Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah Qaf

Surah Qaf (Qaf) is Surah 50 of the Holy Quran, a Meccan Surah with 45 verses, available here in Sinhalese.

Surah 50 Meccan 45 verses Sinhalese

Verse 50:1

قٓ ۚ۫ وَالْقُرْاٰنِ الْمَجِیْدِ ۟ۚ

Q̣AAAF: Wal-Q̣urʹaanil Majeed.

කාෆ්, කීර්තිමත් අල් කුර්ආනය මත දිවුරමින්.

Verse 50:2

بَلْ عَجِبُوْۤا اَنْ جَآءَهُمْ مُّنْذِرٌ مِّنْهُمْ فَقَالَ الْكٰفِرُوْنَ هٰذَا شَیْءٌ عَجِیْبٌ ۟ۚ

Bal ʻajibooo ʹañ jaaaʹahum Muñẓirum minhum faq̣aalal kaafiroona haaẓaa shayʹun ʻajeeb!

එහෙත් අවවාද කරන්නෙකු ඔවුන් අතරින් ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූවෝ ය. එවිට “මෙය පුදුම සහගත කරුණකි”යැයි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පැවසුවෝ ය.

Verse 50:3

ءَاِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ۚ ذٰلِكَ رَجْعٌ بَعِیْدٌ ۟

ʹA-ʹiẓaa mitnaa wa-kunnaa turaabaa? Ẓaalika Rajʻum baʻeed!

“අප මිය ගොස් පස් බවට පත් වූ විට (යළි ජීවය දෙනු ලබන්නේ) ද? එය (බුද්ධියට) දුරස් හැරීමකි.

Verse 50:4

قَدْ عَلِمْنَا مَا تَنْقُصُ الْاَرْضُ مِنْهُمْ ۚ وَعِنْدَنَا كِتٰبٌ حَفِیْظٌ ۟

Q̣ad ʻalimnaa maa- tañq̣uṣul ʹarḍu minhum: wa-ʻiñdanaa Kitaabun Hafeez̤̣.

මහපොළොව ඔවුන්ගෙන් අඩු කර දමන දෑ ගැන සැබැවින් ම අපි දනිමු. තවද අප අබියස ආරක්ෂිත පුස්තකයක් ඇත.

Verse 50:5

بَلْ كَذَّبُوْا بِالْحَقِّ لَمَّا جَآءَهُمْ فَهُمْ فِیْۤ اَمْرٍ مَّرِیْجٍ ۟

Bal kaẓẓaboo bil-Ḥaq̣q̣i lammaa jaaaʹahum fahum feee ʹamrim mareej.

එහෙත් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝ ය. එවිට ඔවුහු අවුල් සහගත තත්ත්වයක වූවෝ ය.

Verse 50:6

اَفَلَمْ یَنْظُرُوْۤا اِلَی السَّمَآءِ فَوْقَهُمْ كَیْفَ بَنَیْنٰهَا وَزَیَّنّٰهَا وَمَا لَهَا مِنْ فُرُوْجٍ ۟

ʹAfalam yañz̤̣urooo ʹilas samaaaʹi fawq̣ahum kayfa banaynaahaa wa-zayyannaahaa wa-maa lahaa miñ furooj?

ඔවුනට ඉහළින් ඇති අහස දෙස අපි එය ඉදි කර ඇත්තේ කෙසේ දැ? යි ද තවද අපි එය අලංකාර කර ඇත්තේ කෙසේ දැ? යි ද ඔවුහු නො බැලුවෝ ද? තවද පලුදු කිසිවක් එයට නැත.

Verse 50:7

وَالْاَرْضَ مَدَدْنٰهَا وَاَلْقَیْنَا فِیْهَا رَوَاسِیَ وَاَنْۢبَتْنَا فِیْهَا مِنْ كُلِّ زَوْجٍ بَهِیْجٍ ۟ۙ

Wal-ʹarḍa madadnaahaa wa-ʹalq̣aynaa feehaa rawaasiya wa-ʹambatnaa feehaa miñ kulli zawjim baheej,―

තවද මහපොළොව අපි එය දිගු හැර එහි කදු හෙළුවෙමු. තවද අපි ඒ තුළ මනහර සෑම වර්ගයක් ම යුගල වශයෙන්හට ගැන්වූයෙමු.

Verse 50:8

تَبْصِرَةً وَّذِكْرٰی لِكُلِّ عَبْدٍ مُّنِیْبٍ ۟

Tabṣiratañw Waẓikraa likulli ʻabdim muneeb.

(එසේ කළේ තම පරමාධිපති වෙතට) යොමු වන සෑම ගැත්තෙකුට ම මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.

Verse 50:9

وَنَزَّلْنَا مِنَ السَّمَآءِ مَآءً مُّبٰرَكًا فَاَنْۢبَتْنَا بِهٖ جَنّٰتٍ وَّحَبَّ الْحَصِیْدِ ۟ۙ

Wa-nazzalnaa minas samaaaʹi maaaʹam mubaarakañ faʹambatnaa bihee jannatiñw waḥabbal ḥaṣeed;

තවද අපි අහසින් ආශිර්වාද ලත් ජලය පහළ කළෙමු. එමඟින් අපි වතු යායන් හා නෙළන බීජ ද හට ගැන්වූයෙමු.

Verse 50:10

وَالنَّخْلَ بٰسِقٰتٍ لَّهَا طَلْعٌ نَّضِیْدٌ ۟ۙ

Wannakhla baasiq̣aatil lahaa ṭalʻun naḍeed;―

තවද එහි එකිනෙකට ඇමුණුනු වලු සහිත උසින් පවතින ඉඳි ගස් ද (අපි හට ගැන්වූයෙමු.)

Verse 50:11

رِّزْقًا لِّلْعِبَادِ ۙ وَاَحْیَیْنَا بِهٖ بَلْدَةً مَّیْتًا ؕ كَذٰلِكَ الْخُرُوْجُ ۟

Rizq̣al lilʻibaadi wa-ʹaḥyaynaa bihee baldatam maytaa. Kaẓaalikal khurooj.

(එය) ගැත්තන්හට පෝෂණයක් වශයෙනි. තවද අපි එමඟින් මියගිය භූමියක් ප්‍රාණවත් කළෙමු. (මිනි වළෙන්) බැහැර වීම ද එලෙස ය.

Verse 50:12

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوْحٍ وَّاَصْحٰبُ الرَّسِّ وَثَمُوْدُ ۟ۙ

Kaẓẓabat q̣ablahum Q̣awmu Nooḥiñw waʹAṣḥaabur Rassi wa-S̤amood,

ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද, රස් වාසීහු ද, සමූද් ජනයා ද බොරු කළෝ ය.

Verse 50:13

وَعَادٌ وَّفِرْعَوْنُ وَاِخْوَانُ لُوْطٍ ۟ۙ

Wa-ʻAaduñw Wa-Firʻawnu wa-ʹIkhwaanu Looṭ

ආද් ජනයා ද, ෆිර්අවුන් ද, ලූත්ගේ සහෝදරයෝ ද,

Verse 50:14

وَّاَصْحٰبُ الْاَیْكَةِ وَقَوْمُ تُبَّعٍ ؕ كُلٌّ كَذَّبَ الرُّسُلَ فَحَقَّ وَعِیْدِ ۟

Wa-ʹAṣḥaabul ʹaykati wa-Q̣awmu Tubbaʻ; kulluñ kaẓẓabar rusula faḥaq̣q̣a Waʻeed.

අයිකා වාසීහු ද, තුබ්බඃ ජනයා ද (බොරු කළෝය). මේ සියල්ලෝ ම ධර්ම දූතයින් බොරු කළෝ ය. එහෙයින් මාගේ අවවාදය නියම විය.

Verse 50:15

اَفَعَیِیْنَا بِالْخَلْقِ الْاَوَّلِ ؕ بَلْ هُمْ فِیْ لَبْسٍ مِّنْ خَلْقٍ جَدِیْدٍ ۟۠

ʹAfaʻayeenaa bilkhalq̣il ʹawwal: bal hum fee labsim min khalq̣iñ jadeed?

මුල් මැවීමෙන් අපි ආයාසයට පත්වූයෙමු ද? නැත, (මිය ගිය පසු) නව මැවීම ගැන ඔවුහු සැකයෙහි වෙති.

Verse 50:16

وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهٖ نَفْسُهٗ ۖۚ وَنَحْنُ اَقْرَبُ اِلَیْهِ مِنْ حَبْلِ الْوَرِیْدِ ۟

Wa-laq̣ad khalaq̣nal ʹiñsaana Wanaʻlamu maa- tuwaswisu bihee nafsuh: wa-Naḥnu ʹaq̣rabu ʹilayhi min ḥablil wareed.

තවද සැබැවින් ම අපි මිනිසා මැව්වෙමු. තවද ඔහුගේ සිත කවර දෙයක් කොඳුරන්නේ ද එය අපි දන්නෙමු. තවද ගෙල නහරට වඩා අප ඔහු වෙත සමීප ය.

Verse 50:17

اِذْ یَتَلَقَّی الْمُتَلَقِّیٰنِ عَنِ الْیَمِیْنِ وَعَنِ الشِّمَالِ قَعِیْدٌ ۟

ʹIẓ yatalaq̣q̣al mutalaq̣q̣iyaani ʻanil yameeni wa-ʻanish shimaali q̣aʻeed.

දකුණු පසින් හා වම් පසින් වාඩි වී සිටින වාර්තාකරුවන් දෙදෙනා සටහන් කර ගන්නා අවස්ථාවේ;

Verse 50:18

مَا یَلْفِظُ مِنْ قَوْلٍ اِلَّا لَدَیْهِ رَقِیْبٌ عَتِیْدٌ ۟

Maa- yalfiz̤̣u miñ q̣awlin ʹillaa ladayhi raq̣eebun ʻateed.

කිසිදු වදනක් ඔහු උච්චාරණය කළ ද (සියල්ල) නිරීක්ෂා කරන සටහන් කරන්නෙකු ඔහු අසලින් සිටින්නේ ම ය.

Verse 50:19

وَجَآءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ ؕ ذٰلِكَ مَا كُنْتَ مِنْهُ تَحِیْدُ ۟

Wa-jaaaʹat sakratul mawṭi bilḥaq̣q̣: ẓaalika maa- kuñta minhu taḥeed!

තවද මරණයේ වේදනාව සැබෑ ලෙසින් ම පැමිණ ඇත. නුඹ ඉන් මඟ හරිමින් සිටි දෑ එයයි.

Verse 50:20

وَنُفِخَ فِی الصُّوْرِ ؕ ذٰلِكَ یَوْمُ الْوَعِیْدِ ۟

Wa-nufikha fiṣ Ṣoor: ẓaalika Yawmul Waʻeed.

තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. අවවාදයේ දිනය එයයි.

Verse 50:21

وَجَآءَتْ كُلُّ نَفْسٍ مَّعَهَا سَآىِٕقٌ وَّشَهِیْدٌ ۟

Wa-jaaaʹat kullu nafsim maʻahaa saaaʹiq̣uñw washaheed.

තවද සෑම ආත්මයක් ම එය මෙහෙයවන්නෙකු හා සාක්ෂිකරුවෙකු සමඟ පැමිණ ඇත.

Verse 50:22

لَقَدْ كُنْتَ فِیْ غَفْلَةٍ مِّنْ هٰذَا فَكَشَفْنَا عَنْكَ غِطَآءَكَ فَبَصَرُكَ الْیَوْمَ حَدِیْدٌ ۟

Laq̣ad kuñta fee g̣aflatim min haaẓaa fakashafnaa ʻañka g̣iṭaaaʹaka fabaṣarukal Yawma ḥadeed!

“සැබැවින් ම නුඹ මේ ගැන නො සැලකිලිමත් කමෙහි සිටියෙහි ය. (දැන්) අපි නුඹේ තිරය නුඹෙන් ඉවත් කළෙමු. එහෙයින් අද දින නුඹේ බැල්ම තියුණු ය.”

Verse 50:23

وَقَالَ قَرِیْنُهٗ هٰذَا مَا لَدَیَّ عَتِیْدٌ ۟ؕ

Wa-q̣aala Q̣areenuhoo haaẓaa maa- ladayya ʻateed!

තවද “මෙන්න, මා සතුව සටහන් කරනු ලැබූ වාර්තාවක් ඇත” යැයි (සටහන් කරන මලක්වරයා වන) ඔහුට සමීපයෙන් සිටින්නා පවසනු ඇත.

Verse 50:24

اَلْقِیَا فِیْ جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِیْدٍ ۟ۙ

ʹAlq̣iyaa fee Jahannama kulla kaffaarin ʻaneed,

“හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරන සියල්ලන්ව නුඹලා දෙදෙනා නිරයේ දමනු!

Verse 50:25

مَّنَّاعٍ لِّلْخَیْرِ مُعْتَدٍ مُّرِیْبِ ۟ۙ

Mannaaʻil lilkhayri muʻtadim mureeb;

(ඔවුන්) යහපත දැඩි ලෙස වළක්වාලන, සීමාව ඉක්මවා ගිය, සැකයෙන් පසු වන (අය වෙති).

Verse 50:26

لَّذِیْ جَعَلَ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ فَاَلْقِیٰهُ فِی الْعَذَابِ الشَّدِیْدِ ۟

ʹAllaẓee jaʻala maʻal laahi ʹilaahan ʹaakhara faʹalq̣iyaahu fil ʻAẓaabish shadeed.

අල්ලාහ් සමඟ වෙනත් දෙවිඳෙකු පත් කර ගත් අය වනාහි, නුඹලා දෙදෙනා ඔහුව දැඩි දඬුවමට හෙළනු.

Verse 50:27

قَالَ قَرِیْنُهٗ رَبَّنَا مَاۤ اَطْغَیْتُهٗ وَلٰكِنْ كَانَ فِیْ ضَلٰلٍۢ بَعِیْدٍ ۟

Q̣aala Q̣areenuhoo Rabbanaa maaa ʹaṭg̣aytuhoo wa-laakiñ kaana fee ḍalaalim baʻeed.

“අපගේ පරමාධිපතියාණනි! මා ඔහුව නොමග යැව්වේ නැත. එහෙත් ඔහු අන්ත මුළාවෙහි විය” යැයි ඔහුට සමීපත මිතුරා (ෂෙයිතාන්) පවසනු ඇත.

Verse 50:28

قَالَ لَا تَخْتَصِمُوْا لَدَیَّ وَقَدْ قَدَّمْتُ اِلَیْكُمْ بِالْوَعِیْدِ ۟

Q̣aala laa- takhtaṣimoo ladayya wa-q̣ad q̣addamtu ʹilaykum̃ bilwaʻeed.

“මා ඉදිරියේ නුඹලා තර්ක නො කරනු. සැබැවින් ම මෙම අවවාදය නුඹලා වෙත මම ඉදිරිපත් කර ඇත්තෙමි” යැයි ඔහු (අල්ලාහ්) පවසනු ඇත.

Verse 50:29

مَا یُبَدَّلُ الْقَوْلُ لَدَیَّ وَمَاۤ اَنَا بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟۠

Maa- yubaddalul Q̣awlu ladayya wa-maaa ʹana biz̤̣al-laamil lilʻAbeed.

මා ඉදිරියේ එම ප්‍රකාශය වෙනස් කරනු ලබන්නක් නො වෙයි. තවද මම ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වෙමි.” (යැයි අල්ලාහ් පවසනු ඇත.)

Verse 50:30

یَوْمَ نَقُوْلُ لِجَهَنَّمَ هَلِ امْتَلَاْتِ وَتَقُوْلُ هَلْ مِنْ مَّزِیْدٍ ۟

Yawma naq̣oolu li-Jahannama halim talaʹti wa-taq̣oolu hal mim mazeed?

එදින “නුඹ පිරුණෙහි දැ?”යි අපි නිරය අමතා පවසමු. “(මීට අමතර ව) තවත් යමක් වැඩියෙන් තිබේ දැ?” යි එය විමසයි.

Verse 50:31

وَاُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِیْنَ غَیْرَ بَعِیْدٍ ۟

Wa-ʹuzlifatil Jannatu lil-Muttaq̣eena g̣ayra baʻeed.

තවද දුරස්ථභාවයකින් තොරව බිය බැතිමතුන්හට (ස්වර්ග) උයන සමීප කරවනු ලැබේ.

Verse 50:32

هٰذَا مَا تُوْعَدُوْنَ لِكُلِّ اَوَّابٍ حَفِیْظٍ ۟ۚ

Haaẓaa maa- tooʻadoona likulli ʹawwaabin ḥafeez̤̣,―

ප්‍රවේශම් වන නැඹුරු වන සෑම කෙනෙකු සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි.

Verse 50:33

مَنْ خَشِیَ الرَّحْمٰنَ بِالْغَیْبِ وَجَآءَ بِقَلْبٍ مُّنِیْبِ ۟ۙ

Man khashiyar Raḥmaana bilg̣aybi wa-jaaaʹa biq̣albim muneeb:

කවුරුන් අදෘශ්‍යමාන තත්ත්වයේදී මහා කරුණාන්විතයාණන්ට බිය වී (ඔහු වෙත) හැරෙන හදවතකින් පැමිණෙන්නේද;

Verse 50:34

دْخُلُوْهَا بِسَلٰمٍ ؕ ذٰلِكَ یَوْمُ الْخُلُوْدِ ۟

ʹUdkhuloohaa bi-Salaam; ẓaalika Yawmul Khulood!

නුඹලා එහි සාමයෙන් ඇතුළු වනු. එය සදාකාලික දිනයයි. (යනුවෙන් පවසනු ලැබේ.)

Verse 50:35

لَهُمْ مَّا یَشَآءُوْنَ فِیْهَا وَلَدَیْنَا مَزِیْدٌ ۟

Lahum maa yashaaaʹoona feehaa wa-Ladaynaa mazeed.

ඔවුනට එහි ඔවුන් කැමති දෑ ඇත. තවද (ඊට) අමතර දෑ ද අප අබියස ඇත.

Verse 50:36

وَكَمْ اَهْلَكْنَا قَبْلَهُمْ مِّنْ قَرْنٍ هُمْ اَشَدُّ مِنْهُمْ بَطْشًا فَنَقَّبُوْا فِی الْبِلَادِ ؕ هَلْ مِنْ مَّحِیْصٍ ۟

Wa-kam ʹahlaknaa q̣ablahum miñ q̣arnin hum ʹashaddu minhum baṭshañ fanaq̣q̣aboo fil bilaad? Hal mim maḥeeṣ?

මොවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුනට වඩා ඔවුන් බලයෙන් වඩාත් ශක්තිමත් වූවෝ ය. එවිට ඔවුහු දේශයන්හි සැරිසරන්නට වූවෝ ය. (ඔවුනට) කිසිදු සරණ පතන තැනක් වී ද?

Verse 50:37

اِنَّ فِیْ ذٰلِكَ لَذِكْرٰی لِمَنْ كَانَ لَهٗ قَلْبٌ اَوْ اَلْقَی السَّمْعَ وَهُوَ شَهِیْدٌ ۟

ʹInna fee ẓaalika la-Ẓikraa limañ kaana lahoo q̣albun ʹaw ʹalq̣as samʻa wa-huwa shaheed.

කවරෙකුට හදවතක් වී ද එසේ නැතහොත් කවරෙකු සාවධානයෙන් සවන් යොමු කළේ ද ඔහුට නියත වශයෙන් ම එහි අනුශාසනාවක් ඇත.

Verse 50:38

وَلَقَدْ خَلَقْنَا السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا فِیْ سِتَّةِ اَیَّامٍ ۖۗ وَّمَا مَسَّنَا مِنْ لُّغُوْبٍ ۟

Wa-laq̣ad khalaq̣nas samaawaati wal-ʹarḍa wa-maa baynahumaa fee Sittati ʹAyyaam; wa-maa massanaa mil lug̣oob.

තවද සැබැවින් ම අපි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයක් තුළ මැව්වෙමු. තවද කිසිදු වෙහෙසක් අපට ඇති නො වීය.

Verse 50:39

فَاصْبِرْ عَلٰی مَا یَقُوْلُوْنَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوْعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوْبِ ۟ۚ

Faṣbir ʻalaa maa- yaq̣ooloona wa-sabbiḥ bi-Ḥamdi Rabbika q̣abla ṭulooʻish shamsi wa-q̣ablal g̣uroob,―

එහෙයින් ඔවුන් පවසන දෑ මත (නබිවරය!) නුඹ ඉවසීමෙන් සිටිනු. හිරු උදාවීමට පෙර ද එය අවරට යෑමට පෙර ද නුඹ නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු.

Verse 50:40

وَمِنَ الَّیْلِ فَسَبِّحْهُ وَاَدْبَارَ السُّجُوْدِ ۟

Wa-minal layli fasabbiḥhu wa-ʹadbaaras sujood.

තවද රාත්‍රියේ ද සුජූද් කිරීමෙන් පසුව ද (නුඹ ඔහු සුවිශුද්ධ කරනු).

Verse 50:41

وَاسْتَمِعْ یَوْمَ یُنَادِ الْمُنَادِ مِنْ مَّكَانٍ قَرِیْبٍ ۟ۙ

Wastamiʻ Yawma yunaadil Munaadi mim makaaniñ q̣areeb,―

තවද සමීප ස්ථානයක සිට අමතන්නා අමතන දිනයට නුඹ සවන් දෙනු.

Verse 50:42

یَّوْمَ یَسْمَعُوْنَ الصَّیْحَةَ بِالْحَقِّ ؕ ذٰلِكَ یَوْمُ الْخُرُوْجِ ۟

Yawma yasmaʻoonaṣ Ṣay-ḥata bilḥaq̣q̣: ẓaalika Yawmul Khurooj.

එදින සැබෑ ලෙසින් ම මහා හඬට ඔවුන් සවන් දෙනු ඇත. එය (මිනීවලවලින්) බැහැර කරනු ලබනු දිනයයි.

Verse 50:43

اِنَّا نَحْنُ نُحْیٖ وَنُمِیْتُ وَاِلَیْنَا الْمَصِیْرُ ۟ۙ

ʹInnaa Naḥnu nuḥyee wa-numeetu wa-ʹilaynal Maṣeer!

නියත වශයෙන් ම අපි ජීවය දෙන්නෙමු. තවද අපි මරණයට පත් කරන්නෙමු. තවද අප වෙතය නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ.

Verse 50:44

یَوْمَ تَشَقَّقُ الْاَرْضُ عَنْهُمْ سِرَاعًا ؕ ذٰلِكَ حَشْرٌ عَلَیْنَا یَسِیْرٌ ۟

Yawma tashaq̣q̣aq̣ul ʹarḍu ʻanhum siraaʻaa: ẓaalika ḥashrun ʻalaynaa yaseer.

එදින මහපොළොව ඔවුන්ගෙන් පැළී කඩිනමින් වෙන්ව යනු ඇත. එක්රැස් කිරීම වනුයේ එයයි. එය අප වෙත පහසු ය.

Verse 50:45

نَحْنُ اَعْلَمُ بِمَا یَقُوْلُوْنَ وَمَاۤ اَنْتَ عَلَیْهِمْ بِجَبَّارٍ ۫ فَذَكِّرْ بِالْقُرْاٰنِ مَنْ یَّخَافُ وَعِیْدِ ۟۠

Naḥnu ʹaʻlamu bimaa yaq̣ooloona wa-maaa ʹañta ʻalayhim̃ bijabbaar. Faẓakkir bil-Q̣urʹaani mañy yakhaafu Waʻeed!

ඔවුන් පවසන දෑ පිළිබඳ මැනවින් දන්නෝ අප වෙමු. නුඹ ඔවුන් වෙත ආධිපත්‍ය දරන්නෙකු නො වේ. එහෙයින් මාගේ අවවාදයට බිය වන්නන්හට නුඹ අල් කුර්ආනය පිළිබඳ මෙනෙහි කරනු.