Surah Fussilat
Surah Fussilat (Explained in Detail) is Surah 41 of the Holy Quran, a Meccan Surah with 54 verses, available here in Sinhalese.
Verse 41:1
حٰمٓ ۟ۚ
Ḥaa-Meeem:
හා මීම්.
Verse 41:2
تَنْزِیْلٌ مِّنَ الرَّحْمٰنِ الرَّحِیْمِ ۟ۚ
Tañzeelum minar Raḥmaanir Raḥeem;―
(මෙය) අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගෙන් වූ පහළ කිරීමකි.
Verse 41:3
كِتٰبٌ فُصِّلَتْ اٰیٰتُهٗ قُرْاٰنًا عَرَبِیًّا لِّقَوْمٍ یَّعْلَمُوْنَ ۟ۙ
Kitaabuñ fuṣṣilat ʹAayaatuhoo Q̣ur-ʹaanan ʻarabiyyal liq̣awmiñy yaʻlamoon;
දැනමුතුකම් ලබන ජනයාට එහි වදන් විස්තර කරනු ලැබූ අරාබි කියවීමකින් යුතු ග්‍රන්ථයකි.
Verse 41:4
بَشِیْرًا وَّنَذِیْرًا ۚ فَاَعْرَضَ اَكْثَرُهُمْ فَهُمْ لَا یَسْمَعُوْنَ ۟
Basheerañw Wa-Naẓeeraa: faʹaʻraḍa ʹaks̤aruhum fahum laa- yasmaʻoon.
(එය) ශුභාරාංචි දැනුම් දෙන්නක් හා අවවාද කරන්නක් වශයෙනි. එහෙත් (දේවත්වය ප්‍රතික්ෂේප කරන) ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පිටුපෑවෝ ය. එමෙන් ම ඔවුහු සවන් නො දෙති.
Verse 41:5
وَقَالُوْا قُلُوْبُنَا فِیْۤ اَكِنَّةٍ مِّمَّا تَدْعُوْنَاۤ اِلَیْهِ وَفِیْۤ اٰذَانِنَا وَقْرٌ وَّمِنْ بَیْنِنَا وَبَیْنِكَ حِجَابٌ فَاعْمَلْ اِنَّنَا عٰمِلُوْنَ ۟
Wa-q̣aaloo q̣uloobunaa feee ʹakinnatim mimmaa tadʻoonaaa ʹilayhi wa-feee ʹaaẓaaninaae waq̣ruñw wamim bayninaa wa-baynika ḥijaabuñ faʻmal ʹinnanaa ʻaamiloon.
තවද ඔබ අප කවර දෙයක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ සම්බන්ධයෙන් අපගේ හදවත් ආවරණයන් තුළ ය. තවද බිහිරි බව අපගේ කන් තුළ ය. අප අතර හා ඔබ අතර තිරයකි. එහෙයින් නුඹලා ක්‍රියා කරනු. නියත වශයෙන් ම අප ද ක්‍රියා කරන්නෝ වෙමු යැයි ද ඔවුහු පවසති.
Verse 41:6
قُلْ اِنَّمَاۤ اَنَا بَشَرٌ مِّثْلُكُمْ یُوْحٰۤی اِلَیَّ اَنَّمَاۤ اِلٰهُكُمْ اِلٰهٌ وَّاحِدٌ فَاسْتَقِیْمُوْۤا اِلَیْهِ وَاسْتَغْفِرُوْهُ ؕ وَوَیْلٌ لِّلْمُشْرِكِیْنَ ۟ۙ
Q̣ul ʹinnamaaa ʹana basharum mis̤lukum yooḥaaa ʹilayya ʹannamaaa ʹIlaahukum ʹIlaahuñw Waaḥiduñ fastaq̣eemooo ʹilayhi wastag̣firooh. Wa-waylul lil-Mushrikeen,―
නියත වශයෙන් ම මම නුඹලා මෙන් මිනිසෙකි. නුඹලාගේ දෙවිඳුන් එක ම දෙවිඳා යැයි මට පණිවිඩ දෙන ලදි. එහෙයින් නුඹලා ඔහු වෙත ස්ථාවරව සිටිනු. තවද නුඹලා ඔහුගෙන් සමාව අයැදිනු. ආදේශ කරන්නන්හට දැඩි දඬුවමක් ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 41:7
الَّذِیْنَ لَا یُؤْتُوْنَ الزَّكٰوةَ وَهُمْ بِالْاٰخِرَةِ هُمْ كٰفِرُوْنَ ۟
ʹAllaẓeena laa- yuʹtoonaz Zakaata wa-hum̃ bil-ʹAakhirati hum kaafiroon.
ඔවුහු වනාහි zසකාත් (අනිවාර්ය බද්ධ) නො දෙති. තවද මතු ලොව පිළිබඳව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහු ම ය.
Verse 41:8
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ اَجْرٌ غَیْرُ مَمْنُوْنٍ ۟۠
ʹInnal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati lahum ʹajrun g̣ayru mamnoon.
නියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට අවසන් නො වන (නිත්‍ය) ප්‍රතිඵලයක් ඇත.
Verse 41:9
قُلْ اَىِٕنَّكُمْ لَتَكْفُرُوْنَ بِالَّذِیْ خَلَقَ الْاَرْضَ فِیْ یَوْمَیْنِ وَتَجْعَلُوْنَ لَهٗۤ اَنْدَادًا ؕ ذٰلِكَ رَبُّ الْعٰلَمِیْنَ ۟ۚ
Q̣ul ʹaʹinnakum latakfuroona billaẓee khalaq̣al ʹarḍa fee Yawmayni wa-tajʻaloona lahooo ʹañdaadaa? Ẓaalika Rabbul ʻAalameen.
දින දෙකක් තුළ මහපොළොව මැවූ ඔහුව නුඹලා ප්‍රතික්ෂේප කොට නුඹලා ඔහුට සමානයන් තබන්නෙහු ද? ලෝකයන්හි පරමාධිපති ඔහුය යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 41:10
وَجَعَلَ فِیْهَا رَوَاسِیَ مِنْ فَوْقِهَا وَبٰرَكَ فِیْهَا وَقَدَّرَ فِیْهَاۤ اَقْوَاتَهَا فِیْۤ اَرْبَعَةِ اَیَّامٍ ؕ سَوَآءً لِّلسَّآىِٕلِیْنَ ۟
Wa-jaʻala feehaa rawaasiya miñ fawq̣ihaa wa-baaraka feehaa wa-q̣addara feehaaa ʹaq̣waatahaa feee arbaʻati ʹAyyaam; sawaaaʹal lissaaaʹileen.
තවද ඊට ඉහළින් එහි (පොළොවෙහි) කඳු ඇති කළේ ය. තවද එහි සමෘද්ධිය ඇති කළේ ය. දින හතරක් තුළ පෝෂණ සම්පත් නිර්ණය කළේ ය. මෙය ඒ ගැන විමසන්නන්හට සරිලන පිළිතුරකි.
Verse 41:11
ثُمَّ اسْتَوٰۤی اِلَی السَّمَآءِ وَهِیَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْاَرْضِ ائْتِیَا طَوْعًا اَوْ كَرْهًا ؕ قَالَتَاۤ اَتَیْنَا طَآىِٕعِیْنَ ۟
S̤ummas tawaaa ʹilas samaaaʹi wa-hiya dukhaanuñ faq̣aala lahaa wa-lilʹarḍiʹ tiyaa ṭawʻan ʹaw karhaa. Q̣aalataaa ʹataynaa ṭaaʹiʻeen.
පසුව ඔහු අහස දෙසට යොමු විය. එය දුමක් මෙන් තිබී ය. එවිට “ඔබ දෙදෙනා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ පැමිණෙනුයි” එයට හා මහපොළොවට ඔහු පැවසී ය. “අපි අවනත වන්නන් ලෙසින් පැමිණියෙමු” යැයි ඒ දෙක පැවසී ය.
Verse 41:12
فَقَضٰىهُنَّ سَبْعَ سَمٰوَاتٍ فِیْ یَوْمَیْنِ وَاَوْحٰی فِیْ كُلِّ سَمَآءٍ اَمْرَهَا ؕ وَزَیَّنَّا السَّمَآءَ الدُّنْیَا بِمَصَابِیْحَ ۖۗ وَحِفْظًا ؕ ذٰلِكَ تَقْدِیْرُ الْعَزِیْزِ الْعَلِیْمِ ۟
Faq̣aḍaahunna sabʻa samaawaatiñ fee Yawmayni wa-ʹawḥaa fee kulli samaaaʹin ʹamrahaa. Wa-zayyannassa maaaʹad dunyaa bimaṣaabeeḥa wa-ḥifz̤̣aa. Ẓaalika Taq̣deerul ʻAzeezil ʻAleem.
පසුව ඒවා දින දෙකක් තුළ අහස් හතක් ලෙස පූර්ණවත් කළේ ය. තවද සෑම අහසකට ම එහි න්‍යායය දන්වා සිටියේ ය. තවද පහළ අහස අපි පහන් මඟින් අලංකාරවත් කළෙමු. තවද (එය) ආරක්ෂාවක් වශයෙනි. එය සර්ව ඥානී සර්ව බලධාරියාණන්ගේ නිර්ණය කිරීමයි.
Verse 41:13
فَاِنْ اَعْرَضُوْا فَقُلْ اَنْذَرْتُكُمْ صٰعِقَةً مِّثْلَ صٰعِقَةِ عَادٍ وَّثَمُوْدَ ۟ؕ
Faʹin ʹaʻraḍoo faq̣ul ʹañẓartukum Ṣaaʻiq̣atam mis̤la Ṣaaʻiq̣ati ʻAadiñw Wa-S̤amood!
එහෙයින් ඔවුහු පිටුපැවේ නම්, “ආද් හා සමූද් ජනයාගේ අකුණු දඬුවම මෙන් අකුණු දඬුවමක් ගැන මම නුඹලාට අවවාද කර සිටිමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 41:14
اِذْ جَآءَتْهُمُ الرُّسُلُ مِنْ بَیْنِ اَیْدِیْهِمْ وَمِنْ خَلْفِهِمْ اَلَّا تَعْبُدُوْۤا اِلَّا اللّٰهَ ؕ قَالُوْا لَوْ شَآءَ رَبُّنَا لَاَنْزَلَ مَلٰٓىِٕكَةً فَاِنَّا بِمَاۤ اُرْسِلْتُمْ بِهٖ كٰفِرُوْنَ ۟
ʹIẓ jaaaʹathumur rusulu mim bayni ʹaydeehim wa-min khalfihim ʹallaa taʻbudooo ʹillal laah. Q̣aaloo law shaaaʹa Rabbunaa laʹañzala malaaaʹikatañ faʹinnaa bimaaa ʹursiltum̃ bihee kaafiroon.
“නුඹලා අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට නැමදුම් නො කරනු” යැයි පවසමින් ඔවුනට ඉදිරියෙන් ද ඔවුනට පසු පසින් ද ධර්ම දූතවරුන් ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ, “අපගේ පරමාධිපති අභිමත කළේ නම් මලක්වරුන් ඔහු පහළ කරන්නට තිබුණි. එහෙත් නුඹලා කවර කරුණක් සමඟ එවනු ලැබුවෙහු ද නියත වශයෙන් ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.
Verse 41:15
فَاَمَّا عَادٌ فَاسْتَكْبَرُوْا فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ وَقَالُوْا مَنْ اَشَدُّ مِنَّا قُوَّةً ؕ اَوَلَمْ یَرَوْا اَنَّ اللّٰهَ الَّذِیْ خَلَقَهُمْ هُوَ اَشَدُّ مِنْهُمْ قُوَّةً ؕ وَكَانُوْا بِاٰیٰتِنَا یَجْحَدُوْنَ ۟
Faʹammaa ʻAaduñ fastakbaroo fil ʹarḍi big̣ayril ḥaq̣q̣i wa-q̣aaloo man ʹashaddu minnaa q̣uwwah? ʹAwalam yaraw ʹannal laahal laẓee khalaq̣ahum Huwa ʹashaddu minhum q̣uwwah? Wa-kaanoo biʹAayaatinaa yajḥadoon!
ආද් ජනයා වූ කලී යුක්තියෙන් තොරව ඔවුහු මහපොළොවේ උඩඟුකම් පෑවෝ ය. “අපට වඩා බලයෙන් දැඩි වූවෝ කවුරුන් දැ? යි” ඔවුහු පැවසුවෝ ය. නියත වශයෙන් ම ඔවුන් මැවූ අල්ලාහ් ඔවුනට වඩා බලයෙන් ඉතා දැඩි බව ඔවුහු නො දුටුවෝ ද? තවද ඔවුහු අපගේ සංඥාවන් ප්‍රතික්ෂේප කරමින් සිටියෝ ය.
Verse 41:16
فَاَرْسَلْنَا عَلَیْهِمْ رِیْحًا صَرْصَرًا فِیْۤ اَیَّامٍ نَّحِسَاتٍ لِّنُذِیْقَهُمْ عَذَابَ الْخِزْیِ فِی الْحَیٰوةِ الدُّنْیَا ؕ وَلَعَذَابُ الْاٰخِرَةِ اَخْزٰی وَهُمْ لَا یُنْصَرُوْنَ ۟
Faʹarsalnaa ʻalayhim Reeḥañ ṣarṣarañ feee ʹAyyaamin naḥisaatil linuẓeeq̣ahum ʻaẓaabal khizyi fil ḥayaatid dunyaa; wa-laʻAẓaabul ʹAakhirati ʹakhzaa Wahum laa- yuñṣaroon.
එවිට මෙලොව ජීවිතයේ නින්දිත දඬුවම අප ඔවුනට භුක්ති විඳවනු පිණිස අසුබ දිනයන්හි දැඩි හඬ සහිත සුළි සුළඟක් අපි ඔවුන් වෙත එව්වෙමු. තවද මතු ලොව දඬුවම වඩාත් නින්දනීය ය. තවද ඔවුහු උදව් කරනු නො ලබති.
Verse 41:17
وَاَمَّا ثَمُوْدُ فَهَدَیْنٰهُمْ فَاسْتَحَبُّوا الْعَمٰی عَلَی الْهُدٰی فَاَخَذَتْهُمْ صٰعِقَةُ الْعَذَابِ الْهُوْنِ بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟ۚ
Wa-ʹammaa S̤amoodu fahadaynaahum fastaḥabbul ʻamaa ʻalal Hudaa faʹakhaẓathum Ṣaaʻiq̣atul ʻaẓaabil hooni bimaa kaanoo yaksiboon.
තවද සමූද් ජනයා වූ කලී අපි ඔවුනට යහමග පෙන්වූයෙමු. එහෙත් ඔවුහු යහමගට වඩා අන්ධබව ප්‍රිය කළෝ ය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුකොට නින්දිත දඬුවමේ මහා (අකුණු) හඬ ඔවුන් හසුකර ගත්තේ ය.
Verse 41:18
وَنَجَّیْنَا الَّذِیْنَ اٰمَنُوْا وَكَانُوْا یَتَّقُوْنَ ۟۠
Wa-najjaynal laẓeena ʹaamanoo wa-kaanoo yattaq̣oon.
තවද දේවත්වය විශ්වාස කොට (පාපකම් සිදු කිරීමෙන්) වැළකී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.
Verse 41:19
وَیَوْمَ یُحْشَرُ اَعْدَآءُ اللّٰهِ اِلَی النَّارِ فَهُمْ یُوْزَعُوْنَ ۟
Wa-Yawma yuḥsharu ʹaʻdaaaʹul laahi ʹilan Naari fahum yoozaʻoon.
තවද අල්ලාහ්ගේ සතුරන් (නිරා) ගින්න වෙත එක්රැස් කරනු ලබන දින එවිට ඔවුහු පෙළ ගසා තබනු ලබති.
Verse 41:20
حَتّٰۤی اِذَا مَا جَآءُوْهَا شَهِدَ عَلَیْهِمْ سَمْعُهُمْ وَاَبْصَارُهُمْ وَجُلُوْدُهُمْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
Ḥattaaa ʹiẓaa maa- jaaaʹoohaa shahida ʻalayhim samʻuhum wa-ʹabṣaaruhum wa-julooduhum̃ bimaa kaanoo yaʻmaloon.
ඔවුන් ඒ (ගින්න) වෙත පැමිණෙන අවස්ථාව වන විට ඔවුන්ගේ සවන් ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ඔවුනට එරෙහිව සාක්ෂි දරනු ඇත.
Verse 41:21
وَقَالُوْا لِجُلُوْدِهِمْ لِمَ شَهِدْتُّمْ عَلَیْنَا ؕ قَالُوْۤا اَنْطَقَنَا اللّٰهُ الَّذِیْۤ اَنْطَقَ كُلَّ شَیْءٍ وَّهُوَ خَلَقَكُمْ اَوَّلَ مَرَّةٍ وَّاِلَیْهِ تُرْجَعُوْنَ ۟
Wa-q̣aaloo lijuloodihim lima shahittum ʻalaynaa? Q̣aalooo ʹañṭaq̣anal laahul laẓeee ʹañṭaq̣a kulla shayʹiñw wa-Huwa khalaq̣akum ʹawwala marratiñw waʹilayhi turjaʻoon.
තවද “අපට එරෙහිව නුඹලා සාක්ෂි දැරුවේ ඇයි දැ?” යි ඔවුහු ඔවුන්ගේ හම්වලින් විමසති. “සියලු දෑ කතා කෙරෙව්වා වූ අල්ලාහ් අපවද කතා කෙරෙව්වේ ය. තවද නුඹලා මුල්වරට මැව්වේ ඔහු ය. තවද ඔහු වෙත මය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ” යැයි ඒවා පවසා සිටිනු ඇත.
Verse 41:22
وَمَا كُنْتُمْ تَسْتَتِرُوْنَ اَنْ یَّشْهَدَ عَلَیْكُمْ سَمْعُكُمْ وَلَاۤ اَبْصَارُكُمْ وَلَا جُلُوْدُكُمْ وَلٰكِنْ ظَنَنْتُمْ اَنَّ اللّٰهَ لَا یَعْلَمُ كَثِیْرًا مِّمَّا تَعْمَلُوْنَ ۟
Wa-maa kuñtum tastatiroona ʹañy yashhada ʻalaykum samʻukum wa-laaa ʹabṣaarukum wa-laa juloodukum wa-laakiñ z̤̣anañtum ʹannal laaha laa- yaʻlamu kas̤eeram mimmaa taʻmaloon!
තවද නුඹලාගේ සවන් හෝ නුඹලාගේ දෘෂ්ටීන් හෝ නුඹලාගේ හම් හෝ නුඹලාට එරෙහිව සාක්ෂි නො දරා සිටීමට (ඒවාට නො දැනෙන පරිදි) නුඹලා සැඟ වී සිටින්නන් නො වීය. එනමුත් නියත වශයෙන් ම නුඹලා සිදු කරන දැයින් බොහෝ දෑ අල්ලාහ් නො දන්නේ යැයි නුඹලා සිතුවෙහු ය.
Verse 41:23
وَذٰلِكُمْ ظَنُّكُمُ الَّذِیْ ظَنَنْتُمْ بِرَبِّكُمْ اَرْدٰىكُمْ فَاَصْبَحْتُمْ مِّنَ الْخٰسِرِیْنَ ۟
Wa-ẓaalikum z̤̣annukumul laẓee z̤̣anañtum̃ bi-Rabbikum ʹardaakum faʹaṣbaḥtum minal khaasireen.
තවද ඒවා නුඹලා නුඹලාගේ පරමාධිපති පිළිබඳ සිතූ නුඹලාගේ සිතුවිල්ල ය. එය නුඹලාව විනාශ කර දැමුවේ ය. එහෙයින් නුඹලා පරාජිතයින් අතරට පත් වූයෙහු ය.
Verse 41:24
فَاِنْ یَّصْبِرُوْا فَالنَّارُ مَثْوًی لَّهُمْ ۚ وَاِنْ یَّسْتَعْتِبُوْا فَمَا هُمْ مِّنَ الْمُعْتَبِیْنَ ۟
Faʹiñy yaṣbiroo fan-naaru mas̤wal lahum! Wa-ʹiñy yastaʻtiboo famaa hum minal muʻtabeen.
එහෙයින් ඔවුහු ඉවසිලිවන්ත වුව ද නිරා ගින්න ඔවුනට සතු නිවහන වී ඇත. තවද ඔවුහු නැවත පිහිට පැතුව ද (එසේ) පිහිට දෙනු ලබන්නන් අතරින් ඔවුහු නැත.
Verse 41:25
وَقَیَّضْنَا لَهُمْ قُرَنَآءَ فَزَیَّنُوْا لَهُمْ مَّا بَیْنَ اَیْدِیْهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَیْهِمُ الْقَوْلُ فِیْۤ اُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِّنَ الْجِنِّ وَالْاِنْسِ ۚ اِنَّهُمْ كَانُوْا خٰسِرِیْنَ ۟۠
Wa-q̣ayyaḍnaa lahum q̣uranaaaʹa fazayyanoo lahum maa bayna ʹaydeehim wa-maa khalfahum wa-ḥaq̣q̣a ʻalayhimul q̣awlu feee ʹumamiñ q̣ad khalat miñ q̣ablihim minal Jinni wal-ʹIñs; ʹinnahum kaanoo khaasireen.
තවද අපි ඔවුනට සහචරයින් පත් කළෙමු. එවිට ඔවුහු ඔවුන්ගේ ඉදිරියේ ඇති දෑ ද ඔවුන්ගේ පසුපසින් ඇති දෑ ද ඔවුනට අලංකාර කර පෙන්වූවෝ ය. තවද ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් අතරින් ඉකුත්ව ගිය සමූහයන් තුළ තිබූ (දඬුවමේ) ප්‍රකාශය ඔවුන් වෙත නියම විය. නියත වශයෙන් ම ඔවුහු පරාජිතයින් වූවෝ ය.
Verse 41:26
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لَا تَسْمَعُوْا لِهٰذَا الْقُرْاٰنِ وَالْغَوْا فِیْهِ لَعَلَّكُمْ تَغْلِبُوْنَ ۟
Wa-q̣aalal laẓeena kafaroo laa- tasmaʻoo lihaaẓal Q̣urʹaani walg̣aw feehi laʻallakum tag̣liboon!
තවද “මෙම කුර්ආනයට සවන් නො දෙනු. (එය අවහිර කරමින්) නිෂ්ඵල දෑ සිදු කරනු. (එවිට) නුඹලා අබිබවා යා හැකිය” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝ ය.
Verse 41:27
فَلَنُذِیْقَنَّ الَّذِیْنَ كَفَرُوْا عَذَابًا شَدِیْدًا ۙ وَّلَنَجْزِیَنَّهُمْ اَسْوَاَ الَّذِیْ كَانُوْا یَعْمَلُوْنَ ۟
Falanuẓeeq̣annal laẓeena kafaroo ʻaẓaabañ shadeedañw walanajziyannahum ʹaswaʹal laẓee kaanoo yaʻmaloon.
එහෙයින් සැබැවින් ම අපි ප්‍රතික්ෂේප කළවුනට දැඩි දඬුවමක් විඳින්නට සලස්වමු. තවද ඔවුන් සිදු කරමින් සිටි නපුරට අපි ඔවුනට ප්‍රතිවිපාක පිරිනමන්නෙමු.
Verse 41:28
ذٰلِكَ جَزَآءُ اَعْدَآءِ اللّٰهِ النَّارُ ۚ لَهُمْ فِیْهَا دَارُ الْخُلْدِ ؕ جَزَآءً بِمَا كَانُوْا بِاٰیٰتِنَا یَجْحَدُوْنَ ۟
Ẓaalika jazaaaʹu ʹaʻdaaaʹil laahin Naar: lahum feehaa Daarul Khuld: jazaaaʹam bimaa kaanoo biʹAayaatinaa yajḥadoon.
එය අල්ලාහ්ගේ සතුරන්ගේ ප්‍රතිවිපාකය වූ (නිරා) ගින්න ය. ඔවුන් අපගේ වදන් හෙළා දකිමින් සිටි බැවින් ප්‍රතිවිපාක වශයෙන් එහි ඔවුනට සදා නිවහන ඇත.
Verse 41:29
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا رَبَّنَاۤ اَرِنَا الَّذَیْنِ اَضَلّٰنَا مِنَ الْجِنِّ وَالْاِنْسِ نَجْعَلْهُمَا تَحْتَ اَقْدَامِنَا لِیَكُوْنَا مِنَ الْاَسْفَلِیْنَ ۟
Wa-q̣aalal laẓeena kafaroo Rabbanaaa ʹarinal laẓeena ʹaḍal-laanaa minal jinni wal-ʹiñsi najʻalhumaa taḥta ʹaq̣daaminaa liyakoonaa minal ʹasfaleen.
තවද “අපගේ පරමාධිපතියාණනි! ජින්වරුන් හා මිනිසුන්ගෙන් අපව නොමග යැවූ දෙවර්ගය අපහට පෙන්වනු මැනව! ඔවුන් දෙවර්ගය පහත් වූවන් අතරට පත්වනු පිණිස අපි අපගේ දෙපා යටට ඔවුන්ව පත් කරන්නෙමු” යැයි ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත.
Verse 41:30
اِنَّ الَّذِیْنَ قَالُوْا رَبُّنَا اللّٰهُ ثُمَّ اسْتَقَامُوْا تَتَنَزَّلُ عَلَیْهِمُ الْمَلٰٓىِٕكَةُ اَلَّا تَخَافُوْا وَلَا تَحْزَنُوْا وَاَبْشِرُوْا بِالْجَنَّةِ الَّتِیْ كُنْتُمْ تُوْعَدُوْنَ ۟
ʹInnal laẓeena q̣aaloo Rabbunal laahu s̤ummas taq̣aamoo tatanazzalu ʻalayhimul malaaaʹikatu ʹallaa takhaafoo wa-laa taḥzanoo wa-ʹabshiroo bil-Jannatil latee kuñtum tooʻadoon!
“නියත වශයෙන් ම අපගේ පරමාධිපති අල්ලාහ්” යැයි පවසා පසුව (එහි) ස්ථාවරව සිටියවුන් වන ඔවුන් වෙත “නුඹලා බිය නො වනු. තවද දුක් නො වනු. තවද නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි ස්වර්ගය පිළිබඳ ප්‍රීති වනු” යැයි (පවසමින්) මලක්වරුන් පහළ වනු ඇත.
Verse 41:31
نَحْنُ اَوْلِیٰٓؤُكُمْ فِی الْحَیٰوةِ الدُّنْیَا وَفِی الْاٰخِرَةِ ۚ وَلَكُمْ فِیْهَا مَا تَشْتَهِیْۤ اَنْفُسُكُمْ وَلَكُمْ فِیْهَا مَا تَدَّعُوْنَ ۟ؕ
Naḥnu ʹawliyaaaʹukum fil ḥayaatid dunyaa wa-fil ʹAakhirah: wa-lakum feehaa maa- tashtaheee ʹañfusukum wa-lakum feehaa maa- taddaʻoon!
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි නුඹලාගේ මිතුරන් අපි වෙමු. නුඹලාගේ සිත් ආශා කරන දෑ එහි නුඹලාට ඇත. තවද නුඹලා පතන දෑ ද එහි නුඹලාට ඇත.
Verse 41:32
نُزُلًا مِّنْ غَفُوْرٍ رَّحِیْمٍ ۟۠
Nuzulam min G̣afoorir Raḥeem.
එය අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන්ගෙන් වූ සංග්‍රහයක් වශයෙනි.
Verse 41:33
وَمَنْ اَحْسَنُ قَوْلًا مِّمَّنْ دَعَاۤ اِلَی اللّٰهِ وَعَمِلَ صَالِحًا وَّقَالَ اِنَّنِیْ مِنَ الْمُسْلِمِیْنَ ۟
Wa-man ʹaḥsanu q̣awlam mimmañ daʻaaa ʹilal laahi wa-ʻamila ṣaaliḥañw waq̣aala ʹinnanee minal Muslimeen?
තවද “අල්ලාහ් වෙත ඇරයුම් කොට දැහැමි දෑ සිදු කොට නියත වශයෙන් ම මම අවනත වන්නන් අතරින් වෙමි” යැයි පවසන අයට වඩා කතාවෙන් වඩාත් අලංකාර වනුයේ කවරෙකු ද?
Verse 41:34
وَلَا تَسْتَوِی الْحَسَنَةُ وَلَا السَّیِّئَةُ ؕ اِدْفَعْ بِالَّتِیْ هِیَ اَحْسَنُ فَاِذَا الَّذِیْ بَیْنَكَ وَبَیْنَهٗ عَدَاوَةٌ كَاَنَّهٗ وَلِیٌّ حَمِیْمٌ ۟
Wa-laa tastawil ḥasanatu wa-las sayyiʹah. ʹIdfaʻ billatee hiya ʹaḥsanu faʹiẓal laẓee baynaka wa-baynahoo ʻadaawatuñ kaʹannahoo wa-liyyun ḥameem!
තවද යහපත හා අයහපත සමාන නො වෙයි. වඩාත් අලංකාර දැයින් (අයහපත) වළක්වනු. එවිට ඔබ අතර හා ඔහු අතර සතුරුකමක් තිබුණ අය සමීප මිතුරෙකු මෙන් පත්වනු ඇත.
Verse 41:35
وَمَا یُلَقّٰىهَاۤ اِلَّا الَّذِیْنَ صَبَرُوْا ۚ وَمَا یُلَقّٰىهَاۤ اِلَّا ذُوْ حَظٍّ عَظِیْمٍ ۟
Wa-maa yulaq̣q̣aahaaa ʹillal laẓeena wa-maa ṣabaroo yulaq̣q̣aahaaa ʹillaa ẓoo ḥaz̤̣z̤̣in ʻaz̤̣eem.
තවද ඉවසිලිවන්ත වූවන්ට හැර එය පිරිනමනු නො ලැබේ. තවද මහත් භාග්‍යයක් හිමි අයට හැර එය පිරිනමනු නො ලැබේ.
Verse 41:36
وَاِمَّا یَنْزَغَنَّكَ مِنَ الشَّیْطٰنِ نَزْغٌ فَاسْتَعِذْ بِاللّٰهِ ؕ اِنَّهٗ هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
Wa-ʹimmaa yañzag̣annaka minash Shayṭaani nazg̣uñ fastaʻiẓ billaah. ʹInnahoo Huwas Sameeʻul ʻAleem.
තවද ෂෙයිතාන්ගෙන් වූ යම් පොළඹවීමක් ඔබව පොළඹවීමට ලක් කළේ නම් එවිට ඔබ අල්ලාහ් වෙතින් ආරක්ෂාව පතනු. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක; සර්ව ඥානී.
Verse 41:37
وَمِنْ اٰیٰتِهِ الَّیْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ ؕ لَا تَسْجُدُوْا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَاسْجُدُوْا لِلّٰهِ الَّذِیْ خَلَقَهُنَّ اِنْ كُنْتُمْ اِیَّاهُ تَعْبُدُوْنَ ۟
Wa-min ʹAayaatihil laylu wannahaaru washshamsu walq̣amar. Laa- tasjudoo lishshamsi wa-laa lilq̣amari wasjudoo lillaahil laẓee khalaq̣ahunna ʹiñ kuñtum ʹiyyaahu taʻbudoon.
තවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහුගේ සංඥා අතරිනි. නුඹලා හිරුට හෝ සඳුට (හිස පහත් කරමින්) සුජූද් නො කරනු. තවද නුඹලා ඔහුට (අල්ලාහ්ට) පමණක් නැමදුම් කරමින් සිටියෙහු නම් ඒවා මැවූ අල්ලාහ්ට පමණක් (හිස පහත් කරමින්) සුජූද් කරනු.
Verse 41:38
فَاِنِ اسْتَكْبَرُوْا فَالَّذِیْنَ عِنْدَ رَبِّكَ یُسَبِّحُوْنَ لَهٗ بِالَّیْلِ وَالنَّهَارِ وَهُمْ لَا یَسْـَٔمُوْنَ ۟
Faʹinis takbaroo fallaẓeena ʻiñda Rabbika yusabbiḥoona lahoo billayli wannahaari wahum laa- yasʹamoon.
එහෙත් ඔවුහු උඩඟු වූයෙහු නම් (දැන ගනු!) ඔබේ පරමාධිපති අබියස සිටින්නවුන් රාත්‍රියේ හා දහවලේ ඔහු පිවිතුරු කරති. තවද ඔවුහු විඩාවට පත් නො වෙති.
Verse 41:39
وَمِنْ اٰیٰتِهٖۤ اَنَّكَ تَرَی الْاَرْضَ خَاشِعَةً فَاِذَاۤ اَنْزَلْنَا عَلَیْهَا الْمَآءَ اهْتَزَّتْ وَرَبَتْ ؕ اِنَّ الَّذِیْۤ اَحْیَاهَا لَمُحْیِ الْمَوْتٰی ؕ اِنَّهٗ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
Wa-min ʹAayaatiheee ʹannaka taral ʹarḍa khaashiʻatañ faʹiẓaaa ʹañzalnaa ʻalayhal maaaʹah tazzat wa-rabat. ʹInnal laẓeee ʹaḥyaahaa la-Muḥyil mawtaa. ʹInnahoo ʻalaa kulli shayʹiñ Q̣adeer.
තවද මුඩු ලෙස ඔබ දකින මහපොළොව ද ඔහුගේ සංඥා අතරිනි. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩෙයි. නියත වශයෙන් ම ඒවාට ජීවය දුන් අය මළවුන්ට ද ජීවය දෙන්නාම ය. නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
Verse 41:40
اِنَّ الَّذِیْنَ یُلْحِدُوْنَ فِیْۤ اٰیٰتِنَا لَا یَخْفَوْنَ عَلَیْنَا ؕ اَفَمَنْ یُّلْقٰی فِی النَّارِ خَیْرٌ اَمْ مَّنْ یَّاْتِیْۤ اٰمِنًا یَّوْمَ الْقِیٰمَةِ ؕ اِعْمَلُوْا مَا شِئْتُمْ ۙ اِنَّهٗ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
ʹInnal laẓeena yulḥidoona feee ʹAayaatinaa laa- yakhfawna ʻalaynaa. ʹAfamañy yulq̣aa fin naari khayrun ʹam mañy yaʹteee ʹaaminañy Yawmal Q̣iyaamah? ʹIʻmaloo maa- shiʹtum ʹinnahoo bimaa taʻmaloona Baṣeer.
නියත වශයෙන් ම අපගේ වදන්වල විකෘති කරන්නන් අප වෙතින් සැඟව යන්නන් නො වෙති. වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ (නිරා) ගින්නට හෙළනු ලබන්නා ද එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුරක්ෂිතව පැමිණෙන්නා ද? නුඹලා කැමති දේ කරනු. නියත වශයෙන් ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
Verse 41:41
اِنَّ الَّذِیْنَ كَفَرُوْا بِالذِّكْرِ لَمَّا جَآءَهُمْ ۚ وَاِنَّهٗ لَكِتٰبٌ عَزِیْزٌ ۟ۙ
ʹInnal laẓeena kafaroo biẓ-Ẓikri lammaa jaaaʹahum. Wa-ʹinnahoo la-Kitaabun ʻAzeez.
නියත වශයෙන් ම ඔවුන් වෙත අනුශාසනාව පැමිණි කල්හි එය ප්‍රතික්ෂේප කළවුන් ද (මතු ලොවෙහි දඬුවම් කරනු ලබන්නෝ වෙති.) තවද නියත වශයෙන් ම එය අතිබලගතු ග්‍රන්ථයකි.
Verse 41:42
لَّا یَاْتِیْهِ الْبَاطِلُ مِنْ بَیْنِ یَدَیْهِ وَلَا مِنْ خَلْفِهٖ ؕ تَنْزِیْلٌ مِّنْ حَكِیْمٍ حَمِیْدٍ ۟
Laa- yaʹteehil baaṭilu mim bayni yadayhi wa-laa min khalfih: Tañzeelum min Ḥakeemin Ḥameed.
එය (අනුශාසනා සහිත ග්‍රන්ථය)ට ඉදිරියෙන් හෝ එයට පසුපසින් හෝ අසත්‍ය දෑ ඒ වෙත නො පැමිණෙනු ඇත. එය මහා ප්‍රඥාවන්ත ප්‍රශංසා ලාභියාගෙන් වූ පහළ කිරීමකි.
Verse 41:43
مَا یُقَالُ لَكَ اِلَّا مَا قَدْ قِیْلَ لِلرُّسُلِ مِنْ قَبْلِكَ ؕ اِنَّ رَبَّكَ لَذُوْ مَغْفِرَةٍ وَّذُوْ عِقَابٍ اَلِیْمٍ ۟
Maa- yuq̣aalu laka ʹillaa maa- q̣ad q̣eela lir-rusuli miñ q̣ablik: ʹinna Rabbaka la-Ẓoo mag̣firatiñw wa-Ẓoo ʻIq̣aabin ʹaleem.
නුඹට පෙර සිටි ධර්ම දූතවරුන්ට පවසනු ලැබූ දෑ මිස (වෙනෙකක්) ඔබ වෙත පවසනු නො ලැබෙයි. නියත වශයෙන් ම ඔබේ පරමාධිපති සමාව දෙන්නා ය. වේදනීය දඬුවම දෙන්නා ය.
Verse 41:44
وَلَوْ جَعَلْنٰهُ قُرْاٰنًا اَعْجَمِیًّا لَّقَالُوْا لَوْلَا فُصِّلَتْ اٰیٰتُهٗ ؕ ءَؔاَعْجَمِیٌّ وَّعَرَبِیٌّ ؕ قُلْ هُوَ لِلَّذِیْنَ اٰمَنُوْا هُدًی وَّشِفَآءٌ ؕ وَالَّذِیْنَ لَا یُؤْمِنُوْنَ فِیْۤ اٰذَانِهِمْ وَقْرٌ وَّهُوَ عَلَیْهِمْ عَمًی ؕ اُولٰٓىِٕكَ یُنَادَوْنَ مِنْ مَّكَانٍ بَعِیْدٍ ۟۠
Wa-law jaʻalnaahu Q̣ur-ʹaanan ʹAʻjamiyyal laq̣aaloo law-laa fuṣṣilat ʹAayaatuh? ʹAʻ-jamiyyuñw WaʻArabiyy? Q̣ul huwa lillaẓeena ʹaamanoo hudañw washifaaaʹ: wallaẓeena laa- yuʹminoona feee ʹaaẓaanihim waq̣ruñw wahuwa ʻalayhim ʻamaa. ʹUlaaaʹika yunaadawna mim makaanim baʻeed!
තවද එය අරාබි නො වන (පිටස්තර භාෂාවෙන් යුත්) කුර්ආනයක් බවට අපි පත් කළේ නම්, “එහි වදන් විස්තර කරනු ලැබිය යුතු නො වේ ද? (නබිවරයා) අරාබිවරයෙකු ලෙස සිටිය දී එය අරාබි නො වන්නක් ද? යැයි ඔවුහු විමසනු ඇත. “එය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුවයකි. තවද විශ්වාස නො කරන්නන් වන ඔවුන්ගේ කන් තුළ බිහිරි භාවය ඇත. එමෙන් ම එය (කුර්ආනය) ඔවුන් වෙත අන්ධ භාවයක් මෙන් පෙනේ. දූර ස්ථානයකින් ඇරයුම් කරනු ලබන්නෝ ඔවුහු ම ය.”යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 41:45
وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ فَاخْتُلِفَ فِیْهِ ؕ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَقُضِیَ بَیْنَهُمْ ؕ وَاِنَّهُمْ لَفِیْ شَكٍّ مِّنْهُ مُرِیْبٍ ۟
Wa-laq̣ad ʹaataynaa Moosal Kitaaba fakhtulifa feeh. Wa-lawlaa Kalimatuñ sabaq̣at mir Rabbika laq̣uḍiya baynahum: wa-ʹinnahum lafee shakkim minhu mureeb.
තවද සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එවිට එහි මතභේද ඇති විය. ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් පෙරටු නො වී නම්, ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම ඔවුන් ඒ (කුර්ආනය) ගැන කුතුහලයක් ඇති කරන සැකයෙහි සිටින්නන් වෙති.
Verse 41:46
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهٖ ۚ وَمَنْ اَسَآءَ فَعَلَیْهَا ؕ وَمَا رَبُّكَ بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟
Man ʻamila ṣaaliḥañ falinafsihee wa-man ʹasaaaʹa faʻalayhaa: wa-maa Rabbuka biz̤̣allamil lil-ʻabeed.
කවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නපුරක් කළේ ද එය ඔහුට එරෙහිව ම ය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වේ.
Verse 41:47
اِلَیْهِ یُرَدُّ عِلْمُ السَّاعَةِ ؕ وَمَا تَخْرُجُ مِنْ ثَمَرٰتٍ مِّنْ اَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ اُ وَلَا تَضَعُ اِلَّا بِعِلْمِهٖ ؕ وَیَوْمَ یُنَادِیْهِمْ اَیْنَ شُرَكَآءِیْ ۙ قَالُوْۤا اٰذَنّٰكَ ۙ مَا مِنَّا مِنْ شَهِیْدٍ ۟ۚ
ʹIlayhi yuraddu ʻilmus Saaʻah: wa-maa takhruju miñ s̤amaraatim min ʹakmaamihaa wa-maa taḥmilu min ʹuñs̤aa wa-laa taḍaʻu ʹillaa biʻilmih. Wa-Yawma yunaadeehim ʹayna shurakaaaʹee q̣aalooo ʹaaẓannaaka maa- minnaa miñ shaheed!
අවසන් හෝරාව පිළිබඳ දැනුම යොමු කරනු ලබනුයේ (අල්ලාහ් වන) ඔහු වෙත ම ය. ඔහුගේ දැනුමෙන් තොරව පලතුරු කිසිවක් එහි කෝෂවලින් පිට නො වෙයි. තවද කිසිදු කාන්තාවක් පිළිසිඳ නො ගනියි. එමෙන් ම ඇය ප්‍රසූත නො කරයි. “මට ආදේශ කළවුන් කොහේ දැ? යි” එදින අල්ලාහ් ඔවුන් අමතයි. (එවිට) “අපහට කිසිදු සාක්ෂිකරුවෙකු නැතැයි” ඔවුහු පවසා සිටිති.
Verse 41:48
وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَدْعُوْنَ مِنْ قَبْلُ وَظَنُّوْا مَا لَهُمْ مِّنْ مَّحِیْصٍ ۟
Wa-ḍalla ʻanhum maa kaanoo yadʻoona miñ q̣ablu waz̤̣annoo maa- lahum mim maḥeeṣ.
තවද මීට පෙර ඔවුන් ඇරයුම් කරමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යනු ඇත. තමන්හට පලායන කිසිදු ස්ථානයක් නැතැයි ඔවුහු වටහා ගන්නෝ ය.
Verse 41:49
لَا یَسْـَٔمُ الْاِنْسَانُ مِنْ دُعَآءِ الْخَیْرِ ؗ وَاِنْ مَّسَّهُ الشَّرُّ فَیَـُٔوْسٌ قَنُوْطٌ ۟
Laa- yasʹamul ʹiñsaanu miñ duʻaaaʹil khayri wa-ʹim massa hushsharru fayaʹoosuñ q̣anooṭ.
යහපත පැතීමෙන් මිනිසා වෙහෙසට පත් නො වෙයි. තවද ඔහුට නපුර වැළඳුණු විට බලාපොරොත්තු සුන් කර ගනිමින් නිරායාසයට පත් වනු ඇත.
Verse 41:50
وَلَىِٕنْ اَذَقْنٰهُ رَحْمَةً مِّنَّا مِنْ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُ لَیَقُوْلَنَّ هٰذَا لِیْ ۙ وَمَاۤ اَظُنُّ السَّاعَةَ قَآىِٕمَةً ۙ وَّلَىِٕنْ رُّجِعْتُ اِلٰی رَبِّیْۤ اِنَّ لِیْ عِنْدَهٗ لَلْحُسْنٰی ۚ فَلَنُنَبِّئَنَّ الَّذِیْنَ كَفَرُوْا بِمَا عَمِلُوْا ؗ وَلَنُذِیْقَنَّهُمْ مِّنْ عَذَابٍ غَلِیْظٍ ۟
Wa-laʹin ʹaẓaq̣naahu Raḥmatam minnaa mim baʻdi ḍar-raaaʹa massathu layaq̣oolanna haaẓaa lee wa-maaa ʹaz̤̣unnus Saaʻata q̣aaaʹimatañw walaʹir rujiʻtu ʹilaa Rabbeee ʹinna lee ʻiñdahoo lalḥusnaa! Falanunabbiʹannal laẓeena kafaroo bimaa ʻamiloo, wa-lanuẓeeq̣an-nahum min ʻAẓaabin g̣aleez̤̣.
තවද ඔහුට වැළඳුණු පීඩිත තත්ත්වයෙන් පසුව අපගෙන් වූ ආශිර්වාදයක් අපි ඔහුට විඳින්නට සැලැස්වූයේ නම් “මෙය මාගේ ය. අවසන් හෝරාව සිදු වන්නක් බව මම නො සිතමි. මාගේ පරමාධිපති වෙත මම යොමු කරනු ලැබුවේ නම් නියත වශයෙන් ම ඔහු අබියස මට යහපත ඇතැ”යි ඔහු පවසනු ඇත. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන් සිදු කළ දෑ නියත වශයෙන් ම අපි දන්වන්නෙමු. තවද දැඩි දඬුවමක් භුක්ති විඳින්නට අපි ඔවුනට සලස්වමු.
Verse 41:51
وَاِذَاۤ اَنْعَمْنَا عَلَی الْاِنْسَانِ اَعْرَضَ وَنَاٰ بِجَانِبِهٖ ۚ وَاِذَا مَسَّهُ الشَّرُّ فَذُوْ دُعَآءٍ عَرِیْضٍ ۟
Wa-ʹiẓaaa ʹanʻamnaa ʻalal ʹiñsaani ʹaʻraḍa wa-naʹaa bijaanibih; wa-ʹiẓaa massahush sharru faẓoo duʻaaaʹin ʻareeḍ!
තවද අපි මිනිසාට ආශිර්වාද කළ විට ඔහු එය පිටුපා වෙනත් දෙසකට හැරී (දුරස් වී) යයි. තවද ඔහුට නපුර ස්පර්ශ වූ විට ඔහු අධික ලෙස ප්‍රාර්ථනා කරන අයෙකු වෙයි.
Verse 41:52
قُلْ اَرَءَیْتُمْ اِنْ كَانَ مِنْ عِنْدِ اللّٰهِ ثُمَّ كَفَرْتُمْ بِهٖ مَنْ اَضَلُّ مِمَّنْ هُوَ فِیْ شِقَاقٍ بَعِیْدٍ ۟
Q̣ul ʹaraʹaytum ʹiñ kaana min ʻiñdil laahi s̤umma kafartum̃ bihee man ʹaḍallu mimman huwa fee shiq̣aaq̣im baʻeed?
“එය (අල් කුර්ආනය) අල්ලාහ් වෙතින් වී පසුව නුඹලා එය ප්‍රතික්ෂේප කළෙහු නම්, අන්ත භේදවල සිටින අයෙකුට වඩා නොමග ගියවුන් කවුරුන් දැ”යි නුඹලා මට දන්වා සිටිනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 41:53
سَنُرِیْهِمْ اٰیٰتِنَا فِی الْاٰفَاقِ وَفِیْۤ اَنْفُسِهِمْ حَتّٰی یَتَبَیَّنَ لَهُمْ اَنَّهُ الْحَقُّ ؕ اَوَلَمْ یَكْفِ بِرَبِّكَ اَنَّهٗ عَلٰی كُلِّ شَیْءٍ شَهِیْدٌ ۟
Sanureehim ʹAayaatinaa fil ʹaafaaq̣i wa-feee ʹañfusihim ḥattaa yatabayyana lahum ʹannahul Ḥaq̣q̣. ʹA-walam yakfi bi-Rabbika ʹannahoo ʻalaa kulli shayʹiñ shaheed?
නියත වශයෙන් ම (අල් කුර්ආනය වන) එය සත්‍යය බව ඔවුනට පැහැදිලි වන තෙක් ක්ෂිතිජය තුළ හා ඔවුන් තුළ අපගේ සාධක ඔවුනට අපි මතු පෙන්වන්නෙමු. නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය යන්න නුඹේ පරමාධිපති ප්‍රමාණවත් නො වී ද?
Verse 41:54
اَلَاۤ اِنَّهُمْ فِیْ مِرْیَةٍ مِّنْ لِّقَآءِ رَبِّهِمْ ؕ اَلَاۤ اِنَّهٗ بِكُلِّ شَیْءٍ مُّحِیْطٌ ۟۠
ʹAlaaa ʹinnahum fee miryatim mil Liq̣aaaʹi Rabbihim? ʹAlaaa ʹinnahoo bikulli shayʹim Muḥeeṭ.
(නබිවරය!) දැන ගනු! නියත වශයෙන් ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව පිළිබඳ සැකයෙහි ය. දැන ගනු! නියත වශයෙන් ම ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නා ය.