Surah Al-Anfal
Surah Al-Anfal (The Spoils of War) is Surah 8 of the Holy Quran, a Medinan Surah with 75 verses, available here in Sinhalese.
Verse 8:1
یَسْـَٔلُوْنَكَ عَنِ الْاَنْفَالِ ؕ قُلِ الْاَنْفَالُ لِلّٰهِ وَالرَّسُوْلِ ۚ فَاتَّقُوا اللّٰهَ وَاَصْلِحُوْا ذَاتَ بَیْنِكُمْ ۪ وَاَطِیْعُوا اللّٰهَ وَرَسُوْلَهٗۤ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
Yasʹaloonaka ʻanil ʹAÑ-FAAL. Q̣ulil ʹAñfaalu lillaahi war-Rasool: Fattaq̣ul laaha wa-ʹaṣliḥoo ẓaata baynikum: wa-ʹaṭeeʻul laaha wa-Rasoolahooo ʹiñ kuñtum Muʹmineen.
(නබිවරය!) යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු පිළිබඳව ඔවුහු නුඹගෙන් විමසති. යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු අල්ලාහ්ට හා රසූල්වරයාට හිමි බව නුඹ පවසනු. එබැවින් නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරනු. තවද නුඹලා අතර ඇති බැඳීම් ක්‍රමවත් කරනු. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු.
Verse 8:2
اِنَّمَا الْمُؤْمِنُوْنَ الَّذِیْنَ اِذَا ذُكِرَ اللّٰهُ وَجِلَتْ قُلُوْبُهُمْ وَاِذَا تُلِیَتْ عَلَیْهِمْ اٰیٰتُهٗ زَادَتْهُمْ اِیْمَانًا وَّعَلٰی رَبِّهِمْ یَتَوَكَّلُوْنَ ۟ۚۖ
ʹInnamal Muʹminoonal laẓeena ʹizaa ẓukiral laahu wajilat q̣uloobuhum wa-ʹiẓaa tuliyat ʻalayhim ʹAayaatuhoo zaadathum ʹeemaanañw Waʻalaa Rabbihim yatawakkaloon;
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නෝ වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට දේව විශ්වාසය වර්ධනය කළේ ය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති.
Verse 8:3
الَّذِیْنَ یُقِیْمُوْنَ الصَّلٰوةَ وَمِمَّا رَزَقْنٰهُمْ یُنْفِقُوْنَ ۟ؕ
ʹAllaẓeena yuq̣eemoonaṣ Ṣalaata wa-mimmaa razaq̣naahum yuñfiq̣oon:
ඔවුහු වනාහි සලාතය විධිමත්ව ඉටු කරති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් වියදම් කරති.
Verse 8:4
اُولٰٓىِٕكَ هُمُ الْمُؤْمِنُوْنَ حَقًّا ؕ لَهُمْ دَرَجٰتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَّرِزْقٌ كَرِیْمٌ ۟ۚ
ʹUlaaaʹika humul Muʹminoona ḥaq̣q̣aa; lahum darajaatun ʻiñda Rabbihim wa-mag̣firatuñw warizq̣uñ kareem.
සැබෑ දේව විශ්වාසීහු ඔවුහු ම ය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට තරාතිරම් ද සමාව ද ගෞරවාන්විත පෝෂණය ද ඇත.
Verse 8:5
كَمَاۤ اَخْرَجَكَ رَبُّكَ مِنْ بَیْتِكَ بِالْحَقِّ ۪ وَاِنَّ فَرِیْقًا مِّنَ الْمُؤْمِنِیْنَ لَكٰرِهُوْنَ ۟ۙ
Kamaaa ʹakhrajaka Rabbuka mim baytika bilḥaq̣q̣i wa-ʹinna fareeq̣am minal Muʹmineena lakaarihoon,
(නබිවරය!) නුඹේ පරමාධිපති නුඹේ නිවසින් සත්‍යය සමඟ නුඹව පිට කළාක් මෙන් නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කළවුන් අතරින් පිරිසක් (නුඹ සමඟ පැමිණීමට) පිළිකුල් කරන්නෝ වෙති.
Verse 8:6
یُجَادِلُوْنَكَ فِی الْحَقِّ بَعْدَ مَا تَبَیَّنَ كَاَنَّمَا یُسَاقُوْنَ اِلَی الْمَوْتِ وَهُمْ یَنْظُرُوْنَ ۟ؕ
Yujaadiloonaka fil Ḥaq̣q̣i baʻdamaa- tabayyana kaʹannamaa yusaaq̣oona ʹilal mawti wa-hum yañz̤̣uroon.
බලා සිටිය දී ම මරණය වෙත ඔවුන් ඇදගෙන යනු ලබන්නාක් මෙන් (යුද වැදීම අවශ්ය බව ඔවුනට) පැහැදිලි වූවායින් පසු ඔවුහු සත්‍යය සම්බන්ධයෙන් නුඹ සමඟ තර්ක කරති.
Verse 8:7
وَاِذْ یَعِدُكُمُ اللّٰهُ اِحْدَی الطَّآىِٕفَتَیْنِ اَنَّهَا لَكُمْ وَتَوَدُّوْنَ اَنَّ غَیْرَ ذَاتِ الشَّوْكَةِ تَكُوْنُ لَكُمْ وَیُرِیْدُ اللّٰهُ اَنْ یُّحِقَّ الْحَقَّ بِكَلِمٰتِهٖ وَیَقْطَعَ دَابِرَ الْكٰفِرِیْنَ ۟ۙ
Wa-ʹiẓ yaʻidukumul laahu ʹiḥdaṭ ṭaaaʹifatayni ʹannahaa lakum wa-tawaddoona ʹanna g̣ayra ẓaatish shawkati takoonu lakum wa-yureedul laahu ʹañy yuḥiq̣q̣al Ḥaq̣q̣a bi-Kalimaatihee wa-yaq̣ṭaʻa daabiral kaafireen;―
(සතුරු) කණ්ඩායම් දෙකින් එකකට සැබැවින් ම නුඹලාට එය (හිමි වනු) ඇතැයි අල්ලාහ් ප්‍රතිඥා දුන් අවස්ථාව සිහිපත් කරනු. තවද නියත වශයෙන් ම නිරායුධ තවලමක් එය නුඹලාට විය යුතු යැයි නුඹලා ප්‍රිය කරන්නෙහු ය. අල්ලාහ් ඔහුගේ වදන් තුළින් සත්‍යය සැබෑ ලෙසින් ස්ථාපිත කිරීමටත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ මුදුන් මුල කපා හැරීමටත් අපේක්ෂා කරයි.
Verse 8:8
لِیُحِقَّ الْحَقَّ وَیُبْطِلَ الْبَاطِلَ وَلَوْ كَرِهَ الْمُجْرِمُوْنَ ۟ۚ
Liyuḥiq̣q̣al Ḥaq̣q̣a wa-yubṭilal Baaṭila wa-law karihal mujrimoon.
(එය) වැරදි කරන්නන් පිළිකුල් කළ ද ඔහු සත්‍යය ස්ථාපිත කොට අසත්‍යය විනාශ කරනු පිණිස ය.
Verse 8:9
اِذْ تَسْتَغِیْثُوْنَ رَبَّكُمْ فَاسْتَجَابَ لَكُمْ اَنِّیْ مُمِدُّكُمْ بِاَلْفٍ مِّنَ الْمَلٰٓىِٕكَةِ مُرْدِفِیْنَ ۟
ʹIẓ tastag̣ees̤oona Rabbakum fastajaaba lakum ʹannee mumiddukum̃ biʹalfim minal malaaaʹikati murdifeen.
නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා උදව් පතන විට ‘නියත වශයෙන් ම මම මලක්වරුන් දහසක් දෙනා එකිනෙකාට පරව පෙළගස්වා නුඹලාට උදව් කරන්නෙමි’ යැයි ඔහු නුඹලාට පිළිතුරු දුන්නේ ය.
Verse 8:10
وَمَا جَعَلَهُ اللّٰهُ اِلَّا بُشْرٰی وَلِتَطْمَىِٕنَّ بِهٖ قُلُوْبُكُمْ ۚ وَمَا النَّصْرُ اِلَّا مِنْ عِنْدِ اللّٰهِ ؕ اِنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟۠
Wa-maa jaʻalahul laahu ʹillaa bushraa wa-litaṭmaʹinna bihee q̣uloobukum. Wa-man naṣru ʹillaa min ʻiñdil laah: ʹinnal laaha ʻAzeezun Ḥakeem.
ශුභාරංචියක් වශයෙන් හා නුඹලාගේ හදවත් එමඟින් සැනසුම ලබනු පිණිස මිස අල්ලාහ් එය නියම කළේ නැත. සැබෑ උපකාරය අල්ලාහ්ගෙන් මිස වෙනත් නැත. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; සර්ව ප්‍රඥාවන්ත ය.
Verse 8:11
اِذْ یُغَشِّیْكُمُ النُّعَاسَ اَمَنَةً مِّنْهُ وَیُنَزِّلُ عَلَیْكُمْ مِّنَ السَّمَآءِ مَآءً لِّیُطَهِّرَكُمْ بِهٖ وَیُذْهِبَ عَنْكُمْ رِجْزَ الشَّیْطٰنِ وَلِیَرْبِطَ عَلٰی قُلُوْبِكُمْ وَیُثَبِّتَ بِهِ الْاَقْدَامَ ۟ؕ
ʹIẓ yug̣ashsheekumun nuʻaasa ʹamanatam minhu wa-yunazzilu ʻalaykum minas samaaaʹi maaaʹal liyuṭahhirakum̃ bihee wa-yuẓhiba ʻañkum rijzash Shayṭaani wa-liyarbiṭa ʻalaa q̣uloobikum wa-yus̤abbita bihil ʹaq̣daam.
එවිට ඉන් බිය නො වී සිටින්නට සුළු නින්දෙන් ඔහු නුඹලා වෙළා ගත්තේ ය. නුඹලා එමඟින් පිරිසිදු කරවා ෂෙයිතාන්ගේ කිලිටි නුඹලාගෙන් ඉවත් කරනු පිණිසත් නුඹලාගේ හදවත් ධෛර්යමත් කරවා එමඟින් පාද ස්ථාවර කරනු පිණිසත් නුඹලා වෙත ඔහු අහසින් ජලය පහළ කළේ ය.
Verse 8:12
اِذْ یُوْحِیْ رَبُّكَ اِلَی الْمَلٰٓىِٕكَةِ اَنِّیْ مَعَكُمْ فَثَبِّتُوا الَّذِیْنَ اٰمَنُوْا ؕ سَاُلْقِیْ فِیْ قُلُوْبِ الَّذِیْنَ كَفَرُوا الرُّعْبَ فَاضْرِبُوْا فَوْقَ الْاَعْنَاقِ وَاضْرِبُوْا مِنْهُمْ كُلَّ بَنَانٍ ۟ؕ
ʹIẓ yooḥee Rabbuka ʹilal malaaaʹikati ʹannee maʻakum fas̤abbitul laẓeena ʹaamanoo. Saʹulq̣ee fee q̣uloobil laẓeena kafarur ruʻba faḍriboo fawq̣al ʹaʻnaaq̣i waḍriboo minhum kulla banaan.
එවිට නුඹගේ පරමාධිපති මලක්වරුන් වෙත ‘නිසැකවම මම නුඹලා සමඟ සිටිමි. එබැවින් විශ්වාස කළවුන්ව නුඹලා ස්ථාවර කරනු. ප්‍රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළට මම භීතිය හෙළමි. එබැවින් නුඹලා ගෙලට ඉහළින් කපා දමනු. තවද ඔවුන්ගෙන් වූ සෑම පුරුකක්ම කපා දමනු’ යැයි දන්වා සිටියේ ය.
Verse 8:13
ذٰلِكَ بِاَنَّهُمْ شَآقُّوا اللّٰهَ وَرَسُوْلَهٗ ۚ وَمَنْ یُّشَاقِقِ اللّٰهَ وَرَسُوْلَهٗ فَاِنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟
Ẓaalika biʹannahum shaaaq̣q̣ul laaha wa-Rasoolah: wa-mañy yushaaq̣iq̣il laaha wa-Rasoolahoo faʹinnal laaha shadeedul ʻiq̣aab.
එය ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට විරුද්ධ වූ බැවිනි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට විරුද්ධ වන්නේ ද එවිට (දැන ගනු) සැබැවින් ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි ය.
Verse 8:14
ذٰلِكُمْ فَذُوْقُوْهُ وَاَنَّ لِلْكٰفِرِیْنَ عَذَابَ النَّارِ ۟
Ẓaalikum faẓooq̣oohu wa-ʹanna lilkaafireena ʻaẓaaban Naar.
එයයි (දඬුවම), නුඹලා එය භුක්ති විදිනු. තවද නියත වශයෙන් ම නිරා ගින්නේ දඬුවම දේවත්වය ප්‍රතික්ෂේප කළ අයට ය.
Verse 8:15
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا لَقِیْتُمُ الَّذِیْنَ كَفَرُوْا زَحْفًا فَلَا تُوَلُّوْهُمُ الْاَدْبَارَ ۟ۚ
Yaaaʹayyuhal laẓeena ʹaamanooo ʹiẓaa laq̣eetumul laẓeena kafaroo zaḥfañ falaa tuwalloohumul ʹadbaar.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව නුඹලා කණ්ඩායමක් ලෙසින් මුණ ගැසුණු විට නුඹලා ඔවුනට පසුපස ලා පලා නො යනු.
Verse 8:16
وَمَنْ یُّوَلِّهِمْ یَوْمَىِٕذٍ دُبُرَهٗۤ اِلَّا مُتَحَرِّفًا لِّقِتَالٍ اَوْ مُتَحَیِّزًا اِلٰی فِئَةٍ فَقَدْ بَآءَ بِغَضَبٍ مِّنَ اللّٰهِ وَمَاْوٰىهُ جَهَنَّمُ ؕ وَبِئْسَ الْمَصِیْرُ ۟
Wa-mañy yuwallihim yawmaʹiẓiñ duburahooo ʹillaa mutaḥarrifal liq̣itaalin ʹaw mutaḥayyizan ʹilaa fiʹatiñ faq̣ad baaaʹa big̣aḍabim minal laahi wa-maʹwaahu Jahannam,― wa-biʹsal maṣeer!
යුද්ධයේ (යුද්ධෝපාය ලෙස) ප්‍රමාද වී පහර දෙන්නකු හා කණ්ඩායමක් වෙත එකතු වන්නෙකු හැර එදින කවරෙකු පසුපස ලා ඔවුන්ගෙන් පලා යන්නේ ද, එවිට සැබැවින් ම ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය සමඟ හැරී ගියේ ය. තවද ඔහුගේ නවාතැන නිරයයි. තවද එම (නිරය) යොමු කරනු ලබන ස්ථානයෙන් නපුරු විය.
Verse 8:17
فَلَمْ تَقْتُلُوْهُمْ وَلٰكِنَّ اللّٰهَ قَتَلَهُمْ ۪ وَمَا رَمَیْتَ اِذْ رَمَیْتَ وَلٰكِنَّ اللّٰهَ رَمٰی ۚ وَلِیُبْلِیَ الْمُؤْمِنِیْنَ مِنْهُ بَلَآءً حَسَنًا ؕ اِنَّ اللّٰهَ سَمِیْعٌ عَلِیْمٌ ۟
Falam taq̣tuloohum wa-laakinnal laaha q̣atalahum. Wa-maa ramayta ʹiẓ ramayta wa-laakinnal laaha ramaa: wa-liyubliyal Muʹmineena minhu balaaaʹan ḥasanaa: ʹinnal laaha Sameeʻun ʻAleem.
තවද නුඹලා ඔවුන් ඝාතනය නො කළෙහු ය. එනමුත් අල්ලාහ් ඔවුන් ඝාතනය කළේ ය. තවද නුඹ විසි කළ විට දී (එය) නුඹ විසි නො කළෙහි ය. එනමුත් අල්ලාහ් විසි කළේ ය. එය දේවත්වය විශ්වාස කරන්නන්ව එමඟින් අලංකාර පිරික්සුමකින් පිරික්සනු පිණිස ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්රාවක ය; සර්ව ඥානී ය.
Verse 8:18
ذٰلِكُمْ وَاَنَّ اللّٰهَ مُوْهِنُ كَیْدِ الْكٰفِرِیْنَ ۟
Ẓaalikum wa-ʹannal laaha moohinu kaydil kaafireen.
එය නියත වශයෙන් ම අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණ දුර්වල කරන්නා බැවිනි.
Verse 8:19
اِنْ تَسْتَفْتِحُوْا فَقَدْ جَآءَكُمُ الْفَتْحُ ۚ وَاِنْ تَنْتَهُوْا فَهُوَ خَیْرٌ لَّكُمْ ۚ وَاِنْ تَعُوْدُوْا نَعُدْ ۚ وَلَنْ تُغْنِیَ عَنْكُمْ فِئَتُكُمْ شَیْـًٔا وَّلَوْ كَثُرَتْ ۙ وَاَنَّ اللّٰهَ مَعَ الْمُؤْمِنِیْنَ ۟۠
ʹIñ tastaftiḥoo faq̣ad jaaaʹakumul fatḥ. Wa-ʹiñ tañtahoo fahuwa khayrul lakum. Wa-ʹiñ taʻoodoo naʻud. Wa-lañ tug̣niya ʻañkum fiʹatukum shayʹañw walaw kas̤urat wa-ʹannal laaha maʻal Muʹmineen!
(දේවත්වය ප්‍රතික්ෂේප කළවුනි!) නුඹලා තීන්දුවක් පැතුවෙහු නම් සැබැවින් ම නුඹලා වෙත එම තීන්දුව පැමිණ ඇත. තවද නුඹලා වැළකී සිටියෙහු නම් එය නුඹලාට යහපතකි. තවද නුඹලා (සටන් කිරීමට) නැවත හැරෙන්නෙහු නම් අපි ද හැරෙන්නෙමු. තවද නුඹලාගේ පිරිස අධික වූවත් එය නුඹලාට කිසිවකින් ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන්නන් සමඟ ය.
Verse 8:20
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اَطِیْعُوا اللّٰهَ وَرَسُوْلَهٗ وَلَا تَوَلَّوْا عَنْهُ وَاَنْتُمْ تَسْمَعُوْنَ ۟ۚۖ
Yaaaʹayyuhaal laẓeena ʹaamanooo ʹaṭeeʻul laaha wa-Rasoolahoo wa-laa tawallaw ʻanhu wa-ʹañtum tasmaʻoon.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට අවනත වනු. නුඹලා (ඔහුට) සවන් දෙමින් සිටිය දී ඔහුගෙන් නුඹලා හැරී නො යනු.
