Surah Al-Jinn
Surah Al-Jinn (The Jinn) is Surah 72 of the Holy Quran, a Meccan Surah with 28 verses, available here in Sinhalese.
Verse 72:1
قُلْ اُوْحِیَ اِلَیَّ اَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِّنَ الْجِنِّ فَقَالُوْۤا اِنَّا سَمِعْنَا قُرْاٰنًا عَجَبًا ۟ۙ
Q̣ul ʹooḥiya ʹilayya ʹanna hustamaʻa nafarum minal Jinni faq̣aalooo ʹinnaa samiʻnaa Q̣urʹaanan ʻajabaa,
නියත වශයෙන් ම ජින්නුන්ගෙන් පිරිසක් (අල් කුර්ආනයට) සවන් දී "සැබැවින් ම අපි පුදුමාකාර පාරායනයකට සවන් දුන්නෙමු යැයි පැවසූ වග මා වෙත දේව පණිවිඩය මඟින් දන්වනු ලැබීය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 72:2
یَّهْدِیْۤ اِلَی الرُّشْدِ فَاٰمَنَّا بِهٖ ؕ وَلَنْ نُّشْرِكَ بِرَبِّنَاۤ اَحَدًا ۟ۙ
Yahdeee ʹilar Rushdi faʹaamannaa bih: wa-lan nushrika bi-Rabbinaaa ʹaḥadaa.
එය ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපතිට කිසිවකු හෝ ආදේශ නො කරන්නෙමු යැයි පැවසූ බවත් (දන්වනු ලැබී ය.)
Verse 72:3
وَّاَنَّهٗ تَعٰلٰی جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَّلَا وَلَدًا ۟ۙ
Wa-ʹannahoo Taʻaalaa Jaddu Rabbinaa mat takhaẓa ṣaaḥibatañw walaa waladaa.
“තවද නියත වශයෙන් ම අපගේ පරමාධිපතිගේ කීර්තිය උත්තරීතර විය. ඔහු සහකාරියක හෝ දරුවෙකු හෝ නො ගත්තේ ය.”
Verse 72:4
وَّاَنَّهٗ كَانَ یَقُوْلُ سَفِیْهُنَا عَلَی اللّٰهِ شَطَطًا ۟ۙ
Wa-ʹannahoo kaana yaq̣oolu safeehunaa ʻal allaahi shaṭaṭaa;
තවද අප අතර සිටි අඥානයකු අල්ලාහ්ට එරෙහිව ප්‍රබන්ධ කතා පවසා සිටියේ ය.
Verse 72:5
وَّاَنَّا ظَنَنَّاۤ اَنْ لَّنْ تَقُوْلَ الْاِنْسُ وَالْجِنُّ عَلَی اللّٰهِ كَذِبًا ۟ۙ
Wa-ʹannaa z̤̣anannaaa ʹal lañ taq̣oolal ʹiñsu wal-jinnu ʻal allaahi kaẓibaa.
“මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අල්ලාහ්ට එරෙහිව බොරුවක් කිසිවිටෙක නො පවසනු ඇතැයි නියත වශයෙන් ම අපි සිතමින් සිටියෙමු.”
Verse 72:6
وَّاَنَّهٗ كَانَ رِجَالٌ مِّنَ الْاِنْسِ یَعُوْذُوْنَ بِرِجَالٍ مِّنَ الْجِنِّ فَزَادُوْهُمْ رَهَقًا ۟ۙ
Wa-ʹannahoo kaana rijaalum minal ʹiñsi yaʻooẓoona birijaalim minal Jinni fazaadoohum rahaq̣aa.
තවද නියත වශයෙන් ම ජින් වර්ගයාගෙන් වූ පිරිසකගෙන් මිනිස් වර්ගයාගෙන් පිරිසක් ආරක්ෂාව පැතුවෝ ය. එහෙයින් ඔවුහු ඔවුනට උඩඟුකම අධික කළෝ ය.
Verse 72:7
وَّاَنَّهُمْ ظَنُّوْا كَمَا ظَنَنْتُمْ اَنْ لَّنْ یَّبْعَثَ اللّٰهُ اَحَدًا ۟ۙ
Wa-ʹannahum z̤̣annoo kamaa z̤̣anañtum ʹal lañy yabʻas̤al laahu ʹaḥadaa.
අල්ලාහ් කිසිවකුත් නැවත (පණ දී) නැගිටුවන්නේ ම නැතැයි නුඹලා සිතුවාක් මෙන් සැබැවින් ම ඔවුහු ද සිතුවෝ ය.
Verse 72:8
وَّاَنَّا لَمَسْنَا السَّمَآءَ فَوَجَدْنٰهَا مُلِئَتْ حَرَسًا شَدِیْدًا وَّشُهُبًا ۟ۙ
Wa-ʹannaa lamasnas samaaaʹa fawajadnaahaa muliʹat ḥarasañ shadeedañw washuhubaa.
තවද නියත වශයෙන් ම (ජින්වරුන් වන) අපි අහස ස්පර්ශ කළෙමු. එවිට එය දැඩි ආරක්ෂාවෙන් හා උල්කාපාතවලින් පිරී තිබෙනු අපි දුටුවෙමු.
Verse 72:9
وَّاَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ؕ فَمَنْ یَّسْتَمِعِ الْاٰنَ یَجِدْ لَهٗ شِهَابًا رَّصَدًا ۟ۙ
Wa-ʹannaa kunnaa naq̣ʻudu minhaa maq̣aaʻida lissamʻ; famañy yastamiʻil ʹaana yajid lahoo shihaabar raṣadaa.
තවද (අහසේ සිදු වන කතා බහ) සවන් දීම සඳහා අසුන් ගන්නා ස්ථානයන්හි අසුන් ගන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් කවරෙකු හෝ එසේ සවන් දුන්නේ නම් එවිට උල්කා ප්‍රහාර ඔහු ලබනු ඇත.
Verse 72:10
وَّاَنَّا لَا نَدْرِیْۤ اَشَرٌّ اُرِیْدَ بِمَنْ فِی الْاَرْضِ اَمْ اَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا ۟ۙ
Waʹannaa laa- nadreee ʹasharrun ʹureeda bimañ fil ʹarḍi ʹam ʹaraada bihim Rabbuhum rashadaa.
තවද මහපොළොවේ වෙසෙන්නන්හට නපුරක් අපේක්ෂා කරනු ලබන්නේ ද එසේ නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග අපේක්ෂා කරන්නේ දැ? යි නියත වශයෙන් ම අපි නො දනිමු.
Verse 72:11
وَّاَنَّا مِنَّا الصّٰلِحُوْنَ وَمِنَّا دُوْنَ ذٰلِكَ ؕ كُنَّا طَرَآىِٕقَ قِدَدًا ۟ۙ
Wa-ʹannaa minnaṣ ṣaaliḥoona wa-minnaa doona ẓaalik: kunnaa ṭaraaaʹiq̣a q̣idadaa.
තවද නියත වශයෙන් ම අප අතරින් දැහැමියෝ ද වෙති. එමෙන් ම අප අතරින් එසේ නො වන්නන් ද වෙති. අපි විවිධ මාර්ගවල වෙන්ව සිටියෙමු.
Verse 72:12
وَّاَنَّا ظَنَنَّاۤ اَنْ لَّنْ نُّعْجِزَ اللّٰهَ فِی الْاَرْضِ وَلَنْ نُّعْجِزَهٗ هَرَبًا ۟ۙ
Wa-ʹannaa z̤̣anannaaa ʹal lan nuʻjizal laaha fil ʹarḍi wa-lan nuʻjizahoo harabaa.
තවද මහපොළොවේ අල්ලාහ් පරාජය කිරීමට අපට නොහැකි බවත් පලා යෑමෙන් ඔහු පරාජයට පත් කළ නොහැකි බවත් සැබැවින් ම අපි සිතුවෙමු.
Verse 72:13
وَّاَنَّا لَمَّا سَمِعْنَا الْهُدٰۤی اٰمَنَّا بِهٖ ؕ فَمَنْ یُّؤْمِنْ بِرَبِّهٖ فَلَا یَخَافُ بَخْسًا وَّلَا رَهَقًا ۟ۙ
Wa-ʹannaa lammaa samiʻnal Hudaaa ʹaamannaa bih. Famañy yuʹmim bi-Rabbihee falaa yakhaafu bakhsañw walaa rahaq̣aa.
තවද නියත වශයෙන් ම අපි යහමගට සවන් දුන් කල්හි අපි එය විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති විශ්වාස කරන්නේ ද එවිට පාඩුවක් ගැන හෝ අසාධාරණයක් ගැන හෝ ඔහු බිය නො වනු ඇත.
Verse 72:14
وَّاَنَّا مِنَّا الْمُسْلِمُوْنَ وَمِنَّا الْقٰسِطُوْنَ ؕ فَمَنْ اَسْلَمَ فَاُولٰٓىِٕكَ تَحَرَّوْا رَشَدًا ۟
Wa-ʹannaa minnal Muslimoona wa-minnal Q̣aasiṭoon. Faman ʹaslama faʹulaaaʹika taḥarraw rashadaa.
තවද නියත වශයෙන් ම අප වනාහි අප අතරින් අවනත වන්නෝ ද වෙති. එමෙන් ම අප අතරින් (සත්‍යයෙන්) බැහැර වන්නෝ ද වෙති. එහෙයින් කවුරුන් අවනත වන්නෝ ද ඔවුහු ඍජු මග සොයා ගත්තෝ ය.
Verse 72:15
وَاَمَّا الْقٰسِطُوْنَ فَكَانُوْا لِجَهَنَّمَ حَطَبًا ۟ۙ
Wa-ʹammal Q̣aasiṭoona fakaanoo li-Jahannama ḥaṭabaa―
තවද (සත්‍යයෙන්) බැහැර වන්නෝ වූ කලී නිරය සඳහා ඉන්ධන බවට ඔවුහු පත් වූවෝ ය.
Verse 72:16
وَّاَنْ لَّوِ اسْتَقَامُوْا عَلَی الطَّرِیْقَةِ لَاَسْقَیْنٰهُمْ مَّآءً غَدَقًا ۟ۙ
Wa-ʹalla-wis taq̣aamoo ʻalaṭ Ṭareeq̣ati laʹasq̣aynaahum maaaʹan g̣adaq̣aa.
එසේ ම (යහ) මාර්ගයේ ඔවුන් ස්ථාවරව සිටියේ නම් අපි ඔවුනට බහුල වශයෙන් ජලය සපයන්නෙමු යන වගත් (මට දන්වනු ලැබී ය.)
Verse 72:17
لِّنَفْتِنَهُمْ فِیْهِ ؕ وَمَنْ یُّعْرِضْ عَنْ ذِكْرِ رَبِّهٖ یَسْلُكْهُ عَذَابًا صَعَدًا ۟ۙ
Linaftinahum feeh. Wa-mañy yuʻriḍ ʻañ Ẓikri Rabbihee yaslukhu ʻAẓaabañ ṣaʻadaa.
එය අපි ඔවුන් එහි පරීක්ෂාවට ලක් කරනු පිණිස ය. තවද කවරෙකු තම පරමාධිපති මෙනෙහි කිරීම පිටු දකින්නේ ද ඔහු ඔහුව දරුණු දඬුවමට යොමු කරනු ඇත.
Verse 72:18
وَّاَنَّ الْمَسٰجِدَ لِلّٰهِ فَلَا تَدْعُوْا مَعَ اللّٰهِ اَحَدًا ۟ۙ
Wa-ʹannal Masaajida lil-laahi falaa tadʻoo maʻal laahi ʹaḥadaa;
තවද නියත වශයෙන් ම මස්ජිදයන් අල්ලාහ් සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් සමඟ කිසිවෙක් නො අයදිනු.
Verse 72:19
وَّاَنَّهٗ لَمَّا قَامَ عَبْدُ اللّٰهِ یَدْعُوْهُ كَادُوْا یَكُوْنُوْنَ عَلَیْهِ لِبَدًا ۟ؕ۠
Wa-ʹannahoo lammaa q̣aama ʻAbdul laahi yadʻoohu kaadoo yakoonoona ʻalayhi libadaa.
තවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ගැත්තා (නබිවරයා) ඔහු වෙත ඇරයුම් කිරීමට නැගී සිටී කල්හි ඔවුහු කණ්ඩායම් වශයෙන් ඔහු වෙත සමීපවන්නට වූවෝ ය.
Verse 72:20
قُلْ اِنَّمَاۤ اَدْعُوْا رَبِّیْ وَلَاۤ اُشْرِكُ بِهٖۤ اَحَدًا ۟
Q̣ul ʹinnamaaa ʹadʻoo Rabbee wa-laaa ʹushriku biheee ʹaḥadaa.
“නියත වශයෙන් ම මා අයදිනුයේ මාගේ පරමාධිපතිව ය. තවද මම ඔහුට කිසිවකු හෝ ආදේශ නො කරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 72:21
قُلْ اِنِّیْ لَاۤ اَمْلِكُ لَكُمْ ضَرًّا وَّلَا رَشَدًا ۟
Q̣ul ʹinnee laaa ʹamliku lakum ḍarrañw walaa rashadaa.
“නුඹලාට යම් හානියක් හෝ යම් මග පෙන්වීමක් හෝ සිදු කරන්නට නියත වශයෙන් ම මා බලය නො දරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 72:22
قُلْ اِنِّیْ لَنْ یُّجِیْرَنِیْ مِنَ اللّٰهِ اَحَدٌ ۙ۬ وَّلَنْ اَجِدَ مِنْ دُوْنِهٖ مُلْتَحَدًا ۟ۙ
Q̣ul ʹinnee lañy yujeeranee minal laahi ʹaḥad, wa-lan ʹajida miñ doonihee multaḥadaa,
“(මා අවනත නො වුයේ නම්) අල්ලාහ්ගෙන් මා ආරක්ෂා කරන්නට කිසිවකුට නො හැක්කේ ම ය. තවද ඔහු හැර වෙනත් පිළිසරණක් මම කිසිවිටෙක නො ලබමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 72:23
اِلَّا بَلٰغًا مِّنَ اللّٰهِ وَرِسٰلٰتِهٖ ؕ وَمَنْ یَّعْصِ اللّٰهَ وَرَسُوْلَهٗ فَاِنَّ لَهٗ نَارَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ۟ؕ
ʹIllaa balaag̣am minal laahi wa-Risaalaatih: wa-mañy yaʻṣil laaha wa-Rasoolahoo faʹinna lahoo Naara Jahannama khaalideena feehaaa ʹabadaa.
අල්ලාහ් හා ඔහුගේ දූත පණිවිඩය ගැන දැනුම් දීම මිස (වෙනත් කිසිවක් මා සතු නො වේ.) තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට පිටුපාන්නේද එවිට නියත වශයෙන් ම ඔහුට නිරා ගින්න ඇත. ඔවුහු එහි නිරන්තරයෙන් ම සදාතනිකයින් වෙති.
Verse 72:24
حَتّٰۤی اِذَا رَاَوْا مَا یُوْعَدُوْنَ فَسَیَعْلَمُوْنَ مَنْ اَضْعَفُ نَاصِرًا وَّاَقَلُّ عَدَدًا ۟
Ḥattaaa ʹiẓaa raʹaw maa- yooʻadoona fasayaʻlamoona man ʹaḍʻafu naaṣirañw waʹaq̣allu ʻadadaa.
අවසානයේ ප්‍රතිඥා දෙනු ලබන දෑ ඔවුහු දුටු විට උදව්කරුගෙන් වඩාත් දුර්වල කවුරුන් දැ? යි ද සංඛ්‍යාවෙන් වඩාත් අඩු කවුරුන් දැ? යි ද ඔවුහු මතු දැන ගනු ඇත.
Verse 72:25
قُلْ اِنْ اَدْرِیْۤ اَقَرِیْبٌ مَّا تُوْعَدُوْنَ اَمْ یَجْعَلُ لَهٗ رَبِّیْۤ اَمَدًا ۟
Q̣ul ʹin ʹadreee ʹa-q̣areebum maa tooʻadoona ʹam yajʻalu lahoo Rabbeee ʹamadaa.
“නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීප ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති එයට දිගු කලක් තබා ඇත්තේ දැ? යි ද මම නො දනිමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Verse 72:26
عٰلِمُ الْغَیْبِ فَلَا یُظْهِرُ عَلٰی غَیْبِهٖۤ اَحَدًا ۟ۙ
ʻAalimul G̣aybi falaa yuz̤̣hiru ʻalaa G̣aybiheee ʹaḥadaa,
ඔහු ගුප්ත දෑ දන්නා ය. එහෙයින් ඔහුගේ ගුප්ත දෑ කිසිවකුට ඔහු හෙළිදරව් නො කරයි.
Verse 72:27
اِلَّا مَنِ ارْتَضٰی مِنْ رَّسُوْلٍ فَاِنَّهٗ یَسْلُكُ مِنْ بَیْنِ یَدَیْهِ وَمِنْ خَلْفِهٖ رَصَدًا ۟ۙ
ʹIllaa manir taḍaa mir rasooliñ faʹinnahoo yasluku mim bayni yadayhi wa-min khalfihee raṣadaa,
එහෙත් රසූල්වරයකුගෙන් ඔහු තෝරා ගත් අයට හැර. එවිට ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් නියත වශයෙන් ම ඔහු ආරක්ෂකයින් ගමන් කරවනු ඇත.
Verse 72:28
لِّیَعْلَمَ اَنْ قَدْ اَبْلَغُوْا رِسٰلٰتِ رَبِّهِمْ وَاَحَاطَ بِمَا لَدَیْهِمْ وَاَحْصٰی كُلَّ شَیْءٍ عَدَدًا ۟۠
Liyaʻlama ʹañ q̣ad ʹablag̣oo Risaalaati Rabbihim wa-ʹaḥaaṭa bimaa ladayhim wa-ʹaḥṣaa kulla shayʹin ʻadadaa.
ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ ඔවුන්ට දැනුම් දී ඇත්තේ දැ? යි ඔහු දැන ගනු පිණිස ය. ඔවුන් සමඟ ඇති දෑ පිළිබඳව ඔහු සර්ව ප්‍රකාරයෙන් දැන සිටියි. තවද සියලු දෑ ගණන් කොට තබා ඇත.