Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah Al-Ala

Surah Al-Ala (The Most High) is Surah 87 of the Holy Quran, a Meccan Surah with 19 verses, available here in Sinhalese.

Surah 87 Meccan 19 verses Sinhalese

Verse 87:1

سَبِّحِ اسْمَ رَبِّكَ الْاَعْلَی ۟ۙ

Sabbiḥis ma Rabbikal ʹAʻlaa,

නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.

Verse 87:2

الَّذِیْ خَلَقَ فَسَوّٰی ۟

ʹAllaẓee khalaq̣a fasawwaa;

ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේ ය.

Verse 87:3

وَالَّذِیْ قَدَّرَ فَهَدٰی ۟

Wallaẓee q̣addara fahadaa;

තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේ ය.

Verse 87:4

وَالَّذِیْۤ اَخْرَجَ الْمَرْعٰی ۟

Wallaẓeee ʹakhrajal marʻaa,

තවද උලා කන තණ බිම් පිට කළේ ඔහු ය.

Verse 87:5

فَجَعَلَهٗ غُثَآءً اَحْوٰی ۟ؕ

Fajaʻalahoo g̣us̤aaaʹan ʹaḥwaa.

පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේ ය.

Verse 87:6

سَنُقْرِئُكَ فَلَا تَنْسٰۤی ۟ۙ

Sanuq̣riʹuka falaa tañsaa,

අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නො කරනු ඇත.

Verse 87:7

اِلَّا مَا شَآءَ اللّٰهُ ؕ اِنَّهٗ یَعْلَمُ الْجَهْرَ وَمَا یَخْفٰی ۟ؕ

ʹIllaa maa- shaaaʹal laah: ʹinna-Hoo yaʻlamul jahra wa-maa yakhfaa.

අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නො කරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.

Verse 87:8

وَنُیَسِّرُكَ لِلْیُسْرٰی ۟ۚۖ

Wa-nu-yassiruka lil-Yusraa,

තවද අපි පහසුව වෙත නුඹට පහසු කරවන්නෙමු.

Verse 87:9

فَذَكِّرْ اِنْ نَّفَعَتِ الذِّكْرٰی ۟ؕ

Faẓakkir ʹin nafaʻatiẓ ẓikraa.

එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.

Verse 87:10

سَیَذَّكَّرُ مَنْ یَّخْشٰی ۟ۙ

Sayaẓẓakkaru mañy yakhshaa:

කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.

Verse 87:11

وَیَتَجَنَّبُهَا الْاَشْقَی ۟ۙ

Wa-yatajannabuhal ʹashq̣aa,

තවද අභාග්‍යවන්තයා එයින් වැළකෙනු ඇත.

Verse 87:12

الَّذِیْ یَصْلَی النَّارَ الْكُبْرٰی ۟ۚ

ʹAllaẓee yaṣlan Naaral kubraa,

ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.

Verse 87:13

ثُمَّ لَا یَمُوْتُ فِیْهَا وَلَا یَحْیٰی ۟ؕ

S̤umma laa- yamootu feehaa wa-laa yaḥyaa.

පසු ව ඔහු එහි මරණයට පත් නො වෙයි. ජීවත් ද නො වෙයි.

Verse 87:14

قَدْ اَفْلَحَ مَنْ تَزَكّٰی ۟ۙ

Q̣ad ʹaflaḥa mañ tazakkaa.

සැබැවින් ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේ ය.

Verse 87:15

وَذَكَرَ اسْمَ رَبِّهٖ فَصَلّٰی ۟ؕ

Wa-ẓakaras ma Rabbihee faṣallaa.

තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේ ය.

Verse 87:16

بَلْ تُؤْثِرُوْنَ الْحَیٰوةَ الدُّنْیَا ۟ۚۖ

Bal tuʹs̤iroonal ḥayaatad dunyaa;

නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහු ය.

Verse 87:17

وَالْاٰخِرَةُ خَیْرٌ وَّاَبْقٰی ۟ؕ

Wal-ʹAakhiratu khayruñw waʹabq̣aa.

(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.

Verse 87:18

اِنَّ هٰذَا لَفِی الصُّحُفِ الْاُوْلٰی ۟ۙ

ʹInna haaẓaa lafiṣ Ṣuḥufil ʹoolaa,―

සත්‍ය වශයෙන් ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.

Verse 87:19

صُحُفِ اِبْرٰهِیْمَ وَمُوْسٰی ۟۠

Ṣuḥufi ʹIbraaheema wa-Moosaa.

ඉබ්රාහීම් හා මූසාගේ ලේඛනයන්හි.