Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah Al-Qasas

Surah Al-Qasas (The Stories) is Surah 28 of the Holy Quran, a Meccan Surah with 88 verses, available here in Sinhalese.

Surah 28 Meccan 88 verses Sinhalese

Verse 28:1

طٰسٓمّٓ ۟

Ṭaa-seeen-Meeem.

තා, සීන්, මීම්.

Verse 28:2

تِلْكَ اٰیٰتُ الْكِتٰبِ الْمُبِیْنِ ۟

Tilka ʹAayaatul Kitaabil mubeen.

ඒවා පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන් වෙති.

Verse 28:3

نَتْلُوْا عَلَیْكَ مِنْ نَّبَاِ مُوْسٰی وَفِرْعَوْنَ بِالْحَقِّ لِقَوْمٍ یُّؤْمِنُوْنَ ۟

Natloo ʻalayka min nabaʹi Moosaa wa-Firʻawna bil-Ḥaq̣q̣i liq̣awmiñy yuʹminoon.

දේවත්වය විශ්වාස කරන ජනයා සඳහා මූසාගේ හා ෆිර්අවුන්ගේ පුවත සැබෑ ලෙසින් අපි ඔබ වෙත කියවා පෙන්වමු.

Verse 28:4

اِنَّ فِرْعَوْنَ عَلَا فِی الْاَرْضِ وَجَعَلَ اَهْلَهَا شِیَعًا یَّسْتَضْعِفُ طَآىِٕفَةً مِّنْهُمْ یُذَبِّحُ اَبْنَآءَهُمْ وَیَسْتَحْیٖ نِسَآءَهُمْ ؕ اِنَّهٗ كَانَ مِنَ الْمُفْسِدِیْنَ ۟

ʹInna firʻawna ʻalaa fil ʹarḍi wa-jaʻala ʹahlahaa shiyaʻañy yastaḍʻifu ṭaaaʹifatam minhum yuẓabbiḥu ʹabnaaaʹahum wa-yastaḥyee nisaaaʹahum: ʹinnahoo kaana minal mufsideen.

නියත වශයෙන් ම ෆිර්අවුන් මහපොළොවේ අබිබවා ගියේ ය. තවද ඔහු එහි වැසියන් කණ්ඩායම්වලට බෙදා ඔවුන් අතරින් පිරිසක් දුර්වල කොට ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් ජීවත් කරවී ය. නියත වශයෙන් ම ඔහු කලහකාරීන් අතරින් කෙනෙකු විය.

Verse 28:5

وَنُرِیْدُ اَنْ نَّمُنَّ عَلَی الَّذِیْنَ اسْتُضْعِفُوْا فِی الْاَرْضِ وَنَجْعَلَهُمْ اَىِٕمَّةً وَّنَجْعَلَهُمُ الْوٰرِثِیْنَ ۟ۙ

Wa-nureedu ʹan namunna ʻalal laẓeenas tuḍʻifoo fil ʹarḍi wa-najʻalahum ʹaʹimmatañw Wanajʻalahumul waaris̤een,

තවද මහපොළොවේ දුර්වලයින් බවට පත් කරනු ලැබූවන්හට උපකාර කිරීමටත් ඔවුන් නායකයින් බවට පත් කිරීමටත් ඔවුන් උරුමක්කරුවන් බවට පත් කිරීමටත් අපි අපේක්ෂා කළෙමු.

Verse 28:6

وَنُمَكِّنَ لَهُمْ فِی الْاَرْضِ وَنُرِیَ فِرْعَوْنَ وَهَامٰنَ وَجُنُوْدَهُمَا مِنْهُمْ مَّا كَانُوْا یَحْذَرُوْنَ ۟

Wa-numakkina lahum fil ʹarḍi wa-nuriya Firʻawna wa-Haamaana wa-junoodahumaa minhum maa kaanoo yaḥẓaroon.

තවද ඔවුනට අපි මහපොළොවේ පහසුකම් සලසා දීමටත් ෆිර්අවුන් හා හාමාන්ට ද, ඔවුන් දෙදෙනාගේ සේනාවන්ට ද, ඔවුන් අතරින් කවර දෙයක් පිළිබඳ ඔවුන් ප්‍රවේශමෙන් කටයුතු කළේ ද එය ඔවුනට අප පෙන්වීමටත් (අපි අපේක්ෂා කළෙමු).

Verse 28:7

وَاَوْحَیْنَاۤ اِلٰۤی اُمِّ مُوْسٰۤی اَنْ اَرْضِعِیْهِ ۚ فَاِذَا خِفْتِ عَلَیْهِ فَاَلْقِیْهِ فِی الْیَمِّ وَلَا تَخَافِیْ وَلَا تَحْزَنِیْ ۚ اِنَّا رَآدُّوْهُ اِلَیْكِ وَجَاعِلُوْهُ مِنَ الْمُرْسَلِیْنَ ۟

Wa-ʹawḥaynaaa ʹilaaa ʹummi Moosaaa ʹan ʹarḍiʻeeh: faʹiẓaa khifti ʻalayhi faʹalq̣eehi fil yammi wa-laa takhaafee walaa taḥzanee: ʹinnaa raaaddoohu ʹilayki wa-jaaʻiloohu milnal mursaleen.

තවද ඔහුට කිරි දෙන මෙන් මූසාගේ මවට දේව පණිවිඩ දන්වා සිටියෙමු. ඔබ ඔහු කෙරෙහි බිය වූ විට ඔහුව ගඟට දමනු. තවද ඔබ බිය නො වනු. ඔබ දුක් ද නො වනු. නියත වශයෙන් ම අපි ඔබ වෙත ඔහු නැවත ලබා දෙන්නන් වෙමු. එමෙන් ම අපි ඔහු ධර්ම දූතයින් අතරින් කෙනෙකු බවට පත් කරන්නෝ වෙමු.

Verse 28:8

فَالْتَقَطَهٗۤ اٰلُ فِرْعَوْنَ لِیَكُوْنَ لَهُمْ عَدُوًّا وَّحَزَنًا ؕ اِنَّ فِرْعَوْنَ وَهَامٰنَ وَجُنُوْدَهُمَا كَانُوْا خٰطِـِٕیْنَ ۟

Faltaq̣aṭahooo ʹaalu Firʻawna liyakoona lahum ʻaduwwañw Waḥazanaa: ʹInna Firʻawna wa-Haamaana wa-junooda-humaa kaanoo khaaṭiʹeen.

ෆිර්අවුන්ගේ නිවැසියෝ ඔහුව අරගත්හ. ඔහු ඔවුනට සතුරෙකු හා දුකට හේතුවක් බවට පත් වනු පිණිස ය. නියත වශයෙන් ම ෆිර්අවුන් ද හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සේනාවන් ද වැරදි කරන්නන් වූවෝ ය.

Verse 28:9

وَقَالَتِ امْرَاَتُ فِرْعَوْنَ قُرَّتُ عَیْنٍ لِّیْ وَلَكَ ؕ لَا تَقْتُلُوْهُ ۖۗ عَسٰۤی اَنْ یَّنْفَعَنَاۤ اَوْ نَتَّخِذَهٗ وَلَدًا وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟

Wa-q̣aalatim raʹatu Firʻawna q̣urratu ʻaynil lee wa-lak: laa- taq̣tuloohu ʻasaaa ʹañy yañfaʻanaaa ʹaw nattakhiẓahoo waladañw wahum laa- yashʻuroon!

තවද මට හා ඔබට නෙතට සිසිලකි. නුඹලා ඔහු මරා නො දමනු. ඔහු අපට ප්‍රයෝජනවත් විය හැකි ය. එසේ නැතහොත් ඔහු දරුවකු සේ (හදාවඩා) ගත හැකැයි ෆිර්අවුන්ගේ බිරිය පැවසුවා ය. තවද (සිදු වන්නට යන දෑ) ඔවුන් වටහා ගත්තේ නැත.

Verse 28:10

وَاَصْبَحَ فُؤَادُ اُمِّ مُوْسٰی فٰرِغًا ؕ اِنْ كَادَتْ لَتُبْدِیْ بِهٖ لَوْلَاۤ اَنْ رَّبَطْنَا عَلٰی قَلْبِهَا لِتَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟

Wa-ʹaṣbaḥa fuʹaadu ʹummi Moosaa faarig̣aa: ʹiñ kaadat latubdee bihee law laaa ʹarrabaṭnaa ʻalaa q̣albihaa litakoona minal Muʹmineen.

තවද මූසාගේ මවගේ හදවත හිස් විය. ඇය දේවත්වය විශ්වාස කරන්නියන් අතරින් කෙනකු වනු පිණිස ඇයගේ හදවත අපි ශක්තිමත් නො කළෙමු නම් ඇය ඔහු ගැන හෙළි කරන්නට තිබුණි.

Verse 28:11

وَقَالَتْ لِاُخْتِهٖ قُصِّیْهِ ؗ فَبَصُرَتْ بِهٖ عَنْ جُنُبٍ وَّهُمْ لَا یَشْعُرُوْنَ ۟ۙ

Wa-q̣aalat liʹukhtihee q̣uṣṣeeh. Fabaṣurat bihee ʻañ junubiñw wahum laa- yashʻuroon.

තවද ඔහු පසුපසින් යනු යැයි ඇය ඔහුගේ සහෝදරියට පැවසුවා ය. එවිට ඔවුන් නොදැනුවත්ව සිටිය දී (ඔවුන්) අසලින් ම සිට ඔහු පිළිබඳ ඇය විපරම් කළා ය.

Verse 28:12

وَحَرَّمْنَا عَلَیْهِ الْمَرَاضِعَ مِنْ قَبْلُ فَقَالَتْ هَلْ اَدُلُّكُمْ عَلٰۤی اَهْلِ بَیْتٍ یَّكْفُلُوْنَهٗ لَكُمْ وَهُمْ لَهٗ نٰصِحُوْنَ ۟

wa-ḥarramnaa ʻalayhil maraaḍiʻa miñ q̣ablu faq̣aalat hal ʹadullukum ʻalaaa ʹahli baytiñy yakfuloonahoo lakum wa-hum lahoo naaṣiḥoon?...

තවද අපි (මවට භාරදීමට) පෙර කිරි දෙන මව්වරුන් ඔහු වෙත තහනම් කළෙමු. එවිට, ඔහු භාරගන්නා නිවැසියන් පිළිබඳව මම නුඹලාට දන්වන්නෙම් ද? ඔවුහු ඔහුට සෙත සලසන්නෝ වෙති යැයි ඇය පැවසුවා ය.

Verse 28:13

فَرَدَدْنٰهُ اِلٰۤی اُمِّهٖ كَیْ تَقَرَّ عَیْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ اَنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟۠

Faradadnaahu ʹilaaa ʹummihee kay taq̣arra ʻaynuhaa wa-laa taḥzana wa-litaʻlama ʹanna waʻdal laahi ḥaq̣q̣uñw walaakinna ʹaks̤arahum laa- yaʻlamoon.

(එලෙස) අපි ඔහුව ඔහුගේ මව වෙත ම නැවත භාර දුනිමු. (එබැවින්) ඇයගේ ඇස් පිනා යාමටද ඇය දුක් නො වීමටද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි යැයි ඇය දැන ගැනීමට ද සැලැස්සුවෙමු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.

Verse 28:14

وَلَمَّا بَلَغَ اَشُدَّهٗ وَاسْتَوٰۤی اٰتَیْنٰهُ حُكْمًا وَّعِلْمًا ؕ وَكَذٰلِكَ نَجْزِی الْمُحْسِنِیْنَ ۟

Wa-lammaa balag̣a ʹashuddahoo wastawaaa ʹaataynaahu ḥukmañw waʻilmaa: wa-kaẓaalika najzil Muḥsineen.

තවද ඔහු ඔහුගේ වැඩිවියට ළඟා වී පරිනතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද එලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

Verse 28:15

وَدَخَلَ الْمَدِیْنَةَ عَلٰی حِیْنِ غَفْلَةٍ مِّنْ اَهْلِهَا فَوَجَدَ فِیْهَا رَجُلَیْنِ یَقْتَتِلٰنِ ؗۗ هٰذَا مِنْ شِیْعَتِهٖ وَهٰذَا مِنْ عَدُوِّهٖ ۚ فَاسْتَغَاثَهُ الَّذِیْ مِنْ شِیْعَتِهٖ عَلَی الَّذِیْ مِنْ عَدُوِّهٖ ۙ فَوَكَزَهٗ مُوْسٰی فَقَضٰی عَلَیْهِ ؗۗ قَالَ هٰذَا مِنْ عَمَلِ الشَّیْطٰنِ ؕ اِنَّهٗ عَدُوٌّ مُّضِلٌّ مُّبِیْنٌ ۟

Wa-dakhalal Madeenata ʻalaa ḥeeni g̣aflatim min ʹahlihaa fawajada feeha rajulayni yaq̣tatilaani haaẓaa miñ sheeʻatihee wa-haaẓaa min ʻaduwwih. Fastag̣aas̤ahul laẓee miñ sheeʻatihee ʻalal laẓee min ʻaduwwihee fawakazahoo Moosaa faq̣aḍaa ʻalayh. Q̣aala haaẓaa min ʻamalish shayṭaan: ʹinnahoo ʻaduwwum muḍillum mubeen!

තවද එහි වැසියන් නො සැලකිල්ලෙන් සිටි මොහොතක ඔහු නගරයට පිවිසී ය. තම පාර්ශවයෙන් වූ කෙනෙකු හා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු යන ගහ මරා ගන්නා පුද්ගලයින් දෙදෙනෙකු ඔහු දුටුවේ ය. එවිට තම පාර්ශවයේ පුද්ගලයා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු වූ අයට එරෙහිව ඔහුගෙන් උදව් පැතී ය. එවිට ඔහු(මූසා) ඔහුට පහරක් ගැසී ය. එවිට ඔහු මරණයට පත් විය. ‘මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාවකි. නියත වශයෙන් ම ඔහු නො මග යවන පැහැදිලි සතුරකි’ යැයි ඔහු පැවසී ය.

Verse 28:16

قَالَ رَبِّ اِنِّیْ ظَلَمْتُ نَفْسِیْ فَاغْفِرْ لِیْ فَغَفَرَ لَهٗ ؕ اِنَّهٗ هُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟

Q̣aala Rabbi ʹinnee z̤̣alamtu nafsee fag̣fir lee fag̣afara lah: innahoo Huwal G̣afoorur Raḥeem.

මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මම මට ම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මට සමාව දෙනු මැනව! යැයි ඔහු ප්‍රාර්ථනා කළේ ය. එවිට ඔහු ඔහුට සමාව දුන්නේ ය. නියත වශයෙන් ම ඔහු මය මහා කරුණාන්විත අතික්ෂමාශීලී.

Verse 28:17

قَالَ رَبِّ بِمَاۤ اَنْعَمْتَ عَلَیَّ فَلَنْ اَكُوْنَ ظَهِیْرًا لِّلْمُجْرِمِیْنَ ۟

Q̣aala Rabbi bimaaa ʹanʻamta ʻalayya falan ʹakoona z̤̣aheeral lilmujrimeen.

මාගේ පරමාධිපතියාණනි! ඔබ මට ආශිර්වාද කළ දෑ හේතුවෙන් මම කිසිවිටෙක වැරදිකරන්නන්හට උර දෙන්නෙකු නො වෙමි යැයි ඔහු පැවසී ය.

Verse 28:18

فَاَصْبَحَ فِی الْمَدِیْنَةِ خَآىِٕفًا یَّتَرَقَّبُ فَاِذَا الَّذِی اسْتَنْصَرَهٗ بِالْاَمْسِ یَسْتَصْرِخُهٗ ؕ قَالَ لَهٗ مُوْسٰۤی اِنَّكَ لَغَوِیٌّ مُّبِیْنٌ ۟

Faʹaṣbaḥa fil Madeenati khaaaʹifañy yataraq̣q̣abu faʹiẓal laẓis tañṣarahoo bil-ʹamsi yastaṣrikhuh. Q̣aala lahoo Moosaaa ʹinnaka lag̣awiyyum mubeen!

එවිට ඔහු බියට පත්ව (උදෑසන) නගරය තුළ සුපරික්ෂාකාරීව පසු විය. පෙර දින ඔහුගෙන් උදව් පැතූ අයම නැවතත් ඔහුගෙන් උදව් පැතී ය. එවිට නියත වශයෙන් ම ඔබ පැහැදිලි අපරාධකාරයකි යැයි මූසා ඔහුට පැවසී ය.

Verse 28:19

فَلَمَّاۤ اَنْ اَرَادَ اَنْ یَّبْطِشَ بِالَّذِیْ هُوَ عَدُوٌّ لَّهُمَا ۙ قَالَ یٰمُوْسٰۤی اَتُرِیْدُ اَنْ تَقْتُلَنِیْ كَمَا قَتَلْتَ نَفْسًا بِالْاَمْسِ ۖۗ اِنْ تُرِیْدُ اِلَّاۤ اَنْ تَكُوْنَ جَبَّارًا فِی الْاَرْضِ وَمَا تُرِیْدُ اَنْ تَكُوْنَ مِنَ الْمُصْلِحِیْنَ ۟

Falammaaa ʹan ʹaraada ʹañy yabṭisha billaẓee huwa ʻaduwwul lahumaa q̣aala yaa-Moosaaa ʹatureedu ʹañ taq̣tulanee kamaa q̣atalta nafsam bil-ʹams? ʹIñ tureedu ʹillaaa ʹañ takoona jabbaarañ fil ʹarḍi wa-maa tureedu ʹañ takoona minal Muṣliḥeen!

ඔවුන් දෙදෙනාට ම සතුරු වූ අය අල්ලා ගන්නට ඔහු සිතූ කල්හි, අහෝ මූසා! පෙර දින ඔබ කෙනෙකු මරා දැමුවාක් මෙන් ඔබ මා මරා දමන්නට සිතන්නෙහි ද? ඔබ මහපොළොවේ දැඩි පාලකයකු වීමට මිස වෙනකක් ඔබ අපේක්ෂා කරන්නේ නැත. එමෙන් ම ප්‍රතිසංස්කරණය කරන්නන් අතර වීමට ඔබ අපේක්ෂා කරන්නේ ද නැතැයි ඔහු පැවසී ය.

Verse 28:20

وَجَآءَ رَجُلٌ مِّنْ اَقْصَا الْمَدِیْنَةِ یَسْعٰی ؗ قَالَ یٰمُوْسٰۤی اِنَّ الْمَلَاَ یَاْتَمِرُوْنَ بِكَ لِیَقْتُلُوْكَ فَاخْرُجْ اِنِّیْ لَكَ مِنَ النّٰصِحِیْنَ ۟

Wa-jaaaʹa rajulum min ʹaq̣ṣal Madeenati yasʻaa. Q̣aala yaa-Moosaaa ʹinnal malaʹa yaʹ-tamiroona bika liyaq̣tulooka fakhruj ʹinnee laka minan naaṣiḥeen.

තවද නගරයේ ඈත කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් අහෝ මූසා! නියත වශයෙන් ම ප්‍රධානීහු ඔබ මරා දැමීමට ඔබ ගැන සාකච්ඡා කරති. එහෙයින් ඔබ පිටව යනු. නියත වශයෙන් ම මම ඔබට උපදෙස් දෙන්නන් අතරින් කෙනෙකු යැයි ඔහු පැවසී ය.

Verse 28:21

فَخَرَجَ مِنْهَا خَآىِٕفًا یَّتَرَقَّبُ ؗ قَالَ رَبِّ نَجِّنِیْ مِنَ الْقَوْمِ الظّٰلِمِیْنَ ۟۠

Fakharaja minhaa khaaaʹifañy yataraq̣q̣ab: Q̣aala Rabbi najjinee minal q̣awmiz̤̣ z̤̣aalimeen.

එවිට ඔහු බියට පත්ව සුපරීක්ෂාකාරීව ඉන් පිට වී ‘මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව’ යැයි ඔහු පැවසී ය.

Verse 28:22

وَلَمَّا تَوَجَّهَ تِلْقَآءَ مَدْیَنَ قَالَ عَسٰی رَبِّیْۤ اَنْ یَّهْدِیَنِیْ سَوَآءَ السَّبِیْلِ ۟

Wa-lammaa tawajjaha tilq̣aaaʹa Madyana q̣aala ʻasaa Rabbeee ʹañy yahdiyanee sawaaaʹas sabeel.

තවද ඔහු මද්යන් දෙසට මුහුණලා ගිය කල්හි, මාගේ පරමාධිපති මට නිවැරදි මග පෙන්වන්නට පුළුවණැයි ඔහු පැවසී ය.

Verse 28:23

وَلَمَّا وَرَدَ مَآءَ مَدْیَنَ وَجَدَ عَلَیْهِ اُمَّةً مِّنَ النَّاسِ یَسْقُوْنَ ؗ۬ وَوَجَدَ مِنْ دُوْنِهِمُ امْرَاَتَیْنِ تَذُوْدٰنِ ۚ قَالَ مَا خَطْبُكُمَا ؕ قَالَتَا لَا نَسْقِیْ حَتّٰی یُصْدِرَ الرِّعَآءُ ٚ وَاَبُوْنَا شَیْخٌ كَبِیْرٌ ۟

Wa-lammaa warada maaaʹa Madyana wajada ʻalayhi ʹummatam minan naasi yasq̣oona wa-wajada miñ doonihimum raʹatayni taẓoodaan. Q̣aala maa- khaṭbukumaa? Q̣aalataa laa- nasq̣ee ḥattaa yuṣdirar riʻaaaʹu wa-ʹaboonaa shaykhuñ kabeer.

තවද මද්යන්හි ජලාශයක් අසලට ඔහු පැමිණි කල්හි ජනයා අතරින් (තම ගොවිපළ සතුන්ට) ජලය සපයන ප්‍රජාවක් දුටුවේ ය. තවද ඔවුන් හැර (ඉන්) වැළකී සිටින කතුන් දෙදෙනකු ද ඔහු දුටුවේ ය. ඔබ දෙදෙනා අහකට වී සිටින්නේ ඇයි දැ? යි ඔහු විමසී ය. මෙම එඬේරුන් පිටව යන තෙක් අපට ජලය සැපයිය නොහැකි ය. තවද අපගේ පියාණන් ඉතා වයෝවෘද්ධ කෙනෙකි යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝ ය.

Verse 28:24

فَسَقٰی لَهُمَا ثُمَّ تَوَلّٰۤی اِلَی الظِّلِّ فَقَالَ رَبِّ اِنِّیْ لِمَاۤ اَنْزَلْتَ اِلَیَّ مِنْ خَیْرٍ فَقِیْرٌ ۟

Fasaq̣aa lahumaa s̤umma tawallaaa ʹilaz̤̣ z̤̣illi faq̣aala Rabbi ʹinnee limaaa añzalta ʹilayya min khayriñ faq̣eer!..

එවිට ඔවුන් දෙදෙනාහට ඔහු(මූසා) ජලය සපයා පසුව හෙවණ වෙත හැරී ගොස් ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මා වෙත පහළ කළ යහපත කෙරෙහි සැබැවින් ම මම අවශ්‍යතා ඇත්තෙකු වෙමි’ යැයි ඔහු පැවසී ය.

Verse 28:25

فَجَآءَتْهُ اِحْدٰىهُمَا تَمْشِیْ عَلَی اسْتِحْیَآءٍ ؗ قَالَتْ اِنَّ اَبِیْ یَدْعُوْكَ لِیَجْزِیَكَ اَجْرَ مَا سَقَیْتَ لَنَا ؕ فَلَمَّا جَآءَهٗ وَقَصَّ عَلَیْهِ الْقَصَصَ ۙ قَالَ لَا تَخَفْ ۫ۥ نَجَوْتَ مِنَ الْقَوْمِ الظّٰلِمِیْنَ ۟

Fajaaaʹathu ʹiḥdaahumaa tamshee ʻalas tiḥyaaaʹ, Q̣aalat ʹinna ʹabee yadʻooka liyajziyaka ʹajra maa- saq̣ayta lanaa. Falammaa jaaaʹahoo wa-q̣aṣṣa ʻalayhil q̣aṣaṣa q̣aala laa- takhaf: najawta minal q̣awmiz̤̣ z̤̣aalimeen.

ඔවුන් දෙදෙනාගෙන් එකියක ලැජ්ජාවෙන් යුතුව ගමන් කරමින් පැමිණ නියත වශයෙන් ම අප වෙත ඔබ ජලය සැපයූ දෑ සඳහා කුලිය ඔබට පිරිනමනු පිණිස මාගේ පියාණන් ඔබට ආරාධනා කරන්නේ යැයි පැවසුවා ය. එවිට ඔහු ඔහුවෙත පැමිණි කල්හි (තමාගේ) කතාව ඔහු වෙත පැවසී ය. ඔබ බිය නො වනු. අපරාධකාර ජනයාගෙන් ඔබ මිදුණෙහිය යැයි ඔහු පැවසී ය.

Verse 28:26

قَالَتْ اِحْدٰىهُمَا یٰۤاَبَتِ اسْتَاْجِرْهُ ؗ اِنَّ خَیْرَ مَنِ اسْتَاْجَرْتَ الْقَوِیُّ الْاَمِیْنُ ۟

Q̣aalat ʹiḥdaahumaa yaaaʹabatis taʹjirh; ʹinna khayra manis taʹjartal q̣awiyyul ʹameen.

මාගේ පියාණනි! ඔබ මොහු කුලී කරුවකු බවට පත් කර ගනු. ඔබ කුලී කරුවකු බවට පත් කර ගන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ විශ්වාසනීය බලවත් අයකි යැයි ඔවුන් දෙදෙනාගෙන් එකියක පැවසුවා ය.

Verse 28:27

قَالَ اِنِّیْۤ اُرِیْدُ اَنْ اُنْكِحَكَ اِحْدَی ابْنَتَیَّ هٰتَیْنِ عَلٰۤی اَنْ تَاْجُرَنِیْ ثَمٰنِیَ حِجَجٍ ۚ فَاِنْ اَتْمَمْتَ عَشْرًا فَمِنْ عِنْدِكَ ۚ وَمَاۤ اُرِیْدُ اَنْ اَشُقَّ عَلَیْكَ ؕ سَتَجِدُنِیْۤ اِنْ شَآءَ اللّٰهُ مِنَ الصّٰلِحِیْنَ ۟

Q̣aala ʹinneee ʹureedu ʹan ʹuñkiḥaka ʹiḥdab natayya haatayni ʻalaaa ʹañ taʹjuranee s̤amaaniya ḥijaj; faʹin ʹatmamta ʻashrañ famin ʻiñdik. Wa-maaa ʹureedu ʹan ʹashuq̣q̣a ʻalayk: satajiduneee ʹiñ shaaaʹal laahu minaṣ Ṣaaliḥeen.

වසර අටක් මට ඔබ කුලී සේවයේ නිරත වීමේ පදනම යටතේ මේ මාගේ දූවරුන් දෙදෙනාගෙන් එකියක ඔබට විවාහ කර දීමට නියත වශයෙන් ම මම අදහස් කරමි. එහෙත් ඔබ වසර දහයක් සම්පූර්ණ කළෙහි නම් එය (විය යුත්තේ) ඔබේ කැමැත්ත අනුව ය. මම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට ප්‍රිය නො කරමි. අල්ලාහ් අභිමත කළේ නම් දැහැමියන් අතරින් කෙනෙකු ලෙසින් ඔබ මා දකිනු ඇතැයි ඔහු(පියා) පැවසී ය.

Verse 28:28

قَالَ ذٰلِكَ بَیْنِیْ وَبَیْنَكَ ؕ اَیَّمَا الْاَجَلَیْنِ قَضَیْتُ فَلَا عُدْوَانَ عَلَیَّ ؕ وَاللّٰهُ عَلٰی مَا نَقُوْلُ وَكِیْلٌ ۟۠

Q̣aala ẓaalika baynee wa-baynak: ʹayyamal ʹajalayni q̣aḍaytu falaa ʻudwaana ʻalayy. Wallaahu ʻalaa maa- naq̣oolu Wakeel.

එය මා අතර හා ඔබ අතර වූවකි. කාලයන් දෙකින් කවර (කාලය)ක් මා ඉටු කළ ද එවිට මා වෙත කිසිදු විරුද්ධතාවක් නොමැත. තවද අල්ලාහ් අප පවසන දෑ වෙත භාරකරුය යැයි ඔහු පැවසී ය.

Verse 28:29

فَلَمَّا قَضٰی مُوْسَی الْاَجَلَ وَسَارَ بِاَهْلِهٖۤ اٰنَسَ مِنْ جَانِبِ الطُّوْرِ نَارًا ۚ قَالَ لِاَهْلِهِ امْكُثُوْۤا اِنِّیْۤ اٰنَسْتُ نَارًا لَّعَلِّیْۤ اٰتِیْكُمْ مِّنْهَا بِخَبَرٍ اَوْ جَذْوَةٍ مِّنَ النَّارِ لَعَلَّكُمْ تَصْطَلُوْنَ ۟

Falammaa q̣aḍaa Moosal ʹajala wa-saara biʹahliheee ʹaanasa miñ jaanibiṭ Ṭoori naaraa. Q̣aala liʹahlihim kus̤ooo ʹinneee ʹaanastu naaral laʻalleee ʹaateekum minhaa bikhabarin ʹaw jaẓwatim minan naari laʻallakum taṣṭaloon.

මූසා කාලවකවානුව අවසන් කොට තම පවුල සමඟ ගමන් ගත් කල්හි තූර් කන්ඳ අසලින් ගින්නක් දුටුවේ ය. ‘නුඹලා මෙහි රැඳී සිටිනු. නියත වශයෙන් ම මම ගින්නක් දුටිමි. ඉන් යම් තොරතුරක් හෝ නුඹලා උණුසුම ලබනු පිණිස ගිනි පෙනෙල්ලක් හෝ නුඹලා වෙත ගෙන එන්නට මට හැකි වනු ඇත යැයි පැවසී ය.

Verse 28:30

فَلَمَّاۤ اَتٰىهَا نُوْدِیَ مِنْ شَاطِئِ الْوَادِ الْاَیْمَنِ فِی الْبُقْعَةِ الْمُبٰرَكَةِ مِنَ الشَّجَرَةِ اَنْ یّٰمُوْسٰۤی اِنِّیْۤ اَنَا اللّٰهُ رَبُّ الْعٰلَمِیْنَ ۟ۙ

Falammaaa ʹataahaa noodiya miñ shaaṭiʹil waadil ʹaymani fil buq̣ʻatil mubaarakati minash shajarati ʹañy yaa-Moosaaa ʹinneee ʹAnal laahu Rabbul ʻAalameen.

එවිට ඒ වෙත ඔහු පැමිණි කල්හි ආශිර්වාද කරනු ලැබූ භූමියේ දකුණු පස නිම්නය දෙසින් පිහිටි ගසින් ‘අහෝ මූසා! සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් මම වෙමි යැයි අමතනු ලැබී ය.

Verse 28:31

وَاَنْ اَلْقِ عَصَاكَ ؕ فَلَمَّا رَاٰهَا تَهْتَزُّ كَاَنَّهَا جَآنٌّ وَّلّٰی مُدْبِرًا وَّلَمْ یُعَقِّبْ ؕ یٰمُوْسٰۤی اَقْبِلْ وَلَا تَخَفْ ۫ اِنَّكَ مِنَ الْاٰمِنِیْنَ ۟

Wa-ʹan ʹalq̣i ʻaṣaak! Falammaa raʹaahaa tahtazzu kaʹannahaa jaaannuñw wallaa mudbirañw walam yuʻaq̣q̣ib: Yaa-Moosaaa ʹaq̣bil wa-laa takhaf: ʹinnaka minal ʹaamineen.

තවද ඔබ ඔබේ සැරයටිය හෙළනු. එය සර්පයකු මෙන් නලියනු ඔහු දුටු කල්හි පසුපස හැරී ගියේ ය. තවද ඔහු (නැවත) හැරී නො බැලුවේ ය. අහෝ මූසා! ඔබ ඉදිරියට එනු. තවද ඔබ බිය නො වනු. නියත වශයෙන් ම ඔබ ආරක්ෂා කරනු ලැබූවන් අතරිනි. (යැයි පවසනු ලැබී ය.)

Verse 28:32

اُسْلُكْ یَدَكَ فِیْ جَیْبِكَ تَخْرُجْ بَیْضَآءَ مِنْ غَیْرِ سُوْٓءٍ ؗ وَّاضْمُمْ اِلَیْكَ جَنَاحَكَ مِنَ الرَّهْبِ فَذٰنِكَ بُرْهَانٰنِ مِنْ رَّبِّكَ اِلٰی فِرْعَوْنَ وَمَلَاۡىِٕهٖ ؕ اِنَّهُمْ كَانُوْا قَوْمًا فٰسِقِیْنَ ۟

ʹUsluk yadaka fee jaybika takhruj bayḍaaaʹa min g̣ayri soooʹ: waḍmum ʹilayka janaaḥaka minar rahbi fazaanika burhaanaani mir Rabbika ʹilaa Firʻawna wa-malaʹih: ʹinnahum kaanoo q̣awmañ faasiq̣een.

ඔබේ අත ඔබේ සාක්කුව තුළට දමනු. එය කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) හෙළිවනු ඇත. බිය දැනුණු විට ඔබේ (ඇළපත වෙතට) බාහුව ළං කර ගනු. ඒ දෙක ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත ඔබේ පරමාධිපති වෙතින් වූ සාධක දෙකකි. නියත වශයෙන් ම ඔවුහු පාපතර පිරිසක් වූහ.

Verse 28:33

قَالَ رَبِّ اِنِّیْ قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَاَخَافُ اَنْ یَّقْتُلُوْنِ ۟

Q̣aala Rabbi ʹinnee q̣ataltu minhum nafsañ faʹakhaafu ʹañy yaq̣tuloon.

මාගේ පරමාධිපතියාණනි! ඔවුන් අතරින් කෙනෙකුව මම මරා දැමුවෙමි. එහෙයින් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසී ය.

Verse 28:34

وَاَخِیْ هٰرُوْنُ هُوَ اَفْصَحُ مِنِّیْ لِسَانًا فَاَرْسِلْهُ مَعِیَ رِدْاً یُّصَدِّقُنِیْۤ ؗ اِنِّیْۤ اَخَافُ اَنْ یُّكَذِّبُوْنِ ۟

Wa-ʹakhee Haaroonu huwa ʹafṣaḥu minnee lisaanañ faʹarsilhu maʻiya rid-ʹañy yuṣaddiq̣unee; ʹinneee ʹakhaafu ʹañy yukaẓẓiboon.

තවද මාගේ සහෝදර හාරූන් වන ඔහු මට වඩා කතාවෙන් චතුර ය. එහෙයින් මා තහවුරු කරන උදව්කරුවකු වශයෙන් ඔබ ඔහු මා සමඟ එවනු. ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන් ම මම බිය වෙමි (යැයි මූසා පැවසී ය.)

Verse 28:35

قَالَ سَنَشُدُّ عَضُدَكَ بِاَخِیْكَ وَنَجْعَلُ لَكُمَا سُلْطٰنًا فَلَا یَصِلُوْنَ اِلَیْكُمَا ۛۚ بِاٰیٰتِنَاۤ ۛۚ اَنْتُمَا وَمَنِ اتَّبَعَكُمَا الْغٰلِبُوْنَ ۟

Q̣aala sanashuddu ʻaḍudaka biʹakheeka wa-najʻalu lakumaa sulṭaanañ falaa yaṣiloona ʹilaykumaa: biʹAayaatinaaa ʹañtumaa wa-manit tabaʻakumal g̣aaliboon.

(එයට අල්ලාහ්) ඔබේ උර ඔබේ සහෝදරයා මඟින් අපි ශක්තිමත් කරන්නෙමු. තවද ඔබ දෙදෙනාට බලයක් ඇති කරන්නෙමු. එහෙයින් ඔවුහු ඔබ දෙදෙනා වෙත සමීප නො වනු ඇත. අපගේ සංඥා මඟින් ඔබ දෙදෙනා හා ඔබ දෙදෙනා අනුගමනය කළවුන් (ජය ලබා) අබිබවා යන්නෝ වෙති.

Verse 28:36

فَلَمَّا جَآءَهُمْ مُّوْسٰی بِاٰیٰتِنَا بَیِّنٰتٍ قَالُوْا مَا هٰذَاۤ اِلَّا سِحْرٌ مُّفْتَرًی وَّمَا سَمِعْنَا بِهٰذَا فِیْۤ اٰبَآىِٕنَا الْاَوَّلِیْنَ ۟

Falammaa jaaaʹahum Moosaa biʹAayaatinaa bayyinaatiñ q̣aaloo maa- haaẓaaa ʹillaa siḥrum muftarañw wamaa samiʻnaa bihaaẓaa feee ʹaabaaaʹinal ʹawwaleen!

මූසා අපගේ පැහැදිලි සංඥා සමඟ ඔවුන් වෙත පැමිණි කල්හි ‘මෙය නිර්මාණය කරනු ලැබූ මායාවක් මිස නැතැයි ද අපගේ මුල් මුතුන්මිත්තන් තුළ අපි මේ ගැන අසා නැත්තෙමු’ යැයි ද ඔවුහු පැවසූහ.

Verse 28:37

وَقَالَ مُوْسٰی رَبِّیْۤ اَعْلَمُ بِمَنْ جَآءَ بِالْهُدٰی مِنْ عِنْدِهٖ وَمَنْ تَكُوْنُ لَهٗ عَاقِبَةُ الدَّارِ ؕ اِنَّهٗ لَا یُفْلِحُ الظّٰلِمُوْنَ ۟

Wa-q̣aala Moosaa Rabbeee ʹaʻlamu bimañ jaaaʹa bil-Hudaa min ʻiñdihee wa-mañ takoonu lahoo ʻAaq̣ibatud daar: ʹinnahoo laa- yufliḥuz̤̣ z̤̣aalimoon.

තමන් වෙතින් යහමග රැගෙන ආවේ කවුරුන් දැ? යි ද අවසන් නිවහන කවුරුන් සතු වන්නේ දැ? යි ද මාගේ පරමාධිපති මැනවින් දන්නා ය. නියත වශයෙන් ම අපරාධකරුවන් ජය නො ලබනු ඇතැයි මූසා පැවසී ය.

Verse 28:38

وَقَالَ فِرْعَوْنُ یٰۤاَیُّهَا الْمَلَاُ مَا عَلِمْتُ لَكُمْ مِّنْ اِلٰهٍ غَیْرِیْ ۚ فَاَوْقِدْ لِیْ یٰهَامٰنُ عَلَی الطِّیْنِ فَاجْعَلْ لِّیْ صَرْحًا لَّعَلِّیْۤ اَطَّلِعُ اِلٰۤی اِلٰهِ مُوْسٰی ۙ وَاِنِّیْ لَاَظُنُّهٗ مِنَ الْكٰذِبِیْنَ ۟

Wa-q̣aala Firʻawnu yaaaʹayyuhal malaʹu maa- ʻalimtu lakum min ʹilaahin g̣ayree: faʹawq̣id lee yaa-Haamaanu ʻalaṭ ṭeeni fajʻal lee ṣarḥal laʻalleee ʹaṭṭaliʻu ʹilaaa ʹilaahi Moosaa wa-ʹinnee laʹaz̤̣unnuhoo minal kaaẓibeen!

තවද ෆිර්අව්න් (මෙසේ) පැවැසුවේ ය. අහෝ ප්‍රධානියනි! මා හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට ඇතැයි මම නො දනිමි. එහෙයින් අහෝ හාමාන්! මූසාගේ දෙවියා වෙත එබී බැලිය හැකිවනු පිණිස මා වෙනුවෙන් උස් මැඳුරක් තනනු. තවද සැබැවින් ම ඔහු මුසාවාදීන් අතරින් යැයි මම සිතමි.

Verse 28:39

وَاسْتَكْبَرَ هُوَ وَجُنُوْدُهٗ فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ وَظَنُّوْۤا اَنَّهُمْ اِلَیْنَا لَا یُرْجَعُوْنَ ۟

Wastakbara huwa wa-junooduhoo fil ʹarḍi big̣ayril ḥaq̣q̣i waz̤̣annooo ʹannahum ʹilaynaa laa- yurjaʻoon!

තවද ඔහු හා ඔහුගේ සේනාවන් යුක්තියෙන් තොරව මහපොළොවෙහි අහංකාරකම් පෑවෝ ය. නියත වශයෙන් ම ඔවුන් අප වෙත නැවත හැරී එනු නො ලබන බව ඔවුහු සිතුවෝ ය.

Verse 28:40

فَاَخَذْنٰهُ وَجُنُوْدَهٗ فَنَبَذْنٰهُمْ فِی الْیَمِّ ۚ فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الظّٰلِمِیْنَ ۟

Faʹakhaẓnaahu wa-junoo-dahoo fanabaẓnaahum fil yamm: fañz̤̣ur kayfa kaana ʻAaq̣ibatuz̤̣ z̤̣aalimeen!

එහෙයින් ඔහු හා ඔහුගේ සේනාව අපි හසු කළෙමු. අපි ඔවුන් මුහුදට හෙළුවෙමු. එහෙයින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැ? යි (නබිවරය!) නුඹ අවධානයෙන් බලනු.

Verse 28:41

وَجَعَلْنٰهُمْ اَىِٕمَّةً یَّدْعُوْنَ اِلَی النَّارِ ۚ وَیَوْمَ الْقِیٰمَةِ لَا یُنْصَرُوْنَ ۟

Wa-jaʻalnaahum ʹaʹimmatañy yadʻoona ʹilan Naar; Wa-Yawmal Q̣iyaamati laa- yuñṣaroon.

තවද අපි ඔවුන් නිරය වෙත ඇරයුම් කරන නායකයින් බවට පත් කළෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් උදව් කරනු නො ලබති.

Verse 28:42

وَاَتْبَعْنٰهُمْ فِیْ هٰذِهِ الدُّنْیَا لَعْنَةً ۚ وَیَوْمَ الْقِیٰمَةِ هُمْ مِّنَ الْمَقْبُوْحِیْنَ ۟۠

Wa-ʹatbaʻnaahum fee haaẓihid dunyaa Laʻnah; wa-Yawmal Q̣iyaamati hum minal maq̣booḥeen.

තවද මෙලොවෙහි ශාපය අපි ඔවුන් වෙත අඛන්ඩව යැව්වෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු පහත් කොට සළකනු ලබන්නන් අතරින් වෙති.

Verse 28:43

وَلَقَدْ اٰتَیْنَا مُوْسَی الْكِتٰبَ مِنْ بَعْدِ مَاۤ اَهْلَكْنَا الْقُرُوْنَ الْاُوْلٰی بَصَآىِٕرَ لِلنَّاسِ وَهُدًی وَّرَحْمَةً لَّعَلَّهُمْ یَتَذَكَّرُوْنَ ۟

Wa-laq̣ad ʹaataynaa Moosal Kitaaba mim baʻdi maaa ʹahlaknal q̣uroonal ʹoolaa Baṣaaaʹira linnaasi wa-Hudañw wa-Raḥmatal laʻallahum yataẓakkaroon.

තවද මුල් පරම්පරාවන් අප විනාශ කිරීමෙන් පසුව මිනිසා උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔහුට සාධක වශයෙන් ද මගපෙන්වීමක් හා දයාවක් වශයෙන් ද සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.

Verse 28:44

وَمَا كُنْتَ بِجَانِبِ الْغَرْبِیِّ اِذْ قَضَیْنَاۤ اِلٰی مُوْسَی الْاَمْرَ وَمَا كُنْتَ مِنَ الشّٰهِدِیْنَ ۟ۙ

Wa-maa kuñta bijaanibil G̣arbiyyi ʹiẓ q̣aḍaynaaa ʹilaa Moosal ʹAmra wa-maa kuñta minash shaahideen.

(නබිවරය!) මූසාට නියෝගය අප තීන්දු කළ අවස්ථාවේ ඔබ බටහිර දෙසෙහි නො සිටියෙහි ය. තවද ඔබ සාක්ෂිකරුවන් අතරින් ද නො වීය.

Verse 28:45

وَلٰكِنَّاۤ اَنْشَاْنَا قُرُوْنًا فَتَطَاوَلَ عَلَیْهِمُ الْعُمُرُ ۚ وَمَا كُنْتَ ثَاوِیًا فِیْۤ اَهْلِ مَدْیَنَ تَتْلُوْا عَلَیْهِمْ اٰیٰتِنَا ۙ وَلٰكِنَّا كُنَّا مُرْسِلِیْنَ ۟

Wa-laakinnaaa ʹañshaʹnaa q̣uroonañ fataṭaawala ʻalayhimul ʻumur; wa-maa kuñta s̤aawiyañ feee ʹahli Madyana tatloo ʻalayhim ʹAayaatinaa wa-laakinnaa kunnaa mursileen.

තවද එනමුත් අපි (බොහෝ) පරම්පරාවන් බිහි කළෙමු. එවිට ඔවුන් වෙත ආයු කාලය දීර්ඝ විය. තවද ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන පදිංචිකරුවකු ලෙසින් ඔබ මද්යන් වාසීන් අතර නො වීය. එනමුත් අප ධර්ම දූතයින් එවන්නන් වූයෙමු.

Verse 28:46

وَمَا كُنْتَ بِجَانِبِ الطُّوْرِ اِذْ نَادَیْنَا وَلٰكِنْ رَّحْمَةً مِّنْ رَّبِّكَ لِتُنْذِرَ قَوْمًا مَّاۤ اَتٰىهُمْ مِّنْ نَّذِیْرٍ مِّنْ قَبْلِكَ لَعَلَّهُمْ یَتَذَكَّرُوْنَ ۟

Wa-maa kuñta bijaanibiṭ Ṭoori ʹiẓ naadaynaa wa-laakir Raḥmatam mir Rabbika lituñẓira q̣awmam maaa ʹataahum min naẓeerim miñ q̣ablika laʻallahum yataẓakkaroon.

තවද අපි අමතන විට ඔබ තූර් කන්ද අසල නො වූයෙහි ය. එනමුත් මෙය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු නොපැමිණි පිරිසකට ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස ඔබ අවවාද කරනු වස් ඔබගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙනි. (ඔබට දැනුම් දෙනු ලැබ ඇත්තේ.)

Verse 28:47

وَلَوْلَاۤ اَنْ تُصِیْبَهُمْ مُّصِیْبَةٌ بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ فَیَقُوْلُوْا رَبَّنَا لَوْلَاۤ اَرْسَلْتَ اِلَیْنَا رَسُوْلًا فَنَتَّبِعَ اٰیٰتِكَ وَنَكُوْنَ مِنَ الْمُؤْمِنِیْنَ ۟

Wa-lawlaaa ʹañ tuṣeebahum muṣeebatum bimaa q̣addamat ʹaydeehim fayaq̣ooloo Rabbanaa Law-laaa ʹarsalta ʹilaynaa rasoolañ fanattabiʻa ʹAayaatika wa-nakoona minal Muʹmineen!

තවද ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් විපතක් සිදු වී ‘අපගේ පරමාධිපතියාණනි! අප වෙත දූතයකු එවිය යුතු නො වේ ද? එසේනම් ඔබගේ වදන් අපි පිළිපදින්නට තිබුණි. තවද දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නට ද තිබුණි’ යැයි ඔවුහු නො පවසනු පිණිස ය.

Verse 28:48

فَلَمَّا جَآءَهُمُ الْحَقُّ مِنْ عِنْدِنَا قَالُوْا لَوْلَاۤ اُوْتِیَ مِثْلَ مَاۤ اُوْتِیَ مُوْسٰی ؕ اَوَلَمْ یَكْفُرُوْا بِمَاۤ اُوْتِیَ مُوْسٰی مِنْ قَبْلُ ۚ قَالُوْا سِحْرٰنِ تَظٰهَرَا ۥ۫ وَقَالُوْۤا اِنَّا بِكُلٍّ كٰفِرُوْنَ ۟

Falammaa jaaaʹahumul Ḥaq̣q̣u min ʻiñdinaa q̣aaloo law-laaa ʹootiya mis̤la maaa ʹootiya Moosaa? ʹAwalam yakfuroo bimaaa ʹootiya Moosaa miñ q̣abl? Q̣aaloo siḥraani taz̤̣aaharaa! Wa-q̣aalooo ʹinnaa bikulliñ kaafiroon!

අප වෙතින් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි මූසාට දෙනු ලැබූවාක් මෙන් යමක් දෙනු ලැබිය යුතු නො වේ දැ? යි විමසති. මීට පෙර මූසාට දෙනු ලැබූ දෑ ඔවුහු ප්‍රතික්ෂේප නො කළෝ ද? ඔවුන් එකිනෙකාට සහය දෙන මායාකරුවන් දෙදෙනෙකි යැයි ඔවුහු පැවසූහ. තවද නියත වශයෙන් ම අපි සියල්ල ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු යැයි ද ඔවුහු පැවසූහ.

Verse 28:49

قُلْ فَاْتُوْا بِكِتٰبٍ مِّنْ عِنْدِ اللّٰهِ هُوَ اَهْدٰی مِنْهُمَاۤ اَتَّبِعْهُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟

Q̣ul faʹtoo bi-Kitaabim min ʻiñdil laahi huwa ʹahdaa minhumaaa ʹattabiʻhu ʹiñ kuñtum ṣaadiq̣een!

නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඒ දෙකට වඩා යහමග පෙන්වන ධර්ම ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ගෙන එනු. මම එය පිළිපදින්නෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.

Verse 28:50

فَاِنْ لَّمْ یَسْتَجِیْبُوْا لَكَ فَاعْلَمْ اَنَّمَا یَتَّبِعُوْنَ اَهْوَآءَهُمْ ؕ وَمَنْ اَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوٰىهُ بِغَیْرِ هُدًی مِّنَ اللّٰهِ ؕ اِنَّ اللّٰهَ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟۠

Faʹil lam yastajeeboo laka faʻlam ʹannamaa yattabiʻoona ʹahwaaaʹahum: wa-man ʹaḍallu mimmanit tabaʻa hawaahu big̣ayri hudam minal laah? ʹInnal laaha laa- yahdil q̣awmaz̤̣ z̤̣aalimeen.

ඔබට ඔවුහු පිළිතුරු නො දුන්නේ නම් එවිට දැන ගනු! නියත වශයෙන් ම ඔවුන් අනුගමනය කරනුයේ ඔවුන්ගේ ආශාවන් ය. අල්ලාහ් වෙතින් වූ මගපෙන්වීම හැර දමා තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගිය අය කවරෙකු ද? නියත වශයෙන් ම අල්ලාහ් අපරාධකාරී ජනයාට යහ මග පෙන්වන්නේ නැත.

Verse 28:51

وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ یَتَذَكَّرُوْنَ ۟ؕ

Wa-laq̣ad waṣṣalnaa lahumul Q̣awla laʻallahum yataẓakkaroon.

තවද සැබැවින් ම ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔවුනට එම ප්‍රකාශය ලැබෙන්නට සැලැස්සුවෙමු.

Verse 28:52

اَلَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ مِنْ قَبْلِهٖ هُمْ بِهٖ یُؤْمِنُوْنَ ۟

ʹAllaẓeena ʹaataynaahumul Kitaaba miñ q̣ablihee hum̃ bihee yuʹminoon;

මීට පෙර අපි ඔවුනට ධර්ම ග්‍රන්ථය පිරිනැමූ අය වනාහි ඔවුහු එය විශ්වාස කරති.

Verse 28:53

وَاِذَا یُتْلٰی عَلَیْهِمْ قَالُوْۤا اٰمَنَّا بِهٖۤ اِنَّهُ الْحَقُّ مِنْ رَّبِّنَاۤ اِنَّا كُنَّا مِنْ قَبْلِهٖ مُسْلِمِیْنَ ۟

Wa-ʹiẓaa yutlaa ʻalayhim q̣aalooo ʹaamannaa biheee ʹinnahul Ḥaq̣q̣u mir Rabbinaaa ʹinnaa kunnaa miñ q̣ablihee Muslimeen.

තවද ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි එය විශ්වාස කළෙමු. නියත වශයෙන් ම එය අපගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි. නියත වශයෙන් ම අපි මීට පෙර පවා අවනත වන්නන් ලෙස සිටියෙමු’ යැයි ඔවුහු පැවසූහ.

Verse 28:54

اُولٰٓىِٕكَ یُؤْتَوْنَ اَجْرَهُمْ مَّرَّتَیْنِ بِمَا صَبَرُوْا وَیَدْرَءُوْنَ بِالْحَسَنَةِ السَّیِّئَةَ وَمِمَّا رَزَقْنٰهُمْ یُنْفِقُوْنَ ۟

ʹUlaaaʹika yuʹtawna ʹajrahum marratayni bimaa ṣabaroo wa-yadraʹoona bil-ḥasanatis sayyiʹata wa-mimmaa razaq̣naahum yuñfiq̣oon.

ඔවුන් ඉවසා සිටි බැවින් ද යහපතින් අයහපත ඔවුන් වළක්වා ගන්නා බැවින් ද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුන් වියදම් කරන බැවින් ද ඔවුන්ගේ කුලිය දෙවතාවක් දෙනු ලබන්නන් ඔවුහු ම ය.

Verse 28:55

وَاِذَا سَمِعُوا اللَّغْوَ اَعْرَضُوْا عَنْهُ وَقَالُوْا لَنَاۤ اَعْمَالُنَا وَلَكُمْ اَعْمَالُكُمْ ؗ سَلٰمٌ عَلَیْكُمْ ؗ لَا نَبْتَغِی الْجٰهِلِیْنَ ۟

Wa-ʹiẓaa samiʻul lag̣wa ʹaʻraḍoo ʻanhu wa-q̣aaloo lanaaa ʹaʻmaalunaa wa-lakum ʹaʻmaalukum; Salaamun ʻalaykum: laa- nabtag̣il jaahileen.

තවද නිෂ්ඵල දෑට ඔවුන් සවන් දුන් විට ඔවුන් එය පිටු දැක ‘අපගේ ක්‍රියාවන් අපට ය. නුඹලාගේ ක්‍රියාවන් නුඹලාට ය. නුඹලා වෙත සාමය වේවා! (මිතුරුකම් පෑමට) අඥානයින් අපි නො සොයන්නෙමු.’ යැයි ඔවුහු පැවසූහ.

Verse 28:56

اِنَّكَ لَا تَهْدِیْ مَنْ اَحْبَبْتَ وَلٰكِنَّ اللّٰهَ یَهْدِیْ مَنْ یَّشَآءُ ۚ وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِیْنَ ۟

ʹInnaka laa- tahdee man ʹaḥbabta wa-laakinnal laaha yahdee mañy yashaaaʹ: wa-Huwa ʹaʻlamu bil-muhtadeen.

නියත වශයෙන් ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නොහැකි ය. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නා ය.

Verse 28:57

وَقَالُوْۤا اِنْ نَّتَّبِعِ الْهُدٰی مَعَكَ نُتَخَطَّفْ مِنْ اَرْضِنَا ؕ اَوَلَمْ نُمَكِّنْ لَّهُمْ حَرَمًا اٰمِنًا یُّجْبٰۤی اِلَیْهِ ثَمَرٰتُ كُلِّ شَیْءٍ رِّزْقًا مِّنْ لَّدُنَّا وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟

Wa-q̣aalooo ʹin nattabiʻil hudaa maʻaka nutakhaṭṭaf min ʹarḍinaa. ʹAwalam numakkil lahum Ḥaraman ʹaaminañy yujbaaa ʹilayhi s̤amaraatu kulli shayʹir rizq̣am mil ladunnaa wa-laakinna ʹaks̤arahum laa- yaʻlamoon.

තවද අපි ඔබ සමඟ යහමග අනුගමනය කරන්නේ නම් අපි අපගේ දේශයෙන් පැහැර ගනු ලබන්නෙමු යැයි ඔවුහු පැවසූහ. අප වෙතින් වූ පෝෂණයක් වශයෙන් සෑම වර්ගයකම පලතුරු ඒ වෙත ගෙන දෙන අභයදායී සුරක්ෂිත (දේශයක්) ලෙස අපි ඔවුනට පත් නො කළෙමු ද? එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.

Verse 28:58

وَكَمْ اَهْلَكْنَا مِنْ قَرْیَةٍ بَطِرَتْ مَعِیْشَتَهَا ۚ فَتِلْكَ مَسٰكِنُهُمْ لَمْ تُسْكَنْ مِّنْ بَعْدِهِمْ اِلَّا قَلِیْلًا ؕ وَكُنَّا نَحْنُ الْوٰرِثِیْنَ ۟

Wa-kam ʹahlaknaa miñ q̣aryatim baṭirat maʻeeshatahaa! Fatilka masaakinuhum lam tuskam mim baʻdihim ʹillaa q̣aleelaa! Wa-kunnaa Naḥnul waaris̤een!

තවද තම ජීවන පහසුකම් සැපවත් කරගත් ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ එම වාසස්ථානවල ස්වල්ප දෙනෙකු මිස පදිංචි කරවනු නො ලැබී ය. තවද අපි උරුමක්කරුවන් වූයෙමු.

Verse 28:59

وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ الْقُرٰی حَتّٰی یَبْعَثَ فِیْۤ اُمِّهَا رَسُوْلًا یَّتْلُوْا عَلَیْهِمْ اٰیٰتِنَا ۚ وَمَا كُنَّا مُهْلِكِی الْقُرٰۤی اِلَّا وَاَهْلُهَا ظٰلِمُوْنَ ۟

Wa-maa kaana Rabbuka muhlikal q̣uraa ḥattaa yabʻas̤a feee ʹummihaa rasoolañy yatloo ʻalayhim ʹAayaatinaa; wa-maa kunnaa muhlikil q̣uraaa ʹillaa wa-ʹahluhaa z̤̣aalimoon.

තවද අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වන දූතයකු එහි මව් නගරයට එවන තෙක් ඔබේ පරමාධිපති එම ගම්මානය විනාශ කරන්නකු නො වීය. තවද අපි එහි වැසියන් අපරාධකරුවන් ලෙස සිටිය දී මිස එම ගම්මානය විනාශ කරන්නන් නො වූයෙමු.

Verse 28:60

وَمَاۤ اُوْتِیْتُمْ مِّنْ شَیْءٍ فَمَتَاعُ الْحَیٰوةِ الدُّنْیَا وَزِیْنَتُهَا ۚ وَمَا عِنْدَ اللّٰهِ خَیْرٌ وَّاَبْقٰی ؕ اَفَلَا تَعْقِلُوْنَ ۟۠

Wa-maaa ʹooteetum miñ shayʹiñ famataaʻul ḥayaatid dunyaa wa-zeenatuhaa; wa-maa ʻiñdal laahi khayruñw waʹabq̣aa: ʹafalaa taʻq̣iloon?

තවද යමකින් නුඹලාට දෙනු ලැබූ දෑ එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් හා එහි වූ අලංකාරයකි. අල්ලාහ් වෙත ඇති දෑ ශ්‍රේෂ්ඨ ය. සදා පවතින්නක් ය. නුඹලා වටහා නො ගන්නෙහු ද?

Verse 28:61

اَفَمَنْ وَّعَدْنٰهُ وَعْدًا حَسَنًا فَهُوَ لَاقِیْهِ كَمَنْ مَّتَّعْنٰهُ مَتَاعَ الْحَیٰوةِ الدُّنْیَا ثُمَّ هُوَ یَوْمَ الْقِیٰمَةِ مِنَ الْمُحْضَرِیْنَ ۟

ʹAfamañw waʻadnaahu waʻdan ḥasanañ fahuwa laaq̣eehi kamam mattaʻnaahu mataaʻal ḥayaatid dunyaa s̤umma huwa Yawmal Q̣iyaamati minal muḥḍareen?

අපි යමෙකුට අලංකාර ප්‍රතිඥාවක් දී එය ලබන තැනැත්තා, මෙලොව ජීවිතයේ සම්පත් අපි භුක්ති විඳීමට සලස්වා පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (දඬුවම් ලැබීම පිණිස) ඉදිරිපත් කරනු ලබන තැනැත්තා මෙන් වන්නේ ද?

Verse 28:62

وَیَوْمَ یُنَادِیْهِمْ فَیَقُوْلُ اَیْنَ شُرَكَآءِیَ الَّذِیْنَ كُنْتُمْ تَزْعُمُوْنَ ۟

Wa-Yawma yunaadeehim fayaq̣oolu ʹayna shurakaaaʹiyal laẓeena kuñtum tazʻumoon?

තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේ දැ? යි විමසයි.

Verse 28:63

قَالَ الَّذِیْنَ حَقَّ عَلَیْهِمُ الْقَوْلُ رَبَّنَا هٰۤؤُلَآءِ الَّذِیْنَ اَغْوَیْنَا ۚ اَغْوَیْنٰهُمْ كَمَا غَوَیْنَا ۚ تَبَرَّاْنَاۤ اِلَیْكَ ؗ مَا كَانُوْۤا اِیَّانَا یَعْبُدُوْنَ ۟

Q̣aalal laẓeena ḥaq̣q̣a ʻalayhimul q̣awlu Rabbanaa haaaʹulaaaʹil laẓeena ʹag̣waynaa: ʹag̣waynaahum kamaa g̣awaynaa: tabarraʹnaaa ʹilayka maa- kaanooo ʹiyyaanaa yaʻbudoon.

අපගේ පරමාධිපතියාණනි! අපි ඔවුන් නොමග යැව්වෙමු. අප නොමග ගියාක් මෙන් ම අපි ඔවුන්ව ද නොමග යැව්වෙමු. අපි ඉන් මිදී ඔබ වෙත යොමු වූයෙමු. ඔවුහු අපට ගැතිකම් කරන්නෝ නො වූහ යැයි තමන් වෙත ප්‍රකාශය නියම වූ අය පවසයි.

Verse 28:64

وَقِیْلَ ادْعُوْا شُرَكَآءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ یَسْتَجِیْبُوْا لَهُمْ وَرَاَوُا الْعَذَابَ ۚ لَوْ اَنَّهُمْ كَانُوْا یَهْتَدُوْنَ ۟

Wa-q̣eelad ʻoo shurakaaaʹakum fadaʻawhum falam yastajeeboo lahum wa-raʹawul ʻaẓaaba law ʹannahum kaanoo yahtadoon!

තවද නුඹලාගේ හවුල්කරුවන් නුඹලා ඇරයුම් කරනු යැයි කියනු ලැබේ. එවිට ඔවුහු ඔවුන් අමතති. එහෙත් ඔවුහු ඔවුනට පිළිතුරු නො දෙති. තවද දඬුවම ඔවුහු දකිති. නියත වශයෙන් ම ඔවුහු යහමග ගියවුන් ලෙස සිටියාහු නම්!

Verse 28:65

وَیَوْمَ یُنَادِیْهِمْ فَیَقُوْلُ مَاذَاۤ اَجَبْتُمُ الْمُرْسَلِیْنَ ۟

Wa-Yawma yunaadeehim fayaq̣oolu maa-ẓaaa ʹajabtumul mursaleen?

තවද එදින ඔහු ඔවුන් කැඳවා නුඹලා ධර්ම දූතයින්ට කුමන පිළිතුරක් දුන්නෙහු දැ? යි විමසයි.

Verse 28:66

فَعَمِیَتْ عَلَیْهِمُ الْاَنْۢبَآءُ یَوْمَىِٕذٍ فَهُمْ لَا یَتَسَآءَلُوْنَ ۟

Faʻamiyat ʻalayhimul ʹambaaaʹu Yawmaʹiẓiñ fahum laa- yatasaaaʹaloon!

සිදු වීම් සියල්ල එදින ඔවුන් වෙත සැඟ වී යනු ඇත. එහෙයින් ඔවුහු (ඒ ගැන) එකිනෙකා විමසා නො ගනිති.

Verse 28:67

فَاَمَّا مَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ صَالِحًا فَعَسٰۤی اَنْ یَّكُوْنَ مِنَ الْمُفْلِحِیْنَ ۟

Faʹammaa mañ taaba wa-ʹaamana wa-ʻamila ṣaaliḥañ faʻasaaa ʹañy yakoona minal Mufliḥeen.

එහෙත් පසුතැවිලි වී විශ්වාස කොට යහකම් කළ අය වූ කලී, ඔහු ජයග්‍රාහකයින් අතරින් වන්නට පුළුවණ.

Verse 28:68

وَرَبُّكَ یَخْلُقُ مَا یَشَآءُ وَیَخْتَارُ ؕ مَا كَانَ لَهُمُ الْخِیَرَةُ ؕ سُبْحٰنَ اللّٰهِ وَتَعٰلٰی عَمَّا یُشْرِكُوْنَ ۟

Wa-Rabbuka yakhluq̣u maa- yashaaaʹu wayakhtaar: maa- kaana lahumul khiyarah: Subḥaanal laahi wa-taʻaalaa ʻammaa yushrikoon!

තවද ඔබේ පරමාධිපති ඔහුට අභිමත දෑ මවන්නේ ය. ඔහු තෝරා ගන්නේ ය. තෝරා ගැනීමේ (අයිතිය) ඔවුනට නොමැත. අල්ලාහ් සුවිශුද්ධ ය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය.

Verse 28:69

وَرَبُّكَ یَعْلَمُ مَا تُكِنُّ صُدُوْرُهُمْ وَمَا یُعْلِنُوْنَ ۟

Wa-Rabbuka yaʻlamu maa- tukinnu ṣudooruhum wa-maa yuʻlinoon.

තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නූඹේ පරමාධිපති දන්නේ ය.

Verse 28:70

وَهُوَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ لَهُ الْحَمْدُ فِی الْاُوْلٰی وَالْاٰخِرَةِ ؗ وَلَهُ الْحُكْمُ وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟

Wa-Huwal laahu laaa ʹilaaha ʹillaa Hoo. Lahul Ḥamdu fil ʹoolaa wal-ʹaakhirah: wa-lahul Ḥukmu wa-ʹilayhi turjaʻoon.

තවද ඔහුය අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ආරම්භයේ ද අවසානයේ ද සියලු ප්‍රශංසා ඔහු සතු ය. තීන්දුව ද ඔහු සතු ය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත ම ය.

Verse 28:71

قُلْ اَرَءَیْتُمْ اِنْ جَعَلَ اللّٰهُ عَلَیْكُمُ الَّیْلَ سَرْمَدًا اِلٰی یَوْمِ الْقِیٰمَةِ مَنْ اِلٰهٌ غَیْرُ اللّٰهِ یَاْتِیْكُمْ بِضِیَآءٍ ؕ اَفَلَا تَسْمَعُوْنَ ۟

Q̣ul ʹaraʹaytum ʹiñ jaʻalal laahu ʻalaykumul Layla sarmadan ʹilaa Yawmil Q̣iyaamati man ʹilaahun g̣ayrul laahi yaʹ-teekum̃ biḍiyaaaʹ? ʹAfalaa tasmaʻoon?

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත රාත්‍රිය සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා වෙත ආලෝකය නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා සවන් නො දෙන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.

Verse 28:72

قُلْ اَرَءَیْتُمْ اِنْ جَعَلَ اللّٰهُ عَلَیْكُمُ النَّهَارَ سَرْمَدًا اِلٰی یَوْمِ الْقِیٰمَةِ مَنْ اِلٰهٌ غَیْرُ اللّٰهِ یَاْتِیْكُمْ بِلَیْلٍ تَسْكُنُوْنَ فِیْهِ ؕ اَفَلَا تُبْصِرُوْنَ ۟

Q̣ul ʹaraʹaytum ʹiñ jaʻalal laahu ʻalaykumun Nahaara sarmadan ʹilaa Yawmil Q̣iyaamati man ʹilaahun g̣ayrul laahi yaʹteekum̃ bi-Layliñ taskunoona feeh? ʹAfalaa tubṣiroon?

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත දහවල සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා එහි ගිමන් හරින රාත්‍රිය නුඹලා වෙත නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා අවධානයෙන් බැලිය යුතු නො වේ ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.

Verse 28:73

وَمِنْ رَّحْمَتِهٖ جَعَلَ لَكُمُ الَّیْلَ وَالنَّهَارَ لِتَسْكُنُوْا فِیْهِ وَلِتَبْتَغُوْا مِنْ فَضْلِهٖ وَلَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟

Wa-mir Raḥmatihee jaʻala lakumul Layla wan-Nahaara litaskunoo feehi wa-litabtag̣oo miñ Faḍlihee wa-laʻallakum tashkuroon.

තවද එහි නුඹලා වාසය කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් සොයනු පිණිසත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය තුළින් ඔහු නුඹලාට රාත්‍රිය හා දහවල ඇති කළේ ය.

Verse 28:74

وَیَوْمَ یُنَادِیْهِمْ فَیَقُوْلُ اَیْنَ شُرَكَآءِیَ الَّذِیْنَ كُنْتُمْ تَزْعُمُوْنَ ۟

Wa-Yawma yunaadeehim fayaq̣oolu ʹayna shurakaaaʹiyal laẓeena kuñtum tazʻumoon?

තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේ දැ? යි ඔහු විමසයි.

Verse 28:75

وَنَزَعْنَا مِنْ كُلِّ اُمَّةٍ شَهِیْدًا فَقُلْنَا هَاتُوْا بُرْهَانَكُمْ فَعَلِمُوْۤا اَنَّ الْحَقَّ لِلّٰهِ وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَفْتَرُوْنَ ۟۠

Wa-nazaʻnaa miñ kulli ʹummatiñ shaheedañ faq̣ulnaa haatoo burhaanakum faʻalimooo ʹannal Ḥaq̣q̣a lillaahi wa-ḍalla ʻanhum maa kaanoo yaftaroon.

තවද සෑම සමූහයකින් ම සාක්ෂිකරුවකු අපි වෙන් කර නුඹලාගේ සාධක ගෙන එනුයි අපි පවසන්නෙමු. එවිට නියත වශයෙන් ම සත්‍යය අල්ලාහ් සතු යැයි ඔවුන් දැන ගනු ඇත. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යයි.

Verse 28:76

اِنَّ قَارُوْنَ كَانَ مِنْ قَوْمِ مُوْسٰی فَبَغٰی عَلَیْهِمْ ۪ وَاٰتَیْنٰهُ مِنَ الْكُنُوْزِ مَاۤ اِنَّ مَفَاتِحَهٗ لَتَنُوْٓاُ بِالْعُصْبَةِ اُولِی الْقُوَّةِ ۗ اِذْ قَالَ لَهٗ قَوْمُهٗ لَا تَفْرَحْ اِنَّ اللّٰهَ لَا یُحِبُّ الْفَرِحِیْنَ ۟

ʹInna Q̣aaroona kaana miñ q̣awmi Moosaa fabag̣aa ʻalayhim: wa-ʹaataynaahu minal kunoozi maaa ʹinna mafaatiḥahoo latanoooʹu bilʻuṣbati ʹulil q̣uwwah. ʹIẓ q̣aala lahoo q̣awmuhoo laa- tafraḥ ʹinnal laah laa- yuḥibbul fariḥeen.

නියත වශයෙන් ම කාරූන් මූසාගේ ජනයා අතරින් කෙනෙකු විය. එහෙත් ඔහු ඔවුනට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළේ ය. තවද අපි ඔහුට නිධන් වස්තු පිරිනැමුවෙමු. නියත වශයෙන් ම එහි යතුරු ශක්තිමත් කණ්ඩායමක් විසින් ඉතා අසීරුවෙන් උසුලන්නක් විය. ඔබ උදම් නො වනු යැයි ඔහුගේ ජනයා ඔහුට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන් ම අල්ලාහ් උදම් වන්නන් ප්‍රිය නො කරයි.

Verse 28:77

وَابْتَغِ فِیْمَاۤ اٰتٰىكَ اللّٰهُ الدَّارَ الْاٰخِرَةَ وَلَا تَنْسَ نَصِیْبَكَ مِنَ الدُّنْیَا وَاَحْسِنْ كَمَاۤ اَحْسَنَ اللّٰهُ اِلَیْكَ وَلَا تَبْغِ الْفَسَادَ فِی الْاَرْضِ ؕ اِنَّ اللّٰهَ لَا یُحِبُّ الْمُفْسِدِیْنَ ۟

Wabtag̣i feemaaa ʹaataakal laahud Daaral ʹAakhirata wa-laa tañsa naṣeebaka minad dunyaa wa-ʹaḥsin kamaaa ʹaḥsanal laahu ʹilayka wa-laa tabg̣il fasaada fil ʹarḍ: ʹinnal laaha laa- yuḥibbul mufsideen.

තවද අල්ලාහ් ඔබ වෙත පිරිනැමූ දෑහි මතු ලොව නිවහන ඔබ සොයනු. තවද මෙලොවෙහි ඔබේ කොටස අමතක නො කරනු. අල්ලාහ් ඔබ වෙත උපකාරශීලීව කටයුතු කළාක් මෙන් ඔබ ද උපකාරශීලීව කටයුතු කරනු. තවද මහපොළොවේ කලහකම් කිරීමට නො සොයනු. නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන් ප්‍රිය නො කරයි.

Verse 28:78

قَالَ اِنَّمَاۤ اُوْتِیْتُهٗ عَلٰی عِلْمٍ عِنْدِیْ ؕ اَوَلَمْ یَعْلَمْ اَنَّ اللّٰهَ قَدْ اَهْلَكَ مِنْ قَبْلِهٖ مِنَ الْقُرُوْنِ مَنْ هُوَ اَشَدُّ مِنْهُ قُوَّةً وَّاَكْثَرُ جَمْعًا ؕ وَلَا یُسْـَٔلُ عَنْ ذُنُوْبِهِمُ الْمُجْرِمُوْنَ ۟

Q̣aala ʹinnamaaa ʹooteetuhoo ʻalaa ʻilmin ʻiñdee. ʹAwalam yaʻlam ʹannal laaha q̣ad ʹahlaka miñ q̣ablihee minal q̣urooni man huwa ʹashaddu minhu q̣uwwatañw waʹaks̤aru jamʻaa? Wa-laa yusʹalu ʻañ ẓunoobihimul mujrimoon.

මෙය මට දෙනු ලැබුවේ මා වෙත තිබෙන දැනුම හේතුකොටගෙනය යැයි (කාරූන්) පැවසී ය. ඔහුට පෙර ඔහුට වඩා ශක්තියෙන් බලවත් එමෙන් ම පිරිසෙන් වැඩි පරම්පරාවන් අල්ලාහ් විනාශ කර ඇති බව ඔහු නො දත්තේ ද? තවද ඔවුන්ගේ පාපයන් ගැන මෙම අපරාධකරුවෝ විමසනු නො ලබති.

Verse 28:79

فَخَرَجَ عَلٰی قَوْمِهٖ فِیْ زِیْنَتِهٖ ؕ قَالَ الَّذِیْنَ یُرِیْدُوْنَ الْحَیٰوةَ الدُّنْیَا یٰلَیْتَ لَنَا مِثْلَ مَاۤ اُوْتِیَ قَارُوْنُ ۙ اِنَّهٗ لَذُوْ حَظٍّ عَظِیْمٍ ۟

Fakharaja ʻalaa q̣awmihee fee zeenatih. Q̣aalal laẓeena yureedoonal Ḥayaatad Dunyaa yaalayta lanaa miṣla maaa ʹootiya Q̣aaroonu ʹinnahoo ḥaz̤̣z̤̣in laẓoo ʻaz̤̣eem!

ඔහු අලංකාරයෙන් සැරසී ඔහුගේ ජනයා වෙත පිටත්ව පැමිණියේ ය. කාරූන්ට දෙනු ලැබූ දෑ මෙන් අපට ද තිබුණා නම්! නියත වශයෙන් ම ඔහු ඉමහත් භාග්‍යය සම්පන්නයකු යැයි මෙලොව ජීවිතය ප්‍රිය කරන්නෝ පැවසූහ.

Verse 28:80

وَقَالَ الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ وَیْلَكُمْ ثَوَابُ اللّٰهِ خَیْرٌ لِّمَنْ اٰمَنَ وَعَمِلَ صَالِحًا ۚ وَلَا یُلَقّٰىهَاۤ اِلَّا الصّٰبِرُوْنَ ۟

Wa-q̣aalal laẓeena ʹootul ʻilma waylakum s̤awaabul laahi khayrul liman ʹaamana wa-ʻamila ṣaaliḥaa: wa-laa yulaq̣q̣aahaaa ʹillaṣ Ṣaabiroon.

තවද නුඹලාට විනාශය වේවා! විශ්වාස කොට යහකම් සිදු කළවුනට අල්ලාහ්ගේ තිළිණය උතුම් ය. ඉවසිලිවන්තයෝ හැර (වෙනත් කිසිවකු) එය නො ලබනු ඇතැයි ඥානය දෙනු ලැබුවෝ පැවසූහ.

Verse 28:81

فَخَسَفْنَا بِهٖ وَبِدَارِهِ الْاَرْضَ ۫ فَمَا كَانَ لَهٗ مِنْ فِئَةٍ یَّنْصُرُوْنَهٗ مِنْ دُوْنِ اللّٰهِ ۗ وَمَا كَانَ مِنَ الْمُنْتَصِرِیْنَ ۟

Fakhasafnaa bihee wa-bidaarihil ʹarḍ; famaa kaana lahoo miñ fiʹatiñy yañṣuroonahoo miñ doonil laahi wa-maa kaana minal muñtaṣireen.

එහෙයින් අපි ඔහු හා ඔහුගේ නිවස මහපොළොවට ගිල්වූයෙමු. එවිට අල්ලාහ්ගෙන් තොරව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නො වීය. තවද ඔහු උදව් ලබන්නන් අතරින් ද නො වීය.

Verse 28:82

وَاَصْبَحَ الَّذِیْنَ تَمَنَّوْا مَكَانَهٗ بِالْاَمْسِ یَقُوْلُوْنَ وَیْكَاَنَّ اللّٰهَ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ وَیَقْدِرُ ۚ لَوْلَاۤ اَنْ مَّنَّ اللّٰهُ عَلَیْنَا لَخَسَفَ بِنَا ؕ وَیْكَاَنَّهٗ لَا یُفْلِحُ الْكٰفِرُوْنَ ۟۠

Wa-ʹaṣbaḥal laẓeena tamannaw makaanahoo bil-ʹamsi yaq̣ooloona waykaʹannal laaha yabsuṭur rizq̣a limañy yashaaaʹu min ʻibaadihee wa-yaq̣dir! Law-laaa ʹam mannal laahu ʻalaynaa lakhasafa binaa! Waykaʹannahoo laa- yufliḥul kaafiroon!

අහෝ! තම ගැත්තන් අතරින් අල්ලාහ් අභිමත කරන අයට පෝෂණ සම්පත් ඔහු ව්‍යාප්ත කර දෙයි. තවද ඔහු ප්‍රමාණ කොට දෙයි. අල්ලාහ් අප වෙත කාරුණික නො වූයේ නම් අප ද ගිලී යන්නට තිබුණි. අහෝ! දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් ජය නො ලබනු ඇතැයි පෙර දින ඔහුගේ නිලයට ආශා කළවුන් පවසන්නන් බවට පත් වූහ.

Verse 28:83

تِلْكَ الدَّارُ الْاٰخِرَةُ نَجْعَلُهَا لِلَّذِیْنَ لَا یُرِیْدُوْنَ عُلُوًّا فِی الْاَرْضِ وَلَا فَسَادًا ؕ وَالْعَاقِبَةُ لِلْمُتَّقِیْنَ ۟

Tilkad Daarul ʹAakhiratu najʻaluhaa lillaẓeena laa- yureedoona ʻuluwwañ fil ʹarḍi wa-laa fasaadaa: wal-ʻaaq̣ibatu lil-Muttaq̣een.

ඒ මතු ලොව නිවහන මහපොළොවේ උද්දාමය හෝ කලහකාරිත්වය හෝ ප්‍රිය නො කරන්නන්හට අපි ඇති කළෙමු. අවසානය බිය බැතිමතුන්හට ය.

Verse 28:84

مَنْ جَآءَ بِالْحَسَنَةِ فَلَهٗ خَیْرٌ مِّنْهَا ۚ وَمَنْ جَآءَ بِالسَّیِّئَةِ فَلَا یُجْزَی الَّذِیْنَ عَمِلُوا السَّیِّاٰتِ اِلَّا مَا كَانُوْا یَعْمَلُوْنَ ۟

Mañ jaaaʹa bilḥasanati falahoo khayrum minhaa; wa-mañ jaaaʹa bissayyiʹati falaa yujzal laẓeena ʻamilus sayyiʹaati ʹillaa maa- kaanoo yaʻmaloon.

කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඊට වඩා උතුම් දෑ ඔහුට ඇත. තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද එසේ නපුරුකම් සිදු කළ අයට ඔවුන් සිදු කරමින් සිටි දෑට මිස ප්‍රතිඵල දෙනු නො ලැබේ.

Verse 28:85

اِنَّ الَّذِیْ فَرَضَ عَلَیْكَ الْقُرْاٰنَ لَرَآدُّكَ اِلٰی مَعَادٍ ؕ قُلْ رَّبِّیْۤ اَعْلَمُ مَنْ جَآءَ بِالْهُدٰی وَمَنْ هُوَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟

ʹInnal laẓee faraḍa ʻalaykal Q̣ur-ʹaana laraaadduka ʹilaa Maʻaad. Q̣ur Rabbeee ʹaʻlamu mañ jaaaʹa bil-hudaa wa-man huwa fee ḍalaalim mubeen.

නියත වශයෙන් ම ඔබ වෙත අල් කුර්ආනය නියම කළ ඔහු ඔබව (නැවතත් ඔබ) හැරී ආ ස්ථානයට ම ගෙන යනු ඇත. යහමග රැගෙන එන්නා කවුරුන් දැ? යි ද පැහැදිලි මුළාවෙහි සිටින්නා කවුරුන් දැ? යි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි (නබිවරය!) පවසනු.

Verse 28:86

وَمَا كُنْتَ تَرْجُوْۤا اَنْ یُّلْقٰۤی اِلَیْكَ الْكِتٰبُ اِلَّا رَحْمَةً مِّنْ رَّبِّكَ فَلَا تَكُوْنَنَّ ظَهِیْرًا لِّلْكٰفِرِیْنَ ۟ؗ

Wa-maa kuñta tarjooo ʹañy yulq̣aaa ʹilaykal Kitaabu ʹillaa Raḥmatam mir Rabbika falaa takoonanna z̤̣aheeral lil-kaafireen.

තවද ධර්ම ග්‍රන්ථය ඔබ වෙත පහළ කරනු ලැබේ යැයි ඔබ අපේක්ෂා කරමින් නො සිටියෙහි ය. එය ඔබගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් මිස වෙනකක් නැත. එහෙයින් ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට උර දෙන්නකු නො වනු.

Verse 28:87

وَلَا یَصُدُّنَّكَ عَنْ اٰیٰتِ اللّٰهِ بَعْدَ اِذْ اُنْزِلَتْ اِلَیْكَ وَادْعُ اِلٰی رَبِّكَ وَلَا تَكُوْنَنَّ مِنَ الْمُشْرِكِیْنَ ۟ۚ

Wa-laa yaṣuddunnaka ʻan ʹAayaatil laahi baʻda ʹiẓ ʹuñzilat ʹilayk: wadʻu ʹilaa Rabbika wa-laa takoonanna minal mushrikeen.

තවද අල්ලාහ්ගේ වදන් ඔබ වෙත පහළ කරනු ලැබුවායින් පසුව ඒවායින් ඔවුන් ඔබව නො වැළැක්විය යුතුයි. තවද ඔබ ඔබේ පරමාධිපති වෙත ඇරයුම් කරනු. තවද ඔබ දේවත්වය ආදේශ කරන්නන් අතරින් නො වනු.

Verse 28:88

وَلَا تَدْعُ مَعَ اللّٰهِ اِلٰهًا اٰخَرَ ۘ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۫ كُلُّ شَیْءٍ هَالِكٌ اِلَّا وَجْهَهٗ ؕ لَهُ الْحُكْمُ وَاِلَیْهِ تُرْجَعُوْنَ ۟۠

Wa-laa tadʻu maʻal laahi ʹilaahan ʹaakhar. Laaa ʹilaaha ʹillaa Hoo. Kullu shayʹin haalikun ʹillaa Wajhah. Lahul Ḥukmu wa-ʹilayhi turjaʻoon.

තවද ඔබ අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු ඇරයුම් නො කරනු. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහුගේ මුහුණ හැර සෙසු සියලු දෑ විනාශ වී යන්නක් ය. තීන්දුව ඔහු සතු ය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතට ය.