Back to Quran

ජුස්

Juz 3

2:253 ... 3:92 · 126 ayahs

පරිවර්තනය Ruwwad Centre

  1. Surah Al-BaqarahBegins here at 2:253

  2. 2:253

    ۞ تِلْكَ ٱلرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ ۘ مِّنْهُم مَّن كَلَّمَ ٱللَّهُ ۖ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَـٰتٍ ۚ وَءَاتَيْنَا عِيسَى ٱبْنَ مَرْيَمَ ٱلْبَيِّنَـٰتِ وَأَيَّدْنَـٰهُ بِرُوحِ ٱلْقُدُسِ ۗ وَلَوْ شَآءَ ٱللَّهُ مَا ٱقْتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعْدِهِم مِّنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَـٰتُ وَلَـٰكِنِ ٱخْتَلَفُوا۟ فَمِنْهُم مَّنْ ءَامَنَ وَمِنْهُم مَّن كَفَرَ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ مَا ٱقْتَتَلُوا۟ وَلَـٰكِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يُرِيدُ

    Tilkar rusulu faḍḍalnaa baʻḍahum ʻalaa baʻḍ. Minhum mañ kallamal laahu wa-rafaʻa baʻḍahum darajaat. Wa-ʹaataynaa ʻEesab na Maryamal Bayyinaati wa-ʹayyadnaahu birooḥil q̣udus. Wa-law shaaaʹal laahu maq̣ tatalal laẓeena mim baʻdihim mim baʻdi maa- jaaaʹathumul Bayyinaatu wa-laakinikh talafoo faminhum man ʹaamana wa-minhum mañ kafar. Wa-law shaaaʹal laahu maq̣ tataloo; wa-laakinnal laaha yafʻalu maa- yureed.

    මෙම ධර්ම දූතවරුන් වනාහි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට වඩා අපි උසස් කළෙමු. ඔවුන් අතුරින් අල්ලාහ් සමඟ කතා කළ අය වෙති. ඔවුන්ගෙන් ඇතැමුන්ව තරාතිරමින් උසස් කළෙමු. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකය පිරිනැමුවෙමු. පිවිතුරු ආත්මය තුළින් ඔහුව අපි ශක්තිමත් කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුනට පසු පැමිණි අයවලුන් ඔවුනට පැහැදිලි සාධක පැමිණි පසුව මරා නො ගන්නට තිබිණ. එහෙත් ඔවුහු මත භේද ඇති කර ගත්හ. එනමුත් ඔවුන් අතුරින් විශ්වාස කළ අය ද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද වෙති. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් මරා නො ගන්නට තිබුණි. එනමුත් අල්ලාහ් තමන් කැමති දේ සිදු කරන්නේ ය.

  3. 2:254

    يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنفِقُوا۟ مِمَّا رَزَقْنَـٰكُم مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌ لَّا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَـٰعَةٌ ۗ وَٱلْكَـٰفِرُونَ هُمُ ٱلظَّـٰلِمُونَ

    Yaaa-ʹayyuhal laẓeena ʹaamanooo ʹañfiq̣oo mimmaa razaq̣naakum miñ q̣abli ʹañy yaʹtiya Yawmul laa bayʻuñ feehi walaa khullatuñw walaa shafaaʻah . Wal-kaafiroona humuz̤̣ z̤̣aalimoon.

    අහෝ විශ්වාස කළවුනි! කිසිදු ගනුදෙනුවක් නොමැති කිසිදු මිතු දමක් නොමැති කිසිදු මැදිහත්වීමක් නොමැති දිනයක් පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. ප්‍රතික්ෂේපකයෝ වන ඔවුහු මය අපරාධකරුවෝ.

  4. 2:255

    ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ ۚ لَا تَأْخُذُهُۥ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَّهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ مَن ذَا ٱلَّذِى يَشْفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذْنِهِۦ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَىْءٍ مِّنْ عِلْمِهِۦٓ إِلَّا بِمَا شَآءَ ۚ وَسِعَ كُرْسِيُّهُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ ۖ وَلَا يَـُٔودُهُۥ حِفْظُهُمَا ۚ وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ

    ʹAllaahu laaa ʹilaaha ʹillaa HooʹAl Ḥayyul Q̣ayyoom. Laa- taʹkhuẓuhoo sinatuñw walaa nawm. Lahoo Maa- fis samaawaati wa-maa fil ʹarḍ. Mañ ẓal laẓee yashfaʻu ʻiñdahooo ʹillaa biʹiẓnih? Yaʻlamu Maa- bayna ʹaydeehim wa-maa khalfahum. Wa-laa yuḥeeṭoona bishayʹim min ʻilmiheee ʹillaa bimaa shaaaʹ. Wasiʻa Kursiyyuhus Samaawaati wal-ʹarḍ; wa-laa yaʹooduhoo ḥifz̤̣uhumaa wa-Huwal ʻAliyyul ʻAz̤̣eem.

    අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහුව ග්‍රහණය නො කරයි. අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේ ය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නො කරති. ඔහුගේ අසුන අහස්හි හා මහපොළොවෙහි ව්‍යාප්තව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නො වේ. තවද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය.

  5. 2:256

    لَآ إِكْرَاهَ فِى ٱلدِّينِ ۖ قَد تَّبَيَّنَ ٱلرُّشْدُ مِنَ ٱلْغَىِّ ۚ فَمَن يَكْفُرْ بِٱلطَّـٰغُوتِ وَيُؤْمِنۢ بِٱللَّهِ فَقَدِ ٱسْتَمْسَكَ بِٱلْعُرْوَةِ ٱلْوُثْقَىٰ لَا ٱنفِصَامَ لَهَا ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

    Laaa ʹikraaha fid deen. Q̣at tabayyanar Rushdu minal G̣ayy. Famañy yakfur biṭ-Ṭaag̣ooti wa-yuʹmim billaahi faq̣adis tamsaka bilʻurwatil wus̤q̣aa, lañ fiṣaama lahaa. Wallaahu Sameeʻun ʻAleem.

    දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි විය. එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් රැහැනක් අල්ලා ගත්තේ ය. එයට විසන්ධි වීමක් නොමැත. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.

  6. 2:257

    ٱللَّهُ وَلِىُّ ٱلَّذِينَ ءَامَنُوا۟ يُخْرِجُهُم مِّنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ ۖ وَٱلَّذِينَ كَفَرُوٓا۟ أَوْلِيَآؤُهُمُ ٱلطَّـٰغُوتُ يُخْرِجُونَهُم مِّنَ ٱلنُّورِ إِلَى ٱلظُّلُمَـٰتِ ۗ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ

    ʹAllaahu Waliyyul laẓeena ʹaamanoo yukhrijuhum minaz̤̣ z̤̣ulumaati ʹilan noor. Wallaẓeena kafarooo ʹawliyaaaʹuhumuṭ Ṭaag̣ootu yukhrijoonahum minan Noori ʹilaz̤̣ z̤̣ulumaat. ʹUlaaaʹika ʹAṣḥaabun Naari hum feehaa khaalidoon.

    විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරන්නේ ය. තවද ප්‍රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන්ගේ භාරකරුවන් නපුරු බලවේගයන් ය. ඔවුහු ඔවුන්ව ආලෝකයෙන් අන්ධකාරයන් කරා බැහැර කරන්නෝ ය. ඔවුහු නිරයේ සගයෝ ය. ඔවුහු එහි සදාතනිකයෝ ය.

  7. 2:258

    أَلَمْ تَرَ إِلَى ٱلَّذِى حَآجَّ إِبْرَٰهِـۧمَ فِى رَبِّهِۦٓ أَنْ ءَاتَىٰهُ ٱللَّهُ ٱلْمُلْكَ إِذْ قَالَ إِبْرَٰهِـۧمُ رَبِّىَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ قَالَ أَنَا۠ أُحْىِۦ وَأُمِيتُ ۖ قَالَ إِبْرَٰهِـۧمُ فَإِنَّ ٱللَّهَ يَأْتِى بِٱلشَّمْسِ مِنَ ٱلْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ ٱلْمَغْرِبِ فَبُهِتَ ٱلَّذِى كَفَرَ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ

    ʹAlam tara ʹilal laẓee ḥaaajja ʹIbraaheema fee Rabbiheee ʹan ʹaataahul laahul mulk? ʹIẓ q̣aala ʹIbraaheemu Rabbiyal laẓee yuḥyee wa-yumeetu q̣aala ʹana ʹuḥyee wa-ʹumeet. Q̣aala ʹIbraaheemu faʹinnal laha yaʹtee bish-Shamsi minal Mashriq̣i faʹti bihaa minal Mag̣ribi Fabuhital laẓee kafar. Wallaahu laa- yahdil q̣awmaz̤̣ z̤̣aalimeen.

    ඉබ්රාහීම් සමඟ ඔහුගේ පරමාධිපති විෂයෙහි අල්ලාහ් ඔහුට රාජ්‍ය පාලනය පිරිනමා තිබූ හේතුවෙන් තර්ක කළ අය දෙස නුඹ නො බැලුවෙහි ද? ‘මාගේ පරමාධිපති ප්‍රාණය ලබා දෙන්නා ය. මරණයට පත් කරන්නාය’ යැයි පැවසූ අවස්ථාවේ ඔහු ‘මම ද ජීවය දෙමි. මරණයට ද පත් කරමි’ යැයි පැවසුවේ ය. ‘එසේනම් සැබැවින් ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේ ය. එබැවින් (නුඹට හැකි නම්) එය බටහිරෙන් ගෙන එනු’ යැයි ඉබ්රාහීම් පැවසුවේ ය. එවිට ප්‍රතික්ෂේප කළ ඔහු තිගැස්සී ගියේ ය. අපරාධ කරන ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත.

  8. 2:259

    أَوْ كَٱلَّذِى مَرَّ عَلَىٰ قَرْيَةٍ وَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحْىِۦ هَـٰذِهِ ٱللَّهُ بَعْدَ مَوْتِهَا ۖ فَأَمَاتَهُ ٱللَّهُ مِا۟ئَةَ عَامٍ ثُمَّ بَعَثَهُۥ ۖ قَالَ كَمْ لَبِثْتَ ۖ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۖ قَالَ بَل لَّبِثْتَ مِا۟ئَةَ عَامٍ فَٱنظُرْ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ ۖ وَٱنظُرْ إِلَىٰ حِمَارِكَ وَلِنَجْعَلَكَ ءَايَةً لِّلنَّاسِ ۖ وَٱنظُرْ إِلَى ٱلْعِظَامِ كَيْفَ نُنشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا ۚ فَلَمَّا تَبَيَّنَ لَهُۥ قَالَ أَعْلَمُ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

    ʹAw kallaẓee marra ʻalaa q̣aryatiñw wa hiya khaawiyatun ʻalaa ʻurooshihaa. Q̣aala ʹannaa yuḥyee haaẓihil laahu baʻda mawtihaa? Faʹamaatahul laahu miʹata ʻaamiñ s̤umma baʻas̤ah. Q̣aala kam labis̤t? Q̣aala Labis̤tu yawman ʹaw baʻḍa yawm. Q̣aala bal labis̤ta miʹata ʻaamiñ fañz̤̣ur ʹilaa ṭaʻaamika wa-sharaabika lam yatasannah. Wañz̤̣ur ʹilaa ḥimaarik! wa-linajʻalaka ʹaayatal linnaasi wañz̤̣ur ʹilal ʻiz̤̣aami kayfa nuñshizuhaa s̤umma naksoohaa laḥmaa. Falammaa tabyyana lahoo q̣aala ʹaʻlamu ʹannal laaha ʻalaa kulli shayʹiñ Q̣adeer.

    එසේ නොමැති නම් එහි වහලවල් මත කඩා වැටී තිබූ ගමක් මතින් ගමන් ගත් අයෙකු මෙනි. (ඔහු ගැන ද නුඹ නො බැලුවෙහි ද?) ‘ඔහු මෙය මිය ගිය පසු මෙයට ප්‍රාණය දෙන්නේ කෙසේ දැ?’ යි විමසුවේ ය. එවිට අල්ලාහ් ‘වසර සියයක් ඔහුව මරණයට පත් කරවා පසුව ඔහුව අවදි කොට නුඹ කොපමණ කලක් රැඳී සිටියෙහි දැ?’ යි විමසුවේ ය. ‘දිනක් හෝ දිනක කොටසක් මම රැඳී සිටියෙමි’ යැයි ඔහු පැවසුවේ ය. ‘නැත නුඹ වසර සියයක් රැඳී සිටියෙහි ය. දැන් නුඹ නුඹේ ආහාරය හා නුඹේ පානය දෙස බලනු. එය නරක්වී නැත. තවද නුඹේ බූරුවා දෙස බලනු. (මෙය) ජනයාට නුඹව සලකුණක් වශයෙන් අප පත් කරනු පිණිස ය. තවද අප එම අස්ථි එක් රැස් කොට පසුව එය මසින් අන්දවනුයේ කෙසේ දැ? යි බලනු.’ ඔහුට පැහැදිලි වූ කල්හි ‘සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා’ යැයි මම දැන ගත්තෙමි යැයි ඔහු පැවසුවේ ය.

  9. 2:260

    وَإِذْ قَالَ إِبْرَٰهِـۧمُ رَبِّ أَرِنِى كَيْفَ تُحْىِ ٱلْمَوْتَىٰ ۖ قَالَ أَوَلَمْ تُؤْمِن ۖ قَالَ بَلَىٰ وَلَـٰكِن لِّيَطْمَئِنَّ قَلْبِى ۖ قَالَ فَخُذْ أَرْبَعَةً مِّنَ ٱلطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ ٱجْعَلْ عَلَىٰ كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ٱدْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا ۚ وَٱعْلَمْ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ

    Wa-ʹiẓ q̣aala ʹIbraaheemu Rabbi ʹarinee kayfa tuḥyil mawtaa. Q̣aala ʹa-wa-lam tuʹmin? Q̣aala balaa wa-laakil liyaṭmaʹinna q̣albee. Q̣aala fakhuẓ ʹarbaʻatam minaṭ ṭayri fas̤urhunna ʹilayka s̤ummaj ʻal ʻalaaa kulli jabalim minhunna juzʹañ s̤ummad ʻuhunna yaʹteenaka saʻyaa. Waʻlam ʹannal laaha ʻAzeezun Ḥakeem.

    තවද ‘මාගේ පරමාධිපතියාණනි! මියගියවුන්ට නුඹ ජීවය දෙන්නේ කෙසේ දැ? යි මට පෙන්වනු’ යැයි ඉබ්රාහීම් පැවසූ විට, ‘නුඹ විශ්වාස නො කළෙහි දැ?’ යි ඔහු විමසුවේ ය. ‘එසේය (මම විශ්වාස කළෙමි) එනමුත් මාගේ හදවත සන්සුන් වනු පිණිස’ යැයි ඔහු පැවසුවේ ය. ‘එසේ නම් පක්ෂීන් සිව් දෙනෙකු ගෙන, උන් කැබලි කර ඔබ වෙත තබා ගනු. පසුව ඒවායින් කොටසක් (බැගින්) සෑම කන්දක් මත ම තබනු. පසුව නුඹ උන් කැඳවනු. ඒවා නුඹ වෙත කඩිනමින් පැමිණෙනු ඇත. තවද සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත බව දැන ගනු.’

  10. 2:261

    مَّثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمْ فِى سَبِيلِ ٱللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنۢبَتَتْ سَبْعَ سَنَابِلَ فِى كُلِّ سُنۢبُلَةٍ مِّا۟ئَةُ حَبَّةٍ ۗ وَٱللَّهُ يُضَـٰعِفُ لِمَن يَشَآءُ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ

    Mas̤alul laẓeena yunñfiq̣oona ʹamwaalahum fee Sabeelil laahi kamas̤ali ḥabbatin ʹambatat sabʻa sanaabila fee kulli sumbulatim miʹatu ḥabbah. Wallaahu yuḍaaʻifu limany yashaaaʹ. Wallaahu Waasiʻun ʻAleem.

    තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට උපමාව බීජයක උපමාව මෙනි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලක ම ධාන්‍ය සියයක් තිබේ. තවද අල්ලාහ් තමන් අභිමත කරන අයට ගුණ කරයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය, සර්ව ඥානී ය.

  11. 2:262

    ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمْ فِى سَبِيلِ ٱللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَآ أَنفَقُوا۟ مَنًّا وَلَآ أَذًى ۙ لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    ʹAllaẓeena yuñfiq̣oona ʹamwaalahum fee Sabeelil laahi s̤umma laa- yutbiʻoona maaa ʹañfaq̣oo mannañw walaaa ʹaẓal lahum ʹajruhum ʻiñda Rabbihim; wa-laa khawfun ʻalayhim wa-laa hum yaḥzanoon.

    තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර පසුව ඔවුන් වියදම් කළ දෑ කියා පෑමෙන් හෝ හිංසා කිරීමෙන් හෝ හඹා නො යන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ වේතනය ඇත. ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුන් දුකට පත්වන්නේ ද නැත.

  12. 2:263

    ۞ قَوْلٌ مَّعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِّن صَدَقَةٍ يَتْبَعُهَآ أَذًى ۗ وَٱللَّهُ غَنِىٌّ حَلِيمٌ

    Q̣awlum maʻroofuñw wamag̣firatun khayrum miñ ṣadaq̣atiñ yatbaʻuhaaa ʹaẓaa. Wallaahu G̣aniyyun Ḥaleem.

    යහ වදන හා සමාව හිංසාව පසුපස හඹා යන දානයට වඩා අති ශ්‍රේෂ්ඨ ය. තවද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය. සෙනෙහෙවන්ත ය.

  13. 2:264

    يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُبْطِلُوا۟ صَدَقَـٰتِكُم بِٱلْمَنِّ وَٱلْأَذَىٰ كَٱلَّذِى يُنفِقُ مَالَهُۥ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ ۖ فَمَثَلُهُۥ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُۥ وَابِلٌ فَتَرَكَهُۥ صَلْدًا ۖ لَّا يَقْدِرُونَ عَلَىٰ شَىْءٍ مِّمَّا كَسَبُوا۟ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَـٰفِرِينَ

    Yaaaʹayyuhal laẓeena aamanoo laa- tubṭiloo ṣadaq̣aatikum̃ bilmanni wal-ʹaẓaa kallaẓee yuñfiq̣u maa-lahoo riʹaaaʹan naasi wa-laa yuʹminu billaahi wal-Yawmil ʹAakhir. Famas̤aluhoo kamas̤ali ṣafwaanin ʻalayhi turaabuñ faʹaṣaabahoo waabiluñ fatarakahoo ṣaldaa. Laa- yaq̣diroona ʻalaa shayʹim mimmaa kasaboo. Wallaahu laa- yahdil q̣awmal kaafireen.

    විශ්වාස කළවුනි! අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නො කරන, තම ධනය මිනිසුන්ට ප්‍රදර්ශනය කරමින් වියදම් කරන අයෙකු මෙන්, නුඹලාගේ දානයන් කියා පෑමෙන් හා හිංසා පමුණුවමින් නිෂ්ඵල කර නො ගනු. තවද ඔහු (සිදු කරන වියදම)ට උපමාව පස්වලින් වැසී ඇති මුඩු ගල් පර්වතයක උපමාව ය. එවිට ඒ මත මහා වර්ෂාවක් පතිත වී එය හිස් වූ ගල් තලාවක් බවට අත හැර දැමී ය. ඔවුන් ඉපයූ දැයින් කිසිදු යහපතක් (අල්ලාහ්ගෙන්) ලබා ගැනීමට ඔවුහු ශක්තිය නො දරන්නෝ ය. තවද අල්ලාහ් ප්‍රතික්ෂේප කළ ජනයාට මඟ පෙන්වන්නේ නැත.

  14. 2:265

    وَمَثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمُ ٱبْتِغَآءَ مَرْضَاتِ ٱللَّهِ وَتَثْبِيتًا مِّنْ أَنفُسِهِمْ كَمَثَلِ جَنَّةٍۭ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَـَٔاتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

    Wa-mas̤alul laẓeena yuñfiq̣oonaʹ amwaalahu mubtig̣aaaʹa marḍaatil laahi wa-tas̤beetam min ʹañfusihim kamas̤ali jannatim birabwatin ʹaṣaabahaa waabiluñ faʹaatat ʹukulahaa ḍiʻfayn. Faʹil lam yuṣibhaa waabiluñ faṭall . Wallaahu bimaa taʻmaloona Baṣeer.

    අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා තම ආත්මය ස්ථාවරවත් කරමින් තම ධන සම්පත වියදම් කරන්නවුනට උපමාව උස් තැනිතලාවක ඇති උයනක් මෙනි ය. එයට මහා වර්ෂාවක් ඇති විය. එහෙයින් එය එහි අස්වැන්න දෙගුණයක් බැගින් ගෙන ආවේ ය. එහෙත් එසේ එයට මහා වර්ෂාවක් පතිත නො වූව ද සුළු වර්ෂාවක් වුව ද ප්‍රමාණවත් ය. තවද අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.

  15. 2:266

    أَيَوَدُّ أَحَدُكُمْ أَن تَكُونَ لَهُۥ جَنَّةٌ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ لَهُۥ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَأَصَابَهُ ٱلْكِبَرُ وَلَهُۥ ذُرِّيَّةٌ ضُعَفَآءُ فَأَصَابَهَآ إِعْصَارٌ فِيهِ نَارٌ فَٱحْتَرَقَتْ ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

    ʹAyawaddu ʹaḥadukum ʹañ takoona lahoo jannatum min nakheeliñw waʹaʻnaabiñ tajree miñ taḥtihal ʹanhaaru lahoo feehaa miñ kullis̤ s̤amaraati wa-ʹaṣaa-bahul kibaru wa-lahoo ẓurriyyatuñ ḍuʻafaaaʹu faʹaṣaabahaaa ʹiʻṣaaruñ feehi naaruñ faḥtaraq̣at? Kaẓaalika yubayyinul laahu lakumul ʹaayaati laʻallakum tatafakkaroon.

    කෙනෙකුට එහි යටින් ගංඟාවන් ගලා බසින ඉඳි හා මිදි උයනක් ඇත. එහි ඔහුට සියලු වර්ගයේ පලතුරු ද ඇත. ඔහුට දුර්වල පරපුරක් සිටිය දී ඔහුට වයෝවෘද්ධභාවය හට ගනී. එවිට (එම උයනට) ගින්නෙන් යුත් කුණාටුවක් ඇති වී එය ගිනිබත්වී යාමට ඔබ අතුරින් කිසිවෙකු හෝ ප්‍රිය කරන්නේ ද? නුඹලා වටහා ගත හැකි වනු පිණිස අල්ලාහ් නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ මෙලෙස ය.

  16. 2:267

    يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنفِقُوا۟ مِن طَيِّبَـٰتِ مَا كَسَبْتُمْ وَمِمَّآ أَخْرَجْنَا لَكُم مِّنَ ٱلْأَرْضِ ۖ وَلَا تَيَمَّمُوا۟ ٱلْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِـَٔاخِذِيهِ إِلَّآ أَن تُغْمِضُوا۟ فِيهِ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ غَنِىٌّ حَمِيدٌ

    Yaaaʹayyuhal laẓeena ʹaamanooo ʹañfiq̣oo miñ ṭayyibaati maa- kasabtum wa-mimmaaa ʹakhrajnaa lakum minal ʹarḍ. Wa-laa tayammamul khabees̤a minhu tuñfiq̣oona wa-lastum̃ biʹaakhiẓeehi ʹillaaa ʹañ tug̣miḍoo feeh. Waʻlamooo ʹannal laaha G̣aniyyun Ḥameed.

    අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට මහපොළොවෙන් මතු කළ දැයින් ද නුඹලා වියදම් කරනු. එයින් අයහපත් දෑ වියදම් කිරීමට නො සිතනු. නුඹලාගේ දෑස් වසා ගනිමින් මිස නුඹලා එවැනි දෑ ලබා ගන්නන් නො වන්නෙහු ය. තවද සැබැවින් ම අල්ලාහ් සියලු අවශ්‍යතාවන්ගෙන් තොර වූ ප්‍රශංසාලාභී බව නුඹලා දැන ගනු.

  17. 2:268

    ٱلشَّيْطَـٰنُ يَعِدُكُمُ ٱلْفَقْرَ وَيَأْمُرُكُم بِٱلْفَحْشَآءِ ۖ وَٱللَّهُ يَعِدُكُم مَّغْفِرَةً مِّنْهُ وَفَضْلًا ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ

    ʹAsh-Shayṭaanu yaʻidukumul faq̣ra wa-yaʹmurukum̃ bil-faḥshaaaʹ. Wallaahu yaʻidukum mag̣firatam minhu wa-faḍlaa. Wallaahu Waasiʻun ʻAleem.

    ෂෙයිතාන් නුඹලාට දිළිඳුකම ප්‍රතිඥා කරන්නේ ය. තවද ඔහු නුඹලාට අශික්ෂිත දෑ නියම කරන්නේ ය. එනමුත් අල්ලාහ් ඔහුගෙන් වූ සමාව ද භාග්‍යය ද ප්‍රතිඥා දෙන්නේ ය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය, සර්වඥානී ය.

  18. 2:269

    يُؤْتِى ٱلْحِكْمَةَ مَن يَشَآءُ ۚ وَمَن يُؤْتَ ٱلْحِكْمَةَ فَقَدْ أُوتِىَ خَيْرًا كَثِيرًا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ

    Yuʻtil Ḥikmata mañy yashaaaʹ: Wa-mañy yuʹtal Ḥikmata faq̣ad ʹootiya khayrañ kas̤eeraa. Wa-maa yaẓẓakkaru ʹillaaa ʹulul ʹalbaab.

    ඔහු තමන් අභිමත කරන අයට ප්‍රඥාව පිරිනමන්නේ ය. කවරෙකුට ප්‍රඥාව පිරිනමනු ලබන්නේ ද සැබැවින් ම ඔහුට අධික යහපත පිරිනමනු ලැබ ඇත. බුද්ධියෙන් යුත් අය මිස (වෙනත් කිසිවෙකු මෙය) මෙනෙහි නො කරන්නේ ය.

  19. 2:270

    وَمَآ أَنفَقْتُم مِّن نَّفَقَةٍ أَوْ نَذَرْتُم مِّن نَّذْرٍ فَإِنَّ ٱللَّهَ يَعْلَمُهُۥ ۗ وَمَا لِلظَّـٰلِمِينَ مِنْ أَنصَارٍ

    Wa-maaa ʹañfaq̣tum min nafaq̣atin ʹaw naẓartum min naẓriñ faʹinnal laaha yaʻlamuh. Wa-maa liz̤̣z̤̣aalimeena min ʹañṣaar.

    නුඹලා කිසියම් වියදමකින් වියදම් කළ ද නැතහොත් කිසියම් භාරයකින් භාරයක් කළ ද එවිට සැබැවින් ම අල්ලාහ් එය දන්නේ ය. තවද අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවෙකු නොමැත.

  20. 2:271

    إِن تُبْدُوا۟ ٱلصَّدَقَـٰتِ فَنِعِمَّا هِىَ ۖ وَإِن تُخْفُوهَا وَتُؤْتُوهَا ٱلْفُقَرَآءَ فَهُوَ خَيْرٌ لَّكُمْ ۚ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّـَٔاتِكُمْ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

    ʹIñ tubduṣ Ṣadaq̣aati faniʻimmaa hee; Wa-ʹiñ tukhfoohaa wa-tuʹtoohal fuq̣araaaʹa fahuwa khayrul lakum: wa-yukaffiru ʻankum miñ sayyiʹaatikum. Wallaahu bimaa taʻmaloona Khabeer.

    නුඹලා සදකාවන් හෙළි කරන්නේ නම් එවිට එය යහපත් ය. තවද නුඹලා එය සඟවා දිළින්ඳන් හට පිරිනමන්නේ නම් එවිට එය ද නුඹලාට උතුම් ය. එය නුඹලාගේ පාපයන් නුඹලාගෙන් පහ කරවයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.

  21. 2:272

    ۞ لَّيْسَ عَلَيْكَ هُدَىٰهُمْ وَلَـٰكِنَّ ٱللَّهَ يَهْدِى مَن يَشَآءُ ۗ وَمَا تُنفِقُوا۟ مِنْ خَيْرٍ فَلِأَنفُسِكُمْ ۚ وَمَا تُنفِقُونَ إِلَّا ٱبْتِغَآءَ وَجْهِ ٱللَّهِ ۚ وَمَا تُنفِقُوا۟ مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ

    Laysa ʻalayka hudaahum wa-laakinnal laaha yahdee mañy yashaaaʹ. Wa-maa tuñfiq̣oo min khayriñ faliʹañfusikum: wa-maa tuñfiq̣oona ʹillab tig̣aaaʹa Wajhil laah. Wa-maa tuñfiq̣oo min khayriñy yuwaffa ʹilaykum waʹañtum laa- tuz̤̣lamoon.

    ඔවුන්ව යහමඟ යොමු කිරීම නුඹගේ වගකීම නො වේ. එහෙත් අල්ලාහ් තමන් අභිමත කරන අයට මඟ පෙන්වන්නේ ය. තවද යම් යහපතකින් නුඹලා වියදම් කරන්නේ ද එය නුඹලාගේ ආත්මාවන්ට ම ය. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස නුඹලා වියදම් නො කරන්නෙහු ය. යම් යහපතකින් නුඹලා වියදම් කළ ද නුඹලාට එය පරිපූර්ණව දෙනු ලබන්නේ ය. තවද නුඹලා අපරාධ කරනු නො ලබන්නෙහු ය.

  22. 2:273

    لِلْفُقَرَآءِ ٱلَّذِينَ أُحْصِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ لَا يَسْتَطِيعُونَ ضَرْبًا فِى ٱلْأَرْضِ يَحْسَبُهُمُ ٱلْجَاهِلُ أَغْنِيَآءَ مِنَ ٱلتَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَـٰهُمْ لَا يَسْـَٔلُونَ ٱلنَّاسَ إِلْحَافًا ۗ وَمَا تُنفِقُوا۟ مِنْ خَيْرٍ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌ

    Lil-fuq̣araaaʹil laẓeena ʹuḥṣiroo fee Sabeeli laahi laa- yastaṭeeʻoona ḍarbañ fil ʹarḍiyaḥ sabuhumul jaahilu ʹag̣niyaaaʹa minat taʻaffuf. Taʻrifuhum̃ biseemaahum laa- yasʹaloonan naasa ʹilḥaafaa. Wa-maa tuñfiq̣oo min khayriñ faʹinnal laaha bihee ʻAleem.

    (නුඹලාගේ දානයන් සුදුසු වනුයේ) මහපොළොවේ (ජීවනෝපාය සොයා) ගමන් කිරීමට නොහැකි; අල්ලාහ්ගේ මාර්ගයේ කොටු කරනු ලැබූ දිළින්ඳන්ට ය. තැන්පත්කම නිසාවෙන් ඔවුන් ධනවතුන් යැයි අවබෝධයක් නොමැත්තා ඔවුන් ගැන සිතයි. ඔවුන්ගේ සලකුණු මඟින් නුඹ ඔවුන්ව හඳුනා ගනු ඇත. ඔවුහු යාචනය කරමින් ජනයාගෙන් (කිසිවක්) නො ඉල්ලති. තවද නුඹලා වියදම් කරන යම් යහපතක් වුව ද සැබැවින් ම අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥානී ය.

  23. 2:274

    ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    ʹAllaẓeena yuñfiq̣oona ʹamwaalahum̃ billayli wan-nahaari sirrañw waʻalaaniyatañ falahum ʹajruhum ʻiñda Rabbihim: wa-laa khawfun ʻalayhim wa-laa hum yaḥzanoon.

