Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah Az-Zumar

Surah Az-Zumar (The Troops) is Surah 39 of the Holy Quran, a Meccan Surah with 75 verses, available here in Sinhalese.

Surah 39 Meccan 75 verses Sinhalese

Verse 39:1

تَنْزِیْلُ الْكِتٰبِ مِنَ اللّٰهِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟

Tañzeelul Kitaabi minal laahil ʻAzeezil Ḥakeem.

(මෙය) සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත අල්ලාහ්ගෙන් වූ ග්‍රන්ථයේ පහළ කිරීමකි.

Verse 39:2

اِنَّاۤ اَنْزَلْنَاۤ اِلَیْكَ الْكِتٰبَ بِالْحَقِّ فَاعْبُدِ اللّٰهَ مُخْلِصًا لَّهُ الدِّیْنَ ۟ؕ

ʹInnaaa ʹañzalnaaa ʹilaykal Kitaaba bil-Ḥaq̣q̣i faʻbudil laaha mukhliṣal lahud deen.

නියත වශයෙන් ම අපි ඔබ වෙත ධර්ම ග්‍රන්ථය සත්‍යයෙන් යුතුව පහළ කළෙමු. එහෙයින් ඔබ අවංක ලෙසින් අල්ලාහ්ට පමණක් දහම පුද කොට ඔහුට නැමදුම් කරනු.

Verse 39:3

اَلَا لِلّٰهِ الدِّیْنُ الْخَالِصُ ؕ وَالَّذِیْنَ اتَّخَذُوْا مِنْ دُوْنِهٖۤ اَوْلِیَآءَ ۘ مَا نَعْبُدُهُمْ اِلَّا لِیُقَرِّبُوْنَاۤ اِلَی اللّٰهِ زُلْفٰی ؕ اِنَّ اللّٰهَ یَحْكُمُ بَیْنَهُمْ فِیْ مَا هُمْ فِیْهِ یَخْتَلِفُوْنَ ؕ۬ اِنَّ اللّٰهَ لَا یَهْدِیْ مَنْ هُوَ كٰذِبٌ كَفَّارٌ ۟

ʹAlaa lillaahid deenul khaaliṣ? Wallaẓeenat takhaẓoo miñ dooniheee ʹawliyaaaʹ. Maa- naʻbuduhum ʹillaa liyuq̣arriboonaaa ʹilal laahi zulfaa. ʹInnal laaha yaḥkumu baynahum fee maa- hum feehi yakhtalifoon. ʹInnal laaha laa- yahdee man huwa kaaẓibuñ kaffaar.

දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතු ය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය ‘අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට නැමදුම් නො කළෙමු (යැයි පවසති). ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන් ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් මහා බොරුකාර දැඩි සේ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාහට මග නො පෙන්වයි.

Verse 39:4

لَوْ اَرَادَ اللّٰهُ اَنْ یَّتَّخِذَ وَلَدًا لَّاصْطَفٰی مِمَّا یَخْلُقُ مَا یَشَآءُ ۙ سُبْحٰنَهٗ ؕ هُوَ اللّٰهُ الْوَاحِدُ الْقَهَّارُ ۟

Law ʹaaraadal laahu ʹañy yattakhiẓa waladal laṣṭafaa mimmaa yakhluq̣u maa- yashaaaʹu Subḥaanah! Huwal laahul Waaḥidul Q̣ahhaar.

අල්ලාහ් දරුවකු ගැනීමට සිතුවේ නම් ඔහු අභිමත කළ අයුරින් ඔහු ම වන දැයින් ම ඔහු තෝරා ගන්නට තිබුණි. ඔහු සුපිවිතුරු ය. ඔහු මහා බලපරාක්‍රම ඒකීය වූ අල්ලාහ් ය.

Verse 39:5

خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ ۚ یُكَوِّرُ الَّیْلَ عَلَی النَّهَارِ وَیُكَوِّرُ النَّهَارَ عَلَی الَّیْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ؕ كُلٌّ یَّجْرِیْ لِاَجَلٍ مُّسَمًّی ؕ اَلَا هُوَ الْعَزِیْزُ الْغَفَّارُ ۟

Khalaq̣as samaawaati wal-ʹarḍa bilḥaq̣q̣: yukawwirul layla ʻalan nahaari wa-yukawwirun nahaara ʻalal layli wa-sakhkharash shamsa walq̣amar: kulluñy yajree liʹajalim musammaa. ʹAlaa Huwal ʻAzeezul G̣affaar.

සත්‍යයෙන් යුතුව අහස් හා මහපොළොව ඔහු මැව්වේ ය. තවද ඔහු රාත්‍රිය දහවල මත හකුළුවන්නේ ය. තවද ඔහු දහවල රාත්‍රිය මත හකුළුවන්නේ ය. තවද හිරු හා සඳ ඔහු වසඟ කළේ ය. ඒ සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරනු ඇත. දැන ගනු! ඔහු මය සර්ව බලධාරී අතික්ෂමාශීලීය.

Verse 39:6

خَلَقَكُمْ مِّنْ نَّفْسٍ وَّاحِدَةٍ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَاَنْزَلَ لَكُمْ مِّنَ الْاَنْعَامِ ثَمٰنِیَةَ اَزْوَاجٍ ؕ یَخْلُقُكُمْ فِیْ بُطُوْنِ اُمَّهٰتِكُمْ خَلْقًا مِّنْ بَعْدِ خَلْقٍ فِیْ ظُلُمٰتٍ ثَلٰثٍ ؕ ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ؕ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ فَاَنّٰی تُصْرَفُوْنَ ۟

Khalaq̣akum min nafsiñw waaḥidatiñ s̤umma jaʻala minhaa zawjahaa wa-ʹañzala lakum minal ʹanʻaami s̤amaaniyata ʹazwaaj: yakhluq̣ukum fee buṭooni ʹummahaatikum khalaq̣am mim baʻdi khalq̣iñ fee ẓulumaatiñ s̤alaas̤. Ẓaalikumul laahu Rabbukum lahul mulk. Laaa ʹilaaha ʹillaa Hoo. Faʹannaa tuṣrafoon?

එක ම ආත්මයකින් ඔහු නුඹලා මැව්වේ ය. පසුව එයින් එහි සහකාරිය ඇති කළේ ය. තවද ගොවිපළ සතුන්ගෙන් යුගල වර්ග අටක් නුඹලාට පහළ කළේ ය. මැවීමකින් පසු මැවීමක් ලෙසින් තුන් ආකාර අන්ධකාරයන් තුළ නුඹලාගේ මව්වරුන්ගේ කුසවල්හි ඔහු නුඹලා මැව්වේ ය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. එසේ නම් නුඹලා වෙනෙතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?

Verse 39:7

اِنْ تَكْفُرُوْا فَاِنَّ اللّٰهَ غَنِیٌّ عَنْكُمْ ۫ وَلَا یَرْضٰی لِعِبَادِهِ الْكُفْرَ ۚ وَاِنْ تَشْكُرُوْا یَرْضَهُ لَكُمْ ؕ وَلَا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰی ؕ ثُمَّ اِلٰی رَبِّكُمْ مَّرْجِعُكُمْ فَیُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ؕ اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟

ʹIñ takfuroo faʹinnal laaha G̣aniyyun ʻañkum: wa-laa yarḍaa liʻibaadihil kufr: wa-ʹiñ tashkuroo yarḍahu lakum. Wa-laa taziru waaziratuñw wizra ʹukhraa. S̤umma ʹilaa Rabbikum Marjiʻukum fayunabbiʹukum̃ bimaa kuñtum taʻmaloon. ʹInnahoo ʻAleemum biẓaatiṣ ṣudoor.

නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ නම් එවිට (දැන ගනු!) නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා ගැන අවශ්‍යතාව නොමැත්තා ය. තම ගැත්තන්ගෙන් ප්‍රතික්ෂේප කිරීම ඔහු ප්‍රිය නො කරයි. තවද නුඹලා කෘතවේදී වන්නේ නම් ඒ ගැන ඔහු නුඹලා කෙරෙහි තෘප්තියට පත් වෙයි. බර උසුලන්නෙකු වෙනත් අයගේ (පාපයේ) බර නො උසුලනු ඇත. පසුව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙත ය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන් ම ඔහු හදවත් සතු දෑ පිළිබඳව මැනවින් දන්නා ය.

Verse 39:8

وَاِذَا مَسَّ الْاِنْسَانَ ضُرٌّ دَعَا رَبَّهٗ مُنِیْبًا اِلَیْهِ ثُمَّ اِذَا خَوَّلَهٗ نِعْمَةً مِّنْهُ نَسِیَ مَا كَانَ یَدْعُوْۤا اِلَیْهِ مِنْ قَبْلُ وَجَعَلَ لِلّٰهِ اَنْدَادًا لِّیُضِلَّ عَنْ سَبِیْلِهٖ ؕ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِیْلًا ۖۗ اِنَّكَ مِنْ اَصْحٰبِ النَّارِ ۟

Wa-ʹiẓaa massal ʹiñsaana ḍurruñ daʻaa Rabbahoo muneeban ʹilayhi s̤umma ʹiẓaa khawwalahoo niʻmatam minhu nasiya maa- kaana yadʻooo ʹilayhi miñ q̣ablu wa-jaʻala lillaahi ʹañdaadal liyuḍilla ʻañ Sabeelih. Q̣ul tamattaʻ bikufrika q̣aleelan ʹinnaka min ʹAṣḥaabin Naar!

තවද මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු තම පරමාධිපති වෙත යොමු වී ඔහුට කන්නලව් කරයි. පසුව ඔහුට ඔහුගෙන් වූ යම් අනුග්‍රහයක් පිරිනැමූ විට ඔහු මීට පෙර කවර දෙයක් වෙත කන්නලව් කරමින් සිටියේ ද එය අමතක කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යවනු පිණිස ඔහුට සමානයන් තබයි. “ඔබ ඔබේ ප්‍රතික්ෂේපය සමඟ ස්වල්ප කාලයක් භුක්ති විදිනු. නියත වශයෙන් ම ඔබ නිරාවාසීන් අතරිනි” යැයි (නබි මුහම්මද්!) නුඹ පවසනු.

Verse 39:9

اَمَّنْ هُوَ قَانِتٌ اٰنَآءَ الَّیْلِ سَاجِدًا وَّقَآىِٕمًا یَّحْذَرُ الْاٰخِرَةَ وَیَرْجُوْا رَحْمَةَ رَبِّهٖ ؕ قُلْ هَلْ یَسْتَوِی الَّذِیْنَ یَعْلَمُوْنَ وَالَّذِیْنَ لَا یَعْلَمُوْنَ ؕ اِنَّمَا یَتَذَكَّرُ اُولُوا الْاَلْبَابِ ۟۠

ʹAmman huwa q̣aanitun ʹaanaaaʹal layli saajidañw waq̣aaaʹimañy yaḥẓarul ʹAakhirata wa-yarjoo Raḥmata Rabbih? Q̣ul hal yastawil laẓeena yaʻlamoona wallaẓeena la yaʻlamoon? ʹInnamaa yataẓakkaru ʹulul ʹalbaab.

මතු ලොව පිළිබඳ බියෙන් හා තම පරමාධිපතිගේ ආශිර්වාදය අපේක්ෂාවෙන් රාත්‍රී හෝරාවන්හි (සලාතයේ දී) සුජූද් කරන්නකු ලෙස හා නැගිට සිටින්නෙකු ලෙස ගැතිකම් කිරීමට අවදිව සිටින්නා, (එසේ නො කරන පාපියකු මෙන්) ද? “දන්නා අය හා නොදන්නා අය සමාන වේවි” දැ? යි (නබි මුහම්මද්) නුඹ විමසනු. (මෙමඟින්) උපදෙස් ලබනුයේ ප්‍රබුද්ධිමත් උදවියයි.

Verse 39:10

قُلْ یٰعِبَادِ الَّذِیْنَ اٰمَنُوا اتَّقُوْا رَبَّكُمْ ؕ لِلَّذِیْنَ اَحْسَنُوْا فِیْ هٰذِهِ الدُّنْیَا حَسَنَةٌ ؕ وَاَرْضُ اللّٰهِ وَاسِعَةٌ ؕ اِنَّمَا یُوَفَّی الصّٰبِرُوْنَ اَجْرَهُمْ بِغَیْرِ حِسَابٍ ۟

Q̣ul yaa-ʻibaadil laẓeena ʹaamanut taq̣oo Rabbakum. Lillaẓeena ʹaḥsanoo fee haaẓihid dunyaa ḥasanah. Wa-ʹarḍul laahi waasiʻah! ʹInnamaa yuwaffaṣ ṣaabiroona ʹajrahum̃ big̣ayri ḥisaab!

අහෝ විශ්වාස කළාවූ මාගේ යහපත් ගැත්තනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. මෙලොව යහකම් කළවුනට යහපත ය. අල්ලාහ්ගේ භූමිය විශාල ය. ඉවසිලිවන්තයින් ඔවුන්ගේ ප්‍රතිඵල අප්‍රමාණ ලෙස ලබා ගනිති.

Verse 39:11

قُلْ اِنِّیْۤ اُمِرْتُ اَنْ اَعْبُدَ اللّٰهَ مُخْلِصًا لَّهُ الدِّیْنَ ۟ۙ

Q̣ul ʹinneee ʹumirtu ʹan ʹaʻbudal laaha mukhliṣal lahud deen;

“නියත වශයෙන් ම මා අල්ලාහ්ට අවංක ලෙසින් ඔහුට පමණක් දහම පුද කර නැමදීමට මා අණ කරනු ලැබුවෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

Verse 39:12

وَاُمِرْتُ لِاَنْ اَكُوْنَ اَوَّلَ الْمُسْلِمِیْنَ ۟

Wa-ʹumirtu liʹan ʹakoona ʹawwalal Muslimeen.

තවද මුස්ලිම්වරුන්ගෙන් පළමුවැන්නා වීමට ද මම අණ කරනු ලැබුවෙමි.

Verse 39:13

قُلْ اِنِّیْۤ اَخَافُ اِنْ عَصَیْتُ رَبِّیْ عَذَابَ یَوْمٍ عَظِیْمٍ ۟

Q̣ul ʹinneee ʹakhaafu ʹin ʻaṣaytu Rabbee ʻaẓaaba Yawmin ʻaz̤̣eem.

“මාගේ පරමාධිපතිට මම පිටුපෑවේ නම් මහත් වූ දිනයක දඬුවම ගැන මම බිය වෙමි” යැයි නුඹ පවසනු.

Verse 39:14

قُلِ اللّٰهَ اَعْبُدُ مُخْلِصًا لَّهٗ دِیْنِیْ ۟ۙ

Q̣ulil laaha ʹaʻbudu mukhliṣal lahoo deenee:

“මාගේ යටහත්භාවය අල්ලාහ්ට අවංක ලෙසින් පුද කරමින් මම ඔහු නමදිමි” යැයි නුඹ පවසනු.

Verse 39:15

فَاعْبُدُوْا مَا شِئْتُمْ مِّنْ دُوْنِهٖ ؕ قُلْ اِنَّ الْخٰسِرِیْنَ الَّذِیْنَ خَسِرُوْۤا اَنْفُسَهُمْ وَاَهْلِیْهِمْ یَوْمَ الْقِیٰمَةِ ؕ اَلَا ذٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِیْنُ ۟

Faʻbudoo maa- shiʹtum miñ doonih. Q̣ul ʹinnal khaasireenal laẓeena khasirooo ʹañfusahum wa-ʹahleehim Yawmal Q̣iyaamah: ʹalaa ẓaalika huwal khusraanul mubeen!

එහෙයින් නුඹලා ඔහු හැර නුඹලා අභිමත දෑට ගැතිකම් කරනු. (නබිවරය!) “නියත වශයෙන් ම පරාජිතයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන් ය. දැන ගනු! එයයි ප්‍රකට පරාජය” යැයි නුඹ පවසනු.

Verse 39:16

لَهُمْ مِّنْ فَوْقِهِمْ ظُلَلٌ مِّنَ النَّارِ وَمِنْ تَحْتِهِمْ ظُلَلٌ ؕ ذٰلِكَ یُخَوِّفُ اللّٰهُ بِهٖ عِبَادَهٗ ؕ یٰعِبَادِ فَاتَّقُوْنِ ۟

Lahum miñ fawq̣ihim z̤̣ulalum minañ Naari wa-miñ taḥtihim z̤̣ulal. Ẓaalika yukhawwiful laahu bihee ʻIbaadah: yaa-ʻIbaadi fattaq̣oon.

ඔවුනට ඉහළින් (නිරා) ගින්නෙන් වූ මහල් ද ඔවුනට පහළින් මහල් ද ඔවුනට ඇත. එය වනාහි අල්ලාහ් එමඟින් තම ගැත්තන් බිය ඇති කරවයි.“අහෝ මාගේ ගැත්තනි! එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.” (යැයි තවදුරටත් පවසනු.)

Verse 39:17

وَالَّذِیْنَ اجْتَنَبُوا الطَّاغُوْتَ اَنْ یَّعْبُدُوْهَا وَاَنَابُوْۤا اِلَی اللّٰهِ لَهُمُ الْبُشْرٰی ۚ فَبَشِّرْ عِبَادِ ۟ۙ

Wallaẓeenaj tanabuṭ Ṭaag̣oota ʹañy yaʻbudoohaa wa-ʹanaabooo ʹilal laahi lahumul Bushraa: fabashshir ʻIbaad,―

නපුරු බලවේගයන්ගෙන් (ඉවත් ව) ඒවාට නැමදුම් කිරීමෙන් වැළකී අල්ලාහ් වෙත නැඹුරු වූවන් වනාහි ඔවුනටය ශුභාශිංසනය ඇත්තේ. එහෙයින් මාගේ ගැත්තන්හට ඔබ සුබාරංචි දන්වනු.

Verse 39:18

الَّذِیْنَ یَسْتَمِعُوْنَ الْقَوْلَ فَیَتَّبِعُوْنَ اَحْسَنَهٗ ؕ اُولٰٓىِٕكَ الَّذِیْنَ هَدٰىهُمُ اللّٰهُ وَاُولٰٓىِٕكَ هُمْ اُولُوا الْاَلْبَابِ ۟

ʹAllaẓeena yastamiʻoonal Q̣awla fayattabiʻoona ʹaḥsanah: ʹulaaaʹikal laẓeena hadaahumul laahu wa-ʹulaaaʹika hum ʹulul ʹalbaab.

ප්‍රකාශයට සවන් දී එය වඩාත් අලංකාර අයුරින් අනුගමනය කරන්නන් වනාහි අල්ලාහ් ඔවුනට මග පෙන්වූ අය ඔවුහු ම ය. තවද ඔවුහු මය ප්‍රබුද්ධිමත් උදවිය වන්නෝ.

Verse 39:19

اَفَمَنْ حَقَّ عَلَیْهِ كَلِمَةُ الْعَذَابِ ؕ اَفَاَنْتَ تُنْقِذُ مَنْ فِی النَّارِ ۟ۚ

ʹAfaman ḥaq̣q̣a ʻalayhi kalimatul ʻAẓaab? ʹA-faʹañta tuñq̣iẓu mañ fin Naar?

(නබිවරය!) කවුරුන් කෙරෙහි දඬුවම පිළිබඳ වදන නියම වූයේ ද ගින්නෙහි සිටින ඔහුව ඔබ ආරක්ෂා කරන්නෙක් වන්නෙහි ද?

Verse 39:20

لٰكِنِ الَّذِیْنَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِّنْ فَوْقِهَا غُرَفٌ مَّبْنِیَّةٌ ۙ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕ۬ وَعْدَ اللّٰهِ ؕ لَا یُخْلِفُ اللّٰهُ الْمِیْعَادَ ۟

Laakinil laẓeenat taq̣aw Rabbahum lahum g̣urafum miñ fawq̣ihaa g̣urafum mabniyyatuñ tajree miñ taḥtihal ʹanhaar; Waʻdal laah: laa- yukhliful laahul meeʻaad.

එහෙත් තම පරමාධිපතිට බිය බැතිමත් වූ අය වනාහි ඔවුනට මන්දිර ඇත. ඒවාට ඉහළින් ඉදි කරන ලද තවත් මන්දිර ද ඇත. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. (එය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ් එම ප්‍රතිඥාව කඩ නො කරයි.

Verse 39:21

اَلَمْ تَرَ اَنَّ اللّٰهَ اَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً فَسَلَكَهٗ یَنَابِیْعَ فِی الْاَرْضِ ثُمَّ یُخْرِجُ بِهٖ زَرْعًا مُّخْتَلِفًا اَلْوَانُهٗ ثُمَّ یَهِیْجُ فَتَرٰىهُ مُصْفَرًّا ثُمَّ یَجْعَلُهٗ حُطَامًا ؕ اِنَّ فِیْ ذٰلِكَ لَذِكْرٰی لِاُولِی الْاَلْبَابِ ۟۠

ʹAlam tara ʹannal laaha ʹañzala minas samaaaʹi maaaʹañ fasalakahoo yanaabeeʻa fil ʹarḍi s̤umma yukhriju bihee zarʻam mukhtalifan ʹalwaanuhoo s̤umma yaheeju fataraahu muṣfarrañ s̤umma yajʻaluhoo ḥuṭaamaa. ʹInna fee ẓaalika la-Ẓikraa liʹulil ʹalbaab.

නියත වශයෙන් ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එය මහපොළොවේ උල්පත් ලෙස ගලා යන්නට සලස්වා එමඟින් (විවිධ වර්ණවලින් යුත්) විවිධ වර්ගයේ බෝග හටගන්වා පැහෙන්නට සලස්වයි. එවිට ඔබ එය රන්වන් පැහැයෙන් දකිනු ඇත. පසුව එය ඉපැනැලි බවට පත් කරයි. නියත වශයෙන් ම එහි ප්‍රබුද්ධිමත් උදවියට උපදෙසක් ඇත.

Verse 39:22

اَفَمَنْ شَرَحَ اللّٰهُ صَدْرَهٗ لِلْاِسْلَامِ فَهُوَ عَلٰی نُوْرٍ مِّنْ رَّبِّهٖ ؕ فَوَیْلٌ لِّلْقٰسِیَةِ قُلُوْبُهُمْ مِّنْ ذِكْرِ اللّٰهِ ؕ اُولٰٓىِٕكَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟

ʹAfamañ sharaḥal laahu ṣadrahoo lil-ʹIslaami fahuwa ʻalaa Noorim mir Rabbih? Fawaylul lilq̣aasiyati q̣uloobuhum miñ ẓikril laah! ʹulaaaʹika fee ḍalaalim mubeen!

අල්ලාහ් කවරෙකුගේ හදවත ඉස්ලාමය වෙත විවෘත කළේ ද සැබැවින් ම ඔහු ඔහුගේ පරමාධිපතිගේ ආලෝකය මත සිටින්නේ ය. අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් දුරස් වූ බැවින් තම හදවත් රළුවූවන්ට විනාශය අත් වේවා! ඔවුහු පැහැදිලි නොමගෙහි වෙති.

Verse 39:23

اَللّٰهُ نَزَّلَ اَحْسَنَ الْحَدِیْثِ كِتٰبًا مُّتَشَابِهًا مَّثَانِیَ ۖۗ تَقْشَعِرُّ مِنْهُ جُلُوْدُ الَّذِیْنَ یَخْشَوْنَ رَبَّهُمْ ۚ ثُمَّ تَلِیْنُ جُلُوْدُهُمْ وَقُلُوْبُهُمْ اِلٰی ذِكْرِ اللّٰهِ ؕ ذٰلِكَ هُدَی اللّٰهِ یَهْدِیْ بِهٖ مَنْ یَّشَآءُ ؕ وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَمَا لَهٗ مِنْ هَادٍ ۟

ʹAllaahu nazzala ʹaḥsanal Ḥadees̤i Kitaabam mutashaabiham mas̤aaniya taq̣shaʻirru minhu juloodul laẓeena yakhshawna Rabbahum; s̤umma taleenu julooduhum wa-q̣uloobuhum ʹilaa Ẓikril laah. Ẓaalika hudal laahi yahdee bihee mañy yashaaaʹ; wa-mañy yuḍlilil laahu famaa lahoo min haad.

නැවත නැවතත් ප්‍රකාශ වන; එකිනෙකට සමාන; ධර්මයක් ලෙස අලංකාර කතාව ඔහු පහළ කළේ ය. තම පරමාධිපතිට බියවන්නන්ගේ හම් එමඟින් කිළිපොළා යනු ඇත. පසුව ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා මොළොක් වනු ඇත. එය අල්ලාහ්ගේ මග පෙන්වීමයි. ඔහු අභිමත කරන අයට එමඟින් ඔහු මග පෙන්වනු ඇත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේද ඔහුට කිසිදු මග පෙන්වන්නකු නැත.

Verse 39:24

اَفَمَنْ یَّتَّقِیْ بِوَجْهِهٖ سُوْٓءَ الْعَذَابِ یَوْمَ الْقِیٰمَةِ ؕ وَقِیْلَ لِلظّٰلِمِیْنَ ذُوْقُوْا مَا كُنْتُمْ تَكْسِبُوْنَ ۟

ʹAfamañy yattaq̣ee biwajhihee soooʹal ʻaẓaabi Yawmal Q̣iyaamah? Wa-q̣eela liz̤̣z̤̣aalimeena ẓooq̣oo maa- kuñtum taksiboon!

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නපුරු දඬුවමින් තමන්ව ආරක්ෂා කරගන්නා (සුරක්ෂිතව ස්වර්ගයට පිවිසෙන අයෙකුට සමාන වන්නේ) ද? “නුඹලා උපයමින් සිටි දෑ නුඹලා භුක්ති විඳිනු” යැයි අපරාධකරුවන්ට කියනු ලැබේ.

Verse 39:25

كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَاَتٰىهُمُ الْعَذَابُ مِنْ حَیْثُ لَا یَشْعُرُوْنَ ۟

Kaẓẓabal laẓeena miñ q̣ablihim faʹataahumul ʻAẓaabu min ḥays̤u laa- yashʻuroon.

ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝ ය. එහෙයින් ඔවුන් නොදැන සිටියදී ඔවුන් වෙත දඬුවම පැමිණියේ ය.

Verse 39:26

فَاَذَاقَهُمُ اللّٰهُ الْخِزْیَ فِی الْحَیٰوةِ الدُّنْیَا ۚ وَلَعَذَابُ الْاٰخِرَةِ اَكْبَرُ ۘ لَوْ كَانُوْا یَعْلَمُوْنَ ۟

Faʹaẓaaq̣ahumul laahul khizya fil ḥayaatid dunyaa wa-laʻAẓaabul ʹAakhirati ʹakbar. Law kaanoo yaʻlamoon!

එවිට මෙලොව ජීවිතයේ අවමානය අල්ලාහ් ඔවුනට විඳින්නට සැලැස්වී ය. තවද මතු ලොව දඬුවම අතිමහත් ය. ඔවුහු දැන සිටියාහු නම්!

Verse 39:27

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِیْ هٰذَا الْقُرْاٰنِ مِنْ كُلِّ مَثَلٍ لَّعَلَّهُمْ یَتَذَكَّرُوْنَ ۟ۚ

Wa-laq̣ad ḍarabnaa linnaasi fee haaẓal Q̣ur-ʹaani miñ kulli Mas̤alil laʻallahum yataẓakkaroon.

තවද ජනයා උපදෙස් ලැබිය හැකි වනු පිණිස මෙම අල් කුර්ආනයේ සෑම උපමාවක්ම අපි ඔවුනට ගෙන හැර දැක්වූයෙමු.

Verse 39:28

قُرْاٰنًا عَرَبِیًّا غَیْرَ ذِیْ عِوَجٍ لَّعَلَّهُمْ یَتَّقُوْنَ ۟

Q̣ur-ʹaanan ʻArabiyyan g̣ayra ẓee ʻiwajil laʻallahum yattaq̣oon.

ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස කිසිදු ඇදයක් නොමැති මෙම කුර්ආනය අරාබි භාෂාවෙන් වූවකි.

Verse 39:29

ضَرَبَ اللّٰهُ مَثَلًا رَّجُلًا فِیْهِ شُرَكَآءُ مُتَشٰكِسُوْنَ وَرَجُلًا سَلَمًا لِّرَجُلٍ ؕ هَلْ یَسْتَوِیٰنِ مَثَلًا ؕ اَلْحَمْدُ لِلّٰهِ ۚ بَلْ اَكْثَرُهُمْ لَا یَعْلَمُوْنَ ۟

Ḍarabal laahu Mas̤alar rajulañ feehi shurakaaaʹu mutashaakisoona wa-rajulañ salamal lirajul: Hal yastawiyaani mas̤alaa? ʹAl-Ḥamdu lillaah! Bal ʹaks̤aruhum laa- yaʻlamoon.

මතභේදවලින් යුත් (බොහෝ) හවුල්කරුවන් සතු වූ මිනිසෙක් හා එක ම මිනිසෙකුට පමණක් අයත් වූ මිනිසෙක් අල්ලාහ් උපමා වශයෙන් ගෙන හැර දැක් වීය. උපමාවෙන් ඔවුන් දෙදෙනා එක හා සමාන වේ ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.

Verse 39:30

اِنَّكَ مَیِّتٌ وَّاِنَّهُمْ مَّیِّتُوْنَ ۟ؗ

ʹInnaka mayyituñw waʹinnahum mayyitoon.

නියත වශයෙන් ම නුඹ මිය යන අයෙකි. එමෙන් ම නියත වශයෙන් ම ඔවුහු ද මිය යන අය වෙති.

Verse 39:31

ثُمَّ اِنَّكُمْ یَوْمَ الْقِیٰمَةِ عِنْدَ رَبِّكُمْ تَخْتَصِمُوْنَ ۟۠

S̤umma ʹinnakum Yawmal Q̣iyaamati ʻiñda Rabbikum takhtaṣimoon.

පසුව නියත වශයෙන් ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස වාද කරන්නෙහු ය.

Verse 39:32

فَمَنْ اَظْلَمُ مِمَّنْ كَذَبَ عَلَی اللّٰهِ وَكَذَّبَ بِالصِّدْقِ اِذْ جَآءَهٗ ؕ اَلَیْسَ فِیْ جَهَنَّمَ مَثْوًی لِّلْكٰفِرِیْنَ ۟

Faman ʹaz̤̣lamu mimmañ kaẓaba ʻalal laahi wa-kaẓẓaba biṣ-Ṣidq̣i ʹiẓ jaaaʹah? ʹAlaysa fee Jahannama mas̤wal lilkaafireen?

අල්ලාහ් කෙරෙහි බොරු ගොතා, තමන් වෙත සත්‍යය පැමිණි විටත් එය බොරු කළ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් නො වේ ද?

Verse 39:33

وَالَّذِیْ جَآءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهٖۤ اُولٰٓىِٕكَ هُمُ الْمُتَّقُوْنَ ۟

Wallaẓee jaaaʹa biṣ-Ṣidq̣i wa-ṣaddaq̣a biheee ʹulaaaʹika humul Muttaq̣oon.

තවද සත්‍යය රැගෙන ආ තැනැත්තා සහ එය තහවුරු කළ අය වනාහි, ඔවුහු මය බිය බැතිමතුන් වනුයේ.

Verse 39:34

لَهُمْ مَّا یَشَآءُوْنَ عِنْدَ رَبِّهِمْ ؕ ذٰلِكَ جَزٰٓؤُا الْمُحْسِنِیْنَ ۟ۚۖ

Lahum maa yashaaaʹoona ʻiñda Rabbihim: ẓaalika jazaaaʹul Muḥsineen,

ඔවුන් ප්‍රිය කරන දෑ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. එය දැහැමියන්ගේ ප්‍රතිඵලයයි.

Verse 39:35

لِیُكَفِّرَ اللّٰهُ عَنْهُمْ اَسْوَاَ الَّذِیْ عَمِلُوْا وَیَجْزِیَهُمْ اَجْرَهُمْ بِاَحْسَنِ الَّذِیْ كَانُوْا یَعْمَلُوْنَ ۟

Liyukaffiral laahu ʻanhum ʹaswa ʹallaẓee ʻamiloo wa-yajziyahum ʹajrahum̃ biʹaḥsanil laẓee kaanoo yaʻmaloon.

ඔවුන් සිදු කළ දෑහි මහත් නපුර ඔවුන්ගෙන් ඉවත් කරනු පිණිස හා ඔවුන් සිදු කරමින් සිටි දෑට වඩාත් අලංකාර ලෙස ඔවුන්ගේ කුලිය ඔවුනට පිරිනමනු පිණිස ය.

Verse 39:36

اَلَیْسَ اللّٰهُ بِكَافٍ عَبْدَهٗ ؕ وَیُخَوِّفُوْنَكَ بِالَّذِیْنَ مِنْ دُوْنِهٖ ؕ وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَمَا لَهٗ مِنْ هَادٍ ۟ۚ

ʹAlaysal laahu bi-Kaafin ʻabdah? Wa-yukhawwi-foonaka billaẓeena miñ doonih! Wa-mañy yuḍlilil laahu famaa lahoo min haad.

අල්ලාහ් තම ගැත්තාට ප්‍රමාණවත් අයෙකු නො වේ ද? තවද ඔවුහු ඔහුගෙන් තොර අන්අය ගෙනැවිත් නුඹව බියගන්වති. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නොමැත.

Verse 39:37

وَمَنْ یَّهْدِ اللّٰهُ فَمَا لَهٗ مِنْ مُّضِلٍّ ؕ اَلَیْسَ اللّٰهُ بِعَزِیْزٍ ذِی انْتِقَامٍ ۟

Wa-mañy yahdil laahu famaa lahoo mim muḍill. ʹAlaysal laahu biʻAzeeziñ Ẓiñ tiq̣aam?

තවද අල්ලාහ් කවරෙකුට මග පෙන්වන්නේ ද එවිට කිසිදු මුළාකරුවෙකු ඔහුට නො වනු ඇත. අල්ලාහ් සර්ව බලධාරී සමප්‍රතිචාර දක්වන්නා නො වේ ද?

Verse 39:38

وَلَىِٕنْ سَاَلْتَهُمْ مَّنْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ لَیَقُوْلُنَّ اللّٰهُ ؕ قُلْ اَفَرَءَیْتُمْ مَّا تَدْعُوْنَ مِنْ دُوْنِ اللّٰهِ اِنْ اَرَادَنِیَ اللّٰهُ بِضُرٍّ هَلْ هُنَّ كٰشِفٰتُ ضُرِّهٖۤ اَوْ اَرَادَنِیْ بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكٰتُ رَحْمَتِهٖ ؕ قُلْ حَسْبِیَ اللّٰهُ ؕ عَلَیْهِ یَتَوَكَّلُ الْمُتَوَكِّلُوْنَ ۟

Wa-laʹiñ saʹaltahum man khalaq̣as samaawaati wal-ʹarḍa layaq̣oolunnal laah. Q̣ul ʹafaraʹaytum maa tadʻoona miñ doonil laahi ʹin ʹaraadaniyal laahu biḍurrin hal hunna kaashifaatu ḍurriheee ʹaw ʹaraadanee bi-Raḥmatin hal hunna mumsikaatu Raḥmatih? Q̣ul ḥasbiyal laah! ʻAlayhi yatawakkalul Mutawakkiloon.

තවද අහස් හා මහපොළොව මැව්වේ කවු දැ? යි නුඹ ඔවුන්ගෙන් විමසුවෙහි නම් ඔවුහු “අල්ලාහ්” යැයි පවසති. (අහෝ නබිවරය!) “අල්ලාහ් හැර දමා නුඹලා කන්නලව් කරන දෑ පිළිබඳ නුඹලා කුමක් සිතන්නෙහු ද? - අල්ලාහ් මා වෙත යම් නපුරක් සිතුවේ නම් එම නපුර ඔවුන් ඉවත් කරන්නන් වෙත් ද? එසේ නැතහොත් අල්ලාහ් මා වෙත යම් ආශිර්වාදයක් සිතුවේ නම් ඔහුගේ ආශිර්වාදය ඔවුන් වළක්වන්නන් වෙත් ද? යැයි විමසනු. (නබිවරය!) “අල්ලාහ් මාහට ප්‍රමාණවත් ය. විශ්වාස කරන්නන් ඔහු වෙත පමණක් විශ්වාස කරත්වා” යැයි පවසනු.

Verse 39:39

قُلْ یٰقَوْمِ اعْمَلُوْا عَلٰی مَكَانَتِكُمْ اِنِّیْ عَامِلٌ ۚ فَسَوْفَ تَعْلَمُوْنَ ۟ۙ

Q̣ul yaa q̣awmiʻmaloo ʻalaa makaanatikum ʹinnee ʻaamil: fasawfa taʻlamoon.

මාගේ ජනයිනි! නුඹලාගේ ස්ථාවරය මත සිට නුඹලා කටයුතු කරනු. නියත වශයෙන් ම මම ද කටයුතු කරමි. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.

Verse 39:40

مَنْ یَّاْتِیْهِ عَذَابٌ یُّخْزِیْهِ وَیَحِلُّ عَلَیْهِ عَذَابٌ مُّقِیْمٌ ۟

Mañy yaʹteehi ʻaẓaabuñy yukhzeehi wa-yaḥillu ʻalayhi ʻaẓaabum muq̣eem.

තමන් අවමානයට පත් කරන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැ? යි ද, ස්ථාවර දඬුවම කවුරුන් මත පහළ වන්නේ දැ? යි ද (නුඹලා මතු දැන ගනු ඇත.)

Verse 39:41

اِنَّاۤ اَنْزَلْنَا عَلَیْكَ الْكِتٰبَ لِلنَّاسِ بِالْحَقِّ ۚ فَمَنِ اهْتَدٰی فَلِنَفْسِهٖ ۚ وَمَنْ ضَلَّ فَاِنَّمَا یَضِلُّ عَلَیْهَا ۚ وَمَاۤ اَنْتَ عَلَیْهِمْ بِوَكِیْلٍ ۟۠

ʹInnaaa ʹañzalnaa ʻalaykal Kitaaba linnaasi bil-Ḥaq̣q̣. famanih tadaa falinafsih: wa-mañ ḍalla faʹinnamaa yaḍillu ʻalayhaa. Wa-maaa ʹañta ʻalayhim̃ biwakeel.

නියත වශයෙන් ම අපි සත්‍යයෙන් යුතුව ධර්ම ග්‍රන්ථය ජනයා සඳහා, නුඹ වෙත පහළ කළෙමු. එහෙයින් කවරෙකු (එමඟින්) යහමග ලබන්නේ ද එය ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නොමග යන්නේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුට ම එරෙහිවම ය. තවද නුඹ ඔවුන් කෙරෙහි භාරකරුවකු නො වේ.

Verse 39:42

اَللّٰهُ یَتَوَفَّی الْاَنْفُسَ حِیْنَ مَوْتِهَا وَالَّتِیْ لَمْ تَمُتْ فِیْ مَنَامِهَا ۚ فَیُمْسِكُ الَّتِیْ قَضٰی عَلَیْهَا الْمَوْتَ وَیُرْسِلُ الْاُخْرٰۤی اِلٰۤی اَجَلٍ مُّسَمًّی ؕ اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّتَفَكَّرُوْنَ ۟

ʹAllaahu yatawaffal ʹañfusa ḥeena mawtihaa wallatee lam tamut fee manaamihaa: fayumsikul latee q̣aḍaa ʻalayhal mawta wa-yursilul ʹukhraaa ʹilaaa ʹajalim musammaa. ʹInna fee ẓaalika laʹAayaatil liq̣awmiñy yatafakkaroon.

ආත්මාවන් ඒවා මරණයට පත් වන මොහොතේ ද නින්දේදී මරණයට පත් නො වූ දෑ ද අත්පත් කර ගන්නේ අල්ලාහ් ය. කවර ආත්මයක් මත මරණය තීන්දු කළේ ද එය ඔහු රඳවා තබා ගනී. සෙසු දෑ නියම කරන ලද කාලයක් දක්වා ඔහු එවනු ඇත. කල්පනා කර බලන ජනයාට නියත වශයෙන් ම එහි සංඥා ඇත.

Verse 39:43

اَمِ اتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ شُفَعَآءَ ؕ قُلْ اَوَلَوْ كَانُوْا لَا یَمْلِكُوْنَ شَیْـًٔا وَّلَا یَعْقِلُوْنَ ۟

ʹAmit takhaẓoo miñ doonil laahi shufaʻaaaʹ? Q̣ul ʹawalaw kaanoo laa- yamlikoona shayʹañw walaa yaʻq̣iloon?

එසේ නැතහොත් ඔවුහු අල්ලාහ්ගෙන් තොරව මැදිහත්කරුවන් ගත්තෝ ද? “ඔවුන් කිසිවකට හිමිකම් නො දරමින් බුද්ධිමත් නො වන්නන් ලෙස සිටිය ද (ඔවුන් මැදිහත්කරුවන් ලෙස ගන්නෙහු ද?) “යැයි (නබිවරය!) නුඹ විමසනු.

Verse 39:44

قُلْ لِّلّٰهِ الشَّفَاعَةُ جَمِیْعًا ؕ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ ثُمَّ اِلَیْهِ تُرْجَعُوْنَ ۟

Q̣ul lillaahish Shafaaʻatu jameeʻaa: lahoo mulkus samaawaati wal-ʹarḍ: s̤umma ʹilayhi turjaʻoon.

“සියලු මැදිහත්වීම් අල්ලාහ් සතු ය. අහස් හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතු ය. පසුව නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතය”. යැයි (නබිවරය!) නුඹ පවසනු.

Verse 39:45

وَاِذَا ذُكِرَ اللّٰهُ وَحْدَهُ اشْمَاَزَّتْ قُلُوْبُ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ ۚ وَاِذَا ذُكِرَ الَّذِیْنَ مِنْ دُوْنِهٖۤ اِذَا هُمْ یَسْتَبْشِرُوْنَ ۟

Wa-ʹiẓaa ẓukiral laahu Waḥdahush maʹazzat q̣uloobul laẓeena laa- yuʹminoona bil-ʹAakhirah; wa-ʹiẓaa ẓukiral laẓeena miñ dooniheee ʹiẓaa hum yastabshiroon!

තවද අල්ලාහ් පමණක් මෙනෙහි කරනු ලැබූ විට මතු ලොව විශ්වාස නො කරන්නන්ගේ හදවත් හැකිලී යයි. ඔහුගෙන් තොරවූවන් මෙනෙහි කරනු ලබන විට, එවිට ඔවුහු සතුටු වෙති.

Verse 39:46

قُلِ اللّٰهُمَّ فَاطِرَ السَّمٰوٰتِ وَالْاَرْضِ عٰلِمَ الْغَیْبِ وَالشَّهَادَةِ اَنْتَ تَحْكُمُ بَیْنَ عِبَادِكَ فِیْ مَا كَانُوْا فِیْهِ یَخْتَلِفُوْنَ ۟

Q̣ulil laahumma Faaṭiras samaawaati wal-ʹarḍi ʻAalimal g̣aybi washshahaadati ʹAñta taḥkumu bayna ʻibaadika Fee maa- kaanoo feehi yakhtalifoon.

අදෘශ්‍යමාන දෑ හා පිටතට පෙනෙන දෑ ගැන දන්නා වූ අහස් හා මහපොළොවේ මැවුම්කරුවාණනි! ඔබේ ගැත්තන් කවර විෂයක් තුළ මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ ගැන ඔවුන් අතර තීන්දු දෙනුයේ ඔබ යැයි (නබිවරය!) නුඹ පවසනු.

Verse 39:47

وَلَوْ اَنَّ لِلَّذِیْنَ ظَلَمُوْا مَا فِی الْاَرْضِ جَمِیْعًا وَّمِثْلَهٗ مَعَهٗ لَافْتَدَوْا بِهٖ مِنْ سُوْٓءِ الْعَذَابِ یَوْمَ الْقِیٰمَةِ ؕ وَبَدَا لَهُمْ مِّنَ اللّٰهِ مَا لَمْ یَكُوْنُوْا یَحْتَسِبُوْنَ ۟

Wa-law ʹanna lillaẓeena z̤̣alamoo maa- fil ʹarḍi jameeʻañw wamis̤lahoo maʻahoo laftadaw bihee miñ soooʹil ʻaẓaabi Yawmal Q̣iyaamah: wa-badaa lahum minal laahi maa- lam yakoonoo yaḥtasiboon!

තවද අපරාධ කළවුනට මහපොළොවේ ඇති සියල්ල ද ඒ සමඟ ම ඒ හා සමානව තවත් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවයෙන් මිදීම සඳහා වන්දි වශයෙන් එය දෙනු ඇත. ඔවුන් අපේක්ෂා නො කරමින් සිටි දෑ අල්ලාහ්ගෙන් ඔවුනට හෙළිවනු ඇත.

Verse 39:48

وَبَدَا لَهُمْ سَیِّاٰتُ مَا كَسَبُوْا وَحَاقَ بِهِمْ مَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟

Wa-badaa lahum sayyiʹaatu maa- kasaboo waḥaaq̣a bihim maa kaanoo bihee yastahziʹoon!

තවද ඔවුන් උපයා ගත් දෑහි නපුරුකම් ඔවුනට හෙළිවනු ඇත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳව සරදම් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගනු ඇත.

Verse 39:49

فَاِذَا مَسَّ الْاِنْسَانَ ضُرٌّ دَعَانَا ؗ ثُمَّ اِذَا خَوَّلْنٰهُ نِعْمَةً مِّنَّا ۙ قَالَ اِنَّمَاۤ اُوْتِیْتُهٗ عَلٰی عِلْمٍ ؕ بَلْ هِیَ فِتْنَةٌ وَّلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟

Faʹiẓaa massal ʹiñsaana ḍurruñ daʻaanaa: s̤umma ʹiẓaa khawwalnaahu niʻmatam minnaa q̣aala ʹinnamaaa ʹooteetuhoo ʻalaa ʻilm! Bal hiya fitnatuñw walaakinna ʹaks̤arahum laa- yaʻlamoon!

මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු අපට කන්නලව් කරයි. පසුව අපගෙන් වූ දයාවක් අපි ඔහුට පිරිනැමූ විට, “නියත වශයෙන් ම එය මට දෙනු ලැබුවේ (මාගේ) දැනුම අනුවය” යැයි පවසයි. නැත, එය පරීක්ෂණයකි. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.

Verse 39:50

قَدْ قَالَهَا الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَمَاۤ اَغْنٰی عَنْهُمْ مَّا كَانُوْا یَكْسِبُوْنَ ۟

Q̣ad q̣aalahal laẓeena miñ q̣ablihim famaaa ʹag̣naa ʻanhum maa kaanoo yaksiboon.

සැබැවින් ම ඔවුනට පෙර සිටි අය ද එය පැවසුවෝ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නො වීය.

Verse 39:51

فَاَصَابَهُمْ سَیِّاٰتُ مَا كَسَبُوْا ؕ وَالَّذِیْنَ ظَلَمُوْا مِنْ هٰۤؤُلَآءِ سَیُصِیْبُهُمْ سَیِّاٰتُ مَا كَسَبُوْا ۙ وَمَا هُمْ بِمُعْجِزِیْنَ ۟

Faʹaṣaabahum sayyiʹaatu maa- kasaboo. Wallaẓeena z̤̣alamoo min haaaʹulaaaʹi sayuṣeebuhum sayyiʹaatu maa- kasaboo wa-maa hum̃ bimuʻjizeen!

එහෙයින් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාකය ඔවුන්ව හසුකර ගත්තේ ය. ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාක ඔවුන්ව මතු හසුකරනු ඇත. තවද ඔවුහු (සත්‍යය) පරාජයට පත් කරන්නන් නො වෙති.

Verse 39:52

اَوَلَمْ یَعْلَمُوْۤا اَنَّ اللّٰهَ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ ؕ اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟۠

ʹAwalam yaʻlamooo ʹannal laaha yabsuṭur rizq̣a limañy yashaaaʹu wa-yaq̣dir? ʹInna fee ẓaalika laʹAayaatil liq̣awmiñy yuʹminoon!

නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් එමෙන් ම ඔහු එය සීමා කර දෙන බවත් ඔවුහු නො දන්නෝ ද? නියත වශයෙන් ම විශ්වාස කරන ජනයාට එහි සාධක ඇත.

Verse 39:53

قُلْ یٰعِبَادِیَ الَّذِیْنَ اَسْرَفُوْا عَلٰۤی اَنْفُسِهِمْ لَا تَقْنَطُوْا مِنْ رَّحْمَةِ اللّٰهِ ؕ اِنَّ اللّٰهَ یَغْفِرُ الذُّنُوْبَ جَمِیْعًا ؕ اِنَّهٗ هُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟

Q̣ul yaaʻIbaadiyal laẓeena ʹasrafoo ʻalaaa ʹañfusihim laa- taq̣naṭoo mir Raḥmatil laah: ʹinnal laaha yag̣firuẓ ẓunooba jameeʻaa. ʹInnahoo Huwal G̣afoorur Raḥeem.

අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නො වනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.

Verse 39:54

وَاَنِیْبُوْۤا اِلٰی رَبِّكُمْ وَاَسْلِمُوْا لَهٗ مِنْ قَبْلِ اَنْ یَّاْتِیَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنْصَرُوْنَ ۟

Wa-ʹaneebooo ʹilaa Rabbikum wa-ʹaslimoo lahoo miñ q̣abli ʹañy yaʹtiyakumul ʻAẓaabu s̤umma laa- tuñṣaroon.

තවද දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත නැඹුරු වනු. තවද ඔහුට යටහත් වනු. පසුව නුඹලා උදව් කරනු නො ලබන්නෙහු ය.

Verse 39:55

وَاتَّبِعُوْۤا اَحْسَنَ مَاۤ اُنْزِلَ اِلَیْكُمْ مِّنْ رَّبِّكُمْ مِّنْ قَبْلِ اَنْ یَّاْتِیَكُمُ الْعَذَابُ بَغْتَةً وَّاَنْتُمْ لَا تَشْعُرُوْنَ ۟ۙ

Wattabiʻooo ʹaḥsana maaa ʹuñzila ʹilaykum mir Rabbikum miñ q̣abli ʹañy yaʹtiyakumul ʻaẓaabu bag̣tatañw waʹañtum laa- tashʻuroon!―

තවද නුඹලා නො හඟමින් සිටිය දී අනපේක්ෂිතව නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිති විසින් නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.

Verse 39:56

اَنْ تَقُوْلَ نَفْسٌ یّٰحَسْرَتٰی عَلٰی مَا فَرَّطْتُ فِیْ جَنْۢبِ اللّٰهِ وَاِنْ كُنْتُ لَمِنَ السّٰخِرِیْنَ ۟ۙ

ʹAñ taq̣oola nafsuñy yaaḥasrataa ʻalaa maa- farraṭtu fee jambil laahi wa-ʹiñ kuñtu laminas saakhireen!

අල්ලාහ් සම්බන්ධයෙන් (මා ඉටු කළ යුතු වගකීම්) නො සලකා හැරීම හේතුවෙන් මට විනාශයයි. තවද නියත වශයෙන් ම මම සමච්චල් කරන්නන් අතරින් වූයෙමි යැයි කිසිදු ආත්මයක් පවසා සිටීමට පෙර ද,

Verse 39:57

اَوْ تَقُوْلَ لَوْ اَنَّ اللّٰهَ هَدٰىنِیْ لَكُنْتُ مِنَ الْمُتَّقِیْنَ ۟ۙ

ʹAw taq̣oola law ʹannal laaha hadaanee lakuñtu minal Muttaq̣een!

එසේ නැතහොත් නියත වශයෙන් ම අල්ලාහ් මට මග පෙන්වූයේ නම් මම බිය බැතිමතුන් අතරින් වන්නට තිබුණි යැයි පවසා සිටීමට පෙර ද,

Verse 39:58

اَوْ تَقُوْلَ حِیْنَ تَرَی الْعَذَابَ لَوْ اَنَّ لِیْ كَرَّةً فَاَكُوْنَ مِنَ الْمُحْسِنِیْنَ ۟

ʹAw taq̣oola ḥeena taral ʻaẓaaba law ʹanna lee karratañ faʹakoona minal Muḥsineen!

එසේ නැතහොත් දඬුවම දකින විට “මට තවත් වාරයක් වී නම් මම දැහැමියන් අතරින් වෙමි” යැයි පවසා සිටීමට පෙර ද (නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.)

Verse 39:59

بَلٰی قَدْ جَآءَتْكَ اٰیٰتِیْ فَكَذَّبْتَ بِهَا وَاسْتَكْبَرْتَ وَكُنْتَ مِنَ الْكٰفِرِیْنَ ۟

Balaa q̣ad jaaaʹatka ʹAayaatee fakaẓẓabta bihaa wastakbarta wa-kuñta minal kaafireen.

“එසේ නො ව, සැබැවින් ම මාගේ වදන් නුඹ වෙත පැමිණියේ ය. එවිට නුඹ ඒවා බොරු කළෙහි ය. තවද නුඹ උඩඟු වූයෙහි ය. තවද නුඹ ප්‍රතික්ෂේප කරන්නන් අතරින් වූයෙහි ය.”

Verse 39:60

وَیَوْمَ الْقِیٰمَةِ تَرَی الَّذِیْنَ كَذَبُوْا عَلَی اللّٰهِ وُجُوْهُهُمْ مُّسْوَدَّةٌ ؕ اَلَیْسَ فِیْ جَهَنَّمَ مَثْوًی لِّلْمُتَكَبِّرِیْنَ ۟

Wa-Yawmal Q̣iyaamati taral laẓeena kaẓaboo ʻalal laahi wujoohuhum muswaddah: ʹalaysa fee Jahannama mas̤wal lilmutakabbireen?

තවද අල්ලාහ් කෙරෙහි බොරු පැවසූවන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබීම ඔබ දකිනු ඇත. උඩඟු වූවන්ට නිරයේ නවාතැනක් නො වේ ද?

Verse 39:61

وَیُنَجِّی اللّٰهُ الَّذِیْنَ اتَّقَوْا بِمَفَازَتِهِمْ ؗ لَا یَمَسُّهُمُ السُّوْٓءُ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟

Wa-yunajjil laahul laẓeenat taq̣aw Bimafaazatihim laa- yamassuhumus soooʹu wa-laa hum yaḥzanoon.

තවද බිය බැතිමත් වූවන් ඔවුන්ගේ ජයග්‍රහණයන් හේතුවෙන් අල්ලාහ් ඔවුන් මුදවා ගනු ඇත. නපුර ඔවුන් ස්පර්ෂ නො කරනු ඇත. එමෙන් ම ඔවුහු දුකට පත් නො වෙති.

Verse 39:62

اَللّٰهُ خَالِقُ كُلِّ شَیْءٍ ؗ وَّهُوَ عَلٰی كُلِّ شَیْءٍ وَّكِیْلٌ ۟

ʹAllaahu khaaliq̣u kulli shayʹ: wa-Huwa ʻalaa kulli shayʹiñw Wakeel.

අල්ලාහ් සියලු දෑහි මැවුම්කරු ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරු ය.

Verse 39:63

لَهٗ مَقَالِیْدُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ وَالَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِ اللّٰهِ اُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟۠

Lahoo maq̣aaleedus samaawaati wal-ʹarḍ: wallaẓeena kafaroo biʹAayaatil laahi ʹulaaaʹika humul khaasiroon.

අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතු ය. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළ ඔවුහු මය පරාජිතයෝ.

Verse 39:64

قُلْ اَفَغَیْرَ اللّٰهِ تَاْمُرُوْٓنِّیْۤ اَعْبُدُ اَیُّهَا الْجٰهِلُوْنَ ۟

Q̣ul ʹafag̣ayral laahi taʹmurooonneee ʹaʻbudu ʹayyuhal jaahiloon?

“අහෝ අඥාන ජනයිනි! අල්ලාහ් නො වන දෑට මා ගැතිකම් කළ යුතු යැයි නුඹලා මට අණ කරන්නෙහු දැ?” යි (නබිවරය!) නුඹ විමසනු.

Verse 39:65

وَلَقَدْ اُوْحِیَ اِلَیْكَ وَاِلَی الَّذِیْنَ مِنْ قَبْلِكَ ۚ لَىِٕنْ اَشْرَكْتَ لَیَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُوْنَنَّ مِنَ الْخٰسِرِیْنَ ۟

Wa-laq̣ad ʹooḥiya ʹilayka wa-ʹilal laẓeena miñ q̣ablik: laʹin ʹashrakta layaḥbaṭanna ʻamaluka wa-latakoonanna minal khaasireen.

“නුඹ ආදේශ කළෙහි නම් නුඹගේ ක්‍රියා සැබැවින් ම නිෂ්ඵල වී යනු ඇත. තවද නුඹ පරාජිතයින් අතරින් වනු ඇතැ”යි නුඹ වෙත හා නුඹට පෙර විසූවන් වෙත දේව පණිවිඩ එවනු ලැබී ය.

Verse 39:66

بَلِ اللّٰهَ فَاعْبُدْ وَكُنْ مِّنَ الشّٰكِرِیْنَ ۟

Balil laaha faʻbud wa-kum minash shaakireen.

එසේ ය. නුඹ අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද නුඹ ගුණගරුක අය අතරින් වනු.

Verse 39:67

وَمَا قَدَرُوا اللّٰهَ حَقَّ قَدْرِهٖ ۖۗ وَالْاَرْضُ جَمِیْعًا قَبْضَتُهٗ یَوْمَ الْقِیٰمَةِ وَالسَّمٰوٰتُ مَطْوِیّٰتٌ بِیَمِیْنِهٖ ؕ سُبْحٰنَهٗ وَتَعٰلٰی عَمَّا یُشْرِكُوْنَ ۟

Wa-maa q̣adarul laaha ḥaq̣q̣a q̣adrihee wal-ʹarḍu jameeʻañ q̣abḍatuhoo Yawmal Q̣iyaamati wassamaawaatu maṭwiyyaatum biyameenih: Subḥaanahoo wa-Taʻaalaa ʻammaa yushrikoon!

තවද අල්ලාහ්ව නියම අයුරින් මහිමයට පත් කළ යුතු ආකාරයට ඔවුහු ඔහුව මහිමයට පත් නො කළෝ ය. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින් ම ඔහුගේ ග්‍රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය; සුවිශුද්ධ ය.

Verse 39:68

وَنُفِخَ فِی الصُّوْرِ فَصَعِقَ مَنْ فِی السَّمٰوٰتِ وَمَنْ فِی الْاَرْضِ اِلَّا مَنْ شَآءَ اللّٰهُ ؕ ثُمَّ نُفِخَ فِیْهِ اُخْرٰی فَاِذَا هُمْ قِیَامٌ یَّنْظُرُوْنَ ۟

Wa-nufikha fiṣ Ṣoori faṣaʻiq̣a mañ fis samaawaati wa-mañ fil ʹarḍi ʹillaa mañ shaaaʹal laah. S̤umma nufikha feehi ʹukhraa faʹiẓaa hum q̣iyaamuñy yañz̤̣uroon!

සූර් (නම් හොරණෑවෙ)හි පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි ඇති අය හා මහපොළොවෙහි ඇති අය මරණයට පත් වෙති. පසුව එහි තවත් වාරයක් පිඹිනු ලැබේ. එවිට ඔවුහු නැගිට සිටිමින් අවධානයෙන් බලා සිටිති.

Verse 39:69

وَاَشْرَقَتِ الْاَرْضُ بِنُوْرِ رَبِّهَا وَوُضِعَ الْكِتٰبُ وَجِایْٓءَ بِالنَّبِیّٖنَ وَالشُّهَدَآءِ وَقُضِیَ بَیْنَهُمْ بِالْحَقِّ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟

Wa-ʹashraq̣atil ʹarḍu binoori Rabbihaa wa-wuḍiʻal Kitaabu wa-jeeeʹa bin-nabiyyeena washshuhadaaaʹi wa-q̣uḍiya baynahum̃ bilḥaq̣q̣i wa-hum laa- yuz̤̣lamoon.

තවද මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්‍යයෙන් යුතුව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නො ලැබේ.

Verse 39:70

وَوُفِّیَتْ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُوَ اَعْلَمُ بِمَا یَفْعَلُوْنَ ۟۠

Wa-wuffiyat kullu nafsim maa ʻamilat wa-Huwa ʹaʻlamu bimaa yafʻaloon.

තවද සෑම ආත්මයක් ම ඒවා සිදු කළ දෑට පූර්ණව (ප්‍රතිඵල) දෙනු ලබයි. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳව ඔහු මැනවින් දන්නා ය.

Verse 39:71

وَسِیْقَ الَّذِیْنَ كَفَرُوْۤا اِلٰی جَهَنَّمَ زُمَرًا ؕ حَتّٰۤی اِذَا جَآءُوْهَا فُتِحَتْ اَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَاۤ اَلَمْ یَاْتِكُمْ رُسُلٌ مِّنْكُمْ یَتْلُوْنَ عَلَیْكُمْ اٰیٰتِ رَبِّكُمْ وَیُنْذِرُوْنَكُمْ لِقَآءَ یَوْمِكُمْ هٰذَا ؕ قَالُوْا بَلٰی وَلٰكِنْ حَقَّتْ كَلِمَةُ الْعَذَابِ عَلَی الْكٰفِرِیْنَ ۟

Wa-seeq̣al laẓeena kafarooo ʹilaa Jahannama zumaraa: Ḥattaaa ʹiẓaa jaaaʹoohaa futiḥat ʹabwaabuhaa wa-q̣aala lahum khazanatuhaaa ʹalam yaʹtikum rusulum miñkum yatloona ʻalaykum ʹAayaati Rabbikum wa-yuñẓiroonakum Liq̣aaaʹa Yawmikum haaẓaa? Q̣aaloo balaa wa-laakin ḥaq̣q̣at Kalimatul ʻAẓaabi ʻalal kaafireen!

තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. නුඹලාගේ පරමාධිපතිගේ වදන් පාරායනය කරන ධර්ම දූතවරුන් නුඹලා අතරින් නුඹලා වෙත නො පැමිණියේ ද? තවද නුඹලාගේ මෙම දිනයේ හමුව පිළිබඳ නුඹලාට අවවාද නො කළේ දැ? යි එහි භාරකරුවන් ඔවුන්ගෙන් විමසනු ඇත. එසේය, යැයි ඔවුහු පවසති. එනමුත් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට දඬුවමේ ප්‍රකාශය නියම විය.

Verse 39:72

قِیْلَ ادْخُلُوْۤا اَبْوَابَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا ۚ فَبِئْسَ مَثْوَی الْمُتَكَبِّرِیْنَ ۟

Q̣eelad khulooo ʹabwaaba Jahannama khaalideena feehaa: fabiʹsa mas̤wal mutakabbireen!

නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටුවලින් ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය යැයි කියනු ලැබේ.

Verse 39:73

وَسِیْقَ الَّذِیْنَ اتَّقَوْا رَبَّهُمْ اِلَی الْجَنَّةِ زُمَرًا ؕ حَتّٰۤی اِذَا جَآءُوْهَا وَفُتِحَتْ اَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلٰمٌ عَلَیْكُمْ طِبْتُمْ فَادْخُلُوْهَا خٰلِدِیْنَ ۟

Wa-seeq̣al laẓeenat taq̣aw Rabbahum ʹilal Jannati zumaraa: ḥattaaa ʹiẓaa jaaaʹooha wa-futiḥat ʹabwaabuhaa wa-q̣aala lahum khazanatuhaa ʻʻSalaamun ʻalaykum ṭibtum fadkhuloohaa khaalideen.ʹʹ

තවද තම පරමාධිපතිට බිය බැතිමත් වූවන් ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. “නුඹලාට සලාම් (ශාන්තියයි.) නුඹලාගේ කටයුතු යහපත් වී ඇත. එහෙයින් සදාතනිකයින් ලෙසින් එහි නුඹලා පිවිසෙනු.” යැයි එහි භාරකරුවන් ඔවුනට පවසනු ඇත.

Verse 39:74

وَقَالُوا الْحَمْدُ لِلّٰهِ الَّذِیْ صَدَقَنَا وَعْدَهٗ وَاَوْرَثَنَا الْاَرْضَ نَتَبَوَّاُ مِنَ الْجَنَّةِ حَیْثُ نَشَآءُ ۚ فَنِعْمَ اَجْرُ الْعٰمِلِیْنَ ۟

Wa-q̣aalul Ḥamdulillaahil laẓee ṣadaq̣anaa Waʻdahoo wa-ʹawras̤anal ʹarḍa natabaw waʹu minal Jannati ḥays̤u Nashaaaʹ: Faniʻma ʹajrul ʻaamileen!

තවද “තම පොරොන්දුව අපට සැබෑ කළ, තවද මහපොළොව අපට උරුමකර දුන් අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා. අපි කැමති පරිදි ස්වර්ගයේ වාසය කරන්නෙමු” යැයි ඔවුන් පවසනු ඇත. එහෙයින් ක්‍රියාකාරීන්ගේ ප්‍රතිඵල යහපත් විය.

Verse 39:75

وَتَرَی الْمَلٰٓىِٕكَةَ حَآفِّیْنَ مِنْ حَوْلِ الْعَرْشِ یُسَبِّحُوْنَ بِحَمْدِ رَبِّهِمْ ۚ وَقُضِیَ بَیْنَهُمْ بِالْحَقِّ وَقِیْلَ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟۠

Wa-taral malaaaʹikata ḥaaaffeena Min ḥawlil ʻArshi yusabbiḥoona bi-Ḥamdi Rabbihim. Wa-q̣uḍiya baynahum̃ bilḥaq̣q̣i wa-q̣eelal Ḥamdu lillaahi Rabbil ʻAalameen!

තවද අර්ෂ් අවට පිරිවරාගෙන තම පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරමින් සිටින මලක්වරුන් ඔබ දකිනු ඇත. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. සකල ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි පවසනු ලැබේ.