Surah Al-AnbyaBegins here at 21:1
-
21:1
ٱقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِى غَفْلَةٍ مُّعْرِضُونَ
ʹIq̣taraba linnaasi Ḥisaabuhum wa-hum fee g̣aflatim muʻriḍoon.
ජනයාට ඔවුන්ගේ විනිශ්චය ළඟා විය. එහෙත් ඔවුහු (ඒ ගැන) නො සැලකිලිමත්ව පිටුදකින්නන් ලෙස සිටිති.
-
21:2
مَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا ٱسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ
Maa- yaʹteehim miñ Ẓikrim mir Rabbihim muḥdas̤in ʹillas tamaʻoohu wa-hum yalʻaboon,
ඔවුන් වෙත ඔවුන්ගේ පරමාධිපතිගෙන් නව උපදෙසක් පැමිණි සෑම විටෙකම ඔවුන් හාස්‍යයට ලක් කරමින් එයට ඔවුහු සවන් දුන්නේ ම ය.
-
21:3
لَاهِيَةً قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا۟ ٱلنَّجْوَى ٱلَّذِينَ ظَلَمُوا۟ هَلْ هَـٰذَآ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ ۖ أَفَتَأْتُونَ ٱلسِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ
Laahiyatañ q̣uloobuhum. Wa-ʹasarrun najwal laẓeena z̤̣alamoo hal haaẓaaa ʹillaa basharum mis̤lukum? ʹAfataʹtoonas siḥra wa-ʹañtum tubṣiroon?
ඔවුන්ගේ හදවත් නො සැලකිලිමත් ලෙසින් පවතී. තවද "මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස වෙන කවුරු ද? නුඹලා දැක දැකම හූනියම වෙතට යන්නෙහු දැ?" යි අපරාධ කළවුන් රහස් සාකච්ඡාවන් රහසින් කතා කර ගත්හ.
-
21:4
قَالَ رَبِّى يَعْلَمُ ٱلْقَوْلَ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
Q̣aala Rabbee yaʻlamul Q̣awla fis samaaaʹi wal-ʹarḍ: wa-Huwas Sameeʻul ʻAleem.
මාගේ පරමාධිපති අහස්හි හා මහපොළොවෙහි (සිදු කරන) ප්‍රකාශයන් දනී. තවද ඔහු සර්ව ශ්‍රාවක ය. සර්වඥානී ය යැයි ඔහු (නබිවරයා) පැවසුවේ ය.
-
21:5
بَلْ قَالُوٓا۟ أَضْغَـٰثُ أَحْلَـٰمٍۭ بَلِ ٱفْتَرَىٰهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِـَٔايَةٍ كَمَآ أُرْسِلَ ٱلْأَوَّلُونَ
Bal q̣aalooo ʹaḍg̣aas̤u ʹaḥlaamim bal iftaraahu bal huwa shaaʻir! fal-yaʹtinaa biʹAayatiñ kamaaa ʹursilal ʹawwaloon!
නැත. එය සිහිනවල ව්‍යාකූලත්වයකි. එසේ නොව ඔහු එය ගෙතුවේ ය. නැත. ඔහු කවියෙකි. එහෙයින් මුතුන්මිත්තන්ට එවනු ලැබුවාක් මෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙන එත්වා යැයි ඔවුහු පැවසූහ.
-
21:6
مَآ ءَامَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَـٰهَآ ۖ أَفَهُمْ يُؤْمِنُونَ
Maaa ʹaamanat q̣ablahum miñ q̣aryatin ʹahlaknaahaa: ʹa-fahum yuʹminoon?
ඔවුනට පෙර අපි විනාශ කළ කිසිදු ගම්මානයක් (එහි වැසියන්) විශ්වාස නො කළේ ය. එසේ නම් මොවුන් විශ්වාස කරනු ඇත් ද?
-
21:7
وَمَآ أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُّوحِىٓ إِلَيْهِمْ ۖ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ
Wa-maaa ʹarsalnaa q̣ablaka ʹillaa rijaalan nooḥeee ʹilayhim fasʹalooo ʹAhlaẓ Ẓikri ʹiñ kuñtum laa- taʻlamoon.
නුඹට පෙර අපි දූතයින් ලෙස පිරිමින්ව ම මිස එව්වේ නැත. අපි ඔවුනට දේව පණිවිඩ ලබා දුනිමු. එහෙයින් නුඹලා නොදැන සිටින්නේ නම් දැනුම ඇත්තන්ගෙන් නුඹලා විමසනු.
-
21:8
وَمَا جَعَلْنَـٰهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُوا۟ خَـٰلِدِينَ
Wa-maa jaʻalnaahum jasadal laa yaʹkuloonaṭ ṭaʻaama wa-maa kaanoo khaalideen.
තවද ආහාර අනුභව නො කරන ශරීරයක් බවට අපි ඔවුන් පත් නො කළෙමු. තවද ඔවුහු සදාතනිකයින් නො වූහ.
-
21:9
ثُمَّ صَدَقْنَـٰهُمُ ٱلْوَعْدَ فَأَنجَيْنَـٰهُمْ وَمَن نَّشَآءُ وَأَهْلَكْنَا ٱلْمُسْرِفِينَ
S̤umma ṣadaq̣naahumul waʻda faʹañjaynaahum wa-man nashaaaʹu wa-ʹahlaknal musrifeen.
පසුව එම ප්‍රතිඥාව ඔවුනට අපි සැබෑ කළෙමු. එවිට අපි ඔවුන් හා අප අභිමත කරන්නා වූ අය මුදවා ගත්තෙමු. තවද සීමාව ඉක්මවා ගියවුන් අපි විනාශ කළෙමු.
-
21:10
لَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ كِتَـٰبًا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَ
Laq̣ad ʹañzalnaaa ʹilaykum Kitaabañ feehi Ẓikrukum: ʹafalaa taʻq̣iloon?
සැබැවින් ම අපි නුඹලා වෙත ධර්ම ග්‍රන්ථයක් පහළ කළෙමු. එහි නුඹලාට මෙනෙහි කිරීමක් විය. නුඹලා වටහා ගත යුතු නො වේ ද?
-
21:11
وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا ءَاخَرِينَ
Wa-kam q̣aṣamnaa miñ q̣aryatiñ kaanat z̤̣aalimatañw wa-ʹañshaʹnaa baʻdahaa q̣awman ʹaakhareen?
තවද අපරාධකාරී වූ ගම්මාන කොපමණක් අපි සුනු විසුනු කළෙමු ද? තවද එයට පසුව අපි වෙනත් පිරිසක් බිහි කළෙමු.
-
21:12
فَلَمَّآ أَحَسُّوا۟ بَأْسَنَآ إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ
Falammaaa ʹaḥassoo baʹsanaaa ʹiẓaa hum minhaa yarkuḍoon.
ඔවුනට අපගේ දඬුවම හැඟී ගිය කල්හි ඔවුන් එයින් පලා යන්නට විය.
-
21:13
لَا تَرْكُضُوا۟ وَٱرْجِعُوٓا۟ إِلَىٰ مَآ أُتْرِفْتُمْ فِيهِ وَمَسَـٰكِنِكُمْ لَعَلَّكُمْ تُسْـَٔلُونَ
Laa- tarkuḍoo warjiʻooo ʹilaa maaa ʹutriftum feehi wa-masaakinikum laʻallakum tusʹaloon.
නුඹලා පලා නො යනු. එහි නුඹලා භුක්ති විඳිමින් සිටි දෑ වෙත ද නුඹලාගේ වාසස්ථාන වෙත ද නුඹලා නැවත හැරී යනු. නුඹලා ප්‍රශ්න කරනු ලබනු ඇත.
-
21:14
قَالُوا۟ يَـٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَـٰلِمِينَ
Q̣aaloo yaa-waylanaaa ʹinnaa kunnaa z̤̣aalimeen!
අහෝ අපගේ විනාශය! නියත වශයෙන් ම අපි අපරාධකාරයින් වූයෙමු යැයි ඔවුහු පැවසූහ.
-
21:15
فَمَا زَالَت تِّلْكَ دَعْوَىٰهُمْ حَتَّىٰ جَعَلْنَـٰهُمْ حَصِيدًا خَـٰمِدِينَ
Famaa zaalat tilka daʻwaahum ḥattaa jaʻalnaahum ḥaṣeedan khaamideen.
අපි ඔවුන්ව නෙළන ලද (අස්වැන්න) පුඵස්සනු ලැබූ දේ බවට පත් කරන තෙක් එය මය ඔවුන්ගේ වැළපීම වූයේ.
-
21:16
وَمَا خَلَقْنَا ٱلسَّمَآءَ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَـٰعِبِينَ
Wa-maa khalaq̣nas samaaaʹa wal-ʹarḍa wa-maa baynahumaa laaʻibeen!
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද හාස්‍යයක් ලෙස අපි නො මැව්වෙමු.
-
21:17
لَوْ أَرَدْنَآ أَن نَّتَّخِذَ لَهْوًا لَّٱتَّخَذْنَـٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَـٰعِلِينَ
Law ʹaradnaaa ʹan nattakhiẓa lahwal lat-takhaẓnaahu mil ladunnaaa ʹiñ kunnaa faaʻileen!
අපි හාස්‍යයට ගන්නට සිතුවෙමු නම්, එය එසේ සිදු කරන්නන් ලෙස සිටියෙමු නම් අප වෙතින් ම එය ගන්නට තිබුණි.
-
21:18
بَلْ نَقْذِفُ بِٱلْحَقِّ عَلَى ٱلْبَـٰطِلِ فَيَدْمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٌ ۚ وَلَكُمُ ٱلْوَيْلُ مِمَّا تَصِفُونَ
Bal naq̣ẓifu bil-Ḥaq̣q̣i ʻalal baaṭili fayadmag̣uhoo faʹiẓaa huwa zaahiq̣! Wa-lakumul waylu mimmaa taṣifoon.
එහෙත් අපි සත්‍යය ගෙන අසත්‍යයට එරෙහිව පහර දෙන්නෙමු. එය එවිට එය(අසත්‍යය) පහ කර දමයි. එවිට එය විනාශ වී යන්නකි. තවද නුඹලා වර්ණනා කරන දෑ හේතුවෙන් නුඹලාට විනාශය ඇත.
-
21:19
وَلَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَنْ عِندَهُۥ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِۦ وَلَا يَسْتَحْسِرُونَ
Wa-lahoo mañ fis samaawaati wal-ʹarḍ: wa-man ʻiñdahoo laa- yastakbiroona ʻan ʻibaadatihee wa-laa yastaḥsiroon.
තවද අහස්හි හා මහපොළොවෙහි සිටින්නන් ද ඔහු අබියස සිටින්නන් ද ඔහු සතු ය. ඔහුට වන්දනාමානය කිරීම සම්බන්ධයෙන් ඔවුහු උඩඟු නො වෙති. තවද ඔවුහු විඩාවට පත් නො වෙති.
-
21:20
يُسَبِّحُونَ ٱلَّيْلَ وَٱلنَّهَارَ لَا يَفْتُرُونَ
Yusabbiḥoonal layla wannahaara laa- yafturoon.
රාත්‍රියෙහි හා දහවලෙහි ඔවුහු සුවිශුද්ධ කරති. තවද ඔවුහු වෙහෙසට පත් නො වෙති.
-
21:21
أَمِ ٱتَّخَذُوٓا۟ ءَالِهَةً مِّنَ ٱلْأَرْضِ هُمْ يُنشِرُونَ
ʹAmit takhaẓooo ʹaalihatam minal ʹarḍi hum yuñshiroon?
එසේ නැතහොත් මළවුන් අවදි කළ හැකි දෙවිවරුන් ඔවුහු මහපොළොවෙන් (තෝරා) ගත්තෝ ද?
-
21:22
لَوْ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَـٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ
Law kaana feehimaaa ʹaalihatun ʹillal laahu lafasadataa! Fa-Subḥaanal laahi Rabbil ʻArshi ʻammaa yaṣifoon!
ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු සිටියේ නම් ඒ දෙකම අර්බුදයට පත්වනු ඇත. එහෙයින් ඔවුන් වර්ණනා කරන දැයින් (අර්ෂ් හෙවත්) රාජධානියේ හිමිපාණන් වූ අල්ලාහ් සුවිශුද්ධ ය.
-
21:23
لَا يُسْـَٔلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْـَٔلُونَ
Laa- yusʹalu ʻammaa yafʻalu wa-hum yusʹaloon.
(අල්ලාහ් වන) ඔහු කරන දෑ පිළිබඳව විමසනු නො ලබයි. එහෙත් ඔවුහු මය විමසනු ලබනුයේ.
-
21:24
أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةً ۖ قُلْ هَاتُوا۟ بُرْهَـٰنَكُمْ ۖ هَـٰذَا ذِكْرُ مَن مَّعِىَ وَذِكْرُ مَن قَبْلِى ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ٱلْحَقَّ ۖ فَهُم مُّعْرِضُونَ
ʹAmit takhaẓoo miñ dooniheee ʹaalihah? Q̣ul haatoo burhaanakum: haaẓaa Ẓikru mam maʻiya wa-Ẓikru mañ q̣ablee Bal ʹaks̤aruhum laa- yaʻlamoonal Ḥaq̣q̣a fahum muʻriḍoon.
එසේ නැතහොත් ඔහු හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුහු ගත්තෝ ද? නුඹලාගේ සාධක ගෙන එනු. මෙය මා සමඟ වූවන්ගේ මෙනෙහි කිරීමකි. එමෙන් ම මට පෙර සිටියවුන්ගේ ද මෙනෙහි කිරීමකි යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය නො දනිති. එහෙයින් ඔවුහු පිටුපාන්නෝ වෙති.
-
21:25
وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِىٓ إِلَيْهِ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدُونِ
Wa-maaa ʹarsalnaa miñ q̣ablika mir rasoolin ʹillaa nooḥeee ʹilayhi ʹannahoo Laaa ʹilaaha ʹillaaa ʹAna faʻbudoon.
‘තවද නියත වශයෙන් ම මා හැර වෙනත් දෙවියකු නොමැත. එහෙයින් නුඹලා මට ම නමදිනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු අපි නො එව්වෙමු.
-
21:26
وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَـٰنُ وَلَدًا ۗ سُبْحَـٰنَهُۥ ۚ بَلْ عِبَادٌ مُّكْرَمُونَ
Wa-q̣aalut takhaẓar Raḥmaanu waladañ Subḥaanah! Bal ʻibaadum mukramoon.
තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පවසති. ඔහු සුවිශුද්ධ ය. එහෙත් (මලක්වරුන් වන) ඔවුහු ගරුත්වයට පත් කරනු ලැබූ ගැත්තෝ වෙති.
-
21:27
لَا يَسْبِقُونَهُۥ بِٱلْقَوْلِ وَهُم بِأَمْرِهِۦ يَعْمَلُونَ
Laa- yasbiq̣oonahoo bil-q̣awli wa-hum̃ biʹamrihee yaʻmaloon.
ඔවුහු ප්‍රකාශයෙන් පවා ඔහුව අබිබවා නො යති. තවද ඔවුහු ඔහුගේ අණට අනුව ක්‍රියාත්මක වෙති.
-
21:28
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ٱرْتَضَىٰ وَهُم مِّنْ خَشْيَتِهِۦ مُشْفِقُونَ
Yaʻlamu maa- bayna ʹaydeehim wa-maa khalfahum wa-laa yashfaʻoona ʹillaa limanir taḍaa wa-hum min khashyatihee mushfiq̣oon.
ඔවුන් අතර ඇති දෑ ද, ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. ඔහුගේ තෘප්තියට පත් වූ අය වෙනුවෙන් මිස ඔවුහු මැදිහත් නො වෙති. තවද ඔවුහු ඔහු ගැන ඇති බිය හේතුවෙන් තැති ගන්නන් වෙති.
-
21:29
۞ وَمَن يَقُلْ مِنْهُمْ إِنِّىٓ إِلَـٰهٌ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلظَّـٰلِمِينَ
Wa-mañy yaq̣ul minhum ʹinneee ʹilaahum miñ doonihee faẓaalika najzeehi Jahannam: Kaẓaalika najziz̤̣ z̤̣aalimeen.
තවද ඔහු නොව සැබැවින් ම මමය දෙවියා යැයි ඔවුන් අතරින් කවරෙකු පවසන්නේ ද ඔහුට නිරය ප්‍රතිවිපාකයක් ලෙස අපි දෙන්නෙමු. එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
-
21:30
أَوَلَمْ يَرَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَـٰهُمَا ۖ وَجَعَلْنَا مِنَ ٱلْمَآءِ كُلَّ شَىْءٍ حَىٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ
ʹAwalam yaral laẓeena kafarooo ʹannas samaawaati wal-ʹarḍa kaanataa ratq̣añ fafataq̣naahumaa? Wa-jaʻalnaa minal maaaʹi kulla shayʹin ḥayy. ʹAfalaa yuʹminoon?
නියත වශයෙන් ම අහස් හා පොළොව එකට (ස්කන්ධයක් ව) තිබුණි. පසුව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක් ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නො දුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නො වේ ද?
-
21:31
وَجَعَلْنَا فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَّعَلَّهُمْ يَهْتَدُونَ
Wa-jaʻalnaa fil ʹarḍi rawaasiya ʹañ tameeda bihim wa-jaʻalnaa feehaa fijaajañ subulal laʻallahum yahtadoon.
තවද එය ඔවුන්ව ඇල නො කරන අයුරින් කඳු මුදුන් මහපොළොවේ අපි ඇති කළෙමු. තවද ඔවුන් මග ලැබිය හැකි වනු පිණිස එහි බොහෝ දිගු මාර්ග ද ඇති කළෙමු.
-
21:32
وَجَعَلْنَا ٱلسَّمَآءَ سَقْفًا مَّحْفُوظًا ۖ وَهُمْ عَنْ ءَايَـٰتِهَا مُعْرِضُونَ
Wa-jaʻalnas samaaaʹa saq̣fam maḥfooz̤̣aa: wa-hum ʻan ʹAayaatihaa muʻriḍoon!
තවද අහස සුරක්ෂිත වියනක් බවට අපි පත් කළෙමු. එහෙත් ඔවුහු එම සංඥාවන් පිටුපාන්නන් වෙති.
-
21:33
وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّ فِى فَلَكٍ يَسْبَحُونَ
Wa-Huwal laẓee khalaq̣al Layla wan-Nahaara washshamsa wal-q̣amar: kulluñ fee falakiñy yasbaḥoon.
තවද රාත්‍රිය, දහවල, හිරු හා සඳු මැව්වේ ඔහු ය. (ඒ) සියල්ල කක්ෂයක පා වෙති.
-
21:34
وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّن قَبْلِكَ ٱلْخُلْدَ ۖ أَفَإِي۟ن مِّتَّ فَهُمُ ٱلْخَـٰلِدُونَ
Wa-maa jaʻalnaa libasharim miñ q̣ablikal khuld: ʹafa ʹimmitta fahumul khaalidoon?
තවද නුඹට පෙර කිසිදු මිනිසෙකුට අමරණීයත්වයක් අපි ඇති නො කළෙමු. එහෙයින් නුඹ මිය ගියේ නම් ඔවුහු සදාතනිකයෝ වෙත් ද?
-
21:35
كُلُّ نَفْسٍ ذَآئِقَةُ ٱلْمَوْتِ ۗ وَنَبْلُوكُم بِٱلشَّرِّ وَٱلْخَيْرِ فِتْنَةً ۖ وَإِلَيْنَا تُرْجَعُونَ
Kullu nafsiñ ẓaaaʹiq̣atul mawt: wa-nablookum̃ bishsharri walkhayri fitnah. Wa-ʹilaynaa turjaʻoon.
සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳවන්නකි. තවද පරීක්ෂණයක් ලෙස අපි නපුරෙන් හා යහපතින් නුඹලා පිරික්සන්නෙමු. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙත ම ය.
-
21:36
وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَـٰذَا ٱلَّذِى يَذْكُرُ ءَالِهَتَكُمْ وَهُم بِذِكْرِ ٱلرَّحْمَـٰنِ هُمْ كَـٰفِرُونَ
Wa-ʹiẓaa raʹaakal laẓeena kafarooo ʹiñy yattakhiẓoonaka ʹillaa huzuwaa. ʹAhaaẓal laẓee yaẓkuru ʹaalihatakum? Wa-hum̃ biẓikrir Raḥmaani hum kaafiroon!
තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹව දුටු විට නුඹලාගේ දෙවිවරුන් ගැන මෙනෙහි කරනුයේ මොහු දැ? යි පවසමින් නුඹව සරදමක් ලෙස මිස ඔවුහු නො ගනු ඇත. තවද ඔවුහු මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීමට ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
-
21:37
خُلِقَ ٱلْإِنسَـٰنُ مِنْ عَجَلٍ ۚ سَأُو۟رِيكُمْ ءَايَـٰتِى فَلَا تَسْتَعْجِلُونِ
Khuliq̣al ʹiñsaanu min ʻajal: saʹureekum ʹAayaatee falaa tastaʻjiloon!
මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබ ඇත. මාගේ සංඥාවන් මම නුඹලාට මතු පෙන්වමි. එහෙයින් නුඹලා මගෙන් (ඒවා) ඉක්මණින් නො පතනු.
-
21:38
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ
Wa-yaq̣ooloona mataa haaẓal waʻdu ʹiñ kuñtum ṣaadiq̣een?
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා (සිදු වන්නේ) දැ? යි ඔවුහු විමසති.
-
21:39
لَوْ يَعْلَمُ ٱلَّذِينَ كَفَرُوا۟ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ
Law yaʻlamul laẓeena kafaroo ḥeena laa- yakuffoona ʻañw wujoohihimun Naara wa-laa ʻañ z̤̣uhoorihim wa-laa hum yuñṣaroon!
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ කොඳු (නිරා) ගින්නෙන් ඔවුනට වළකාගත නොහැකි එමෙන් ම ඔවුනට උදව් කරනු නො ලබන අවස්ථාව ගැන දැන සිටියා නම්! (ඔවුන් ඉක්මන් නො වනු ඇත).
-
21:40
بَلْ تَأْتِيهِم بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ
Bal taʹteehim̃ bag̣tatañ fatabhatuhum falaa yastaṭeeʻoona raddahaa wa-laa hum yuñz̤̣aroon.
එහෙත් ඔවුන් වෙත හදිසියේම එය පැමිණෙයි. එවිට එය ඔවුන් කම්පනයට පත් කරයි. එවිට එයට ප්‍රතිචාර දැක්වීමට ඔවුහු හැකියාව නො දරති. එමෙන් ම ඔවුන් අවකාශයද දෙනු නො ලබති.
-
21:41
وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
Wa-laq̣adis tuhziʹa birusulim miñ q̣ablika faḥaaq̣a billaẓeena sakhiroo minhum maa kaanoo bihee yastahziʹoon.
තවද නුඹට පෙර ධර්ම දූතයින් සමච්චලයට ලක් කරනු ලැබී ය. එහෙයින් කවර දෙයක් පිළිබඳව ඔවුන් සමච්චල් කරමින් සිටියේ ද එය, ඔවුන් අතරින් සරදම් කළවුන් වටලා ගත්තේ ය.
-
21:42
قُلْ مَن يَكْلَؤُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحْمَـٰنِ ۗ بَلْ هُمْ عَن ذِكْرِ رَبِّهِم مُّعْرِضُونَ
Q̣ul mañy yaklaʹukum̃ billayli wannahaari minar Raḥmaan? Bal hum ʻañ ẓikri Rabbihim muʻriḍoon.
මහා කරුණාන්විතයාණන්ගෙන් රාත්‍රියෙහි හා දහවලෙහි නුඹලාව ආරක්ෂා කරන්නේ කවරහු දැ? යි (නබිවරය!) නුඹ විමසනු. එහෙත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මෙනෙහි කිරීමෙන් පිටු දකින්නෝ වෙති.
-
21:43
أَمْ لَهُمْ ءَالِهَةٌ تَمْنَعُهُم مِّن دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنفُسِهِمْ وَلَا هُم مِّنَّا يُصْحَبُونَ
ʹAm lahum ʹaalihatuñ tamnaʻuhum miñ dooninaa? Laa- yastaṭeeʻoona naṣra ʹañfusihim wa-laa hum minnaa yuṣ-ḥaboon.
එසේ නැතහොත්, අපගෙන් තොරව ඔවුන් වළක්වාලන දෙවිවරුන් ඔවුනට වෙත් ද? තමන්ට ම උපකාර කිරීමට පවා ඔවුහු හැකියාව නො දරති. තවද ඔවුහු අපගෙන් ආරක්ෂා කරනු නො ලබති.
-
21:44
بَلْ مَتَّعْنَا هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ ٱلْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَآ ۚ أَفَهُمُ ٱلْغَـٰلِبُونَ
Bal mattaʻnaa haaaʹulaaaʹi wa-ʹaabaaaʹahum ḥattaa ṭaala ʻalayhimul ʻumur; ʹafalaa yarawna ʹannaa naʹtil ʹarḍa nañq̣uṣuhaa min ʹaṭraafihaa? ʹAfahumul g̣aaliboon?
එසේ නො ව, මොවුනට හා මොවුන්ගේ මුතුන් මිත්තන්හට දිගු ආයුෂ කාලයක් ගත වන තෙක් අපි භුක්ති විඳීමට සළස්වීමු; අපි මහපොළොව එහි පැතිකඩවලින් අඩු කරමින් එන බව ඔවුහු නො දුටුවෝ ද? එහෙයින් ඔවුන් (අප) අභිබවා යන්නෝ වෙත් ද?
-
21:45
قُلْ إِنَّمَآ أُنذِرُكُم بِٱلْوَحْىِ ۚ وَلَا يَسْمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ
Q̣ul ʹinnamaaa ʹuñẓirukum̃ bilwaḥyi wa-laa yasmaʻuṣ ṣummud duʻaaaʹa ʹiẓaa maa- yuñẓaroon.
සැබැවින් ම මම නුඹලාට අවවාද කරනුයේ දේව පණිවිඩය අනුවය යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙත් ඔවුනට අවවාද කරනු ලබන විට එම අයැදුමට බිහිරන් සවන් නො දෙති.
-
21:46
وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَـٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَـٰلِمِينَ
Wa-laʹim massathum nafḥatum min ʻAẓaabi Rabbika layaq̣oolunna yaawaylanaaa ʹinnaa kunnaa z̤̣aalimeen!
තවද නුඹගේ පරමාධිපතිගේ දඬුවමින් ස්වල්ප කොටසක් ඔවුනට ස්පර්ශ වූයේ නම්, අහෝ අපගේ විනාශය! නියත වශයෙන් ම අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු යැයි ඔවුහු නිසැකවම පවසනු ඇත.
-
21:47
وَنَضَعُ ٱلْمَوَٰزِينَ ٱلْقِسْطَ لِيَوْمِ ٱلْقِيَـٰمَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْـًٔا ۖ وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَـٰسِبِينَ
Wa-naḍaʻul mawaazeenal q̣isṭa li-Yawmil Q̣iyaamati falaa tuz̤̣lamu nafsuñ shayʹaa. Wa-ʹiñ kaana mis̤q̣aala ḥabbatim min khardalin ʹataynaa bihaa: wa-kafaa binaa ḥaasibeen.
තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නො ලබනු ඇත. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුවද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අප ම ප්‍රමාණවත් ය.
-
21:48
وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ وَهَـٰرُونَ ٱلْفُرْقَانَ وَضِيَآءً وَذِكْرًا لِّلْمُتَّقِينَ
Wa-laq̣ad ʹaataynaa Moosaa wa-Haaroonal Furq̣aana wa-Ḍiyaaaʹañw wa-Ẓikral lil-Muttaq̣een,
තවද (සත්‍යය හා අසත්‍යය වෙන් කර දක්වන) මිණුම් දණ්ඩය ද, ආලෝකය ද, බිය බැතිමතුන්හට වූ උපදෙස් ද අපි මූසාට හා හාරූන්ට පිරිනැමුවෙමු.
-
21:49
ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَهُم مِّنَ ٱلسَّاعَةِ مُشْفِقُونَ
ʹAllaẓeena yakhshawna Rabbahum̃ bilg̣aybi wa-hum minas Saaʻati mushfiq̣oon.
ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිට අදෘශ්‍යමානව සිටිය දී බිය වෙති. තවද අවසන් හෝරාව පිළිබඳ බියෙන් පසුවන්නන් ද වෙති.
-
21:50
وَهَـٰذَا ذِكْرٌ مُّبَارَكٌ أَنزَلْنَـٰهُ ۚ أَفَأَنتُمْ لَهُۥ مُنكِرُونَ
Wa-haaẓaa Ẓikrum Mubaarakun ʹañzalnaah: ʹa-faʹañtum lahoo muñkiroon.
තවද මෙය අපි පහළ කළා වූ සමෘද්ධිමත් උපදෙසකි. එහෙයින් නුඹලා එය පිටුදකින්නෝ වෙත් ද?
-
21:51
۞ وَلَقَدْ ءَاتَيْنَآ إِبْرَٰهِيمَ رُشْدَهُۥ مِن قَبْلُ وَكُنَّا بِهِۦ عَـٰلِمِينَ
Wa-laq̣ad ʹaataynaaa ʹIbraaheema rushdahoo miñ q̣ablu wa-kunnaa bihee ʻaalimeen.
තවද මීට පෙර ඉබ්රාහීම්ට ඔහුට හිමි යහ මග අපි පිරිනැමුවෙමු. තවද ඔහු පිළිබඳ අපි දැන සිටින්නන් වූයෙමු.
-
21:52
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا هَـٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِىٓ أَنتُمْ لَهَا عَـٰكِفُونَ
ʹIẓ q̣aala liʹabeehi waq̣awmihee maa- haaẓihit tamaas̤eelul lateee ʹañtum lahaa ʻaakifoon.
‘නුඹලා මෙහි (ඇලුම් කරමින්) රැඳී සිටින මෙම ප්‍රතිමාවන් කුමක් දැ? යි ඔහුගේ පියාණන්ගෙන් හා ඔහුගේ ජනයාගෙන් ඔහු විමසූ අවස්ථාව සිහිපත් කරනු.
-
21:53
قَالُوا۟ وَجَدْنَآ ءَابَآءَنَا لَهَا عَـٰبِدِينَ
Q̣aaloo wajadnaaa ʹaabaaaʹanaa lahaa ʻaabideen.
‘අපගේ මුතුන්මිත්තන් ඒවාට නැමදුම් කරන්නන් ලෙසින් සිටිනු අපි දුටුවෙමු යැ’යි ඔවුහු පැවසූහ.
-
21:54
قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَءَابَآؤُكُمْ فِى ضَلَـٰلٍ مُّبِينٍ
Q̣aala laq̣ad kuñtum ʹañtum wa-ʹaabaaaʹukum fee ḍalaalim mubeen.
‘නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් පැහැදිලි මුළාවෙහි සැබැවින් ම සිටියෙහු යැ’යි ඔහු පැවසුවේ ය.
-
21:55
قَالُوٓا۟ أَجِئْتَنَا بِٱلْحَقِّ أَمْ أَنتَ مِنَ ٱللَّـٰعِبِينَ
Q̣aalooo ʹajiʹtanaa bil-Ḥaq̣q̣i ʹam ʹañta minal laaʻibeen.
‘නුඹ අප වෙත සත්‍යය ගෙන ආවෙහි ද? එසේ නැතහොත් නුඹ හාස්‍ය ලෙස කටයුතු කරන්නන් අතරින් කෙනෙකු දැ?’ යි ඔවුහු විමසූහ.
-
21:56
قَالَ بَل رَّبُّكُمْ رَبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ٱلَّذِى فَطَرَهُنَّ وَأَنَا۠ عَلَىٰ ذَٰلِكُم مِّنَ ٱلشَّـٰهِدِينَ
Q̣aala bar Rabbukum Rabbus samaawaati wal-ʹarḍil laẓee faṭarahunn: Wa-ʹana ʻalaa ẓaalikum minash shaahideen.
එසේ නො ව, නුඹලාගේ පරමාධිපති අහස් හා මහපොළොවෙහි හිමිපාණන් වේ. ඔහු වනාහි ඒවා මැව්වේ ය. ඒ සඳහා මම සාක්ෂිකරුවන් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේ ය.
-
21:57
وَتَٱللَّهِ لَأَكِيدَنَّ أَصْنَـٰمَكُم بَعْدَ أَن تُوَلُّوا۟ مُدْبِرِينَ
Wa-tallaahi laʹakeedanna ʹaṣnaamakum baʻda ʹañ tuwalloo mudbireen.
තවද අල්ලාහ් මත දිවුරමින්. නුඹලා හැරී ගිය පසු නුඹලාගේ පිළිමවලට මම (උපාය මාර්ගික) සැලැස්මක් යොදමි.
-
21:58
فَجَعَلَهُمْ جُذَٰذًا إِلَّا كَبِيرًا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ
Fajaʻalahum jaẓaaẓan ʹillaa kabeeral lahum laʻallahum ʹilayhi yarjiʻoon.
පසුව ඔවුන් ඒ වෙත නැවත හැරී එනු පිණිස විශාල ප්‍රතිමාව හැර (සෙසු) ඒවා ඔහු කැබලිවලට පත් කළේ ය.
-
21:59
قَالُوا۟ مَن فَعَلَ هَـٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّـٰلِمِينَ
Q̣aaloo mañ faʻala haaẓaa biʹaalihatinaaa ʹinnahoo laminaz̤̣ z̤̣aalimeen!
‘අපගේ දෙවිවරුන්ට මෙය සිදු කළේ කවු ද? නියත වශයෙන් ම ඔහු අපරාධකරුවන් අතරින් වේ යැ’යි ඔවුහු පැවසූහ.
-
21:60
قَالُوا۟ سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُۥٓ إِبْرَٰهِيمُ
Q̣aaloo samiʻnaa fatañy yaẓkuruhum yuq̣aalu lahooo ʹIbraaheem.
‘ඒවා (පිළිම) ගැන දොස් නගන ඔහුට ඉබ්රාහීම් යැයි අමතනු ලබන තරුණයෙක් පිළිබඳ අපි අසා ඇත්තෙමු’ යි ඔවුහු පැවසූහ.
-
21:61
قَالُوا۟ فَأْتُوا۟ بِهِۦ عَلَىٰٓ أَعْيُنِ ٱلنَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ
Q̣aaloo faʹtoo bihee ʻalaaa ʹaʻyunin naasi laʻallahum yashhadoon.
‘එසේ නම් ජනයාගේ දෑස් ඉදිරිපිටට ඔවුන් දැකිය හැකි වනු පිණිස නුඹලා ඔහු ගෙන එනු යැ’යි ඔවුහු පැවසූහ.
-
21:62
قَالُوٓا۟ ءَأَنتَ فَعَلْتَ هَـٰذَا بِـَٔالِهَتِنَا يَـٰٓإِبْرَٰهِيمُ
Q̣aalooo ʹaʹañta faʻalta haaẓaa biʹaalihatinaa yaaaʹIbraaheem?
අහෝ ඉබ්රාහීම්! අපගේ දෙවිවරුන්ට මේ දේ සිදු කළේ නුඹ දැ? යි ඔවුහු විමසූහ.
-
21:63
قَالَ بَلْ فَعَلَهُۥ كَبِيرُهُمْ هَـٰذَا فَسْـَٔلُوهُمْ إِن كَانُوا۟ يَنطِقُونَ
Q̣aala bal faʻalahoo kabeeruhum haaẓaa fasʹaloohum ʹiñ kaanoo yañṭiq̣oon!
නැත. මෙය සිදු කළේ ඔවුන්ගෙන් මේ ලොකු ප්‍රතිමාවයි. එහෙයින් ඒවා කතා කරන්නන් ලෙස සිටියේ නම් නුඹලා ඔවුන්ගෙන් විමසනු යැයි ඔහු පැවසුවේ ය.
-
21:64
فَرَجَعُوٓا۟ إِلَىٰٓ أَنفُسِهِمْ فَقَالُوٓا۟ إِنَّكُمْ أَنتُمُ ٱلظَّـٰلِمُونَ
Farajaʻooo ʹilaaa ʹañfusihim faq̣aalooo ʹinnakum ʹañtumuz̤̣ z̤̣aalimoon.
එවිට (පිළිතුරු දිය නොහැකි) ඔවුහු තමන් වෙතට ම හැරී "නියත වශයෙන් ම අපරාධකරුවෝ නුඹලා මය යැයි පැවසුවෝය".
-
21:65
ثُمَّ نُكِسُوا۟ عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَـٰٓؤُلَآءِ يَنطِقُونَ
S̤umma nukisoo ʻalaa ruʹoosihim: laq̣ad ʻalimta maa- haaaʹulaaaʹi yañṭiq̣oon!
ඔවුන් (අපහාසයට පත් වූ බැවින්) ඔවුන්ගේ හිස් පහතට හෙළනු ලැබීමෙන් පසුව "සැබැවින් ම මේවා කතා නො කරන බව නුඹ දන්නෙහිය" (යැයි පැවසුවෝය).
-
21:66
قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْـًٔا وَلَا يَضُرُّكُمْ
Q̣aala ʹafataʻbudoona miñ doonil laahi maa laa- yañfaʻukum shayʹañw walaa yaḍurrukum?
‘අල්ලාහ් හැර දමා නුඹලාට කිසිදු ඵලක් නො දෙන එමෙන් ම නුඹලාට කිසිදු හානියක් නො කරන දෑට නුඹලා නැමදුම් කරන්නෙහු ද? යැ’යි ඔහු විමසුවේ ය.
-
21:67
أُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ
ʹUffil lakum wa-limaa taʻbudoona miñ doonil laah! ʹAfalaa taʻq̣iloon?
නුඹලාට හා අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දෑට විනාශය ම වේවා! නුඹලා වටහාගත යුතු නො වේ ද?
-
21:68
قَالُوا۟ حَرِّقُوهُ وَٱنصُرُوٓا۟ ءَالِهَتَكُمْ إِن كُنتُمْ فَـٰعِلِينَ
Q̣aaloo ḥarriq̣oohu wañṣurooo ʹaalihatakum ʹiñ kuñtum faaʻileen!
නුඹලා (යමක්) සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔහුව පුලුස්සා දමා නුඹලාගේ දෙවිවරුන්ට උදව් කරනු යනුවෙන් ඔවුහු පැවසුවෝ ය.
-
21:69
قُلْنَا يَـٰنَارُ كُونِى بَرْدًا وَسَلَـٰمًا عَلَىٰٓ إِبْرَٰهِيمَ
Q̣ulnaa yaa-Naaru koonee bardañw wasalaaman ʻalaaa ʹIbraaheem!
අහෝ ගින්න! නුඹ ඉබ්රාහීම්ට සිසිලක් හා ආරක්ෂාවක් වනු යැයි අපි පැවසුවෙමු.
-
21:70
وَأَرَادُوا۟ بِهِۦ كَيْدًا فَجَعَلْنَـٰهُمُ ٱلْأَخْسَرِينَ
Wa-ʹaraadoo bihee kaydañ fajaʻalnaahumul ʹakhsareen!
තවද ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට ඔවුහු සිතුවෝ ය. එහෙත් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු.
-
21:71
وَنَجَّيْنَـٰهُ وَلُوطًا إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَـٰرَكْنَا فِيهَا لِلْعَـٰلَمِينَ
Wa-najjaynaahu wa-Looṭan ʹilal ʹarḍil latee baaraknaa feehaa lil-ʻaalameem.
තවද ලෝවැසියන්හට එහි සමෘද්ධිය ඇති කළා වූ භූමියකට අපි ඔහු හා ලූත් මුදවා හැරියෙමු.
-
21:72
وَوَهَبْنَا لَهُۥٓ إِسْحَـٰقَ وَيَعْقُوبَ نَافِلَةً ۖ وَكُلًّا جَعَلْنَا صَـٰلِحِينَ
Wa-wahabnaa lahooo ʹIsḥaaq̣: wa-Yaʻq̣ooba naafilah: wa-kullañ jaʻalnaa Ṣaaliḥeen.
තවද ඉස්හාක් හා ඊට අමතරව යඃකූබ් ද ඔහුට අපි පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුව ම දැහැමියන් බවට අපි පත් කළෙමු.
-
21:73
وَجَعَلْنَـٰهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَآ إِلَيْهِمْ فِعْلَ ٱلْخَيْرَٰتِ وَإِقَامَ ٱلصَّلَوٰةِ وَإِيتَآءَ ٱلزَّكَوٰةِ ۖ وَكَانُوا۟ لَنَا عَـٰبِدِينَ
Wa-jaʻalnaahum ʹAʹimmatañy yahdoona biʹAmrinaa wa-ʹawḥaynaaa ʹilayhim fiʻlal khayraati wa-ʹiq̣aamaṣ Ṣalaati wa-ʹeetaaaʹaz Zakaah; wa-kaanoo lanaa ʻaabideen.
තවද අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් බවට අපි ඔවුන් පත් කළෙමු. තවද යහ ක්‍රියා සිදු කිරීමටත්, සලාතය විධිමත්ව ඉටු කිරීමටත්, zසකාත් පිරිනැමීමටත් ඔවුන් වෙත අපි දේව පණිවිඩ එව්වෙමු. තවද ඔවුහු අපට නැමදුම් කරන්නන් වූහ.
-
21:74
وَلُوطًا ءَاتَيْنَـٰهُ حُكْمًا وَعِلْمًا وَنَجَّيْنَـٰهُ مِنَ ٱلْقَرْيَةِ ٱلَّتِى كَانَت تَّعْمَلُ ٱلْخَبَـٰٓئِثَ ۗ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍ فَـٰسِقِينَ
Wa-Looṭan ʹaataynaahu Ḥukmañw WaʻIlmañw Wanajjaynaahu minal q̣aryatil latee kaanat taʻmalul khabaaaʹis̤. ʹinnahum kaanoo q̣awma Sawʹiñ faasiq̣een.
තවද ලූත්ට ප්‍රඥාව හා ඥානය අපි පිරිනැමුවෙමු. තවද අශීලාචාරකම් සිදු කරමින් තිබූ ගම්මානයෙන් අපි ඔහුව මුදවා ගත්තෙමු. නියත වශයෙන් ම ඔවුහු පාපතර නපුරු පිරිසක් වූහ.
-
21:75
وَأَدْخَلْنَـٰهُ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُۥ مِنَ ٱلصَّـٰلِحِينَ
Wa-ʹadkhalnaahu fee Raḥmatinaa: ʹinnahoo minaṣ Ṣaaliḥeen.
තවද අපි ඔහුව අපගේ ආශිර්වාදය තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන් ම ඔහු දැහැමියන් අතරින් විය.
-
21:76
وَنُوحًا إِذْ نَادَىٰ مِن قَبْلُ فَٱسْتَجَبْنَا لَهُۥ فَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ
Wa-Nooḥan ʹiz naadaa miñ q̣ablu fastajabnaa lahoo fanajjaynaahu wa-ʹahlahoo minal karbil ʻaz̤̣eem.
තවද නූහ්, මීට පෙර ඔහු ඇමතූ අවස්ථාවේ අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහු හා ඔහුගේ පවුල මහත් වූ විනාශයෙන් මුදවා ගත්තෙමු.
-
21:77
وَنَصَرْنَـٰهُ مِنَ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَـٰهُمْ أَجْمَعِينَ
Wa-naṣarnaahu minal q̣awmil laẓeena kaẓẓaboo biʹAayaatinaa: ʹinnahum kaanoo q̣awma Sawʹiñ faʹag̣raq̣naahum ʹajmaʻeen.
තවද අපගේ වදන් බොරු කළ ජනයාගෙන් (මුදවා) අපි ඔහුට උදව් කළෙමු. නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ පිරිසක් වූහ. එහෙයින් ඔවුන් සියලු දෙනා අපි (ජලයේ) ගිල්වූයෙමු.
-
21:78
وَدَاوُۥدَ وَسُلَيْمَـٰنَ إِذْ يَحْكُمَانِ فِى ٱلْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ ٱلْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَـٰهِدِينَ
Wa-Daawooda wa-Sulaymaana ʹiẓ yaḥkumaani fil ḥars̤i ʹiẓ nafashat feehi g̣anamul q̣awm: wa-kunnaa liḥukmihim Shaahideen.
තවද දාවූද් හා සුලෙයිමාන්, පිරිසකගේ එළුවන් (රාත්‍රියෙහි අයාලෙ) එහි කඩා වැදුණු ගොවිබිමක් සම්බන්ධ (නඩු)ව ඔවුන් දෙදෙනා විනිශ්චය කළ අවස්ථාව මෙනෙහි කර බලනු. තවද ඔවුන්ගේ විනිශ්චය සඳහා අපි සාක්ෂිකරුවන් ලෙස සිටියෙමු.
-
21:79
فَفَهَّمْنَـٰهَا سُلَيْمَـٰنَ ۚ وَكُلًّا ءَاتَيْنَا حُكْمًا وَعِلْمًا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُۥدَ ٱلْجِبَالَ يُسَبِّحْنَ وَٱلطَّيْرَ ۚ وَكُنَّا فَـٰعِلِينَ
Fafahhamnaahaa Sulaymaan: wa-kullan ʹaataynaa Ḥukmañw waʻIlmaa; wa-sakh-kharnaa maʻa Daawoodal jibaala yusabbiḥna waṭṭayr: wa-kunnaa faaʻileen.
සුලෙයිමාන්ට අපි එය අවබෝධ කර දුන්නෙමු. තවද ඒ සෑම කෙනෙකුට ම අපි ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද දාවූද් සමඟ (අල්ලාහ් ව) සුවිශුද්ධ කරන කඳු හා පක්ෂීන් වසඟ කර දුන්නෙමු. තවද අපි එය සිදු කරන්නන් ලෙස සිටියෙමු.
-
21:80
وَعَلَّمْنَـٰهُ صَنْعَةَ لَبُوسٍ لَّكُمْ لِتُحْصِنَكُم مِّنۢ بَأْسِكُمْ ۖ فَهَلْ أَنتُمْ شَـٰكِرُونَ
Wa-ʻallamnaahu ṣanʻata laboosil lakum lituḥṣinakum mim baʹsikum: fahal ʹañtum shaakiroon?
තවද නුඹලාගේ යුද ගැටුමින් නුඹලාව ආරක්ෂා කරනු පිණිස නුඹලා වෙනුවෙන් යුද ඇඳුම් නිපදවීමේ කලාව අපි ඔහුට ඉගැන්වූයෙමු. (මෙසේ තිබිය දී) නුඹලා තුති පුදන්නන් වන්නෙහු ද?
-
21:81
وَلِسُلَيْمَـٰنَ ٱلرِّيحَ عَاصِفَةً تَجْرِى بِأَمْرِهِۦٓ إِلَى ٱلْأَرْضِ ٱلَّتِى بَـٰرَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَىْءٍ عَـٰلِمِينَ
Wa-li-Sulaymaanar reeḥa ʻaaṣifatañ tajree biʹamriheee ʹilal ʹarḍil latee baaraknaa feehaa: wa- kunnaa bikulli shayʹin ʻaalimeen.
තවද සුලෙයිමාන්ට සැඩ සුළඟ ද පිරිනැමුවෙමු. ඔහුගේ අණින් අපි සමෘද්ධිමත් කළ භූමිය වෙත එය ගමන් කරයි. තවද සියලු දෑ පිළිබඳව අපි දැනුමැත්තන් ලෙස සිටියෙමු.
-
21:82
وَمِنَ ٱلشَّيَـٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَـٰفِظِينَ
Wa-minash shayaaṭeeni mañy yag̣ooṣoona lahoo wa-yaʻmaloona ʻamalañ doona ẓaalik; wa-kunnaa lahum Ḥaafiz̤̣een.
තවද ඔහු වෙනුවෙන් කිමිද යන්නන් හා ඒ හැර (ඔහුට) සේවය කරන්නන් ද ෂෙයිතානුන් අතරින් වූහ. තවද ඔවුනට ආරක්ෂාව සපයන්නන් ලෙස අපි සිටියෙමු.
-
21:83
۞ وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلضُّرُّ وَأَنتَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ
Wa-ʹAyyooba ʹiẓ naadaa Rabbahooo ʹannee massaniyaḍ ḍurru wa-ʹAñta ʹArḥamur raaḥimeen.
තවද අය්යූබ්, "නියත වශයෙන් ම පීඩාව මා වැලඳ ඇත. තවද නුඹ කරුණාවන්තයින් අතර මහා කරුණාන්විතයාණන්" යැයි ඔහු ඔහුගේ පරමාධිපතිව ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.
-
21:84
فَٱسْتَجَبْنَا لَهُۥ فَكَشَفْنَا مَا بِهِۦ مِن ضُرٍّ ۖ وَءَاتَيْنَـٰهُ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنْ عِندِنَا وَذِكْرَىٰ لِلْعَـٰبِدِينَ
Fastajabnaa lahoo fakashafnaa maa- bihee miñ ḍurriñw waʹaataynaahu ʹahlahoo wa-mis̤lahum maʻahum Raḥmatam min ʻIñdinaa waẓikraa lilʻaabideen.
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. පසුව කවර පීඩාවක් ඔහුට වී ද එය අපි ඉවත් කළෙමු. තවද අපි ඔහුට ඔහුගේ පවුල ද ඔවුන් සමඟ වූ ඔවුන් හා සමාන අය ද අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙන් හා නැමදුම් කරන්නන්හට මෙනෙහි කිරීමක් වශයෙන් පිරිනැමුවෙමු.
-
21:85
وَإِسْمَـٰعِيلَ وَإِدْرِيسَ وَذَا ٱلْكِفْلِ ۖ كُلٌّ مِّنَ ٱلصَّـٰبِرِينَ
Wa-ʹIsmaaʻeela wa-ʹIdreesa wa-Ẓal kifl: kullum minaṣ Ṣaabireen;
තවද ඉස්මාඊල්, ඉද්රීස් හා දුල් කිෆ්ල්, සියල්ලෝ ම ඉවසිලිවන්තයින් අතරින් වූහ.
-
21:86
وَأَدْخَلْنَـٰهُمْ فِى رَحْمَتِنَآ ۖ إِنَّهُم مِّنَ ٱلصَّـٰلِحِينَ
Wa-ʹadkhalnaahum fee Raḥmatinaa: ʹinnahum minaṣ Ṣaaliḥeen.
තවද අපි ඔවුන්ව අපගේ දයාව තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන් ම ඔවුහු දැහැමියන් අතරින් වූහ.
-
21:87
وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَـٰضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِى ٱلظُّلُمَـٰتِ أَن لَّآ إِلَـٰهَ إِلَّآ أَنتَ سُبْحَـٰنَكَ إِنِّى كُنتُ مِنَ ٱلظَّـٰلِمِينَ
Wa-Ẓan Nooni ʹiẓ ẓahaba mug̣aaḍibañ fa-Z̤̣anna ʹal lan naq̣dira ʻalayhi fanaadaa fiz̤̣ z̤̣ulumaati ʹal ˹Laaa ʹilaaha ʹillaaa ʹAñta Subḥaanaka ʹinnee kuñtu minaz̤̣ z̤̣aalimeen˺!
තවද මත්සයාට අයත් (යූනුස්), ඔහු කෝපයට පත්ව ගිය අවස්ථාවේ ඔහු වෙත අපි බලය නො දරනු ඇතැයි ඔහු සිතුවේ ය. පසුව ඔහු අන්ධකාරයන්හි සිට ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔබ සුවිශුද්ධ ය. නියත වශයෙන් ම මම අපරාධකරුවන් අතරින් වීමි යැයි ඇමතී ය.
-
21:88
فَٱسْتَجَبْنَا لَهُۥ وَنَجَّيْنَـٰهُ مِنَ ٱلْغَمِّ ۚ وَكَذَٰلِكَ نُـۨجِى ٱلْمُؤْمِنِينَ
Fastajabnaa lahoo wa-najjaynaahu minal g̣amm: wa-kaẓaalika nuñjil Muʹmineen.
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහුව දුකින් මුදවා ගත්තෙමු. එලෙසය අපි දේවත්වය විශ්වාස කරන්නන් මුදවා ගනුයේ.
-
21:89
وَزَكَرِيَّآ إِذْ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرْنِى فَرْدًا وَأَنتَ خَيْرُ ٱلْوَٰرِثِينَ
Wa-Zakariyyaaa ʹiẓ naadaa Rabbahoo Rabbi laa- taẓarnee fardañw waʹAñta Khayrul waaris̤een.
තවද සකරිය්යා, මාගේ පරමාධිපතියාණනි! ඔබ මා තනිව අතහැර නො දමනු. තවද ඔබ උරුමක්කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයා යැයි ඔහු ඔහුගේ පරමාධිපතිව ඇමතුවේ ය.
-
21:90
فَٱسْتَجَبْنَا لَهُۥ وَوَهَبْنَا لَهُۥ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُۥ زَوْجَهُۥٓ ۚ إِنَّهُمْ كَانُوا۟ يُسَـٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا ۖ وَكَانُوا۟ لَنَا خَـٰشِعِينَ
Fastajabnaa lahoo wa-wahabnaa lahoo Yaḥyaa wa-ʹaṣlaḥnaa lahoo zawjah. ʹInnahum kaanoo yusaariʻoona fil khayraati wa-yadʻoonanaa rag̣abañw warahabaa: wa-kaanoo lanaa khaashiʻeen.
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහුට යහ්යාව පිරිනැමුවෙමු. තවද අපි ඔහුට ඔහුගේ බිරිය දැහැමි කළෙමු. නියත වශයෙන් ම ඔවුහු යහකම් කිරීමෙහි යුහුසුලු වූහ. තවද ඔවුහු කැමැත්තෙන් හා බියෙන් අප ඇමතූහ. තවද ඔවුහු අපහට බියෙන් පසුවන්නන් වූහ.
-
21:91
وَٱلَّتِىٓ أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَـٰهَا وَٱبْنَهَآ ءَايَةً لِّلْعَـٰلَمِينَ
Wallateee ʹaḥṣanat farjahaa fanafakhnaa feehaa mir Rooḥinaa wa-jaʻalnaahaa wabnahaaa ʹAayatal lilʻaalameen.
තම කන්‍යා බව ආරක්ෂා කර ගත් තැනැත්තිය (වන මර්යම්) වනාහි එවිට අපි අපගේ ආත්මයෙන් ඇය තුළට පිඹිවෙමු. තවද ඇය හා ඇයගේ දරුවා ලෝවැසියන්හට සංඥාවක් බවට පත් කළෙමු.
-
21:92
إِنَّ هَـٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةً وَٰحِدَةً وَأَنَا۠ رَبُّكُمْ فَٱعْبُدُونِ
ʹInna haaẓiheee ʹummatukum ʹUmmatañw Waaḥidatañw WaʹAna Rabbukum faʻbudoon.
නියත වශයෙන් ම මේ නුඹලාගේ ජනසමූහය එක ම ජන සමූහයකි. තවද නුඹලාගේ පරමාධිපති මම වෙමි. එහෙයින් නුඹලා මට ම නැමදුම් කරනු.
-
21:93
وَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَٰجِعُونَ
Wa-taq̣aṭṭaʻooo ʹamrahum̃ baynahum: kullun ʹilaynaa raajiʻoon.
තවද ඔවුන්ගේ (ආගමික) කටයුතු ඔවුන් අතර වෙන් කර ගත්තෝ ය. සියලු දෙනා අප වෙත නැවත හැරී එන්නෝ වෙති.
-
21:94
فَمَن يَعْمَلْ مِنَ ٱلصَّـٰلِحَـٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِۦ وَإِنَّا لَهُۥ كَـٰتِبُونَ
Famañy yaʻmal minaṣ Ṣaaliḥaati wa-huwa Muʹminuñ falaa kufraana lisaʻyih: wa-ʹInnaa lahoo katiboon.
එහෙයින් කවරෙකු දේවත්වය විශ්වාස කරන්නකු ලෙස සිට යහකම් කරන්නේද, එවිට ඔහුගේ ශ්‍රමයට කිසිදු ප්‍රතික්ෂේපයක් නොමැත. තවද නියත වශයෙන් ම අපි ඔහු වෙනුවෙන් (එය) සටහන් කරන්නෝ වෙමු.
-
21:95
وَحَرَٰمٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَـٰهَآ أَنَّهُمْ لَا يَرْجِعُونَ
Waḥaraamun ʻalaa q̣aryatin ʹahlaknaahaaa ʹannahum laa- yarjiʻoon.
අප විනාශ කළ ගම්මාන වෙත (එහි ජනයා නැවත පැමිණීම) තහනම් විය. නියත වශයෙන් ම ඔවුහු නැවත හැරී නො එති.
-
21:96
حَتَّىٰٓ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍ يَنسِلُونَ
Hattaaa ʹiẓaa futiḥat Yaʹjooju wa-Maʹjooju wa-hum miñ kulli ḥadabiñy yañsiloon.
අවසානයේ (බාධක) විවෘත කරනු ලැබු විට යඃජූජ් හා මඃජූජ් වන ඔවුහු සෑම උස් තැනකින් ම වේගයෙන් පැමිණෙනු ඇත.
-
21:97
وَٱقْتَرَبَ ٱلْوَعْدُ ٱلْحَقُّ فَإِذَا هِىَ شَـٰخِصَةٌ أَبْصَـٰرُ ٱلَّذِينَ كَفَرُوا۟ يَـٰوَيْلَنَا قَدْ كُنَّا فِى غَفْلَةٍ مِّنْ هَـٰذَا بَلْ كُنَّا ظَـٰلِمِينَ
Waq̣tarabal Waʻdul Ḥaq̣q̣u faʹiẓaa hiya shaakhiṣatun ʹabṣaarul laẓeena kafaroo: yaawaylanaa q̣ad kunnaa fee g̣aflatim min haaẓaa bal kunnaa z̤̣aalimeen!
තවද සත්‍ය ප්‍රතිඥාව සමීප වී ඇත. එවිට ප්‍රතික්ෂේප කළවුන්ගේ බැල්ම පහත්ව පවතී. අහෝ අපගේ විනාශය! සැබැවින් ම අපි මේ ගැන අනවධානයෙහි පසු වූයෙමු. එසේ නොව අපි අපරාධකරුවන් වූයෙමු.
-
21:98
إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَٰرِدُونَ
ʹInnakum wa-maa taʻbudoona miñ doonil laahi ḥaṣabu Jahannam! ʹañtum lahaa waaridoon!
නියත වශයෙන් ම නුඹලා හා අල්ලාහ් හැර දමා නුඹලා නමදින දෑ නිරයේ ඉන්ධන වෙයි. නුඹලා ඒ වෙත පැමිණෙන්නෝ වෙති.
-
21:99
لَوْ كَانَ هَـٰٓؤُلَآءِ ءَالِهَةً مَّا وَرَدُوهَا ۖ وَكُلٌّ فِيهَا خَـٰلِدُونَ
Law kaana haaaʹulaaaʹi ʹaalihatam maa waradoohaa! wa-kulluñ feehaa khaalidoon.
ඔවුන් දෙවිවරුන් වූයේ නම් ඔවුහු ඒ වෙත පැමිණෙන්නේ නැත. තවද සියල්ලෝ ම එහි සදාතනිකයෝ වෙති.
-
21:100
لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ
Lahum feehaa zafeeruñw wahum feehaa laa- yasmaʻoon.
එහි ඔවුනට විලාපයයි. තවද ඔවුහු එහි (වෙනත් කිසිවකට) සවන් නො දෙති.
-
21:101
إِنَّ ٱلَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا ٱلْحُسْنَىٰٓ أُو۟لَـٰٓئِكَ عَنْهَا مُبْعَدُونَ
ʹInnal laẓeena sabaq̣at lahum minnal Ḥusnaaa ʹulaaaʹika ʻanhaa mubʻadoon.
නියත වශයෙන් ම පෙර ඉකුත්ව ගිය, අපගෙන් යහපත හිමි අය වනාහි ඔවුහු එයින් (නිරයෙන්) දුරස් කරනු ලබන්නෝ වෙති.
-
21:102
لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِى مَا ٱشْتَهَتْ أَنفُسُهُمْ خَـٰلِدُونَ
Laa- yasmaʻoona ḥaseesahaa: wa-hum fee mash tahat ʹañfusuhum khaalidoon.
ඔවුහු එහි කෙඳීරීමට සවන් නො දෙති. තවද ඔවුන්ගේ සිත් ආශා කරන දෑහි ඔවුහු සදාතනිකයෝ වෙති.
-
21:103
لَا يَحْزُنُهُمُ ٱلْفَزَعُ ٱلْأَكْبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلْمَلَـٰٓئِكَةُ هَـٰذَا يَوْمُكُمُ ٱلَّذِى كُنتُمْ تُوعَدُونَ
Laa- yaḥzunuhumul Fazaʻul ʹAkbaru wa-tatalaq̣-q̣aahumul malaaaʹikah: haaẓaa Yawmukumul laẓee kuñtum tooʻadoon.
ඉමහත් භීතිය ඔවුන් දුකට පත් නො කරයි. තවද මෙය නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි නුඹලාගේ දිනය වේ යැයි (පවසමින්) මලක්වරු ඔවුන් මුණ ගැසෙති.
-
21:104
يَوْمَ نَطْوِى ٱلسَّمَآءَ كَطَىِّ ٱلسِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَآ أَوَّلَ خَلْقٍ نُّعِيدُهُۥ ۚ وَعْدًا عَلَيْنَآ ۚ إِنَّا كُنَّا فَـٰعِلِينَ
Yawma naṭwis samaaaʹa kaṭayyis sijilli lilkutub: kamaa badaʹnaaa ʹawwala khalq̣in nuʻeeduh: waʻdan ʻalaynaa: ʹInnaa kunnaa faaʻileen.
ලේඛන ගත කළ පොත් හකුළන්නාක් මෙන් අහස අපි හකුළන දින, මුල්වරට අපි මැවීම් ආරම්භ කළාක් මෙන් එය නැවත ගෙන එන්නෙමු. එය අප වෙත පැවරුණු ප්‍රතිඥාවක් වශයෙනි. නියත වශයෙන් ම අපි එය සිදු කරන්නන් වූයෙමු.
-
21:105
وَلَقَدْ كَتَبْنَا فِى ٱلزَّبُورِ مِنۢ بَعْدِ ٱلذِّكْرِ أَنَّ ٱلْأَرْضَ يَرِثُهَا عِبَادِىَ ٱلصَّـٰلِحُونَ
Wa-laq̣ad katabna fiz Zaboori mim baʻdiẓ Ẓikri ʹannal ʹarḍa yaris̤uhaa ʻIbaadiyaṣ Ṣaaliḥoon.
තවද නියත වශයෙන් ම උපදෙසින් පසු සබූර් ධර්ම ග්‍රන්ථයෙහි "සැබැවින් ම මහපොළොව එය මාගේ දැහැමි ගැත්තෝ උරුමකර ගනිති " යැයි අපි සටහන් කළෙමු.
-
21:106
إِنَّ فِى هَـٰذَا لَبَلَـٰغًا لِّقَوْمٍ عَـٰبِدِينَ
ʹInna fee haaẓaa la-Balaag̣al liq̣awmin ʻAabideen.
නියත වශයෙන් ම මෙහි නැමදුම් කරන ජනයාහට නිවේදනයක් ඇත.
-
21:107
وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا رَحْمَةً لِّلْعَـٰلَمِينَ
Wa-maaa ʹarsalnaaka ʹillaa Raḥmatal lilʻaalameen.
තවද ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹ නො එව්වෙමු.
-
21:108
قُلْ إِنَّمَا يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَٰحِدٌ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ
Q̣ul ʹinnamaa yooḥaaa ʹilayya ʹannamaaa ʹIlaahukum ʹIlaahuñw Waaḥid: fahal ʹañtum Muslimoon?
මා වෙත දේව පණිවිඩ දන්වනු ලබනුයේ, නුඹලාගේ දෙවිඳා එක ම දෙවිඳාණන් බව ය. එහෙයින් නුඹලා අවනත වන්නෝ වෙත් ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.
-
21:109
فَإِن تَوَلَّوْا۟ فَقُلْ ءَاذَنتُكُمْ عَلَىٰ سَوَآءٍ ۖ وَإِنْ أَدْرِىٓ أَقَرِيبٌ أَم بَعِيدٌ مَّا تُوعَدُونَ
Faʹiñ tawallaw faq̣ul ʹaaẓañtukum ʻalaa sawaaaʹ; wa-ʹin ʹadreee ʹaq̣areebun ʹam̃ baʻeedum maa tooʻadoon.
එහෙයින් ඔවුන් පිටුපෑවේ නම් එවිට "මම නුඹලාට එක සමානව දැනුම් දී ඇත්තෙමි. නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීපයෙන් ද එසේ නැතහොත් දුරින්ද යැයි මම නො දනිමි" යැයි (නබිවරය!) නුඹ පවසනු.
-
21:110
إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ مِنَ ٱلْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ
ʹInnahoo yaʻlamul jahra minal q̣awli wa-yaʻlamu maa- taktumoon.
නියත වශයෙන් ම ප්‍රකාශයෙන් හෙළි වන දෑ ද ඔහු දනියි. තවද නුඹලා සඟවන දෑ ද ඔහු දනියි.
-
21:111
وَإِنْ أَدْرِى لَعَلَّهُۥ فِتْنَةٌ لَّكُمْ وَمَتَـٰعٌ إِلَىٰ حِينٍ
Wa-ʹin ʹadree laʻallahoo fitnatul lakum wa-mataaʻun ʹilaa ḥeen.
තවද එය (එසේ ප්‍රමාදවීම) නුඹලාට පරීක්ෂණයක් ලෙස හෝ මද කලකට භුක්ති විඳීමක් ලෙස හෝ විය හැකි දැ? යි මම නො දනිමි.
-
21:112
قَـٰلَ رَبِّ ٱحْكُم بِٱلْحَقِّ ۗ وَرَبُّنَا ٱلرَّحْمَـٰنُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ
Q̣aala Rabbiḥ kum̃ bil-Ḥaq̣q̣! Wa-Rabbunar Raḥmaanul Mustaʻaanu ʻalaa maa- taṣifoon!
මාගේ පරමාධිපතියාණනි! නුඹ සත්‍යයයෙන් යුතුව තීන්දු දෙනු මැනව! නුඹලා වර්ණනා කරන දෑට විරුද්ධව මහා කරුණාන්විතයාණන් වූ අපගේ පරමාධිපති උදව් පතනු ලබන්නාය යැයි ඔහු (මුහම්මද්) පැවසී ය.
Surah Al-HajjBegins here at 22:1
-
22:1
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ ٱلسَّاعَةِ شَىْءٌ عَظِيمٌ
Yaaaʹayyuhan naasut taq̣oo Rabbakum! ʹInna zalzalatas Saaʻati shayʹun ʻaz̤̣eem!
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අවසන් හෝරාවේ කම්පනය අතිබලවත් කරුණකි.
-
22:2
يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّآ أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَـٰرَىٰ وَمَا هُم بِسُكَـٰرَىٰ وَلَـٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٌ
Yawma tarawnahaa taẓhalu kullu murḍiʻatin ʻammaaa ʹarḍaʻat wa-taḍaʻu kullu ẓaati ḥamlin ḥamlahaa wa-taran naasa sukaaraa wa-maa hum̃ bisukaaraa wa-laakinna ʻaẓaabal laahi shadeed.
නුඹලා එය දකින දින, කිරි දෙන සෑම මවක්ම තමන් කිරි දෙන අයගෙන් (තම අවධානය) වෙනතකට යොමු කරයි. තවද දරු ගැබ් ගත් සෑම කතක් ම ඇයගේ ගැබ්බර (බිම) හෙළයි. තවද නුඹ ජනයා මත්වූවන් සේ දකිනු ඇත. එහෙත් ඔවුන් මත්වූවන් නො වෙති. එනමුත් අල්ලාහ්ගේ දඬුවම ඉතා දැඩි ය.
-
22:3
وَمِنَ ٱلنَّاسِ مَن يُجَـٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَـٰنٍ مَّرِيدٍ
Wa-minan naasi mañy yujaadilu fil laahi big̣ayri ʻilmiñw Wayattabiʻu kulla shayṭaanim mareed!
තවද කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් සම්බන්ධයෙන් තර්ක කරන නොමඟ යවන සෑම ෂෙයිතානුවෙක්ම අනුගමනය කරන අය ජනයා අතරින් වෙති.
-
22:4
كُتِبَ عَلَيْهِ أَنَّهُۥ مَن تَوَلَّاهُ فَأَنَّهُۥ يُضِلُّهُۥ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ
Kutiba ʻalayhi ʹannahoo mañ tawallaahu faʹannahoo yuḍilluhoo wa-yahdeehi ʹilaa ʻAẓaabis Saʻeer.
සැබැවින් ම කවරෙකු ඔහු භාරකාරත්වය යටතේ ගත්තේ ද නියත වශයෙන් ම ඔහු ඔහුව නොමඟ යවනු ඇත. තවද ඇවිළෙන නිරා ගින්නේ දඬුවමට ඔහු මග පෙන්වනු ඇතැයි ඔහු කෙරෙහි නියම කරන ලදි.
-
22:5
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى رَيْبٍ مِّنَ ٱلْبَعْثِ فَإِنَّا خَلَقْنَـٰكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِى ٱلْأَرْحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ ۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِنۢ بَعْدِ عِلْمٍ شَيْـًٔا ۚ وَتَرَى ٱلْأَرْضَ هَامِدَةً فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ وَأَنۢبَتَتْ مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍ
Yaaaʹayyuhan naasu ʹiñ kuñtum fee raybim minal Baʻs̤i faʹinnaa khalaq̣naakum miñ turaabiñ s̤umma min nuṭfatiñ s̤umma min ʻalaq̣atiñ s̤umma mim muḍg̣atim mukhallaq̣atiñw wag̣ayri mukhallaq̣atil linubayyina lakum. Wa-nuq̣irru fil ʹarḥaami maa- nashaaaʹu ʹilaaa ʹajalim musammañ s̤umma nukhrijukum ṭiflañ s̤umma litablug̣ooo ʹashuddakum; wa-miñkum mañy yutawaffaa wa-miñkum mañy yuraddu ʹilaaa ʹarẓalil ʻumuri likaylaa yaʻlama mim baʻdi ʻilmiñ shayʹaa. Wa-taral ʹarḍa haamidatañ faʹiẓaaa ʹañzalnaa ʻalayhal maaaʹah tazzat wa-rabat wa-ʹambatat miñ kulli zawjim baheej.
අහෝ ජනයිනි! නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන් ම අපි නුඹලාව පසින්ද, පසුව ශුක්‍රාණුවෙන්ද, පසුව ලේ කැටියෙන් ද, පසුව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ්තුළ රඳවන්නෙමු. පසුව අපි බිළිදෙකු ලෙසින් නුඹලාව බැහැර කරන්නෙමු. පසුව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන් ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළිව දකිනු ඇත. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී, වැඩී සරුසාර සෑම වර්ගයකින් ම පැළෑටිහට ගනියි.
-
22:6
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّهُۥ يُحْىِ ٱلْمَوْتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
Ẓaalika biʹannal laaha Huwal Ḥaq̣q̣u wa-ʹannahoo yuḥyil mawtaa wa-ʹannahoo ʻalaa kulli shayʹiñ Q̣adeer.
එය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය සත්‍යය වන බැවිනි. තවද නියත වශයෙන් ම ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
-
22:7
وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبْعَثُ مَن فِى ٱلْقُبُورِ
Wa-ʹannas Saaʻata ʹaatiyatul laa rayba feeha wa-ʹannal laaha yabʻas̤u mañ fil q̣uboor.
තවද නියත වශයෙන් ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නොමැත. තවද නියත වශයෙන් ම මිනිවළවල් තුළ සිටින්නන්ව අල්ලාහ් නැගිටුවයි.
-
22:8
وَمِنَ ٱلنَّاسِ مَن يُجَـٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَـٰبٍ مُّنِيرٍ
Wa-minan naasi mañy yujaadilu fil laahi big̣ayri ʻilmiñw walaa Hudañw Walaa Kittabim Muneer,
තවද කිසිදු දැනුමකින් තොරව එමෙන් ම කිසිදු මග පෙන්වීමකින් තොරව හා ආලෝකමත් ධර්ම ග්‍රන්ථයකින් තොරව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නන් ජනයා අතර සිටිති.
-
22:9
ثَانِىَ عِطْفِهِۦ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ ۖ لَهُۥ فِى ٱلدُّنْيَا خِزْىٌ ۖ وَنُذِيقُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ عَذَابَ ٱلْحَرِيقِ
S̤aaniya ʻiṭfihee liyuḍilla ʻañ Sabeelil laah: lahoo fid dunyaa khizyuñw wanuẓeeq̣uhoo Yawmal Q̣iyaamati ʻAẓaabal Ḥareeq̣.
(ඔහු) අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යැවීමට තම ගෙල වෙනතකට හරවමින් සිටියි. ඔහුට මෙලොවෙහි අවමානය ඇත. තවද අපි ඔහුට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැවෙන (ගින්නේ) දඬුවම භුක්ති විඳින්නට සලස්වන්නෙමු.
-
22:10
ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّـٰمٍ لِّلْعَبِيدِ
Ẓaalika bimaa q̣addamat yadaaka wa-ʹannal laaha laysa biz̤̣allaamil lilʻabeed.
එය නුඹගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වේ.
-
22:11
وَمِنَ ٱلنَّاسِ مَن يَعْبُدُ ٱللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُۥ خَيْرٌ ٱطْمَأَنَّ بِهِۦ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجْهِهِۦ خَسِرَ ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةَ ۚ ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ
Wa-minan naasi mañy yaʻbudul laaha ʻalaa ḥarf: faʹin ʹaṣaabahoo khayruniṭ maʹanna bih; wa-ʹin ʹaṣaabathu fitnatuniñ q̣alaba ʻalaa wajhih; khasirad dunyaa wal-ʹAakhirah; ẓaalika huwal khusraanul Mubeen.
තවද ජනයා අතරින් මායිමක් මත සිට අල්ලාහ්ට නැමදුම් කරන්නා ද වෙයි. යම් යහපතක් ඔහුට ඇති වූයේ නම් එමඟින් ඔහු සැනසුමට පත් වෙයි. එහෙත් ඔහුට යම් අර්බුදයක් ඇති වූයේ නම් ඔහුගේ මුහුණ මත හැරී යයි. මෙලොවෙහි හා මතුලොවෙහි ඔහු පරාජිත විය. ප්‍රකට ඉමහත් පරාජය එය ම ය.
-
22:12
يَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥ ۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَـٰلُ ٱلْبَعِيدُ
Yadʻoo miñ doonil laahi maa laa- yaḍurruhoo wamaa laa- yañfaʻuh: ẓaalika huwaḍ ḍalaalul baʻeed!
ඔහු අල්ලාහ් හැර දමා තමන්ට හානියක් සිදු කළ නො හැකි එමෙන් ම තමන්ට ඵලක් නො දෙන දෑට අයැද සිටියි. එය මය අන්ත මුළාව වනුයේ.
-
22:13
يَدْعُوا۟ لَمَن ضَرُّهُۥٓ أَقْرَبُ مِن نَّفْعِهِۦ ۚ لَبِئْسَ ٱلْمَوْلَىٰ وَلَبِئْسَ ٱلْعَشِيرُ
Yadʻoo lamañ ḍarruhooo ʹaq̣rabu min nafʻih: labiʹsal mawlaa wa-labiʹsal ʻasheer!
ඔහුගේ ප්‍රයෝජනයට වඩා ඔහුගේ හානිය සමීපව ඇත්තාගෙන් ඔහු අයැද සිටියි. (එසේ ඔහු පතන) එම භාරකරු නපුරු විය. තවද එම සහකරු නපුරු විය.
-
22:14
إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يُرِيدُ
ʹInnal laaha yudkhilul laẓeena ʹaamanoo wa-ʻamiluṣ Ṣaaliḥaati Jannaatiñ tajree miñ taḥtihal ʹanhaar: ʹinnal laaha yafʻalu maa- yureed.
නියත වශයෙන් ම අල්ලාහ් විශ්වාස කොට යහකම් කළවුන් ඊට යටින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වෙත ඇතුළත් කරයි. නියත වශයෙන් ම අල්ලාහ් තමන් සිතන දෑ සිදු කරයි.
-
22:15
مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُۥ مَا يَغِيظُ
Mañ kaana yaz̤̣unnu ʹal lañy yañṣurahul laahu fid dunyaa wal-ʹAakhirati fal-yamdud bisababin ʹilas samaaaʹi s̤ummal yaq̣ṭaʻ falyañz̤̣ur hal yuẓhibanna kayduhoo maa- yag̣eez̤̣!
මෙලොව හා මතුලොව අල්ලාහ් ඔහුට උදව් නො කරන්නේ ම යැයි කවරෙකු සිතන්නේ ද, ඔහු අහස දෙසට ආධාරකයක් දිගු කොට පසුව එය කපා හරිත්වා! එවිට ඔහුගේ කුමන්ත්‍රණය ඔහු කෝපය ඇති කරන දෑ ඉවත් කරනු ඇත්දැයි ඔහු බලත්වා!
-
22:16
وَكَذَٰلِكَ أَنزَلْنَـٰهُ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍ وَأَنَّ ٱللَّهَ يَهْدِى مَن يُرِيدُ
Wa-kaẓaalika ʹañzalnaahu ʹAayaatim Bayyinaatiñw Waʹannal laaha yahdee mañy yureed!
තවද එලෙස අපි මෙය (අල් කුර්ආනය) පැහැදිලි සංඥාවන් වශයෙන් පහළ කළෙමු. තවද නියත වශයෙන් ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි.
-
22:17
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّـٰبِـِٔينَ وَٱلنَّصَـٰرَىٰ وَٱلْمَجُوسَ وَٱلَّذِينَ أَشْرَكُوٓا۟ إِنَّ ٱللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ
ʹInnal laẓeena ʹaamanoo wallaẓeena haadoo waṣ-Ṣaabiʹeena wan-Naṣaaraa wal-Majoosa wallaẓeena ʹashrakooo ʹinnal laaha yafṣilu baynahum Yawmal Q̣iyaamah: ʹinnal laaha ʻalaa kulli shayʹiñ Shaheed.
නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද, යුදෙව් වූවන් ද, සාබිඌන්වරු ද, කිතුනුවන් ද, ගිනි පුදන්නන් ද, ආදේශ කළවුන් ද නියත වශයෙන් ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් අතර විනිශ්චය ලබා දෙයි. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂක ය.
-
22:18
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَسْجُدُ لَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ وَٱلنُّجُومُ وَٱلْجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٌ مِّنَ ٱلنَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ ٱلْعَذَابُ ۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكْرِمٍ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يَشَآءُ ۩
ʹAlam tara ʹannal laaha yasjudu lahoo mañ fis samaawaati wa-mañ fil ʹarḍi washshamsu walq̣amaru wan-nujoomu wal-jibaalu washshajaru wad-dawaaabbu wa-kas̤eerum minan naas? Wa-kas̤eerun ḥaq̣q̣a ʻalayhil ʻAẓaab. Wa-mañy yuhinil laahu famaa lahoo mim mukrim: ʹinnal laaha yafʻalu maa- yashaaaʹ.
අහස්හි සිටින අය ද, මහපොළොවේ සිටින අය ද, හිරු ද, සඳු ද, තාරකා ද, කඳු ද, ගස් ද, සතුන් ද ජනයා අතරින් බහුතරයක් දෙනා ද නියත වශයෙන් ම අල්ලාහ්ට සුජූද් කරනු නුඹ නො දුටුවෙහි ද? නමුත් බහුතරයක් දෙනා කෙරෙහි දඬුවම නියම විය. අල්ලාහ් කවරෙකු අවමන් කළේ ද එවිට ගරු කරන කිසිවකු ඔහුට නොමැත. නියත වශයෙන් ම අල්ලාහ් ඔහු අභිමත කරන දෑ සිදු කරයි.
-
22:19
۞ هَـٰذَانِ خَصْمَانِ ٱخْتَصَمُوا۟ فِى رَبِّهِمْ ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِّن نَّارٍ يُصَبُّ مِن فَوْقِ رُءُوسِهِمُ ٱلْحَمِيمُ
Haaẓaani khaṣmaanikh taṣamoo fee Rabbihim: fal-laẓeena kafaroo q̣uṭṭiʻat lahum s̤iyaabum min Naar: yuṣabbu miñ fawq̣i ruʹoosihimul ḥameem.
මෙම විවාදිත දෙපිරිස තම පරාමාධිපති සම්බන්ධයෙන් විවාද කළෝ ය. එහෙයින් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන්හට (නිරා) ගින්නෙන් වූ ඇඟලුම් වෙන් කරන ලදි. ඔවුන්ගේ හිස්වලට ඉහළින් උණු දිය වක් කරනු ලැබේ.
-
22:20
يُصْهَرُ بِهِۦ مَا فِى بُطُونِهِمْ وَٱلْجُلُودُ
Yuṣharu bihee maa- fee buṭoonihim waljulood.
ඔවුන්ගේ උදරයන්හි ඇති දෑ හා හම් එමඟින් දිය කරනු ලැබේ.
-
22:21
وَلَهُم مَّقَـٰمِعُ مِنْ حَدِيدٍ
Wa-lahum maq̣aamiʻu min ḥadeed.
තවද ඔවුනට යකඩින් වූ අත් මුගුරු ඇත.
-
22:22
كُلَّمَآ أَرَادُوٓا۟ أَن يَخْرُجُوا۟ مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا۟ فِيهَا وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ
Kullamaaa ʹaraadooo ʹañy yakhrujoo minhaa min g̣ammin ʹuʻeedoo feehaa wa-ẓooq̣oo ʻaẓaabal Ḥareeq̣!
දුකින් ඔවුන් එතැනින් පිටත් වීමට සිතූ සෑම අවස්ථාවකම ඔවුහු ඒ තුළට නැවත යොමු කරනු ලබති. තවද නුඹලා දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසනු ලැබේ).
-
22:23
إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ
ʹInnal laaha yudkhilul laẓeena ʹaamanoo wa-ʻamiluṣ Ṣaaliḥaati Jannaatiñ tajree miñ taḥtihal ʹanhaaru yuḥallawna feehaa min ʹasaawira miñ ẓahabiñw waluʹluʹaa: wa-libaasuhum feehaa ḥareer.
ඊට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන්වලට, විශ්වාස කොට යහකම් කළවුන් නියත වශයෙන් ම අල්ලාහ් ඇතුළත් කරයි. එහි රනින් වූ වළලු ද, මුතු ද ඔවුනට පළඳවනු ලැබේ. තවද එහි ඔවුන්ගේ ඇඟලුම් සේද ය.
-
22:24
وَهُدُوٓا۟ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلْقَوْلِ وَهُدُوٓا۟ إِلَىٰ صِرَٰطِ ٱلْحَمِيدِ
Wa-hudooo ʹilaṭ Ṭayyibi minal Q̣awli wa-hudooo ʹilaa Ṣiraaṭil Ḥameed.
තවද ප්‍රකාශයෙන් පිවිතුරු දෑ වෙතට ඔවුහු මග පෙන්වනු ලැබූහ. තවද ප්‍රශංසනීය මාවත වෙත ද ඔවුහු මග පෙන්වනු ලැබූහ.
-
22:25
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلْمَسْجِدِ ٱلْحَرَامِ ٱلَّذِى جَعَلْنَـٰهُ لِلنَّاسِ سَوَآءً ٱلْعَـٰكِفُ فِيهِ وَٱلْبَادِ ۚ وَمَن يُرِدْ فِيهِ بِإِلْحَادٍۭ بِظُلْمٍ نُّذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ
ʹInnal laẓeena kafaroo wa-yaṣuddoona ʻañ Sabeelil laahi wal-Masjidil Ḥaraamil laẓee jaʻalnaahu linnaasi sawaaaʹanil ʻaakifu feehi walbaad. Wa-mañy yurid feehi biʹilḥaadim biz̤̣ulmin nuẓiq̣hu min ʻAẓaabin ʹaleem.
නියත වශයෙන් ම කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද තවද එහි රැඳී සිටින්නන්හට හා පිටස්තරයන්හට සමාන ලෙසින් අපි ජනයා වෙනුවෙන් පත් කළ ශුද්ධ වූ මස්ජිදයෙන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් කවරෙකු අවහිර කරන්නේ ද තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු.
-
22:26
وَإِذْ بَوَّأْنَا لِإِبْرَٰهِيمَ مَكَانَ ٱلْبَيْتِ أَن لَّا تُشْرِكْ بِى شَيْـًٔا وَطَهِّرْ بَيْتِىَ لِلطَّآئِفِينَ وَٱلْقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ
Wa-ʹiẓ bawwaʹnaa liʹIbraaheema Makaanal Bayti ʹal laa tushrik bee shayʹañw waṭahhir Baytiya liṭ-Ṭaaaʹifeena wal-Q̣aaaʹimeena war-Rukkaʻis Sujood.
තවද මට කිසිවක් ආදේශ නො කරනු. තවද නුඹ (කඃබාව වටා) තවාෆ් කරන්නන්හටත් නැගිට නැමදුම් ඉටු කරන්නන්හටත් (කොන්ද නමා දණහිස් අල්ලා) රුකූඃ කරන්නන්හටත් (නළල බිම තබා) සුජූද් කරන්නන්හටත් මාගේ ගෘහය පිරිසිදු කරනු යැයි පවසා (කඃබාව නම්) ගෘහයේ ස්ථානය ඉබ්රාහීම්ට අපි පවරා දුන් අවස්ථාව සිහිපත් කරනු.
-
22:27
وَأَذِّن فِى ٱلنَّاسِ بِٱلْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَىٰ كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ
Wa-ʹaẓẓin fin naasi bil-Ḥajji yaʹtooka rijaalañw wa-ʻalaa kulli ḍaamiriñy yaʹteena miñ kulli fajjin ʻameeq̣;
තවද හජ් ගැන ජනයා අතර නුඹ නිවේදනය කරනු. ඔවුහු පා ගමනින් ද ගිරිදුර්ග ස්ථානයන්හි සිට පැමිණෙන වැහැරී ගිය සෑම ඔටුවකු මත හිද ද නුඹ වෙත පැමිණෙයි.
-
22:28
لِّيَشْهَدُوا۟ مَنَـٰفِعَ لَهُمْ وَيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ فِىٓ أَيَّامٍ مَّعْلُومَـٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَـٰمِ ۖ فَكُلُوا۟ مِنْهَا وَأَطْعِمُوا۟ ٱلْبَآئِسَ ٱلْفَقِيرَ
Liyashhadoo manaafiʻa lahum wa-yaẓkurus mal laahi feee ʹAyyaamim Maʻloomaatin ʻalaa maa- razaq̣ahum mim baheematil ʹanʻaam: fakuloo minhaa wa-ʹaṭʻimul baaaʹisal faq̣eer.
ඔවුන් සතු ප්‍රයෝජන ඔවුන් දකිනු පිණිසත් නියමිත දින ගණන්වල ගොවිපළ සතුන් අතරින් ඔහු ඔවුනට පෝෂණය කළ දෑ කෙරෙහි (ඒවා කපන විට) අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිසත් ය. එහෙයින් නුඹලා එයින් අනුභව කරනු. තවද දුෂ්කරතා ඇති දිළින්දාට ආහාර සපයනු.
-
22:29
ثُمَّ لْيَقْضُوا۟ تَفَثَهُمْ وَلْيُوفُوا۟ نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا۟ بِٱلْبَيْتِ ٱلْعَتِيقِ
S̤ummal yaq̣ḍoo tafas̤ahum wal-yoofoo nuẓoorahum wal-yaṭṭawwafoo bil-Baytil ʻAteeq̣.
පසුව ඔවුහු ඔවුන්ගේ කිලිටි ඉවත් කරත්වා! තවද ඔවුන්ගේ භාරයන් ඉටු කරත්වා! තවද ඉපැරණි ගෘහය (වන කඃබාව) වටා ඔවුන් සක්මන් කරත්වා!
-
22:30
ذَٰلِكَ وَمَن يُعَظِّمْ حُرُمَـٰتِ ٱللَّهِ فَهُوَ خَيْرٌ لَّهُۥ عِندَ رَبِّهِۦ ۗ وَأُحِلَّتْ لَكُمُ ٱلْأَنْعَـٰمُ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ ۖ فَٱجْتَنِبُوا۟ ٱلرِّجْسَ مِنَ ٱلْأَوْثَـٰنِ وَٱجْتَنِبُوا۟ قَوْلَ ٱلزُّورِ
Ẓaalika wa-mañy yuʻaz̤̣z̤̣im Ḥurumaatil laahi fahuwa khayrul lahoo ʻiñda Rabbih. Wa-ʹuḥillat lakumul ʹanʻaamu ʹillaa maa- yutlaa ʻalaykum fajtanibur rijsa minal ʹaws̤aani wajtaniboo q̣awlaz zoor
(කඃබාව ඉදි කිරීමේ අරමුණ) එය වේ. තවද කවරෙකු අල්ලාහ්ගේ පාරිශුද්ධ දෑට ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපති අබියස ඔහුට යහපතක් වේ. තවද නුඹලා වෙත පාරායනය කර පෙන්වනු ලබන දෑ හැර ගොවිපළ සතුන් නුඹලාට අනුමත කරන ලදි. තවද පිළිමවල කිලිටෙන් නුඹලා වළකිනු. තවද නුඹලා බොරු කතාවෙන් වළකිනු.
-
22:31
حُنَفَآءَ لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِۦ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخْطَفُهُ ٱلطَّيْرُ أَوْ تَهْوِى بِهِ ٱلرِّيحُ فِى مَكَانٍ سَحِيقٍ
Ḥunafaaaʹa lillaahi g̣ayra mushrikeena bih: wa-mañy yushrik billaahi fakaʹannamaa kharra minas samaaaʹi fatakhṭafuhut ṭayru ʹaw tahwee bihir reeḥu fee makaaniñ saḥeeq̣.
ඔහුට ආදේශ නො තබන්නන් ලෙසින් හා අල්ලාහ්ට අවංකයින් ලෙසිනි. තවද කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු අහසින් වැටී පසුව ඔහුව පක්ෂීන් ඩැහැ ගෙන යන්නාක් මෙන් හෝ සුළඟ ඔහු දූර තැනකට රැගෙන යන්නාක් මෙන් හෝ වේ.
-
22:32
ذَٰلِكَ وَمَن يُعَظِّمْ شَعَـٰٓئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقْوَى ٱلْقُلُوبِ
Ẓaalik: wa-mañy yuʻaz̤̣z̤̣im shaʻaaaʹiral laahi faʹinnahaa miñ taq̣wal q̣uloob.
(සත්‍යය) එයයි. තවද කවරෙකු අල්ලාහ්ගේ සංඥා ගරු කරන්නේ ද සැබැවින් ම එය හදවත් තුළ ඇති බිය බැතිමත්කම හේතුවෙනි.
-
22:33
لَكُمْ فِيهَا مَنَـٰفِعُ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ثُمَّ مَحِلُّهَآ إِلَى ٱلْبَيْتِ ٱلْعَتِيقِ
lakum feehaa manaafiʻu ʹilaaa ʹajalim musammañ s̤umma maḥilluhaaa ʹilal Baytil ʻAteeq̣.
නුඹලාට එහි නියමිත කාලයක් දක්වා (ඒවායෙහි) ප්‍රයෝජන ඇත. පසුව එය ඉපැරණි ගෘහය වෙත ස්ථාන ගත කරනු ලබන්නක් වේ.
-
22:34
وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا لِّيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَـٰمِ ۗ فَإِلَـٰهُكُمْ إِلَـٰهٌ وَٰحِدٌ فَلَهُۥٓ أَسْلِمُوا۟ ۗ وَبَشِّرِ ٱلْمُخْبِتِينَ
Wa-likulli ʹummatiñ jaʻalnaa mañsakal liyaẓkurus mal laahi ʻalaa maa- razaq̣ahum mim baheematil ʹanʻaam. FaʹIlaahukum ʹIlaahuñw Waaḥiduñ falahooo ʹaslimoo: wa-bashshiril Mukhbiteen,
තවද සෑම සමූහයක් සඳහාම ගොවිපළ සතුන් අතරින් ඔවුනට ඔහු පෝෂණය කළ දෑ මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් නුඹලාගේ දෙවිඳුන් එක ම දෙවිඳුන් ය. එහෙයින් නුඹලා ඔහුට අවනත වනු. තවද යටහත් වූවනට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වනු.
-
22:35
ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَٱلصَّـٰبِرِينَ عَلَىٰ مَآ أَصَابَهُمْ وَٱلْمُقِيمِى ٱلصَّلَوٰةِ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ
ʹAllaẓeena ʹiẓaa ẓukiral laahu wajilat q̣uloobuhum waṣ-Ṣaabireena ʻalaa maaa ʹaṣaabahum walmuq̣eemiṣ Ṣalaati wa-mimmaa razaq̣naahum yuñfiq̣oon.
ඔවුහු වනාහි අල්ලාහ් මෙනෙහි කරනු ලබන විට ඔවුන්ගේ හදවත් තැති ගනියි. තවද ඔවුනට ඇති වන දෑ මත ඉවසිලිවන්තයින් වෙති. සලාතය විධිමත්ව ඉටු කරන්නන් වෙති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
-
22:36
وَٱلْبُدْنَ جَعَلْنَـٰهَا لَكُم مِّن شَعَـٰٓئِرِ ٱللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ ۖ فَٱذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا صَوَآفَّ ۖ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا۟ مِنْهَا وَأَطْعِمُوا۟ ٱلْقَانِعَ وَٱلْمُعْتَرَّ ۚ كَذَٰلِكَ سَخَّرْنَـٰهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
Walbudna jaʻalnaahaa lakum miñ Shaʻaaaʹiril laahi lakum feehaa khayr: faẓkurus mal laahi ʻalayhaa ṣawaaaff: faʹiẓaa wajabat junoobuhaa fakuloo minhaa wa-ʹaṭʻimul q̣aaniʻa walmuʻtarr: kaẓaalika sakhkharnaahaa lakum laʻallakum tashkuroon.
තවද ඔටුවන් ද අපි එය නුඹලාට අල්ලාහ්ගේ සංඥා අතරින් පත් කළෙමු. නුඹලාට එහි යහපතක් ඇත. එහෙයින් නුඹලා උන් පෙළගස්වා උන් මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු. උන්ගේ ඇලපත් වැටෙන්නට නියම වූ විට නුඹලා ඉන් අනුභව කරනු. තවද ඉල්ලා සිටින්නාට හා ඉල්ලා නො සිටින්නාට ආහාර සපයනු. එලෙස නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස අපි නුඹලාට උන් වසඟ කර දුන්නෙමු.
-
22:37
لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَـٰكِن يَنَالُهُ ٱلتَّقْوَىٰ مِنكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا۟ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمْ ۗ وَبَشِّرِ ٱلْمُحْسِنِينَ
Lañy yanaalal laaha luḥoomuhaa wa-laa dimaaaʹuhaa wa-laakiñy yanaaluhut Taq̣waa miñkum; kaẓaalika sakhkharahaa lakum litukabbirul laaha ʻalaa maa- hadaakum: wa-bashshiril Muḥsineen.
උන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ අල්ලාහ් වෙත නො ලැබෙන්නේ ම ය. එනමුත් ඔහු වෙත ලැබෙනුයේ නුඹලා වෙතින් වූ බිය බැතිමත්භාවයයි. නුඹලාට ඔහු මග පෙන්වූ දෑ වෙනුවෙන් නුඹලා අල්ලාහ්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරනු පිණිස එලෙස අපි උන් වසඟ කර දුන්නෙමු. තවද දැහැමියන්හට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වා සිටිනු.
-
22:38
۞ إِنَّ ٱللَّهَ يُدَٰفِعُ عَنِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ
ʹInnal laaha yudaafiʻu ʻanil laẓeena ʹaamanoo: ʹinnal laaha laa- yuḥibbu kulla khawwaaniñ kafoor.
විශ්වාස කළවුන්ගෙන් (ඔවුනට අත් වන හානිය) නියත වශයෙන් ම අල්ලාහ් වළක්වාලනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ගුණමකු වූ සෑම ද්‍රෝහියෙකුවම ප්‍රිය නො කරනු ඇත.
-
22:39
أُذِنَ لِلَّذِينَ يُقَـٰتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا۟ ۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ
ʹUẓina lillaẓeena yuq̣aataloona biʹannahum z̤̣ulimoo; wa-ʹinnal laaha ʻalaa naṣrihim la-Q̣adeer;
සටන් කරන්නන්හට අනුමැතිය දෙන ලදි. හේතුව නියත වශයෙන් ම ඔවුන් අපරාධයට භාජනය කරනු ලැබූ හෙයිනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ඔවුනට උදව් කිරීමට ශක්තිවන්ත ය.
-
22:40
ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَـٰرِهِم بِغَيْرِ حَقٍّ إِلَّآ أَن يَقُولُوا۟ رَبُّنَا ٱللَّهُ ۗ وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَٰمِعُ وَبِيَعٌ وَصَلَوَٰتٌ وَمَسَـٰجِدُ يُذْكَرُ فِيهَا ٱسْمُ ٱللَّهِ كَثِيرًا ۗ وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓ ۗ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ
ʹAllaẓeena ʹukhrijoo miñ diyaarihim̃ big̣ayri ḥaq̣q̣in ʹillaaa ʹañy yaq̣ooloo Rabbunallaah. Wa-law laa- dafʻul laahin naasa baʻḍahum̃ bibaʻḍil lahuddimat ṣawaamiʹu wa-biyaʻuñw waṣalawaatuñw wamasaajidu yuẓkaru feehas mul laahi kas̤eeraa. Wa-layañṣurannal laahu mañy yañṣuruh; ʹinnal laaha la-Q̣awiyyun ʻAzeez.
ඔවුහු අපගේ පරමාධිපති අල්ලාහ්ය යැයි පැවසීම හේතුවෙන් මිස කිසිදු අයිතියකින් තොරව ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර කරනු ලැබූවෝ වෙති. ජනයා, ඇතැමෙකු විසින් ඇතැමෙකුව අල්ලාහ් නො වැළැක්වූයේ නම් ආරාම, කිතුනු දේවස්ථාන, යුදෙව් නැමදුම් ස්ථාන හා අල්ලාහ්ගේ නාමය අධිකව එහි මෙනෙහි කරනු ලබන මස්ජිදයන් විනාශ කරනු ලබන්නට තිබුණි. කවරෙකු ඔහුට (අල්ලාහ්ට) උදව් කරන්නේ ද නියත වශයෙන් ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් අතිබලවත්ය; සර්ව බලධාරී ය.
-
22:41
ٱلَّذِينَ إِن مَّكَّنَّـٰهُمْ فِى ٱلْأَرْضِ أَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ وَأَمَرُوا۟ بِٱلْمَعْرُوفِ وَنَهَوْا۟ عَنِ ٱلْمُنكَرِ ۗ وَلِلَّهِ عَـٰقِبَةُ ٱلْأُمُورِ
ʹAllaẓeena ʹim makkannaahum fil ʹarḍi ʹaq̣aamuṣ Ṣalaata wa-ʹaatawuz Zakaata wa-ʹamaroo bilmaʻroofi wa-nahaw ʻanil muñkar: wa-lillaahi ʻaaq̣ibatul ʹumoor.
ඔවුහු වනාහි මහපොළොවෙහි අපි ඔවුනට පහසුකම් ලබා දුන්නේ නම් ඔවුහු සලාතය විධිමත්ව ඉටු කරති. තවද zසකාත් පිරිනමති. තවද යහපත විධානය කොට අයහපතින් වළක්වති. තවද සියලු කරුණුවල අවසානය අල්ලාහ් සතු ය.
-
22:42
وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ
Wa-ʹiñy yukaẓẓibooka faq̣ad kaẓẓabat q̣ablahum Q̣awmu Nooḥiñw waʻAaduñw wa-S̤amood;
තවද ඔවුහු නුඹව බොරු කරන්නේ නම් එවිට (නුඹ දැන ගනු) ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද, ආද් ජනයා ද, සමූද් ජනයා ද සැබැවින් ම (ඔවුන්ගේ නබිවරුන්) බොරු කළෝ ය.
-
22:43
وَقَوْمُ إِبْرَٰهِيمَ وَقَوْمُ لُوطٍ
Wa-Q̣awmu ʹIbraaheema wa-Q̣awmu Looṭ;
තවද ඉබ්රාහීම්ගේ ජනයා ද, ලූත්ගේ ජනයා ද,
-
22:44
وَأَصْحَـٰبُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَـٰفِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
Wa-ʹAṣḥaabu madyan; wa-kuẓẓiba Moosaa faʹamlaytu lilkaafireena s̤umma ʹakhaẓtuhum: fakayfa kaana nakeer!
තවද මද්යන් වාසීහු ද (බොරු කළෝ ය.) එලෙස මූසා ද බොරු කරනු ලැබී ය. එවිට දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට මම අවකාශය දුනිමි. පසුව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වී ද?
-
22:45
فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَـٰهَا وَهِىَ ظَالِمَةٌ فَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍ مُّعَطَّلَةٍ وَقَصْرٍ مَّشِيدٍ
Fakaʹayyim miñ q̣aryatin ʹahlaknaahaa wa-hiya z̤̣aalimatuñ fahiya khaawiyatun ʻalaa ʻurooshihaa wa-biʹrim muʻaṭṭalatiñw waq̣aṣrim masheed?
කොපමණ ගම්මානයන්වී ද? ඒවා අපරාධ කරමින් සිටිය දී අපි විනාශ කළෙමු. ඒවා උඩු වියන් සමඟ ගරා වැටී ඇත. එමෙන් ම කොපමණ හැර දමන ලද ළිං හා පාළු වී ගිය මන්දිර වී ද?
-
22:46
أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَآ أَوْ ءَاذَانٌ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى ٱلْأَبْصَـٰرُ وَلَـٰكِن تَعْمَى ٱلْقُلُوبُ ٱلَّتِى فِى ٱلصُّدُورِ
ʹAfalam yaseeroo fil ʹarḍi fatakoona lahum q̣uloobuñy yaʻq̣iloona bihaaa ʹaw ʹaaẓaanuñy yasmaʻoona bihaa? Faʹinnahaa laa- taʻmal ʹabṣaaru wa-laakiñ taʻmal q̣uloobul latee fiṣ ṣudoor.
ඔවුහු මහපොළොවේ ගමන් කළ යුතු නො වේ ද? එසේ (ගමන් කළේ නම්) එමඟින් වටහා ගත හැකි සිත් හා එමඟින් සවන් දිය හැකි කන් ඔවුනට පිහිටනු ඇත. නිසැකවම දෘෂ්ඨීන් අන්ධ නො වෙයි. එහෙත් හදවත් තුළ ඇති සිත් අන්ධ වෙයි.
-
22:47
وَيَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ وَلَن يُخْلِفَ ٱللَّهُ وَعْدَهُۥ ۚ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّونَ
Wa-yastaʻjiloonaka bilʻAẓaabi wa-lañy yukhlifal laahu waʻdaḥ Wa-ʹinna yawman ʻiñda Rabbika kaʹalfi sanatim mimmaa taʻuddoon.
තවද ඔවුහු එම දඬුවම ඉක්මන් කරන මෙන් ඔබගෙන් පතති. තවද අල්ලාහ් ඔහුගේ පොරොන්දුව කඩ නො කරන්නේ ම ය. තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති අබියස එක් දිනයක්, නුඹලා ගණනය කරන අවුරුදු දාහකට සමාන ය.
-
22:48
وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِىَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَىَّ ٱلْمَصِيرُ
Wa-kaʹayyim miñ q̣aryatin ʹamlaytu lahaa wa-hiya z̤̣aalimatuñ s̤umma ʹakhaẓtuhaa. Wa-ʹilayyal maṣeer.
තවද කෙතරම් ගම්මානයන් වී ද? ඒවා අපරාධකරමින් සිටිය දී එයට මම අවකාශ දුනිමි. පසුව මම ඒවා ග්‍රහණය කළෙමි. තවද (ඔවුන්ගේ) නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙත ය.
-
22:49
قُلْ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَآ أَنَا۠ لَكُمْ نَذِيرٌ مُّبِينٌ
Q̣ul Yaaaʹayyuhan naasu ʹinnamaaa ʹana lakum naẓeerum mubeen.
අහෝ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු පමණය යැයි (නබිවරය!) නුඹ පවසනු.
-
22:50
فَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
Fallaẓeena ʹaamanoo wa-ʻamiluṣ Ṣaaliḥaati lahum mag̣hfiratuñw warizq̣uñ kareem.
එහෙයින් දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත.
-
22:51
وَٱلَّذِينَ سَعَوْا۟ فِىٓ ءَايَـٰتِنَا مُعَـٰجِزِينَ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَحِيمِ
Wallaẓeena saʻaw feee ʹAayaatinaa muʻaajizeena ʹulaaaʹika ʹAṣḥaabul Jaḥeem.
තවද අපගේ වදන් නිෂ්ඵල කරන්නට උත්සාහ දැරූවන් වන ඔවුහු මය නිරයේ සගයෝ.
-
22:52
وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلْقَى ٱلشَّيْطَـٰنُ فِىٓ أُمْنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَـٰنُ ثُمَّ يُحْكِمُ ٱللَّهُ ءَايَـٰتِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
Wa-maaa ʹarsalnaa miñ q̣ablika mir rasooliñw walaa nabiyyin ʹillaaa ʹiẓaa tamannaaa ʹalq̣ash Shayṭaanu feee ʹumniyyatih: fayañsakhul laahu maa- yulq̣ish Shayṭaanu s̤umma yuḥkimul laahu ʹAayaatih: wallaahu ʻAleemun Ḥakeem:
තවද (නබිවරය!) ඔබට පෙර අප එවූ කිසිදු නබිවරයකු හෝ ධර්ම දූතයකු හෝ වේවා, ඔහු පාරායනා කරන විට ෂෙයිතාන් ඔහුගේ පාරායනයෙහි (ව්‍යාකූලත්වය) හෙළා සිටියා මිස නැත. එවිට ෂෙයිතාන් හෙළන දෑ අල්ලාහ් නිෂ්ප්‍රභ කරයි. පසුව අල්ලාහ් ඔහුගේ වදන් ස්ථීර කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
-
22:53
لِّيَجْعَلَ مَا يُلْقِى ٱلشَّيْطَـٰنُ فِتْنَةً لِّلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْقَاسِيَةِ قُلُوبُهُمْ ۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَفِى شِقَاقٍۭ بَعِيدٍ
Liyajʻala maa- yulq̣ish Shayṭaanu fitnatal lillaz̤̣eena fee q̣uloobihim maraḍuñw walq̣aasiyati q̣uloobuhum: wa-ʹinnaz̤̣ z̤̣aalimeena lafee shiq̣aaq̣im baʻeed:
(එය) තම හදවත් තුළ රෝගී බව ඇති අයට හා තම හදවත් දැඩිවූවන්හට ෂෙයිතාන් හෙළන දෑ පරීක්ෂණයක් බවට ඔහු පත් කරනු පිණිස ය. තවද නියත වශයෙන් ම අපරාධකරුවන් අන්ත බෙදීම් තුළ වෙති.
-
22:54
وَلِيَعْلَمَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا۟ بِهِۦ فَتُخْبِتَ لَهُۥ قُلُوبُهُمْ ۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Wa-liyaʻlamal laẓeena ʹootul ʻllma ʹannahul Ḥaq̣q̣u mir Rabbika fayuʹminoo bihee fatukhbita lahoo q̣uloobuhum: wa-ʹinnal laaha la-Haadil laẓeena ʹaamanooo ʹilaa Ṣiraaṭim Mustaq̣eem.
තවද (එය) සැබැවින් ම මෙය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය බව ඥානය දෙනු ලැබූවන් දැන; එය විශ්වාස කොට; ඔවුන්ගේ හදවත් එයට යටහත් වනු පිණිස ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් දේවත්වය විශ්වාස කළවුනට ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නා ය.
-
22:55
وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُوا۟ فِى مِرْيَةٍ مِّنْهُ حَتَّىٰ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ
Wa-laa yazaalul laẓeena kafaroo fee miryatim minhu ḥattaa taʹtiyahumus Saaʻatu bag̣tatan ʹaw yaʹtiyahum ʹaẓaabu Yawmin ʻAq̣eem.
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ක්ෂණිකව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණෙන තෙක් හෝ නිසරු දිනයක දඬුවම ඔවුන් වෙත පැමිණෙන තෙක් හෝ ඒ ගැන සැකයෙන් ඉවත් නො වෙති.
-
22:56
ٱلْمُلْكُ يَوْمَئِذٍ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ ۚ فَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ
ʹAl-Mulku Yawmaʹiẓil lillaah: yaḥkumu baynahum: fallaẓeena ʹaamanoo wa-ʻamiluṣ Ṣaaliḥaati fee Jannaatin Naʻeem.
එදින සියලු බලය අල්ලාහ් සතු ය. ඔවුන් අතර ඔහු තීන්දු දෙයි. එහෙයින් දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුහු සැප පහසුකම් ඇති (ස්වර්ග) උයන්හි වෙති.
-
22:57
وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا فَأُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ
Wallaẓeena kafaroo wa-kaẓẓaboo biʹAayaatinaa faʹulaaaʹika lahum ʻAẓaabum muheen.
තවද දේවත්වය ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට අවමන් සහගත දඬුවමක් ඇත.
-
22:58
وَٱلَّذِينَ هَاجَرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓا۟ أَوْ مَاتُوا۟ لَيَرْزُقَنَّهُمُ ٱللَّهُ رِزْقًا حَسَنًا ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ
Wallaẓeena haajaroo fee Sabeelil laahi s̤umma q̣utilooo ʹaw maatoo layarzuq̣annahumul laahu Rizq̣an ḥasanaa: wa-ʹinnal laaha la-Huwa Khayrur raaziq̣een.
තවද අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගොස් ඝාතනය කරනු ලැබූවන් හෝ මියගියවුන් වනාහි නියත වශයෙන් ම අල්ලාහ් ඔවුනට යහපත් පෝෂණයකින් පෝෂණය කරනු ඇත. තවද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය පෝෂණය කරන්නන් අතරින් ඉතා ශ්‍රේෂ්ඨ වන්නේ.
-
22:59
لَيُدْخِلَنَّهُم مُّدْخَلًا يَرْضَوْنَهُۥ ۗ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٌ
Layudkhilannahum mud-khalañy yarḍawnah: wa-ʹinnal laaha laʻAleemun Ḥaleem.
ඔවුහු ඒ ගැන තෘප්තියට පත් වන පිවිසුමකින් ඔවුන්ව ඔහු ඇතුළත් කරනු ඇත. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; මහත් ඉවසිලිවන්ත ය.
-
22:60
۞ ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِىَ عَلَيْهِ لَيَنصُرَنَّهُ ٱللَّهُ ۗ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٌ
Ẓaalika. Wa-man ʻaaq̣aba bimis̤li maa- ʻooq̣iba bihee s̤umma bug̣iya ʻalayhi layañṣurannahul laah: ʹinnal laaha laʻAfuwwun G̣afoor.
එය (අල්ලාහ්ගේ නියමයයි). තවද කවරෙකු කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමානව ඔහුට දඬුවම් කොට, එයට පසුව ඔහු කෙරෙහි සීමාව ඉක්මවා හිංසා කරනු ලබයි නම් එවිට අල්ලාහ් සැබැවින් ම ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ඉවසන්නා ය; අතික්ෂමාශීලී ය.
-
22:61
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَأَنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ
Ẓaalika biʹannal laaha yoolijul layla fin nahaari wa-yoolijun nahaara fil layli wa-ʹannal laaha Sameeʻum Baṣeer.
එය නියත වශයෙන් ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුළු කරන බැවින් ද, දහවල රාත්‍රිය තුළ ඇතුළු කරන බැවින් ද වේ. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.
-
22:62
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِۦ هُوَ ٱلْبَـٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ
Ẓaalika biʹannal laaha Huwal Ḥaq̣q̣u wa-ʹanna maa- yadʻoona miñ doonihee huwal Baaṭilu wa-ʹannal laaha Huwal ʻAliyyul Kabeer.
එය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ම සත්‍යය බැවිනි. තවද ඔහු හැර දමා ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑම ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් උත්තරීතර ය; අතිශ්‍රෙෂ්ඨ ය.
-
22:63
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَتُصْبِحُ ٱلْأَرْضُ مُخْضَرَّةً ۗ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٌ
ʹAlam tara ʹannal laaha ʹañzala minas samaaaʹi maaaʹañ fatuṣbiḥul ʹarḍu mukhḍarrah? ʹInnal laaha Laṭeefun Khabeer.
නියත වශයෙන් ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට පසුව මහපොළොව සරුසාරවත් වීම නුඹ නො දුටුවෙහි ද? නියත වශයෙන් ම අල්ලාහ් මෛත්‍රි ය; අභිඥානවන්ත ය.
-
22:64
لَّهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ
Lahoo Maa- fis samaawaati wa-maa fil ʹarḍ: wa-ʹinnal laaha la-Huwal G̣aniyyul Ḥameed.
අහස් තුළ ඇති දෑ ද, මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතු ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය අවශ්‍යතාවන්ගෙන් තොර, ප්‍රශංසාලාභී වනුයේ.
-
22:65
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلْأَرْضِ وَٱلْفُلْكَ تَجْرِى فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ وَيُمْسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلْأَرْضِ إِلَّا بِإِذْنِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٌ رَّحِيمٌ
ʹAlam tara ʹannal laaha sakhkhara lakum maa fil ʹarḍi wal-fulka tajree fil baḥri biʹamrih? Wa-yumsikus samaaaʹa ʹañ taq̣aʻa ʻalal ʹarḍi ʹillaa biʹiẓnih: ʹinnal laaha binnaasi la-Raʹoofur Raḥeem.
මහපොළොවේ ඇති දෑ ද ඔහුගේ නියෝගය පරිදි මුහුදේ ගමන් කරන නැව් ද අල්ලාහ් නුඹලාට වසඟ කර දී ඇති බව නුඹ නො දුටුවෙහි ද? ඔහුගේ අනුබලයෙන් තොරව මහපොළොව මතට අහස කඩා නො වැටෙන සේ ඔහු රඳවා තබයි. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා කෙරෙහි සෙනෙහෙවන්ත ය; මහා කරුණාවන්ත ය.
-
22:66
وَهُوَ ٱلَّذِىٓ أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۗ إِنَّ ٱلْإِنسَـٰنَ لَكَفُورٌ
Wa-Huwal laẓeee ʹaḥyaakum s̤umma yumeetukum s̤umma yuḥyeekum: ʹinnal ʹiñsaana lakafoor!
තවද නුඹලාට ජීවය ලබා දී පසුව නුඹලාව මරණයට පත් කොට ඉන්පසුව යළි නුඹලාට ජීවය ලබා දෙනුයේ ඔහු ය. නියත වශයෙන් ම මිනිසා ගුණමකු ය.
-
22:67
لِّكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا هُمْ نَاسِكُوهُ ۖ فَلَا يُنَـٰزِعُنَّكَ فِى ٱلْأَمْرِ ۚ وَٱدْعُ إِلَىٰ رَبِّكَ ۖ إِنَّكَ لَعَلَىٰ هُدًى مُّسْتَقِيمٍ
Likulli ʹummatiñ jaʻalnaa mañsakan hum naasikoohu falaa yunaaziʻunnaka fil ʹamri wadʻu ʹilaa Rabbik; ʹinnaka laʻalaa Hudam Mustaq̣eem.
සෑම සමූහයකට ම ඔවුන් ඔහුට නමදින අයුරින් නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් එම කරුණ සම්බන්ධයෙන් ඔවුහු නුඹ සමඟ ගැටලු ඇති කර ගත නො යුතු ය. තවද නුඹගේ පරමාධිපති වෙත නුඹ ඇරයුම් කරනු. නියත වශයෙන් ම නුඹ ඍජු මාර්ගය මත ය.
-
22:68
وَإِن جَـٰدَلُوكَ فَقُلِ ٱللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ
Wa-ʹiñ jaadalooka faq̣ulil laahu ʹAʻlamu bimaa taʻmaloon.
තවද ඔවුහු නුඹ සමඟ තර්ක කළේ නම් එවිට නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නා බව (නබිවරය!) නුඹ පවසනු.
-
22:69
ٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ
ʹAllaahu yaḥkumu baynakum Yawmal Q̣iyaamati feema kuñtum feehi takhtalifoon.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කවර විෂයක් මත ගැටුම් ඇති කර ගත්තේද ඒ ගැන අල්ලාහ් නුඹලා අතර තීන්දු කරයි.
-
22:70
أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۗ إِنَّ ذَٰلِكَ فِى كِتَـٰبٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌ
ʹAlam taʻlam ʹannal laaha yaʻlamu maa- fis samaaaʹi wal-ʹarḍ? ʹInna ẓaalika fee Kitaab: ʹinna ẓaalika ʻalal laahi yaseer.
(නබිවරය!) නියත වශයෙන් ම අල්ලාහ් අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නො දන්නෙහි ද? නියත වශයෙන් ම එය (ලව්හුල් මහ්ෆූල් හෙවත්) දේව සටහනෙහි විය. නියත වශයෙන් ම අල්ලාහ් වෙත එය පහසු කාර්යයකි.
-
22:71
وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَـٰنًا وَمَا لَيْسَ لَهُم بِهِۦ عِلْمٌ ۗ وَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٍ
Wa-yaʻbudoona miñ doonil laahi maa- lam yunazzil bihee sulṭaanañw wamaa laysa lahum̃ bihee ʻilm: wa-maa liz̤̣z̤̣aalimeena min naṣeer.
තවද අල්ලාහ් හැර දමා කිසිදු බලයක් එයට පහළ නො කළා වූ දෑට හා ඒ ගැන කිසිදු දැනුමක් ඔවුනට නොමැති දෑට ඔවුහු නැමැදුම් කරති. තවද අපරාධකරුවන්හට කිසිදු උදව් කරුවකු නොමැත.
-
22:72
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍ تَعْرِفُ فِى وُجُوهِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلْمُنكَرَ ۖ يَكَادُونَ يَسْطُونَ بِٱلَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ ءَايَـٰتِنَا ۗ قُلْ أَفَأُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَٰلِكُمُ ۗ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُوا۟ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ
Wa-ʹiẓaa tutlaa ʻalayhim ʹAayaatunaa Bayyinaatiñ taʻrifu fee wujoohil laẓeena kafarul muñkar! Yakaadoona yasṭoona bil-laẓeena yatloona ʻalayhim ʹAayaatinaa. Q̣ul ʹa-faʹunabbiʹukum̃ bisharrim miñ ẓaalikum? ʹAn-Naar! Waʻadahal laahul laẓeena kafaroo! Wa-biʹsal maṣeer.
තවද ඔවුන් වෙත අපගේ වදන් පැහැදිලි ලෙස පාරායනය කර පෙන් වනු ලබන විට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණුවල පිළිකුල් බව නුඹ දකිනු ඇත. ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන්නන්හට පහර දීමට ඔවුහු තැත් කරති. එහෙයින් නුඹ පවසනු. මීට වඩා නපුරු දෙයක් පිළිබඳ නුඹලාට මම දැනුම් දෙන්න ද? (එය දේව වදන්) ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ් ප්‍රතිඥා කළ (නිරා) ගින්න ය. තවද යොමු වන ස්ථානය වන එය නපුරු විය.
-
22:73
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٌ فَٱسْتَمِعُوا۟ لَهُۥٓ ۚ إِنَّ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخْلُقُوا۟ ذُبَابًا وَلَوِ ٱجْتَمَعُوا۟ لَهُۥ ۖ وَإِن يَسْلُبْهُمُ ٱلذُّبَابُ شَيْـًٔا لَّا يَسْتَنقِذُوهُ مِنْهُ ۚ ضَعُفَ ٱلطَّالِبُ وَٱلْمَطْلُوبُ
Yaaaʹayyuhan naasu ḍuriba mas̤aluñ fastamiʻoo lah! ʹInnal laẓeena tadʻoona miñ doonil laahi lañy yakhluq̣oo ẓubaabañw walawij tamaʻoo lah! Wa-ʹiñy yaslubhumuẓ ẓubaabu shayʹal laa yastañq̣iẓoohu minh. Ḍaʻufaṭ ṭaalibu wal-maṭloob!
අහෝ ජනයිනි! උපමාවක් ගෙන හැර පෙන්වන ලදි. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන් ම අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන අය වනාහි ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නො හැක්කේ ම ය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය ඔවුන් මුදවා ගන්නට පවා ඔවුනට නොහැකි ය. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර්වල විය.
-
22:74
مَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ
Maa- q̣adarul laaha ḥaq̣q̣a q̣adrih: ʹinnal laaha la-Q̣awiyyun ʻAzeez!
අල්ලාහ්ව ගරු කළ යුතු ප්‍රමාණයට ඔවුහු ඔහුට ගරු නො කළෝ ය. නියත වශයෙන් ම අල්ලාහ් අතිබලවත්ය; සර්ව බලධාරී ය.
-
22:75
ٱللَّهُ يَصْطَفِى مِنَ ٱلْمَلَـٰٓئِكَةِ رُسُلًا وَمِنَ ٱلنَّاسِ ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ
ʹAllaahu yasṭafee minal malaaaʹikati Rusulañw Waminan naas: ʹinnal laaha Sameeʻum Baṣeer.
මලක්වරුන් අතරින් හා ජනයා අතරින් අල්ලාහ් දූතවරුන් තෝරා ගත්තේ ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.
-
22:76
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۗ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ
Yaʻlamu maa- bayna ʹaydeehim wa-maa khalfahum: wa-ʹilal laahi turjaʻul ʹumoor.
ඔවුන් ඉදිරියේ ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ ඔහු දනියි. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය.
-
22:77
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱرْكَعُوا۟ وَٱسْجُدُوا۟ وَٱعْبُدُوا۟ رَبَّكُمْ وَٱفْعَلُوا۟ ٱلْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۩
Yaaaʹayyuhal laẓeena ʹaamanur kaʻoo wasjudoo waʻbudoo Rabbakum wafʻalul khayra laʻallakum tufliḥoon.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා (නැවී) රුකූඋ කරනු. තවද (නළල බිම තබා) සුජූද් කරනු. තවද නුඹලාගේ පරමාධිපතිට නැමදුම් කරනු. තවද යහකම් සිදු කරනු. නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස.
-
22:78
وَجَـٰهِدُوا۟ فِى ٱللَّهِ حَقَّ جِهَادِهِۦ ۚ هُوَ ٱجْتَبَىٰكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِى ٱلدِّينِ مِنْ حَرَجٍ ۚ مِّلَّةَ أَبِيكُمْ إِبْرَٰهِيمَ ۚ هُوَ سَمَّىٰكُمُ ٱلْمُسْلِمِينَ مِن قَبْلُ وَفِى هَـٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا۟ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ ۚ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَٱعْتَصِمُوا۟ بِٱللَّهِ هُوَ مَوْلَىٰكُمْ ۖ فَنِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ
Wa-jaahidoo fil laahi ḥaq̣q̣a jihaadih. Huwaj tabaakum wa-maa jaʻala ʻalaykum fid deeni min ḥaraj; Millata ʹabeekum ʹIbraaheem. Huwa sammaakumul Muslimeen. Miñ q̣ablu wa-fee haaẓaa liyakoonar Rasoolu shaheedan ʻalaykum wa-takoonoo shuhadaaaʹa ʻalan naas! Faʹaq̣eemuṣ Ṣalaata wa-ʹaatuz Zakaata waʻtaṣimoo billaah! Huwa Mawlaakum faniʻmal Mawlaa wa-niʻman Naṣeer.
තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ කැප විය යුතු නියම අයුරින් කැපවනු. ඔහු නුඹලාව තෝරා ගෙන ඇත. තවද නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නො කළේ ය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්රාහීම්ගේ පිළිවෙතයි. රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවකු වනු පිණිසත් නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් මීට පෙර ද මෙහි (අල්කුර්ආනයෙහි) ද මුස්ලිම්වරුන් යැයි නුඹලාට නම් කළේ ඔහු (අල්ලාහ්) ය. එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද zසකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්‍රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරු ය. එම භාරකරු යහපත් විය. එමෙන් ම එම උදව්කරු යහපත් විය.