    රාත්‍රියෙහි හා දහවලෙහි තම ධන සම්පත රහසිගතව හා එළිපිට වියදම් කරන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. තවද ඔවුන්ට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නෝ ද නො වෙති.

  24. 2:275

    ٱلَّذِينَ يَأْكُلُونَ ٱلرِّبَوٰا۟ لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ ٱلَّذِى يَتَخَبَّطُهُ ٱلشَّيْطَـٰنُ مِنَ ٱلْمَسِّ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوٓا۟ إِنَّمَا ٱلْبَيْعُ مِثْلُ ٱلرِّبَوٰا۟ ۗ وَأَحَلَّ ٱللَّهُ ٱلْبَيْعَ وَحَرَّمَ ٱلرِّبَوٰا۟ ۚ فَمَن جَآءَهُۥ مَوْعِظَةٌ مِّن رَّبِّهِۦ فَٱنتَهَىٰ فَلَهُۥ مَا سَلَفَ وَأَمْرُهُۥٓ إِلَى ٱللَّهِ ۖ وَمَنْ عَادَ فَأُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ

    ʹAllaẓeena yaʹkuloonar Ribaa laa- yaq̣oomoona ʹillaa kamaa yaq̣oomul laẓee yatakhabbaṭuhush Shayṭanu minal mass. Ẓaalika biʹannahum q̣alooo ʹinnamal Bayʻu mis̤lur Riba. Wa-ʹaḥallal laahul Bayʻa waḥarramar Riba. Famañ jaaaʹahoo mawʻiz̤̣atum mir Rabbihee fañtahaa falahoo maa- salaf: wa-ʹamruhooo ʹilal laah. Wa-man ʻaada faʹulaaaʹika ʹAṣḥaabun Naar: hum feehaa khaalidoon.

    පොලිය අනුභව කරන්නවුන් ෂෙයිතාන් ස්පර්ශ කිරීමෙන් ඔහුගේ ප්‍රහාරයට ලක් වූ කෙනෙකු මෙන් මිස (අවසන් දින) නො නැගිටින්නෝ ය. එය සැබැවින් ම ඔවුහු ‘ඇත්ත වශයෙන් ම ව්‍යාපාරය ද පොලිය මෙනි’ යැයි පවසා සිටි හේතුවෙනි. අල්ලාහ් ව්‍යාපාරය අනුමත කළ අතර පොලිය තහනම් කළේ ය. කවරෙකුට තම පරමාධිපතිගෙන් (ඒ ගැන) උපදෙසක් පැමිණ එයින් වැළකුණේ ද එවිට පසු ගිය දෑ ඔහු සතු ය. ඔහුගේ විෂය අල්ලාහ් වෙත ම ය. කවරෙකු නැවත (එම පොලිය වෙත) යොමු වූයේ ද එවිට ඔවුහු නිරයේ සගයෝ වෙති. ඔවුහු එහි සදාතනිකයෝ ය.

  25. 2:276

    يَمْحَقُ ٱللَّهُ ٱلرِّبَوٰا۟ وَيُرْبِى ٱلصَّدَقَـٰتِ ۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ

    Yamḥaq̣ul laahur Ribaa wa-yurbiṣ ṣadaq̣aat. Wallaahu laa- yuḥibbu kulla kaffaarin ʹas̤eem.

    අල්ලාහ් පොලිය විනාශ කරන්නේ ය. සදකා (පුණ්‍ය ක්‍රියා)වන් වර්ධනය කරන්නේ ය. පාපිෂ්ඨ දේව ප්‍රතික්පේපිත සෑම කෙනෙකු වම අල්ලාහ් ප්‍රිය නො කරන්නේ ය.

  26. 2:277

    إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    ʹInnal laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati wa-ʹaq̣aamuṣ Ṣalaata wa-ʹaata-wuz Zakaata lahum ʹajruhum ʻiñda Rabbihim: wa-laa kawfun ʻalayhim wa-laa hum yaḥzanoon.

    සැබැවින් ම විශ්වාස කොට යහකම් කළවුන් ද, සලාතය ස්ථාපිත කළවුන් ද, zසකාත් පිරිනැමූවන් ද වනාහි ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. ඔවුනට කිසිදු බියක් නොමැත. ඔවුහු දුකට පත්වන්නෝ ද නො වෙති.

  27. 2:278

    يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَذَرُوا۟ مَا بَقِىَ مِنَ ٱلرِّبَوٰٓا۟ إِن كُنتُم مُّؤْمِنِينَ

    Yaaaʹayyuhal laẓeena ʹaamanut taq̣ul laaha waẓaroo maa- baq̣iya minar Ribaaa ʹiñ kuñtum Muʹmineen.

    අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින්ව සිටියෙහු නම්, පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු.

  28. 2:279

    فَإِن لَّمْ تَفْعَلُوا۟ فَأْذَنُوا۟ بِحَرْبٍ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ ۖ وَإِن تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَٰلِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ

    Faʹil lam tafʻaloo faʹ-ẓanoo biḥarbim minal laahi wa-Rasoolih: wa-ʹiñ tubtum falakum ruʹoosu ʹamwaaalikum: laa- taz̤̣limoona wa-laa tuz̤̣lamoon.

    එලෙස නුඹලා කටයුතු නො කළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්‍රාග්ධනය නුඹලා සතු ය. නුඹලා අපරාධ නො කළ යුතු ය. තවද නුඹලා ද අපරාධයට ලක් නො විය යුතුයි.

  29. 2:280

    وَإِن كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَىٰ مَيْسَرَةٍ ۚ وَأَن تَصَدَّقُوا۟ خَيْرٌ لَّكُمْ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ

    Wa-ʹiñ kaana ẓoo ʻusratiñ fanaz̤̣iratun ʻilaa maysarah. Wa-ʹañ taṣaddaq̣oo khayrul lakum ʹiñ kuñtum taʻlamoon.

    ඔහු දුෂ්කරත්වයෙන් පෙළෙන අයෙකු නම් එවිට පහසුකම් ඇති වන තෙක් අවකාශයක් (ලබා දිය යුතුව) ඇත. තවද නුඹලා (එය) දානයක් ලෙස පිරිනැමීම නුඹලාට යහපත ය. නුඹලා (ඒ බව) දැන සිටියෙහු නම්.

  30. 2:281

    وَٱتَّقُوا۟ يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى ٱللَّهِ ۖ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

    Wattaq̣oo Yawmañ turjaʻoona feehi ʹilal laah. S̤umma tuwaffaa kullu nafsim maa kasabat wahum laa- yuz̤̣lamoon.

    එහි නුඹලාව අල්ලාහ් වෙත නැවත යොමු කරනු ලබන දිනයක් ගැන නුඹලා බියබැතිමත් වනු. පසුව සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ පූර්ණව දෙනු ලබන්නේ ය. තවද ඔවුහු අපරාධ කරනු නො ලබන්නෝ ය.

  31. 2:282

    يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا تَدَايَنتُم بِدَيْنٍ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى فَٱكْتُبُوهُ ۚ وَلْيَكْتُب بَّيْنَكُمْ كَاتِبٌۢ بِٱلْعَدْلِ ۚ وَلَا يَأْبَ كَاتِبٌ أَن يَكْتُبَ كَمَا عَلَّمَهُ ٱللَّهُ ۚ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ ٱلَّذِى عَلَيْهِ ٱلْحَقُّ وَلْيَتَّقِ ٱللَّهَ رَبَّهُۥ وَلَا يَبْخَسْ مِنْهُ شَيْـًٔا ۚ فَإِن كَانَ ٱلَّذِى عَلَيْهِ ٱلْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لَا يَسْتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُۥ بِٱلْعَدْلِ ۚ وَٱسْتَشْهِدُوا۟ شَهِيدَيْنِ مِن رِّجَالِكُمْ ۖ فَإِن لَّمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَٱمْرَأَتَانِ مِمَّن تَرْضَوْنَ مِنَ ٱلشُّهَدَآءِ أَن تَضِلَّ إِحْدَىٰهُمَا فَتُذَكِّرَ إِحْدَىٰهُمَا ٱلْأُخْرَىٰ ۚ وَلَا يَأْبَ ٱلشُّهَدَآءُ إِذَا مَا دُعُوا۟ ۚ وَلَا تَسْـَٔمُوٓا۟ أَن تَكْتُبُوهُ صَغِيرًا أَوْ كَبِيرًا إِلَىٰٓ أَجَلِهِۦ ۚ ذَٰلِكُمْ أَقْسَطُ عِندَ ٱللَّهِ وَأَقْوَمُ لِلشَّهَـٰدَةِ وَأَدْنَىٰٓ أَلَّا تَرْتَابُوٓا۟ ۖ إِلَّآ أَن تَكُونَ تِجَـٰرَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلَّا تَكْتُبُوهَا ۗ وَأَشْهِدُوٓا۟ إِذَا تَبَايَعْتُمْ ۚ وَلَا يُضَآرَّ كَاتِبٌ وَلَا شَهِيدٌ ۚ وَإِن تَفْعَلُوا۟ فَإِنَّهُۥ فُسُوقٌۢ بِكُمْ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ وَيُعَلِّمُكُمُ ٱللَّهُ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

    Yaaa-ʹayyuhal laẓeena ʹaamanooʹ iẓaa tadaayañtum̃ bidaynin ʹilaa ʹajalim musammañ faktubooh. Walyaktub baynakum kaatibum bilʻadl. Wa-laa yaʹba kaatibun ʹañy yaktuba kamaa ʻallamahul laahu falyaktub. Walyumlilil laẓee ʻalayhil ḥaq̣q̣u walyattaq̣il laaha Rabbahoo wa-laa yabkhas minhu shayʹaa. Faʹiñ kaanal lazee ʻalayhil ḥaq̣q̣u safeehan, ʹaw ḍaʻeefan ʹaw laa- yastaṭeeʻu ʹañy yumilla huwa falyumlil waliyyuhoo bilʻadl. Wastashhidu shaheedayni mir rijaalikum: faʹil lam yakoonaa rajulayni farajulunw wamraʹataani mimmañ tarḍawna minash shuhadaaaʹi ʹañ taḍilla ʹiḥdaahumaa fatuẓakkira ʹiḥdaahumal ʹukhraa. Wa-laa yaʹbash shuhadaaaʹu ʹiẓaa maa- duʻoo. Wa-laa tasʹamooo ʹañ taktuboohu ṣag̣eeran ʹaw kabeeran ʹilaa ʹajalih. Ẓaalikum ʹaq̣saṭu ʻiñdal laahi wa-ʹaq̣wamu lishshahaadati wa-ʹadnaaa allaa tartaabooo ʹillaaa ʹañ takoona tijaaratan ḥaaḍiratañ tudeeroonahaa baynakum falaysa ʻalaykum junaaḥun ʹallaa taktuboohaa. Wa-ʹash-hidooo ʹiẓaa tabaayaʻtum. Wa-laa yu-Z̤̣aaarra kaatibuñw walaa shaheed. Wa-ʹiñ tafʻaloo faʹinnahoo fusooq̣um bikum. Wattaq̣ul laah: wa-yuʻallimu-kumul laah. Wallaahu bikulli shayʹin ʻAleem.

    අහෝ විශ්වාස කළවුනි! නියමිත කාලයක් දක්වා වූ ණයක් සම්බන්ධයෙන් නුඹලා ණය ගනුදෙනු කර ගන්නෙහු නම් එය ලේඛන ගත කරනු. නුඹලා අතර ලේඛකයකු එය යුක්ති සහගතව ලියා ගත යුතු ය. තවද ලේඛකයා අල්ලාහ් තමන්ට ඉගැන් වූ අයුරින් ලිවීමට ප්‍රතික්ෂේප නො කළ යුතු ය. එබැවින් (ඒ අනුව) ඔහු ලිවිය යුතු ය. වගකීම පැවරුණු අය එය ලිවීම පිණිස කියවිය යුතු ය. ඔහු තම පරමාධිපති වන අල්ලාහ්ට බිය බැතිමත් විය යුතු ය. තවද ඉන් කිසිවකින් වංචා නො කළ යුතු ය. වගකීම පැවරුණු අය අවබෝධයක් නො මැත්තෙකු හෝ දුර්වලයෙකු හෝ ලිවීම සඳහා කියවීමට නොහැකිව හෝ සිටියේ නම් ඔහුගේ භාරකරු සාධාරණ ලෙසින් කියවිය යුතු ය. තවද නුඹලාගේ පුරුෂ පාර්ශවයෙන් සාක්ෂිකරුවන් දෙදෙනකු සාක්ෂි වශයෙන් තබනු. පුරුෂ පාර්ශවයෙන් දෙදෙනෙකු නො වූයේ නම් එක් පුරුෂයෙකු හා සාක්ෂිකරුවන්ගෙන් නුඹලා සෑහීමට පත්වන අය අතුරින් ස්ත්‍රීන් දෙදෙනෙකු විය යුතු ය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට වැරදුනු විටක ඔවුන් දෙදෙනාගෙන් අනෙක් තැනැත්තිය එය මතක් කර දිය හැකි ය. තවද කවර දෙයක් වෙත කැඳවනු ලබන්නේ ද එවිට සාක්ෂිකරුවන් (එය) ප්‍රතික්ෂේප නො කළ යුතු ය. සුළු හෝ මහා (පරිමාණයේ) දෙයක් වුව ද නියමිත කලක් දක්වා එය ලිවීමට උදාසීන නො වනු. එයයි අල්ලාහ් අබියස ඉතා යුක්ති සහගත, සාක්ෂියට ද වඩා බලවත් එමෙන් ම නුඹලා සැක නො සිතීමට ද වඩා සමීප වන්නේ. නමුත් නුඹලා අතර සිදු වන ක්ෂණික ව්‍යාපාරයක හැර. එවිට එය ලේඛනගත නො කිරීම නුඹලා කෙරෙහි වරදක් නො වන්නේ ය. එහෙත් නුඹලා ගනුදෙනු කරන විට නුඹලා සාක්ෂිකරුවන් නියම කරනු. තවද ලේඛකයා හා සාක්ෂිකරු පීඩාවට පත් නො විය යුතු ය. එසේ නුඹලා සිදු කරන්නෙහු නම් සැබැවින් ම එය මහා පාපයකි. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. අල්ලාහ් නුඹලාට උගන්වන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව ඥානී ය.

  32. 2:283

    ۞ وَإِن كُنتُمْ عَلَىٰ سَفَرٍ وَلَمْ تَجِدُوا۟ كَاتِبًا فَرِهَـٰنٌ مَّقْبُوضَةٌ ۖ فَإِنْ أَمِنَ بَعْضُكُم بَعْضًا فَلْيُؤَدِّ ٱلَّذِى ٱؤْتُمِنَ أَمَـٰنَتَهُۥ وَلْيَتَّقِ ٱللَّهَ رَبَّهُۥ ۗ وَلَا تَكْتُمُوا۟ ٱلشَّهَـٰدَةَ ۚ وَمَن يَكْتُمْهَا فَإِنَّهُۥٓ ءَاثِمٌ قَلْبُهُۥ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ

    Wa-ʹiñ kuñtum ʻalaa safariñw walam tajidoo katibañ farihaanum maq̣booḍah. Faʹin ʹamina baʻḍukum baʻḍañ falyuʹaddil laẓiʹ tumina ʹamaanatahoo wal-yattaq̣il laaha Rabbah. Wa-laa taktumush shahaadah: wa-mañy yaktumhaa faʹinnahooo ʹaas̤imuñ q̣albuh. Wallaahu bimaa taʻmaloona ʻAleem.

    නුඹලා ගමනක සිටිය දී ලේඛනගත කරන්නෙකු නුඹලා නො ලැබුවෙහු නම් එවිට උකසක් අත්පත් කර ගනු ලැබේ. එහෙත් නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුව විශ්වාස කළේ නම් විශ්වාස කරනු ලැබූ අය ඔහුගේ වගකීම ඉටු කරත්වා. තවද ඔහුගේ පරමාධිපතිට බියබැතිමත් වෙත්වා. තවද නුඹලා සාක්ෂිය වසන් නො කරනු. කවරෙකු එය වසන් කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු ඔහුගේ හදවත පාපී අයෙකි. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය.

  33. 2:284

    لِّلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَإِن تُبْدُوا۟ مَا فِىٓ أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ ٱللَّهُ ۖ فَيَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

    Lillaahi maa- fis samaawaati wa-maa fil ʹarḍ. Wa-ʹiñ tubdoo ma feee ʹañfusikum ʹaw tukhfoohu yuḥaasibkum̃ bihil laah. Fayag̣firu limañy yashaaaʹ: wa-yuʻazzibu mañy yashaaaʹ: wallaahu ʻalaa kulli shayʹiñ Q̣adeer.

    අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද අල්ලාහ් සතු ය. නුඹලාගේ හදවත් තුළ ඇති දෑ නුඹලා හෙළිදරව් කරන්නේ නම් හෝ එය නුඹලා සඟවන්නේ නම් හෝ ඒ පිළිබඳව අල්ලාහ් නුඹලාගෙන් පශ්න කරන්නේ ය. පසුව ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේ ය. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.

  34. 2:285

    ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِۦ وَٱلْمُؤْمِنُونَ ۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِۦ ۚ وَقَالُوا۟ سَمِعْنَا وَأَطَعْنَا ۖ غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ ٱلْمَصِيرُ

    ʹAamanar Rasoolu bimaaa ʹuñzila ʹilayhi mir Rabbihee wal-Muʹminoon. Kullun ʹaamana billaahi wa-malaaaʹikatihee wa-kutubihee warusulih. Laa- nufarriq̣u bayna ʹaḥadim mir rusulih. Wa-q̣aaloo samiʻnaa wa-ʹaṭaʻnaa: G̣ufraanaka Rabbanaa wa-ʹilaykal maṣeer.

    තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳව ධර්ම දූතයා විශ්වාස කළේ ය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝ ය.) සියල්ලෝ ම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්‍රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කළෝ ය. ඔහුගේ ධර්ම දූතයින් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නො කරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි! ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝ ය.

  35. 2:286

    لَا يُكَلِّفُ ٱللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا ۚ لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا ٱكْتَسَبَتْ ۗ رَبَّنَا لَا تُؤَاخِذْنَآ إِن نَّسِينَآ أَوْ أَخْطَأْنَا ۚ رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَآ إِصْرًا كَمَا حَمَلْتَهُۥ عَلَى ٱلَّذِينَ مِن قَبْلِنَا ۚ رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِۦ ۖ وَٱعْفُ عَنَّا وَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَآ ۚ أَنتَ مَوْلَىٰنَا فَٱنصُرْنَا عَلَى ٱلْقَوْمِ ٱلْكَـٰفِرِينَ

    Laa- yukalliful laahu nafsan ʹillaa wusʻahaa. Lahaa maa- kasabat wa-ʻalayhaa mak tasabat. Rabbanaa laa- tuʹaakhiẓnaaa ʹin naseenaaa ʹaw ʹakhṭaʹnaa. Rabbanaa wa-laa taḥmil ʻalaynaaa ʹiṣrañ kamaaa ḥamaltahoo ʻalal laẓeena miñ q̣ablinaa. Rabbanaa wa-laa tuḥammilnaa maa laa- ṭaaq̣ata lanaa bih. Waʻfu ʻannaa, wag̣hfir lanaa, warḥamnaa. ʹAñta Mawlaanaa fañṣurnaa ʻalal q̣awmil Kaafireen.

    අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයට ය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයට ය. ‘අපගේ පරමාධිපතියාණනි! අප (යමක්) අමතක කළේ නම් හෝ අප වරදක් කළේ නම් හෝ අපව දඬුවමට ග්‍රහණය නො කරනු මැනව! තවද අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක් උසුලන්නට නො සලස්වනු මැනව! කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නො පටවනු මැනව! (අප කළ වැරදි) අපගෙන් නො සලකා හරිනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! ඔබ අපගේ භාරකරු ය. එබැවින් දේව ප්‍රතික්ෂේපිත පිරිසට එරෙහිව අපට උදව් කරනු මැනව!’

  36. Surah Ali 'ImranBegins here at 3:1

  37. 3:1

    الٓمٓ

    ʹA-lif-Laaam-Meeem.

    අලිෆ්, ලාම්, මීම්.

  38. 3:2

    ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ

    ʹAllaahu laaa ʹilaaha ʹilla Huwal Ḥayyul Q̣ayyoom.

    අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය.

  39. 3:3

    نَزَّلَ عَلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ

    Nazzala ʻalaykal Kitaaba bil-Ḥaq̣q̣i muṣaddiq̣al limaa bayna yadayhi wa-ʹañzalat Tawraata wal-ʹIñjeel.

    (නබිවරය) සත්‍යයෙන් යුක්ත වූ මෙම දේව ග්‍රන්ථය මෙයට පෙර පැවති දෑ සහතික කරන්නක් වශයෙන් ඔබ වෙත ඔහු පහළ කළේ ය. තවද තව්රාතය ද, ඉන්ජීලය ද ඔහු පහළ කළේ ය.

  40. 3:4

    مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ ٱلْفُرْقَانَ ۗ إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۗ وَٱللَّهُ عَزِيزٌ ذُو ٱنتِقَامٍ

    Miñ q̣ablu Hudal linnaasi wa-ʹañzalal Furq̣aan. ʹInnal laẓeena kafaroo biʹaayaatil laahi lahum ʻaẓaabuñ shadeed: wallaahu ʻAzeezuñ Ẓuñ tiq̣aam.

    තවද මීට පෙර (විසූ) ජනයාට මඟ පෙන්වීමක් ලෙස ය. තවද සත්‍යයයෙන් අසත්‍යය වෙන්කර පෙන්වන (අල්-කුර්ආනය) ද ඔහු පහළ කළේ ය. සැබැවින් ම අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට, දැඩි දඬුවම් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; සම ප්‍රතිචාර දක්වන්නා ය.

  41. 3:5

    إِنَّ ٱللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَىْءٌ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ

    ʹInnal laaha laa- yakhfaa ʻalayhi shayʹuñ fil ʹarḍi wa-laa fis samaaa;

    නියත වශයෙන් ම අල්ලාහ්(ගේ දැනුම)ට අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් සැඟැවෙන්නේ නැත.

  42. 3:6

    هُوَ ٱلَّذِى يُصَوِّرُكُمْ فِى ٱلْأَرْحَامِ كَيْفَ يَشَآءُ ۚ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

    Huwal laẓeee yuṣawwirukum fil ʹarḥaami kayfa yashaaaʹ. Laaa ʹilaaha ʹillaa Huwal ʻAzeezul Ḥakeem.

    ගර්භාෂ තුළ නුඹලාව තමන් කැමති පරිදි හැඩ ගන්වන්නේ ඔහු ම ය. සර්ව බලධාරී සියුම් ඥානවන්ත වූ ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත.

  43. 3:7

    هُوَ ٱلَّذِىٓ أَنزَلَ عَلَيْكَ ٱلْكِتَـٰبَ مِنْهُ ءَايَـٰتٌ مُّحْكَمَـٰتٌ هُنَّ أُمُّ ٱلْكِتَـٰبِ وَأُخَرُ مُتَشَـٰبِهَـٰتٌ ۖ فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَـٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَآءَ تَأْوِيلِهِۦ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ ۗ وَٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ

    Huwal laẓeeeʹ añzala ʻalaykal Kitaaba minhu ʹaayaatum Muḥ-kamaatun hunna ʹUmmul Kitaabi wa-ʹukharu Mutashaabihaat. Faʹammal laẓeena fee q̣uloobihim zayg̣uñ fayattabiʻoona maa- tashaabaha minhub tig̣aaa ʹalfitnati wabtig̣aaaʹa taʹweelih. Wa-maa yaʻlamu taʹweelahooo ʹillal lah. War-Raasi-khoona fil ʻilmi yaq̣ooloona ʹaamannaa bihee kullum min ʻiñdi Rabbinaa: wa-maa yaẓẓakkaru ʹillaaa ʹulul ʹalbaab.

    ඔහු වනාහි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේ ය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තවද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නො දන්නේ ය. තවද අපි එය විශ්වාස කළෙමු. “‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි” යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත.

  44. 3:8

    رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ

    Rabbanaa laa- tuzig̣ q̣uloobabana baʻda ʹiẓ hadaytanaa wa-hab lanaa milla duñka raḥmah: ʹinnaka ʹAñtal Wahhaab.

    අපගේ පරමාධිපතියාණනි! ඔබ අපව යහමඟ යොමු කළ පසුව අපගේ හදවත් විකෘතිභාවයට පත් නො කරනු මැනව. තවද අපට ඔබ වෙතින් වූ දයාව පිරිනමනු මැනව. සැබැවින් ම ඔබ මය මහා ත්‍යාගශීලී.

  45. 3:9

    رَبَّنَآ إِنَّكَ جَامِعُ ٱلنَّاسِ لِيَوْمٍ لَّا رَيْبَ فِيهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ

    Rabbanaaa ʹinnaka jaamiʻun naasi li-Yawmil laa rayba feeh: ʹinnal Laaha laa- yukhliful meeʻaad.

    අපගේ පරමාධිපතියාණනි! කිසිදු සැකයක් නොමැති දිනකට මිනිසුන් එක් රැස් කරන්නා නියත වශයෙන් ම ඔබ ම ය. සැබැවින් ම අල්ලාහ් ප්‍රතිඥාවන් කඩ නො කරන්නේ ය.

  46. 3:10

    إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَـٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًٔا ۖ وَأُو۟لَـٰٓئِكَ هُمْ وَقُودُ ٱلنَّارِ

    ʹInnal laẓeena kafaroo lañ tug̣niya ʻanhum ʹamwaaluhum wa-laaa ʹawlaaduhum minal laahi shayʹaa: wa-ʹulaaaʹika hum waq̣oodun Naar.

    නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ධන සම්පත හෝ ඔවුන්ගේ දරු සම්පත හෝ අල්ලාහ්ගෙන් පැමිණෙන කිසිවකින් (මිදීමට) ඔවුනට උපකාර නො වන්නේ ම ය. නිරා ගින්නේ ඉන්ධන වනුයේ ඔවුන් ම ය.

  47. 3:11

    كَدَأْبِ ءَالِ فِرْعَوْنَ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ

    Kadaʹabi ʹaali Firʻawna wallaẓeena miñ q̣ablihim. Kaẓẓaboo biʹaayaatinaa, faʹakhaẓahumul lahu biẓunoobihim: wallaahu Shadeedul ʻiq̣aab.

    (එය) ෆිර්අවුන්ගේ පරපුර හා ඔවුනට පෙර සිටියවුන්ගේ සිරිත මෙනි. ඔවුහු අපගේ වදන් අසත්‍ය කළෝ ය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන්ව (දඬුවමට) හසු කළේ ය. තවද අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි ය.

  48. 3:12

    قُل لِّلَّذِينَ كَفَرُوا۟ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ ٱلْمِهَادُ

    Q̣ul lillaẓeena kafaroo satug̣laboona wa-tuḥsharoona ʹilaa Jahannam: wa-biʹsal mihaad!

    “නුඹලා අබිබවා යනු ලබනු ඇත. තවද නිරය වෙත ඒකරාශී කරනු ලබනු ඇත” යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට නුඹ පවසනු. එම නවාතැන නපුරු ය.

  49. 3:13

    قَدْ كَانَ لَكُمْ ءَايَةٌ فِى فِئَتَيْنِ ٱلْتَقَتَا ۖ فِئَةٌ تُقَـٰتِلُ فِى سَبِيلِ ٱللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْىَ ٱلْعَيْنِ ۚ وَٱللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِۦ مَن يَشَآءُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةً لِّأُو۟لِى ٱلْأَبْصَـٰرِ

    Q̣ad kaana lakum ʹAyatuñ fee fiʹataynil taq̣ataa: fiʹatuñ tuq̣aatilu fee Sabeelil laahi wa-ʹukhraa kaafiratuñy yarawnahum mis̤layhim raʹyal ʻayn. Wallaahu yuʹayyidu binaṣrihee mañy yashaaaʹ. ʹInna fee ẓaalika laʻibratal liʹulil ʹabṣaar.

    (යුද්ධය සඳහා) හමු වූ දෙපිරිස තුළ නුඹලාට සංඥාවක් ඇත. පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදුණහ. අනෙක් පිරිස, ඔවුන්ව දෙගුණයක් මෙන් පියවි ඇසින් දුටු දේව ප්‍රතික්ෂේපකයෝ ය. අල්ලාහ් තමන් අභිමත කරන අයට තම උපකාරයෙන් (ජයග්‍රහණය) ස්ථීර කරන්නේ ය. මනා දැක්මකින් යුත් අයට මෙහි පාඩමක් ඇත.

  50. 3:14

    زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلْبَنِينَ وَٱلْقَنَـٰطِيرِ ٱلْمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلْفِضَّةِ وَٱلْخَيْلِ ٱلْمُسَوَّمَةِ وَٱلْأَنْعَـٰمِ وَٱلْحَرْثِ ۗ ذَٰلِكَ مَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلْمَـَٔابِ

    Zuyyina linnaasi ḥubbush shahawaati minan nisaaʹi wal-baneena wal-q̣anaa-ṭeeril muq̣añṭarati minaẓ ẓahabi wal-fiḍḍati wal-khaylil musawwamati wal-ʹanʻaami walḥars̤. Ẓaalika mataaʻul ḥayaatid dunyaa; wallaahu ʻiñdahoo ḥusnul maʹaab.

    කාන්තාවන්, පිරිමි දරුවන්, රන් හා රිදියෙන් රැස් කර තබන ලද ස්කන්ධ, සළකුණු තබනු ලැබූ අශ්වයින්, ගොවිපළ සතුන් හා කෙත්වතු කෙරෙහි වූ තෘෂ්ණාවෙහි ඇල්ම ජනයාට අලංකාරවත් කරන ලදි. ඒවා මෙලොව ජීවිතයේ වින්දනයන් ය. තවද අලංකාර යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වන ඔහු වෙත ය.

  51. 3:15

    ۞ قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍ مِّن ذَٰلِكُمْ ۚ لِلَّذِينَ ٱتَّقَوْا۟ عِندَ رَبِّهِمْ جَنَّـٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا وَأَزْوَٰجٌ مُّطَهَّرَةٌ وَرِضْوَٰنٌ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ

    Q̣ul ʹaʹunabbiʹukum̃ bikhayrim miñ ẓaalikum? Lil-laẓeenat taq̣aw ʻiñda Rabbihim Jannaatuñ tajree miñ tah-tihal ʹanhaaru khaalideena feehaa wa-ʹazwaajum muṭahharatuñw wariḍwaanum minal laah. Wallaahu Baṣeerum bilʻibaad,

    මේවාට වඩා ශ්‍රේෂ්ඨ දෑ ගැන මම නුඹලාට දන්වන්නෙම් දැ? යි (නබිවරය!) විමසනු. බිය බැතිමතුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඊට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් වෙති. පිවිතුරු අඹුවන් ද අල්ලාහ්ගෙන් වූ පිළිගැනීම ද එහි ඇත. තවද අල්ලාහ් එම ගැත්තන් පිළිබඳව සර්ව නිරීක්ෂක ය.

  52. 3:16

    ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ

    ʹAllaẓeena yaq̣ooloona Rabbanaaa ʹinnanaaa ʹaamannaa fag̣hfir lanaa ẓunoobanaa waq̣inaa ʻaẓaaban Naar;

    ඔවුහු වනාහි ‘අපගේ පරමාධිපතියාණනි! සැබැවින් ම අපි විශ්වාස කළෙමු. එහෙයින් ඔබ අපට අපගේ පාපකම් සඳහා සමාව දෙනු මැනව! තවද නිරා ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව!’ යැයි පවසන්නෝ ය.

  53. 3:17

    ٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰدِقِينَ وَٱلْقَـٰنِتِينَ وَٱلْمُنفِقِينَ وَٱلْمُسْتَغْفِرِينَ بِٱلْأَسْحَارِ

    ʹAṣ-Ṣaabireena waṣ-Ṣaadiq̣eena wal-Q̣aaniteena wal-Muñfiq̣eena wal-Mustag̣fireena bil-ʹas-ḥaar.

    ඔවුන් ඉවසිලිවන්තයින් ය. තවද සත්‍ය පවසන්නන් ය. තවද යටහත් වන්නන් ය. තවද වියදම් කරන්නන් ය. තවද අලුයම් කාලයෙහි පාප ක්ෂමාවෙහි නිරත වන්නන් ය.

  54. 3:18

    شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا هُوَ وَٱلْمَلَـٰٓئِكَةُ وَأُو۟لُوا۟ ٱلْعِلْمِ قَآئِمًۢا بِٱلْقِسْطِ ۚ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

    Shahidal laahu ʹanna-Hoo laaa ʹilaaha ʹillaa Huwa wal-malaaaʹikatu wa-ʹulul ʻilmi q̣aaaʹimam bilq̣isṭ. Laaa ʹilaaha ʹillaa Huwal ʻAzeezul Ḥakeem.

    සැබැවින් ම තමන් හැර වෙනත් දෙවියෙක් නොමැත බව අල්ලාහ් සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද, යුක්තිය ඉටු කරන ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත.

  55. 3:19

    إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلْإِسْلَـٰمُ ۗ وَمَا ٱخْتَلَفَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۗ وَمَن يَكْفُرْ بِـَٔايَـٰتِ ٱللَّهِ فَإِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ

    ʹInnad Deena ʻiñdal laahil ʹIslaam. Wa-makh talafal laẓeena ʹootul Kitaaba ʹillaa mim baʻdi maa- jaaaʹahumul ʻilmu bag̣hyam baynahum. Wa-mañy yakfur biʹAayaatil lahi faʹinnal laaha Sareeʻul ḥisaab.

    නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූ අය, ඔවුන් වෙත ඥානය පැමිණි පසුව ඔවුන් අතර වූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු භේද නො වූහ. තවද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.

  56. 3:20

    فَإِنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِىَ لِلَّهِ وَمَنِ ٱتَّبَعَنِ ۗ وَقُل لِّلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ وَٱلْأُمِّيِّـۧنَ ءَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا۟ فَقَدِ ٱهْتَدَوا۟ ۖ وَّإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَـٰغُ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ

    Faʹin ḥaajjooka faq̣ul ʹaslamtu wajhiya lillaahi wa-manit tabaʻan. Wa-q̣ul lillaẓeena ʹootul Kitaaba wal-ʹummiyyeena ʹaʹaslamtum? Faʹin ʹaslamoo faq̣adih tadaw. Wa-ʹiñ tawallaw faʹinnamaa ʻalaykal balaag̣: wallaahu Baṣeerum bil-ʻibaad.

    එබැවින් නුඹ සමඟ ඔවුන් වාද කළේ නම් එවිට මම මාගේ මුහුණ අල්ලාහ්ට යටහත් කළෙමි. තවද මා අනුගමනය කළ අය ද (එසේ යටහත් කළෝ ය) යැයි නුඹ පවසනු. තවද නුඹලා යටහත් වූයෙහු දැ? යි දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූවන්ගෙන් හා ලිවීමේ කියවීමේ හැකියාව නො මැත්තන්ගෙන් විමසනු. ඔවුහු එසේ යටහත් වූයෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු යහමඟ ලැබුවෝ ය. ඔවුහු පිටුපෑවෙහු නම් එවිට ඔබේ වගකීම වනුයේ දන්වා සිටීම පමණ ය. තවද අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව නිරීක්ෂක ය.

  57. 3:21

    إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ ٱلَّذِينَ يَأْمُرُونَ بِٱلْقِسْطِ مِنَ ٱلنَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

    ʹInnal laẓeena yakfuroona biʹAayaaatil laahi wa-yaq̣tuloonan nabiyyeena big̣ayri ḥaq̣q̣iñw wayaq̣tuloonal laẓeena yaʹmuroona bilq̣isṭi minan naasi fabashshirhum̃ biʻaẓaabin ʹaleem.

    නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරන, කිසිදු යුක්තියෙන් තොරව නබිවරුන්ව ඝාතනය කරන, ජනයා අතරින් සාධාරණ ලෙස (තීන්දු තීරණ) නියෝග කරන්නන් ඝාතනය කරන අය වනාහි ඔවුන්ට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි පවසනු.

  58. 3:22

    أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ حَبِطَتْ أَعْمَـٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ

    ʹUlaaaʹikal laẓeena ḥabiṭat ʹaʻmaaluhum fid dunyaa wal-ʹaakhirati wa-maa lahum min naṣireen.

    මෙලොව හා මතුලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහු ම ය. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවකු හෝ නොමැත.

  59. 3:23

    أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًا مِّنَ ٱلْكِتَـٰبِ يُدْعَوْنَ إِلَىٰ كِتَـٰبِ ٱللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ

    ʹAlam tara ʹilal laẓeena ʹootoo naṣeeban minal Kitaabi yudʻawna ʹilaa Kitaabil laahi liyaḥkuma bay-nahum s̤umma yatawallaa fareeq̣um minhum wahum muʻriḍoon.

    පුස්තකයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නො බැලුවෙහි ද? ඔවුන් අතර තීන්දු කරනු පිණිස අල්ලාහ්ගේ ග්‍රන්ථය වෙත ඔවුන් කැඳවනු ලබන්නෝ ය. පසුව ඔවුන් අතුරින් පිරිසක් පිටු දකින්නන් ලෙස හැරී ගියෝ ය.

  60. 3:24

    ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامًا مَّعْدُودَٰتٍ ۖ وَغَرَّهُمْ فِى دِينِهِم مَّا كَانُوا۟ يَفْتَرُونَ

    Ẓaalika biʹannahum q̣aaloo lañ tamassanan Naaru ʹillaaa ʹayyaaman maʻdoodaat: wa-g̣arrahum fee deenihim maa kaanoo yaftaroon.

    එය, නියමිත දින ගණනකට පමණක් මිස (නිරා) ගින්න අපව ස්පර්ශ නො කරනු ඇතැයි ඔවුන් පැවසූ හේතුවෙනි. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගේ දහම තුළ ඔවුන් රවටා දැමුවේ ය.

  61. 3:25

    فَكَيْفَ إِذَا جَمَعْنَـٰهُمْ لِيَوْمٍ لَّا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

    Fakayfa ʹiẓaa jamaʻnaahum liyawmil laa rayba feeh, wa-wuffiyat kullu nafsim maa kasabat wahum laa- yuz̤̣lamoon?

    ඒ ගැන කිසිදු සැකයක් නොමැති දිනයක අප ඔවුන්ව එක්රැස් කර සෑම ආත්මයක් සඳහා ම එය ඉපැයූ දෑ පූර්ණව දෙනු ලබන විට එය කෙසේ වේ ද? තවද ඔවුහු අපරාධ කරනු නො ලබන්නෝ ය.

  62. 3:26

    قُلِ ٱللَّهُمَّ مَـٰلِكَ ٱلْمُلْكِ تُؤْتِى ٱلْمُلْكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلْمُلْكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُ ۖ بِيَدِكَ ٱلْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

    Q̣ulil laahumma Maalikal Mulki tuʹtil Mulka mañ tashaaʹu wa-tañẓiʻul Mulka mimmañ tashaaaʹ. Wa-tuʻizzu mañ tashaaaʹu wa-tuẓillu mañ tashaaaʹ: biyadikal Khayr. ʹInnaka ʻalaa kulli shayʹiñ Q̣adeer.

    (නබිවරය!) නුඹ පවසනු. සියලු පාලනයන්හි පාලකයා වන අල්ලාහ්, ඔබ අභිමත අයට රාජ්‍ය පාලනය පිරිනමන්නෙහි ය. ඔබ අභිමත අයගෙන් රාජ්‍ය පාලනය උදුරා දමන්නෙහි ය. තවද ඔබ අභිමත අයව උසස් කරන්නෙහි ය. ඔබ අභිමත අයව පහත් කරන්නෙහි ය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහි ය. නියත වශයෙන් ම ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.

  63. 3:27

    تُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَتُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ ۖ وَتُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَتُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ ۖ وَتَرْزُقُ مَن تَشَآءُ بِغَيْرِ حِسَابٍ

    Toolijul layla fin nahaari wa-toolijun nahaara fil layl: wa-tukhrijul ḥayya minal mayyiti wa-tukhrijul mayyita minal ḥayyi wa-tarzuq̣u mañ tashaaʹu big̣ayri ḥisaab.

    ඔබ රාත්‍රිය දහවලෙහි ඇතුළත් කරන්නෙහි ය. දහවල රාත්‍රියෙහි ඇතුළත් කරන්නෙහි ය. මළ දැයින් ජීවී දෑ පිට කරන්නෙහි ය. ජීවී දැයින් මළ දෑ පිට කරන්නෙහි ය. තවද ඔබ අභිමත අයට ගණනයකින් තොරව පෝෂණය ලබා දෙන්නෙහි ය.

  64. 3:28

    لَّا يَتَّخِذِ ٱلْمُؤْمِنُونَ ٱلْكَـٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ ٱللَّهِ فِى شَىْءٍ إِلَّآ أَن تَتَّقُوا۟ مِنْهُمْ تُقَىٰةً ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ

    Laa- yattakhiẓil Muʹminoonal kaafireena ʹawliyaaaʹa miñ doonil Muʹmineen. Wa-mañy yafʻal ẓaalika falaysa minal laahi fee shayʹin ʹillaaa ʹañ tat-taq̣oo minhum tuq̣aah. Wa-yuḥaẓẓi-rukumul laahu Nafsah; wa-ʹilal laahil maṣeer.

    දේවත්වය විශ්වාස කළවුන් දේවත්වය විශ්වාස කළවුන්ව හැර දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව භාරකරුවන් ලෙස නො ගත යුතු ය. කවරෙකු එසේ කරන්නේ ද එවිට ඔහුට අල්ලාහ්ගෙන් කිසිවක් (කිසිදු ආරක්ෂාවක්) නො වනු ඇත. එහෙත් නුඹලා ඔවුන්ගෙන් (ආත්ම) ආරක්ෂාව සපයා ගැනීම උදෙසා මිස. තවද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේ ය. එමෙන් ම ලැඟුම් ගන්නා ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත ම ය.

  65. 3:29

    قُلْ إِن تُخْفُوا۟ مَا فِى صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ ٱللَّهُ ۗ وَيَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

    Q̣ul ʹiñ tukhfoo maa- fee ṣudoorikum ʹaw tubdoohu yaʻlamhul laah. Wayaʻlamu maa- fis samaawaati wa-maa fil ʹarḍ. Wallaahu ʻalaa kulli shayʹiñ Q̣adeer.

    නුඹලාගේ හදවත් තුළ නුඹලා (යමක්) සඟවන්නේ නම් හෝ එය නුඹලා හෙළි කරන්නේ නම් හෝ අල්ලාහ් එය දන්නේ ය. තවද අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු දන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.

  66. 3:30

    يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوٓءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُۥٓ أَمَدًۢا بَعِيدًا ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَٱللَّهُ رَءُوفٌۢ بِٱلْعِبَادِ

    Yawma tajidu kullu nafsim maa ʻamilat min khayrim muḥ-ḍarañw wamaa ʻamilat miñ soooʹ. Tawaddu law ʹanna baynahaa wa-baynahooo ʹamadam baʻeedaa. Wa-yuhaẓẓi-rukumul lahu Nafsah. Wallaahu Raʹoofum bilʻibaad.

    සෑම ආත්මයක් ම, තමන් කළ යහපත් දෑ ද තමන් කළ නපුරු දෑ ද (තමන්) ඉදිරියේ දකින දිනයේ දී, එය අතර හා තමන් අතර ඉතා දිගු දුරසක් තිබුණේ නම් යැයි ප්‍රිය කරනු ඇත. තවද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේ ය. තවද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්ත ය.

  67. 3:31

    قُلْ إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ

    Q̣ul ʹiñ kuñtum tuḥibboonal laaha fattabiʻoonee yuḥbibkumul laahu wa-yag̣fir lakum ẓunoobakum: wallaahu G̣afoorur Raḥeem.

    නුඹලා අල්ලාහ්ව ප්‍රිය කරමින් සිටියෙහු නම්, එවිට නුඹලා මා අනුගමනය කරනු. අල්ලාහ් නුඹලාව ප්‍රිය කරනු ඇත. තවද නුඹලාගේ පාපයන්ට ඔහු සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විතය යැයි (නබිවරය!) නුඹ පවසනු.

  68. 3:32

    قُلْ أَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْكَـٰفِرِينَ

    Q̣ul ʹaṭeeʻul laaha war-Rasool: faʹiñ tawallaw faʹinnal laaha laa- yuḥibbul Kaafireen.

    (තවද) නුඹලා අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වනු යැයි පවසනු. එහෙත් ඔවුන් පිටුපෑවේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින්ව ප්‍රිය කරන්නේ නැත.

  69. 3:33

    ۞ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰٓ ءَادَمَ وَنُوحًا وَءَالَ إِبْرَٰهِيمَ وَءَالَ عِمْرَٰنَ عَلَى ٱلْعَـٰلَمِينَ

    ʹInnal laahaṣ ṭafaaa ʹAadama wa-Nooḥañw waʹAala ʹIbraaheema wa-ʹAala ʻImraana ʻalal ʻaalameen,

    සැබැවින් ම අල්ලාහ් ආදම්, නූහ්, ඉබ්රාහීම්ගේ පවුල හා ඉම්රාන්ගේ පවුල ලෝවැසියනට වඩා ඉහළින් තෝරා ගත්තේ ය.

  70. 3:34

    ذُرِّيَّةًۢ بَعْضُهَا مِنۢ بَعْضٍ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

    Ẓurreeyyatam baʻḍuhaa mim baʻḍ: wallaahu Sameeʻun ʻAleem.

    ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් පැවත එන පරපුරකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.

  71. 3:35

    إِذْ قَالَتِ ٱمْرَأَتُ عِمْرَٰنَ رَبِّ إِنِّى نَذَرْتُ لَكَ مَا فِى بَطْنِى مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّىٓ ۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

    ʹIẓ q̣aalat imraʹatu ʻImraana Rabbi ʹinnee naẓartu laka maa- fee baṭnee muḥarrarañ fataq̣abbal minnee: ʹinnaka ʹAñtas Sameeʻul ʻAleem.

    ‘මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මම මාගේ කුස තුළ ඇති දෑ කැප කරනු ලබන්නක් ලෙස ඔබ වෙනුවෙන් භාරයක් තැබුවෙමි. එබැවින් මගෙන් (එය) පිළිගනු මැනව. නියත වශයෙන් ම ඔබ සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානීය’ යැයි ඉම්රාන්ගේ බිරිය පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

  72. 3:36

    فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّى وَضَعْتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ ٱلذَّكَرُ كَٱلْأُنثَىٰ ۖ وَإِنِّى سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّىٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيْطَـٰنِ ٱلرَّجِيمِ

    Falammaa waḍaʻathaa q̣aalat Rabbi ʹinnee waḍaʻtuhaaa ʹuñs̤aa! Wallaahu ʹAʻlamu bimaa waḍaʻat wa-laysaẓ ẓakaru kalʹuñs̤aa. Waʹinnee sammaytuhaa Maryama waʹinneee ʹuʻeeẓuhaa bika waẓurriyatahaa minash Shayṭaanir Rajeem.

    පසුව ඇය එය ප්‍රසූත කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මම එය ප්‍රසූත කළේ ගැහැනු දරුවකු ලෙසිනි. තවද ඇය ප්‍රසූත කළ දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නා ය. පිරිමියා ගැහැනිය මෙන් නො වේ. තවද සැබැවින් ම ඇයට මම මර්යම් යැයි නම් තැබුවෙමි. තවද ඇයට හා ඇයගේ පරපුරට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම ඔබ වෙතින් පතන්නෙමි’ යැයි ඇය පැවසුවා ය.

  73. 3:37

    فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا ٱلْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًا ۖ قَالَ يَـٰمَرْيَمُ أَنَّىٰ لَكِ هَـٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِندِ ٱللَّهِ ۖ إِنَّ ٱللَّهَ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍ

    Fataq̣abbalahaa Rabbuhaa biq̣aboolin ḥasaniñw waʹambatahaa nabaatan ḥasanañw wakaffalahaa Zakariyyaa. Kullamaa dakhala ʻalayhaa Zakariyyal Miḥraaba wajada ʻiñdahaa rizq̣aa. Q̣aala yaa-Maryamuʹ annaa laki haaẓaa? Q̣aalat huwa min ʻiñdil laah: ʹinnal laha yarzuq̣u mañy yashaaaʹu big̣ayri ḥisaab.

    එවිට ඇයගේ පරමාධිපති යහපත් පිළිගැනීමකින් ඇයව පිළිගත්තේ ය. තවද යහපත් වැඩීමකින් හදා වඩා ගන්නට සැලැස්සුවේ ය. ඇයව zසකරිය්යාට භාර කළේ ය. නැමදුම් ස්ථානයේ ඇය වෙත zසකරිය්යා පිවිසෙන සෑම අවස්ථාවක ම ඇය අසල ආහාර දුටුවේ ය. ‘අහෝ මර්යම්! ඔබට මෙය කෙසේ (ලැබුණේ) ද?’ යැයි ඔහු ඇසුවේ ය. මෙය අල්ලාහ් වෙතින් යැයි ඇය පැවසුවා ය. නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත අයට ගණනයකින් තොරව පෝෂණය ලබා දෙන්නේ ය.

  74. 3:38

    هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥ ۖ قَالَ رَبِّ هَبْ لِى مِن لَّدُنكَ ذُرِّيَّةً طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ

    Hunaalika daʻaa Zakariyyaa Rabbah: q̣aala Rabbi hab lee mil laduñka ẓurriyyatañ ṭayyibah: ʹinnaka Sameeʻud duʻaaaʹ.

    එම අවස්ථාවේ දී zසකරිය්යා තම පරමාධිපතිව අයැද සිටියේ ය. ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ වෙතින් මට දැහැමි පරපුරක් පිරිනමනු මැනව! සැබැවින් ම ඔබ ප්‍රාර්ථනාවට සවන් දෙන්නා’ යැයි ඔහු පැවසුවේ ය.

  75. 3:39

    فَنَادَتْهُ ٱلْمَلَـٰٓئِكَةُ وَهُوَ قَآئِمٌ يُصَلِّى فِى ٱلْمِحْرَابِ أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًۢا بِكَلِمَةٍ مِّنَ ٱللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ ٱلصَّـٰلِحِينَ

    Fannaadathul malaaʹikatu wa-huwa q̣aaʹimuñy yuṣallee fil Miḥraabi ʹannal laaha yubashshiruka bi-Yaḥyaa muṣaddiq̣am bi-Kalimatim minal laahi wa-sayyidañw waḥaṣurañw wa-Nabiyyam minaṣ ṣaaliḥeen.

    එවිට ඔහු නැමදුම් ස්ථානයෙහි, සිට ගෙන සලාතය ඉටු කරමින් සිටිය දී, සැබැවින් ම අල්ලාහ්ගෙන් වූ වදන සත්‍යය කරවන්නෙකු, නායකයෙකු, (කාන්තාවන්ගෙන්) වැළකුණු අයෙකු සහ දැහැමියන් අතුරින් නබිවරයෙකු ලෙස වූ යහ්යා පිළිබඳ අල්ලාහ් නුඹට ශුභාරංචිය දන්වන්නේ යැයි සුරදූතයින් ඔහු අමතා පැවසුහ.

  76. 3:40

    قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَـٰمٌ وَقَدْ بَلَغَنِىَ ٱلْكِبَرُ وَٱمْرَأَتِى عَاقِرٌ ۖ قَالَ كَذَٰلِكَ ٱللَّهُ يَفْعَلُ مَا يَشَآءُ

    Q̣aala Rabbi ʹannaa yakoonu lee g̣ulaamuñw waq̣ad balag̣aniyal kibaru wam-raʹatee ʻaaq̣ir? Q̣aala kaẓaalikal laahu yafʻalu maa- yashaaʹ.

    ‘මාගේ පරමාධිපතියාණනි! මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ ද? මා වයෝවෘද්ධ භාවය මා වෙත ළඟා වී ඇත. එමෙන් ම මාගේ බිරිය වද කතකි’ යැයි ඔහු පැවසුවේ ය. ‘එලෙසය අල්ලාහ් තමන් අභිමත දෑ සිදු කරනුයේ’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.

  77. 3:41

    قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةً ۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَـٰثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا ۗ وَٱذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَـٰرِ

    Q̣aala Rabbij ʻal Leee ʹAayah! Q̣aala ʹAayatuka ʹallaa tukalliman naasa s̤alaas̤ata ʹayyaamin ʹillaa ramzaa. Waẓkur Rabbaka kas̤eerañw wasabbiḥ bilʻashiyyi wal-ʹib-kaar.

    ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මට සලකුණක් ඇති කරනු මැනව!’ යැයි ඔහු පැවසුවේ ය. ‘ඔබේ සලකුණ වනුයේ ඔබ ජනයා සමඟ සංඥා කිරීමකින් හැර දින තුනක් කතා නො කිරීම ය. තවද ඔබ ඔබේ පරමාධිපතිව අධිකව මෙනෙහි කරනු. තවද උදේ සවස පිවිතුරු කරනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.

  78. 3:42

    وَإِذْ قَالَتِ ٱلْمَلَـٰٓئِكَةُ يَـٰمَرْيَمُ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصْطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلْعَـٰلَمِينَ

    Wa-ʹiẓ q̣aa-latil malaaaʹikatu yaa-Maryamu ʹinnal laahaṣ ṭafaaki waṭahharaki waṣṭafaaki ʻalaa nisaaʹil ʻaalameen.

    ‘අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔබව තෝරා ගත්තේ ය. ඔබව පිවිතුරු කළේ ය. තවද ලෝවැසි කාන්තාවන්ට වඩා ඔබව (ඉහළින්) තෝරා ගත්තේ ය’ යැයි මලක්වරුන් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

  79. 3:43

    يَـٰمَرْيَمُ ٱقْنُتِى لِرَبِّكِ وَٱسْجُدِى وَٱرْكَعِى مَعَ ٱلرَّٰكِعِينَ

    Yaa-Maryamu uq̣nutee li-Rabbiki wasjudee warkaʻee maʻar raakiʻeen.

    ‘අහෝ මර්යම්! ඔබ ඔබේ පරමාධිපතිට අවනත වනු. (නළල බිම තබා) සුජූද් කරනු. තවද (නැවී තිරස් ව) රුකූඋ කරන්නන් සමඟ ඔබ ද රුකූඋ කරනු.’

  80. 3:44

    ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَـٰمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ

    Ẓaalika min ʹambaaaʹil g̣aybi noo-ḥeehi ʹilayk. Wa-maa kuñta ladayhim ʹiẓ yulq̣oona ʹaq̣laamahum ʹayyuhum yak-fulu Maryam: wa-maa kuñta ladayhim ʹiẓ yakhtaṣimoon.

    මෙය අදෘශ්‍යමාන පුවත් අතරිනි. අපි එය නුඹට හෙළිදරව් කරන්නෙමු. මර්යම්ට භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවුරුන් දැ යි යන්න පිළිබඳව ඔවුන් ඔවුන්ගේ පන්හිදවල් වීසි කර (කුසපත්) දමන විට ඔවුන් අසල නුඹ නො සිටියෙහි ය. එමෙන් ම ඔවුන් වාද කරන විට ඔබ ඔවුන් අසල නො සිටියෙහි ය.

  81. 3:45

    إِذْ قَالَتِ ٱلْمَلَـٰٓئِكَةُ يَـٰمَرْيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ ٱسْمُهُ ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ وَجِيهًا فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَمِنَ ٱلْمُقَرَّبِينَ

    ʹIẓ q̣aa-latil malaaaʹikatu yaa-Maryamu ʹinnal laaha yubashshiruki bi-Kalimatim minhus muhul Maseeḥu ʻEesab nu Maryama wajeehañ fid dunyaa wal-ʹAakhirati wa-minal Muq̣arrabeen.

    ‘අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගෙන් වූ වදනක් පිළිබඳ ඔබට ශුභාරංචි දන්වන්නේ ය. ඔහු නමින් මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් වන අතර ඔහු මෙලොව හා මතුලොව ගරුත්වයක් ඇති දේව සමීපතයින් අතරින් කෙනෙකි.

  82. 3:46

    وَيُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًا وَمِنَ ٱلصَّـٰلِحِينَ

    Wa-yukallimun naasa fil mahdi wa-kahlañw waminaṣ ṣaaliheen.

    තවද ඔහු තොටිල්ලෙහි පසු වන වියේ දී ද, තුරුණු වියේ දී ද ජනයා සමඟ කතා කරනු ඇත. තවද ඔහු දැහැමියන් අතුරින් කෙනෙකි.

  83. 3:47

    قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِى وَلَدٌ وَلَمْ يَمْسَسْنِى بَشَرٌ ۖ قَالَ كَذَٰلِكِ ٱللَّهُ يَخْلُقُ مَا يَشَآءُ ۚ إِذَا قَضَىٰٓ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

    Q̣aalat Rabbi ʹannaa yakoonu lee waladuñw wa-lam yamsasnee bashar. Q̣aala kaẓaalikil laahu yakhlaq̣u maa- yashaaaʹ: ʹiẓaa q̣aẓaaa ʹamrañ faʹinnamaa yaq̣oolu lahoo ʻKUÑʹ fayakoon!

    ‘මාගේ පරමාධිපතියාණනි! කිසිදු මිනිසෙකු මා ස්පර්ශ නො කර තිබිය දී මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ දැ?’ යි ඇය විමසුවා ය. එලෙසය, අල්ලාහ් තමන් අභිමත දෑ මවන්නේ. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ‘වනු‘ යැයි පවසනවා පමණ ය, එය වහාම සිදු වන්නේ ය.

  84. 3:48

    وَيُعَلِّمُهُ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ

    Wa-yuʻallimuhul Kitaaba wal-Ḥikmata wat-Tawraata wal-ʹIñjeel,

    තවද ඔහු ඔහුට දේව ග්‍රන්ථය ද, ප්‍රඥාව ද, තව්රාතය ද, ඉන්ජීලය ද උගන්වන්නේ ය.

  85. 3:49

    وَرَسُولًا إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنِّى قَدْ جِئْتُكُم بِـَٔايَةٍ مِّن رَّبِّكُمْ ۖ أَنِّىٓ أَخْلُقُ لَكُم مِّنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًۢا بِإِذْنِ ٱللَّهِ ۖ وَأُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ وَأُحْىِ ٱلْمَوْتَىٰ بِإِذْنِ ٱللَّهِ ۖ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِى بُيُوتِكُمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

    Wa-Rasoolanʹ ilaa Baneee ʹIsraaaʹeel: ʹannee q̣ad jiʹtukum̃ biʹaayatim mir Rabbikum ʹanneee ʹakhulq̣u lakum minaṭ ṭeeni kahayʹatiṭ ṭayri faʹanñfukhu feehi fayakoonu ṭayram biʹiẓnil laaḥ. Waʹubriʹul ʹakmaha wal-ʹabraṣa waʹuḥyil mawtaa biʹiẓnil laah. Waʹunabbiʹukum̃ bimaa taʹkuloona wamaa taddakhi fee bayootikum. ʹInna fee ẓaalika laʹaayatal lakum ʹiñ kuñtum Muʹmineen;

    ‘ඉස්රාඊල් දරුවන්ට ධර්ම දූතයෙකු ලෙසින් ද නියත වශයෙන් ම මම නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සංඥාවක් ගෙන ආවෙමි. සැබැවින් ම මම නුඹලාට පක්ෂියෙකු හැඩය මෙන් (ජීවියෙකු) මැටියෙන් මවා එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් පක්ෂියෙකු වනු ඇත. තවද මම උපතින් අන්ධ අය ද ළාදුරු රෝගීන් ද සුව කරමි. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මිය ගියවුනට ප්‍රාණය දෙමි. නුඹලා අනුභව කරන දෑ ගැන ද නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැස් කර තබා ඇති දෑ ගැන ද මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් සැබැවින් ම නුඹලාට මෙහි සාධකයක් ඇත.’

  86. 3:50

    وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَىَّ مِنَ ٱلتَّوْرَىٰةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ ٱلَّذِى حُرِّمَ عَلَيْكُمْ ۚ وَجِئْتُكُم بِـَٔايَةٍ مِّن رَّبِّكُمْ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

    Wa-Muṣaddiq̣al limaa bayna yadayya minat Tawraati wa-liʹuḥilla lakum̃ baʻḍal laẓee ḥurrima ʻalaykum wa-jiʹtukum̃ biʹAayatim mir Rabbikum, fattaq̣ul laaha waʹaṭeeʻoon.

    ‘තවද මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද නුඹලා වෙත තහනම් කරනු ලැබූ ඇතැම් දෑ නුඹලාට මා අනුමත කරනු පිණිස ද වේ. තවද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් මම නුඹලා වෙත ගෙන ආවෙමි. එබැවින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.’

  87. 3:51

    إِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۗ هَـٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ

    ʹInnal laaha Rabbee wa-Rabbukum faʻbudooh. Haaẓaa Ṣiraṭum mustaq̣eem.

    සැබැවින් ම අල්ලාහ් මාගේ පරමාධිපති ය. නුඹලාගේ ද පරමාධිපති ය. එබැවින් නුඹලා ඔහුට නැමදුම් ඉටු කරනු. ඍජු මාර්ගය මෙයයි.

  88. 3:52

    ۞ فَلَمَّآ أَحَسَّ عِيسَىٰ مِنْهُمُ ٱلْكُفْرَ قَالَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ ۖ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ءَامَنَّا بِٱللَّهِ وَٱشْهَدْ بِأَنَّا مُسْلِمُونَ

    Fa-lammaaa ʹaḥassa ʻEesaa min-humul Kufra q̣aala man ʹAñṣaareee ʹilal laah? Q̣aalal Ḥawaariyyoona naḥnu ʹAñṣaarul laah: ʹaamannaa billaahi washhad biʹannaa Muslimoon.

    ඔවුන්ගෙන් වූ දේව ප්‍රතික්ෂේපය ඊසා වටහා ගත් කල්හි ''අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නන් කවුරුන් දැ?'' යි විමසා සිටියේ ය. ගෝලයෝ ''අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ්ව විශ්වාස කළෙමු. තවද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරුන් බවට ඔබ සාක්ෂි දරනු'' යැයි පවසා සිටියෝ ය.

  89. 3:53

    رَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلْتَ وَٱتَّبَعْنَا ٱلرَّسُولَ فَٱكْتُبْنَا مَعَ ٱلشَّـٰهِدِينَ

    Rabbanaaa ʹaamannaa bimaaa ʹañzalta wattabaʻnar Rasoola faktubnaa maʻash Shaahideen.

    ‘අපගේ පරමාධිපතියාණනි! ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. රසූල්වරයාව ද අපි අනුගමනය කළෙමු. එබැවින් ඔබ අපව සාක්ෂිකරුවන් සමඟ සටහන් කර ගනු මැනව!’

  90. 3:54

    وَمَكَرُوا۟ وَمَكَرَ ٱللَّهُ ۖ وَٱللَّهُ خَيْرُ ٱلْمَـٰكِرِينَ

    Wa-makroo wa-makral laah: wallaahu Khayrul maakireen.

    තවද ඔවුහු කුමන්ත්‍රණ කළෝ ය. අල්ලාහ් ද කුමන්ත්‍රණ කළේ ය. තවද අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨයා ය.

  91. 3:55

    إِذْ قَالَ ٱللَّهُ يَـٰعِيسَىٰٓ إِنِّى مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَىَّ وَمُطَهِّرُكَ مِنَ ٱلَّذِينَ كَفَرُوا۟ وَجَاعِلُ ٱلَّذِينَ ٱتَّبَعُوكَ فَوْقَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۖ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

    ʹIẓ q̣aalal laahu yaa-ʻEesaaa ʹinnee mutawaffika wa-raafiʻuka ʹilayya wa-muṭah-hiruka minal laẓeena kafaroo wa-jaaʻilul laẓeenat taabaʻooka fawq̣al laẓeena kafarooo ʹila Yawmil Q̣iyaamah. S̤umma ʹilayya marjiʻukum faʹaḥkumu baynakum feemaa kuñtum feehi takhtalifoon.

    ‘අහෝ ඊසා! සැබැවින් ම මම නුඹව අත්පත් කර ගනිමි. නුඹව මා වෙතට ඔසවා ගනිමි. ප්‍රතික්ෂේප කළවුන්ගෙන් මම නුඹව පිවිතුරු කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දක්වා නුඹව ප්‍රතික්ෂේප කළවුනට වඩා නුඹව පිළිපැද්දවුන්ව ඉහළින් තබමි. පසුව මා වෙතය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට නුඹලා අතර නුඹලා කවර කරුණක මත භේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ ගැන තීන්දු දෙමි’ යැයි අල්ලාහ් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

  92. 3:56

    فَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ

    Faʹammal aẓeena kafaroo faʹuʻaẓẓibuhum ʻaẓaabañ shadeedañ fid dunyaa wal-ʹAa wa-maa lahum min naaṣireen.

    ප්‍රතික්ෂෙප කළවුන් වූ කලි, ඔවුනට මෙලොවෙහි හා මතු ලොවෙහි දැඩි දඬුවමකින් මම දඬුවම් කරමි. තවද ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙක් නොමැත.

  93. 3:57

    وَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ

    Waʹammal laẓeena ʹaamanoo waʻamiluṣ ṣaaliḥaati fayu ʹujoorahum: wallaahu laa- yuḥibbuz̤̣ z̤̣aalimeen.

    විශ්වාස කොට යහකම් කළවුන් වූ කලි, ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට ඔහු පූර්ණව පිරිනමයි. එමෙන් ම අල්ලාහ් අපරාධකරුවන් ප්‍රිය නො කරයි.

  94. 3:58

    ذَٰلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ ٱلْـَٔايَـٰتِ وَٱلذِّكْرِ ٱلْحَكِيمِ

    Ẓaalika natloohu ʻalayka minal ʹAayaati waẓ-Ẓikril Ḥakeem.

    එය, මෙම වදන් හා සියුම් ඥානාන්විත මෙනෙහි කිරීම තුළින් අපි නුඹට කියවා පෙන්වූ දෑ ය.

  95. 3:59

    إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَ ۖ خَلَقَهُۥ مِن تُرَابٍ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ

    ʹInna mas̤ala ʻEesaa ʻiñdal laahi kamas̤ali ʹAadam; khalaq̣ahoo miñ turaabiñ s̤umma q̣aala lahoo ʻKUÑʹ fayakoon.

    නියත වශයෙන් ම අල්ලාහ් ඉදිරියේ ඊසාගේ උපමාව ආදම්ගේ උපමාව මෙනි. ඔහුව ඔහු පසින් මවා පසුව ඔහුට “වනු” යැයි පැවසුවේ ය. එවිට ඔහු ඇති විය.

  96. 3:60

    ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُن مِّنَ ٱلْمُمْتَرِينَ

    ʹAl-Ḥaq̣q̣u mir Rabbika falaa takun minal mumtareen.

    මෙම සත්‍යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් කෙනෙකු නො වනු.

  97. 3:61

    فَمَنْ حَآجَّكَ فِيهِ مِنۢ بَعْدِ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ فَقُلْ تَعَالَوْا۟ نَدْعُ أَبْنَآءَنَا وَأَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ ٱللَّهِ عَلَى ٱلْكَـٰذِبِينَ

    Faman ḥaajjaka feehi mim baʻdi maa- jaaaʹaka minal ʻilmi faq̣ul taʻaalaw nadʻu ʹabnaaaʹanaa Waabnaaaʹakum Wanisaaaʹanaa wa-nisaaaʹakum waʹañfusanaa waʹañfusakum s̤umma nabtahil fanajʻal laʻnatal laahi ʻalal kaaẓibeen.

    නුඹ වෙත නිවැරදි දැනුම පැමිණි පසුව ඒ (ඊසා) සම්බන්ධයෙන් කවුරුන් හෝ නුඹ සමඟ වාද කළේ නම්, එවිට ඔවුනට නුඹ, “නුඹලා එනු. අපි අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ කාන්තාවන් හා නුඹලාගේ කාන්තාවන් ද අප හා නුඹලා ද කැඳවා පසුව අපි අල්ලාහ්ගේ ශාපය බොරු කාරයින් මත පත් කරමු” යැයි (නබිවරය) පවසනු.

  98. 3:62

    إِنَّ هَـٰذَا لَهُوَ ٱلْقَصَصُ ٱلْحَقُّ ۚ وَمَا مِنْ إِلَـٰهٍ إِلَّا ٱللَّهُ ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

    ʹInna haaẓaa lahuwal q̣aṣaṣul ḥaq̣q̣: wa-maa min ʹilaahin ʹillal laah: waʹinnal laaha la-Huwal ʻAzeezul Ḥakim.

    සැබැවින් ම සත්‍ය කතාන්තරය වනුයේ මෙයයි. තවද අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. තවද සැබැවින් ම අල්ලාහ් වන ඔහු මය සර්ව බලධාරී; සර්ව ප්‍රඥාවන්ත වනුයේ.

  99. 3:63

    فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِٱلْمُفْسِدِينَ

    Faʹiñ tawallaw faʹinnal laaha ʻAleemum bil-mufsideen.

    එබැවින් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන් පිළිබඳව සර්ව ඥානී ය.

  100. 3:64

    قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ تَعَالَوْا۟ إِلَىٰ كَلِمَةٍ سَوَآءٍۭ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشْرِكَ بِهِۦ شَيْـًٔا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِّن دُونِ ٱللَّهِ ۚ فَإِن تَوَلَّوْا۟ فَقُولُوا۟ ٱشْهَدُوا۟ بِأَنَّا مُسْلِمُونَ

    Q̣ul yaaa-ʹahlal Kitaabi taʻaalaw ʹilaa Kalimatiñ sawaaaʹim baynanaa wa-baynakum ʹallaa naʻbuda ʹilal laaha wa-laa nushrika bihee shayʹañw walaa yat-takhiẓa baʻḍunaa baʻḍan ʹarbaabam miñ doonil laah. Faʹiñ tawallaw faq̣oolush hadoo biʹannaa Muslimoon.

    ‘අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නො නමදිමු. ඔහුට කිසිවක් ආදේශ නො තබමු. අල්ලාහ්ගෙන් තොරව අප අතරින් ඇතැමෙක් ඇතැමෙකුව දෙවියන් ලෙස නො ගත යුතුය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු’ යැයි (නබිවරය!) පවසනු. එවිට ඔවුහු පිටුපෑවෙහු නම් ‘සැබැවින් ම අපි අවනත වූවන් බවට නුඹලා සාක්ෂි දරනු’ යැයි පවසනු.

  101. 3:65

    يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لِمَ تُحَآجُّونَ فِىٓ إِبْرَٰهِيمَ وَمَآ أُنزِلَتِ ٱلتَّوْرَىٰةُ وَٱلْإِنجِيلُ إِلَّا مِنۢ بَعْدِهِۦٓ ۚ أَفَلَا تَعْقِلُونَ

    YaaʹAhlal Kitaabi lima tuḥaajjoona feee ʹIbraaheema wa-maaa ʹunẓilatit Tawraatu wal-ʹIñjeelu ʹillaa mim baʻdih? Afalaa taʻq̣iloon.

    ‘දහම් ලත් ජනයිනි! ඉබ්රාහීම් සම්බන්ධයෙන් නුඹලා වාද කරනුයේ මන් ද? ඔහුගෙන් පසුව මිස තව්රාතය හා ඉන්ජීලය පහළ වූයේ නැත. (ඒ ගැන) නුඹලා වටහා ගන්නේ නැති ද?’

  102. 3:66

    هَـٰٓأَنتُمْ هَـٰٓؤُلَآءِ حَـٰجَجْتُمْ فِيمَا لَكُم بِهِۦ عِلْمٌ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌ ۚ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

    Haaaʹañtum haaaʹulaaaʹi ḥaa-jajtum feemaa lakum̃ bihee ʻilmuñ falima tuḥaajjoona feemaa laysa lakum̃ bihee ʻilm? Wal-laahu yaʻlamu waʹañtum laa- taʻlamoon!

    මෙන්න මේ නුඹලා! නුඹලාට කවර දෙයක් ගැන දැනුමක් ඇත්තේ ද එවැනි දෙයක් පිළිබඳව නුඹලා වාද කර ඇත. එහෙත් කවර දෙයක් පිළිබඳව නුඹලාට දැනුමක් නොමැත්තේ ද එවැනි දෙයක් පිළිබඳ නුඹලා වාද කරනුයේ මන් ද? තවද අල්ලාහ් දන්නේ ය. එහෙත් නුඹලා නො දන්නෙහු ය.

  103. 3:67

    مَا كَانَ إِبْرَٰهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَـٰكِن كَانَ حَنِيفًا مُّسْلِمًا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

    Maa- kaana ʹIbraaheemu Yahududiyaañw walaa Naṣraaniyyañw Wa laakiñ kaana Ḥaneefam Muslimaa: wa-maa kaana minal Mushrikeen.

    ඉබ්රාහීම් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ නො වීය. එනමුත් ඔහු අවංක මුස්ලිම්වරයෙකු විය. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් ද නො වීය.

  104. 3:68

    إِنَّ أَوْلَى ٱلنَّاسِ بِإِبْرَٰهِيمَ لَلَّذِينَ ٱتَّبَعُوهُ وَهَـٰذَا ٱلنَّبِىُّ وَٱلَّذِينَ ءَامَنُوا۟ ۗ وَٱللَّهُ وَلِىُّ ٱلْمُؤْمِنِينَ

    ʹInna ʹawlan naasi biʹIb lallaẓeenat tabaʻoohu wa-haaẓan Nabiyyu wallaẓeena ʹaamanoo: wallaahu Waliyyul Muʹmineen.

    නියත වශයෙන් ම මිනිසුන්ගෙන් ඉබ්රාහීම්ට වඩා සමීපතම අය වනුයේ, ඔහුව ද, මෙම නබිවරයාව ද, අනුගමනය කළවුන් හා විශ්වාස කළවුන් ය. තවද අල්ලාහ් විශ්වාස කරන්නන්ගේ භාරකරු ය.

  105. 3:69

    وَدَّت طَّآئِفَةٌ مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

    Waddaṭ ṭaaaʹifatum min ʹAhlil Kitaabi law yuḍilloonakum. Wa-maa yuḍilloona ʹillaaa ʹañfusahum wa-maa yashʻuroon.

    ‘නුඹලාව නොමඟ යවන්නට ඇත් නම්’ යැයි දහම් ලත් ජනයා අතරින් පිරිසක් ප්‍රිය කරති. ඔවුන්ව ම මිස වෙනත් කිසිවෙකුව ඔවුන් නොමඟ හැරියේ නැත. එහෙත් ඔවුහු (එය) වටහා නො ගන්නෝ ය.

  106. 3:70

    يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَأَنتُمْ تَشْهَدُونَ

    YaaaʹAhlal Kitaabi lima takfuroona biʹAayaatil laahi waʹantum tashhadoon.

    ‘අහෝ දහම් ලත් ජනයිනි! නුඹලා සාක්ෂි දරමින් සිටිය දී අල්ලාහ්ගේ වැකි නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ මන් ද?’

  107. 3:71

    يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لِمَ تَلْبِسُونَ ٱلْحَقَّ بِٱلْبَـٰطِلِ وَتَكْتُمُونَ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ

    YaaaʹAhlal Kitaabi lima talbisoonal ḥaq̣q̣a bilbaaṭili wa-taktumoonal ḥaq̣q̣a waʹañtum taʻlamoon?

    ‘දහම් ලත් ජනයිනි! සත්‍යය සමඟ අසත්‍යය නුඹලා මුසු කරනුයේ මන් ද? නුඹලා දැනුවත්ව සිටිය දී සත්‍යය වසන් කරන්නෙහු ය.’

  108. 3:72

    وَقَالَت طَّآئِفَةٌ مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ ءَامِنُوا۟ بِٱلَّذِىٓ أُنزِلَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَجْهَ ٱلنَّهَارِ وَٱكْفُرُوٓا۟ ءَاخِرَهُۥ لَعَلَّهُمْ يَرْجِعُونَ

    Wa-q̣aalaṭ ṭaaaʹifatum min ʹAhlil Kitaabi ʹaaminoo billaẓeee ʹaamanoo ʻalal laẓeena ʹaamanoo waj-han nahaari wak-furooo ʹaakhirahoo laʻallahum yarjiʻoon;

    දහම් ලත් ජනයා අතුරින් පිරිසක් (තම වාර්ගිකයින්ට) “විශ්වාස කළවුනට පහළ කළ දෑ නුඹලා දහවල් කාලයේ විශ්වාස කර, එහි අවසන් භාගයේ නුඹලා ප්‍රතික්ෂේප කරනු. ඔවුන්(ගේ විශ්වාසයෙන්) නැවත හැරී පැමිණිය හැකි” යැයි පවසති.

  109. 3:73

    وَلَا تُؤْمِنُوٓا۟ إِلَّا لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ ٱلْهُدَىٰ هُدَى ٱللَّهِ أَن يُؤْتَىٰٓ أَحَدٌ مِّثْلَ مَآ أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ ۗ قُلْ إِنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ

    Wa-laa tuʹminooo ʹillaa limañ tabiʻa Deenakum. Q̣ul ʹinnal hudaa hudal laahi ʹañy yuʹtaaa ʹaḥadum mis̤la maaa ʹooteetum ʹaw yuḥaaaj ʻiñda Rabbikum. Q̣ul ʹinnal faḍla biyadil lah: yuʹteehi mañy yashaaaʹ: wal-laahu Waasiʻun ʻAleem.

    තවද ‘නුඹලාගේ දහම පිළිපදින අයව පමණක් මිස (වෙන කිසිවෙකු) නුඹලා විශ්වාස නො කරනු.’ (යැයි ද ඔවුහු පවසති.) ‘සැබැවින් ම සැබෑ මඟ පෙන්වීම වනුයේ අල්ලාහ්ගේ මඟ පෙන්වීම’ යැයි (නබිවරය!) නුඹ පවසනු. ‘(තවදුරටත්) නුඹලාට දෙනු ලැබුවක් මෙන් (දේව ග්‍රන්ථයක්) කිසිවෙකුට දෙනු ලබනු ඇතැ යි හෝ ඔවුන් නුඹලාගේ පරමාධිපති අබියස වාද කරනු ඇතැ යි හෝ නුඹලා විශ්වාස නො කරනු.’ (යැයි ඔවුහු පවසති) “සැබෑ භාග්‍යය අල්ලාහ්ගේ අතෙහි ය. එය ඔහු අභිමත අයට පිරිනමන්නේ ය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය” යැයි (නබිවරය නුඹ) පවසනු.

  110. 3:74

    يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

    Yakhtaṣṣu biraḥmatihee mañy yashaaaʹ. Wal-laahu Ẓul faḍlil ʻAz̤̣eem.

    තමන් අභිමත කරන උදවියට අල්ලාහ් ඔහුගේ දයාව නියම කරන්නේ ය. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යයෙන් යුක්ත ය.

  111. 3:75

    ۞ وَمِنْ أَهْلِ ٱلْكِتَـٰبِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍ يُؤَدِّهِۦٓ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍ لَّا يُؤَدِّهِۦٓ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَآئِمًا ۗ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَيْسَ عَلَيْنَا فِى ٱلْأُمِّيِّـۧنَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

    Wa-min ʹAhlil Kitaabi man ʹiñ taʹmanhu biq̣iñṭaariñy yuʹaddiheee ʹilayk. Wa-minhum man ʹiñ taʹmanhu bideenaril laa yuʹaddiheee ʹilayka illaa maa- dumta ʻalayhi q̣aaaʹimaa. Ẓaalika biʹannahum q̣aaloo laysa ʻalaynaa fil ʹummiyyeena sabeel. Wa-yaq̣ooloona ʻalal laahil Kaẓiba wa-hum yaʻlamoon.

    දහම් ලත් ජනයා අතුරින් ඇතැම්හු නුඹ ඔහුට රන් පොදියක් භාර කළේ නම් එය නුඹට නැවත ලබා දෙති. එමෙන් ම තවත් ඇතැම්හු නුඹ ඔහුට දීනාරයක් භාර කළේ නම්, ඒ කෙරෙහි නුඹ නිරන්තරයෙන් (ඉල්ලා) සිටින තෙක් මිස නුඹ වෙත එය නැවත ලබා නො දෙති. එය, ලිවීමට කියවීමට නො දත් අය අතර අපට විරුද්ධව කිසිදු මඟක් නො මැතැ යි ඔවුන් පැවසූ බැවිනි. තවද ඔවුහු දැනදැන ම අල්ලාහ් ගැන බොරු ප්‍රකාශ කරති.

  112. 3:76

    بَلَىٰ مَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ وَٱتَّقَىٰ فَإِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ

    Balaa man ʹawfaa biʻahdihee wattaq̣aa faʹinnal laaha yuḥibbul Muttaq̣een.

    එසේ නොව කවරෙකු තම ගිවිසුම ඉටු කර බැතිමත් වූයේ ද සැබැවින් ම අල්ලාහ් බැතිමත් අයව ප්‍රිය කරන්නේ ය.

  113. 3:77

    إِنَّ ٱلَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ ٱللَّهِ وَأَيْمَـٰنِهِمْ ثَمَنًا قَلِيلًا أُو۟لَـٰٓئِكَ لَا خَلَـٰقَ لَهُمْ فِى ٱلْـَٔاخِرَةِ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ وَلَا يَنظُرُ إِلَيْهِمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

    ʹInnal laẓeena yashtaroona biʻahdil laahi waʹaymaanihim s̤amanañ q̣aleelan ʹulaaaʹika laa- khalaaq̣a lahum fil ʹAakhirati wa-laa yukalimuhumul laahu wa-laa yañz̤̣ura ʹilayhim Yawmal Q̣iyaamati wa-laa yuzakkeehim: wa-lahum ʻaẓaabun ʹaleem.

    සැබැවින් ම අල්ලාහ්ගේ ගිවිසුම ද ඔවුන්ගේ දිවුරුම් ද සුළු මිලකට විකුණන්නන් වනාහි මතු ලොවෙහි කිසිදු කොටසක් නො ලබනුයේ ඔවුහු ම ය. එමෙන් ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී අල්ලාහ් ඔවුන් සමඟ කතා නො කරයි. ඔවුන් දෙස නො බලයි. තවද ඔවුන්ව පිවිතුරු නො කරයි. ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.

  114. 3:78

    وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُۥنَ أَلْسِنَتَهُم بِٱلْكِتَـٰبِ لِتَحْسَبُوهُ مِنَ ٱلْكِتَـٰبِ وَمَا هُوَ مِنَ ٱلْكِتَـٰبِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ ٱللَّهِ وَمَا هُوَ مِنْ عِندِ ٱللَّهِ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

    Waʹinna minhum lafareeq̣añy yalwoona ʹalsinatahum̃ bil-Kitaabi litaḥsaboohu minal Kitaabi wa-maa huwa minal Kitaab. Wa-yaq̣ooloona huwa miñ ʻiñdil laahi wa-maa huwa min ʻiñdil laah: wa-yaq̣ooloona ʻalal laaheel kaẓiba wa-hum yaʻlamoon.

    තවද නියත වශයෙන් ම ඔවුන් අතරින් තවත් පිරිසක් ද වෙති. ඔවුහු ධර්ම ග්‍රන්ථය දිවවල් හරවමින් කියවති. එය, ධර්ම ග්‍රන්ථයේ දෙයක් බව නුඹලා සිතනු පිණිස ය. එහෙත් එය ධර්ම ග්‍රන්ථයෙන් නො වෙයි. එමෙන් ම එය අල්ලාහ් වෙතින් යැයි පවසති. එහෙත් එය අල්ලාහ් වෙතින් ද නො වෙයි. තවද ඔවුහු දැනුවත්ව ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසති.

  115. 3:79

    مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ ٱللَّهُ ٱلْكِتَـٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا۟ عِبَادًا لِّى مِن دُونِ ٱللَّهِ وَلَـٰكِن كُونُوا۟ رَبَّـٰنِيِّـۧنَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ ٱلْكِتَـٰبَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ

    Maa- kaana libasharin ʹañy yuʹtiyahul laahul Kitaaba wal-Ḥukma wan-Nubuwwata s̤umma yaq̣oola linnaasi koonoo ʻibaadal lee miñ doonil laahi wa-laakiñ koonoo Rabbaaniyyeena bimaa kuñtum tuʻallimoonal Kitaaba wa-bimaa kuñtum tadrusoon.

    කෙනෙකුට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනමා තිබිය දී, ඉන් අනතුරුව අල්ලාහ්ව හැර දමා මට ම දාසයින් වී සිටිනු යැයි ජනයාට පැවසීමට කිසිදු මිනිසෙකුට බලයක් නැත. එහෙත් දේව ග්‍රන්ථය නුඹලා උගන්වමින් සිටින බැවින් ද, නුඹලා ඉගෙන ගනිමින් සිටින බැවින් ද නුඹලා ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් වනු. (යැයි ඔහු පවසනු ඇත)

  116. 3:80

    وَلَا يَأْمُرَكُمْ أَن تَتَّخِذُوا۟ ٱلْمَلَـٰٓئِكَةَ وَٱلنَّبِيِّـۧنَ أَرْبَابًا ۗ أَيَأْمُرُكُم بِٱلْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ

    Wa-laa yaʹmurakum ʻañ tat-takhiẓul malaaaʹikata wan-nabiyyeena ʹarbaabaa. ʹAyaʹmurukum̃ bilkufri baʻda ʹiẓ ʹañtum Muslimoon?

    තවද නුඹලා මලක්වරුන් හා නබිවරුන් දෙවිවරුන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නො කරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්‍රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරනු ඇත් ද?

  117. 3:81

    وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَـٰقَ ٱلنَّبِيِّـۧنَ لَمَآ ءَاتَيْتُكُم مِّن كِتَـٰبٍ وَحِكْمَةٍ ثُمَّ جَآءَكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥ ۚ قَالَ ءَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَىٰ ذَٰلِكُمْ إِصْرِى ۖ قَالُوٓا۟ أَقْرَرْنَا ۚ قَالَ فَٱشْهَدُوا۟ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّـٰهِدِينَ

    Waʹiẓ ʹakhaẓal laahu Mees̤aaq̣an Nabiyyeena lamaaa ʹaataytukum miñ Kitaabiñw wa-Ḥikmatiñ s̤umma jaaaʹakum Rasoolum Muṣaddiq̣ul limaa maʻakum latuʹminunna bihee wala-tañ-ṣuroonah. Q̣aala ʹaʹaq̣rartum waʹakhaẓtum ʹalaa ẓaalikum ʹIṣree? Q̣aalooo ʹaq̣rarnaa. Q̣aala fashhadoo waʹana maʻkum minash Shaahideen.

    තවද අල්ලාහ් නබිවරුන්ගෙන් ප්‍රතිඥා ලබා ගත් අවස්ථාව සිහිපත් කරනු. (ඔවුන් අමතා) මා නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ප්‍රදානය කර ඇත්තෙමි. ඉන් පසුව නුඹලා සමඟ ඇති දහම් කරුණු සත්‍යය කර වන ධර්ම දූතයෙකු පැමිණෙයි. නුඹලා ඔහුව සැබෑ ලෙස විශ්වාස කළ යුතු ය. නුඹලා ඔහුට සැබැවින් ම උදව් කළ යුතු ය. මෙය නුඹලා පිළිගත්තෙහු ද, ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්‍රතිඥාව නුඹලා ගත්තෙහු ද? යනුවෙන් ඔහු (අල්ලාහ්) විමසුවේ ය. අපි "පිළිගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝ ය. එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තවද මම ද නුඹලා සමඟ සාක්ෂි දරන්නන් අතුරින් වෙමි යැයි පැවසුවේ ය.

  118. 3:82

    فَمَن تَوَلَّىٰ بَعْدَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ

    Famañ tawallaa baʻda ẓaalika faʹulaaaʹika humul faasiq̣oon.

    එබැවින් කවරෙකු ඉන් පසුව පිටුපෑවේ ද එවිට පාපතරයෝ වන්නෝ ඔවුහු ම ය.

  119. 3:83

    أَفَغَيْرَ دِينِ ٱللَّهِ يَبْغُونَ وَلَهُۥٓ أَسْلَمَ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ

    ʹAfag̣ayra Deenil laahi yab-g̣oona wa-lahooo ʹaslama mañ fis samaawaati wal-ʹarḍi ṭawʻañw wa karhañw waʹilayhi yurjaʻoon?

    අල්ලාහ්ගේ දහම හැර ඔවුන් සොයන වෙනත් යමක් තිබේ ද? අහස් හා මහපොළොව තුළ ඇති අය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ ඔහුට ම යටහත් වෙති. තවද ඔහු වෙත ම ඔවුහු නැවත යොමු කරනු ලබන්නෝ ය.

  120. 3:84

    قُلْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ عَلَيْنَا وَمَآ أُنزِلَ عَلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَـٰعِيلَ وَإِسْحَـٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَمَآ أُوتِىَ مُوسَىٰ وَعِيسَىٰ وَٱلنَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ

    Q̣ul ʹaamannaa billaahi wa-maa ʹuñzila ʻalaynaa wa-maaa ʹuñẓila ʻalaaa ʹIbraaheema waʹIsmaaʻeela waʹIsḥaaq̣a wa-Yaʻq̣ooba wal-ʹAsbaaṭi wa-maaa ʹootiya Moosaaa waʻEesaa wan-nabiyyoona mir Rabbihim. Laa- nufarriq̣u bayna ʹaḥadim minhum, wa-naḥnu lahoo Muslimoon.

    ‘අපි අල්ලාහ්ව ද, අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා යඃකූබ්ගේ පරපුරට දෙනු ලැබු දෑ ද තම පරමාධිපතිගෙන් මූසා, ඊසා හා නබිවරුන්ට දෙනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතරින් කිසිවෙකු අතර වෙනස්කම් ඇති නො කරමු. තවද අපි ඔහුට අවනත වන්නෝ (මුස්ලිම්වරුන්) වෙමු’ යැයි නුඹ පවසනු.

  121. 3:85

    وَمَن يَبْتَغِ غَيْرَ ٱلْإِسْلَـٰمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِى ٱلْـَٔاخِرَةِ مِنَ ٱلْخَـٰسِرِينَ

    Wa-mañy yabtag̣i g̣ayral ʹIslaami Deenañ falañy yuq̣bala minh; wa-huwa fil ʹAakhirati minal khaasireen.

    කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නො ලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි.

  122. 3:86

    كَيْفَ يَهْدِى ٱللَّهُ قَوْمًا كَفَرُوا۟ بَعْدَ إِيمَـٰنِهِمْ وَشَهِدُوٓا۟ أَنَّ ٱلرَّسُولَ حَقٌّ وَجَآءَهُمُ ٱلْبَيِّنَـٰتُ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ

    Kayfa yahdil laahu q̣awmañ kafaroo baʻda ʹeemaanihim wa-shahidooo ʹannar Rasoola ḥaq̣q̣uñw wajaaaʹahumul Bayyinaat? Wal-laahu laa- yahdil q̣awmaz̤̣ z̤̣aalimeen.

    රසූල්වරයා සත්‍යය යැයි සාක්ෂි දරා ඔහුව ඔවුන් විශ්වාස කොට ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුවත් ප්‍රතික්ෂේප කළ ජනයාව අල්ලාහ් යහ මඟ යොමු කරනුයේ කෙසේ ද? අල්ලාහ් මෙවැනි අපරාධකාර පිරිසට මඟ පෙන්වන්නේ නැත.

  123. 3:87

    أُو۟لَـٰٓئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ ٱللَّهِ وَٱلْمَلَـٰٓئِكَةِ وَٱلنَّاسِ أَجْمَعِينَ

    ʹUlaaʹika jazaaaʹuhum ʹanna ʻalayhim laʻnatal laahi walmalaaaʹikati wannaasi ʹajmaʻeen;

    සැබැවින් ම ඔවුන් වනාහි ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය ප්‍රතිඵල වශයෙන් හිමි වන්නෝ.

  124. 3:88

    خَـٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنظَرُونَ

    Khaalideena feehaa; laa- yukhaffafu ʻanhumul ʻaẓaabu wa-laa hum yuñz̤̣aroon;

    එහි (නිරයේ) ඔවුන් සදාතනිකයින් ය. ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නො ලැබේ. තවද ඔවුනට අවකාශය දෙනු නො ලැබේ.

  125. 3:89

    إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ

    ʹIllal laẓeena taaboo mim baʻdi ẓaalika wa-ʹaṣlaḥoo; faʹinnal laaha G̣afoorur Raḥeem.

    එහෙත් ඉන්පසුව පශ්චාත්තාප වී තමන් නිවැරදි කර ගත් අය හැර. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.

  126. 3:90

    إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بَعْدَ إِيمَـٰنِهِمْ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلضَّآلُّونَ

    ʹInnal laẓeena kafaroo baʻda ʹeemaanihim s̤ummaz daadoo kufral lañ tuq̣bala tawbatuhum; wa-ʹulaaaʹika humuḍ ḍaaalloon.

    නියත වශයෙන් ම තම විශ්වාසයෙන් පසුව ප්‍රතික්ෂේප කොට අනතුරුව ප්‍රතික්ෂේපය අධික වූවන් වනාහි ඔවුන්ගේ පශ්චාත්තාපය පිළිගනු නො ලබන්නේ ම ය. තවද මුළාවූවෝ ඔවුහු ම ය.

  127. 3:91

    إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَمَاتُوا۟ وَهُمْ كُفَّارٌ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ ٱلْأَرْضِ ذَهَبًا وَلَوِ ٱفْتَدَىٰ بِهِۦٓ ۗ أُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ

    ʹInnal laẓeena kafaroo wa-maatoo wa-hum kuffaaruñ falañy yuq̣bala min ʹaḥadihim milʹul ʹarḍi ẓahabañw walawif tadaa bih. ʹUlaaaʹika lahum ʻaẓaabun ʹaleemuñw Wamaa lahum min naaṣireen.

    නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දීම මිය ගියවුන් වනාහි මහපොළොව රනින් පිරී එය වන්දි වශයෙන් ගෙවනු ලැබුව ද ඔවුන් කිසිවෙකුගෙන් එය පිළිගනු නො ලබන්නේ ම ය. ඔවුනට වේදනීය දඬුවම ඇත. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවෙකු ද නොමැත.

  128. 3:92

    لَن تَنَالُوا۟ ٱلْبِرَّ حَتَّىٰ تُنفِقُوا۟ مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌ

    Lañ tanaalul birra ḥattaa tuñfiq̣oo mimmaa tuḥibboon. Wa-maa tuñfiq̣oo miñ shayʹiñ faʹinnal laaha bihee ʻAleem.

    නුඹලා ප්‍රිය කරන දැයින් වියදම් කරන තෙක් නුඹලා යහපත නො ලබන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද ඒ පිළිබඳව නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය.