Surah Al-Mulk
Surah Al-Mulk (The Sovereignty) is Surah 67 of the Holy Quran, a Meccan Surah with 30 verses, available here in Sinhalese.
Verse 67:1
تَبٰرَكَ الَّذِیْ بِیَدِهِ الْمُلْكُ ؗ وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرُ ۟ۙ
Tabaarakal laẓee bi-Yadihil MULK; wa-Huwa ʻalaa kulli shayʹiñ Q̣adeer:―
(සියලු) පාලන බලය කවරෙකුගේ අතෙහි ඇත්තේද ඔහු භාග්‍ය සම්පන්න විය. තවද ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්න ය.
Verse 67:2
لَّذِیْ خَلَقَ الْمَوْتَ وَالْحَیٰوةَ لِیَبْلُوَكُمْ اَیُّكُمْ اَحْسَنُ عَمَلًا ؕ وَهُوَ الْعَزِیْزُ الْغَفُوْرُ ۟ۙ
ʹAllaẓee khalaq̣al Mawta wal-Ḥayaata liyabluwakum ʹayyukum ʹaḥsanu ʻamalaa; wa-Huwal ʻAzeezul G̣afoor;―
ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැ? යි ඔහු නුඹලාව පරීක්ෂා කරනු පිණිස ය. තවද ඔහු සර්ව බලධාරී ය; අතික්ෂමාශීලී ය.
Verse 67:3
الَّذِیْ خَلَقَ سَبْعَ سَمٰوٰتٍ طِبَاقًا ؕ مَا تَرٰی فِیْ خَلْقِ الرَّحْمٰنِ مِنْ تَفٰوُتٍ ؕ فَارْجِعِ الْبَصَرَ ۙ هَلْ تَرٰی مِنْ فُطُوْرٍ ۟
ʹAllaẓee khalaq̣a sabʻa samaawaatiñ ṭibaaq̣aa: maa- taraa fee Khalq̣ir Raḥmaani miñ tafaawut. Farjiʻil baṣara hal taraa miñ fuṭoor?
ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේ ය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නො දකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැ? යි නෙත් යොමු කර බලනු.
Verse 67:4
ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَیْنِ یَنْقَلِبْ اِلَیْكَ الْبَصَرُ خَاسِئًا وَّهُوَ حَسِیْرٌ ۟
S̤ummar jiʻil baṣara karratayni yañq̣alib ʹilaykal baṣaru khaasiʹañw wahuwa ḥaseer.
පසුවද නුඹ දෙවරක් නෙත් යොමු කර බලනු. එම නෙත් නුඹ වෙත එය වෙහෙසට පත් තත්ත්වයේ අවමානයෙන් යුතුව හැරෙනු ඇත.
Verse 67:5
وَلَقَدْ زَیَّنَّا السَّمَآءَ الدُّنْیَا بِمَصَابِیْحَ وَجَعَلْنٰهَا رُجُوْمًا لِّلشَّیٰطِیْنِ وَاَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِیْرِ ۟
Wa-laq̣ad zayyannas samaaaʹad dunyaa bimaṣaabeeḥa wa-jaʻalnaahaa rujoomal lishshayaaṭeeni wa-ʹaʻtadnaa lahum ʻaẓaabas Saʻeer.
තවද සැබැවින් ම අපි මෙලොව අහස පහන් මඟින් අලංකාරවත් කළෙමු. ඒවා ෂෙයිතානුන් පළවා හරින වස්තූන් බවට අපි පත් කළෙමු. තවද අපි ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද සූදානම් කර ඇත්තෙමු.
Verse 67:6
وَلِلَّذِیْنَ كَفَرُوْا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ؕ وَبِئْسَ الْمَصِیْرُ ۟
Wa-lillaẓeena kafaroo bi-Rabbihim ʻAẓaabu Jahannam: wa-biʻsal maṣeer.
එමෙන් ම තම පරමාධිපතිව ප්‍රතික්ෂේප කළවුනට නිරයේ දඬුවම ඇත. තවද (ඔවුහු) යොමු වන ස්ථානය නපුරු විය.
Verse 67:7
اِذَاۤ اُلْقُوْا فِیْهَا سَمِعُوْا لَهَا شَهِیْقًا وَّهِیَ تَفُوْرُ ۟ۙ
ʹIẓaaa ʹulq̣oo feehaa samiʻoo lahaa shaheeq̣añw wahiya tafoor,―
ඔවුන් එහි හෙළනු ලැබූ කල්හි එය උතුරමින් තිබිය දී ඉන් ඔවුහු දැඩි පිළිකුල් හඬකට සවන් දෙති.
Verse 67:8
تَكَادُ تَمَیَّزُ مِنَ الْغَیْظِ ؕ كُلَّمَاۤ اُلْقِیَ فِیْهَا فَوْجٌ سَاَلَهُمْ خَزَنَتُهَاۤ اَلَمْ یَاْتِكُمْ نَذِیْرٌ ۟
Takaadu tamayyazu minal g̣ayz̤̣: kullamaaa ʹulq̣iya feehaa fawjuñ saʹalahum khazanatuhaaa ʹalam yaʹtikum Naẓeer?
එය කෝපයෙන් පිපිරෙන්නාක් මෙනි. එහි පිරිසක් දමනු ලැබූ සෑම විටකම “අවවාද කරන්නෙකු නුඹලා වෙත නො පැමිණියේ දැ?”යි එහි භාරකරුවෝ ඔවුන්ගෙන් විමසති.
Verse 67:9
قَالُوْا بَلٰی قَدْ جَآءَنَا نَذِیْرٌ ۙ۬ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ اللّٰهُ مِنْ شَیْءٍ ۖۚ اِنْ اَنْتُمْ اِلَّا فِیْ ضَلٰلٍ كَبِیْرٍ ۟
Q̣aaloo balaa q̣ad jaaaʹanaa Naẓeer; fakaẓẓabnaa waq̣ulnaa maa- nazzalal laahu miñ shayʹ: ʹin ʹañtum ʹillaa fee ḍalaaliñ kabeer!
“එසේ ය. අප වෙත අනතුරු අඟවන්නෙකු සැබැවින් ම පැමිණියේ ය. එවිට අපි බොරු කළෙමු. තවද අල්ලාහ් කිසිදු දෙයක් පහළ කර නැත. නුඹලා මහත් වූ මුළාවේ මිස නැතැයි” අපි කීවෙමුයි ඔවුහු පවසති.
Verse 67:10
وَقَالُوْا لَوْ كُنَّا نَسْمَعُ اَوْ نَعْقِلُ مَا كُنَّا فِیْۤ اَصْحٰبِ السَّعِیْرِ ۟
Wa-q̣aaloo law kunnaa nasmaʻu ʹaw naʻq̣ilu maa- kunnaa feee ʹAṣḥaabis Saʻeer!
තවද අප සවන් දෙමින් හෝ අවබෝධ කර ගනිමින් සිටියෙමු නම් දැවෙන ගින්නේ සහකාරයින්ගෙන් අප නො වන්නෙමුයි ඔවුහු කියති.
Verse 67:11
فَاعْتَرَفُوْا بِذَنْۢبِهِمْ ۚ فَسُحْقًا لِّاَصْحٰبِ السَّعِیْرِ ۟
Faʻtarafoo biẓambihim: fasuḥq̣al liʹAṣḥaabis Saʻeer!
එවිට ඔවුහු තම වරද පිළිගනිති. එහෙයින් දැවෙන ගින්නේ සහකාරයින්ට ශාපය වේවා!
Verse 67:12
اِنَّ الَّذِیْنَ یَخْشَوْنَ رَبَّهُمْ بِالْغَیْبِ لَهُمْ مَّغْفِرَةٌ وَّاَجْرٌ كَبِیْرٌ ۟
ʹInnal laẓeena yakhshawna Rabbahum̃ bilg̣aybi lahum Mag̣firatuñw WaʹAjruñ kabeer.
නියත වශයෙන් ම අදෘශ්‍යමානයෙහි තම පරමාධිපතිට බිය වන අය වනාහි ඔවුනට සමාව හා මහත් වූ තිළිණයක් ඇත.
Verse 67:13
وَاَسِرُّوْا قَوْلَكُمْ اَوِ اجْهَرُوْا بِهٖ ؕ اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
Wa-ʹasirroo q̣awlakum ʹawij haroo bih; ʹinnahoo ʻAleemum biẓaatiṣ ṣudoor.
තවද නුඹලාගේ ප්‍රකාශයන් රහසිගතව කියනු. නැතහොත් එය හඬ නගා කියනු. නියත වශයෙන් ම ඔහු හදවත්හි ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය.
Verse 67:14
اَلَا یَعْلَمُ مَنْ خَلَقَ ؕ وَهُوَ اللَّطِیْفُ الْخَبِیْرُ ۟۠
ʹAlaa yaʻlamu man khalaq̣? Wa-Huwal Laṭeeful Khabeer.
(සියල්ල) මැවූ ඔහු නො දන්නේ ද? ඔහු සියුම් ඥානී ය; අභිඥානවන්ත ය.
Verse 67:15
هُوَ الَّذِیْ جَعَلَ لَكُمُ الْاَرْضَ ذَلُوْلًا فَامْشُوْا فِیْ مَنَاكِبِهَا وَكُلُوْا مِنْ رِّزْقِهٖ ؕ وَاِلَیْهِ النُّشُوْرُ ۟
Huwal laẓee jaʻala lakumul ʹarḍa ẓaloolañ famshoo fee manaakibihaa wa-kuloo mir rizq̣ih: wa-ʹilayhin Nushoor.
නුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් සැකසුවේ ඔහු ය. එහෙයින් එහි පැතිකඩවල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ.
Verse 67:16
ءَاَمِنْتُمْ مَّنْ فِی السَّمَآءِ اَنْ یَّخْسِفَ بِكُمُ الْاَرْضَ فَاِذَا هِیَ تَمُوْرُ ۟ۙ
ʹA-ʹamiñtum mañ fis Samaaaʹi ʹañy yakhsifa bikumul ʹarḍa faʹiẓaa hiya tamoor?
අහසේ සිටින්නා මහපොළොවේ නුඹලාව ගිල් වීම ගැන නුඹලා නිර්භියව සිටින්නෙහු ද? එවිට එය කම්පනය වෙමින් පවතී.
Verse 67:17
اَمْ اَمِنْتُمْ مَّنْ فِی السَّمَآءِ اَنْ یُّرْسِلَ عَلَیْكُمْ حَاصِبًا ؕ فَسَتَعْلَمُوْنَ كَیْفَ نَذِیْرِ ۟
ʹAm ʹamiñtum mañ fis Samaaaʹi ʹañy yursila ʻalaykum ḥaaṣibaa? Fasataʻlamoona kayfa naẓeer.
එසේ නැතහොත් අහසෙහි සිටින්නා ගල් කුණාටුවක් නුඹලා වෙත එවීම ගැන නිර්භියව සිටින්නෙහු ද? එවිට මාගේ අනතුරු ඇඟවීම කෙසේ දැ? යි නුඹලා මතු දැන ගනු ඇත.
Verse 67:18
وَلَقَدْ كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَكَیْفَ كَانَ نَكِیْرِ ۟
Wa-laq̣ad kaẓẓabal laẓeena miñ q̣ablihim fakayfa kaana nakeer?
තවද සැබැවින් ම ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝ ය. එවිට මාගේ උදහස කෙසේ වී ද?
Verse 67:19
اَوَلَمْ یَرَوْا اِلَی الطَّیْرِ فَوْقَهُمْ صٰٓفّٰتٍ وَّیَقْبِضْنَ ؔؕۘ مَا یُمْسِكُهُنَّ اِلَّا الرَّحْمٰنُ ؕ اِنَّهٗ بِكُلِّ شَیْءٍ بَصِیْرٌ ۟
ʹAwalam yaraw ʹilaṭ ṭayri fawq̣ahum ṣaaaffaatiñw Wayaq̣biḍn? Maa- yum-siku-hunna ʹillar Raḥmaan: ʹinnahoo bikulli shayʹim Baṣeer.
ඔවුනට ඉහළින් පක්ෂීන් තම පියාපත් දිගු හරිමින් හා හකුළුවාලමින් පියාසර කිරීම ඔවුහු නුදුටුවෝ ද? උන් රඳවා තබනුයේ අපරිමිත දයාන්විතයාණන් මිස අන් කිසිවෙකු නො වෙයි. නියත වශයෙන් ම ඔහු සෑම දෙයක් පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
Verse 67:20
اَمَّنْ هٰذَا الَّذِیْ هُوَ جُنْدٌ لَّكُمْ یَنْصُرُكُمْ مِّنْ دُوْنِ الرَّحْمٰنِ ؕ اِنِ الْكٰفِرُوْنَ اِلَّا فِیْ غُرُوْرٍ ۟ۚ
ʹAmman haaẓal laẓee huwa juñdul lakum yañṣurukum miñ doonir Raḥmaan? ʹInil kaafiroona ʹillaa fee g̣uroor.
අපරිමිත දායන්විතයාණන් හැර නුඹලාට උදව් කරන නුඹලා සතු සේනාව කවරෙකු ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මුළාවෙහි මිස නැත.
Verse 67:21
اَمَّنْ هٰذَا الَّذِیْ یَرْزُقُكُمْ اِنْ اَمْسَكَ رِزْقَهٗ ۚ بَلْ لَّجُّوْا فِیْ عُتُوٍّ وَّنُفُوْرٍ ۟
ʹAmman haaẓal laẓee yarzuq̣ukum ʹin ʹamsaka Rizq̣ah? Bal lajjoo fee ʻutuwwiñw Wanufoor.
නැතහොත් ඔහුගේ පෝෂණය ඔහු නතර කළේ නම් නුඹලාට පෝෂණය සපයනුයේ කවරෙකු ද? නමුත් ඔවුහු සත්‍යයෙන් දුරස්ව සීමාව ඉක්මවීමෙහි හා (සත්‍යයෙන්) පලා යෑමෙහි එල්බගෙන සිටිති.
Verse 67:22
اَفَمَنْ یَّمْشِیْ مُكِبًّا عَلٰی وَجْهِهٖۤ اَهْدٰۤی اَمَّنْ یَّمْشِیْ سَوِیًّا عَلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
ʹAfamañy yamshee mukibban ʻalaa wajhiheee ʹahdaaa ʹammañy yamshee sawiyyan ʻalaa Ṣiraaṭim Mustaq̣eem.
තම මුහුණ මුණින් අතට වැටී ඇවිදින්නා ද එසේ නැතහොත් කෙළින් ඍජු මාර්ගය මත ඇවිදින්නා ද ඍජු මාර්ගයක සිටිනුයේ?
Verse 67:23
قُلْ هُوَ الَّذِیْۤ اَنْشَاَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْاَبْصَارَ وَالْاَفْـِٕدَةَ ؕ قَلِیْلًا مَّا تَشْكُرُوْنَ ۟
Q̣ul Huwal laẓeee ʹañshaʹakum wa-jaʻala lakumus samʻa wal-ʹabṣaara wal-ʹafʹidah: q̣aleelam maa tashkuroon.
නුඹලා නිර්මාණය කොට නුඹලාට ශ්‍රවණය ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහු ය. නුඹලා ගුණ ගරුක වනුයේ ස්වල්පයකි යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 67:24
قُلْ هُوَ الَّذِیْ ذَرَاَكُمْ فِی الْاَرْضِ وَاِلَیْهِ تُحْشَرُوْنَ ۟
Q̣ul Huwal laẓee ẓaraʹakum fil ʹarḍi wa-ʹilayhi tuḥsharoon.
නුඹලා මහපොළොවෙහි විසුරුවා හැරියේ ඔහු ය. තවද ඔහු වෙතය නුඹලා එක්රැස් කරනු ලබනුයේ යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 67:25
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
Wa-yaq̣ooloona mataa haaẓal waʻdu ʹiñ kuñtum ṣaadiq̣een.
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම පොරොන්දුව (ඉටු කරනු ලබනුයේ) කවදා දැ? යි ඔවුහු ප්‍රශ්න කරති.
Verse 67:26
قُلْ اِنَّمَا الْعِلْمُ عِنْدَ اللّٰهِ ۪ وَاِنَّمَاۤ اَنَا نَذِیْرٌ مُّبِیْنٌ ۟
Q̣ul ʹinnamal ʻilmu ʻiñdal laah: wa-ʹinnamaaa ʹana Naẓeerum mubeen.
(එයට) නියත වශයෙන් ම (මේ ගැන) දැනුම ඇත්තේ අල්ලාහ් වෙත ය. තවද නියත වශයෙන් ම මම පැහැදිලි අනතුරු අඟවන්නෙකු පමණකියි (නබිවරය!) නුඹ පවසනු.
Verse 67:27
فَلَمَّا رَاَوْهُ زُلْفَةً سِیْٓـَٔتْ وُجُوْهُ الَّذِیْنَ كَفَرُوْا وَقِیْلَ هٰذَا الَّذِیْ كُنْتُمْ بِهٖ تَدَّعُوْنَ ۟
Falammaa raʹawhu zulfatañ seeeʹat wujoohul laẓeena kafaroo wa-q̣eela haaẓal laẓee kuñtum̃ bihee taddaʻoon!
එය කිට්ටුවෙන් ම ඔවුන් දකින කල්හි ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණු නරක් වී යයි. තවද මෙය නුඹලා (ඉක්මන් කරන්නැයි) වාද කරමින් සිටි දෑ යැයි එවිට ඔවුනට කියනු ලැබේ.
Verse 67:28
قُلْ اَرَءَیْتُمْ اِنْ اَهْلَكَنِیَ اللّٰهُ وَمَنْ مَّعِیَ اَوْ رَحِمَنَا ۙ فَمَنْ یُّجِیْرُ الْكٰفِرِیْنَ مِنْ عَذَابٍ اَلِیْمٍ ۟
Q̣ul ʹaraʹaytum ʹin ʹahlakaniyal laahu wa-mam maʻiya ʹaw raḥimanaa famañy yujeerul kaafireena min ʻAẓaabin ʹaleem.
(නබිවරය!) මා හා මා සමඟ සිටින අය අල්ලාහ් විනාශ කළේ නම් හෝ නැතහොත් අප වෙත ඔහු දයාව දැක් වූයේ නම් හෝ වේදනීය දඬුවමින් ප්‍රතික්ෂේපකයින් ගලවා ගන්නේ කවුරුන් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි (ඔවුන්ගෙන්) විමසනු.
Verse 67:29
قُلْ هُوَ الرَّحْمٰنُ اٰمَنَّا بِهٖ وَعَلَیْهِ تَوَكَّلْنَا ۚ فَسَتَعْلَمُوْنَ مَنْ هُوَ فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟
Q̣ul Huwar Raḥmaanu ʹaamannaa bihee wa-ʻalayhi tawakkalnaa: fasataʻlamoona man huwa fee ḍalaalim mubeen.
අපිරිමිත දයාන්විතයා ඔහු ය. අපි ඔහු ගැන විශ්වාස කළෙමු. තවද ඔහු වෙත ම බලාපොරොත්තු තබන්නෙමු. එහෙයින් කවරෙකු ප්‍රකට නොමගෙහි දැ? යි නුඹලා මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 67:30
قُلْ اَرَءَیْتُمْ اِنْ اَصْبَحَ مَآؤُكُمْ غَوْرًا فَمَنْ یَّاْتِیْكُمْ بِمَآءٍ مَّعِیْنٍ ۟۠
Q̣ul ʹaraʹaytum ʹin ʹaṣbaḥa maaaʹukum g̣awrañ famañy yaʹteekum̃ bimaaaʹim maʻeen?
නුඹලාගේ ජලය (මහපොළොව තුළට) කිඳා බැස්සේ නම් ගලා යන දිය දහර නුඹලාට ලබා දෙන්නේ කවුරුන් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි (නබිවරය!) නුඹ විමසනු.