධාරී ය. මහෝදරයාණන් ය. ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය.
Verse 59:24
هُوَ اللّٰهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ لَهُ الْاَسْمَآءُ الْحُسْنٰی ؕ یُسَبِّحُ لَهٗ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟۠
Huwal laahul Khaaliq̣ul Baariʹul Muṣawwiru lahul ʹAsmaaa ʹul-Ḥusnaa: yusabbiḥu lahoo maa- fis samaawaati wal-ʹarḍ: wa-Huwal ʻAzeezul Ḥakeem.
ඔහු අල්ලාහ් ය. මැවුම්කරු ය. උත්පාදක ය. මූර්තිකරු ය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.