Surah Al-Munafiqun
Surah Al-Munafiqun (The Hypocrites) is Surah 63 of the Holy Quran, a Medinan Surah with 11 verses, available here in Sinhalese.
Verse 63:1
اِذَا جَآءَكَ الْمُنٰفِقُوْنَ قَالُوْا نَشْهَدُ اِنَّكَ لَرَسُوْلُ اللّٰهِ ۘ وَاللّٰهُ یَعْلَمُ اِنَّكَ لَرَسُوْلُهٗ ؕ وَاللّٰهُ یَشْهَدُ اِنَّ الْمُنٰفِقِیْنَ لَكٰذِبُوْنَ ۟ۚ
ʹIẓaa jaaaʹakal MUNAAFIQ̣OONA q̣aaloo nashhadu ʹinnaka la-Rasoolul laah. Wallaahu yaʻlamu ʹinnaka la-Rasooluh: wallaahu yashhadu ʹinnal Munaafiq̣eena lakaaẓiboon.
කුහකයෝ නුඹ වෙත පැමිණි විට “නියත වශයෙන් ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් යැයි අපි සාක්ෂි දරන්නෙමු” යැයි ඔවුහු පවසති. තවද නියත වශයෙන් ම නුඹ ඔහුගේ ගැත්තා බව අල්ලාහ් දනී. තවද නියත වශයෙන් ම කුහකයෝ බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරයි.
Verse 63:2
اِتَّخَذُوْۤا اَیْمَانَهُمْ جُنَّةً فَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ ؕ اِنَّهُمْ سَآءَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
ʹIttakhaẓooo ʹaymaanahum junnatañ faṣaddoo ʻañ Sabeelil laah: ʹinnahum saaaʹa maa- kaanoo yaʻmaloon.
ඔවුන්ගේ දිවුරීම් ඔවුන් පලිහක් ලෙස ගෙන අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කළෝ ය. නියත වශයෙන් ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
Verse 63:3
ذٰلِكَ بِاَنَّهُمْ اٰمَنُوْا ثُمَّ كَفَرُوْا فَطُبِعَ عَلٰی قُلُوْبِهِمْ فَهُمْ لَا یَفْقَهُوْنَ ۟
Ẓaalika biʹannahum ʹaamanoo s̤umma kafaroo faṭubiʻa ʻalaa q̣uloobihim fahum laa- yafq̣ahoon.
එය නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළ හේතුවෙනි. එවිට ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ලැබී ය. එහෙයින් ඔවුහු වටහා නො ගනු ඇත.
Verse 63:4
وَاِذَا رَاَیْتَهُمْ تُعْجِبُكَ اَجْسَامُهُمْ ؕ وَاِنْ یَّقُوْلُوْا تَسْمَعْ لِقَوْلِهِمْ ؕ كَاَنَّهُمْ خُشُبٌ مُّسَنَّدَةٌ ؕ یَحْسَبُوْنَ كُلَّ صَیْحَةٍ عَلَیْهِمْ ؕ هُمُ الْعَدُوُّ فَاحْذَرْهُمْ ؕ قٰتَلَهُمُ اللّٰهُ ؗ اَنّٰی یُؤْفَكُوْنَ ۟
Wa-ʹiẓaa raʹaytahum tuʻjibuka ʹajsaamuhum; wa-ʹiñy yaq̣ooloo tasmaʻ liq̣awlihim: Kaʹannahum khushubum musannadah. Yaḥsaboona kulla ṣayḥatin ʻalayhim. Humul ʻaduwwu faḥẓarhum. Q̣aatalahumul laah! ʹAnnaa yuʹfakoon!
තවද නුඹ ඔවුන් දුටු විට ඔවුන්ගේ ශරීර(හැඩරුව) නුඹව විශ්මයට පත් කරනු ඇත. තවද ඔවුන් (යමක්) පවසන්නේ නම් ඔවුන්ගේ ප්‍රකාශයට නුඹ සවන් දෙනු ඇත. නියත වශයෙන් ම ඔවුන් හේත්තු කර තැබු ලී කොටයක් මෙනි. සෑම හඬක්ම තමන්ට එරෙහි වූවක් යැයි ඔවුහු සිතති. ඔවුහු මය සතුරෝ. එහෙයින් නුඹ ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. අල්ලාහ් ඔවුන් විනාශ කරත්වා! ඔවුන් (සත්‍යයෙන්) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
Verse 63:5
وَاِذَا قِیْلَ لَهُمْ تَعَالَوْا یَسْتَغْفِرْ لَكُمْ رَسُوْلُ اللّٰهِ لَوَّوْا رُءُوْسَهُمْ وَرَاَیْتَهُمْ یَصُدُّوْنَ وَهُمْ مُّسْتَكْبِرُوْنَ ۟
Wa-ʹiẓaa q̣eela lahum taʻaalaw yastag̣fir lakum Rasoolul laahi lawwaw ruʹoosahum wa-raʹaytahum yaṣuddoona wa-hum mustakbiroon.
තවද “නුඹලා එනු. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලා වෙනුවෙන් සමාව අයැදිනු ඇතැයි” ඔවුනට කියනු ලැබූ විට ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගනිති. ඔවුන් උඩඟු වූවන් ලෙස සිටිමින් (අල්ලාහ්ගේ මාර්ගයෙන්) ඔවුන් අවහිර කිරීම නුඹ දකිනු ඇත.
Verse 63:6
سَوَآءٌ عَلَیْهِمْ اَسْتَغْفَرْتَ لَهُمْ اَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ ؕ لَنْ یَّغْفِرَ اللّٰهُ لَهُمْ ؕ اِنَّ اللّٰهَ لَا یَهْدِی الْقَوْمَ الْفٰسِقِیْنَ ۟
Sawaaaʹun ʻalayhim ʹastag̣farta lahum ʹam lam tastag̣fir lahum. Lañy yag̣firal laahu lahum. ʹInnal laaha laa- yahdil q̣awmal faasiq̣een.
නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටිය ද ඔවුන් වෙනුවෙන් නුඹ සමාව නො ඇයද සිටිය ද ඔවුන් වෙත එක සමාන ය. අල්ලාහ් ඔවුනට සමාව නො දෙන්නේ ම ය. නියත වශයෙන් ම අල්ලාහ් පාපතර ජනයාට මග නො පෙන්වයි.
Verse 63:7
هُمُ الَّذِیْنَ یَقُوْلُوْنَ لَا تُنْفِقُوْا عَلٰی مَنْ عِنْدَ رَسُوْلِ اللّٰهِ حَتّٰی یَنْفَضُّوْا ؕ وَلِلّٰهِ خَزَآىِٕنُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَلٰكِنَّ الْمُنٰفِقِیْنَ لَا یَفْقَهُوْنَ ۟
Humul laẓeena yaq̣ooloona laa- tuñfiq̣oo ʻalaa man ʻiñda Rasoolil laahi ḥattaa yañfaḍḍoo. Wa-lillaahi khazaaaʹinus samaawaati wal-ʹarḍi walaakinnal Munaafiq̣eena laa- yafq̣ahoon.
ඔවුන් වනාහි ‘අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින්නන් කෙරෙහි ඔවුන් වෙන්ව යන තුරු නුඹලා වියදම් නො කරනු’ යැයි (අන් අයට) පවසන්නෝ වෙති. අහස් හා මහපොළොවෙහි සම්පත් අල්ලාහ් සතු ය. එනමුත් කුහකයින් වටහා නො ගනිති.
Verse 63:8
یَقُوْلُوْنَ لَىِٕنْ رَّجَعْنَاۤ اِلَی الْمَدِیْنَةِ لَیُخْرِجَنَّ الْاَعَزُّ مِنْهَا الْاَذَلَّ ؕ وَلِلّٰهِ الْعِزَّةُ وَلِرَسُوْلِهٖ وَلِلْمُؤْمِنِیْنَ وَلٰكِنَّ الْمُنٰفِقِیْنَ لَا یَعْلَمُوْنَ ۟۠
Yaq̣ooloona laʹir rajaʻnaaa ʹilal Madeenati layukhrijannal ʹaʻazzu minhal ʹaẓall. Wa-lillaahil ʻizzatu wa-li-Rasoolihee wa-lil-Muʹmineena walaakinnal Munaafiq̣eena laa- yaʻlamoon.
“අප මදීනාව වෙත හැරී ආවේ නම් උසස් අය පහත් අයව එයින් පිටුවහල් කරනු ඇතැ”යි ඔවුහු පවසති. සියලු ගෞරවයන් අල්ලාහ් සතු ය. තවද ඔහුගේ දූතයාණන් හා දේවත්වය විශ්වාස කරන්නන් සතු ය. එහෙත් කුහකයින් අවබෝධ කර නො ගනිති.
Verse 63:9
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تُلْهِكُمْ اَمْوَالُكُمْ وَلَاۤ اَوْلَادُكُمْ عَنْ ذِكْرِ اللّٰهِ ۚ وَمَنْ یَّفْعَلْ ذٰلِكَ فَاُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟
Yaaaʹayyuhal laẓeena ʹaamanoo laa- tulhikum ʹamwaalukum wa-laaa ʹawlaadukum ʻañ-Ẓik ril laah. Wa-mañy yafʻal ẓaalika faʹulaaaʹika humul khaasiroon.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් අල්ලාහ් මෙනෙහි කිරීමෙන් නුඹලා වෙනතකට යොමු නො කරත්වා! කවරෙකු එය සිදු කරන්නේ ද එවිට ඔවුහු මය අලාභවන්තයෝ.
Verse 63:10
وَاَنْفِقُوْا مِنْ مَّا رَزَقْنٰكُمْ مِّنْ قَبْلِ اَنْ یَّاْتِیَ اَحَدَكُمُ الْمَوْتُ فَیَقُوْلَ رَبِّ لَوْلَاۤ اَخَّرْتَنِیْۤ اِلٰۤی اَجَلٍ قَرِیْبٍ ۙ فَاَصَّدَّقَ وَاَكُنْ مِّنَ الصّٰلِحِیْنَ ۟
Wa-ʹañfiq̣oo mim maa razaq̣naakum miñ q̣abli ʹañy yaʹtiya ʹaḥadakumul Mawtu fayaq̣oola Rabbi Law-laaa ʹakhkhartaneee ʹilaaa ʹajaliñ q̣areebiñ faʹaṣṣaddaq̣a wa-ʹakum minaṣ Ṣaaliḥeen.
තවද නුඹලා අතරින් කෙනෙකුට මරණය පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. “මාගේ පරමාධිපතියාණනි! මද කලකට ඔබ මා ප්‍රමාද කළ යුතු නො වේ ද? එවිට මම පරිත්‍යාග කරමි. තවද දැහැමියන් අතරින් කෙනෙකු වෙමි” යැයි ඔහු පවසයි.
Verse 63:11
وَلَنْ یُّؤَخِّرَ اللّٰهُ نَفْسًا اِذَا جَآءَ اَجَلُهَا ؕ وَاللّٰهُ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟۠
Wa-lañy yuʹakhkhiral laahu nafsan ʹiẓaa jaaaʹa ʹajaluhaa; Wallaahu khabeerum bimaa taʻmaloon.
තවද අවසන් කාලය පැමිණි විට කිසිදු ආත්මයක් අල්ලාහ් ප්‍රමාද නො කරන්නේ ම ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.