-
1
إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِينًا
ʹInnaa fataḥnaa laka Fatḥam Mubeenaa,
(අහෝ නබිවරය!) නියත වශයෙන් ම අපි නුඹට ප්‍රකට ජයක් ලබා දුනිමු.
-
2
لِّيَغْفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَٰطًا مُّسْتَقِيمًا
Liyag̣fira lakal laahu maa- taq̣addama miñ ẓambika wa-maa taʹakhkhara wa-yutimma niʻmatahoo ʻalayka wa-yahdiyaka Ṣiraaṭam Mustaq̣eemaa,
නුඹේ පාපයෙන් පෙර සිදු වූ දෑ හා පසු සිදු වූ දෑ සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය නුඹ වෙත සම්පූර්ණ කරනු පිණිසත් ඍජු මාර්ගය වෙත නුඹට ඔහු මග පෙන්වනු පිණිසත් ය.
-
3
وَيَنصُرَكَ ٱللَّهُ نَصْرًا عَزِيزًا
Wa-yañṣurakal laahu Naṣran ʻAzeezaa.
තවද අතිමහත් උපකාරයකින් අල්ලාහ් නුඹට උදව් කරනු පිණිසත් ය.
-
4
هُوَ ٱلَّذِىٓ أَنزَلَ ٱلسَّكِينَةَ فِى قُلُوبِ ٱلْمُؤْمِنِينَ لِيَزْدَادُوٓا۟ إِيمَـٰنًا مَّعَ إِيمَـٰنِهِمْ ۗ وَلِلَّهِ جُنُودُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا
Huwal laẓee ʹañzalas Sakeenata fee q̣uloobil Muʹmineena liyazdaadooo ʹeemaanam maʻa ʹeemaanihim: wa-lillaahi Junoodus samaawaati wal-ʹarḍ; wa-kaanal laahu ʻAleeman Ḥakeemaa,
දේවත්වය විශ්වාස කරන්නන්ගේ සිත් තුළට ඔවුන්ගේ විශ්වාසය සමඟ ම විශ්වාසය වැඩි කර ගනු පිණිස ශාන්තභාවය පහළ කළේ ඔහු ය. අහස්හි හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
-
5
لِّيُدْخِلَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ ۚ وَكَانَ ذَٰلِكَ عِندَ ٱللَّهِ فَوْزًا عَظِيمًا
Liyudkhilal Muʹmineena wal-Muʹminaati Jannaatiñ tajree miñ taḥtihal ʹanhaaru khaalideena feehaa wa-yukaffira ʻanhum sayyiʹaatihim;― wakaana ẓaalika ʻiñdal laahi fawzan ʻaz̤̣eemaa,―
තවද ඔහු දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඇතුළත් කරනු පිණිසත් ය. ඔවුන් එහි සදාතනිකයින් ය. තවද ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු කමා කරනු පිණිසත් ය. එය අල්ලාහ් අබියස අතිමහත් ජයග්‍රහණයයි.
-
6
وَيُعَذِّبَ ٱلْمُنَـٰفِقِينَ وَٱلْمُنَـٰفِقَـٰتِ وَٱلْمُشْرِكِينَ وَٱلْمُشْرِكَـٰتِ ٱلظَّآنِّينَ بِٱللَّهِ ظَنَّ ٱلسَّوْءِ ۚ عَلَيْهِمْ دَآئِرَةُ ٱلسَّوْءِ ۖ وَغَضِبَ ٱللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ ۖ وَسَآءَتْ مَصِيرًا
Wa-yuʻaẓẓibal Munaafiq̣eena wal-Munaafiq̣aati wal-Mushrikeena wal-Mushrikaatiz̤̣ z̤̣aaanneena billaahi z̤̣annas sawʹ. ʻAlayhim daaaʹiratus sawʹ: wa-g̣aḍibal laahu ʻalayhim wa-laʻanahum wa-ʹaʻadda lahum Jahannam; wa-saaaʹat maṣeeraa.
තවද අල්ලාහ් පිළිබඳ නරක සිතුවිලි ඇති කර ගත් කුහක පිරිමීන් හා කුහක කාන්තාවන්ටත් දෙවියන්ට ආදේශ තබන්නන් හා ආදේශ තබන්නියන්ටත් ඔහු දඬුවම් කිරීම පිණිසත් ය. ඔවුන් වෙත නපුර වෙළා ගනු ඇත. අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝප විය. තවද ඔවුනට ඔහු ශාප කළේ ය. තවද ඔවුනට නිරය සූදානම් කළේ ය. තවද යොමු වන ස්ථානයෙන් එය නපුරු විය.
-
7
وَلِلَّهِ جُنُودُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا
Wa-lillaahi Junoodus samaawaati wal-ʹarḍ: wa-kaanal laahu ʻAzeezan Ḥakeemaa.
තවද අහස් හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් මහා ප්‍රඥාවන්ත ය; සර්ව බලධාරී ය.
-
8
إِنَّآ أَرْسَلْنَـٰكَ شَـٰهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا
ʹInnaaa ʹarsalnaaka Shaahidañw Wa-Mubashshirañw Wa-Naẓeeraa:
නියත වශයෙන් ම අපි නුඹ සාක්ෂිකරුවෙකු, ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් එව්වෙමු.
-
9
لِّتُؤْمِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُ وَتُسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا
Lituʹminoo billaahi wa-Rasoolihee wa-tuʹazziroohu wa-tuwaq̣q̣irooh, wa-tusabbiḥoohu bukratañw waʹaṣeelaa.
නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දූතයාව ද විශ්වාස කර; තවද ඔහුට උදව් කර; ඔහුට ගරුබුහුමන් කර; තවද නුඹලා ඔහු (අල්ලාහ්)ව උදේ සවස සුවිශුද්ධ කරනු පිණිස ය.
-
10
إِنَّ ٱلَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ ٱللَّهَ يَدُ ٱللَّهِ فَوْقَ أَيْدِيهِمْ ۚ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَىٰ نَفْسِهِۦ ۖ وَمَنْ أَوْفَىٰ بِمَا عَـٰهَدَ عَلَيْهُ ٱللَّهَ فَسَيُؤْتِيهِ أَجْرًا عَظِيمًا
ʹInnal laẓeena yubaayiʻoonaka ʹinnamaa yubaayiʻoonal laah: Yadul laahi fawq̣a ʹaydeehim: faman nakas̤a faʹinnamaa yañkus̤u ʻalaa nafsih; wa-man ʹawfaa bimaa ʻaahada ʻalayhul laaha fasayuʹteehi ʹajran ʻaz̤̣eemaa.
නියත වශයෙන් ම නුඹට ප්‍රතිඥා දෙන්නන් වනාහි ඔවුහු ප්‍රතිඥා දෙනුයේ අල්ලාහ්ට ය. අල්ලාහ්ගේ අත ඔවුන්ගේ අත්වලට ඉහළිනි. එහෙයින් කවරෙකු (ප්‍රතිඥාව) කඩ කළේ ද නියත වශයෙන් ම එසේ ඔවුන් ප්‍රතිඥාව කඩ කරනුයේ තමන්ට එරෙහිව ය. තවද කවර දෙයක් වෙත අල්ලාහ්ට ප්‍රතිඥා දුන්නේ ද එය ඉටු කළ අය වනාහි ඔහුට මහත් වූ තිළිණයක් ඔහු පිරිනමනු ඇත.
-
11
سَيَقُولُ لَكَ ٱلْمُخَلَّفُونَ مِنَ ٱلْأَعْرَابِ شَغَلَتْنَآ أَمْوَٰلُنَا وَأَهْلُونَا فَٱسْتَغْفِرْ لَنَا ۚ يَقُولُونَ بِأَلْسِنَتِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ ۚ قُلْ فَمَن يَمْلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيْـًٔا إِنْ أَرَادَ بِكُمْ ضَرًّا أَوْ أَرَادَ بِكُمْ نَفْعًۢا ۚ بَلْ كَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرًۢا
Sayaq̣oolu lakal mukhal-lafoona minal ʹAʻraabi shag̣alatnaaa ʹamwaalunaa wa-ʹahloonaa fastag̣fir lanaa. Yaq̣ooloona biʹalsinatihim maa laysa fee q̣uloobihim. Q̣ul famañy yamliku lakum minal laahi shayʹan ʹin ʹaraada bikum ḍarran ʹaw ʹaraada bikum nafʻaa? Bal kaanal laahu bimaa taʻmaloona khabeeraa.
අපගේ ධනසම්පත් හා අපගේ පවුල් අපව නිරත කරවී ය. එහෙයින් අපට සමාව දෙනු යැයි ගැමි අරාබිවරුන් අතරින් පමා වී රැඳී සිටියවුන් නුඹට මතු පවසනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නැති දෑ ඔවුන්ගේ දිවවලින් ඔවුහු පවසති. ඔහු නුඹලාට යම් හානියක් අපේක්ෂා කළේ නම් හෝ නුඹලාට යම් ප්‍රයෝජනයක් අපේක්ෂා කළේ නම් හෝ අල්ලාහ් වෙත (මැදිහත් වීමට) ශක්තිය දරනුයේ කවුරුන් ද? එසේ නො ව, නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥාවන්ත ය.
-
12
بَلْ ظَنَنتُمْ أَن لَّن يَنقَلِبَ ٱلرَّسُولُ وَٱلْمُؤْمِنُونَ إِلَىٰٓ أَهْلِيهِمْ أَبَدًا وَزُيِّنَ ذَٰلِكَ فِى قُلُوبِكُمْ وَظَنَنتُمْ ظَنَّ ٱلسَّوْءِ وَكُنتُمْ قَوْمًۢا بُورًا
Bal z̤̣anañtum ʹal lañy yañq̣alibar Rasoolu wal-Muʹminoona ʹilaaa ʹahleehim ʹabadañw wa-zuyyina ẓaalika fee q̣uloobikum wa-z̤̣anañtum z̤̣annas sawʹi wa-kuñtum q̣awmam booraa.
එසේ නො ව, රසූල්වරයා හා විශ්වාසවන්තයෝ ඔවුන්ගේ පවුල් වෙත කිසිවිටෙක නැවත හැරී නො එන්නේ ම යැයි නුඹලා සිතුවෙහු ය. එය නුඹලාගේ සිත් තුළ අලංකාර කර පෙන්වන ලදි. තවද නුඹලා සිතුවේ නරක සිතුවිල්ලකි. තවද නුඹලා විනාශ කරනු ලබන පිරිසක් බවට ද පත්වූයෙහු ය.
-
13
وَمَن لَّمْ يُؤْمِنۢ بِٱللَّهِ وَرَسُولِهِۦ فَإِنَّآ أَعْتَدْنَا لِلْكَـٰفِرِينَ سَعِيرًا
Wa-mal lam yuʹmim billaahi wa-Rasoolihee faʹinnaaa ʹaʻtadnaa lilkaafireena Saʻeeraa!
තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාව විශ්වාස නො කළේ ද නියත වශයෙන් ම එම ප්‍රතික්ෂේපකයින්ට අපි ඇවිළෙන ගින්නක් සූදානම් කර ඇත්තෙමු.
-
14
وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا
Wa-lillaahi Mulkus samaawaati wal-ʹarḍ: yag̣firu limañy yashaaaʹu wa-yuʻaẓẓibu mañy yashaaaʹ: wa-kaanal laahu G̣afoorar Raḥeemaa.
තවද අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
-
15
سَيَقُولُ ٱلْمُخَلَّفُونَ إِذَا ٱنطَلَقْتُمْ إِلَىٰ مَغَانِمَ لِتَأْخُذُوهَا ذَرُونَا نَتَّبِعْكُمْ ۖ يُرِيدُونَ أَن يُبَدِّلُوا۟ كَلَـٰمَ ٱللَّهِ ۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمْ قَالَ ٱللَّهُ مِن قَبْلُ ۖ فَسَيَقُولُونَ بَلْ تَحْسُدُونَنَا ۚ بَلْ كَانُوا۟ لَا يَفْقَهُونَ إِلَّا قَلِيلًا
Sayaq̣oolul mukhallafoona ʹiẓañ ṭalaq̣tum ʹilaa mag̣aanima litaʹkhuẓoohaa ẓaroonaa nattabiʻkum: yureedoona ʹañy yubaddiloo Kalaamal laah. Q̣ul lañ tattabiʻoonaa kaẓaalikum q̣aalal laahu miñ q̣abl: fasayaq̣ooloona bal taḥsudoonanaa. Bal kaanoo laa- yafq̣ahoona ʹillaa q̣aleelaa.
යුද බිමේ (සතුරා දමා ගිය) වස්තුව ගැනීම සඳහා “අපත් නුඹලා පසුපසින් එන්නට නුඹලා අපට ඉඩ දෙනුයි” පමා වී රැඳී සිටියවුන් කියති. අල්ලාහ්ගේ වදන වෙනස් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. “නුඹලා අප පසුපසින් නො පැමිණෙනු. මීට පෙර අල්ලාහ් පවසා සිටියේ ද එලෙසය” යැයි (නබිවරය!) නුඹ පවසනු. එවිට ඔවුහු, “එසේ නොව නුඹලා අපට ඊර්ෂ්‍යා කරන්නෙහුය” යැයි පවසනු ඇත. එසේ නොව ස්වල්පයක් මිස ඔවුහු වටහා නො ගන්නන් වූහ.
-
16
قُل لِّلْمُخَلَّفِينَ مِنَ ٱلْأَعْرَابِ سَتُدْعَوْنَ إِلَىٰ قَوْمٍ أُو۟لِى بَأْسٍ شَدِيدٍ تُقَـٰتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ ۖ فَإِن تُطِيعُوا۟ يُؤْتِكُمُ ٱللَّهُ أَجْرًا حَسَنًا ۖ وَإِن تَتَوَلَّوْا۟ كَمَا تَوَلَّيْتُم مِّن قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا
Q̣ul lilmukhallafeena minal ʹAʻraabi satudʻawna ʹilaa q̣awmin ʹulee baʹsiñ shadeediñ tuq̣aatiloonahum ʹaw yuslimoon. Faʹiñ tuṭeeʻoo yuʹtikumul laahu ʹajran ḥasanaa: wa-ʹiñ tatawallaw kamaa tawallaytum miñ q̣ablu yuʻaẓẓibkum ʻaẓaaban ʹaleemaa.
නුඹලා වඩාත් බලාධිකාරයෙන් යුත් පිරිසකට එරෙහිව කැඳවනු ලබන්නේ ය. නුඹලා ඔවුන් සමඟ සටන් කරනු ඇත. එසේ නැතහොත් ඔවුන් යටත් වනු ඇත යැයි ගැමි අරාබිවරුන් අතරින් පමා වී රැඳී සිටියවුන්හට (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් නුඹලා (නියෝගයට) අවනත වූයෙහු නම් අල්ලාහ් නුඹලාට යහපත් කුලියක් පිරිනමනු ඇත. එහෙත් නුඹලා මීට පෙර හැරී ගියාක් මෙන් නුඹලා හැරුණේ නම් ඔහු නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත.
-
17
لَّيْسَ عَلَى ٱلْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى ٱلْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى ٱلْمَرِيضِ حَرَجٌ ۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدْخِلْهُ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ وَمَن يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًا
Laysa ʻalal ʹaʻmaa ḥarajuñw walaa ʻalal ʹaʻraji ḥarajuñw walaa ʻalal mareeḍi haraj. Wa-mañy yuṭiʻil laaha wa-Rasoolahoo yudkhilhu Jannaatiñ tajree miñ taḥtihal ʹanhaar; wa-mañy yatawalla yuʻaẓẓibhu ʻaẓaaban ʹaleemaa.
(සටනට සහභාගී නො වීම) අන්ධයා මත වරදක් නො වේ. තවද කොරා මත ද වරදක් නො වේ. රෝගියා මත ද වරදක් නො වේ. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාට අවනත වන්නේ ද ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔහුව ඇතුළත් කරයි. එහෙත් කවරෙකු පිටුපාන්නේ ද ඔහු වේදනීය දඬුවමකින් ඔහුට දඬුවම් කරයි.
-
18
۞ لَّقَدْ رَضِىَ ٱللَّهُ عَنِ ٱلْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِى قُلُوبِهِمْ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيْهِمْ وَأَثَـٰبَهُمْ فَتْحًا قَرِيبًا
Laq̣ad raḍiyal laahu ʻanil Muʹmineena ʹiẓ yubaayiʻoonaka taḥtash Shajarati faʻalima maa- q̣uloobihim fee faʹañzalas Sakeenata ʻalayhim wa-ʹas̤aabahum Fat-ḥañ q̣areebaa;
ගස යට සිට දේවත්වය විශ්වාස කරන්නන් නුඹට ප්‍රතිඥා දුන් විට අල්ලාහ් ඔවුන් සැබැවින් ම පිළිගත්තේ ය. එවිට ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔහු දැන සිටියේ ය. එවිට ඔවුන් වෙත ශාන්තභාවය පහළ කළේ ය. තවද සමීපයෙන් පවත්නා ජයග්‍රහණයක් ඔවුනට ඇති කළේ ය.
-
19
وَمَغَانِمَ كَثِيرَةً يَأْخُذُونَهَا ۗ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا
Wa-mag̣aanima kas̤eeratañy yaʹkhuẓoonahaa: wa-kaanal laahu ʻAzeezan Ḥakeemaa.
(යුද පිටියේ හැර දමා යන) අධික යුද සම්පත් ද (පිරිනැමී ය.) ඔවුහු එය ගනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
-
20
وَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةً تَأْخُذُونَهَا فَعَجَّلَ لَكُمْ هَـٰذِهِۦ وَكَفَّ أَيْدِىَ ٱلنَّاسِ عَنكُمْ وَلِتَكُونَ ءَايَةً لِّلْمُؤْمِنِينَ وَيَهْدِيَكُمْ صِرَٰطًا مُّسْتَقِيمًا
Waʻadakumul laahu mag̣aanima kas̤eeratañ taʹkhuẓoonahaa faʻajjala lakum haaẓihee wa-kaffa ʹaydiyan naasi ʻañkum; wa-litakoona ʹAayatal lil-Muʹmineena wa-yahdiyakum Ṣiraaṭam Mustaq̣eemaa;
තවද අධික ලෙසින් (සතුරන් විසින් යුද පිටියේ හැර දමා ගිය) යුද සම්පත්, නුඹලා එය ලබා ගනු ඇතැයි අල්ලාහ් නුඹලාට ප්‍රතිඥා දුන්නේ ය. එමෙන් ම නුඹලාට ඔහු මෙය කල් ඇතිව ද දී ඇත. තවද ඔහු ජනයාගේ අත් නුඹලාගෙන් වැළැක් වීය. තවද එය දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥාවක් වනු පිණිස හා ඔහු නුඹලාට ඍජු මාර්ගය පෙන්වනු පිණිස ය.
-
21
وَأُخْرَىٰ لَمْ تَقْدِرُوا۟ عَلَيْهَا قَدْ أَحَاطَ ٱللَّهُ بِهَا ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرًا
Wa-ʹukhraa lam taq̣diroo ʻalayhaa q̣ad ʹaḥaaṭal laahu bihaa: wa-kaanal laahu ʻalaa kulli shayʹiñ Q̣adeeraa.
තවද නුඹලා (තවමත්) ඒ මත බලය නො දැරූ තවත් දෑ ද ඇත. අල්ලාහ් ඒවා සැබැවින් ම වට කරගෙන සිටියි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
-
22
وَلَوْ قَـٰتَلَكُمُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوَلَّوُا۟ ٱلْأَدْبَـٰرَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا
Wa-law q̣aatalakumul laẓeena kafaroo lawallawul ʹadbaara s̤umma laa- yajidoona wa-liyyañwwa laa- naṣeeraa.
තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹලා සමඟ සටන් වැදුණේ නම් පසුපස හැරී ඔවුන් (දුව) යනු ඇත. පසුව ඔවුන් කිසිදු ආරක්ෂකයකු හෝ උදව්කරුවෙකු හෝ නො ලබනු ඇත.
-
23
سُنَّةَ ٱللَّهِ ٱلَّتِى قَدْ خَلَتْ مِن قَبْلُ ۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبْدِيلًا
Sunnatal laahil latee q̣ad khalat miñ q̣ablu wa-lañ tajida li-Sunnatil laahi tabdeelaa.
(එය) මීට පෙර ඉකුත්ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතයි. තවද අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් නුඹ නො දකින්නේ ම ය.
-
24
وَهُوَ ٱلَّذِى كَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَأَيْدِيَكُمْ عَنْهُم بِبَطْنِ مَكَّةَ مِنۢ بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا
Wa-Huwal laẓee kaffa ʹaydiyahum ʻañkum wa-ʹaydiyakum ʻanhum bibaṭni Makkata mim baʻdi ʹan ʹaz̤̣farakum ʻalayhim. Wa-kaanal laahu bimaa taʻmaloona Baṣeeraa.
ඔවුනට එරෙහිව ඔහු නුඹලාට ජය ලබා දුන් පසුව මක්කාව තුළ ඔවුන්ගේ අත් නුඹලාගෙන් ද නුඹලාගේ අත් ඔවුන්ගෙන් ද වැළැක්වූයේ ඔහු ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.
-
25
هُمُ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوكُمْ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَٱلْهَدْىَ مَعْكُوفًا أَن يَبْلُغَ مَحِلَّهُۥ ۚ وَلَوْلَا رِجَالٌ مُّؤْمِنُونَ وَنِسَآءٌ مُّؤْمِنَـٰتٌ لَّمْ تَعْلَمُوهُمْ أَن تَطَـُٔوهُمْ فَتُصِيبَكُم مِّنْهُم مَّعَرَّةٌۢ بِغَيْرِ عِلْمٍ ۖ لِّيُدْخِلَ ٱللَّهُ فِى رَحْمَتِهِۦ مَن يَشَآءُ ۚ لَوْ تَزَيَّلُوا۟ لَعَذَّبْنَا ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ عَذَابًا أَلِيمًا
Humul laẓeena kafaroo wa-ṣaddookum ʻanil Masjidil Ḥaraami walhadya maʻkoofan ʹañy yablug̣a maḥillah. Wa-lawlaa rijaalum Muʹminoona wa-nisaaaʹum Muʹminaatul lam taʻlamoohum ʹañ taṭaʹoohum fatuṣeebakum minhum maʻarratum big̣ayri ʻilm, liyudkhilal laahu fee Raḥmatihee mañy yashaaaʹ. Law tazayyaloo laʻaẓẓabnal laẓeena kafaroo minhum ʻaẓaaban ʹaleemaa.
මස්ජිදුල් හරාම් (හෙවත් ශුද්ධ දේවස්ථානයෙන්) හා රඳවා තබනු ලැබූ සත්ව කැපයන් එම ස්ථානයට ළඟා වීමෙන් නුඹලාව වැළැක්වූයේ ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු ම ය. නුඹලා නොදන්නා දේවත්වය විශ්වාස කරන පිරිමින් හා විශ්වාස කරන කාන්තාවන් එහි (මක්කාවෙහි) නො වී නම්, නුඹලා ඔවුන් පාගා දමන්නට අවස්ථා තිබුණි. එවිට ඔවුන් හේතුවෙන් නො දැනුවත්වම නුඹලාට හානියක් ඇතිවන්නට තිබුණි. (එය) අල්ලාහ් අභිමත කරන අයට ඔහුගේ දයාව තුළ ඔහු ඇතුළත් කරනු පිණිස ය. ඔවුන් (විශ්වාස කළවුන්) මොවුන්ගෙන් වෙන්ව සිටියා නම් මොවුන් අතරින් වු ප්‍රතික්ෂේප කළවුනට සැබැවින් දැඩි දඬුවමකින් අපි දඬුවම් කරන්නට තිබුණි.
-
26
إِذْ جَعَلَ ٱلَّذِينَ كَفَرُوا۟ فِى قُلُوبِهِمُ ٱلْحَمِيَّةَ حَمِيَّةَ ٱلْجَـٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ ٱلتَّقْوَىٰ وَكَانُوٓا۟ أَحَقَّ بِهَا وَأَهْلَهَا ۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًا
ʹIẓ jaʻalal laẓeena kafaroo fee q̣uloobihimul ḥamiyyata Ḥamiyyatal Jaahiliyyati faʹañzalal laahu Sakeenatahoo ʻalaa Rasoolihee wa-ʻalal Muʹmineena wa-ʹalzamahum kalimatat taq̣waa wa-kanooo ʹaḥaq̣q̣a bihaa wa-ʹahlahaa. Wa-kaanal laahu bikulli shayʹin ʻAleemaa.
අඥාන කාලයේ පිළිකුල මෙන් පිළකුල තම හදවත් තුළ ප්‍රතික්ෂේප කළවුන් ඇති කර ගත් අවස්ථාවේ අල්ලාහ් තම දූතයාණන් හා විශ්වාසීන් කෙරෙහි තම ශාන්තභාවය පහළ කළේ ය. බිය බැතිමත්භාවයේ ප්‍රකාශය ඔවුන් වෙත ස්ථාවර කළේ ය. තවද ඔවුහු එයට වඩාත් සුදුස්සෝ හා එහි හිමිකරුවෝ වූහ. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
-
27
لَّقَدْ صَدَقَ ٱللَّهُ رَسُولَهُ ٱلرُّءْيَا بِٱلْحَقِّ ۖ لَتَدْخُلُنَّ ٱلْمَسْجِدَ ٱلْحَرَامَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا۟ فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتْحًا قَرِيبًا
Laq̣ad ṣadaq̣al laahu Rasoolahur ruʹyaa bilḥaq̣q̣: latadkhulunnal Masjidal Ḥaraama ʹiñ shaaaʹal laahu ʹaamineena muḥalliq̣eena ruʹoosakum wa-muq̣aṣṣireena laa takhaafoon. Faʻalima maa- lam taʻlamoo fajaʻala miñ dooni ẓaalika fatḥañ q̣areebaa.
ඇත්ත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින් ම හීනය සත්‍යය කළේ ය. අල්ලාහ් අභිමත කළේ නම් බියකින් තොරව නුඹලාගේ හිස් මුඩු කරගත් අය ලෙසින් ද (හිසකෙස්) කොටකර ගත් අය ලෙසින් ද සුරක්ෂිතයින් ලෙසින් ද මස්ජිදුල් හරාමය වෙත නුඹලා පිවිසෙනු ඇත. නුඹලා නොදන්නා දෑ ඔහු දැන සිටී. ඊට අමතරව සමීප ජයග්‍රහණයක් ඔහු ඇති කළේ ය.
-
28
هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا
Huwal laẓeee ʹarsala Rasoolahoo bil-Hudaa wa-Deenil Ḥaq̣q̣i liyuz̤̣hirahoo ʻalad deeni kullih: wa-kafaa billaahi Shaheedaa.
ඔහු වනාහි, යහමග හා සත්‍යය දහම සමඟ ඔහුගේ දූතයාණන් එව්වේ ය. එය ඒ සියලු දහම්වලට ඉහළින් පිහිටීම පිණිස ය. තවද අල්ලාහ් සාක්ෂිකරුවෙකු වශයෙන් ප්‍රමාණවත් ය.
-
29
مُّحَمَّدٌ رَّسُولُ ٱللَّهِ ۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلْكُفَّارِ رُحَمَآءُ بَيْنَهُمْ ۖ تَرَىٰهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ ٱللَّهِ وَرِضْوَٰنًا ۖ سِيمَاهُمْ فِى وُجُوهِهِم مِّنْ أَثَرِ ٱلسُّجُودِ ۚ ذَٰلِكَ مَثَلُهُمْ فِى ٱلتَّوْرَىٰةِ ۚ وَمَثَلُهُمْ فِى ٱلْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسْتَغْلَظَ فَٱسْتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعْجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلْكُفَّارَ ۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًۢا
Muḥammadur Rasoolul laah: wallaẓeena maʻahooo ʹashiddaaaʹu ʻalal kuffaari ruḥamaaaʹu baynahum taraahum rukkaʻañ sujjadañy yabtag̣oona faḍlam minal laahi wa-Riḍwaanaa. Seemaahum fee wujoohihim min ʹas̤aris sujood. Ẓaalika mas̤aluhum fit Tawraati wa-mas̤aluhum fil ʹIñjeel: kazarʻin ʹakhraja shaṭʹahoo faʹaazarahoo fastag̣laz̤̣a fastawaa ʻalaa sooq̣ihee yuʻjibuz zurraaʻa liyag̣eez̤̣a bihimul kuffaar. Waʻadal laahul laẓeena ʹaamanoo wa-ʻamiluṣ ṣaaliḥaati minhum Mag̣firatañw WaʹAjran ʻaz̤̣eemaa.
මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් ය. තවද ඔහු සමඟ සිටින්නවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් මත දැඩිව කටයුතු කරන්නෝ වෙති. තමන් අතර කාරුණිකව කටයුතු කරන්නෝ වෙති. ඔවුන් රුකූඃ කරන්නන් ලෙසින් ද සුජූද් කරන්නන් ලෙසින් ද අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ තෘප්තිය සොයනු නුඹ දකිනු ඇත. සුජූද් හේතුවෙන් ඔවුන්ගේ මුහුණු මත ඔවුන්ගේ සලකුණු පවතී. එය තව්රාත්හි සඳහන් ඔවුන්ගේ උපමාවයි. ඉන්ජීලයේ සඳහන් ඔවුන්ගේ උපමාව භෝගයක් මෙනි. එය එහි දලු හටගන්වයි. පසුව එය ශක්තිමත් වී විශාල වෙයි. එහි කඳන් මත ස්ථාවරව පිහිටයි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ව එමඟින් ඔහු කෝපය ඇති කරවනු පිණිස ගොවීන් (නම් දේවත්වය විශ්වාස කරන්නන් ව) එය මවිතයට පත් කරනු ඇත. ඔවුන් අතරින් විශ්වාස කොට යහකම් කළවුන්ට සමාව හා අතිමහත් ප්‍රතිඵල ඇති බව අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය.