Back to Quran

සූරා 34

Saba

Sheba · Makki · 54 ayahs

පරිවර්තනය Ruwwad Centre

Listen to this Surah

Choose play when you are ready to listen. The Quran text remains readable if audio is unavailable.

  1. 1

    ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَلَهُ ٱلْحَمْدُ فِى ٱلْـَٔاخِرَةِ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ

    ʹAl-Ḥamdu lillaahil laẓee lahoo maa- fis samaawaati wa-maa fil ʹarḍi wa-lahul Ḥamdu fil ʹAakhirah: wa-Huwal Ḥakeemul Khabeer.

    අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සතු වූ අල්ලාහ්ට මය සියලු ප්‍රශංසා. මතු ලොවෙහි සියලු ප්‍රශංසා ද ඔහු සතු ය. තවද ඔහු සියුම් ඥානී ය; අභිඥානවන්ත ය.

  2. 2

    يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلْغَفُورُ

    Yaʻlamu maa- yaliju fil ʹarḍi wa-maa yakhruju minhaa wa-maa yañzilu minas samaaaʹi wa-maa yaʻruju feeha: wa-Huwar Raḥeemul G̣afoor.

    මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ආරෝහණය වන දෑ ද ඔහු දනී. තවද ඔහු මහාකරුණාන්විත ය; අතික්ෂමාශීලී ය.

  3. 3

    وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَأْتِينَا ٱلسَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّى لَتَأْتِيَنَّكُمْ عَـٰلِمِ ٱلْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِى ٱلسَّمَـٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ وَلَآ أَصْغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرُ إِلَّا فِى كِتَـٰبٍ مُّبِينٍ

    Wa-q̣aalal laẓeena kafaroo laa- taʹteenas Saaʻah: q̣ul balaa wa-Rabbee lataʹtiyannakum ʻAalimil g̣ayb. Laa- yaʻzubu ʻanhu mis̤q̣aalu ẓarratiñ fis samaawaati wa-laa fil ʹarḍi wa-laaa ʹaṣg̣aru miñ ẓaalika wa-laaa ʹakbaru ʹillaa fee kitaabim mubeen:

    තවද ‘අවසන් හෝරාව අප වෙත නො පැමිණෙනු ඇතැ’යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. එසේ නොව අදෘශ්‍යමාන දෑ දන්නා වූ මාගේ පරමාධිපති මත දිවුරා පවසමි! නියත වශයෙන් ම එය නුඹලා වෙත පැමිණෙනු ඇත. අහස්හි හෝ වේවා මහපොළොවේ හෝ වේවා අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඊට වඩා කුඩා දෙයක් හෝ විශාල දෙයක් හෝ තිබුණ ද එය පැහැදිලි ලේඛනයේ සඳහන්ව මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත යැයි (නබිවරය!) නුඹ පවසනු.

  4. 4

    لِّيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ۚ أُو۟لَـٰٓئِكَ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

    Liyajziyal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaat: ʹulaaaʹika lahum Mag̣firatuñw Wa-Rizq̣uñ kareem.

    (මෙය) විශ්වාස කොට යහකම් කළවුනට ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිස ය. සමාව හා ගෞරවනීය පෝෂණ සම්පත් හිමි අය ඔවුහු ම ය.

  5. 5

    وَٱلَّذِينَ سَعَوْ فِىٓ ءَايَـٰتِنَا مُعَـٰجِزِينَ أُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ

    Wallaẓeena saʻaw feee ʹAayaatinaa muʻaajizeena ʹulaaaʹika lahum ʻaẓaabum mir rijzin ʹaleem.

    තවද අපගේ වදන් පරාජය කිරීමට වෑයම් කළවුන් වනාහි ඔවුනට නපුරු දඬුවම් ඇත.

  6. 6

    وَيَرَى ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ ٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ هُوَ ٱلْحَقَّ وَيَهْدِىٓ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ

    Wa-yaral laẓeena ʹootul ʻilmal laẓeee ʹuñzila ʹilayka mir Rabbika huwal Ḥaq̣q̣a wa-yahdeee ʹilaa Ṣiraaṭil ʻAzeezil Ḥameed.

    තවද ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරනු ලැබූ දෑ; එය මය සත්‍යය යැයි ද, එය ප්‍රශංසාලාභී සර්ව බලධාරියාණන්ගේ මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි ද, ඥානය දෙනු ලැබූවන් දකිනු ඇත.

  7. 7

    وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِى خَلْقٍ جَدِيدٍ

    Wa-q̣aalal lazeena kafaroo hal nadullukum ʻalaa rajuliñy yunabbiʹukum ʹiẓaa muzziq̣tum kulla mumazzaq̣in ʹinnakum lafee khalq̣iñ jadeed?

    තවද නුඹලා පූර්ණ ලෙස කීතුකීතුවලට ඉරා දමනු ලැබ පසුව නව මැවීමක් ලබනු ඇතැයි පවසන මිනිසෙකු පිළිබඳ අපි නුඹලාට දැනුම් දෙන්න දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් විමසා සිටියෝ ය.

  8. 8

    أَفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةٌۢ ۗ بَلِ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ فِى ٱلْعَذَابِ وَٱلضَّلَـٰلِ ٱلْبَعِيدِ

    ʹAftaraa ʻalal laahi kaẓiban ʹam̃ bihee jinnah? Balil laẓeena laa- yuʹminoona bil-ʹAakhirati filʻAẓaabi waḍ Ḍalaalil baʻeed.

    ඔහු (මුහම්මද්) අල්ලාහ් කෙරෙහි ප්‍රබන්ධයන් ගෙතුවේ ද? එසේ නැතහොත් ඔහු උමතුවෙන් සිටී ද? නැත. මතුලොව පිළිබඳව විශ්වාස නො කරන්නෝ දඬුවමෙහි හා අන්ත මුළාවෙහි පසුවෙති.

  9. 9

    أَفَلَمْ يَرَوْا۟ إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۚ إِن نَّشَأْ نَخْسِفْ بِهِمُ ٱلْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًا مِّنَ ٱلسَّمَآءِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّكُلِّ عَبْدٍ مُّنِيبٍ

    ʹAfalam yaraw ʹilaa maa- bayna ʹaydeehim wa-maa khalfahum minas samaaaʹi wal-ʹarḍ? ʹIn nashaʹ nakhsif bihimul ʹarḍa ʹaw nusq̣iṭ ʻalayhim kisafam minas samaaaʹ. ʹInna fee ẓaalika laʹAayatal likulli ʻabdim muneeb.

    අහසෙහි හා මහපොළොවෙහි ඔවුන් අතර ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ වෙත ඔවුහු නො බැලුවෝ ද? අපි අභිමත කරන්නේ නම් අපි ඔවුන් පොළොවට කිදා බස්වන්නෙමු. එසේ නැතහොත් අහසින් කැබැල්ලක් ඔවුන් වෙත වැටෙන්නට සලස්වමු. නියත වශයෙන් ම (අල්ලාහ් වෙත) නැඹුරු වන සෑම ගැත්තෙකු සඳහා ම එහි සංඥාවක් ඇත.

  10. 10

    ۞ وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ مِنَّا فَضْلًا ۖ يَـٰجِبَالُ أَوِّبِى مَعَهُۥ وَٱلطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ ٱلْحَدِيدَ

    Wa-laq̣ad ʹaataynaa Daawooda minnaa Faḍlaa: yaa-Jibaalu ʹawwibee maʻahoo waṭṭayr! Wa-ʹalannaa lahul ḥadeed:―

    තවද සැබැවින් ම අපි අපගෙන් වූ භාග්‍යය දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ කඳු! ඔහු සමඟ නුඹලා ද සුවිශුද්ධ කරනු. තවද (එම නියෝගය) පක්ෂීන්ට ද විය. තවද අපි ඔහුට යකඩ මොළොක් කර දුන්නෙමු.

  11. 11

    أَنِ ٱعْمَلْ سَـٰبِغَـٰتٍ وَقَدِّرْ فِى ٱلسَّرْدِ ۖ وَٱعْمَلُوا۟ صَـٰلِحًا ۖ إِنِّى بِمَا تَعْمَلُونَ بَصِيرٌ

    ʹAniʻ mal saabig̣aatiñw waq̣addir fis sardi waʻmaloo ṣaaliḥaa; ʹinnee bimaa taʻmaloona Baṣeer.

    (ආරක්ෂිත යුද) සන්නාහ තනනු. තවද (ඒවායෙහි) පුරුක් තුළ ප්‍රමාණයට සකස් කරනු. තවද නුඹලා යහකම් සිදු කරනු. නියත වශයෙන් ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක වෙමි.

  12. 12

    وَلِسُلَيْمَـٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌ ۖ وَأَسَلْنَا لَهُۥ عَيْنَ ٱلْقِطْرِ ۖ وَمِنَ ٱلْجِنِّ مَن يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِۦ ۖ وَمَن يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ ٱلسَّعِيرِ

    Wa-li-Sulaymaanar reeḥa g̣uduwwuhaa shahruñw warawaaḥuhaa shahr. Wa-ʹasalnaa lahoo ʻaynal q̣iṭr; wa-minal jinni mañy yaʻmalu bayna yadayhi biʹiẓni Rabbih. Wa-mañy yazig̣ minhum ʻan ʹamrinaa nuẓiq̣hu min ʻAẓaabis saʻeer.

    තවද සුලෙයිමාන්ට සුළඟ ද (දවසකින් මාස දෙකක ගමන් කරන දුරක් අපි වසඟ කර දුනිමු.) එහි උදෑසන ගමන මසක දුරකි. තවද එහි සවස ගමන මසක දුරකි. තවද අපි ඔහුට තඹ උල්පත ගලන්නට සැලැස්වූයෙමු. තවද ජින් වර්ගයා අතරින් ඔහුගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔහු ඉදිරියේ සේවය කරන්නන් ද විය. ඔවුන් අතරින් කවරෙකු අපගේ නියෝගයෙන් පෙරළී යන්නේ ද ඇවිළෙන ගින්නේ දඬුවම ඔහුට භුක්ති විඳින්නට සලස්වමු.

  13. 13

    يَعْمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَـٰرِيبَ وَتَمَـٰثِيلَ وَجِفَانٍ كَٱلْجَوَابِ وَقُدُورٍ رَّاسِيَـٰتٍ ۚ ٱعْمَلُوٓا۟ ءَالَ دَاوُۥدَ شُكْرًا ۚ وَقَلِيلٌ مِّنْ عِبَادِىَ ٱلشَّكُورُ

    Yaʻmaloona lahoo maa- yashaaaʹu mim maḥaareeba wa-tamaas̤eela wa-jifaaniñ kaljawaabi wa-q̣udoorir raasiyaat. ʹIʻmalooo ʹAala Daawooda shukraa! Wa-q̣aleelum min ʻibaadiyash shakoor!

    උස් ගොඩනැගිලි, ප්‍රතිමා, තටාක වැනි පාත්‍ර, (ආහාර පිසීම සඳහා) කල්දේරම් වැනි දැයින් ඔහු අභිමත කරන දෑ ඔවුහු ඔහුට සාදා දෙති. දාවූද්ගේ වැසියනි! ගුණගරුක ලෙසින් කටයුතු කරනු. තවද මාගේ ගැත්තන් අතරින් ගුණගරුක වනුයේ ස්වල්පයකි.

  14. 14

    فَلَمَّا قَضَيْنَا عَلَيْهِ ٱلْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُۥ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلْجِنُّ أَن لَّوْ كَانُوا۟ يَعْلَمُونَ ٱلْغَيْبَ مَا لَبِثُوا۟ فِى ٱلْعَذَابِ ٱلْمُهِينِ

    Falammaa q̣aḍaynaa ʻalayhil mawta maa- dallahum ʻalaa mawtiheee ʹillaa daaabbatul ʹarḍi taʹkulu miñsaʹatah: falammaa kharra tabayyanatil Jinnu ʹal law kaanoo yaʻlamoonal g̣ayba maa- labis̤oo fil ʻaẓaabil muheen.

    අපි ඔහු කෙරෙහි මරණය තීන්දු කළ කල්හි ඔහුගේ මරණය පිළිබඳව ඔහුගේ සැරයටිය සපාකන භූමියේ කෘමීන් හැර අන් කිසිවක් ඔවුන් වෙත දැනුම් දුන්නේ නැත. ඔහු බිම ඇද වැටුණු කල්හි “අදෘශ්‍යමාන දෑ පිළිබඳ තමන් දැන සිටියේ නම් තමන් නින්දාසහගත දඬුවමෙහි රැඳී සිටින්නට නො තිබුණි” යැයි ජින්වරුන්ට පැහැදිලි විය.

  15. 15

    لَقَدْ كَانَ لِسَبَإٍ فِى مَسْكَنِهِمْ ءَايَةٌ ۖ جَنَّتَانِ عَن يَمِينٍ وَشِمَالٍ ۖ كُلُوا۟ مِن رِّزْقِ رَبِّكُمْ وَٱشْكُرُوا۟ لَهُۥ ۚ بَلْدَةٌ طَيِّبَةٌ وَرَبٌّ غَفُورٌ

    Laq̣ad kaana li-Sabaʹiñ fee maskanihim ʹAayah: Jannataani ʻañy yameeniiñw washimaal. Kuloo mir Rizq̣i Rabbikum washkuroo lah: Baldatuñ ṭayyibatuñw wa-Rabbun G̣afoor!

    නිසැකවම සබඃ වාසීන්ට ඔවුන්ගේ වාසස්ථානවල සංඥාවක් තිබිණි. එහි දකුණු පසින් හා වම් පසින් උයන් දෙකක් විය. නුඹලාගේ පරමාධිපති (විසින්) ප්‍රධානය කර ඇති ආහාරයෙන් නුඹලා අනුභව කරනු. තවද නුඹලා ඔහුට කෘතවේදී වනු. නගරය ද පිවිතුරු ය. පරමාධිපති ද අතික්ෂමාශීලී ය.

  16. 16

    فَأَعْرَضُوا۟ فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ ٱلْعَرِمِ وَبَدَّلْنَـٰهُم بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَىْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَىْءٍ مِّن سِدْرٍ قَلِيلٍ

    Faʹaʻraḍoo faʹarsalnaa ʻalayhim saylal ʻArimi wa-baddalnaahum̃ bijannatayhim jannatayni ẓawaatay ʹukulin khamṭiñw waʹas̤liñw washayʹim miñ sidriñ q̣aleel.

    එහෙත් ඔවුහු පිටුපෑහ. එහෙයින් අපි ඔවුන් වෙත වේල්ලෙන් ජල ගැල්ම එව්වෙමු. තවද ඔවුන්ගේ උයන් දෙක වෙනුවට ඇඹුල් හා තිත්ත එමෙන් ම මසන් ගස්වලින් කිහිපයක් පමණක් සහිත උයන් දෙකක් ලෙසට අපි වෙනස් කළෙමු.

  17. 17

    ذَٰلِكَ جَزَيْنَـٰهُم بِمَا كَفَرُوا۟ ۖ وَهَلْ نُجَـٰزِىٓ إِلَّا ٱلْكَفُورَ

    Ẓaalika jazaynaahum̃ bimaa kafaroo: wa-hal nujaazeee ʹillal kafoor.

    එය ඔවුන් ප්‍රතික්ෂේප කළ දෑ හේතුවෙන් අප ඔවුනට ප්‍රතිඵල වශයෙන් ලබා දුන්නකි. ගුණමකුවන්ට හැර වෙනත් කිසිවෙකුට (මේ අයුරින්) අපි ප්‍රතිවිපාක ලබා දෙන්නෙමු ද?

  18. 18

    وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ ٱلْقُرَى ٱلَّتِى بَـٰرَكْنَا فِيهَا قُرًى ظَـٰهِرَةً وَقَدَّرْنَا فِيهَا ٱلسَّيْرَ ۖ سِيرُوا۟ فِيهَا لَيَالِىَ وَأَيَّامًا ءَامِنِينَ

    Wa-jaʻalnaa baynahum wa-baynal Q̣ural latee baaraknaa feehaa q̣urañ z̤̣aahiratañw waq̣addarnaa feehas sayr: seeroo feehaa layaaliya wa-ʹayyaaman ʹaamineen.

    ඔවුන් අතර හා එහි අපි සමෘද්ධිමත් කළ ගම්මානයන් අතර ප්‍රසිද්ධ ජනාවාස ඇති කළෙමු. තවද අපි එහි ගමන ද සැලසුම් කර දුන්නෙමු. නුඹලා එහි රාත්‍රියන්හි හා දහවල් කාලයන්හි සුරක්ෂිතව ගමන් කරනු.

  19. 19

    فَقَالُوا۟ رَبَّنَا بَـٰعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَجَعَلْنَـٰهُمْ أَحَادِيثَ وَمَزَّقْنَـٰهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ

    Faq̣aaloo Rabbanaa baaʻid bayna ʹasfaarinaa waz̤̣alamooo ʹañfusahum fajaʻalnaahum ʹaḥaadees̤a wa-mazzaq̣-naahum kulla mumazzaq̣. ʹInna fee ẓaalika laʹAayaatil likulli Ṣabbaariñ Shakoor.

    “අපගේ පරමාධිපතියාණනි! අපගේ ගමන් අතර දුරස් කරනු මැනව” යැයි ඔවුහු ඉල්ලා සිටියෝ ය. ඔවුහු ඔවුනට ම අපරාධ කර ගත්තෝ ය. එහෙයින් අපි ඔවුන් (පුරාණ) පුවත් බවට පත් කළෙමු. තවද ඔවුන්ව මුළුමණින් ම වෙන් කර විසුරුවා හැරියෙමු. නියත වශයෙන් ම එහි ඉවසිලිවන්ත කෘතවේදී සෑම කෙනෙකුට ම සංඥා ඇත.

  20. 20

    وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقًا مِّنَ ٱلْمُؤْمِنِينَ

    Wa-laq̣ad ṣaddaq̣a ʻalayhim ʹIbleesu z̤̣annahoo fattabaʻoohu ʹillaa fareeq̣am minal Muʹmineen.

    තවද ඉබ්ලීස් ඔවුන් වෙත ඔහුගේ සිතුවිලි සැබෑ කරවී ය. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නන් අතරින් පිරිසක් හැර ඔහු (සත්‍යවාදියකු ලෙස සලකා) ඔවුහු අනුගමනය කළෝ ය.

  21. 21

    وَمَا كَانَ لَهُۥ عَلَيْهِم مِّن سُلْطَـٰنٍ إِلَّا لِنَعْلَمَ مَن يُؤْمِنُ بِٱلْـَٔاخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِى شَكٍّ ۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌ

    Wa-maa kaana lahoo ʻalayhim miñ sulṭaanin ʹillaa linaʻlama mañy yuʹminu bil-ʹAakhirati mimman huwa minhaa fee shakk: wa-Rabbuka ʻalaa kulli shayʹin Ḥafeez̤̣.

    තවද ඔවුන් කෙරෙහි ඔහුට කිසිදු ආධිපත්‍යයක් නො වීය. එහෙත් (එය) මතු ලොව පිළිබඳව ඒ ගැන සැකයෙහි පසු වන අය අතරින් විශ්වාස කරනුයේ කවුරුන් දැ? යි අප දැනගනු පිණිස පමණ ය. තවද ඔබේ පරමාධිපති සියලු දෑ කෙරෙහි ආරක්ෂක ය.

  22. 22

    قُلِ ٱدْعُوا۟ ٱلَّذِينَ زَعَمْتُم مِّن دُونِ ٱللَّهِ ۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِى ٱلسَّمَـٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِن شِرْكٍ وَمَا لَهُۥ مِنْهُم مِّن ظَهِيرٍ

    Q̣ulid ʻul laẓeena zaʻamtum miñ doonil laah: laa- yamlikoona mis̤q̣aala ẓarratiñ fis samaawaati wa-laa fil ʹarḍi wa-maa lahum feehimaa miñ shirkiñw wamaa lahoo minhum miñ z̤̣aheer.

    අල්ලාහ් හැර දමා නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) නුඹ පවසනු.

  23. 23

    وَلَا تَنفَعُ ٱلشَّفَـٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنْ أَذِنَ لَهُۥ ۚ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمْ قَالُوا۟ مَاذَا قَالَ رَبُّكُمْ ۖ قَالُوا۟ ٱلْحَقَّ ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ

    Wa-laa tañfaʻush shafaaʻatu ʻiñdahooo ʹillaa liman ʹaẓina lah. Ḥattaaa ʹiẓaa fuzziʻa ʻañ q̣uloobihim q̣aaloo maaẓaa q̣aala Rabbukum? Q̣aalul Ḥaq̣q̣; wa-Huwal ʻAliyyul Kabeer.

    තවද කවරෙකුට ඔහු අවසර දුන්නේ ද ඔහුට හැර ඔහු අබියස මැදිහත්වීම (කිසිවෙකුට) ප්‍රයෝජනවත් වන්නේ නැත. ඔවුන්ගේ හදවත් තුළින් බිය තුරන් කරනු ලැබූ විට නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැ? යි ඔවුහු විමසති. සත්‍යය යැයි ඔවුහු පවසති. තවද ඔහු අතිශ්‍රෙෂ්ඨ ය; අති උත්තරීතර ය.

  24. 24

    ۞ قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قُلِ ٱللَّهُ ۖ وَإِنَّآ أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِى ضَلَـٰلٍ مُّبِينٍ

    Q̣ul mañy yarzuq̣ukum minas samaawaati wal-ʹarḍ? Q̣ulil laahu wa-ʹinnaaa ʹaw ʹiyyaakum laʻalaa hudan ʹaw fee ḍalaalim mubeen!

    “අහස්වලින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙනුයේ කවු දැ? යි” (නබිවරය!) නුඹ විමසනු. “අල්ලාහ්” යැයි නුඹ පවසනු. “තවද නියත වශයෙන් ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහ මග මත සිටිනුයේ? එසේ නැතහොත් පැහැදිලි මුළාවෙහි සිටිනුයේ?”

  25. 25

    قُل لَّا تُسْـَٔلُونَ عَمَّآ أَجْرَمْنَا وَلَا نُسْـَٔلُ عَمَّا تَعْمَلُونَ

    Q̣ul laa tusʹaloona ʻammaaa ajramnaa wa-laa nusʹalu ʻammaa taʻmaloon.

    “අප කළ වැරදි පිළිබඳ නුඹලා විමසනු නො ලබන්නෙහු ය. එමෙන් ම නුඹලා සිදු කරන දෑ පිළිබඳව අපි විමසනු නො ලබන්නෙමු” යැයි (නබිවරය!) නුඹ පවසනු.

  26. 26

    قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِٱلْحَقِّ وَهُوَ ٱلْفَتَّاحُ ٱلْعَلِيمُ

    Q̣ul yajmaʻu baynanaa Rabbunaa s̤umma yaftaḥu baynanaa bilḥaq̣q̣: wa-Huwal Fattaaḥul ʻAleem.

    “අපගේ පරමාධිපති අප ඉදිරියේ එක්රැස් කර යුක්තියෙන් යුතුව අප අතර තීන්දු දෙයි. තවද ඔහු මහා තීරක ය; සර්වඥානී ය” යැයි පවසනු.

  27. 27

    قُلْ أَرُونِىَ ٱلَّذِينَ أَلْحَقْتُم بِهِۦ شُرَكَآءَ ۖ كَلَّا ۚ بَلْ هُوَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

    Q̣ul ʹarooniyal laẓeena ʹalḥaq̣tum̃ bihee shurakaaaʹa kallaa. Bal Huwal laahul ʻAzeezul Ḥakeem.

    “නුඹලා හවුල්කරුවන් ලෙස ඔහු සමඟ සම්බන්ධ කළ අය මාහට පෙන්වනු. එසේ නො ව, අල්ලාහ් වන ඔහු සර්ව බලධාරීය ය; මහා ප්‍රඥාවන්ත ය” යැයි (නබිවරය!) නුඹ පවසනු.

  28. 28

    وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا كَآفَّةً لِّلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

    Wa-maaa ʹarsalnaaka ʹillaa kaaaffatal linnaasi basheerañw wanaẓeerañw walaakinna ʹaks̤aran naasi laa- yaʻlamoon.

    තවද සමස්ත ජනයාට ම ශුභාරංචි දන්වන්නකු හා අවවාද කරන්නකු ලෙසින් මිස අපි ඔබ නො එව්වෙමු. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති.

  29. 29

    وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ

    Wa-yaq̣ooloona mataa haaẓal waʻdu ʹiñ kuñtum ṣaadiq̣een?

    තවද “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැ?” යි ඔවුහු විමසති.

  30. 30

    قُل لَّكُم مِّيعَادُ يَوْمٍ لَّا تَسْتَـْٔخِرُونَ عَنْهُ سَاعَةً وَلَا تَسْتَقْدِمُونَ

    Q̣ul lakum meeʻaadu Yawmil laa tastaʹkhiroona ʻanhu saaʻatañw walaa tastaq̣dimoon.

    “එක් දිනක ප්‍රතිඥාව නුඹලාට ඇත. නුඹලා එයින් මොහොතක් හෝ ප්‍රමාද නො වනු ඇත. තවද නුඹලා පෙරටු වන්නේ ද නැත” යැයි (නබිවරය!) නුඹ පවසනු.

  31. 31

    وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَن نُّؤْمِنَ بِهَـٰذَا ٱلْقُرْءَانِ وَلَا بِٱلَّذِى بَيْنَ يَدَيْهِ ۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ مَوْقُوفُونَ عِندَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ ٱلْقَوْلَ يَقُولُ ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوا۟ لَوْلَآ أَنتُمْ لَكُنَّا مُؤْمِنِينَ

    Wa-q̣aalal laẓeena kafaroo lan nuʹmina bihaaẓal Q̣urʹaani wa-laa billaẓee bayna yadayh. Wa-law taraaa ʹiẓiz̤̣ z̤̣aalimoona mawq̣oofoona ʻiñda Rabbihim yarjiʻu baʻḍuhum ʹilaa baʻḍinil q̣awl. Yaq̣oolul laẓeenas tuḍʻifoo lillaẓeenas takbaroo law-laaa ʹañtum lakunnaa Muʹmineen!

    තවද “සැබැවින් ම අපි මෙම අල්-කුර්ආනය හා එය ඉදිරියේ ඇති දෑ විශ්වාස නො කරන්නෙමු” යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියෝ ය. තවද ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් හිටවනු ලැබූ විට ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙත (දොස් නගා) ප්‍රකාශ යොමු කරනු ඔබ දුටුවේ නම්, දුර්වල වූවෝ උඩඟු වූවන් දෙස බලා ‘නුඹලා නො වී නම් අපි දේවත්වය විශ්වාස කරන්නන් වන්නට තිබුණි’ යැයි පවසති.

  32. 32

    قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوا۟ لِلَّذِينَ ٱسْتُضْعِفُوٓا۟ أَنَحْنُ صَدَدْنَـٰكُمْ عَنِ ٱلْهُدَىٰ بَعْدَ إِذْ جَآءَكُم ۖ بَلْ كُنتُم مُّجْرِمِينَ

    Q̣aalal laẓeenas takbaroo lillaẓeenas tuḍʻifooo ʹanaḥnu ṣadadnaakum ʻanil Hudaa baʻda ʹiẓ jaaaʹakum bal kuñtum mujrimeen.

    උඩඟු වූවෝ දුර්වල වූවන් දෙස බලා “නුඹලා වෙත යහ මග පැමිණීමෙන් පසුව එයින් වැළැක්වූයේ අප දැ”යි විමසති. “එසේ නොව නුඹලා වැරදි කරමින් සිටින්නෝ වූහ.”

  33. 33

    وَقَالَ ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوا۟ بَلْ مَكْرُ ٱلَّيْلِ وَٱلنَّهَارِ إِذْ تَأْمُرُونَنَآ أَن نَّكْفُرَ بِٱللَّهِ وَنَجْعَلَ لَهُۥٓ أَندَادًا ۚ وَأَسَرُّوا۟ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ وَجَعَلْنَا ٱلْأَغْلَـٰلَ فِىٓ أَعْنَاقِ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ

    Wa-q̣aalal laẓeenas tuḍʻifoo lillaẓeenas takbaroo bal makrul layli wannahaari ʹiẓ taʹmuroonanaaa ʹan nakfura billaahi wa-najʻala lahooo ʹañdaadaa! Wa-ʹasarrun nadaamata lammaa raʹawul ʻAẓaab. Wa-jaʻalnal ʹag̣laala feee ʹaʻnaaq̣il laẓeena kafaroo: hal yujzawna ʹillaa maa- kaanoo yaʻmaloon.

    තවද දුර්වල වූවෝ උඩගු වූවන් දෙස බලා “එසේ නොව (ඊට හේතුව) අල්ලාහ්ව අප ප්‍රතික්ෂේප කරන්නටත් ඔහුට අප සමානයන් තබන්නටත් අප වෙත නුඹලා අණ කරමින් රාත්‍රියෙහි හා දහවලෙහි කළ කුමන්ත්‍රණය වේ” යැයි පවසති. තවද දඬුවම ඔවුහු දුටු කල්හි ඔවුහු පසුතැවිල්ලට පත් වෙති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ ගෙලවල්හි අපි විලංගු දමන්නෙමු. ඔවුන් සිදු කරමින් සිටි දෑට මිස වෙනත් කිසිවකට ඔවුන් ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ද?

  34. 34

    وَمَآ أَرْسَلْنَا فِى قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ

    Wa-maaa ʹarsalnaa fee q̣aryatim min Naẓeerin ʹillaa q̣aala mutrafoohaaa ʹinnaa bimaaa ʹursiltum̃ bihee kaafiroon.

    තවද කිසියම් ගම්මානයකට අවවාද කරන්නෙකු අප යැවූ විට එහි සුඛෝපබෝගී ජීවිතයක් ගත කරමින් සිටියවුන් ‘කවර කරුණක් නුඹලා වෙත එවනු ලබන්නේ ද එය අපි ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියා මිස නැත.

  35. 35

    وَقَالُوا۟ نَحْنُ أَكْثَرُ أَمْوَٰلًا وَأَوْلَـٰدًا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ

    Wa-q̣aaloo naḥnu ʹaks̤aru ʹawlaadañw waʹamwaalañw wamaa naḥnu bimuʻaẓẓabeen.

    තවද “අපි ධනයෙන් හා දරුවන්ගෙන් අධික අය වෙමු. තවද අපි දඬුවම් කරනු ලබන්නන් අතරින් නො වෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.

  36. 36

    قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

    Q̣ul ʹinna Rabbee yabsuṭur Rizq̣a limañy yashaaaʹu wa-yaq̣diru wa-laakinna ʹaks̤aran naasi laa- yaʻlamoon.

    “නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තවද ඔහු සීමා කරයි. එහෙත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති” යැයි (නබිවරය!) පවසනු.

  37. 37

    وَمَآ أَمْوَٰلُكُمْ وَلَآ أَوْلَـٰدُكُم بِٱلَّتِى تُقَرِّبُكُمْ عِندَنَا زُلْفَىٰٓ إِلَّا مَنْ ءَامَنَ وَعَمِلَ صَـٰلِحًا فَأُو۟لَـٰٓئِكَ لَهُمْ جَزَآءُ ٱلضِّعْفِ بِمَا عَمِلُوا۟ وَهُمْ فِى ٱلْغُرُفَـٰتِ ءَامِنُونَ

    Wa-maaa ʹamwaalukum wa-laaa ʹawlaadukum billatee tuq̣arribukum ʻiñdanaa zulfaaa ʹillaa man ʹaamana wa-ʻamila ṣaaliḥaa. Faʹulaaaʹika lahum Jazaaaʹuḍ ḍiʻfi bimaa ʻamiloo wa-hum fil g̣urufaati ʹaaminoon!

    තවද අප අබියසට නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාව සමීප කරවන්නක් ලෙස නොමැත. එහෙත් විශ්වාස කොට යහකම් කළ අය හැර. ඔවුන් සිදු කළ දෑ සඳහා දෙගුණයක් ප්‍රතිඵල ඇත්තෝ ඔවුහු ම ය. තවද ඔවුහු (ස්වර්ග) කුටිවල සුරක්ෂිතයෝ වෙති.

  38. 38

    وَٱلَّذِينَ يَسْعَوْنَ فِىٓ ءَايَـٰتِنَا مُعَـٰجِزِينَ أُو۟لَـٰٓئِكَ فِى ٱلْعَذَابِ مُحْضَرُونَ

    Wallaẓeena yasʻawna feee ʹAayaatinaa muʻaajizeena ʹulaaaʹika fil ʻAẓaabi muḥḍaroon.

    තවද අපගේ වදන් පරාජය කරන්නට තැත් කරන අය වනාහි ඔවුහු ම දඬුවමට සම්මුඛ කරනු ලබන්නෝ.

  39. 39

    قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ لَهُۥ ۚ وَمَآ أَنفَقْتُم مِّن شَىْءٍ فَهُوَ يُخْلِفُهُۥ ۖ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ

    Q̣ul ʹinna Rabbee yabsuṭur Rizq̣a limañy yashaaaʹu min ʻibaadihee wa-yaq̣diru lah. Wa-maaa ʹañfaq̣tum miñ shayʹiñ fa-Huwa yukhlifuh: wa-Huwa Khayrur Raaziq̣een.

    “නියත වශයෙන් ම මාගේ පරමාධිපති ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙයි. තවද ඔහුට (එය) සීමා කරයි. තවද නුඹලා කවර දෙයක් (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නෙහු ද ඔහුට (එහි ප්‍රතිඵල) ඔහු පසුවට ලබා දෙයි. තවද ඔහු පෝෂණ සම්පත් ලබා දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය” යැයි (නබිවරය!) නුඹ පවසනු.

  40. 40

    وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ يَقُولُ لِلْمَلَـٰٓئِكَةِ أَهَـٰٓؤُلَآءِ إِيَّاكُمْ كَانُوا۟ يَعْبُدُونَ

    Wa-Yawma yaḥshuruhum jameeʻañ s̤umma yaq̣oolu lilmalaaaʹikati ʹa-haaaʹulaaaʹi ʹiyyaakum kaanoo yaʻbudoon?

    තවද එදින ඔහු ඔවුන් සියලු දෙනා එක්රැස් කොට පසුව “නුඹලාව නමදිමින් සිටියවුන් මොවූහු දැ?”යි මලක්වරුන්ගෙන් විමසා සිටී.

  41. 41

    قَالُوا۟ سُبْحَـٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِم ۖ بَلْ كَانُوا۟ يَعْبُدُونَ ٱلْجِنَّ ۖ أَكْثَرُهُم بِهِم مُّؤْمِنُونَ

    Q̣aaloo Subḥaanaka ʹAñta Waliyyunaa miñ doonihim. Bal kaanoo yaʻbudoonal Jinn: ʹaks̤aruhum̃ bihim Muʹminoon.

    “ඔබ සුවිශුද්ධ ය. ඔවුන් නොව ඔබ මය අපගේ භාරකරු. එහෙත් ඔවුහු ජින් වර්ගයාට ගැතිකම් කරමින් සිටියහ. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන් ගැන විශ්වාස කරන්නෝ යැ”යි ඔවුහු පවසති.

  42. 42

    فَٱلْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَّفْعًا وَلَا ضَرًّا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا۟ ذُوقُوا۟ عَذَابَ ٱلنَّارِ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ

    Fal-Yawma laa- yamliku baʻḍukum libaʻḍin nafʻañw walaa ḍarraa: wa-naq̣oolu lil-laẓeena z̤̣alamoo ẓooq̣oo ʻAẓaaban Naaril latee kuñtum̃ bihaa tukaẓẓiboon!

    එහෙයින් අද දින නුඹලා අතරින් ඇතැමෙකු ඇතැමෙකුට ප්‍රයෝජනයක් කිරීමට හෝ හිංසාවක් කිරීමට හෝ හිමිකම් නො දරයි. තවද “නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම භුක්ති විඳිනු” යැයි අපරාධ කළවුනට අපි පවසා සිටින්නෙමු.

  43. 43

    وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍ قَالُوا۟ مَا هَـٰذَآ إِلَّا رَجُلٌ يُرِيدُ أَن يَصُدَّكُمْ عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُكُمْ وَقَالُوا۟ مَا هَـٰذَآ إِلَّآ إِفْكٌ مُّفْتَرًى ۚ وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلْحَقِّ لَمَّا جَآءَهُمْ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ

    Wa-ʹiẓaa tutlaa ʻalayhim ʹAayaatunaa Bayyinaatiñ q̣aaloo maa- haaẓaaa ʹillaa rajuluñy yureedu ʹañy yaṣuddakum ʻammaa kaana yaʻbudu ʹaabaaaʹukum. Wa-q̣aaloo maa- haaẓaaa ʹillaaa ʹifkum muftaraa! Wa-q̣aalal laẓeena kafaroo lil-Ḥaq̣q̣i lammaa jaaaʹahum ʹin haaẓaaa ʹillaa siḥrum mubeen!

    තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් පාරායනය කරනු ලබන විට “ඔහු නුඹලාගේ මුතුන් මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලා වළක්වන්නට බලන මිනිසෙකු මිස නැතැයි” ඔවුහු පැවසූහ. තවද “මෙය ගොතනු ලැබූ ප්‍රබන්ධයක් මිස නැතැයි” ද ඔවුහු පැවසූහ. ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි” එය ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.

  44. 44

    وَمَآ ءَاتَيْنَـٰهُم مِّن كُتُبٍ يَدْرُسُونَهَا ۖ وَمَآ أَرْسَلْنَآ إِلَيْهِمْ قَبْلَكَ مِن نَّذِيرٍ

    Wa-maaa ʹaataynaahum miñ Kutubiñy yadrusoonahaa wa-maaa ʹarsalnaaa ʹilayhim q̣ablaka min Naẓeer.

    එනමුත් (මෙයට පෙර) ඔවුන්ට හැදෑරිය හැකි ධර්ම ග්‍රන්ථ කිසිවක් අපි ඔවුනට නො දුන්නෙමු. තවද (නබිවරය!) ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු අපි ඔවුන් වෙත නො එව්වෙමු.

  45. 45

    وَكَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَمَا بَلَغُوا۟ مِعْشَارَ مَآ ءَاتَيْنَـٰهُمْ فَكَذَّبُوا۟ رُسُلِى ۖ فَكَيْفَ كَانَ نَكِيرِ

    Wa-kaẓẓabal laẓeena miñ q̣ablihim wa-maa balag̣oo miʻshaara maaa ʹaataynaahum fakaẓẓaboo rusulee: fakayfa kaana nakeer!

    තවද ඔවුනට පෙර සිටියවුන් ද බොරු කළෝ ය. අප ඔවුනට දුන් දැයින් දහයෙන් කොටසක් හෝ මොවුන් ලබා නැත. එමෙන් ම ඔවුහු මාගේ දූතවරු බොරු යැයි පැවසුවෝ ය. එහෙයින් මාගේ දඬුවම කෙසේ වී ද?

  46. 46

    ۞ قُلْ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍ ۖ أَن تَقُومُوا۟ لِلَّهِ مَثْنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُوا۟ ۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَّكُم بَيْنَ يَدَىْ عَذَابٍ شَدِيدٍ

    Q̣ul ʹinnamaaa ʹaʻiz̤̣ukum̃ biwaaḥidah: ʹañ taq̣oomoo lillaahi mas̤naa wa-furaadaa s̤umma tatafakkaroo: maa- bi-Ṣaaḥibikum miñ Jinnah: ʹin huwa ʹillaa Naẓeerul lakum̃ bayna yaday ʻAẓaabiñ shadeed.

    “නියත වශයෙන් ම මම නුඹලාට උපදෙස් දෙනුයේ එක් දෙයක් පිළිබඳව ය. එනම් නුඹලා අල්ලාහ් වෙනුවෙන් දෙදෙනා බැගින් හෝ තනිව හෝ නැගී සිට පසුව සිතා බලනු. නුඹලාගේ මිතුරා උමතුවෙකු නො වේ. ඔහු ඉදිරියේ ඇති දැඩි දඬුවම පිළිබඳ නුඹලාට අවවාද කරන්නකු මිස වෙනත් අයෙකු නො වේ” යැයි (නබිවරය!) නුඹ පවසනු.

  47. 47

    قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ فَهُوَ لَكُمْ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ

    Q̣ul maa- saʹaltukum min ʹajriñ fahuwa lakum: ʹin ʹajriya ʹillaa ʻalal laah: wa-Huwa ʻalaa kulli shayʹiñ Shaheed.

    “මම නුඹලාගෙන් කිසිදු කුලියක් නො ඉල්ලමි. එය නුඹලා සතු ය. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස වෙනත් අයෙකු වෙත නැත. තවද ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය” යැයි නුඹ පවසනු.

  48. 48

    قُلْ إِنَّ رَبِّى يَقْذِفُ بِٱلْحَقِّ عَلَّـٰمُ ٱلْغُيُوبِ

    Q̣ul ʹinna Rabbee yaq̣ẓifu bil-Ḥaq̣q̣i ʻAllaamul g̣uyoob.

    “නියත වශයෙන් ම ගුප්ත දෑ පිළිබඳ මහා ඥානී මාගේ පරමාධිපති සත්‍යය පැහැදිලි කරනු ඇතැයි” (නබිවරය!) නුඹ පවසනු.

  49. 49

    قُلْ جَآءَ ٱلْحَقُّ وَمَا يُبْدِئُ ٱلْبَـٰطِلُ وَمَا يُعِيدُ

    Q̣ul jaaaʹal Ḥaq̣q̣u wa-maa yubdiʹul Baaṭilu wa-maa yuʻeed.

    “සත්‍යය පැමිණ ඇත. අසත්‍යය (දෙවිවරු) කිසිවක් මැව්වේ නැත. නැවතත් එය මවන්නට යන්නේ ද නැත.” යැයි (නබිවරය!) නුඹ පවසනු.

  50. 50

    قُلْ إِن ضَلَلْتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفْسِى ۖ وَإِنِ ٱهْتَدَيْتُ فَبِمَا يُوحِىٓ إِلَىَّ رَبِّىٓ ۚ إِنَّهُۥ سَمِيعٌ قَرِيبٌ

    Q̣ul ʹiñ ḍalaltu faʹinnamaaa ʹaḍillu ʻalaa nafsee: waʹinih tadaytu fabimaa yooḥeee ʹilayya Rabbee: ʹinnahoo Sameeʻuñ Q̣areeb.

    “මම නොමග ගියේ නම් එසේ මම නියත වශයෙන් ම නොමග යනුයේ මට ම එරෙහිව ය. තවද මම (යහ)මග ලැබුවේ නම් එය මා වෙත මාගේ පරමාධිපති දන්වා සිටි දෑ හේතුවෙනි. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්‍රාවක ය. වඩාත් සමීපය” යැයි (නබිවරය!) නුඹ පවසනු.

  51. 51

    وَلَوْ تَرَىٰٓ إِذْ فَزِعُوا۟ فَلَا فَوْتَ وَأُخِذُوا۟ مِن مَّكَانٍ قَرِيبٍ

    Wa-law taraaa ʹiẓ faziʻoo falaa fawta wa-ʹukhiẓoo mim makaaniñ q̣areeb,

    තවද ඔවුහු තැතිගත් අවස්ථාව ඔබ දකින්නෙහි නම්, එවිට (ඔවුනට) මිදීමක් නැත. තවද ඔවුහු සමීප ස්ථානයකින් හසුකර ගනු ලබන්නෝ ය.

  52. 52

    وَقَالُوٓا۟ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانٍۭ بَعِيدٍ

    Wa-q̣aalooo ʹaamannaa bih; wa-ʹannaa lahumut tanaawushu mim makaanim baʻeed,―

    තවද “අපි (දැන්) එය විශ්වාස කළෙමු” යැයි ඔවුහු පවසති. තවද දූර බැහැර ස්ථානයකින් (යමක්) ලබා ගැනීම ඔවුනට කෙසේ නම් විය හැකි ද?

  53. 53

    وَقَدْ كَفَرُوا۟ بِهِۦ مِن قَبْلُ ۖ وَيَقْذِفُونَ بِٱلْغَيْبِ مِن مَّكَانٍۭ بَعِيدٍ

    Wa-q̣ad kafaroo bihee miñ q̣ablu wa-yaq̣ẓifoona bilg̣aybi mim makaanim baʻeed?

    තවද මීට පෙර ද සැබැවින් ම ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය. තවද ඔවුහු දූර බැහැර ස්ථානයක සිට අදෘශ්‍යමාන දෑ පිළිබඳ සැක පහළ කරති.

  54. 54

    وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِم مِّن قَبْلُ ۚ إِنَّهُمْ كَانُوا۟ فِى شَكٍّ مُّرِيبٍۭ

    Waḥeela baynahum wabayna maa- yashtahoona kamaa fuʻila biʹashyaaʻihim miñ q̣abl: ʹinnahum kaanoo fee shakkim mureeb.

    තවද මීට පෙර ඔවුනට සමාන වූවන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුවාක් මෙන් ඔවුන් අතර හා ඔවුන් ආශා කරන දෑ අතර බාධක දමනු ලැබී ය. නියත වශයෙන් ම ඔවුහු අන්ත සැකයෙහි සිටියෝ ය.