Verse 8:21
وَلَا تَكُوْنُوْا كَالَّذِیْنَ قَالُوْا سَمِعْنَا وَهُمْ لَا یَسْمَعُوْنَ ۟
Wa-laa takoonoo kallaẓeena q̣aaloo samiʻnaa wahum laa- yasmaʻoon:
අපි සවන් දුනිමු යැයි පවසා පසුව සවන් නො දෙන්නන් මෙන් නුඹලා නො වනු.
Verse 8:22
اِنَّ شَرَّ الدَّوَآبِّ عِنْدَ اللّٰهِ الصُّمُّ الْبُكْمُ الَّذِیْنَ لَا یَعْقِلُوْنَ ۟
ʹInna sharrad dawaaabbi ʻiñdal laahiṣ ṣummul bukmul laẓeena laa- yaʻq̣iloon.
නියත වශයෙන් ම අල්ලාහ් අබියස පොළොවේ සැරිසරන්නන් අතරින් ඉතා නපුරුවන්නේ (සත්‍යය) වටහා නො ගන්නා බිහිරන් හා ගොළුවන් ය.
Verse 8:23
وَلَوْ عَلِمَ اللّٰهُ فِیْهِمْ خَیْرًا لَّاَسْمَعَهُمْ ؕ وَلَوْ اَسْمَعَهُمْ لَتَوَلَّوْا وَّهُمْ مُّعْرِضُوْنَ ۟
Wa-law ʻalimal laahu feehim khayral laʹasmaʻahum: wa-law ʹasmaʻahum latawallaw wahum muʻriḍoon.
ඔවුන් තුළ යහපතක් තිබේ යැයි අල්ලාහ් දන්නේ නම් ඔහු ඔවුනට සවන් දීමට සලස් වන්නට තිබුණි. තවද ඔවුනට සවන් දීමට ඔහු සැලැස්සුව ද ඔවුන් පිටුපාන්නන් ලෙසින් ම හැරී යනු ඇත.
Verse 8:24
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اسْتَجِیْبُوْا لِلّٰهِ وَلِلرَّسُوْلِ اِذَا دَعَاكُمْ لِمَا یُحْیِیْكُمْ ۚ وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ یَحُوْلُ بَیْنَ الْمَرْءِ وَقَلْبِهٖ وَاَنَّهٗۤ اِلَیْهِ تُحْشَرُوْنَ ۟
Yaaaʹayyuhal laẓeena ʹaamanus tajeeboo lillaahi wa-lir-Rasooli ʹiẓaa daʻaakum limaa yuḥyeekum: waʻlamooo ʹannal laaha yaḥoolu baynal marʹi wa-q̣albihee wa-ʹannahooo ʹilayhi tuḥsharoon.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාව ජීවත් කරවනු පිණිස නුඹලාට අල්ලාහ්ගේ පණිවිඩකරු ඇරයුම් කළ විට නුඹලා අල්ලාහ්ට හා රසූල්වරයාට පිළිතුරු දෙනු. නියත වශයෙන් ම අල්ලාහ් පුද්ගලයකු හා ඔහුගේ හදවත අතර වෙලී සිටින බවත් සැබැවින් ම නුඹලා ඔහු වෙතට ම එක්රැස් කරනු ලබන බවත් නුඹලා දැන ගනු.
Verse 8:25
وَاتَّقُوْا فِتْنَةً لَّا تُصِیْبَنَّ الَّذِیْنَ ظَلَمُوْا مِنْكُمْ خَآصَّةً ۚ وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ ۟
Wattaq̣oo fitnatal laa tuṣeebannal laẓeena z̤̣alamoo miñkum khaaaṣṣah: waʻlamooo ʹannal laaha shadeedul ʻiq̣aab.
තවද නුඹලා අතරින් අපරාධ කළවුනට පමණක් ඇති නො වන අර්බුදයක් ගැන නුඹලා බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැන ගනු.
Verse 8:26
وَاذْكُرُوْۤا اِذْ اَنْتُمْ قَلِیْلٌ مُّسْتَضْعَفُوْنَ فِی الْاَرْضِ تَخَافُوْنَ اَنْ یَّتَخَطَّفَكُمُ النَّاسُ فَاٰوٰىكُمْ وَاَیَّدَكُمْ بِنَصْرِهٖ وَرَزَقَكُمْ مِّنَ الطَّیِّبٰتِ لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
Waẓkurooo ʹiẓ ʹañtum q̣aleelum mustaḍʻafoona fil ʹarḍi takhaafoona ʹañy yatakhaṭṭafakumun naasu faʹaawaakum wa-ʹayyadakum̃ binaṣrihee wa-razaq̣akum minaṭ ṭayyibaati laʻallakum tashkuroon.
නුඹලා පොළොවේ ස්වල්ප දෙනෙකු වශයෙන් දුබලව සිටය දී ජනයා නුඹලාව ඩැහැ ගනු ඇතැයි නුඹලා බියෙන් සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට නුඹලා කෘතවේදී විය හැකිවනු පිණිස ඔහු නුඹලාට ඉඩ පහසුකම් සලසා ඔහුගේ උපකාරය තුළින් නුඹලාව ඔහු ශක්තිමත් කළේ ය. තවද යහපත් දැයින් නුඹලාට පෝෂණය කළේ ය.
Verse 8:27
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَخُوْنُوا اللّٰهَ وَالرَّسُوْلَ وَتَخُوْنُوْۤا اَمٰنٰتِكُمْ وَاَنْتُمْ تَعْلَمُوْنَ ۟
Yaaaʹayyuhal laẓeena ʹaamanoo laa- takhoonul laaha war-Rasoola wa-takhoonooo ʹamaanaatikum wa-ʹañtum taʻlamoon.
‘අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දැනුවත්ව ම අල්ලාහ්ට හා ධර්ම දූතයාණන්ට වංචා නො කරනු. තවද නුඹලාට පවරන ලද දෑට ද වංචා නො කරනු.’
Verse 8:28
وَاعْلَمُوْۤا اَنَّمَاۤ اَمْوَالُكُمْ وَاَوْلَادُكُمْ فِتْنَةٌ ۙ وَّاَنَّ اللّٰهَ عِنْدَهٗۤ اَجْرٌ عَظِیْمٌ ۟۠
Waʻlamooo ʹannamaaa ʹamwaalukum wa-ʹawlaadukum fitnatuñw waʹannal laaha ʻiñdahooo ʹajrun ʻaz̤̣eem.
නියත වශයෙන් ම නුඹලාගේ සම්පත් හා නුඹලාගේ දරුවන් (නුඹලාට) පරීක්ෂණයක් වේ යැයි ද නියත වශයෙන් ම අල්ලාහ්, ඔහු අබියස මහත් වූ ප්‍රතිඵල ඇතැයි ද නුඹලා දැන ගනු.
Verse 8:29
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنْ تَتَّقُوا اللّٰهَ یَجْعَلْ لَّكُمْ فُرْقَانًا وَّیُكَفِّرْ عَنْكُمْ سَیِّاٰتِكُمْ وَیَغْفِرْ لَكُمْ ؕ وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِیْمِ ۟
Yaaaʹayyuhal laẓeena ʹaamanooo ʹiñ tattaq̣ul laaha yajʻal lakum Furq̣aanañw Wayukaffir ʻañkum sayyiʹaatikum wa-yag̣fir lakum. Wallaahu Ẓul Faḍlil ʻaz̤̣eem.
‘අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වන්නෙහු නම් ඔහු නුඹලාට (හොද හා නරක දෑ පිළිබඳ ව) පැහැදිලි බව ඇති කරයි. නුඹලාගේ නපුරුකම් නුඹලාගෙන් ඉවත් කර නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අතිමහත් වූ භාග්‍ය සම්පන්න ය.’
Verse 8:30
وَاِذْ یَمْكُرُ بِكَ الَّذِیْنَ كَفَرُوْا لِیُثْبِتُوْكَ اَوْ یَقْتُلُوْكَ اَوْ یُخْرِجُوْكَ ؕ وَیَمْكُرُوْنَ وَیَمْكُرُ اللّٰهُ ؕ وَاللّٰهُ خَیْرُ الْمٰكِرِیْنَ ۟
Wa-ʹiẓ yamkuru bikal laẓeena kafaroo liyus̤bitooka ʹaw yaq̣tulooka ʹaw yukhrijook. Wa-yamkuroona wa-yamkurul laah: wallaahu Khayrul maakireen.
නුඹව සිරගත කිරීමට හෝ නුඹව මරා දැමීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ දේව ප්‍රතික්ෂේප කළවුන් නුඹට කුමන්ත්‍රණ කළ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුහු කුමන්ත්‍රණ කරති. (එයට එරෙහිව) අල්ලාහ් ද කුමන්ත්‍රණ කරයි. කුමන්ත්‍රණ කරන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් ය.
Verse 8:31
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا قَالُوْا قَدْ سَمِعْنَا لَوْ نَشَآءُ لَقُلْنَا مِثْلَ هٰذَاۤ ۙ اِنْ هٰذَاۤ اِلَّاۤ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟
Wa-ʹiẓaa tutlaa ʻalayhim ʹAayaatunaa q̣aaloo q̣ad samiʻnaa law nashaaaʹu laq̣ulnaa mis̤la haaẓaaa ʹin haaẓaaa ʹillaaa ʹasaaṭeerul ʹawwaleen.
අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි සවන් දුනිමු. අපි සිතුවේ නම් මෙවැනිම දෙයක් අපි පවසන්නට තිබුණි. මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධයන් මිස (වෙන කිසිවක්) නැත’ යැයි ඔවුහු පැවසුවෝ ය.
Verse 8:32
وَاِذْ قَالُوا اللّٰهُمَّ اِنْ كَانَ هٰذَا هُوَ الْحَقَّ مِنْ عِنْدِكَ فَاَمْطِرْ عَلَیْنَا حِجَارَةً مِّنَ السَّمَآءِ اَوِ ائْتِنَا بِعَذَابٍ اَلِیْمٍ ۟
Wa-ʹiẓ q̣aalul laahumma ʹiñ kaana haaẓaa huwal Ḥaq̣q̣a min ʻiñdika faʹamṭir ʻalaynaa ḥijaaratam minas samaaaʹi ʹawiʹ tinaa biʻaẓaabin ʹaleem.
‘අහෝ අල්ලාහ්! මෙය නුඹ වෙතින් වූ සත්‍යයක් නම් අප මත අහසින් ගල්වරුසාවක් වස්සවනු. නැතිනම් වේදනීය දඬුවමක් අප වෙත ගෙන එනු’ යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
Verse 8:33
وَمَا كَانَ اللّٰهُ لِیُعَذِّبَهُمْ وَاَنْتَ فِیْهِمْ ؕ وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ یَسْتَغْفِرُوْنَ ۟
Wa-maa kaanal laahu liyuʻaẓẓibahum wa-ʹañta feehim; wa-maa kaanal laahu muʻaẓẓibahum wa-hum yastag̣firoon.
නුඹ ඔවුන් අතර සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නෙකු නො වීය. තවද ඔවුන් සමාව අයැදිමින් සිටිය දී ඔවුනට දඬුවම් කරන්නෙකු වශයෙන් ද අල්ලාහ් නො වීය.
Verse 8:34
وَمَا لَهُمْ اَلَّا یُعَذِّبَهُمُ اللّٰهُ وَهُمْ یَصُدُّوْنَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُوْۤا اَوْلِیَآءَهٗ ؕ اِنْ اَوْلِیَآؤُهٗۤ اِلَّا الْمُتَّقُوْنَ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
Wa-maa lahum ʹallaa yuʻaẓẓibahumul laahu wa-hum yaṣuddoona ʻanil Masjidil Ḥaraami wa-maa kaanooo ʹawliyaaaʹah? ʹIn ʹawliyaaaʹuhooo ʹillal Muttaq̣oona walaakinna ʹaks̤arahum laa- yaʻlamoon.
අල්ලාහ් ඔවුනට දඬුවම් නො කළ යුත්තේ මන් ද? ඔවුහු මස්ජිදුල් හරාමය ඔවුනට අවහිර කරති. තවද ඔවුහු එහි භාරකරුවන් නො වෙති. එහි භාරකරුවන් වන්නේ දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් මිස වෙනත් කිසිවකු නො වේ. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
Verse 8:35
وَمَا كَانَ صَلَاتُهُمْ عِنْدَ الْبَیْتِ اِلَّا مُكَآءً وَّتَصْدِیَةً ؕ فَذُوْقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُوْنَ ۟
Wa-maa kaana ṣalaatuhum ʻiñdal Bayti ʹillaa mukaaaʹañw wataṣdiyah: faẓooq̣ul ʻaẓaaba bimaa kuñtum takfuroon.
මෙම ගෘහය අබියස උරුවන් බෑම හා අත්පුඩි ගැසීම හැර ඔවුන්ගේ නැමදුම නො වීය. එහෙයින් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු.
Verse 8:36
اِنَّ الَّذِیْنَ كَفَرُوْا یُنْفِقُوْنَ اَمْوَالَهُمْ لِیَصُدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ ؕ فَسَیُنْفِقُوْنَهَا ثُمَّ تَكُوْنُ عَلَیْهِمْ حَسْرَةً ثُمَّ یُغْلَبُوْنَ ؕ۬ وَالَّذِیْنَ كَفَرُوْۤا اِلٰی جَهَنَّمَ یُحْشَرُوْنَ ۟ۙ
ʹInnal laẓeena kafaroo yuñfiq̣oona ʹamwaalahum liyaṣuddoo ʻañ Sabeelil laah. Fasayuñfiq̣oonahaa s̤umma takoonu ʻalayhim ḥasratañ s̤umma yug̣laboon. Wal-laẓeena kafarooo ʹilaa Jahannama yuḥsharoon.
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කරනු පිණිස තමන්ගේ ධනය වියදම් කරති. එබැවින් ඔවුන් මතුවටත් වියදම් කරනු ඇත. පසුව එය ඔවුනට තැවුලක් බවට පත් වේ. පසුව ඔවුන් අබිබවා යනු ලබනු ඇත. තවද ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත එක් රැස් කරනු ලබති.
Verse 8:37
لِیَمِیْزَ اللّٰهُ الْخَبِیْثَ مِنَ الطَّیِّبِ وَیَجْعَلَ الْخَبِیْثَ بَعْضَهٗ عَلٰی بَعْضٍ فَیَرْكُمَهٗ جَمِیْعًا فَیَجْعَلَهٗ فِیْ جَهَنَّمَ ؕ اُولٰٓىِٕكَ هُمُ الْخٰسِرُوْنَ ۟۠
Liyameezal laahul khabees̤a minaṭ ṭayyibi wa-yajʻalal khabees̤a baʻḍahoo ʻalaa baʻḍiñ fayarkumahoo jameeʻañ fayajʻalahoo fee jahannam. ʹUlaaaʹika humul khaasiroon.
(එය) කිලිටි අයගෙන් පිවිතුරු අය අල්ලාහ් වෙන් කොට, එම කිලිටි අයගෙන් ඇතැමුන් ඇතැමුන් මත තබා, ඔවුන් සියල්ල ගොඩ ගසා නිරයෙහි දැමීම පිණිස ය. අලාභවන්තයෝ ඔවුහු ම ය.
Verse 8:38
قُلْ لِّلَّذِیْنَ كَفَرُوْۤا اِنْ یَّنْتَهُوْا یُغْفَرْ لَهُمْ مَّا قَدْ سَلَفَ ۚ وَاِنْ یَّعُوْدُوْا فَقَدْ مَضَتْ سُنَّتُ الْاَوَّلِیْنَ ۟
Q̣ul lillaẓeena kafarooo ʹiñy yañtahoo yug̣far lahum maa q̣ad salaf; wa-ʹiñy yaʻoodoo faq̣ad maḍat Sunnatul ʹawwaleen.
(නබිවරය!) අකටයුතුකම් කිරීමෙන් ඔවුන් වැළකී සිටින්නේ නම් පෙර සිදු කළ දෑට ඔවුනට සමාව දෙනු ලැබේ. ඔවුන් නැවතත් (ඒ වෙත) හැරැන්නේ නම් පැරැන්නන්ගේ (විෂයෙහි ක්‍රියාත්මක වූ දඬුවම්) පිළිවෙත සැබැවින් ම ඉකුත් වී ගොස් ඇත. (එබැවින් එවැනිම දඬුවමක් මොවුනටත් හිමි වනු ඇත) යැයි ප්‍රතික්ෂේප කළවුනට පවසනු.
Verse 8:39
وَقَاتِلُوْهُمْ حَتّٰی لَا تَكُوْنَ فِتْنَةٌ وَّیَكُوْنَ الدِّیْنُ كُلُّهٗ لِلّٰهِ ۚ فَاِنِ انْتَهَوْا فَاِنَّ اللّٰهَ بِمَا یَعْمَلُوْنَ بَصِیْرٌ ۟
Wa-q̣aatiloohum ḥattaa laa- takoona fitnatuñw wayakoonad Deenu kulluhoo lillaah; faʹiniñ tahaw faʹinnal laaha bimaa yaʻmaloona Baṣeer.
අර්බුදයක් නො පවතින තෙක්, එමෙන් ම දහම මුළුමනින් ම අල්ලාහ් සතු වන තෙක් නුඹලා ඔවුන් සමඟ සටන් කරනු. එහෙත් ඔවුන් වැළකුණේ නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සුපරික්ෂාකාරී ය.
Verse 8:40
وَاِنْ تَوَلَّوْا فَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ مَوْلٰىكُمْ ؕ نِعْمَ الْمَوْلٰی وَنِعْمَ النَّصِیْرُ ۟
Wa-ʹin tawallaw faʻlamooo ʹannal laaha Mawlaakum― Niʻmal Mawlaa wa-Niʻman Naṣeer.
තවද ඔවුන් පිටුපෑවේ නම් අල්ලාහ් නුඹලාගේ භාරකරු බව නුඹලා දැන ගනු. භාරකරුගෙන් ඔහු යහපත් විය. තවද උදව්කරුගෙන් ද ඔහු යහපත් විය.
Verse 8:41
وَاعْلَمُوْۤا اَنَّمَا غَنِمْتُمْ مِّنْ شَیْءٍ فَاَنَّ لِلّٰهِ خُمُسَهٗ وَلِلرَّسُوْلِ وَلِذِی الْقُرْبٰی وَالْیَتٰمٰی وَالْمَسٰكِیْنِ وَابْنِ السَّبِیْلِ ۙ اِنْ كُنْتُمْ اٰمَنْتُمْ بِاللّٰهِ وَمَاۤ اَنْزَلْنَا عَلٰی عَبْدِنَا یَوْمَ الْفُرْقَانِ یَوْمَ الْتَقَی الْجَمْعٰنِ ؕ وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
Waʻlamooo ʹannamaa g̣animtum miñ shayʹiñ faʹanna lillaahi khumusahoo wa-lir-Rasooli wa-liẓil q̣urbaa walyataamaa walmasaakeeni wabnis sabeeli ʹiñ kuñtum ʹaamañtum̃ billaahi wa-maaa ʹañzalnaa ʻalaa ʻAbdinaa Yawmal Furq̣aani Yawmal taq̣al jamʻaan. Wal-laahu ʻalaa kulli shayʹiñ Q̣adeer.
කණ්ඩායම් දෙක හමු වූ දින (සත්‍ය අසත්‍යයෙන්) වෙන් කළ දින අපගේ ගැත්තා වෙත අපි පහළ කළ දෑ නුඹලා විශ්වාස කර සිටියෙහු නම්, නියත වශයෙන් ම යමක් නුඹලා යුද්ධයෙන් අත්පත් කර ගත්තේ ද ඉන් පහෙන් කොටසක් අල්ලාහ්ට ද ධර්ම දූතයාණන්ට ද, ඥාතීන්ට ද, අනාථයින්ට ද, දුගියන්ට ද, (සරන පතන) මගියන්ට ද සතු බව දැන ගනු. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
Verse 8:42
اِذْ اَنْتُمْ بِالْعُدْوَةِ الدُّنْیَا وَهُمْ بِالْعُدْوَةِ الْقُصْوٰی وَالرَّكْبُ اَسْفَلَ مِنْكُمْ ؕ وَلَوْ تَوَاعَدْتُّمْ لَاخْتَلَفْتُمْ فِی الْمِیْعٰدِ ۙ وَلٰكِنْ لِّیَقْضِیَ اللّٰهُ اَمْرًا كَانَ مَفْعُوْلًا ۙ۬ لِّیَهْلِكَ مَنْ هَلَكَ عَنْ بَیِّنَةٍ وَّیَحْیٰی مَنْ حَیَّ عَنْ بَیِّنَةٍ ؕ وَاِنَّ اللّٰهَ لَسَمِیْعٌ عَلِیْمٌ ۟ۙ
ʹIẓ ʹañtum̃ bilʻudwatid dunyaa wa-hum̃ bilʻudwatil q̣uṣwaa warrakbu ʹasfala miñkum. Wa-law tawaaʻattum lakhtalaftum fil meeʻaadi wa-laakil liyaq̣ḍiyal laahu ʹamrañ kaana mafʻoolaa; liyahlika man halaka ʻam Bayyinatiñw Wayaḥyaa man ḥayya ʻam Bayyinah. Wa-innal laaha la-Sameeʻun ʻAleem.
ළඟින් පිහිටි මිටියාවතෙහි නුඹලා ද, දුරින් පිහිටි මිටියාවතෙහි ඔවුන් ද නුඹලාට පහළින් වෙළඳ කණ්ඩායම ද සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලා එය සැලසුම් කර තිබුණේ නම් නියමිත වේලාවෙහි නුඹලා භේද වන්නට තිබුණි. එනමුත් සිදු කරනු ලැබිය යුතු කාර්යය අල්ලාහ් ඉටු කිරීම පිණිසත් විනාශ කරනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත විනාශ කරනු පිණිසත් ජීවත් කරවනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත ජීවත් කරවනු පිණිසත් (අල්ලාහ් මෙම තත්ත්වය උදා කළේ) ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්රාවක ය; සර්ව ඥානී ය.
Verse 8:43
اِذْ یُرِیْكَهُمُ اللّٰهُ فِیْ مَنَامِكَ قَلِیْلًا ؕ وَلَوْ اَرٰىكَهُمْ كَثِیْرًا لَّفَشِلْتُمْ وَلَتَنَازَعْتُمْ فِی الْاَمْرِ وَلٰكِنَّ اللّٰهَ سَلَّمَ ؕ اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
ʹIẓ yureekahumul laahu fee manaamika q̣aleelaa: wa-law ʹaraakahum kas̤eeral lafashiltum wa-latanaazaʻtum fil ʹamri wa-laakinnal laaha sallam: ʹinnahoo ʻAleemum biẓaatiṣ ṣudoor.
(නබිවරය!) නුඹේ සිහිනයෙහි නුඹට ඔවුන්ව ස්වල්ප දෙනෙකු වශයෙන් අල්ලාහ් පෙන්වූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන්ව අධික වශයෙන් ඔහු නුඹට පෙන්වා තිබුණේ නම් නුඹලා අධෛර්යයට පත් වනු ඇත. තවද නුඹලා එම විෂයයෙහි මත ගැටුම් ඇති කර ගනු ඇත. එනමුත් අල්ලාහ් ආරක්ෂා කළේ ය. නියත වශයෙන් ම ඔහු හදවත් සතු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
Verse 8:44
وَاِذْ یُرِیْكُمُوْهُمْ اِذِ الْتَقَیْتُمْ فِیْۤ اَعْیُنِكُمْ قَلِیْلًا وَّیُقَلِّلُكُمْ فِیْۤ اَعْیُنِهِمْ لِیَقْضِیَ اللّٰهُ اَمْرًا كَانَ مَفْعُوْلًا ؕ وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟۠
Wa-ʹiẓ yureekumoohum ʹiẓil taq̣aytum feee ʹaʻyunikum q̣aleelañw wayuq̣allilukum feee ʹaʻyunihim liyaq̣ḍiyal laahu ʹamrañ kaana mafʻoolaa. Wa-ʹilal laahi turjaʻul ʹumoor.
නුඹලා (යුද බිමෙහි) හමු වූ විට නුඹලාගේ ඇස්වලට ඔවුන් ස්වල්ප දෙනකු වශයෙන් පෙන්වා, නුඹලාව ඔවුන්ගේ ඇස්වලට ස්වල්ප දෙනකු වශයෙන් පෙන්වූ අවස්ථාව සිහිපත් කරනු. එය සිදු කරනු ලැබිය යුතු කාර්යය අල්ලාහ් ඉටු කරනු පිණිස ය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය.
Verse 8:45
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا لَقِیْتُمْ فِئَةً فَاثْبُتُوْا وَاذْكُرُوا اللّٰهَ كَثِیْرًا لَّعَلَّكُمْ تُفْلِحُوْنَ ۟ۚ
Yaaaʹayyuhal laẓeena ʹaamanooo ʹiẓaa laq̣eetum fiʹatañ fas̤butoo waẓkurul laaha kas̤eeral laʻallakum tufliḥoon:
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා පිරිසක් හමු වූ විට ස්ථාවරව සිටිනු. තවද නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස අධික වශයෙන් නුඹලා අල්ලාහ්ව සිහිපත් කරනු.
Verse 8:46
وَاَطِیْعُوا اللّٰهَ وَرَسُوْلَهٗ وَلَا تَنَازَعُوْا فَتَفْشَلُوْا وَتَذْهَبَ رِیْحُكُمْ وَاصْبِرُوْا ؕ اِنَّ اللّٰهَ مَعَ الصّٰبِرِیْنَ ۟ۚ
Wa-ʹaṭeeʻul laaha wa-Rasoolahoo wa-laa tanaazaʻoo fatafshaloo wa-taẓhaba reeḥukum waṣbiroo: ʹinnal laaha maʻaṣ Ṣaabireen.
තවද අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට නුඹලා අවනත වනු. නුඹලා ගැටුම් ඇති කර නො ගනු. එවිට නුඹලා අධෛර්යයට පත් වනු ඇත. නුඹලාගේ බලය පහව යනු ඇත. තවද නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ ය.
Verse 8:47
وَلَا تَكُوْنُوْا كَالَّذِیْنَ خَرَجُوْا مِنْ دِیَارِهِمْ بَطَرًا وَّرِئَآءَ النَّاسِ وَیَصُدُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ ؕ وَاللّٰهُ بِمَا یَعْمَلُوْنَ مُحِیْطٌ ۟
Wa-laa takoonoo kallaẓeena kharajoo miñ diyaarihim̃ baṭarañw wariʹaaaʹan naasi wa-yaṣuddoona ʻañ Sabeelil laah: wallaahu bimaa yaʻmaloona Muḥeeṭ.
අහංකාරයෙන් හා ජනයාට ප්‍රදර්ශනය කරමින් තම නිවෙස්වලින් පිටත්ව ගියවුන් මෙන් නුඹලා නො වනු. තවද ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වති. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳව සර්වප්‍රකාරයෙන් දන්නා ය.
Verse 8:48
وَاِذْ زَیَّنَ لَهُمُ الشَّیْطٰنُ اَعْمَالَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ الْیَوْمَ مِنَ النَّاسِ وَاِنِّیْ جَارٌ لَّكُمْ ۚ فَلَمَّا تَرَآءَتِ الْفِئَتٰنِ نَكَصَ عَلٰی عَقِبَیْهِ وَقَالَ اِنِّیْ بَرِیْٓءٌ مِّنْكُمْ اِنِّیْۤ اَرٰی مَا لَا تَرَوْنَ اِنِّیْۤ اَخَافُ اللّٰهَ ؕ وَاللّٰهُ شَدِیْدُ الْعِقَابِ ۟۠
Wa-ʹiẓ zayyana lahumush Shayṭaanu ʹaʻmaalahum Waq̣aala laa- g̣aaliba lakumul yawma minan naasi wa-ʹinnee jaarul lakum. Falammaa taraaaʹatil fiʹataani nakaṣa ʻalaa ʻaq̣ibayhi wa-q̣aala ʹinnee bareeeʹum miñkum ʹinneee ʹaraa Maa laa- tarawna ʹinneee ʹakhaaful laah; wallaahu Shadeedul ʻiq̣aab.
ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රිියාවන් ඔවුනට අලංකාර කර පෙන්වූ අවස්ථා වේ “අද දින ජනයා අතරින් නුඹලා අබිබවා යන කිසිවකු නොමැත. තවද සැබැවින් ම මම නුඹලාගේ අසල් වැසියකු වෙමි. එහෙත් දෙපිරිස හමුවීම ඔහු දුටු කල්හි ඔහුගේ විලුඹ දෙක මත ඔහු හැරී ගොස් මම නුඹලාගෙන් නික්ම යමි. නුඹලා නො දකින දෑ සැබැවින් ම මම දකිමි. සැබැවින් ම මම අල්ලාහ්ට බිය වෙමි. තවද අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි යැ”යි ඔහු පැවසී ය.
Verse 8:49
اِذْ یَقُوْلُ الْمُنٰفِقُوْنَ وَالَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ غَرَّ هٰۤؤُلَآءِ دِیْنُهُمْ ؕ وَمَنْ یَّتَوَكَّلْ عَلَی اللّٰهِ فَاِنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟
ʹIẓ yaq̣oolul Munaafiq̣oona wallaẓeena fee q̣uloobihim maraḍun g̣arra haaaʹulaaaʹi Deenuhum. Wa-mañy yatawakkal ʻalal laahi faʹinnal laaha ʻAzeezun Ḥakeem.
ඔවුන්ගේ දහම ඔවුන් මුළා කළේය යැයි කුහකයෝ හා තම හදවත්වල රෝග ඇත්තෝ පවසා සිටි අවස්ථාව සිහිපත් කරනු. තවද කවරෙකු අල්ලාහ් වෙත භාර කරන්නේ ද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව බලධාරී ය; සියුම් ඥානී ය.
Verse 8:50
وَلَوْ تَرٰۤی اِذْ یَتَوَفَّی الَّذِیْنَ كَفَرُوا ۙ الْمَلٰٓىِٕكَةُ یَضْرِبُوْنَ وُجُوْهَهُمْ وَاَدْبَارَهُمْ ۚ وَذُوْقُوْا عَذَابَ الْحَرِیْقِ ۟
Wa-law taraaa ʹiẓ yatawaffal laẓeena kafarul malaaaʹikatu yaḍriboona wujoohahum wa-ʹadbaarahum: wa-ẓooq̣oo ʻAẓaabal ḥareeq̣!
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව සුර දූතයන් විසින් අත්පත් කරගන්නා අවස්ථාව නුඹ දැකගන්නට තිබුනා නම්! ඔවුහු (එම දූතවරු) ඔවුන්ගේ මුහුණුවලට හා පිටවලට පහර දෙති. නුඹලා දැවෙන වේදනාවේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසති).
Verse 8:51
ذٰلِكَ بِمَا قَدَّمَتْ اَیْدِیْكُمْ وَاَنَّ اللّٰهَ لَیْسَ بِظَلَّامٍ لِّلْعَبِیْدِ ۟ۙ
Ẓaalika bimaa q̣addamat ʹaydeekum wa-ʹannal laaha laysa biz̤̣allaamil lil-ʻabeed:
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන්හට අසාධාරණකම් කරන්නෙකු නො වේ.
Verse 8:52
كَدَاْبِ اٰلِ فِرْعَوْنَ ۙ وَالَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ كَفَرُوْا بِاٰیٰتِ اللّٰهِ فَاَخَذَهُمُ اللّٰهُ بِذُنُوْبِهِمْ ؕ اِنَّ اللّٰهَ قَوِیٌّ شَدِیْدُ الْعِقَابِ ۟
Kadaʹbi ʹAali Firʻawna wal-laẓeena miñ q̣ablihim: kafaroo biʹAayaatil laahi faʹakhaẓahumul laahu biẓunoobihim. ʹInnal laaha Q̣awiyyuñ Shadeedul ʻiq̣aab.
(අප දඬුවම් කිරීමේ දී) ෆිර්අවුන්ගේ සේනාවේ හා ඔවුනට පෙර සිටි අයගේ තත්ත්වය මෙනි. ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළෝ ය. එබැවින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම අල්ලාහ් අතිබලවත් ය; දඬුවම් දීමෙහි ඉතා දැඩි ය.
Verse 8:53
ذٰلِكَ بِاَنَّ اللّٰهَ لَمْ یَكُ مُغَیِّرًا نِّعْمَةً اَنْعَمَهَا عَلٰی قَوْمٍ حَتّٰی یُغَیِّرُوْا مَا بِاَنْفُسِهِمْ ۙ وَاَنَّ اللّٰهَ سَمِیْعٌ عَلِیْمٌ ۟ۙ
Ẓaalika biʹannal laaha lam yakumu g̣ayyiran niʻmatan ʹanʻamahaa ʻalaa q̣awmin ḥattaa yug̣ayyiroo maa- biʹañfusihim wa-ʹannal laaha Sameeʻun ʻAleem:
එය කිසිදු සමූහයක් තමන් සතුව ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් ඔවුනට පිරිනැමූ දායාදය සැබැවින් ම අල්ලාහ් වෙනස් කරන්නෙකු නො වූ බැවිනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්රාවක ය; සර්ව ඥානී ය.
Verse 8:54
كَدَاْبِ اٰلِ فِرْعَوْنَ ۙ وَالَّذِیْنَ مِنْ قَبْلِهِمْ ؕ كَذَّبُوْا بِاٰیٰتِ رَبِّهِمْ فَاَهْلَكْنٰهُمْ بِذُنُوْبِهِمْ وَاَغْرَقْنَاۤ اٰلَ فِرْعَوْنَ ۚ وَكُلٌّ كَانُوْا ظٰلِمِیْنَ ۟
Kadaʹbi ʹAali Firʻawna wallaẓeena miñ q̣ablihim: kaẓẓaboo biʹAayaati Rabbihim faʹahlaknaahum̃ biẓunoobihim wa-ʹag̣raq̣naaa ʹAala Firʻawn: wa-kulluñ kaanoo z̤̣aalimeen.
එය ෆිර්අවුන්ගේ සේනාව හා ඔවුනට පෙර සිටි අයගේ තත්ත්වය මෙනි. ඔවුහු තම පරමාධිපතිගේ වදන් බොරු කළෝ ය. එහෙයින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන්ව අපි විනාශ කළෙමු. තවද අපි ෆිර්අවුන්ගේ සේනාව හා අපරාධකරුවන් ලෙස සිටි සියලු දෙනා දියේ ගිල්වූයෙමු.
Verse 8:55
اِنَّ شَرَّ الدَّوَآبِّ عِنْدَ اللّٰهِ الَّذِیْنَ كَفَرُوْا فَهُمْ لَا یُؤْمِنُوْنَ ۟ۖۚ
ʹInna sharrad dawaaabbi ʻiñdal laahil laẓeena kafaroo fahum laa- yuʹminoon.
අල්ලාහ් අබියස නියත වශයෙන් ම ප්‍රාණීන් අතරින් වඩාත් නපුරු අය වන්නේ දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ය. මන්ද ඔවුහු විශ්වාස නො කරති.
Verse 8:56
اَلَّذِیْنَ عٰهَدْتَّ مِنْهُمْ ثُمَّ یَنْقُضُوْنَ عَهْدَهُمْ فِیْ كُلِّ مَرَّةٍ وَّهُمْ لَا یَتَّقُوْنَ ۟
ʹAllaẓeena ʻaahatta min-hum s̤umma yañq̣uḍoona ʻahdahum fee kulli marratiñw wahum laa- yattaq̣oon.
(නබිවරය!) ඔවුන් වනාහි නුඹ ඔවුන් සමඟ ගිවිස ගත් අය වෙති. ඉන් පසුව ඔවුන් ඒ සෑම වාරයකම ඔවුන්ගේ ගිවිසුම කඩ කරති. තවද ඔවුහු බිය හැඟීමෙන් යුතුව කටයුතු නො කරති.
Verse 8:57
فَاِمَّا تَثْقَفَنَّهُمْ فِی الْحَرْبِ فَشَرِّدْ بِهِمْ مَّنْ خَلْفَهُمْ لَعَلَّهُمْ یَذَّكَّرُوْنَ ۟
Faʹimmaa tas̤q̣afannahum fil ḥarbi fasharrid bihim man khalfahum laʻallahum yaẓẓakkaroon.
එහෙයින් යුද බිමෙහි නුඹ ඔවුන් හමු වන්නෙහි නම් ඔවුන්ගේ පසුපසින් සිටින්නවුන් ඔවුන්ගෙන් විසිර යන්නට සලස්වනු. ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස.
Verse 8:58
وَاِمَّا تَخَافَنَّ مِنْ قَوْمٍ خِیَانَةً فَانْۢبِذْ اِلَیْهِمْ عَلٰی سَوَآءٍ ؕ اِنَّ اللّٰهَ لَا یُحِبُّ الْخَآىِٕنِیْنَ ۟۠
Wa-ʹimmaa takhaafanna miñ q̣awmin khiyaanatañ fambiẓ ʹilayhim ʻalaa sawaaaʹ: ʹinnal laaha laa- yuḥibbul khaaaʹineen.
(නබිවරය!) යම් පිරිසකගෙන් වංචාවක් සිදු වනු ඇතැයි නුඹ බිය වෙතොත් ඊට සමාන අයුරින් (එම ගිවිසුම) ඔවුන් වෙත විසිකර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් වංචා කරන්නන් ප්‍රිය නො කරයි.
Verse 8:59
وَلَا یَحْسَبَنَّ الَّذِیْنَ كَفَرُوْا سَبَقُوْا ؕ اِنَّهُمْ لَا یُعْجِزُوْنَ ۟
Wa-laa yaḥsabannal laẓeena kafaroo sabaq̣oo: ʹinnahum laa- yuʻjizoon.
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් තමන් ජය ලැබූ බව සැබැවින් ම නො සිතිය යුතු ය. නියත වශයෙන් ම ඔවුන් (අප) පරාජය කිරීමට නොහැකි වෙති.
Verse 8:60
وَاَعِدُّوْا لَهُمْ مَّا اسْتَطَعْتُمْ مِّنْ قُوَّةٍ وَّمِنْ رِّبَاطِ الْخَیْلِ تُرْهِبُوْنَ بِهٖ عَدُوَّ اللّٰهِ وَعَدُوَّكُمْ وَاٰخَرِیْنَ مِنْ دُوْنِهِمْ ۚ لَا تَعْلَمُوْنَهُمْ ۚ اَللّٰهُ یَعْلَمُهُمْ ؕ وَمَا تُنْفِقُوْا مِنْ شَیْءٍ فِیْ سَبِیْلِ اللّٰهِ یُوَفَّ اِلَیْكُمْ وَاَنْتُمْ لَا تُظْلَمُوْنَ ۟
Wa-ʹaʻiddoo lahum mas taṭaʻtum miñ q̣uwwatiñw wamir ribaaṭil khayli turhiboona bihee ʻaduwwal laahi wa-ʻaduwwakum wa-ʹaakhareena miñ doonihim, laa- taʻlamoonahu mullaahu yaʻlamuhum. Wa-maa tuñfiq̣oo miñ shayʹiñ fee Sabeelil laahi yuwaffa ʹilaykum waʹañtum laa- tuz̤̣lamoon.
(ආයුධ) බලයෙන් හා අශ්ව සේනාවන්ගෙන් නුඹලාට හැකි පමණින් ඔවුනට එරෙහිව නුඹලා සූදානම් වනු. අල්ලාහ්ගේ සතුරන් ද නුඹලාගේ සතුරන් ද ඔවුනට අමතරව ඔවුන් ගැන නුඹලා නොදන්නා නමුත් අල්ලාහ් ඔවුන් ගැන දන්නා වෙනත් අය ද නුඹලා එමඟින් බිය වද්දනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා කවර කරුණක් වියදම් කරන්නේ ද නුඹලා වෙත එය පූර්ණව දෙනු ලැබේ. නුඹලා අසාධාරණකම් කරනු නො ලබනු ඇත.
Verse 8:61
وَاِنْ جَنَحُوْا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَی اللّٰهِ ؕ اِنَّهٗ هُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟
Wa-ʹiñ janaḥoo lissalmi fajnaḥ lahaa wa-tawakkal ʻalal laah: ʹinnahoo Huwas Sameeʻul ʻAleem.
තවද ඔවුන් සමාදානය වෙත නැඹුරු වූයේ නම් එවිට නුඹ ද ඒ වෙත නැඹුරු වනු. තවද අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්රාවක ය; සර්වඥානී ය.
Verse 8:62
وَاِنْ یُّرِیْدُوْۤا اَنْ یَّخْدَعُوْكَ فَاِنَّ حَسْبَكَ اللّٰهُ ؕ هُوَ الَّذِیْۤ اَیَّدَكَ بِنَصْرِهٖ وَبِالْمُؤْمِنِیْنَ ۟ۙ
Wa-ʹiñy yureedooo ʹañy yakhdaʻooka faʹinna ḥasbakal laah. Huwal laẓeee ʹayyadaka binaṣrihee wa-bil-Muʹmineen.
තවද නුඹට ද්‍රෝහිකම් කිරීමට ඔවුන් සිතන්නේ නම් එවිට (දැන ගනු) නියත වශයෙන් ම අල්ලාහ් නුඹට ප්‍රමාණවත් ය. ඔහුගේ උපකාරය හා දේවත්වය විශ්වාස කරන්නන් මඟින් නුඹව ස්ථාවර කළේ ඔහු ය.
Verse 8:63
وَاَلَّفَ بَیْنَ قُلُوْبِهِمْ ؕ لَوْ اَنْفَقْتَ مَا فِی الْاَرْضِ جَمِیْعًا مَّاۤ اَلَّفْتَ بَیْنَ قُلُوْبِهِمْ وَلٰكِنَّ اللّٰهَ اَلَّفَ بَیْنَهُمْ ؕ اِنَّهٗ عَزِیْزٌ حَكِیْمٌ ۟
Wa-ʹallafa bayna q̣uloobihim. Law ʹañfaq̣ta maa- fil ʹarḍi jameeʻam maaa ʹallafta bayna q̣uloobihim wa-laakinnal laaha ʹallafa baynahum; ʹinnahoo ʻAzeezun Ḥakeem.
ඔවුන්ගේ හදවත් අතර ඔහු සෙනෙහස ගොඩ නැගුවේ ය. මහපොළොවේ ඇති සියලු දෑ නුඹ වියදම් කළ ද ඔවුන්ගේ හදවත් අතර සෙනෙහස ගොඩ නැගීමට නුඹට නොහැකි ය. එනමුත් අල්ලාහ් ඔවුන් අතර සෙනෙහස ගොඩ නැගුවේ ය. නියත වශයෙන් ම ඔහු සර්ව බලධාරී ය; සියුම් ඥානී ය.
Verse 8:64
یٰۤاَیُّهَا النَّبِیُّ حَسْبُكَ اللّٰهُ وَمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِیْنَ ۟۠
Yaaaʹayyuhan nabiyyu ḥasbukal lahu wa-manit tabaʻaka minal Muʹmineen.
අහෝ නබිවරය! නුඹට හා දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹව අනුගමනය කළවුන්හට අල්ලාහ් ප්‍රමාණවත් ය.
Verse 8:65
یٰۤاَیُّهَا النَّبِیُّ حَرِّضِ الْمُؤْمِنِیْنَ عَلَی الْقِتَالِ ؕ اِنْ یَّكُنْ مِّنْكُمْ عِشْرُوْنَ صٰبِرُوْنَ یَغْلِبُوْا مِائَتَیْنِ ۚ وَاِنْ یَّكُنْ مِّنْكُمْ مِّائَةٌ یَّغْلِبُوْۤا اَلْفًا مِّنَ الَّذِیْنَ كَفَرُوْا بِاَنَّهُمْ قَوْمٌ لَّا یَفْقَهُوْنَ ۟
Yaaaʹayyuhan Nabiyyu ḥarriḍil Muʹmineena ʻalal q̣itaal. ʹIñy yakum miñkum ʻishroona ṣaabiroona yag̣liboo miʹatayn; wa-ʹiñy yakum miñkum miʹatuñy yag̣libooo ʹalfam minal laẓeena kafaroo biʹannahum q̣awmul laa yafq̣ahoon.
අහෝ නබිවරය! දේවත්වය විශ්වාස කරන්නන් යුද්ධය සඳහා දිරි ගන්වනු. නුඹලා අතරින් ඉවසිලිවන්ත විසි දෙනෙකු සිටින්නේ නම් ඔවුහු ඔවුන්ගෙන් දෙසිය දෙනකු අබිබවා යනු ඇත. නුඹලා අතරින් සිය දෙනෙකු සිටින්නේ නම් ඔවුහු දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් අතරින් දහසක් දෙනා අබිබවා යනු ඇත. හේතුව සැබැවින් ම ඔවුන් වටහා නො ගන්නා පිරිසක් වූ බැවිනි.
Verse 8:66
اَلْـٰٔنَ خَفَّفَ اللّٰهُ عَنْكُمْ وَعَلِمَ اَنَّ فِیْكُمْ ضَعْفًا ؕ فَاِنْ یَّكُنْ مِّنْكُمْ مِّائَةٌ صَابِرَةٌ یَّغْلِبُوْا مِائَتَیْنِ ۚ وَاِنْ یَّكُنْ مِّنْكُمْ اَلْفٌ یَّغْلِبُوْۤا اَلْفَیْنِ بِاِذْنِ اللّٰهِ ؕ وَاللّٰهُ مَعَ الصّٰبِرِیْنَ ۟
ʹAlʹaana khaffafal laahu ʻañkum wa-ʻalima ʹanna feekum ḍaʻfaa. Faʹiñy yakum miñkum miʹatuñ Ṣaabiratuñy yag̣liboo miʹatayn. Wa-ʹiñy yakum miñkum ʹalfuñy yag̣libooo ʹalfayni biʹiẓnil laah: wallaahu maʻaṣ Ṣaabireen.
දැන් අල්ලාහ් නුඹලාට (දුන් සහනය) හීන කළේ ය. තවද නුඹලා තුළ දුර්වලකම් ඇති බව ඔහු දැන සිටියේ ය. එහෙයින් නුඹලා අතරින් ඉවසිලිවන්ත සිය දෙනකු වන්නේ නම් ඔවුහු (ඔවුන්ගෙන්) දෙසිය දෙනකු අබිබවා යනු ඇත. තවද නුඹලා අතරින් දහසක් දෙනා වන්නේ නම් අල්ලාහ්ගේ අනුහසින් දෙදහසක් දෙනා ඔවුහු අබිබවා යනු ඇත. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ ය.
Verse 8:67
مَا كَانَ لِنَبِیٍّ اَنْ یَّكُوْنَ لَهٗۤ اَسْرٰی حَتّٰی یُثْخِنَ فِی الْاَرْضِ ؕ تُرِیْدُوْنَ عَرَضَ الدُّنْیَا ۖۗ وَاللّٰهُ یُرِیْدُ الْاٰخِرَةَ ؕ وَاللّٰهُ عَزِیْزٌ حَكِیْمٌ ۟
Maa- kaana li-Nabiyyin ʹañy yakoona lahooo ʹasraa ḥattaa yus̤khina fil ʹarḍ. Tureedoona ʻaraḍad dunyaa, wallaahu yureedul ʹAakhirah: wallaahu ʻAzeezun Ḥakeem.
මිහිතලයේ සතුරන් මර්දනය කරන තුරු යුද සිරකරුවන් තබා ගැනීම කිසිදු නබිවරයකුට (සුදුසු) නො වීය. නුඹලා මෙලොව සම්පත් අපේක්ෂා කරන්නෙහු ය. අල්ලාහ් මතු ලොව අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; සියුම් ඥානී ය.
Verse 8:68
لَوْلَا كِتٰبٌ مِّنَ اللّٰهِ سَبَقَ لَمَسَّكُمْ فِیْمَاۤ اَخَذْتُمْ عَذَابٌ عَظِیْمٌ ۟
Law-laa Kitaabum minal laahi sabaq̣a lamassakum fee-maaa ʹakhaẓtum ʻaẓaabun ʻaz̤̣eem.
අල්ලාහ්ගේ පෙර නියමයක් නො වූයේ නම් (සිරකරුවන් මුදා හරින්නට) නුඹලා ලබා ගත් දෙයහි මහත් දඬුවමක් නුඹලාව ස්පර්ශ කරන්නට තිබුණි.
Verse 8:69
فَكُلُوْا مِمَّا غَنِمْتُمْ حَلٰلًا طَیِّبًا ۖؗ وَّاتَّقُوا اللّٰهَ ؕ اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟۠
Fakuloo mimmaa g̣animtum ḥalaalañ ṭayyibaa; watta q̣ullaah: ʹinnal laaha G̣afoorur Raḥeem.
එහෙයින් යුද බිමෙන් නුඹලා ලැබූ දැයින් අනුමත පිවිතුරු දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.
Verse 8:70
یٰۤاَیُّهَا النَّبِیُّ قُلْ لِّمَنْ فِیْۤ اَیْدِیْكُمْ مِّنَ الْاَسْرٰۤی ۙ اِنْ یَّعْلَمِ اللّٰهُ فِیْ قُلُوْبِكُمْ خَیْرًا یُّؤْتِكُمْ خَیْرًا مِّمَّاۤ اُخِذَ مِنْكُمْ وَیَغْفِرْ لَكُمْ ؕ وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
Yaaaʹayyuhan Nabiyyu q̣ul limañ feee ʹaydeekum minal ʹasraaa ʹiñy yaʻlamil laahu fee q̣uloobikum khayrañy yuʹtikum khayram mimmaaa ʹukhiẓa miñkum wa-yag̣fir lakum: wallaahu G̣afoorur Raḥeem.
අහෝ නබිවරය! ‘නුඹලාගේ හදවත් තුළ ඇති යම් යහපතක් ගැන අල්ලාහ් දන්නේ නම් නුඹලාගෙන් ගනු ලැබූ දෑට වඩා යහපත් දෑ නුඹලාට ඔහු පිරිනමනු ඇත. තවද නුඹලාට ඔහු සමාව දෙනු ඇත’ යැයි නුඹලාගේ අත්අඩංගුවේ පසු වන සිරුකරුවන්හට නුඹ පවසනු. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.
Verse 8:71
وَاِنْ یُّرِیْدُوْا خِیَانَتَكَ فَقَدْ خَانُوا اللّٰهَ مِنْ قَبْلُ فَاَمْكَنَ مِنْهُمْ ؕ وَاللّٰهُ عَلِیْمٌ حَكِیْمٌ ۟
Wa-ʹiñy yureedoo khiyaanataka faq̣ad khaanul laaha miñ q̣ablu faʹamkana minhum. Wallaahu ʻAleemun Ḥakeem.
ඔවුහු නුඹට ද්‍රෝහිකම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් මීට පෙර ද සැබැවින් ම ඔවුහු අල්ලාහ්ට ද්‍රෝහිකම් කළෝ ය. ඔහු ඔවුන් විෂයයෙහි (නුඹට) ඉඩ ලබා දී ඇත. තවද අල්ලාහ් සර්වඥානී ය; ප්‍රඥාවන්ත ය.
Verse 8:72
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَهَاجَرُوْا وَجٰهَدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ فِیْ سَبِیْلِ اللّٰهِ وَالَّذِیْنَ اٰوَوْا وَّنَصَرُوْۤا اُولٰٓىِٕكَ بَعْضُهُمْ اَوْلِیَآءُ بَعْضٍ ؕ وَالَّذِیْنَ اٰمَنُوْا وَلَمْ یُهَاجِرُوْا مَا لَكُمْ مِّنْ وَّلَایَتِهِمْ مِّنْ شَیْءٍ حَتّٰی یُهَاجِرُوْا ۚ وَاِنِ اسْتَنْصَرُوْكُمْ فِی الدِّیْنِ فَعَلَیْكُمُ النَّصْرُ اِلَّا عَلٰی قَوْمٍ بَیْنَكُمْ وَبَیْنَهُمْ مِّیْثَاقٌ ؕ وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
ʹInnal laẓeena ʹaamanoo wa-haajaroo wa-jaahadoo biʹamwaalihim wa-ʹañfusihim fee Sabeelil laahi wallaẓeena ʹaawaw Wanaṣarooo ʹulaaaʹika baʻḍuhum ʹawliyaaaʹu baʻḍ. Wallaẓeena ʹaamanoo wa-lam yuhaajiroo maa- lakum miñw walaayatihim miñ shayʹin ḥattaa yuhaajiroo; wa-ʹinis tañṣarookum fid deeni faʻalayku munnaṣru ʹillaa ʻalaa q̣awmim baynakum wa-baynahum Mees̤aaq̣. Wallaahu bimaa taʻmaloona Baṣeer.
නියත වශයෙන් ම විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් ද තවද සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් ද වනාහි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේ මිතුරෝ වෙති. විශ්වාස කොට නික්ම නො ගිය අය ඔවුන් නික්ම යන තුරු ඔවුන් සමඟ කිසිදු ආකාරයේ මිතු දහමක් නුඹලාට නො වනු ඇත. එහෙත් දහම විෂයයෙහි ඔවුන් නුඹලාගෙන් උදව් පැතුවේ නම් නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති ජනයා වෙත හැර (අන් අයට) උදව් කිරීම නුඹලා වෙත පැවරෙන වගකීම ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව නිරීක්ෂා කරන්නා ය.
Verse 8:73
وَالَّذِیْنَ كَفَرُوْا بَعْضُهُمْ اَوْلِیَآءُ بَعْضٍ ؕ اِلَّا تَفْعَلُوْهُ تَكُنْ فِتْنَةٌ فِی الْاَرْضِ وَفَسَادٌ كَبِیْرٌ ۟ؕ
Wallaẓeena kafaroo baʻḍuhum ʹawliyaaaʹu baʻḍ: ʹillaa tafʻaloohu takuñ fitnatuñ fil ʹarḍi wa-fasaaduñ kabeer.
දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. මෙය (එකිනෙකා රැකගැනීම) නුඹලා නො කරන්නේ නම් මහ පොළොවේ අර්බුද හා මහා කලහකම් සිදු වනු ඇත.
Verse 8:74
وَالَّذِیْنَ اٰمَنُوْا وَهَاجَرُوْا وَجٰهَدُوْا فِیْ سَبِیْلِ اللّٰهِ وَالَّذِیْنَ اٰوَوْا وَّنَصَرُوْۤا اُولٰٓىِٕكَ هُمُ الْمُؤْمِنُوْنَ حَقًّا ؕ لَهُمْ مَّغْفِرَةٌ وَّرِزْقٌ كَرِیْمٌ ۟
Wallaẓeena ʹaamanoo wa-haajaroo wa-jaahadoo fee Sabeelil laahi wallaẓeena ʹaawaw Wanaṣarooo ʹulaaaʹika humul Muʹminoona ḥaq̣q̣aa: lahum mag̣firatuñw warizq̣uñ Kareem.
තවද විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් හා සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් වන ඔවුහු මය සැබෑ ලෙසින් දේවත්වය විශ්වාස කරන්නන් වන්නෝ. ඔවුනට සමාව ද ගෞරවාන්විත සංග්‍රහය ද ඇත.
Verse 8:75
وَالَّذِیْنَ اٰمَنُوْا مِنْ بَعْدُ وَهَاجَرُوْا وَجٰهَدُوْا مَعَكُمْ فَاُولٰٓىِٕكَ مِنْكُمْ ؕ وَاُولُوا الْاَرْحَامِ بَعْضُهُمْ اَوْلٰی بِبَعْضٍ فِیْ كِتٰبِ اللّٰهِ ؕ اِنَّ اللّٰهَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟۠
Wallaẓeena ʹaamanoo mim baʻdu wa-haajaroo wa-jaahadoo maʻakum faʹulaaaʹika miñkum. Wa-ʹulul ʹarḥaami baʻḍuhum ʹawlaa bibaʻḍiñ fee Kitaabil laah. ʹInnal laaha bikulli shayʹin ʻAleem.
තවද විශ්වාස කොට පසුව (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් නුඹලා සමඟ ම (අල්ලාහ්ගේ මාර්ගයේ) කැප වූවන් වන ඔවුහු නුඹලා අතරින් වෙති. අල්ලාහ්ගේ නියමය පරිදි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ඉතා සමීප ඥාතීන් වෙති. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥ ය.