Surah Yunus
Surah Yunus (Jonah) is Surah 10 of the Holy Quran, a Meccan Surah with 109 verses, available here in Sinhalese.
Verse 10:1
الٓرٰ ۫ تِلْكَ اٰیٰتُ الْكِتٰبِ الْحَكِیْمِ ۟
ʹAlif-Laaam-Raa. Tilka ʹAayaatul Kitaabil Ḥakeem.
අලිෆ් ලාම් රා. මෙය ප්‍රඥාවෙන් යුත් පුස්තකයේ වදන් වෙයි.
Verse 10:2
اَكَانَ لِلنَّاسِ عَجَبًا اَنْ اَوْحَیْنَاۤ اِلٰی رَجُلٍ مِّنْهُمْ اَنْ اَنْذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِیْنَ اٰمَنُوْۤا اَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِنْدَ رَبِّهِمْ ؔؕ قَالَ الْكٰفِرُوْنَ اِنَّ هٰذَا لَسٰحِرٌ مُّبِیْنٌ ۟
ʹAkaana linnaasi ʻajaban ʹan ʹawḥaynaaa ʹilaa rajulim minhum ʹan ʹañẓirin naasa wa-bashshiril laẓeena ʹaamanooo ʹanna lahum q̣adama Ṣidq̣in ʻiñda Rabbihim? Q̣aalal Kaafiroona ʹinna haaẓaa lasaaḥirum mubeen!
‘නුඹ ජනයාට අවවාද කරනු. තවද දේවත්වය විශ්වාස කළවුන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස සැබැවින් ම සැබෑ පෙරමුණක් (ගෞරවණීය ස්ථානයක්) ඇති බව ශුභාරංචි දන්වනු’ යැයි නියෝග කරමින් ඔවුන් අතරින් වූ මිනිසෙකු වෙත අපි දේව පණිවිඩ දන්වා සිටීම ජනයාව පුදුම කරවන්නක් වී ද? නියත වශයෙන් ම මොහු පැහැදිලි හූනියම්කරුවකු යැයි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පැවසුවෝ ය.
Verse 10:3
اِنَّ رَبَّكُمُ اللّٰهُ الَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ یُدَبِّرُ الْاَمْرَ ؕ مَا مِنْ شَفِیْعٍ اِلَّا مِنْ بَعْدِ اِذْنِهٖ ؕ ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ فَاعْبُدُوْهُ ؕ اَفَلَا تَذَكَّرُوْنَ ۟
ʹInna Rabbakumul laahul laẓee khalaq̣as samaawaati wal-ʹarḍa fee sittati ʹay-yaamiñ s̤ummas tawaa ʻalal ʻArshi yudabbirul ʹamr. Maa- miñ shafeeʻin ʹillaa mim baʻdi ʹiẓnih. Ẓaalikumul laahu Rabbukum faʻbudooh: ʹafalaa taẓakkaroon?
නියත වශයෙන් ම නුඹලාගේ පරමාධිපති වනුයේ අහස් හා මහපොළොව දින හයකින් මවා පසුව අර්ෂ් (රාජධානියෙ)හි ස්ථාපිත වූ අල්ලාහ් ය. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. ඔහුගේ අනුමැතියෙන් පසුව මිස (ඔහු ඉදිරියේ) වෙනත් කිසිදු මැදිහත්කරුවකු නොමැත. ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් නුඹලා ඔහුට නැමදුම් කරනු. නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?
Verse 10:4
اِلَیْهِ مَرْجِعُكُمْ جَمِیْعًا ؕ وَعْدَ اللّٰهِ حَقًّا ؕ اِنَّهٗ یَبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ لِیَجْزِیَ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ بِالْقِسْطِ ؕ وَالَّذِیْنَ كَفَرُوْا لَهُمْ شَرَابٌ مِّنْ حَمِیْمٍ وَّعَذَابٌ اَلِیْمٌ بِمَا كَانُوْا یَكْفُرُوْنَ ۟
ʹIlayhi marjiʻukum jameeʻaa. Waʻdal laahi ḥaq̣q̣aa. ʹInnahoo yabdaʹul Khalq̣a s̤umma yuʻeeduhoo liyajziyal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati bilq̣isṭ; wallaẓeena kafaroo lahum sharaabum min ḥameemiñw waʻaẓaabun ʹaleemum bimaa kaanoo yakfuroon.
නුඹලා සියල්ලන් නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙත ය. (එය) අල්ලාහ්ගේ සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. නියත වශයෙන් ම සියලු මැවීම් ඔහු ආරම්භයේම උත්පාදනය කරයි. පසුව, විශ්වාස කොට යහකම් කළවුනට යුක්ති සහගත ලෙසින් ප්‍රතිඵල පිරිනමනු පිණිස ඔහු එය (එම මැවීම්) නැවත ගෙන්වා ගනී. තවද ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුනට ලෝ දියෙන් යුත් පානයක් ද වේදනීය දඬුවමක් ද ඇත.
Verse 10:5
هُوَ الَّذِیْ جَعَلَ الشَّمْسَ ضِیَآءً وَّالْقَمَرَ نُوْرًا وَّقَدَّرَهٗ مَنَازِلَ لِتَعْلَمُوْا عَدَدَ السِّنِیْنَ وَالْحِسَابَ ؕ مَا خَلَقَ اللّٰهُ ذٰلِكَ اِلَّا بِالْحَقِّ ۚ یُفَصِّلُ الْاٰیٰتِ لِقَوْمٍ یَّعْلَمُوْنَ ۟
Huwal laẓee jaʻalash shamsa ḍiyaaaʹañw walq̣amara noorañw waq̣addarahoo manaazila litaʻlamoo ʻadadas sineena walḥisaab. Maa- khalaq̣al laahu ẓaalika ʹillaa bilḥaq̣q̣. Yufaṣṣilul ʹAayaati liq̣awmiñy yaʻlamoon.
ඔහු වනාහි හිරු කාන්තිමත් ආලෝකයක් ලෙස ද සඳු ආලෝකය විහිදුවන්නක් ලෙස ද මවා වර්ෂ ගණනය හා කාලපරිච්ඡේදය නුඹලා හඳුනා ගනු පිණිස එයට ස්ථාන නියම කළේ ය. එය සත්‍යයයෙන් යුතුව මිස අල්ලාහ් මැව්වේ නැත. දැනමුතුකම් ලබන ජනයාට මෙම වදන් ඔහු (මෙසේ) පැහැදිලි කරයි.
Verse 10:6
اِنَّ فِی اخْتِلَافِ الَّیْلِ وَالنَّهَارِ وَمَا خَلَقَ اللّٰهُ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّتَّقُوْنَ ۟
ʹInna fikh tilaafil layli wannahaari wa-maa khalaq̣al laahu fis samaawaati wal-ʹarḍi laʹAayaatil liq̣awmiñy yattaq̣oon.
රාත්‍රිය හා දහවල (එකිනෙක) වෙනස් වීමෙහි ද අහස්හි හා මහාපොළොවේ අල්ලාහ් මැවූ දෑහි ද බියහැඟීමෙන් යුතුව කටයුතු කරන ජනයාට සංඥාවන් ඇත.
Verse 10:7
اِنَّ الَّذِیْنَ لَا یَرْجُوْنَ لِقَآءَنَا وَرَضُوْا بِالْحَیٰوةِ الدُّنْیَا وَاطْمَاَنُّوْا بِهَا وَالَّذِیْنَ هُمْ عَنْ اٰیٰتِنَا غٰفِلُوْنَ ۟ۙ
ʹInnal laẓeena laa- yarjoona liq̣aaaʹanaa wa-raḍoo bil-Ḥayaatid dunyaa waṭmaʹannoo bihaa wallaẓeena hum ʻan ʹAayaatinaa g̣aafiloon,―
අපගේ හමුව අපේක්ෂා නො කරන, මෙලොව ජීවිතය ගැන තෘප්තිමත් වී එහි ගිලී සිටියවුන් හා අපගේ වදන් ගැන අනවධානීව සිටියවුන් වනාහි;
Verse 10:8
اُولٰٓىِٕكَ مَاْوٰىهُمُ النَّارُ بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟
ʹUlaaaʹika maʹwaahumun Naaru bimaa kaanoo yaksiboon.
ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන්, ඔවුන්ගේ නවාතැන (නිරා) ගින්න වූ අය ඔවුහු ම ය.
Verse 10:9
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ یَهْدِیْهِمْ رَبُّهُمْ بِاِیْمَانِهِمْ ۚ تَجْرِیْ مِنْ تَحْتِهِمُ الْاَنْهٰرُ فِیْ جَنّٰتِ النَّعِیْمِ ۟
ʹInnal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati yahdeehim Rabbuhum̃ biʹeemaanihim: tajree miñ taḥtihimul ʹanhaaru fee Jannaatin naʻeem.
නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ඔවුනට ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ විශ්වාසය හේතුවෙන් මඟ පෙන්වනු ඇත. සැපවත් ස්වර්ග උයන්හි ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති.
Verse 10:10
دَعْوٰىهُمْ فِیْهَا سُبْحٰنَكَ اللّٰهُمَّ وَتَحِیَّتُهُمْ فِیْهَا سَلٰمٌ ۚ وَاٰخِرُ دَعْوٰىهُمْ اَنِ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟۠
Daʻwaahum feehaa Subḥaanakal laahumma wa-taḥiyyatuhum feehaa Salaam! Wa-ʹaakhiru daʻwaahum ʹanil Ḥamdu lillaahi Rabbil ʻaalameen!
එහි ඔවුන්ගේ පැතුම වනුයේ “අහෝ අල්ලාහ්! ඔබ සුපිවිතුරුය” යන්නයි. තවද එහි ඔවුන්ගේ ආචාරය වනුයේ “සලාම් (ශාන්තිය)” යන්නයි. ඔවුන්ගේ පැතුමෙහි අවසානය වනුයේ “නියත වශයෙන් ම සියලු ප්‍රශංසා විශ්වයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම සතුය” යන්නයි.
Verse 10:11
وَلَوْ یُعَجِّلُ اللّٰهُ لِلنَّاسِ الشَّرَّ اسْتِعْجَالَهُمْ بِالْخَیْرِ لَقُضِیَ اِلَیْهِمْ اَجَلُهُمْ ؕ فَنَذَرُ الَّذِیْنَ لَا یَرْجُوْنَ لِقَآءَنَا فِیْ طُغْیَانِهِمْ یَعْمَهُوْنَ ۟
Wa-law yuʻajjilul laahu linnaasish sharra stiʻjaalahum̃ bil-khayri laq̣uḍiya ʹilayhim ʹajaluhum. Fanaẓarul laẓeena laa- yarjoona liq̣aaaʹanaa fee ṭug̣yaanihim yaʻmahoon.
ජනයා යහපත ඉක්මනින් පතනවාක් මෙන් ම අල්ලාහ් ද (ඔවුන් උපයා ගත් දෑහි) නපුර ඔවුනට ඉක්මන් කළේ නම් ඔවුන්ගේ අවසන් කාලය ඔවුන් වෙත තීන්දු කරනු ලබන්නට තිබුණි. එබැවින් අපගේ හමුව අපේක්ෂා නො කරන්නන් ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි අයාලේ යන්නට අපි හරින්නෙමු.
Verse 10:12
وَاِذَا مَسَّ الْاِنْسَانَ الضُّرُّ دَعَانَا لِجَنْۢبِهٖۤ اَوْ قَاعِدًا اَوْ قَآىِٕمًا ۚ فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهٗ مَرَّ كَاَنْ لَّمْ یَدْعُنَاۤ اِلٰی ضُرٍّ مَّسَّهٗ ؕ كَذٰلِكَ زُیِّنَ لِلْمُسْرِفِیْنَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
Wa-ʹiẓaa massal ʹiñsaanaḍ ḍurru daʻaanaa lijambiheee ʹaw q̣aaʻidan ʹaw q̣aaaʹimaa. Falammaa kashafnaa ʻanhu ḍurrahoo marra kaʹal lam yadʻunaaa ʹilaa ḍurrim massah! Kaẓaalika zuyyina lilmusrifeena maa- kaanoo yaʻmaloon!
තවද මිනිසාට පීඩාව ස්පර්ශ වූ විට ඔහුගේ ඇලපැත්තට වී හෝ වාඩිවෙමින් හෝ සිටගනිමින් හෝ අපගෙන් අයැද සිටී. එහෙත් අපි ඔහුගෙන් ඔහුගේ පීඩාව ඉවත් කළ කල්හි ඔහුට ඇති වූ පීඩාව සඳහා ඔහු අපගෙන් නො අයැද සිටියාක් මෙන් ගමන් කරනු ඇත. සීමාව ඉක්මවූවන්හට තමන් කරමින් සිටින දෑ අලංකාරවත් කර පෙන්වන ලද්දේ එලෙස ය.
Verse 10:13
وَلَقَدْ اَهْلَكْنَا الْقُرُوْنَ مِنْ قَبْلِكُمْ لَمَّا ظَلَمُوْا ۙ وَجَآءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ وَمَا كَانُوْا لِیُؤْمِنُوْا ؕ كَذٰلِكَ نَجْزِی الْقَوْمَ الْمُجْرِمِیْنَ ۟
Wa-laq̣ad ʹahlaknal q̣uroona miñ q̣ablikum lammaa z̤̣alamoo wa-jaaaʹathum rusuluhum̃ bil-Bayyinaati wa-maa kaanoo liyuʹminoo! kaẓaalika najzil q̣awmal mujrimeen!
තවද නුඹලාට පෙර විසූ පරම්පරාවන් ඔවුන් අපරාධ කළ කල්හි සැබැවින් ම අපි විනාශ කළෙමු. තවද ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරු පැහැදිලි සංඥා සමඟ පැමිණියහ. එහෙත් ඔවුහු විශ්වාස කරන්නට නො වූහ. වැරදිකාරී ජනයාට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
Verse 10:14
ثُمَّ جَعَلْنٰكُمْ خَلٰٓىِٕفَ فِی الْاَرْضِ مِنْ بَعْدِهِمْ لِنَنْظُرَ كَیْفَ تَعْمَلُوْنَ ۟
S̤umma jaʻalnaakum khalaaaʹifa fil ʹarḍi mim baʻdihim linañz̤̣ura kayfa taʻmaloon!
ඔවුනට පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේ දැ? යි අපි නිරීක්ෂා කරනු පිණිස නුඹලාව මහපොළොවේ නියෝජිතයන් බවට පත් කළෙමු.
Verse 10:15
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیَاتُنَا بَیِّنٰتٍ ۙ قَالَ الَّذِیْنَ لَا یَرْجُوْنَ لِقَآءَنَا ائْتِ بِقُرْاٰنٍ غَیْرِ هٰذَاۤ اَوْ بَدِّلْهُ ؕ قُلْ مَا یَكُوْنُ لِیْۤ اَنْ اُبَدِّلَهٗ مِنْ تِلْقَآئِ نَفْسِیْ ۚ اِنْ اَتَّبِعُ اِلَّا مَا یُوْحٰۤی اِلَیَّ ۚ اِنِّیْۤ اَخَافُ اِنْ عَصَیْتُ رَبِّیْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟
Wa-ʹiẓaa tutlaa ʻalayhim ʹAayaatunaa Bayyinaatiñ q̣aalal laẓeena laa- yarjoona liq̣aaa ʹanaʹti bi-Q̣urʹaanin g̣ayri haaẓaaa ʹaw baddilh. Q̣ul maa- yakoonu leee ʹan ʹubaddilahoo miñ tilq̣aaaʹi nafsee: ʹin ʹattabiʻu ʹillaa maa- yooḥaaa ʹilayy: ʹinneee ʹakhaafu ʹin ʹaṣaytu Rabbee ʻAẓaaba Yawmin ʻAz̤̣eem.
තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. (මා කැමති පරිදි) මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මාහට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස වෙනකක් මම අනුගමනය නො කරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳව සැබැවින් ම මම බිය වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 10:16
قُلْ لَّوْ شَآءَ اللّٰهُ مَا تَلَوْتُهٗ عَلَیْكُمْ وَلَاۤ اَدْرٰىكُمْ بِهٖ ۖؗ فَقَدْ لَبِثْتُ فِیْكُمْ عُمُرًا مِّنْ قَبْلِهٖ ؕ اَفَلَا تَعْقِلُوْنَ ۟
Q̣ul law shaaaʹal laahu maa- talawtuhoo ʻalaykum wa-laaa ʹadraakum̃ bih. Faq̣ad labis̤tu feekum ʻumuram miñ q̣ablih: ʹafalaa taʻq̣iloon?
අල්ලාහ් අභිමත කළේ නම් මම නුඹලා වෙත එය පාරායනය නො කරන්නට තිබුණි. තවද මම එය නුඹලාට නො දන්වන්නට තිබුණි. සැබැවින් ම මම මීට පෙර නුඹලා අතර චිරාත් කාලයක් රැඳී සිටියෙමි. නුඹලා වටහා ගත යුතු නො වේ ද? යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 10:17
فَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا اَوْ كَذَّبَ بِاٰیٰتِهٖ ؕ اِنَّهٗ لَا یُفْلِحُ الْمُجْرِمُوْنَ ۟
Faman ʹaz̤̣lamu mimmanif taraa ʻalal laahi kaẓiban aw kaẓẓaba biʹAayaatih. ʹInnahoo laa- yufliḥul mujrimoon.
එබැවින් අල්ලාහ්ට එරෙහිව බොරු ගෙතූ අයට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළවුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන් ම, වැරදිකරුවෝ ජය නො ලබති.
Verse 10:18
وَیَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَضُرُّهُمْ وَلَا یَنْفَعُهُمْ وَیَقُوْلُوْنَ هٰۤؤُلَآءِ شُفَعَآؤُنَا عِنْدَ اللّٰهِ ؕ قُلْ اَتُنَبِّـُٔوْنَ اللّٰهَ بِمَا لَا یَعْلَمُ فِی السَّمٰوٰتِ وَلَا فِی الْاَرْضِ ؕ سُبْحٰنَهٗ وَتَعٰلٰی عَمَّا یُشْرِكُوْنَ ۟
Wa-yaʻbudoona miñ doonil laahi maa laa- yaḍurruhum wa-laa yañfaʻuhum wa-yaq̣ooloona haaaʹulaaaʹi shufaʻaaaʹunaa ʻiñdal laah. Q̣ul ʹa-tunabbiʹoonal laaha bimaa laa- yaʻlamu fis samaawaati wa-laa fil ʹarḍ? Subḥaanahoo wa-Taʻaalaa ʻammaa yushrikoon!
අල්ලාහ් හැර දමා ඔවුනට පීඩාවක් නො කරන එමෙන් ම ඔවුනට සෙත නො සලසන දෑට ඔවුහු නැමැදුම් කරති. මොවුහු අල්ලාහ් ඉදිරියේ අපගේ මැදිහත්කරුවෝ’ යැයි ඔවුහු පවසති. ‘අහස්හි හෝ මහපොළොවේ හෝ ඔහු නොදන්නා දෑ නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහු දැ’යි (නබිවරය!) නුඹ අසනු. ඔහු සුපිවිතුරු ය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය.
Verse 10:19
وَمَا كَانَ النَّاسُ اِلَّاۤ اُمَّةً وَّاحِدَةً فَاخْتَلَفُوْا ؕ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَقُضِیَ بَیْنَهُمْ فِیْمَا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
Wa-maa kaanan naasu ʹillaaa ʹummatañw waaḥidatañ fakhtalafoo. Wa-lawlaa kalimatuñ sabaq̣at mir Rabbika laq̣uḍiya baynahum fee-maa feehi yakhtalifoon.
තවද මිනිස් සමූහය එක ම සමූහයක් මිස නො වීය. පසුව, ඔවුහු භේද වූහ. නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නො වී නම් ඔවුහු කවර විෂයක භේද ඇති කර ගත්තෝ ද එහි ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි.
Verse 10:20
وَیَقُوْلُوْنَ لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ اٰیَةٌ مِّنْ رَّبِّهٖ ۚ فَقُلْ اِنَّمَا الْغَیْبُ لِلّٰهِ فَانْتَظِرُوْا ۚ اِنِّیْ مَعَكُمْ مِّنَ الْمُنْتَظِرِیْنَ ۟۠
Wa-yaq̣ooloona Law-laaa ʹuñzila ʻalayhi ʹAayatum mir Rabbih? Faq̣ul ʹinnamal G̣aybu lillaahi fañtaz̤̣iroo: ʹinnee maʻakum minal muñtaz̤̣ireen.
තවද ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ විය යුතු නො වේ දැ? යි ඔවුහු පවසති. "සියලු ගුප්ත දෑ අල්ලාහ් සතු ය. එබැවින් නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තු වන්නන් අතරින් වෙමි" යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 10:21
وَاِذَاۤ اَذَقْنَا النَّاسَ رَحْمَةً مِّنْ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُمْ اِذَا لَهُمْ مَّكْرٌ فِیْۤ اٰیَاتِنَا ؕ قُلِ اللّٰهُ اَسْرَعُ مَكْرًا ؕ اِنَّ رُسُلَنَا یَكْتُبُوْنَ مَا تَمْكُرُوْنَ ۟
Waʹiẓaaa ʹaẓaq̣nan naasa raḥmatam mim baʻdi ḍarraaaʹa massathum ʹiẓaa lahum makruñ feee ʹAayaatinaa! Q̣ulil laahu ʹasraʻu makraa! ʹInna rusulanaa yaktuboona maa- tamkuroon!
තවද ඔවුනට ඇති වූ පීඩාවන්ට පසු ජනයාට දයාවක් විඳවන්නට අපි සැලැස් වූ විට අපගේ වදන්වලට (බොරු කරමින්) කුමන්ත්‍රණයක් ඔවුහු යොදති. උපාය මාර්ග යෙදීමෙන් අල්ලාහ් අතිවේගවත් ය. නියත වශයෙන් ම නුඹලා කුමන්ත්‍රණ කරන දෑ අපගේ (සුර) දූතවරු සටහන් කරති යැයි (නබිවරය!) පවසනු.
Verse 10:22
هُوَ الَّذِیْ یُسَیِّرُكُمْ فِی الْبَرِّ وَالْبَحْرِ ؕ حَتّٰۤی اِذَا كُنْتُمْ فِی الْفُلْكِ ۚ وَجَرَیْنَ بِهِمْ بِرِیْحٍ طَیِّبَةٍ وَّفَرِحُوْا بِهَا جَآءَتْهَا رِیْحٌ عَاصِفٌ وَّجَآءَهُمُ الْمَوْجُ مِنْ كُلِّ مَكَانٍ وَّظَنُّوْۤا اَنَّهُمْ اُحِیْطَ بِهِمْ ۙ دَعَوُا اللّٰهَ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ ۚ۬ لَىِٕنْ اَنْجَیْتَنَا مِنْ هٰذِهٖ لَنَكُوْنَنَّ مِنَ الشّٰكِرِیْنَ ۟
Huwal laẓee, yusayyirukum fil barri walbaḥr; ḥattaaa ʹiẓaa kuñtum fil fulk; wa-jarayna bihim̃ bireeḥiñ ṭayyibatiñw wafariḥoo bihaa jaaaʹathaa reeḥun ʻaaṣifuñw Wajaaaʹahumul mawju miñ kulli makaaniñw waz̤̣annooo ʹannahum ʹuḥeeṭa bihim daʻa wullaaha mukhliṣeena lahud Deen: laʹin ʹañjaytanaa min haaẓihee lanakoonanna minash Shaakireen!
ගොඩබිමේ හා මුහුදේ නුඹලාව ගමන් කරවනුයේ ඔහු ය. නුඹලා නැවක සිටි විට එය නැවුම් සුළඟකින් ඔවුන් කැටුව යාත්‍රා කරයි. තවද එමඟින් ඔවුහු සතුටු වූහ. සුළි සුළඟක් ඒ වෙත පැමිණි ය. තවද සෑම තැනකින් ම (මුහුදු) රැලිද ඔවුන් වෙත පැමිණි ය. එවිට නියත වශයෙන් ම තමන් කොටු වී ඇතැයි ඔවුහු සිතති. නුඹ අප මෙයින් මුදවා ගත්තෙහි නම් නියත වශයෙන් ම අපි කෘතවේදීන් අතරින් වෙමු යි පවසා දහම අල්ලාහ්ට පමණක් සතු කරමින් අවංකයින් ලෙසින් අල්ලාහ්ගෙන් ඇයැද සිටිති.
Verse 10:23
فَلَمَّاۤ اَنْجٰىهُمْ اِذَا هُمْ یَبْغُوْنَ فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ ؕ یٰۤاَیُّهَا النَّاسُ اِنَّمَا بَغْیُكُمْ عَلٰۤی اَنْفُسِكُمْ ۙ مَّتَاعَ الْحَیٰوةِ الدُّنْیَا ؗ ثُمَّ اِلَیْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
Falammaaa ʹañjaahum ʹiẓaa hum yabg̣oona fil ʹarḍi big̣ayril ḥaq̣q̣! Yaaaʹayyuhan naasu ʹinnamaa bag̣yukum ʻalaaa ʹañfusikum mataaʻal Ḥayaatid dunyaa: s̤umma ʹilaynaa marjiʻukum fanunabbiʹukum̃ bimaa kuñtum taʻmaloon.
එසේ ඔහු ඔවුන් මුදවා ගත් කල්හි එවිට ඔවුහු යුක්තියෙන් තොරව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරති. අහෝ ජනයිනි! නුඹලාගේ සීමාව ඉක්මවීම නුඹලාට එරෙහිව ම ය. මෙලොව ජීවිතයේ අල්ප සැපයකි. පසුව නුඹලා නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙත ය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව අපි නුඹලාට දන්වන්නෙමු.
Verse 10:24
اِنَّمَا مَثَلُ الْحَیٰوةِ الدُّنْیَا كَمَآءٍ اَنْزَلْنٰهُ مِنَ السَّمَآءِ فَاخْتَلَطَ بِهٖ نَبَاتُ الْاَرْضِ مِمَّا یَاْكُلُ النَّاسُ وَالْاَنْعَامُ ؕ حَتّٰۤی اِذَاۤ اَخَذَتِ الْاَرْضُ زُخْرُفَهَا وَازَّیَّنَتْ وَظَنَّ اَهْلُهَاۤ اَنَّهُمْ قٰدِرُوْنَ عَلَیْهَاۤ ۙ اَتٰىهَاۤ اَمْرُنَا لَیْلًا اَوْ نَهَارًا فَجَعَلْنٰهَا حَصِیْدًا كَاَنْ لَّمْ تَغْنَ بِالْاَمْسِ ؕ كَذٰلِكَ نُفَصِّلُ الْاٰیٰتِ لِقَوْمٍ یَّتَفَكَّرُوْنَ ۟
ʹInnamaa Mas̤alul Ḥayaatid dunyaa kamaaaʹin ʹañzalnaahu minas samaaaʹi fakhtalaṭa bihee nabaatul ʹarḍi mimmaa yaʹkulun naasu wal-ʹanʻaam: ḥattaaa ʹiẓaaa ʹakhaẓatil ʹarḍu zukhrufahaa wazzayyanat waz̤̣anna ʹahluhaaa ʹannahum q̣aadiroona ʻalayhaaa ʹataahaaa ʹamrunaa laylan ʹaw nahaarañ fajaʻalnaahaa ḥaṣeedañ kaʹal lam tag̣na bil-ʹams! Kaẓaalika nufaṣṣilul ʹAayaati liq̣awmiñy yatafakkaroon.
මෙලොව ජීවිතයේ උපමාව වනුයේ අහසින් අපි පහළ කළ ජලය මෙනි. එවිට මිනිසුන් හා ගොවිපළ සතුන් ආහාරයට ගන්නා දැයින් මහපොළොවේ ඇති පැළෑටි ඒ සමඟ මුසු විය. එමෙන් ම මහපොළොව එහි සරුසාරවත් භාවය ගෙන අලංකාරවත් විය. එහි වැසියෝ ද නියත වශයෙන් ම ඒ මත තමන් බලය දරන්නන් බව සිතුවෝ ය. (එවිට) රාත්‍රියේ හෝ දහවලේ අපගේ නියෝගය ඒ වෙත පැමිණ, එය පෙරදින කිසිදු ප්‍රයෝජනයක් නො ගත්තාක් මෙන්, නෙළනු ලැබූ පාළු භූමියක් බවට අපි පත් කළෙමු. වටහා ගන්නා ජනයාට මෙම වදන් අපි පැහැදිලි කරනුයේ මෙලෙස ය.
Verse 10:25
وَاللّٰهُ یَدْعُوْۤا اِلٰی دَارِ السَّلٰمِ ؕ وَیَهْدِیْ مَنْ یَّشَآءُ اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
Wallaahu yadʻooo ʹilaa Daaris Salaam: wa-yahdee mañy yashaaaʹu ʹilaa Ṣiraaṭim Mustaq̣eem.
තවද අල්ලාහ් ශාන්තියේ නිවහන වෙත ඇරයුම් කරයි. තවද ඔහු අභිමත කරන අයට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වයි.
Verse 10:26
لِلَّذِیْنَ اَحْسَنُوا الْحُسْنٰی وَزِیَادَةٌ ؕ وَلَا یَرْهَقُ وُجُوْهَهُمْ قَتَرٌ وَّلَا ذِلَّةٌ ؕ اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَنَّةِ ۚ هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
Lil-laẓeena ʹaḥsanul ḥusnaa wa-ziyaadah! Wa-laa yarhaq̣u wujoohahum q̣ataruñw walaa ẓillah! ʹUlaaaʹika ʹAṣḥaabul Jannah; hum feehaa khaalidoon.
දැහැමි කටයුතු කළවුනට දැහැමි දෑ ද ඊට අමතර දෑ ද ඇත. ඔවුන්ගේ මුහුණු අඳුර හෝ අවමානය හෝ වෙළා නො ගනී. ඔවුහු ස්වර්ගවාසීහු ය. ඔවුහු එහි සදාතනිකයෝ ය.
Verse 10:27
وَالَّذِیْنَ كَسَبُوا السَّیِّاٰتِ جَزَآءُ سَیِّئَةٍ بِمِثْلِهَا ۙ وَتَرْهَقُهُمْ ذِلَّةٌ ؕ مَا لَهُمْ مِّنَ اللّٰهِ مِنْ عَاصِمٍۚ كَاَنَّمَاۤ اُغْشِیَتْ وُجُوْهُهُمْ قِطَعًا مِّنَ الَّیْلِ مُظْلِمًا ؕ اُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
Wallaẓeena kasabus sayyiʹaati jazaaaʹu sayyiʹatim bimis̤lihaa wa-tarhaq̣uhum ẓillah: maa- lahum minal laahi min ʻaaṣim: Kaʹannamaaa ʹug̣shiyat wujoohuhum q̣iṭaʻam minal layli muz̤̣limaa: ʹulaaaʹika ʹAṣḥaabun Naari hum feehaa khaalidoon!
තවද පාපකම් උපයා ගත් අය වනාහි ඔවුන්ගේ පාපයට ප්‍රතිවිපාකය ඒ හා සමානයක් ය. තවද අවමානය ඔවුන් වෙළා ගනී. අල්ලාහ්ගෙන් කිසිදු ආරක්ෂකයකු ඔවුනට නොමැත. ඔවුන්ගේ මුහුණු අඳුරු රාත්‍රියෙන් කොටසක් වසා ගත්තාක් මෙනි. ඔවුහු නිරා වාසීහු ය. ඔවුහු එහි සදාතනිකයෝ ය.
Verse 10:28
وَیَوْمَ نَحْشُرُهُمْ جَمِیْعًا ثُمَّ نَقُوْلُ لِلَّذِیْنَ اَشْرَكُوْا مَكَانَكُمْ اَنْتُمْ وَشُرَكَآؤُكُمْ ۚ فَزَیَّلْنَا بَیْنَهُمْ وَقَالَ شُرَكَآؤُهُمْ مَّا كُنْتُمْ اِیَّانَا تَعْبُدُوْنَ ۟
Wa-yawma naḥshuruhum jameeʻañ s̤umma naq̣oolu lil-laẓeena ʹashrakoo makaanakum ʹañtum wa-shurakaaʹukum. Fazayyalnaa baynahum wa-q̣aala shurakaaaʹuhum maa kuñtum ʹiyyaanaa taʻbudoon!
තවද එදින අපි ඔවුන් සියල්ල රැස් කරන්නෙමු. පසුව නුඹලා හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලාගේ ස්ථානයේම සිටිනු යැයි ආදේශ තැබූවන්ට අපි පවසන්නෙමු. පසුව ඔවුන් අතර (තිබූ සම්බන්ධතාව බිඳ) අපි වෙන් කරන්නෙමු. තවද ‘නුඹලා අපට ගැතිකම් කරමින් නො සිටියෙහු යැ’යි ඔවුන්ගේ හවුල්කරුවෝ පවසා මිදෙන්නට බලති.
Verse 10:29
فَكَفٰی بِاللّٰهِ شَهِیْدًا بَیْنَنَا وَبَیْنَكُمْ اِنْ كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغٰفِلِیْنَ ۟
Fakafaa billaahi shaheedam baynanaa wa-baynakum ʹiñ kunnaa ʻan ʻibaadatikum lag̣aafileen!
එහෙයින් අප හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය. නුඹලා කළ නැමදුම පිළිබඳ අප අනවධානීන් ලෙස සිටියෙමු (යැයි ද එම හවුල්කරුවෝ පවසති).
Verse 10:30
هُنَالِكَ تَبْلُوْا كُلُّ نَفْسٍ مَّاۤ اَسْلَفَتْ وَرُدُّوْۤا اِلَی اللّٰهِ مَوْلٰىهُمُ الْحَقِّ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟۠
Hunaalika tabloo kullu nafsim maaa ʹaslafat wa-ruddooo ʹilal laahi Mawlaahumul Ḥaq̣q̣i wa-ḍalla ʻanhum maa kanoo yaftaroon.
එවිට සෑම ආත්මයක් ම එය ඉදිරිපත් කළ දෑ සම්බන්ධයෙන් පරීක්ෂාවට භාජනය වේ. තවද ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙත ඔවුන් යොමු කරනු ලැබේ. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී යයි.
Verse 10:31
قُلْ مَنْ یَّرْزُقُكُمْ مِّنَ السَّمَآءِ وَالْاَرْضِ اَمَّنْ یَّمْلِكُ السَّمْعَ وَالْاَبْصَارَ وَمَنْ یُّخْرِجُ الْحَیَّ مِنَ الْمَیِّتِ وَیُخْرِجُ الْمَیِّتَ مِنَ الْحَیِّ وَمَنْ یُّدَبِّرُ الْاَمْرَ ؕ فَسَیَقُوْلُوْنَ اللّٰهُ ۚ فَقُلْ اَفَلَا تَتَّقُوْنَ ۟
Q̣ul mañy yarzuq̣ukum minas samaaaʹi wal-ʹarḍi ʹammañy yamlikus samʻa wal-ʹabṣaara wa-mañy yukhrijul ḥayya minal mayyiti wa-yukhrijul mayyita minal ḥayyi wa-mañy yudabbirul ʹamr? Fasayaq̣ooloonal laah. faq̣ul ʹafalaa tattaq̣oon?
අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්‍රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැ? යි (නබිවරය!) නුඹ විමසනු. එවිට ‘අල්ලාහ්’ යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නො වේ දැ? යි නුඹ විමසනු.
Verse 10:32
فَذٰلِكُمُ اللّٰهُ رَبُّكُمُ الْحَقُّ ۚ فَمَاذَا بَعْدَ الْحَقِّ اِلَّا الضَّلٰلُ ۖۚ فَاَنّٰی تُصْرَفُوْنَ ۟
Faẓaalikumul laahu Rabbukumul Ḥaq̣q̣: famaaẓaa baʻdal Ḥaq̣q̣i ʹillaḍ ḍalaal? Faʹannaa tuṣrafoon?
ඔහු මය නුඹලාගේ සැබෑ පරමාධිපති වූ අල්ලාහ්. මෙම සත්‍යයෙන් පසු මුළාව මිස වෙන කුමක් ද? එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
Verse 10:33
كَذٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَی الَّذِیْنَ فَسَقُوْۤا اَنَّهُمْ لَا یُؤْمِنُوْنَ ۟
Kaẓaalika ḥaq̣q̣at Kalimatu Rabbika ʻalal laẓeena fasaq̣ooo ʹannahum laa- yuʹminoon.
එලෙස ම පාපකම් කළවුන්හට නියත වශයෙන් ම ඔවුන් විශ්වාස නො කරනු ඇතැයි යන නුඹගේ පරමාධිපතිගේ වදන නියම විය.
Verse 10:34
قُلْ هَلْ مِنْ شُرَكَآىِٕكُمْ مَّنْ یَّبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ ؕ قُلِ اللّٰهُ یَبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ فَاَنّٰی تُؤْفَكُوْنَ ۟
Q̣ul hal miñ shurakaaaʹikum mañy yabdaʹul khalq̣a s̤umma yuʻeeduh? Q̣ulil laahu yabdaʹul khalq̣a s̤umma yuʻeeduhoo faʹannaa tuʹfakoon?
මැවීම් ආරම්භ(යේ උත්පාදනය) කොට පසුව එය නැවත ගෙන එන කවරෙකු හෝ නුඹලාගේ හවුල්කරුවන් අතරින් සිටිත් දැ? යි නුඹ අසනු. මැවීම් ආරම්භ(යේ උත්පාදනය) කොට පසුව එය නැවත ගෙන එන්නේ අල්ලාහ් ය. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ දැ? යි නුඹ අසනු.
Verse 10:35
قُلْ هَلْ مِنْ شُرَكَآىِٕكُمْ مَّنْ یَّهْدِیْۤ اِلَی الْحَقِّ ؕ قُلِ اللّٰهُ یَهْدِیْ لِلْحَقِّ ؕ اَفَمَنْ یَّهْدِیْۤ اِلَی الْحَقِّ اَحَقُّ اَنْ یُّتَّبَعَ اَمَّنْ لَّا یَهِدِّیْۤ اِلَّاۤ اَنْ یُّهْدٰی ۚ فَمَا لَكُمْ ۫ كَیْفَ تَحْكُمُوْنَ ۟
Q̣ul hal miñ shurakaaaʹikum mañy yahdeee ʹilal Ḥaq̣q̣? Q̣ulil laahu yahdee lil-Ḥaq̣q̣. ʹAfamañy yahdeee ʹilal Ḥaq̣q̣i ʹaḥaq̣q̣u ʹañy yuttabaʻa ʹammal laa yahiddeee ʹillaaa ʹañy yuhdaa? Famaa lakum? Kayfa taḥkumoon?
සත්‍යය වෙත මඟ පෙන්වන නුඹලාගේ හවුල්කරුවන්ගෙන් කිසිවෙකුත් සිටිත් දැ? යි නුඹ අසනු. සත්‍යය වෙත මඟ පෙන්වන්නා අල්ලාහ් යැයි නුඹ පවසනු. පිළිපදිනු ලබන්නට වඩාත් සුදුසු වන්නේ සත්‍යය වෙත මඟ පෙන්වන්නා ද? එසේ නැතහොත් මඟ පෙන්වනු ලැබීමෙන් මිස යහ මඟ ගමන් නො කරන අය ද? නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
Verse 10:36
وَمَا یَتَّبِعُ اَكْثَرُهُمْ اِلَّا ظَنًّا ؕ اِنَّ الظَّنَّ لَا یُغْنِیْ مِنَ الْحَقِّ شَیْـًٔا ؕ اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِمَا یَفْعَلُوْنَ ۟
Wa-maa yattabiʻu ʹaks̤aruhum ʹillaa z̤̣annaa: ʹinnaz̤̣ z̤̣anna laa- yug̣nee minal Ḥaq̣q̣i shayʹaa. ʹInnal laaha ʻAleemum bimaa yafʻaloon.
තවද ඔවුන් බහුතරයක් දෙනා අනුමානය මිස වෙනකක් අනුගමනය නො කරති. නියත වශයෙන් ම අනුමානය සත්‍යයෙන් කිසිවක් දැනගැනීමට ඵලක් නො වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය.
Verse 10:37
وَمَا كَانَ هٰذَا الْقُرْاٰنُ اَنْ یُّفْتَرٰی مِنْ دُوْنِ اللّٰهِ وَلٰكِنْ تَصْدِیْقَ الَّذِیْ بَیْنَ یَدَیْهِ وَتَفْصِیْلَ الْكِتٰبِ لَا رَیْبَ فِیْهِ مِنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟۫
Wa-maa kaana haaẓal Q̣urʹaanu ʹañy yuftaraa miñ doonil laahi wa-laakiñ taṣdeeq̣al laẓee bayna yadayhi wa-tafṣeelal Kitaabi laa- rayba feehi mir Rabbil ʻAalameen.
තවද මෙම අල්-කුර්ආනය අල්ලාහ්ගෙන් (පහළ වූවක්) මිස (වෙනත් කිසිවකු විසින්) ගොතනු ලබන්නට හැකි වූවක් නො වීය. එනමුත් මෙය තමන් අතර ඇති දෑ සත්‍ය කරවන්නක් හා ලේඛනය විග්‍රහ කරන්නකි. ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ මෙහි කිසිදු සැකයක් නැත.
Verse 10:38
اَمْ یَقُوْلُوْنَ افْتَرٰىهُ ؕ قُلْ فَاْتُوْا بِسُوْرَةٍ مِّثْلِهٖ وَادْعُوْا مَنِ اسْتَطَعْتُمْ مِّنْ دُوْنِ اللّٰهِ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
ʹAm yaq̣ooloonaf taraah? Q̣ul faʹtoo bisooratim mis̤lihee wadʻoo manis taṭaʻtum miñ doonil laahi ʹiñ kuñtum Ṣaadiq̣een!.
නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුන් පවසන්නෝ ද? එසේ නම් මෙවැනිම පරිච්ඡේදයක් ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් අල්ලාහ් හැර දමා නුඹලාට හැකි අය (ඒ සඳහා) කැඳවා ගනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 10:39
بَلْ كَذَّبُوْا بِمَا لَمْ یُحِیْطُوْا بِعِلْمِهٖ وَلَمَّا یَاْتِهِمْ تَاْوِیْلُهٗ ؕ كَذٰلِكَ كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الظّٰلِمِیْنَ ۟
Bal kaẓẓaboo bimaa lam yuḥeeṭoo biʻilmihee wa-lammaa yaʹtihim taʹweeluh: Kaẓaalika kaẓẓabal laẓeena miñ q̣ablihim fañz̤̣ur kayfa kaana ʻaaq̣ibatuz̤̣ z̤̣aalimeen!
එසේ නො ව, ඔවුහු ඒ පිළිබඳ දැනුමෙන් ග්‍රහණය කළ නොහැකි දෑ ද එහි විග්‍රහය ඔවුන් වෙත නොපැමිණි දෑ ද ඔවුහු බොරු කළෝ ය. මෙලෙස ම ඔවුනට පෙර සිටියවුන්ද බොරු කළෝ ය. එබැවින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ විපරමෙන් බලනු.
Verse 10:40
وَمِنْهُمْ مَّنْ یُّؤْمِنُ بِهٖ وَمِنْهُمْ مَّنْ لَّا یُؤْمِنُ بِهٖ ؕ وَرَبُّكَ اَعْلَمُ بِالْمُفْسِدِیْنَ ۟۠
Wa-minhum mañy yuʹminu bihee wa-minhum mal laa yuʹminu bih: wa-Rabbuka ʹaʻlamu bilmufsideen.
තවද ඒ ගැන විශ්වාස කරන්නන් ද ඔවුන් අතරින් වූහ. එමෙන් ම ඒ ගැන විශ්වාස නො කරන්නන් ද ඔවුන් අතරින් වූහ. තවද නුඹේ පරමාධිපති කලහකාරීන් පිළිබඳ මැනවින් දන්නා ය.
Verse 10:41
وَاِنْ كَذَّبُوْكَ فَقُلْ لِّیْ عَمَلِیْ وَلَكُمْ عَمَلُكُمْ ۚ اَنْتُمْ بَرِیْٓـُٔوْنَ مِمَّاۤ اَعْمَلُ وَاَنَا بَرِیْٓءٌ مِّمَّا تَعْمَلُوْنَ ۟
Wa-ʹiñ kaẓẓabooka faq̣ul lee ʻamalee wa-lakum ʻamalukum! ʹAñtum̃ bareeeʹoona mimmaaa ʹaʻmalu wa-ʹana bareeeʹum mimmaa taʻmaloon!
තවද ඔවුහු නුඹව බොරු කළේ නම් ‘මාගේ ක්‍රියාව මා සතුය නුඹලාගේ ත්‍රියාව නුඹලා සතු ය. නුඹලා මම කරන දැයින් මිදෙන්නෝ වෙති. මම ද නුඹලා කරන දැයින් මිදෙන්නෙකු වෙමි’ යැයි එවිට නුඹ පවසනු.
Verse 10:42
وَمِنْهُمْ مَّنْ یَّسْتَمِعُوْنَ اِلَیْكَ ؕ اَفَاَنْتَ تُسْمِعُ الصُّمَّ وَلَوْ كَانُوْا لَا یَعْقِلُوْنَ ۟
Wa-minhum mañy yastamiʻoona ʹilayk: ʹa-faʹañta tusmiʻuṣ ṣumma wa-law kaanoo laa- yaʻq̣iloon?
තවද ඔවුන් අතරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. බිහිරන් වටහා නො ගනිමින් සිටිය ද නුඹ ඔවුනට සවන් වැටෙන්නට සලස්වන්නෙහි ද?
Verse 10:43
وَمِنْهُمْ مَّنْ یَّنْظُرُ اِلَیْكَ ؕ اَفَاَنْتَ تَهْدِی الْعُمْیَ وَلَوْ كَانُوْا لَا یُبْصِرُوْنَ ۟
Wa-minhum mañy yañz̤̣uru ʹilayk: ʹa-faʹanta tahdil ʻumya wa-law kaanoo laa- yubṣiroon?
තවද ඔවුන් අතරින් නුඹ වෙත බලන්නන් වෙති. අන්ධයින් නො බලමින් සිටිය ද නුඹ ඔවුනට මඟ පෙන්වන්නට සලස්වන්නෙහි ද?
Verse 10:44
اِنَّ اللّٰهَ لَا یَظْلِمُ النَّاسَ شَیْـًٔا وَّلٰكِنَّ النَّاسَ اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
ʹInnal laaha la yaz̤̣limun naasa shayʹañw walaakin nannaasa ʹañfusahum yaz̤̣limoon.
නියත වශයෙන් ම අල්ලාහ් ජනයාට කිසිවකින් හෝ අපරාධ නො කරයි. එනමුත් නියත වශයෙන් ම ජනයා තමන්ට ම අපරාධ කර ගනිති.
Verse 10:45
وَیَوْمَ یَحْشُرُهُمْ كَاَنْ لَّمْ یَلْبَثُوْۤا اِلَّا سَاعَةً مِّنَ النَّهَارِ یَتَعَارَفُوْنَ بَیْنَهُمْ ؕ قَدْ خَسِرَ الَّذِیْنَ كَذَّبُوْا بِلِقَآءِ اللّٰهِ وَمَا كَانُوْا مُهْتَدِیْنَ ۟
Wa-yawma yaḥshuruhum kaʹal lam yalbas̤ooo ʹillaa saaʻatam minan nahaari yataʻaarafoona baynahum. Q̣ad khasiral laẓeena kaẓẓaboo biliq̣aaaʹil laahi wa-maa kaanoo muhtadeen.
තවද ඔහු ඔවුන් රැස් කරන දින දහවලින් මොහොතක් මිස රැඳී නො සිටියාක් මෙන් (සිතමින්) ඔවුන් අතර ඔවුන් එකිනෙකා හඳුනා ගනිති. අල්ලාහ්ගේ හමුව බොරු කළවුන් සැබැවින් ම පරාජයට පත් වූවෝ ය. තවද ඔවුහු යහ මඟ ලැබූවන් ලෙස නො සිටියෝ ය.
Verse 10:46
وَاِمَّا نُرِیَنَّكَ بَعْضَ الَّذِیْ نَعِدُهُمْ اَوْ نَتَوَفَّیَنَّكَ فَاِلَیْنَا مَرْجِعُهُمْ ثُمَّ اللّٰهُ شَهِیْدٌ عَلٰی مَا یَفْعَلُوْنَ ۟
Wa-ʹimmaa nuriyannaka baʻḍal laẓee naʻiduhum ʹaw natawaffayannaka faʹilaynaa marjiʻuhum s̤ummal laahu shaheedun ʻalaa maa- yafʻaloon.
තවද අපි ඔවුන්ට ප්‍රතිඥා දුන් ඇතැම් දේ අපි නුඹට පෙන්වුව ද නැතහොත් අපි නුඹව මරණයට පත් කළ ද ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙත ම ය. පසුව ඔවුන් කරන දෑ කෙරෙහි අල්ලාහ් සාක්ෂිකරු ය.
Verse 10:47
وَلِكُلِّ اُمَّةٍ رَّسُوْلٌ ۚ فَاِذَا جَآءَ رَسُوْلُهُمْ قُضِیَ بَیْنَهُمْ بِالْقِسْطِ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
Wa-likulli ʹummatir Rasool: faʹiẓaa jaaaʹa Rasooluhum q̣uḍiya baynahum̃ bilq̣isṭi wa-hum laa- yuz̤̣lamoon.
තවද සෑම සමූහයකට ම ධර්ම දූතයකු විය. ඔවුන්ගේ ධර්ම දූතයා පැමිණි විට ඔවුන් අතර යුක්තිගරුකව තීන්දු දෙන ලදි. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.
Verse 10:48
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
Wa-yaq̣ooloona mataa haaẓal waʻdu ʹiñ kuñtum ṣaadiq̣een.
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැ? යි (ධර්ම දූතයින්ගෙන්) ඔවුහු විමසති.
Verse 10:49
قُلْ لَّاۤ اَمْلِكُ لِنَفْسِیْ ضَرًّا وَّلَا نَفْعًا اِلَّا مَا شَآءَ اللّٰهُ ؕ لِكُلِّ اُمَّةٍ اَجَلٌ ؕ اِذَا جَآءَ اَجَلُهُمْ فَلَا یَسْتَاْخِرُوْنَ سَاعَةً وَّلَا یَسْتَقْدِمُوْنَ ۟
Q̣ul laaa ʹamliku linafsee ḍarrañw walaa nafʻan ʹillaa maa- shaaaʹal laah. Likulli ʹUmmatin ʹajal: ʹiẓaa jaaaʹa ʹajaluhum falaa yastaʹkhiroona saaʻatañw walaa yastaq̣dimoon.
අල්ලාහ් අභිමත කළ දෑ මිස කිසිදු හානියක් වැළක්වීමට හෝ කිසිදු සෙතක් සැලසීමට හෝ මාහට හැකියාව නැතැ’යි නුඹ පවසනු. සෑම සමූහයකට ම නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නො වෙති. එමෙන් ම ඔවුහු ඉක්මන් ද නො වෙති.
Verse 10:50
قُلْ اَرَءَیْتُمْ اِنْ اَتٰىكُمْ عَذَابُهٗ بَیَاتًا اَوْ نَهَارًا مَّاذَا یَسْتَعْجِلُ مِنْهُ الْمُجْرِمُوْنَ ۟
Q̣ul ʹaraʹaytum ʹin ʹataakum ʻaẓaabuhoo bayaatan ʹaw nahaaram maaẓaa yastaʻjilu minhul mujrimoon.
රාත්‍රිය ගත කරන විට හෝ දහවල් කාලයේ හෝ ඔහුගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් (ඒ ගැන) නුඹලා කුමක් පවසන්නෙහු ද? වැරදිකරුවෝ එය ඉක්මනින් පතනුයේ ඇයි දැ? යි නුඹ අසනු.
Verse 10:51
اَثُمَّ اِذَا مَا وَقَعَ اٰمَنْتُمْ بِهٖ ؕ آٰلْـٰٔنَ وَقَدْ كُنْتُمْ بِهٖ تَسْتَعْجِلُوْنَ ۟
ʹAs̤umma ʹiẓaa maa- waq̣aʻa ʹaamañtum̃ bih? ʹAaalʹaana wa-q̣ad kuñtum̃ bihee tastaʻjiloon!
එය සිදු වූ පසුව ද දැන් නුඹලා ඒ ගැන විශ්වාස කරනුයේ?. නුඹලා එය ඉක්මනින් පතමින් සිටියෙහු ය.
Verse 10:52
ثُمَّ قِیْلَ لِلَّذِیْنَ ظَلَمُوْا ذُوْقُوْا عَذَابَ الْخُلْدِ ۚ هَلْ تُجْزَوْنَ اِلَّا بِمَا كُنْتُمْ تَكْسِبُوْنَ ۟
S̤umma q̣eela lil-laẓeena z̤̣alamoo ẓooq̣oo ʻaẓaabal khuld! Hal tujzawna ʹillaa bimaa kuñtum taksiboon.
පසුව ‘නුඹලා සදාතනික දඬුවම විඳවනු. නුඹලා උපයමින් සිටි දෑ සඳහා මිස නුඹලා ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත් දැ?’යි අපරාධ කළවුනට පවසනු ලැබේ.
Verse 10:53
وَیَسْتَنْۢبِـُٔوْنَكَ اَحَقٌّ هُوَ ؔؕ قُلْ اِیْ وَرَبِّیْۤ اِنَّهٗ لَحَقٌّ ؔؕۚ وَمَاۤ اَنْتُمْ بِمُعْجِزِیْنَ ۟۠
Wa-yastambiʹoonaka ʹaḥaq̣q̣un hoo? Q̣ul ʹEe wa-Rabbeee ʹinnahoo laḥaq̣q̣! Wa-maaa ʹañtum bimuʻjizeen!
තවද එය සත්‍යය දැ? යි ඔවුහු නුඹගෙන් තොරුතුරු විමසති. එසේය, මාගේ පරමාධිපතිගේ නාමයෙන් නියත වශයෙන් ම එය සත්‍යයකි. තවද නුඹලා (අල්ලාහ්) අබිබවා යන්නන් නො වෙති යැයි (නබිවරය!) පවසනු.
Verse 10:54
وَلَوْ اَنَّ لِكُلِّ نَفْسٍ ظَلَمَتْ مَا فِی الْاَرْضِ لَافْتَدَتْ بِهٖ ؕ وَاَسَرُّوا النَّدَامَةَ لَمَّا رَاَوُا الْعَذَابَ ۚ وَقُضِیَ بَیْنَهُمْ بِالْقِسْطِ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
Wa-law ʹanna likulli nafsiñ z̤̣alamat maa- fil ʹarḍi laftadat bih: wa-ʹasarrun nadaamata lammaa raʹawul ʻaẓaab: wa-q̣uḍiya baynahum̃ bilq̣isṭi wahum laa- yuz̤̣lamoon.
තවද අපරාධ කළ සෑම ආත්මයකට ම මහපොළොවේ ඇති දෑ තිබේ නම් එය වන්දි වශයෙන් ගෙවනු ඇත. තවද ඔවුහු එම දඬුවම දුටු කල්හි පසුතැවිල්ල වසන් කර ගත්හ. තවද ඔවුන් අතර යුක්තිගරුක ලෙසින් තීන්දු කරනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.
Verse 10:55
اَلَاۤ اِنَّ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ اَلَاۤ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
ʹAlaaa ʹinna lillaahi maa- fis samaawaati wal-ʹarḍ? ʹAlaaa ʹinna waʻdal laahi ḥaq̣q̣uñw walaakinna ʹaks̤arahum laa- yaʻlamoon?
අහස්හි හා පොළොවේ ඇති දෑ නියත වශයෙන් ම අල්ලාහ් සතු බව දැන ගනු මැනව. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව ද සැබෑවක් බව දැන ගනු මැනව. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
Verse 10:56
هُوَ یُحْیٖ وَیُمِیْتُ وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟
Huwa yuḥyee wa-yumeetu wa-ʹilayhi turjaʻoon.
ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. තවද නුඹලා නැවත යොමු කරනු ලබන්නේ ඔහු වෙතට ය.
Verse 10:57
یٰۤاَیُّهَا النَّاسُ قَدْ جَآءَتْكُمْ مَّوْعِظَةٌ مِّنْ رَّبِّكُمْ وَشِفَآءٌ لِّمَا فِی الصُّدُوْرِ ۙ۬ وَهُدًی وَّرَحْمَةٌ لِّلْمُؤْمِنِیْنَ ۟
Yaaaʹayyuhan naasu q̣ad jaaaʹatkum mawʻiz̤̣atum mir Rabbikum wa-shifaaaʹul limaa fiṣ ṣudoori wa-Hudañw wa-Raḥmatul lil-Muʹmineen.
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ අනුශාසනයක් ද නුඹලාගේ හදවත් තුළ ඇති දෑට සුවයක් ද දේවත්වය විශ්වාස කරන්නන්ට මඟ පෙන්වීමක් හා දයාවක් ද සැබැවින් ම නුඹලා වෙත පැමිණ ඇත.
Verse 10:58
قُلْ بِفَضْلِ اللّٰهِ وَبِرَحْمَتِهٖ فَبِذٰلِكَ فَلْیَفْرَحُوْا ؕ هُوَ خَیْرٌ مِّمَّا یَجْمَعُوْنَ ۟
Q̣ul bi-Faḍlil laahi wa-bi-Raḥmatihee fabiẓaalika fal-yafraḥoo: huwa khayrum mimmaa yajmaʻoon.
මෙය අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ දයාව තුළිනි. මෙමඟින් ඔවුන් සතුටු වෙත්වා! යැයි නුඹ පවසනු. එය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨ ය.
Verse 10:59
قُلْ اَرَءَیْتُمْ مَّاۤ اَنْزَلَ اللّٰهُ لَكُمْ مِّنْ رِّزْقٍ فَجَعَلْتُمْ مِّنْهُ حَرَامًا وَّحَلٰلًا ؕ قُلْ آٰللّٰهُ اَذِنَ لَكُمْ اَمْ عَلَی اللّٰهِ تَفْتَرُوْنَ ۟
Q̣ul ʹaraʹaytum maaa ʹañzalal laahu lakum mir rizq̣iñ fajaʻaltum minhu ḥaraamañw waḥalaalaa. Q̣ul ʹaaallaahu ʹaẓina lakum ʹam ʻalal laahi taftaroon?
(නබිවරය! නුඹ මෙසේ) විමසනු! පෝෂණයෙන් අල්ලාහ් නුඹලාට පහළ කළ දෑ පිළිබඳව නුඹලා කුමක් පවසන්නෙහු ද? එවිට නුඹලා එයින් (අතැම් දෑ) තහනම් ලෙසත් (ඇතැම් දෑ) අනුමත ලෙසත් නියම කර ගත්තෙහු ය. (ඒ සඳහා) නුඹලාට අවසර දුන්නේ අල්ලාහ් ද? එසේ නැතහොත් නුඹලා අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නෙහු දැ? යි අසනු.
Verse 10:60
وَمَا ظَنُّ الَّذِیْنَ یَفْتَرُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ یَوْمَ الْقِیٰمَةِ ؕ اِنَّ اللّٰهَ لَذُوْ فَضْلٍ عَلَی النَّاسِ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَشْكُرُوْنَ ۟۠
Wa-maa z̤̣annul laẓeena yaftaroona ʻalal laahil kaẓiba Yawmal Q̣iyaamah? ʹInnal laaha la-Ẓoo faḍlin ʻalan naasi wa-laakinna ʹaks̤arahum laa- yashkuroon.
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට එරෙහිව බොරු ගොතන්නන්ගේ සිතුවිලි කුමක් ද? නියත වශයෙන් ම අල්ලාහ් ජනයා කෙරෙහි භාග්‍ය සම්පන්න ය. එනමුත් සැබැවින් ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නො වෙති.
Verse 10:61
وَمَا تَكُوْنُ فِیْ شَاْنٍ وَّمَا تَتْلُوْا مِنْهُ مِنْ قُرْاٰنٍ وَّلَا تَعْمَلُوْنَ مِنْ عَمَلٍ اِلَّا كُنَّا عَلَیْكُمْ شُهُوْدًا اِذْ تُفِیْضُوْنَ فِیْهِ ؕ وَمَا یَعْزُبُ عَنْ رَّبِّكَ مِنْ مِّثْقَالِ ذَرَّةٍ فِی الْاَرْضِ وَلَا فِی السَّمَآءِ وَلَاۤ اَصْغَرَ مِنْ ذٰلِكَ وَلَاۤ اَكْبَرَ اِلَّا فِیْ كِتٰبٍ مُّبِیْنٍ ۟
Wa-maa takoonu fee shaʹniñw wamaa tatloo minhu miñ Q̣urʹaaniñw Walaa taʻmaloona min ʻamalin ʹillaa kunnaa ʻalaykum Shuhoodan ʹiẓ tufeeḍoona feeh. Wa-maa yaʻzubu ʻar Rabbika mim mis̤q̣aali ẓarratiñ fil ʹarḍi wa-laa fis samaaaʹi wa-laaa ʹaṣg̣ara miñ ẓaalika wa-laaa ʹakbara ʹillaa fee kitaabim Mubeen.
තවද නුඹ කවර කරුණක (නිරත ව) සිටින්නේ ද තවද කුමන දෙයක් අල්-කුර්ආනයෙන් නුඹ පාරායනය කරන්නේ ද තවද (මිනිසුනි!) යම් කිසි ක්‍රියාවක් නුඹලා කරන්නේ ද නුඹලා එහි නිරත වන විට නුඹලා වෙත අප සාක්ෂිකරුවන් ලෙස සිටියා මිස නැත. අහසෙහි හෝ මහපොළොවෙහි හෝ අණුවක තරම් දෙයක් වුව ද එය ඊටත් වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි පුස්තකයේ (සටහන්ව) මිස නුඹගේ පරමාධිපතිගෙන් සැඟවෙන්නේ නැත.
Verse 10:62
اَلَاۤ اِنَّ اَوْلِیَآءَ اللّٰهِ لَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟ۚۖ
ʹAlaaa ʹinna ʹAwliyaaaʹal laahi laa- khawfun ʻalayhim wa-laa hum yaḥzanoon.
දැනගනු! නියත වශයෙන් ම අල්ලාහ්ගේ සමීපතයින් වනාහි ඔවුනට කිසිදු බියක් නොමැත. එමෙන් ම ඔවුහු දුකට පත්වන්නන් ද නො වෙති.
Verse 10:63
الَّذِیْنَ اٰمَنُوْا وَكَانُوْا یَتَّقُوْنَ ۟ؕ
ʹAllaẓeena ʹaamanoo wa-kaanoo yattaq̣oon:
ඔවුන් වනාහි විශ්වාස කළෝ ය. තවද බිය හැඟීමෙන් යුතුව සිටියෝ ය.
Verse 10:64
لَهُمُ الْبُشْرٰی فِی الْحَیٰوةِ الدُّنْیَا وَفِی الْاٰخِرَةِ ؕ لَا تَبْدِیْلَ لِكَلِمٰتِ اللّٰهِ ؕ ذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِیْمُ ۟ؕ
Lahumul Bushraa fil Ḥayaatid dunyaa wafil ʹAakhirah: laa- tabdeela li-Kalimaatil laah. Ẓaalika huwal Fawzul ʻAz̤̣eem.
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි ඔවුනට සුබාසිරි ඇත. අල්ලාහ්ගේ ප්‍රකාශයන්හි කිසිදු වෙනස් කිරීමක් නොමැත. එය මය අතිමහත් ජයග්‍රහණය වනුයේ.
Verse 10:65
وَلَا یَحْزُنْكَ قَوْلُهُمْ ۘ اِنَّ الْعِزَّةَ لِلّٰهِ جَمِیْعًا ؕ هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
Wa-laa yaḥzuñka q̣awluhum. ʹInnal ʻizzata lillaahi jameeʻaa; Huwas Sameeʻul ʻAleem.
තවද ඔවුන්ගේ ප්‍රකාශය නුඹව දුකට පත් නො කළ යුතු ය. නියත වශයෙන් ම සියළු ගෞරව මුළුමණින් ම අල්ලාහ්ට හිමි ය. ඔහු සර්ව ශ්‍රාවක ය; සර්වඥානී ය.
Verse 10:66
اَلَاۤ اِنَّ لِلّٰهِ مَنْ فِی السَّمٰوٰتِ وَمَنْ فِی الْاَرْضِ ؕ وَمَا یَتَّبِعُ الَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ شُرَكَآءَ ؕ اِنْ یَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ وَاِنْ هُمْ اِلَّا یَخْرُصُوْنَ ۟
ʹAlaaa ʹinna lillaahi mañ fis samaawaati wa-mañ fil arḍ. Wa-maa yattabiʻul laẓeena yadʻoona miñ doonil laahi shurakaaaʹ? ʹIñy yattabiʻoona ʹillaz̤̣ z̤̣anna wa-ʹin hum ʹillaa yakhruṣoon.
දැනගනු! අහස්හි සිටින අය ද මහපොළොවෙහි සිටින අය ද නියත වශයෙන් ම අල්ලාහ් සතු ය. අල්ලාහ් හැර දමා හවුල්කරුවන් ඇරයුම් කරන්නන් අනුගමනය කරනුයේ කුමක් ද? ඔවුන් අනුමානය මිස වෙනකක් අනුගමනය නො කරති. තවද ඔවුන් උපකල්පනය කරනු මිස නැත.
Verse 10:67
هُوَ الَّذِیْ جَعَلَ لَكُمُ الَّیْلَ لِتَسْكُنُوْا فِیْهِ وَالنَّهَارَ مُبْصِرًا ؕ اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّسْمَعُوْنَ ۟
Huwal laẓee jaʻala lakumul layla litaskunoo feehi wannahaara mubṣiraa. ʹInna fee ẓaalika laʹAayaatil liq̣awmiñy yasmaʻoon.
නුඹලා එහි සැනසුම ලබනු පිණිස රාත්‍රිය ද පෙනෙන්නට ආලෝකමත් ලෙසින් දහවල ද නුඹලාට ඇති කළේ ඔහු ය. සැබැවින් ම (අල්ලාහ්ගේ වදනට) සවන් දෙන ජනයාට මෙහි සංඥාවන් ඇත.
Verse 10:68
قَالُوا اتَّخَذَ اللّٰهُ وَلَدًا سُبْحٰنَهٗ ؕ هُوَ الْغَنِیُّ ؕ لَهٗ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ اِنْ عِنْدَكُمْ مِّنْ سُلْطٰنٍ بِهٰذَا ؕ اَتَقُوْلُوْنَ عَلَی اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟
Q̣aalut takhaẓal laahu waladaa; Subḥaanah! Huwal G̣aniyy! Lahoo maa- fis samaawaati wa-maa fil ʹarḍ! ʹIn ʻiñdakum miñ sulṭaanim bihaaẓaa! ʹAtaq̣ooloona ʻal allaahi maa laa- taʻlamoon?
අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ඔවුහු පවසති. ඔහු (ඔවුන් පවසන දැයින්) සුපිවිතුරු ය. ඔහු පොහොසත් ය. අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු සතු ය. (නුඹලා පවසන) ඒ ගැන කිසිදු සාධකයක් නුඹලා සතුව නැත. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි (ගොතා) පවසන්නෙහු ද?
Verse 10:69
قُلْ اِنَّ الَّذِیْنَ یَفْتَرُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ لَا یُفْلِحُوْنَ ۟ؕ
Q̣ul innal laẓeena yaftaroona ʻal allaahil kaẓiba laa- yufliḥoon.
නියත වශයෙන් ම අල්ලාහ්ට එරෙහිව බොරු ගොතන්නන් වනාහි ඔවුන් ජය නො ලබනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 10:70
مَتَاعٌ فِی الدُّنْیَا ثُمَّ اِلَیْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِیْقُهُمُ الْعَذَابَ الشَّدِیْدَ بِمَا كَانُوْا یَكْفُرُوْنَ ۟۠
Mataaʻuñ fid dunyaa s̤umma ʹilaynaa marjiʻuhum s̤umma nuẓeeq̣uhumul ʻAẓaabash shadeeda bimaa kaanoo yakfuroon:
(මෙය) මෙලොවෙහි භුක්ති විඳීමකි. පසුව ඔවුන්ගේ නැවත හැරීම අප වෙත ය. පසුව ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් දරුණු දඬුවම ඔවුන් විඳවන්නට අපි සලස්වන්නෙමු.
Verse 10:71
وَاتْلُ عَلَیْهِمْ نَبَاَ نُوْحٍ ۘ اِذْ قَالَ لِقَوْمِهٖ یٰقَوْمِ اِنْ كَانَ كَبُرَ عَلَیْكُمْ مَّقَامِیْ وَتَذْكِیْرِیْ بِاٰیٰتِ اللّٰهِ فَعَلَی اللّٰهِ تَوَكَّلْتُ فَاَجْمِعُوْۤا اَمْرَكُمْ وَشُرَكَآءَكُمْ ثُمَّ لَا یَكُنْ اَمْرُكُمْ عَلَیْكُمْ غُمَّةً ثُمَّ اقْضُوْۤا اِلَیَّ وَلَا تُنْظِرُوْنِ ۟
Watlu ʻalayhim nabaʹa Nooḥ. ʹIẓ q̣aala liq̣awmihee yaa-Q̣awmi ʹiñ kaana kabura ʻalaykum maq̣aamee wa-taẓkeeree biʹAayaatil laahi faʻalal laahi tawakkaltu faʹajmiʻooo ʹamrakum wa-shurakaaaʹakum s̤umma laa- yakun ʹamrukum ʻalaykum g̣ummatañ s̤ummaq̣ ḍooo ʹilayya wa-laa tuñz̤̣iroon.
තවද (නබිවරය!) නුඹ ඔවුනට නූහ්ගේ පුවත කියවා පෙන්වනු. ඔහුගේ සමූහයාට; “මාගේ ජනයිනි! ‘මා (නුඹලා අතර) සිටීමත් අල්ලාහ්ගේ වදන් මා සිහිපත් කිරීමත් නුඹලාට බරක් වී නම් එවිට මම අල්ලාහ් වෙත භාර කරමි. පසුව නුඹලාගේ තීන්දුව හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලා එකට එක්රැස් කර (තීන්දු) ගනු. අනතුරුව නුඹලාගේ තීන්දු කටයුතු නුඹලාට වසන් වූවක් නො විය යුතු ය. පසුව නුඹලා මට (එරෙහි ව) තීන්දු කරනු. තවද මට නුඹලා අවකාශ නො දෙනු” යැයි ඔහු පැවසූ බව සිහිපත් කරනු.
Verse 10:72
فَاِنْ تَوَلَّیْتُمْ فَمَا سَاَلْتُكُمْ مِّنْ اَجْرٍ ؕ اِنْ اَجْرِیَ اِلَّا عَلَی اللّٰهِ ۙ وَاُمِرْتُ اَنْ اَكُوْنَ مِنَ الْمُسْلِمِیْنَ ۟
Faʹiñ tawallaytum famaa saʹaltukum min ʹajr: in ʹajriya ʹillaa ʻalal laahi wa-ʹumirtu ʹan ʹakoona minal Muslimeen.
එහෙත් නුඹලා (මාගේ දූත මෙහෙය) පිටුපෑවෙහු නම් (එය නුඹලාට එරෙහිව ය.) එබැවින් (ඒ සඳහා) මම කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා සිටියේ නැත. මාගේ කුලිය අල්ලාහ් මත මිස වෙනත් අයෙකු මත නැත. තවද මුස්ලිම්වරුන් අතරින් වීමට මා නියෝග කරනු ලැබුවෙමි.
Verse 10:73
فَكَذَّبُوْهُ فَنَجَّیْنٰهُ وَمَنْ مَّعَهٗ فِی الْفُلْكِ وَجَعَلْنٰهُمْ خَلٰٓىِٕفَ وَاَغْرَقْنَا الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا ۚ فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الْمُنْذَرِیْنَ ۟
Fakaẓẓaboohu fanajjaynaahu wa-mam maʻahoo fil Fulki wa-jaʻalnaahum khalaaaʹifa wa-ʹag̣raq̣nal laẓeena kaẓẓaboo biʹAayaatinaa. Fañz̤̣ur kayfa kaana ʻaaq̣ibatul muñẓareen!
එහෙත් ඔවුහු ඔහුව බොරු කළෝ ය. එවිට අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවාගෙන; ඔවුන්ව (මහපොළොවේ) නියෝජිතයන් බවට පත් කොට; අපගේ සංඥා බොරු කළවුන් ගිල් වූයෙමු. පසුව අවවාද දෙනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ බලනු.
Verse 10:74
ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهٖ رُسُلًا اِلٰی قَوْمِهِمْ فَجَآءُوْهُمْ بِالْبَیِّنٰتِ فَمَا كَانُوْا لِیُؤْمِنُوْا بِمَا كَذَّبُوْا بِهٖ مِنْ قَبْلُ ؕ كَذٰلِكَ نَطْبَعُ عَلٰی قُلُوْبِ الْمُعْتَدِیْنَ ۟
S̤umma baʻas̤naa mim baʻdihee Rusulan ʹilaa q̣awmihim fajaaaʹoohum̃ bilbayyinaati famaa kaanoo liyuʹminoo bimaa kaẓẓaboo bihee miñ q̣abl. Kaẓaalika naṭbaʻu ʻalaa q̣uloobil muʻtadeen.
ඔහුගෙන් පසුව ධර්ම දූතවරු ඔවුන්ගේ ජනයා වෙත අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝ ය. මීට පෙර සිටියවුන් කවර දෙයක් බොරු කළේ ද මොවුහු ද එය විශ්වාස කරන්නට නො වූහ. සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ගේ හදවත් මත අප මුද්‍රා තබනුයේ එලෙස ම ය.
Verse 10:75
ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِمْ مُّوْسٰی وَهٰرُوْنَ اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ بِاٰیٰتِنَا فَاسْتَكْبَرُوْا وَكَانُوْا قَوْمًا مُّجْرِمِیْنَ ۟
S̤umma baʻas̤naa mim baʻdihim Moosaa wa-Haaroona ʹilaa Firʻawna wa-malaʹihee biʹAayaatinaa fastakbaroo wa-kaanoo q̣awmam mujrimeen.
අනතුරුව ඔවුන්ගෙන් පසුව අපි අපගේ පැහැදිලි සාධක සමඟ මූසා හා හාරූන්ව ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත එව්වෙමු. එහෙත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අපරාධකාරී පිරිසක් බවට පත් වූහ.
Verse 10:76
فَلَمَّا جَآءَهُمُ الْحَقُّ مِنْ عِنْدِنَا قَالُوْۤا اِنَّ هٰذَا لَسِحْرٌ مُّبِیْنٌ ۟
Falammaa jaaaʹahumul Ḥaq̣q̣u min ʻiñdinaa q̣aalooo ʹinna haaẓaa lasiḥrum mubeen!
අප වෙතින් ඔවුනට සත්‍යය පැමිණි කල්හි ‘නියත වශයෙන් ම මෙය පැහැදිලි මායාවකි’ යැයි ඔවුහු පැවසුවෝ ය.
Verse 10:77
قَالَ مُوْسٰۤی اَتَقُوْلُوْنَ لِلْحَقِّ لَمَّا جَآءَكُمْ ؕ اَسِحْرٌ هٰذَا ؕ وَلَا یُفْلِحُ السّٰحِرُوْنَ ۟
Q̣aala Moosaaa ʹataq̣ooloona lil-Ḥaq̣q̣i lammaa jaaaʹakum? ʹA-siḥrun haaẓaa? Wa-laa yufliḥus saaḥiroon.
නුඹලා වෙත සත්‍යය පැමිණි කල්හි එයට ‘මෙය මායාවකි’ යැයි නුඹලා කියන්නෙහු ද? යැයි මූසා විමසුවේ ය. තවද මායාකරුවෝ ජය නො ලබති.
Verse 10:78
قَالُوْۤا اَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَیْهِ اٰبَآءَنَا وَتَكُوْنَ لَكُمَا الْكِبْرِیَآءُ فِی الْاَرْضِ ؕ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِیْنَ ۟
Q̣aalooo ʹajiʹtanaa litalfitanaa ʻammaa wajadnaa ʻalayhi ʹaabaaaʹanaa wa-takoona lakumal kibriyaaaʹu fil ʹarḍ? Wa-maa naḥnu lakumaa bi-Muʹmineen!
“අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවේ ද එයින් ඔබ අප වෙනතකට යොමු කිරීමටත්, මහපොළොවේ මහන් තත්ත්වය නුඹලා හිමි කර ගන්නටත් නුඹලා අප වෙත පැමිණියෙහු ද? නමුත් නුඹලා දෙදෙනාව අපි විශ්වාස කරන්නන් නො වෙමු” යැයි ඔවුහු පැවසූහ.
Verse 10:79
وَقَالَ فِرْعَوْنُ ائْتُوْنِیْ بِكُلِّ سٰحِرٍ عَلِیْمٍ ۟
Wa-q̣aala Firʻawnuʹ toonee bikulli saaḥirin ʻAleem.
තවද ‘මනා දැනුම ඇති සෑම මායාකරුවකුම මා වෙත නුඹලා ගෙන එනු’යි ෆිර්අවුන් පැවසුවේ ය.
Verse 10:80
فَلَمَّا جَآءَ السَّحَرَةُ قَالَ لَهُمْ مُّوْسٰۤی اَلْقُوْا مَاۤ اَنْتُمْ مُّلْقُوْنَ ۟
Falammaa jaaaʹassa ḥaratu q̣aala lahum Moosaaa ʹalq̣oo maaa ʹañtum mulq̣oon!
මායාකරුවෝ පැමිණි කල්හි ‘නුඹලා හෙළන්නට සිටින දෑ නුඹලා හෙළනු’ යැයි මූසා ඔවුනට කීවේ ය.
Verse 10:81
فَلَمَّاۤ اَلْقَوْا قَالَ مُوْسٰی مَا جِئْتُمْ بِهِ ۙ السِّحْرُ ؕ اِنَّ اللّٰهَ سَیُبْطِلُهٗ ؕ اِنَّ اللّٰهَ لَا یُصْلِحُ عَمَلَ الْمُفْسِدِیْنَ ۟
Falammaaa ʹalq̣aw q̣aala Moosaa maa- jiʹtum̃ bihis siḥr: ʹinnal laaha sayubṭiluh: ʹinnal laaha laa- yuṣliḥu ʻamalal mufsideen.
එසේ ඔවුන් හෙළු කල්හි ‘නුඹලා කවර දෙයක් ගෙන ආවද එය මායාවකි. නියත වශයෙන් ම අල්ලාහ් එය නිෂ්ඵල කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන්ගේ ක්‍රියාව විධිමත් නො කරනු ඇත’ යැයි මූසා පැවසුවේ ය.
Verse 10:82
وَیُحِقُّ اللّٰهُ الْحَقَّ بِكَلِمٰتِهٖ وَلَوْ كَرِهَ الْمُجْرِمُوْنَ ۟۠
Wa-yuḥiq̣q̣ul laahul Ḥaq̣q̣a bi-Kalimaatihee wa-law karihal mujrimoon!
තවද වැරදිකරුවෝ පිළිකුල් කළද අල්ලාහ් ඔහුගේ ප්‍රකාශයන් මඟින් සත්‍යය සනාථ කරනු ඇත.
Verse 10:83
فَمَاۤ اٰمَنَ لِمُوْسٰۤی اِلَّا ذُرِّیَّةٌ مِّنْ قَوْمِهٖ عَلٰی خَوْفٍ مِّنْ فِرْعَوْنَ وَمَلَاۡىِٕهِمْ اَنْ یَّفْتِنَهُمْ ؕ وَاِنَّ فِرْعَوْنَ لَعَالٍ فِی الْاَرْضِ ۚ وَاِنَّهٗ لَمِنَ الْمُسْرِفِیْنَ ۟
Famaaa ʹaamana li-Moosaaa ʹillaa ẓurriyyatum miñ q̣awmihee ʻalaa khawfim miñ Firʻawna wa-malaʹihim ʹañy yaftinahum; wa-ʹinna Firʻawna laʻaaliñ fil ʹarḍi wa-ʹinnahoo laminal musrifeen.
ෆිර්අවුන්ගෙන් හා ඔහුගේ ප්‍රධානීන්ගෙන් තමන්ට අර්බුධ ඇති වනු ඇතැයි යන බිය හේතුවෙන් ඔහුගේ ජනයාගෙන් පරපුරක් හැර මූසාව විශ්වාස නො කළේ ය. තවද නියත වශයෙන් ම ෆිර්අවුන් මහපොළොවේ බලවත් අයෙකු විය. තවද නියතවශයෙන් ම (මැරවරකම් කිරීමෙහි) ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් විය.
Verse 10:84
وَقَالَ مُوْسٰی یٰقَوْمِ اِنْ كُنْتُمْ اٰمَنْتُمْ بِاللّٰهِ فَعَلَیْهِ تَوَكَّلُوْۤا اِنْ كُنْتُمْ مُّسْلِمِیْنَ ۟
Wa-q̣aala Moosaa yaa-q̣awmi ʹiñ kuñtum ʹaamañtum billaahi faʻalayhi tawakkalooo ʹiñ kuñtum Muslimeen.
තවද ‘මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ව විශ්වාස කර නුඹලා අවනතවන්නන්ව සිටියෙහු නම් නුඹලා ඔහු වෙත ම (සියල්ල) භාර කළ යුතු’යැයි මූසා කීවේ ය.
Verse 10:85
فَقَالُوْا عَلَی اللّٰهِ تَوَكَّلْنَا ۚ رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلْقَوْمِ الظّٰلِمِیْنَ ۟ۙ
Faq̣aaloo ʻalal laahi tawakkalnaa. Rabbanaa laa- tajʻalnaa fitnatal lilq̣awmiz̤̣ z̤̣aalimeen;
එවිට ‘අපි අල්ලාහ් වෙත භාර කළෙමු. අපගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාට අර්බුදයක් ලෙස අප පත් නො කරනු මැනව!’ යැයි ඔවුහු පවසා ප්‍රාර්ථනා කළහ.
Verse 10:86
وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكٰفِرِیْنَ ۟
Wa-najjinaa bi-Raḥmatika minal q̣awmil kaafireen.
තවද ඔබේ දයාවෙන් දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයාගෙන් අප මුදවා ගනු මැනව.
Verse 10:87
وَاَوْحَیْنَاۤ اِلٰی مُوْسٰی وَاَخِیْهِ اَنْ تَبَوَّاٰ لِقَوْمِكُمَا بِمِصْرَ بُیُوْتًا وَّاجْعَلُوْا بُیُوْتَكُمْ قِبْلَةً وَّاَقِیْمُوا الصَّلٰوةَ ؕ وَبَشِّرِ الْمُؤْمِنِیْنَ ۟
Wa-ʹawḥaynaaa ʹilaa Moosaa wa-ʹakheehi ʹañ tabaw waʹaali-Q̣awmikumaa bi-Miṣra buyootañw wajʻaloo buyootakum Q̣iblatañw Waʹaq̣eemuṣ Ṣalaah: wa-bashshiril Muʹmineen!
තවද ‘මිසරය නුඹලා දෙදෙනාගේ ජනයා වෙනුවෙන් වාසස්ථාන ලෙසට නුඹලා දෙදෙනා ගනු. තවද නුඹලාගේ වාසස්ථාන නැමදුම් ස්ථාන බවට නුඹලා පත් කර ගනු. තවද සලාතය විධිමත් ලෙස ඉටු කරනු. තවද දේවත්වය විශ්වාස කරන්නන්හට ශුභාරංචි දන්වනු’ යැයි අපි මූසා හා ඔහුගේ සහෝදරයා වෙත දන්වා සිටියෙමු.
Verse 10:88
وَقَالَ مُوْسٰی رَبَّنَاۤ اِنَّكَ اٰتَیْتَ فِرْعَوْنَ وَمَلَاَهٗ زِیْنَةً وَّاَمْوَالًا فِی الْحَیٰوةِ الدُّنْیَا ۙ رَبَّنَا لِیُضِلُّوْا عَنْ سَبِیْلِكَ ۚ رَبَّنَا اطْمِسْ عَلٰۤی اَمْوَالِهِمْ وَاشْدُدْ عَلٰی قُلُوْبِهِمْ فَلَا یُؤْمِنُوْا حَتّٰی یَرَوُا الْعَذَابَ الْاَلِیْمَ ۟
Wa-q̣aala Moosaa Rabbanaaa ʹinnaka ʹaatayta Firʻawna wa-malaʹahoo zeenatañw waʹamwaalañ fil Ḥayaatid dunyaa Rabbanaa liyuḍilloo ʻañ Sabeelik. Rabbanaṭ mis ʻalaaa ʹamwaalihim washdud ʻalaa q̣uloobihim falaa yuʹminoo ḥattaa yarawul ʻaẓaabal ʹaleem.
අපගේ පරමාධිපතියාණනි! නුඹ ෆිර්අවුන්ට හා ඔහුගේ ප්‍රධානීන්හට මෙලොව ජීවිතයේ වස්තුව හා අලංකාරය පිරිනැමුවෙහි ය. අපගේ පරමාධිපතියාණනි! එය ඔබගේ මාර්ගයෙන් ඔවුන් නොමඟ යවනු පිණිස ය. අපගේ පරමාධිපතියාණනි! ඔවුන්ගේ වස්තුව විනාශ කරනු. තවද ඔවුන්ගේ හදවත් දරදඬු කරනු. ඔවුන් එම වේදනීය දඬුවම දකින තුරු විශ්වාස නො කරනු ඇත යැයි මූසා (ප්‍රාර්ථනා කරමින්) පැවසුවේ ය.
Verse 10:89
قَالَ قَدْ اُجِیْبَتْ دَّعْوَتُكُمَا فَاسْتَقِیْمَا وَلَا تَتَّبِعٰٓنِّ سَبِیْلَ الَّذِیْنَ لَا یَعْلَمُوْنَ ۟
Q̣aala q̣ad ʹujeebad Daʻwatukumaa fastaq̣eemaa wa-laa tattabiʻaaanni sabeelal laẓeena laa- yaʻlamoon.
සැබැවින් ම නුඹලා දෙදෙනාගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ලැබී ය. එහෙයින් නුඹලා දෙදෙනා ස්ථාවරව සිටිනු. තවද දැනුම නොමැති අයගේ මාර්ගය නුඹලා දෙදෙනා කිසිවිටක අනුගමනය නො කරනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
Verse 10:90
وَجٰوَزْنَا بِبَنِیْۤ اِسْرَآءِیْلَ الْبَحْرَ فَاَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُوْدُهٗ بَغْیًا وَّعَدْوًا ؕ حَتّٰۤی اِذَاۤ اَدْرَكَهُ الْغَرَقُ ۙ قَالَ اٰمَنْتُ اَنَّهٗ لَاۤ اِلٰهَ اِلَّا الَّذِیْۤ اٰمَنَتْ بِهٖ بَنُوْۤا اِسْرَآءِیْلَ وَاَنَا مِنَ الْمُسْلِمِیْنَ ۟
Wa-jaawaznaa bi-Baneee ʹIsraaaʹeelal baḥra faʹatbaʻahum Firʻawnu wa-junooduhoo bag̣yañw waʻadwaa. Ḥattaaa ʹiẓaaa ʹadrakahul g̣araq̣u q̣aala ʹaamañtu ʹanna-Hoo laaa ʹilaaha ʹillal laẓeee ʹaamanat bihee Banooo ʹIsraaaʹeela wa-ʹana minal Muslimeen.
තවද අපි බනූ ඉස්රාඊල්වරුන්ව මුහුද තරණය කෙරෙව්වෙමු. එවිට ෆිර්අවුන් හා ඔහුගේ සේනාව සීමාව ඉක්මවමින් හා සතුරුකමින් ඔවුන් පසුපස හඹා ගියෝ ය. අවසානයේ ගිලී යාම ඔහුව ග්‍රහණය කළ විට ‘සැබැවින් ම බනූ ඉස්රාඊල්වරු කවරෙකු පිළිබඳ විශ්වාස කළේ ද ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම විශ්වාස කළෙමි. තවද මම අවනත වන්නන් අතරින් කෙනෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
Verse 10:91
آٰلْـٰٔنَ وَقَدْ عَصَیْتَ قَبْلُ وَكُنْتَ مِنَ الْمُفْسِدِیْنَ ۟
ʹAaalʹaana wa-q̣ad ʻaṣayta q̣ablu wa-kuñta minal mufsideen!
දැන් ද (නුඹ විශ්වාස කරනුයේ)? මීට පෙර නුඹ සැබැවින් ම පිටුපෑවෙහි ය. තවද නුඹ කලහකාරීන් අතරින් වූයෙහි ය.
Verse 10:92
فَالْیَوْمَ نُنَجِّیْكَ بِبَدَنِكَ لِتَكُوْنَ لِمَنْ خَلْفَكَ اٰیَةً ؕ وَاِنَّ كَثِیْرًا مِّنَ النَّاسِ عَنْ اٰیٰتِنَا لَغٰفِلُوْنَ ۟۠
Falyawma nunajjeeka bibadanika litakoona liman khalfaka ʹAayah; wa-ʹinna kas̤eeram minan naasi ʻan ʹAayaatinaa lag̣aafiloon!
එබැවින් නුඹගෙන් පසු පැමිණෙන්නන්හට නුඹ සංඥාවක් වනු පිණිස මෙදින අපි නුඹේ දේහය ආරක්ෂා කරන්නෙමු. තවද නියත වශයෙන් ම ජනයා අතරින් බහුතරයක් දෙනා අපගේ සංඥාවන් පිළිබඳ උදාසීනව සිටිති.
Verse 10:93
وَلَقَدْ بَوَّاْنَا بَنِیْۤ اِسْرَآءِیْلَ مُبَوَّاَ صِدْقٍ وَّرَزَقْنٰهُمْ مِّنَ الطَّیِّبٰتِ ۚ فَمَا اخْتَلَفُوْا حَتّٰی جَآءَهُمُ الْعِلْمُ ؕ اِنَّ رَبَّكَ یَقْضِیْ بَیْنَهُمْ یَوْمَ الْقِیٰمَةِ فِیْمَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟
Wa-laq̣ad bawwaʹnaa Baneee ʹIsraaaʹeela Mubawwaʹa ṣidq̣iñw warazaq̣naahum minaṭ ṭayyibaat: famakh talafoo ḥattaa jaaaʹahumul ʻilm. ʹInna Rabbaka yaq̣ḍee baynahum Yawmal Q̣iyaamati feemaa kaanoo feehi yakhtalifoon.
තවද සැබැවින් ම අපි ඉස්රාඊල් දරුවන් රිසි වාසස්ථානවල පදිංචි කෙරෙව්වෙමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය ලබා දුනිමු. ඔවුන් වෙත ඥානය පැමිණෙන තෙක් ඔවුහු මත භේද ඇති කර නො ගත්හ. ඔවුන් කවර විෂයක මත භේද වෙමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹගේ පරමාධිපති නියත වශයෙන් ම ඔවුන් අතර තීන්දු දෙනු ඇත.
Verse 10:94
فَاِنْ كُنْتَ فِیْ شَكٍّ مِّمَّاۤ اَنْزَلْنَاۤ اِلَیْكَ فَسْـَٔلِ الَّذِیْنَ یَقْرَءُوْنَ الْكِتٰبَ مِنْ قَبْلِكَ ۚ لَقَدْ جَآءَكَ الْحَقُّ مِنْ رَّبِّكَ فَلَا تَكُوْنَنَّ مِنَ الْمُمْتَرِیْنَ ۟ۙ
Faʹiñ kuñta fee shakkim mimmaaa ʹañzalnaaa ʹilayka fasʹalil laẓeena yaq̣raʹoonal kitaaba miñ q̣ablik: laq̣ad jaaaʹakal Ḥaq̣q̣u mir Rabbika falaa takoonanna minal mumtareen.
(නබිවරය!) නුඹ වෙත අපි පහළ කළ දැයින් යම් සැකයක නුඹ පසුවන්නෙහි නම් එවිට නුඹට පෙර පුස්තකය කියවමින් සිටින අයගෙන් විමසනු. සැබැවින් ම නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත මෙම සත්‍යය පැමිණ ඇත. එබැවින් කිසිසේත්ම නුඹ සැකකරන්නන් අතරින් නො වනු.
Verse 10:95
وَلَا تَكُوْنَنَّ مِنَ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِ اللّٰهِ فَتَكُوْنَ مِنَ الْخٰسِرِیْنَ ۟
Wa-laa takoonanna minal laẓeena kaẓẓaboo biʹAayaatil laahi fatakoona minal khaasireen.
තවද අල්ලාහ්ගේ වදන් බොරු කළවුන් අතරින් නුඹ කිසිසේත් නො වනු. එ(සේ කළ) විට නුඹ අලාභවන්තයින් අතරින් වනු ඇත.
Verse 10:96
اِنَّ الَّذِیْنَ حَقَّتْ عَلَیْهِمْ كَلِمَتُ رَبِّكَ لَا یُؤْمِنُوْنَ ۟ۙ
ʹInnal laẓeena ḥaq̣q̣at ʻalayhim Kalimatu Rabbika laa- yuʹminoon.
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ ප්‍රකාශය කවුරුන්හට නියම වූයේ ද ඔවුන් වනාහි විශ්වාස නො කරති.
Verse 10:97
وَلَوْ جَآءَتْهُمْ كُلُّ اٰیَةٍ حَتّٰی یَرَوُا الْعَذَابَ الْاَلِیْمَ ۟
Wa-law jaaaʹathum kullu ʹAayatin ḥattaa yarawul ʻaẓaabal ʹaleem.
ඔවුන් වෙත සියලු සංඥාවන් පැමිණියද වේදනීය දඬුවම දකින තෙක් (විශ්වාස නො කරති).
Verse 10:98
فَلَوْلَا كَانَتْ قَرْیَةٌ اٰمَنَتْ فَنَفَعَهَاۤ اِیْمَانُهَاۤ اِلَّا قَوْمَ یُوْنُسَ ؕ لَمَّاۤ اٰمَنُوْا كَشَفْنَا عَنْهُمْ عَذَابَ الْخِزْیِ فِی الْحَیٰوةِ الدُّنْیَا وَمَتَّعْنٰهُمْ اِلٰی حِیْنٍ ۟
Falawlaa kaanat q̣aryatun ʹaamanat fanafaʻahaaa ʹEemaanuhaaa ʹillaa Q̣awma YOONUS? Lammaaa ʹaamanoo kashafnaa ʻanhum ʻAẓaabal khizyi fil Ḥayaatid dunyaa wa-mattaʻnaahum ʹilaa ḥeen.
එබැවින් ගමක් විශ්වාස කොට එහි විශ්වාසය එයට පළක් විය යුුතු නො වේ ද? (එවැනි කිසිදු ගම්මානයක් නො වීය.) යූනුස්ගේ ගම්මානය හැර. ඔවුහු විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ අවමානයේ දඬුවම අපි ඔවුන්ගෙන් ඉවත් කොට මද කලකට ඔවුනට භුක්ති විඳින්නට සැලැස්සුවෙමු.
Verse 10:99
وَلَوْ شَآءَ رَبُّكَ لَاٰمَنَ مَنْ فِی الْاَرْضِ كُلُّهُمْ جَمِیْعًا ؕ اَفَاَنْتَ تُكْرِهُ النَّاسَ حَتّٰی یَكُوْنُوْا مُؤْمِنِیْنَ ۟
Wa-law shaaaʹa Rabbuka laʹaamana mañ fil ʹarḍi kulluhum jameeʻaa! ʹA-faʹañta tukrihun naasa ḥattaa yakoonoo Muʹmineen!
තවද නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මහපොළොවේ සිටින ඔවුන් සියලු දෙනා මුළුමණින් ම විශ්වාස කරන්නට තිබුණි. එසේ තිබිය දී ඔවුන් දේවත්වය විශ්වාස කරන්නන් බවට පත් වන තෙක් නුඹ ජනයාට බල කරන්නෙහි ද?
Verse 10:100
وَمَا كَانَ لِنَفْسٍ اَنْ تُؤْمِنَ اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ وَیَجْعَلُ الرِّجْسَ عَلَی الَّذِیْنَ لَا یَعْقِلُوْنَ ۟
Wa-maa kaana linafsin ʹañ tuʹmina ʹillaa biʹIẓnil laah: wa-yajʻalur rijsa ʻalal laẓeena laa- yaʻq̣iloon.
තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස විශ්වාස කිරීමට කිසිදු ආත්මයකට නොහැකි ය. තවද, බුද්ධිමත්ව කටයුතු නො කරන අයට ඔහු කිලිට (දඬුවම) ඇති කරයි.
Verse 10:101
قُلِ انْظُرُوْا مَاذَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ وَمَا تُغْنِی الْاٰیٰتُ وَالنُّذُرُ عَنْ قَوْمٍ لَّا یُؤْمِنُوْنَ ۟
Q̣uliñ z̤̣uroo maa-ẓaa fissamaawaati wal ʹarḍ; wa-maa tug̣nil ʹAayaatu wan-Nuẓuru ʻañ q̣awmil laa yuʹminoon.
අහස්හි හා මහපොළොවේ කුමක් ඇත්තේ දැ? යි නුඹලා අධීක්ෂණය කර බලනු. තවද විශ්වාස නො කරන ජනයාට සංඥාවන් හා අවවාදයන් ප්‍රයෝජනවත් නො වනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 10:102
فَهَلْ یَنْتَظِرُوْنَ اِلَّا مِثْلَ اَیَّامِ الَّذِیْنَ خَلَوْا مِنْ قَبْلِهِمْ ؕ قُلْ فَانْتَظِرُوْۤا اِنِّیْ مَعَكُمْ مِّنَ الْمُنْتَظِرِیْنَ ۟
Fahal yañtaz̤̣iroona ʹillaa mis̤la ʹayyaamil laẓeena khalaw miñ q̣ablihim? Q̣ul fañtaz̤̣irooo ʹinnee maʻakum minal muñtaz̤̣ireen.
ඔවුනට පෙර සිටියවුන් අතරින් ඉකුත්ව ගියවුන්ගේ දිනවලට සමාන (විනාශ)යක් මිස වෙනෙකක් බලාපොරොත්තු වන්නෝ ද? “එසේ නම් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතරින් වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 10:103
ثُمَّ نُنَجِّیْ رُسُلَنَا وَالَّذِیْنَ اٰمَنُوْا كَذٰلِكَ ۚ حَقًّا عَلَیْنَا نُنْجِ الْمُؤْمِنِیْنَ ۟۠
S̤umma nunajjee rusulanaa wallaẓeena ʹaamanoo: Kaẓaalika Ḥaq̣q̣an ʻalaynaa nuñjil Muʹmineen!
පසුව අපි අපගේ ධර්ම දූතයින් හා විශ්වාස කළවුන් ආරක්ෂා කරමු. එලෙස දේවත්වය විශ්වාස කරන්නන් මුදවා ගැනීම අප වෙත නියම කර ගත් වගකීමක් විය.
Verse 10:104
قُلْ یٰۤاَیُّهَا النَّاسُ اِنْ كُنْتُمْ فِیْ شَكٍّ مِّنْ دِیْنِیْ فَلَاۤ اَعْبُدُ الَّذِیْنَ تَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ وَلٰكِنْ اَعْبُدُ اللّٰهَ الَّذِیْ یَتَوَفّٰىكُمْ ۖۚ وَاُمِرْتُ اَنْ اَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟ۙ
Q̣ul yaaaʹayyuhan naasu ʹiñ kuñtum fee shakkim miñ deenee falaaa ʹaʻbudul laẓeena taʻbudoona miñ doonil laahi wa-laakin ʹaʻbudul laahal laẓee yatawaffaakum: waʹumirtu ʹan ʹakoona minal Muʹmineen.
‘අහෝ ජනයිනි! මාගේ දහම පිළිබඳ සැකයෙහි නුඹලා පසුවන්නෙහු නම් එවිට (දැන ගනු) අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන අයට මම නැමදුම් නො කරමි. එහෙත් නුඹලාව මරණයට පත් කරන අල්ලාහ්ට නැමදුම් කරමි. දේවත්වය විශ්වාස කරන්නන් අතරින් මා වන්නට අණ කරනු ලැබුවෙමි’ යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 10:105
وَاَنْ اَقِمْ وَجْهَكَ لِلدِّیْنِ حَنِیْفًا ۚ وَلَا تَكُوْنَنَّ مِنَ الْمُشْرِكِیْنَ ۟
Wa-ʹan ʹaq̣im wajhaka lid-Deeni ḥaneefaa, wa-laa takoonanna minal Mushrikeen.
තවද නුඹගේ මුහුණ අවංක ලෙසින් දහම වෙත ස්ථාපිත කරනු. තවද නුඹ ආදේශ තබන්නන් අතුරින් නො වනු.
Verse 10:106
وَلَا تَدْعُ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَنْفَعُكَ وَلَا یَضُرُّكَ ۚ فَاِنْ فَعَلْتَ فَاِنَّكَ اِذًا مِّنَ الظّٰلِمِیْنَ ۟
Wa-laa tadʻu miñ doonil laahi maa laa- yañfaʻuka wa-laa yaḍurruk: faʹiñ faʻalta faʹinnaka ʹiẓam minaz̤̣ z̤̣aalimeen.
අල්ලාහ්ගෙන් තොරව නුඹට සෙතක් කළ නොහැකි එමෙන් ම නුඹට හිංසාවක් කළ නොහැකි දෑට නුඹ ඇරයුම් නො කරනු. එසේ නුඹ කළෙහි නම් එවිට සැබැවින් ම නුඹ අපරාධකරුවන් අතරින් වනු ඇත.
Verse 10:107
وَاِنْ یَّمْسَسْكَ اللّٰهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهٗۤ اِلَّا هُوَ ۚ وَاِنْ یُّرِدْكَ بِخَیْرٍ فَلَا رَآدَّ لِفَضْلِهٖ ؕ یُصِیْبُ بِهٖ مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ ؕ وَهُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
Wa-ʹiñy yamsaskal laahu biḍurriñ falaa kaashifa lahooo ʹillaa Hoo:wa- ʹiñy yuridka bikhayriñ falaa raaadda lifaḍlih: yuṣeebu bihee mañy yashaaaʹu min ʻibaadih. Wa-Huwal G̣afoorur Raḥeem.
තවද අල්ලාහ් නුඹට යම් හානියක් ස්පර්ශ කරවන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන කිසිවකු නැත. තවද ඔහු නුඹට යම් යහපතක් අපේක්ෂා කරන්නේ නම් එවිට ඔහුගේ භාග්‍යය වළක්වන කිසිවකු ද නොමැත. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එය ලබන්නට සලස්වයි. තවද ඔහු අතික්ෂමාශීලී ය; අසමසම කරුණා ගුණයෙන් යුක්ත ය.
Verse 10:108
قُلْ یٰۤاَیُّهَا النَّاسُ قَدْ جَآءَكُمُ الْحَقُّ مِنْ رَّبِّكُمْ ۚ فَمَنِ اهْتَدٰی فَاِنَّمَا یَهْتَدِیْ لِنَفْسِهٖ ۚ وَمَنْ ضَلَّ فَاِنَّمَا یَضِلُّ عَلَیْهَا ۚ وَمَاۤ اَنَا عَلَیْكُمْ بِوَكِیْلٍ ۟ؕ
Q̣ul yaaaʹayyuhan naasu q̣ad jaaaʹakumul Ḥaq̣q̣u mir Rabbikum! famanih tadaa faʹinnamaa yahtadee linafsih; wa-mañ ḍalla faʹinnamaa yaḍillu ʻalayhaa: wa-maaa ʹana ʻalaykum̃ biwakeel.
අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය නුඹලා වෙත සැබැවින් ම පැමිණ ඇත. එබැවින් කවරෙකු යහමග ලබන්නේ ද එසේ ඔහු යහමග ලබනුයේ ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නොමග ගියේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුට ම එරෙහිව ය. තවද මම නුඹලා වෙත වූ භාරකරුවකු නො වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 10:109
وَاتَّبِعْ مَا یُوْحٰۤی اِلَیْكَ وَاصْبِرْ حَتّٰی یَحْكُمَ اللّٰهُ ۖۚ وَهُوَ خَیْرُ الْحٰكِمِیْنَ ۟۠
Wattabiʻ maa- yooḥaaa ʹilayka waṣbir ḥattaa yaḥkumal laahu wa-Huwa Khayrul ḥaakimeen.
තවද නුඹ වෙත දන්වනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. තවද අල්ලාහ් තීන්දු දෙන තෙක් ඉවසීමෙන් සිටිනු. තවද ඔහු තීන්දු තීරකයින් අතරින් අති ශ්‍රේෂ්ඨ ය.