Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah Al-Mutaffifin

Surah Al-Mutaffifin (Defrauding) is Surah 83 of the Holy Quran, a Meccan Surah with 36 verses, available here in Sinhalese.

Surah 83 Meccan 36 verses Sinhalese

Verse 83:1

وَیْلٌ لِّلْمُطَفِّفِیْنَ ۟ۙ

Waylul lil-muṭaffifeen,―

කිරුම් මිනුම්වල වංචා කරන්නන්හට විනාශයම ය.

Verse 83:2

الَّذِیْنَ اِذَا اكْتَالُوْا عَلَی النَّاسِ یَسْتَوْفُوْنَ ۟ؗۖ

ʹAllaẓeena ʹiẓak taaloo ʻalan naasi yastawfoon,

ඔවුන් වනාහි මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන් ම කිරා ගනිති.

Verse 83:3

وَاِذَا كَالُوْهُمْ اَوْ وَّزَنُوْهُمْ یُخْسِرُوْنَ ۟ؕ

Wa-ʹiẓaa kaaloohum ʹaw Wazanoohum yukhsiroon.

කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.

Verse 83:4

اَلَا یَظُنُّ اُولٰٓىِٕكَ اَنَّهُمْ مَّبْعُوْثُوْنَ ۟ۙ

ʹAlaa yaz̤̣unnu ʹulaaaʹika ʹannahum mabʻoos̤oon

නියත වශයෙන් ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නො සිතන්නෝ ද?

Verse 83:5

لِیَوْمٍ عَظِیْمٍ ۟ۙ

Li-Yawmin ʻAz̤̣eem.

මහත් වූ දිනයක් සඳහා.

Verse 83:6

یَّوْمَ یَقُوْمُ النَّاسُ لِرَبِّ الْعٰلَمِیْنَ ۟ؕ

Yawma yaq̣oomun naasu li-Rabbil ʻAalameen?

එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.

Verse 83:7

كَلَّاۤ اِنَّ كِتٰبَ الْفُجَّارِ لَفِیْ سِجِّیْنٍ ۟ؕ

Kallaaa ʹinna Kitaabal fujjaari lafee Sijjeen.

නොඑසේ ය. නියත වශයෙන් ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේ ය.

Verse 83:8

وَمَاۤ اَدْرٰىكَ مَا سِجِّیْنٌ ۟ؕ

Wa-maaa ʹadraaka maa- Sijjeen?

(නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

Verse 83:9

كِتٰبٌ مَّرْقُوْمٌ ۟ؕ

Kitaabum marq̣oom.

(එය) ලියන ලද වාර්තා පොතකි.

Verse 83:10

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟ۙ

Wayluñy Yawmaʹiẓil lil-mukaẓẓibeen―

බොරු කරන්නන්හට එදින විනාශය ය.

Verse 83:11

الَّذِیْنَ یُكَذِّبُوْنَ بِیَوْمِ الدِّیْنِ ۟ؕ

ʹAllaẓeena yukaẓẓiboona bi-Yawmid Deen.

මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.

Verse 83:12

وَمَا یُكَذِّبُ بِهٖۤ اِلَّا كُلُّ مُعْتَدٍ اَثِیْمٍ ۟ۙ

Wa-maa yukaẓẓibu biheee ʹillaa kullu muʻtadin ʹas̤eem!

සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නො කරනු ඇත.

Verse 83:13

اِذَا تُتْلٰی عَلَیْهِ اٰیٰتُنَا قَالَ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟ؕ

ʹIẓaa tutlaa ʻalayhi ʹAayaatunaa q̣aala ʹAsaaṭeerul ʹAwwaleen!

අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔහු පවසයි.

Verse 83:14

كَلَّا بَلْ ٚ رَانَ عَلٰی قُلُوْبِهِمْ مَّا كَانُوْا یَكْسِبُوْنَ ۟

Kallaa bal; raana ʻalaa q̣uloobihim maa kaanoo yaksiboon!

නොඑසේ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ (මඟින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.

Verse 83:15

كَلَّاۤ اِنَّهُمْ عَنْ رَّبِّهِمْ یَوْمَىِٕذٍ لَّمَحْجُوْبُوْنَ ۟ؕ

Kallaaa ʹinnahum ʻar Rabbihim Yawmaʹiẓil lamaḥjooboon.

නොඑසේ ය. නියත වශයෙන් ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝ ය.

Verse 83:16

ثُمَّ اِنَّهُمْ لَصَالُوا الْجَحِیْمِ ۟ؕ

S̤umma ʹinnahum laṣaalul Jaḥeem.

තවද නියත වශයෙන් ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.

Verse 83:17

ثُمَّ یُقَالُ هٰذَا الَّذِیْ كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ ۟ؕ

S̤umma yuq̣aalu haaẓal laẓee kuñtum̃ bihee tukaẓẓiboon!

ඉන් පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.

Verse 83:18

كَلَّاۤ اِنَّ كِتٰبَ الْاَبْرَارِ لَفِیْ عِلِّیِّیْنَ ۟ؕ

Kallaaa ʹinna Kitaabal ʹAbraari lafee ʻIlliyyeen.

නොඑසේ ය. නියත වශයෙන් ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය.

Verse 83:19

وَمَاۤ اَدْرٰىكَ مَا عِلِّیُّوْنَ ۟ؕ

Wa-maaa ʹadraaka maa- ʻIlliyyoon?

තවද ඉල්ලීයියීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

Verse 83:20

كِتٰبٌ مَّرْقُوْمٌ ۟ۙ

Kitaabum marq̣oom,

(එය) ලියන ලද වාර්තා පොතකි.

Verse 83:21

یَّشْهَدُهُ الْمُقَرَّبُوْنَ ۟ؕ

Yashhaduhul Muq̣arraboon.

(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරති.

Verse 83:22

اِنَّ الْاَبْرَارَ لَفِیْ نَعِیْمٍ ۟ۙ

ʹInnal ʹAbraara lafee Naʻeem:

නියත වශයෙන් ම දැහැමියෝ සැප පහසුකම්හි සිටිති.

Verse 83:23

عَلَی الْاَرَآىِٕكِ یَنْظُرُوْنَ ۟ۙ

ʻAlal ʹaraaaʹiki yañz̤̣uroon:

කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටිති.

Verse 83:24

تَعْرِفُ فِیْ وُجُوْهِهِمْ نَضْرَةَ النَّعِیْمِ ۟ۚ

Taʻrifu fee wujoohihim naḍratan Naʻeem.

(ඔවුනට ලැබුණු) සැප පහසුකම්හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.

Verse 83:25

یُسْقَوْنَ مِنْ رَّحِیْقٍ مَّخْتُوْمٍ ۟ۙ

Yusq̣awna mir raḥeeq̣im makhtoom:

මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබති.

Verse 83:26

خِتٰمُهٗ مِسْكٌ ؕ وَفِیْ ذٰلِكَ فَلْیَتَنَافَسِ الْمُتَنَافِسُوْنَ ۟ؕ

Khitaamuhoo misk: wa-fee ẓaalika falyatanaafasil mutanaafisoon:

එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.

Verse 83:27

وَمِزَاجُهٗ مِنْ تَسْنِیْمٍ ۟ۙ

Wa-mizaajuhoo miñ Tasneem,

තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.

Verse 83:28

عَیْنًا یَّشْرَبُ بِهَا الْمُقَرَّبُوْنَ ۟ؕ

ʻAynañy yashrabu bihal Muq̣arraboon.

එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි.

Verse 83:29

اِنَّ الَّذِیْنَ اَجْرَمُوْا كَانُوْا مِنَ الَّذِیْنَ اٰمَنُوْا یَضْحَكُوْنَ ۟ؗۖ

ʹInnal laẓeena ʹajramoo kaanoo minal laẓeena ʹaamanoo yaḍḥakoon,

නියත වශයෙන් ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳව සිනහසෙමින් සිටියෝ ය.

Verse 83:30

وَاِذَا مَرُّوْا بِهِمْ یَتَغَامَزُوْنَ ۟ؗۖ

Wa-ʹiẓaa marroo bihim yatag̣aamazoon;

තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝ ය.

Verse 83:31

وَاِذَا انْقَلَبُوْۤا اِلٰۤی اَهْلِهِمُ انْقَلَبُوْا فَكِهِیْنَ ۟ؗۖ

Wa-ʹiẓañ q̣alabooo ʹilaaa ʹahlihimuñ q̣alaboo fakiheen;

තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝ ය.

Verse 83:32

وَاِذَا رَاَوْهُمْ قَالُوْۤا اِنَّ هٰۤؤُلَآءِ لَضَآلُّوْنَ ۟ۙ

Wa-ʹiẓaa raʹawhum q̣aalooo ʹinna haaaʹulaaaʹi laḍaaal-loon!

තවද ඔවුහු ඔවුන්ව දුටු විට “සැබැවින් ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.

Verse 83:33

وَمَاۤ اُرْسِلُوْا عَلَیْهِمْ حٰفِظِیْنَ ۟ؕ

Wa-maaa ʹursiloo ʹalayhim Ḥaafiz̤̣een.

තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නො ලැබුවෝ ය.

Verse 83:34

فَالْیَوْمَ الَّذِیْنَ اٰمَنُوْا مِنَ الْكُفَّارِ یَضْحَكُوْنَ ۟ۙ

Fal-Yawmal laẓeena ʹaamanoo minal kuffaari yuḍḥakoon:

එහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති.

Verse 83:35

عَلَی الْاَرَآىِٕكِ ۙ یَنْظُرُوْنَ ۟ؕ

ʻAlal ʹaraaaʹiki yañz̤̣uroon.

සුව පහසු කවිච්චි මත වී සිරි නරඹති.

Verse 83:36

هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوْا یَفْعَلُوْنَ ۟۠

Hal s̤uwwibal kuffaaru maa- kaanoo yafʻaloon?

ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද?