-
1
حمٓ
Ḥaa-Meeem;
හා මීම්.
-
2
عٓسٓقٓ
ʻAyyyn-Seeen-Q̣aaaf.
අයින් සීන් කාෆ්.
-
3
كَذَٰلِكَ يُوحِىٓ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
Kaẓaalika yooḥeee ʹilayka wa-ʹilal laẓeena miñ q̣ablikal laahul ʻAzeezul Ḥakeem.
මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් නුඹ වෙත හා නුඹට පෙර වූ අය වෙත දේව පණිවිඩ දන්වා සිටිනුයේ එලෙස ය.
-
4
لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ
Lahoo maa- fis samaawaati wa-maa fil ʹarḍ: wa-Huwal ʻAliyyul ʻAz̤̣eem.
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ ඔහු සතු ය. තවද ඔහු අති උත්තරීතර ය; අති ශ්‍රේෂ්ඨ ය.
-
5
تَكَادُ ٱلسَّمَـٰوَٰتُ يَتَفَطَّرْنَ مِن فَوْقِهِنَّ ۚ وَٱلْمَلَـٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَن فِى ٱلْأَرْضِ ۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ
Takaadus samaawaatu yatafaṭṭarna miñ fawq̣ihinna walmalaaaʹikatu yusabbiḥoona bi-Ḥamdi Rabbihim wa-yastag̣firoona limañ fil ʹarḍ: ʹalaaa ʹinnal laaha Huwal G̣afoorur Raḥeem.
අහස්, ඒවාට මතුපිටින් පැළී යන්නට බලයි. තවද මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද මහපොළොවේ සිටින අය වෙනුවෙන් ඔවුහු සමාව අයැද සිටිති. දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු අතික්ෂමාශීලී ය; මහාකරුණාන්විත ය.
-
6
وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ
Wallaẓeenat takhaẓoo miñ dooniheee ʹawliyaaaʹal laahu ḥafeez̤̣un ʻalayhim wa-maaa ʹañta ʻalayhim̃ biwakeel.
තවද ඔහු හැර දමා වෙනත් අය භාරකරුවන් ලෙස ගත් අය වනාහි අල්ලාහ් ඔවුන් කෙරෙහි අවධානයෙන් බලා සිටින්නා ය. තවද නුඹ ඔවුන් වෙත භාරකරුවකු නො වේ.
-
7
وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ قُرْءَانًا عَرَبِيًّا لِّتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ ٱلْجَمْعِ لَا رَيْبَ فِيهِ ۚ فَرِيقٌ فِى ٱلْجَنَّةِ وَفَرِيقٌ فِى ٱلسَّعِيرِ
Wa-kaẓaalika ʹawḥaynaaa ʹilayka Q̣ur-ʹaanan ʻArabiyyal lituñẓira ʹUmmal Q̣uraa wa-man ḥawlahaa wa-tuñẓira Yawmal Jamʻi laa- rayba feeh: fareeq̣uñ fil Jannati wa-fareeq̣uñ fis Saʻeer.
තවද මව් නගරයට හා ඒ අවට සිටින්නන්හට නුඹ අවවාද කරනු පිණිසද එහි කිසිදු සැකයක් නැති එක්රැස් කරන දිනය ගැන නුඹ අවවාද කරනු පිණිස ද අපි නුඹ වෙත අරාබි බසින් වූ පාරායනයක් දන්වා සිටියේ එලෙස ය. (එදින) පිරිසක් ස්වර්ගයෙහි ය. තවත් පිරිසක් ඇවිළෙන (නිරා) ගින්නෙහි ය.
-
8
وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمْ أُمَّةً وَٰحِدَةً وَلَـٰكِن يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ ۚ وَٱلظَّـٰلِمُونَ مَا لَهُم مِّن وَلِىٍّ وَلَا نَصِيرٍ
Wa-law shaaaʹal laahu lajaʻalahum ʹUmmatañw Waaḥidatañw walaakiñy yudkhilu mañy yashaaaʹu fee Raḥmatih; waz̤̣z̤̣aalimoona maa- lahum miñw waliyyiñw walaa naṣeer.
තවද අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එක ම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. එහෙත් ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද, අපරාධකරුවන්හට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව්කරුවෙකු හෝ නැත.
-
9
أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ۖ فَٱللَّهُ هُوَ ٱلْوَلِىُّ وَهُوَ يُحْىِ ٱلْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
ʹAmit takhaẓoo miñ dooniheee ʹawliyaaaʹ? Fallaahu Huwal Waliyyu wa-Huwa yuḥyil mawtaa, wa-Huwa ʻalaa kulli shayʹiñ Q̣adeer.
එසේ නැතහොත් ඔහු හැර දමා සෙසු අය ඔවුහු භාරකරුවන් ලෙස ගත්තෝ ද? අල්ලාහ් වන ඔහු මය භාරකරු, තවද ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
-
10
وَمَا ٱخْتَلَفْتُمْ فِيهِ مِن شَىْءٍ فَحُكْمُهُۥٓ إِلَى ٱللَّهِ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّى عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ
Wa-makh talaftum feehi miñ shayʹiñ faḥukmuhooo ʹilal laah: ẓaalikumul laahu Rabbee ʻalayhi tawakkaltu wa-ʹilayhi ʹuneeb.
නුඹලා එහි කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගත්තේ ද එහි තීන්දුව අල්ලාහ් වෙත ය. එයයි මාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙත ම මම යොමු වෙමි (යැයි නබිවරය! නුඹ පවසනු).
-
11
فَاطِرُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًا وَمِنَ ٱلْأَنْعَـٰمِ أَزْوَٰجًا ۖ يَذْرَؤُكُمْ فِيهِ ۚ لَيْسَ كَمِثْلِهِۦ شَىْءٌ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ
Faaṭirus samaawaati wal-ʹarḍ! Jaʻala lakum min ʹañfusikum ʹazwaajañw Waminal ʹanʻaami ʹazwaajaa: yaẓraʹukum feeh: Laysa kamis̤lihee shayʹ; wa-Huwas sameeʻul Baṣeer.
(ඔහු) අහස් හා මහපොළොවේ නිර්මාපක ය. නුඹලා සඳහා නුඹලා තුළින් ම යුගල ද එමෙන් ම ගොවිපළ සතුන් අතරින් යුගල ද ඔහු ඇති කළේ ය. එහි නුඹලාව ඔහු බිහි කරයි. ඔහු මෙන් කිසිවෙක් නැත. තවද ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.
-
12
لَهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ عَلِيمٌ
Lahoo maq̣aaleedus samaawaati wal-ʹarḍ; Yabsuṭur Rizq̣a limañy yashaaaʹu wa-yaq̣dir: ʹinnahoo bikulli shayʹin ʻAleem.
අහස් හා මහපොළොවේ (පෝෂණ සම්පත් හි) යතුරු ඔහු සතු ය. ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කරයි. තවද ඔහු සීමා ද කරයි. නියත වශයෙන් ම ඔහු සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
-
13
۞ شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًا وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِۦٓ إِبْرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓ ۖ أَنْ أَقِيمُوا۟ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُوا۟ فِيهِ ۚ كَبُرَ عَلَى ٱلْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ ۚ ٱللَّهُ يَجْتَبِىٓ إِلَيْهِ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَن يُنِيبُ
Sharaʻa lakum minad Deeni maa- waṣṣaa bihee Nooḥañw wallaẓeee ʹawḥaynaaa ʹilayka wa-maa waṣṣaynaa biheee ʹIbraaheema wa-Moosaa wa-ʻEesaaa ʹan ʹaq̣eemud Deena wa-laa tatafarraq̣oo feeh: kabura ʻalal mushrikeena maa- tadʻoohum ʹilayh. ʹAllaahu yajtabeee ʹilayhi mañy yashaaaʹu wa-yahdeee ʹilayhi mañy yuneeb.
කවර දෙයක් පිළිබඳව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ද ඔහු දහම්ගත කළේ ය. තවද නුඹ වෙත දන්වා සිටි දෑ ද ඉබ්රාහීම්, මූසා, ඊසාට අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද එය ද වනාහි “නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කරනු, එහි නුඹලා වෙන්ව නො යනු” යනුවෙනි. නුඹ කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි.
-
14
وَمَا تَفَرَّقُوٓا۟ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى لَّقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُوا۟ ٱلْكِتَـٰبَ مِنۢ بَعْدِهِمْ لَفِى شَكٍّ مِّنْهُ مُرِيبٍ
Wa-maa tafarraq̣ooo ʹillaa mim baʻdi maa- jaaaʹahumul ʻilmu bag̣yam baynahum. Wa-lawlaa Kalimatuñ sabaq̣at mir Rabbika ʹilaaa ʹajalim musammal liq̣uḍiya baynahum: wa-ʹinnal laẓeena ʹooris̤ul Kitaaba mim baʻdihim lafee shakkim minhu mureeb.
තවද ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු (දහමෙහි) වෙන්ව නො ගියෝ ය. තවද ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් නියමිත කාලයක් දක්වා පෙරටු නො වූයේ නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද සැබැවින් ම ඔවුන්ගෙන් පසුව ධර්ම ග්‍රන්ථය උරුම කර දෙනු ලැබූ අය ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරන සැකයෙහි සිටිති.
-
15
فَلِذَٰلِكَ فَٱدْعُ ۖ وَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ ۖ وَقُلْ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَـٰبٍ ۖ وَأُمِرْتُ لِأَعْدِلَ بَيْنَكُمُ ۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمْ ۖ لَنَآ أَعْمَـٰلُنَا وَلَكُمْ أَعْمَـٰلُكُمْ ۖ لَا حُجَّةَ بَيْنَنَا وَبَيْنَكُمُ ۖ ٱللَّهُ يَجْمَعُ بَيْنَنَا ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ
Faliẓaalika fadʻu wastaq̣im kamaaa ʹumirt. Wa-laa tattabiʻ ʹahwaaaʹahum; wa-q̣ul ʹaamañtu bimaaa ʹañzala laahu miñ Kitaab; wa-ʹumirtu liʹaʻdila baynakum. ʹAllaahu Rabbunaa wa-Rabbukum. Lanaaa ʹaʻmaalunaa wa-lakum ʹaʻmaalukum. Laa- ḥujjata baynanaa wa-baynakum. ʹAllaahu yajmaʻu baynanaa, wa-ʹilayhil maṣeer.
එහෙයින් (නබිවරය!) නුඹ ඇරයුම් කරනු. තවද නුඹ අණ කරනු ලැබූ සේම ස්ථාවරව සිටිනු. ඔවුන්ගේ ආශාවන් ඔබ අනුගමනය නො කරනු. තවද නුඹ මෙසේ පවසනු “ධර්ම ග්‍රන්ථයෙන් අල්ලාහ් පහළ කළ දෑ පිළිබඳව මම විශ්වාස කළෙමි. තවද නුඹලා අතර යුක්තිගරුකව කටයුතු කිරීමට මම අණ කරනු ලැබුවෙමි. අල්ලාහ් අපගේ පරමාධිපති ය. තවද නුඹලාගේද පරමාධිපති ය. අපට අපගේ ක්‍රියාවන්. තවද නුඹලාට නුඹලාගේ ක්‍රියාවන්. මෙහි අප අතර හා නුඹලා අතර කිසිදු තර්කයක් නැත. අල්ලාහ් අප එක්රැස් කරයි. තවද නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙත ම ය.”
-
16
وَٱلَّذِينَ يُحَآجُّونَ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ٱسْتُجِيبَ لَهُۥ حُجَّتُهُمْ دَاحِضَةٌ عِندَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌ وَلَهُمْ عَذَابٌ شَدِيدٌ
Wallaẓeena yuḥaaajjoona fil laahi mim baʻdi mas tujeeba lahoo ḥujjatuhum daaḥiḍatun ʻiñda Rabbihim wa-ʻalayhim g̣aḍabuñw walahum ʻAẓaabuñ shadeed.
තවද ඔහුට පිළිතුරු දෙනු ලැබුවායින් පසු අල්ලාහ් විෂයයෙහි වාද කරන්නන් වනාහි ඔවුන්ගේ වාදය ඔවුන්ගේ පරමාධිපති අබියස නිෂ්ඵල ය. තවද ඔවුන් වෙත කෝපය ඇත. තවද ඔවුනට දැඩි දඬුවමක් ද ඇත.
-
17
ٱللَّهُ ٱلَّذِىٓ أَنزَلَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ وَٱلْمِيزَانَ ۗ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٌ
ʹAllaahul laẓeee ʹañzalal Kitaaba bilḥaq̣q̣i wal-Meezaan. Wa-maa yudreeka laʻallas Saaʻata q̣areeb?
සත්‍යයෙන් යුතුව ධර්ම ග්‍රන්ථය හා (ෂරීආව නම්) තුලාව පහළ කළේ අල්ලාහ් ය. අවසන් හෝරාව සමීපයෙන් විය හැකි යැයි නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?
-
18
يَسْتَعْجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِهَا ۖ وَٱلَّذِينَ ءَامَنُوا۟ مُشْفِقُونَ مِنْهَا وَيَعْلَمُونَ أَنَّهَا ٱلْحَقُّ ۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِى ٱلسَّاعَةِ لَفِى ضَلَـٰلٍۭ بَعِيدٍ
Yastaʻjilu bihal laẓeena laa- yuʹminoona bihaa: wallaẓeena ʹaamanoo mushfiq̣oona minhaa wa-yaʻlamoona ʹannahal Ḥaq̣q̣. ʹAlaaa ʹinnal laẓeena yumaaroona fis Saaʻati lafee ḍalaalim baʻeed.
ඒ (අවසන් හෝරාව) පිළිබඳ විශ්වාස නො කරන්නෝ එය ඉක්මණින් පතති. තවද විශ්වාස කරන්නෝ ඒ ගැන බිය වන්නෝ වෙති. නියත වශයෙන් ම එය සැබෑවක් යැයි ඔවුහු දනිති. දැන ගනු! නියත වශයෙන් ම අවසන් හෝරාව පිළිබඳ තර්ක කරන්නෝ අන්ත මුළාවෙහි ය.
-
19
ٱللَّهُ لَطِيفٌۢ بِعِبَادِهِۦ يَرْزُقُ مَن يَشَآءُ ۖ وَهُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ
ʹAllaahu Laṭeefum biʻibaadihee yarzuq̣u mañy yashaaaʹ: wa-Huwal Q̣awiyyul ʻAzeez.
අල්ලාහ් තම ගැත්තන්හට මෛත්‍රි ය. ඔහු අභිමත කරන අයට පෝෂණය පිරිනමයි. තවද ඔහු සර්ව ශක්තිය ඇති සර්ව බලධාරියාණන් ය.
-
20
مَن كَانَ يُرِيدُ حَرْثَ ٱلْـَٔاخِرَةِ نَزِدْ لَهُۥ فِى حَرْثِهِۦ ۖ وَمَن كَانَ يُرِيدُ حَرْثَ ٱلدُّنْيَا نُؤْتِهِۦ مِنْهَا وَمَا لَهُۥ فِى ٱلْـَٔاخِرَةِ مِن نَّصِيبٍ
Mañ kaana yureedu ḥars̤al ʹAakhirati nazid lahoo fee ḥars̤ih; wa-mañ kaana yureedu ḥars̤ad dunyaa nuʹtihee minhaa wa-maa lahoo fil ʹAakhirati min naṣeeb.
කවරෙකු මතු ලොවෙහි ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුගේ ඵලදාවෙහි වර්ධනය ඇති කරමු. තවද කවරෙකු මෙලොව ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුට එයින් පිරිනමන්නෙමු. එහෙත් මතු ලොවෙහි ඔහුට කිසිදු කොටසක් නැත.
-
21
أَمْ لَهُمْ شُرَكَـٰٓؤُا۟ شَرَعُوا۟ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمْ يَأْذَنۢ بِهِ ٱللَّهُ ۚ وَلَوْلَا كَلِمَةُ ٱلْفَصْلِ لَقُضِىَ بَيْنَهُمْ ۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
ʹAm lahum shurakaaaʹu sharaʻoo lahum minad Deeni maa- lam yaʹẓam bihil laah? Wa-lawlaa Kalimatul Faṣli laq̣uḍiya baynahum. Wa-ʹinnaz̤̣ z̤̣aalimeena lahum ʻAẓaabun ʹaleem.
අල්ලාහ් කවර දෙයක් සම්බන්ධයෙන් අනුමැතිය නො දුන්නේ ද එවන් දෙයක් ඔවුන් සඳහා දහම්ගත කළ හවුල්කරුවෝ ඔවුනට වෙත් ද? තවද පැහැදිලි ප්‍රකාශය නො වී නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන් ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
-
22
تَرَى ٱلظَّـٰلِمِينَ مُشْفِقِينَ مِمَّا كَسَبُوا۟ وَهُوَ وَاقِعٌۢ بِهِمْ ۗ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فِى رَوْضَاتِ ٱلْجَنَّاتِ ۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَضْلُ ٱلْكَبِيرُ
Taraz̤̣ z̤̣aalimeena mushfiq̣eena mimmaa kasaboo wa-huwa waaq̣iʻum bihim. Wallaẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati fee rawḍaatil Jannaat: lahum maa yashaaaʹoona ʻiñda Rabbihim. Ẓaalika huwal Faḍlul Kabeer.
අපරාධකරුවන් තමන් ඉපැයූ දෑ පිළිබඳ බියෙන් පසුවන්නන් ලෙස ඔබ දකින්නෙහි ය. තවද එය ඔවුනට සිදු වන්නකි. තවද දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් ස්වර්ග උයන්වල ය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් අභිමත කරන දෑ ඔවුනට ඇත. එයයි අතිමහත් භාග්‍ය ය.
-
23
ذَٰلِكَ ٱلَّذِى يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ۗ قُل لَّآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا ٱلْمَوَدَّةَ فِى ٱلْقُرْبَىٰ ۗ وَمَن يَقْتَرِفْ حَسَنَةً نَّزِدْ لَهُۥ فِيهَا حُسْنًا ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ شَكُورٌ
Ẓaalikal laẓee yubashshirul laahu ʻIbaadahul laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaat. Q̣ul laaa ʹasʹalukum ʻalayhi ʹajran ʹillal mawaddata fil q̣urbaa. Wa-mañy yaq̣tarif ḥasanatan nazid lahoo feehaa ḥusnaa: ʹinnal laaha G̣afooruñ Shakoor.
එය දේවත්වය විශ්වාස කොට යහකම් කළ තම ගැත්තන්හට අල්ලාහ් ශුභාරංචි දන්වා සිටින දෑ ය. “සමීප ඥාතීත්වය තුළ ඇති වන ආදරය මිස වෙනත් කිසිදු කුලියක් ඒ වෙනුවෙන් මම නො ඉල්ලමි” යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද කවරෙකු යහපතක් උපයන්නේ ද අපි ඔහුට එහි යහකම වර්ධනය කරමු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; ගුණගරුක ය.
-
24
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا ۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخْتِمْ عَلَىٰ قَلْبِكَ ۗ وَيَمْحُ ٱللَّهُ ٱلْبَـٰطِلَ وَيُحِقُّ ٱلْحَقَّ بِكَلِمَـٰتِهِۦٓ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
ʹAm yaq̣ooloonaf taraa ʻalal laahi kaẓibaa? Faʹiñy yasha ʹillaahu yakhtim ʻalaa q̣albik. Wa-yamḥul laahul Baaṭila wa-yuḥiq̣q̣ul Ḥaq̣q̣a bi-Kalimaatih. ʹInnahoo ʻAleemum biẓaatiṣ ṣudoor.
එසේ නැතහොත් “ඔහු (නබිවරයා) අල්ලාහ් වෙත බොරුවක් ගෙතුවේ යැ”යි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය!) අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔබේ හදවත මත ඔහු මුද්‍රා තබයි. තවද අල්ලාහ් අසත්‍යය මකා දමයි. තවද ඔහුගේ වදන් තුළින් සත්‍යය තහවුරු කරයි. නියත වශයෙන් ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය.
-
25
وَهُوَ ٱلَّذِى يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَعْفُوا۟ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ
Wa-Huwal laẓee yaq̣balut Tawbata ʻan ʻIbaadihee wa-yaʻfoo ʻanis sayyiʹaati wayaʻlamu maa- tafʻaloon.
තවද ඔහු තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නා ය. තවද ඔහු පාපකම්වලට සමාව දෙයි. තවද නුඹලා සිදු කරන දෑ ඔහු දනී.
-
26
وَيَسْتَجِيبُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَيَزِيدُهُم مِّن فَضْلِهِۦ ۚ وَٱلْكَـٰفِرُونَ لَهُمْ عَذَابٌ شَدِيدٌ
Wa-yastajeebul laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati wa-yazeeduhum miñ faḍlih: wal-kaafiroona lahum ʻAẓaabuñ shadeed.
විශ්වාස කොට යහකම් සිදු කළවුන්ට ඔහු පිළිතුරු දෙයි. තවද ඔහුගේ භාග්‍ය ඔහු ඔවුනට අධික කරයි. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත.
-
27
۞ وَلَوْ بَسَطَ ٱللَّهُ ٱلرِّزْقَ لِعِبَادِهِۦ لَبَغَوْا۟ فِى ٱلْأَرْضِ وَلَـٰكِن يُنَزِّلُ بِقَدَرٍ مَّا يَشَآءُ ۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرٌۢ بَصِيرٌ
Wa-law basaṭal laahur Rizq̣a liʻIbaadihee labag̣aw fil ʹarḍi walaakiñy yunazzilu biq̣adarim maa yashaaaʹ. ʹInnahoo biʻIbaadihee Khabeerum Baṣeer.
තවද අල්ලාහ් තම ගැත්තන්හට පෝෂණ සම්පත් විස්තීරණ කළේ නම් මහපොළොවෙහි ඔවුහු සීමාව ඉක්මවා යනු ඇත. එහෙත් ඔහු අභිමත කරන ප්‍රමාණයක් පහළ කරයි. නියත වශයෙන් ම ඔහු තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්ත ය; සර්ව නිරීක්ෂක ය.
-
28
وَهُوَ ٱلَّذِى يُنَزِّلُ ٱلْغَيْثَ مِنۢ بَعْدِ مَا قَنَطُوا۟ وَيَنشُرُ رَحْمَتَهُۥ ۚ وَهُوَ ٱلْوَلِىُّ ٱلْحَمِيدُ
Wa-Huwal laẓee yunazzilul g̣ays̤a mim baʻdi maa- q̣anaṭoo wa-yañshuru Raḥmatah. Wa-Huwal Waliyyul Ḥameed.
තවද ඔවුන් (මිනිසුන්) බලාපොරොත්තු සුන් කර ගත් පසු වර්ෂාව පහළ කරනුයේ ඔහු ය. තවද ඔහුගේ කරුණාව ඔහු ව්‍යාප්ත කරයි. තවද ප්‍රශංසාලාභී භාරකරු ඔහු ම ය.
-
29
وَمِنْ ءَايَـٰتِهِۦ خَلْقُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٍ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَآءُ قَدِيرٌ
Wa-min ʹAayaatihee khalq̣us samaawaati wal-ʹarḍi wa-maa bas̤s̤a feehimaa miñ daaabbah: wa-Huwa ʻalaa jamʻihim ʹiẓaa yashaaaʹu Q̣adeer.
අහස් හා මහපොළොව මැවීමත් ඒ දෙකෙහි ජීවීන් විසිරුවා හැර තිබීමත් ඔහුගේ සංඥා අතරිනි. තවද ඔහු අභිමත කරන විට ඔවුන් රැස් කිරීමට ශක්තිය ඇත්තා ය.
-
30
وَمَآ أَصَـٰبَكُم مِّن مُّصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُوا۟ عَن كَثِيرٍ
Wa-maaa ʹaṣaabakum mim muṣeebatiñ fabimaa kasabat ʹaydeekum wa-yaʻfoo ʻañ kas̤eer.
තවද යම් දුර්භාග්‍යයක් නුඹලාට ඇති වූයේ ද එය නුඹලාගේ අත් ඉපැයූ දෑ හේතුවෙනි. තවද ඔහු (පාපකම් අතරින්) බොහෝ දෑට සමාව දෙයි.
-
31
وَمَآ أَنتُم بِمُعْجِزِينَ فِى ٱلْأَرْضِ ۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ
Wa-maaa ʹañtum̃ bimuʻjizeena fil ʹarḍi lakum wa-maa miñ doonil laahi miñw waliyyiñw naṣeer. wa-laa
තවද නුඹලා මහපොළොවේ (අල්ලාහ්ව) පරාජයට පත් කරන්නන් නො වේ. තවද අල්ලාහ්ගෙන් තොරව නුඹලාට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව් කරුවෙකු හෝ නැත.
-
32
وَمِنْ ءَايَـٰتِهِ ٱلْجَوَارِ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ
Wa-min ʹAayaatihil jawaari fil baḥri kal-ʹaʻlaam.
තවද මහා කඳු මෙන් මුහුදෙහි ගමන් කරන යාත්‍රා ද ඔහුගේ සංඥා අතරිනි.
-
33
إِن يَشَأْ يُسْكِنِ ٱلرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَىٰ ظَهْرِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ
ʹIñy yashaʹ yuskinir reeḥa fayaz̤̣lalna rawaakida ʻalaa z̤̣ahrih. ʹInna fee ẓaalika laʹAayaatil likulli ṣabbariñ shakoor.
ඔහු අභිමත කරන්නේ නම් සුළඟ නවතාලයි. එවිට ඒ (මුහුද) මතු පිට ඒවා නිසංසල බවට පත් වනු ඇත. නියත වශයෙන් ම අධික ලෙස ගුණගරුක මහත් සේ ඉවසිලිවන්ත සියල්ලන්හට එහි සංඥා ඇත.
-
34
أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُوا۟ وَيَعْفُ عَن كَثِيرٍ
ʹAw yoobiq̣hunna bimaa kasaboo wa-yaʻfu ʻañ kas̤eer.
එසේ නැතහොත් ඔවුන් (පාපතරයින්) උපයා ගත් දෑ හේතුවෙන් ඔහු ඒවා විනාශ කර දමනු ඇත. තවද ඔහු (පාපකම් අතරින්) බොහෝ දෑට සමාව දෙයි.
-
35
وَيَعْلَمَ ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٍ
Wa-yaʻlamal laẓeena yujaadiloona feee Aayaatinaa, maa-ʹ lahum mim maḥeeṣ.
තවද අපගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ගැන ඔහු දනී. ඔවුනට පලායන කිසිදු ස්ථානයක් නැත.
-
36
فَمَآ أُوتِيتُم مِّن شَىْءٍ فَمَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌ وَأَبْقَىٰ لِلَّذِينَ ءَامَنُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
Famaaa ʹooteetum miñ shayʹiñ famataaʻul ḥayaatid dunyaa: wa-maa ʻiñdal laahi khayruñw waʹabq̣aa lillaẓeena ʹaamanoo wa-ʻalaa Rabbihim yatawakkaloon;
එහෙයින් නුඹලාට යමක් දෙනු ලැබුවේ නම් එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමකි. එහෙත් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරන අයට අල්ලාහ් අබියස ඇති දෑ ශ්‍රේෂ්ඨ ය. තවද එය සදා පවතින්නකි.
-
37
وَٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُوا۟ هُمْ يَغْفِرُونَ
Wallaẓeena yajtaniboona kabaaaʹiral ʹis̤mi wal-fawaaḥisha waʹiẓaa maa- g̣aḍiboo hum yag̣firoon;
තවද ඔවුන් වනාහි බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකි සිටින්නන් වෙති. තවද කෝප වූ විට සමාව දෙන්නෝ ඔවුහු ම ය.
-
38
وَٱلَّذِينَ ٱسْتَجَابُوا۟ لِرَبِّهِمْ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ
Wallaẓeenas tajaaboo li-Rabbihim wa-ʹaq̣aamuṣ Ṣalaah; wa-ʹamruhum SHOORAA baynahum; wa-mimmaa razaq̣naahum yuñfiq̣oon;
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට පිළිතුරු දුන් අය වෙති. තවද සලාතය විධිමත්ව ඉටු කළ අය වෙති. තවද ඔවුන්ගේ කරුණු ඔවුන් අතර සාකච්ඡා මත පවතී. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
-
39
وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلْبَغْىُ هُمْ يَنتَصِرُونَ
Wallaẓeena ʹiẓaaa ʹaṣaabahumul bag̣yu hum yañtaṣiroon.
තවද ඔවුන් වනාහි ඔවුනට අසාධාරණයක් සිදු වූ විට ඔවුහු උදව් ලබන්නෝ වෙති.
-
40
وَجَزَٰٓؤُا۟ سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُۥ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ
Wa-jazaaaʹu sayyiʹatiñ sayyiʹatum mis̤luhaa: faman ʻafaa wa-ʹaṣlaḥa faʹajruhoo ʻalal laah: ʹinnahoo laa- yuḥibbuz̤̣ z̤̣aalimeen.
තවද නපුරට ප්‍රතිවිපාකය ඒ හා සමාන නපුරකි. එහෙයින් කවරෙකු සමාව දී සමාදානව කටයුතු කළේ ද එවිට ඔහුගේ ප්‍රතිඵලය අල්ලාහ් මත ය. නියත වශයෙන් ම ඔහු අපරාධකරුවන් ප්‍රිය නො කරයි.
-
41
وَلَمَنِ ٱنتَصَرَ بَعْدَ ظُلْمِهِۦ فَأُو۟لَـٰٓئِكَ مَا عَلَيْهِم مِّن سَبِيلٍ
Wa-lamaniñ taṣara baʻda z̤̣ulmihee faʹulaaaʹika maa- ʻalayhim miñ sabeel.
තවද කවරෙකු තමාට සිදු වූ අපරාධයෙන් පසුව උදව් ලැබුවේ ද එවිට ඔවුනට එරෙහිව කිසිදු මාර්ගයක් නැත්තෝ ඔවුහු ම ය.
-
42
إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظْلِمُونَ ٱلنَّاسَ وَيَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ ۚ أُو۟لَـٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
ʹInnamas sabeelu ʻalal laẓeena yaz̤̣limoonan naasa wa-yabg̣oona fil ʹarḍi big̣ayril ḥaq̣q̣: ʹulaaaʹika lahum ʻAẓaabun ʹaleem.
නියත වශයෙන් ම ක්‍රියාමාර්ගය (ගත යුතුව) ඇත්තේ ජනයාට අපරාධ කරමින් යුක්තියෙන් තොරව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ට එරෙහිව පමණ ය. වේදනීය දඬුවමක් ඇත්තෝ ඔවුහු ම ය.
-
43
وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ ٱلْأُمُورِ
Wa-lamañ ṣabara wa-g̣afara ʹinna ẓaalika lamin ʻazmil ʹumoor.
තවද කවරෙකු ඉවසා සමාව දුන්නේ ද නියත වශයෙන් ම එය ස්ථාවර කටයුතු අතරිනි.
-
44
وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِىٍّ مِّنۢ بَعْدِهِۦ ۗ وَتَرَى ٱلظَّـٰلِمِينَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ يَقُولُونَ هَلْ إِلَىٰ مَرَدٍّ مِّن سَبِيلٍ
Wa-mañy yuḍli lillaahu famaa lahoo miñw waliyyim mim baʻdih. Wa-taraz̤̣ z̤̣aalimeena lammaa raʹawul ʻaẓaaba yaq̣ooloona hal ʹilaa maraddim miñ sabeel?
තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට (අල්ලාහ් වන) ඔහුගෙන් පසුව කිසිදු භාරකරුවකු ඔහුට නැත. තවද අපරාධකරුවන් දඬුවම දුටු කල්හි ‘මිදීමට මගක් ඇත් දැ?’යි විමසා සිටිනු නුඹ දකිනු ඇත.
-
45
وَتَرَىٰهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَـٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرْفٍ خَفِىٍّ ۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ ٱلْخَـٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ أَلَآ إِنَّ ٱلظَّـٰلِمِينَ فِى عَذَابٍ مُّقِيمٍ
Wa-taraahum yaʻraḍoona ʻalayhaa khaashiʻeena minaẓ ẓulli yañz̤̣uroona miñ ṭarfin khafiyy. Wa-q̣aalal laẓeena ʹaamanooo ʹinnal khaasireenal laẓeena khasirooo ʹañfusahum wa-ʹahleehim Yawmal Q̣iyaamah. ʹAlaaa ʹinnaz̤̣ z̤̣aalimeena fee ʻAẓaabim muq̣eem!
තවද ඒ වෙත ඔවුන් ඉදිරිපත් කරනු ලබන විට, අවමානයෙන් යුතුව හොර ඇසින් බලමින් ඔවුන් බියෙන් සිටිනු නුඹ දකිනු ඇත. “නියත වශයෙන් ම අලාභවන්තයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් හා තම පවුලට අලාභහානි කර ගත්තවුන්ය” යැයි විශ්වාස කළවුන් පවසා සිටියෝ ය. දැන ගනු! නියත වශයෙන් ම අපරාධකරුවන් ස්ථීර දඬුවමෙහි වෙති.
-
46
وَمَا كَانَ لَهُم مِّنْ أَوْلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ
Wa-maa kaana lahum min ʹawliyaaaʹa yañṣuroonahum miñ doonil laah. Wa-mañy yuḍlilil laahu famaa lahoo miñ sabeel.
තවද අල්ලාහ්ගෙන් තොරව ඔවුනට උදව් කරන ආරක්ෂකයින් කිසිවෙකු ඔවුනට නොමැත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට කිසිදු මගක් ඔහුට නැත.
-
47
ٱسْتَجِيبُوا۟ لِرَبِّكُم مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ ۚ مَا لَكُم مِّن مَّلْجَإٍ يَوْمَئِذٍ وَمَا لَكُم مِّن نَّكِيرٍ
ʹIstajeeboo li-Rabbikum miñ q̣abli ʹañy yaʹtiya Yawmul laa maradda lahoo min allaah. maa- lakum mim maljaʹiñy Yawmaʹiẓiñw Wa-Maa lakum min nakeer.
අල්ලාහ් වෙතින් එයට නැවත හැරීමක් නැති දිනයක් පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිපතිට නුඹලා ප්‍රතිචාර දක්වනු. එදින කිසිදු සරණාගත ස්ථානයක් නුඹලාට නැත. තවද හෙළා දැකීමක් ද නැත.
-
48
فَإِنْ أَعْرَضُوا۟ فَمَآ أَرْسَلْنَـٰكَ عَلَيْهِمْ حَفِيظًا ۖ إِنْ عَلَيْكَ إِلَّا ٱلْبَلَـٰغُ ۗ وَإِنَّآ إِذَآ أَذَقْنَا ٱلْإِنسَـٰنَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ ٱلْإِنسَـٰنَ كَفُورٌ
Faʹin ʹaʻraḍoo famaaa ʹarsalnaaka ʻalayhim ḥafeez̤̣aa. ʹIn ʻalayka ʹillal balaag̣. Wa-ʹinnaaa ʹiẓaaa ʹaẓaq̣nal ʹiñsaana minnaa Raḥmatañ fariḥa bihaa: wa-ʹiñ tuṣibhum sayyiʹatum bimaa q̣addamat ʹaydeehim faʹinnal ʹiñsaana kafoor!
එහෙයින් ඔවුන් පිටුපෑවේ නම් එවිට (දැන ගනු!) ඔවුනට ආරක්ෂකයකු ලෙස අපි නුඹව යැව්වේ නැත. දන්වා සිටීම හැර වෙනෙකක් නුඹ වෙත පැවරී නැත. තවද නියත වශයෙන් ම අපි මිනිසාට අපගෙන් වූ ආශිර්වාදයක් භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ඒ පිළිබඳ සතුටු විය. එහෙත් ඔවුනට ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඇති වන්නේ නම් එවිට නියත වශයෙන් ම මිනිසා මහත් සේ ගුණමකු ය.
-
49
لِّلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ يَخْلُقُ مَا يَشَآءُ ۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَـٰثًا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ
Lillaahi mulkus samaawaati wal-ʹarḍ. Yakhluq̣u maa- yashaaaʹ. Yahabu limañy yashaaaʹu ʹinaas̤añw wa-yahabu limañy yashaaaʹuẓ ẓukoor,
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. ඔහු අභිමත කරන දෑ මවනු ඇත. තවද ඔහු අභිමත කරන අයට ගැහැනු දරුවන් පිරිනමනු ඇත. තවද ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් පිරිනමනු ඇත.
-
50
أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَإِنَـٰثًا ۖ وَيَجْعَلُ مَن يَشَآءُ عَقِيمًا ۚ إِنَّهُۥ عَلِيمٌ قَدِيرٌ
ʹAw yuzawwijuhum ẓukraanañw waʹinaas̤aa; wa-yajʻalu mañy yashaaaʹu ʻaq̣eemaa: ʹinnahoo ʻAleemuñ Q̣adeer.
එසේ නැතහොත් ඔවුනට පිරිමි හා ගැහැනු දරුවන් වශයෙන් යුගල ලෙස පිරිනමයි. තවද ඔහු අභිමත කරන අය වඳ බවට පත් කරයි. නියත වශයෙන් ම ඔහු සර්ව ඥානී ය; සර්ව ශක්තිය ඇත්තා ය.
-
51
۞ وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحْيًا أَوْ مِن وَرَآئِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِىَ بِإِذْنِهِۦ مَا يَشَآءُ ۚ إِنَّهُۥ عَلِىٌّ حَكِيمٌ
Wa-maa kaana libasharin ʹañy yukallimahul laahu ʹillaa Waḥyan ʹaw miñw waraaaʹi ḥijaabin ʹaw yursila rasoolañ fayooḥiya biʹiẓnihee maa- yashaaaʹ: ʹinnahoo ʻAliyyun Ḥakeem.
තවද දිව්‍යමය හෙළිදරව්වක් වශයෙන් හෝ තිරයක් පිටුපසින් සිට හෝ එසේ නැතහොත් දූතයකු යවා තමන් අභිමත කරන දෑ තම නියෝගයෙන් ඔහු දන්වා සිටීමෙන් මිස හෝ අල්ලාහ් තමන් සමඟ කතා කරන්නට කිසිදු මිනිසෙකුට නො වීය. නියත වශයෙන් ම අල්ලාහ් උත්තරීතර ය; මහා ප්‍රඥාවන්ත ය.
-
52
وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ رُوحًا مِّنْ أَمْرِنَا ۚ مَا كُنتَ تَدْرِى مَا ٱلْكِتَـٰبُ وَلَا ٱلْإِيمَـٰنُ وَلَـٰكِن جَعَلْنَـٰهُ نُورًا نَّهْدِى بِهِۦ مَن نَّشَآءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِىٓ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Wa-kaẓaalika ʹawḥaynaaa ʹilayka Rooḥam min ʹamrinaa: maa- kuñta tadree mal kitaabu wa-lal ʹeemaanu wa-laakiñ jaʻalnaahu Nooran nahdee bihee man nashaaaʹu min ʻIbaadinaa: wa-ʹinnaka latahdeee ʹilaa Ṣiraaṭim Mustaq̣eem,―
තවද එලෙස අපි අපගේ නියෝගයෙන් වූ ජීවමානයක් ලෙස නුඹ වෙත අපි දිව්‍යමය හෙළිදරව්ව එව්වෙමු. ධර්ම ග්‍රන්ථය කුමක් ද? යන්න හෝ දේව විශ්වාසය කුමක් ද? යන්න ගැන ඔබ දැන සිටියේ නැත. එහෙත් අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන අයට එමඟින් අපි මග පෙන්වන ආලෝකයක් බවට අපි එය ඇති කළෙමු. තවද නියත වශයෙන් ම ඔබ ඍජු මාර්ගය වෙත මග පෙන්වන් වනු ඇත.
-
53
صِرَٰطِ ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلْأُمُورُ
Ṣiraaṭil laahil laẓee lahoo maa- fis samaawaati wa-maa fil ʹarḍ; ʹAlaaa ʹilal laahi taṣeerul ʹumoor.
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ තමන් සතු වූ අල්ලාහ්ගේ මාර්ගය වෙත. (නබිවරය!) දැන ගනු! සියලු කරුණු යොමු වනුයේ අල්ලාහ් වෙත ය.