Home  /  Quran  /  Surah
Loading...
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Surah Al-Bayyinah

Surah Al-Bayyinah (The Clear Proof) is Surah 98 of the Holy Quran, a Medinan Surah with 8 verses, available here in Sinhalese.

Surah 98 Medinan 8 verses Sinhalese

Verse 98:1

لَمْ یَكُنِ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَالْمُشْرِكِیْنَ مُنْفَكِّیْنَ حَتّٰی تَاْتِیَهُمُ الْبَیِّنَةُ ۟ۙ

Lam yakunil laẓeena kafaroo min ʹAhlil Kitaabi wal-Mushrikeena muñ-fakkeena ḥattaa taʹtiyahumul Bayyinah,

ධර්ම ග්‍රන්ථ සතු ජනයා හා ආදේශ තබන්නන් අතරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තෙක් (ප්‍රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නෝ නො වූහ.

Verse 98:2

رَسُوْلٌ مِّنَ اللّٰهِ یَتْلُوْا صُحُفًا مُّطَهَّرَةً ۟ۙ

Rasoolum minal laahi yatloo ṣuḥufam muṭahharah,

එය පිවිතුරු කරන ලද ලේඛන කියවන අල්ලාහ්ගෙන් වූ පණිවිඩකරු ය.

Verse 98:3

فِیْهَا كُتُبٌ قَیِّمَةٌ ۟ؕ

Feehaa kutubuñ q̣ayyimah.

එහි ඍජු නීති රීති ඇත.

Verse 98:4

وَمَا تَفَرَّقَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ اِلَّا مِنْ بَعْدِ مَا جَآءَتْهُمُ الْبَیِّنَةُ ۟ؕ

Wa-maa tafarraq̣al laẓeena ʹootul Kitaaba ʹillaa mim baʻdi maa- jaaa-ʹathumul Bayyinah.

තවද ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසුව මිස ඔවුහු වෙන්ව නො ගියෝ ය.

Verse 98:5

وَمَاۤ اُمِرُوْۤا اِلَّا لِیَعْبُدُوا اللّٰهَ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ ۙ۬ حُنَفَآءَ وَیُقِیْمُوا الصَّلٰوةَ وَیُؤْتُوا الزَّكٰوةَ وَذٰلِكَ دِیْنُ الْقَیِّمَةِ ۟ؕ

Wa-maaa ʹumirooo ʹillaa liyaʻbudul laaha mukhliṣeena lahud Deen: ḥunafaaaʹa wa-yuq̣eemuṣ Ṣalaata wa-yuʹtuz Zakaata wa-ẓaalika Deenul Q̣ayyimah.

තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය. තවද ඍජු දහම වනුයේ එයයි.

Verse 98:6

اِنَّ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَالْمُشْرِكِیْنَ فِیْ نَارِ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا ؕ اُولٰٓىِٕكَ هُمْ شَرُّ الْبَرِیَّةِ ۟ؕ

ʹInnal laẓeena kafaroo min ʹAhlil Kitaabi wal-Mushrikeena fee naari Jahannama khaalideena feehaa. ʹUlaaaʹika hum sharrul bariyyah.

සැබැවින් ම පුස්තක ලත් ජනයා අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් නිරා ගින්නෙහි ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන් මය මැවීම් අතරින් නපුරුම මැවීම වනුයේ.

Verse 98:7

اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ۙ اُولٰٓىِٕكَ هُمْ خَیْرُ الْبَرِیَّةِ ۟ؕ

ʹInnal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati ʹu-laaaʹika hum khayrul bariyyah.

සැබැවින් ම විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි ඔවුහු මය මැවීම් අතරින් ශ්‍රේෂ්ඨම මැවීම වනුයේ.

Verse 98:8

جَزَآؤُهُمْ عِنْدَ رَبِّهِمْ جَنّٰتُ عَدْنٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ رَضِیَ اللّٰهُ عَنْهُمْ وَرَضُوْا عَنْهُ ؕ ذٰلِكَ لِمَنْ خَشِیَ رَبَّهٗ ۟۠

Jazaaaʹuhum ʻiñda Rabbihim Jannaatu ʻadniñ tajree miñ taḥtihal ʹanhaaru khaalideena feehaaa ʹabadaa: raḍiyal laahu ʻanhum wa-raḍoo ʻanh: ẓaalika liman khashiya Rabbah.

ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්‍රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන් ය. ඔවුහු එහි සදහට ම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන්ව පිළිගත්තේ ය. ඔවුහු ද ඔහුව පිළිගත්තෝ ය. එය තම පරමාධිපතිට බිය වූ අයට ය.